tag:blogger.com,1999:blog-5792659600120072632024-03-13T22:18:01.940+05:30සිරාගෙ කාමරේසිරා කොලුවා නැමති සාටර් ජීවියා මෙහිදී හමුවිය හැක. ලෑලි දොරට තට්ටුවක් දමා පැමිණෙන්න.සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comBlogger273125tag:blogger.com,1999:blog-579265960012007263.post-91787822283557847452022-04-20T10:26:00.003+05:302022-04-21T08:22:12.766+05:30නැට්ට කොටා
සිරා කොලුවා කාමරයේ දොර සෑහෙන කලෙකින් විවෘත කොට නැත. ඒ නිහඬතාව බිඳිමින් 2022 වසරට ලිපි දෙක තුනක් හෝ ලියා තබන්නේයැයි අධිටනින් මේ ලියමන අරඹමි. එදා මෙන්ම අදත් සිරාගේ කාමරයේ පයුරු පාසානමට ළබැඳිව සිරා කොලුවෝ තෝ ලියන්නේ නැද්දැයි අසා විමසූ සැමට ස්තූතියි...
සිරා කොලුවා මැලේසියාවේ සිට සිරි ලංකාවට ආනයනය වූ 2015 වසරේ අග භාගය වන විට අපේ ගෙවත්තේ කෙළවරක බයාදු බැල්මෙන් බලා ඉන්නා හිමිකරුවෙකු නැති කුඩා නැටි කොටයක් සහිත අහිංසක සුනඛයෙක් වූවේය. බැලූ බැල්මට අහිංසක කමේ ප්‍රතිමූර්තියක් බඳු වූ මේ සත්වයා කාලයක් කොහේ හෝ නිවහනක සුරතලෙන් ඇතිදැඩි වී හදිසියේ ඇති වූ හේතුවක් මත මංමුලා වී සිටින බවක් ප්‍රකට විය. නව අවුරුදු ප්‍රීතිය විඳගැනීමට පත්තු කරනා රතිඤ්ඤා වල හඬට බියෙන් හෝ චූන් පාන් රථයේ මාමා මග දිගට විසි කරනා පරණ බනිස් කෑමට රථය පසුපස දිව ඒමේ ආනිශංසයෙන් මේ හාදයා අපේ ගම් පියසට අනාරාධිතවම පැමිණ සිටියේය.
ගමේ කිසිදු නිවෙසකින් මේ අමුත්තා පිළිගන්නට සූදානමක් නොතිබුන හෙයින් ඒකා එක එකාගේ ගල් මුල් පහරින් පීඩාවට පත්වෙමින් ඇකිලුන කුසත් දරාගෙන අතනින් මෙතනටත් මෙතනින් අතනටත් දුවනා දසුන සංවේදී මගේ හිතට බර වැඩි වූයෙන් මම මගේ මෑණියන් දෑ ඇමතීමි.
මේ සතා පව්..අපි හදා ගමු...
එහෙත් ඒ අරභයා මෑණියන්ගෙන් ලැබුනේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. දේව පාදයක පිහිටියා යැයි කියන අප නිවසේ සුනඛයන් සඳහා දිගු ආයුෂ නොමැති බවත්, කුමක් හෝ සුවකල නොහැකි රෝගයකින් ඔවුන් වේලාසනින් ජීවිතය නිම කරන බවත් ඒ වන විට අප ප්රත්යක්ෂ කරගෙන සිටීම ඇගේ ඒ විරෝධයට පාදක වී තිබුනි. ඇගේ දැඩි ප්‍රතිරෝධය නිසාම මම පසුපස පාදයට නැවතත් වැටුනි.
ඒ එක්තරා වැසි සමයක ආරම්භය වූවේය. දින කීපයක් එක ලග වැටුන වැහි කෝඩය නිසාම එක්තැන් වූ ජලයෙන් නිර්මාණය වූ කුඩා ජල තටාකයක් අප නිවස ආසන්න පහල වෙලේ තිබුනි. පෙර දින රාත්‍රියේ ඉතිරි වූ බත් සහ වෙනත් අඩුම කුඩුම සහිත කසල ඉවත ලන විට බත් දංකුඩ කීපයක් මේ කියන තටාකයේ අගල් 5-6 කට නොවැඩි වූ ජල තටාකය යට සැගව ගොස් තිබුනි.
දුඹුරු පැහැ කුඩා ශරීරයක් හිමි, කුසගින්නත්, භියත් එක්ව නිර්මාණය වූ අහිංසක බැල්මක් සහිතව උන් සුනඛ තෙමේ තව දුරටත් දැරිය නොහැකි කුසගින්න නිසාදෝ ඉහළින් වූ ජල තලය තරනය කරමින් දිය යට වූ බත් දංකුඩ ඇහිලීමට තම දිව ජලය තුලින් පහලට යවන්නට දරනා උත්සාහය හදිසියේ මගේ නෙත ගැටුනි. ඒ අවස්ථාවේ මේ අහිංසකයා කෙරෙහි මා සිතේ උපන් අනුකම්පාව නිසාම දැනුන කම්පනයේ ආනුභාවයෙන් මෑණියන්ගේ අවසරය ඇතත් නැතත් ඒකා හදාවඩාගන්නට මම තීරණය කළෙමි.
ආතක් පාතක්, යන්න එන්නට තැනක්, ඉන්නට ලගින්නට, ආරක්ෂා කරන්නට භූමියක් නොමැතිව එතෙක් කල් එහේ මෙහේ ගිය සුනඛ තෙමේ හට දැන් නව නිවසක්, ස්වාමියෙක් ලැබී තිබේ. ඒ කාරණය කෙසේ වෙතත් කිණිතුල්ලන් හා මිනිස් වෙසින් සිටිනා යක්ෂයින් විසින් එල්ලකල කැට කැබිලිති නිසාවෙන් ඇති වූ තිබූ ලොකු කුඩා තුවාල කීපයක් උදෙසා ප්‍රතිකාර කොට මේ සත්වයා සුවපත් කරන්නට මා ඉටා ගතිමි.
දිය නාවන්නට රැගෙන ගිය විට කෙතරම් කාලයකින් මේ බලු තෙමේ දිය නා නැද්දයි මා හට ප්රත්යක්ෂ වූයේ ජලය කෙරෙහි දැක්වූ අසීමිත භිය නිසාවෙනි. එහෙත් ජලය ස්නානය කොට සබන් ගා ශුද්ධ පවිත්‍ර කරන්නට මා හට ඉඩ දුන්නා සේම ඒකාත්මිකව මදෙස බලාසිටින්නටත් ඒකා අමතක කලේ නැත.
ඒ ආසන්න කාලයේම රජයේ පිස්සු බලු එන්නත් වැඩසටහන අප ගම්මානයට සපැමිණි නිසා සියලු බලු උවදුරු දූරින් භූතව ගියේය. කුස පිරෙන්නට ලැබෙන ආහාරත්, කලින් නොලැබුන ආදරය, කරුණාව සහ නිදහස දැන් ලැබෙන නිසාත් සුනඛයා කෙටි කලකින්ම පෘෂ්ටිමත් වූවේය. ඒකාට බැරි කාලයේ කෙණෙහෙලි කම් කල උන්ගෙන් පළිගැනීමේ කුරිරු උවමනාවකින් බලු තෙමේ දැන් පෙලෙයි.
අප නිවසට යාබද නිවසක වෙසෙන වයසක අනුලාවතී උන්දෑ ඔවුන්ගේ නිවසේ විසූ දේහදාරී සුනඛයා මේ අහිංසකයාට එරෙහිව නොයෙක් වර සටනට කැඳවා තිබූ අතර කාය ශක්තියෙන් හීන වී ගිය අසරණයා මෙවැනි සෑම විටෙකම පීඩාවට පත්ව පරාජය වැළදගෙන තිබුනි.
එහෙත් දැන් සියල්ල වෙනස් වී තිබේ. තමන්ට හිමිකරුවෙක් සහ රකින්නට භූමියක් ඇති බව දන්නා අපගේ බලු රාළ ඒකාට අඩත්තේට්ටම් කල දේහදාරී සුනඛයාගෙන් පළිගැනීමට කුරිරු ආශාවකින් බලා සිටියේය. දකින දකින සෑම විටෙකම සටනට යන, අප විසින් වළක්වාලන නිසා අකමැත්තෙන් පසුබසින, ශරීර ප්‍රමාණයෙන් ඒකාට වඩා බොහෝ සේ කුඩා වුවත් නිර්භීතභාවයෙන් ඉතා ඉහළ තැනක සිටි අපගේ බලු තෙමේ එක් දිනයක මේ සුනඛයාට දරුණු සේ සපා කා මාරාන්තික තුවාල ඇති කොට තිබුනි. මාස දෙක තුනක් නිවැසියන් විසින් ප්‍රතිකාර කලද ඒ උත්සාහයන් නිෂ්ඵල කරමින් ඒකා තීන්දු ගමන් ගියේය. එතැන් සිට අප අවට රාජධානියේ පාලනය අපගේ නව සුනඛ සුරතලා හෙවත් නැට්ට කොටා සතු වූවේය.
මෙයට පෙර නොයෙක් වර මවිසින් සුරතල් සතුන් ඇතිදැඩි කොට තිබුනත් ඒ හැමටම වඩා මේ අලුත් හාදයා මගේ සිත් ගත්තේය. රැකියාව නිමවී නිවසට පැමිණ විනාඩි කීපයක් යනතුරු උස් හඬින් උගේ සතුට ගායනාවක් සේ ප්‍රකාශ කරන අන්දම මම මහත් අභිරුචියෙන් විඳගතිමි. කිසිදිනෙක අප විසින් කූඩුවකට කොටු නොකොට, අප භූමියේ නිදැල්ලේ සිටීමට අවසර දී තිබුන නිසාම නැට්ට කොටා සිත් සේ ඔබ මොබ ඇවිද ගියේය. කිසිවෙකුට ප්රචණ්ඩත්වය පාන්නේ නැති නිසාම අපගේ අසල්වැසියන්ගෙන් පැමිණිලි කිසිවක් ලැබුනේද නැත.
දිය ස්නානය පිණිස රැගෙන යන්නට උත්සාහ කරන බවක් දැනුන විටෙක මේකා අල්ලාගැනීම ඉතාම අපහසු කාරියක් වූවේය. නිවසින් ඈතට දිවයන නැට්ට කොටා නැවත අල්ලාගැනීමට විවිධ ක්‍රම අත්හදා බැලීමට මා හට සිදු වේ. පැයක් පමණ ගත වූ පසු තත්වය යළි සාමකාමී වී ඇතැයි සිතා නැවත නිවසට පැමිණෙන විට මගරැක සිට ග්‍රහණයට ගැනීම වඩාත් ඵලදායී වූවේය. එයින් පසු ශරීරයේ සෑම තැනකම ඇති කිණිතුල්ලන් ආදියෙන් ඌ මුදවා, ජලය නහවා, සුවඳ සබන් ඇගේ උලා බලු කුමාරයෙක් කරන්නට තවත් මොහොතක් ගත වේ.
මේ ආකාරයෙන් වසර 3 කට මඳක් වැඩි කාලයක් ගෙවෙන්නට ඇත. දේවපාදයක පිහිටා ඇති අප නිවසේ සුනඛයන් ඇති දැඩි කරන්නට නොහැකි බව ඒ වන විටත් මා හට අමතකව තිබුනේ නැට්ට කොටා හොඳ ශරීර සුවයකින් ඇති දැඩි වූ හෙයිනි. එහෙත් එක් දිනක් උගේ පාදයක ඇති ව තිබුනේ තරමක ඉඳිමුමකි.
මෙයට පෙර වතාවක සර්ප දෂ්ඨනයක් නිසා නැට්ට කොටාගේ අතක යටි පැත්තෙන් කුණූ වී ඉස්ම ගලන තත්වයට පත්ව තිබූ අතර මමත් බිරිඳත් මහත් සේ වෙහෙස වී ගැලපෙන වෛද්‍යවරුන් කරා රැගෙන ගොස්, දිවා රෑ බෙහෙත් දමා එම තත්වයෙන් මුදවා ගතිමු.
යළිත් වතාවක් එවැනි තත්වයක් ඇතිවී දෝයි සිතූ මම ප්‍රමාද නොවී අපගේ බලු සුරතලා හැම විටකම රැගෙන ගිය විශ්‍රාමික පශු වෛද්‍යවරයාගේ නිවසට රැගෙන ගියෙමි. එතුමා යම් බෙහෙතක් ෆාමසියෙන් රැගෙන එන ලෙස මා හට පැවසූ නිසාවෙන් වෛද්‍යවරයාගේ මිදුලේ බැඳ තබා තිබුන නැට්ට කොටා සහ මා ප්‍රිය බිරිඳ එහි තබා බෙහෙත රැගෙන ඒමට පිටත් වීමට රථය පණ ගැන්නුවෙමි.
අහිංසක ලීලාවෙන් ගැට ගැසූ තැන සිට මදෙස බලාසිටි සුනඛ තෙමේ, ඒකා එහි තනිකොට මම පිටත්වන්නේ යැයි හැගුන නිසාදෝ මහත් වේදනාවකින් මෙන් කෑ මොර දුන්නේය. ඒ සංවේදී මතකය මේ යුනිකෝඩ් අස්සෙන් දැනුදු මැවී පෙනෙයි.
පළමු ප්‍රතිකාර වටයෙන් පසු තත්වය තවත් නරක අතට හැරී පාදයේ ඉඳිමුම වැඩි වූ නිසා වෛද්‍යවරයා මා හට යෝජනා කලේ වැලිසර සත්ව රෝහළට රැගෙන යන ලෙසත්, බරවා රෝගය වැළඳී ඇති බවට සැක කරන බවත්ය.
එවකට මම සේවය කරන කාර්යාලයේ පැවති අධික කාර්යබහුල තත්වය නිසා බලු ප්‍රතිකාර උදෙසා නිවාඩුවක් ලබා ගන්නට තවත් දිනයක් දෙකක් ගත විය. ඒ වන විට අපගේ බලු රාළ ආහාර ගැනීම ඉතාමත් අඩු කොට තරමක් කෘෂ වී සිටියේය. හිස පිරිමදින විට වෙනදා අතට හසු නොවූ අස්ථි කොටස්ද ග්‍රහණය වේ.
වැලිසර සත්ව රෝහලේදී...
වැලිසර සත්ව රෝහලේ වෛද්‍යවරුන් ලේ පරීක්ෂා කොට වැළඳී ඇත්තේ බරවා රෝගය බව තහවුරු කළේය. බරවා පරපෝෂිතයා නසන්නට එන්නත් සහ විවිධ බෙහෙත් වර්ග අපගේ බලු රාළ වෙත සපයා තවත් දෑ ෆාමසියෙන් මිලදී ගන්නා ලෙස දන්වා සිටියේය. එහි වූ එක් බෙහෙතක් සොයා ගැනීම බොහෝ සේ අපහසු වුවත් එයද සොයාගතිමි. මේ සමස්ත කාලයම අඩපණව වැතිර සිටි නැට්ට කොටාගේ දසුන මට මහත් වේදනාවක් වූවේය.
ප්‍රතිකාර ලබාදීමෙන් පසු නිවසට රැගෙන විත් සුපුරුදු ස්ථානයේ සුනඛ තෙමේ නැවතත් ස්ථානගත වූවේය. මීළගට බෙහෙත් පොවන්නට ඇත්තේ සවස් කාලයේ නිසා මම හදිසි අවශ්‍යතාවයකට කොළඹට පැමිණියෙමි. ඒ කාරිය ඉටුකරගෙන නිවසට පැමිණෙන විට තවත් පැය කීපයක් ගත වන්නට ඇත.
මා පැමිණෙන විට අපගේ බලු රාළ නිදා ඉන්නා ඉරියව්වෙන්ම තම ජීවිතය අවසන් කොට තිබුනි. බරවා පරපෝෂිතයන් ශරීරය තුල බහුලව ඇති විටෙක කරනා ප්‍රතිකාර නිසාවෙන් උන් මිය යන අතර හදවතට රුධිරය ගෙන යන නාල තුල මියගිය පසු සිරවුවහොත් මෙවැනි මාරාන්තික තත්වයක් ඇති වේ. සංවේදී පුද්ගලයෙකු ලෙස මා හට නැට්ට කොටාගේ සමුගැනීම මහත් වේදනාවක් වූ අතර මේ සුනඛයා මුලින්ම දුටු දිනයේ සිට ඇති වූ සිදුවීම් රූපාවලියක් ලෙස මෙනෙහිවන්නට විය.ෙ
අපගේ සුරතලාගේ රූපකායට සමුදී, ඒකා වළ දැමීමෙන් පසුව මෙයට වඩා දුක්ඛදායක අවසානයක් උරුමව සිටි සත්වයෙකුගේ ඉරණම යම් තරමකට හෝ වෙනස් කිරීමට හැකිවීම ගැන මම අවසානයේ සතුටු වූයෙමි. සුරතල් සතෙකු විශේෂයෙන් සුනඛයෙකු සෑම විටෙකම ඔබ වෙත පල කරන්නේ අවංක ආදරයයි. සැබෑ ලෙංගතුකමයි. ඒ තුල වෙනත් යටි අරමුණු නැත. එක් දිනකට බත් පතක් ලබාදුන්නත් ජීවිත කාලයම ඒ මතකයට ලෙංගතුව ප්‍රතිචාර දක්වයි. මිනිසුන් මෙන් හදිසියේ වෙනස්වන්නේ නැත.
සුරතල් සතෙකු ඇතිදැඩි කිරීමට ඔබට අරමුණක් ඇති නම් හැකි සෑම විටෙකම අසරණ සතෙකුට පිහිට වන්න. එය ඔබේ ජීවිතයට තව තවත් යහපත් අත්දැකීම් හා සිදුවීම් තිළිණ කරනු ඇත.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com39tag:blogger.com,1999:blog-579265960012007263.post-85122132868842270252019-07-26T01:20:00.001+05:302019-11-30T13:52:23.825+05:30ඔහු නුවන් කුලසේකර නම් විය | Tribute to Nuwan Kulasekara
ඒ 1999 වසරයි. ගම්පහ බණ්ඩාරනායකයේ උසස් පෙළ පන්ති එම වසරට අලුතින් ආරම්භ වී ඒ වන විට වැඩි කාලයක් ගත වී තිබුනේ නැත. මේ අවට වෙනත් පාසල් වලින් උසස් ප්‍රතිඵල සහිතව සාමාන්‍ය පෙළ සමත් වී අප පාසලට නවකයන් ලෙස පැමිණි උන්, පාසලේ පැරණි සිසුන්ගෙන් යම් හිරිහැරයක් කරදරයක් වේදෝයි මෙන් භියෙන් සලිතව බිම බලාගෙන ගමන් කරන්නේ මේ කාලයේදී බව මා ඔබට කිව යුතුය. කොටින්ම සිරාගේ අතිජාත මිත්රයෙකුව සිටි නගා කොලුවාද පළවෙනි දවසේ පාසලට ආවේ සිරා කොලුවාගේ අතක එල්ලී බැව් මට හොඳින් මතකය. අමානුෂික නවක වදයක් කිසිසේත්ම නැතත් සින්දුවක් කියන්නට, බිස්කට් පැකට් එකක් ගෙනෙන්ට අලුත් උන්ට නියම වෙන මේ අපූරු කාල සීමාවේදී විදුහලේ 6 වසරේ සිටම අධ්‍යාපනය ලැබූ උන් ලෙස අප සිටියේ උදාරම් ලීලාවෙනි.
කාලය මාසය දෙක බැගින් ගත වෙද්දී, පරණ උන් අලුත් උන් එකට මුහු වෙද්දී, සිරා කොලුවා අධ්‍යාපනය ලැබූ වාණිජ අංශයේ, සිරා කොලුවාගේ පන්තියේ සිට පන්ති කාමර දෙකක් එහායින් තිබෙන, බඩපුබ්බා, දත්දිග දුමිතා, ඔටුවා, වැනි නසරානි උන් වැඩිපුරම සිටි පන්තියක සිනාමුසු අහිංසක අලුත් මුහුණක් නිතර දෙවෙලේ පෙනෙන්නට වූවේය. පන්ති කාමරයෙන් ඔබ්බේ දකින හැම විටෙකම වාගේ ඔහුගේ හිස කැප් තොප්පියකින් ආවරණය වී තිබූ බැව් මට මතකය.
සිරා කොලුවා ඒ කාලයේ විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ පැල පදියම් වී කටයුතු කල නිසා පාසල් වෙලාවෙන් වැඩි කාලයක් ගත කලේ විදුහලේ ක්‍රීඩා ගාරය තුලයි. බෑන්ඩ් කාමරයට යාබද අසල්වැසියන් වූයේ ක්‍රිකට් කාමරයයි. විවිධ වයස් කාණ්ඩායන්ට අයත් ක්‍රීඩකයන්ට සතියේ විවිධ දිනයන් පුහුණු වීම් සඳහා යොදා තිබුන එසමයෙහි, සිරා කොලුවා සමගම පෙර කී අහිංසකයාද එකම දිනෙක තම තමන්ගේ කණ්ඩායම් සමග පුහුණුවීම් පිණිස පාසල් වේලාවෙන් පසු පාසලේ රැදී සිටි නිසාම, එකම පන්තියක අධ්‍යාපනය නොලැබුවත් ඉන් එහා ගිය ශක්තිමත් මිත්‍රත්වයක අඩිතාලම දමන්නට පාසල් ක්‍රීඩා ගාරයේදී අපට හැකියාව ලැබුනි. මේ අලුත් මිත්‍රයා නුවන් කුලසේකර නම් වූවේය. නිට්ටඹුවේ රන්පොකුණුගම සිට පාසලට පැමිණි ඔහුගේ පියා පොලිසියේ රාජකාරි කලේය. කිරිඳිවැල මධ්‍ය විද්‍යාලයෙන් ඔහු අපේ පාසලට පැමිණ තිබුනි.
ලොවක් දිනූ කුලේ
ක්‍රිකට් ක්‍රීඩාවට නවකයින් බඳවා ගන්නා බැව් ප්‍රසිද්ධ කල පසු ඒ සඳහා සහභාගි වීමට කොල්ලන් බුරුතු පිටින් ක්‍රිකට් කාමරය සොයා ඒම එකල සුලභ දසුනකි. එහෙත් ක්‍රිකට් පුහුණුකරු කණිෂ්ක අයියා කාලයක් යන තුරු මේ උන්දලාට පිත්තක්, පන්දුවක් අල්ලන්ට දෙන්නේ නැත. ඒ වෙනුවට ඇත්තේ පිට්ටනියේ හැති වැටෙනකං දිවීමත්, තවත් අටෝරාශියක් ව්‍යායාමත් පමණකි. පන්දුවක්, පිත්තක් අල්ලන්නට නැති ක්‍රිකට් මොන ලබ්බකටදැයි සිතන මේ නවකයන් එකා දෙන්නා බැගින් එතැන් සිට ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් වලට පැමිණීමෙන් වැලකී සිටින අතර මාසයකට දෙකකට කලියෙන් පිටිය පුරා දුවමින් සිටි ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ගණනක් අතරින්, ක්‍රිකට් උණ තදින් වැළදී ඇති 20 -30 පමණ තව දුරටත් පුහුණුවීම් සඳහා ඉතිරි වූ පසු කණිෂ්ක අයියා නිසි පුහුණුවීම් ආරම්භ කරයි.
උසස් පෙළ කරනා සමයේදී ලෙදර් පන්දුව මුලින්ම අතට ගෙන වසර දෙකක කාලයක් තුල සීඝ්‍ර දියුණුවක් ලබන්නට එතෙක් කල් අප පාසලේ කිසිවෙකු සමත්ව නොසිටි නිසාම කුලේ අරභයා කණිෂ්ක අයියා සිටියේ උදාසීන ප්රතිපත්තියක බැව් පසුකලෙක කණිෂ්ක අයියා විසින්ම මා හට කියා තිබේ. උඩුගම්පලදී පැවති පාසල් ක්‍රිකට් තරගයකදී හා පුරා කියා කුලේ කඩුලු 5 ක් ලබා ගත්තේ මේ අතර තුරයි. තරගයේ විනිසුරුවරයෙකු තරගයෙන් පසු කණිෂ්ක අයියාට කියා ඇත්තේ මේ හාදයාගෙන් හැදෙන ලකුණු පේනවා...ඒ නිසා උනන්දුවෙන් බලන්න යනුවෙනි. අද ජාත්‍යන්තර තරුවක්ව බැබලුනත් එදා ඒ වදන් කීපය නොවෙන්නට අද නුවන් කුලසේකර කෙනෙකු සමහරවිටෙක බිහිනොවන්නට ඉඩ තිබුනි.
විනිසුරුවරයාගේ නිර්දේශයෙන් පසු පුහුණුකරුගේ වැඩි සැලකිල්ලට ලක් වූ කුලේගේ නිසග හැකියාවන් දිනෙන් දින ඔප් නැංවී ඔහු කදිම දක්ෂයෙකු වන්නට කාලයට සමාන්තරව ඔහුට හැකි වූවේය. අප පාසලේ පිටිය තුල ආරාධිත පාසලක් සමගින් පැවැත්වෙන ක්‍රිකට් තරගයක ප්‍රතිවාදී පිතිකරුවන් දෙදෙනෙකු අතර ශක්තිමත් සම්බන්ධයක් බිද දමන්නට දග පන්දු යවන්නන් අසමත්ව සිටි බොහෝ අවස්ථා වල නැවත පන්දු යැවීමට කැඳවන කුලේ තම ප්‍රථම පන්දු වාරයෙන්ම ඒ කාරිය ඉටුකර දෙන්නේ මැට්න් එකේ පතිත වූ පසු පහළින් ඇඳී යන පන්දුවකට පිතිකරු කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකිරීමෙනි. වර්තමාන පන්දුයැවීමේ ඉරියව්වට ඉතාම සමාන ඉරියව්වකින් ඔහු පාසල් සමයේද පන්දු යැව්වේය.
වරක් කොළඹ ප්‍රධාන පාසලක ක්‍රිකට් කණ්ඩායමක් අප පාසල සමග තරගයකට සහභාගි වූවේය. මේ ප්‍රතිවාදී කණ්ඩායම් නායකයා එම තරගයට කලියෙන් ක්‍රීඩා කල අවසන් ඉනිම 3 දීම පිට පිට ශතක රැස්කර මෙම තරගයට සහභාගී වූයේ පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් උඩගු හැසිරීම් රටාවක් පෙන්වමිනි.
එහෙත් කුලේගේ දකුණතින් නිදහස් වූ භයංකාර යෝකර් පන්දුවක් ඔහුගේ කඩුල්ලේ කෙලින්ම වැදී ලකුණු රැස්කිරීමටත් පෙරම මේ පිතිකරුවා ක්‍රීඩාගාරයට හරවා යවන්නට එදා කටයුතු කළේය.
මේ සීසන් එකේ මට වැටුන හොඳම බෝලෙ තමයි අද වැටුනෙ.. තරගයෙන් අනතුරුව ඔහු තම හිතවතුන්ට එසේ කියා තිබුනේය. කුලේ තම පාසල් ක්‍රිකට් ජීවිතය තුල විද්‍යා විදුහලට එරෙහිව එක් ඉනිමකදී කඩුලු 9ක් ලබා ගැනීම තම හොඳම පන්දු යැවීම ලෙස සටහන් කොට තිබේ.
විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා තරග වලදීද කැපී පෙනුන කුලේ ගැමුණු නිවාසය වෙනුවෙන් පදක්කම් දිනා දෙන්නට මීටර් 400, 200 සහ සහාය දිවීම ආදි ඉසව් වල ධාවනයේ යෙදෙන විට කුලේ සැබැවින්ම තවත් සුගත් තිලකරත්න කෙනෙකු වනු ඇතැයි අපි එදා සිතුවෙමු. බොහෝ අය නොදන්නවා වූවත් කුලේ යනු වේගවත් ධාවකයෙකි.
පන්තිකාමරය තුල ඉඳහිට දවසක දකින, ක්රීඩාගාරයේදී හෝ ක්‍රීඩාපිටියේදී නිතරම දකින කුලේ සහ ක්‍රිකට් ඒ වන විට දෙදෙනෙකු නොව එකෙකු බවට පත්ව සිටියහ. මිතුරෙකු ලෙස ඔහුගේ හැකියාවන් පිළිබඳ කදිම අවබෝධයක් තිබූ මා වැනි බොහෝ උන් එකල කුලේ හා දොඩමළු වන සෑම විටකම පැවසූවේ
උඹට සිලෝන් ටීම් එකට ගහන්න පුලුවන් උත්සාහ කරපං යනුවෙනි.
උසස් පෙළ විභාගයෙන් අනතුරුව පාසලෙන් මෙන්ම මිත්‍ර සම්පත්තියෙන්ද සමුගෙන එකිනෙකා තම තමන්ගේ අනාගත සිහින හඹායන්නට අර අදින කාලයේදී කුලේ මට මගහැරුනේය. නැවත අප එකිනෙකා මුණ ගැහෙන කාලය වන විට ඔහු නුගේගොඩ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටියේය. ඒ සඳහා ඔහුට උපකාර කලේ ෂම්මි ලියනගේ අයියාය.
ක්‍රිකට් ආම්පන්න සහිත විශාල බෑගයක් කරේ එල්ලාගෙන, කොළඹට යන්නට දුම්රියක් එනතුරු ගම්පහ දුම්රිය ස්ථානයේ රස්තියාදු වෙමින් සිටි කුලේ එවකට ගම්පහ වාසීන්ට සුලභ දසුනක්ම වූවේය. ක්‍රිකට් පුහුණුවීම් නැති දිනවල සැහැල්ලු පන්දුවෙන් සය සාමාජික ක්‍රිකට් තරග වල සහභාගි වූ කුලේ එම වර්ගයේ තරග වලට විශේෂඥයෙකු විය. සැහැල්ලු පන්දු තරග වලට සහභාගි වීමට ඒ කාලයේ ලංකාව වටේම වාගේ ඔහු ගමන් කොට තිබේ.
පළමුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කැඳවීම් ලද කුලේ ඉන්පසු ජාතික කණ්ඩායමට එක්වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. එක් උදෑසනක ලංකාදීප ක්‍රීඩා පිටුවේ දම්පැහැති පසුබිමක කුලසේකර ජාතික කණ්ඩායමට කැදවයි යනුවෙන් ප්‍රවෘතියක් දුටු සිරා කොලුවාගේ චිත්ත සන්තානයම ප්‍රීතියෙන් පිනා ගියේ අවංක මිත්‍රත්වය වෙනුවෙනි. පාසල් සමයේදී මිතුරෙකු අරභයා අප නිතර නිතර තෙපලූ වදන් යථාර්තයක් වීම කෙතරම් ප්‍රීතියක්ද ?
කුලේ තම මංගල එක්දින ජාත්‍යන්තර තරගය ලෙස එංගලන්තයට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගනයේදී තරග වදින විට සිරා කොලුවා සිටියේ ඉගෙනීමට සමගාමීව පුංචි රැකියාවක නිරත වෙමිනි. රූපවාහිනියක් ළගපාත නොවූයෙන් තරගය සජීවීව නරඹන්නට හැකියාවක් ලැබුනේ නැති වුවත් ගුවන් විදුලි විස්තර ප්‍රචාරය සමග මම ඒකාත්මිකව සිටියෙමි. ඔව් මේ දැන් නුවන් කුලසේකර තම ප්‍රථම එක්දින කඩුල්ල දවාගන්නවා යනුවෙන් ගුවන් විදුලි විස්තර විචාරකයා මොර දෙන විට, මමද සිතින් නුවන් කුලසේකර වී ඒ සතුට වින්දෙමි. එදා කුලේ සමග එකම තරගයකදී දිනූෂ ප්‍රනාන්දු ද එක්දින වරම් හිමිකරගත්තත් ඔහුට කුලේට මෙන් දීර්ඝ කාලයක් කණ්ඩායමේ රැඳෙන්නට වරම් ලැබුනේ නැත
උඹ දන්නවද මචං...මම නුගේගොඩ ක්ලබ් එකට සෙල්ලං කරපු කාලෙ අවුරුදු එක හමාරක් විතර කලේ වතුර ඇදපු එක, ඒ කාලෙ එක මැච් එකක් වත් නෑ හැමදාම බංකුවෙ...අපේ කණ්ඩායමේ හොඳම බෝලර් ආබාධයකට ලක් වෙලා හිටිය දවසක තමයි නුගේගොඩ කණ්ඩායම වෙනුවෙන් මම මුලින්ම පන්දු යැව්වෙ. ඔය ආසන්න කාලෙක නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ ගාලු ක්‍රීඩා සමාජය අතර වයස 23 න් පහළ තරගයක් විදියට පවත්වපු තරගයකදි මම ගත්ත හැට්රික් එකක් දැකපු ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩා කරපු හිරාන් ගුණසේකර මාව ඒ කාලෙ ගාලු ක්‍රීඩා සමාජයෙ පුහුණුකරු විදියට කටයුතු කරපු අනූෂ සමරනායක මහතාට හඳුන්වා දුන්නා. නුගේගොඩ කණ්ඩායමෙන් පස්සෙ මම ගාලු ක්‍රීඩා සමාජයට එකතු උනා. ඒ කාලෙ ගාලු කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කලේ දිල්හාර ලොකුහෙට්ටි. ගාලු කණ්ඩායමට එකතු උන කාලෙ තමයි මාලිංගව මුලින්ම හමු උනේ.
චම්පක රාමනායක සර් ඒ වෙද්දි ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු. අනුෂ සමරනායක මහතා තමයි NCC එකේ නෙට් බෝලර් කෙනෙක් විදියට මාව අරගෙන ගිහින් චම්පක රාමනායක සර්ට මාව පෙන්නුවෙ. එදා නෙට් එකේදි මම බෝල දාන විදිය බලලා ඊට පස්සෙ මේ දෙන්නම පුහුණුකරුවො විදියට මගේ පිටිපස්සෙන් ඉදන් විශාල සහයෝගයක් දුන්නා. මම ජාතික කණ්ඩායමට මේ තරම් ඉක්මනට එන්න ඒ දෙන්නා අති විශාල දායකත්වයක් දුන්නා.
කුලේගේ ඉවසීම එබඳුය. සමවයසේ අනිත් උන් උසස් අධ්‍යාපනය හෝ රැකියාවක නිරත වන විට තමන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වාසයෙන් ක්‍රීඩා කරන්නට තරගයක් හෝ නොමැතිව සෙසු ක්‍රීඩකයන්ට සත්කාර කරමින් බංකුවක් මතට වී තරග නරඹන්නෙකුව සිටි කුලේගේ අධිෂ්ඨානශීලී බව නිසැකවම විශාල එකකි.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර දැන් ජනප්‍රිය තරුවකි. සිරා කොලුවා ජාත්‍යන්තර ක්‍රිකට් තරග වල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ක්‍රීඩා පිටිවලදී දායක වූ සමයේද කුලේ නොයෙක් වර ක්‍රීඩා පිටිය තුලදී හමු වූවේය. ඒ සෑම විටෙකම ඔහු අතීත මිත්‍රයා පමණක්ම වූවේය. රූපවාහිනී කැමරාව ඉදිරියේ ඔබ දුටු නිරහංකාර ක්‍රීඩකයා කැමරාවෙන් ඔබ්බෙහි වූ සාමාන්‍ය ජීවිතයේදී එවැනිම කෙනෙකු මිස ධනයෙන් බලයෙන් උඩගු වූයේ නැත. බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් පසුකාලීනව ලබන ජනප්‍රියත්වය හරහා ධනවත් පවුලක යුවතියක සිය බිරිඳ ලෙස සරණ පාවා ගත්තද, එදා නුගේගොඩ ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් වලට යන එන අතර තුර දුම්රියේදී හදුනාගත් යුවතියක හා පෙමින් බැදුන කුලේ අවසානයේ ඇය සිය පතිනිය කරගත්තේය.
පාසල් සමයේදී කුලේ සමග එතරම් මිත්‍රත්වයක් නොතිබූ සිරා කොලුවාගේ මිත්තරයෙකුට තම විවාහ මංගල්ලය පිණිස කුලේ වෙතද ආරාධනා කරනු රිසි වූවේය. ඒ වකවානුව වන විට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඉහළම තලයක වැජබෙමින් උන් හෙතෙම සහ මගුල් ගෙදර යා කරන පුරුක වන්නට මා හට සිදු වූවේය.
දිනක් දුරබණුවෙන් මම ඔහු ඇමතුවෙමි......
මචං මම ඩ්‍රයිව් කරන ගමන්...පොඩ්ඩක් හිටහං අයින් කරලා නවත්තනකං..(පසුව කථා කරන්න යැයි කීවේ නැත)
ඉතිං කියපං මොනවද විස්තර
අහවලාගෙ මගුල උඹට කියන්න ඕනෙලු...කොහොමද ඉන්විටේෂන් එක දෙන්නෙ..
ඉන්විටේෂන් ඕනෙ නෑ බං..මට දිනේ විතරක් කියහං..මම එන්නං...හැබැයි මැච් එකක් නැත්තං...
ඉන්විටේෂන් එක මගෙ ලග තියෙන්නෙ දැන්...ඒක දෙන්න පුලුවන් විදියක් කියහං..
උඹ වැඩ කරන පෑලියගොඩ තැනට අරන් වරෙන්...මම එතනට ඇවිත් ගන්නං...
එක් සැදෑවක එවකට මා සේවය කරමින් සිටි පෑලියගොඩ පිහිටි දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් වෙත කුලේ පැමිණියේ රබර් සෙරෙප්පු දෙකක් පැලද ඉතාම සැහැල්ලුවෙනි. ආයතනයේ සේවය කල කොලු කුරුට්ටන් සියලුම දෙනා කුලේ වෙත හදුන්වා දුන්නේ ඉතාම කැමැත්තෙනි. හෙතෙම ඒ අය දැක්වූ ප්රතිචාරයන් මැදිහත් සිතින් දරාගෙන ඔවුන් සමග ඉතාම කුලුපගව කථා බහ කළේය.
අයියා ටීවි එකේ පේන තරම් කලු නෑනෙ...වත්තල කක්කුට්ටා එසේ කියන විට කුලේගේ ප්‍රතිචාරය වූයේ හැමදාම දකින අහිංසක සිනහවම වූවේය.
ආරාධනා පත්‍රය රැගෙන ගොස් සති දෙකකට පමණ පසු මගුල් රාත්‍රිය උදා වූවේය. රාත්‍රී 10 කණිසම පසුවී ඇතත් තවමත් කුලයා නැත. දුරකථනයට පිළිතුරු දෙන්නේද නැත, පොල්ලක්වත් තිබ්බද, මම දන්නා කුලේ එසේ නොවනා නිසා තවත් මොහොතක් බැලුවෙමි. එසැනින් ඔහුගේ රථය ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලු වූවේය.
මේ මගුලේ අදුරු මුල්ලක බියර් වීදුරුවක් සමග මිතුරන් සියලු දෙනා එකදු පහදු වී සිටිනා කලෙක අවට මේස වල සිටි කිසිවෙකු කුලේ හඳුනාගත්තේ නැත. එහෙත් අප සිටි මේසය කරා පැමිණි විවාහක යුවලට පසුපසින් වීඩියෝ පිණිස එල්ල වූ අධි සැර ආලෝක ධාරාව නිසාම අවට පරිසරයට කුලේ නිරාවරණය වූවේය. ඒ සැනින් ක්‍රීඩා ලෝලීන් එක දෙන්නා බැගින් එහි පැමිණ ඔහු සමග ඡායාරූප ගැනීමත් කථා බහත් ඇරඹුනේය. ඒ ඒ ඇත්තන් සිටි ස්ථාන කරා ගොස් සුහද කථා බහේ නිරත වී නැවත අප කරා එන විට තවත් හෝරාවක් පමණ ගෙවී තිබුනේය. ඇතැම් කොලුවෙකු සිය පෙම්වතියට දුරකථන ඇමතුමක් ගෙන දුරබණුව කුලේ වෙත දික් කලේ අයියෙ මේ මගේ ගෑණු ළමයා ඔයා එක්ක කථා කරන්න ආසයි යනුවෙන් පවසමිනි.
මේ සියලු ප්‍රතිචාර නිරහංකාරව දරාගත් කුලේ සැබැවින්ම මා හට පුදුමයක් වූවේය..
මම උඹ ඉන්න තැන හිටියා නම් ඔය තරම් නිරහංකාර වෙන එකක් නෑ කුලේ...මම එදා ඔහුගේ මුහුණටම කීවෙමි. සැබැවින්ම නුවන් කුලසේකර යනු නිරහංකාරකමේ ප්රතිමූර්තියකි..
කුලේ තම හැකියාවෙන් ඉහළම තලයේ සිටි කාලයේ ප්‍රකට කල දක්ෂතා යළි යළිත් ඔබට කියන්නට අවශ්‍ය නැත. පන්දුව දෙපසටම දෝලනය කරන්නට ඔහුට තිබුන හැකියාවත්, නිසි ඉලක්කට නිතරම පන්දු යැවීමත් පන්දුව පරණ වූ පසු ඔහු එල්ලකරන මරණීය යෝකර් පන්දුවත්, කල්යල් බලා එල්ල කරන වේගය අඩාල කල පන්දුවත් ඔහුගේ වත්කම් අතර වූවේය.
හරියට තැනට ස්ලෝ බෝලයක් දාන්න අවුරුදු දෙකක්වත් ප්‍රැක්ටිස් කරන්න ඕනෙ මචං...කුලේ දිනක් එසේ කීවා මතකය. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු එම තත්වයට පැමිණීමට මොන තරම් මහන්සි විය යුතුද යන්න ඔබට අවබෝධ විය යුතුය.
මචං...උඹේ ක්‍රිකට් ජීවිතයෙදි හම්බඋනු පන්දුයවන්න අමාරුම පිතිකරුවා කවුද...සිරා කොලුවා දිනක් එවැනි ගැටලුවක් කුලේ වෙත යොමු කලේය.
එක්කෙනෙක් කියලා නෑ. දෙතුන් දෙනෙක් ඉන්නවා. විරේන්ද්‍ර ෂෙවාග්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ක්‍රිස් ගේල් ඒ අතරින් ප්‍රධානයි. බෝලෙ එක දශමයක් එහා මෙහා උනා නම් මේ අයගෙන් සැරටම පාර වදිනවා කුලේගේ පිළිතුරු එවැනිය. කුලේ මා සමග කියා ඇති ආකාරයට විදේශ කණ්ඩායම් වලින් ඔහුගේ ඉතාම සමීපතම මිතුරන් වූයේ ඉන්දියානු කණ්ඩායමේ සුරේෂ් රයිනා සහ සහීර් ඛාන් දෙපලයි.
ජාතික කණ්ඩායමට එකතු වූ පසු තමාගේ ගමනට අඩිතාලම දැමූ පාසල අමතක නොකල කුලේ, අප පාසලේ දියුණුව පිණිස නිතරම කටයුතු කලේය. පාසලේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නොයෙක් වර මුදලින් මෙන්ම ක්‍රිකට් උපාංග ප්රදානයෙන්ද ඔහු දායක වී තිබේ. ආරාධනා ඇතත් නැතත් වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උලෙල නැරඹීමට ඒ කාලයේ ඔහු පැමිණියේ විශේෂයෙන්ම පැරණි මිතුරන් මුණගැසෙන්නට ඇති කැමැත්ත නිසාවෙන්මය. සැබැවින්ම ඔහු අපේ පාසලේ ගෞරවය දෙගුණ තෙගුණ කල සුජාත ආදි ශිෂ්‍යයෙක්ම වූවේය.
2014 පන්දුවාර 20 ලෝක කුසලානය ලංකාවට දිනා දීමට විශාල මෙහෙවරක් කල කුලේ වෙත අප පාසලෙන් උපහාර පුදනු ලැබූ අවස්ථාව. කුලේගේ දකුණු පසින් සිටින්නේ ඔහුගේ පාසල් පුහුණුකරු කණිෂ්ක අමරසිංහයි.
පාසලේ සහෝදර ක්‍රීඩකයන් සමග සුහද ක්‍රිකට් තරග පැවැත්වුන බොහෝ විටක කුලේ එම වටපිටාවේ සුලභ දසුනක් වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන්නට පෙර සැහැල්ලු පන්දු ක්‍රීඩා කල පිත්ත තවමත් සුරැකිව එවැනි තරග වලට රැගෙන ඒමෙන්ම කුලේ යනු කුමන පුද්ගලයෙකුදැයි ඔබට වැටහෙනු ඇත. එවැනි තරගවලදී පුහුණුවීම් අතරතුර කීප වතාවක් කුලේගේ පන්දුවලට මා මුහුණදී ඇති අතර ඔහුගේ පන්දු පිතිකරු අපේක්ෂා කරනවාට වඩා වේගවත් බවට අත්දැකීම් ලැබුවෙමි. එවැනි තරග කීපයකදී කුලේ සමග එකම කණ්ඩායමක ක්‍රීඩා කිරීමට ලැබීමද මා ලද මහත් භාග්‍යයක් බැව් කිව යුතුමය.
පාසල් මිතුරෙකු සමාජ සත්කාරයක් කරනා සෑම විටෙකම නිහඩව ඒ සඳහා සිය මූල්‍ය දායකත්වය දැක්වූ කුලේ අප විසින් සංවිධානය කල අරුණළු වැඩසටහනත් සමග දිඹුලාගල ගිය ගමන සිරාගේ කාමරයට යන එන ඇතමෙකුට තවමත් මතකයේ තිබෙනවා වන්නට පුලුවන.
දිඹුලාගලදී දරුවන්ගේ දුක දැක සංවේදී වූ කුලේ
දිඹුලාගල දරුවන් සමග කුලේ සහ සචිත්ර සේනානායක ක්‍රිකට් ක්‍රීඩා කල අයුරු
ක්‍රීඩකයෙකු ලෙස අප රටටත්, ලංකා ක්‍රිකට් කණ්ඩායමටත් අමිල මෙහෙයක් කල නුවන් කුලසේකර 2017 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගවැදීමෙන් අනතුරුව නැවත ජාත්‍යන්තර පිටියේ දක්නට ලැබුනේ නැත. ඒ වන විට ඔහුගේ එක්දින කඩුලු මල්ල සටහන් වූයේ තරග 184 කදී කඩුලු 199 ක් ලෙසිනි. කුලේ පුද්ගලිකව කඩුලු 200 ක් ලබාගන්නට සිටියේ ඉතාම ආශාවෙනි. ඒ බැව් ඔහුගේ කථාබහෙන් අපට වැටහී තිබුනි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කුලේගේ හැකියාවන් පහත පරිදිය.
එහෙත් විවිධ න්‍යාය පත්රවලට අනුව ක්‍රීඩකයන් තෝරන, ඇතැම් ක්‍රීඩකයන්ට වැඩි වරප්‍රසාද ලැබෙන, දක්ෂයින් හිටිගමන් නොපෙනී යන රටක, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ස්ථානයේ සිටි එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නාගේ වටිනාකමක් ක්‍රිකට් පරිපාලකයන්ට නොදැනී ගියේය. තේරීම් කමිටුවේ සභාපතිවරයා කුලසේකර යනු කවරෙක්දැයි මාධ්‍යයෙන් විමසන තරමට බුද්ධියෙන් හීන වී සිටියේය. එය සැබැවින්ම කණගාටුවට කරුණකි.
දේශීය ක්‍රීඩකයන් අතරින් කුලේගේ හොඳම මිතුරා වූයේ ලසිත් මාලිංගයි. ලසිත් මාලිංග සමගම එකම තරගයකින් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට කුලේ අප සමග කියා සිටියේ මාස කීපයකට පෙර සිටයි.
ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ ඉස්සර දවසක ලස්සන මතකයක්
බුදු දහම නැමති සනාතන දහමට අනුව ඇතිවීම නැතිවීම, හමුවීම වෙන්වීම ලෝක ස්වභාවයයි. ඒ දහමට අනුව යමින් අපේ කුලයාද පෙරේදා දිනයේ (2019 අගෝස්තු 24) සිය වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයට සමු දුන්නේය. හෙතෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කදිම මිතුරෙකි, උතුම් ගතිගුණ ඇති මිනිසෙකි. මෑත කාලීන ඉතිහාසයේ ලංකාවෙන් බිහිවූ ඉතාම නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයාද ඔහුම වගට සාක්ෂි සපයන ක්‍රීඩා ලෝලීන් දහස් ගණනකි.
කුලේ නිසාම රූපවාහිනියෙක් ක්‍රිකට් තරග නැරඹු කාලය දැන් ඉතිං අහවරය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල නැවතත් අංක 92 නැමති ජර්සි අංකය දකින්නට නැත. ඔහු ක්‍රීඩාකල කාලය ඉතිහාසය විසින් විසිතුරු සිත්තමක් කොට ඇත. සංගක්කාර දුවද්දී දැවී යාමෙන් බේරා ගැනීම, ඔස්ට්‍රේලියාවේදී කඩුලු 5ක් දවා ගැනීම, 20 යි 20 ලෝක කුසලානය දිනා ගැනීමට ඔහු දැක්වූ දායකත්වය, එංගලන්තයේදී චමින්ද වාස් සමග සම්පූර්ණ දිනයක් පිතිකරණයේ යෙදෙමින්, අර්ධ ශතකයක් රැස් කරමින් පරාජයෙන් ලංකා පිල ගලවා ගැනීම, බ්‍රෙට් ලී ඇතුලු කැංගරු දේශයේ පන්දු යවන්නන්ට පහර පිට පහර දෙමින් ඔහු රැස් කල ලකුණු 73. සහීඩ් අෆ්රීඩි නිදැල්ලේ හැරි පන්දුව කඩුල්ල වෙත දෝලනය වීම, අසාර් අලී ලකුණු 97ක් ලබා සිටියදී කඩුල්ලේ වැදුන පන්දුවට විකට් කූරක් කැඩී යාම ආදී ඔහු විසින් නොයෙක් වර ප්‍රකට කල දක්ෂතා, හෙට දවසේත් ඔහුට හිතැති සිත් වලින් මැකී නොයනු ඇත.
ගරා වැටෙමින් පවතින රටක, ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට එදිනෙදා ගැටලු අමතක කර සිතට සතුට ගෙන ආ ක්‍රිකට් ක්‍රීඩාවේ බලකනු එකිනෙක ගැලවෙමින් යන වටපිටාවක සිම්බාබ්වේ මෙන්ම ලංකාවද ටෙස්ට් තත්වයෙන් ඉවත් කලා යැයි හෙට දවසේ අසන්නට ලැබුනොත් එය පුදුමයට කාරණයක් නොවනු ඇත.
සිස්ටම් එකක් නැති රටක, ක්‍රිකට් ක්‍රීඩාව පමණක් සිස්ටම් ගත වනු ඇතැයි සිතීමම මොන තරම් විහිලුවක්ද ?
කුලේ උඹට සුභ ගමන්....හෙට දවසේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස දෙවැනි ගමන අරඹමු...පණ අඳින ලංකාවේ ක්‍රිකට් ඔසවා තබමු.
මම කාමරේ අරින සිරා කොලුවා.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com39tag:blogger.com,1999:blog-579265960012007263.post-48022372606959018272019-03-31T23:30:00.000+05:302019-04-01T06:06:46.719+05:30සුදු මල්ලී සමග මාවරැල්ලේ ගියෙමි
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නම් ඉසව්ව පිළිබඳ කාමරයට යන එන බොහෝ දනා දැන සිටියත් මාවරැල්ල පිළිබඳ අසා ඇත්තෝ අඩු බව මම දනිමි. මාවරැල්ල මෙතෙක් කල් කරළියට නොපැමිණ ඇති වටපිටාවක එය පුදුමයට කාරණයක් නොවන්නේය. සිරා කොලුවාද මාවරැල්ල පිළිබඳ අසා තවමත් වැඩි කාලයක් ගත වී නොමැත. මාවරැල්ලද මාවනැල්ල මෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුලම පිහිටා තිබේ.
සිරාගේ අතීත පුස්තකාල කථාවක කලබල යන නමින් සටහන් වූ, මාගේ අතීත පාසල් මිත්‍රයා හෙවත් වර්තමාන යුධ හමුදා වෛද්‍ය මිත්‍රයා, සිරා කොලුවා ඇතුලු මිත්‍ර සම්පත්තිය අරුණළු යන නමින් ආර්ථිකමය වශයෙන් අඩපණව තිබෙනා දුර ඈත පාසල් අරභයා සිදු කරන්නා වූ සමාජ සත්කාරයන් කෙරෙහි ආරම්භයේ සිටම උදව් උපකාර කල කෙනෙකි. හෙතෙම ඇතැම් විටෙක අදහස් දෙයි. ඇතැම් විටෙක වෛද්‍යවරයෙකු ලෙස තම සේවය ලබා දෙයි. ඒ නිසාම අරුණළු සෙවන යට ඔහු අතිශයින් වැදගත් චරිතයකි.
ගිය වසරේ දවසක හෙතෙම මවෙත සැලකලේ තම අනාගත භාර්යාව ලෙස තෝරාපත්කරගෙන ඇති යුවතිය ඉංග්‍රීසි ගුරුවරියක බවත්, ඇය සේවය කරන ගම්බද පාසලේ බොහෝ අඩුපාඩු ඇති බවත්, මීළග අරුණළු වැඩසටහනෙන් හැකි නම් මෙම පාසල වෙත යම් සහයෝගයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව කරුණු සොයා බලා අප සියල්ලෝම මාවරැල්ල කණිෂ්ඨ විද්‍යාලයේදී අරුණළු සමාජ සත්කාරයක් පැවැත්වීමට තීරණය කලේ එහි අධ්‍යාපනය ලබන්නේ ආර්ථිකමය වශයෙන් බැටකන අහිංසක දෙමාපියන්ගේ දූ දරුවන් බැවිනි. කාලයක් වැසී ගිය පාසලක්ව තිබූ මෙය 2014 වසරේදී නැවත ජීවය ලබා පවත්වාගෙන යාමද අප සැම පැසසිය යුතු කාරණයක් නිසාම ඒ ගමන් මගට අපේ දායකත්වය ලබාදීම වඩා වැදගත් වනු ඇතැයි යන්න අපගේ පොදු හැගීම වූවේය.
මෙම විද්‍යාලයේ 1 සිට 5 වසර දක්වා අධ්‍යාපනය ලබන දරු පිරිස ගණනින් 30 කට මඳක් වැඩි වූයෙන් ඔවුනට උපකාර කරන්නට මෙවර අපට විශාල මුදලක් අවැසි වූයේ නැත. ඒ නිසාම මිතුරන් කීප දෙනෙකුට පමණක් මෙවර සත්කාරය පිණිස දායක දායක වන ලෙස අපි ආරාධනා කළෙමු.
අරුණළු සමාජ සත්කාරයන් සමග නිබඳව කටයුතු කරන මෙල්බර්න් නුවර මධුසංඛ පියුමි යුවල, සිරා කොලුවා සමග අතීතයේ දවසක බෑන්ඩ් කෙරුවාවේ යෙදුන සිංගප්පූරුවේ ජනක අබේරත්න , සිරා කොලුවාගේ පන්ති සගයන් වන සිංගප්පූරුවේ චාමර, කොරියාවේ මධුරංග, සිරාගේ කාමරය හරහා සිරා කොලුවාගේ අතිජාතයෙකු වූ කැලිෆෝනියාවේ සමීර මෙවර වැඩසටහනේ වැඩිබරක් කරට ගත්තේ දේශීයව ඊට දායක වූ ව්‍යාපාරිකයන් දෙපළක් වන ජයන්ත අයියා සහ දසනායක අයියාට අමතරවය. සිරා කොලුවාගේ අතිජාතයෙකු වන උදිත කොලුවා මෙවර පැමිණියේ සිය බිරිඳ ශ්යාමාද කැටුවය. මේ ඇගේ මෙන්ම සිරා කොලුවාගේ බිරිඳගේද පළවෙනි අරුණළු සහභාගිත්වයයි.
කලබල පෙම්වතිය අපට පාසලට අවැසි දෑ මොනවාද යන්න විදුහල්පතිනිය සමග සාකච්ඡා කර වරින් වර පැවසුවාය.
ඇත්තටම අයියෙ අපේ පාසලට ගුරු පුටු තියෙන්නෙ තුනයි. පිටස්තර කෙනෙක් විදුහල්පති තුමිය මුණගැහෙන්න ආවම පන්තිකාමරයකින් පුටුවක් ගෙනිහින් තියන්න ඕනෙ. ඒ වගේම පාසලට ශබ්ද විකාශන උපකරණයක් නෑ. මේ පුංචි දරුවන්ට අපිට පුලුවන් විදියට අනිත් පාසල් වල දරුවො ලබන අත්දැකීම් ලබාදෙන්න අපි මහන්සි වෙනවා. මම මේ ඉස්කෝලෙට ආවට පස්සෙ අපි ගිය අවුරුද්දෙ ඉදන් ඉංග්‍රීසි දිනයක් පටන් ගත්තා. එදාට අපේ දරුවො ඉංග්‍රීසියෙන් විවිධ වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඉස්කෝලෙ දෙමාපියො වගේම අපිත් හතර අතේ ඇවිදලා තමයි ශබ්ද විකාශන පද්ධතියක් හොයාගෙන එන්නෙ. මේ දරුවො මයික් එකකින් කථා කරලම නෑ. ඒ නිසා ඒ අත්දැකීම දෙන්න අපිට ලොකු උවමනාවක් තිබුනා. ලබන අවුරුද්දෙ වැඩසටහන වෙද්දි පාසලට වරින් වර පරිත්‍යාගයන් කරපු කීප දෙනෙක් එක්ක කථා කරලා පාසලේම තියාගන්න පුලුවන් ශබ්ද විකාශන උපකරණයක් අරන් දෙන්නං කියලා විදුහල්පතිතුමිය මට පොරොන්දු උනා.
කලබල පෙම්වතිය දොඩමළුයි. ඇය මේ හෙළිකරන්නේ අපේ රටේ බොහෝ ග්‍රාමීය පාසල් වල පවතින අඩුපාඩු පිළිබඳ යථාර්තවාදී මුහුණුවරයි.
ගිය අවුරුද්දෙ ඉංග්‍රීසි දිනය දවසෙ මම ඉංග්‍රීසි ටීටර්ට පොරොන්දු උනා තමයි. ඒත් මට තවම ඒ පොරොන්දුව ඉටු කරගන්න ලැබුනෙ නෑ. පාසලේ ඉන්න දරුවො ගාන කීයද කියලා අහලා, ඉන්නෙ තිහකට ටිකක් වැඩියෙන් කිව්වම හැමදෙනාම කිව්වෙ මේ පොඩි පිරිසකට මොන ස්පීකර්ද මොන මයික්ද කියලා...ඒත් ඒ අයට තේරුම් ගන්න බෑ මයික් එකකින් සභාවක භය නැතුව කථා කරන්න පුලුවන් දරුවෙක් අපිට හදාගන්නයි මේ සම්පත් ඉල්ලන්නෙ කියලා...සිරා කොලුවා සමග විදුහල්පතිනිය අරුණළු වැඩසටහන සැලසුම් කරමින් කථා කරපු දවසක එහෙම කිව්වා. මේ සියලුම ගුරුදෙමාපියන් තමන්ගෙ දරුවො වගේම මේ අහිංසක දුවාදරුවන් ඇති දැඩි කරන්න නුවණින් පෝෂණය කරන්න දරනා මහන්සිය අපගේ සිත් ගත්තා. අපි කොහොම හරි මේ වැඩේ කරමු. මිත්‍රයන් පිළිබඳ විශ්වාසයෙන් මම මගේ සහතිකය ලබා දුන්නා.
මහත්තුරු අපෙන් මොනවද ඕනෙ කියලා ඇහුවාම අපිට තියෙන අඩුපාඩු සියල්ලම කියන්න හිතෙන්නෙ නෑ. අපි දන්නවා හැමදෙනාම බොහොම අමාරුවෙන් තමයි මේවා අපට ලබාදෙන්නෙ කියලා. මමත්, අපේ ගුරු මණ්ඩලයත් හැකි හැම වෙලාවෙම මුදලින් අපේ දරුවන්ට උදව් කරලා තියෙනවා. අපිට ඉන්න දරුවො ප්‍රමාණය සීමිත නිසා ගොඩාක් දෙනා උදව් කරන්න පෙළඹෙන්නෙ නෑ.
මේ දරුවන්ගෙ දෙමාපියන් අති මහත් බහුතරය උගත් අය නෙමෙයි. රබර් කිරි කැපීම, එහෙමත් නැත්තං කුලී වැඩක් කරලා තමයි ඒ ඇත්තො මේ දරුවො පෝෂණය කරන්නෙ. විශේෂයෙන්ම පිරිමි පාර්ශවය දැඩි ලෙස බීමට ඇබ්බැහිවෙලා තියෙන නිසාම මේ පවුල් වල ආර්ථික ගැටලු බොහොමයි. විදුහල්පතිනිය පාසල වගේම පාසල අවට සමාජය ගැනත් නිර්ලෝභීව අපව දැනුවත් කලා.
මිත්‍ර සම්පත්තියේ පිහිටෙන් නවීනතම ශබ්ද විකාශන උපකරණයක් වගේම එෆ් එම් මයික්‍රෆෝන දෙකක්, ප්‍රින්ටරයක්, ගුරු පුටු තුනක්, පුස්තකාලය සඳහා කියවීම් පොත්, හැම දරුවෙකුටම අලුත්ම පාසල් බෑගයක් සමග බෑගය පිරෙන්න පොත්, පෑන්, පැන්සල්, මකන කෑලි, පැන්සල් කටර්, වැනි දේවල් වගේම ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙන ගන්න අයට ශිෂ්‍යත්ව වැඩපොත් ආදිය ලබාදෙන්නත්, ඔවුන් ඊලග වසරෙ මේ පුංචි පාසලේ අධ්‍යාපනය හමාර කරලා වෙනත් පාසලක 6 වසරට ඇතුලත් විය යුතු නිසා අලුත් සපත්තු ගන්න වවුචර්, ආදියට අමතරව දරුවන්ට දෙමාපියන්ට ගම්වාසීන්ට හැමෝටම සහභාගි වීමට හැකි නොමිලේ බෙහෙත් සමග වෛද්‍ය සායනයක් පවත්වන්නටත් අපට ලැබුන අරමුදල් ප්‍රමාණවත් උනා. අප එහි යන්නට පෙර දවසෙ මගේ පන්ති සගයෙක් වන බේකරියෙ සාගර පොඩි උන්ගෙ පොඩි බඩගින්න පුරවන්න බනිස් පෙට්ටියක් දෙන්න පොරොන්දු උනා. බනිස් කාලා බොන්න මයිලෝ අරගෙන දුන්නෙ නිරෝන් අයියා.
මට එදාට රාජකාරි බොහොමයි...උඹලා එක්ක එන්න විදියක් නෑ. අනේ ඒ පොඩි උන්ට බනිස් කාලා බොන්න මගෙ ගානෙ මයිලෝ අරගෙන දෙන්නං...උඹලා ඒවා බෙදලා උන් ඒවා බිව්ව විදිය බලලා මටත් සතුටු වෙන්න පින්තූරයක් දෙකක් පෙන්නහං...ඒ හොදටම ඇති මල්ලි....නිරෝන් අයියා එහෙම කිව්වා.
අරුණළු වැඩ වලට කවදත් හොඳම තත්වයේ ලස්සන ලස්සන බෑග් මහලා, ඒවා සකසන්න ගිය මුදල පමණක් අයකරගෙන අපට ලබා දෙන්නෙ බෙන්තොට ඉන්න හර්ෂණී අක්කා. ඔයාලා කරන වැඩේ මම ඉතාමත්ම ඉහළින් අගය කරනවා මල්ලි...ඒවා තමයි අපි මේ සමාජයට කරන්න ඕනෙ යුතුකම්...මමත් පාරෙ ඉරිච්ච බෑග් එකක් එල්ලගෙන යන දරුවෙක් දැක්කොත් කථා කරලා නොමිලේම බෑග් දෙනවා. ඒක මට ලොකු සතුටක්...අලුත් බෑග් එකක් ලැබුනම ඒ පොඩි හිත්වලට ගොඩාක් සතුටුයි කියලා මම දන්නවා...ඒ නිසා මම ගිය අවුරුද්දෙ ඔයාලගෙන් ඉල්ලුවා වගේ මේ අවුරුද්දෙත් ඉල්ලන්නෙ මම හදපු බෑග් එල්ලගෙන සතුටෙන් ඉන්න පොඩි උන් දකින්න පින්තූරයක් දෙකක් මට එවන්න කියලා විතරයි.
වෙළඳපලේ අභ්‍යාස පොත් වල මිළ සෑහෙන්න ඉහළ ගිහින්, හොඳම තත්වයක් එක්ක, සාධාරණ මිළකුත් තිබ්බෙ රත්න පොත් වල විතරයි. ඒ ඇත්තන්ට දුරබණුවෙන් අපේ අරමුණ ගැන කිව්වම ඉතාම අඩුමුදලක් අයකරගෙන අපට උවමනා පොත් සියල්ලම ගෙදරටම ගෙනල්ලා දෙන්නත් රත්න පොත් බලධාරින් කටයුතු කලා.
අපේ සමාජය මොන තරම් දූෂණය වෙලා කිව්වත්, මිනිස් කම වෙනුවට නොමිනිස් කම හිස ඔසවලා තියෙනවා කිව්වත් ඒ ජරාජීරණය වෙච්ච සමාජය අස්සෙත් සුවඳ මල් තවමත් පිපෙන බවට මේවා තමයි සාක්ෂි.
වටින් ගොඩින් ටිකෙන් ටික අවශ්‍ය දේවල් අපේ නිවසෙ පැත්තක ගොඩගැහෙනවා. දන්න හඳුනන අපගේ හිතවතුන් තමන්ගෙ සේවා ස්ථානයටත් මේ පණිවිඩේ අරගෙන ගිහින්, ඒ අයගෙ මිතුරන්වත් මේ වැඩසටහනට දායක කරගෙන. නිවෙස් ඇතුලෙ තැන් තැන් වල තනිවෙලා හිටිය, තමන්ගෙ දරුවන් ඉස්සර දවසක කියවලා පැත්තකින් තියලා තියෙන කථා පොත් එක දෙක ඒ මනුස්සකමේ සුවඳ එක්ක ගුලිවෙලා දවසින් දවස සිරා කොලුවගෙ නිවස බලා ආවා. සිරා කොලුවගෙ හාමිනේ ඒ දේවල් ක්‍රමානුකූලව තැන්පත් කලා.
කීපදෙනෙකුට කිව්වත් ගුරුපුටු හොයාගන්න අපිට තවම බැරි උනා නේද ? සිරා හාමිනේ දවසක් සිරා කොලුවට යෝජනා කලේ මොරටුවට ගිහින් අපිම හොයාබලමු කියලා. එයින් පස්සෙ උදාවුන සතිඅන්තයක අපි දෙන්නා මොරටුවට ගියා. කඩයක් කඩයක් ගානෙ ඇවිදලා බැලුවත් අපට උවමනා මාදිලියෙ පුටු තිබුනෙ නෑ. ඒත් අතුරු මාර්ගයක කොනක තිබුන පුංචි කඩයක ගුරු පුටු කීපයක් අපි දෙන්නගෙ ආගමනය බලාපොරොත්තුවෙන් ඉදලා...
මගේ බිරින්දෑත් ගුරුවරියක් නිසා..ගුරුපුටුවෙ සුවපහසුව සහ අවශ්‍යතාව ගැන ඇයට තියෙන අවබෝධය සමග එතැන තිබුන මාදිලී කීපයක් අතරින් එකක් තෝරාගත්තා. ඒ මාදිලියෙන් පුටු තුනක ඇණවුමට මුදල් ගෙවලා ආයෙම නිවසට ආවට පස්සෙ මොරටුවේ ඉඳලා ගුරුපුටු ගම්පහට ප්‍රවාහනය කරලා දෙන්න මාර්ග සංවර්ධන අධිකාරියෙ අසංක කැමති උනා.
මහත්තුරුන්ට පුලුවන් නම් මේ දරුවන්ගෙ තාත්තලට බීමේ ආදීනව ගැන දේශනයක් කරන්න. ඒ අය රබර් වතු වලදි බොහෝ වෙලාවට සර්ප දෂ්ඨන වලට ලක්වෙන නිසා අහුවෙන සර්පය මරලා දානවා. පුලුවන් නම් ඒ ගැනත් යමක් කරන්න. විදුහල්පතිතුමියගෙන් ලැබුන ඒ ඇරයුමත් පිලිගත්තට පස්සෙ මම කල්පනා කලේ එකම එක කෙනෙක් ගැන විතරයි...ඒ තමයි සුදු මල්ලි හෙවත් ජනක රණසිංහ. මගේම පාසලේ වැඩිහිටි සහෝදරයෙක්, නිහතමානී මිනිහෙක් ඒ වගේම තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙක්.
සුදු මල්ලි ඉතාම ලෙංගතුව අපගේ ආරාධනය පිළිගත්තා වගේම, එදින වැඩසටහනට අදාළ ඉදිරිපත්කිරීම් සිදු කිරීමට අවශ්‍ය කරන තොරතුරු සකසාගෙන එන්නටත් භාරගත්තා.
අමුතුවෙන් පිංකම් ඕනෙ නෑ මල්ලි...මේවා තමයි පිංකම්....මමත් රට වටේ යන මිනිහා නිසා ඉගෙනගන්න සම්පත් නැති උනත් ඉගෙනගන්න තියෙන ආශාව නිසාම දුක්විඳගෙන හරි ඉගෙනගන්න දරුවො ඕනෙ තරම් දකිනවා. ඒ අය ගැන ඇත්තටම දුකයි....ඒත් අපිට පුලුවන් දේ අපි කරමු.
මේ පුංචි හිත්වලට සතුට දෙන්න, ඒ අයගෙ අධ්‍යාපනයට ධෛර්යය දෙන්න, පුංචි තෑගි ලස්සනට ඔතාගෙන අපි ඒ අය බලන්න යන්න පිටත් උනේ අරුමැක්කෙමයි. ගමනට සහභාගි වන පිරිස කල්වේලා ඇතුවම පැමිණ තිබුන නිසා ප්‍රමාදයක් නෑ. ගම්පහ අස්ගිරියෙන් සුදු මල්ලි, පල්ලියපාරෙන් ගීතා ටීචර්, විජය පාරෙ සාගර බේකරියෙන් බනිස් පෙට්ටිය වගේම ඉහළගමින් කලබල වෛද්‍යතුමා සමග අරුණළු වෛද්‍ය සායන වලට උවමනා බෙහෙත් සැපයීම හැමදාමත් සිදුකරන මාතරයත් රථයට නැගුනට පස්සෙ නඩේ සම්පූර්ණයි.
මගේ වර්තමාන සේවා ස්ථානයේ සේවකයන් ප්‍රවාහනයේ නියුතුව තිබෙන පිටස්තර බස් රථයක හිමිකරු ඉතාම අඩුමුදලකට මේ රථය රියදුරු සමග ලබාදුන්නෙ...මේ වගේ වැඩ වලට අපිත් පුලුවන් විදියට උදව් කරන්න ඕනෙ කියන හැගීමෙන්. අපේ ගමන යන්නට නියමිතව ඇත්තේ ඉතාම කටුක මාර්ගයක, වල ගොඩැලි, වගේම පාර දෙපැත්තෙ කලුගල්කුළු තිබෙන මාර්ගයක වුවත් තමන් සතු නවතම සුඛෝපභෝගී බස් රථයක් ඔහු අපට ලබාදුන්නේ ඒ පිළිබඳ කිසිම තැකීමක් නැතුව.
නගර මැදින් ගිය රථය, ගමට සේන්දු උනා, රබර් වතු පහුකරමින්, ගමේ සුළඟ විඳිමින් ඉදිරියටම ඇඳිලා මහා මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරෙන තැන විශාල පල්ලමක්...එතැනින් රථය ඉදිරියට ගියේ බොහොම අමාරුවෙන්, දැන් දැන් බස් රථයේ ප්‍රමාණයටම මාර්ගයේ පලල පුංචි වෙලා...මේ ඉස්කෝලෙට මීට කලින් ගිහින් තියෙන්නෙ එකම එක බස් එකයිලු...ඒකත් තනි දොරේ බස් කොටයක්...ඉස්සර දවසක කලබල පෙම්වතිය සිරා කොලුවට කියපු හැටි මතක් උනා.
බස් රථය දැන් යන්නෙ අවධානම් සහගත ගමනක්...ඇතැම් වංගුවක තියෙන කොන්ක්‍රීට් ලෑල්ලෙන් එළියට පිටුපස එක රෝදයක් පනිනවා...මේ මොන අවධානම තිබුනත් මේ ගමන යන්නම ඕනෙ කියන හැගීම රියදුරු තැනට තිබුන නිසාම ඔහු අප සියල්ලන් එහි ගෙනගියේ තමන්ගෙ රියදුරු හැකියාවන් මොනවට ප්‍රදර්ශනය කරමින්. සැබැවින්ම එය එතරම් අපහසු ගමනක්.
ඉතිහාසයේ මාවරැල්ල වහකුල කණිෂ්ඨ විද්‍යාලයට සේන්දු වූ දෙවැනි බස් රථය දුටුවනම එහි රැස්ව සිටි ගම්වාසීන්, සිසුදරුවන්, දෙමාපියන් ඇතුලු සියල්ලෝම ඉතාම ප්රබෝධයට පත් වුනා. අපේ ආගමනය දැනගත්ත දවසෙ ඉඳන් මේ පුංචි හිත් නොඉවසිල්ලෙන් අප එන පෙරමග බලාසිටි බව අපට කිව්වෙ කලබල පෙම්වතී. අයියලා ඇත්තටම එනවා නේද ? පවු අනේ මේ ළමයි...මට ලෝභ හිතෙනවා ඒ අය ඒ තරම් ආශාවෙන් මග බලා ඉන්නෙ...
