Wednesday, December 31, 2014

92 ඩුබායි අන්දරය

ඩුබායි කිව්වාම කට්ටියට මොනවද මතක් වෙන්නේ ? කාන්තාර ? ගෘහ සේවිකාවන් ? එහෙමත් නැත්නම් හොදට සල්ලි හම්බකරන්න පුළුවන් රැකියාවල් ? ඔන්න ඔය සේරටම වඩා මීට පස්සේ ඩුබායි කිව්වාම නදිනිගේ පෝස්ට් එක මතක් වෙන්න මේක ලියන්නයි මට ඕනි.

මමත් ඩුබායි රටට ඇවිත් වැඩි කාලයක් නම් නෑ, හරියටම කිව්වොත් අවුරුදු 2 යි මාස ගණනක්...ඒ කාලේ ඇතුලත දැකපු අහපු දේවල් තමයි ඔයාලට මම කියන්න හදන්නේ..

ඩුබායි කියන්නේ අවුරුද්දෙන් වැඩි කාලයක් අංශක 40-50 අතරේ උෂ්ණත්වයක් තියන එනමුත් බොහොම ඉහල අගයක ආර්ද්‍රතාවයක් තියෙන රටක්. අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉදන් නොවැම්බර් මාසය දක්වා මෙම උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතිනවා. අඩුවෙනවා කිව්වට ඒ අංශක එකකින් දෙකකින් විතරයි. ඒ හැර නොවැම්බර් මාසයේ ඉදලා පෙබරවාරි වෙනකන් තියෙන්නේ අංශක 20 කට වඩා අඩු ශීත කාලගුණයක්... මම මේ හිටපු මුළු කාලෙටම වැස්ස දැකල තියෙන්නේ නම් 5 වතාවක් වගේ. හැබැයි ඒ වැස්සෙත් මඩ වතුර තමයි... අනික ඒ වැස්ස එක්ක සේරම පාරවල් යට වෙනවා... මොකද වතුර බහින්න කිසිම සැලැස්මක් මේ රටේ හදලා නැති නිසා...

ප්‍රදේශ නැත්නම් රාජ්‍යයන් 7ක්  වශයෙන් වෙන් වෙන්ව පැවතුන අබුඩාබි, සාජා, ඩුබායි, රස් අල් කමි, අජ්මාන්, ෆුජෙරා සහ උම් අල්කුඒන් යන සියල්ල එකතුවෙලා 1971 දෙසැම්බර් මස 2 වෙනි දින හදාගත් තනි රාජ්‍යය තමයි අද එක්සත් අරාබි එමීර් රාජ්‍යය කියලා හදුන්වන්නේ..

ඒ අතරින් අග නගරය හැටියට සලකන්නේ අබුඩාබි.  මේ රටේ රජු නැත්නම් ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ අබුඩාබි නායකතුමාවයි... ඒ වගේම අගමැති වශයෙන් සැලකෙන්නේ ඩුබායි රාජ්‍යයේ නායක තුමාවයි..මේ සියළුම ප්‍රදේශ පාලනය කරන මේ නායකවරු රජ පවුලෙන් පැවතගෙන එන අයයි...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය ප්‍රධානියා
Sheikh Khalifa bin Zayed Al Nahyan මහතා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති වරයා මෙන්ම ඩුබායි හි ප්‍රධානියා
Mohammed bin Rashid Al Maktoum මහතා
ඩුබායි වල රාජ්‍ය භාෂාව ලෙස සැලකෙන්නේ ආරාබි භාෂාවයි, රාජ්‍ය ආගම ඉස්ලාම් ධර්මයයි. ඒ වගේම අනිත් මැද පෙරදිග රටවල් එක්ක සසඳන කොට ඩුබායි දේශය බොහොම බටහිර ගතිපැවතුම් වැළඳගත් රටක් ලෙසද සැලකෙනවා. ඒ වගේම මේ රටේ ජනගහනය ගොඩාක්ම සමන්විත වෙලා තියෙන්නේ විදේශිකයන්ගෙන්. එම රැටියන් එහෙමත් නැත්නම් මෙහෙ මුල් පදිංචිකාරයන් බොහොම සීමිත පිරිසක් තමයි ඉන්නේ. එය ප්‍රතිශතයක් විදිහට ගත්තාම 10% ටත් වඩා අඩු බව තමයි කියන්නේ. වෙන විදේශ රටවල වගේ මෙහේ කාලයක් ජීවත් උනත්, උත්පත්තිය ලැබුවත් පුරවැසිකම ලැබෙන්නේ නෑ. පුරවැසි කම ලබාගන්න විශේෂම සුදුසුකම ඉස්ලාම් ධර්මය ඇදහීම එයට අමතරව අරාබි භාෂාව කථා කරන්න ලියන්න, කියවන්න තියෙන හැකියාවත් වැඳගත්.

මේ අයගෙ ඇඳුම ගැන නම් හැමෝම දන්නවනේ දිගට දිගේ තනි සුදු ලෝගුවක් ඇදලා ඔළුවට රෙද්දක් දාගෙන ඒ රෙද්ද උඩින් අර අපි වලං තියන්න පාවිච්චි කරන දරණුවක් දාගෙන ඉන්නවා. ඔළුවට දාන රෙද්ද සහ අඳින ලෝගුව සම්පූර්ණයෙන්ම සුදු සහ අර දරණුව තනි කළුපාටින් අදින්නේ හරි විදිහටම එමරැටියන් කියලයි කියන්නේ. ඒ හැර රතු සහ සුදු මිශ්‍ර කොටු රෙද්දක් ඔළුවට දාන අයත් ඉන්නවා හැබැයි ඒ හරිම එම රැටියන් නොවන බවයි මම අහලා තියෙන්නෙ.

හැබැයි ඔය විශේෂ අවස්ථාවල එළියට එන මෙහෙ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නම් පාට පාට ලෝගු අඳින ආකාරය ඉහළ ඡායාරූප වල දැක්වෙනවා.

ඊලගට කාන්තාවන්, මෙහෙ කාන්තාවන් ගැන කිව්වාම අපි හැමෝටම මතක් වෙන්නේ ඔළුවේ ඉදන් කළු රෙද්දකින් වහගත්ත කිසිම සමාජ ආශ්‍රයක් නැති පිරිසක්නේ... ඒක නම් සම්පූර්ණයෙන් වැරදි අදහසක් බව මටත් හිතුනෙ මෙහෙ ආවයින් පස්සේ. මෙහෙ කාන්තාවන් බොහොම නිදහසේ ඇවිදින, විලාසිතා කරන පිරිසක්. ඒ විලාසිතාවලට උඩින් අදින ලෝගුවත් ලස්සන ලස්සන ගෙත්තම් වලින් අලංකාර කරගත් ඒවායි

මෙහෙට ඇවිත් විශේෂයෙන්ම දැකපු දේ තමයි නියම එමරාටි කාන්තාවන් පලදින අමුතු මුහුණු ආවරණය. පහලින් ඉන්නේ ඒක පලදපු කාන්තාවන්. පොඩි ගෑණු ළමයි, තරුණ අය මෙහෙම පළඳිනවා දැකලා නැති වුනාට මැදි වයසෙ නැත්නම් වයසක කාන්තාවන් මෙය පලදිනවා.




එමීර් රාජ්‍යයේ කාන්තාවන් අධික මුදලක් විලාසිතා වලට, ආභරණ වලට වැය කරන බව නොරහසක්. ඒ වගේම එයාලා කොයි වෙලාවකවත් මේක් අප් නැතුව නම් එලියට බහින්නේනෑ. මේ රටේ රූපලාවන්‍ය කියන්නේ බොහොම වැඳගත් දෙයක්. අපි වැඩ කරන කාර්යාලවල උනත් මුකුත් උලන්නේ නැතුව ඉන්න දෙන්නේ නෑ. පිට ඔපේට වැඩි ඉඩක් දෙන රටක් කියන්නත් පුළුවන්. මට නම් හිතාගන්නම බැරි උදේ වැඩට එන්න මේ අය කොයි වෙලාවේ ඉදන් මේ ටික උලනවා ඇතිද කියලයි.

මෙහෙ කාන්තාවන් රහස්‍ය ස්ථාන පවා ලස්සන  කරන්නත් සුවඳ කරන්නත් ලොකු මහන්සියක් ගන්නවලු. තමන්ගේ සැමියට ගොඩාක් ලස්සනට ආකර්ෂනීයව පේන්න පුළුවන් හැමදේම බිරින්දෑවරු කරනවා කියලයි කියන්නේ.

ඒ වගේම එම රැටියන් බොහොම අහංකාර ඒ වගේම මිත්‍රශීලි නැති පිරිසක්. වැරදිලාවත් හිනානම් වෙන්නේ නෑ. හැබැයි ඒ අහංකාරකම ආසියාවේ අපිට විතරයි කියලත් කියනවා. යුරෝපා ජාතිකයන්ව මොවුන් බොහොම ආදරෙන් පිලිගන්නේ.

ඒ එක්කම තව දෙයක්. එමරාටියන් බොහොම කම්මැලි පිරිසක් කියලත් නිතර අහන්න ලැබෙනවා. දහවල් වෙනතුරු නිදාගන්න, ඊට පස්සෙ හොඳට කාල බීලා සාප්පු සවාරි යන අය විදිහට තමයි මොවුන් ප්‍රසිද්ධ, දැන් ප්‍රශ්නේ මෙයාලට මෙහෙම සැප විදින්න කොහෙන්ද සල්ලි කියලනේ? මෙහෙ රජයෙන් එම රැටියන්ට බොහොම වරප්‍රසාද හිමියි. මෙහෙ ව්‍යාපාරයක් අරඹන්න එමරාටියෙක් අනුග්‍රහය දක්වන්නම ඕනි. අනුග්‍රහය කියන්නේ නම තිබුනනම් ඇති. ඒ විදිහට නමදාලා ඔවුන් ආයතන වලින් ලාභංශ ලබාගන්නවා.

ඒ වගේම මෙහෙ එමරැටිකාන්තාවකට ගෘහසේවිකාවන් 5 දෙනෙකුට අනුග්‍රහය දක්වන්න පුළුවන්. ඒ කියන්නේ එක කාන්තාවකට ගෘහ සේවිකාවන් 5 දෙනෙකු තියාගන්න පුළුවන්. ඔවුන් ඒ බලපත්‍රයත් විකුණනවා. ඔය විදිහට රජයෙන් හැමදේකටම එමරැටියන් සහභාගිකරගන්න වෙන විදිහටයි මෙහෙ නීති සකස් කරලා තියෙන්නෙ.

එමීර් රාජ්‍යයේ භාවිතා වෙන මුදල් ඒකකය ඩිරම්. ඩිරම් එකක් ලංකාවේ රුපියල් 34 ක්, 35 කට සමාන වෙනවා. ආර්ථිකය අතින් බොහොම ස්ථාවර ස්ථානයක සිටින එක්සත් අරාබි එමිර් රාජ්‍යය ලෝකයේ උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා, ලෝකයේ ලොකුම සාප්පු සංකීර්ණය ඩුබායි මෝල් සහ සුප්‍රසිද්ධ  තරු හතේ හෝටලය Burj Al Arab  වැනි සුවිශේෂී ගොඩනැගිලි වලටත් හිමිකම් කියනවා.

ලොව විශාලතම සාප්පු සංකීර්ණය ඩුබායි මෝල්

ලොව උසම ගොඩනැගිල්ල බර්ජ් කලීෆා



තරු 7 සුප්‍රසිද්ධ හෝලය Burj Al Arab
ගහක් කොලක් කියලා නම් මෙහෙ තියෙන්නෙ රට ඉඳි ගස් විතරයි. හැබැයි ජලය අඩු මේ කාන්තාරෙත් බොහොම ලස්සනට පාර දෙපැත්තේ මල් වවලා, තණකොල වවලා මේ රට ලස්සන කරලා තියනවා. මට මතකයි එක පාරක් බට්ටි කෙල්ලගේ පෝස්ට් එකක තිබුනා මෙහෙ පාරවල් අයිනේ මල් වවලා තියන හැටි. ඒ මල් වවන්න එ් හැම මල් පාත්තියකටම පොලොව යටින් එහෙම නැත්නම් පොලව උඩම ඒ මල් පැල අතරින් ගිය ජල සම්පාදන බට තියෙනවා.