අරුණළු අමුත්තන් හැමෝම තමන්ගෙ පාසලේ තූර්යවාදන කණ්ඩායමේ දායකත්වයෙන් පිළිඅරගෙන ඒ අයට තියෙන එකම ශාලාවට රැගෙන යන්න පිටත් උනා. මේ පුංචි දරුවන්ට වාදන භාණ්ඩ කිසිවක් නෑ. ආදේශන භාණ්ඩ වලින් තමයි සියලුම දෑ නිමවා තිබුනෙ. පුංචි බූලියක් බේස් ඩ්‍රම් එකක් විදියට වර්ණ ගන්වලා, එය වාදනය කරනවා දැක්කම බෑන්ඩ් කෙරුවාවේ නිරත උන එකෙක් විදියට මට දැනුනෙ පුදුමාකාර දුකක්. මගේ දෙඇස් ඒ වෙලාවෙ කදුලෙන් බොඳ උනා...ඒක අතිශෝක්තියක් නොවෙයි. ඒ හැගීමම සුදු මල්ලි අයියගෙ මුහුණෙත් තැවරිලා, ඒ දෙඇස් අගත් කඳුලක් මෝදු වෙලා තිබුන බව මම හොඳින් දැක්කා.
ජාතිය ධජය ඔසවලා, ජාතික ගීය ගායනා කරලා, අහවර උනාට පස්සෙ පුංචි අතකින් අපට ලැබුන බුලත් හුරුල්ලක් අතට අරගෙන උත්සවය පැවැත්වෙන ශාලාවට ඇතුලුවෙන්න අපිට හැකි උනා. ආගමික වතාවත් වලින් පස්සෙ උත්සවයෙ වැඩකටයුතු ආරම්භ උනේ අප විසින් එහි රැගෙන ගිය ශබ්ද විකාශන උපකරණ භාවිතයෙන්මයි.
බීමේ ආදීනව ගැන අහන්න තාත්තලා හිටියෙ දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් පමණයි...අනිත් සියල්ලෝම මව්වරුන්...පුංචි අය ඉතාම ප්‍රබෝධයෙන් සතියක දෙකක් ඉඳන් එයාලා පුරුදු පුහුණු උන නැටුම් අංග, සින්දු, නාට්‍ය හැමදේම ඩෙස්ක් යොදාගෙන නිර්මාණය කරපු පුංචිම පුංචි වේදිකාවක ඉදිරිපත්වෙනවා.
ඒ අතරතුර විවිධ දෑ අරගෙන එන්න වරින් වර බස් රථය වෙත යන්න අප කාට කාටත් සිදු උනා. තමන්ගෙ ගමට මීට කලින් බස් එකක් එනවා දැකලා නැති නිසාදෝ පාසල් යන වයසෙ පොඩි උන් රොත්තක් බස් එක ඇතුලෙ ආසන වල මගීන් වගේ ඉඳගෙන ඉන්න අමුතුම දර්ශනයක් අපේ සිත් ඔකඳ කලා...
ඉඳගෙන ඉන්නද ඇහුවා....මම හා කිව්වා...රියදුරු තෙමේ මන්දස්මිතියක් නැගුවා.
දිවා විවේකයට කලියෙන් සාගරගෙ බනිස් පෙට්ටිය, මයිලෝ සමග බෙදාදුන්නත් දරුවන් බොහොමයක් මයිලෝ පානය කරනවා දකින්න ලැබුනෙ නෑ. බනිස් ගෙඩිය අනුභව කර මයිලෝ ඇසුරුම තුරුලුකරගෙන ඉන්නා දරුවන් ඉතාම සුලභ උනා. අප සිතුවේ ගෙදර ගොස් පානය කරන්නට ඔවුන් මේවා තබාගෙන සිටිනවා කියා වුවත් අප පසුව දැනගත් පරිදි මයිලෝ පැකට්ටුවට අමුනා ඇති පුංචි ස්ට්‍රෝව ආධාරයෙන් මේවා පානය කරන ආකාරය ඔවුන් දැන සිටියේ නැත.
පාසලේ දෙමාපියන්ගේ අනුග්‍රහයෙන් අපට ලැබුනේ ගම්මානය අවටින් සොයාගත හැකි දෑ උපයෝගී කරගනිමින් සකසන ලද කඳිම දිවා අහාරයක්. බත් වලට අමතරව කටට සැර කොච්චි එක්ක මයියොක්කා කෑල්ලක් දෙකක් ආමාශගත කරන්නත් අපි අමතක කලේ නෑ. අපි නොදන්න ලයිව් ආයෙ ටීවී එකේ යන්නෙ නැද්ද ? දත් හැලුන ආච්චිලා දෙන්නෙක් සුදු මල්ලි අයියාගෙන් ඇහුවාම සුදු මල්ලි අයියා ඇහුවෙ ඔයාලා මාව අඳුනගත්තද කියලයි.
දිවා භෝජන සංග්‍රහයෙන් පස්සෙ සුදු මල්ලි අයියා සර්පයො ගැන සභාව දැනුවත් කරන්න පටන් ගත්තා. පුංචි හිත් වලට දැනෙන විදියට ඉතාම නිර්මාණාත්මකව ඒ ඒ සර්පයාගේ පින්තූරයකුත් සමගම. ඒ පුංචි හිත් ඉතාම සතුටට පත් උනා. සභාව එකම රස ගුලාවක් උනා. ඒ පුංචි හිනාවට ඒ අයගෙ දෙමාපියන් වගේම ගුරුවරුනුත් එකතු උනාට පස්සෙ එතැන කඳිම මිහිරියාවක් මැවුනා.
සර්පයො ගැන කතාවෙන් පස්සෙ බොහොම සංවේදී කථාබහකට සුදුමල්ලි අයියා එළැඹුනා. අපි දන්න විකට නලුවා අතුරුදන් වෙලා, දුක දැනෙන සංවේදී මනුස්සයෙක් එහි ඉතිරිවෙලා හිටියා. තමන්ට මොන තරම් ආර්ථික ගැටලු තිබුනත් මේ පුංචි දරුවන්ට හැකි උපරිම ලෙස උගන්වන ලෙස ඔහු දෙමාපියන්ගෙන් අයැද සිටියා.
මේ කථා බහ අතරේ ඔහු තූර්ය වාදන කණ්ඩායම ගැන වචනයක් කියන්නත් අමතක කලේ නෑ. ඒත් ඒ මතකය ඔහු වඩාත් සංවේදී කල නිසාම සභාව මධ්‍යයේ කථා කරගන්නට වචන ගොණු කරනු නොහැකිව විනාඩි කීපයක් ගත කලේ දෙඇස් තෙත් කරන කදුලු වැල් දෙනෙතට සමු දී තමකොපුල් තල සිපගන්නා අන්දම ලොවින් සගවන්නට කිසිදු නිරර්ථක උත්සාහයක නොයෙදෙමිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙතෙම අව්‍යාජ මිනිසෙකි.
සෑහෙන කාලයක සිට දන්නේ වුවද සුදු මල්ලි අයියා මෙතරම් සංවේදී මිනිසෙක් යැයි මම පළමු වරට ශපථ කරගත්තෙමි. අනුන්ගේ දරුවෙකු වෙනුවෙන් හලන්නට කඳුලක් ඉපදුන ඔහු කෙතරම් ශ්රේෂ්ඨයෙකුදැයි මට මේ අකුරු අමුණන මේ මොහොතේද සිතෙයි.
විදුහල්පතිතුමිය වෙත පරිත්‍යාගයන් ලබාදෙමින්
අවසානයේ ඔව්හු යුවතපතීන් වූහ
පාසලට ලබාදීමට රැගෙන ආ දෑ බෙදාදීලා අවසන් උනාට පස්සෙ පුංචි දරුවන්ට ත්‍යාග බෙදාදීම ආරම්භ උනා. සතියක දෙකක ඉඳන් කුතුහලයෙන් ඉන්න මේ පුංචි හිත් දැන් දැන් නොඉවසිලිමත් බව අපි දන්නවා.
ත්‍යාග ප්රදානෝත්සවය අවසානයේ පුරුදු විදියට අරුණළු වෛද්‍ය සායනය ආරම්භ උනා. පුංචි දරුවන්ට අමතරව ගමේ වෙසෙන වැඩිහිටියොත් පේලි සැදී එහි ප්රතිලාභ භුක්ති වින්දා. ගල්කඩවලදි වගේම මාවරැල්ලෙදිත් වෛද්‍යතුමා නියම කරන බෙහෙත් පෙති, ඖෂධවේදී මාතරගේ අධීක්ෂණය යටතේ පුංචි පුංචි පැකට් වලට ඇසුරුම් කරලා දුන්නෙ මගේ පාසල් මිත්‍රයා උදිත.
ඔයින් මෙයින් මේ සියලුම කටයුතු අවසන් වෙලා අපි ආපහු ගම්බිම් බලා පිටත් උනේ ඒ ඇත්තන්ගෙන් ලැබුණ බෙලිමල්කෝප්පයක් බීලා හකුරු කෑල්ලක් හපන ගමන්. වෙහෙසකර වුවත් අද දවස ගැන හැම දෙනාම සතුටෙන්.
අප අපට හැකි දේ හැකි ප්‍රමාණයෙන් කරන්නට උත්සුක වන්නේ නම් අප සමාජය මෙයට වඩා යහපත් එකක් වනු ඇත. අඳුරටම ශාප නොකොට එක් පහනක් හෝ දැල්වීමට ඔබත් අධිටන් කරනු මැනවි.
අප විසින් ලබා දුන් පුංචි තිළිණය සමග සුදු මල්ලි අයියා
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
ගිය වසරේ සැප්තැම්බර් මස පැවැත්වුන සත්කාරයකි. අකුරු කරන්නට ඉසිඹුවක් ලැබූයේ අදයි.
මේ පුංචි තූර්යවාදන කණ්ඩායමට සැබෑ තූර්යවාදන උපකරණ ලබාදෙන්නට ඔබට හැකි නම් ඒවා ආදරයෙන් බාර ගන්නට ඒ පුංචි හිත් කැමතිය. සිරා කොලුවා විසින් එවැනි උත්සාහයන් සම්බන්ධීකරණය කරනු ඇත.
මයික් එකෙන් කථා කරන්න තියෙන ආසාවට උදේ රැස්වීමේ කථා කරන්න දැන් ළමයි පොරකනවා. මීට කලින් අපි ළමයෙක් ඉස්සරහට යවාගත්තෙත් හරිම අමාරුවෙන්. හැමෝම කථා කරන්න පොරකන නිසාම අපි දැන් සතියකට උදෑසන රැස්වීම් දෙකක් තියනවා...පස්සෙ දවසක විදුහල්පතිතුමිය එහෙම කිව්වා.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com28tag:blogger.com,1999:blog-579265960012007263.post-33322835466483131762019-01-31T23:30:00.000+05:302019-02-01T10:14:09.953+05:30හිරමනේ සහ ලොකු සාදු
2018 වසර සිරාගේ කාමරයට උදා වූ අසික්කිතම වසර විය යුතුය. ගත වූ මාස 12 තුල සිරා කොලුවා ලියා ඇත්තේ යන්තම් ලිපි 3 කි. අතීතයේ දී බොලා වෙනුවෙන් ලියූ ලිපි ප්‍රමාණය සමග සංසන්ධනය කොට බලන විට එය සැබැවින්ම ලැජ්ජා හිතෙන අගයකි. මේ ලැජ්ජාව නිසාවෙන් සසල වූ මාගේ භෞමික අඛණ්ඩතාවය නිසාම උදා වූ නව වසරේ හැකි තරමක් ලිපි ලියන්නේ යැයි මම අධිෂ්ඨාන කොලෙමි. ඒ නිසාම ගත වූ වසරට වඩා යමක් ඔබට මේ වසරේ සිරාගෙ කාමරයෙන් කියවන්නට හැකි වනු ඇත. අඩුම තරමේ මාසයකට එකක් හෝ ලියන්නට සිතමි.
සිරා කොලුවා නිවසේ සිටින්නේ නම් මෑණියන් ආහාර පිසින විට ඇගේ සහයෝගය පිණිස පොල් ගෑම නොවරදවා කරන්නේය. එය විටෙක මාගේ විනෝදාංශයක් වැනිය. අපේ හාමිනේ කැන්දාගෙන ආවා කියා මාගේ විනෝදාංශ බොහොමයක් වෙනස් වූයේ නැත. මම ඇගේ ආරාධනාවකින් තොරව බොහෝ විට පොල් ගෑවෙමි. මෑතක සිට හිරමන තලයේ මුවහත බොහෝ සේ අඩපණව තිබූ නිසා ගෙදර බුදුන් අම්මා කිව්වේ මේ තලය මුවහත් කල යුතු බවකි.
පාර අයිනෙ සුකුරුත්තං බඩු විකුණන වෙළෙන්දෙක් හිටියොත් පීරක් අරගෙන ඇවිත් මේ හිරමනේ මුව තියන්න.
ඇගේ ඉල්ලීම එලෙසින් ඉටු නොවී ගත වූ මාස කීපයකි. මේ මොට්ට හිරමනේ පොල් ගාලා මගෙ අතත් රිදෙනවා මෑණියන් දෑ මැසිවිලි නැගුවාය. දිනෙන් දින අඩපණව පොල් ගෑම බොහෝ අපහසු කාරියක් වී තිබෙන වකවානුවක එක් ඉරිදා දිනයක උදෑසන,
කතුරු මුවාත්, පිහිය මුවාත්
යන හඬ මගේ කන් බෙරය කම්පොනය කර අක්මාවට කිඳා බැස්සේය. මට වහ වහා හිරමනය මතක් වූවේය. යතුරු පැදියක නැගුන තරමක් මහත නමුත් එතරම් උස නැති පුද්ගලයෙකුගේ රූප කායක් මගේ යුග දෙනෙතට සම්මුඛ වූයේ සිරා කොලුවා හඬ ආ දෙසට ඇවිද ගිය නිසාවෙනි.
ඔයා හිරමනත් මුව තියනවද ?
මගේ පැණයට අහිංසක සිනහවක් සමගින් පිළිතුරු දුන් හෙතෙම ඔව් මහත්තයා යනුවෙන් තෙපළේය.
මුහුණ පුරා වැවුන රැවුලකින් යුතු, කොටු සරමක් කොටට හැඳ සිටි ඔහු මුස්ලිම් ජාතිකයෙකු බැව් මම ඉක්මනින් හඳුනා ගත්තෙමි.
හෙතෙම සිටියේ CT 100 වර්ගයේ බයිසිමොටෝවකට තම පශ්චාත් කලාපයේ බර මෙන්ම ජීවන බරද එක සේ මුදාහරිමිනි. බයිසිමොටෝවේ පිටුපස ලෑලි වලින් සැකසූ පෙට්ටියකි. එහි ඉහළින් ග්‍රයින්ඩරයක හැඩ තල පෙනෙයි. පැත්තකින් තණකොළ කපන මැෂිමකි. තණකොළ කපන මැෂින් දණ්ඩේ ඔහුගේ සේවාවන් සහ ඔහුව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය සහිත දැන්වීමකි. පිහිය, කතුරු මුවහත් කිරීම සහ තණකොළ කපනු ලැබේ යනුවෙන් එහි සඳහන් වී තිබේ. බයිසිමොටෝවේ පදාසයක් ඉරී ගිය ආසනයෙන් ඔහුගේ ජීවන තත්වය පිළිබඳ සියුම් තතු අවට සමාජයට සන්නිවේදනය වෙයි.
අපේ හිරමනයක් මුව තියාගන්න තියෙනවා. කොහොමද ගාස්තුව ?
හිරමනේ බලන්නෙ නැතුව කියන්න බෑ මහත්තයා.
හෙතෙම බුලත් කහටින් දුර්වර්ණ වූ දත් පෙළ පෙන්වා දසන් දක්වා සිනාසෙයි. අහිංසක කමේ ප්‍රතිමූර්තියක් බදු මේ මිනිසා කෙටි කලෙකින්ම මා සිත දිනා අහවරය.
මුළුතැන් ගෙයට දිව ගිය මා හිරමනය රැගෙන නැවත ඔහුට සම්මුඛ වූයෙමි.
මේකට රුපියල් 220 ක් දෙන්න මහත්තයා..ග්‍රයින්ඩරෙන් අල්ලලා, පීරි ගාලා හොදට මුව තියලා දෙන්නං.
හරි. වැඩේ කරමු එහෙනම්..මම තීන්දුව දුන්නෙමි.
ඒ අවසරයෙන් මුවාත් කරු තම අඩුවැඩිය තිබූ ලෑලි පෙට්ටියෙන් ග්‍රයින්ඩරය හා තවත් උපාංග කීපයක් අප නිවසට සමීප කරවා කොටු වැටුන සරම සකසාගෙන බිම ඉඳගත්තේ ග්‍රයින්ඩරය විදුලියට සම්බන්ධ කරන ලෙස සිරා කොලුවාගෙන් ඉල්ලා සිටිමිනි.
යටි හනුව සහ උඩු හනුව අතර එහා මෙහා යමින් තැලී පොඩිවෙන බුලත් විටක් අතරේ අපේ කථානායකයා සීරුවට මාරුවට හිරමනය මුව තියනා අරුමය මම බලා සිටියෙමි. ඔහු සැබැවින්ම ඒ කාරියට හපනෙකි. දැති නොමැතිව ලතැ වුන හිරමන තලයට නොබෝ වේලාවකින්ම යෝධ බල සහ විරිය ඔහු නිසා ලැබුනි. ග්‍රයින්ඩරයෙන් සුමට කොට පීරි තලයක් මගින් දැති අතර ගැඹුර සකස් කොට මේ කාරිය මනාලෙස ඉටු කිරීමට ඔහුට විනාඩි 15 ක පමණ කාලයක් යන්නට ඇත.
වතුර වීදුරුවක් දෙන්න පුලුවන්ද ? ඔහුගේ සිනහව සැබැවින්ම අව්‍යාජ එකක් විය යුතුය.
එතෙක් වේලා මුඛය තුල ඒ මේ අතට දෝලනය වූ බුලත් හපය අප මිදුලේ කොණකට වන්නට මුදා හැරි ඔහු ඉතාම අහිංසක ලෙස නැවත නැවතත් සිනාසෙයි.
වැඩේ ඔන්න හොඳටම කලා. දැන් හොඳට පොල් ගෑවෙයි. අහළ පහළ තව වැඩ තියෙනවද දන්නෙ නෑ නේද මහත්තයො...
කොහෙ ඉඳන්ද ඔයා එන්නෙ..මම විමසුවෙමි.
සීදුවෙ ඉදන්...
සීදූවේ සිට අව් කාෂ්ඨකයේ පිච්චෙමින් මුව තියන්නට සොයමින් පැමිණි ඔහුගේ අද දිනයේ පළමු ගණුදෙනුව මෙය බැව් මම ඔහුගේ අංග චලනයන් ඔස්සේ හඳුනාගතිමි. ඒ නිසාම අප අවට හිතවතුන්ගේ මුවතියන්නට ඇත්තේ මොනවාදැයි දුරබණුව ඔස්සේ විමසා බැලුවෙමි.
මාමා ගිය සතියෙ මුව තිබ්බනෙ...
ඒ පිහිය අයින් කලා අපි අලුත් පිහියක් ගෙනාවා..
නෑ නෑ මුව තියන්න මොකුත් නෑ..
විවිධ අය විවිධ දෑ කියූහ. දුරබණුව අතට ගෙන ඔහුට තවත් රාජකාරියක් සොයාදෙන්නට මම පටන් ගන්නා විට විකසිතව තිබූ ඔහුගේ මුව කමල, මුව තියන්නට කාටවත් මොකුත් නෑලු...යනුවෙන් පවසනාවත් සමග අඳුරු වන අන්දම මම පැහැදිලිව දුටුවෙමි.
මහත්තයා ලග පරණ ෂර්ට් එහෙම නැද්ද...වැඩකට යද්දි අදින්න හරිහාමන් ඇඳුමක් නෑ.
හිරමනය මුව තැබීමේ ගාස්තුව ගෙවා දැමීමටත් පෙර ඔහු තවත් ඉල්ලීමක් කරයි. එතෙක් වෙලා ඔහුගේ කමිසයේ අත් යටට වන්නට සැගව තිබූ විශාල පැලැස්තරයක් මම දුටුවෙමි.
එයට පෙර මාසයක විදේශගත ඥාතියෙකුගෙන් මා හට ලැබුන මගේ ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාල අලුත්ම ෂර්ට් දෙකක් මා සතුව තිබුනි. මම කිසිම පැකිලීමකින් තොරව ඒවා ඔහුට දුන්නේ සතුටිනි.
ඒවායේ ඇසුරුමේ වූ රට සුවඳ ගැඹුරු හුස්මකින් විඳගත් මේ අමුත්තා, බොහොම ස්තූතියි යැයි මිමිනුවේය.
ඔහුගේ ගාස්තුව සුරතේ තැබූ කල මුදල් නෝට්ටු දෑතින්ම අල්ලාගෙන මා දෙස ස්තූතිපූර්වකව බලා සිටි ඔහුගේ දෑසේ සතුටක සේයා මම දුටුවෙමි. ඉන් අනතුරුව තවත් වැඩ දෙක තුනක් සොයාගත හැකි අසළ ගම්මානයක තතු පවසා මම ඔහු පිටත් කර හැරියේ තෘප්තිමත් සිතිනි.
දැන් මේ කථාවට සම්බන්ධ නැති තවත් අතුරු කථාවෙකි.
අප කුඩා කල සිට අප පන්සලේ සහ එහි පැවැත්වෙන පිරිවෙන් පාසලේ නායක හිමිපාණන් ලෙස වැඩසිටි සිවුරු කරු තම බිරිඳ සමග නිවසක සිටියදී දායකයන් පිරිසකට කොටු වූයේ දැන් මාස හතරකට පමණ කලියෙනි.
මේ පැවිදි පුද්ගලයාගේ චර්යාවන් කෙරෙහි කළකිරුණ ඇතැම් දායකයෙක් කාලයක සිට පන්සල වර්ජනය කරමින් ඔහුගේ වරදක් අතට හසු කරගන්නට මාන බලමින් සිටිනා විටෙක තවත් දායක ඇත්තෙක් නායක හිමිට ඉහළම පුද සත්කාර පවත්වමින්, ඔහුගේ අඩුපාඩු සැළ කරනා අයට බනිමින්, පන්සලේ අඩුපාඩු සකසාලමින් දෙලොව යහපත සලසා ගනිමින් සිටියෝය.
සිරා කොලුවාගේ ඇති හැකි ඥාතීන් ඇතමෙක් මුළුතැන්ගෙයි උපකරණ, ශබ්ද විකාශන උපකරණ මෙන්ම පන්සලට අවැසි යැයි ඒ අයට දන්වා තිබූ විවිධ වර්ගයේ විදුලි උපාංග නායක හිමිපානෝ වෙත පූජාකලේ බැති සිතිනි. මේ කිසිවෙකුත් සිරා කොලුවා අහිංසක පාසල් දරුවන් අරභයා කරනා කිසිදු වැඩ කටයුත්තකට ශත පහකින් හෝ තම දායකත්වය දුන්නේද නැත.
දුස්සීල සිවුරු කරුට හදිසියේ වූ අභාග්‍යය හෙවත් එතෙක් කල් හොරෙන් පවුල් කෑ බිරිඳගේ නිවසේ සැගව සිටියදී මාට්ටු වීමෙන් පසු මේ කාගෙ කාගෙත් ඇස් ඇරුනු අතර ඔවුන් ඒ වන තෙක් පන්සලට පූජා කල බොහෝ දෑ පන්සලේ නොමැති බැව් වැටහෙන විට අස්පයා ඉස්තාලයෙන් පැනගොස් හමාරය. ඒ බොහෝ දෑ ඔහුගේ පුද්ගලික ප්‍රයෝජනය පිණිස නිවස වෙත රැගෙන ගොස් තිබිණි.
අප ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් දිනක් ඔහු රැකියාව කරනා රෝහලේ ගැබිණි මව්වරුන් සිටිනා වාට්ටුවේ රාජකාරිය කරනා කලෙක ගිහි ඇඳුමින් සැරසුනු නායක හිමි හමු වී ඇත්තේ බොහෝ කාලයකට පෙරදීය. ඒ අවස්ථාවේ සිට සිවුරු කරු දායක දැලට හසුවන තුරා මේ හමුවීම පිළිබඳ රහස ගැන කිසිවක් කිසිවෙකුට නොකී මේ වෛද්‍යවරයා පන්සල සමග එතෙක් පැවති සම්බන්ධය විසන්ධි කලේ ඉහත හමුවීම සිදු වූ දවසේම යැයි තම හිතවතුන්ට කියා තිබුනි.
නව දෙමහල් නිවසක, අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලබනා දරුවෙකු සහ බිරිඳ සමග තම ජීවිකාව ගෙන යන්නට මේ දුස්සීල සිවුරුකරු තම චීවරයේ ආනුභාවය යොදාගෙන තිබුනි. අවට සමාජයට ඇය සැල කර තිබුනේ තම සැමියා විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු බවයි. ඔහුගේ සන්සුන් බසට රැවටුන දායක කාරකාදීන් සිව්පසයෙන් උපස්ථානයට අමතරව මුදලින් සහ තවත් බොහෝ දෑ වලින් ඔහුගේ හිත එතෙක් කල් පිනවා තිබුනේය. ඇතැම් උපාසිකාවන් එයට වඩා දෑද හොර රහසේ තැන් තැන් වල දන් දී ඇති බැව් දැන් ප්‍රසිද්ධ රහසකි.
දැන් අප මේ සිදුවීම් දෙකම එක සිදුවීමකට ගලපා ගමු.
මිනිසුන් ලෙස මේ සමාජය තුල කුටුම්භ පෝෂණය පිණිස අප සිදු කරනා විවිධ ආර්ථික ක්‍රියාකාරකම් හෙවත් රැකියාවන්හි උස් පහත් භේදයක් අප සමාජය තුල දකින්නට ඇත්තේ බොහෝ කාලයක සිට බැව් රහසක් නොවේ. සනීපාරක්ෂක කම්කරුවා මෙන්ම වෛද්‍යවරයාද අප සමාජයට සිදුකරන්නේ වටිනා සේවයකි.
එහෙත් මේ දෙදනා අතරින් වෛද්‍යවරයා ඉහළ අත්තක තැබීමටත්, කම්කරුවා පහළම අඩියක රඳවා පාගා දමන්නටත් ආකල්පමය අතින් අපේ සමාජය ඉතාමත් දුර්වල තැනක තිබේ. ඔහුද මනුෂ්‍යයෙකු බවත්, ඔහුගේ අවශ්‍යතාවයන්ද අනෙක් මිනිසුන්ගේම වැනි යැයි බොහෝ විට බොහෝ අය සිතන්නේ නැත. මෙවැනි පුද්ගලයෙකුගේ සේවය ලබාගෙන ඔවුන් වෙත ස්තූතිවන්ත වූ බොහෝ විට ඔවුන් සංවේදී වූ අවස්ථා සිරා කොලුවාගේ ජීවිතය තුල ආගන්තුක නැත.
සිය පවුල නඩත්තුව පිණිස හිරමන මුවාත් කරමින්, අනුන්ගේ තණකොළ කපමින්, සමාජයට හිතකර සේවාවක, නිරතවන ඒ සහෝදරයා කෙරෙහි පිළිගැනීමක් අප සමාජයේ නැත. බැලූ බැල්මට හෙතෙම පොෂ් නැත. විශාල මිළ ගනන් වල යාන වාහන නැත. ඒ නිසාම සමාජ පිළිගැනීමක්ද නැත.
එහෙත් සමාජයට හොඳ මුහුණ පෙන්වමින්, විනය විරෝධීව මෙන්ම වංචාසහගතව ජීවත් වන, සමාජයට යහපත වෙනුවට අයහපත දායාද කරන දුස්ශීල සිවුරු කරු වැනි චරිත උදෙසා පුද දෙන්නට ඕනෑ තරම් ගෞරවය මේ ගිලන් වූ සමාජයට තිබේ. අවසානයේ මේ චරිත දෙකම අඩු වැඩි වශයෙන් තම තමන්ගේ කුටුම්භ ජීවත් කරවන්නට වෙහෙස වූවෝ බැව් පෙනෙනු ඇත.
නව වසරේ හෝ ආකල්පමය වෙනසක් අරඹමු. එසේ නොමැතිව ජරා ජීරණව පණ අඳිනා ශ්‍රී ලාංකික ජන සමාජයට අලුත් හුස්මක් ගන්නට ක්‍රමයක් නොමැතිව ප්රත්යක්ෂ වෙමින් පවතී. ධනයට බලයට ලොල්ව ගෞරවය සහ පිළිගැනීම පුදනා මේ මජර ක්‍රමය වෙනස් කරමු.
2019 නව වසරේ සිරාගේ කාමරයට පැමිණෙන ඔබේ අවධානය පිණිසයි..
මම කාමරේ අරින සිරා කොලුවා.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com38tag:blogger.com,1999:blog-579265960012007263.post-7103081754357165822018-07-31T22:31:00.000+05:302018-08-01T22:36:47.814+05:30බිරිඳ මගේ ඔබ...
සිරා කොලුවා දැන් ප්‍රිය සැමියෙකු වගත්, නුවර මැණිකේ මුලිච්චි වීමෙන් පසු ඇති වූ තත්වයත් මෙයට පෙර ලිපියේදී බොලාට කීවෙමි. තනිකඩ කොලුවෙකුට ගැලපෙන කෙලියක් යෝජනාවකින් සොයායාම සැබැවින්ම අගක් මුලක් නැති නූල් බෝලයක් දිග හරින්නට තැත් කරනවාක් වැනි යැයි නිවී සැනසිල්ලේ හිතන විටෙක මට සිතෙයි. කාලය, ධනය, ශ්‍රමය ආදී සියල්ලම සම සමව වියදම් කල යුතු, ස්ථිරව ප්‍රතිඵලයක් ලැබෙන්නේ කවදාදැයි කිව නොහැකි අපූරු ගමනක් වේ නම් ඒ යෝජනාවකින් යුවතියක් බලන්නට යන ගමනයි.
ඇතැම් කෙලියක් පොදුවේ පුරුෂ පරාණ කිසිවකට කැමති නැත, එය පුරුෂ ෆෝබියාව යනුවෙන් නම් තැබිය හැකිය. ඇතැම් විටෙක කෙලී කැමතිය...එහෙත් වැඩිහිටියන් අකමැතිය...ඒ දෑවැද්දේ බර පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි විටෙකය...නැති නම් කුල මල භේද පිළිබඳ ගැටලුවකි. මේ සියල්ලම ගැලපුන තැනක කේන්දරයේ කොටුවක මාරක පිහිටීමකි. කසාද බැන්දොත් දෙදෙනාගෙන් කෙනෙකු නොඑන ගමන් යන දවස වැඩි ඈතක නොවේය. එසේත් නැති නම් අධි කාම යෝගයකි. බඩු ෂුවර් නෑ පුතේ...එවන් විටෙක කේන්දර කරුවා කසාද බඳින්නට තැත් කරන අහිංසකයාගේ හිස අතගා ආදරයෙන් පවසා හිත සනසයි.
නුවර මැණිකේ බැහැදැකීමෙන් පසු ගත වූ කාල සීමාව තුලදී මේ මගුල කෙරෙන්නේ නැති වග සහසුද්දයෙන් දැන ගත් ගෙදර බුදුන් අම්මා, සිරා කොලුවා කෙසේ හෝ අමාරුවේ දමන්නේයැයි දැඩි අධිෂ්ඨානයකින් සිටි හෙයින්දෝ එයින් පසු එළැඹුන සති අන්තයක ජාතික පුවත් පතක, මංගල තීරුවේ සිරා කොලුවාගේ ගුණ උච්ච ස්වරයෙන් වයා දැන්වීමක් පළ කලාය. ඒ ගුණ දැකීමෙන් අමන්දානන්දයට පත් ජනී ජනයා..තම තමන්ගේ දූ වරුන්ගේ රූ සොභා අඩු වැඩි වශයෙන් විස්තර කරමින් පත්තර කන්තෝරුවට එවූ ලිපි සතියකට දෙකකට වරක් අප සොයා පැමිණියෝය.
නවීන පන්නයේ මෝටර් රථයක් දායාද වශයෙන්, අලුතින් ඉඳිකල නිවසක් හිමි දියණිය, රජයේ රැකියාවැති දියණිය, සුදු පැහැපත් රූමත් දියණිය ආදී වශයෙන් දියණියන්ගේ ගති සොභා සමග මාපියන් හිත සතුටින් දෙන්නට කැමති දෑද ඒ ලිපි වල අඩංගු වූහ. එහෙත් සෑම ලිපියකම අවසන කේන්දර සටහන මෙන්ම කේන්දර ගැලපීම අනිවාර්යය බැව් ද සඳහන් කර තිබූ නිසාවෙන් තෝරාගන්නා සෑම යෝජනාවක්ම කේන්දර මාමාට යොමු කොට ගැලපීම සොයාගත යුතුව තිබේ. මා පියාණන් ලිපි එවූ සෑම කෙනෙකුටම දුරබණුවෙන් අමතා ස්තූති කොට, කේන්දර ආදිය ගලපාගෙන යථා කාලයේ තථා අයුරින් කථා කරන බැව් පවසා දුරබණුව පසෙකින් තැබුවේය.
සිරා කොලුවාගේ අසරණ පසුම්බියේ අසරණ මුදල් කේන්දර මාමා සොයා යන විට මාමා පැවසුවේ සියලුම යෝජනා අතරින් තරමක් හෝ ගැලපෙන්නේ දෙකක් බවකි. ඒ යෝජනා ද්විත්වයට සිරා කොලුවාගේ අකමැත්තත් එක් වූ විට මංගල කිංකිණි හඬන්නේ නැතිවම නිහඬ වූවේය. යෝජනාවකින් දැරිවියක් සෙවීම කාලය, ධනය මෙන්ම කසාද බඳින්නට හදිස්සි උන් හට මානසික අවපීඩනයද ඇති කරන භයානක තත්වයකි.
පත්තරේ දැන්වීමෙන් පලක් නැති තැන කෙලියක් නැතිව ලතැවුන මගේ මිතුරෙකුට අති සුන්දර ලලනාවක් සොයා දුන් කපු සීයා කෙනෙකුගේ සරණ යන්නට සිරා කොලුවා වන මම ඉටා ගතිමි. දුරබණුවෙන් ඇමතූ දිනෙක, ඔයාගෙම ගෙයක් තියෙනවද , වාහන මොනවද තියෙන්නෙ, කොහෙද වැඩ කරන්නෙ, පඩිය කීයද, මොනවා කරන කෙල්ලෙක්ටද කැමති, ආදී වශයෙන් ප්ර්රශ්න පත්තරයකට පිළිතුරු දුන් පසු අප නිවසට පැමිණ කරුණු සොයා බලන බැව් හෙතෙම කීවේය. එහෙත් ඒ දිනවල නිවසේ සිදුවූ අලුත් වැඩියා කටයුතු නිසා ගේ හදලා ඉවර උනාම මම එන්නම් යනුවෙන් අවසානයේ හෙතෙම ශපථ කලේය.
කලින් කලට තැනින් තැනට පුංචි පුංචි ආදර කථා දෙක තුනක් ඇති වූවා මිසක සිරා කොලුවා අනංගයෙකු වූයේ නැත. මේ අතරින් අපේ ගම් පියසේම දිවි ගෙවූ ඇගේත් මගේත් ආදර කථාවට තිත තබා වසර 8 ක් ඉක්ම ගොසින් තිබුනත්...ඇගේ සිත් අහසින් මා බැස ගොස් තිබුනේ නැත. සිරා කොලුවාගේ ඇතැම් අතීත බ්ලොග් ලිපියක පුරාවිද්‍යා උපාධිධාරී පැරණි පෙම්වතී යනුවෙන් මම ඇයව හඳුන්වා තිබේ.
පුරාවිද්‍යා උපාධිධාරිනිය ගත වූ වසර 8 පුරාම වරින් වර අපගේ සබඳතාව යලිත් අරඹන්නට උත්සුක වුවත්...ඒ සෑම අවස්ථාවකම මම ඇයව මග හැරියෙමි. කුඩා කල සිට මා ඇයව දුටු නිසාත්...එකම ගම් පියසේ නිසාත්...ඇගේ වටිනාකමක් එවකට මට දැනෙන්නට නැත. සරසවියේ අවසන් වසරේ ඈ සිටිද්දී අපේ පෙම නතර වූවේය. ඇය එදා නතර වූ තැනම නතර වී සිටියත් මම බොහෝ තැන්හි ඇවිද ගියෙමි. හරියට ලෝකයේ ලස්සනම මල සොයන්නට නිවෙසින් පිටත් වූ මිනිසෙක් බොහෝ දුරු කතර ගෙවා මාස ගණනාවකට පසු යලි නිවසට එන විට අල්ලපු වත්තේ ලස්සනම මල පිපී තිබුනාක් වැනිය.
වසර 8 කට පෙර මම ඇයට වඩා රුවැත්තියකට පෙම් බඳින අටියෙන් ද්වේශසහගත ලෙස ඇයව හැරගියෙමි. ඒ අපේ සබඳතාව නවතන්නට දාහක් හේතු දක්වමිනි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් අහිංසක දැරිවියකි. අපේ ආදර වියෝවෙන් පසු ගතවූ වසර 8 ඇය මහත් සෝ තැවුලෙන් ගත කල බව නොරහසකි. වරින් වර ඇගේ වේදනාව ඇය මවෙත අකුරු කලාය, නැතහොත් අන්තර්ජාලය හරහා ගන්නා ඇමතුමක සටහන් කලාය. මා ඇයටද නොකියා හොර රහසේ රටින් පිටවූ කලෙක ඇයට කෙතරම් වේදනාවක් දැනෙන්නට ඇතිද ? සිරා කොලුවා වන මට එවකට ඇගේ වේදනාව දැනුනේ නැත. මම සිරිත් පරිදි නොරටක සිට රැකියාව කලෙමි.
ඇය වේදනාව මතින් හෝ තම අධිෂ්ඨානය වෙත ගමන් කලාය. ඉතිහාසය ගුරුවරියක ලෙස රජයේ පත්වීමක් ලබා, ඉන් පසු ශාස්ත්‍රපති උපාධියද සම්පූර්ණ කලාය. එහෙත් ඇය තවමත් එදා මා පෙම්කල තරුණියමය. මගෙන් ආදරය අයඳින ඇයමය.
ඇගෙන් වෙන් වී විවිධ අත ගිය මට පැතූ ලෙසම සුන්දර යුවතියක මුණ ගැසුනේය. මා ඇමතූ දිනක පැරණි පෙම්වතියට මා නැවතත් පෙම්වතෙකු බව සැළ කලෙමි. අලුත් පෙම්වතියගේ රූපයක්ද යැව්වෙමි. එය බලා ඇය තෙපලූවේ නව පෙම්වතිය බොහෝ සේ රූමත් බවකි. මට දුකයි...ඇය එසේ තෙපලුවත්...ඇය පිළිබඳ මා හට දුකක් දැනුනේ නැත.
නව පෙම්වතියගේ රූ සොභාවෙන් මන්මත් වී සිටි මට ඇය ඇතුලතින් තනිකර හිස් බව හඳුනාගන්නා විට, ඇය මා හැරගොස්, මවිසින්ම හඳුන්වා දුන් මගේ එවකට හොඳම මිතුරෙකුගේ තුරුලට වූවාය. විරහවේ වේදනාව කෙතරම්දැයි එකල මා යලි යලිත් අත් දුටුවෙමි.
කාලයේ අැවෑමෙන් මම සියරට පැමිණියෙමි. පුරාවිද්‍යා උපාධිධාරිණිය මගේ ආගමනයෙන් මහත් සතුටට පත් වූවාය. අපි බඳිමුද ? ඇය කීප වරක් මාගෙන් විමසුවාය. එහෙත් මම උදාසීනව සිටියෙමි. වසර 8 කට පෙර දිනයක ඇගේ මව්පියන්ගෙන් ඇය හා විවාහ වීමට අවසර ගෙන තිබූ මට ඇගේ නිවස දැන් තහනම් කලාපයකි.
මාව බලන්න කෙනෙක් එනවා ඊශ්‍රායලයෙ ඉඳන්...ඔයා මොකද කියන්නෙ...ඇය දිනක් මගෙන් විමසුවාය. මම බොහෝ සැහැල්ලුවෙන් ඔහුට කැමති වෙන ලෙස පැවසුවෙමි. මෙයට පෙරද නොයෙක් වර ඇගේ දෙමාපියන් ඇයට යෝජනා පිණිස තරුණයන් රැගෙන ආවත් ඇගේ කේන්දර සටහන සමග ඒවා සමපාත නොවූයෙන් ඒවා සියල්ලම බැහැර වූවේය. ඇගේ කේන්දරය ගලපන්නට අපහසු එකකි. එහෙත් ඇයත් මමත් කේන්දරයෙන් මනාව ගැලපෙන බැව් අතීතයේ දිණයක අපි ශපත කරගෙන සිටියෙමු.
අපි බඳිමුද ? ඇය අවසන් වතාවටත් මගෙන් විමසුවාය. මා දිහා බලාන ඉන්න එපා ඔයාට ඔය ගේන හොඳ යෝජනාවකට කැමති වෙලා එයාව බඳින්න. මම සැහැල්ලුවෙන් යුතුව නැවතත් පැවසුවෙමි.
එතැනින් පසු ඇය මට නැවත කථා නොකලත් එක් සැඳෑවක එවූ කෙටි පණිවිඩයක සටහන් වූයේ ඇය බලන්නට පැමිණි තරුණයා ඇයට කැමති වූ වගත්, ඒ දෙපළගේ කේන්දරද මනාව ගැලපෙන බවත්, ඉතා ඉක්මනින් කසාදය සිදු කොට ඇය ඊශ්‍රායලයට හෝ ඔහු සමග ඔස්ට්‍රේලියාවට යන බවත්ය.
සත්‍ය ලෙසම වසර 8 ක් මගේ පැරණි පෙම්වතිය අරභයා නිද්‍රාශීලී ප්රතිපත්තියක සිටි මගේ දෙනෙත් විවර කලේ ඒ කුඩා පණිවිඩයයි. වසර 8 ක් පුරාවට මා දෙස බලා හිඳිමින් නිහඬවම ආදරය කල ඇගේ වටිනාකමක් මට ඒ වන තෙක් දැනුනේ නැත. මගේ ලඟම මිතුරියක මෙන් හිඳිමින් අවවාද අනුශාසනා කල ඇය අන් අයෙකුගේ අතගෙන රටින් පිටවී යන්නට ඇත්තේ තවත් මඳ කාලයක් බැව් මම යළි යලිත් සිහිපත් කළෙමි.
උඹට ආදරය නැති උන්ට ආදරය කරන්න ගිහින් හිත රිද්දගන්නෙ...මෙච්චර ආදරය කරන කෙල්ලෙක් ඉද්දි...උඹට නම් පින නෑ බොල....මිතුරන් නොයෙක් වර එලෙස කීවත් සිරා කොලුවාට ඇගේ වටිනාකම දැනුනේම නැත.
එහෙත් ඇගේ වෙන්වයාමටත් පෙර සිටම ඇගේ වෙන්වීම පිළිගන්නට දැන් මගේ සිත වෙහෙසෙයි. එහි ප්‍රතිඵලය ලෙස මගේ චිත්ත සන්තානයම මහත් වූ වේදනාවකින් පිරී යන්නට ගත් වූයේ දින දෙක තුනකි. කාර්යාලයේ එදිනෙදා රාජකාරි ඉටු කරන්නට අපහසු තරමට මම මානසික මට්ටමෙන් පිරිහුනේ පුදුම සහගත අන්දමිනි. මගේ ආයතන ප්‍රධානියන් මගේ ගැටලුව ගැන දැනුවත් වූ පසු එයින් ගොඩ එන්නට අනුශාසනා කළෝය. එහෙත් තව තවත් වේදනා පතුලේ ගිලී ගියා මිස මා ලැබූ සහනයක් නැත.
වසර 8 ක් පුරා ඇය විඳි වේදනාව දැන් ක්‍රම ක්‍රමයෙන් මා ගිලගනිමින් සිටියි. දින දෙක තුනක් විඳ දරාගෙන සිටින්නට බැරි තරම් වූ එය ඇය එතරම් කාලයක් නිහඩවම වින්දේ කෙසේදැයි මම පුදුමයෙන් මෙන් සිතුවෙමි. ඇගෙන් තොරව ජීවත් වන්නට බැරි බැව් මා තේරුම් ගන්නා විට අශ්වයා පැන යන්නට ඔන්න මෙන්නය.
ඇය තවමත් විවාහක නැත. එහෙයින් නැවත කෙසේ හෝ ඇයව ලබාගනිමියි මම අධිෂ්ඨාන කළෙමි. ඇයව දුරබණුවෙන් ඇමතුවෙමි. ඇය වෙනදා මෙන්ම සන්සුන්ය දයාබරය. වෙනසක් නැත.
අපි බඳිමු...මම කීවෙමි.
ඇය සිහින් හඬින් ඉකිබිඳින බවක් ඇසේ...ඇයි ඔයා ඕක කියන්න ඔය තරම් පරක්කු උනේ...මම අවුරුදු 8 ක් තිස්සෙම උත්සාහ කලේ ඔය වචනෙ ඔයාගෙ කටින් කියව ගන්න. ඒත් දැන් ඔයා හොඳටම පරක්කුයි අයියෙ. මට ආපහු හැරෙන්න බෑ. ගෙවල් දෙකේම අය මුණ ගැහිලා කේන්දර ගලපගෙන දැන් ඉතිරි වෙලා තියෙන්නෙ කසාදෙට දින යොදාගන්න විතරයි.
මම නොයෙක් වර ඇවිටිලි කලත්...ඇගේ සිත වෙනස් කරන්නට නොහැකිය. මා පෙලන වේදනාව දිනෙන් දින දැඩි වේ. ඇය වේදනා විඳින කල හැඟීමක් නැත්තෙකු ලෙස සිටි මට කාලයේ ඇවෑමෙන් ඒ වේදනාවම උරුම වී ඇත්තේ දෛවයේ සරදමක් පරිද්දෙනි. ලෝකයේ සෑම ක්‍රියාකාරකමකටම සාධාරණ වූ ප්‍රතිවිරුද්ධ ක්රිියාවක් ඇති වග මම දැන් විශ්වාස කරමි.
මම දිනපතා ඇයව දිනාගන්නට නොයෙක් වර ඇමතුම් ලබා ගත්තද ඇය සෑම විටෙකම කීවේ දැන් මා ප්‍රමාද බවයි. අවුරුදු 8 ක් ඔයා එක්ක හිටිය මට වඩා මාස දෙකක් ආශ්‍රය කරපු කෙනාද ඔයාට ලොකු...මම අසාධාරණ ගැටලුවක් නැගුවෙමි. ඒකට මට දෙන්න උත්තර නෑ...ඇය එසේ පැවසුවාය.
මට ආපහු හැරෙන්න බෑ....ඇගේ වදන් මගේ දෙසවනේ දෝංකාර දෙයි....එක් දිනක් සවස කාර්යාලයේ මිතුරන් සමග මධු සාදයකි. මගේ චිත්ත සන්තානයම මේ වේදනාවේ ගිලී මම පුදුමාකාර පීඩාවකින් යුතුව සිටියෙමි. මා ගැන සොයාබලන්නට ගෙදර ඇත්තන්ට අමතරව සිටි එකම තැනැත්තියත් මට සමුදෙන්නට ඇත්තේ තවත් සුළු කාලයක් බැව් මම මටම කියා ගනිමින් සිටියෙමි. මම ඇයව ඇමතුවෙමි.
මම අවුරුදු 8 ක් ඔයා වෙනුවෙන් බලා හිටියා. ඔයාට කිසිම හැගීමක් තිබුනෙ නෑ මා ගැන...මේ කෙනා මාව බලන්න එන්න කලිනුත් මම ඔයාට කිව්වා...ඔයා එතකොටවත් ඒක වලක්වන්න හැදුවෙ නෑ. දැන් පරක්කුයි. හොඳටම පරක්කුයි.
අද මම හොඳටම බොනවා...ගෙදර එයිද, අතරමග හැප්පිලා මැරෙයිද මම දන්නෙ නෑ...
අනේ එහෙම බොන්න එපා...ඔයාට මොනවා හරි උනොත් මටත් දුකයි...පිස්සු නැතුව ගෙදර එන්න පරිස්සමෙන් ඇය එසේ පැවසුවාය.
එදින මම ජීවිතයේ ප්‍රථම වතාවට පියවි සිහිය නොමැති වනතෙක්ම මධු පානය කළෙමි. ෂැන්ඩි නොමැතිව වේදනාව කැපෙන්නට කියා අමුවෙන්ම බිව්වෙමි. කාර්යාල සගයන් මහත් වූ වෙහෙසක් ගෙන මා වත්තම් කරගෙන පැමිණි ආකාරය මට කිසි ලෙසකින් මතක නැත. නිවෙසට පැමිණ පැය ගණනාවක් යන තුරාවට මට සිහියක් නැත. මේ ළමයා ඇයි මේ තරම් බිව්වෙ...දෙමාපියන් විස්සෝපයෙනි.
මම පසුදා ඇය අමතා මගේ වේදනාවේ තරමත් පෙරදා රාත්‍රියේ අරුමයත් ඇයට පැවසීමි. ඇය නිහඩවම සිටියාය.
ඔයා ඔහොම ගිහින් බේබද්දෙක් වෙලා ජීවිතේ නාස්ති කරගත්තොත් මගෙ ජීවිතේ සතුටින් ගෙවුනට වැඩක් නෑ.
එතැන් සිට මම නැවත නැවතත් ඇගේ සිත දිනාගන්නට වෑයම් කළෙමි. ඇයව නොපමාව කැන්දාගෙන යන බැව් පැවසුවෙමි. අවසානයේ මාස දෙකකට වඩා වසර 8 බලවත් බැව් ඇය පිළිගත්තාය.
ගෙදර ඇවිත් අහන්න...එයාලා ඔයාව එලවගනීද මන්දා...මට තේරෙන්නෙ නෑ අනේ...මාවත් ගෙදරින් එලවලා දායි අම්මා...ඇගේ ස්වරය හැඬුම්බරය.
ඇගේ සහෝදරයා කලකට කලින් මගේ හොඳම මිතුරෙකි. අපේ ආදර සබඳතාව බිඳ වැටුන දා ඔහු අපේ මිත්‍රත්වයෙන් ඈතට ගියේය.
මම අයියව මුණ ගැහෙන්නද ? එයා හරහා දෙමාපියන්ට දන්වමු....
ඇය එයට කැමැති වූවාය.
එයින් අනතුරුව දවසක මම හොර රහසේම ඇගේ සහෝදරයාව ඔහුගේ සේවා ස්ථානයේදී මුණ ගැසුනෙමි. ඔහුගේ නැගණිය වැනිව ගතිගුණ ඇති තරුණියක වර්තමානයේ සොයාගැනීමට ඇති අපහසුතාව මෙන්ම, ඇගේ වටිනාකම මා හට දැනෙන්නට ප්‍රමාද වීම පිළිබඳවද මම ඔහු සමග කථා කලෙමි. ඔහු බොහෝ සංවේදී වී ඇත.
අවුරුදු 8 ක් නංගි විඳපු දුක මම දන්නවා. අපේ තාත්තා එක්ක ඔය ගැටලුව ගැන කථා කරන්නෙ කොහොමද කියලා මම කල්පනා කරන්නෙ. එයාලා කවුරුවත් ඔයාව ආපහු පිළිගන්න කැමති නෑ. තමන්ගෙ දුවව එක වතාවක් ප්‍රතික්ෂේප කරපු මිනිහෙක්ට එයාලා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද...මගේ නම් අකමැත්තක් නෑ...මම උත්සාහ කරන්නම් එයාලා එක්ක කථා කරන්න.
එයින් පසු උදා වූ සති අන්තයේ දවසක උදෑසනම ඇගේ පියාණන් අප නිවසට පැමිණියේ හදිසියෙනි. මා පියාත් ඇගේ පියාත් පැරණි මිතුරන්ය. මව්වරුන්ද එසේමය. මේ සියලු බැඳීම් වසර 8කට පෙර මොට වූවේ මගේ තීරණයෙනි.
ඔයාගෙ පුතා අපේ දුව එක්ක ආයෙ පැටලෙන්න හදනවලු...දැන් එයාට මනමාලයෙක් හොයලා කේන්දර ගැලපිලා ඔක්කොම ඉවරයි. එක සැරයක් දාලා ගිය කෙනෙක්ට අපි කොහොමවත් කැමති වෙන්නෙ නෑ. ඔය ගැන කථා කරන්න පොඩ්ඩක් අපේ ගෙදර එන්න.
අමුතුවෙන් වෙලාවක් ඕනෙ නෑ...මම දැන්මම එන්නම්...මා පියාණන් මේ සිදුවීම පිළිබඳ සියලුම තතු දැන සිටි නිසා ඒ වේලාවෙම ඇගේ නිවස බලා පිටත්ව ගියේය.
දෙමාපියො කැමති නෑ කියලම කියයි. ඒත් ගෑණු ළමයගෙ කැමැත්ත අහලා බලමු කියලා ඔයා කියන්න. මම එයාට ඒ ගැන කියලා ලෑස්ති කරලා තියෙන්නෙ. එපරිද්දෙන් සිදු වීමට යන කාරණය ගැන මා පියාණන් මෙන්ම ඇයද දැනුවත් කළෙමි.
පියාණන් එහි යන විට ඇගේ නිවසේ සභා තොමෝ රැස්වී සිටි බවත්...විවිධ කථා බහ අතරේ මේ කාරණය ගැන නැවත කථා කරන්නට දෙයක් නැති වග ඇගේ පියා පවසනාවත් සමගම, දුවගේ තීරණය එයාගෙන්ම අහලා බලමු යයි මා පියාණන් පැවසූ නිසාම ඒ ගැන විමසන්නට කටයුතු යෙදුන බවත්, ඇගේ තීරණය නිර්භීතව හෙළි කල පසු ඇගේ දෙමාපියන් අසරණ වූ අන්දමත්, ඕක කලින් කිව්වා නම් අපි මනමාලයො ගේන්නෙ නෑ නේද මේ ගෙදරට යනුවෙන් ඇගේ මව ඇයට සැර කල බවත්, පසුව මා හට දැනගන්නට ලැබුනි.
කාලය වෙනදා මෙන් ටික් ටික් හඬින් ගලා ගියේය. සියලු නොහොඳ නෝක්කඩු කෙමෙන් කෙමෙන් සමනය වූවේය. ඇගේ දෙමාපියන් ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත් වූහ. ඊශ්‍රායලයෙන් පැමිණි විවාහ අපේක්ෂකයා අපේක්ෂා භංගත්වයෙන් නැවතත් විදේශගත වූවේය.
පසුගිය බක් මාසයේදී ඈ වසර 8 ක් පුරාවට පැතූ ලෝකය මම ඇයට හිමි කර දුන්නෙමි. මෙයින් මතු සිරාගේ කාමරය තුල සිරාගේ බූට් කථා ලියවෙන්නේ නැත. ඒ සමය දැන් අතීතයට එක් වී හමාරය. අප දැන් ඉතාම ප්‍රීතිමත් විවාහක යුවලකි. අපට අහිමි වූ වසර 8 ගැන දුක් නොවී අපි වර්තමානය ගෙවාදමමින් සිටින්නෙමු.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය කඳිම බිරිඳකි. සිරා කොලුවාගේ සමාජ සත්කාර උදෙසා, විශේෂයෙන් ඈත පළාත් වල අසරණ පාසල් දරුවන් වෙනුවෙන් සිදු කරනා සත්කාර උදෙසා ඇගේ දායකත්වයද දැන් නොඅඩුව ලැබේ. ඉතිහාසය ගුරුවරුන් නොමැතිව ලතැවෙන පිටිසර පාසල් වලට ඇගේ දායකත්වය නිවාඩු සමයේ ලබා දීමටද ඇය කැමතිය.
ලෝකයේ සුන්දරම කුසුම සොයා ඉබා ගාතේ යන, තමා ආසන්නයේම ඒ මල විකසිත වී ඇති බැව් නොදන්නා සිරා කොලුවා වැනි බොහෝ දෙනා මේ සමාජයේ තවත් සිටිති. ඒ ඇත්තන්ට මේ ලියමන දකින්නට ලැබේවායි පතමි!!!
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
ඇගේ ජීවිතයට අදාළ කොටස් මෙම ලිපියේ අන්තර්ගත නිසාම, ප්‍රථමයෙන් මා ප්‍රිය බිරිඳට කියවන්නට ලබා දුනිමි. ඇගේ අවසරය ලැබුන පසු මෙසේ පබ්ලිෂ් බටනය එබුවෙමි.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com117tag:blogger.com,1999:blog-579265960012007263.post-38522259013950094442018-06-13T10:13:00.001+05:302018-06-13T15:17:33.709+05:30නුවර මැණිකේ
කලකට පසු කාමරයේ දොර විවර කරමි. සිරා කොලුවා සහ කාමරය අතර අතීතයේ දිනක තිබුනේ ගහට පොත්ත බඳු ඉතාම සමීප සබඳතාවයක් වුවද කාලයේ ඇවෑමෙන් ඒ සියලු දෑ වෙනස් වී තිබේ. ඇතැම් විටෙක ඇතැම් සිදුවීම් දෙස නිවී සැනසිල්ලේ බලන විට ඇතිවන්නේ විශ්මයකි. ඒවා කෙසේ සිදු වීදැයි සිතෙන තරමට පුදුම සහගතය.
මැලේසියාවෙන් ලංකාවට ආනයනය වූ සිරා කොලුවා සිරි ලංකාවේදී අභිනවයෙන් ආරම්භ කල ව්‍යාපාරික කටයුතු මාස කීපයකට සීමා වෙද්දී, එයින් පසු මගේ නවාතැන වූයේ සිරිලංකාවේ සුප්‍රසිද්ධ සමාගමකි. ව්‍යාපාර හිමියාගේ තත්වයේ සිට නැවතත් මා වැටුප් ලබන සේවකයෙකුගේ තත්වයට පත් වූයෙමි. දන්නා හඳුනන කොල්ලාගේ සිට බල්ලා දක්වා උන් යාලු ෆිට් එකට ඇතැම් රාජකාරි මට පැවරීමත් ඒවා ඉටු කර දුන් පසු ගාස්තු අයකර ගැනීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවාට සමාන වීමත්, මගේ සේවාව ලබාගත් ඇතැම් මහා පරිමාණ කර්මාන්ත කරුවන්, තානාපති කාර්යාල, නැති බැරි උන්සේ මාස දෙක තුන ණයට ඉල්ලා සිටින විට සිරිලංකාවේ බිස්නස් සිරා කොලුවාට තිත්ත වූවේය. සැබැවින්ම මෙවැනි උන් සමග බිස්නස් කරනවාට වඩා වැටුපකට සේවය කිරීම අනවශ්‍ය හිසරද රාශියකින් ගැලවී යාමක් බැවින් මේ අලුත් වෙනසට මම ප්‍රිය වීමි. අවසානයේ මම තෘප්තිමත් සේවකයෙක් වූයෙමි.
සිරා කොලුවා මෑත වකවානුවේ දෙපයින් සමබරව හිටගන්නා අයුරු දුටු ගෙදර බුදුන් අම්මා, කසාදය යන වචනය මිහිරි දැවටුමක ඔතා මා වෙත නිතර නිතර පෑයෙන් මම මහනුවර පළාතේ සුදු මැණිකේ කෙනෙකු බැහැ දකින්නට යාමට මුලින්ම එකඟ වූයෙමි. මේ ගමන පංගරාර්තු කරන්නට මා මිත්‍ර අයියා බඩා වින්දේ නොවිදිනා දුකකි. නිතර දෙවේලේ ඇගේ නිවසට මා ගැන තොරතුරු ඡායාරූප ආදිය සපයමින් සිරා කොලුවා විවාහකයෙකු කරන්නට ඒකා දර දිය ඇද්දේ පරම මිත්‍ර චේතාවෙන්දැයි, තමන් වැටුන වලේ අහිංසක සිරා කොලුවාද වට්ටන්නෙමියි යන උදාර සිතුවිල්ලෙන්දැයි තවමත් පැහැදිලි නැත.
ඡායාරූප වල පෙනෙන ඈ මට වඩා උසැති තැනැත්තියකැයි මට සිතෙන විට අයිය බඩා ඇගේ උස නිවැරදිව මැන මාවෙත සන්නිවේදනය කරන්නේය. ජායාරූප වල මා දකින ඈ සෙල්ලක්කාර යැයි මට සිතෙන විට වටෙන් පිටෙන් ඇගේ ජාතකය සොයා අයියබඩා මා වෙත සැලකරන්නේය. එවන් විටෙක මෙවන් මිතුරන් වාසනාවක් යැයි මට සිතුනේය.
වැඩේ දැනටම හරි වගේ මචං, උඹලගෙ කේන්දරත් හොඳට ගැලපෙනවලු...කෙල්ලගෙ අම්මා උඹලට දවල්ට කාලම යන්න එන්න කිව්වෙ ඒ අය කැමතියි වගේ නැත්තං එකපාර කෑමකට ආරාධනා කරන්නෙ නෑනෙ... නේද ? ජංගම දුරබණුවෙන් ඇමතූ දිනයක අයියා බඩා එසේ කීවේය.
නුවර පළාතේ ඈත ඉසව්වක පිහිටි මේ ඇත්තීගේ නිවසට දෙමාපියන් සමග මා ගිය ගමනේ රථාචාර්ය තනතුර උසුලන ලද්දේ ඊයෙ පෙරේදා දවසක කැන්ගරු දේශයට අපනයනය වූ මා මිත්‍ර අතුකෝරල ගොයියාය. අතුරු මාර්ගයට හැරෙන තැනදී අප පිළිගත් අයිය බඩා පෙන්වූ දිශාවන් ඔස්සේ ඇදී ගිය මෝටර් රථය අවසානයේ ගම් නියම් ගම් පසුකරමින් ගොස් රථ වාහන දෙකකට එකිනෙකා පරයා යා නොහැකි තරමේ කෙසඟ මාර්ගයක නතර වූවේය. අපේ ගමනට තවමත් නැවතීමක් නැත. අතුකෝරල ගොයියා සීරුවට පදවන රථය දැන් දැඩි ආනතියක කන්දක් තරණය කරයි. වාහනයේ ඉදිරිපස වීදුරුවෙන් අහස මිස වෙනත් කිසිවක් පෙනෙන්නට නැත. ඒ තරම් ආනතියක අපි දැන් සිරවී සිටින්නෙමු.
වාහනේ අදියිද බං....රථාචාර්ය අතුකෝරල මගෙන් විමසයි.
ට්‍රයි එකක් දෙමු...දවල්ට කාලා යන්නත් එක්කනෙ එන්න කිව්වෙ. මගේ වදනින් ඔද වැඩුන හෙතෙම ඇක්ස්ලේටර් ලෑල්ල අඩියටම පාගා කටුක මග තරණය කොට අවසානයේ මනමාලි කෙල්ලගේ මිදුලටම රථය පදවා ඉසිඹු ලෑවේය.
රථය මිදුලට පිවිසෙන විටම වටෙන් පිටෙන් මතුවූයේ නැදෑයින්ද, පවුලේ අයද, අසල්වාසීන්දැයි මා හට නිනව්වක් නොවීය. මමත් අතුකෝරල ගොයියත් සම වයසේ උන් නිසා අප දෙදෙනාගෙන් මනමාලයා කොයි එකාදැයි වටහා ගත නොහැකිව නරඹන්නන් වල්මත් වූ කලෙක අයිය බඩා අතින් සංඥා කලේ මා මනාලයා බවයි. එයින් ඔවුන්ගේ සැකය දුරු වී දෙකට තුනට පහත් වී ඉතාමත් උණුසුම් අන්දමින් මා පිළිගත්තෝය. සැබැවින්ම ඔව්හු හිත හොඳ මිනිසුන්ය.
මේ නිවස පිහිටා තිබුනේ මනරම් හෙල්මැළි කුඹුරු යායකට මායිම්ව වට පිටාවේ තිබුන අවශේෂ නිවාස වලින් හුදෙකලාවය. නිවස වට පිටාවේ විවිධ ආර්ථික භෝග හොඳින් වැඩී තිබුන අතර ඒ අතරින් සාදික්කා සහ මැංගුස් ප්රමුඛ වූ බැව් මට හොඳින් මතකය.
අතින් කටින් ගෙන ගිය දෑ එහෙන් මෙහෙන් තබා, සාලයේ කොනක වූ සැප පුටුවකට බර දුන් පසු සභාව මඳක් නිශ්චල වූවේය. දැරිවියක බලන්නට මේ ආකාරයේ නිළ ගමනක් කුළුදුලේම ගිය නිසාදෝ සිරා කොලුවාගේ චිත්ත සන්තානය සමග භෞමික අඛණ්ඩතාවයද ප්‍රකම්පනය වී තිබුන හෙයින් මම මගේ ආසන්නයේම අතුකෝරල ගොයියාව හිඳුවා ගත්තෙමි.
එහෙත් වැස්සද ? ඕගොල්ලන්ට දැන් මහන්සිත් ඇති නේද සෑහෙන දුරක් ආවනෙ, කීයටද පිටත් වුනේ, ගේ හොයාගන්න අමාරු උනාද ? නානාප්‍රකාර ගැටලු එහෙන් මෙහෙටත්, මෙහෙන් එහෙටත් හුවමාරු වන වට පිටාවක සභාවේ ප්‍රධානියා වූයේ මනමාලි කෙල්ලගේ පියතුමායි.
ජීවිතයේ 70 දශකය පසුකර සිටි හෙතෙම ඉඩම් හිමි වැවිලිකරුවෙකි. ඔහුගේ දෑතේ පහස ලැබූ නිවස වටා වූ ගස් කොලන් සමූහය ඔහුගේ වැවිලිකාරකම පිළිබඳ දෙස් දෙයි. සාදික්කා තමයි මම ප්‍රධානව වවන්නෙ. ගිය අවුරුද්දෙ විතරක් සාදික්කා වලින් ලක්ෂ ...........ආදායමක් ලැබුනා. ඔහු වට පිටා බලා සැහැල්ලුවෙන් තෙපලුවේය.
තේ ටිකක් බීලා ඉමු...මහන්සිත් ඇතිනෙ...මනමාලි කෙල්ලගේ සහෝදරියන් කැළ පිරිවරා සිටි ඇගේ මැණියන් අප වෙත ලෙංගතු සිතින් ආරාධනා කළාය. නුවර මැණිකෙලාගේ දෑතින් හැදුන රස කැවිල්ලක් දෙකක් ආමාශගත කොට උණුසුම් තේ කෝප්පයකින් සන්තර්පණය වූ පසු ඒ උත්කර්ශවත් මොහොත උදා වූවේය.
දුවේ මෙහෙ එන්න.
මෑණියන්ගේ ආරාධනයෙන් එතෙක් වේලා නිවසේ ඇතුලත කාමරයක සිරවී සිටි මනමාලි කෙලී මවෙත පැමිණියේ බුලත් හෙප්පුවක් දෑතේ දරා ගනිමින් කඩිසර ගමනිනි. ඇය ඉතාම පැහැපත්, එමෙන්ම දිගු වරලසක් හිමි රුවැත්තියකි, ඇය රෙදිකඩකින් ආවරණය කල බුලත් හෙප්පුව මවෙත පෑවාය.
බුලත් හෙප්පුව දුන්නම මොකද කරන්නෙ...මම බුලත් කොළයක් අරගෙන හෙප්පුව පැත්තකින් තියනවද ? එහෙම නැත්තං හෙප්පුව විතරක් පැත්තකින් තියනවද...එහෙමත් නැත්තං බුලතයක් කනවද ? මෙවැනි ගමන් ගොස් පළපුරුදු මිත්තරයන් අමතා වේලාසනින් මේ චාරිත්‍රය ගැන තතු විත්ති දැන ගත් නිසාම සිරා කොලුවාට චකිතයක් නැත.
බුලත් හෙප්පුව මවෙත දිගු කල ඇය එකෙනෙහිම දණහිසෙන් මඳක් පහත් වී ආයුබෝවන් කීවාය. හෙප්පුව ආවරණය කල රෙදිකඩ ඉවත් කොට එය එතැන වූ මේසය මත තැබීමෙන් බුලත් සහ මා අතර වූ සබඳතාවය විසන්ධි කරන්නට මා හට හැකි වූවේය.
නුවර මැණිකෙලා ඔසරිය අදින්නේ ඔවුනටම ආවේණික ක්‍රමයකට බැව් මා හට ප්රත්යක්ෂ වූයේ මා ඉදිරිපිට හිඳගෙන සිටින ඈ දෙස හොරෙන් බලනා විටදීය. අප ප්‍රදේශයේ එකියක් ඔසරිය අඳිනවාට වඩා අමුත්තක් එතැන තිබුනේය. එහි අමුතුම අලංකාරයක් තිබේ. ඔසරියෙන් එපිට තිබෙන ඇගේ පාදයේ ඇගිලි යන්තමින් පෙනෙයි. ඒවා කුඩා දරුවෙකුගේ මෙන් රෝස පැහැතිය.
මේ දෙන්නට කථා කරගන්න ඉඩ දීලා අපි ටිකක් ඈතට යමු.
ඒ බසට අවනත වූ අයියා බඩා සහ අතුකෝරල ගොයියා ඇසකින් තලු මරමින් ඉවත ගියෝය. ඇගේ මෑණියන් අප වටා සිටි ඇත්තන් සමග එතැනින් පිටව ගියෙන් හා පුරා කියා පැමිණි ගමනක උපරිම ඵල නෙලාගන්නට අවකාශය සැලසී තිබේ.
මේ ඔයාගෙ පළවෙනි වතාවද ?
මටත් කලියෙන් ඇය හඩ අවදි කලාය...ඔව් යනුවෙන් මම මුනිවත බින්දෙමි.
බොරු කියන්න එපා හොඳ පුරුදු කාරයෙක් වගේනෙ...
ඇත්තමයි...පළවෙනි වතාව....ඔයාගෙ ?
ඔයා 9 වෙනියා....මා සිතූ ලෙසම ඈ පුරුදු කාරියකි.
මෙච්චර කාලයක් ආපු අය ගැලපුනේ නැද්ද ?
සමහර ඒවගෙ කේන්දර ගැලපුනේ නෑ. සමහර අයට මම කැමති උනේ නෑ.
එතැනින් පසු ඇගේ රුචි අරුචිකම් දැනගන්නට තවත් ප්‍රශ්න දෙක තුනක් විමසන්නට ඇත. ආරූඩකරගත් කෘතිම ලැජ්ජාශීලී භාවයක් පෙන්වූ ඇය තවත් මොහොතකට පසු දැන් ඇති නේද කථා කලා යැයි මා හට පැවසුවාය.
දුර බැහැර ගෙවාගෙන, කාලය, මුදල් කැපකරගෙන ඇගේ නිවසට පැමිණි මා සමග කථා කරන්නට ඇයට ඇවැසි නැත්තේ ඇය විවාහයකයට අකමැති තැනැත්තියක නිසා බැව් මම සිතුවෙමි. ගෙදර අයවලුන්ගේ කරදරයෙන් මිදෙන්නට ඇය සමහර විටෙක මනාලයන් එනවාට කැමති වන්නට ඇත. මෙවැනි වයසක තැනැත්තියක් කුඩා දැරිවියක මෙන් හැසිරීම ප්රහේලිකාවකි. ඒ සිතුවිල්ල නිසාම ඇය රූපයෙන් සුන්දර වුවත් මගේ හිත් ගත්තේ නැත.
අනේ මගෙ කෙල්ල ලැජ්ජාවෙන් රතු වෙලා...
මොහොතකින් පැමිණි ඇගේ මෑණියන්ගේ අතිශෝක්ති වර්ණනාවෙන් අනතුරුව දහවල් බතට කාලය එළඹුනේය. මනමාල කෙලීගේ සහෝදරියන් විසින් වැරවීරියෙන් සකසන ලද විවිධ ව්‍යංජන සහිත සරු කෑම මේසයක් එහි වූවේය. හෙල්මැළි කුඹුරෙන් ලද බත ඒවා සමග මැනවින් මුසුකොට ආමාශය කරා යොමුකොට, අවසානයේ නුවර මී කිරිවලින්ද, ගෙවත්තෙන් නෙලා ගත් නැවුම් පළතුරු වලින්ද සප්පායම් වූ පසු භෝජන සංග්‍රහය අවසන් වූවේය.
එයින් පසු පැවති පිළිසඳරේදී ඔවුන්ගේ අකමැත්තක් නැති බවත්, තරුණිය කැමති නම් විවාහය සිදුකල හැකි බවත් සැළ කෙරිණි. එයටම එක්වූ මගේ මාතාවද ඇගේ අකමැත්තක් නැති බවද කීවාය. මගේ තීරණය මෙන්ම ඇගේ තීරණයද එළඹෙන සතියේ ප්‍රකාශයට පත් කරන අටියෙන් අපි නැවතත් ගම්බිම් බලා ආවෙමු. ඒ එන ගමනේදී මග දෙපස වූ දූරියන් අළෙවිසැල් දුටු විට මට මතක් වූයේ මැලේසියාවේදී අප දූරියන් අනුභව කල ආකාරයයි.
දූරියන් පුරුෂ ශක්තිය වර්ධනය කරන්න හොඳ කෑමක් ගොයියො...
මම අතුකෝරල ගොයියාට කිව්වා පමණි. ඒකා රථය නවතා ගෙඩි දෙකක්ම මිළට ගත්තේය. ඔයින් මෙයින් කාලය ටික් ටික් හඬින් ගලා ගියේය.
මොකද කියන්නෙ උඹ කෙල්ලට කැමතිද ?
දින කීපයක ඇවෑමෙන් අයිය බඩා ඇසුවේය.
අපි කෙල්ලට මුලින් කියන්න කියමු....කොහොමත් මගෙ හිතට ෆිට් එකක් නෑ. මම නොවලහා කීවෙමි.
එයින් අනතුරුව තවත් දින කීපයක් ගත වෙන්නට ඇත.
දිනක් තකහනියේ දුරබණුවෙන් මා ආමන්ත්‍රණය කල අයිය බඩා කීවේ මෙවැනි කථාවකි.
එදා බලන්න ගිය කෙල්ල මේ කසාදෙට කැමති නෑ කිව්වලු. ඒක අහලා ගෙදර උන්ට යකා නැගලා...ඒකිට ආයෙ කිසිම මනමාලයෙක් ගේන්නෙ නෑ කියලා තර්ජනය කරලා. කිසිම හේතුවක් නැතුව එන හැමෝටම ඒකි අකමැති වෙනවලු.