කාන්තාර කිව්වාම අපිට අනිත් මතක් වෙනදේ තමයි ඔටුවෝ. ඉස්සර මෙහෙ හැම දේකටම ඔටුවන් යොදා ගත්තලු. හැබැයි මම මේ හිටපු මුළු කාලෙටම ඔටුවන් දැකලා තියෙන්නේ එක පාරක් දෙපාරක් විතරයි, ඒකත් ඩුබායි නගරයෙන් පිටගිය වතාවල් වල විතරයි. දැන් ඉතින් ලෝකයේ මිළ අධිකම වාහන හැම එකක්ම වගේ තියෙන ඩුබායි දේශයේ ඔටුවන් පාවිච්චි කරන්නේ ෆාම්වල නැත්නම් කාන්තාරේ සවාරිවලට විතරයි වෙන්න ඇති. මොකද ලැම්බෝගිණි, ෆෙරාරි වගේ බොහොම වටින වාහන පොලිස් වාහන විදියට පාවිච්චි කරන්නෙත් මෙහෙ නිසා.

අවසාන වශයෙන් මෙහෙ නීති රීති ගැනත් නොකියාම බෑ. හුගක් හොද ජීවත් වීමට සුදුසු පරිසරයක් හදන්න වගේම හිනායන නීති රීතිත් මෙහෙ තියනවා උදාහරණයක් විදිහට මෙහෙ මෙට්‍රෝ නැත්නම් කෝච්චිවල නිදාගන්න තහනම්ලු, ඒ වගේම දුරකථන භාවිතයත්. නිදාගන්න තරම් දුරක් ගිහින් නැති නිසා නිදාගැනීමේ නීතියනම් හරියටම දන්නේ නෑ. දුරකතන නම් මිනිස්සු ඕනි තරම් භාවිතා කරනවා. ඒ වගේම මෙහෙ බස්, කෝච්චි සහ ටැක්සිවල කෑම බීම ගැනීම තහනම්. ඒක නම් මම දකින්නේ හොද දෙයක් විදිහට. හේතුව එක එක දේවල් හැලිලා මේ ප්‍රවාහන සේවා අපිරිසිදුවීම එයින් වැළකෙන නිසා. ඒ ඇරුනාම සමහර ප්‍රසිද්ධ ස්ථාන වල කොටට අදින්න, කර නැති ඇදුම් අදින්න බැහැ. හැබැයි අනිත් අරාබි රටවල් වලට සාපේක්ෂව මෙහෙ විලාසිතා කරන්න ලොකු නිදහසක් කාන්තාවන්ට තියෙනවා.

රථ වාහන නීතිත් අකුරටම ක්‍රියාත්මක වන රටක් තමයි එක්සත් අරාබි එමිරය. ආසියානු ජාන ප්‍රශ්නේ නිසා එහෙන් මෙහෙන් දාලා යන්න හැදුවට අපේ අයියල මල්ලිලත් මෙහෙ පොලිස් මාමලා දැකපු ගමන් හරියට රිය පදවනවා. මොකද පගාව දීලා ශේප් කරගන්නත් බැරි නිසා.

ඔන්න ඉතින් ඩුබායි අන්දරය ඉවරයි මමත් මෙහෙට ඇවිත් වැඩිකාලයක් නැති නිසා ගොඩාක් දන්නෙ නෑ මේ රට ගැන. සිරා කොලුවගෙ හත්වෙනි ලිපියට අපි ඉන්න රට ගැන ලියන්න කැමැත්තක් ආවා නිසයි මේ කරුණු ටික ලිව්වේ.




මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට

ඩුබායි හි සිට ලියා එව්වේ නදිනි අබේනායක.



ප.ලි

සහෝදර බ්ලොග් කාරිණියක වන නදිනි අබේනායක නදී නිම්නය නැමති බ්ලොග් අඩවියේ හිමි කාරියයි. වර්තමානයේ අකලට පොල් හැලෙනවා මෙන් බ්ලොග් ලිපි ලියූවත් නිතරම අනෙකුත් බ්ලොක්කරුවන්ගේ ලිපි කියවමින් ඒ අයට ශක්තියක් වන ඇය සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට අපි නොදන්නා ඩුබායි දේශය සම්බන්ධයෙන් ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳ සිරා කොලුවාගේ ගෞරවනීය ස්තූතිය ඇයට පිරිනැමේ.

නොයෙකුත් බාධක, කම්කටොළු මැද 2014 වසරේ අවසානයටත් අප ලගා වී සිටිමු. එළඹෙන 2015 වසර සිරා කොලුවා වන මා හට, ඉටුකරගැනීමට බොහෝ බලාපොරොත්තු ඇති වසරකි. සිරාගේ කාමරයට නිතර යන එන සහෘද ඔබ සැමට 2014 වසර තුලදී ලැබූ පන්නරයෙන් 2015 වසර සුභදායී, ජයග්‍රාහී වසරක් කරගන්නට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. උදාවෙන නව වසරේත් සුපුරුදු පරිදිම සිරාගේ කාමරයේ ලෑලි දොර ඔබ වෙනුවෙන් විවෘත වෙනු ඇත.





92 comments:

  1. සිරා...............................

    සිරාවට ම සුභ නව වසරක් වේවා......................

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා ! සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන නව වසරක් වේවා !

      Delete
  2. Niyamai, semata "SUBA NAWA WASARAK WEWA"(Ranjan)

    ReplyDelete
  3. ආන්ද්‍රතාවය නෙවෙයි ආර්ද්‍රතාවය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...වරද නිවැරදි කලා...