අකමැති වෙන්න හේතුව ඇහුවම හේතුවක් නෑ කියනවලු. මම හිතන්නෙ කෙල්ලට බඳින්න කැමැත්තක් නැතුව ඇති. ඒකයි ඒ වගේ උත්තර දෙන්නෙ. ඇරත් ඔය වගේ සීනි බෝල ගෑණු එක්ක මොන කසාදද බං. තව හොඳ කෑලි දෙක තුනක් ඉන්නවා අපි එයාලව බලමු ඊලගට, එසේ කියූ අයිය බඩා දුරබණුව විසන්ධි කලේය.
කරුණු එසේ වුවත් සිරා කොලුවා දැන් ප්‍රිය සැමියෙකි. ඒ කෙසේද, කවුරුන්ද යන වග මීළග ලිපියෙන් කියමි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
ඊයේ දිනයට සිරාගේ කාමරය අටවා වසර 6 කි. වර්තමානයේ නිතරම නොලිව්වාට, අතීතයේ සිරා කොලුවා කැපවීමෙන් ලියූ හොඳ ස්පෝට්මීට් කොලුවෙකි.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com61tag:blogger.com,1999:blog-579265960012007263.post-47067647676126381102018-01-31T00:00:00.000+05:302019-02-24T12:52:34.333+05:30නැග්රැක් බංගලාවේ රැයක් / Nagrak Bungalow
සංචාරය යනු කවදත් සිරා කොලුවා වැඩි රුචිකත්වයක් දක්වන කාරණයකි. ඉස්සර දවසක පවුලේ ඇත්තන් සමග සිරිලංකාවේ නොදුටු දසුන් දුටුවත් යකඩ අස්පයින් සමග හරඹ කරන්නට පටන් ගත් පසුව මේ ගමන් බිමන් බොහොමයකට දායක වූයේ යකඩ අස්පයින් බැව් ඔබට කිව යුතුය. ඉස්සර දවසක සිරා කොලුවාගේ මිත්‍ර සම්පත්තිය මෙවැනි ගමන් බිමන් සඳහා මහත් අභිරුචියෙන් යුතුව දායක වූවත්, ඒ සියල්ලන් විවාහකයන් වී දරු සුරතල් බලන වර්තමානයේ යතුරු පැදි මගින් දුර ඈත සංචාරය කිරීමට කැමැත්තක් නොදක්වති.
එහෙත් සිරා කොලුවාගේ අතිජාත ස්කූටරය සමග දුර ඈත සංචාරය කිරීමේ නොතිත් ආශාව තවමත් සංසිඳී නොමැති නිසාම එවැනි සංචාරයක නිරත වෙන්නට සහායකයින් නොමැතිව ලැතැවෙමින් සිටි යුගය නිමා වී දැන් ටික දොහකි.
2012 සැප්තැම්බර් මස සිරා කොලුවා සිරාගේ කාමරයේදී සිරාගේ අතිජාත ස්කූටරය පිළිබඳ තතු විත්ති ඔබට කියන විට සිරිලංකාවේ එකඳු හෝ ස්කූටර් සමාජයක් බිහිවී නොතිබුනි. එහෙත් කාලයේ ඇවෑමෙන් වර්තමානය වන විට ක්ලැසික් ස්කූටර් වෙනුවෙන් වෙන් වූ ස්කූටර් සමාජ කීපයක්ම බිහි වී තිබීමත්. ලංකාව පුරාම ස්කූටර් කරුවන් අතර සුහදත්වය මෙන්ම සන්නිවේදන ජාලය පුළුල් වීමත් යන කාරණා නිසාම පැරණි ස්කූටර් රසිකත්වය උන්මාදයක් මෙන් රටපුරා පැතිරීගොස් හමාරය. ඒ හේතුවෙන්ම වර්තමානය වන විට ක්ලැසික් ස්කූටරයක් මිළදී ගැනීම සැබැවින්ම අපහසු කාරියකි. ඒ එවැනි ස්කූටරයක් මිළදී ගැනීමට බලා සිටින්නන්ගේ ප්‍රමාණය ඉහළ වීමත්. හොඳ තත්වයේ ස්කූටරයක් විකුනන්නේ කලාතුරකින් වීමත් යන කාරණා හේතුවෙනි. කෙසේ හෝ මේ ඉල්ලුම නිසාම, අතීතයේ කුණු කොල්ලයට විකුනුන පැරණී ස්කූටර් වල වෙළඳපල වටිනාකම දැන් බොහෝ සේ ඉහළ ගොස් තිබේ.
සිරා කොලුවා විසින් ආයාසයෙන් වළදමා තිබූ ස්කූටරයෙන් දුර ඈත සංචාරය කිරීමේ ආශාවට අළුතින් තටු ලැබුනේ ස්කූටරය වටා පෙළ ගැසුන මේ අලුත් ස්කූටර් කරුවන් රාශියත් සමගිනි. වන්දනාකරුවෝ යනු මෙලෙස අලුතින් ඇරඹුන ස්කූටර් සමාජ වලින් වඩාත් ප්‍රසිද්ධම ස්කූටර් සමාජයයි. වසරකට වරක් පමණක් ඔව්හු ලංකාව පුරා විසිරුන අවශේෂ ස්කූටර් කරුවන් සහභාගී කරගෙන දුර ඈත සවාරියක් යාම දැන් ස්කූටර් කරුවන් අතර ඉතා ප්‍රසිද්ධ කාරණයකි. ඒ අනුව ඔවුන් සමගින් පසුගිය සැප්තැම්බරයේ සිරා කොලුවා රිවස්ටන් චාරිකාවක නිරත වූ අතර එතැනින් සොයාගත් නව ස්කූටර් මිත්‍රයන් සිරා කොලුවාගේ තනි නොතනියට සිටින නිසාම 2018 වසර ආරම්භයේදීම අප සහභාගි වූ නැග්රැක් චාරිකාවේ තොරතුරු මේ ලිපියට එකතු කරමි.
බලංගොඩ වතු සමාගමට අයත් නන්පේරියල් තේ වත්ත ඉහළ මුදුනේ, මුහුදු මට්ටමෙන් අඩි 7000 ඉක්මවූ උසක පිහිටා තිබෙන නැග්රැක් බංගලාව හා ඒ අවට පරිසරයේ අති සුන්දර ඡායාරූප රාශියක් හදිසියේ මෙන් දක්නට ලැබුන කාලයේ සිරා කොලුවා සිටියේ මැලේසියාවේ රැකියාවක නිතර වෙමිනි. මේ බංගලාවට පිවිසීමට ඇති මාර්ගයේ පවතින ස්වභාවික බාධකත්, සති අන්තයකට බංගලාව වෙන් කිරීමේ අපහසුතාත් සැලකීමට ගත් විට මෙය සැබැවින්ම ආයාසයෙන් යා යුතු චාරිකාවකි.
සුන්දර නැග්රැක් බංගලාව
ඡායාරූප දුටු දිනයේ සිටම සිරා කොලුවා නැග්රැක් සංචාරයකට සිහින මැවූ බැව් රහසක් නොවේ. එතැන් සිට ගත වූ වසර කීපයක ඇවෑමෙන් ඒ සිහිනය සැබෑ වන්නේ අතිජාත ස්කූටරය මතින් වීම සතුටට කාරණයකි. මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ ඒ අයාසකර ගමනේ තොරතුරු සමුදායයි.
සිරා කොලුවා ඇතුලත්ව නැග්රැක් ගමනට එක් වූ ස්කූටර් දුසිමෙන් බහුතරය රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතව තිබෙන ඒවා නිසා චාරිකාව ආරම්භ වූයේ රත්නපුරය නගරයෙනි. ඒ නිසාම පෙර දින රාත්‍රියේ එහි යන්නට මා හට සිදුවූවේය.
රත්නපුර සීවලී ක්‍රීඩාංගනය ඉදිරිපිටදී කොළඹින් පැමිණි පිරිසත්, අවශේෂ ස්කූටර් කරුවනුත් එකට එක් වූ පසුව නිළ වශයෙන් නැග්රැක් චාරිකාව අරඹුනේය. රත්නපුර නගරය, කුරුවිට, බලංගොඩ පසුකරමින් ඉදිරියට ඇඳුන ස්කූටර් කරුවන් බෙලිහුල්ඔයට ලගා වූ පසුව කොළඹ බදුල්ල මාර්ගයේ, සඹරගමු විශ්වවිද්‍යාලයට කලියෙන් මුණ ගැසෙන පඹහින්න හන්දියේදී නැග්රැක් දෙසට ඇදෙන කිලෝමීටර් 21 ක් දුර මාර්ගය අපට සම්මුඛ වූයේය.
සීවලී ක්‍රීඩාංගනය ඉදිරිපිටදී
පඹහින්න හන්දිය
මේ මාර්ගයේ හිරිකටු ඔය පසුවන තෙක් මාර්ගය යම් තරමකින් හොඳ තත්වයේ පැවතියත් එතැන් පටන් ඇත්තේ දැඩි ලෙස අඹලන් වූ මාර්ගයකි. මේ කිලෝමීටර් 21 තුල ඇති සමස්ත වංගු ගණන 33 කි. ඒ නිසාම නැග්රැක් ගමන ලෙහෙසි පහසු නැත. ඔබ වාහනයකින් එහි යනවා නම් එය 4 x4 වාහනයක් වීම අනිවාර්ය කාරණයකි. එලෙසම එහි රියදුරාද රියදුරුකම පිළිබඳ හොඳ හැකියාවක් සහිත කෙනෙකු විය යුතුය.
මාර්ගයේ තැන තැන විසිරුන ගල් මිසක තාර නැත
දැන් අප කෙමෙන් කෙමෙන් කදු ශිඛර අතර හුදෙකලා වූ, ගලා ගිය වැසි දියෙන් පීඩිතව තාර ගැලවී ගොස් සෝදාපාළු වූ මාර්ගයක ක්‍රම ක්‍රමයෙන් ඉහළ නගින්නෙමු. මේ පළාත් වල වැසියන්ට ඇත්තේ බාහිර සමාජය සමග ඉතා සුළු වූ ගණුදෙනුවකි. මීදුමෙන් වැසුන කඳු පන්ති අතර සැගවුන ලැයිම් කාමර තුල ඔවුන්ගේ ලෝකය තනි වී තිබේ. මේ තනිකමට බාධා කරන්නේ..බාහිර සමාජය සමග ඔවුන් සම්බන්ධ කරන්නේ මේ මාර්ගයේ ධාවනය කෙරෙන තනි දොරේ එකම එක ලංගම බස් රථයයි.
සිරාගේ අතිජාත ස්කූටරය හෙවත් කහ කුරුල්ලා
චාරිකාවේ නිරත වන ඇතැම් විටක ඇතැම් ස්කූටරයක් හදිසියේ රෝගාතුර වෙයි. එවැනි විටෙක කණ්ඩායමේ සිටින දොස්තරලා ඒ රෝගියා ගොඩගන්නට වෙහෙසෙයි. කාලය වැඩියෙන් ගත වෙයි නම් පිරිසකට ඉදිරිය බලා ඇදෙන ලෙස උපදෙස් ලැබෙයි. එවැනි උපදෙසක් අනුව ප්‍රථමයෙන් ඉදිරියට යන්නට නැග්රැක් ගමනේදී මා ඇතුලු කීප දෙනෙකුට සිදු වූහ.
චාරිකාවට පෙර දින රාත්‍රියේ මුණ ගැසුන රෝගියෙක්
පඹහින්න බලා පැමිණෙන අතරතුර බලංගොඩ නගරයෙන් අවශ්‍ය අඩුම කුඩුම සියල්ලම අපි විසින් මිළදී ගත්තෙමු. බංගලාවේදී අපට ආහාර ලබාගැනීමට නම් උවමනා දෑ එහි ගෙන යා යුතුය. ඒවා පිසදීම බංගලාවේ සේවය කරන පිරිස අතින් සිදු වෙයි.
දැන් දැන් කුසගින්න දැඩිව දැනෙයි. බලංගොඩදී මිළදී ගත් දිවා අාහාර පාර්සල් අපේ ගමන් මළු ඇතුලේ සිට සුවඳ විහිදුවයි. පිරිසක් අතර මග රෝගියෙකු සමග වෙහෙසෙයි. කෙසේ හෝ අවසානයේ පළමු කණ්ඩායමේ සිටි මා ඇතුළු කණ්ඩායම දිවා ආහාරය පිණිස මනරම් දිය ඇල්ලකට යාබද ස්ථානයක් තෝරා ගත්තෙමු.
දිවා ආහාරය පිණිස අපේ නැවතුම
ගත සිත සනසන සිහිල් සුළඟ ඒ මේ එත ගලායන ඇසිල්ලේ අප දිවා ආහාරය කුස තුලට යවා නැග්රැක් ගමනේ අසීරුම ඉසව්වට පය තැබීමටයි මේ සුජානම. මෙතැන් සිට මාර්ගයේ තාර ඇති තැනක් සෙවීම කළුනික සෙවීමටත් වඩා අපහසුය. ගල් ගැලවී පාර පුරා අපිළිවෙලට විසිරී ඇති මතුපිටෙක ස්කූටරය ධාවනය සැබැවින්ම අනතුරු දායක ක්‍රියාවකි. ස්කූටරයට සිදුවන හානි අවම කරමින් ධාවනය තවත් අභියෝගයකි. ඒ නිසා නැග්රැක් බංගලාව බලා අප ඇදෙන්නේ ඉතාම සීරුවෙනි.
නන්පේරියල් තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති සමූපකාර කඩ පිල අසල අප මඳක් නතර වීමට තීරණය කලේ පළමු සහ දෙවන ගියරයේ පමණක් ධාවනය වී ඇති පදම් රත් වී ඇති එන්ජින් වලට මඳ විවේකයක් ලබා දීමේ අරමුණෙනි. සමූපකාර වෙළඳසැලේ මුදලාලි සැබැවින්ම සුහදශීලී දමිළ ජාතිකයෙකි. හෙතෙම හොඳින් සිංහල හසුරවන නිසාම අපට අපේ ගමන් මාර්ගය ගැන බොහෝ දේ ඔහුගෙන් දැනගත හැකි විය.
නන්පේරියල් සමූපකාරය
සමූපකාරයෙන් පසු මඳ දුරකින් අපට නන්පේරියල් තේ කර්මාන්ත ශාලාව මුණ ගැසුනේය. එතැන ඉඳිරියේ පාර හරහා ඉඳිවුන සුදු පැහැති ගේට්ටුවකි. පුද්ගලික පාරකි යනුවෙන් එහි සටහන් වී තිබේ. මෙතැනි සිට ඇති මාර්ගය නන්පේරියල් වත්තේ පුද්ගලික දේපලක් වීම එයට හේතුවයි. බංගලාව වෙන්කරගත් කෙනෙකුට එම ගේට්ටුවෙන් ඔබ්බට මාර්ගයේ ගමන් කිරීමට බාධාවක් නැත. එහෙත් බංගලාව වෙන් කර නොගත් කෙනෙකුට ඔවුන්ගේ විශේෂ අවසරයක් ඒ වෙනුවෙන් ගත යුතුය.
නන්පේරියල් තේ කර්මාන්තශාලාව
මෙතැන් සිට ඉදිරියට යාමට අවසර ලබා ගත යුතුය
නන්පේරියල් ළමා ලෝකය
ලැයිම් කාමර පෙලක්
නැග්රැක් ගමනේ අපහසුම කොටසට දැන් අප පිවිසී සිටින්නෙමු. මේ කොටසේ ඇතැම් තැනක කොන්ක්‍රීට් වලින් මාර්ගය පිළිසකර කර තිබුනත් ඒ බොහෝ සීමිත පෙදෙසක පමණි. ඇතැම් තැනක මාර්ගය කුමක්දැයි එක්වනම හඳුනාගැනීමට අපහසුය.
සවස 5 වන විට මුහුදු මට්ටමෙන් අඩි 5000 ක් සළකුනු කරන බේකර්ස් වංගුවට අප සිව්දෙනෙකු මුලින්ම පිවිසුනෙමු. ඉතිරි ඇත්තන් 8 දෙනා මේ මාර්ගයේ විවිධ ස්ථාන වල තවමත් මග පැමිණෙමින් සිටිති. බේකර්ස් වංගුවෙන් ඔබ්බේ ඇති ස්වභාවික පරිසරය ඉතාම දැකුම්කළු එකකි. අප එහි යන විට මීදුමෙන් තොරව තිබූ එය, එහි පිවිසි සැනෙකින් මීදුමෙන් වැසී ගියේය. එතැන් සිට නැග්රැක් බංගලාව කරා ඇඳෙන මාර්ගය දැන් දැන් මීදුම් සළුවක ඔතා හමාරය.
බේකර්ස් වංගුව
හතර දෙනාම සූරයෝ
බේකර්ස් වංගුව අවට පෙදෙස මීදුමෙන් වැසෙන්නට ආසන්නව
වටින් ගොඩින් අඳුර ගලා එයි. අඳුරු වැටුන පසු මෙවැනි මාර්ගයක ගමන උගහට හෙයින් අපි යළිත් ගමන් ආරම්භ කළෙමු. අතිජාත ස්කූටරය කඩා වැටෙයිදෝ හිතෙන තරමට මාර්ගයේ බාධක රාශියකි. ඒ අතරින් සීරුවට සිරාගේ කහ කුරුල්ලා ධාවනය වෙයි.
මෙලෙස පැමිණි ගමනේ තවත් එක් සංධිස්ථානයක අපි නතර වූයෙමු. එහි මුහුදු මට්ටමේ සිට උස අඩි 6990 ලෙස සටහන් වී තිබේ. සිරුර පුරා දැනෙන්නේ කඳිම ශීතලකි. දුමාරයක් බඳු මීදුම පළාතම වෙලාගෙන සිටියි. එතැන් සිට බංගලාවට ඇත්තේ තවත් එක් කිලෝමීටරයකි. වෙහෙස කෙතරම් දැඩි වුවත් මේ පණිවිඩය අපට මහත් ධෛර්යයකි. ඒ අනුව වෙන් වෙන් වශයෙන් ස්කූටර් 4 ක් තවත් අඩ පැයකින් පමණ එහි ලගා වූයේය. එදා මෙදාතුර නැග්රැක් බංගලාවට පැමිණි පළමු ස්කූටර් කණ්ඩායමේ ආගමනය එසේ සිදු වූවේය.
නැග්රැක් බංගලාවේ භාරකරු ක්‍රිෂ්ණා අප සියල්ලෝ සාදරයෙන් පිළිගෙන බංගලා මිදුලේ එළිමහනේ ප්ලාස්ටික පුටු කීපයක් තබා අසුන් පැනෙව්වේය. සැබැවින්ම මිදුල අවට ඇති ස්වභාවික සුන්දරත්වය වචනයෙන් පැවසිය නොහැකි තරමට විශිෂ්ඨය. සිරා කොලුවා වන මා මව්බිමේ එතරම් සුන්දර දර්ශනයක් කලින් දැක නොතිබුනි. මිදුල උඩින් වලාකුළු මෙන් ඇදෙන මීදුම ඒ වෙලාවේ එතැන මැව්වේ පාරාදීසයක අසිරියකි. කෙමෙන් කෙමෙන් දැඩි වන ශීතල අතරේ අප අපහසුතාවට පත්වන දුටු ක්‍රිෂ්ණා...
ක්‍රිෂ්ණා...
මහත්තයලට තේ හදලා දෙන්නද ? යනුවෙන් විචාලේය ...
ක්‍රිෂ්ණාගේ සුරතින් ලැබුන තේ කෝප්පයේ රස පහස විඳින අතරතුර හෙතෙම අප සමග බෙහෙවින් කුළුපග වී කථාබහට එකතු වූවේය. ඒ කථාබහේ ඇතැම් තොරතුරු ඔබට කියන්නට මම රිසි වෙමි.
බේකර්ස් සුදු මහත්තයා තමයි ඉස්සර නන්පේරියල් මේ පළාතෙ පාලකයා. එයාට ඉන්න හදපු ගේ තමයි අද මේ නැග්රැක් බංගලාව කියලා කියන්නෙ. මේ ගේ හදන්න බඩු අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ඔහිය ස්ටේෂන් එක පැත්තෙන් හදපු අඩි 3 ක් පළල පාරක් දිගේ. ඒ කාලෙ පඹහින්න පැත්තෙන් එන පාර බේකර්ස් වංගුව ලගට එනකං ඇවිත් නතර වෙලා...මොකද ඒ කාලෙ බේකර්ස් වංගුව හදලා නැති නිසා...බංගලාවෙ ඉදන් බේකර්ස් වංගුව පැත්තට යන පාරත් වංගුව ලගින් නතර වෙලා.
කහ කුරුල්ලා බංගලාව ඉදිරිපිට
දවසක් දා බේකර්ස් සුද්දා තමන්ගෙ නෝනත් එක්ක දුම් පයිප්පයක් උරන්න අශ්ව කරත්තෙ අස්පයගෙ රැහැන අත ඇරලා...ඒ වෙලාවෙ පාලනයකින් තොරව ඉඳිරියට ඇදුන අස්පයයි කරත්තයයි දෙකම අද බේකර්ස් වංගුව තියෙන තැන එදා තිබුන ප්‍රපාතයට වැටිලා විනාශ වෙලා. අන්තිම මොහොතෙ කරත්තයෙන් එළියට පැනගන්න පුලුවන් වෙච්ච නිසා මේ ජෝඩුවෙ දිවි රැකුනලු.
එදායින් පස්සෙ තමයි අශ්ව ලාඩමක හැඩයට ඔය වංගුව හැදුවා කියන්නෙ. බේකර්ස් සුද්දා හදපු නිසයි බේකර්ස් වංගුව කියන්නෙ. බේකර්ස් දිය ඇල්ල හොයාගෙන තියෙන්නෙත් එයාම තමයි.
අලි ඇත්තු දාහකට වඩා වෙඩි තියලා මරලා දාලා...සොහොනට අදත් අකුණු ගහනවා කියන්නෙ මේ කියන බේකර්ස්ගෙමද ? මම ක්රිෂ්ණාගෙන් ඇහුවා.
හරියටම හරි...ඒ සුද්දා තමයි අපි මේ කියන බේකර්ස්...1938 දි මේ බංගලාව හදන්න, මේ මිදුල සමතලා කරන්න මිනිස්සු මොන තරම් මහන්සි වෙන්න ඇතිද ...ඔක්කොම දෙමළ වතු කම්කරුවො තමයි වැඩ කරලා තියෙන්නෙ. අද වගේ වාහනත් නෑ..පාරත් බොහොම දුෂ්කරයි. ඔහිය ඉස්ටේෂමේ ඉදලා කරෙන් තමයි ගොඩාක් දේවල් මෙතනට ගෙනාවා කියන්නෙ. ඊට අමතරව කේබල් එකකුත් දාලා තිබුනලු. ඒ කේබල් එතුන රෝදෙ බංගලාවෙ මිදුලෙ පැත්තක තියෙනවා. ඒ වගේම හවස 6 වෙනකං හැමදාම වගේ බංගලාව හදන වැඩ කෙරිලා තියෙනවා. හරියට වැඩ කරන්නෙ නැති මිනිස්සුන්ට බේකර්ස් සුද්දා කසයෙන් ගැහුවා කියලත් අපේ වැඩිහිටියො කියනවා මම අහලා තියෙනවා.
සුදු පාලන සමයේ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත් කේබල් එතුන රෝදය
සුදු පාලකයන්ගෙන් පස්සෙ මේ වත්ත රජයට අරගෙන තියෙනවා...ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා මධුසමයට ඇවිල්ලා තියෙන්නෙත් මේ බංගලාවට. දැනට අවුරුදු 10 ක විතර කාලෙ ඉඳන් තමයි මේ බංගලාව සාමාන්‍ය ජනතාවට විවෘත උනේ. හැරී ජයවර්ධන මහත්තයා මේ වතු සමාගම ගත්තට පස්සෙ.
නන්පේරියල් කියන නම කොහොමද හැදිලා තියෙන්නෙ...මම ආයෙමත් ඇහුවා...
නන් කියන්නෙ නමක්...පෙරිය කියන්නෙ උස කියන අදහස...මේ පළාතෙ උසම තැන කියන අදහසින් තමයි නන්පේරියල් කියන්නෙ.
මුහුදු මට්ටමේ සිට අඩි 7000 ඉක්මවා යන උසක් ඇති නන්පේරියල් බංගලාවේ මිදුල ඉදිරිපිට ඇත්තේ කඳු පන්තියකි. ගොම්මල කන්ද , උඩවලව, චන්ද්‍රිකා වැව, තණමල්විල, අඹේවෙල, බලංගොඩ, නුවර එළිය වැනි පළාත් ක්‍රිෂ්ණාට අනුව නැග්රැක් බංගලාව ඉදිරිපිට සිට නැරඹීමට හැකිය.
බංගලාවේ මිදුලෙන් ඔබ්බේ පෙනෙන රමණීය දසුන
මඳින් මඳ පැමිණි අඳුර ඝන අඳුරක් බවට පත්වෙන විට එකා දෙන්නා බැගින් ස්කූටර් කරුවන් එහි ලගා වූහ. එහෙත් තවත් 4 දෙනෙකුගේ අඩුවක් තවමත් තිබේ. අපට හිමි කාමර පෙන්වූ පසු ගමන් වෙහෙස නිවෙන්නට උණුසුම් ජලය ස්නානය කොට සාලයේ ඇති ගිණි උඳුන ඉදිරිපස ඉඳගන්නා විට රාත්‍රී 8 කණිසම එළැඹී තිබුනි.
බලංගොඩින් මිළදී ගත් ආහාර ද්‍රව්‍ය මෙන්ම රහමෙරද ප්‍රවාහනයේ පහසුව පිණිස එකිනෙකා අතර බෙදා දී තිබුනේය. ඒවා පැමිණි පිළිවෙලට කුස්සිය කරා ගමන් ගත් අතර නැග්රැක් බංගලාවේ කෝකියා යුහුසුළුව සිය කාරිය ආරම්භ කොට තිබුනේය. ඔහුට සහාය වන ක්‍රිෂ්ණාගේ දසුන එතැන් සිට වඩාත් සුලභ වූවේය.
රාත්‍රී 9 කණිසම වන විටත් තවත් තිදෙනෙකුගේ අඩුවක් පැවතිනි. බංගලාවට පැමිණෙන මාර්ගයේ බොහෝ තැන්හි දුරකථන සංඥා ක්රිියාත්මක නොවීමත් හේතුවෙන් ඔවුන් සිටිනා තැන නිශ්චිතව දැනගන්නට ක්‍රමයක් නැත.
බංගලාවේ ඇතුලත දර්ශන
ස්කූටර් කණ්ඩායමේ සිටි බොහෝ පිරිසකට දැන් දැන් බංගලාව තුල දැනෙන සිහිලස දරාගන්නට අපහසු සෙයකි. ඒ නිසාමදෝ එතෙක් අහුමුළු වලට සැගවී සිටි රහමෙර බෝතල් කරළියට පැමිණ අප අසුන් ගෙන සිටි ස්ථානයේ කුඩා ටී පෝවක් මත සැතපුනි.
අරුන් තුන්දෙනා එනකං පොඩි එකක් ගමු...තව පැය කාලක් බලලා ආවෙ නැත්තං අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් බලමු...ස්කූටර් කණ්ඩායමේ ජේෂ්ඨයා වූ ගමගේ ගොයියා එසේ පැවසූයෙන් අපි මධුවිත සමග ඇසුර ඇරඹුවෙමු.
පළමු වටය අවසන් වනවාත් සමගම හැතිදාගෙන පැමිණෙන ස්කූටර් එන්ජිමක ශබ්දය ශ්‍රවණය වූයෙන් අප සිත් සතන් පෙලූ අවිනිශ්චිතතාව පහ වූවේය.
ස්කූටර් දෙකක් මග දාලා එන්න උනා...ඒවා හදන්න නතර උනා හෙට තමයි මෙතනට එන්න වෙන්නෙ. මේ ගමනේ සංවිධායක රත්නපුරේ ධනුක ගමන් මහන්සියත්...අතර මගදී සිදුවූ අලකලංචිත් නිසාම මහත් සේ වෙහෙසට පත්ව සිටියේය.
ගතට දැනෙන කඳිම සිහිලසක, සිහිනයක් වූ තැනක දුසිමක් පිරිස දැන් සිටින්නේ මහත් වූ ප්‍රීතියෙනි. මෙවැනි දුෂ්කර මාර්ගයක් ස්කූටර් මතින් තරණය කරන්නට ලැබීමම මේ උත්කර්ශයට හේතු වී තිබුනි.
නැග්රැක් බංගලාවේ සුන්දරත්වයෙන් බිඳක්
සිහින සැබෑවන්නේ කැපවීමෙනි. එසේ සාක්ෂාත් වූ සංචාරයක් ලෙස මම නැග්රැක් සංචාරය දකිමි. මේ සිහිනයේ දැවටෙන්නට ඔබත් කැමති නම් අවැසි තොරතුරු ලිපියේ පහළින් දක්වා තිබේ.
සැ.යු - බංගලාව භාරකරු පැවසූ ඇතැම් කරුණු ඒ ආකාරයෙන්ම මෙම ලිපිය තුල වාර්ථා කොට තිබේ. ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ වගකීමක් සිරා කොලුවා වන මවිසින් භාරනොගනිමි. මවිසින් සිදුකලේ ඔහු දැක්වූ කරුණු ඒ ආකාරයෙන්ම වාර්තා කිරීම පමණකි.
කමෙන්ට් තීරුව තුල එවැනි ඇතැම් කරුණක් අරභයා අප හිතවත් pra jay විසින් තබා ඇති සටහන්ද කියවන්න.
මම කාමරේ අරින සිරා කොලුවා
ප.ලි
2018 වසරේ සිට එක් රාත්‍රියක් සඳහා නැග්රැක් බංගලාව රු 30,000/- ක මුදලක් අය කරයි. කාමර 5 ක ඇඳන් දෙක බැගින් 10 දෙනෙකුට හා උපරිම ලෙස 12 දෙනෙකුට එහි පහසුකම් තිබේ. රියදුරන් සඳහා වෙනම කොටසක් පසුපස කොටසේ ඉඳිවෙමින් පවතී.
නැග්රැක් බංගලාවේදී ඔබේ ආහාර අවශ්‍යතා ඉටුකරගැනීමට උවමනා අාහාර ද්‍රව්‍ය ඔබ එහි යන විට රැගෙන යා යුතුය. ලූණු ගෙඩියේ සිට තේ පැකැට්ටුව දක්වා සියලුම දෑ එයට අයත් විය යුතුය.
බංගලාවේ කාමර වායුසමනය කර නැත. එහෙත් උණුසුම් ජලය ස්නානය කිරීමේ පහසුව එහි ඇත. අළුයම් කාලයේ දැනෙන්නේ දැඩි ශීතලකි. හීටර්ස් නොමැති නිසාම එයට ගැලපෙන ඇඳුම් ආදිය රැගෙන යාම ඔබේ වගකීමකි.
බංගලාවට පිවිසීමට නම් 4 x 4 වාහන අවශ්‍යම යැයි මට සිතෙන්නේ මාර්ගයේ පවතින බාධක හේතුවෙනි. ඔබට එහි යාමට එවැනි වාහනයක් නැතිනම් නන්පේරියල් තේ කර්මාන්ත ශාලාව අසලට පැමිණ එම මාර්ගයේ ධාවනය වන ලොරියක් ඔබේ ගමන් පහසුව සඳහා ලබා ගත හැක. මෙම ස්ථානයේ නවාතැන් ගැනීමට අවැසි සියලුම විස්තර දැනගැනීමට එහි භාරකරු වන කිෂ්ණා අමතන්න. 0773 232 708 / 0455622533
නැග්රැක් බංගලාවේ පිටුපසින් හෝටන් තැන්නට යා හැකි අඩි පාරක් තිබේ. එහෙත් එහි ගමන් කිරීමට නම් වනජීවී දෙපාර්තමේන්තුවෙන් වේලාසන අවසර ගත යුතුය. එසේ නොමැතිව එහි ගමන් කිරීම නීතිවිරෝධී වන අතර එය දඬුවම් ලැබිය හැකි වරදකි.
මෙම බංගලාව ඉදිරිපිට ඇති ස්වභාවික දර්ශනය අතිශයින් චමත්කාර ජනක එකකි. ඔබේ මීලග සංචාරය මෙම ස්ථානයට නම් ඔබත් එහි සාක්ෂිකාරයෙකු වන නොඅනුමානය. නැග්රැක් බංගලාව සහ එහි වටපිටාව පිළිබඳ අන්තර්ඡාලයේ සවිස්තර ලිපියක අඩුව මෙමගින් යම් තරමකට සම්පූර්ණ වනු ඇත.
ස්කූටර් සමාජ ඇතිකිරීමෙන් පසු පැරණි ස්කූටර් සඳහා වන ඉල්ලුමත් ඒවායේ වටිනාකමත් බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ නිසාම පැරණි ස්කූටරයක් මිළදී ගැනීමට සොයාගැනීම ඉතාමත් අපහසු හෙයින් එවැනි ඉල්ලීම් ඉටු කිරීමට අපහසු බැව් කාරුණිකව සලකන්න.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com72World's End Trail, Sri Lanka6.7664502 80.781140300000061-18.7555843 39.472546300000062 32.2884847 122.08973430000006tag:blogger.com,1999:blog-579265960012007263.post-54681326621924643952017-10-29T03:49:00.000+05:302019-04-01T06:19:08.819+05:30ගල්කඩවල චූටි හීන
සිරා කොලුවා ඇතුලු මිත්තර සම්පත්තිය විසින්, දුෂ්කර පළාත් වල අඩු පහසුකම්, විශේෂයෙන් මූල්‍ය අවහිරතා මැද අකුරු කරන දූ දරුවන් හට සරණක් වීමේ අරමුණින් ඇරඹූ අරුණළු ව්‍යාපෘතිය වටේට දැන් බොහෝ පිරිසක් අත්වැල් බැඳගෙන අවසන්. පහුගිය මාර්තුවෙ දිඹුලාගල කන්දේගමට වැටුන අරුණළු එළියෙන් පස්සෙ තවත් එවැනිම ආකාරයේ සත් කටයුත්තකට දායක වෙන්න සැප්තැම්බර් මාසයේ මුල් භාගයෙදි අපිට හැකි උනා.
අපේ හන්දියෙ කුඩා සන්ධියෙ සිට ජීවත් වෙලා, දැන් කැංගරු දේශයේ කල දවස ගෙවන මධුසංඛ ගොයියා සිරා කොලුවගෙ බොහොම හොඳ හිතවතෙක්. මධුසංඛ මුහුණු පොතේ හක්කොලං කරන වෙලාවක තමයි බොලාට අද කියන්න යන කාරණේ ගැන මුලින්ම සැල කොලේ.
බොලා මාර්තුවෙ කලා වගේ බොහොම දුප්පත් ඉස්කෝලෙකට උදව් කරන්න මමත් කැමතියි. මගෙ ළමයි දෙන්නගෙ වගේම අම්මගෙ උපන් දින යෙදිලා තියෙන්නෙත් සැප්තැම්බර් මාසෙ, ඒ වෙනුවෙන් අපි යමක් සූජානම් කරමු. මම ලංකාවට එනවා අගෝස්තු අන්තිමේ...
දිඹුලාගලින් පස්සෙ සිරා කොලුවා එක්ක එකදු පහදු වෙච්ච දිලීප මලයට සිරා කොලුවා මධුසංඛගේ පයින්ඩෙ ලබා දුන්නා. දිලීප කියන්නෙ රත්තරං හදවතක් තියෙන ඉස්තරං කොල්ලෙක්. අහස් දිය පමා වෙලා වැවේ රොන් මඩ පුපුරලා යද්දි, භව බෝග පරඬැල් වගේ හුළගෙ ලෙලදෙන, ජීවිතේ ගැටගහගන්න හතර අතේ කල්පනා කරන, දරිද්‍රතාවෙ පතුලෙ ඉන්න උතුරු මැද පළාතෙ අහිංසක දෙමාපියන්ගෙ දරුවන්ට, අ.පො.ස සා.පෙ ගණිතය විෂයට අඩුම තරමෙ සාමාන්‍ය සාමාර්ථයක්වත් ලබා දෙන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා උගන්වන එක තමා අපේ දිලීප මල්ලිගෙ එකම සැපත. ගණිතයට සාමාන්‍ය සාමාර්ථයක්වත් නැතුව කවුද මේ කොල්ලන්ට කෙල්ලන්ට සේල්ස් ජොබ් එකක්වත් දෙන්නෙ හැබෑට.
දවස් තුන හතර පාසලේම නතර වෙලා. ඩෙස්ක් දෙක තුනක් ලං කරගෙන, කඩදාසි කොළයක් ඒ මත එලාගෙන බොහොම අපහසුවෙන් නිදි සුව විඳලා, බඩට බත් නැතුව දිලීප මල්ලි කරන මේ සටන ගැන ඇත්තමයි සත්තයි මට හරිම ආඩම්බරයි. ඔහු වැනි පුතුන් තව තවත් මේ දෙරණ මත බිහිවේවා කියලා මේ ලිපිය අස්සෙන් පතන්න මම හරි මනාපයි. දිලීප මල්ලි මේ ගමන් බිමන් වලදි ලබන අත්දැකීම් වලින් මෙවැනි ලිපි රාශියක් ලියන්න පුලුවන්. ඒ සමහරක් කථා ඔබ කවදාවත් අසා නැතුවාට කිසිම සැකයක් නෑ.
අතනින් මෙතනට, මෙතනින් අතනට, දිලීපට එක තැනක් කියලා නෑ. මහා අව් කාෂ්ඨකේ දැවෙන, අපේම මිනිස්සුන්ගෙ දූ දරුවන්ටත්, හෙටක් තිබිය යුතුයි කියලා ඔහු තරයේ විශ්වාස කරන නිසා ඒ අය වෙනුවෙන් ඔහු හැමදාමත් නිවසින් ඈතයි. ඔහුගෙ පියානන් නිවන් දැකලා සෑහෙන දොහක් ගතවෙලා. මේ වගේ අතිජාත පුත්‍රරත්නයක් හැදුව මනුස්සයා නිවන් නොදැක කෝමෙයි. ඉඳලා හිටලා දවසක ගෙදර හිටියත් දිලීපගෙ අම්මගෙ හිතේ කොල්ලා ගැන අරියාදුවක් නෑ. තමන්ට පුලු පුලුවන් විදියට උතුර මැද පළාතෙ, අව් කාෂ්ඨකේ පිච්චෙන මිනිස්සුන්ගෙ දරුවන්ට ඔහුගෙන් ඉටුවන සේවය ගැන එතුමිය නිහඬවම ආඩම්බර වෙනවා ඇති.
දිලීප මල්ලි
ඔයින් මෙයින් දිලීප මලයා මට දුන්න පාසල් දෙක පිහිටා තිබුනෙ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල පළාතේ ගල්කඩවල කියන ඉසව්වෙ. පළමුවැනි පාසල 1 වසර සිට 5 වසර දක්වා පන්ති පැවැත්වෙන, දරුවො 85 දෙනෙක් ඉගෙනගන්න, ගල්කඩවල කණිෂ්ඨ විද්‍යාලය, දෙවැනි පාසල 1 වසර සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන, දරුවො 81 දෙනෙක් අධ්‍යාපනය හදාරන පඹුරුගස්වැව විද්‍යාලය. වෙනසක් නොකර මේ පාසල් දෙකටම හැකි විදියට උදව් කරමු කියන අදහසේ තමා අපේ මධුසංඛ ගොයියා උන්නෙ.
අරුණළු වෙනුවෙන් මේ සත්කාර්යය සංවිධානය කරන වගකීම මගේ කරපිටට වැටුනට පස්සෙ, මම මුලින්ම කලේ පාසල් ද්විත්වයේ අවශ්‍යතාවන් මොනවද කියලා විදුහල්පතිතුමන්ලාගේ මාර්ගයෙන් දැනුවත් වීම. ඔවුන් සමග සබඳතාව ගොඩනගාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලැබුන සහයෝගයත් බැති සිතින් සිහිපත් කල යුතුයි. අධ්‍යාපන උපකරණ වල හිගකම තමයි වැඩියෙන්ම ඉස්මතු උනේ.
අපේ ඉස්කෝලෙ පරිගණක කීපයක් තිබුනත් ප්‍රින්ටර් එකක් නෑ. හදිසි අවශ්‍යතාවයකට ප්‍රින්ට් අවුට් එකක් ගන්න අපිට කිලෝමීටර් 10 කට කිට්ටුව යන්න උවමනායි. මහත්තුරුන්ට පුලුවන් නම් අපිට ප්‍රින්ටරයක් අරගෙන දෙන්න ඒක අපිට ලොකු උදව්වක්.
ගල්කඩවල විද්‍යාලයේ විදුහල්පති තුමා එහෙම කිව්වම මට පුදුම හිතුනා. අඟහරු මත ජනාවාශ පිහිටුවන්න, සෙනසුරු ග්‍රහයා මත යානා ගොඩබස්සන්න සමත් තාක්ෂණයක් තියෙන ලෝකෙ තවත් තැනක ප්‍රින්ට් අවුට් එකක් ගන්න කිලෝමීටර් ගනනාවක් යා යුතුයි.
පඹුරුගස්වැව විද්‍යාලයට මුද්‍රණ යන්ත්‍රයක්
ගල්කඩවල විද්‍යාලයට මුදුණ යන්ත්‍රයක්
විදුහල්පතිතුමන්ලා දෙන්නම මුදුණ යන්ත්‍රය බැගින් ඉල්ලා සිටියා. ඒ වගේම අපේ වෑයම බොහෝම අගය කලා, වරින් වර අවශ්‍ය තොරතුරු කාරිය සම්පාදනය කොරද්දි, සිරා කොලුවා වන මම පුරුදු විදියට අරුණළු මගින් වෛද්‍ය සායනයක් පවත්වන්න යුධ හමුදා වෛද්‍ය, මා මිත්‍ර සමින්ද ගොයියත්, ඖෂධවේදී ලක්මාල් ගොයියත් ලං කර ගත්තා. මම හරිම ආඩම්බරයි, මෙවැනි මිත්තරයන් ගැන. ඒ අය රාජකාරි වෙලාවෙන් පස්සෙ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා සල්ලි මිටි බඳින්නෙ නෑ. රජයෙන් අපිට ගෙවන ගාන අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න හොඳටම ඇති බං. නිදහස් අධ්‍යාපනයෙන් අපි ඉගෙන ගත්තෙ. අපිත් දුප්පත් පවුල් වලින් ආපු උන්. අපේ වගකීම අපේ රටට පුලුවන් උපරිමයෙන් සේවය කරන එක. දරිද්‍රතාවයෙ පතුලෙ ඉන්න මිනිහගෙ දුක දැනගන්න අපිත් දුප්පත් විය යුතු නෑ. හදවත ගොඩාක් පොහොසත් නම් ඇත්තමයි ඔබටත් ඔවුන්ගේ දුක හොඳින් දැනේවි.
අද අපි දරන පදවි තානාන්තර නම්බු නාම කිසිවක් නැති අතීතයෙදි, ගම්පහ පුස්තකාලෙ සුදු අරලිය ගහ යට කෙළි කවට සිනහවක ගිලුන සුන්දර මිත්‍රත්වය අද දක්වාම වෙනසක් නැතුව ආරක්ෂා කරගෙන එන නිසාම සිරා කොලුවා වන මට මේ පිරිස මගේම සහෝදරයො තරමට ලගයි. ඉතින් ඒ හිතවත්කම අරුණළු කියන සංකල්පය යටට ගෙනාවම තවත් සුන්දරයි.
අරුණළු යට නැවත හමුවුන පැරණි මිතුදම
පොඩි උන්ට අපි මොනවද දෙන්නෙ ? මධුසංඛ මුහුණුපොතෙන් තවත් දවසක මගෙන් ඇහුවා.
විදුහල්පතිතුමාලා කියන්නෙ අධ්‍යාපන උපකරණ වල අඩුවක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඒ දේවල් දෙමු. පොඩිම අයගෙ උපකරණ ටික ලස්සන ඉස්කෝල බෑග් එකක දාලා දෙන්න තියෙනවා නම් එයාලා ආශා වෙයි. මම එහෙම කිව්වා.
ඔස්ට්‍රේලියාවෙන් සමහර විට ලංකාවෙ ගානටම හෝ ඊටත් අඩුවෙන් පොඩි අයට හොඳම ඉස්කෝල බෑග් ගේන්න පුලුවන් වෙයි. ඒත් ලංකාවෙ හදන කෙනෙකුගෙන් මේවා ගත්තොත් අපේ කෙනෙක්ටමනෙ මේ බිස්නස් එක යන්නෙ...ඒ නිසා අපිට උවමනා බෑග් ටික ඒ විදියට ගමු. මධුසංඛ එහෙම කිව්වෙ නොරටක වාසය කලත් ඔහුගේ හදවත ලංකාවෙ තියෙන නිසයි. ඒ අනුව අපේ බෑග් ඇණවුම දකුණු පළාතෙ, බෙන්තර පැත්තෙ දිරිය ළඳකට යොමු කලා. අපේ සත්ක්‍රියාව ගැන විස්තර අහපු ඇය ඉතාම සතුටට පත් උනා විතරක් නෙමෙයි නිෂ්පාදන වියදම විතරක් අරගෙන ලස්සන ලස්සන බෑග් දෙන්න කැමති උනා.
ඇත්තමයි..මට හරිම සන්තෝෂයි මම හදන බෑග් පොඩි අය කරේ එල්ලගෙන ඉන්නවා දකින්න. අනේ ඔයාලා ආධාර දුන්නට පස්සෙ මටත් බලන්න ඒ අයගෙ පින්තූර එවන්න. මගේ බෑග් කරේ එල්ලගෙන ඉන්න පුංචි කොල්ලො කෙල්ලො. ඇයට තිබුනෙ අහිංසක ආශාවක්.
පීපල්ස් පාක් එකේ ශෂී කලින් වතාවෙ වගේම මේ වතාවෙත් අධ්‍යාපන උපකරණ ලැයිස්තුව සකස් කරලා බොහොම අඩු මුදලට ඒවා අපිට ලබා දුන්නා. ඔහු සේවය කරන ආයතනය මේ එක් එක් වර්ග පිටරටින් ගෙන්වලා තොග පිටින් අළෙවි කරණ ආයතනයක්. සිංහල අමාරුවෙන් කථා කලත්..වැඩේ අරුණළු නම් ශෂී අපිට උදව් කරන්නෙ හදවතින්මයි.
අවශ්‍ය අඩුම කුඩුම සියල්ල මැනවින් සම්පාදනය කරගෙන, පහුගිය සැප්තැම්බර් මාසෙ දවසක අරුණළු අපිත්, මධුසංඛ සහ පවුලේ උදවියත් ත්‍රී කුණාමලය බලා පිටත් උනා. මුලතිව් යුධ හමුදා කඳවුරකින් පිටත් වෙලා නිවසට ඇවිත් දෙපැයක් නිදාගන්න නොලැබුන මගේ වෛද්‍ය මිත්‍රයත් කලින් පොරොන්දු උනා වගේම නෑ බෑ නොකියා ගමනට එකතු උනා. ඔය පැතිවල පොඩි අයට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් චර්ම රෝග අධිකයි. ඒ නිසා ඒවට ගැලපෙන බෙහෙත් වැඩියෙන් දා ගනින්. අපේ ඖෂධවේදි ලක්මාල් වෙත වෛද්‍ය උපදෙස් ලැබුනෙ එහෙමයි.
අපේ පුතා ඉයන් ලැබුනට පස්සෙ මගේ නෝනා මුලින්ම ලංකාවට එන්නෙ මේ වතාවෙ අවුරුදු 4 කට පස්සෙ. අපේ පුතා ඉයන් මුල්ම වතාවට තමයි මේ ලංකාවට ආවෙ. මට පෙන්වන්න ඕනෙ ඔස්ට්‍රේලියාවෙ එයාලට තියෙන පහසුකම් කොච්චරක්ද කියන එක. ඒ පහසුකම් වලට ගොඩාක් අඩු පහසුකම් යටතේ ලංකාවෙ අයියලා අක්කලා ඉගෙන ගන්න මහන්සි වෙන විදිය. මට ඕනෙ එයාවත් එයාගෙ තාත්තා වගේ අනාගතේ දවසක මේ රටේ අසරණ මිනිස්සු වෙනුවෙන් යමක් කරන මිනිහෙක් බවට පත් කරන්න. මධුසංඛ නුවර එළි ශීතල අස්සෙ බස් රථය ඇතුලෙදි එහෙම කිව්වා. ඔහුගේ ඥාති සමූහයාගෙන් බොහෝ පිරිසක් මේ ගමනට එකතු වෙන්නෙ පෙරදා අළුයම වනතෙක් පොඩි උන්ගෙ තෑගි ටික අපූරුවට පාර්සල් කරලා තිළිණ වෙච්ච නිදිමත වගේම මහන්සියත් දරාගෙන.
ආධාර වැඩසටහනට කලින් දවසෙ අපි ත්‍රීකුණාමලයෙ නවාතැන් ගත්තා. එතැන ඉදන් අපෙන් ආධාර ලැබෙන පාසල් වලට තියෙන්නෙ සීමිත දුරක්. අපිට පොඩි උන්ව රස්තියාදු නොකර වෙලාවටම යන්න පුලුවන්.
ඉරිදා කියන්නෙ දහම්පාසල් දවස. අද ළමයි දහම් පාසල් යන්නෙ නැතුව ඉස්කෝලෙට ගෙන්න ගන්න මම හාමුදුරුවන්ගෙන් අවසර ගත්තා. උන් වහන්සේත් පාසලට වඩිනවා. ගල්කඩවල විද්‍යාලයෙ විදුහල්පතිතුමා දුරබණුවෙන් දවසක්දා මට එහෙම කිව්වා.
නායක හිමියන්
ත්‍රීකුණාමලයෙදි ගත වෙච්ච අරුණළු අපේ රාත්‍රිය හරිම සුන්දරයි. ත්‍රී කුණාමලය ජැටිය අයිනට වෙලා නිහඩ පරිසරයට අපෙන් එකතු උන ගීතාවලියට අත්වැල සැපයූවෙ තාලයකට බිඳෙන සයුරු රළ පමණයි.. ඉස්සර පෙම්වතුන් වෙච්ච, දැන් ප්‍රිය බිරිඳ සැමියා විදියට, දරු සුරතල් විඳිමින් එක වහළක් යට දිවි ගෙවන ජෝඩු කීපයක්ම මෙතන ඉන්නවා. ඒ ඇත්තන් තමන්ගෙ යටගියාව, ගැන මෙනෙහි කරන මතකයන් හරිම අපූරුයි.
ලංකාවෙ පාසල් යන කාලෙ පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයකට තම්මැට්ටම් ගහපු නිසාම මධුසංඛට ඉතාම අපූරුවට කොංගෝව වාදනය කරන්න පුලුවන්. ඔහු රහට වාදනය කරද්දි ඒ රාත්‍රිය වඩ වඩාත් සුන්දර එකක් උනා. කරදිය සුවඳ මුසුවෙච්ච කාක දූපත පැත්තෙන් හමන මන්ද මාරුතයෙ සිහිලසත්, අපිට ඉහළින් අප දෙස බලා උන්නු තරු වියනත් අපේ ප්‍රේක්ෂකයන් වාගෙයි.
සෙනසුරාදාවක ත්‍රීකුණාමලයට ගියපු අපිට ඉරිදා දවසට අරුණළු නැගුනෙ අළුත් බලාපොරොත්තු රාශියක් හදවතේ පුබුදමින්. සුනංගු නොවී පළමු පාසලට යන්නයි අපේ වෑයම. පුංචි පුංචි බලාපොරොත්තු පොදිබැදගෙන අප එන මග දෙස නෙත් යොමාගෙන බලා ඉන්න පුංචි හිත් රස්තියාදු කරන්න අපිට හිත දෙන්නෙ නෑ. පොඩි අයට අපි එහෙන් එද්දිම ටොෆී ගෙනාවා. මධුසංඛගෙ ප්‍රිය බිරිඳ පියුමි විවිධ වර්ගවල ටොෆී ඇතුලත් පාර්සලයක් තමන්ගෙ ලගින් තියාගත්තා.
වෙස් නැට්ටුවො, තූර්ය වාදක කණ්ඩායම්, ටයිපොලු හිරකරගත්ත සර්ලා, හැට්ට කර යටටම කපපු, කොණ්ඩෙ රීබොන්ඩ් කරපු ගුරුතුමියො මේ පාසල් වල නෑ. ඒ නිසා ඔවුන් චාරිත්‍රානුකූලව බුලත් අතක් බැගින් දෙමින් අපේ ඇත්තන්ව පිළිගත්තා. අප පාසලට පිවිසෙන මග දෙපස පොඩි උන් අත්පුඩි තලමින් හිනැහුනා.
පොල්තෙල් පහන් සිල දල්වලා නායක හාමුදුරුවන්ගෙ අනුශාසනාවටත් සවන් දුන්නට පස්සෙ, තේ බීලම ඉමුද මහත්තුරු, නැත්නම් තේ නිවේවි. බුලත් කහටින් දුර්වර්ණව ගිය දසන් දක්වා විදුහල්පති රංජිත් මහතා සිනහා උනා. එතුමා ලඟ ගැමි සුවඳ ඕනෑවටත් වඩා තිබුනා. මොන තරම් අව්‍යාජ මිනිස්සුද මේ...මට එහෙමයි හිතුනෙ. ගල්කඩවල විද්‍යාලයේ පුංචි තේ මේසය එයාලගෙ හැකියාවෙ හැටියට සැරසිලා. මේ කලාපෙ කොහෙ ගියත් ආගන්තුක සත්කාර වලින් නම් ඉතින් අඩුවක් නෑ.
තේ පානයෙන් පස්සෙ ගුරුවරුන්, දෙමාපියො, පුංචි දරුවන් හැමෝම පන්ති කාමර 3 ක් වෙන් කරන බෝඩ් ලෑලි අයින් කරලා හදපු උත්සව ශාලාවෙ අසුන් ගත්තා. මේ පාසලින්ම ඉගෙන ගෙන අද ඒ පාසලේම ගුරුවරියක් ලෙස කටයුතු කරන මහත්මියක් තමන්ගෙ ළමා කාලය, ගමේ වටපිටාව, යුද්ධය ආදිය ගැන පැවසූ කරුණු බොහොම සංවේදියි. ගං වතුර ගලන කාලෙට ගෙදරට අදින ගවුම පිටින් ඉනවටක් වතුරෙ බැහැලා ගිහිල්ලා එගොඩවෙලා තමයි සුදු ගවුම ඇදගෙන අපි ඉගෙන ගන්න ඉස්කෝලෙ ගියෙ. ඇගේ නෙත් අග දිලිසෙන පුංචි කදුලු බින්දුවක් උත්සව ශාලාවෙ ඉදිරි පෙලේ අසුනක උන්නු සිරා කොලුවට පෙනුනා.
මේ පාසල් වලට මේ පරිසරයෙන්ම ගුරුවරු පත්කරන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නෙ. පිටින් එන ගුරුවරුන්ට මේ පරිසරයෙ ඉන්න හිත් දෙන්නෙ නෑ. එයාලා ආව වේගෙට වඩා වේගෙන් ආපහු යන්නයි කැමති. අපේ ඉංග්‍රීසි ගුරුතුමිය සේවයට ආව අලුත නිතරම එයාට හිමි නිවාඩු ගත්තා. ඊට පස්සෙ ප්‍රසූත නිවාඩු ගත්තා. ඊට පස්සෙ අඩ වැටුප් නිවාඩු ටික ගත්තා. දැන් වැටුප් රහිත නිවාඩු ටිකත් ඉල්ලුම් කරලා. දරුවො ගැන කැක්කුමක් නැති ගුරුවරු අන්න එහෙමයි මහත්තයො. විදුහල්පති තුමා එහෙම කිව්වා.
මේ කථාවලින් පස්සෙ අරුණළු වෙනුවෙන් මේ පුංචි කොලු පැටව්, කෙලි පැටව් ධෛර්යමත් කරමින් අපි කථා කලේ. ගැටලු හමුවේ පසුබා යන්නෙ නැතුව උත්සාහයෙන් ඉගෙන ගන්න කියන පණිවිඩේ තමයි අපට දෙන්නට අවශ්‍ය උනේ.
අරුණළු කන්දේගම වැඩසටනේදි අප මිත්‍ර නුවන් කුලසේකරට හැඬුම් ආවා වගේම, මා මිත්‍ර මධුසංඛටත් ඔහුගේ කථාව තුල වඩාත් සංවේදී වූ අවස්ථාවක් තිබුනා. මගේ දෙමාපියොත්, මගේ බිරිඳගේ දෙමාපියොත් අද අපි මේ කරන කටයුත්ත දිහා බලාන බොහෝ සතුටු වෙනවා ඇති. ඔහු එලෙස පවසද්දි සභාගැබේ උන්නු ඔවුන්ගේ දෙමාපියන් ඉතාම සංවේදීව ඔහු දෙස බලාන උන්නා. ඇතැම් වෙලාවට අපට දැනෙන මිනිස් හැගීම් විස්තර කරන්න වචන නෑ.
මධුසංඛ
1 වසරෙ ඉදන් පිළිවෙලට ත්‍යාග ප්රදානය ආරම්භ උනා. ඉයන් වගේම ඉයන්ගෙ අක්කා එලිසාත් මේ පුංචි යාලුවන්ට තෑගි බෙදාදෙන්න බොහොම කැමැත්තෙන් දායක උනා. පුංචි දරුපැටව් හරිම ආශාවෙන් මේ තෑගි දෝතින් බදාගන්නකොට ඒ අයගෙ සතුට අපිටත් දැනෙනවා වාගෙයි.
බලන්න මේ පුංචි පුතාගෙ සතුට....
නංගි ඔයාගෙ නම මොකක්ද ? කටකාර කොලුවෙක් එලිසාගෙන් ඇහුවා...
එලිසා...
හෙ හෙ...ඒ මොන ජාතියෙ නමක්ද....ඒ.. පොඩි උන් රෑන කොක්හඩලා හිනාවෙන කොට එලිසත් ඒ හිනාවටම එකතු උනා.
එලිසා
ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව විදුහලේ පන්ති කාමරයක අපේ වෛද්‍ය තුමා නිහඩවම වෛද්‍ය සායනය ආරම්භ කොට තිබුනා. දරුවන්ට වගේම දෙමාපියන්ටත් එය විවෘතව තැබූ නිසා බොහෝ පිරිසකට සෙත සැලසුන බැව් නොකියාම බෑ.
වෛද්‍ය සායනයේ තමන්ගේ වාරය එනතුරු සිටින මවුවරුන් පිරිසක්
දිලීප මල්ලි එයාගෙ අනුග්‍රහයෙන් ලබාදුන්න තෑගි දුන්නෙ පුංචි තරගයක් දෙකක් තියලා..පාසල් ක්‍රීඩාපිටියෙදි. මෙවැනි ක්‍රියාකාරකම් සඳහා මේ දරුවන්ගෙ තියෙන උනන්දුව ඉතාම ඉහළයි. ඔවුන්ට නැත්තෙ ඒ සඳහා අවස්ථාවන්.
ඉයන් සහ එලිසා අනෙකුත් දරුවන් සමග දීලීපගේ ක්‍රියාකාරකමක
මේ කටයුතු වලින් පස්සෙ දිවා ආහාරය පිළිගැන්වුනා. ගමේ ක්‍රමයට, අපට ලැබුන ආහාර වේල ඉස්තරම්. ඔවුන්ගෙන් රහ බලපු තිබ්බටු කරියෙ රස තවම අමතක නෑ.
ආහාර භුක්තිවිදීමෙන් පස්සෙ අපි රෑ බෝ වෙන්න කලින් පඹුරුගස්වැවට ආධාර බෙදන්න යන්න සූජානම් උනා. අපව එහි කැඳවාගෙන යනු පිණිස එම විද්‍යාලයේ විදුහල්පති ජයතිලක මහතා ගල්කඩවල විද්‍යාලයට පැමිණ තිබුනා. ගල්කඩවල ජනාවාශ කොටස පසුකලාට පස්සෙ ගුරුපාර දෙපස ඝනව වැඩුන කැළෑවක් පමණයි අපට ඉදිරියෙන් දකින්නට තිබුනේ. මෙලෙස කිලෝමීටර් 6 - 7 ක් පමණ දුරක් හුදෙකලා වූ වන පියස දිගේ යා යුතුයි.
යුද්ධය තිබුන කාලෙ 17 වතාවක් මේ පාරෙදි හමුදාවෙ වාහන වලට කොටි ගැහුවා. ජයතිලක මහතා බොහොම දොඩමළුයි. තව ටික කාලෙකින් යාන් ඔය ව්‍යාපාරය පටන් ගත්තම මේ පළාතම ජලයෙන් යට වෙනවා. අපේ ඉස්කෝලෙත් එක්කම. ගල්කඩවල ඉස්කෝලෙ යට වෙන්නෙ නෑ. එ් වෙනකොට රජය අපේ පාසල වෙනත් තැනකට අරගෙන යන්නයි සැලසුම් කරලා තියෙන්නෙ. අපේ පාසල තියෙන ඉසව්වෙ අඩි 20 ක් විතර උසට වතුර කඳක් තියේවි.
එතකොට මේ ගස්කොළන් වලට මොකද වෙන්නෙ. බලන්න රූස්ස ගස් බොහොමයක් තියෙනවනෙ. විදුහල්පතිතුමාගෙන් මම ඇහුවා.
එකක්වත් කපන්නෙ නෑ කිව්වා. ඔහොමම ජලයට යට කරනවලු. ඔය ගස්වලින් අන්තිම මොහොත වෙනකම්ම මොන තරම් ඔක්සිජන් කන්දරාවක් මේ පරිසරයට මුදා හරිනවද...
පඹුරුගස්වැව විද්‍යාලයෙ දරුවො සියල්ලම අප එහි ගිය මග දෙපස රැස්වෙලා බොහොම ආදරයෙන් අපව පිළිගත්තා. ත්‍යාග ප්රදානෝත්සවය බොහොම මැනවින් සංවිධානය කරලා තිබුනා විතරක් නෙමෙයි. එයාලට ආධාර අරගෙන එහි ගිය අපව පිනවන්න විවිධ නාට්‍යමය අංග පවා ඔවුන් සූජානම් කොට තිබුනා. ඔවුන්ගේ රංගන වින්‍යාසය ඉතාමත් විශිෂ්ඨයි.
නාට්‍ය අංගයක්
පඹුරුගස්වැව විද්‍යාලය
පාසල් ද්විත්වයේම ගුරුවරුන්ට මධුසංඛ යුවල අත්ඔරලෝසු පරිත්‍යාග කලා. මේ දුෂ්කර පරිසරයෙ ඉඳලා මේ දරුවන්ගෙ ඇස් පාදන්න මහන්සි වෙන ගුරුවරුන්ගෙ සේවයත් අපිට පුලුවන් විදියට අපි අගය කරලා එයාලව දිරිමත් කරන්න ඕනෙ. මධුසංඛගෙ අදහස එහෙමයි. ගුරුවරුන්ට අමතරව පඹුරුගස්වැව විද්‍යාලයේ මුර මාමටත් අපි අත්ඔ රලෝසුවක් දුන්නා
පියුමි
ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් පස්සෙ තේ පානය ආරම්භ උනා. ඒ කාරිය අහවර උනාම වෛද්‍ය සායනය පටන් ගත්තා. ඇස් රෝග ඉතාම සුළභව එහි පැවතුනා.
දෙමාපියන්ට දැනුමක් නැති වීම, උවමනාවක් නැති වීම, ආසන්නම රෝහල වූ ගෝමරන්කඩවලට කිලෝමීටර් 20 කටත් වඩා දුර ගමන් කල යුතු වීම, බස් ගමනාගමනයක් සහිත මාර්ගයක් නොවීම, යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබද නොදැනුවත් කම...අපේ වෛද්‍ය තුමාට අනුව මේවා තමයි හේතු.
පඹුරුගස්වැව දරුවන් අතරින් එක් දරුවෙකු ඉතාම දැඩි ලෙස ඇස් රෝගයට ගොදුරුව සිටියා. ඔහුගෙ ඇස් රතු වී ඉඳි මී තිබුනා.
මෙයාට දෙන්න මා ලග බේතක් නෑ. ඉතාම ඉක්මනින් ඉස්පිරිතාලෙට අරගෙන යන්න. වෛද්‍ය සමින්ද ඒ දරුවගෙ මවට එහෙම කිව්වා. ඔවුන් එතැනින් පිටත් උනාට පස්සෙ..
පව් බං...ඒ ළමයා...ඇස් ලෙඩේ හොදටම වැඩිවෙලා... එහෙම කියලා ඔහු නිහඬ උනා.
අපේ ලක්මාල් ගොයියත් වෛද්‍ය තුමා ලියන බේත් තුංඩුවට බේත් ටික කඩදාසි කවරයට දාලා විතරක් නැවතුනේ නෑ. ඔහුට හැකි විදියට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන දෙමාපියන් දැනුවත් කලා. මේ වතාවෙ ලක්මාල් ගොයියගෙ සහායට කවර වලට බෙහෙත් දාන්න සිරා කොලුවා සමග 1 වසරෙ සිටම අධ්‍යාපනය ලබපු උදිතත් එකතු උනා. ඔහු දැන් ලංකාවේ ප්රමුඛ මෘදුකාංග ඉංජිනේරුවෙක් වුවත් අරුණළු හෙවනෙදි තවමත් පැරණි මිත්රයාම තමයි.
සමින්ද
ලක්මාල්
උදිත
ඔයින් මෙයින් සියලු කටයුතු අහවරයි. අපි ප්‍රාර්ථනා කරපු විදියටම හැම දේම හොඳින් සිදු උනා. යහපත් ක්‍රියාවක නිරත උනාට පස්සෙ දැනෙන සතුටින් අපේ හිත් පිරිලා. නිවෙස් බලා යන්න අපේ බස් රථය නැවතත් ගල්කඩවල විද්‍යාලය දෙසට ගුරුපාරෙ ධාවනය වෙනවා.
පඹුරුගස්වැව විද්‍යාලයේදී
මාවත අද්දර හුදෙකලා නිවසකින් ගැමි ළඳක් ඉක්මනින් මාවත අද්දරට එනවා රථයේ ප්‍රධාන කවුළුවෙන් අපි අඩ අඳුර මැදින් දැක්කා. ඇය අතේ ඉටි කවරයක දිවුල් පාර්සලයක්.
අපේ දරුවන්ට ලගටම ඇවිත් තෑගි දුන්නට ස්තූතියි. මට පුලුවන් විදියට මමත් ඔයාලට තෑගි දෙනවා. ආ ගන්න...මේවා ඔයාලගෙ දරුවන්ට දෙන්න අරගෙන යන්න. ඇගේ කථා කරන යුග දෙනෙත සිනාසුනා.
වැඩසටහන අවසානයේ පඹුරුගස්වැව විදුහල්පතිතුමාගේ නික්ම යාම
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
ලියන්නට බොහෝ දෑ ඇතිමුත්, අතීතයේදී මෙන් ලියාගන්නට කාලය නොමැති සඳ, කාමරයට එන යන ඇත්තන් මා පිළිබඳ කමා කරත්වා.
හිතාදර මධුසංඛ, ඔබත් මේ ලිපිය කියවනු ඇතැයි සිතා මේ කොටස මෙහි සටහන් කරමි. මේ පාසල් ද්විත්වයේ දරුවන් වෙනුවෙන් ඔබ වැය කල මුදලින්, ඉහළම හෝටලයක සුපිරි උපන් දින සාදයක් දැමීමට හෝ, වෙනත් රටක සංචාරයක් කිරීමේ හැකියාව පැවතුන බැව් අපි දන්නවා. එහෙත් එවන් හරසුන් දෑ වෙනුවට මෙවැනි යහපත් කාර්යයකට දායක වීමට අප සමග අත්වැල් බැඳ ගැනීම පිළිබඳ සිරා කොලුවා වන මාගේ හෘදයාංගම ස්තූතිය මෙයින් පුද දෙමි. ඔබ වැනිව සිතන සුන්දර මිනිස් හදවත්, මේ ලෝකය තවත් සුන්දර කරනු ඇත. ජරා ජීර්ණව ගිලන් වූ මේ සමාජය පුරා අපට හැකි විදියට මිනිසත් බව බෝ කරමු.
මේ වැඩසටහන අතරතුර මධුසංඛගේ ඔස්ට්‍රේලියානු ලිපිනය ලියාගත් පුංචි එවුන් තම විදුහල්පතිතුමාගේ නිළ මුද්‍රාව සහිතව යැවූ ලිපි රාශියක් අතරින් කීපයක්. මෙවැනි ප්‍රතිචාර මේ පුංචි හදවත් තුලින් පැන නැගෙන කල අරුණළු අප තව තවත් ධෛර්යමත් වන බැව් රහසක් නොවේ.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com26tag:blogger.com,1999:blog-579265960012007263.post-58983061065887267142017-08-28T23:44:00.001+05:302017-08-29T00:29:36.610+05:30කලකට පසු....
අන්තිම පෝස්ටුව කාමරේ පල කරලා මාස 4 කටත් කිට්ටුව ගත වෙලා. අද මේ ලියමන ලියන්න ගනිද්දි බ්ලොග් කෙරුවාව හරිම ආගන්තුක දෙයක් විදියට මගේ අක්මාවට දැනුනෙ. පාපැදි තරග සඳහා සහභාගි වෙන අය නිතර නිතර පුහුණු වෙනවා වගේ, ක්‍රිකට් ක්‍රීඩකයො නිරන්තරයෙන් පුහුණු වෙනවා වගේ, බ්ලොග් කෙරුවාවෙන් මඳ කලක් හෝ බැහැර උනොත් ඒ වෙනස හොඳින් දැනෙනවා.
නිහඬව හිටිය මාස කීපය ඇතුලෙදි සිරාගෙ කාමරේ බොහොම නිහඬව 5 වෙනි සංවත්සරයත් සමරලා. සිරා කොලුවා වන මට කාමරේ දොර කබල ඇරලා යමක් කොටන්න තරමේ ඉස්පාසුවක් නැති වීම තමා මේ නිහඬ බවට හේතුව උනේ. ඉස්සර දවසක බොහොම සාර සුබාවට දෙනෝ දහක් ආගිය තැනක් මේ විදියට පාලුවට යන්න ඉඩ දෙන්න බැරි නිසා ඔන්න සිරා ආයෙමත් ලියනවා. හැබැයි හීන් දුකක් හිතේ තුරුළු කරගෙන.
ඒ තමයි අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය රචනා කල, විචාරක තුමාගේ නික්ම යෑම. සිරා කොලුවට කිසිම කිසි දවසක මේ චරිතය මුලිච්චි උනේ නැති උනත් ජංගම දුරබණුවෙන්, ඊයෙන් , මුහුණු පොතෙන් කරපු කථා බහත්, බ්ලොග් ලිපි ඔස්සේ සිදු උන දැනහඳුනාගැනීමත් එක්ක විචාරක තුමා කියන්නෙ බහුශෘත දැනුමක් ඇති පුද්ගලයෙක් කියලා සිරාට හිතුන වාර ගණන අනන්තයි අප්‍රමාණයි. ඔහුගේ බ්ලොග් අඩවිය හරහා පාඨකයන් වෙත තිළිණ කල විෂය, සාමාන්‍ය පොදු ජනතාව අත පොවන මානයේ නැති දෙයක් වීමත් ඔහුගේ ඒ කැපී පෙනීමට හේතුවක් උනා.
සිරාගේ කාමරේ පල වූ ලිපි අරභයා තමන්ගෙ අදහස් අවංකව ප්‍රකාශ කරපු අතලොස්ස අතරෙ ඔහුට හිමිවෙන්නෙ අද්විතීය ස්ථානයක්. ඔහුගේ අදහස් හරහා බොහෝ විට සිරා කොලුවගෙ ලිපි වලට ලැබුන ආලෝකය ඉහළයි. ඒ ආලෝකය යළි නොම එන්නට නිවී ගිහින් බව සිහිපත් වෙනකොට පෘථග්ජනයෙක් විදියට මගේ හිතට තවමත් විප්‍රයෝගයේ අරුමය දැනෙනවා.
පහුගිය මාර්තු මාසෙ අරුණළු නමින් අප විසින් කරන්නට යෙදුන ප්‍රජා සත්කාරයේදී විචාරක තුමා මුල්ම අවස්ථාවෙ සිටම දැක්වූ සහයෝගය ඉතාම බැති සිතින් මෙනෙහි කරන්න උවමනායි. අපේ ආධාර ලබාදුන් දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය වෙත ක්ෂේත්‍ර චාරිකාවක නිරත වන්නට දින නියමකරගෙන සිටින විටෙක අප සියල්ලන්ම බෙහෙවින් උනන්දු කරමින්, ඒ පළාතේ වග විත්ති නිරන්තරයෙන් පවසමින්, පූනානි යුධ හමුදා කඳවුරේ නිළදරුවන් වෙත අරුණළු හඳුන්වා දෙමින් ඔහු කල ප්රශස්ත මෙහෙවර මිළ කල නොහැකියි.
සිරාගේ කාමරයේ පල වූ දිඹුලාගල ආධාර වැඩසටහන පිළිබඳ ලිපිය අරභයා
විචාරක තුමා විසින් පලකල කමෙන්ටුව දෛවයේ සරදමකටදෝ
සිරාගේ කාමරයේදී ඔහු පල කල අවසන් කමෙන්ටුවම වූවේය.
අරුණළු වෙනුවෙන් එතුමා නිහඩව කල සේවය අති මහත්.
සිරා....උඹලා යොදා ගත්ත දවසට ඉස්කෝලෙ බලන්න පලයල්ලා. මමත් එන්න හිටියෙ. ඒත් මට හදිස්සියෙම උණ ගැනුනා. ඔහු ඉස්සෙල්ලාම කිව්වෙ එහෙමයි. හමුදා රෝහලේ නේවාසික රෝගියෙක් බවට පත් උනාට පස්සෙ තමයි ඔහුගේ රෝගී තත්වයේ බරපතල කම අපට දැනගන්න ලැබුනෙ. විචාරක තුමාගෙ ආශිර්වාදය ඇතුව අරුණළු වැඩසටහන අවසන් කරලා ඒ වග ඔහුට දැනුම් දෙන විට මාස එක හමාරක් හෝ දෙකක් ගත් වෙන්නට ඇති. ඒ කෙටි කාලය තුල ඔහු බොහෝ සේ ශාරීරිකව පිරිහී ඇති බව මට දැනුනෙ දුරබණුවෙන් ශ්‍රවණය වෙච්ච ඔහුගේ දුබල කට හඬින්,
වැඩේ හොඳටම කෙරුනා නම් එච්චරයි බං. මාව බලන්න එන වෙලාවක උත්සවේ ෆොටෝ ටික අරගෙන වරෙන්...
එතුමා බොහොම ආයාසයෙන් ඒ වචන කීපය කිව්වෙ. අපේ ආගමනය බලාපොරොත්තුවෙන්.
අරුණළු වැඩසටහන වෙනුවෙන් සෑහෙන සේවයක් සිදුකල, සිරා කොලුවාගේ යුධ හමුදා මේජර් මිත්‍රයා නිවාඩු ලැබ නිවෙස බලා යළි එනතුරු සිරා කොලුවා බලා සිටියේ විචාරක තුමාගේ සුව දුක් බලන්නට යන්නට, ඔවුන් දෙදෙනාම යුධ හමුදාවේ එකම බලකායක සාමාජිකයන් වීම එයට හේතුවයි.
එහෙත් ඒ දිනය උදාවෙන්නට කලියෙන්ම ඔහු නික්ම ගොස් තිබුනා. ඔහුගේ අවසන් කටයුතු හෝ නිසි වේලාවේ මා හට සන්නිවේදනය නොවූයෙන් ඒ අවස්ථාවද මග හැරුනා. ඒ දිනවල මා අන්තර්ජාලයෙන් බැහැරව සිටීමත්, බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙක් සමග පුද්ගලිකව පයුරු පාසානයේ නොයෙදීමත් ඒ වගට හේතු උනා. අවසානයේ කිසිම කිසි දිනයක මුණ නොගැහුනු නමුත් බ්ලොග් කෙරුවාවෙන්, සුහද කථා බහෙන් සිරා කොලුවා හට සිටි සමීපතමයෙක් වෙන් වී ගියා. ඔහු වැනි මිනිසත් බවින් පොහොසත් මිනිසකුගේ වටිනාකම, අඩුව සිරාගේ කාමරයේදී අදත් හෙටත් දැනෙන බවට නම් කිසිදු සැකයක් නෑ.
වැඩිහිටියෙක්, මිත්‍රයෙක්, හිතවතෙක් ආදී විවිධ ස්වරූප වලින් ඔබ ලබාදුන් අදහස් , උපදෙස්, අනුශාසනා වලට මා බොහෝ ණය ගැතියි. නිවන් දකින්නට තවත් දුර වේ නම්, මතු භවයේ දවසක යළිත් අප එකිනෙකා මුණ ගැසෙනු ඇත. ජීවතුන් අතර සිටියදී ඔබ දකින්නට නොපැමිණීම ගැන මා හට සමාව දෙනු මැන. ඔබට සුභ ගමන් විචාරක තුමනි.
ගත වූ කාලය ඇතුලෙ බ්ලොග් කෙරුවාවෙ කලින් දැනුන සුන්දරත්වය ගිලිහී ගිය නිසාදෝ...බොහෝ දෙනෙක් දැන් බ්ලොග් කරණයේ නිරත වෙන්නෙ නෑ. එහෙත් සිරා කොලුවාගේ කාමරේ සමග ඇති පයුරු පාසානය නිසාම මාගේ ආගිය තොරතුරු විමසන හුදී ජනයා වෙනුවෙන් තවත් මඳ කාලයක් හෝ යමක් අකුරු කරන්නට මගේ අකමැත්තක් නෑ.
උතුම් බුදු දහමට අනුව ලෝකයේ සෑම හමුවීමකටම වෙන්වීමක් තියෙනවා. ඇතිවන දේ දිනෙක නැසෙනවා. ඒ සනාතන ධර්මය යළි යළිත් පසක් කරමින් සිරා කොලුවා බ්ලොග් කෙරුවාවට පැමිණි අවධියේ බොහොම සරුසාරෙට තිබුන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් තව දුරටත් යාවත් කාලීන වෙන්නෙ නෑ. එහෙත් මගේ හිතේ පිරිලා තියෙන, තවමත් යුනිකෝඩ් හරහා ඔබට සමීප නොකරපු බොහෝ දේවල් තියෙන නිසාම සිරා කොලුවාට බ්ලොග් කෙරුවාවෙන් සමුගන්න තවත් කල් තියෙන හැඩයි.
ඉස්සර දවසක වගේ නිතර නිතර නොවුනත්, හැකි සෑම විටෙකම බොලා වෙනුවෙන් යමක් අකුරු කරන එක මට සතුටක්. මේ ඔස්සේ දැන හඳුනාගෙන කළ්‍යණ මිතුරන් තරමට සමීප උන පිරිසත් බොහොමයි. හැකි විදියකට සමාජයට, ඈත පළාත් වල අහිංසක පොදු ජනතාවට, දූ දරුවන්ට සෙත සලසමින් අප විසින් කලින් කල සංවිධානය කරන සමාජ සත්කාර වලට මග හසර එළි උනෙත් සිරාගේ කාමරය නිසයි. එ් මතකය තවමත් අමතක නෑ.
රාජකාරි කටයුතු වලින් පස්සෙ සිරා කොලුවා වර්තමානයේ වැඩිම කාලයක් වැය කරන්නෙ මෙන්න මේ කටයුතු වලට, දිඹුලාගල පුංචි පාසලේ අරුණළු නිසා පීදෙන අලුත් මල් දැක්කම එවැනි සත්කාර්යයක් වෙනුවෙන් කරනා කැපකිරීම්, මහන්සිය අපතේ ගිහින් නෑ කියලා හිතෙනකොට දැනෙන තෘප්තිය මුදලට ගන්න බෑ. ඒ නිසාම එළඹෙන සැප්තැම්බර් මාසයේදි අපි අරුණළු එක්ක ත්‍රීකුණාමලයට යන්නෙ එහෙ පුංචි පාසල් දෙකකට උදව් කරන්න.
කාමරේ මකුළු දැල් ටික කැඩෙන්න දැනට මේ මදැයි...ඉදිරි දවසක, පුරුදු රසයෙන් ආයෙමත් අපි හමු වෙමු !
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
විචාරක දියණිය සිය පියාගේ අභාවයෙන් පසුවත්, ඔහුගේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යාම පැසසිය යුතු කරුණකි. එහෙත් විචාරක තුමා විසින් සංවාදයට භාජනය කල විෂය පිළිබඳ ඈ හට දැනුමක් නොවීම කණාගාටුවට කරුණකි.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com44tag:blogger.com,1999:blog-579265960012007263.post-57335309569729535672017-04-23T23:25:00.001+05:302019-04-01T06:19:24.633+05:30නුවන් කුලසේකරගේ කදුළු සමග එක් වූ කන්දේගම සතුටු කදුළු
යුධ හමුදා ඇත්තන්ගේ අත් ගුණය මේ යැයි කියමින් සැකසුන කිරිබත්, සැන්ඩ්විච්, කැකුලු බත්, ඉඳි ආප්ප, ආප්ප වැනි ආහාර සමග එහි එක් රැස්ව තිබූ ව්‍යාංජන කීපයක රසද මුසු වූ විට මැවුන අපූරු මිහිර නිසාම අප මෙන්ම මේරියන්ස් සගයින්ද බඩ කට පුරා කෑමෙන් මිස කෑම මේසයෙන් නැගිට්ටේ නැත.
කෑම ගොඩාක් රසයි...හැමෝටම බොහොම පින්...
අපේ ප්‍රතිචාරයෙන් ඉතාම සතුටට පත් වූ ආහාර සකස් කල යුධ හමුදා ඇත්තන් අප අතර සිටි ජනප්‍රිය චරිත සමග ඡායාරූපයක් ගන්නට මාන බැලූවේ ඉන් අනතුරුවයි. ඒ සෑම ඉල්ලීමකටම නුවන් කුලසේකර, සචිත්ර මෙන්ම නලින් අයියාද දැක්වූවේ ඉතාම නිහතමානී ප්රතිචාරයන්ය. මේ සෑම ඉල්ලීමක්ම ඉක්මනින් ඉටු කොට, අරුණළු ආධාර නඩය වෙත නොමිලයේම රස නහර පිනා යන ආහාර වේලක් සකස් කොට ලබා දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකල හඹරන වෛද්‍ය බලකා කඳවුරේ දෙවැනියා වූ යුධ හමුදා වෛද්‍ය නිළධාරිනියට අපගේ නොවක් ස්තූතිය එක් කොට ඉක්මනින්ම කන්දේගම විදුහල් පියස වෙත පිවිසෙන්නට අපි තීරණය කළෙමු.
මෙම ලිපියේ පළමු කොටස කියවා නැති අය මෙම කොටසට ප්‍රථම එම කොටස කියවීමෙන් මේ කියනා හරුපය මැනවින් වැටහේවි.
අප රැගත් බස් රථයට පසුපසින් මේරියන්ස් ඇත්තන්ගේ වෑන් රථය ස්ථානගත වූ පසුව කන්දේගම පාසල වෙත අපේ ගමන ආරම්භ වූවේය. ක්ෂේත්‍ර චාරිකාව පිණිස වේලාසන මේ විද්‍යාලය වෙත සිරා කොලුවා පැමිණ සිටි නිසාම පාසල වෙත මග සොයා ගැනීම වඩාත් පහසු වූවේය. පොළොන්නරුව නගරය, ගිරිතලේ, මනම්පිටිය පාලම පසුකරමින් ඉඳිරියට ඇඳුන රථය මඩ කලපුව හන්දියෙන් දකුණට හැරී දිඹුලාගල පුදබිම දෙසට දිවෙන මාර්ගය, දළුකාන, අරලගංවිල පසුකරමින් දම්මින්නට ලගා වන්නට තවත් පැය එක හමාරක පමණ කාලයක් ගත වන්නට ඇත. ඒ අතරතුර ගත වූ සෑම අඩ පැයකටම වරක් උත්සව භූමියේ සිටින, සිරා කොලුවාගේ අතීත තූර්ය වාදක ඛණ්ඩයේ සගයා මේජර් වික්‍රමසිංහ සොයුරා උත්සව භූමියේ සූදානම වරින් වර මාවෙත සැළ කලේය.
මෙච්චර වෙලා අව්ව තිබ්බෙ නෑ...මේ දැන් අව්වක් වැටුනා...පොඩි උන් ටික අව්වෙ...ඉක්මනින්ම එන්න.
පාසල වෙත ගමන් කරන අතුරු මාවත අසල රථය නතර වන අවස්ථාවේම ඔහු එවදන් සැළ කලේය. ලොකු උත්සවයක් අනවශ්‍යයි යනුවෙන් මා කීප වතාවක් පාසල දැනුවත් කලද ඔවුන්ගේ පාසල් ඉතිහාසයේ මෙවැනි දිනයක් පෙර නොවූ විරූ නිසාම ඒ වදන් සමග විදුහල්පති තුමා සහ ගුරු මණ්ඩලය එකග වූයේම නැත.
පොඩි උන් අව්වේ ඉක්මනට යමු.
එතෙක් වේලා සැහැල්ලු ඇදුමින් සිටි කුලේ සහ සචිත්ර දෙපල උත්සව භූමියට සුදුසු ඇදුමකින් සැරසී අහවර වූ වහාම අපේ බස් රථය පාසල් දොරකඩට ලගා වූවේය. ඒ වන විට යුධ හමුදා ඇත්තන්, ගුරු මණ්ඩලය, දෙමාපියන් මෙන්ම අවශේෂ ගම්වාසීන්ද පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට අමතරව එම ස්ථානයේ අපේ ආගමනය අපේක්ෂාවෙන් පොදි කකා බලා සිටියෝය.
පාසලේ ගේට්ටුව අභියස කඳිම ගොක්කොළ තොරණක් ඉඳිවී තිබුනේය. එතැනදී පාසලේ විදුහල්පතිතුමාටත් කලියෙන් ඉතාම ලෙංගතුව අප පිළිගත් 232 බලසේනාධිපති බ්‍රිගේඩියර් අතුල මාරසිංහ මහතා අපගේ මේ වෑයම මහත් සේ අගය කළේය. මේ කුඩා පාසලේ මේ ලස්සන දිනය තවත් ලස්සන කරන්නට එතුමාගේ අණ පරිදි හමුදා සාමාජිකයන් පිරිසක් දින 5 ක් පාසලේ රැදී සිටිමින් අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කල බැව් ඒ අවස්ථාවේදී දැනගන්නට ලැබුනි. වල් බිහිව තිබූ ක්‍රීඩා පිටිය සැකසීම, උත්සව ශාලාව සැකසීම සහ ශබ්ද විකාශන පද්ධතිය සවි කිරීම, පාසල් දරුවන් වෙත උදෑසන ආහාර පිළිගැන්වීම ආදිය යුධ හමුදාවෙන් මේ වැඩසටහන වෙනුවෙන් එකතු වූ දෑය.
විදුහල්පතිතුමාගේ ලෙංගතු සිනහව සමග එක් වූ සුදෝ සුදු ජාතික ඇදුමින් සහ ළමා සාරියෙන් සැරසුන පුංචි දරු දැරියන් රත් පැහැති නෙළුමක් ආරාධිතයන් වෙත තිළිණ කොට පාසලේ පුංචි බුදු මැදුර සමීපයට අප කැඳවාගෙන ගියහ. එම රත් නෙළුම් බුදු සමිදු වෙත පුදා ජාතික ධජය සමග පාසල් ධජය ගුවනට ඔසවා උත්සවයේ කටයුතු නිළ වශයෙන් ආරම්භ වූයේ එයින් අනතුරුවයි. එහිදී ගායනා වූ විදුහලේ පාසල් ගීතයට තවමත් නිසි ලෙස නනුවක් යොදා නැති බැව් අප හට පසුව සැල වූවේය. සංගීතය විෂය සඳහා මේ විද්‍යාලයේ ගුරු භවතෙකු නොසිටීම එයට හේතුවයි.
232 බලසේනාධිපති බ්‍රිගේඩියර් අතුල මාරසිංහ මහතා
ජාතික ධජය වෙත තම ගෞරවය පල කරමින්
උත්සව ශාලාව වෙත පිවිසෙන මග පසෙක පාසලේ ගුරු මණ්ඩලය සිනාමුසුව අපගේ ආගමනය අපේක්ෂාවෙන් සිටියෝය. ඒ ඇත්තන් දැන හැඳිනගැනීමෙන් අනතුරුව ශාලාව වෙත පිවිසී පොල්තෙල් පහන් දල්වා මේ උත්සවය වෙනුවෙන් කදිම ආරම්භයක් ලබා ගන්නට අපට හැකි වූවේය. මේ පොල්තෙල් පහන ඉතාම නිර්මාණාත්මක අන්දමෙන් නිමකර තිබුනේද යුධ හමුදා ශ්‍රම දායකත්වයෙනි. ක්‍රීඩකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන් ඇතුලු අරුණළු සත්කාරයට නන් අයුරින් දායක වූ ඇත්තන් පහන් සිළු එකලු කරද්දී එයින් පැන නගින ආලෝකය මේ කුඩා පාසලේ දරුවන්ගේ අනාගතය මත පතිත වන ආලෝකයක් ලෙස මම කල්පනා කළෙමි.
පාසලේ ගුරු මණ්ඩලය හඳුනා ගනිමින්
උත්සව සභාව වෙනුවෙන් නිසි ලෙස සකස් කල න්‍යාය පත්‍රයක් නැත. අප හට එවැනි යමක් සකස් කරන්නට කාලයක්ද නොවීය. එහෙත් ඒ සියලු දෑ කරට ගනිමින්, නියම වෘත්තීය මට්ටම මේ යැයි පවසමින් ස්වාධීන රූපවාහිනී සේවයේ ඉන්ද්‍රසිරි සුරවීර හෙවත් සුරෙ අයියා තම අත්දැකීම් මනාව මුසු කරමින් මේ සභාව මෙහෙයවූ ආකාරය ඉතාම ප්රශස්ත බැව් කාගේත් අදහස වූවේය.
පූජා නර්ථනයෙන් පසු කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති අයි ඉලන්දර මහතා පැවැත්වූයේ ඉතාම සංවේදී කථාවකි. තොප්පිගල මායිමේ පවතින පාසලක් ලෙස පසුගිය යුධ සමයේ අත්දුටු අමිහිරි සිදුවීම් මෙන්ම පාසලේ අවම පහසුකම් යටතේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නට ගුරු මණ්ඩලය දරනා මහන්සිය පිළිබඳ ඉතාම ආයාසයෙන් තම හැගීම් වචන බවට පත්කල ඔහුගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුනේ වරක් දෙවරක් නොවේ. ඒවා උත්සව සභාවෙන් වසන් කරන්නට හෙතෙම කිසිම විටෙක නිරර්ථක උත්සාහයක නිරත නොවුනේය. නිදැල්ලේ කදුලු වලට පොළොව සිප ගන්නට ඉඩ හසර සැලසුවේය.
විදුහල්පතිතුමා
මේ සංවේදී කථාව අහවර වන විට සභා තොමෝ බෙහෙවින් සංවේදී වී සිටියහ. ඒ සංවේදී වටපිටාවේ අරුණළු වෑයම වෙනුවෙන් වචනයක් එකතු කරන්නට සිරා කොලුවා හට ආරාධනයක් ලැබුනි. මේ සංකල්පය පහල වූ අවස්ථාවේ සිට මේ උත්සවය පවත්වන අවස්ථාව දක්වා විදින්නට වූ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම දරන්නට වූ මහන්සිය පිළිබඳවත්, අපේ අරමුණු හා අභිමථාර්ත පිළිබඳවත් මගේ කථාව තුලදී සඳහන් කළෙමි.
අකලට දිරා ගිය මුහුණුවරින් යුතු වූ මේ කුඩා පාසලේ දුවා දරුවන්ගේ දෙමාපියන්ගේ, මුහුණු තුලින් ඔවුන් මේ සමාජය තුල තම තමන් නිරත වන ජීවන අරගලය, දරිද්‍රතාවය පිළිබඳ කඳිමට සාක්ෂි සැපයූහ. ගැඹුරේ ගිලුනු ඔවුන්ගේ ඇස් ගෙඩි වේදිකාවේ කථා කරන මාගේ යුග දෙනෙතට සම්මුඛ වන විට, ඉතාම සංවර ලෙස උත්සව සභාවේ අසුන් ගෙන පොළවේ පතිත නොවන පුංචි දෙපා දෙපසට වනමින් සිටින පොඩි උන් දකින විට මමද බෙහෙවින් සංවේදී වූවෙමි.
ප්‍රධාන ශාලාවේ පැවති උත්සවයේ පළමු භාගය එතෙකින් අවසන් කොට විදුහලේ පුංචි ක්‍රීඩා පිටිය වෙත පිවිසෙන්නට එයින් අනතුරුව අවස්ථාව එළැඹිනි. අරුණළු අප විසින් එහි රැගෙන ගිය ක්‍රීඩා ඇඳුමින් සැරසුන පුංචි ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එහි වූහ. ජීවිතයේ පළමු වරට විදුහලේ නම සඳහන් ක්‍රීඩා ඇඳුමකින් ඔව්හු දැන් සැරසී සිටිති. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් මෙහෙයවන කණ්ඩායම් දෙකක සාමාජිකයන් වන්නට ඔව්හු දැන් සිහින මවති.
අප එහි ගිය බස් රථය වෙත සැනෙකින් පිවිසි කුලේ සහ සචිත්ර මේ තරගයට උචිත අයුරින් සැරසී නැවතත් ක්‍රීඩා පිටියට පිවිසෙන විට ගමේ ඇත්තන්ගෙන් ලැබුන පිළිගැනීම සංවේදී මිනිසුන් ලෙස ඔවුනට ජීවිතයේ කිසිදු කිසි දිනයක අමතක වන්නට නොහැක. හතර අතින් ලෙංගතු ප්රතිචාරයන් ලැබෙන විට ඔවුන් දෙපළ ක්‍රීඩකයන් තෝරාගෙන කණ්ඩායම් දෙකක් සකසා ගත්හ. ජාත්‍යන්තර තලයේ සිටින ක්‍රීඩකයින් දෙපළක්, ලංකාවේ ඈත ඉසව්වක වඩාත් ප්‍රසිද්ධ නැති පුංචි පාසලක දරුවන් සමග ගිණි අව්වේ සැහැල්ලු පන්දු ක්‍රීඩා කලායැයි විශ්වාස කිරීමත් ඇතමෙකුට අපහසු වන්නට හැකිය. එහෙත් නිහතමානීකම ඕනාවටත් වඩා ඇති, පොළවේ පය ගසා ජීවත් වන මිනිසුන් වූ කල එවැනි විශ්මිත දේවල් සිදුවන්නට බැරි නැත.
මේ තරගය වෙනුවෙන් ක්‍රීඩා පිටිය සකසා, උත්සවයේ ආරාධිතයන්ට අසුන් පනවා, හිසට සෙවනක් සලසා, තරගයේ විස්තර ප්‍රචාරය වෙනුවෙන් අවැසි ශබ්ද විකාශන උපකරණ උස් තුරු මුදුන් මත රඳවා මහත් වූ සේවයක් සැලසූවේ ශ්‍රී ලංකා යුධ හමුදාවයි. ඒ සඳහා වෙහෙස මහන්සි වූ යුධ හමුදා නිළධාරී මහතුන් මෙන්ම අවශේෂ ඇත්තන්ද ඉතාම සොම්නසින් මේ තරගය ආරම්භ වන තුරු ආශා සහගත දෑසින් බලා සිටියෝය.
කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු සචිත්රගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන විට කුලේ තම පන්දු රකින්නන් පිටියේ ස්ථානගත කරමින්, තම කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් පන්දු යැවීමේද නිරත වූවේය. පන්දු ඕවර 5 කට සීමා වූ තරගයේදී මේ පුංචි දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් මොනවට ප්‍රදර්ශනය වූවේය. සෑම දැවීයාමකදීම කුලේ වටා එකතු වන පුංචි උන් වෙත ඔහුගෙන් ඔවදන් ලැබුනේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන කුලේගේ කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන විට සෙසු ක්‍රීඩකයන් වෙත උපදෙස් දෙමින් තරගය ජයග්‍රහණය කරන්නට ඔහු දක්වන උනන්දුව දුටු ආරාධිතයන් බොහෝ දෙනෙකු කීවේ කුලේ යනු විහිලුවටවත් තරගයක් පරදින්නට අකමැති ක්‍රීඩකයෙකු බවයි. ඒ කියමන සනාථ කරමින් මේ තරගයේ අවසානයේ ජය සනිටුහන් කරන්නට ඔවුනට හැකි වූවේය.
උතුරු මැදට පතිත වන දැඩි හිරු රශ්මියේ දැවෙමින් ක්‍රීඩා කර දහඩිය වගුරුවා සිටි කුලේ සචිත්ර දෙපල දුටු විට මේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් දෙදෙනෙකු යැයි විශ්වාස කරන්නටත් අපහසු තරමට ඔවුන් ගමේ ඇත්තන් සමග කුළුපග වී සිටියහ. කිසි දිනෙක කන්දේගම ග්‍රාමයේ දකින්නට නොලැබුන මෙවැනි තරගයක් දැකගන්නට ගම් වාසීන් බහුතරයක් පාසල තුලත් ඉන් පිටතත් රැදී සිටියෝය.
අරුණළු අප වෙනුවෙන් පාසල විසින් සංවිධානය කල උදෑසන තේ මේසය වෙත ඒ කලාපයේ භාවිතා වන විවිධ රස කැවිලි වර්ග රාශියක් එකතු වී තිබුනි. ඒවා සන්තර්පනය වීමෙන් අනතුරුව උත්සව ශාලාවේදී උත්සවයේ දෙවැනි කොටස ඇරඹුනේය.
අරුණළු අප විසින් එහි රැගෙන ගිය ක්‍රීඩා භාණ්ඩ මෙන්ම සංගීත භාණ්ඩද නිළ වශයෙන් පිළිගැන්වීමට කලාකරුවන් මෙන්ම ක්‍රීඩකයන් දෙපළද එක් වූහ. මේරියන්ස් කණ්ඩායම ඉතාම උසස් තත්වයේ වාදන භාණ්ඩ රැසක් මේ සත්කාර්යයට එකතු කලේ ලංකාවේ ඒවා නිපදවන ආයතන වෙත විශේෂ ඇනවුමක් ලබා දෙමිනි.
මල්ලි දෙන දේ හොඳම එකෙන් දෙන්න ඕනෙ.
නලින් අයියා පෙර දිනයක මා හට පැවසූ බැව් ඒ වෙලාවේ සිරා කොලුවා හට සිහි වූවේය. අරුණළු අපද අපට දිය හැකි හොඳම දෑ දිය යුතු බව තරයේ ඇදහූ නිසා කොළඹ සිසාරා යමින් මේ පුංචි පාසලේ දරුවන්ට හොඳම දෑ මිළදී ගතිමු.
මේ කාර්යයන් අහවර වීමෙන් පසු වේදිකාවේ ඉඩ හසර වෙන් වූයේ කුඩා දරු දැරියන්ගේ රැගුම් හා ගායනා හැකියාවක් දැකගැනීම වෙනුවෙනි. විද්‍යාලයේ ගුරුභවතුන් ඉතාම වෙහෙස මහන්සි වී මෙම දරුවන් වෙත නර්තන අංග පුරුදු පුහුණු කර තිබූ බැව් කා හටත් රහසක් නොවීය. එහෙත් සංගීතය විෂය උගන්වන්නට ගුරු භවතෙකු නොමැති හෙයින් ගායනා කිරීමට එක්වූ සියල්ලෝම උපතින් ඒ හැකියාව තුරුලු කරගෙන පැමිණි අයයි. මේ දරුවන්ගේ ගායනා කෞෂල්‍යයෙන් ඔදවැඩී සිටි සුරෙ අයියා මෙන්ම නලින් අයියාද මේ පාසලට සංගීත ගුරු භවතෙකු ලබාගැනීමට අවැසි මැදිහත්වීම් සිදුකරන්නට ශපත කළහ.
ප්‍රාථමික අංශය / චිත්‍ර අංශය / ගෘහ විද්‍යා අංශය / සංගීත අංශය / ක්‍රීඩා අංශය වෙනුවෙන් ඔව්හු මූලිකව අපෙන් ආධාර ඉල්ලා සිටියත් ක්ෂේත්‍ර චාරිකාවේදී ඔවුන්ගේ දුප්පත් පුස්තකාලය දැකගත් පසු ඒ වෙනුවෙන්ද අපේ ආධාරයක් ලබා දිය යුතු බැව් අපි තීරණය කළෙමු. ඒ අනුව පාසලේ සියලු වසර ආවරණය වන සේ 200 කට ආසන්න පොත් තොගයක් පුස්තකාලය වෙත පරිත්‍යාග කරන්නට අපට හැකි වූවේය. මේ අංශ වලට අමතරව පරිගණක අංශය / විද්‍යා අංශය වෙනුවෙන්ද සහයෝගය ලබා දෙන්නට අරුණළු අප කටයුතු කළෙමු.
ප්‍රධාන වේදිකාවේදී මේ සියලු පරිත්‍යාගයන් සිදු වූ පසු ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නැංවූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහතික පත් පිළිගැන්වීම කුලේ සහ සචිත්ර අතින් සිදු වූවේය. එහිදී වඩාත් කැපී පෙනුනේ 9 වසරේ අධ්‍යාපනය ලබන ශ්‍රියාණි මධුෂිකා නම් සිසුවියගේ දක්ෂතාය. මීටර් 100, 200, දුර පැනීම යන ඉසව් නියෝජනය කරන ඇය සමස්ත ලංකා මට්ටම දක්වාම පැමිණ සිටියේ නිසි ක්‍රීඩා පුහුණුකරුවෙකු හෝ ක්‍රීඩා පාවහන් යුගලක් හෝ නොමැතිව වීම කාගේත් අවධානය යොමු වූ කාරණයකි.
කන්දේගම ග්‍රාමය ආසන්නයේ ඇති වැවේ ධීවර කර්මාන්තයේ නිරත වෙන ඇගේ පියාගේ සොච්චම් ආදායම ජීවන සටන ජයගන්නට මෙන්ම ඇගේ ක්‍රීඩා ජීවිතයට අවැසි දෑ මිළදී ගන්නටත් ප්‍රමාණවත් නොවන බැව් උත්සවයෙන් අනතුරුව අපට හමු වූ ඇගේ මාපියන් අප වෙත සැළකර සිටියේ හැඬු කඳුලෙනි. මේ කඳුළු දැක වඩාත් සංවේදී වූ අරුණළු සමග එහි ගිය ඇත්තන් ඒ අවස්ථාවේ ක්ෂණිකව ඇය වෙනුවෙන් සම්මාදම් කල මුදල රුපියල් 30000 කට මඳක් වැඩි වූවේය. මේ උත්සවය දවසේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත අප පරිත්‍යාග කල හොඳම තත්වයේ ක්‍රීඩා සපත්තු ඔවුන්ගේ දෙමාපියන්ගේ ආර්ථික තත්වය හමුවේ මිළදී ගැනීම සිහිනයක්ම පමණකි. වර්තමානයේ ඇය මහේෂ් ගුරුතුමා යටතේ ක්‍රීඩා ඉසව් පුරුදු පුහුණු වන්නීය. දැනට පෙනෙන්නට තිබෙන දක්ෂතා අනුව මධුෂිකා යනු ලංකාවේ මිළග සුසන්තිකා වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.
මධුෂිකා වෙත මුදල් ත්‍යාගය ලබා දෙමින්
ප්‍රධාන උත්සවයට සමාගාමීව අප සමග ගිය වෛද්‍යවරුන් සමග පොළොන්නරුවෙන් අපට එක්වූ දන්ත වෛද්‍යවරුන්ද වෛද්‍ය සායනය ආරම්භ කොට තිබුනි. මේ සඳහා අවැසි සියලුම බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාගයන් ලෙස අපට ලැබී තිබීම මහත් සහනයක් වූවේය. පාසල් දරුවන් වෙනුවෙන් පමණක් වෛද්‍ය සායනය පවත්වන්නට අප සැලසුම් කොට තිබුනත් මේ පරිසරයේ වෙසෙන අසරණ වැඩිහිටියන්ද බලෙන්ම වාගේ බෙහෙත් ගන්නට පොර කෑ නිසාවෙන් ඔවුන් වෙනුවෙන්ද සායනයේ දොරගුළු විවර කරන්නට අපට සිදු වූවේය.
අප එහි ගිය පසුගිය මාර්තු 20 වන දින මේ කලාපයේ පැවති දැඩි රශ්මිය, ජනතාව පිරුන පුංචි පංතිකාමර වල සිරවී දහඩිය වගුරුවමින් මේ ජනතාව වෙත බෙහෙත් නිකුත් කල වෛද්‍ය වරුන් කල මෙහෙවර ඉහළින්ම අගය කල යුතු එකකි. මේ තද බදය නිසාම දිවා ආහාරයට කාල වේලාව එළඹෙන විට වේලාව සවස 3 ට ආසන්න වී තිබුනි. දිඹුලාගල අවට පරිසරයෙන් සොයා ගත හැකි කළමනා යොදා සකස් කොට නෙළුම් කොලයේ තබා පිළිගැන්වූ මේ ආහාර වේලට වහ නොවැටුන කිසිවෙක් අප කණ්ඩායමේ නොවූයේය.
අනේ කෑම දෙන එක කරදර වැඩක්නෙ...අපි දවල් කෑම එක ආමි එකෙන් ගන්නම්...
මේ වැඩ සටහන සැලසුම් කරන්නට අරුණළු සහ පාසල අතර පාලමක් බඳු වූ මහේෂ් ගුරු තුමා වෙත වතාවක් මම පැවසූවෙමි.
මොන තරම් කරදර තිබුනත් ගමට එන කෙනෙක්ට සංග්‍රහ නොකර යවන්න දෙමාපියො කැමති නෑ. එයාලා බොහොම කැමැත්තෙන් තමයි සංග්‍රහ කටයුතු කරන්නෙ.
කුලේ සහ සචිත්ර මෙන්ම සචිත්රගේ බිරිදද, මේරියන්ස් සහෘදයෝද මේ කෑම වේල රස බැලුවේ ඉතාම තෘප්තිමත් සිතිනි. අප ආහාර බුඳින දෙස බලා අනේ තවත් බෙදාගෙන කන්නකෝ යනුවෙන් දෙමාපියෝ මෙන්ම ගරු මණ්ඩලයේ ඇත්තියන්ද නොයෙක් වර පෙරැත්ත කලේ ඔවුන්ගේ සංග්‍රහශීලීත්වය මොනවට ප්‍රදර්ශනය කරමිනි.
දිවා ආහාරයෙන් පසු එළැඹුන මද විරාමයේදී ගමේ ඇත්තන් සිත් සේ ජනප්‍රිය චරිත සමග ඡායාරූප ගත්තෝය. ඒ සඳහා කිසිම බාධාවක් නොවීය. ඒ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරු දෙපල ඔවුන්ගේ ගමේ කෙනෙකු තරමටම ඔවුනට සමීප වී සිටියහ.
පාසල වෙත පිවිසෙන තැනම ඉඳිකර තිබූ ගොක්කොළ තොරණ සකසන්නට ගම්වාසීන්ට දිණ 5 ක් ගත වී තිබුනි. ඔවුන්ගේ මෙන්ම ඉවුම් පිහුම් වලට දායක වූ ගම්වාසීන්ගේද එකම ඉල්ලීම වී තිබුනේ පැමිණි පිරිස සමග ඡායාරූපයකට පෙනී සිටීමයි. එය ඒ අයුරින්ම ඉටු වූවා පමණක් නොව ඔවුන්ගේ වෑයම අරුණළු නඩයේ සෑම කෙනෙකුගේම නොමඳ අගය කිරීමකට ලක් වූවේය.
අප වෙනුවෙන් ආහාර සම්පාදනය කල පිරිස සමග
අපේ උත්සවයේ අවසාන භාගයේදී තම පාසල් කාලය මෙනෙහි කරමින් මේරියන්ස් විසින් කලකට පෙර ගායනා කල සමනළ රෑනක් සේ යන ගීතය මේ සමස්ත සභාවේම සහයෝගය ඇතිව ඉදිරිපත් වූවේය.. ගීතයේ තාලයට ලොකු කුඩා දරුවන් අත්පොලසන් නැගූයේ පුදුමාකාර සතුටකිනි.
අප සමග මේ ගමනට පැමිණි කලාකරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද කෙටි වීඩියෝ අනුසාරයෙන් මේ දරුවන් වෙත හදුන්වාදීම සිදු වූයේ ඉන් අනතුරුවයි. ගිමන් හරිද දියඹ දිගේ ගීතය හැදුවෙ මෙන්න මේ මාමා යනුවෙන් අරුණ ගුණවර්ධන අයියා ඔවුනට හදුන්වා දෙන විට කන්දේගම ග්රාමයේද ඉතාම ජනප්‍රියව තිබූ මේ ගීතය ශ්‍රවණය කොට තිබූ ගමේ ඇත්තන්ද මහත් විශ්මයෙන් යුතුව ඔහු දෙස බලා සිටියේය.
ගිමන් හරින දියඹ දිගේ අප කැන්දාගෙන ගිය අරුණ ගුණවර්ධන
නුවන් කුලසේකරගේ කෙටි වීඩියෝව වේදිකාවේ කොනක තබා තිබූ පුංචි තිරයේ ප්‍රදර්ශනය වන විට ඒ දෙස මහත් සංවේදීව බලා සිටි කුලේගේ ඇස් දෙකම කදුලින් පිරී තිබුනි. ඔහුට අද දවසේ මේ වැඩසටහන දැනුන ආකාරය පිළිබඳ සුරෙ අයියා කුලේගෙන් විමසූ අවස්ථාවේ ඔහුට හැඩුම් ආ නිසා කථාව අතර මග නැවතුනි. ඒ අවස්ථාවේ සභාවේ පැවති සංවේදීතාවය ඔබට විස්තර කරන්නට මගේ ශබ්දකෝෂයේ වචන මද බව මගේ අදහසයි.
පුරා මාස ගනනක් අරුණළු කණ්ඩායම වෙහෙස මහන්සි වී මේ පුංචි දරුවන් වෙත ගෙන ආ ලස්සන දවස ඉතාම සංවේදී ආකාරයෙන් නිමාව දකින විට, මයික්‍රෆෝනය අතැතිව සිටි සුරෙ අයියා මේ පාසලේ ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටියේ කුමන අඩුපාඩුවක් තිබුනත් මේ දරුවන්ට උපරිමයෙන් තම දැනුම ලබා දෙන ලෙසයි.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පුංචි දෑත් වලින් කදිමෙට හැඩ වැඩ උනු පුංචි පුංචි සමරු සටහන් ආරාධිතයන් වෙත ලැබෙන විට, මේ සඳහා දායක වූ අරුණළු ඇතමෙකුට ඔවුන්ගේ සේයාරූ අනුසාරයෙන් පැන්සලෙන් අදින ලද සිතුවමක් ලැබුනි. අප වෙත තිළිණ වූ මේ සමරු සටහන් වල වටිනාකම මෙතෙකැයි කිව නොහැක්කේ පුංචි සිතක නිර්මාණශීලීත්වයත්, මේ උත්සවය පැවති දින අප විසින් අත් දකින ලද කන්දේගම ගම්මානයේ මනුෂ්‍යත්වයත් ඒ තුල මොනවට මුසු වී තිබෙන නිසාවෙනි.
අරුණළු භාණ්ඩාගාරික චමීර අබේකෝන්
අරුණළු ලේකම් තාලරූප අධ්යක්ෂ චමිල් පතිරණ
මෙයින් මතු අරුණළු එළිය ඈත පළාත් වල අඩු ආදායම් ලාභීන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන පුංචි පාසල් වෙත වාර්ෂිකව නිසැකවම ලැබෙන්නේය. ඒ සෑම විටෙකම අප සමග එක්වන්නට මේ කලාකරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද එක සේ ශපත කොට අවසානය. මේ කාරියෙන් පසු එහි ඇතැම් තොරතුරක් අන්තර්ජාල ගොසිප් අඩවියක පල වන විට මා ඇමතූ ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පැවසූයේ ඊලග අවස්ථාවේ නිසැකවම ඔහුද අප සමග එක් වන බවකි.
සිරා කොලුවා වන මමද ඔබට ඇරයුම් කරන්නේ මේ අවස්ථාවේ නොහැකි වූයේ නම් ඊලග අවස්ථාවේ හෝ අප සමග එක්වන ලෙසයි. මෙවැනි ගමනකදී ඔබට විඳින්නට ලැබෙන්නේ සැබෑම වූ ජීවිතය මිස වෙනකක් නොවේ.
ප්‍රධාන උත්සවය අවසන් වී දැන් මාසයකට වඩා කාලයක් ගත වී තිබේ. සිරා කොලුවා පෙලන කාර්යබහුලත්වය මේ ලිපිය පලවීම මේ තරම් දුරකට පමා කළේය. එහෙත් කම් නැත. මක්නිසාද යත් කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය සහ අරුණළු අප අතර බැඳීම තවමත් අවසන් වී නොමැති හෙයිනි.
පර්ත් නුවර රිද්ම පදනමේ අනුග්‍රහයෙන් ගුරු නිවාස දෙකක් සම්පූර්ණයෙන් පිළිසකර කරන්නට දැන් සියල්ල සූදානම්ය. එහි සමස්ත වියදම රුපියල් මිලියනයකට ආසන්නය. එයට අමතරව මේ වැඩසටහනේ තතු විත්ති ආරංචි වූ ලංකාවේ ප්රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් විද්‍යාලයේ ක්‍රීඩා ශූරියගේ නිවෙස පිළිසකර කොට මාස් පතා ඇයගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අනුග්‍රහය දක්වන්නට එකග වී හමාරය.
මේ සියල්ලක්ම අරුණළු අපගේ කැපවීම මත සාක්ෂාත් කරන ලද ජයග්රහණයන්ය. සිරා කොලුවා විශ්වාස කරන බ්ලොග් කෙරුවාව යනු මෙයයි. අපගේ දායකත්වයෙන් හෙට දින විකසිත වන මේ කුඩා ජීවීන් අදට වඩා හොද ලංකාවක් නිසැකවම තනනු ඇත.
අරුණළු අභිමංගල ප්රයත්නය සාක්ෂාත් කර ගැනීමට සහාය වූ ඔබ සැමටම බොහොමත්ම ස්තූතියි.
ඔබ අපට හිරුම විය.
ඔබ අපට සඳුම විය.
අපි ඔබගේ දිදුලන මල් කැකුළු වෙමු !
උත්සවය පැවති දින අප ලද සමරු සටහනේ පුංචි අකුරින් එලෙස සටහන් වී තිබුනි.
මම කාමරේ අරින සිරා කොලුවා
ප.ලි
අරුණළු සමාජ සත්කාරය, සමස්ත ආදායම් වියදම් විස්තරය, ආධාර ලෙස ලබා දුන් භාණ්ඩ ලැයිස්තුව, බිල්පත් සහ බැංකු ශේෂය මේ සියලුම විස්තර මෙතැනින් භාගත කරන්න. ඔබ අප වෙත ලබා දුන් එකදු රුපියලක් හෝ අපහරණය නොකොට සත්‍ය ලෙසම මේ සත් කාර්යයේ යෙදවීමට අප කටයුතු කළෙමු.
අරුණළු වැඩසටහනේ ඇතැම් කොටස් ඉදිරියේදී ජාතික රූපවාහිනියේ අරුම පුදුම රෝද හතර සහ ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහන් වලින් විකාශය වීමට නියමිතය.
අරුණළු සමාජ සත්කාරය වෙනුවෙන් සිය උපරිම සහයෝගය ලබා දුන් ස්වාධීන රූපවාහිනී සේවය ඔවුන්ගේ Coffee Table වැඩසටහනේදී වේලාසනම සහයෝගය දුන්නේ මෙලෙසිනි.
අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය මගින් ලබා දුන් ආධාර කන්දේගම දරුවන් ප්‍රයෝජනයට ගන්නා අයුරු මහේෂ් ගුරුතුමා අපට මෙසේ එවා තිබේ.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com49tag:blogger.com,1999:blog-579265960012007263.post-23776223261978822172017-03-29T00:42:00.001+05:302019-04-01T06:19:42.611+05:30කන්දේගමට අරුණළු පෑයූ වගයි.
එක දිගට ගෙවුනු වෙහෙසකර දිවා රෑ ගනනාවකට පසු තවත් එක් දිනයක් පමණක් ඉතිරිව තිබේ. හෙට දින අප යන චාරිකාව හුදෙක් විනෝද ගමනක් නොවේය. අප විසින් ගෙන යන දෑ, අප විසින් ඔවුන්ගේ ජීවිත තුලට එකතු කරන දෑ ඒ කුඩා ජීවීන්ගේ ජීවන ගමනට යම්කිසි හෝ ශක්තියක් වනු නිසැකය.
මාර්තු 19 වන දින රාත්‍රී 12 කණිසම ගෙවී 20 වෙනිදාව උදා වන ඇසිල්ලේ අපි පිටත් වීමු. මේ ගමන මෙසේ පිටත්වන්නට පෙර විඳින්නට වූ ගැහැට කොපමණක්දැයි අධි සුඛෝපභෝගී බස් රථයේ සුව පහසු අසුනකට බර වී, නුවර එළි සිසිලස විඳිමින් තවමත් ඝණ අඳුරේ එතී පසුපසට ගමන් කරන හාත්පස, රථයේ වීදුරු ජනෙල් තුලින් දකින සිරා කොලුවාගේ හිතට නිනව්වක් නැත. පුංචි සිතිවිල්ලක් දැන් සෑහෙන දුරක් තරණය කර පැමිණ මහා ශක්තියක් බවට පත් වී හමාරය. අපට කිලෝමීටර් 200 කට එහායින් ගැහෙනා පුංචි හදවත් කොනක පුංචි සිහින දළු ලන්නේ අපේ ආගමනය අපේක්ෂාවෙන් සති ගනනාවක සිට ඔව්හු පෙරමග බලා සිටි නිසාය. මේ ඒ පුංචි හිත් සුන්දර සිහින වල වෙළෙමින් නිදි සුව විඳින වේලාවයි.
2016 වසරේ දෙසැම්බර් මස හිතවතුන් කීප දෙනෙකු සමග එක් වී අරුණළු නමින් අලුත් ගමනක ආරම්භය සනිටුහන් කළෙමි. මේ සංකල්පය මගේ වුවත්, මේ සත්කාර්යය අපේය. මම යන වදනට වඩා අපි නැමැති වදන ශක්තියෙන් වැඩි බැව් මම තරයේ විශ්වාස කළෙමි.
අරුණළු ගැන සිරා කොලුවා වන මම නොවලහා බ්ලොග් ලියන, කියවන උන්ට කීවෙමි. ඇතමෙකු දුරකථන ඇමතුමකින් මා අමතන බැව් ඒ ලිපිය යටින් ලිව්වෝය. තවත් සමහරෙක් ආධාර මුදල් නොවලහා එවන බව කීවෝය. තවත් අය කාර්යාල මට්ටමින් උදව් කරන්නට ශපත කළෝය.
එහෙත් සෑමාත්, සඳරුවාත් පමණක් පුංචි හෝ සටහනක් තබා සිරා කොලුවාට සහාය වූවෝය. අසනීප වන්නට මත්තෙන් නිතර මේ ගැන සොයා බලා මා හට දහිරිය දුන්නේ විචාරක තුමාය. කුමන බාධක ආවත් මහනුවර සිට මේ වැඩසටහන වෙනුවෙන් විවිධ බාධක කම්කටොළු මැද අරමුදල් රැස් කරන්නට චතු මිතු සොයුරිය ඉදිරිපත් වූවාය. ඇය අවසානය දක්වාම ඒ කාරිය මැනවින් ඉටු කලාය.
මගේ ආයාචනය දුටු නමුත් එය සංවේදනය නොවූ ඇත්තන් වෙනතක් බලාන ගියෝය. තවත් කෙනෙක් සහයෝගය දෙන බැව් තරයේ පවසා නෑසු කන්ව සිටියෝය. කම්පා වන්නට කාරියක් නැත. මේ අප වෙසෙන, හුස්ම ගන්නා ලෝකයේ සැබෑ ස්වරූපයයි.
එයින් පසු අරුණළු හිස මත තබාගෙන ඉලක්කයනට සෑහෙන දුරකින් සිටි මම මගේම පාසලේ පැරණි හිතවතුන් සොයා ගියෙමි. ලංකාවේ මෙන්ම සයුරෙන් එතෙර දිවි ගෙවන ඔව්හු මාගේ ඉල්ලීමට දැක්වූයේ හෘදයාංගම ප්රතිචාරයන්ය. ඒ ඉස්සර දවසක පාසල් සෙවනේ රැස් කරන ලද ධන ධාන්‍යයයි.
පාසල් මිතුරන්ගේ ප්‍රධාන දායකත්වයෙන් අරුණළු ගිණුමේ ශේෂය දිනෙන් දින ඉහළ යන විට බ්ලොග් ලියන කියවන අතලොස්සක්ද ඊට දායක වූහ. මගේ හදවතේ නොසන්සුන් බව මඳින් මඳ දුරු වූවේය. ඒ වගට මහා බලපෑමක් කලේ ආධාර ඉල්ලා මා ලියූ බ්ලොග් ලිපිය ඔස්සේ මා සමග සම්බන්ධ වූ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ක්‍රියාත්මක වන රිද්ම පදනමේ සහෝදරත්වයයි. ඔව්හු රුපියල් මිලියනයක් වියදම් කරමින් කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු නිළ නිවාස දෙකක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන්නට කැමති වූවා පමණක් නොව මා සමග ක්ෂේත්‍ර චාරිකාවක නිරත වන්නටද කැමති වූවෝය. මේ හිතවත්කම් පසෙකින් දළු ලන විට අනෙක් පසින් අරුණළු ගිණුම හිනැහෙන්නට වූවේය.
අප කන්දේගමට ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ දින ගුරු නිවස්නයන්ගේ ස්වරූපය දුටු පර්ත් නුවර ඇත්තන් තුෂ්ණිම්භූත වූහ. එහි තත්වය එතරම් නරක විය. වැසි කාලයට මේ නිවාස තුල නොතෙමෙන තැනක් නැත, නාන කාමර භයංකාර පෙනුමකින් යුතු වූයේ කාලයකින් ඒවායේ තීන්ත ගා නොතිබූ හෙයිනි. තමන්ගේ පළමු පත්වීමේ පළමු මාසය ගෙවමින් සිටි සුලෝචනා නම් ගුරු මෙනවියක් අප සමග පැවසූවේ ඒ සතිය තුල පමණක් අවස්ථා දෙකකදී නිවාසය තුලදී සර්පයන් මුණ ගැසුන බවකි. එයින් එක් සර්පයෙක් ලංකාවේ විෂ අධිකම සර්පයා වන තෙල් කරවලා බව කී ඇය මේ සිදුවීම් නිසා මහත් කම්පනයෙන් සිටින වග අපට රහසක් නොවීය. ගුරු නිවස්නයේ දොර ජනෙල් නිසි ආකාරව වසා දමන්නට නොහැකි වීමෙන් සර්පයන් නිවාසය තුලට එන්නට ඇත. විදුලිය බෙදාහැර ඇති රැහැන් පද්ධති රෙදි වැල් මෙන් නිවාසය පුරාම විහිදී පැවතුනි. මෙවන් වටපිටාවක දිවි ගෙවන ගුරුවරුන් වෙතින් කන්දේගම විද්‍යාලයේ දරුවනට උපරිම සේවයක් ලබා ගත හැකි වේද ?
කන්දේගම කුඩා දරුවෙකුගේ ඉංග්‍රීසි අභ්‍යාස පොත
චිත්‍ර කාමරය
23 වන බල සේනාංකයේ නිළධාරීන් සහ රිද්ම පදනමේ නියෝජිතයන් දෙදෙනා සමග
මේ ක්ෂේත්‍ර චාරිකාවේදී 23 වන සේනාංකයේ ඉහළ නිළධාරීන් හමුවීමට අපට වරම් ලැබුනේ සිරා කොලුවාගේ තූර්ය වාදක ඉතිහාසයේ මා සමගම සිටි, මට වඩා වයසින් බාල චරිතයක් වූ වර්තමානයේ මේජර් වික්‍රමසිංහ සොහොයුරා නිසාවෙනි. මේ සේනාංකයේ සමාජ සේවා කටයුතු භාරව සිටින කර්නල් ලලිත් අමුණුගම මහතා අරුණළු සංකල්පය සහ අපේ වෑයම මහත් ඉහළින් අගය කලා පමණක් නොව මේ සත්කාර්යය උදෙසා ශ්‍රී ලංකා යුධ හමුදාව පාර්ශවයෙන් බොහෝ සහායන් දෙන්නට ඉදිරිපත් වීමම අප ලද මහත් ජයග්‍රහණයක් වූවේය.
දැන් ඉතින් නැවතීමක් නැත. දිනෙන් දින අරුණළු වටා එකතු වන පිරිස ඉහළ ගියේය. පුංචි උන්ගේ බලාපොරොත්තු එහි සිට මහේෂ් ගුරුමහතා හරහා මා හට සන්නිවේදනය වූවේය. ඔවුනට උවමනා දෑ ලැයිස්තු එක දෙක තුන වශයෙන් මගේ කාර්යාල මේසය මත නතර වූහ. කෙසේ හෝ ඒ සියලුම දේ මිළදී ගන්නට මා සිත තුල ඇත්තේ නොපසුබස්නා දහිරියකි.
මේවාට අමතරව වෛද්‍ය කඳවුරක්, එයට උවමනා භෞතික සම්පත්, මානව සම්පත් එකී නොකී බොහෝ දෑ අප ඉතා ඉක්මනින් සූජානම් කළෙමු. මේ කාරිය සඳහා වරින් වර දායක වූ මා මිත්‍රයන් මේ වගකීම් කන්දරාවේ බර බොහෝ සේ සැහැල්ලු කළෝය. අවසානයේ සියලුම බාධක කම්කටොළු ජයගෙන අරුණළු ඉලක්කය වෙත ලඟා වන්නට අපි සමත් වූයෙමු.
අප යන විට ගෘහ විද්‍ය කාමරයේ ඔවුන් සතුව තිබූ වටිනාම සම්පත්....
සංගීත, චිත්‍ර, ප්‍රාථමික අංශය, ගෘහ විද්‍යා, තොරතුරු තාක්ෂණ, ක්‍රීඩා, පුස්තකාල, විද්‍යාගාර ආදී අංශ ගණනාවකට අයත් බොහෝ භාණ්ඩ ප්‍රමාණයක් ඔවුන් වෙත රැගෙන යන්නට තරම් අපේ ආර්ථික ශක්තිය ප්‍රමාණවත් වූවේය. එක වර්ගයේ කුරුල්ලන් එක අත්තේ වහනවා කීවාක් මෙන්, මෙවැනි සත්කාරයකට කැමති බොහෝ පිරිසක් අරුණළු වටා එකතු පහදු වෙද්දී මගේ පාසල් මිත්‍රයා නුවන් කුලසේකර, සචිත්ර සේනානායක, මේරියන්ස් නලින් අයියා ප්රමුඛ මේරියන්ස්, සංගීතඥ අරුණ ගුණවර්ධන, ස්වාධීන රූපවාහිනියේ ඉන්ද්‍රසිරි සුරවීර වැනි ප්‍රසිද්ධ චරිතද එයට අයත් වීම අරුණළු එළිය තව තවත් තීව්ර කල බව රහසක් නොවේය.
මාර්තු 19 මධ්‍යම රාත්‍රිය උදා වූ ඇසිල්ලේ මේ සියලු තෑති භෝගත් රැගෙන දිඹුලාගල බලා පිටත් වූ බස් රථයේ ඇත්තේ කදිම නිහඩතාවකි. ඒ නිහඩතාව බිඳී ගියේ රථය පළමු නැවතුමේ නතර වූවාට පසුවයි. ගම්පහ රෝහල අසලින් මගේ පාසල් සගයන් දෙදෙනෙකු වූ වෛද්‍යවරු දෙදෙනෙක් රථය සමග එක් වූහ.
අළුයම 12.30 පමණ වන විට කොළඹ නුවර පාරේ මිරිස්වත්ත හන්දියේ ඉතිරි පිරිස අප එන තුරු බලා සිටියෝය. ඒ අතර පෙර සඳහන් කල ජනප්‍රිය චරිත කීපයක් වූහ. මේරියන්ස් කණ්ඩායමට පෙර දින අනුරාධපුර ප්‍රසංගයක් පවත්වන්නට තිබූ බැවින් ඔව්හු හබරන වෛද්‍ය බලකා කඳවුරේදී අප සමග එක්වීමට කථිකා කර ගත්හ. හබරන වෛද්‍ය බලකා කඳවුරේ ඇත්තන් අප එන පෙර මග බලා සිටියේ අපේ උදෑසන ආහාරය පිළියෙල කිරීමේ වගකීම ඔව්හු ඉතාමත් සතුටෙන් භාරගෙන තිබූ නිසාවෙනි.
අන් අවස්ථාවකදී නොව මේ ගමනේදී සියලුම ඇත්තන් වේලාවට පැමිණ තිබීම සතුටට කාරණයක් වූහ. ඒ අතර වෙනසකට තිබුනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සිය ප්‍රිය බිරිඳද කැටුව පැමිණ තිබීමයි. ඉතාම නිහතමානී යුවලක් වූ මේ දෙපළ කෙටි කාලයක් තුල බස් රථයේ සිටි සියල්ලන් සමගම මිත්‍ර සමාගමේ වෙලුනෝය.
සුදු අරලියා ගහ යට ගම්පහ පුස්තකාලයේදී මට මුලිච්චි වූ මාතරයා දශකයකටත් පසු දවසක නැවත මුලිච්චි වූයේ ඖෂධවේදියෙකු ලෙස බෙහෙත් කන්දරාවක්ද සමගිනි. හැඳල ලාදුරු රෝහලේ සේවය කරන ඔහු වේලාසනින් පොරොන්දු වූ බෙහෙත් පෙට්ටියද සමගින් නියම වෙලාවට පැමිණ සිටියේය. එදා අප සමග පුස්තකාලයේදී පාඩම් වැඩ කල මිතුරන් කීප දෙනෙකුම අද මේ වැඩසටහනේ වෛද්‍ය භූමිකාවට පණ පොවන්නට මේ අළුයමේ පැමිණ සිටියේ ඔවුන්ගේ කාර්ය බහුල ජීවිත මඳකට අමතක කරමිනි.
මේ අළුයම් කාලයේ මහා මාර්ගයේ ධාවනය වන්නේ අල්ප වූ රථ වාහන ප්‍රමාණයක් නිසාවෙන් අප සියල්ලෝම කරදරයකින් තොරව හබරන වෛද්‍ය බලකා කඳවුරට පැමිණියේ එහි ලගා වන්නට අපේක්ෂා කල වේලාවට වඩා හෝරා දෙකක් වේලාසනෙනි. ඒ වන විට අප වෙනුවෙන් උදෑසන ආහාර එහි සැකසෙමින් තිබූ අතර කඳවුරේ දෙවැනියා වූ මේජර් නිළයේ සිටි කාන්තා නිළධාරිනිය සිවිල් ඇදුමින් සැරසී අප සියල්ලෝ ඉතාම ආදරයෙන් පිළිගෙන සුහද කථා බහේ නිරතව සිටියාය.
උදෑසන ආහාරයෙන් පසු කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය වෙත යාමට ගැලපෙන ඇඳුමකින් සැරසෙන්නට කාට කාටත් ඇති තරම් විවේකය සහ පහසුකම් එහි සංවිධානය වී තිබුනි. අපගේ කටයුතු සියල්ලම අවසන් වී, පාතරාසය නිම වූ ඇසිල්ලේ නලින් අයියා ප්රමුඛ මේරියන්ස් ඇත්තන් එහි පැමිණියේ එදින අළුයම අවසන් වූ ප්‍රසංගයෙන් ඉතිරි වූ වෙහෙසද දරා ගනිමිනි.
මෙවැනි සත්කාර්යයකට දායක වන්නටත් සිතක් පහළ විය යුතුය. එසේ නොසිතෙන ඇත්තන් තමන්ට මොන තරම් සම්පත් තිබුනත් කිසිම විටෙක මෙවැනි වැඩපිළිවෙලක් සමග එක්වන්නේ නැත. ඒ අර්ථයෙන් ගත් කල මේ පැමිණ සිටින පිරිස ගැන, උදව් කල ඇත්තන් පිළිබඳ සිරා කොලුවා වන මා සිතේ ඇති වන්නේ භක්තිය මුසු වූ ගෞරවාන්විත හැගීමකි. ආර්ථික ගැටලු වලින් ගහන පරිසරයක සිට අකුරක් ඉගෙන ගන්නට වෙර දරන අහිංසක මල් කැකුලු වෙත ඔව්හු කල පරිත්‍යාගයන් බොහෝය.
අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරයේ විස්තර / පින්තූර සහ අයවැය සමගින් ඊළග කොටසින් යළි හමු වෙමු.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
සිරාගේ කාමරයේ අවසන් ලිපිය පල වී මාසයකටත් වැඩි කාලයක් ගත වී තිබේ. අරුණළු වැඩ පිළිවෙල අති සාර්ථක ලෙස අවසන් කිරීමට කාලය වැය කරන්නට සිදු වූ නිසා ඒ නිහැඩියාව ඇති වූයේය.
අරණළු සමග වාර්ෂිකව වැඩ කටයුතු කරන්නට බොහෝ පිරිසක් ශපථ කල සිටි නිසාම වාර්ෂිකව ඈත පළාතක දුප්පත් පාසලක් ඉලක්ක කොට අපේ වැඩසටහන අඛණ්ඩව පැවැත්වීමට අපි තීරණය කළෙමු
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com34tag:blogger.com,1999:blog-579265960012007263.post-81513022115146306802017-02-07T00:04:00.001+05:302017-02-07T00:04:19.478+05:30කිරි කෝඩු සිරාගේ සිරිපා කරුණාවපෙබරවාරියෙ පෝයට කලින් දවසෙ රෑ ඔෆිස් ඉවර වෙලා එහෙමම සිරීපාදෙ යමුද බං ?
සිරා කොලුවගෙ වර්තමාන සේවා ස්ථානයේ අහල පහලින් ඉන්න මිත්තරයෙක් වෙච්ච මිගා එහෙම ඇහුවෙ හිටි ගමන් හරියට හෙණ ගහනවා වගේ. කාලයක් තිස්සෙ හිතේ හිරවෙලා කාලයේ වැලිතලාවට යටවෙලා නොපෙනී ගිහින් තිබ්බ සිරිපා කරුණා කිරීමේ ආශාව මේ වචන කීපයෙන් පස්සෙ හිතාගන්නටත් බැරි වේගෙන් ඇහැරුනා.
අනිවා...යමං මිගා මටත් සිරීපාදෙ යන්න හරිම ආසයි. සිරා කොලුවගෙ කට ඉස්සර උනා.
මම කවදාවත් සිරීපාදෙ ගිහින් නෑ කිව්වම අසික්කිත කටවල් තියෙන උන් මට කෝචොක් කලේ කවදාවත් සීගිරි ගිහින් නැති දේශපාලුවෙකුත් අල්ලගෙන. ඒ අතීතය මෙයින් මතු වල පල්ලට යාවි කියන අදහසත් හිතේ පෙරදැරි කරගෙනයි මේ සිරීපාදෙ ගමනට සිරා කොලුවා එකදු පහදු උනේ.
සිරීපාදෙ යමුද මචං ?
ඔපීසියෙ වෙනත් අංශ වල උන්ගෙන් ඇහුවාම සමහරු එන්න ආසයි ඒත් බජට් නෑ කිව්වා. තවත් සමහරු මම ආවොත් ළමයි අඩනවා ඒ නිසා නිවාඩුවක් නෑ කිව්වා, බඳිනවා තියා හිතලවත් නැති උන් කිව්වෙ මට අරයව දාලා එන්න විදියක් නෑ කියලා, මම ගිය මාසෙත් ගියා බං..තවත් උන් එහෙම කිව්වා...උඹලා ඔය ගමන ගිහින් ආවම බලහල්ලකො...ඔපීසියෙ පඩි පෙලවත් නැග ගන්න බැරි වෙයි...සිරීපාදෙ කරුණාකරලා පළපුරුදු කාරයො එහෙමත් කිව්වා.
තවත් දවස් දෙක තුනක් ගිය තැන මිගා සිරීපාද ගමන තවත් සතියක් ඉදිරියට ගත්තෙ සිරීපාද කරුණාවට පෝදා වන විට එකතු විය හැකි අතිවිශාල ජනකාය නිසා ඇතිවිය හැකි අපහසුතාවන් ගැනත් හිතලා වෙන්ට ඕනෙ. මොකද ඒකාගෙ කන් බෙරේ අස්සට ඇවිල්ලා තිබුන ප්රවෘත්තියක සඳහන් උනේ පෝය නිවාඩු සමයෙ සිරිපා කරුණාවට රජයෙන් විශේෂ දුම්රිය සේවා කියලයි.
කොහොමින් කොහොම ගිය සිකුරාදා සේවය අවසන් කලාට පස්සෙ කාර්යාල සංකීර්ණයෙන්ම අපේ සිරිපා කරුණා ගමන ආරම්භ උනේ සේවා ස්ථානයේ විවිධ අංශ වල ඇත්තො පඩුරු වශයෙන් අපට බාර දුන්න තරමක මල්ලකුත් අරගෙනයි. ආසන්න දවස් කීපයෙදිම මස් මාංශ ආහාර අනුභවයෙන් තොරව කිරි කෝඩු අපි සිරිපා කරුණාවට කැප වෙලයි උන්නෙ, මොකද ඩැයිවර් මාමා ඇරුණාම කිරි කෝඩුම 4 දෙනෙක් අපේ නඩේ උන්නා. මගදි කොටා බාන්න හැලප, අග්ගලා වගේම ජාති දෙක තුනක් බිස්කට් එහෙමත් සැදී පැහැදී අපේ ගමන් මළු ඇතුලෙ බලාන උන්නා.
කිසිම අපහසුතාවයකින් තොරව කරවනැල්ල හරහා කිතුල්ගලටත් ලඟා උනාට පස්සෙයි අපිට කුස ගින්නක් දැනුනෙ. අහල පහල පුංචි තේ කඩේකින් ඒ අවශ්‍යතාවයත් සපුරාගෙන වන්දනා නඩේ ශ්‍රී පාද පුදබිමට ලං වෙන විට අළුයම 1 ට කිට්ටුයි.
රාත්තිරියෙ සිරීපාදෙ කරුණා කලාම දැනෙන මහන්සිය අඩුයි. අව්ව නැති එක බොහොම පහසුවක්. මම අන්තිමට සිරීපාදෙ කරුණා කලේ දැනට අවුරුදු සෑහෙන ගානකට ඉස්සර, ගිය සතියෙ දවසක කැම්පස් එකේ ඉගෙන ගන්න මයෙ කෙලී නම් කැම්පස් යාලුවො ටිකක් එක්ක රත්නපුරේ පැත්තෙන් සිරීපාදෙ ගොහින් ඇවිත් කකුල් රිදෙනවා කියලා දවස් දෙකක්ම ගෙදරට වෙලා උන්නා. ඩැයිවර් මාමා මහ රාත්තිරියෙ සිරිපා කරුණා කරන්න යන්න හදන අපිට අවවාද අනුශාසනා එහෙම කොලා.
ඉර සේවය බලන්න යන්න නම් තවත් පරක්කු නොවී ලෑස්ති වෙයල්ලා. අපේ වාහනේ නතර කරලා තිබුන තාවකාලික රථ නැවතුම අසල වැසිකිළි පහසුකම් වගේම ස්නානය සඳහාත් පහසුකම් තිබුන නිසා අපේ කටයුතු වඩාත් පහසු උනා.
මේ දිනවල රාත්තිරී කාලෙ ශ්‍රී පාදය අවට තියෙන ශීතල ගැන නම් කියලා වැඩක් නෑ. ඒ නිසාම ශීතල අඩුකරගන්න පුලුවන් ඇඳුම් අපේ ඇඳුම් අතර තිබුනා. පාන්දර දෙකේ කනිසමට එවැනි ශීතලක ජලයෙ කරවටක් ගිලෙනවා කියන්නෙ තරමක් අපහසු දෙයක් උනත් ගමන් විඩාව නිවාගෙන සිරිපා කරුණාවට එක්වන්නට එය කඳිම ආරම්භයක් නිසාම අපේ නඩේ හැමෝම ජල ස්නානයට එකතු උනා.
ඉර සේවය...අලුත් දවසකට හිරු උදාවන අන්දම සමනළ ගිරි සිරසේ සිට සජීවීව දැක ගැනීම මොන තරම් සුන්දර දසුනක්ද කියලා වාර්තා වැඩ සටහන් ආදියේ සිරා කොලුවා දැකලා තිබුනා. ඒ අසිරිමත් දසුන මගේ පියවි දෑසින්ම දකින්නට තිබුන ආශාව නිසාම නඩේ අනිත් ඇත්තො කාල පමාවකින් තොරව එකතු කරගෙන ඉක්මනින් සිරිපා කරුණාව අරඹන්නට මටත් මිගාටත් හැකි උනා.
අඩ අඳුරේ අතරින් පතර දිළිසෙන ලොකු කුඩා පියගැට ඔස්සේ අපි සිරිපා කරුණාවෙ පළවෙනි කොටසෙ වේගයෙන් ගමන් කලා. මේ කොටසෙදි වැඩිපුරම දකින්න ලැබෙන්නෙ විවිධ සුකුරුත්තං වගේම ආහාර පාන විකුනන්න තියෙන වෙළඳ සැල්.
වාහන නවත්වන ස්ථානයේ සිට ශ්‍රී පාදයේ පළමු අදියරේ සෑහෙන දුරක් යනතුරාවට ඉතාමත්ම බහුල ලෙස දකින්නට ලැබුන දෙයක් තමයි කෝඩු පැකට්...මේවායෙ තියෙන්නෙ ශ්‍රී පාදය නමෝවිත්තියෙන් කරුණා කරන්නට පැමිණි අපි වගේ උන්ට පුරාන චාරිත්රා ඉටු කරන්නට උවමනා දේවල්. ඉඳිකට්ටක්, නූල් බෝලයක් සහ හඳුන්කූරු පැකැට්ටුවකුත් එහි තිබුනා.
අපි හිතපු තරම් සෙනග නෑ නේද බං ? මිගා එහෙම කියලා දුම් දාන බඩ ඉරිගු අරගෙන ආවෙ අපේ නඩේ ඒ මහ පාන්දර බඩ ඉරිඟු කන්න කැමැත්ත තිබුන උන්ට විතරයි. මේ ගමන පුරාවටම විදේශිකයො බොහෝ දෙනෙක් අපේ නෙත ගැටුනා. ඒ හැමෝම ඉතාම උද්යෝගයෙන් සිරිපා කරුණාවට එකතු වී සිටින වගක් තමයි අපට දකින්නට ලැබුනෙ.
ලංකාවට වැඩම කල බුදුන් වහන්සේගෙන් සුමන නැමති ආර්ය ශ්රාවකයා කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස සමනළ කන්ද මුදුනේ තම වම් ශ්‍රී පාදයේ සටහනක් තැබූ බව බොහෝ දෙනා දන්නා කාරණයක්. සෝවාන් ඵලයට පත් වෙලා හිටිය සුමන නැමති ශ්රාවකයා පස්සෙ කාලෙක සුමන සමන් දෙවියන් ලෙස දේවත්වයට පත් උනා. එතැන් සිට බෞද්ධයන් ඉතාම ගෞරවයෙන් සමනළ ගිරි සිරස තරණය කලත් අන්‍ය ආගමිකයන් මේ පාද සලකුණ තමන් අදහන ශාස්තෘ වරයාගේ යන විශ්වාසයෙන් සමනළ ගිර තරණය කරනවා. අපි එහි ගිය දිනයේත් දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් විශාල සංඛ්‍යාවක් දකින්නට ලැබුනා.
ගමන අතරතුරදි මහ පාන්දර කියලා වගේ වගක් නැතුව අපූරුවට පැවැත්වෙමින් තිබුන රොටී දන්සැලක් ලග අපි නතර උනා. පෝලිමක් මොකුත් නෑ. හිතේ හැටියට කුසගිනි නිවාගෙන උණු උණු තේ බීලා නැවතත් ගමන ආරම්භ කරන්න අපිට අවස්ථාව ලැබුනා. මේ රොටී දන්සැලේ ලුණු මිරිස බොහොම සැරයි. සීතල මැකෙන්න වෙන්න ඇති එහෙම සැර. මේ ලුණු මිරිස එක්ක රොටී කාපු සුද්දො නම් හරිම ජංජාලෙක තමයි පැටලිලා හිටියෙ. ඒ කෙසේ වෙතත් මෙවැනි සත් කාර්යයක් ශ්‍රී පාදය වන්දනා කරන්නට පැමිණෙන පොදු ජනතාව වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන ඒ ඇත්තන්ට ඒ ස්ථානයේදීම ස්තූති කරන්න මම නම් අමතක කලේ නෑ.
ශ්‍රී පාදෙ වන්දනාවෙ ගිහින් ආවම සෑහෙන්න කකුල් රිදෙනවා...හරිම වෙහෙසකරයි. මේ මොන බොරුවක්ද...එහෙමයි මට ඒ වෙලාවෙ හිතුනෙ. මොකද අමාරුම කොටසට ඒ වනතෙක් අපි පිවිසිලා සිටියෙ නැති නිසා. හාත්පස අඳුරත් දැඩි සීතලත් අස්සෙන් කඳු මුඳුන දක්වාම සටහන් කරන විදුලි පහන් එළි අපට කිව්වෙ තවත් වැඩි දුරක් තරණය කරන්නට නැති බවක්.
ශීත ගගුලට ආවට පස්සෙ අපේ නඩේ එකෙක් අපිටත් හොරා රැගෙන විත් තිබුන දෙහි ගෙඩි කීපයක් මල්ලෙන් ඉවතට ගත්තා. දෙහි නළලෙ ගාලා ශීත ගගුලෙන් මූණ හෝදගෙන යන්න කියලා අම්මා කිව්වා. අපි ඒ චාරිත්‍රයත් අකුරට ඉෂ්ඨ කරලා මඳින් මඳ ඉහළට ඇදෙනකොට මුලින් දැනුන පහසුව නැතිව ගියා. ගමන් මග එන්න එන්න වෙහෙසකර උනා. අතරින් පතර නැවතෙමින්, ගිමන් හරිමින් ඉඳිකටු පහණ දක්වා ගමන් කරන අතර තුර හැලප කීපයක්ම අපිටත් හොරා අවසන් උනා.
ශීත ගඟුල
බුදුරජානන් වහන්සේ සමන්ත කූඨයට වැඩම කල අවස්ථාවේ අද ඉඳිකටු පහණ තිබෙන පෙදෙසේදී හැඳ සිටි සිවුර යම්කිසි දෙයක පැටලී ඉරී ගිය බවත්, එය නැවත සකස් කර ඉහළට වැඩම කල බවත් ඒ අර්ථයෙන් කෝඩු පිරිස් මෙලෙස නූල් සහ ඉඳිකටු රැගෙන එන චාරිත්‍රය ආරම්භ වූ බවත් මට දැනගන්නට ලැබුනා.
ඉඳිකටු පහණ කිට්ටුවට එද්දි මිගාට හොඳටම මහන්සියි. ලඟ ලඟ ගිමන් හරිමින් මේ යන විදියට නම් ඉර සේවය මග හැරෙන්න තියෙන ඉඩ වැඩියි. සිරා කොලුවට සාපේක්ෂව අනිත් උන් ගිමන් හරින වාර ගණන එන්න එන්නම වැඩි උනා. ඉර සේවය දකින්න වෙන්නෙ හීනෙන් තමා කියලා මගේ අක්මාව මට සන් කරද්දි මම තීරණය කලා නඩයෙන් මිඳිලා තනියම ඉදිරියට ඇදෙන්න. ඒ අදහසට උනුත් එකඟ උනා.