      Delete
  4. අපේ රටේ සමහරුන්ගේ ලොකු බියක් තියෙනවා නේද මුස්ලිම් ජනගහනය වැඩි වෙනවා , සිංහලයින් කොන් වෙයි කියලා , ඉතින් දැන් ඩුබායි වල , එමිරාති 15% ඉන්දියන් 53% පකිස්තාන් 13% බන්ගාලිදේෂි 7.5% පිලිපීන 2.5% ශ්‍රී ලංකා 1.5% USA 0.3% ඉතිරිය වෙනත් ජාතින් , ඉතින් ඔය ලස්සනට පාලනය කරගෙන යන්නේ , නීතිය හරියට ක්‍රියා කරනවානම් එය කල හැකියි , අපේ රටේ නීතියක් හරියට නැති එක තමා මුල , 15% එමිරාති ඉතුරු 85% පාලන කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔය රටේ චන්ද බලය තියේද? නැහැ නේ අනෙක් දේ තමයි ඔතන ඉන්න ඔබ කියන 15% විතරයි පුරවැසිකම සහිත අය ඉන්නේ. ඔබ කියන විදියට සිංහල සුලුජාතියක් වී මුස්ලිම් අය පාලනය කරනවා නම් මුස්ලිම් අයගේ චන්ද බලය අයින් කරලා විදේශිකයෝ විදියට සලකන්න වෙයි. දැනටත් නැගෙනහිරට වෙනම මුස්ලිම් පාලනයක් ඉල්ලන එකේ බහුජාතිය වූ විට කවර කතාද?

      Delete
    2. @මහා කළු සිංහලයා
      +++++


      // පුරවැසි කම ලබාගන්න විශේෂම සුදුසුකම ඉස්ලාම් ධර්මය ඇදහීම එයට අමතරව අරාබි භාෂාව කථා කරන්න ලියන්න, කියවන්න තියෙන හැකියාවත් වැඳගත්.//

      ලංකාවේ සිංහල එවුන් අනිත් ජාතිකයන්ට මෙහෙම කිව්වොත් කොහොම නම්බු නාම ලැබෙයිද ?

      බුද්ධාගම වැළඳ ගනිං
      සිංහල ඉගෙන ගනින්
      සියලු සුළුජාතික ප්‍රශ්න ඉවරයි .. මොකද සුළු ජාතියක් කියල එකක් නැහැ.

      වෙන රටවල එහෙම කරත් , ලංකාවේ මේක කරන්න බැරි සිංහල හරක් හින්දම තමයි..... මරාගනියව් ඉතිං

      Delete
    3. @මහසොහොන් පිල්ලිය
      මම මේ සියලු ජාති රට බෙදන්නේ නැතිව සමගිව ඉමු කියලාත් ජාතිවාදියෙක් වෙලා නම් ඔහොම කියුවොත් වෙනදේ හිතා ගන්න පුළුවන්.
      ඔක්කොටම හපන් අර කැන්ගරු දේශයේ කල්ලතොනියා සහ මාතලන්

      Delete
    4. මේ රටේ ඡන්ද ක්‍රමයක් නම් නෑ. අනික කිසිම දේකදි අනිත් ජාතීන්ට මුල්තැන දෙන්නෙත් නෑ. එමරාටි මිනිස්සු තමයි හැම වැදගත් තනතුරක් ම දරන්නේ. ආරබි බස කතා කරල, ලියන්න කියන්න ඉගෙන ගෙන පුරවැසිකම ගන්න විදේශිකයන්ගේ උනන්දුවකුත් නෑ.

      තව දෙයක්, මෙහෙ පිලිපීන ජාතික ප්‍රතිශතය 2.5 % ට වඩා අනිවාර්යෙන් වැඩියි.

      Delete
    5. අැනෝ ගොයියා කියන ආකාරයට ලංකාව පාලනය කරන්න බෑ. දැන් තියෙන ඡන්ද අයිතිය සහ වෙනත් අයිතිවාසිකම් නැති කරනකං සිංහල නොවන අය පඹයො වගේ බලාන ඉදියිද ?

      Delete
  5. අපූරු විස්තරයක්
    සිරාගේ කාමරයට ලියල අපිත් එක්ක බෙදාහදාගත් නදිනිට ස්තූතියි
    ඔහෙ වීස වල ප්‍රශ්න නැද්ද අප්ප එතකොට
    මේකයි ඔය රටේ ඉන්න අය 10% නං ඉතුරු ඔක්කම විදේෂිකයො නං උන් ගැන කෝමද...
    ඔබ සැමට සිරි සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන හදපිරි ස්තුතිය... වීසා ප්‍රශ්නයක් නම් නෑ. හැබැයි අවුරුදු 23 ට අඩු අයට තනියම ඇතුළු වෙන්න බෑ කියලා නීතියක් නම් තිබුනා ගිය අවුරුද්ද වෙනකන්, එහෙම 23 ට අඩු කෙනෙක් එනවා නම් දෙමව්පියන් එක්ක එන්න ඕනි කියලා.

      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා !!

      Delete
  6. නදිනිටත් , සිරාටත් සුබ නව වසරක් වේවා ..!!!!!
    නදිනි ස්තුතියි තොරතුරු බෙදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. කම්මල අයියාටත්, පත්තර මල්ලිටත් සුභම සුභ නව වසරක් වේවා !! :)

      Delete
    2. සුභ අනාගතයක් නෙමෙයි බොල පත්තරයො...මෛත්‍රී පාලනයක්....

      Delete
    3. වෙනස් නව වසරක් !

      Delete
    4. P.S. // මෙහෙ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නම් පාට පාට ලෝගු අඳින ආකාරය ඉහළ ඡායාරූප වල දැක්වෙනවා// ජනාධිපති කෙනෙක් ඉන්නවද?