ඉඳිකටු පහණ
මිටින් හල කුරුල්ලෙක් වගේ එතැනින් පස්සෙ සිරා කොලුවා සමන්ත කූඨයේ ඉදිරියට ඇඳුනා. මේ විදියට ඉදිරියට යන්න ලැබුනෙ මහ ගිරිදඹේ කොටසට පමණයි. මට කලියෙන් එතැනට පිවිසුන මහා ජන සන්නිපාතයක් සමනළ ගිර මුදුනට යන්නට එතැන රැස් කමින් උන්නා. සමහරු වංචාසහගතව පෝලිමෙන් පිට විවිධ මාර්ග වලින් ඉහළට ඇඳෙන්නට උත්සාහ කලා. ඒ අතර විදේශිකයොත් හිටියා.
මේ කොටසේදී සමහර වෙලාවට පැය භාගයකට වඩා එකම තැන රැඳී ඉන්නට සිදු උනත් කිසිම බැතිමතෙක් තමන්ගෙ උත්සාහය අත ඇරලා නිවෙස් බලා යන්න සූදානම් නෑ. මමත් ඒ අයගෙන් කෙනෙක්. ශ්‍රී පාදයට පැමිණි පළමු වතාව නිසාම ඉහළටම ගොහින් වන්දනා කරන්න සිරා කොලුවත් තරයේ අධිෂ්ඨාන කොර ගත්තා.
හාත්පස එතෙක් පැවති ඝණ අඳුර කෙමෙන් කෙමෙන් වියකිලා අළුත් දවසකට ඉර පායන්නට එන බව අපට හැගෙනකොට කවුරු කවුරුත් තම අත රැඳි කැමරාව, ජංගම දුරකථනය ආදිය ලං කරගෙන ඉර සේවය කාචයට නගන්න උත්සාහ කලා. මහගිරි දඹය අවටින් පෙනෙන පරිසරයේ සුන්දරත්වය හරියට දියසායම් චිත්‍රයක් සිහිපත් කලා. මැනවින් වර්ණ සංකලනය කරමින් අඳින ලද මේ සිතුවම සොබාදම් දිනිතියගේ කඳිම නිර්මාණයක් බැව් නොකියාම බෑ.
ඉර සේවය
අළුත් දවසකට අරුණළු කැන්දමින් ඈත ක්ෂිතිජයේ ලා තැඹිලි පැහැයකින් එළිය පැතිරෙනකොට සමනළ කඳු මුඳුනේ නොසිටියත් වඩා සුන්දර දසුනක් දකින්නට සිරා කොලුවාටත් හැකියාව ලැබුනා.
හාත්පස මනාව එළිය වැටුනාට පස්සෙ අවට පරිසරයෙ සුන්දරත්වය අපේ ගමන් විඩාව නිවූ බව නම් සහතිකයි. එය ඒ තරම්ම සුන්දර දසුනක්. ලා නිල් පැහැයේ විවිධ ප්‍රභේද පසුබිමේ තබාගෙන ඈතින් පෙනෙන කඳු ශිඛර ශීතල මීදුම එක්ක දැවටිලා මැව්වෙ කදිම අලංකාරයක්.
මහගිරිදඹෙන් පස්සෙ පෝලිම ඉඳිරියට ඇදුනෙ කලාතුරකින්. මේ ස්ථානයේ ගල් පඬිපෙලේ තියෙන ආනතිය වැඩි නිසාම එක එල්ලේ එක තැනක හිටගෙන ඉන්න එකත් ඉතාම අපහසු කාරියක්. කාලය ගත වෙනවා. හිරු කෙමෙන් කෙමෙන් ඉහළට නැගෙනවා. ඒත් හැමෝම එකම අධිෂ්ඨානයක. සමහර තැනක ජීවන ගමන් මගේ 70 - 80 දශක වලට අයත් උවැසි උවැසියන් පවා ඉතාම කරුණාවෙන් ශාරීරික පීඩා දරාගෙන පෝලිමේ රැඳී සිටියා. බොහෝ අය නොදන්නවා උනාට ඉඳිකටුපාන සහ මහගිරිදඹේ අතර කොටසේ ගල් පඩි වල, ඒවා නිර්මාණය කල අපේ පැරැන්නන්ගේ නම් ගම් කොට තිබෙනවා. විමසිල්ලෙන් බැලුවොත් ඔබටත් පෙනේවි.
මහගිරි දඹේ සිට සෑ මළුව වෙත යන්නට තියෙන කෙටි දුර ගමන් කරන්නට ආසන්න වශයෙන් පැය 4 කට ආසන්න කාලයක් ගත වෙන්නට ඇති. ශ්‍රී පාද කරුණාවේ අවසන් අධියරට පැමිණෙන විට දැඩි හිරු රශ්මිය අප දවන්නට ගත්තා. එහෙත් වරින් වර දසතින් හමන ශීතල සුළග වගේම දෑස මානයේ පෙනෙනෙ ශ්‍රී පාද පද්මයත් ඒ වෙහෙස නැති කරලා සිත තව තවත් ශක්තිමත් කලා.
අප 20 වන සියවස පසුකර ඉඳිරියට යන වකවානුවක මෙලෙස තරණය කරන සමනළ ගිර මෙයින් ශත වර්ෂ ගණනාවක් ඈත යුගයේ කෙලෙස තරණය කරන්නට ඇතිද යන කුකුස මගේ සිතේ වරින් වර මතු උනා. ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් ශ්‍රී පාද වන්දනාවට ගියේ තම ගේ දොර වතු පිටි ආදිය තම දරුවන්ගේ නමට පැවරීමෙන් පසු බව මා අසා තිබෙනවා. ඒ කථාවෙන්ම ශ්‍රී පාද වන්දනාව පිණිස ඒ කාලයේ තිබූ අවධානමේ තරම පිළිබඳ අවබෝධයක් අපට ලැබෙනවා. අද මෙන් ගල් පඩිපෙල සෑම තැනකම තිබුනේ නැති බවත්. සමහර තැන් වලදි යකඩ දම්වැල් වල එල්ලී ඉහළට යන්නට තිබූ බවත් පැවසෙනවා. ඒ ගමන් බිමන් වළදී සමහරෙකුගේ ජීවිත හානි වූ වගත් ඉතිහාසය පිළිබඳ ලියවුන සමහර තැන් වලදී කියවන්න හැකියි. එය වර්තමානයේ කියා වෙනසක් නෑ. මා එහි ගිය දිනයේත් හෘදයාබාධයක් නිසා මියගිය කෙනෙකුගේ සිරුරක් ඉහළ සිට පහළට ගෙන යන අන්දම දැකගන්නට ලැබුනා. ශක්තිය ඉතාමත් වැය වෙන ගමනක් නිසා ශ්‍රී පාද වන්දනාව පිණිස හොඳ ශරීර සෞඛ්‍යයක් තිබීම ඉතාම අවශ්‍යයි. සෑම සිරිපා සමයකම කීප දෙනෙකු සිරිපා කරුණාව අතරතුර ජීවිතය හැර යන බව මට පස්සෙ දැනගන්න ලැබුනා.
රත්නපුර මාර්ගයෙන් සහ හැටන් මාර්ගයෙන් පැමිණි බැතිමතුන් වෙනුවෙන් වෙන වෙනම ප්‍රවේශ මාර්ග දෙකක් තිබෙනවා. මේවායේ සේවය කරන පොලිස් නිළදරුවන් ඒවා විවෘත කරන්නේ විනාඩි 15 ක පමණ කාලයක් එක් මාර්ගයකට ලබා දෙමින්. ඒ අතරතුර ශ්‍රී පාද පද්මය වෙත තේවාව සිදුකරන සෑම විටකමත් බැතිමතුන්ගේ පැමිණීම නවත්වනවා. ඒ නිසයි සමහර වෙලාවට විනාඩි 30 - 40 අතර කාලයක් එකම තැනක නතර වී සිටින්නට සිදු වන්නේ.
මේ සියලු අපහසුතා, වෙහෙස මහන්සිය මළුව වෙත පිවිසි සැණකින් මැකිලා යන්නෙ ආශ්චර්යයකින් වගේ. පැය 7 කට මඳක් වැඩි කාලයක් ගත කර මේ පැමිණි ගමන ගැන ඇති වන්නේ සතුටක්...ඒ වගේම සැහැල්ලුවක්. ශ්‍රී පාද මළුව වෙත පිවිසි පසුව හාත්පස පෙනෙන සුන්දර දසුන දෙස සම්පූර්ණ දිනයක් වුව බලා සිටින්නට හැකි බව මම ඔබට කීවොත් එය මුසාවක් නොවේ. එය එතරම් සුන්දර දසුනක්...ඈත ක්ෂිතයේ සිට මෑත පෙනෙන දුර දක්වා එක යායට වැතිරුන වළා කැඳලි යටින් කොළ පැහැයෙන් බබලන කදු ශිඛර ඉහළට එන්නට වෙර දරනවා වාගෙයි.
මේ මනස්කාන්ත දර්ශනය දෙස මඳ වෙලාවක් බලා සිටීමෙන් අනතුරුව ආපසු පහළට බහින්නට පටන් ගත්තා. එතැනදි දකින්නට ලැබුනා එද්දි හිටියාටත් වැඩි අති විශාල ජනතාවක් ශ්‍රී පාදය වන්දනාවට ගල් පඩිපෙල මත අධික හිරු රෂ්මිය යට උවත් අධිෂ්ඨානයෙන් යුතුව බලා සිටින අන්දම. ඒ අතර පුංචි දරුවන් වඩා ගත් දෙමාපියන් වගේම වයෝවෘද්ධ අයත් සිටීම මගේ කණස්සල්ලට හේතු උනා. ඔවුන් මහගිරිදඹේ ඉතාම අපහසුවෙන් එකම තැන බොහෝ වෙලාවක් රැඳී සිටිය යුතුයි.
ආපසු එන ගමනේදී විඩාව නිවාගන්නට පුංචි කඩයකට ගොඩ උන වෙලාවෙ කඩ හිමියා සමග පුංචි කථාබහක නිරත වෙන්නට ලැබුනා. දෙසැම්බර් මස පුර පසලොස්වක පොහොයෙන් ආරම්භ වී වෙසක් පොහොයෙන් අවසාන වන සිරිපා සමයේ පමණයි ඔවුනට මෙලෙස කඩ කාමර පවත්වාගෙන ආදායමක් උපයන්නට හැකියාවක් ලැබෙන්නේ.
සිරීපාදෙ යන කාලෙ වෙද්දි අපි මේ හැමදේම අරගෙන එනවා. කාලය අවසන් උනාට පස්සෙ මේ ලී දඬු, තහඩු හැමදේම ආයෙමත් ගෙදරට අරගෙන යනවා.
ගල් පඩිපෙල මත තනිව වුව අපහසුවෙන් යන්නට තිබෙන මගක මේ හැමදේම අරගෙන එන්නට ඔවුන් මොන තරම් වෙහෙසක් දරනවාද යන්න මට සාක්ෂාත් උනේ ආපසු එන ගමනේදී. කඳු මුඳුනේ පවත්වාගෙන යන විවිධ ආපනශාලා වෙනුවෙන් අවශ්‍ය කරන ද්‍රව්‍ය කරේ හෝ හිසේ තබාගෙන ඉතාම අපහසුවෙන් හැති දමමින් ඉදිරියට ඇදෙන මිනිසුන්ගේ දසුන සංවේදියි. විශාල ජනකායක් ගැවසෙන දින වලදී ඔවුන් තවත් අපහසුතාවයට පත් වෙන බව නම් රහසක් නෑ.
සිරීපාද වන්දනාව පිණිස ඉහළට ඇදෙන අවස්ථාවේ අපට මුණ ගැහුන රොටී දන්සැල ආපසු එන ගමනේදීත් තම සේවය වෙනසක් නොමැතිව සලසමින් තිබුනා. ඔවුන්ගේ කට සැර ලුණු මිරිස, යහමින් පොල් යොදා සකස් කර තිබූ රසවත් රොටී සමග එකතු වුන පසු කදිම රසයක් දැනුනා. මේ රසය දෙගුණ තෙගුණ උනේ ඔවුන් ලබා දෙන දුම් දමන තේ කෝප්පයකින් සන්තර්පණය උනාට පස්සෙ.
අපි හැම අවුරුද්දෙම මේ විදියට මෙතැන දන්සැල පවත්වාගෙන යනවා. ඒ සඳහා උවමනා වියදම් හොයාගන්න සමිතියකුත් අපිට තියෙනවා. ඒ ඇත්තො මට එහෙම කිව්වා.
ගමන් විඩාවෙන් රිදුම් දෙන දෙකකුලත් දරාගෙන අමාරුවෙන් පඩියෙන් පඩිය පසු කරමින් ඉදිරියට ඇදෙනකොට අපේ නඩේ එකා දෙන්නා විවිධ තැන් වලදි මට මුලිච්චි උනා. දැඩි හිරු රශ්මිය නිසා පීඩාවට පත් වෙලා දහඩියෙන් නැහැවී තිබෙන ශරීරය සිසිල් ජලයෙන් ස්නානය කරන්න පුද්ගලික සමාගමක අනුග්‍රහයෙන් ඉදිකරලා තිබුන නානකුටි ලබා දුන්නෙ කදිම සහයෝගයක්. ඔවුන්ගේ නිෂ්පාදනත් ඔවුන් ස්නානය කරන ජනතාව වෙත නොමිලයේ ලබා දුන්නෙ ස්නානය තවත් පහසු කරමින්. ඒ ඇත්තන්ටත් පින් සිදු වේවා !
මේ හැමකාරියක්ම අවසන් කරලා. ජල ස්නානයෙන් ප්‍රබෝධමත් වෙලා මමත් මිගාත් එළකිරි වීදුරුවක් තොල ගාමින් නල්ලතන්නිය නගරයේ ඉන්න වෙලාවෙ අඹන්පොල ප්‍රාදේශීය සභාවෙ නිළදරුවෙක් මට මුලිච්චි උනා. මම ඔහුගෙන් ඇහුවෙ සිරීපාද වන්දනාවට එන වන්දනාකරුවන්ට ඇති වෙන පීඩා අවම කරන්නට ක්‍රමවේදයක් හදන්නට නොහැකි මන්දැයි කියා. එකම ගල් පඩියක විනාඩි 30 - 40 ගිණි අව්වේ පිච්චෙමින් දරුවන් වඩාගෙන සිටින්නට ඉන් පසුව අවකාශ නැතුව යාවි කියන විශ්වාසය මට තිබුනා.
අපි ක්‍රමවේදයක් හැදුවා. ඒක ජනතාව අතරට අරගෙන යන්න මාධ්‍යයෙන් ලැබුන සහයෝගය මදි. මේ සෙනග හැමෝම ප්‍රසිද්ධ නිවාඩුවක් ලැබුනාම එක රොත්තට මෙතනට එන එක නවත්තන්න පුලුවන් නම් ඔයා කියන පහසුව ඇති කරන්න පුලුවන්. ඔහු කිව්වෙ එහෙම කථාවක්.
ආපසු එන ගමනේදී හැටන් - නල්ලතන්නි මාර්ගයේ සිරිපා කරුණාවට එන පිරිස සහ යන පිරිස දෙපසට යා නොහැකිව දැඩි මාර්ග තදබදයකට ලක්ව සිටියා. අවසානයේ පොලිසිය කරුණාවට එන පිරිසගේ වාහන ඒ ඒ තැන්වලම මාර්ගයේ අයිනට කොට නවත්වා එ්වායේ උන් මගීන් පා ගමනින් සිරීපාද පුදබිම දෙසට පිටත් කොට එවා තිබුනා. ඒ නිසාම නැවතත් මාර්ග පහසුව ඇති උනා.
මේ සිදුවීම සෑම වසරකම සිදු වුවත් ජනතාව අපහසුතාවයට ලක්වීම සමනය පිණිස කිසිම රජයක් සාධනීය පියවරක් මෙතෙක් ගෙන නැහැ. හැටන් - නල්ලතන්නි මාර්ගය එතරම් පළල නොවන මුත් සිරිපා සමයට එම මාර්ගයට දරාගත නොහැකි තරමේ වාහන සංඛ්‍යාවක් පැමිණීම එයට හේතුවයි. විශාල රථ ගාල්, සනීපාරක්ෂක පහසුකම් ආදිය තව දුරටත් වැඩි දියුණු වීම අපි හැමෝටම පහසුවක්.
කාලයක් හිතේ හිරවෙලා තිබුන සිරා කොලුවගෙ සිරිපා සිහිනෙ ඔන්න ඔය විදියට තමයි නිමා උනේ. කකුල් කෙටි දෙක සෑහෙන්න රිදුනත්, මොන තරම් පීඩා වින්දත්...ආයෙමත් සිරීපාදෙ යන්න ඇතිවෙන ආශාව නම් අඩුවක් නෑ. බොලා සිරීපාදෙ ගිහින් නැත්තං මේ වාරෙම සිරිපා කරුණා කරන්න. පොලෝසියෙ ඇත්තන්ගෙ අදහස් අනුව නිවාඩු දිනයකට පෙර හෝ නිවාඩු දිනයක සිරිපාදයට අධික ජනතාවක් පැමිණෙන නිසා අධික තදබදයෙන් ඔබ අපහසුතාවයට පත් වේවි. එහෙත් ප්‍රසිද්ධ නිවාඩු නොමැති සතියේ වැඩ කරන දිනයන්හි ඔබ එහි යන්නේ නම් ඔබට ඉතාම පහසුවෙන් සිරිපා කරුණා කරන්නට අවස්ථාව උදා වේවි.
යමක් අපහසුවෙන් ඉටු කරගත්තාම හිතට දැනෙන සතුට වැඩියි...අන්න එවැනිම සතුටක් සිරා කොලුවගෙ හිතටත් දැනුනා මෙවර හා පුරා කියා සිරීපාදය කරුණා කලාට පස්සෙ. ඒ සතුට ඔබත් අත්විඳ බලන්න.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු සපුරාලමින් බ්ලොග්කරුවන් පිරිසකගෙන් සමන්විත අරුණළු කණ්ඩායම විසින් මාර්තු 20 දින පවත්වන්නට සැරසෙන ආධාර වැඩසටහනට පෙබරවාරිය අවසාන වන තුරු ඔබට ආධාර කල හැක. ඔබේ ආධාරය නිසැකවම, අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන ඒ අහිංසක දරු දැරියන්ට ශක්තියක් වනු ඇත. අපේ ආධාර බලාපොරොත්තුවෙන් දෑස් දල්වා මග බලාගෙන සිටින ඒ අහිංසක හිත් සතුටින් පුරවමු. වැඩි විස්තර සඳහා සිරාගේ කාමරයේ දකුණු පස ඉහළින්ම ඇති අරුණළු ලාංඡනයට කොටන්න.
ගිණුම් විස්තර
Account No : 121261002661
Bank : Sampath Bank, Gampaha Super Branch
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com30tag:blogger.com,1999:blog-579265960012007263.post-28699077445397740092017-01-15T22:58:00.001+05:302017-01-29T20:05:49.625+05:30සිරා කොලුවාගේ පළමු ගීතය අහමුද ?
සිරා කොලුවාගේ ගායක හීනේ ගැන මම බොලාට කිව්වෙ 2015 අවුරුද්දෙ අගෝස්තු මාසෙ අන්තිම දවසෙ. මුහුණු TV ආයතනය සංවිධානය කරපු Cover Song Challenge තරගාවලියෙ පළමු වටයෙදි සිරාගෙ කාමරයට එන යන ඇත්තො සිරා කොලුවා වෙත දක්වපු සහයෝගය මට අමතක නෑ. ඒ කාලෙ මම උන්නෙ ලංකාවෙන් බැහැරව උනත් තරගයේ ඉදිරි වට වලට සහභාගි උනේ ලංකාවෙදි.
පළමු වටයෙන් දෙවැනි හෙවත් අවසාන වටයට තෝරගත්ත පිරිස 10 දෙනෙක්. ඒ අතරින් එක් තරග කරුවෙක් උනේ සිරා කොලුවා. මේ හැම දෙනාටම තමන්ගෙම කියලා ගීත 10 ක් තරගයේ සංවිධායකයො විසින් නිර්මාණය කොලා. ඒ නිසයි දෙවැනි වටය ආරම්භ වෙන්න මේ තරම් කාලයක් ගත උනේ.
තරගකරුවන්ට නිදහස ලැබුනා තමන්ගෙ ගී නිර්මාණය වෙනුවෙන් පද රචනා හොයා ගන්න. අන්න එතැනදි සිරා කොලුවගෙ අතිජාතයෙක් වෙන ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවීණ නිවේදක ඉන්ද්‍රසිරි සුරවීර අයියා සිරා කොලුවගෙ අතට දුන්නෙ ප්‍රේමයේ සුන්දරත්වය ගැන කියවෙන අපූරු ගීතයක්. ප්‍රේමයේ අදෝනා විතරක්ම ඇහෙන වකවානුවක ලියවුනු නිසාම ඒ ගීතය මගේ හිතටත් දැනුනා.
ඉන්ද්‍රසිරි සුරවීර
පළමු දැක්මේදීම ඔබ මෙන්ම මමත් නොයෙක් අයට ආදරය කරලා තියෙනවා. ආගන්තුක උනත් බොහොම සමීප බවක් දැනිලා තියෙනවා. අන්න එවැනි හැගීමක් නිසාම ඒක පුද්ගල ආදර හැගීමකින් පීඩිත වෙන තරුණයෙකු පසුබිමේ තබාගෙන සුරෙ අයියා මේ ගීතය ලියා දුන්නෙ.
ගීතයේ සංගීතය නිර්මාණය කරන්න අවස්ථාව ලබා ගත්තෙ අලුත් පරපුරේ දක්ෂ සංගීතඥයෙකු වන දිලුම් තේජන. චාමර, ශෂිකා යුවල ගායනා කරන කවුරුන්ද කවුළුව වැහුවේ ගීතයෙන් තමන්ගෙ හැකියාවන් මොනවට පෙන්වපු දිලුම් ඉදිරියේදී තිරගත වීමට නියමිත ජුලියා චිත්‍රපටයේ දෙවැනි කොටසටත් ගීත දෙකක් නිර්මාණය කරනවා. ඔහුගේ De Verb ශබ්දාගාරයෙදී පටිගත කිරීම් සිදු උනා.
දිලුම් තේජන
ගීතයක් කියන්නෙ පාර්ශව තුනක සම්මිශ්‍රණයක්. පුද්ගලයන් තිදෙනෙකුගේ එකිනෙකට වෙනස් භාව ප්රකාශනයන් එකට හමුවන ස්ථානයක්. එතැනදී සිදුවන විවිධ සංවාද ආදියෙන් තමයි වඩාත් සාර්ථක කලා නිර්මාණයක් බිහි වෙන්නෙ.
Cover Song Challenge අවසාන අදියර වඩාත් උණුසුම් එකක්. මේ ලිපිය ලියන අවස්ථාව වන විට සිරා කොලුවා ඉන්නෙ 4 වෙනි ස්ථානයේ. එළඹෙන ඉරිදා දිනය වන විට මේ තරගයේ ජයග්‍රාහකයා තෝරගන්න නිසා සිරා කොලුවගෙ ගායක හීනෙ තව දුරටත් ජීවත් කරවන්න සිරාගේ කාමරයට යන එන ඔබේ සහයෝගය ලබා ගන්න මම අදහස් කොලා.
මේ තරගයෙන් ජයග්‍රහණය ලබන කෙනාට දහසින් බැඳි පියලි ලැබෙන්නෙ නෑ. ලැබෙන එකම දේ ගීතය වෙනුවෙන් මියුසික් වීඩියෝවක් නොමිලේ නිර්මාණය වීම පමණයි. ගායක හීනය දකින කෙනෙකුට එය විශාල වටිනාකමක් එකතු කරන දෙයක්.
සිරාගේ කාමරයට නිතර යන එන ඔබ මේ වෙනුවෙන් සහයෝගය දක්වාවි කියන විශ්වාසය මට තියෙනවා. සිරා කොලුවාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබට කරන්නට තියෙන්නේ ඉතාම සුලු දෙයක්. කරදරකාරී වැඩ කිසිවක් නෑ.
මෙන්න මෙතැනින්  මනාපය පලකරන පිටුවට කෙලින්ම යන්නත් පුලුවන්.
මේ ලිපිය ලියන අවස්ථාව වන විට 4 වන ස්ථානයේ සිටින සිරා කොලුවාට ඔබේ සහයෝගයේ තරම මත ප්‍රථම ස්ථානයට එන්නට හැකියාව තියෙනවා. මේ කාරණය ඔබේ හිත මිතුරන් වෙත සන්නිවේදනය කොට අමතර සහායක් දෙන්නට හැකි නම් මම ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
අදට එහෙනම් කාමරයේ කථාව අහවරයි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
දිඹුලාගල, කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ පවතින අඩුපාඩු සපුරාලන්නට අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය ගෙන යන වැඩසටහනට ඔබත් එකතු වන්න. (මෙතෙක් ආධාර කල සැමටම මගේ නොවක් ස්තූතිය) ලබන මාර්තු 20 වන දින සියලුම ආධාර ඒ අහිංසක දරුවන් වෙත ගෙනයන්නට සියලු කටයුතු සූදානම් වන අතරේ, අරුණළු ඉලක්ක වෙත යන්නට තවත් රු. ලක්ෂ එක හමාරක පමණ මුදලක් අවැසිව තිබේ. මේ අහිංසක පාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ මෙන්ම, ඔවුනට අකුරු කරවන ගුරුවරුන්ගේ බලා පොරොත්තු සහගත දෙනෙත් තුටු කඳුලින් පුරවමු. ගිණුම් විස්තර මෙන්න.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com36tag:blogger.com,1999:blog-579265960012007263.post-19936935323285941432016-12-31T23:30:00.000+05:302017-01-01T12:36:54.330+05:30මයිනරය, Vibration සහ තවත් කථා
සිරා කොලුවා කාලයක් නියෝජනය කල පාසල් බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ Vibration 2006 ප්‍රසංගය පිළිබඳ ඔක්තොම්බර් මස අවසානයේදී පළ වූ ලිපිය සමග මේ ලිපිය සබැඳේ.
පළමු කොටසට
නිදි වර්ජිතව උදෑසන වනතුරුම පෝස්ටර් කෙලියේ නිරතව, සිරුර පුරා පාප්ප පැල්ලම් සහිතව, දැඩි විඩාවකින් පීඩිතව සිටින අපගේ චිත්ත සන්තානයම වතුර ටැංකිය අසබඩ කොළ ටයි පටි කෙල්ලෙකුගේ සිනා කැකුලකට ක්ෂණිකව විකසිත කරන්නට හැකි බැව් අපි එදා දැනගතිමු.
කෙතරම් විඩාවක් දැනුනත්, නිදි වර්ජිත රාත්‍රීන් කීපයක් ගත වුවත් සිරා කොලුවා වන මටත්, ජපන් චමියාටත් ඉසිඹුවක් ලබන්නට ඉඩක් නැත. අපගේ ප්‍රසංග සංවිධානයේ කුමන හෝ තැනක අඩුපාඩුවක් ගැන පැමිණිල්ලක් නොලැබෙන දිනයක් නැත.
ආනන්දයගෙ ලොරි බට්ටට තෙල් ගහන්න සල්ලි නෑ. පෝස්ටර් අලවන්න යන්න පාප්ප ගන්න සල්ලි නෑ.
මෙවැනි අටෝරාශියක් ගැටලු කෙලවර වන්නේ ජපන් චමියාගේ හෝ මා ඉදිරිපිටිනි. ඒ සෑම විටෙකම යන්තං ඔලුව බේරාගත හැකි පිළිතුරක් දෙන්නට තරම් අපි දෙදෙනා දක්ෂයෝ වීමු.
වෙනදා වගේම කාලය වේගයෙන් ගත වී ගියේ ටික් ටික් හඬිනි. Vibration 2006 ප්‍රසංගය අත පොවන මානයට පැමිණ තිබේ. චමියාගේත් මගේත් ඔලු ගෙඩි යක්ෂයාගේ කම්මල මෙන් අවුල් වියවුල් ජාලයකි. තවත් විටෙක මේ ප්‍රසංගයේ සංවිධාන කටයුතු මහත් පීඩනයකි. මේ සියලු දෑ දරාගෙන අපි දෙදෙනා තවමත් පිම්මේ දුවන්නේ සාර්ථක ප්‍රසංගයක් අපගේ තූර්ය වාදක ඛණ්ඩයේ පොඩි උන්ට දායාද කරනා අදහසිනි.
ප්‍රසංගයට ඇත්තේ තවත් දින කීපයකි. අලුත් වටයකින් ගම්පහ නගරයම පෝස්ටර් වලින් හැඩ කරන්නට අපේ පාප්ප බාල්දි වලට හැකි වී තිබේ. කොල්ලො කුරුට්ටන් සියල්ලක්ම පාහේ අමුතුම ජවයකින් අවසන් අවස්ථාවේ තම දායකත්වය ඒ ඒ අංශ වෙනුවෙන් ලබා දෙන්නට සැදී පැහැදී සිටිති. තූර්ය වාදක ඛණ්ඩයට දායකත්වයක් නැති පාසලේ සාමාන්‍ය ශිෂ්‍ය ප්රජාවද ප්‍රසංගය නිසාවෙන්ම වෙනදා නැති උද්යෝගයකින් සිටිනා වගක් සිරා කොලුවාගේ අක්මාවට දැනේ.
කොල්ලො...මේ දවස් ටික එක දිගට හවසට ප්‍රචාරය දීහං ගම්පහ ටවුමෙ. මිනිස්සුන්ට එතකොට හොඳට දිනේ මතක හිටිනවා. මාස්ටර් දවසක් දෘ උදෑසනම මා වෙත අවවාදයක් දුන්නේය. දවසක් හැර දවසක් හෝ ආනන්දයාගේ ලොරි භාගයට පින් සිදු වන්නට ඒ වන තෙක් අප ප්රචාරක කටයුතු සිදු කර තිබුනි. ප්‍රසංගයට පෙර ගත වෙන අවසන් දින කීපය නිසා දැන් ඒ කටයුතු වෙනදාවට වඩා උවමනාවෙන් සිදු කරන්නට කාලය එළඹ තිබුනි.
අනේ මල්ලියෙ...අද නම් එන්න විදියක් ඇත්තෙම නෑ වාහනේ අරගෙන. අම්මට යකා නැගලා ලොරියෙ යතුරත් හංගලා තියෙන්නෙ. උඹලා අදට මොනවා හරි කරගනිල්ලා...මම හෙට කොහොම හරි එන්නං...
ආනන්ද අයියාගේ දුක්මුසු වැලපුම් හඬ මේ කියන දිනයේ 4 පසු වී විනාඩි ගනනක් ගිය තැන මාගේ සවන්පත් කම්පොනය කලෙන් මම මහත් කලබලයෙන් යුතුව මේ අසුබ ආරංචිය සංගීතය පුහුණුකරමින් සිටි බෑන්ඩ් මාස්ටර් වෙත සැළ කළෙමි.
යකඩ කටවල් දෙක තියෙනවා නේද බෑන්ඩ් කාමරේ...ඒක බැදහං මගේ කාර් එකට, අපි කාර් එකෙන් අද වැඩේ කරමු. වයසට ගියත් බෑන්ඩ් මාස්ටර්ගේ මෙවැනි අභීත ක්‍රියාකාරකම් ඒ කාලයේ මහත් සුලභ දසුන්ම වූවේය.
කොල්ලො කුරුට්ටන්ගේ නොමඳ සහයෝගය නිසාම මේ ප්‍රසංගයේ ප්රචාරක රථයක් පරිද්දෙන් සෑර්ගේ මයිනරය හැඩ වැඩ වන්නට වැඩි වෙලාවක් ගියේ නැත. වාහනය පුරාම අපගේ පෝස්ටර අළවා යකඩ කටවල් දෙක, කාරයේ වහළය මත තබා කොහු ලණුවෙන් කිටි කිටියේ බැඳ දැමූ පසුව සියලු දුක්ඛ දෝමනස්සයන් අහවර වූවේය.
නිවේදන කටයුතු සඳහා මයිනරය දැන් ගම්පහ නගරය බලා ඇදෙමින් තිබේ. කඩින් කඩ සෑර්ගේ උපදෙස් පරිදි මම ප්‍රසංගය පිළිබඳ නිවේදන කටයුතු සිදු කලෙමි. රැකියාව අහවර වී නිවාස වෙත ඇදෙන ගම්පහ ජනතාව අපගේ ඉලක්කගත පිරිස වූහ.
ගම්පහ නගරයේ හදවත වැනි දුම්රිය ස්ථානය ඉදිරිපිට කොටසේ ප්රචාරක කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සෑර්ගේ අදහස වූයේ දුම්රිය හරස් මාර්ගයෙන් ඔබ්බේ වූ කොටසේද ප්රචාරක කටයුතු සිදු කල යුතු බවයි.
මයිනරයේ ඉදිරි වම්පස අසුනේ සිට ගම්පහ සිරි අසිරි නරඹින් සිටි මගේ දැහැන බිදුනේ එක් වරම නැගී ගිය මහා හඬකිනි. ඒ සමගම වාහනයේ මා සිටි කොටස පසෙකට ඇළවී එම කොටස තාර පාර දිගේ ඇතිල්ලෙන වගක් මට දැනුනි.
මොකක්ද බං ඒ සද්දෙ...වික්ෂිප්තව ගිය සෑර් මගෙන් විමසයි. නමුත් මා හට දෙන්නට පිළිතුරු නැත.
සැනින් ගමන නතර වූ මයිනරයෙන් බිමට බට සැනින් එහි ඉදිරිපස වම්පස ටයරය පසෙකට ඇළවී තිබෙන අන්දම දැකගත හැකි වූවේය.
ටයර් එක ෆික්ස් කරන තැනට එනවා අපේ ඇගිල්ලක් විතර මහත ක්ලිප් එකක් මේ කාර් එකේ අන්න ඒක කාලයක් තිස්සෙ ටිකෙන් ටික කැපිලා බං...ටයර් එක පැත්තට ගිහින් වාහනේ පාත් වෙද්දි පොළවෙ වදින සද්දෙ තමයි ලොකුවට ඇහුනෙ.
ප්‍රසංගයේ බැනර් එල්ලන්නට වන්දනා නඩයක් රැගෙන මයිනරය ගෙවීගිය රාත්‍රියක ගිය ගමන මේ විපත උදා කරන්නට ඇති බැව් මා හට සිහි වුවද ඒ පිළිබඳ මම මාස්ටර් සමග කථා නොකළෙමි.
මාස්ටර්ගේ කාර්මිකයා එහි ලගාවනතුරු අපි දෙදෙනා මයිනරයට තනි රැක්කෙමු. ඒ අවසරයෙන් එතැනින් ගිය සිරා කොලුවා ගමන් ගන්නා මාර්ගයේ මගී බස්රථවල සිටි කෙල්ලන් පාසලේ නම සහිත පෝස්ටර් සමග අබ්බගාතව සිටින මයිනරය දුටු විගස කොක්සන් හඩලා සිනා සුනහ. ඒ සෑම විටෙකම මම මගේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනිමේ පරම අධිෂ්ඨානයෙන් මයිනරය ඇතුලට හිස යොමු කරගෙන සිටියද, කඳ එළියේය.
මේ හදිසි අනතුරෙන් මයිනරය නැවතී තිබූ ස්ථානයෙන් මාර්ගය අවහිර වී තිබීම නිසා, මාර්ගයේ සැනෙන් ඇති වූයේ දැවැන්ත වාහන තදබදයකි. කවදත් අපේ තූර්ය වාදක ඛණ්ඩය සමග හොඳ හිත පතුරවාගෙන සිටි ගම්පහ පොලෝසියෙ ඇත්තන් ඒ සියලු තත්වයන් සමනය කරන්නට මහත් සහායක් දුන්නෝය.
ප්‍රසංගයට පෙර දින රාත්තිරියේ ප්‍රසංගයේ ආරාධිතයන් දැල්විය යුතු පොල්තෙල් පහන කිසිම සුකුරුත්තමක් නොමැතිව ඔහේ සිමෙන්ති පොළව මත තිබෙන අයුරු දැක අපගේ මාස්ටර් පරල වූවේය.
මේක මෙහෙමද හෙටත් තියෙන්නෙ. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.
උඹලා භය වෙන්න එපා මම දෙන්නං පොල්තෙල් පානට ලොද පනින්න නියම ඩෙකරේෂන් එකක්..ඒ වෙලාවේ අප මිත්‍ර ජෝතියාගේ වදන් අපිට මහත් සහනයක්ම වූහ.
සෑර්ගේ දෝස්මුරයට හසු වූ පසු, මිත්‍ර ජෝතියා සමග පාසලට යාබද කනත්තේ ඇති සුදු අරලියා ගස් වෙතින් මල් සහ කොල කඩාගන්නා විට මධ්‍යම රාත්‍රිය එළැඹී තිබුනි. ජෝතියාගේ ආරක්ෂාවට ඒකා සමග කනත්ත වෙත බඩගාන්නට මමත් චමියාත් එකතු වූයෙමු. උඩු කය නිරුවතින් සිටි කලුම කලු ජෝතියා දුටුවා නම් හොල්මනක් වුවත් භිය වෙනවා නිසැකය.
සති කීපයක සිට, නොයෙක් දෙනාගේ සහයෛා්ගය ඇතිව මහත් වැර වෑයමෙන් තැනූ ප්‍රසංග වේදිකාවේ ප්‍රසංගයට ඉඩ හසර වෙන්වන දිනය දා උදේ පාන්දරම ඇන්ටන් ජූඩ් කලාකරුවා රැගෙන එන්නට රත්මලානට යන්නට මා හට සිදුවූවේය. අප එහි යන විට තම සියලුම අඩුම කුඩුම සූජානම් කරගෙන ඔහු සැදී පැහැදී සිටියේය. ඒ වකවානුවේ මේ කලාකරුවාට තිබුනෙ ඉමහත් ජනප්‍රියත්වයකි.
නිවස ඉදිරිපිට මාර්ගයට පා ගමනින් පැමිණි සැනෙකින් ආයිෂ් අම්මා ගුණ්ඩු...යනුවෙන් පුංචි කොලු ගැටවුන් කීප දෙනෙක් මහා හඬක් නැගුවේය. එය අසා ජූඩ් අයියා සිනහවක් මිස තරහාවක් ඔවුනට තිළිණ නොකලේය.
දන්නවද මල්ලි...මට ඉන්න හොඳම රසිකයො තමයි ඒ....ජූඩ් අයියාගේ එවදන්..ඔහු ජීවිතයෙන් සමුගෙන ගොස් වසර කීපයක් ගත වුවත් තවමත් මගේ සිතේ රැව් පිළිරැව් දෙයි.
ඉංග්‍රීසි සෑර්ගේ මෝටර් රථයේ ඉදිරිපස ජූඩ් අයියා අසුන් ගත් පසු නැවත පාසල කරා පැමිණෙන්නට අපට හැකි වූවේය. ඒ ගමන අතර තුර වාහන තදබදයක් තිබෙන තැනකදී ඔහු හඳුනාගන්න අවශේෂ රියදුරන් මෙන්ම මගී ජනතාවද දැක්වූ ප්‍රතිචාර අභිමුව ඔහු ඉතාමත් නිහතමානීව ප්‍රතිචාර දැක්වූවා පමණක් නොව මහත් සේ සතුටු වූ අන්දමද මට මතකය. සමහර විටෙක අපගේ වාහනය පිටුපස අධික වේගයකින් නලාව නාද කරමින් පැමිනෙන සුඛෝපභෝගී බස් රථයක රියදුරා නලාව නාද කර ඇත්තේ ජූඩ් අයියාටය.
ඇන්ටන් ජූඩ් , රොඩ්නි වර්ණකුල සුසංයෝගයෙන් හැඩගැන්වුන Vibration 2006 ප්‍රසංගය සැබැවින්ම සාර්ථක එකක්ම වූවේය. අතුරු සිදුරු නැතුව පිරීගිය ප්‍රේක්ෂකාගාරය පිළිබඳ මේ කලාකරුවන් දෙදෙනාම සිටියේ මහත් සතුටකිනි. ඒ සතුටේ තරම් කෙසේද යත්....
ඇන්ටන් ජූඩ් සහෘදයා අපගේ ප්‍රසංගයට සහභාගි වූයේ යන්නට එන්නට ප්‍රවාහන පහසුකම් සලසනවා යන පොරොන්දුව මත වුවත්...ප්‍රසංගයේ සාර්ථකත්වයෙන් ඔඳ වැඩී සිටි ඔහු
මල්ලි රොඩ්නියට නම් කියන්න යන්න එපා... මම ගෙවාගෙන ආපහු යන්නං. මට වාහනයක් විතරක් හොයලා දියං...ජූඩ් අයියාගේ මනුස්ස කම එබඳුය. ඒ වෙද්දී ප්‍රවේශපත්‍ර ආදායම කලාකරුවන් දෙදෙනාගේ අයකිරීම් ආවරණයට, ශබ්ද පරිපාලනයට, ආලෝකකරණ රටාවන්ට අත්තිකාරමක් ගෙවීමට පමණක් ප්‍රමාණවත් වූ වටපිටාවක ප්‍රසංගයේ සංවිධායකයෙකු මා පත්ව සිටි අපහසුතාව සමහරක් විට ඔහුට දැනෙන්නට ඇත.
මම වහා කුලී රථ සේවා සපයන ආයතනයක් අමතා ඇන්ටන් ජූඩ් කලාකරුවාට රත්මලානට යන්නට ඉතාම හොඳ තත්වයේ වාහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙමි. මේ ඇමතුමෙන් පසු කුලී රථය පැමිණෙන්නට සිතුවාට වඩා කාලයක් ගත වූ හෙයින් එදින රාත්තිරයේ හෙන්රි ජයසේන මහතාගේ නිවසේ පවත්වන්නට නියමිතව තිබූ පැදුරු පාටිය පිළිබඳ ජූඩ් අයියා සිටියේ කුකුසකින් යුතුවය.
මොකද අනේ මෙච්චර වෙලා ගියේ මේ වාහනේ අරගෙන එන්න. මම රියදුරා ඇමතුවෙමි. කුලී රථ රියදුරා එහි පැමිණියේ අලුත්ම වෑන් රථයකිනි.
මේ හයර් එක එන්න හැම එකාම පොර කෑවා. අන්තිමේදි මම කොහොම හරි ගොඩ දාගත්තා. මම ඇන්ටන් මහත්තයගෙ හොඳම රසිකයෙක්.
කලාකරුවන් මෙන්ම අපගේ හිතෛශීන්ද අපට සමුදී නිවෙස් බලා යන විටත් මමත් චමියාත් ප්‍රසංගයේ බර කරට ගෙන නිදි වර්ජිතව ගත කල අවසන් රාත්‍රී කීපයක අරුමය විඳිමින් සිටියෙමු. සාර්ථකව අවසන් වූ ප්‍රසංගය අපගේ සියලු ශාරීරික අපහසුතාවයන් පහ කරන්නට ලැබුන ඔසුවක්ම වූවේය.
මම කාමරේ වෙසෙන සිරා කොලුවා.
ප.ලි
2017 නව වසර එළඹෙන්නට විනාඩි ගනනක් තිබියදී, 2016 වසරේ අවසන් ලියමනට මෙසේ තිත තබමි. එළඹෙන නව වසර ඔබ සැමට යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත එකක් වේවා !
අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය විසින් දිඹුලාගල කන්දේගම ග්‍රාමයේදී පවත්වන්නට සූදානමින් සිටින සමාජ සත්කාර වැඩ සටහනට ඔබේ දායකත්වය ලබා දෙන්නට තවමත් කාලය තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර බ්ලොග් අඩවියේ දකුණු පස ඉහළින් තිබෙන අරුණළු ලාංඡනයට කෙටීමෙන් ලබා ගත හැක.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com22tag:blogger.com,1999:blog-579265960012007263.post-10353411576657756142016-12-15T00:12:00.001+05:302016-12-16T22:37:05.501+05:30දිඹුලාගල දෙසට හැරෙමු !
උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දිඹුලාගල පුරවරය ඉතාම ඈත ඉතිහාසයකට නෑකම් කියන ඓතිහාසික පුරවරයකි. විජයාගමනයට පෙර මේ ප්‍රදේශයේ විසූවෝ යක්ෂ හා නාග ගෝත්‍ර වලට අයත් වූ බැව් පුරවිද්‍යාව පිළිබඳ කරුණු ගෙන හැර බලන විට දැනගන්නට ලැබේ. මේ කියන ඉතිහාසයේදී යක්ෂපුරය ලෙස වර්තමාන දිඹුලාගල පෙදෙස හඳුන්වා දී ඇත. විජය කුමරුන් ලක් දිවට පැමිණෙන සමයේ මහාසේන නම් ප්රාදේශීයව බලවත් යක්ෂ ගෝත්‍රික රජතුමෙක් යක්ෂපුරයේ විසූ බවට මුඛ පරම්පරාගතව පැමිණෙන කථා පුවත් රැසකි.
විජය රජතුමාගේ ආගමනයෙන් පසු , ලංකාවේ රජ බවට පත් සය වැන්නා වූ පණ්ඩුකාභය රජතුමා ආර්යයන් සහ ස්වදේශිකයන් අතර වූ ගැටුම් සමනය කරමින් සමස්ත දිවයිනම එක්සේසත් කල පළමු රජතුමාය. එතුමාගේ රාජ්‍ය කාලය වසර 70 කි. පණ්ඩුකාභය කුමරා සහ ඔහුගේ මාමා වරුන් අතර පැවති ඝට්ටනය ඉතාම ප්‍රසිද්ධ කථාවකි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙහිදී කියන්නට මම රිසි නොවෙමි.
පණ්ඩුකාභය කුමරාගේ (ක්‍රි.පූ 437 - 367) මාමාවරුන්ගෙන් කෙනෙකු වන ගිරිඛණ්ඩසිව කුමාරයාගේ දියණිය වන පාලි කුමරිය දිනක් තම පියාණන් ගොයම් කප්පවමින් සිටි කෙතට බත ගෙනයමින් සිටියාය. එදිනම මේ ගම්මානයට පැමිණි පණ්ඩුකාභය කුමරා සහ පිරිවර මේ කුමරිය බත් ගෙනයමින් සිටින අන්දම දැක ඇගෙන් ආහාරය පිණිස බත් ඉල්ලා සිටියේලු. කුමරිය අසල නුග ගසකින් කඩා ගත් නුග පත් වලට බත් බෙදා සියල්ලන්ටම පිළිගැන්වූ බවත් සැනෙකින් ඒ පත්‍ර රත්රන් පැහැයෙන් දිස් වූ බවත් ඒ නිසාවෙන්ම පාලි කුමරිය ස්වර්ණපාලි යනුවෙන් ප්‍රසිද්ධ වූ බවත් අපේ ඉතිහාස පොතේ සඳහන් වී තිබේ.
බත සප්පායම් වී මේ කුමරියත් රැගෙන දිඹුලාගල පෙදෙසට පලා ආ පණ්ඩුකාභය කුමරා හට ඇගේ පියාගේ සේනාවෙන් එල්ල වූ ප්‍රතිරෝධය වර්තමාන පරාක්‍රම සමුද්‍රයේ කෙළවරට වන්නට පිහිටා තිබෙන කළහගල නම් ස්ථානයේදී පරාජයට පත් කල පසු මේ දෙපල නිරුපද්‍රිතව දිඹුලාගලට පැමිණ දිඹුලාගල කන්දේ පිහිටි ගල්ලෙනක් ආශ්‍රිතව සේනා රැස්කරමින් රාජ්‍යත්වයට පත්වන තුරු ජීවත් වූ බවත් එහිදී මුටසීව නමින් පුත් කුමරෙකු උපන් බවත් ඉතිහාසය පිළිබඳ සටහන් වී ඇති ඇතැම් තැනක විස්තර වෙයි.
මුටසීව යනු ක්‍රි.පූ 247 දී ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන විට රජකම් කරමින් සිටි දේවානම් පියතිස්ස රජතුමාගේ පියාණන්ය. මේ සියලු කථා පුවත් ගෙනහැර බලන විට දිඹුලාගල යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් සඳහන් වූ පුරවරයක් බැව් පැහැදිලි වන අතර අපේ ආදිතම මුතුන් මිත්තන් මේ පෙදෙසේ ජිවත් වන බවට සැකයක් නැත.
අතීතයෙන් වර්තමානයට පැමිණි විට දිඹුලාගල යන නාමය සවනත වැකෙන සෑම විටෙකම අපවත් වී වදාළ කිතලගම සීලාලංකාර මහ නාහිමියන් පිළිබඳ මතකය අමතක කරන්නට නොහැක. අඩු ආදායම් ලාභී ජනතාවක් වෙසෙන, දරිද්‍රතාවයෙන් මෙන්ම ත්‍රස්තවාදයෙන්ද ඇති පදම් බැට කෑ මේ ප්‍රදේශවාසීන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දෙමින් වැඩ වාසය කල, දිඹුලාගල මහ වැද්දා යනුවෙන් සුරතල් නම් ලද උන් වහන්සේ පා ගමනින් ගම් නියම් ගම් පසු කර යමින් මේ ප්‍රදේශයට ඉටු කරන ලද කාර්යභාරය ඉමහත්ය.
අපවත් වී වදාළ, දිඹුලාගල ආරාණ්යධිපති කිතලගම සීලාලංකාර නා හිමියන්
සීලාලංකාර නාහිමියන් එසේ පැවසූවේ 1982 ජූනි මස 7 වැනිදා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පැමිණි එවකට රටේ ප්‍රථම පුරවැසියා වූ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ආමන්ත්‍රණය කරමිනි. නැගෙනහිර පළාතේ සිංහල පවුල් 45000 ක් පදිංචි කරමින්, ආරාම 40 ක් පමණ ඉඳිකරමින් 1980 වන විට උන් වහන්සේ කුලදරුවන් 265 ක් පමණ සසුන්ගත කරමින් මේ කර්කශ භූමියේ මහා පව්රක් පරිද්දෙන් වැඩ සිටි සේක. පසුකළෙක මේ පවුර නොසෙල්වා ඊළාම් සිහිනය ජයගත නොහැකි බැව් තේරුම්ගත් එල් ටී ටී ඊ ත්‍රස්තයින් විසින් එල්ල කල හිත් පිත් නැති වෙඩි වරුසාවකට මැදිව 1995 මැයි 26 වැනි දින උන්වහන්සේ අපවත් වූයේ තම ශිෂ්‍ය හිමිවරුන්ගේ දිවා ආහාරයට උවමනා එළවළු රැගෙන එන්නට කොරටුවට වැඩම කර එන අතරතුරයි.
දිඹුලාගල පුරවරය එකළු කල සීලාලංකාර හිමියන්ගේ අපවත් වීමෙන් පසු අප දැන් වසර 21 ක් පසුකොට තිබේ. ඒ අතර තුර කාලයේ ඒ පෙදෙසේ මෙන්ම සමස්ත රටේ ඇති වී ඇත්තේද විශාල විපර්යාසයකි. වර්තමාන ආණ්ඩුව පෙළ පොත් වෙනුවට පාසල් දරුවන්ට ටැබ් පරිගණක බෙදා දෙන්නට කොළඹ සීත කාමර වල සිට සැළසුම් සකස් කරන වකවානුවක ක්‍රීඩා භාණ්ඩයක් හෝ සංගීත උපකරණයක් මෙන්ම සංගීත ගුරුවරයකුද නොමැති පාසලක් පිළිබඳව අසන්නට ලැබුනේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ කන්දේගම ග්‍රාමයෙනි. මෙතෙක් මා තැබූ සටහන දැන් කියන්නට යන ඒ කථාව වෙනුවෙන් වූ පූර්විකාවකි.
අසරණ ඉස්කෝලයක් තියෙනවා දිඹුලාගල ඇතුලට වෙන්න. ඒකෙ ඉන්න මම දන්න උපාධිදාරී ගුරුවරයෙක් තමන්ගෙ පඩියෙන් භාගයක් විතර ඉස්කෝලෙටම වියදම් කරනවා ළමයින්ගෙ උවමනා වෙනුවෙන්. උඹට යමක් කරන්න හැකි නම් කියලා වැඩක් නෑ මල්ලි. සවුදියේ ඉන්දික අයියා මා වෙත ඔත්තුව දුන්නා පමණක් නොව අදාළ ගුරු භවතා සම්බන්ධ කරගත හැකි අංකයක් ලබා දෙන්නටද කාරුණීක වූවේය.
මම කල්යල් නොයවා ඔහු ඇමතුවෙමි. කථාව සහසුද්දෙන්ම ඇත්තකි. පාසලේ ක්‍රීඩා උත්සවයක් තියා ක්‍රීඩා භාණ්ඩද නැත. අපිට වොලිබෝල් දැලක් තියෙනවා...ඒ උනාට වොලි බෝලයක් නෑ. මෙහෙව් රටක පාලකයන් දිය යුතු දේ වෙනුවට ලබා දෙන්නට දත කන දෑ දෙස බැලූ විට සිනාසෙන්නද අඩන්නද කියා සිතාගන්නට අපහසුය.
අපේ ඉස්කෝලෙ කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය තමයි උතුරු මැද පළාතෙ අන්තිම කෙළවරේ තියෙන ඉස්කෝලෙ. ඒ නිසාම මේ තියෙන අඩුපාඩු බාහිර ලෝකෙට විවර වෙන්නෙ ඉතාම කලාතුරකින්. අපේ ඉස්කෝලෙ අසරණ දරුවන් වෙනුවෙන් යමක් කරන්න පුලුවන් නම්, එයාලගෙ අඩුපාඩු නැති කරගන්න දායක වෙන්න පුලුවන් නම් ඒක වචනයෙන් කියන්න බැරි තරමේ උදව්වක්.
තම වැටුපෙන් වැඩි කොටසක් මේ දරු දැරියන් වෙනුවෙන්ම වැය කරමින් පාසලේම ඇති අඩු පහසුකම් සහිත ගුරු නිවාසයක නැවතී සිටිමින් උදාර මෙහෙවරක යෙදෙන ගුත්තිල පරපුරට ආභරණයක් බඳු මහේෂ් නැමති මේ තරුණ ගුරුභවතා මාගෙන් ලද පළමු ඇමතුමේදීම මා හට සැල කර සිටියේ සංවේදී කටහඬිනි.
ගුරු කමට සැබෑ අරුතක් එක් කල මහේෂ් ගුරුතුමා
සංගීතය ඉගෙනුම පිණිස ඇත්තේ තාල වාද්‍ය භාණ්ඩ කීපයක් පමණි.
අපේ ඉස්කෝලෙ දරුවන්ගෙ දෙමාපියන්ට ලොකු ලොකු රස්සා නෑ...හේන් ගොවිතැන, වැවේ මාළු අල්ලන එක නැත්තං වෙනත් පුංචි පුංචි ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙලා තමයි මේ දරුවන්ව පාසල් එවන්නෙ. මේ තියෙන ආර්ථික ගැටලු වලට අමතරව සාමාජයීය වශයෙනුත් ප්‍රශ්න තියෙනවා. ගොඩාක් පවුල් වල අම්මා තාත්තා එකට පවුල් කන්නෙ නෑ. සමහර අම්මලා, සමහර තාත්තලා මේ දරුවන්ගෙන් වෙන් වෙලා වෙන වෙන පවුල් කනවා. ගැහැණු දරුවො ඉක්මනින් අධ්‍යාපනයෙන් බැහැර වෙනවා. ඊට පස්සෙ අඩු වයසෙන් කසාද බඳිනවා. ඊට පස්සෙ දරුවන්ගෙ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න..එකම චක්රයක මේ හැමෝම හැමදාම කැරකෙන්නෙ. අපිට පුලුවන් නම් එක දරුවෙක් හරි අධ්‍යාපනය පැත්තෙන් උඩට යවන්න එයා යම් දවසක මේ චක්‍රයෙන් මිදිලා ජීවත් වෙයි.
මේ කථා බහෙන් මට දැනුන සංවේදී කථාන්දරය තවත් සහෝදර බ්ලොග්කරුවන් / කාරියන් කීප දෙනෙකුටම කියන්න අවස්ථාව ලැබුනට පස්සෙ අපි හැමෝම කථා උනේ මේ සඳහාම පිහිටුවාගන්නා නැවුම් සංගමයක නමින් මේ සත්කාරය සිදු කරලා, එතැනින් පස්සෙ වර්ෂයකට එක බැගින් දිගටම මෙවැනි දුර ඈත පාසල් වෙත උපකාර කල යුතුයි කියලා.
මේ නැවුම් එකමුතුවට නමක්, බැංකු ගිණුම් අංකයක්, මේ හැමදේම සූජානම් උනේ බොහොම කෙටි කලෙකින්, මේ කාර්යයට දායක වෙලා ඉන්න බ්ලොග් කරුවන් කාරියන්ගෙන් ලැබුනෙ ඉතාම උණුසුම් ප්‍රතිචාරයක්. ඒ ප්‍රතිචාරය එක්ක වරින් වර මහේෂ් ගුරුතුමා එක්ක කරපු කථා බහෙන් ඒ අයට උවමනා මොනවාද කියන ගැටලුවට පිළිතුර එයාලටම දෙන්න කියලා අපි කිව්වා. පහළින් පලකොට තිබෙන්නේ ඔවුන් අපට එවන ලද ලැයිස්තුව.
මම මේ ඉස්කෝලෙට ඇවිත් වැඩි කාලයක් නෑ. මම ආවෙත් ප්‍රාථමික අංශයට, ක්‍රීඩාව ගැන මේ දරුවන්ට යමක් කියාදෙන්න කෙනෙක් නැති නිසා මම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් උනා. අපි හැදුවා ගමේ සම්පත් එකතුකරගෙන මේ පරිසරයෙදි ලේසියෙන්ම කරන්න පුලුවන් ක්‍රීඩාවක් විදියට එල්ලේ කණ්ඩායමක්. තරග වලදි හොඳ දුරක් ගියා එයාලා. මේ දරුවන්ට ආත්ම ශක්තිය තියෙනවා, ඇගේ හයිය තියෙනවා...ඒත් ඒ අයට උවමනා සම්පත් නෑ. අඩු ගානෙ ක්‍රීඩාවට ගැලපෙන සපත්තු ජෝඩුවක් අරගෙන දෙන්න වත්කමක් එයාලගෙ දෙමාපියන්ට නෑ. මේ පිට්ටනියෙ ගල් බොරළු වලට කකුල් කපාගෙන ලේ පෙරෙද්දිත් ඒවා අමතක කරලා මේ දරුවො ක්‍රීඩාවෙ නිරත වෙන්නෙ ඒ හිත්වල හිරවෙලා තියෙන ආත්ම ශක්තිය හින්දයි, ක්‍රීඩාවට තියෙන ආශාවයි නිසා.
මේ දරුවන් සතු එකම ක්‍රීඩා උපකරණය
ගායනයට දක්ෂ දරුවො ඉන්නවා. ඒත් පාසලට සංගීත බඩු වගේම සංගීත ගුරුවරයෙකුත් නැති හින්දා ඒ දරුවො චිත්‍ර හරි නැටුම් හරි ඉගෙන ගන්නවා. සමහර වෙලාවට සමහර දරුවො මේ විෂයන් දෙකටම දක්ෂ නෑ. ඒත් සංගීතයට දක්ෂයි. මොනවා කරන්නද...එහෙම දරුවන්ට සංගීතය ඉගෙනගන්න මේ පාසලේදි අවස්ථාවක් නෑ. මහත්තයලා ඉස්කෝලෙ යද්දි ලැබුන අත්දැකීම් වලින් භාගයක් මේ අහිංසක දරුවන්ට ලැබෙන්නෙ නෑ. ලංකාවෙ පාසල් අධ්‍යාපනයෙ මේ තියෙන වෙනස නැති වෙන දවසක් නම් පේන තෙක් මානෙක නෑ. මහේෂ් ගුරුතුමා තවත් දවසක එහෙම කිව්වා.
මම සේවය කරන ප්‍රාථමික අංශයේ දරුවො බහුතරයක් සතියකට දවස් දෙකක් පාසලින් වේලාසන යනවා මොකක් හරි අසනීපයකට, හමේ රෝග, උදරාබාධ වගේ දේවල් ඉතාම බහුලයි. සමහර දරුවන්ට මන්ද පෝෂණ තත්වයන් පවා තියෙනවා. පොදුවෙ ගත්තම මේ ගම්මානෙ බොහෝ පිරිසකට වකුගඩු සම්බන්ධ රෝගාබාධ ඇතිවෙලා තියෙන්නෙ පානීය ජලයෙ තියෙන අඩුපාඩු නිසා. කොළඹ ඩී . එස් සේනානායක විද්‍යාලයේ පිරිසක් දැන් මාසයකට විතර කලියෙන් වතුර ෆිල්ටරයක් පාසලට ලබා දුන්නා. ඒ සත්කාර්යයට කලියෙන් අපේ පාසලේ දරුවො පිපාසයට වතුර බිව්වෙ සාමාන්‍ය නළ ජලය. මේ දරුවන්ගෙ දෙමාපියන්ටත් ඒ අයට උවමනා ප්‍රතිකාර පුද්ගලිකව කරන්න තරමේ වත්කමක් නෑ. පාසලේ ඉදන් ලගින්ම තියෙන අරංගාවිල රජයේ රෝහලටත් කිලෝමීටර් 20 ක විතර දුරක් තියෙනවා.
විදුහලේ අඩුපාඩු මහේෂ් ගුරුතුමාගේ හඬින්
එහෙනම් අපි ආධාර බෙදා දෙන දවසට වෛද්‍ය කඳවුරකුත් පවත්වමු. දරුවන්ට වගේම ඒ අයගෙ දෙමාපියන්ටත්. මේ පණිවිඩය අපේ හිතවත් වෛද්‍ය මිත්‍රයන්ට දැනුම් දුන්නම ඒ අය ඉතාම සතුටින් මේ සත් කාර්යයට දායක වෙන්න කැමති උනා.
අලුත් දවසක උදාව සනිටුහන් කරමින් පොළොවට මුලින්ම වැටෙන ආලෝක තීරු වලට කියන්නෙ අරුණළු කියලා. මේ අරුණළු දිහා බලාගෙන මිනිස්සු අලුතින් උදාවෙන දවස ගැන විවිධ ප්‍රාර්ථනා කරනවා. අද දවස ඉතාම සාර්ථක එකක් වෙන්න කියලා අධිෂ්ඨාන කරනවා. අන්න ඒ වගේ බ්ලොග් කරුවන් / කාරියන් කීප දෙනෙක් එක්ක අපි පටන් ගත්ත අලුත් එකමුතුවට යෙදුව නමත් අරුණළු.
අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය, ඒක තමයි අපේ නම. මේ අරුණැල්ල දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගෙ අනාගතයට නිසැකවම එළියක් වේවි. ඒ එළියේ කොටස් කරුවෙක් වෙන්න....ඒ අයගෙ හීන පාට කරන්න ලස්සන ලස්සන පාට දෙන්න මේ ලිපිය කියවන ඔබ හැමෝටම හැකියි. අපේ මේ සත්කාර්යය ගැන දැනගන්න ලැබුන මුහුණු ටීවී ආයතනය මේ වෑයම වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහය දෙන්නත් එකතු වෙලා අහවරයි.
අපේ ගිණුමට ලැබෙන රුපියලක මුදලක් වුවත් මේ අසරණ දරුවන්ගෙ බලාපොරොත්තු ඉහළ නංවාවි. නොයෙක් බාධක කම්කටොළු මැද සිදුකෙරෙන එයාලගෙ ඉස්කෝලෙ ගමනට දහස්වර ශක්තියක් වේවි. සිරා කොලුවා විදියට මම පොරොන්දු වෙනවා ඔබ දාඩිය මහන්සියෙන් හම්බකරලා මේ ගිණුමට බැර කරන මුදල විනිවිද භාවයක් ඇතුව මේ කාර්යය උදෙසා එකතු කරන බවට...ඉදිරියේදී වෙනත් බ්ලොග් කරුවන් විසින් පලකරන දිඹුලාගල සත්කාර්යය පිළිබඳ තවත් ලිපි වලදි ගිණුමේ ශේෂය පිළිබඳ ආධාර ලබාදෙන ඇත්තන්ව යාවත්කාලීන කරාවි. මේ පාසලේ තවත් බොහෝ තොරතුරු ඔබට ගෙන ඒවි.
2017 වසරේ පෙබරවාරි මස සති අන්තයකදී මේ සියළුම ආධාරයන් කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය වෙත තිළිණ කරන්නයි අපි හැමෝම මේ වෙද්දි තීරණය කරලා තියෙන්නෙ. ආධාර වලට අමතරව මේ පුංචි ඇත්තො පුදුමයට පත් කරන්න තවත් වටිනා කියන දේවල් කීපයක්ම මේ එක්ක ලෑස්ති කරන්නයි අපේ වෑයම.
මුදලින් කැමති නම් මුදලින් ආධාර කරන්න. එහෙම නැතිනම් ඒ අය ඉල්ලලා තියෙන දේවල් අරගෙන දෙන්න පුලුවන් නම් එහෙම ආධාර කලත් කමක් නෑ. මේ තියෙන්නෙ එයාලා අපෙන් ඉල්ලන දේවල් කිසිදු වෙනස්කමක් කරන්නෙ නැතුව.
පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ඒ ඒ වසර අනුව
මේ තියෙන්නෙ අපේ ගිණුම් විස්තර. මේ ගිණුම් අංකයට ඔබේ වටිනා ආධාර ලබා දෙන්න පුලුවන්. ද්‍රව්‍යමය ආධාරයක් ලබාදෙනවා නම් ඒ පිළිබඳ සම්බන්ධීකරණය සඳහා 071 804 3915 දුරකථන අංකය අමතන්න.
Account Name : Arunalu Manushathwaye Sathkaraya
Account No : 121261002661
Bank : Sampath Bank, Gampaha Super Branch
අදුරට ශාප කරමින් ඉන්නවාට වඩා එක් පහනක් හෝ දැල්වීම මැනවි යන අදහසේ සිටිමින් අප විසින් අරඹන මේ සත්කාරයේ අරමුණු ශපථ කරගන්නට අපට හැකියාව ලැබේවා. ඔබේ හැකියාව අනුව මේ කාර්යය වෙනුවෙන් වැඩි වැඩියෙන් ආධාර එකතු කරන්නට ඔබ සැමට පින් සිත් පහළ වේවා ! අපේ ආධාරයෙන් විකසිත වන මේ සිසු දරුවන්ගේ බලාපොරාත්තු ඔවුන්ගේ අනාගතය යහපත් ඉසව්වකට ගෙන යන්නට උපකාර වේවා !
හිතවත් බ්ලොග්කරුවනි. අරුණළු ලාංඡනය ඔබේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කොට මේ සත්කාර්යයට ඔබේ සහයෝගයත් ලබා දෙන්න.
මම කාමරේ අරින සිරා කොලුවා.
පසු සටහන
සීලාලංකාර හිමි පිළිබඳ ඇතැම් විස්තර උපුටා ගත්තේ රවී ප්‍රසාද් හේරත් විසින් ලියූ JR.The Mafia Type Free Thinker නැමති කෘතියෙනි. එහිමියන් පිළිබඳ ඡායාරූපය පී.බී ඉලංගසිංහයන් විසින් ගත් එකකි.
බ්ලොග්කරුවන් ලෙස අප සතු සාමාජීය වගකීම නිසි ලෙස හඳුනාගනිමින් මේ සත්කාර්යය දියත් කරන බැව් සැළකුව මැනවි.සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com47tag:blogger.com,1999:blog-579265960012007263.post-67312538675576628002016-10-31T21:00:00.000+05:302016-12-11T17:55:22.239+05:30මොරිස් මයිනරය සහ Vibration
සිරා කොලුවාගේ බෑන්ඩ් කෙරුවාව ගැන බොහෝ තතු කාමරයට යන එන ඇත්තෝ සෑහෙන කාලයක සිට කියවති. පාසල් සමයේ මුලු හදින්ම පෙම්බැදි තූර්ය වාදක ඛණ්ඩ ඉතිහාසයත්, ඒ තුල විඳින්නට ලැබුන දුක්ඛ දෝමනස්සයන් මෙන්ම කම්කටොළුද නැවතිල්ලේ මෙනෙහි කරන වර්තමාන දවසක සිතට දැනෙන්නේ කදිම ප්‍රහර්ශයකි. එදා සිරා කොලුවාගේ සම වයසේ සිටි අයිය බඩා, ජපන් චමියා, කිඩා වැනි උන් සමග කල මහත් කැපකිරීම් වල ප්‍රතිඵලය ලෙස තවමත් අප විද්‍යාලයේ බටහිර තූර්ය වාදක ඛණ්ඩය යෙහෙන් වැජඹෙයි.
2003 වසරේ දවසක එවකට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කල, දැන් කැන්ගරු දේශයේ වෙසෙන මංජු මලයා ප්‍රසිද්ධ කලාකරුවන් කීප දෙනෙකු සමග සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කලේ අපගේ බෑන්ඩ් ඉතිහාසයේ නවමු පියවරක් තබමිනි. ඒ සඳහා මංජු මලයා සහ පිරිවර තැබූ නාමය Vibration 2003 වූවේය. එතැන් පටන් වාර්ෂිකව පැවැත්වූ මේ ප්‍රසංගය තෙවැනි වරටත් පවත්වන්නට කටයුතු යෙදිනි.
ඒ වන විට කණ්ඩායමේ ආදි ශිෂ්‍යයන් ලෙස කල දවස ගෙවූ සිරා කොලුවා ඇතුලු ආදි සාමාජිකයන්ගෙන් එවකට කණ්ඩායමේ සිටි සාමාජිකයන් Vibration 2006 ප්‍රසංගය සඳහා උපරිම සහයෝගය බලාපොරොත්තු වන බව පැවසූයෙන් අප සියල්ලෝම මේ නව අත්දැකීම විඳගන්නට එක් වූයේ ඉතාම සතුටිනි.
ප්‍රවේශපත්‍ර නිකුත් කොට, විද්‍යාලයට පරිභාහිර ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ පැවැත්වෙන ප්‍රසංගයක් නිසා පුහුණුවීම් වෙත යොදවා තිබූ අධික බර තැබීම හේතුවෙන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු සහ තවත් අටෝරාශියක් වැඩ කටයුතු ආදි සිසුන් වෙත පවරාගෙන ප්‍රසංගයට වාදනයෙන් දායක වන පිරිස ඒ වගකීම් වලින් නිදහස් කිරීමට අපි තීරණය කළෙමු. සිරාගේ කාමරයේ අද කථාව ඇරඹෙන්නේ එතැනිනි.
පරණ උන් ටික තිතට ගේම ගහන්න ඕනෙ...දැන් ඉන්න කොල්ලො ටිකට බරක් නොවැටෙන්න. ඔය ගැන අපි කථා කරමු පොඩි මීටිමක් දාලා. හැමෝම වරෙල්ලා. ලොකු අයියා එවකට සේවය කල පරිගණක අධ්‍යාපනය සම්බන්ධ ආයතනයේ කාර්යාල භූමියේම අපි අපේ පළමු රැස්වීම පැවැත්වූවෙමු.
මේකෙ ලයිටින්ද, සවුන්ඩ්ස්ද, අරවද මේවද උපරිමයෙන් තියෙන්න ඕනෙ. මේක අපි ලයිව් රෙකෝඩ් කරලා ටීවී චැනල් එකක ගහමු අනුග්‍රාහකයෙක් හොයාගෙන. අපිට ඕනෙ නම් රොකෝඩින් එක සීඩී එකකට ගහලා විකුනන්නත් පුලුවන්.
ලොකු අයියා රැස්වීමේදී මහා පරිමාණ සැලසුමක් හෙළි කලද , අනෙකුත් උන් ඒ ඉලක්ක වෙත යාමට සහයෝගය දෙන බැව් කීවද අවසානයේ මේ මහා වගකීම් ගන්නට කිසිවෙකු නොපැමිණෙන බව අපේ අක්මා වලට දැනෙයි.
ඕකුන් එකෙක්වත් ඔය කිසිම දෙයක් කරන්න එන්නෙ නෑ බං. අපි දෙන්නා ගේම ගහමු. ජපන් චමියාත්, අයිය බඩාත් මමත් ඉතාම සමීප උන්ය. අයිය බඩා නාවික හමුදා තූර්ය වාදක රාජකාරි නිසා මේ කාරියට එන්නේ නැත.
කරන්න තියෙන දේවල් ටික බෙදාගෙන කරමු. අතේ ලොකු ගානක් නැති නිසා ලැබෙන සල්ලි පරිස්සමට වියදම් කරගෙන යං. මුලින්ම ආටිස්ට්ලට කථා කරලා ඒ අයව බුක් කරගමු. ඊට පස්සෙ ලයිටින් සවුන්ඩ්ස් ටික බලලා ඊට පස්සෙ යමු පෝස්ටර් බැනර් කටවුට් වලට.
රොඩ්නියයි, ඇන්ටයි දෙන්නම මගෙ යාලුවො බං..ඕනෙනම් මම උන් දෙන්නව අඩුවට සෙට් කරන්නං. ආදි සිසු ආම්ස්ට්‍රෝන් පෙර දවසක කිව් කථාව මට සැනින් මතක් විය.
අපි ආටිස්ට් වැඩේ ආමට දෙමු. ඌ තිතට වැඩේ දෙයි. චමියාද එයට විරුද්ධ නැත.
සතියක් දෙකක් ගත වන තැන මූලික කටයුතු නිම වී තිබුනි. නගරාධිපතිතුමාගේ අනුග්‍රහය නිසා කටවුට් වලට නගර සභාවෙන් බදු මුදලක් අය කලේ නැත. ප්‍රසංගය යෙදී තිබූ දිනය වන විට තම ශිෂ්‍ය ප්‍රජාවගේ දක්ෂතා මතින් තම කීර්ති නාමය දිදුලන බව දැන සිටි අපගේ බෑන්ඩ් මාස්ටර් හැකි සෑම විටෙකම පුහුණුවීම් සිදු කලේය. සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට සිදුවන බාධා අවම වන පරිදි යොදාගත් රාත්‍රී කාලයේ පුහුණුවීම් සුලභ විය.
එකල මාස්ටර් විසින් භාවිතා කල ලා කොල පැහැති මොරිස් මයිනර් 1000 රථය ඒ සෑම රාත්‍රියකම ප්‍රධාන ශාලාව ආසන්නයේ නවතා තිබුනි. එහි ඉදිරි එක් දොරක් අගුලු දැමිය නොහැකි බවත්, මාස්ටර් බොහෝ විට රථයේ යතුර රැගෙන නොයන බවත් ඒ වන විට අපි අත්දැකීමෙන් දැන සිටියෙමු.
ප්‍රසංගයේ වැඩ රාජකාරීන් අස්සේ මාස්ටර්ගේ රථය ඔහුට හොරා අපි සිත් සේ ධාවනය කළෙමු. රිය ධාවනයට හැකියාව තිබූ හැම එකාගෙම අතින් අතට මොරිස් මයිනරය මාරු වෙයි. ඇති පදම් මයිනරය එලවූ පසු හොඳ ළමයින් මෙන් මාස්ටර් නතර කල තැනම රථය නැවතත් නතර වෙයි.
සංවිධාන වැඩ කටයුතු වලට අත තිබූ මුදල් ඉතාම සීමිත වූ නිසාම අපි බොහෝ විට දන්නා අඳුනන අයගෙන් සහයෝගය පැතුවෙමු. ආනන්ද අයියාද එවැන්නෙකි. ඔහුගේ නිවසේ තිබූ කුඩා පහේ ලොරි බට්ටෙක් සිය මෑණියන්ට හොරෙන් රැගෙන විත් හෙතෙම බොහෝ විට අපේ කටයුතු වලට සහයෝගය දුන්නේ ඔහු බෑන්ඩ් කෙරුවාවට දායක වී නොමැති වුවද විදුහලේ ආදි සිසුවෙකු වූ අරුමය නිසාමය.
එක් දිනක් රාත්‍රියේ ගම්පහ නගර සීමාවේ කටවුට් බැනර් එල්ලන්නට යොදාගෙන සිටියෙමු. එහෙත් ගිවිසගත් වේලාව සෑහෙන්න පසු වී තිබුනත් ආනන්දයා නැත. ඒකාගේ ජංගම දුරබණුවද වැඩ නැත. සැකයක් නැත. ආනන්දයා සිය මෑණියන්ගෙන් ලුණු ඇඹුල් සහිතව අසා ගත් දිනයක් විය යුතුය. ඒ අතර තුර පුහුණුවීම් නිමකොට බෑන්ඩ් මාස්ටර් අප හට සම්මුඛ වෙයි.
උඹලා තවම ගියෙ නැද්ද බං...සෑර් විමසයි...
යන්න වාහනයක් නෑ සෑර්...ආනන්දයා ආවෙ නෑ...
ඉනිමගක් එහෙම තියෙනවද බැනර් එල්ලන්න...මාස්ටර් නැවතත් විමසයි.
ඔව් සෑර්....
එහෙනම් ඉනිමග කාර් එක උඩ තියාගෙන යමල්ලා මේකෙ...
සෑර් රථයේ රියදුරු අසුනේ වාඩි වන විට අවට සිටි බහුතරයද රථය තුලට රිංගන්නට මාන බැලූහ.
එහි ප්‍රතිඵලය ලෙස රථය තුල සිටි පිරිස 7 කි. බොනට්ටුව දෙපසට වී ඉනිමග අල්ලාගෙන යන්නට තවත් දෙදෙනෙකි. ඩිකිය තුල තවත් දෙදෙනෙකි. එවිට සමස්ත මගීන් ගනන රියදුරු සමග 11 කි.
මේ මහා වන්දනා නඩයද සමග ඉඹි ගමනින් ඉදිරියට ඇදුන මොරිස් මයිනරය තැන් තැන් වල නතර වන්නේ ඒ ස්ථාන වල කටවුට් එල්ලීම උදෙසාය. එවන් විටෙක ගම්පහ පොලෝසියේ මුර සංචාරක ජීප් රථයක් අපට සම්මුඛ වූවේය. ගම්පහ පොලෝසියේ වාර්ෂික පරීක්ෂණ සඳහා කාලයක සිට තූර්ය වාදක සහයෝගය ලබා දුන් නිසා ඔව්හු අප කණ්ඩායම සමග මෙන්ම මාස්ටර් සමගද ඉතා හිතවත් ඇත්තෝ වූහ.
ආ..මාස්ටර්...අපි දන්නෙත් නෑනෙ මාස්ටර් ලොරියක් ගත්තා කියලා.
මොන ලොරිද කොල්ලො...මේ අපේ උන්ට බැනර් කෑලි ටික එල්ලගන්න වාහනයක් නෑ කියලා අටෝගෙන ඉද්දි කඩාවැටුනත් කමක් නෑ කියලා මේ කාර් එකට පටවගෙන ආවෙ.
ඒ රාත්‍රියේ අපගේ මාස්ටර් කෙරෙහි නූපන් මහා භක්තියක්..මේ ලියමන ලියනා මේ රාත්‍රියේ මගේ සිතේ උපදින්නේ මා එදාට වඩා අද වයසින් මුහුකුරාගොස් සිටින නිසා විය යුතුය. එදා ඔහු අප වෙනුවෙන් කල කැපකිරීම් වර්තමානයේ වඩ වඩාත් දැනෙන නිසා විය යුතුය.
එවකට අපගේ බෑන්ඩ් මාස්ටර් ප්‍රේමසිරි ගම්හේවා මැතිඳුන්
අපේ එකෙකුගේ විවාහ මංගල අවස්ථාවකදී සිය සැක්සෆෝනය වාදනය කරන අතරතුර.
දිවි මගේ 82 වන විය ඉක්මවා සිටියත් වෙඩිම අපේ එකෙකුගේ නම් අපේ මාස්ටර් අදටත් මෙලෙස වයයි.
අතුරු ආපදාවකින් තොරව ගම්පහ නගර සීමාවේ කටවුට් සහ බැනර් එල්ලාගන්නට මාස්ටර්ගෙන් ලැබුන සහයෝගය පිළිබඳ කියන්නට වදන් නැත.
ප්‍රසංගයට තවත් ඇත්තේ සති දෙකකි. ඒ වන විටත් කලාකරුවන්ගේ නම් රැගත් පෝස්ටරය වාර කීපයකදීම ගම්පහ නගරය පුරා ඇළවී තිබුනි. කලාකරුවන් සම්බන්ධීකරණය ආම්ස්ට්‍රෝන් විසින් බාරගෙන තිබූ නිසා මමත් චමියාත් කිසි විටෙක ඔවුන් අමතන්නට උත්සාහ නොකලෙමු.
මචං ආමා සමහර වෙලාවට බුල කෙලිනවා. කෝකටත් කියලා ආටිස්ට්ලට කථා කරලා බලමු...මම සැනෙකින් ඇන්ටන් ජූඩ් හිතවතාගේ ජංගම දුරබණුවේ අංකය සොයා ඇමතූවෙමි...
කවුද ?
අපි මේ ගම්පහ ඉස්කෝලෙන්...අපේ සංගීතෙට දිනය මතකයි නේද ජූඩ් අයියා ?
මොන සංගීතයක්ද ?
ඇයි කිව්වෙ නැද්ද ?
කවුරුවත් මට කිව්වෙ නෑ එහෙම සංගීතයක් ගැන....
මාර වැඩේනෙ...අපි පෝස්ටරුත් ගහලා ඉවරයිනෙ...
එහෙම කොහොමද මගේ නම දාලා පෝස්ටර් ගහන්නෙ මම දන්නෙත් නෑනෙ...ජූඩ් අයියාට මල උපරිමේටම පැන ඇත. සමහර දවසක ආමා වැඩක් කළොත් හත් පොලේ ගාගන්නා වග අපට අමතක වූ අරුමය සිහිපත් කරමින් මම ජූඩ් අයියාට යාප්පුවෙන් කථා කළෙමි.
එහෙම කියන්න එපා ජූඩ් අයියා..ඔයා නාවොත් අපි අනාථ වෙනවා...
කවදද මල්ලි ඔය කියන දිනේ...
ජනවාරි මාසෙ ..... දවසෙ...
මට එන්න විදියක් නෑ.....එදා හැන්දෑවට හෙන්රි ජයසේන මහත්තයගෙ ගෙදර පැදුරු පාටියක්...
එහෙම කියන්න එපා අයියා...මේ වැඩේ කොට උඩ යයි එහෙම උනොත්..කොල්ලො ගොඩාක් මහන්සි වෙලා වැඩේ කරන්නෙ. මම වාහනයක් එවන්නං රත්මලානටම.
හරි මල්ලි මට දවස් දෙකක් දියං..මම හරියටම උත්තරේ දෙන්නං.
එයින් අනතුරුව අපේ ඇමතුම රොඩ්නි වර්ණකුල සහෘදයා වෙතද යොමු විය. එතැනදීද ආමා කිසිම දෙයක් ඔහු සමග කථා කොට නොතිබූ අතර අපේ වාසනාවට ඔහුට ප්‍රසංගය යෙදී තිබුන දිනයට රාජකාරියක් යෙදී තිබුනේ නැත.
දින දෙකකට පසු ජූඩ් අයියාද සහභාගි වන්නට කැමති වූයෙන් අපේ සිත් සතන් වල නැගි භිය සංකා දුරුව ගියේය.
ප්‍රසංගයට සතියක පමණ කාල පරාසයක් වන විට අමුතුම පිබිදීමකින් සියල්ලෝම ඉතා උවමනාවෙන් ප්‍රසංගය සාර්ථක කරගන්නට වෙහෙසමින් සිටියෝය. සැම සන්ධ්‍යාවකම ටිකට් පත් අළෙවිය සහ ප්‍රසංගය පිළිබද දැනුවත් කිරීමට අප තීරණය කොට සිටියෙමු. හැකි සැම විටෙකම ආනන්ද අයියා අම්මාගේ ඇස් වසා ලොරි භාගය පාසලට රැගෙන ආවේය. ගෙදරට හොරෙන් පන්නාගත් රුපියල දෙක එතකු කොට අපි ආනන්දයාගේ ලොරි භාගයේ ටැංකිය පිරවීමු. කොහෙන්දෝ පිනට සොයාගෙන විත් තිබූ යකඩ කටවල් දෙක ලොරි රථය මත සවිකල පසු එය ගම්පහ නගරයේ අහුමුළු නෑර සැරිසරයි. ප්‍රසංගයේ ගුණ වර්ණනාව ගැයෙයි. ටිකට් පත් අළෙවි වෙයි.
මේ රථයේ සිට බොහෝ වෙලාවට නිවේදක භූමිකාව රගන්නට සිරා කොලුවාට සිදු වූවේය. ඇතැම් දවසක දෙරණ රූපවාහිනියේ දතා මලයාද මගේ සහයට පැමිණියෙන් කටයුතු තවත් පහසු විය. තනිව බොහෝ වෙලාවක් ප්‍රචාරන කටයුතු සිදු කරන විට උගුරු දණ්ඩ පවා රිදුම් දෙන්නේ මට විවේකයක් දියං කොල්ලො යනුවෙන් පවසමිනි.
ජපන් චමියාගේ සහ සිරා කොලුවාගේ නායකත්වයෙන් අපට වඩා කණිෂ්ඨ සාමාජිකයන් රැසකගේම සහයෝගයෙන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු මැනවින් සිදුවෙන පසුබිමක සෑම දිනෙකම රාත්‍රියේ පාසලට එක් රැස්වන පිරිස කෙමෙන් කෙමෙන් වැඩි වූවේය. ඒ අයට වගකීම් බෙදා දී අපද යම් කාර්යයක නිරත වූවෙන් සියලුම සැලසුම් හොඳින් ක්‍රියාත්මක කරන්නට හැකි බව මමත් චමියාත් අත් දැක්කෙමු. එහෙත් ප්‍රසංගය පිළිබඳ පූර්ව රැස්වීම් තබා පොර සහ කොර ටෝක් දුන් ලොකු අයියා ඇතුලු කිසිම එකෙකු පාසල පැත්ත පළාතක තවමත් නැත.
මේ කාලය වන විට තම පළමු සේවා ස්ථානය හා සම්බන්ධව සිටි ගණකාධිකාරී ජෝතියාද කඩි මුඩියේ එක් රැයක අප සොයා පැමිණියේ තමන්ට හැකි තරමේ සහයෝගයක් මේ ප්‍රසංගය වෙනුවෙන් ලබා දීමේ පිවිතුරු අපේක්ෂාවෙනි. එදා මධ්‍යම රාත්‍රියේ සිට පසුදාට පහන් වන තුරුම ආනන්ද අයියාගේ ලොරි බාගයට පටවා ගත් පෝස්ටර් මිටිය සහ පාප්ප බාල්දි සමග අපි හරි හරියට ඔට්ටු වූයෙමු. ගම්පහ නගරයෙන් ආරම්භ වී නුවර පාර දිගේ නිට්ටඹුවට ගොස් ආපසු පැමිණෙන විට අලුයම 4 පමණ වී තිබුනි. වර්ෂ අවසානය නිසාදෝ මේ ගමනේදී අධික ශීතලක් දැනුන අතර උඩු කයට ඇදුමක් නැතුව සීතලේ වෙව්ලමින් සිටි ජෝතියා අපට දුන් විනෝදය කිසි දිනක අමතක නොවන්නකි.
අපි වේලාසනම ගහපු පෝස්ටර් ටික බලන්න යමල්ලා. ජෝතියා එලෙස යෝජනා කලේ ටියුෂන් තරගය උපරිමයට තිබෙන ගම්පහ වැනි නගරයක පෝස්ටරයක් බේරා ගැනීම කලු නික සොයනවාටත් වඩා අපහසු කාරියක් බව ඒකා දැන සිටි නිසාය.
ජෝතියා නිවැරදිය. රාත්‍රී 12 ට පමණ අප විසින් අලවන ලද පෝස්ටරය මත පාන්දර 4 වන විට තවත් පෝස්ටර් 3 ක් ඇලවී හමාරය. ගම්පහ නගරයේ පෝස්ටර් කෙලියේ තරම දැන් ඔබට වැටහෙනු ඇත. අපගේ නිරීක්ෂණයට අනුව උසස් පෙළ නව පන්ති ආරම්භ කරන්නට වලිකන ටියුෂන් ගුරෙකුගේ පෝස්ටර් වලින් හිතා මතාම අපේ ප්‍රසංගයේ පෝස්ටර් වැසී ඇති බව පෙනුනි. එතැන් සිට අපි නැවතත් පෝස්ටර් ඇළවීම ආරම්භ කළෙමු.
පාන්දර 5 න් පසු කිසිවෙකුත් පොස්ටර් අලවන්නට ගම්පහට එන්නේ නැත. එහෙයින් අප දැන් අලවන පෝස්ටර් වහන්නට කිසිවෙකු නැත. ටියුෂන් ගුරාගේ සියලුම පෝස්ටර් ප්‍රසංගයේ පෝස්ටරයෙන් වැසී ගියේ කුජීත අන්දමිනි. අඩුම තරමේ පන්තිය පැවැත්වෙන ස්ථානයේවත් ඒකාගේ පෝස්ටරයක් ඉතිරි කරන්නට අපේ උන් කැමති වූයේ නැත. උදෑසන 7 වන විට ගම්පහ නගරයම අපගේ ප්‍රසංගයේ පෝස්ටර් වලින් හැඩ වී තිබූ අතර සීතල හිමිදිරිය අස්සේ පාසල් යන මල් වැනි, වතුර ටැංකිය අසල පාසලේ යුවතියන්..මුලු රැයක් නිදි වරා කබ කඩමින් ආනන්ද අයියාගේ ලොරි තට්ටුවේ පිටුපසට වී සිටි අපට නෙත්කළු දසුනක්ම වූවේය.
මතු සම්බන්ධයි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් සැබෑ කලාකරුවෙකු වූ නැසීගිය ජූඩ් අයියා මේ ප්‍රසංගය වෙනුවෙන් ලබා දුන් සහයෝගය සිරා කොලුවාට තවමත් අමතක නැත.
වයිබ්‍රේෂන් ප්‍රසංගයේ හැඩරුව සහ තවත් කථා ඊලග කොටසින්...
Vibration 2003 වූ කලී සිරි ලංකාවේ ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක ඛණ්ඩයක් ප්‍රසිද්ධ කලාකරුවන් සමග පැවැත්වූ පළමු ප්‍රසංගය වූ අතර එයින් පසු අගනගරයේ පාසල් කීපයක්ම මේ තේමාව යටතේ ප්‍රසංගයන් පවත්වන ලදී.
සිරා කොලුවා හා පුරා කියා මයිනරයක් පැදවූයේ නම් ඒ අපේ මාස්ටර්ගේ මයිනරයයි. මයිනර් කාරයක ඇති ආතොල් එක දන්නේ ඒවා පැදවූ ඇත්තෙක්...ඇත්තියක් පමණකි.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com49tag:blogger.com,1999:blog-579265960012007263.post-18137943320565420632016-10-23T20:48:00.000+05:302016-10-23T23:27:12.520+05:30බියුටිෆුල් ස්ටෝන්
කාලය - බෑන්ඩ් ගැහිල්ලෙන් සමුගත් ආසන්න දවසක හැන්දෑවක
ස්ථානය - ගම්පහ ටවුමෙ ඇට්ටේරියා ගහ යට ජයන්ත අය්යගෙ ස්පොට් එක
අවස්ථාව -  ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොක්කට හලා ගන්න වෙලාවක්
මෙච්චර කාලයක් අව්වට කර උනා...වැස්සට තෙමුනා...ගුරුවරුන්ගෙන්,ගෙදරින් බැණුම් ඇහුවා...දැන් ඉතින් ඒ කෙළියත් ඉවරනෙ බං....ආයෙ ඉතින් බෑන්ඩ් ගහන්න වෙන්නෙ ලබන ආත්මෙදි තමා....ලොකු අයියා සියරැට් එකක් දකුණු අතින් මේසෙට තට්ටු කරන ගමන් අපි දිහා බලාගෙන කිව්වෙ හදිස්සියෙ යමක් මතක් වෙච්ච එකෙක් ගානට. ඉගුරු දාපු ප්ලේන්ටියෙන් ඉහළට ඇදෙන දුමාරයට තවත් ටිකකින් ලොකු අයියගෙ සියරැට් දුමත් එකතු උනා.
මොකෝ කියන්නෙ...කස්ටිය සෙට් වෙලා යමුද ට්‍රිප් එකක්...ප්ලේන්ටියෙ රස්නෙ වැඩිකමට අයිය බඩාගෙ දිව පිච්චුනත් මිනිහා අදහසක් දුන්නෙ එතෙක් වේලා කඩේ ඇතුලෙ තිබුන නිහඩතාවය බිඳිමින්.
අන්න ගින්දර අයිඩියා එක. යමල්ලා යමල්ලා එකෙන්ම යමල්ලා. ලොකු අයියා අයිය බඩාගෙ යෝජනාව සපථ කලේ කඩේ කොල්ලා ලොකු අයියට ගෙනත් දුන්න තේ කෝප්පෙ දිහා ජාගර බැල්මක් හෙලන ගමන්.
කොහෙද යනවා නම් යන්නෙ ලොකු අයියෙ...VP ගොයියා කඩේ ෂෝකේස් එක ඇතුලෙන් පේන කේක් කෑල්ලක් දිහා පෙරේත කමට බැලුවෙ ඒවා ගන්න තරම් අපේ ආර්ථිකය ශක්තිමත් නැති නිසා වෙන්න ඇති.
කොහෙ ගියත් අපි යන්නෙ බොන්නනෙ බං...ඒ හින්දා අඩියක් ගහලා ආතල් එකේ නාගන්න පුලුවන් තැනකට යමල්ලා.
එහෙනං අපි උණවටුන බීච් එකට යමු....බඩ මහත ජපන් චමියාගෙ අදහසට එකෙන්ම ඇන්කෝර් එකක් නැගුනා.
උණ වටුන
ඔය තියෙන්නෙ අදහස්...එක එකා එක එක කෝස්, ජොබ්, ලව් අරවා මේවා පටන් ගන්න කලියෙන් එහෙනං ඔය කියන ගමන යමල්ලා. නැත්තං ආයෙ අල්ලනවා බොරු. ලොකු අයියගෙ උපදෙස් අනුශාසනා මැද අපේ බෑන්ඩ් නඩේ හා හා පුරා කියලා විනෝද චාරිකාවක යෙදෙන්නයි මේ සූජානම.
ජයන්ත අයියගෙ ඇට්ටේරියා ගහ යට ස්පොට් එකේ ගතවුන තවත් සන්ධ්‍යා වරු දෙක තුනකින්, හිස් උන ප්ලේන්ටි කීපයකින්, විසිකරපු සියරැට් කොට දුසිමකට එකහමාරකට විතර පස්සෙ ගමනට දිනයක්...ගමන යන්න වාහනයක් වගේම ගමනට එකතු කරගන්න පිරිස පිළිබඳවත් අවසන් නිගමනයකට එන්න අපි හැමෝටම හැකියාව ලැබුනා. මෙච්චර කාලයක් දුක සැප එකට බෙදාගෙන එක පවුලෙ සහෝදරයො රැළක් වගේ හිටියට අපිට කවදාවත් විනෝද චාරිකාවක් යන්න තරමෙ ඉස්පාසුවක් තිබුනෙ නෑ. බෑන්ඩ් ගැහිල්ල අහවර කරලා පාසලෙනුත් සමු අරගෙන ඉන්න අල්ල පනල්ලෙ විනෝද චාරිකාවක් යන්න කාලය ඇති පදම්.
අපේ පුංචි අම්මගෙ පුතාගෙ ගෙවල් ලග තියෙන රෝසා බස් කොටේ බුක් කලා. මොකද වෑන් එකකට කස්ටිය වැඩිනෙ. අනික බීලා වැඩිඋන උන් හිටියොත් උන්ටත් ආතොල් එකේ එන්න පුලුවන්නෙ. උදේ කෑම එක ගෙදරින් අරගෙන යමල්ලා. සල්ලිත් හිගයිනෙ තවම...ජොබ් කරන උන් ඉන්නෙත් මමයි අයිය බඩයි VP යයි විතරනෙ. දවල්ට ඔය මොනා මොනා හරි බඩට දාගමු. ආයෙ වෙන කොහෙවත් නැවතිලි නෑ. කෙලින්ම උණවටුනෙ අරිද ? නාන්න සෝටක් එහෙම අරගෙන වරෙල්ලා. ගෙදරින් ගන්න පුලුවන් උපරිම ගාන අරගෙන වරෙල්ලා. මොකද බෝතල් දෙක තුනක් නැතුව සොමියක් නෑනෙ.
ලොකු අයියා අපූරුවට ගමනේ අරමුණු පැහැදිලි කොලා. සිරා කොලුවත් ඉතින් ඒ වෙද්දි නෝ ජොබ් කම්පැණියෙ ප්‍රාදේශීය කළමණාකරුවෙක් විදියට වැඩ කොරාපු එකෙක් නිසා අපේ නිවසින් විවිධ වියදම් වෙනුවෙන් ලබා දුන්න මුදලින් එකතු කරගත්ත සොච්චම් මුදලක් එක්ක ගමන යන්න එකදු පහදු උනේ පුදුමාකාර සතුටකින්.
කාලය වෙනදා වගේම ටික් ටික් හඬින් ගලා ගියා. දවසින් දවස උණවටුන චාරිකාව යන දවස අපිට ලං උනා. අමතර මුදලක් හොයාගන්න පුලුවන් වෙච්ච උන් ගමන යන්න අලුතින් කමිසයක් කලිසමක් මිළදී ගත්තා. කොහොමින් කොහොම ඕන්න අපි ගමන යන දවසත් උදා උනා.
බෑන්ඩ් කෙරුවාව වසර ගානක් කොරාපු එකෙක්ට වෙලාවට වැඩක් කරන්න කියලා අමුතුවෙන් කියලා දෙන්න උවමනා නෑ ආයුබොවන්ඩ. ඒ හින්දම උදැහැනැක්කෙ ලොකු අයියා එන්න කියලා නියම කරපු වෙලාවටම වගේ එකා දෙන්නා බැගින් ආව පිරිස රෝසා බස් එකක් පිරෙන්න තරමට එකතු උනා.
තවමත් හාත්පස කලුවරයි. සති අන්ත දවසක් නිසාම ගම්පහ නගරයේ තවමත් විශාල ජනතාවක් නෑ. මේ වටපිටාව දෙබෑ කරමින් තවත් මොහොතකින් අපි ඉදිරියේ නැවතුනේ සුදු පාට බඳ මැදින් නිල් පාට ඉරි සටහන් උන රෝසා බස් එකක්. උණවටුන අපිට සමීප කරන්නෙ මේ රෝසා බස් කොටේ.
රෝසා මේ වගෙයි.
චාරිකාවට සහභාගි වෙන්න ඇවිත් උන්නු හැම දෙනාවම සාදරයෙන් පිළිඅරගෙන, නාම ලේඛණය කාරිය ලකුණු කරලා ඔන්න ඉතින් දෙයියන් බුදුන් සිහිකරගෙන උණවටුන චාරිකාව පිටත් උනා.
නිකං මළගෙදරක වගේ යන්න බෑ ඩෝ...කෝ බෑන්ඩ් කාමරයෙන් අරගෙන ආව බඩු ටික. ඔය ටිකත් සෙට් කරගෙන සින්දුවක් කියන ගමන් යමල්ලා. ලොකු අයියා හැමෝටම අණ දුන්නා.
තවමත් හරියකට අඳුර මැකිලා නැති හුදෙකලා මාර්ගය දිගේ රෝසා කොටේ ඇදෙන්නෙ විවිධාකාරයේ ගීත ගොන්නකුත් දරාගෙන. පැය කීපයක් ගත උනාට පස්සෙ ගාලු පාරෙ මුහුදට යා උන හිස් භූමියක රෝසා ගිමන් හරින්න නතර උනේ අපේ බොකු බඩවැල් උදෑසන ආහාරයෙන් සන්තර්පණය කරගන්න ඉඩක් ලබා දෙමින්.
පාතරාසයෙන් පස්සෙ ඔන්න ආයෙමත් රෝසා හැටට හැටේ උණවටුන බලා ඇදෙනවා. මෙන්න මේ වෙලාවෙ තමයි බස් රථයෙ ඉදිරියෙ හිටිය ලොකු අයියා තරමක කැප් තොප්පියක් එක එකාට ලං කරමින් බස් එකේ පස්සට ආවෙ. බෝතල්වලට ආධාර කරපියව්....සියරැට් බොන උන් ඒකටත් කීය කීය හරි දියල්ලා...ලොකු අයියගෙ හඩ රෝසගෙ හඩට ඉහළින් නැගෙනවා.
මේ කියන කාලෙ වෙද්දි සිරා කොලුවා සුරා සූදුවෙන් තොර බෝ පැලයක් වගේ කොලුවෙක්. මේ දහජරා බීම මිනිහා පරිහාණිය කරා අරගෙන යනවා කියලා මගේ අක්මාවටම දැනිලා තිබුන නිසා මම ඒ වෙද්දි අමද්‍යප සංගමයෙ ඉහළ තනතුරක් දරමින් උන්නෙ. ඔයින් මෙයින් මගේ වාරයත් ආවා.
බෝතලේට කීයක් හරි දියං. ලොකු අයියගෙ කැප් තොප්පිය මගේ ඉස්සරහා නතර වෙලා. මයෙ දිහා බලාන උන්නා.
ලොකු අයියෙ මම බොන්නෙ නෑ.
උඹ නොබිව්වා කියලා හරියන්නෙ නෑ බොල බොන උන්ට බොන්න හරි මේකට කීයක් හරි දාහං...
මේ ලෝකය හරිම කුරිරුයි වෙලාවකට...අපි කොච්චර උත්සාහ කලත් යහපත් විදියට ජීවත් වෙන්න පාපමිත්තරයො ඉඩ දෙන්නෙම නෑ. ලොකු අයියගේ වදෙන් බේරෙන්නම බැරි උන තැන අනිත් උන් වගේම මටත් බෝතලයට ආධාර කරන්න සිද්ධ උනා.
කැප් තොප්පියට ආධාරයක් තියන ගමන්ම මම හිතින් හිතාගත්තෙ ලොකු අයියෙ මම උඹට දෙන්නං බැටේ කියලයි.
එකතු උන ආධාර මුදල ගැන ලොකු අයියා සතුටින්. ඔහුගෙ මුහුණෙ තිබුනෙ තෘප්තිමත් සිනා රැල්ල ඒ වගට සාක්ෂි. ගාලු පාරට යාබදව මුහුද පේන, වැඩියමක් නිවාස නොපෙනෙන තැනක රෝසා නතර උනා. ලොකු අයියා එක්ක බස් එකෙන් බැස්ස ජපන් චමියා, අයිය බඩා, කිඩා වගේ උන් තවත් මොහොතකින් බස් එකට නැගුනෙ සියරැට් පැකට් දෙක තුනක්, එවකට කාගෙ කාගෙත් නිළ පානය වෙලා තිබුන සීදුවෙ ගල් බෝතල් කීපයක්, බයිට් එකට අවශ්‍ය කළමනා, ෂැන්ඩියට උවමනා දේවල් සහ ප්ලාස්ටික් කොප්ප දුසිමක් සමගින්. මේ දර්ශනය දැකලා බේබදු කැලගෙ කට කනට ගිය අන්දම මගේ නෙත් වලට සම්මුඛ උනත් නොබොන සිරා කොලුවගෙන් එකතු කිරීමේ වෑයම ගැන මම හිටියෙ බොහොම තරහින්.
ඉර මුදුන් වෙන පැයේදි රෝසා උණවටුන වෙරළ පැත්තට ඇදෙන අතුරු මාර්ගයක මඳ දුරක් ගොහින් නතර උනා. ස්නානයට අවශ්‍ය කළමනා, ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය කළමනා සමග බෝතල් අඩුම කුඩුම ටිකත් හනි හනිකට වෙරළට ප්‍රවාහනය උනා.
හොඳින් ඉර එළිය වැටුන ලස්සන දවසක අසිරිය සිත් පුරා විඳගනිමින් උන්න විදේශික ජෝඩු අප ඉදිරියේම ඔවුනොවුන් සිප ගත්තෙ අපේ කිරි කෝඩු හිත් දූෂණය කරමින්.
ස්නානය පිණිස යොදාගන්න සෝටෙන් සැරසුන බෑන්ඩ් නඩේ උණවටුන වෙරළෙ හෙවන තියෙන තැනක ස්ථාන ගත උනා. බෝතලයක් කඩාගෙන සවුදිය පුරනකම් කාට කාටත් ඉවසිල්ලක් නෑ. බොන්නෙ නෑ කියන අධිෂ්ඨානයෙන් ගෙදරින් ආව සිරා කොලුවගෙ දැහැන බිඳුනෙ ලොකු අයියා කල නොමනා වැඩෙන්. ඒ හින්දම මමත් බොන උන් අතරින් හිඳ ගත්තා.
උඹ බොන්නෙ නෑ කියලා මොත්තෙ දැම්මා නේද ඩෝ....මම දන්නෙ නැද්ද උඹ ගැන. ලොකු අයියා සාටර් හිනාවක් නගාගෙන කාට කාටත් මදි නොකියන්න උවමනා කළමනා බෙදා දුන්නා. මගේ හිතේ තියෙන තරහා මිනිහා දන්න එකක්යැ...දෙන්නං අද මම උඹට දුවන්නම. මගේ හිත මටම කිව්වා.
මඳින් මඳ සීදුවෙ හතරැස් බෝතල් වල අඩිය පෑදෙද්දි සිරා කොලුවා උන්නෙ ලග නමමින්. මම තොප්පියට දාපු ගානට වඩා ගානක බීලා මගේ පාඩුව අවම කරගන්නවා. මගේ හිත දැන් එක අරමුණක නතර වෙලා.
අවසානයේ සිරා කොලුවට වෙච්ච දේ සිරා කොලුවා දන්නෙත් නෑ. මට මතක වෙරළේ තැනක ඉඳගෙන ගල් බෝතල් හිස් කරමින් උන්නා කියලා විතරයි.
දැන් සිරා කොලුවට ගැස්සෙන මතුපිටක අපහසුවෙන් වැතිරී ඉන්න බවක් දැනෙනවා. මේ කොහෙද ? මම තනිවම කල්පනා කොලා. ඇස් දෙක අරින්න අපහසුයි. ඔලුව බඹර චක්කරයක් ගානට කැරකෙනවා. මුලු ශරීර කූඩුවම තලා දාලා වගෙයි.
මූ මාර බීමක්නෙ බං බීලා තියෙන්නෙ. බලහං කීයටද කට් ඩවුන් උනේ....තාමත් නිදි.
ඌට දවල්ට කන්නත් බැරි උනානෙ...බොක්කෙ තිබ්බ ඔක්කොම උණවටුන වෙරළට හැලුවා.
ඕකා බොන්නෙ නෑ කියද්දි මමමයි තග දාලා ගානක් කපා ගත්තෙ. ඒ තරහට ලග නැමුවද මන්දා...
මොකද ලොකු අයියෙ කරන්නෙ..මූට ගම්පහට යනකම්ම ඇහැරුනේ නැත්තං අපි මොකද කරන්නෙ...
විවිධ කටහඬ මගේ සමීපයෙන්ම ඇහෙනවා...මම තවමත් උත්සාහ කරන්නෙ මම ඉන්නෙ කොහෙද කියලා හඳුනාගන්න. බොඳ වෙච්ච සිනමා රූප වගේ චාරිකාව යන්න පිටත් උන හැටි, රෝසා උණවටුන වෙරළ කිට්ටුව තැනක නතර උන හැටි මගේ සිහියට ආවා. මම අපහසුවෙන් ඇස් දෙක විවෘත කොලා.
ලොකු අයියෙ මෙන්න මූ ඇහැරුනා. ජපන් චමියා බෙරිහන් දුන්නා.
උඹට දැන් කොහොමද මල්ලි..අවුලක් නෑ නේද...උඹට වැඩි වෙලා බීච් එකේම ඩවුන් ගියා. මාර ගේමක් දීලා බස් එකට පටව ගත්තෙ ඇඳගෙන ආපු ඇඳුම් ටික අන්දවලා.
මට තිබහයි...බඩගිනියි. මම බොහොම අසරණ තාලෙට කිව්වා.
ඉඳින් ටිකක් ඉස්සරහා තේ කඩේක නතර කරන්න කියන්නං. ගාලු කොටුවටත් ගිහින් දවල්ට කෑවෙ හැන්දැ වෙලා. අපි තවම උණවටුනෙන් පිටත් උනා විතරයි බං.
තවත් පැය භාගයක පමණ ඇවෑමෙන් වැහැරී ගිය පෙනුමෙන් යුතු දුප්පත් තේ කඩයක් ඉදිරියේ රෝසා නතර උනා.
බැහැලා වරෙන් මොනා හරි කාලා තේ ටිකක් බීහං...දවල්ට කන්නත් බැරි උනානෙ. ඔන්න ඕකනෙ බං කියන්නෙ තරමට බීහං කියලා...කොහෙද උඹලා බොන්න ගියාම තියෙන අරක්කු ඔක්කොම පෙරේත කමට බොන්න යනවනෙ. ලොකු අයියා තවමත් දෙහි කපයි.
සිරා කොලුවට ඔලුව කෙලින් කරගන්න තවමත් අමාරුයි. ඒත් මොනා හරි බඩට දාගන්න උවමනාව තදට දැනෙන නිසා වැනි වැනී තේ කඩේ ඇතුලට ගියේ බොහොම ආයාසයෙන්. තේ කඩේ මැද පුංචි වීදුරු ෂෝකේස් එකක කෑම වර්ග කීපයක් තිබුනා. ඊට එහායින් බොහොම පැරණි තාලෙ පුංචි ශීතකරණයක් තිබුනා.
මොනා හරි අරගෙන කාහං...ලොකු අයියා ආයෙමත් කිව්වා.
මම අත් දෙකට වර්ග දෙකක් එක සැරේ ගත්තා.
ඔච්චර එක සැරේ කන්න එපා යකෝ...ගෙවන්න සල්ලි නෑ...ලොකු අයියා වැද වැටෙනවා...ඒත් මට තවමත් මිනිහා එක්ක තරහයි. අතට ගත්ත අඩයකුයි ඥාණ කථාවකුයි කාලා අහවර වෙද්දි අනිත් උන් ටික ප්ලේන්ටියක් බොන්න සැට් වෙලා උන්නා.
මොනවද උඹට බොන්න ඕනෙ ? ලොකු අයියා ආයෙමත් ඇහුවා...සිරා කොලුවා ඒ දිනවල ප්‍රසිද්ධ වෙලා තිබුන පැණි බීම ජාතියක නම කිව්වා. කඩේ හිමිකරුවා පුංචි ශීතකරණෙ ඇරලා බීම බෝතලයක් මගේ ඉදිරියෙ තියෙන ගමන් අනිත් උන්ගෙන් ඇහුවෙ මෙයාට වැඩි උනාද කියලයි.
සිරා කොලුවා බොහොම අමාරුවෙන් කාලා බීලා ආයෙමත් බස් රථයට නගින්න තේ කඩයෙන් එළියට එද්දි ලොකු අයියා තමන්ගෙ පසුම්බියෙ අදුරු මුලු වල තිබ්බ මාරු කාසිත් එකතුකරගෙන කඩේ බිල ගෙවනවා යන්තමින් මතකයි.
දැන් ඔන්න රෝසා ආයෙමත් සැර දාගෙන ගාලු පාර දිගේ ඉදිරියට ඇදෙනවා. අයිය බඩා, ජපන් චමියා, කිඩා, ජෝතියා වගේම ලොකු අයියත් වරින් වර මා එක්ක කථා බහේ යෙදෙනවා.
උඹ නම් මාර යකෙක්...බීලා බීලා වැඩි වෙලා නටපු පිස්සුවක්.
මට මතක නෑනෙ බං...මට මතක වැල්ලට වෙලා අඩියක් ගගහා හිටියා කියලා විතරයිනෙ.
ඒ උඹටනෙ. උඹ ඇදගෙන වැටෙන්න කලින් වැල්ල පුරාම ඇවිද්දා....ඒ වෙද්දි සිංහල සහමුලින්ම අමතක වෙලා ඉංගිරිසි විතරයි පාවිච්චිය. උඹ අන්තිමට වැල්ලට වෙලා අව්ව තපින සුද්දියෙක් ලගට ගියා. ගිය ගමන් බියුටිෆුල් ස්ටෝන් කියලා ඒකිගෙ කකුල අත ගෑවා. ටිකක් දුරින් හිටිය සුද්දිගෙ මිනිහා උඹට නෙලන්න කියලා එතනට එද්දි අපි දහ අතේ ඌට වැදලා උඹව බේරගත්තෙ.
ඊට පස්සෙ තමයි මෙලෝ සිහියක් නැතුව ඇදගෙන වැටුනෙ. අන්තිමට මේ මහ සෙනග බලා ඉද්දිම උඹේ සෝට ගලවලා...අහවල් එකේ වැලි ගසලා බොහොම අමාරුවෙන් ඔය කලිසම ඇන්දුවෙ...දැන් තේරෙනවා නේද උඹ අපිට දුන්න ආතල් එකක තරමක්.
අනේ අම්මේ ආයෙ සැරයක් අපි ට්‍රිප් ගියොත් මම උඹෙන් නම් බොන්න කියලා කීයක් වත් එකතු කරන්නෙ නෑ...ඇත්තමයි සත්තයි. ලොකු අයියා පරාජිත හඬින් එහෙම කියද්දි බමන හිසින් යුතු වූ සිරා කොලුවට ජයග්‍රාහී සතුටක් දැනුනා.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
බියුටිෆුල් ස්ටෝන් කථාව ඇත්තටම සිදු වූවක්ද, අනිත් උන් ගොතන ලද කථාවක් දැයි මම තවමත් නොදනිමි. මේ චාරිකාවෙන් පසු කාලයක් යන තුරු උන් බියුටිෆුල් ස්ටෝන් මතක් කරමින් සිරා කොලුවාගේ භෞමික අඛණ්ඩතාව කීතු කීතු කර දැම්මෝය.
බෑන්ඩ් නඩේ ඊලග වසරේද වාර්ෂික චාරිකාව ලෙස උණවටුනටම ගියෝය. පෙර වර්ෂයේ අමිහිරි මතකයත්, එතෙක් විඳිමින් හුන් නව නිංගිරාවත් නිසා මම එවර සැර පානයෙන් වැළකී හොද ළමයා වූයෙමි. පෙර චාරිකාවේ අත්දැකීම් නිසා එවර රෝසා කොටේට ලොකු අයියා විසින් තැඹිලි වල්ලක්ම පැටවූයේ කට් ඩවුන් වන උන්ගේ මතු ප්‍රයෝජනය පිණිසය.
අප කණ්ඩායමේ සිටි අයිය බඩාත්, කෂ්ඨාත් මා වෙනුවට එවර කට් ඩවුන් වූහ. උන් දෙදෙනා එදා අප හට දුන් ආතොල් එකට පිං සිදු වන්නට එයින් ඉදිරියට අපේ වාර්ෂික චාරිකාව මෙන්ම, බියුටිෆුල් ස්ටෝන් කථාවටද තිත තැබිනි.
ජයන්ත අයියාගේ ඇට්ටේරියා ගහ යට ස්පොට් එක වර්තමානයේ එතැන නැත. අද එතැන රාජ්‍ය බැංකුවක ශාඛාවක් ඇත.
සෑහෙන කාලයකට පසු බෑන්ඩ් කථාවක් ලීවෙමි. අතීතයේ දිනෙක මෙන් විවේකය නොමැති නිසා දැන් දැන් සිරාගේ කාමරය තුල ලිපියක් පල වන්නට ගත වන කාලය ඉතාම ඉහළ ගොස් තිබේ. එය හැකි තරම් අඩු කරගන්නට හැකි සෑම විටම උත්සාහ ගනිමි.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com50tag:blogger.com,1999:blog-579265960012007263.post-45898041655975841692016-09-29T21:30:00.000+05:302016-10-01T00:31:01.433+05:30මගෙ 8000 ට කෙළියා ඕයි !
පර්චස් 20 ට වැඩි ඉඩම් තියෙන, ඒවයෙ පොල් ගසුත් තියෙන අයට ආණ්ඩුවෙන් පොල් පොහොර සහනාධාරයක් දෙනවලු. ග්‍රාම සේවක නෝනා ලග අන්න පෝරම කොල තියෙනවලු. ගොහින් කොළයක් ගෙනල්ලා තියන්ඩ. මම ආපහු ආවම පෝරමේ පුරවලා උවමනා තැන් වලට ඉදිරිපත් කරලා පෝර ටික ගන්න සූජානම් කොරන්නං. පේනවනෙ...දැන් ගස් වල පොල් එන්න එන්නම පොඩි වෙනවා. ඵලදාව මේ විදියට අඩු වෙන්නෙ පොහොර හිඟ හින්දා...මතකනෙ එහෙනං...
සිරා කොලුවගෙ පිය තුමා මෑණියන් දෑ සමග දඹදිව වන්දනාවෙ යන්න ගුවන් තොටුපලට පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා පවසපු මේ වදන් පෙළ මට ආයෙමත් කම්පනාවට ආවෙ ඒ අය එහෙ ගොහින් සතියක් ගත උනාට පස්සෙ. බැරි වෙලාවත් පෝරම කොල අහවර වෙලා තිබුනොත් මෙතන වසන්න වෙන්නෙ නැති නිසාම මමත් තකහනියක් ග්‍රාම සේවක නෝනා බැහැ දකින්න යන්න උදැහැනැක්කෙම පිටත් උනා.
සිරා කොලුවා රට පැටවෙන කාලෙ අපිට හිටිය ග්‍රාමසේවක නෝනා බොහොම වයසක උන්දෙක්. කොහොමින් කොහොම සිරා කොලුවා ආයෙමත් සියරට එන කාලෙ වෙද්දි ඒ උන්දැ විශ්‍රාම ගිහින් ඒ වෙනුවට අපේ ගම් තුලානෙ ග්‍රාම සේවක රාජකාරිය බාර අරගෙන හිටියෙ යාබද ප්‍රදේශයක පදිංචි සීදේවි නෝනෙක්.
නෝනෙක් කිව්වට ඉතිං සිරා කොලුවටත් වඩා වයසින් අඩු...තවම අවිවාහක කෙලියක්. මගුල් මුද්ද දාන ඇගිල්ලට යාබද ඇගිල්ලෙ තමයි එයා මුද්දක් දාලා හිටියෙ. ඒ දර්ශනෙන් පස්සෙ මගේ අක්මාවට දැනුනා මේ කෙලී තවම කසාද බැදලත් නැති විත්තිය.
කාරණේ මතක නැතත් සිරා කොලුවට ලංකාවට ආ විගස වගේ යම් රාජකාරියකට ග්‍රාම සේවක නෝනව මුණ ගැහෙන්න යන්න උනා. එදා තමයි ඔන්න නමෝවිත්තියෙන් අපේ අභිනව ග්‍රාමසේවක නෝනව මගේ කලු ඉංගිරියාවට වැටුනෙ. අපරාදෙ කියන්න බෑ. සී දේවි කෙල්ල. සාරියක් කාරිය ඇදලා හරිම පිළිවෙලට, නීතියට වැඩේ කරගෙන ඉන්නවා. යන එන කා එක්කත් සුහදයි. ඒ වගේද අත් අකුරු මුතු කැට වගේ බබලනවා. ඉතින් මට රාජකාරිය අහවර උනත් එතනම පදිංචි වෙලා ඉන්න හිතුනා.
ඔන්න ඔහොම වටපිටාවක් තියෙද්දි පොල් පෝර පෝරමේ ගේන්න යන්න ඉතින් මොනවටද බොලව් පැකිලෙන්නෙ. සිරාගෙ ඇන්ටික් ස්කූටරේට බර දීලා කොලුවා ගියා ඔන්න ග්‍රාමසේවක නෝනව මුලිච්චි වෙන්න.
අපේ නැසීගිය උස බන්දුල ගොයියගෙ ගෙදර තමයි ග්‍රාමසේවක කාර්යාලය පිහිටුවාගෙන තිබුනෙ. මම එතැනට ලගා වෙද්දිත් ග්‍රාම සේවක නෝනගෙ කාමරේ කීප දෙනෙක්ම ඉන්න විත්තිය මට දැනුන නිසා ස්කූටරේ පිටට නැගලා බන්දුල ගොයියගෙ වත්තෙ ඵලදාව දිහා මම ඇස් දෙකේ පොට යනකං බලාන උන්නෙ කොරන්න වෙන කෙං ගෙඩියක් තිබුනෙ නැති නිසයි.
විනාඩි 15 ක් 20 ක් ගත වෙන්න ඇති. ග්‍රාමසේවක කාර්යාලයේ දොරෙන් එක පාරටම මතු උනේ මාලු විකුණන නිශාන්ත ගොයියා. බොලේ මේ හාදයා අද මාලු වෙළදාමෙ ගිහින් නැත්තෙ මොකද...මම මනෝ ආතල් ලොවක සැරි සරද්දි මටත් නොදැනිම නිෂාන්තයා මගේ ලග.
පින්තූරය මෙතැනින්
මොකෝ මේ පැත්තෙ...ඇරත් මේ උදේම....එච්චරයි මට අහන්න ලැබුනෙ.
මගෙ 8000 කට කෙලියා ඕයි ! නිෂාන්තයා හෙණ ගැහුවා වගේ එකපාරටම කිව්වා.
මොකක්ද බොල ඒ හරුපෙ...උඹ බූරු ගහන්නවත් ගොහින් පැරදුනාද ? මම එහෙම ඇහුවෙ සැක සංකා හිතේ තියාන ඉන්න හොද නැති හන්දයි.
නෑ බං මල්ලියෙ අද උදේ මාලු ගේන්න මීගමු යද්දි මාව කොල්ල කෑවා බං ඒකල වෙළ මැද්දෙදි.
ගම්පහ - ජාඇල 201 බස් මාර්ගයෙ යන එන ඇත්තො දන්නවා ඒකල වෙල කියන්නෙ මාර්ගය දෙපැත්තෙම වෙල් යායක් තියෙන නිවාස වලින් තොර හුදෙකලා පෙදෙසක් කියලා. අන්න එතැනදි තමයි මේ අසරණයගෙ 8000 ට කවුරු හරි කාලකණ්නියෙක් කෙළියෙ.
එ්කළ වෙල කිව්වම අපි කුඩා සන්ධියෙ නිතරම කොල්ල කෑම් සිද්ධ උනා. මේ හොරකම් වලට රැයක් දවාලක් තිබුනෙ නෑ. මහ දවාලෙ වැඩිපුරම සුද්ද උනේ මාලු වෙළඳාමේ නිරත වෙච්ච අය. මේ වගේ හොරකම් දිගින් දිගටම සිදුවෙන්න ගත්තට පස්සෙ සිරිලංකා පොලෝසියෙ ඇත්තො ගත්ත යම් යම් සාධනීය පියවර නිසා හොරු රැළ වඳවෙලා ගිහින් ඒකළ වෙල මැද්දෑව බොහොම සාමකාමී තැනක් බවට පත් උනා.
ඒත් දැනට වසර තුන හතරක ඉඳලා ආයෙමත් කොල්ලකෑම් එක දෙක බැගින් වාර්තා වෙන්න ගත්තා. සිරා කොලුවගෙ පියතුමාගෙ හිතවතෙක් වෙන ඕල්ටර්නේටර් තිස්ස මාමා තමන්ගෙ ඇඹේනියත් එක්ක බයිසිකල් කටුවක නැගලා ගොහින් බැංකුවෙන් ගත්ත රුපියල් ලක්ෂ 9 ක් එක්ක ගෙදර එද්දි, ඒකල වෙල හරියෙදි පිටිපස්සෙන් ආව වෑන් රථයක් මේ ජෝඩුව මහා මාර්ගය වෙනුවට අලුතින් වපුරපු කුඹුරක් වෙත යොමු කලා. බයිසිකලේ පෙරළගෙන මඩ අස්සෙ එරිලා දගලන තිස්ස ගොයියා ලගටම ආව හොරු රැළ රුපියල් ලක්ෂ 8 ක් දාලා තිබුන බ්‍රවුන් පේපර් කවරෙ අරගෙන ගියෙ ඒ අසරණයට කෝචොක් හිනාවකුත් දාගෙන, උඩ සාක්කුවෙ තිබ්බ ලක්ෂය විතරක් ඉතිරි කරලා.
මම වෙනදා යන වෙලාවට පාන්දර 4.30 ට ගෙදරින් පිටත් උනා. රුපියල් 8000 ට ටිකක් වැඩියෙන් සල්ලි තිබුනා. ඒකල වෙල මැද්දෙ පුලුන් ගහ කිට්ටුවට යද්දි මට විරුද්ධ පැත්තට බයික් එකක කොල්ලො දෙන්නෙක් ආවා. උන් මාව පහුවෙද්දි මගේ දිහා හරි අමුතු විදියට බලාන ගිය නිසා මට සැකයක් හිතුනා.
මම පැති කණ්නාඩියෙන් බලාගෙන ඉස්සරහට යද්දි, හදිස්සියෙ දැක්කා උන්ගෙ බයිසිකලේ මගේ පැත්තට හරවනවා. එතැනින් පස්සෙ මම යන්න තියෙන උපරිම වේගෙන් බයිසිකලේ පැද්දා. ඒත් වැඩක් උනේ නෑ. උන්ගෙ තිබුනෙ බොහොම බල සම්පන්න බයික් එකක්. උන් අඩියට දෙකට මගේ ලගට ආවා. එන පොට හොඳ නෑ කියලා මට දැනුන නිසා මම බයික් එක නතර කරලා බැහැලා දුවන්නයි හැදුවෙ. එත් පරක්කුයි මල්ලියෙ. හොඳ උස මහත එකෙක් පැනපු ගමන් මගෙ බෙල්ලට කඩුවක් තියලා කුණුහබ්බයක් කියලා මගෙ පර්ස් එක උදුරලා ගත්තා.
මාලු ගන්න තිබ්බ සල්ලියි. අපේ පොඩි කෙල්ලගෙ ඉස්කෝලටෙ උවමනා පොත් කීපයක් ගන්න උවමනා සල්ලියි ඔක්කොම තිබුනෙ එකට. උන් සල්ලි උදුරගෙන යද්දි මම පිංසෙන්ඩු උනා මගේ ලැයිසොමවත් දීලා යන්න කියලා. ඒත් ඒ නරුමයො ඒ කථාවට ඇහුම් කං දුන්නෙම නෑ
නිශාන්තයගෙ මුහුණෙන් තවමත් කම්පනයක සළකුණු පේනවා. ඇස් කෙවෙනි අග පුංචි කඳුලක් දිලිසෙනවා. දරු පැටව් 4 දෙනෙකුගෙ තාත්තා කෙනෙක් විදියට මාලු රස්සාවෙන් හොයන සල්ලියෙන් ජීවත් වෙන කෙනෙක්ට රුපියල් 8000 ක් නැති වෙනවා කියන්නෙ මොන තරම් පාඩුවක්ද ?
අද උදේම පොලෝසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ග්‍රාමසේවක නෝනගෙන් අරගෙන යන්න ලියකියවිලි වගයක් තියෙනවා. ඒ ටික ගන්න තමයි මෙහෙට ආවෙ. මට වාවන්නෙ නෑ බං පොඩි කෙල්ල අලුත් පොත් අරගෙන ඉස්කෝලෙ යන්න හරි ආශාවෙන් හිටියෙ.
ඒ අවසරයෙන් ග්‍රාම සේවක නෝනගෙ ඔපීසියෙන් එළියට ආවෙ නිෂාන්ත ගොයියගෙ ඇඹේනිය.
හෙණ ගහලත් මදි නේද මල්ලි මේ කරන අපරාද වලට ? ඇය මගෙන් ඇහුවා.
ඔය හරියෙදිම සති දෙකකට කලියෙනුත් මාලු කාරයෙක්ව සුද්ද කරලා. උන් හිතාන ඇත්තෙ මාලු විකුනන්නෙ කෝටිපතියො කියලා වෙන්න ඇති. ඇයි යකෝ පොඩි මිනිහටමනෙ මංකොල්ලා කන උනුත් කෙළින්නෙ.
ඇගේ කථාව ආවේගශීලියි. පුංචි එකෙක් වඩාගෙන නිෂාන්ත තවමත් සුසුම් හෙලනවා.
කඩුව බෙල්ලට තියද්දි මට හොඳටම භය හිතුනා මල්ලි. මම යටි ගිරියෙන් කෑ ගැහුවා. මට දරු පැටව්, ගෑණි මතක් උනා. ඒත් උදව්වට කියලා කවුරුවත් ආවෙ නෑ. උන් දෙන්නා ගිහින් විනාඩි 10 කට විතර පස්සෙ තමයි සෙනඟ එකා දෙන්නා එන්න පටන් ගත්තෙ. ඒ වෙද්දි ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.
තවත් මොහොතකින් නිශාන්ත ගොයියා තමන්ට අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කරගෙන ග්‍රාමසේවක කාර්යාලයෙන් පිටත් උනා.
පව් නේද අර මනුස්සයට වෙලා තියෙන වැඩේ...දැන් ඊලග දවසෙ මාලු ගේන්න යන්න අමුතුවෙන් සල්ලි හොයන්න එපායැ. ඇරත් ඒ අය සල්ලි ඔහේ අරගෙන යනවා මිසක ආරක්ෂාව ගැන හිතන්නෙ නෑනෙ. මම ඒත් දැන් කිව්වෙ මීට පස්සෙ මාලු වෙළදාමෙ යද්දි සල්ලි අතේ අරගෙන යන්නෙ නැතුව. මීගමුවට ගිහින් බැංකු කාඩ් එකෙන් උවමනා ප්‍රමාණය ගන්න, මාලු විකුනලා අහවර උනාම ආයෙමත් බැංකුවට දාන්න කියලා. ග්‍රාම සේවක දැරිවි එහෙම කිව්වා.
පොල් පොහොර පෝරමේ අරගෙන ගෙදර ආවා කියමුකො. පිට පළාතකින් ඇවිත් දවල් කාලයේ අපේ ගමේ මාලු විකුණන තවත් ගොයියෙක් මට අතර මගදි සම්මුඛ උනා.
අර නිශාන්ත ගොයියගෙ 8000 කට ඇරලා දෙන්නෙක් අද පාන්දරම මාලු ගෙන්න යද්දි.
ආ මිනිහද කෙනා...අපිට මීගමුවට ආරංචිය ආවා වෙච්ච වැඩේ ගැන. ඔයාට කියන්න මල්ලි දැන් මාස දෙකකට විතර කලියෙන් මාවත් කොල්ල කන්න ආවනෙ දෙන්නෙක් මහ දවාලෙ.
මම එදා මාලු බයිසිකලේ නවත්තලා පොඩියක් අකුලක් අස්සට රිංගුවා මුත්තරා බරෙන් නිදහස් වෙන්න. මම එතැනින් ආයෙමත් බයිසිකලේ ලගට එද්දි එතන දෙන්නෙක් හිටියා.
මල්ලි...ඉස්සො ඉන්නවද ? උන් එහෙම ඇහුවා. මම ඉන්නවා කිව්වා.
ලොකු උන්ද පොඩි උන්ද ?
ලොකු උන්
කීයද ගාන
කිලෝ එකක් 1000 යි.
මෙහෙම කථාව යද්දි කථාවට සම්බන්ධ නැති අනිත් එකා බයික් එක උඩ ඉදන්
මචං ඉක්මන් කරපං.... ඔහොම කියනවා.
මම මාලු පෙට්ටිය ඇරලා මාලු පෙන්නුවා. ඉස්සො ගන්න හදපු මිනිහා මගෙන් අහනවා 5000 ක් මාරු කරන්න නැද්ද කියලා. මගෙ ලග මාරු කරන්න සල්ලි තිබ්බත් මම නෑ කියලා පොඩි සල්ලි විතරක් තියාන ඉන්න පර්ස් එක අැරලා පෙන්නුවා.
වැඩක් නෑ මචං...ඉක්මනට යං කියලා තමයි අන්තිමට මිනිහා ගිහින් බයිසිකලේට නැග්ගෙ. ඔන්න ඔහොමයි මල්ලි තත්වෙ. මාලු පෙට්ටියක් බැදගෙන යනවා දැක්කම අපිවම කොල්ල කන්න ටාගට් කරන උන් ටිකක් වෙනමම ඉන්නවා. මම මහ පාන්දර මාලු ගෙන්න යන්නෙත් නෑ...ගේන්න ගියත් තව වෙළෙන්දො දෙතුන් දෙනෙක් එක්ක යන්නෙ. එතකොට කොල්ල කන්න ආවොත් මාලු මන්න පාරක් හරි දෙන්න පුලුවන් මකබෑවිලාම පල කියලා.
ගන්න අක්කෙ පණ පිටින් ජීලාවො..පන්සීය 360 යි. මිනිහා මාලු බිස්නස් එකකට ඇන්ටර් වෙද්දි සිරා කොලුවා නිවස බලා ආවා.
අමාරුවෙන් ජීවිතය ගැට ගහගන්න වෙර දරන මේ වගේ මිනිහෙක් කොල්ල කනවා කියන්නෙ කොල්ල කන එකා මොන වගේ මානසික මට්ටමක එකෙක්ද ? මට හිතාගන්න බැරි උනා.
සමහරු මළගෙවල් හොයාගෙන ගිහින් බූරු ගහලා අම්බානක පැරදිලා පාන්දර පාරට බැස්සම හිතේ කේන්තියට අහුවෙන එකාව කොල්ල කනවා. එහෙමත් නැත්තං ඉතිං කුඩ්ඩෙක් තමයි පුතේ.
ගෑණි මැරිච්ච දා ඉදන් හන්දියෙ පිලට තනි රකින පියදාස මාමා එහෙම කිව්වෙ බුලත් කෙල තළියක් පාර පුරා රටා අඳිද්දි.
මම කාමරේ අරින සිරා කොලුවා.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com45tag:blogger.com,1999:blog-579265960012007263.post-64718533132395878302016-09-20T00:44:00.001+05:302016-09-20T01:07:53.538+05:30උපුල් විලේදී මනුස්සකමේ සුවඳ විඳ ගත්තෙමි.
තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.
1 කොටසට
අද එතැන් සිට.....
ලොකු හාමුදුරුවො අත දික් කර පෙන්වූ ඉසව්වට බස් රථයේ හැමෝගෙම නෙත් යොමු උනා. ඔතන ඔය අලුතින් වහලා දාලා තියෙන පස් යට මහා සද්දන්තයෙක් ගමේ අය මිහිදන් කලා. දල ඇතෙක්. ගමේ අයට එයාව මුලිච්චි වෙනකොට කාලෙකට කලින් වෙඩි වැදුන තුවාල උඩුදුවලා බොහොම අසාධ්‍ය වෙලා හිටියෙ. වනජීවී එකටත් කියලා ගමේ අය ඇතාට හෙවනක් හදා දීලා, කෑම බීම ආදියෙනුත් සෑහෙන්න උදව් පදව් කලා. ඒත් තුවාල වල තිබුන බරපතල කම නිසාම බේරගන්න බැරි උනා. ඒ සතා අන්තිම හුස්ම හෙලන්න කලියෙන් අපේ පන්සලේ හාමුදුරුවො කීප දෙනෙක් එක්ක එතනට වැඩම කරලා පිරිත් සජ්ජායනා කරන්නත් අපිට හැකි උනා. මරණය සිද්ධ වෙලා වළ දාන වෙලාවෙ ඒ සත්වයට පාංශකූලය දීලා පින් පෙත් අනුමෝදන් කරන්නත් ගමේ අය එකතු පහදු උනා. මේ ගම් වල මිනිස්සුන්ට මොන තරම් අලියාගෙන් කරදර තිබුනත් සතෙක් කදරයක වැටුනාම ඒ හැමදේම අමතක කරලා උදව් කරන්නෙ.
අපේ බස් රථය ආයෙමත් ගමන් ආරම්භ කරලා තාර කැඩුන හුදෙකලා මාර්ගය දිගේ ඉදිරියට ඇදෙනවා. ලග ලග නිවාස නැති මේ ඉසව්වෙ අතරින් පතර තමයි ගෙයක් දෙකක් දකින්න ලැබුනෙ. මාර්ගය දෙපැත්තෙම තිබුනෙ විශාල කුඹුරු යායක්. අපි එහි සංචාරය කල කාලයේ තමයි ඒවායෙ අස්වැන්න නෙලමින් තිබුනෙ.
මාර්ගයට පෙනෙන කුඹුරු යාය
තාර කැඩුන මාර්ගය තවත් නොබෝ වේලාවකින් ගුරු පාරක් බවට පත් උනා. කාලෙකින් අහස් දිය වැටිලා නැති නිසාම මතුවෙන දූවිල්ල කපාගෙන බස් රථය ඉදිරියට ඇදෙනවා. ඒ දිහා ගමේ මිනිස්සු දෑස් අයාගෙන බලා ඉන්නවා. දැන් අපි උපුල් විල රජමහා විහාරය කිට්ටුවටම ඇවිල්ලා.
ගුරු පාර දිගේ තරමක් මග ගෙවූ අපේ නඩේ ඔන්න රජමහා විහාරයෙ දොරටුව අසලටම ඇවිල්ලා නතර උනා. අපට කලින් මෙතනට වැඩම කරලා තිබුන කඳුරු වැවේ පුන්න හිමියන් එහි කටයුතු සියල්ල මැනවින් සංවිධානය කර තිබුනා. ඒ වෙද්දිත් දහම් පාසලේ පුංචි දරු පැටව් ඒ අයට ආධාර දෙන්න කිලෝමීටර් 200 කට වැඩි දුරක ඉදන් පැමිණි ආච්චිලා සීයලා, නැන්දලා මාමලා, අයියලා අක්කලා පිළිගන්න පුංචි ළමා සාරියකින්, පුංචි සරමකින් සැරසිලා පෙර මග බලාන උන්නා.
ආධාර කණ්ඩායම කප්රුක් කොඩිය යටින් විහාරයට ඇතුලුවෙද්දි අවට කලාපයම සාධු නදින් රැව් පිළිරැව් දුන්නෙ ගම්වාසීන් බොහෝ පිරිසකුත් මේ සත්කාර්යය දෑසින් දැකගන්න ඒ ස්ථානයට ඒ වෙද්දිත් රැස් වී තිබූ හින්දයි.
කප්රුක් පූජාවෙ වැඩකටයුතු අහවර උනාට පස්සෙ මේ පොඩි ඇත්තො තමන්ගෙ අතේ එතෙක් වෙලා හිරකරගෙන තිබුන සුදු නෙළුම පිළිගන්නලා අපේ කණ්ඩායමේ හැමෝම තමන්ගෙ දහම් පාසල වෙනුවෙන් සාදරයෙන් පිළිඅරගෙන උත්සව සභාව වෙත කැන්දගෙන ගියෙ තමන්ගෙ ගුරුවරුන්ගෙ මගපෙන්වීම යටතේ.
උපුල්විල රජමහා විහාරයෙ ඇත්තො කුඩා වේදිකාවක් සහිත කදිම උත්සව සභාවක් තමන්ගෙ ශක්තියේ ප්‍රමාණයට ඒ වෙද්දි එහි තනා තිබුනා. සියල්ලන්ම පංච ශීලයේ පිහිටුවා උත්සවේ වැඩකටයුතු ආරම්භ කලේ උපුල්විල රජමහා විහාරස්ථානයේ නායක හිමියන් විසින්.
මේ සත්කාර්යයේදි උපුල්විල විහාර පාර්ශවය වෙනුවෙන් සංවිධාන කටයුතු වල බර කරට ගත්ත කඳුරු වැවේ පුන්න හාමුදුරුවො තමන්ගෙ පිළිගැනීමේ කථාව ඇතුලෙදි උපුල්විල වැනි දුරබැහැර පෙදෙසක, මේ දහම්පාසලේ දරුවො මුහුණදෙන ගැටලු අඩුපාඩු ගැන සිදුකල විවරණය ඉතාම සංවේදියි. මට එතැනදිත් කල්පනා උනේ මෙවැනි පිරිසකට මේ අයුරින් ආධාර දෙන්නට සහභාගි වන්නට ලැබුන මේ අවස්ථාව මොන තරම් වටිනා එකක්ද යනුවෙන්.
කඳුරු වැවේ පුන්න හිමියන්
නායක හිමිවරුන් තිදෙනා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්.
මාකේවිට තරුණ සංගමයේ සභාපති තුමා
මාකේවිට තරුණ සංගමය වෙනුවෙන් එහි අනුශාසක තෝරපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවැත්වූ කෙටි අනුශාසනාවකින් පස්සෙ ත්‍යාග බෙදාදීම ඇරඹුනා. එතෙක් වේලා ඉතාම උනන්දුවෙන් මේ සත් කාර්යය දෙස ආශා දෑසින් බලා සිටි කුඩා දරු දැරියන්ගෙ වගේම එයාලගෙ දෙමාපියන්ගෙත් නෙත් අගට සතුටු කඳුලු පිරුනෙ සතුට වැඩිකමට වෙන්න ඇති.
තෝරපිටියේ ආනන්ද හිමි
මොනතරම් බාධක තිබුනත් ඒවා මැඩගෙන දිනපතාම දහම්පාසලට පැමිණි දූ දරුවන් දිරිමත් කරන්න පැමිණීමෙන් ඉදිරියෙන් සිටි අයට මුලින්ම ත්‍යාග ලබා දුන්නා. එයින් අනතුරුව වසරින් වසර ත්‍යාග ප්රදානය ඇරඹෙද්දි කුඩා දරු දැරියන් ඉතාම උද්යෝගයෙන් තමන්ට හිමි ත්‍යාග ලබාගන්නට ඉදිරියට ආවා. ඒ අය වයසින් පොඩි උනාට කලබලයක් නැතුව තමන්ගෙ අවස්ථාව එළඹෙන තෙක් ඉවසීමෙන් සිටි ආකාරය ඉතාම කදිමයි.
අපිටත් තෑගි ලැබේවිද ?
දරුදැරියන්ගෙ ත්‍යාග අතරට අලංකාර පොත් බෑගයක්, අතිරේක කියවීම් පොත්, අභ්‍යාස පොත්, දහම් පාසල් එන්නට උවමනා ඇඳුම් සකසා ගන්නට අවශ්‍ය රෙදි, පෑන් පැන්සල් ඇතුලත් පැන්සල් පෙට්ටියක්, DSI පාවහන් ලබා ගන්නට හැකි තෑගි වවුචරයක් වැනි දෑ අයත් උනා.
මේ දරුවන්ගෙ නැණස පාදන්නට නොයෙක් කරදර බාධක මැද්දෙ කැපවෙලා කටයුතු කරන ගුරු භවතුන් හටත් ඒ අයගෙ සේවය අගය කරලා ත්‍යාග ලබා දෙන්න අපි පසුබට උනේ නෑ. මේ සියලු දේට අමතරව එතෙක් මේ දහම් පාසලට අඩුවක් වෙලා තිබුන කාර්යාලයක් වගේම එයට අවශ්‍ය වෙනත් උපකරණත් තරුණ බෞද්ධ සංගමය විසින් ලබා දුන්නා. කාලෙකට කලියෙන් හේලීස් ආයතනයෙන් උපුල්විල ගමට පිරිසිදු පානීය ජලය ලබාගත හැකි විශාල පිරිපහදු යන්ත්‍රයක් පරිත්‍යාග කොට තිබුනත් ඒ ජලය නිසි පරිදි ගබඩා කරගන්නට උපුල් විල රජමහා විහාරයට පහසුකම් තිබුනෙ නෑ. ඒ සඳහා උවමනා පානීය ජල ටැංකි දෙකකුත් මෙහිදී ප්‍රධානය උනා.
මේ සියලු කටයුතු අතරෙ උත්සව භූමියේ ඉදිවෙලා තිබුන පුංචි වේදිකාව උඩ මේ පුංචි ඇත්තො විවිධ ප්‍රාසාංගික අංග ඉදිරිපත් කලා. ඒ අයට තියෙන සීමිත පහසුකම් එක්ක ඒ දක්ෂතා ඉතාම ඉහළ බවයි අපේ කණ්ඩායමේ හැමෝගෙම පාහෙ අදහස උනේ.
උපුල්විල ගම්මානය හරිම අව්‍යාජයි කියලා මට දැනුනෙ එහි ගම්වැසියන්ගෙ අල්පේච්ච ජීවන රටාව නිසාම නෙමෙයි. ඒ ඇත්තන් අප වෙනුවෙන් පිළියෙල කර තිබූ සංග්‍රහයන් පවා ඔවුන්ගේ ශක්තිය අනුව පිළියෙල වී තිබීම නිසයි. ආධාර කණ්ඩායමේ හැමෝගෙම පිපාසය නිවන්නට ඔවුන් විසින් පිළි්යෙල කර තිබුනේ දෙහි යුෂ පානයක්. ඊට අමතරව උපුල්විල ගම්මානයට ආවේණික නාරං කැවුම් වලට සමාන ගැඹුරු තෙලේ බදින ලද පොල් බෝලත්, පෑන් කේක් වලට සමාන වෙල්ල වැහුම් නැමති ආහාරයත් තිබුනා. මේ ආහාර දෙවර්ගයම ඉතාම ප්‍රණීත බව නොකියාම බෑ.
තෝරපිටියේ ආනන්ද හිමියන්ගේ අනුග්‍රහයෙන් දරුවන්ට ලැබුන සංග්‍රහයන්
ත්‍යාග බෙදාදීලා අහවර උනාම ආයෙමත් පරංගියාවාඩිය පන්සලට පැමිණිලා දිවා ආහාරය සකසා ගන්නයි අපේ අරමුණ වෙලා තිබුනෙ. ඒත් තමන්ගෙ ගමට ආධාර දෙන්න පිට පළාතකින් පැමිණි ඇත්තන් දිවා ආහාරයෙන් සංග්‍රහ නොකොට සමුදීම තමන්ට මදිකමක් කියලා හිතුන නිසාදෝ ගමේ සම්පත් උපයෝගී කරගෙන ඉතාම රසවත් දිවා ආහාරයක් ඒ ඇත්තන් සූජානම් කොට තිබුනා. නෙළුම් කොලේ බත් ටිකක් කන්න ලැබෙන්නෙ ඉඳලා හිටලා නොවැ. ඉතින් කවුද අකමැති වැව් මාලු ටිකක්, නෙළුම් අල ටිකක් එක්ක බත් ඩිංගක් කන්න. ඉතින් ඒ අවස්ථාව අපිට උදා උනා. සිරා කොලුවා මීට කලියෙන් කවදාවත් රස විදලා නැති, කුරහන් තලප, නෙළුම් බට්ටො වගේම සියඹලා කිරිහොද්දත් මේ කෑම වේලෙදි රස බලන්න ලැබුනා. උපුල්විල ගමේ අම්මලාගෙ අත් ගුණය ගැන නම් කියන්න වදන් නෑ. අපේ දිවා ආහාරය ඒ තරම් රසවත්.
නෙළුම් කොලේ බත් සමග මනුස්සකමත් බෙදූ උපුල්විල දහම් පාසලේ ගුරු මණ්ඩලය
නෙළුම් බට්ටො ගැන අපේ පළාත් වල බොහෝ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් කල යුතුයි. වැවක නෙළුම් මලක් පිපිලා අහවර උනාම කෝන් එකක් වගේ ඉතිරි වෙන කොටස තුල නෙළුම් බීජ අඩංගු වෙනවා. මේ කොටස හොඳින් මෝරා අහවර උනාට පස්සෙ ඒ තුලින් ලබාගන්න නෙළුම් බීජ තම්බා ආහාරයට ගන්න පුලුවන්. අන්න ඒවා තමයි නෙළුම් බට්ටො.
දිවා ආහාරයෙන් පස්සෙ උපුල්විල රජමහා විහාරයේ දහම් පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන පරාංගියා වාඩිය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය සන්ධ්‍යා කුමාරි මහත්මිය සමග කෙටි කථාබහක නිරත වෙන්න සිරා කොලුවට අවස්ථාවක් ලැබුනා. මේ තියෙන්නෙ එතුමියගෙ අදහස්.