      Delete
    5. ඡන්දෙන් පත් වුන කෙනෙක් නම් නෙමෙයි මේ රටේ රජතුමා සහ අගමැති තමයි ඉන්නේ...ශේක් කියලා හදුන්වන නිසා මෙයාල කියන්නේ ජනාධිපති කියලද රජතුමා කියලද දන්නේ නෑ

      ඔබටත් සුභම සුභ නව වසරක් !!!

      Delete
    6. රජා කියලා කියන්නේ මම දන්නා තරමින්...

      Delete
    7. හැබැයි ජාත්‍යන්තර සමුළු වලදි ඔවුන් දෙපළ ජනාධිපති සහ අගමැති කියලයි හඳුන්වන්නෙ.

      Delete
  7. ඉතාමත් හොඳ විස්තරයක්.
    කෑම ගැනීම වගේම නිදා ගැනීමත් පොදු ප්‍රවාහන සේවා වල තහනම් කරන එක හොඳ දෙයක්. මොකද මෙහේ ඕන හැටිය පේනවනෙ නිදාගන්න ගියාම සීට් එකේ ඉන්න අනික් මනුස්සය අපහසුතාවයට පත්වෙන තරම.

    සැමටම සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. නිදාගන්න තහනම් හේතුව නම් මොකක් හන්දා දාපු නීතියක්ද දන්නේ නෑ.. කෑම බීම නීතිය නම් හොදයි. මමත් දඩයක් කන්න ගිහින් නූලෙන් බේරුනා එක පාරක් බස් එකක බීම එකක් බිලා..

      අයියාටත් සුභම සුභ නව වසරක් වේවා !!

      Delete
    2. මෙහෙ බොරු නීතිත් තියෙනවා.... ඩුබායි වල අරක්කු වලට ලයිසොමක් තියෙනවා ගන්න... එක අරගත්තම ගෙදර අරක්කු තියා ගන්න පුළුවන්... එත් සජා එහෙමවත් බෑ... කොටින්ම කිව්වොත් අරක්කු බොන්නත් තහනම්... හැබැයි සජා ඩියුටි ෆ්‍රී එකෙන් බෝතල් 4ක් අරන් රට ඇතුලට එන්න පුළුවන්...

      Delete
    3. එතකොට බං රට ඇතුලට අරන් එන ඒවට මොකද කරන්නෙ බොලා....ආයෙ යන දවසක ලංකාවට අරගෙන යනවද...නීතියට කීකරු වෙලා...

      Delete
    4. අරක්කු නීති නම් දන්නේ නෑ ඉතින්..

      Delete
    5. නහයෙන් පල්ලෙහාට තියලා සුස් ගාල ඇදලා දානවා... ඕ යේස්

      Delete
  8. නදිනිට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් ලිපියක් එක් කලාට..
    උඔලා හැම කෙනෙකුටම සුභ අලුත් අවුරැද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. ///ඩුබායි කිව්වාම කට්ටියට මොනවද මතක් වෙන්නේ ?  ///

      අපිට නං සිරා ව..… :D

      නැද්ද මං අහන්නෙ ??

      Delete
    2. ස්තූතියි සංජීව අයියේ,..ඒ වගේම අයියටත්, නෝනා මහත්තයාටත් පොඩි මෙන්ඩි මල්ලිටත් සුභම සුභ නව වසරක් වේවා !!!

      අනේ පත්තර මල්ලි, මම දන්නේ නෑනේ සිරා අයියා ඩුබායි ඉන්නේ කියලා :P

      Delete
    3. ///ඩුබායි කිව්වාම කට්ටියට මොනවද මතක් වෙන්නේ ? ///


      මටනම් මතක් වෙන්නෙ ,පතොක් මලක් ඉබින මොල්ලි දෙකේ ඔටුවෙක්ව.

      Delete
    4. ///ඩුබායි කිව්වාම කට්ටියට මොනවද මතක් වෙන්නේ ? ///

      මට ඇඩෙනවා යකෝ..කොහොම හිටපු කොල්ලෙක්ද..අනේ ඉතිං මාරක අපලේ වලක්ව ගන්න බැරි හැටි...

      සින්දු ඇනෝ වර..කියපිය අර සිංදුව

      කොවුලා වගේ ලව් සිංදුව කියපු එක මං
      වවුල වගේ රෑ තිස්සේ නිදි මැරැවෝ මං
      දැන් මචං එහම බෑනේ..පවුල් වෙලා මං..සිරා සිංදුවනේද?

      Delete
    5. පත්තරයා උඹ බීලද බං....මෙන්ඩිස් ලොක්කගෙ සින්දුවට මමත් මනාපයි...අරින්න එපා තව ගල් බෝතලයක් කඩමු...

      Delete
    6. කමෝන් මෙන්ඩියා... කැරකිලා දෙකට නැමිලා බුරිය හපලා බඩ මිරිකලා....

      Delete
  9. රාගේ කාමරයට යන එන ඔබ සැමට සුබ නව වසරක්... මෙත්‍රීයෙන් පිරුන සුභ අනාගතයක්.... මමත් දැන් අවුරුදු 5ක් තිස්සේ ජීවත් වෙන්නේ ඩුබායි වල... මේකේ සමහර කාරනා මම අහල තියෙන්නේ වෙනස් විදිහකට... ඒවා මම පස්සේ විස්තර කරන්නම්... ටිකක් දවල් වෙලා සුබ මොහොතින් බෝතලයක් පොලිෂ් කරන්න යන්න තියෙනවා... මෙන්ඩෝ... පත්තරයෝ... සිරෝ... සිංදු ඇනෝ... කම්මලයෝ... එනවනම් එන්ඩෝ.....

    ReplyDelete
    Replies
    1. බූට් ඇනෝටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! මමත් ඉතින් ගොඩාක් දන්නේ නෑනේ ඩුබායි ගැන ඒ නිසා ඇනෝ දන්න ඒවත් දාන්න.. හැබැයි ඉතින් ඉරිදා වෙනකන් බූට් ඇනෝ අල්ලනව බොරු. බෝතල් පාටිය ඉරිදා උදේ වෙනකන් යයි

      Delete
    2. බූට් , චියර්ස් මචෝ ... මේ දවස් ටිකේම වෙරි. රෙඩ් බුල් පිහිටෙන් ඉන්නෙ

      Delete
    3. හරේ..ගහමු..වෙරි වේවා..

      මගේ ප්‍රැක්ට්‍රි පාටි එක හෙට..

      Delete
    4. නදිනි දන්නවා මෙහෙ පාටිවල තරම එහෙනම්... ඔන්න අමාරුවෙන් ඔලුව කෙලින් කරන ඔපිසියට ආවා... ඔන්න මම දන්නා දේවල් මෙහෙම දාන්නම්....


      ***මෙහෙට ඇවිත් විශේෂයෙන්ම දැකපු දේ තමයි නියම එමරාටි කාන්තාවන් පලදින අමුතු මුහුණු ආවරණය. පහලින් ඉන්නේ ඒක පලදපු කාන්තාවන්. පොඩි ගෑණු ළමයි, තරුණ අය මෙහෙම පළඳිනවා දැකලා නැති වුනාට මැදි වයසෙ නැත්නම් වයසක කාන්තාවන් මෙය පලදිනවා.***

      මේක ඉස්සර තිබ්බ විලාසිතාවක්... එකයි තරුණ පරම්පරාව මෙය අනුගමනය නොකරන්නේ....


      ****ඒ වගේම එයාලා කොයි වෙලාවකවත් මේක් අප් නැතුව නම් එලියට බහින්නේනෑ. ****

      මටනම් මොවුන් මේකප් නොකරත් පට්ටම ලස්සනයි... මොවුන් මේකප් කරන්නේ ලස්සන වැඩිදියුණු කර ගන්න... අපේ කෙල්ලෝ මේකප් කරන්නේ උපන් කැත වහ ගන්න.... මමනම් අද වෙනකම් කැත ලෝකල් කෙල්ලෙක් දැකල නෑ... දවසක් මම ගියා සින්ගපුරුවට.... මම ගිය ෆ්ලයිට් එකේම ලෝකල් කෙල්ලෝ ටිකකුත් ගියා... ෆ්ලයිට් එකේදී මුන් අර පොරවන් ඉන්න ලෝගු ඔක්කොම ගැලෙව්වා... හම්මේ ඉතින් ලස්සන වැක්කෙරෙනවා... අනික ගොඩ දෙනෙක් කොට ඇදුම් අදගෙනත් හිටියා.... (මොවුන් ගෙන් ගොඩ දෙනෙක් දිගට අදින්නේ කැමැත්තකින් නොවේ... ආගමෙන් නියම කරලා තියෙන නිසා... ඒ බව මම වගකීමෙන් කියන්නේ )


      ***මෙහෙ කාන්තාවන් රහස්‍ය ස්ථාන පවා ලස්සන කරන්නත් සුවඳ කරන්නත් ලොකු මහන්සියක් ගන්නවලු.***

      වෙන්න පුළුවන්...( ඕන් මම ඉබින්නනම් ගියේ නෑ මෙන්ඩෝ... ) එයට හේතුව පිරිමියෙකුට ගෑණු 7ක් ගන්න හැකියාව... නඩත්තු කරන්න වත්කම් තියෙනවනම් නීතියෙන් තහනම් නෑ... ඉතින් ගෑණු බලන්නේ මොනවා හරි මායමක් දාලා පිරිමියාව තමන්ගේ පැත්තට නම්ම ගන්න... මොකද ගෑණු 7ක් ඉන්නවනම් පිරිමියා එක ගෑණියෙක් එක්ක ඉන්න කාල සීමාව අඩු වෙන නිසා... (මාසයක් එක ගෑනියෙක් ලග ඉන්නවනම් තව මාසයක් තව ගැනියෙක් ළග .... එතකොට ආපහු මුල් ගෑනි ලගට එන්නේ මාස 6කට පස්සේ )



      ****ඒ එක්කම තව දෙයක්. එමරාටියන් බොහොම කම්මැලි පිරිසක් කියලත් නිතර අහන්න ලැබෙනවා.***


      සම්පුර්ණ ඇත්ත... අපේ ඔෆිසියේ ඉන්න ඔක්කොම කරන්නේ පරක්කු වෙලා ඇවිත් පත්තර කියෝලා යූ ටියුබ් බලලා ඕප දූප කියෝලා 3ට 4 ට ගෙදර යනවා ..... ඒත් ඔවුන්ට ලැබෙන පඩිය අපිට ලැබෙනවා වගේ කිහිප ගුණයක් වැඩි....




      ****ඒ ඇරුනාම සමහර ප්‍රසිද්ධ ස්ථාන වල කොටට අදින්න, කර නැති ඇදුම් අදින්න බැහැ. හැබැයි අනිත් අරාබි රටවල් වලට සාපේක්ෂව මෙහෙ විලාසිතා කරන්න ලොකු නිදහසක් කාන්තාවන්ට තියෙනවා. *****


      ඩුබායි මෝල් එකේ බලන්න සුද්දියෝ ඇදගෙන ඉන්නෙම බාගේටනේ... ජුමෙරා බීච් යන්න... ඉස්සර බේවොච් මතක් වෙනවා...

      ***ආසියානු ජාන ප්‍රශ්නේ නිසා එහෙන් මෙහෙන් දාලා යන්න හැදුවට අපේ අයියල මල්ලිලත් මෙහෙ පොලිස් මාමලා දැකපු ගමන් හරියට රිය පදවනවා.***


      බොහොම කාලාතුරකින් මෙහෙම මොංගල් ඩයල් නම් ඉන්නවා.... (ගොඩාක් ගෑනුත් මෙහෙ වාහන පදවනවනේ) එත් 90%ම අකුරට නිතිය ක්‍රියාත්මක කරනවා...

      Delete
    5. උඹලා දැකලා තියෙනවද ලංකාවට ආවම සව්දි ගෑණු බීච් එකේ ඉන්න විදිය...උන් සවුදියෙද කියලා දකින කවුරුවත් විශ්වාස කරන එකක් නෑ.