සන්ධ්‍යා කුමාරි මහත්මිය
පරංගියාවාඩිය කියන්නෙ ත්‍රස්තවාදී තර්ජන නිසා සෑහෙන්න බැටකෑව ගමක්. අපේ ගමට යාබද ගම වතාවක් සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදියො විසින් ගිණිබත් කලා. මේ මොන තර්ජන තිබුනත් පරංගියා වාඩිය ගමේ මිනිස්සු පාසලත් පන්සලත් රැකගෙන ගොවිතැනින් ජීවිකාව කරගෙන හරිම අමාරුවෙන් ජීවත් උනා.
මහ වැහි වැටිලා යාන් ඔය ගැලුවොත් මිනිස්සුන්ගෙ වගා බිම් සියල්ල පාළු වෙනවා. තවත් කාලෙකට හබරණ පැත්තෙන් පැමිණෙන අලි ගම් වදිනවා. මේ කොයි විදියට බැලුවත් පරංගියාවාඩිය ගමේ මිනිස්සුන්ට තියෙන ගැටලු වල නම් නිමක් නෑ. ගොවිතැනින් ජීවිකාව රැකගන්න මේ ගමේ බහුතරයකට තමන්ගෙ දූ දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න මහ සල්ලියක් නෑ. ඇරත් මේ තියෙන ගැටලු එක්ක ඒ ඇත්තන්ට ගමෙන් පිටවෙලා රස්සාවක් කරන්නත් බෑ. තමන්ගෙ පවුලෙ ආරක්ෂාව ගැන බැලිය යුතු හින්දා.
පරංගියා වාඩිය පාසලේ දූ දරුවො 265 ක් විතර ඉන්නවා. 1 වසරෙ ඉදන් 11 වසර දක්වා තමයි පන්ති පැවැත්වෙන්නෙ. ගිය අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 100%. ඒ දරුවොම තමයි උපුල්විල පන්සලේ දහම් පාසලේදි ආයෙමත් අපිට මුණ ගැහෙන්නෙ. පරංගියාවාඩිය පාසලේ ගොඩනැගිලි සහ ගුරුවරුන් ප්‍රමාණවත්, නමුත් අපිට තියෙන ගැටලුව තමයි අපේ දරුවන්ට නව තාක්ෂණය එක්ක ගැටෙන්න තියෙන අවස්ථා ඉතාම සීමිත වීම. වතාවක් එල්ලාවල මේධානන්ද හාමුදුරුවො පාසලට පරිගණක 10 ක් පරිත්‍යාග කලා. ඒත් අද වෙද්දි ඒ බොහොමයක් ක්‍රියා කරන්නෙ නෑ
පිටපළාත් වලින් ඇවිල්ලා ඉන්න ගුරුවරු බහුතරයක් මේ පාසලේ වැඩ කරන්නෙ. ඒ හැමෝම මේ දරුවන්ට තමන්ට පුලුවන් උපරිමයෙන් උගන්වලා ඒ අයගෙ අනාගතය අදට වඩා යහපත් එකක් කරන්න උත්සාහ කරන්නෙ මේ දරුවන්ට මේ තියෙන ගැටලු වලින් මිදිලා යහපත් ජීවිතයක් ගත කරන්න තියෙන එකම මාර්ගය අධ්‍යාපනය නිසයි. සමහර වෙලාවට ගුරුවරු ප්‍රශ්න පත්‍ර අතින් ලියලා හොරොව්පතාන ටවුමට අරගෙන ගිහින් ඡායා පිටපත් ගහගෙන ඇවිත් මේ දරුවන්ට විභාග වලට පිළිතුරු සපයන්න ඒවා ලබාදෙන්නෙ.
ඒත් ගමේ ගොඩාක් දරුවො සාමාන්‍ය පෙළ දක්වා අමාරුවෙන් පාසල් ඇවිල්ලා එතනින් නතර වෙනවා. සමහරු නගරයේ රස්සාවකට යනවා. විශේෂයෙන් ගෑණු දරුවො ඉක්මනින් කසාද බඳිනවා. නැත්තං ගාමන්ට් එකක හරි රස්සාවක් හොයා ගන්නවා. තමන්ගෙ පවුල් වල තියෙන ආර්ථික තත්වය එක්ක ඒ අයට අකමැත්තෙන් හරි ඒ දේවල් කරන්න වෙලා තියෙනවා. එතනින් එහාට ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන අතලොස්සකුත් අපේ ගමේ ඉන්නවා.
දහම් පාසල් ගොඩනැගිල්ල ඈතින් පෙනෙන ආකාරය
උපුල්විල දහම් පාසල යුද්ධය පැවතුන සමයේ ඉඳන්ම ගම්වාසීන් එකතුවෙලා බොහොම අමාරුවෙන් පවත්වාගෙන ආවෙ. දහම්පාසලට කියලා ස්ථිර ගොඩනැගිල්ලක් ඉඳි උනේ 2015 දි World Vision ආයතනයේ අනුග්‍රහයෙන්. ඒ ගොඩනැගිල්ලෙ පන්ති පවත්වන්න උවමනා කරන ඩෙස් බංකු හැදුවෙ මේ දරුවන්ගෙ දෙමාපියො. අපේ දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන්න හේලීස් ආයතනය උදව් කලා. ඒත් පොහොය දිනට සිල් ගන්න එන ඇත්තන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නැති හන්දා එදාට මේ පන්ති කාමරේ එයාලට දීලා දහම් පාසල නිවාඩු දෙන්න සිද්ධ වෙනවා.
දහම් පාසලට තියෙන එකම වැසිකිළිය දැන් ගොඩාක් අබලන්. ඒ නිසා අලුතින් වැසිකිළියක් දෙකක් ඉඳි කරගන්න හැකි නම් බොහොම වටින වැඩක්. පන්සලට බුදු පිළිමයක් තිබුනෙ නැති නිසා ටික කාලෙකට කලින් තරුණ සංවිධානයක් බුදු පිළිමයක් හදන ව්‍යාපෘතියක් පටන් ගත්තා. නමුත් ඒ අයට මේ වෙද්දි මුදල් හිගකමක් තියෙන නිසා ඒ කාර්යය දැන් අතර මග නැවතිලා. කවුරු හරි සුපින්වතෙක් හෝ සංවිධානයක් ඒ බුදුපිළිමයේ වැඩ අහවර කරගන්න උදව් කරනවා නම් දහම් පාසලට එන පුංචි දරු දැරියන්ට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව බුද්ධ වන්දනාවේ යෙදෙන්න පහසු වේවි.
තවමත් වැඩ අහවර නොවූ බුදු පිළිමය
තමන්ගෙ ගම, තමන් සේවය කරන වටපිටාව ගැන සන්ධ්‍යා කුමාරි ගුරුතුමිය දීර්ඝ විග්රහයක යෙදුනා. ඇයත් දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇගේ බාලම දියණිය ත්‍යාග ප්‍රදානෝත්සවයෙදි නැටුම් අංග ඉදිරිපත් කරන්නත් දායක උනා.
ත්‍යාග ප්‍රදානෝත්සවයෙ වැඩ අහවර උනාට පස්සෙ අපි ආයෙමත් තිරප්පන්කඩවල රජමහා විහාරයට ඇවිත් නෙළුම් වැවේ දියවරින් දාහය නිවාගෙන ආයෙමත් ගම රට බලා එන්න පිටත් උනේ මතු දවසක මේ වැනි යහපත් කාරියකට දායක වීමේ ආශාව සිතේ තද කරගෙන. දින දෙකක කාලයක් තුල මා සමග බොහෝ සේ හිතවත් උන පුංචි ස්වාමීන් වහන්සේලා දෙනමක් මගේ අත් දෙකේ එල්ලිලා.
ආයෙමත් කවදද අපිව බලන්න එන්නෙ ?
ඉක්මනින්ම....මම උත්තර දුන්නා.
ඉක්මනින්ම කිව්වෙ ?
හාමුදුරුවො අදට වඩා ලොකු හාමුදුරු කෙනෙක් වෙච්ච දවසට මම ආයෙමත් එන්නං.
ඔය ඇත්තමද...පුංචි ස්වාමීන් වහන්සේ හීන් හිනාවක් නැගුවා.
මෙන්න මේක අධ්‍යාපන වැඩ වලට යොදාගන්න. පුංචි මුදලක් ඒ පුංචි අත්වල තනි කලාම උන් වහන්සේලා ඒ වත්කම දෝතින්ම ග්‍රහණය කරගත්තා. සමහර විටෙක මේ සල්ලි පවුලෙ අගහිගකම් නැති කරගන්න යොදවාවි. ඔවුන්ගෙන් සමුගන්න අවස්ථාවෙදි මට එහෙම හිතුනා.
පසු සටහන
උපුල්විල රජමහා විහාරයේ ත්‍යාග ප්රදානෝත්සවය පුරාම ඒ කටයුතු මැනවින් මෙහෙයවමින් නිවේදන කටයුතු වලින් දායකත්වය දුන්නෙ බොහොම පියකරු දැරියක්. කිසිම ගුරුහරුකමක් නැතුව ජන්මයෙන් තුරුලුකරගත්ත හැකියාව මේ යැයි කියමින් ඇය ඉතාම ව්‍යක්ත ලෙස භාෂාව හැසිරුවා. ඒ වගේම පුංචි වේදිකාව පුරාම ඇවිදිමින් වෘත්තීය මට්ටමේ සන්නිවේදකයෙකුගේ හැඩතලා පෙන්වූවා. සමහර වෙලාවට තමන් ආමන්ත්‍රණය කරන වචන වල අර්ථය ඇගේ මුහුණේ හැගීම් වලින් නරඹන්නන්ට දකින්න ලැබුනා
මේ කෙල්ල නම් හරිම දක්ෂයි. කවුරු හරි මේ දේවල් හරියට කියා දුන්නොත් හොඳ තැනකට යයි. ඒත් ගමේ මල් ගමේම පරවෙලා යන්න සිද්ධ වෙන එකනං අපරාදයක්. අපි එක්ක ගිය සමහරු එහෙම කිව්වා.
කාගේත් සිත් දිනාගත් උපුල්විල පුංචි සමනලිය
දහම්පාසලේ තමන්ගෙ සහෝදර සහෝදරියන්ට තෑගි ගන්න එන්න කියලා නම් අඩගැහුවට මේ දියණියට තෑග්ගක් ගන්න එන්න කියලා කිසිවෙක් ආරාධනය කලේ නෑ.
ඔයාට තෑගි නැද්ද. මම ඇගෙන් ඇහුවා.
මට පැමිණීමට ලැබෙන තෑගි ලැබෙන්නෙ නෑ. මගෙ පැමිණීම අඩුයි මේ අවුරුද්දෙ. ඇය මයික්‍රපෝනය අතේ තද කරගෙන මන්දස්මිතියක් නැගුවා. සන්ධ්‍යා කුමාරි මහත්මිය හරහා මම දැරිවියගෙ මව්තුමිය මුණ ගැහුනා. ඇගේ කථාව බොහොම සංවේදියි.
දුවගෙ තාත්තා ලංගම බස් එලෙව්වා. ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් ඉනෙන් පහළ පණ නැතිව ගෙදර ඉන්නෙ. මම කුලී වැඩකට යන්නෙ නැති දවස් වලට එයාව බලාගන්න පුලුවන්. ඒත් මම ගෙයින් එළියට යනවා නම් මේ දුව තමයි තාත්තව බලාගන්නෙ. එදාට ඉතින් දහම්පාසල් එන්න ලැබෙන්නෙ නෑ. මගේ ලොකු දුව පේරාදෙණිය සරසවියෙ ඉගෙන ගන්නෙ. එයත් බොහොම අමාරුවෙන් එතැන අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. කුලියක් මලියක් කරලා අපිට යමක් දෙන්න කෙනෙක් නැති නිසා මට හැකි විදියට මේ දුවලගෙ ඒ අවශ්‍යතා සම්පූර්ණ කරනවා.
ඇගේ ඇස් අග කදුලක් මෝදු වෙනවා මම යන්තමින් දැක්කා. හිස් අහස විතරයි දහම් පාසලට ඉහළින් තිබුනෙ. ඉරට මුවාවෙන්නට වලාකුලකුදු නැති කාෂ්ඨක රස්නෙ යට මේ මිනිසුන්ගෙ ජීවිත මොන තරම් වියලිලා ඉරිතලා ගිහින්ද ? මම තනිව කල්පනා කලා.
තරුණ සංගමයෙ විශේෂ ඉල්ලීමක් අනුව මේ දියණියට පැමිණීමට ලබාදෙන ත්‍යාගය ලබා දුන්නා.
ඔබතුමන්ලා නැත්තං මට මේ තෑග්ග අද ලැබෙන්නෙ නෑ. ලස්සන රෝස පාට බෑගය අත ගාමින් ඇය අපිට කිව්වා.
ඔයා කැමතිද කොළඹ යන්න. නිවේදන කලාව ගැන ඉගෙන ගන්න. රූපවාහිනී නාලිකා වල වැඩසටහන් වලට සහභාගි වෙන්න.
මම නම් කැමතියි. ඇය සුදුවැලි මත මාපට ඇගිල්ලෙන් හාරමින් හොරැහින් අපි දිහා බැලුවා.
ඒත් තාත්තා බලාගන්න හිටියම කොහෙවත් යන්න විදියක් නෑ. ඇරත් කොළඹ වගේ දුරකට මාව එක්කගෙන එන්න කෙනෙකුත් නෑ.
දුවේ...ගැටලු බාධක හැමෝටම තියෙනවා. ඒවා පන්නරයක් කරගෙන හොඳට ඉගෙන ගන්න. මේ මහත්තුරු හැකි විදියට උදව් කරාවි. සන්ධ්‍යා මහත්මිය ඇගේ හිස අතගාමින් එහෙම කිව්වා.
දහසක් දුක් කම්කටොළු මැද්දෙන් හිනාවෙන්න වෙර දරන මේ මල් කැකුලට තමන්ගෙ අනාගතය ජයගන්න තවත් බොහෝ දුරක් යා යුතුයි. ඉතින් ඒ දුර අවම කරලා දෙන්න මේ ලිපිය කියවන ඔබට හැකියි. කැමති නම් උපකාර කරන්න ඔවුන්ගේ දුප්පත් දහම් පාසලට, කැමති නම් උපකාර කරන්න බාගෙට වැඩ නිමවුන බුදු පිළිමයේ කටයුතු නිම කරන්න, කැමති නම් උදව් කරන්න මේ දියණියගෙ අනාගතයට, කඳුරුවැවේ පුන්න හාමුදුරුවො අවශ්‍ය සම්බන්ධීකරණය ඔබ වෙනුවෙන් සිදුකරාවි.
කඳුරුවැවේ පුන්න හිමි - 071 611 8062
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
හොරොව්පතාන පැත්තෙන් ඔබ කොහේ හෝ සංචාරයක යනවා නම් තිරප්පන්කඩවල විහාරස්ථානයට ගොඩ වදින්න අමතක කරන්න එපා. විහාරස්ථානයට හැරෙන ස්ථානයේම සිවිල් ආරක්ෂක කඳවුරකුත් තියෙනවා. මේ පන්සලේ පුංචි හාමුදුරුවො පන්සලට අමුත්තො එනවට හරිම මනාපයි. ඒ අය බැහැදැකලා, සුදු නෙළුමින් විකසිත උන තිරප්පන් කඩවල වැවේ සිහිල විඳගෙන ඔබට ආපසු එන්නට හැකියි.
සිරා කොලුවාගේ අවිවේකය නිසා මෙම ලිපිය සිරාගේ කාමරය තුල පලවන්නේ සිතුවාට වඩා බොහෝ ප්රමාදයකිනි. ඒ පිළිබඳ මගේ කණගාටුව.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com44tag:blogger.com,1999:blog-579265960012007263.post-70031684799085605282016-08-30T22:36:00.000+05:302016-09-01T17:34:12.558+05:30පරංගියාවාඩියට තෑගි දෙන්නට ගියෙමි.
පරංගියාවාඩිය....ඔබ සමහරක් විටක කවදාවත් අහලා නැති නාමයක් වෙන්න ඇති. නමුත් මේ අපේ රටේ තවත් ග්‍රාමයක නමක්. සිරා කොලුවත් ඉස් ඉස්සෙල්ලාම මේ නම ඇහුවෙ හරියටම ගිය මාසෙ දවසක. පොසොන් බත් දන්සැල පවත්වන මාකේවිට තරුණ සංගමයෙ සභාපති තුමා තමයි පරංගියාවාඩිය ගැන මට හා පුරා කියා කියලා දුන්නෙ. අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතාන නගරයට ලඟා වෙලා අළුත් ඔය මාර්ගයේ කිලෝමීටර් 8 ක පමණ දුරක් පැමිණීමෙන් පරංගියාවාඩියට පැමිණෙන්න පුලුවන්.
පුතා...අපි පරංගියාවාඩිය කියලා දුෂ්කර ගමක දහම් පාසලකට උපකාර කරන්න ලෑස්ති වෙනවා මේ අවුරුද්දෙ දන්සැල් සමිතියෙ ප්‍රජා සත්කාරය විදියට. අපි එක්ක එකතුවෙනවද ? ඔහු ඇහුවෙ එහෙමයි. කවදත් හොඳ දේකට පෙරටම යන පුරුද්ද තවමත් මා ලග තියෙන නිසා මමත් ඒ වැඩසටහනට එකතු උනේ දෙවරක් හිතන්නෙ නැතුව.
වර්තමානයේ පරංගියාවාඩිය කියලා හැඳින්වූවාට අතීතයේ මේ ග්‍රාමය හඳුන්වලා තියෙන්නෙ උපුල්විල කියන නාමයෙන්. ගමේ ඉතිහාසය අනුරාධපුර යුගයේ රජකම් කල කූටිකණ්න තිස්ස හෙවත් මකලන්තිස්ස රජතුමාගෙ රාජ්‍ය සමය දක්වාම දිව යනවා. ලංකා ඉතිහාසයේ රජකමට පත් පළමු කාන්තාව වන අනුලා බිසව මරා දමා මේ රජතුමා රාජ්‍යත්වයට පත්වන්නේ බුද්ධ වර්ෂ 500 දී පමණ. අනුලා බිසව අතෘප්තිකර කාම පිපාසාවෙන් පෙළුණු තැනැත්තියක බවත්, තමාගේ පහසට ලොල් වූවන් රජකමට පත් කරමින්, වරින් වර ඔවුන් මරා දමමින්, රටවැසියන්ගේ ද්වේෂයට ලක් වී සිටි තැනැත්තියක් බවත් ලංකා ඉතිහාසයේ සටහන් වෙනවා. මකලන්තිස්ස රජතුමා වර්ෂ 22 ක් ඉතාම මැනවින් රට පාලනය කොට, වෙහෙර විහාර තනවමින්, වාරිමාර්ග දියුණු කිරීමට දායක වූ රජකෙනෙක්. මහවැලි ගංගාව ආශ්‍රිතව මුලින්ම වාරිමාර්ග කර්මාන්තයක් ඇරඹූ රජු ලෙසත් ඔහුගේ නම ඉතිහාස ගතවී තිබෙනවා.
මේ රජතුමා වැව් කර්මාන්තයට සුදුසු ස්ථානයක් සොයමින් සිටි කාලයේ, මේ පෙදෙසේ කඳු දෙකක් හරහා ගලන ජලයෙන් නිර්මාණය වූ මානෙල් මලින් සුසැදි මනස්කාන්ත විලක් දුටු බවත්, පසුව ඒ කඳු ද්විත්වය යා කර වේල්ලක් ඉඳිකරවා, ජනතාව පදිංචි කරවා ඔවුන් වෙනුවෙන් විහාරයක්ද තැනවූ බවත් සඳහන් වෙනවා. මේ වැව උපුල් විල වැව ලෙසත්, විහාරය උපුල් විල රජමහා විහාරය ලෙසත් වර්තමානයේද හැඳින්වෙනවා.
ඉස්සර දවසක උපුල්විල යනුවෙන් හඳුන්වපු මේ ගම්මානය වර්තමානයේ හැඳින්වෙන්නෙ පරංගියා වාඩිය යනුවෙන්. ත්‍රීකුණාමලය වරාය පැත්තෙන් රට තුලට පැමිණි පෘතුග්‍රීසි හමුදා කණ්ඩායමක් මේ ගමේ දින කීපයක් කඳවුරු බැඳ තිබීම ඒ නාමය යෙදෙන්නට ආසන්න හේතුවයි. නමුත් ගමේ වැඩිහිටියො පරංගියා වාඩිය කියන නමට එතරම් කැමැත්තක් නෑ. ඔවුන් කැමති උපුල්විල කියන නාමයට. පරංගියා වාඩියේ සිට ත්‍රිකුණාමලයට තියෙන්නෙ කිලෝමීටර් 40 කට මඳක් වැඩි දුරක්. මේ ගමට මායිම්ව සේරුනෑව, බණ්ඩාරකුඹුක් වැව ආදී ගම් පිහිටා තියෙනවා. මේ ගම්මාන ත්‍රස්තවාදී තර්ජන පැවති සමයේ එයින් දැඩිලෙස බැට කෑ ගම්මාන බවත් කිව යුතුයි. පරංගියාවාඩියෙ ඉතිහාසය ඔන්න ඔහොමයි.
සෑහෙන අතීතයක ඉඳන් නොයෙක් අපහසුතා මැද පවත්වාගෙන එන උපුල්විල රජමහා විහාරයේ දහම් පාසලේ දරුවන්ට අපිට හැකි විදියට යමක් කරමු කියලා මුලින්ම යෝජනා කලේ දන්සැල් කමිටුවෙ ප්‍රධාන අනුශාසක තෝරපිටියේ ආනන්ද නායක හිමියන් විසින්. අවශේෂ සාමාජිකයන්ගේ ශ්‍රම සහ ආර්ථික දායකත්වයන් මතින් ඒ සිතුවිල්ල යථාර්තයක් කරගන්න අවසානයේදි උන්වහන්සේට හැකි උනා. දන්සැල් සමිතියේ සභාපති වරයා සංවිධායකයින්, වගේම සාමාජික සාමාජිකාවනුත් මේ උතුම් කර්තව්‍ය වෙනුවෙන් දිවා රෑ වෙහෙසුන වගත් කිව යුතුමයි.
දරුවන් 150 දෙනෙකු වෙනුවෙන් සූදානම් කල තෑගි භෝග අතරට අධ්‍යාපන උපකරණ, අභ්‍යාස පොත්, අතිරේක කියවීම් පොත්, වගේම, දහම් පාසල් පැමිණීම සඳහා අවශ්‍ය ඇඳුම් සකසා ගැනීමට උවමනා කරන සුදු රෙදි පවා ඇතුලත් උනා. මේ සියල්ලම අගනා පාසල් බෑගයක බහා අපි ඔවුනට ලබා දුන්නේ DSI ආයතනයෙන් පාවහන් ලබාගැනීමට හැකි තෑගි වවුචරයක්ද සමගින්. එම ආයතනය අප වෙත විශාල වට්ටමක් ලබා දුන්නේ මේ සත්කාර්යය ඔවුනුත් එක හිතින් අනුමත කල නිසාම විය යුතුයි.
පසුගිය සෙනසුරාදා හිමිදිරියේම මේ සියලු දෑ රැගත් අපේ බස් රථය අනුරාධපුරයට ලඟා වෙලා අටමස්ථාන වන්දනාවෙන් පස්සෙ එදින රාත්තිරියෙ අපේ නවාතැන වෙච්ච තිරප්පන්කඩවල රජමහා විහාරයට ලගා උනේ ඇඳිරි වැටෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දි.
අටමස්ථාන වන්දනාව අතරතුර අභය ගිරියේදී සිරා කොලුවාට කෝපිකඩේ සිරා මුලිච්චි වීම.
ඔහුත් අසදෘෂ පිංකමකට දායක වී සිටියා.
මේ විහාරයේ නායක හිමි, අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී අලුවිහාරේ විමලරතන නා හිමියන් අප එහි යන විට වැඩ සිටියේ නෑ. නමුත් උන් වහන්සේගේ ගෝලබාලයන් වන කුඩා හිමිවරුන් රැසක් අප පිළිගන්න පෙරමගට පැමිණියා. කසාවතින් සැරසුන මේ කුඩා හිමිවරුන්ගේ දසුන අප කාටත් සංවේදී දසුනක් උනා. ගනනින් 30 කට ආසන්න හිමිවරුන් පිරිසක් තිරප්පන්කඩවල රජමහා විහාරයේ වැඩ වසනවා.
පන්සලේ වැඩ සිටින කුඩා හිමිවරුන්ගේ නාන තොටුපල
දන්සැල් කමිටුවේ අනුශාසක හිමියන් මාස ගනනාවකට කලියෙන් තිරප්පන් කඩවල රජ මහා විහාරයේ විහාරාධිපති විමලරතන හිමියන්ගෙන්, තමන්ට ආධාර කිරීමට දහම් පාසලක් සොයාදෙන ලෙස ඉල්ලීම් කොට තිබුනා. ආර්ථික තත්වයෙන් උපුල් විලට වඩා යහපත් තැනක තිබෙන තම දහම් පාසලට මේ ආධාර ලබාගැනීමට උත්සුක නොවූ සැබෑ යථිවරයානන් කෙනෙකු වන විමලරතන හිමියන් ඒ ආධාර උපුල්විල විහාරස්ථානයේ දහම් පාසල වෙත ලබාදීමට උවමනා සම්බන්ධීකරණය සිදු කලා.
හිමිදිරියේම නිවෙස්වලින් පිටත්ව සිටි ආධාර නඩේ සියල්ලන්ටම හොඳටම මහන්සියි. ඒ නිසා හැකි ඉක්මනින් ඇගපත හෝදගෙන මඳක් ගිමන් නිවාගන්න අපි හැමෝටම උවමනා උනා. මේ අවස්ථාවේ අපගේ සහායට පැමිණි කුඩා හිමිවරුන් විහාරයට ආසන්නයේ පිහිටා තිබෙන තිරප්පන්කඩවල වැව වෙත අප රැගෙන ගියේ අඳුර වැටෙන්නට මොහොතකට කලියෙන්. අපගේ ආගමනය මේ හිමිවරුන් වඩ වඩාත් සතුටට පත් කොට තිබුනා. ඉතාම කුඩා වයසේ කෙළිදෙලෙන් පසුවන මේ හිමිවරුන් වෙත අපේ නඩයේ සිටි මව්වරුන්ගේ අවධානය වැඩි වැඩියෙන් ලැබුනේ මව්කමේ අසිරිය නිසාම වෙන්න ඇති.
තිරප්පන්කඩවල වැවේ වැව් කණ්ඩිය මතට පැමිණි වහාම අපිට දක්නට ලැබුනෙ ඉතාම මනස්කාන්ත දර්ශනයක්. සුදු නෙළුම් මුළු වැවම ආක්‍රමණය කරලා. සිහින් සුළගට නෙළුම් පත්, නෙළුම් පොහොට්ටු වගේම පිබිදිලා ඉන්න සුදු නෙළුම් මල් නැළවුනෙත් අපිව පිළිගන්න වාගෙයි.
අඳුරට මුසුවෙන තිරප්පන්කඩවල වැව
පුංචි හාමුදුරුවරු අපට ඇති තරම් දිය කෙළියට ඉඩ දී වැව් කණ්ඩිය ආසන්නයේ රැදුනා.
හාමුදුරුවනේ...මේ වැවේ කිඹුල්ලු නැද්ද ? අපේ කණ්ඩායමේ කෙනෙකු ගැටලුවක් නැගුවා.
මොකද නැත්තෙ 4 දෙනෙක් ඉන්නවා.
එතකොට මේ වැවේ නාන්නෙ කොහොමද භය නැතුව.
පේනවනෙ වටේටම තියෙන නෙළුම් පදුරු ගොඩ...කිඹුලට යටින් එන්න අමාරුයි ඔය පඳුරු නිසා. ඒත් උන් සමහර වෙලාවට නාන හරියටම එනවා. උන් එහෙ මෙහෙ යද්දි නෙළුම් කොල හයියෙන් හෙළවෙන නිසා අඳුනගන්න ලේසියි. හැබැයි කවදාවත් ගමේ කෙනෙකුට උන් හානියක් කරලා නෑ.
ගිමන් නිවිලා, අපේ විඩාව සන්සිදුවාගෙන දිය කෙළිය අහවර වෙද්දි අවට පරිසරය කෑලි කපන තරමට කලුවර වෙලා තිබුනා. බැහැරක වැඩම කරලා හිටිය ලොකු හාමුදුරුවො ඒ අල්ල පනල්ලෙ විහාරයට නැවත වැඩම කරලා තිබුනා. උන් වහන්සේ විසින් ඉතාම ලෙංගතුව අපි සියල්ලන්ම පිළිගත්තා.
පිරිසක් රාත්‍රී ආහාරය සකස් කරද්දි තවත් පිරිසක් නායක හිමියන් සමග ආගමික කටයුතු වලට දායක උනා. හෙට උදේම මේ පන්සලේ සංඝයා වහන්සේලාට දානෙ පිළියෙල කරලා උදේ 9.30 වෙද්දි උපුල්විලට යන්න ඕනෙ. දන්සැල් කමිටුවේ සභාපති තුමා කාට කාටත් ඇහෙන්න හෙට දින වැඩසටහන ගැන දැනුවත් කලා.
පුංචි හිමිවරුන් විශාල ප්‍රමාණයක් වැඩ වසන නිසා ඒ අය භුක්ති විඳින්නට කැමති ආහාර පානත් උදෑසන දාන වේලට ඇතුලත් කරන්න සංවිධායකයින් වේලාසනම තීරණය කර තිබුනා. ඒ අනුව වඩේ, සැන්ඩ්විචස්, රෝල්ස්, මැකරෝනි, ආප්ප, පැටිස් වැනි දෑ උන්වහන්සේලා වෙනුවෙන් පසුදා හිමිදිරියේ පටන්ම සකස් කිරීම ආරම්භ උනා.
උදෑසන 6 කණිසම වෙද්දි නින්දෙන් පිබිදුන පුංචි ස්වාමීන් වහන්සේලා දානය සකස් කරන ස්ථානය වටා රැස් උනා. සමහර කෙනෙකුට ආප්ප උයන්න උවමනා උනා. තවත් කෙනෙක්ට ආප්ප හැන්දෙන් ගලවන්න උවමනා උනා. කෙළිදෙලෙන් ගත කරන වයසෙදිම කසා වතක් පොරවගන්න උනේ ගිහි ගේ ගැන කළකිරීම නිසාම නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසාම ඒ කෙළිකවට වලට අපේ වැඩිහිටියොත් ඉඩ දුන්නා.
ඊළග පෝයට මමත් හාමුදුරු කෙනෙක්
ආප්ප ගලවන්නෙ මෙහෙමයි මාමෙ.
දානය සූදානම් වෙන අතරතුර ඒ පිළිබඳ සොයා බලමින් අපේ කණ්ඩායමට සහාය උනේ විහාරාධිපති හිමියන්ට පස්සෙ පන්සලේ කටයුතු සොයාබලන කඳුරුවැවේ පුන්න හාමුදුරුවො. ඉතාම තරුණ වයසේ සිටින උන් වහන්සේ ඉතාම නිවුන ස්වරයෙන් තමන්ගේ පැවිදි ජීවිතය, තිරප්පන්කඩවල ජන ජීවිතය, යුද්ධය පැවති සමයේ විඳි දුක් ගැහැට, දින ගනන් කැළෑවේ රැය පහන් කල අයුරු අප සමග කථා බහ කලා. මගේ ගුරු හාමුදුරුවොම තමයි පන්සලේ ලොකු හාමුදුරුවොත්, උන් වහන්සෙ තාත්තා කෙනෙක් වගේ මේ හැම පොඩි හාමුදුරු කෙනෙක්ම බොහොම වගකීමෙන් ආදරයෙන් රැකබලා ගන්නවා. තමන්ට පුංචි දෙයක්, කෑමක් බීමක් ලැබුනත් හැමෝටම සම සේ බෙදා දීලා තමයි උන් වහන්සේ වළඳන්නෙ. මගේ මහණ ජීවිතයෙ මම දැක්ක උතුම්ම ගතිගුණ තියෙන හාමුදුරුවො තමයි මගේ ගුරු හාමුදුරුවො. පුන්න හාමුදුරුවො හැගීම්බරව කිව්වා.
අද දවසෙ අපි ආධාර ලබා දෙන්නට සුදානම් වෙන උපුල්විල විහාරයේ දහම්පාසලේ කටයුතු කැපවීමෙන් කරගෙන යන්නට දැනුම් තේරුම් තියෙන තරුණ හිමි නමක් ඒ පන්සලේ වැඩ වසන්නේ නැති නිසාම ඒ වගකීම් පුන්න හිමියන් වෙත පවරා තිබුනෙ තමන්ගෙ ගුරු හාමුදුරුවො වන අළුවිහාරේ විමලරතන හිමියන්ගෙ කැමැත්ත අනුවයි.
පුන්න පන්සලේ නැති උනාම මටත් ගොඩාක් පාඩුයි. මේ පුංචි හාමුදුරුවරු වගේම පන්සලේ කටයුතුත් බලාන ඉන්නෙ උන් වහන්සෙ. එහෙම කියලා උපුල්විල දහම් පාසලේ දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු මග නවතින්න දෙන්න බෑ. පුන්න හිමියො එතනට සම්බන්ධ වෙලා තවම මාස 5යි. ඒ මාස 5 ට ලොකු දියුණුවක් එතැන ඇති වෙලා තියෙනවා. විමලරතන හිමියන්ගෙ අදහස් එහෙමයි.
උදෑසන 8 කණිසම වදිනකොට අපේ දානය සැකසිලා අහවරයි. මේ දාන වේලෙ තියෙන විවිධත්වය වගේම රසවත් ආහාර පාන දුටු ඊලග පොහෝ දින මහණ වෙන්නට නියමිතව ඉන්න පුංචි දරුවෙක්, අද නම් බඩ පැලෙන්නම කනවා යනුවෙන් පැවසුවාම එය හාස්‍යයට කාරණයක් ලෙස අපට දැනුනෙ නෑ. නිතර අනුභව කරන්න නොලැබෙන කෑම ජාති දැක්කම බඩ පැලෙනකං ඒවා කන්න කාටද නොහිතෙන්නෙ. දානයට පෙර බුද්ධ පූජාව පැවැත්වුනේ දන්සැල් කමිටුවේ අනුශාසක තෝරපිටියේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්.
බුද්ධ පූජාව පවත්වන නායක හිමිවරුන් දෙදෙනා.
ලොකු හාමුදුරුවො නැති තැන විවිධ දඟ වැඩ කරන පුංචි හාමුදුරුවරු බොහොම සන්සුන්ව විහාරාධිපති හිමියන් පිටිපස්සෙ දාන ශාලාවට වැඩියා. ජේෂ්ඨත්වය අනුව පිළිවෙලට උන් වහන්සේලා දැන් අසුන් අරගෙන. ඒ අතර පුංචි අයියා මලෝ දෙන්නෙකුත් වැඩ හිටියා.
විහාරාධිපති අළුවිහාරේ විමලරතන හිමි සහ දන්සැල් කමිටුවේ අනුශාසක තෝරපිටියේ ආනන්ද හිමි
පුංචි හිමිවරුන් වෙනුවෙන්ම සැකසූ ආහාර පාන වලට ඒ අය බොහෝ රුචි උනා. ඒවා මේ පරිසරයෙදි නිතර දෙවේලෙ දකින්න නැති වීම ඊට හේතුව වෙන්න ඇති. අපිත් එක්ක කථා බහෙන් පස්සෙ උපුල්විල පන්සලේ උත්සවයේ සූදානම බලන්න බැහැරට වැඩිය පුන්න හාමුදුරුවො දානය අතර තුර එතනට ආයෙමත් වැඩියා.
කඳුරුවැවේ පුන්න හිමියන්
අයියා මලෝ දෙදෙනා එක ලගින්ම අසුන් අරගෙන.
දානයෙන් පස්සෙ අතුරු පස විදියට විවිධ පළතුරු වර්ග සූදානම් කර තිබුනා. පුංචි හාමුදුරුවරුන් වළදන්න ආස කරන රඹුටන් විශේෂයෙන්ම එකතු කොට තිබුනා. අප රැගෙන ගිය විශාල රඹුටන් තොගයම ඒ හිමිවරුන් අතර බෙදා දුන්නා.
දානවේලෙන් පස්සෙ අපේ නඩේ උදෑසන ආහාරය නිම කොට නැවතත් බස් රථයට නැගුනෙ උපුල්විල පන්සලට යාමේ අරමුණින්. අළුවිහාරේ විමලරතන හිමියනුත් අපිත් එක්කම බස් රථයට නැගුනා. බස් රථය තැනින් තැන තාර ගැලවුන හුදෙකලා මාර්ගයක ඉදිරියට ඇදෙනවා. වටේටම තියෙන්නෙ එක දිගට පැතිරුණු කුඹුරු යාය. සමහර තැන් වල කුඹුරට යාබදව පවතින ගස් මත ඉඳිවුන පැල්කොටයක් දෙකක් දකින්න පුලුවන්. වල් අලින්ගෙන් වගාව බේරගන්න ඔය පැල්කොට අටවලා තියෙන්නෙ මහත්තයො. තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.
මාර්ගයට පෙනෙන තිරප්පන්කඩවල ගම්මානයේ සුන්දරත්වය
ලිපියේ දීර්ඝ බව වැඩ රාජකාරි අස්සෙන් බ්ලොග් කියවන්නට එන යන අයට බාධාවක් නිසා, ඉතිරිය ඊලග කොටසින් කියවමු.
මම කාමරේ අරින සිරා කොලුවා.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com58tag:blogger.com,1999:blog-579265960012007263.post-3769708604213087882016-08-17T23:21:00.000+05:302016-08-17T23:21:23.563+05:30සාජන් සිල්වා
මොකද අයිසෙ නුපුරුදු මිනිහෙක් වගේ බලාන ඉන්නෙ ඔය පුටුව අරගෙන වාඩිවෙනවා. පොලිස් ස්ථානාධිපති තැන උපැස් යුවලට යටින් තමා දෙස බොහෝ වෙලාවක් බලා ඉන්නට ඇතැයි යන උපකල්පනයෙන් සාජන් සිල්වා අසල පුටුවකට හනි හනික බර වූයේ දෙගිඩියාවෙන් ගැහෙන හදවත වාරුකරගනිමිනි.
තමාට විරුද්ධව තියෙන විනය පරීක්ෂණයෙන් තමා නිවැරදි කරු කියලා ඔප්පු උනොත් ආයෙ රස්සාවට එන්න පුලුවන්. එතකං තාවකාලිකව වැඩ තහනම් කොරන්න කියලයි පොලිස් අධිකාරී තුමා නිර්දේශ කරලා තියෙන්නෙ.
මම මිනිහට පැනලා යන්න උදව් කලේ නෑ සර්...සාජන් සිල්වාගේ දෑස් දිලිසෙන්නේ අපේක්ෂා භංගත්වයේ ගිණි පුපුරු වල එළිය පතිත වූවාක් මෙනි.
හරි අයිසෙ...මමත් හිතන්නෙ නෑ උදව් කලා කියලා...ඒත් නීතිය කාටත් එකයි. දැන් ඉතින් ගෙදර යනවා. පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව අපි බලමුකො ඉස්සරහට වෙන දේ. මගේ රාජකාරිය මම කරන්නෙ. පොලිස් ස්ථානාධිපති තැන ඔහුගේ මේසය මත තිබූ යතුරුලියනය කරන ලද ලිපියකට තදියමේම අත්සනක් තබා නිල් පැහැති බෝල් පොයින්ට් පෑන මේසයේ කෙලවරට වන්නට විසි කලේය.
පොලිස් ස්ථානයේ කොරිඩෝවට පැමිණි සාජන් සිල්වාට ඔහුගේ දෙනෙත් බොද වී ඇති සෙයක් දැනෙයි. පොලිස් නිළ ඇඳුමෙන් සැරසුන විට වෙනදා දැනෙන අාඩම්බරය වෙනුවට මහත් අපහසුතාවක් සමග ලැජ්ජාවක් ඔහුගේ චිත්ත සන්තානයම පීඩාවට පත් කරයි.
තවත් මොහොතකට පසු නිළ ඇඳුමෙන් මිදී සාජන් සිල්වා පොලිස් ස්ථානයට යාබද කුඩා තේපැන් සල වෙත ඇදුනේ වෙනදා පුරුද්දට මිස තේ පානය කිරීමේ අවශ්‍යතාවයකින් නොවේ. අදින් පසු එළඹෙන හෙට දවස ජීවත් වෙන්නේ කෙසේදැයි ඔහුගේ සිත නොයෙක් වර ඔහුගෙන් විමසයි. වැඩ තහනම් කිරීමෙන් පසු රැකියාවක් නොකරන බිරින්දෑ සමග ගෙවන ජීවිතය දුෂ්කර එකක් වන්නට පුලුවන. සාජන් මහත්තයා යනුවෙන් ගම්මුන්ගේ ගෞරවයට පාත්‍ර වූ දවස් දැන් අතීතයට අයත් වූ එවා පමණකැයි ඔහුගේ සිත දෙස් දෙයි.
තේ පැන් හලේදී තමා පසුකර යන අය තමා දෙස බලමින් සිනා සෙන අයුරක් ඔහුට දැනෙයි. ඒ අතරතුර අතීතයේ දවස් අතර මතකයෙන් සැරසරමින් හුන් ඔහුගේ දැහැන බිදුනේ මේ ස්ථානයේ වේටරයෙකු වූ බන්දුවා ගේ ආගමනය නිසාවෙනි.
සාජන් මහත්තයා අද වේලාසනම ඩියුටි ඕෆ් ද ? මම මේ හුග කාලෙකින් මේ වෙලාවට සාජන් මහත්තයා ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්නවා දැක්කෙ.
එදා මෙදාතුර පොලිසියේ රාජකාරි කල කාලය තුල මේ තේ පැන් සලේ තමාට වඩාත්ම හිතවත් තැනැත්තා බන්දුවා බව සාජන් සිල්වා දනියි. කට නොකැඩුන, තේ මණ්ඩි ඉවත්ව යන ලෙස හොඳින් පිරිසිදු කල කෝප්පයකම සැමදා තේ පිළිගැන්වූ ඒ හිතවත්කම, භය පක්ෂපාතී කම තවත් දින කීපයකින් අවසන් වනු ඇත.
සාජන් මහත්තයා තේකක් බොනවද ?
අද තේ එපා බන්දුවො..මම වෙනදා පුරුද්දට ගෙදර යන ගමන් කඩේට ගොඩ වැදුනෙ. තව ටිකකින් ගෙදර ගිහින්ම තේ එකක් බොන්න බැරියැ.
නෑ නෑ එහෙම කියන්න එපා...අපේ කඩේ මහත්තයට අඩුවට හොඳ තේ කොළ වගයක් ලැබිලා..අද ගෙනාපු වණ්ඩු ආප්ප වගේකුත් තියෙනවා.
බන්දුවා ආනාරාධිතවම දුම් දමන තේ කෝප්පයක් සමග වණ්ඩු ආප්පයක්ද මේසය මත තබා රෙදි කඩකින් මේසය මනාව පිස දැමුවේය.
තේ කෝප්පය අතට ගෙන තොල ගාන්නට රුචියක් නොවූ සාජන් සිල්වා, තේ කෝප්පය තුලින් පෙනෙන තමාගේ ප්‍රතිභිම්බය දෙස මඳ වේලාවක් බලා උන්නේය. එයින් පසු ගත වූ විනාඩි කීපයකදී තේ කෝප්පය අවසන් කොට වණ්ඩු ආප්පය මේසය මත තනිකොට තේ පැන් සලෙන් පිටතට පැමිණි හෙතෙම නිවස බලා පිටත් වූවේය.
වෙනදා නිවසේ ගේට්ටුව සමීපයට පැමිණෙන විට ඔහුගේ සිතට දැනෙන ප්රහර්ශය අද නැත. වරදක් කොට කට්ටි පනිමින් සිටින ඇට්ටර කොල්ලෙකු මෙන් ඔහු හොර ගල් අහුලමින් ගේට්ටුවේ ඉහළින් වූ යකඩ කොක්ක පන්නන හඬට වෙනදා මෙන්ම ඔහුගේ ප්‍රිය බිරිඳ දේවිකා එහි දිව ආවාය.
අද මොකද මේ වේලාසනම ? ඇය මදක් වික්ෂිප්තව ඔහු දෙස බලා සිටියාය.
යමු ඇතුලට...මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. සාජන් සිල්වා වට පිට පරීක්ෂාවෙන් බලා ගේට්ටුව වසා දැමුවේය. මැදි වයස පසු වී විවාහ ජීවිතයට එළඹුන මේ යුවලට තවමත් දරු සම්පතක් ලැබී නැත. විවාහ වී වසර දෙකකට මඳක් වැඩි කාලයක් ගත වී ඇති නිසාම මෑතක සිට ඒ පිළිබඳ තැවෙමින් සිටි සාජන් සිල්වාට රැකියා තහනම අලුත් කම්පනයක් ඇති කොට තිබේ.
රාත්‍රී සේවා මුර අවස්ථාවකදී ඔහුගේ බාරයේ සිටි රිමාන්ඩ් සැකකරුවකු පලා යාමත්, හෙතෙම පොලිසියේ ඇස් වලට වැලි ගසමින් කාලයක් සැගවී සිට අපහසුවෙන් නීතියේ රැහැනට හසුකරගත්, නගරයම මුලා කල දැවැන්ත වංචාවක සැකකරුවකු වීමත් සාජන් සිල්වාට අවාසි සහගත තත්වයක් නිර්මාණය කොට තිබේ.
අද ඉදන් මගෙ වැඩ තහනම් කලා...සාලයේ වූ කුෂන් පුටුවක හිඳගත් වහාම සාජන් සිල්වා දේවිකා දෙස බලා තෙපළුවේය.
මොකක් ? විශ්මයෙන් මුව අයාගත් ඇය එක එල්ලේම ඔහු දෙස බලා සිටියේ මුල් වරට දුටු ආගන්තුක රුවක් දෙස බලා සිටිනා පරිද්දෙනි.
හරි වැඩක්නෙ උනේ ? මිනිහව ආයෙ දැක්කොත් ඔයාට අඳුනගන්න පුලුවන්ද ?
අපොයි ඔව්...මිනිහගෙ ඇස් දෙක මට හොදට මතකයි. පරීක්ෂණ ඉවර වෙලා මම නිවැරදි කාරයා කියලා ඔප්පු උනොත් මට ආයෙමත් රස්සාව ලැබෙයි හිඟ පඩි සල්ලිත් එක්ක. ඒවට ඉතිං ගත වෙන කාලයක් ගැන හරියටම කියන්න බෑ. ඒ අතරතුර කාලෙ අර කාලකන්නියව ආයෙමත් අල්ලගන්න පුලුවන් උනොත් මට කියන්න පුලුවන් කට ඇරලා මම නිවැරදි කාරයා කියලා.
ඊළග මාසෙ ඉඳන් අපි කොහොමද ජීවත් වෙන්නෙ ? අලුතින් ගත්ත ෆ්‍රිජ් එකට තවම වාරික හතරයි ගෙව්වෙ.
ප්‍රශ්න ප්‍රශ්න...හැම තැනම ප්‍රශ්න...ඉහළට ගත් හුස්ම මහත් ආයාසයකින් පහළ දැමූ සාජන් සිල්වා ඇඳුම් උනා දමා නාන කාමරයට වැදුනේය. වතුර මල යටදී ඔහුට වෙනදා දැනෙන සිසිලස අද අහලකවත් නැත.
රාත්‍රී ආහාරයෙන් පසු නිදන ගවුමකින් සැරසුන දේවිකා තම සැමියා අසලින් හිඳගෙන ඔහුගේ උරහිසට වාරු වූවාය.
අපි පුලුවන් විදියකට ජීවතේ ගැටගහ ගමු. ඔයාට බැරි උනොත් මම හරි රස්සාවකට යන්නං. කරදර කාටද නැත්තෙ. මේ අපේ අපල කාලයක් වෙන්න ඇති.
ඇයගේ වදන් සාජන් සිල්වාට තරමක හෝ අස් වැසිල්ලකි. මුඩු වී කතරක්ව ගිය භූමියකට වැටෙන වැහි පොදක් වැන්නේය. ඔහු මහත් වූ ස්නේහයකින් ඇගේ හිස සිප ගත්තේය. මෙවන් බිරිඳක් පමා වී හෝ ජීවිතයට එකතු වීම කෙතරම් වාසනාවක්දැයි ඔහු එකනෙහිම කල්පනා කළේය.
මම අයියට හෙට කථා කරන්නං. එයා වැඩ කරන තොග බඩු බෙදන ඒජන්සියෙ ලොරියක බිල් ලියන වැඩක් හරි ඉල්ලගන්න බැරි වෙන එකක් නෑ. අපි අමාරුවෙන් හරි නැගිටිමු. ඈත පළාතකට යන ලොරියක රස්සාව කලොත් ඔයා දන්න අඳුනන අය මුලිච්චි වෙන්නෙත් නෑනෙ. ඔහුගේ හදවත ගැහෙනා රිද්මය ඇයට වෙනදාට වැඩියෙන් එදා දැනෙන්නට ඇත. බලාපොරාත්තු හීන වී පරාජිත මානසිකත්වයෙන් සිටි ඔහුට දැන් බලාපොරොත්තුවක් තිබේ.
දේවිකාගේ එකම සහෝදරයා ප්‍රසිද්ධ සමාගමක නිෂ්පාදන ප්රාදේශීයව බෙදා හරින මධ්‍යස්ථානයක සේවය කල කෙනෙකි. වැඩ තහනමෙන් සති දෙකකට පමණ පසු ඔහුගේ මැදිහත්වීම මත නගරයෙන් එපිට පළාත් වලට භාණ්ඩ බෙදාහරින ලොරි රථයක මුදල් භාරකරුගේ රාජකාරිය ලබා ගන්නට සාජන් සිල්වාට හැකි වූවේය. වෙළඳ සැල් වෙත බිල් පත් නිකුත් කිරීමත්. මුදල් හා ලැබෙන චෙක්පත් සුරැකිව රැගෙන ඒමත් ඔහුගේ වගකීම් වලට අයත් වූවේය.
කාලය වෙනදා මෙන්ම නිසොල්මනේ ගලාන යයි. වැඩ තහනම පිළිබඳ තවමත් හාවක් හූවක් නැත. පොලිසිය හෝ නගරය දෙසට මේ අතර තුර කාලයේ අත්‍යවශ්‍යම දෙයකට මිස නිකරුනේ නොයන්නට පුරුදු වූ සාජන් සිල්වාගේ සැප දුක බලන්නට ඔහුගේ අතිජාත පොලිස් මිත්තරයන් නම් අමතක කළේ නැත. එහෙත් එදිනෙදා වැඩ රාජකාරි අස්සේ කල්යත්ම ඔවුන්ගේ ආගමනයත් මඳින් මඳ හීන වී ගියේය. කලාතුරකින් දවසක මහා මාර්ගයේ සේවයේ නිරත වෙන ට්‍රැෆික් රාළහාමිලා නම් තවමත් පෙර පරිදි අල්ලාප සල්ලාපයේ යෙදෙති.
එක් වෙහෙසකර සති අන්තයක රාජකාරිය අවසන් කොට පැමිණි සාජන් සිල්වා රූපවාහිනිය නරඹමින් විවේකීව උන්නේය. ඔහු අසලින් හිඳගත් දේවිකා ඔහුගේ අතක් සෙමෙන් පිරිමදිමින් සිටියාය. ඇය මෙලෙස හැසිරෙන්නේ ඇයට විශේෂ යමක් කියන්නට ඇති විටෙක බව ඔහු අත්දැකීමෙන් දනියි.
මොකද දේවිකා හොරගල් අහුලන්නෙ.
ඇය සිනහවකින් ඔහුට සංග්‍රහ කර දීර්ඝ කථාවකට මුල පිරුවාය.
අල්ලපු ගෙදර නැන්දා කිව්වා මහනුවර පැත්තෙ තැනක තියෙන දේවාලෙක දරුවො නැති අයට බාර හාර වෙලා එක එක වත්පිළිවෙත් කරනවලු. එතනට ගිය ගොඩාක් දෙනාට දැන් ප්‍රතිඵල ලැබිලලු. අපි දෙන්නටත් වෙලාවක යන්නලු. ඔයාට නිවාඩු තියෙන වෙලාවක අපිත් යමුද ?
ඔයා ඕවා විශ්වාස කරනවද හැබෑටම ? දොස්තරලට කරන්න බැරි වැඩ හොර දේවාල කාරයන්ට කරන්න පුලුවන්ද ? සාජන් සිල්වා ඇය දෙස බලා මහ හඬින් සිනහා වූවේය.
ඔයාට ඉතින් හැමදේම සැකයි. පොලිසියේ වැඩ කරපු හින්දද මන්දා. පණ්ඩිතයා නොවී යමුකො අනේ. ගියා කියලා අපිට අවාසියක් වෙන්නෙ නෑනෙ. කවුද දන්නෙ මේ ආරංචිය අපිට ලැබුනෙ අපේ වාසනාවකටද කියලා.
ඇගේ පෙරැත්තය නිසාම ඊළග සති අන්තයේ එහි යන්නට සාජන් සිල්වා තීරණය කළේය. දරුවකු කෙරෙහි දේවිකා දක්වන නොනිත් ආශාවේ තරම ඔහු හොඳින් දනියි. ඒ නිසාම ඇගේ යොජනාව ප්‍රතික්ෂේප කරන්නට තරම් ශක්තියක් ඔහුට නැත.
මහනුවර බලා යන දිනයේ උදෑසනම වෙනදා නැති උද්යෝගයකින් දේවිකා හැඩ වැඩ වෙන අන්දම සාජන් සිල්වා බලා සිටියේය. සුදු පැහැති දිගු සායකින් සහ එයටම ගැලපෙන සුදු පැහැති බ්ලවුසයකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතන ලද දේවිකා වෙනදාට වඩා සුන්දර යැයි ඔහුට සිතුනි.
මොකද අද අමුතු විදියට බලා ඉන්නෙ. ඇය හුරතල් වෙමින් ඔහුගෙන් විමසුවාය.
අද වෙනදාට වඩා ලස්සනයි....ඒකයි බලාන උන්නෙ.
ආ ඇත්තද...අද ගමන ගිහින් ඇවිත් දරුවෙක් එහෙම ලැබුනම අපේ ගෙදරම ලස්සන වෙයි. ඇයගේ අහිංසක ප්‍රාර්ථනය සාජන් සිල්වාගේ සිත යම් තරමකට සංවේදී කළේය.
මහනුවර දක්වා බස්රථයකින් පැමිණ, එතැන් සිට තුන් රෝද රථයක පිහිටෙන් නගරයෙන් හුදකලාව පිහිටා තිබූ දේවාල භූමියට ඔවුන් පැමිණෙන විට හිරු මුදුන් වී තිබුනි. උදෑසන සිට එහි පැමිණි තරමක ජනතාවක් දේවාල භූමියේ ඔබ මොබ ඇවිදිමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිති.
පේනවනෙ ඉන්න සෙනග. ඔයා මේවා බොරු කියලා ගත්කටටම කිව්වට හැමෝම එහෙම නෑ. මෙතනින් ප්‍රයෝජනයක් නැතිනම් මෙහෙම සෙනග එන්නෙ නෑනෙ. දේවිකා රහසින් මෙන් ඔහුට පැවසුවාය.
දැන් අවුරුද්දකට කිට්ටු ඇති මේ දේවාලෙ පටන් අරගෙන. කපු මහත්තයට මළ ගිය ඥාතියෙකුගෙ දිෂ්ඨියක් ලැබිලලු තෝත්තර කරන්නෙ. සමහර අයට බේත් ජාති ගැනත් කියනවලු. අපේ ගෙවල් ලග ජෝඩුවක් තමයි මටත් කිව්වෙ. ලෙඩ රෝග වලට වගේම දරුවො නැති අයටත් එක වගේම පිහිට වෙනවලු.
තමාගේම වයසේ යැයි කිව හැකි පුරුෂයන් දෙදෙනෙක් තරමක් ඈතින් උස් හඩින් පවසන ඇතැම් දේ සාජන් සිල්වාගේ සවනට වැටෙයි.
පැමිණි පිළිවෙලට හිඳගන්නට දේවාල භූමියේ ඉඳිකොට තිබූ කුඩා ශාලාවක ඉඩ පහසුකම් සලසා තිබුනි. හෝරා කීපයක් ගත වෙද්දී උදෑසනම එහි පැමිණි අයගේ වාරය අවසන් වී දේවිකාගේ අවස්ථාව එළැඹිනි. ඒ අවස්ථාවේ එහි පැමිණි දේවාලයේ අත වැසියෙක් කාරණය විමසා දෙදෙනාටම දේවාලය තුලට පිවිසෙන ලෙස උපදෙස් දුන්නේය.
ඔවුන් එහි පිවිසෙන විට විශාල දේවරූපයක් දෙසට හැරී සිටි දේවාලයේ කපු මහතා මහා හඬින් යාතිකා කරමින් සිටියේය. අනතුරුව ගැත්තන් දෙස නොබලාම හෙතෙම ඔවුනට බිම හිඳගන්නා ලෙස අතින් සංඥා කළේය.
පූජා වට්ටියට පඬුරු තියලා භක්තිමත් හිතෙන් වැඳ ගන්නවා හොඳයි.
උස්හඬින් ගැයුන දේව යාතිකා අතර ගත වූ විනාඩි ගනනාවකට පසු පළමු වතාවට දේවාලයේ ප්‍රධාන කපු මහතා දරුවන් පතා පැමිණි මේ යුවල දෙසට හැරුනේය. එකනෙහිම භූමිතෙල් වැදුන ගැරඩියෙකු සේ එතනින් පලා යන්නට ඔහු සැරසුනත් ඔහුට වඩා වේගයෙන් සාජන් සිල්වා ක්‍රියාත්මක වූවේය.
තෝව තමා යකෝ මම මෙච්චර කල් හෙව්වෙ....
සිදු වූ කිසිදෙයක් වටහාගත නොහී දේවිකා භයෙන් භීරාන්තව තම සැමියාගේ මුහුණ දෙස බැලුවාය.
මම කාමරේ අරින සිරා කොලුවා.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com47tag:blogger.com,1999:blog-579265960012007263.post-14032098884878759162016-07-24T19:53:00.001+05:302016-07-24T21:28:43.480+05:30බණ්ඩාර (2 කොටස)
මොකද මෙතන කරන්නෙ. මම සෑහෙන වෙලාවක ඉදන් බලාන හිටියෙ. ආගන්තුක කෙනෙක් එහෙම කිව්වා. මට ඉතින් හංගන්න දෙයක් නෑ. කලින් වගේම මගේ කථාව මුල සිට අගට කිව්වා.
ආ එහෙනම් ගෙදරින් පැනලා යන ගමන් නේද. දැන් කොහෙද යන්නෙ ? අමුත්තා ආයෙමත් ඇහුවා.
යන්න තැනක් නෑ. සීතලයි. බඩත් ගිනියි. මම බයාදු විදියට කිව්වම එයා මාවත් කැන්දගෙන බේකරිය ඇතුලට ගිහින් කෑමට දේවල් අරගෙන දුන්නා. කෑම කාලා ඉවර උනාම යන්න තැනක් නැති නිසා අපේ ගෙදර යමුද කියලා ඇහුවම මම හා කිව්වා.
එදා රාත්තිරියෙ ඒ මහත්තයා මගෙන් ගොඩාක් ප්‍රශ්න ඇහුවා එතැනදි තමයි දැන ගත්තෙ ඒ මගේ අම්මගෙ මල්ලි කෙනෙක් කියලා. එයා ඒ කාලෙ රජයේ පිස්කල් නිලධාරියෙක් විදියට වැඩ කලේ. මීට කලින් කවදාවත් අපි මුණ ගැහිලා තිබුනෙ නෑ. අපේ අම්මට දරුවො 10 දෙනෙක් හිටියත් අම්මගෙ මල්ලි අපිව දැකලා තිබුනෙ නෑ. ලියුම් කරදහියකින් දුක සැප අහනවා මිසක. දුර ඈත අද වගේ යන සිරිතක් තිබුනෙ නැති වකවානුවක මේ කාරණේ පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
මාමා වහාම අපේ ගෙදරට පයින්ඩයක් යැව්වා පුත්තරයා මගේ ලග කියලා. ඒ වෙද්දි මම ගෙදරින් පිට වෙලා මාස 4 කට වැඩියි. මගේ අතුරුදහන් වීමෙන් පස්සෙ තාත්තා මාව හොයාදෙන්න කියලා මගේ පින්තූරෙකුත් එක්කම පත්තරේ දැන්වීමකුත් දාලා. මේ සිදුවීම් වලින් පස්සෙ සෑහෙන කාලයක් යනතෙක් මේ පත්තර දැන්වීම මගේ ලග තිබුනා. ඒත් පස්සෙ කාලෙක මගේ ගේ ගිණි ගත්තම ඒ මතක සටහනත් මගෙන් ඈත් උනා.
මාමා ලග මම ඉන්නවා කියලා පයින්ඩයක් යැව්වත් මගේ අම්මා තාත්තා කවුරුවත් ආවෙ නෑ. ගෙදර ඉන්න අනිත් දරුවො 9 දෙනා එක්ක ඒ අයට මේ වගේ දුරක් තකහනියෙ එන්න ඉඩක් තියෙන්න නැතුව ඇති. ඇරත් මාමා ලග ඉන්නවා කිව්වට පස්සෙ බයකුත් නෑනෙ
මාස 4 ක් තිස්සෙ ඉස්කෝලෙ නොගිය මම මාමගෙ උත්සාහයෙන් එයාගෙ නිවස ලඟ පාත පිරිවෙනකට ඇතුලු කොලා. පිරිවනේ පණ්ඩිත හාමුදුරුවන්ට මාව බාර දීලා උන්නාන්සේගෙ අනු දැනුම යටතේ අධ්‍යාපනය කරගෙන අවුරුදු දෙකකට කිට්ටු කාලයක් උන්නා. ඔය අතරෙදි තමයි පිරිවෙන කිට්ටුව තිබුන ස්ටූඩියෝ එකක ලස්සන දැරිවියක් එක්ක මගේ ඇයි හොදයියක් ඇති උනේ. එයා මට වඩා වයසින් වැඩි උනාට මගෙ පෙනුම නිසාදෝ මට කැමති උනා.
අද වගේ ටෙලිෆෝන් තිබුනෙ නෑනෙ ඒ කාලෙ. සෙනෙහෙ කොල තමයි ඉතින් නිතරම හුවමාරු උනේ. ඔයින් මෙයින් දවසක් අපේ සෙනෙහෙ කොලයක් ලොකු හාමුදුරුවන්ගෙ අතටම අහු උනා. එදා උන්නාන්සෙගෙ කාර්යාල කාමරයට මාව අඩගහගෙන ගොහින් මට වේවැලකින් හොදටම සැලකුවා. එදා හොරෙන් රා බීලා තාත්තගෙන් ගුටි කෑවට පස්සෙ ගේ එපා උනා වගේ මේ සිද්ධියෙන් පස්සෙ මට පන්සල එපා උනා. මාමගෙ ගෙදරින් පැනලා මම ආයෙමත් අපේ ගෙදරට ආවා.
අවුරුදු තුනකට කිට්ටු කාලයක් මම නිවසින් බැහැර වෙලා ඉදලයි ආයෙමත් ඒ විදියට එදා ගෙදර ගියෙ. ඒ ගත වෙච්ච කාල සීමාව ඇතුලෙ මගේ පෙනුම යම් තරමකට වෙනස් වෙලා තිබුන නිසා මගේ බාල සහෝදර සහෝදරියන්ට මාව එක්වරම අදුන ගන්න හැකියාවක් ලැබුනෙ නෑ. ඒ අය මගේ දිහා පුදුම වෙලා වගේ බලාන ඉද්දි අපේ ලොකු අයියා තමයි මේ අපේ මල්ලිනෙ කියලා මාව ගෙට ගත්තෙ. ඒ සද්දෙට තමයි අම්මා දුවලා ඇවිත් මගේ දිහා බලාන අඩන්න ගත්තෙ. අප්පච්චි නම් මම ආවා කියලා මා එක්ක එක වචනයක් කථා කලේ නෑ. පවුලෙ හැම දරුවෙක්ම හැමදාම උදේට දෙමාපියන්ට වඳිනවා. ඒත් එහෙම වෙලාවක වත් අප්පච්චි මා එක්ක කිසිම දෙයක් කථා කලේ නෑ.
ඉස්කෝල ගමන නැවතිලා හිටිය මාව ආයෙමත් ඉස්කෝලෙ යවන්න කවුරුවත් උනන්දු උනේ නෑ. අප්පච්චි එයාගෙ රාජකාරී වැඩ එක්ක කාලය ගත කලා. මම ගෙදර නැවතිලා උන්නෙ. ඔය අතර තුර කාලෙදි මා එක්ක රා බොන්න එකතු උන මගේ අතිජාත මිත්තරයො දෙන්නා බී එම් විජේරත්න, නිහාල් ජයසේන ආයෙමත් මා එක්ක එකතු උනා. පොඩි පොඩි නොසන්ඩාල වැඩ වලින් පටන් අරගෙන කඩයක් දෙකක් හොරෙන් කඩන තරමට මදාවි වැඩ අපි තුන්දෙනාගෙන් උනා.
මේ විදියට ගියොත් මේකා හිරේ විලංගුවෙ වැටිලා මිසක නතර වෙන්නෙ නෑ කියලා තේරුම් ගත්ත අප්පච්චි මාව මහනදම් පුරන්න යවන්න තීරණය කොලා. මගේ වේලාපත්කඩේ තිබුනා මහණ දම් පුරන්න සුදුසු කථාවක්. ඒ නිසා වෙන්න ඇති අප්පච්චි එහෙම තීරණයකට ආවෙ. අන්තිමේදි අප්පච්චි අදුනන ස්වාමීන් වහන්සේ නමක් මාර්ගයෙන් මාව මහණ දම් පුරන්න එකතු කලා. මම අවුරුදු 8 කට ආසන්න කාලයක් ඒ විදියට ස්වාමීන් වහන්සේ නමක් විදියට වැඩ ඉන්න ගමන් විවිධ ධර්ම කොටස් ඉගෙන ගත්තා. මාව උස්මහත් කරපු දෙමාපියොත් මට වැන්දා. ඒත් දැනුම් තේරුම් තියෙන වයසට එද්දි ලොකු හාමුදුරුවරුන්ගෙ ක්‍රියාකලාපය ගැන කල කිරිලා මම පස්සෙ කාලෙක සිවුරෙන් මිදුනා. ගමට ඇවිත් ආයෙමත් පරණ කාණ්ඩෙ එක්ක එකතු උනා.
ඒ වෙද්දි මගේ ලොකු අයියත් අපේ ගමේ චණ්ඩියෙක් විදියට නමක් දිනාගෙන තිබුනෙ. දවසක් අයියව අල්ලන්න ආව පොලෝසියෙ රාළහාමිලා දෙන්නෙක්ව අයියා එක සැරේ කිහිල්ලෙ ගහගෙන ගිහින් වෙලකට අත ඇරලා දිව්වෙ. එහෙමයි ඒ කාලෙ කොල්ලන්ගෙ ශරීර ශක්තිය. අයියගෙ චණ්ඩිකමත් පැත්තකින් තියෙද්දි ඒ වටපිටාවෙ මමත් චණ්ඩියෙක් උනා.
මේ කියන කාලෙ අපේ ගමේ තිබුනා විශාල බූරු පිටියක්. ගෙවල් වලට හොරෙන් මමයි මගේ අතිජාත මිත්තරයො දෙන්නයි එතනට යන්න එන්න පටන් ගත්තා. ඔතන හිටියා එක මදාවියෙක් හැමදාම වංචා කරලා අනිත් මිනිස්සුන්ට අතින් පයින් සලකලා එලවලා දාන. අපිටත් දවස් දෙක තුනක් මේ මිනිහගෙන් බැට වැදුනට පස්සෙ මමයි යාලුවොයි තීරණයක් ගත්තා ඒකව යටියන්තොට යවලා දාන්න.
දවසක් අපි ඉනේ කිරිච්චි ගහගෙන බූරු පොලට ගියා. මදාවියා අදත් සටනට ආවොත් එතනම බාවනවා කියලමයි අපි එදා හිතාගත්තෙ. සාමකාමීව බුරු ගැහිල්ල ටික වෙලාවක් පැවතුනත් එක පාරටම අර මිනිහා වංචා කරලා කෑ ගහන්න ගත්තා. එතෙන්දි මමයි යාලුවො දෙන්නයි බූරු පොලේදීම 18 පලකට පිහියෙන් ඇනලා ඌව එතනම කම්බස් කලා.
මේ සිද්ධියෙන් පස්සෙ වෙනසක් නැතුව මම ගෙදරට වෙලා උන්නා. ඒත් ගමේ රාජකාරියකට එන්න කලින් ගමේ මුලාදෑනියා දැනුවත් කිරීම තමයි ඒ කාලෙ සිරිත. අන්න ඒ වගේ වේලාසනම මා ගැන කියලා මාව අත්අඩංගුවට ගන්න පොලෝසියෙන් ගෙදරටම ආවා. එදා මම පොලිස් ජිප් එකට නගින හැටි මගේ ගෙදර අය බොහොම දුකෙන් බලාන උන්නා. තාත්තා නම් තරහෙන් පිපිරෙන්න ඇති එයාට වෙච්ච නව නිංගිරාවට.
අවුරුදු එක හමාරක් විතර අපි තුන්දෙනා අච්චු වින්දා. ඒත් මිනීමැරුම ගැන කිසිම කෙනෙක් සාක්ෂි දුන්නෙ නැති නිසා ඒ කාලෙන් පස්සෙ අපි නිදහස් උනා. මේ අතර තුර කාලෙදි මගේ ලොකු අක්කා යුධ හමුදාවෙ සූපවේදයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ උනා. ගෙදර හිටියොත් මිත්තර සම්පත්තිය නිසා මම ආයෙමත් හිරේ විලංගුවෙ වැටෙයි කියලා භය වෙලා උන්න තාත්තා, මස්සිනා මාර්ගයෙන් මාව කොළඹ වික්ටරි කියන හෝටලේ වැඩට එව්වා. ඒක තමයි මම අද කරන රක්ෂාවෙ මූලාරම්භය.
දවසට රුපියලේ පඩියට මම හරියටම අවුරුදු 4 ක් එතැන පිගන් හේදුවා. සෙනග බොහොමයක් යන එන හෝටලයක් කිව්වම ඉතින් කොච්චර පිගන් හෝදන්න තියෙනවද. මම ඒ හැමදේම ඉවසගෙන වැඩ කලා සමාජයෙන් කොන් වෙලා ඉන්න මම ආයෙමත් තැනකට එන්න ඕනෙ කියන අධිෂ්ඨානයෙන්. ඒ කාලෙ මේ හෝටලේ උයන වැඩ කරපු කිසිම කෙනෙක් මට කිසිම දෙයක් කියා දුන්නෙ නෑ. ඒත් ඒ අය ඉවුම් පිහුම් වැඩ කරන දිහා බලාන මම තනියම ඉගෙන ගත්තා. ෆ්‍රයිඩ් රයිස් හදනකොට තාච්චිය ලිප උඩ තියලා හොල්ලලා බත් ටික කවලම් කරන විදිය අතේ හුරුවෙන් කරන්න ඕනෙ දෙයක්. මම ඒ දේවල් දිහා කාලයක් පුදුම වෙලා වගේ බලාන උන්නා. මේක කරන්නෙ කොහොමද කියලා ඇහුවට මට ඒ දේවල් කියා දෙන්න කවුරුවත් කැමති උනේ නෑ.
අන්තිමේදි කුස්සියෙන් අතුගාලා ඉවත් කරන ලූණු පොතු, සුදු ලූණු පොතු මහ උරයකට එකතු කරලා ඒවා තාච්චියක දාගෙන තමයි මම ඒ වැඩ කෑලි අල්ලගත්තෙ. හෝටලේ පිගන් හෝදන රස්සාව කලාට මම හෙමින් හෙමින් ඉවුම් පිහුම් කරන හැටි ඉගෙන ගෙන තනියම වැඩ අරගෙන කරන තරමට දියුණු උනා.
අන්න ඒ වගේ මීගමු පැත්තෙ තිබුන මගුල් ගෙදරකට උයන කොන්තරාත්තුවක් දවසක් දා මට ලැබුනා. මේ රාජකාරිය කරන්න මීගමුවට ආවම තමයි පස්සෙ කාලෙක මගේ බිරිඳ වෙච්ච කෙනා මට මුලින්ම මුණ ගැහුනෙ. එයාගෙ අක්කගෙ මගුලට තමයි මම එදා උයන්න ගිහින් තිබුනෙ. අපි මුණගැහිලා කථා බහ කලා විතරයි. ඊට පස්සෙ නොදැනීම ආදරවන්තයො වෙලා තමයි කසාද බැන්දෙ.
තාත්තා අපේ කසාදෙ නුවර ගෙදරදි මහ ඉහළින් ගත්තා. මගෙන් මොන වැරදි අතීතයේ උනත් තමන්ගෙ පුතෙක් කසාද බදිනකොට හැම තාත්තා කෙනෙකුටම ආඩම්බරයක් දැනෙනවා ඇති. අන්න ඒ වගේ මගේ අප්පච්චිත් බොහොම සතුටින් එදා දවසෙ උන්නෙ. ඇරත් ඒ වෙද්දි මම නරක ඇසුරින් මිදිලා...නරක වැඩ වලින් මිදිලා හොද මිනිහෙක් විදියට සමාජගතවෙමින් උන්නෙ.
මම අංගම්පොර ශිල්පය ඉගෙන ගත්තෙ බොහොම පොඩි කාලෙ උනාට එදා ඉගෙන ගත්ත සාස්තරේ තවමත් මතකයි. පස්සෙ කාලෙක මීගමුවට ආවට පස්සෙ මම ෂෝටෝඛාන් කරාටේ පාඨමාලාවකට එකතු උනා. ඒ පාඨමාලාවට අපි එකතුකරගත්තෙ පුහුණුවීම් වලදි අපිට හානියක් උනොත් ඒ වගකීම ගුරුවරු ගන්නෙ නෑ කියන කොන්දේසිය සඳහන් කොරාපු කඩදාසි වල අත්සන් අරගෙන.