      Delete
    6. මේ බූටෝ මොකක්ද ගෑනු වාහන එලවන එකේ වරද? *^@$(#^$(*)#%&*#

      මෙහෙ හුගක් කෙල්ලෝ අර කළු ලෝගුවට යටින් ලස්සන ඇදුම් අදිනවා.. බූට් මල්ලි කිව්ව වගේ මෙහේ කෙල්ලො නම් ඒ ලෝගුව අදින්නේ ආගමට විරුද්ධ වෙන්න බැරි කමට. මෙයාලගේ ලස්සනේ වැදගත්ම දේ තමයි එයාලගේ හමේ පාට.

      ඩුබායි මෝල් කතාව හරි ඒත් සමහර තැන්වලට මම ගිහින් තියනවා off shoulder යන්න බැරි,

      Delete
  10. ලිපිය ලියූ නදිනිටත්
    ලිපිය පල කල සිරා අයියටත්
    බ්ලොග් ලියන කියවන හැමෝටමත්
    වාසනාවන්ත නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා බස්සියේ

      Delete
    2. ස්තූතියි බස්සි...මේ වසරේදිවත් රෑට නිදාගෙන දවල්ට ඇහැරගෙන ඉන්න බැලුවානම්...

      Delete
  11. කවදත් රස කතා ගෙනෙන සිරාට සුබ නව වසරක් වේවා!

    සිරෝ, මේ අවුරුද්දෙදිවත්........................................ද?

    ReplyDelete
    Replies
    1. හරි ...හරි පොරට බඩු බනිස් .

      Delete
    2. එල්ලනවා..මේ අවුරැද්දේ චක්කර මාලේ

      Delete
    3. ස්තූතියි විචාරක තුමා...මේ අවුරුද්දෙදි හිරේ යන්න මේ මෙන්ඩිස් අයියලා අත හිත දෙන්නෙ නෑනෙ...

      Delete
    4. මාවත් හිරේට යවන්න ගෙදරින් ෆුල් ට්‍රයි බන්....

      Delete
    5. තව ටික කාලයක් ඉදපං ගොයියො...ඔය බූට් එකේ රහ විඳ විඳ....

      Delete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා සිරා අයියේ!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් මේ වසර සුභ එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

      Delete
  13. ස්තූතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට.

    නදිනිටත් , සිරා අයියටත් සුබ නව වසරක් වේවා ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා !!! :)

      Delete
    2. ඔබටත් 2015 වසර සුභ වසරක් වෙන්න..සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නගෝ....

      Delete
  14. දුර ඈත දේසෙන් - මෙහි ආ දිනේහී

    මට දී නවාතැන් - මේ පුංචි කුටියේ …… :D

    දැනුවත් කිරීමට ස්තුතියි සිරාටයි නදිනි මිස්ටයි !!!!!!

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තූතිය ... සිංදුව තේරුනේ නැතෝ...

      Delete
    2. ගනන් ගන්න එපා කාපු බිපු වෙලාවට ඌ කියන ඒවා ඌට තේරෙන්නෙත් නෑ..

      Delete
    3. පත්තර මල්ලි අවුරුදු උදාවෙදි බිව්ව ඒවා තවම ඔලුව කරකවනවද ?

      Delete
    4. ඔය සිංදුවේ මුල
      "අප දෙදෙනා දිහා බල බලා.... පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා වන්දනාවේ ගියා සමනලුන්"

      Delete
    5. සින්දුව කිව්වෙ තිලකසිරි රත්නායක...මමත් කැමතිම සින්දුවක්.....බෝතලයක් කැඩුන වෙලාවට අනිවාර්යෙන්ම කියන ලිස්ට් එකේ එකක්...

      Delete
    6. මුන් දෙන්නටත් වෙරි.. මම ඇහුවේ මේ සිංදුව මෙතනට දාපු එකේ තේරුම...

      Delete
    7. සින්දුව ඇයි ආවේ කියලා දැනගන්නනම් පත්තරයට ගල් කාලක් පොවන්න වෙනවා...

      Delete
  15. නදිනිටත්, සිරා කොලුවටත් සුබ අලුත් අවුරුද්දක්!!! :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභ නව වසරක් වේවා පොඩ්ඩි...

      Delete
    2. පොඩ්ඩිටත් සුභම සුභ නව වසරක් වේවා.. මේ දවස්වල මෙහෙ ෂොපින් ෆෙස්ටිවල්. නරකද රවුමක් දාන්න අවොත්?

      Delete
  16. සැමට සුභ අලුත් අව්රුද්දක් ..........
    දැන් එහෙනම් ඩුබායි යන්න උනත් පුළුවන් අපිට මේ තියෙන්නේ පස්ට විස්තරයක්
    (පොස්ටුව කියෙව්වේ නෑ කියලා අහුවෙයිද මන්දා.............)

    ReplyDelete
  17. නදිනි සිරා ඔබ දෙපලට ලැබූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියලු පැතුම් ඉටුවෙන , සිරා කොලුවාගේ සිකුරා ලබන වසරකම වේවා කියල ප්‍රාර්ථනා කරනවා. . .

    බොහොම ස්තුත්යි ඩුබායි රටට අපිව රැගෙන ගියාට. සිරා කොලුවත් ලගදී ඉදන් ඩුබායි රටට හරිම කැමැත්තෙන් ඉන්නේ. . . මොකද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔි යැස්..උදේට ඩුබායි පැත්තට වැදලා වැඩ පටන් ගන්නෙ

      Delete
    2. බොට නම් සිකුරා ලැබුවා කියලා ආරංචියි..පොල් වත්තෙ මුර උන්නැහෙට කියන්න වෙනවා ගෑණිව පරිස්සම් කරගන්න කියලා...

      Delete
    3. ඔබටත් එසේම වේවා..

      Delete
  18. ඩුබායි රටේ විස්තර අපිට ගෙනාවට නදිනිට අපේ ස්තූතියි හිමි වන අතර හතේ හත්වන ලිපිය නදිනි වෙනුවෙන් වෙන් කිරීම වෙනුවෙන් සිරාටද අපේ කෘතගුණ පූර්වක ස්තූතියි හිමි වේ... !

    සුබ නව වසරක් වේවා සිරා !

    ReplyDelete
    Replies
    1. ඔබටත් 2015 වසර සුභ එකක්ම වේවා !

      Delete
    2. සුභම සුභ නව වසරක් වේවා..

      Delete
  19. සිරාටත් නදිනිටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් මේ වසර සුභ ප්‍රතිඵල ගෙනඑන වසරක් වෙන්න කියලා පතනවා..

      Delete
    2. සුභම සුභ නව වසරක් වේවා හැලප අයියේ...

      Delete
  20. නදිනි කෙල්ලත් සිරා ගොයියාත් අැතුලු ඔබ ඇතුලු සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... !!

    නදිනි නංගී : නොදන්න ගොඩක් විස්තර දැනගත්තා... බොහොම ස්තූතියි ලිපියට​. Visit එකක් දැමීමේ අදහසක් තියනවා.. වැඩි විස්තර වුවමනා වුනොත් අහන්නම්කෝ...

    මම​
    මයික්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ අතිජාත මිත්‍රයා...බොට වගේම මටත් Visit එකක් දැමීමේ අදහසක් තියෙනවා...යන වෙලාවක එකටම වගේ යමුද..නදිනි නගාගෙන් හරි බූට් ඇනෝගෙන් හරි පාර අහගන්න බැරියැ...

      Delete
    2. එන්න සුදෝ බන්ටෙක දිගේ....

      Delete
  21. මම ඉන්න රටට වඩා නම් සිය දහස් ගුණයක් නිදහස් බව නම් දන්නව....කොහොම උනත් උදාවූ 2015 නව වසර නදිනි නගාටත් මේ මහගු අවස්ථාව උදා කරන සිරා මල්ලිටත් අනෙක් සියලුම හිතවතුන්ටත්....සාමය සතුට පිරි සුබම සුබ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ලොකු අයියටත්...පවුලේ සැමටත් දුක් කරදර නැති ප්‍රීතිමත් වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ඔයා ඉන්න රටින් මේ පැත්තට බල්ටියක් ගහන්න බලන්න එහෙනං හෙමින් සැරේ...

      Delete
  22. මං එන්නේ ඩුබායි රටේ ඉඳල ..සල්ලි හොඳට හම්බ කරලා .. හම්බ කරපු සල්ලි මා ලඟයි

    සුබ නව වසරක් සිරාට , නදිනිට සහ සියලු බ්ලොග් වාසීන්ට

    ReplyDelete
    Replies
    1. මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා
      හම්බ කරපු සල්ලි මා ලගයි
      හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා
      හම්බ කරපු සල්ලි මා ලගයි
      මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව
      හිතේ අමාරුවෙන් හිටියේ මං

      එරන්දතී මට කැමැත්ත දු‍න් නැහැ
      අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ //
      දැන්නම් බලනවා දුක සැප අහනවා
      මොකද්ද වෙනසක් සිදුවෙලා තියෙනවා

      මම එනතුරු සිවු වසරක් හිටියලු
      මට ජය ලැබෙන්නට ආසිරි පැතුවලු //
      පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
      අහක බැලුවේ ඇයි දුක හිතෙනවාලු

      මංගල යෝජනා දවසට දෙකතුන
      නැන්දලා මාමලා ආවද කොපමන //
      අඩම්බරකම් කුමටද පෙම්බර
      එහෙනම් මගේ හිත එරන්දතී වෙත

      මම එන්නේ ඩුබායි....


      ගායනය / පද රචනය / සංගීතය : M.S.Fernando

      ඉවාන් කොලුවටත් 2015 වසර සුභ එකක්ම වෙන්න කියලා අක්මාවෙන්ම ප්‍රාර්ථනා කොරනවා ඔන්න...

      Delete
  23. @ මයික්
    අයියාටත් එසේම වේවා කියලා ප්‍රර්ථනා කරනවා... ඩුබායි පැත්තේ එනවා නම් කල හැකි සෑම උදව්වක්ම කරන්න පොරොන්දු වෙමි :)

    @ඉන්දික අයියා
    ඉන්දික අයියාටත් සුභම සුභ නව වසරක්... අනිත් මැද පෙරදිග රටවල් එක්ක ගත්තම ඩුබායි ගොඩාක් නිදහස් රටක් ඒත් ටිකක් හම්බකරගෙන ගෙදර දුවන්න තමයි කල්පනාව,...

    @ ඉවාන්
    සුභම සුභ නව වසරක් ඉවානයෝ..

    ReplyDelete
  24. බබයියාගේ කපුවාJanuary 5, 2015 at 6:23 PM

    සිරාගෙ බොලොග් අවකාසයට වැටුනු පජාත ලිපි අතලොස්ස අතරින් එකක්. ඩුබායි ගැන නිකං සිංහල විකිපීඩියාවෙ කියෙව්වා වගේ මිසක් මෙලෝ රහක් නෑ මට නං. නදිනිගෙ යාලුමිත්තරයො නං වනලා තියෙන්නෙ මේක මුරුංගාඅත්තෙ තියලා. මොනාකරන්නද ඉදහිට මේවගේ එව්වත් තියෙන්නෙපෑ අනික් හොඳ පොස්ට්වල අගේ තේරෙන්න.

    ReplyDelete
  25. අල්ලපු රටේ විස්තර ටික ගැන නම් ඉතින් ඔය බුට් මල්ලි එහෙම කියල තියෙන්නේ.. වැඩේ කියන්නේ ඩුබායි වල බෝතල් එහෙම ගෙදරට ගෙන්නගන්න පුළුවන් එක. මෙහෙ නං බෑ..

    කොහොම වුනත් පින්තුරු ටික ලස්සනයි. කොහෙද ඉතිං ඩුබායි එන්න තවම පිණක් නෑ නෙව..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...