ඔය විදියට පුහුණුවීම් කරගෙන ගිහින් එක දවසක් අපට තිබුනා තවත් කෙනෙක් එක්ක මුහුණට මුහුණ සටන් කරන වැඩමුළුවක්. මම පහරක් ගහද්දි එහා පැත්තෙ කෙනා ඒක වලක්වලා ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. ඔය විදියටයි වැඩේ සිද්ධ උනේ. එත් මම එදා ගහපු පාරක් මාරක නිළයකට වැදිලා මාස තුනකට පස්සෙ චන්ද්‍රසෝම කියලා කෙනෙක් මැරුනා. එදා ඒ පාර ගැහුවෙ අර මිනිහව මරණ අදහසකින් නෙමෙයි. ඒත් මැරුන කෙනා මම ගහපු පහර වැළැක්වූවෙ නෑ. ගල් පිළිමයක් වගේ බලාන උන්නා. අදටත් මම පුදුම වෙනවා එදා ඇයි මිනිහා එහෙම කලේ කියලා.
ලංකාව වටේම අරමුණක් නැතුව ගිය මම අන්තිමේදි මගේ ස්ථිර පදිංචිය විදියට මීගමුව තෝරගත්තා. පිගන් හේදිල්ලෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා කෑම ඉවිල්ල විතරක් කරගෙන ගියා. පුංචි පහේ සාද, විවාහ මංගල අවස්ථා මට අඩු නැතුව ලැබුනා. ඒ මුදල් වලින් මම ගෙයක් දොරක් හදාගත්තා. මම දරුවො දෙන්නෙකුගෙ පියෙක් උනා. කොල්ලයි කෙල්ලයි.
කොල්ලා මම වගේම හැඩ රුවට ලස්සනට හැදීගෙන ආවා. අපරාදෙ කියන්න බෑ. මම පොඩි කාලෙ වගේ නෙමෙයි. හරිම සංවර දරුවෙක්. ඒත් එයා......
බණ්ඩාරයන් අහස දෙස බලාගෙන යමක් කියන්නට උත්සාහ කරයි. ඒත් ඒ සඳහා වචන එකතු කරගැනීම උගහට සෙයකි. ඒත් එයා මගෙන් උදුර ගත්තා. ඔහුගේ කථාව නැවතී සිහින් ඉකිබිඳුමකට හැරෙන අන්දම මම මහත් පුදුමයෙන් මෙන් බලා උන්නෙමි. ඉකිබිඳුම එසැනින් මහා කදුළු ගංගාවක ඇරඹුම වූවේය.
බණ්ඩාරයන් දැන් මා ඉදිරියේ දැන් කුඩා දරුවෙකු මෙන් ඉකිගසා හඬා වැටෙයි. ඔහුගේ සංවේදී බාවය හමුවේ මගේ නෙත් කෙවෙනි අගටත් කදුලක් පිරෙයි. වසර ගනනාවකට පෙර ජීවිතයෙන් සමුගත් ඔහුගේ පුත්‍රයා කෙරේ උපන් පීතෘ සෙනෙහස දෝරෙ ගලා යන අන්දම දෙස මම දුක්මුසුව බලා උන්නෙමි. ඔහු හැකි තරම් හඬා වැටී වෙහෙසක් දැනුන නිසාදෝ නැවතත් මා හා දොඩමළු වෙයි.
අවුරුදු 17 ක් එතකොට මගෙ කොලු පැටියට. ඉස්කෝලෙන් පස්සෙ අතිරේක පන්තියකට යද්දි ලොරියකට යට වෙලා මහ පාරෙදිම මැරුනා. ඒ වේදනාව මට අදටත් බොහොම තදින් දැනෙනවා. පස්සෙ කාලෙක මගේ දුව කසාද බැඳලා ඉතාලියට ගියා. දැන් මම දරුසෙනෙහසක් කියලා දෙයක් විඳින්නෙ නැති තාත්තා කෙනෙක්. මේ හින්දම මම පස්සෙ කාලෙක ගොඩාක් බීමට ඇබ්බැහි උනා. මගේ නෝනගෙ බල කිරීමට අන්තිමේදි මම බීම කොහොම හරි අඩුකරගත්තා. ඒත් ඊට පස්සෙ බුලත් විට කන්න ඇබ්බැහි උනා.
ඔහු බුලත් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා කදුළු අතරින් සිනාසෙයි. මේ කුමන මිනිසෙකුදැයි තේරුම් ගත නොහී මම ඔහුගේ දෙනෙත දෙසම එක එල්ලේ බලාන සිටියෙමි.
මගේ ජීවිත කථාව ඔන්න ඔහොමයි පුතේ. මේ ගෙවුන අවුරුදු 63 ට මම ලබපු අත්දැකීම් ඔක්කොම මට මෙතන කියන්න බෑ. ඒත් ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. මහනුවර ඉපදුන මම අද මීගමුවෙ පදිංචි වෙලා. උපතින්ම වලව්කාරයෙක් වෙච්ච මම අවුරුදු හතරක් එක එකාගෙ ඉඳුල් හේදුවා. අපේ දෛවය අපි කලින් ආත්ම වල කරලා තියෙන පින් පව් අනුව මේ සංසාරෙ පුරාම අපිව දිග ගමනක් එක්ක යනවා. ඉපදෙනවා... ආයෙමත් මැරෙනවා ඉපදෙනවා...මේ චක්‍රයෙන් මිදෙන්න අපිට බුදුහාමුදුරුවො මග කියා දීලා තියෙනවා. ඒත් අපේ පව්කාරකමට අපි ඒ මග යන්න නිකමටවත් හිතනවද? බණ්ඩාර උන්නැහේ අපේ කථාබහට තිත තියමින් අන්තිමේදි මගෙන් ඇහුවා.
බණ්ඩාරයන් මීගමු වෙරළේ වාරකන් සමයේ දිය නාමින්.
ඔහුගේ අනන්‍යතාවය සුරකිනු පිණිස සමීප ඡායාරූපයක් වෙනුවට මෙවැනි ඡායාරූපයක් පල කරමි.
කථාව අහවරයි එහෙනං.
මම කාමරේ අරින සිරා කොලුවා.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com56tag:blogger.com,1999:blog-579265960012007263.post-28549030599572800512016-07-17T21:41:00.000+05:302016-07-18T10:05:06.558+05:30බණ්ඩාර
ඔහු බැලූ බැල්මට චීන ජාතිකයෙක් බදුය. සුප්‍රකට සටන් නළු ජැකී චෑන්ගේ පෙනුමට ඔහුගේ පෙනුම බොහෝ දුරට සමානය. එනමුදු බුලත් කහටින් දුර්වර්ණ වූ ඔහුගේ දසන් ඔහු පිටරැටියෙකු නොවන වග ඔහු අවට සිටින ඇත්තන්ට සන් කරයි. හෙතෙම සැබවින්ම අපූරු මිනිසෙකි. මේ ජීවන ගමන යාත්‍රා කරන අතර තුර මා හට හමුවූ අමතක නොවන ගණයේ මිනිසෙකි. ඉදින් ඒ මිනිසාගේ අව්‍යාජ ජීවිත කථාව සිරාගේ කාමරය තුල ලියවිය යුතුම යැයි මම සිතමි.
මයෙ මලයා පහුගිය දොහක පුංචි පහේ ව්‍යාපාරයකට අත ගැහුවේ ඔහුගේ ඇඹේනියගේ ගම් පළාත වෙච්ච මීගමු පුරවරයේදී. දේශීය විදේශීය සංචාරකයන්ට ආහාර සහ නවාතැන් සපයන මේ ව්‍යාපාරයට උදව් කරන්න පැමිණි අරක්කැමියෙක් තමයි අද අපේ කථා නායකයා. ඊට කලියෙන් කීප වතාවක්ම මේ අමුත්තා මට ඒ පරිසරයෙදි හමුවෙලා තිබුනත් අභිනව ව්‍යාපාරය ආරම්භ කරන්නට මත්තෙන් මයෙ මලයා ඇතුලු පිරිසට විවිධ අයුරින් උදව් උපකාර කරපු අය වෙනුවෙන් මයෙ මලයයි එයාගෙ බිරින්දෑගෙ පවුලෙ අයයි පවත්වපු රාත්‍රී භෝජන සංග්‍රයකට සහභාගි වෙන්නට ගිය ගමනකදි තමයි වැඩියමක් දොඩන්න සිරා කොලුවට ඉඩ කඩ ලැබුනෙ. ඔහුගෙ නම බණ්ඩාර. ඔහුගේ ජීවන කථාව අපේ කථා වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියලා දැන් කියවලා බලමු.
මගේ නම බණ්ඩාර...මහනුවර මහවෙල තමයි මගේ උපන් ගම. සහෝදර සහෝදරියො 10 දෙනෙකු හිටිය පවුලක හරි මැද..ඒ කිව්වෙ 5 වෙනියා තමයි මම. දැන් මගේ වයස අවුරුදු 63 ක්. ඒත් මගේ ළමා කාලයෙ ඉදන් අද දක්වා සිද්ධ වෙච්ච දේවල් තවමත් හොඳට මතකයි.
අපේ අප්පච්චි තමයි ගමේ ගම්මුලාදෑනි තනතුර දැරුවෙ. අපේ අප්පච්චි දණිස්සට විතර කොණ්ඩෙ දිග, වැඩිය උස නැති, බොහොම තේජස් පාට කෙනෙක්. ගමේ හැමෝම උන්දැට බොහොම භය පක්ෂපාත කම දැක්වූවා. මේ කියන කාලෙ මම තුන්වෙනි කැලෑසියෙ වගේ තමයි ඉගෙන ගත්තෙ. මගේ පාසල් අධ්‍යාපනය මේ පන්තියෙන්ම අහවර උනා.
බී එම් විජේරත්න, නිහාල් ජයසේන කියන්නෙ මගේ අතිජාතම මිත්තරයො දෙන්නා. දෙයක් කලොත් අපි තුන්දෙනාම එකට තමයි ඒ දේ කලේ. දවසක් දා ඉස්කෝලෙ අහවර වෙලා ගෙදර එන ගමන්, දුරින් අපේ මාමා කෙනෙක් වන කෙනෙකුගෙ කිතුලකට බඩ ගාලා රා මුට්ටිය බිමට බාගෙන අපි තුන්දෙනා ඇති පදම් රා බිව්වා. කිතුල් මල කපලා ඒක බැදලා තියෙන ලනුව ලෙහාගෙන තමයි මුට්ටිය බිමට බෑවෙ. රා මුට්ටිය ගහෙන් බානවා මාමා දැක්කට, කලබල කලේ නෑ. කලබල කරලා ගහෙන් එකෙක් පත බෑවුනොත් වෙන විනාශය ගැන හිතලා එයා සද්ද නැතුව බලාන ඉඳලා. මොකද කිතුල් ගහට පහළින් තිබුනෙ කලුගල් තලාව.
ඉතින් අපි තුන්දෙනා රා මුට්ටිය පුලුවන් තරම් බීලා ගෙදර පිටත් උනා. එදා හැන්දෑවෙ බැහැරක හිටිය අප්පච්චි ගෙදර ආවෙ උණ ගස් වල පහළින්ම හැදෙන පුංචි උණ රිකිලි ටිකකුත් අරගෙන. අප්පච්චි එක පාරටම මට කථා කලා. මම ගේ ඉස්සරහට ගිය ගමන් මාව අල්ලලා බැන්දා මිදුලෙ තිබුන ගහක. ඊට පස්සෙ ඇගට පොල්තෙල් වත් කරලා ඔලුවට දිමි ගොට්ටකුත් කඩලා දාලා අර උණ රිකිලි 7 ක් විතර එක මිටියට වගේ බැදලා අන්න ඒකෙන් මගෙ පිට හරහා නෙලුවා නෙලිල්ලක් උතුර දකුණ මාරු වෙන්න.
මට එතකොට වැටහුනා රා මුට්ටිය හොරෙන් බීපු එකට තමයි මේ අච්චු කරන්නෙ කියලා. මොකද මාමගෙ ඔය කිතුලෙන් කොටසක් අපේ අප්පච්චිටත් දවස ගානෙ ලැබුනා. එදා අපි හොරෙන් බීපු නිසා අප්පච්චිගෙ එදා දවසෙ රා පංගුව නැතුව ගිහින්.
පාරවල් දෙක තුනක් පිට හරහා වදිනකොට අපේ අම්මා පැන්නා මාව බේරගන්න. තාත්තට හොදටම තරහා ගියා. අප්පච්චි අම්මව තල්ලු කරලා අම්මටත් පාරවල් දෙකක් විතර දුන්නා. කොහොමහරි අම්මා මාව ගහෙන් ගලවලා අරගෙන පිටේ තෙල්ගාලා එදා රාත්තිරියෙ මට සාත්තු කලා. මට මතකයි අප්පච්චිත් ඇවිත් පිටේ තෙල් ගානවා මම නිදි කියලා හිතාන. එයාට උපරිම තරහා ගිය නිසා එහෙම කලාට අප්පච්චි හොද මිනිහෙක්. හොද අප්පච්චි කෙනෙක්. නැත්තං කොහෙද 10 දෙනෙක් හදන්නෙ.
කොච්චර ගුටි කාලා පිටේ හම ගිහින් තිබුනත් මම පහුවදා ඉස්කෝලෙ ගියා. අයියලා අක්කලා මල්ලිලා නංගිලා මේ හැමෝම මට හිටියා. ඒ අයගෙන් මා එක්කම ඉස්කෝලෙ ගමන ගියෙ මගෙ අක්කා කෙනෙක්. අප්පච්චිගෙන් දරුණු විදියට ගුටි කෑවට පස්සෙ ගෙදර ජීවිතේ මට එපා උනා. මම හදිස්සියෙම ගෙදරින් පැනලා යන්න තීරණය කලා. එදා දවසෙ ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ මම ඉස්කෝලෙ ලගදිම අක්කට මගේ පොත් ටික දීලා කිව්වෙ උඹ පලයං මම තව ටිකකින් එන්නම් කියලා.
ඉස්කෝලෙ ඇන්ද සුදු කමිසයයි, නිල්පාට කොට කලිසමයි එක්ක මම ඉස්කෝලෙ ඉස්සරහින් ගිය බස් එකකට නැග්ගා අරමුණක් නැතුව. ඒ දවස් වල අප්පච්චි දරුවො 10 දෙනාටම උදේට ශත 5 ගානෙ බෙදලා දෙනවා. 1959 වගේ කාලෙක ශත 5 ත් ලොකු ගානක්. ඔය විදියට දවස් ගානක සල්ලි එකතු වෙලා මගෙ ලග එකයි පණහක් වගේ මුදලක් තිබුනා. ඇරත් ඉස්කෝලෙ යන උන්ගෙන් පන්න පන්න සල්ලි ගන්න සිරිතක් ඒ කාලෙ හිටිය බස් පල්ලන්ට තිබුනෙත් නෑ.
අරමුණක් නැතුව නැගපු බස් එක අන්තිමේදි නතර උනේ කඩුගන්නාවට ඇවිත්. ඒ වෙද්දි මට හොඳටම බඩ ගිනියි. කඩුගන්නාවෙ කඩ අතර ඒ මේ අත ඇවිදිමින් ඉද්දි ස්වාමීන් වහන්සේ නමක් මාව දැකලා මා ලගට ඇවිත් කථා බහ කලා.
මේ ළමයා මෙතන මොකද කරන්නෙ ?
හාමුදුරුවො බොහොම ගාම්භීර විදියට මගෙන් ඇහුවා
මට හංගන්න දෙයක් නෑ. මම මගේ කථාව ඉස්පිලි පාපිලි අඩු නැතුව හැමදේම හාමුදුරුවන්ට කිව්වා.
ගෙදරින් පැනලා යන ගමන් එහෙනං. ආයෙමත් ගෙදර යන්න කැමැත්තක් ඇත්තෙම නැත්තං මා එක්ක යන්න එන්න. හාමුදුරුවො එහෙම කිව්වම උත්තර විදියට මම කිව්වෙ මට බඩගිනියි කියලා.
කඩුගන්නාවෙ කෑම කඩයකින් ඊට පස්සෙ හාමුදුරුවො මට කන්න බොන්න අරන් දීලා එයා වැඩ වාසය කරපු, වනාන්තරයකට මායිම් උන පන්සලට ඇන්න ආවා. එතන ගඩොල් වලින් ගොඩනගාපු ගොඩනැගිලි තිබුනෙ නෑ. වටේටම පැතිරුන ගල් ගුහාවක් ඇතුලෙ තමයි පන්සල තිබුනෙ. ගල් ගුහාව මැද්දෙ හාමුදුරුවො සැතපෙන තැන කිට්ටුවෙන්ම පුංචි දිය පාරක් ගලාගෙන ගියා. ගල්ගුහාව වටේට වදුරු රංචුවක් හිටියා. උන්ගෙන් කවදාවත් පංසලට බාධාවක් හිරිහැරයක් උනේ නෑ.
වටේ පිටේ උන්න දායකයන්ගෙ මාර්ගයෙන් පන්සලට ලැබෙන දානයෙන් කොටසක් හාමුදුරුවො මට දුන්නා. මේ විදියට සතියකට කිට්ටු කාලයක් මම ඇදන් උන්න ඉස්කෝල ඇදුම පිටින්ම ගෙවා දැම්මා. මොකද හාමදුරුවන්ට මට දෙන්න ඇදුම් තිබුනෙ නෑ.
සතියකට විතර පස්සෙ පන්සල කිට්ටුවෙන්ම උන්න දායක පවුලකට හාමදුරුවො මාව බාර කලා. ඒ ගෙදර අම්මගෙ නම ඩිංගිරි අම්මා. තාත්තගෙ නම මට දැන් මතක නෑ. ඒ ගෙදරත් දරු පරපුරක්ම උන්නා. ඒ අය එක්ක ඉද්දි මට පාලුවක් නැතුව යයි කියලා හාමුදුරුවො කල්පනා කරන්න ඇති.
ඩිංගිරි අම්මගෙ දරු කැලත ඉස්කෝලෙ ගියෙ නෑ. ඒ කාලෙ අද වගේ හැම දරුවෙක්වම ඉස්කෝලෙ යවන්න දෙමාපියන්ට වත්කමක්, දැනුමක්, උවමනාවක් තිබුනෙ නෑ. ඉතින් උන් ටිකත් එක්ක අමුඩ කෙටියක් ගහගෙන මගේ දවස ගෙවන්න මම පුරුදු උනා. රාත්තිරියට නිදා ගන්නකොට එක පොකුරට තුරුල් වෙලා අපි නිදාගත්තා. ඒ අය ජීවත් උනෙත් විශාල ගල් ගුහාවක. මේ ගුහාවෙ ඉස්සරහින් වරිච්චි බිත්ති කොටයක් බැදලා තිබුනා මතකයි.
ඩිංගිරි අම්මගෙ ස්වාමියා බොහොම හැඩි දැඩි උස මහත කෙනෙක්. කැහිපිත්තං වැලේ කොල වලින් හදන පානයක් තමයි ඒ ගෙදර හැමදාම උදේට බොන්න දුන්නෙ. කැහිපිත්තං කොල අහුරක් හොදට කොටලා ලබා ගන්න නානු, කෝප්පයකට හරි පොල්කටුවකට හරි දාලා මුලු රැයක් ගෙවුනට පස්සෙ උදේට ජෙලි වගේ මිදිලා තියෙනවා. මෙන්න මේ ජෙලි එක තමයි උදේට අපි කන්නෙ. පොල්කිරි එකතු කරලා සීනි ටිකක් දැම්මොත් තරමක රසයක් තියෙනවා.
කැහිපිත්තං කෝප්පෙ හිස්කරලා උදේම අමුඩ කෙටියක් ගහගෙන ඩිංගිරි අම්මගෙ මනුස්සයා ගේ ලගම තිබුන හේනට යනවා. දවස පුරාම හේනෙ බිම් කොටලා, භව බෝග වගා කරලා හැන්දෑකොරේ ආයෙමත් ගෙදරට එනවා.
කලිනුත් කිව්වා නොවැ උන්දැ බොහොම ශක්ති සම්පන්න දේහදාරියා කියලා. ටික දවසක් මේ ගෙදර ඉද්දි උන්දැ මට එයාගෙ දරු කැලත එක්කම අංගම්පොර සටන් කලාව කියා දෙන්න පටන් ගත්තා. පිරිමි විතරක් නෙමෙයි ගෑණු දරුවොත් අපිත් එක්ක අංගම්පොර පුහුණු වෙන්න එකතු උන බව මතකයි. ඒ නිවසෙ ගත කරපු මාස 3 ක විතර කාලය ඇතුලෙ අංගම්පොර කලාවෙ බොහෝ දේවල් ඉගෙන ගන්න මට හැකි උනා. විශේෂයෙන්ම නිළ සාස්තරේ ගැන.
මගේ අංගම්පොර ගුරුතුමා හැඩි දැඩි කෙනෙක් උනාට සම්පූර්ණයෙන්ම නිර්මාංශයි. එයාගෙ හේනෙ භව බෝග විනාශ කරන්න එන සත්තු අල්ලගන්න උගුල් අටවලා තිබුනත් ඒවායින් ඒ සතුන්ට හානි උනේ නෑ. උදේම හේනට ගොහින් කොටුවෙලා ඉන්න සත්තු කැලෑවට මුදාහැරලා තමයි එයා ගෙදර ආවෙ. කවදාවත් වන සතෙක් දඩමස් කන්න කියලා මැරුවෙ නෑ
අංගම්පොර ඉගෙන ගන්න කාලෙ බුදුන්ට පූජාව තියන්න ඕනෙ. භාවනා කරන්න ඕනෙ. ඒ වගේ තවත් වත් පිළිවෙත් තිබුනා. අපි ඒවා අකුරටම ඉෂ්ඨ සිද්ධ කරන්න ඕනෙ. නැත්තං ගෙදර වසලා හමාරයි. දවසක්දා උදේම හේනට ගිය ඩිංගිරි අම්මගෙ මනුස්සයා හැන්දෑවෙ ගෙදර එද්දි මට නියම කරලා ගිය වත් පිළිවෙතක් ඉෂ්ඨ කරන්න මට අමතක වෙලා තිබුනා. මේ කාරණේට කොච්චර කෝප උනාද කියනවා නම් එවලෙම මගෙ පුකට පයින් ගහලා පලයං මේ පැත්ත පළාතක ඉන්නෙ නැතුව කියලා මාව එළවලා දැම්මා. ඒ වෙද්දි මම ඒ ගෙදරට ඇවිත් මාස 3 ක් පමණ ගත වෙලා තිබුනෙ.
මාස ගානකට පස්සෙ මම ආයෙමත් අන්තිම දවසෙ ඉස්කෝලෙ ඇන්ද සුදු කමිසයත් නිල් පාට කොට කලිසමත් ඇද ගත්තා. හාමුදුරුවන්ට දැනුම් දෙන්න නැවතුනෙත් නෑ. ගෙදරින් එද්දි අතේ තිබුන රුපියලක් දෙකක් තවමත් කලිසම් සාක්කුවෙ තිබුනා. ඩිංගිරි අම්මගෙ ගල් ගුහාවෙ ගෙදර ඉදන් ප්‍රධාන මාර්ගයකට සෑහෙන දුරයි. බොහෝ වෙලාවක් ඇවිදගෙන ගිහින් බස් යන එන මාර්ගයකට එන්න ඇහැකි උනා. ඒ කාලෙ අද වගේ රථ වාහන නෑ. පැයකට දෙක තුනයි කාර් උනත් යන්නෙ.
ගෙදරින් පිට උන දවසෙ ඉදන් මගේ ගමන ගැන මට අරමුණක් තිබුනෙ නෑ. හිස ඇරුන අතේ තමයි ගියෙ. දැන් ආයෙමත් ඒ ගමන ආරම්භ කරන්න දවස ඇවිත්. යන්නෙ කොහෙටද බලන්නෙ නැතුව පාරෙ ගිය බස් එකකට අත දාලා මම ඒකෙ පැටවුනා. අන්තිමේදි මම ඇවිත් තිබුනෙ ගම්පහ නගරයට.
ඒ කාලෙ ගම්පහ නගරය කියන්නෙ ලංකාවෙ බුලත් වෙළඳාමෙ මධ්‍යස්ථානය. නගරය පුරාම බුලත් කඳවල් කරේ තියාන යන වෙළෙන්දො. ඔය වගේ එක වෙළෙන්දෙක් පිටිපස්සෙන්ම මම එයාට නොදැනෙන විදියට ඇවිදගෙන ගියා.
සෑහෙන දුරක් ගියාට පස්සෙ ඒ මනුස්සයා පිටිපස්ස හැරිලා මගේ දිහා බලාන ඉඳලා මගෙන් විස්තර ඇහුවා. ගෙදරින් පැනලා එන්නෙ යන්න එන්න තැනක් නෑ කිව්වම වරෙන් අපේ ගෙදර කියලා මාව ඇන්න ගියා. අපි පයින්මයි ඒ ගෙදරට ගියේ. විශාල පොල්වත්තක් මැද තිබුන ගෙයක්. ඒ ගෙදර දුවා දරුවො එක්ක මමත් නතර උනා. ගෙදර ගෘහ මුලිකයා සතියකට දවසක් දෙකක් බුලත් වෙළඳාමෙ යනවා. අනිත් දවස් වලට වත්ත පිටියෙ වැඩ කරනවා. මට විශේෂ වැඩක් පැවරුවේ නෑ. කාලා බීලා කැමති විදියකට ඉන්න ඉඩ දුන්නා.
ටික දොහක් යද්දි මට ඒ ගෙදරිනුත් යන්න හිතක් පහල උනා. මම කලේ කලින් කලා වගේම හිමිදිරියේම කාටවත් නොකියා ආයෙමත් පාරට ආපු එක. කලිසම් සාක්කුවෙ තිබුන රුපියල දෙක තවම මා ලග. හිතට බයක් නෑ. ගමනට අරමුණක් නෑ....බස් එකේ බෝඩ් එක කියවලා යන්නෙ කොහෙද බලන්න උවමනාවකුත් නෑ. අහුවෙන බස් එකට අත දානවා නගිනවා...නතර වෙන තැනක බහිනවා. ඔය විදියට මම ගම්පහින් කොළඹට ආවා. එතනින් තවත් බස් එකකට නැග්ගා. ඒක නතර උනේ බණ්ඩාරවෙල.
බණ්ඩාරවෙල ටවුන් එකේ බේකරියක් ලග මම දැන් කැරකෙනවා. හිතේ ගින්නයි කුස ගින්නයි දෙකම එකට එකතු වෙලා මගේ මුලු ඇගම නලියනවා. කවුරුවත් මා දිහා බලා ඉන්න වගක් මට දැනුනෙ නෑ. අතේ තිබුන මුදලින් බනිස් ගෙඩියක්වත් කනවා කියලා හිත හදාගන්නකොටම කවුදෝ කෙනෙක් මගේ අතක් තදින් අල්ල ගත්තා.
අදට මේ මදැයි....ඊළගට වෙච්ච සන්තෑසිය ඊළග කොටසින් කියවමු.
මතු සම්බන්ධයි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
බණ්ඩාරයන් සමග මවිසින් සිදුකල කථා බහේ හඬ පටයෙන් කොටසක්. මීගමු වාරකන් සුළඟ අපට බාධා කල බැව් සැළකුව මනාය.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com49tag:blogger.com,1999:blog-579265960012007263.post-7219954241892931822016-06-28T22:41:00.000+05:302016-06-29T08:40:01.641+05:30බත් සමග මනුස්ස කමත් බෙදූ දන්සැලක්
විදේශ ගතව සිටීම නිසා වසර කීපයක්ම පොසොන් උත්සවය සැමරීමෙන් බැහැරව සිටි සිරා කොලුවා මෙවර පොසොන් උත්සවය සමරන්නට එක්වූයේ වසර 3 කට පමණ පසුවය. පොසොන් යන නම ඇසූ සැනින් ලංකාවේ අපට සිහිවන්නේ අනුරාධපුරයයි. ලංකාවේදී සිරා කොලුවා සංචාරය කරන්නට කැමතිම ස්ථානය කිමෙක්දැයි කිසිවෙකු මාගෙන් විමසුවහොත් මාගේ නිසැක පිළිතුර රුවන් වැලි සෑ මළුව යන්නයි. එතැනදී හිතට මෙන්ම ගතටද දැනෙන සිසිලස, ප්රබෝධය, සැහැල්ලුව අති මහත් වීම එයට හේතුවයි. ගම්පහ, මාකේවිට එක්සත් තරුණ සංගමය නැමති සංගමයක් විසින් චිරාත් කාලයක සිට පවත්වාගෙන එන බත් දන්සැලකට සහයෝගය දැක්වීමට පැමිණෙන්නයි මා හට ආරාධනාවක් ලැබුනේ මගේ පියාණන්ගෙනි. ඔහු දැන් වසර 4 ක සිට මේ වැඩපිළි්වෙලට එක් වී සිටියි. රුවන් වැලි සෑ මළුව ආසන්නයේම මේ දන්සැල ස්ථානගත වන නිසා මා හට දෙවරක් සිතන්නට දෙයක් ඉතිරිව නොතිබුනි. මමද දන්සැල් නඩය සමග එක් වූයෙමි. සිරාගේ කාමරයේ අද ලියවෙන මේ ලිපිය ඒ බත් දන්සැල සහ එහි වටපිටාව පිළිබඳවයි.
2016 පොසොන් පොහොය උදාවීමට මොහොතකට කලියෙන් රුවන් වැලි සෑ මළුව
එහි රැය පහන් කරන සැඳැහැවතුන් සමග
1956 මැයි 23 වෙනිදා යනු 1956 වසරේ වෙසක් දිනය යෙදී තිබූ දිනයයි. මේ වෙසක් දිනය ලංකාවාසී බෞද්ධ ජනතාව සමරනු ලැබූයේ මහා ඉහළිනි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු වසර 2500 ක් සම්පූර්ණ වූයේ 1956 මැයි 23 වනදාට වීම එයට හේතුවයි. මෙම වෙසක් උත්සවය බුද්ධ ජයන්ති යන වදනෙන් හඳුන්වනු ලැබූ එවකට බණ්ඩාරනායක රජය, මෙහි සුවිශේෂී බව තවත් සුවිශේෂී බවට පත් කරනු ලැබූවේ රාජ්‍ය අනුග්‍රහය නොමඳව ඒ සඳහා ලබා දෙමිනි. ඒ අනුව බුද්ධ ජයන්ති සැමරුම් කාසි නිකුත් කිරීම , රජයේ පාසල් වල අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන්ගේ පරිහරණය පිණිස බෞද්ධ පොත පත සම්පාදනය, ගරා වැටුන වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය ආදිය ප්රමුඛ වී තිබේ.
රජයේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා බුද්ධ ජයන්තියේ ප්රබෝධය ගම් නියම් ගම් සිසාරා පැතිර ගිය අතර මේ මහා ආගමික මංගල්ලය එකාවන්ව සැමරීමට ජනතාව පෙළ ගැසුනි. ගම, නගරය කියා භේදයක් නොමැතිව සිරිලක පුරා විවිධ සද් කාර්යයන් රැසක් බුද්ධ ජයන්තිය සමරමින් ඉටු වෙද්දී වෙසක් මාසයෙන් පසු එළඹෙන පොසොන් මාසයේදී තම ශක්ති ප්‍රමාණය අනුව යහපත් දෙයක් අනුරාධපුරයේදී කරන්නට ගම්පහ, මාකේවිට බස් හිමියෙකු වූ ජයසිංහ මහතාට සිත් වූයේ බුද්ධ ජයන්තියෙන් ලද උද්යෝගය නිසා විය යුතුය. ඒ සඳහා තබන මූලික පියවරක් ලෙස හෙතෙම මාකේවිට එක්සත් තරුණ සංගමය නමින් සංගමයක් පිහිටුවා ගත්තේ හරියටම බුද්ධ ජයන්තිය සමරන ලද වෙසක් පෝ දිනයි.
තරුණ සංගමයේ ආරම්භක සාමාජිකයන් බහුතරය ජයසිංහ මහතාගේ ඥාති හිතමිත්රාදින්ම වූහ. මේ ඇත්තන් තමන්ගෙ පළමු ව්‍යායාමය ලෙස 1956 වසරේ පොසොන් උත්සවය සමරන්නට, අනුරාධපුර පුද බිමට, ලංකාවේ නන් දෙසින් පැමිණෙන සැඳැහැවත් ජනතාවගේ දාහය නිවන්නට කුරුම්බා දන්සැලක් පවත්වන්නට කථිකා කර ගත්හ.
තමන්ගේ බලාපොරොත්තුව සැල කල සැනින් වතු හිමියො කුරුම්බා වලු පිටින් කපාගෙන යන්නට ඔහුට අවසර දුන්හ. මේ කියන කාලයේ අද තරම් පොල් මිළ ඉහළ ගොස් නොතිබූ හෙයින් කුරුම්බා වල්ලක් දෙකක් දන් දෙන්නට වතු හිමියන් දෙවරක් සිතුවේ නැත. ඒ අවසරයෙන් එකතු වූ සිය දහස් ගනනක කුරුම්බා මාකේවිට එක්සත් තරුණ සංගමයේ තරුණයන් ලොරියක පටවාගෙන අනුරාධපුරයට රැගෙන ගොස් කුරුම්බා දන්සැල පවත්වා තිබේ.
බස් හිමියෙකු ලෙස ජයසිංහ මහතා එවකට ලංකාව පුරාම සංචාරයේ යෙදෙන්නට ඇතැයි අපට සිතිය හැක. ඒ ගමන් බිමන් වළදී පොසොන් උත්සවය සමරන්නට අනුරාධපුරයට එකතු වන දහස් සංඛ්‍යාත ජනතාවට මුහුණ දෙන්නට සිදුවන ගැටලු, අපහසුතා ඔහුට සන්නිවේදනය වී තිබෙන්නට ඇත. ඒ නිසාම ඔහුගේ දන්සැල අනුරාධපුරයේ ඉඳි වූවා විය යුතුය.
1956 සිට වසර 10 ක කාලයක් පොසොන් දිනයේ මාකේවිට එක්සත් තරුණ සංගමයේ කුරුම්බා දන්සැල අනුරාධපුරයේ රුවන්වැලි සෑ රදුන් හා ථූපාරාමය යා කරන පෙත් මග යනුවෙන් හැඳින්වෙන මාර්ගය ආසන්නයේ පවත්වා තිබේ. අද සිමෙන්ති ගල් අල්ලා විසිතුරු කොට තිබෙන පෙත් මග මේ කියන කාලයේ ඒ කිසිත් නැති ගුරු පාරක් බඳු යැයි තතු දන්නෝ මා සමග පවසා තිබේ.
කුරුම්බා දන්සැලට වයස වසර 10 ක් වූ තැන තරුණ බෞද්ධ සංගමයේ එවකට සාමාජික ඇත්තන් 11 වන වසරේ සිට කුරුම්බා දන්සැල බත් දන්සැලක් බවට පත් කරන්නට තීරණය කළෝය. වර්තමානයේ මෙන් අඩියෙන් අඩිය දන්සැල් පොසොන් සමයේ අනුරාධපුරයේ නොතිබුන නිසා බත් දන්සැලක් පැවැත්වීම බොහෝ සේ වැදගත් යැයි සංගමයේ එවකට සාමාජිකයන්ට වැටහී යන්නට ඇත.
වසරින් වසර අලුතින් සංගමයට එකතු වන සාමාජික පිරිසත් දරාගෙන, දන්සැලේ පරිමාණයද වැඩුනි. එතැන් සිට චිරාත් කාලයක් අඛණ්ඩව දන්සැල පැවැත්වීමට ජයසිංහ මහතාට හැකියාව ලැබුනේ ඔහුගේ ප්‍රිය බිරිඳගේ සහයෝගයත් මේ වෙනුවෙන් මොනවට ලැබුනු හෙයිනි. බස් කර්මාන්තයට සම්බන්ධ තවත් පවුලකින් පැවත එන ඇය ජයසිංහ මහතා මුල්ම දන්සැල පවත්වන කාලයේ තම පියා සහ හිතවතුන් අනුරාධපුරයේ පැවැත්වූ වෙනත් දන්සැලකට සම්බන්ධව සිටියාය. යාබද භූමි භාග වල පැවැත්වූ මේ දන්සැල් කෙරුවාව අවසානයේ මේ දෙපළට විවාහයේ දොරටුව විවර වන්නට ඇති බව සිරා කොලුවාගේ අදහසයි.
ස්ථිර නිළධාරී මණ්ඩලයක් දන්සැල් කටයුතු වලට පත් වූ කාලයේ සිටම දන්සැලේ අනුශාසක ධූරය දරන්නේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක අධිපති ධූරය දරන තෝරපිටියේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසිනි. තමන්ගේ විහාරස්ථානයේ පොසොන් පින්කම් අවසන් වූ සැනින් උන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරන්නේ දන්සැලේ කටයුතු සොයා බැලීම උදෙසායි.
බත් දන්සැලේ මුල් පෙලේ නිළ දරුවන් අනුශාසක හිමියන් සමග,
වික්‍රමරත්න සභාපති තුමා වම් කෙළවරේ.
මාකේවිට එක්සත් තරුණ සංගමය වසරක් පාසා සාර්ථකව පවත්වාගෙන පැමිණි බත් දන්සැලේ 50 වෙනි පියවර 2016 වසර හා සම්බන්ධව තිබුනි. මේ දන්සැල ආරම්භයෙන් පසු කිසිම වසරක නතර වී නැත. කුමන අපහසුතාව තිබුනත් නිසි පරිදි දන්සැල පවත්වා තිබේ. හාල්මිටි 3 ක බත් සපයමින් ආරම්භ වූ මේ දන්සැල දැන් හාල් මිටි (කිලෝ 50) 50 ඉක්මවන ධාරිතාවක් දක්වා දියුණු වී තිබේ. එක දිගට මහා පරිමාණයෙන් 50 වසරක් දන්සැලක් පවත්වනවා යනු සෙල්ලම් වැඩක් නොවන බව මේ මහා කාර්යය පිටුපස සිටින මහා ජන සමූහයා දෙස බැලූ විට පැහැදිලි වෙයි.
49 වෙනි දන්සැලටත් රෝද පුටුවක් මත සිටිමින් සහභාගි වූ දන්සැලේ නිර්මාතෘ ජයසිංහ මහතාට දෛවයේ සරදමක් නිසාදෝ 50 වෙනි පියවරට සහභාගි වන්නට නොහැකි වූයේ ඊට මාස කීපයකට පෙර හෙතෙම මිය පරළොව ගිය නිසාය. එහෙත් ඔහුගේ බිරිඳ සහ දරු කැළ මේ මහා වෑයම තවමත් ඉදිරියට රැගෙන යන්නේ පොසොන් වන්දනාවේ අනුරාධපුරයට පැමිණෙන දහස් සංඛ්‍යාත සැඳැහැවතුන් කෙරේ උපදින සැබෑම ආදර කරුණාව නිසාය.
මෙවර දන්සැල උදෙසා ජයසිංහ මහතාගේ නිවසින් අපි සැම පිටත් වූයේ පොහෝ දිනට පෙර දින රාත්තිරියේ 11 කණිසමට බව මගේ මතකයේ රැදී තිබේ. ඒ වන විටත් මාස ගනනාවක උත්සාහයේ ප්‍රතිඵල ලෙස දන්සැලට අවැසි සියලුම දේ සුජෘනම් කර ඒවා ප්‍රවාහනය කරන රථ වාහන වලට පටවා අහවරය. ජයසිංහ මහතාගේ පුතුන් දෙදෙනා පියාගේ මග යමින් ප්‍රවාහන ක්ෂේත්රයේ කටයුතු කරන නිසා මේ ගමන් සඳහා උවමනා රථ වාහන වලින් අඩුවක් නැත.
පාන්දර 4 කණිසම වන විට අනුරාධපුරයට පැමිණි අප විවේකයක් නොගෙනම ලහි ලහියේ කන්ටේනර් රථ දෙකක තිබූ බඩු බාහිරාදිය සහ අඩුම කුඩුම ඉක්මනින් දන්සැල පවත්වන ස්ථානයට ගෙන ආවෙමු. එදා ජයසිංහ මහතා කුරුම්බා දන්සැල ආරම්භ කල ස්ථානයේම තවමත් මාකේවිට එක්සත් තරුණ සංගමයේ බත් දන්සැල ඉඳිවෙයි.
විවිධ වයස් කාණ්ඩ වලට අයත් දන්සැලේ කටයුතු සඳහා පැමිණි කාන්තා පිරිමි, තරුණ, මහළු ජනතාව කාගේවත් නියම කිරීමකින් තොරව තම තමන්ම වැඩ රාජකාරී පවරාගනිමින් හැකි ඉක්මනින් දන්සැල ආරම්භ කරන්නට යුහුසුලු වෙති. තැනක හට්ටි මුට්ටි, එළවළු තැන්පත් වෙයි. තවත් තැනක දන්සැලේ පිරිසගේ භාවිතයට වැසිකිළි පද්ධතියක් ඉඳි වෙයි., තවත් තැනක තහඩු යොදා දන්සැලට පැමිණෙන ජනතාවට සෙවනක් සැදෙයි, තවත් තැනක දන්සැලේ විදුලි ආලෝක පද්ධතිය සහ ජලනළ පද්ධතිය ස්ථාන ගත වෙයි.
අද තරම් පහසුකම් එදා තිබුනෙ නෑ. වතුර වලින් තමයි ගොඩාක්ම ප්‍රශ්න තිබුනෙ. බවුසර් වලින් වතුර ගෙනත් දෙනකං අපිට දන්සැල නවත්තගෙන බලාන ඉන්න උන කාලයකුත් තිබුනා. දැන් වගේ ලග ලග දන්සැල් තිබුනෙ නැති නිසා මේ දන්සැල් වලින් බත් ටිකක් කන්න මිනිස්සු සෑහෙන්න ආවා. ජයසිංහ මහතාගේ බිරිඳ මා සමග එලෙස පැවසූයේ දන්සැලේ ඉතිහාසය පිළිබඳ එතුමියගෙන් මා විමසීමක් කළ හෙයිනි.
ලහි ලහියේ ඉදුන සුවඳ හමන පරිප්පු හොද්දක් සමග අනුරාධපුරයේ තැටි පාන්, දන්සැල් කාර්ය මණ්ඩලයට උදෑසන ආහාරය වූවේය. එතැන් සිට සිය වගකීම් සෑම කෙනෙක්ම මනාව ඉටු කල නිසා දහවල් බත වන විට බත් දන්සැල ආරම්භ කරන්නට කටයුතු යෙදිනි. දන්සැලේ නිර්මාතෘ ජයසිංහ මහතාගේ මළනුවන් වන වික්‍රමරත්න මහතා වර්තමානයේ මේ දන්සැලේ මුල් පුටුව හොබවයි. ඒ සඳහා බොහෝ පිරිසකගේ සහයෝගය දායකත්වය ඔහුට ලැබේ. මාකේවිට බත් දන්සැලෙන්ම බත් කන්නට බලා සිටින ජනතාවක් දැන් අනුරාධපුරයේ සිටිති. පසුගිය වසර 50 තුලදී දන්සැල් කෙරුවාවෙන් උපයාගත් වත්කම මේ මිනිසුන් විය යුතුය.
පොසොන් පෝය දිනයට පෙර දිනයේ දහවල් බතින් ඇරඹී පොසොන් පෝය අවසන් වී පසුදින දහවල දක්වාම මේ මහා දන්සැලේ දොර පොදු ජනතාවට විවෘතය. දන් සැලට නැවතීමක් නැත. පිරිසක් නිදි දෙව්දුවගේ සුවය විදින අතරේ තවත් පිරිසක් ගජරාමෙට වැඩය. පාන්දර 3 කණිසමට වුවත් උණු උණු බත් බුදින වන්දනාකරුවන්ගෙන් දන්සැලට අඩුවක් නැත.
හාල් කිලෝ 40 ක් විනාඩි 40 න් බත් බවට පත් කරන ස්ටීමරයක් , පොල් ගාන යන්ත්‍ර, පොල් කිරි මිරිකන යන්ත්‍ර ආදියෙන් මාකේවිට එක්සත් තරුණ සංගමයේ දන්සැල පොහොසත් වී තිබෙන නිසා වැඩ කටයුතු වේගවත් වී තිබේ. මේ සියලුම යන්ත්‍ර උපකරණ තරුණ සංගමය සතු වන අතර ඒවා භාවිතා කරන්නේ මේ දන්සැලේ කටයුතු වෙනුවෙන් පමණකි.
දන්සැලේ කටයුතු කරන සියලුම දෙනාට තේ සපයන්නේ එක් කාන්තාවකි. ඇගේ වගකීම බවට ඒ කාරිය පත් වී තිබුනි. යහමින් ඉඟුරු යොදා ඇයගේ අත්ගුණය සහිතව අපට ලැබුන ප්ලේන්ටියේ රස ගැන කියන්නට වදන් නැත. එවන් ප්ලේන්ටියක් නිවසේදී හෝ පානය කරන්නට නොලැබෙයි. එය එතරම්ම රසවත්ය.
ස්ටීමරය
දන්සැලේ පෝලිම හසුරවන වගකීම, පැමිණෙන අයගේ බත් පතට මාළු පිණි බෙදන වගකීම, පිගන් සෝදන තැනින් දන්සැල තුලට රැගෙන යාමේ වගකීම, ආදී වගකීම් රාශියක් වරින් වර සිරා කොලුවා අතින් ඉටු වූවේය. වෙහෙසකර දවසක් අවසානයේ සැම විටම බසවක්කුලම වැවෙන් ස්නානය කිරීමට ලැබුන අතර එයින් පසුව දැනුන සුවය කියා නිමකල නොහැක.
බසවක්කුලම වැවට පෙනෙන ජේතවනාරාමය
බසවක්කුලම වැව් කණ්ඩියට පෙනෙන අභයගිරිය
මේ වසරේ සිට තිසා වැවේ ජල ස්නානය තහනම් කොට තිබේ. එය ඉතාමත්ම වැඳගත් තීරණයක් වන්නේ අනුරාධපුර පූජා නගරයේ පානීය ජල අවශ්‍යතාව ඉටු කරන්නේ තිසා වැවෙන් ලබාගන්නා ජලයෙන් වන නිසාය. ඒ ඇරත් වාර්ෂිකව අනුරාධපුර වන්දනාවේ පැමිණ තිසා වැවේ රොන් මඩ අතර සැගවී යන තරුණ ජීවිත ප්‍රමාණයද මේ තීරණය සමග සුරක්ෂිත වී තිබේ.
අපේ ගම් පියසේ පවත්වන දන්සැලකදී මෙන් නොව මෙහිදී දන්සැලට සහභාගි වන අති මහත් බහුතරය අහිංසක මිනිසුන්ය. සැබෑ ලෙසම දන්සැලක අවශ්‍යතාව දැනෙන මිනිසුන්ය. එවැනි මිනිසුන් පිරිසකට සේවය සලසන්නට ලැබීම සැබවින්ම සතුටකි. වයසක අම්මලා ආහාර අනුභවයෙන් පසුව දන්සැල තුලදීම අපේ අත් වලින් අල්ලාගෙන පින් දෙයි. යෝධ බල යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරයි. මෙලෙස දන්සැල තුලදීම අපේ වෑයම අගය කරද්දී, අප විසින් කරන සත්කාර්යයේ තරම අපට අවබෝධ වෙයි. එය කියා නිමකල නොහැකි තරමේ එකකි. සිතට මහත් ප්‍රහර්ෂයකි.
පොහෝ දින උදෑසන දන්සැලේ පෝලිම් ගැසී සිටින ජනතාව
දන්සැල අවට තාවකාලික වෙළඳසැල් පවත්වාගෙන යන වෙළඳ ප්‍රජාවටද දන්සැලෙන් සැලසෙන සේවය අතිමහත්ය. වෙහෙසකර දිනයක් අවසානයේ නින්දට යන සිරා කොලුවා වැරදීමකින් හෝ පාන්දර යාමයේ අවදි වූවා නම් ඒ මොහොතේත් දන්සැල තුල ආහාර අනුභව කරන ජනතාව සුලභ වූහ. නිදි වරාගෙන ඔවුන් වෙත සේවය සලසන සත් පුරුෂයන් දන්සැල් නඩය තුල වෙනමම වූහ.
එක් වාරයකට රුපියල් මිලියනයකට වඩා මුදලක් වියදම් කරන මේ මහා දන්සැල පුරා දින 3 කට පසු චරිත්රානුකූලව මහා සංඝරත්නය විෂයෙහි පවත්වන සංඝගත දක්ෂිණාවකින් අවසන් වෙයි. එතැනදී දන්සැල පවත්වන්නට මුල් වූ අද අප අතර නැති සියලු දෙනාටම පින් පෙත් අනුමෝදන් කරති. ඒ කාර්යය අවසානයේ අඩුම කුඩුම නැවතත් කන්ටේනර් රථ වලට පැටවීම ආරම්භ වන අතර ඒ කටයුතු අවසානයේ අදුරු වැටුන අනුරාධපුරයෙන් අපි සමුගත්තේ යහපත් ක්‍රියාවක නිරතවීමෙන් ලද පරම පිවිතුරු සතුට දෝත දරාගෙන ඊළග වසරේත් මේ දන්සැලේ සේවයට පැමිණෙන බැව් ශපත කරමිනි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
සියලුම ඡායාරූප මවිසින් ලබාගත් ඒවාය.
මෙම තරුණ සංගමය පිහිටුවන්නට මූලික වූ කිසිවෙකුත් දැන් ජීවතුන් අතර නැත.
මේ කර්තව්‍ය හුදෙක් බත් දන්සැලකට පමණක් සීමා වී නැත. එයින් එහා ගිය මහා සමාජ මෙහෙවරකට මේ සමිතියේ ඇත්තන් උර දී සිටිති. ඒ අනුව අඩු ආදායම් ලාභීන්ට නිවාස ඉඳි කර දීම, අඩු පහසුකම් සහිත දහම් පාසල් වලට පොත් පත් සහ වෙනත් උපකරණ ලබාදීම ආදිය ප්රමුඛ වෙයි. මේ දින වල දන්සැලේ නිළධාරී මණ්ඩලය අඩු පහසුකම් සහිත දහම් පාසලක් සොයමින් සිටින්නේ එහි අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙත අධ්‍යාපන උපකරණ ලබා දීම උදෙසායි. මේ ලිපිය කියවන ඔබ එවැනි ස්ථානයක් ගැන දන්නේ නම් කරුණාකර සිරා කොලුවා වෙත ඊයක් විඳින්න.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com58tag:blogger.com,1999:blog-579265960012007263.post-80345322548485502912016-06-12T23:20:00.000+05:302016-06-13T00:00:12.887+05:30මාටින් මුදලාලි
මාටින් මුදලාලි අඩි 6 ක් විතර උස දේහදාරියෙක්. කොටු වැටුන සරමට කොලර් එක තියෙන ටී ෂර්ට් තමයි ඔහු නිතරම ඇන්දෙ. යුක්තියට මිස අයුක්තියට හිස නමන්නෙ නැති, තමන්ගේ මතයේම එල්බ සිටි සෘජු චරිතයක්, තමන්ගෙ දරු මුණුබුරන්ට අසීමිතව ආදරය කරපු, තමන්ගෙ ඇඹේණිය එක්ක සමගියෙන් පවුල් කාපු, ආදරණීය චරිතයක් විදියටත් ඔහුව හඳුන්වා දෙන්න පුලුවන්. අද සිරාගෙ කාමරෙන් මම බොලාට කියන්නෙ මගේ සීයා වෙච්ච මේ ආදරණීය මිනිසා ගැනයි.
සිරා කොලුවගෙ මෑණියන්ගෙ සීයා දාවිත් අප්පුහාමි මාතර සුල්තානාගොඩ ප්‍රදේශයේ ඉඳලා ගම්පහ ප්‍රදේශයට පදිංචියට ආවෙ බොහොම තරුණ කාලෙදි. ගම්පහ නාගරික සීමාව අවට 1900 - 1920 කාලය අතරතුරදි ඇති තරම් හිස් ඉඩ කඩම් තිබුනා. රටේ අග නගරයට යාබදව, වෙනත් ස්වභාවික කරදර වලිනුත් තොර මේ භූමිය අනාගත වාසස්ථානය කර ගන්න එදා ඔහුට හිතෙන්න ඇති. සුල්තානාගොඩ ඉඳලා වෙළදාම ඔස්සේ ගම්පහට ආපු දාවිත් අප්පුහාමි ගම්පහ නගරය තමන්ගෙ අනාගත වාසස්ථානය කරගත්තා විතරක් නෙමෙයි ඒ අවටින්ම තමන්ගෙ භාරියාවත් හොයා ගත්තා. අදටත් ගම්පහ නගර සීමාවේ ජීවත් වෙන අයගෙන් 80% ක් මාතරින් ගම්පහට පැමිණි පරම්පරාවෙන් පැවතෙන අය. දාවිත් අප්පුහාමි පරම්පරාවෙ ජාන වල සටහන් වෙලා තිබුනෙ. වෙළඳාම විතරමයි. ඒ ඇත්තො වෙළඳාමෙන් තොර ජීවන උපායක් ගැන දැන උන්නෙ නෑ.
දාවිත් මුත්තගෙ කසාදෙ ප්‍රතිඵල විදියට පුතුන් තුන් දෙනෙක් මෙලොවට ජනිත උනා. ඒ අයගෙන් වැඩිමලාගෙ නම මාටින්. උන්දැ පස්සෙ කාලෙක ගම්පහ නගරයේ වෙළඳ ප්‍රජාව අතර ප්‍රසිද්ධියට පත් උනේ මාටින් මුදලාලි කියන නාමයෙන්. මාටින් මුදලාලි තමයි සිරා කොලුවගෙ මවගෙ පියා. එහෙමත් නැතිනම් සිරා කොලුවගෙ සීයා. ඔහුත් තමන්ගෙ පරම්පරාව අනුවම වෙළඳාම ජීවනෝපාය කරගත් අයෙක්.
1950 දශකය කාලෙ අද ගම්පහ එළවළු මාරකැට්ටුව තිබෙන තැන ස්ථිර ගොඩනැගිල්ලක් තිබිලා නෑ. විවිධ වෙළඳුන් ඉඩ කඩ තිබෙන පරිදි තම තමන්ගෙ වෙළඳාම් කටයුතු කරගෙන ගොස් තිබෙන්නේ එළිමහනෙ. මේ විදියට එළවළු, පළතුරු, කුළුබඩු, හට්ටි මුට්ටි වගේ දේවල් එළිමහනෙ වෙළදාම් කරන වකවානුවක හිටි අඩියේම මේ වෙළඳුන් වෙනුවෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ඉඳිකරන්න ගම්පහ නගර සභාවේ ඇත්තන්ට හිතක් පහළවෙලා තියෙනවා.
මේ ගොඩනැගිල්ලෙ වැඩ ඉවර උනාම එතෙක් එළිමහනෙ වෙළඳාම් කරපු ඇත්තන්ට ගොඩනැගිල්ල තුල ස්ථිර කඩකාමර ලබාදෙන්න තීරණය වෙලා. නොම්බර ඇදීමකින් තමයි ඒ ඒ අයට හිමි කඩකාමරය පිහිටි ස්ථානය තීරණය වෙලා තියෙන්නෙ. සිරා කොලුවගෙ සීයා ඒ වෙද්දි ස්ථාන දෙකක තමන්ගෙ වෙළඳාම් කටයුතු කරමින් හිටිය නිසා ඔහුට කඩකාමර දෙකක් හිමි වෙලා තියෙනවා. මගේ මෑණියන් පවසන පරිදි ඔහුට ලැබිලා තියෙන්නෙ 40 න් උඩ ඉලක්කමක්. ඒ අනුවයි ඔහු තමන්ගෙ කඩ කාමර දෙක තෝරගෙන තිබෙන්නෙ.
අපේ මාටින් මුදලාලි සීයගෙ ප්‍රධාන වෙළඳ ද්‍රව්‍ය උනේ පළතුරු. කොළඹින් ඇපල්, මිදි, දොඩම්, පෙයාර්ස් වගේ පිටරට පළතුරු වර්ගත්, ගම් පළාත් වලින් රඹුටන්, කෙසෙල්, මැංගුස්, අඹ වගේ පළතුරු වර්ගත් ඔහු කරා ආවා. සමහර වෙලාවට ඔහු විසින්ම කොළඹින් මේවා අරගෙන ආවා. එහෙමත් නැත්තං කොළඹ යන වෙනත් කෙනෙකු මාර්ගයෙන් ගෙන්වා ගත්තා.
සිරා කොලුවට යමක් කමක් තේරෙන වයසෙදි මම දැක්කෙ සීයගෙ පළතුරු කඩේ ගොඩගහලා තියෙන පළතුරු ගොඩවල්. සමහර වෙලාවට කඩේ ඇතුලෙම පළතුරු කළුවෙලා, වේලිලා අවසන් ගමන් ගියා. ගණුදෙනුකරුවො කොච්චර හෙට්ටු කලත්, මොන තරම් අඳෝවැඩියා කිව්වත් සීයා තමන්ගෙ ගාන අඩු කලේ නෑ. ඒ ගානට විකුණන්න බැරිවෙලා කුණුවෙලා ගියත් කමක් නෑ. ඔහු එහෙම හිතන්න ඇති. මාටින් මුදලාලි බොහොම සෘජු චරිතයක් කියලා මම ලිපිය ආරම්භයේම කිව්වෙ ඒ නිසයි.
නෝනා මේ, ගන්නෙ නැත්තං ඔබා ඔබා බලන්නෙ නැතුව යන්න...
තමන්ගෙ අඹ ගොඩෙන් අඹ ගෙඩි කීපයක් ඔබ ඔබා බල බලා සිටින නෝනෙක් දැක්කම අපේ සීයා කිව්වෙ එහෙමයි. පාරිභොගිකයගෙ හැසිරීම අනුව ඔහු හෝ ඇය පළතුරු මිළදී ගන්නවද නැද්ද කියලා ඔහු දැන උන්නා වෙන්න පුලුවන්.
වර්තමානයේ ලංකාවෙ ඉතාම ප්‍රසිද්ධ අංක එකේ සමූහ ව්‍යාපාරයක නැසීගිය හිමිකරුවා වගේම මූලාරම්භකයා, ඥාතීත්වයෙන් මගේ සීයාගෙ බාල සහෝදරයෙක්. ඔහුත් මාතර පළාතෙන් ඇවිත් ගෙන්දගම් පොළවේ පය තබපු කෙනෙක්.
තමන්ගෙ ව්‍යාපාර බොහොම සුළුවෙන් කෙරෙන කාලෙ ඔහුගේ තාවකාලික නවාතැන වගේම ආහාර සම්පාදනය සිදු වී තිබෙන්නෙත් ගම්පහ විජයාරාම පාරෙ පිහිටා තිබුන අපේ සීයගෙ නිවසින් , එහෙමත් නැතිනම් අම්මගෙ මහ ගෙදරින්. මගේ මෑණියන්ගෙ මව හෙවත් මාටින් මුදලාලිගෙ ප්‍රිය බිරිඳ කිරි අම්මා, මෙවැනි චරිත වලට අදෝවැඩියාවකින් තොරව බත් තම්බපු නිර්ලෝභී චරිතයක්.
අඩියෙන් අඩිය ව්‍යාපාරික ලෝකයෙ ඉහළට ගිය මේ මුදලාලි චරිතය මුලින්ම මිළට ගත්තෙ මොරිස් මයිනර් කාර් රථයක්. ඒ අවදියෙ තමයි ඔහු අවසාන වශයෙන් සීයගෙ නිවසෙ පස් පාගා තිබුනෙ. ලංකාවම හඳුනන ප්‍රසිද්ධ, ධනවත් ව්‍යාපාරිකයෙක් බවට පත් උනාට පස්සෙ ඔහු තමන්ගෙ ඥාතීන් තමන්ගෙ දෙපා මුලට ගෙන්වාගන්නා සිරිතකට පණ දී තිබෙනවා
කවදත් කෙලින් කථාවක් තිබුන අපේ සීයා හෙවත් මාටින් මුදලාලි බොහොම අවංකව කිව්වෙ බාලයා වැඩිමලා ලගට එනවා මිස, වැඩිමලා බාලයා ලගට යන සිරිතක් නෑ කියලා. ඔහු කවදාවත් තමන්ගෙ මලණුවන් කෙනෙකු වන මේ ධනවත් ව්‍යාපාරික තැන හමුවෙන්න ඔහුගේ දෙපතුල ළගට ගියේ නෑ, තමන්ගෙ දරුවෙක් යැව්වෙත් නෑ. ඔවුන්ට රැකියාවක් දෙන්න කියලා ආයාචනය කලෙත් නෑ . අපේ සීයා එදා ඊට වඩා වෙනස් ලෙසකින් හැසිරුනා නම් අද සිරා කොලුවත් මේ කියන දැවැන්ත ව්‍යාපාරික ජාලයේ ඉහළ කළමණාකාර තනතුරක ඉන්න ඉඩ තිබුනා.
මාටින් මුදලාලිගෙ පළතුරු වෙළඳ සැලේ කටයුතු සිදු උනේ ඔහුටම ආවේණික ක්‍රමයකට. කොපමණ හෙට්ටු කලත් තමන්ගේ මුදලට මිස ගණුදෙනුකරුවා ඉල්ලන මුදලට ගණුදෙනුකරන සිරිතක් ඔහුට තිබුනෙ නෑ. ඒ නිසාම බොහෝ වෙලාවට මුදල් දී ලබාගත් පළතුරු කඩය ඇතුලෙම කුණු උනා.
මෙවැනි පාඩු නිතරම සිදු වෙද්දි ඔහුට සිතුනා වෙළඳාමෙන් අයින් වෙලා කරත්ත රස්සාවෙ රහ බලන්න. නිවැසියන්ට කිසිම දෙයක් නොකියා දවසක් ඔහු හොර රහසේම තමන්ගෙ ව්‍යාපාරික ස්ථානයක් අත්පිට මුදලට විකුණලා තිබුනෙ ගොනෙක් සහ කරත්තයක් මිළදී ගන්නා අරමුණෙන්. නමුත් දුර දිග දකින මනා නුවනක් තිබුන අපේ මිත්තනිය, කිරි අම්මා එදාම ඒ මුදල රැගෙන කඩ කාමරය මිළදී ගත් ව්‍යාපාරිකයා මුණ ගැහිලා, ඔහුට නොවඳිනා වැඳුම් වැඳලා ආයෙමත් එය ලබා ගන්න සමත් වෙලා තිබුනා.
තමන්ගෙ පරම්පරාව අනුව වෙළඳාම ජීවනෝපාය කරගත්ත අපේ සීයා 1950 දශකයෙදි ආර්ථික තත්වය අතින් ඉහළ තැනක හිටියා කියන්න හරි අපූරු උදාහරණයක් තියෙනවා. ඔහු තමයි ගම්පහ විජයාරාම මාවතේ නිවෙසකට මිළදී ගත් පළමු ගුවන් විදුලි යන්ත්‍රයේ හිමිකරුවා. එංගලන්තයෙ එළිසබෙත් මහ රැජිනගෙ විවාහයේ විස්තර ගුවන් විදුලියෙන් අහ ගන්න ඒ පළාතෙ බොහෝ දෙනා මේ නිවසට මේ විවාහ උත්සවය පැවැත්වුන දවසෙ එක් රැස් වූ බවක් කිරි අම්මා ජීවතුන් අතර සිටි කාලයෙදි මා හට කියා තිබෙනවා.
සිරා කොලුවට දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලම අම්මගෙ මහ ගෙදර යන්න තිබුනෙ පුදුමාකාර කැමැත්තක්. අපේ සීයා වගේම කිරි අම්මත්, අම්මගෙ අයියා හෙවත් මාමගේ සමාගමයත් මගේ පුංචි හිතට එකතු කල චමත්කාරය ඉතාම ඉහළයි. ඒ නිවෙසට ගිය හැම වෙලාවකම අපේ සීයා තමන්ගෙ වියදමෙන් අපේ පුංචි බඩගෙඩි රසමසවුලෙන් පුරවන්න දැරුවෙ ලොකු මහන්සියක්. ඔහු අපට ආදරය දැක්වූවෙ ඉතාම නිහඩව බව තමයි මගේ මතකයෙ තියෙන්නෙ.
උදේම මාරකැට්ටුවෙ පළතුරු කඩයට යන සීයා, එතන කටයුතු අහවර කරලා හැන්දෑවෙ 5 - 6 වෙද්දි ආපහු නිවෙසට එන්නෙ පා ගමනින් පුංචි මල්ලකුත් එක උරහිසක දරාගෙන. නිවසට එදිනෙදා උවමනා අඩු වැඩිය හැංගිලා තිබුනෙ ඒ බෑග් මල්ල අස්සෙ. සීයා නිවසට ආවට පස්සෙ කිරි අම්මා හදලා දෙන තේ කෝප්පයකින් කාරිය සප්පායම් වෙලා ගෙමිදුල අමදින්න පටන් ගන්නවා. නිවෙසට පිටතින් තිබෙන පහන් පැලේ පහන දල්වන්නෙ හැමදාමත් එකම වෙලාවකට වගේ. මමත් , මයෙ මලයත්, අපේ මාමගෙ පුත්‍ර රත්නයත් එකට එකතු උනාම පුංචි පහේ වළියක් දෙකක් යන්නෙ කලින් සැලසුම් කරලා නෙමෙයි. එහෙම වෙලාවට අපේ සීයා, මාමගෙ පුත්‍රයගෙ නම පවසමින් ඒකාට ආඩපාලි කියන්නෙ මේකා තමයි මූලිකයා කියමින්. මේ සියලුම රාජකාරි අවසන් උනාට පස්සෙ විශාල වෑල් රේඩියෝව ලඟ ඉඳගෙන වෙළඳ සේවය සුසර කරන එක ඔහු නොවැරදීම සිදු කලා. මේ ගුවන් විදුලි යන්ත්‍රය මෑතක් වනතුරුම යෙහෙන් වැජඹුනත් වර්තමානයේ එයට කුමක් සිදු වී දැයි මම දන්නෙ නෑ.
මා හට මතකයක් නැති වුවත් වතාවක් සීයගෙ සංවිධාන ශක්තියෙන් ගම්පහ ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක් පවත්වා තිබෙනවා. එදා මේ රැස්වීමට ප්‍රධාන කථිකයා විදියට සහභාගි වෙලා තියෙන්නෙ විජය කුමාරණතුංග මහතා. ඔහුව බුලත් හුරුල්ලක් දී පිළිගෙන ඇත්තෙත් අපේ සීයා විසින්. පුංචි සිරා කොලුවා කිරි අම්මගෙ අතට වෙලා මේ රැස්වීම දිහා බලාන ඉඳලා තියෙන්නෙ විජයව දැකගන්න ආව මහ සෙනග අස්සෙ රැස් කමින්. එදා ඒ මහ සෙනග අස්සෙ උන්න මදාවියෙක් සිරා කොලුවගෙ පංචායුදේට වග කියලා.
පුංචි සිරා කොලුවා සීයගෙ පළතුරු කඩේට යන්න ලැබුන අවස්ථා වලදි එහෙ ගියෙ බොහොම ආශාවෙන්. එහෙම ගිය දවසක, සීයා කිරි තේ එකක් අරගෙන එන්න මාව කඩේ මුදලාලි කරලා ගිය අල්ල පනල්ලෙ මම පුංචි ගණුදෙනුවක් කරලා ඉතිරි මුදල් නිවැරදිව ලබා දුන්නා. සීයා ආවෙ කිරි තේ කෝප්ප දෙකක් සහ ආනමාළු කෙසෙල් ගෙඩිත් අරගෙන. මගේ කථාව අහපු උන්දැ බොහොම සතුටට පත් උනා. ඒ දවස තවමත් මගේ මතකයෙ ගැඹුරෙ නිරුපද්‍රිතව සටහන් වෙලා තියෙනවා.
අපේ මාටින් මුදලාලි සීයට තිබුනා බොහොම කැත පුරුද්දක්. ඒ තමයි කටේ තියෙන බුලත් හපේ සමගම නින්දට යාමේ පුරුද්ද. හුණු, දුංකොල එක්ක ඒදන මේ බුලත් විඩේ රස ඔහුට දිනපතා බලන්න ඕනෙ. හැබැයි නින්දට පෙර ඉවත් කරන පුරුද්ද හුරු කරන්න කිසිම කෙනෙක්ට හැකියාව ලැබුනෙ නෑ
මේ විදියට බුලත් විට කෑමේ ප්‍රතිඵලයක් විදියට අපේ සීයගෙ තොල් වල පිළිකා තත්වයක් ඇති උනා. එයට ප්‍රතිකාර කරන්න ඔහුව මහරගම පිළිකා රෝහලේ නැවැත්තුවා. සිරා කොලුවගෙ අම්මා, එයාගෙ අයියා, සහ නංගි ගම්පහ සිට මහරගමට දිනක් හැර දිනක් යමින් සීයගෙ සැප දුක හොයලා බැලුවා.
විශේෂඥ දොස්තර මහත්වරුන්ගෙ නිර්දේශ අනුව සැත්කම් දෙකක් සීයට කරන්න නියම උනා. පළවෙනි පියවර යටතේ කලවයෙන් ලබාගන්න පටක යොදාගෙන ඔහුගේ මුඛය සම්පූර්ණයෙන්ම වසා දමන්නට තීරණය කලා. ඒ කාලසීමාවෙදි ඔහුට දියරමය ආහාර පමණක් ලබාගන්නට කුඩා බටයක් ස්ථිර ලෙස මුඛයේ රඳවා තිබුනා. දෙවැනි සැත්කම යටතේ පෙර පරිදි මුඛය නැවත් සකසන්නට තීරණය වී තිබුනා.
මේ ප්‍රතිකාර ආරම්භ කරන්න කලියෙන් දවසක සිරා කොලුවගෙ අ.පො.ස සා/පෙ ප්‍රතිඵල පිට උනා. මෑණියන් සමග සීයව බලන්න මහරගම ඉස්පිරිතාලෙ ගිය දවසක ඔහු තමන්ගෙ වේදනාව යටපත් කරගෙන මගෙන් ඇහුවෙ විභාගෙ සමත් උනාද කියලා ? මම ඔව් කිව්වම ඒ අසරණ මුවේ නැගුන මන්දස්මිතිය මට කිසිදාක අමතක වෙන්නෙ නෑ. මෙදා පාර අලුත්අ වුරුද්දට මට ඉන්න වෙන්නෙ ඉස්පිරිතාලෙ. ඔහු බොහොම දුක්බරව කියපු ආකාරය මට හොඳින් මතකයි.
ඊට පස්සෙ සිදුවුනේ බොහොම ශෝචනීය සිදුවීමක්. ගම්පහ සිට මහරගමට තියෙන දුර ප්‍රමාණය වැඩි නිසා සීයා බලන්න ගෙදරින් නිවැසියො ගියේ දවසක් හැර දවසක්. එලෙස ගිය දවසක සීයා තමන්ට අදාළ ඇදේ දකින්න සිටියෙ නෑ. වැඩිහිටියන් ඔහු පිළිබඳ රෝහල පුරාම හෙව්වත් ආරංචියක් ලැබුනෙ නෑ
ඉස්පිරිතාලෙන් පැනලා යන්න ඇති. අදාළ බලධාරීන් එහෙම කිව්වා. ඒත් ආහාර ගන්න ඒ වෙද්දි කටක් නැති නිසා ඉස්පිරිතාලෙන් එළියට ගියාට ජීවත් වෙන්න නම් අමාරුයි.
ඔයින් මෙයින් සීයගෙ රූපකාය අවසන් වශයෙන් දකින්නට අවස්ථාවක් නොදීම ඔහු අතුරුදහන් උනා. කිරි අම්මා අංජනම් බලන, සාස්තර කියන තැන් වල හරියට රස්තියාදු උනා. ගෙදර එන්න කියලා ඉස්පිරිතාලෙන් ආවට මඟදි පාර වැරදිලා. සමහර අය අංජනමෙන් බලලා එහෙම කිව්වා. සීයගෙ දරුවො පොලීසියෙන් පුවත් වලට කියන නාඳුනන මළ සිරුරු හඳුනා ගන්න ගියා. එහෙත් අද වෙනතෙක් ඔහුව නැවත හොයාගන්න අපිට හැකි උනේ නෑ.
සීයගෙ වියෝවෙන් පස්සෙ දැන් වසර 18 ක්ම ගෙවිලා. මේ කාල සීමාව ඇතුලෙ මොන තරම් දේ අපේ ජීවිත වලට එකතු උනත්, සීයගෙ කුණුවෙමින් යන පළතුරු ගොඩක් අස්සෙ ඉඳගෙන කිරි තේ බිව්ව අතීතය මගේ හිතට තවමත් මිහිරක් කාන්දු කරනවා. සීයගෙන් පස්සෙ ඔහුගෙ කඩ පිළිබඳ හිමිකම ලබාගත්ත අපේ අම්මගෙ නංගි ඒවා තවත් පාර්ශවයකට කුලියට දී තිබෙනවා. මේ ස්ථානයෙන් අහම්බෙන් යන දවසක මට නොවැරදීම සීයගෙ කඩේ දිහාට මගේ ඇස්ගෙඩි කරකැවෙනවා. පුංචි වෙලාවක් හරි ඒ ඉදිරිපිට නැවතී බලාන ඉන්න හිතෙනවා. දැන් කඩය පවත්වාගෙන යන කෙනා පළතුරු වෙනුවට එළවළු විකුණන කෙනෙක්. ඔහුගේ එළවළු බක්කි අතරින් සීයගෙ පළතුරු ගොඩවල් සිහියට එද්දි ඔහු වෙනුවෙන් උපදින කදුලක් හැමදාමත් මගේ ඇස් අග රැදෙනවා.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
මේ ලිපිය සමගින් සිරාගේ කාමරයේ පල වූ සමස්ත ලිපි සංඛ්‍යාව 250 කඩඉමට ලඟා වූවේය.
ඊයේ දිනයට සිරාගේ කාමරයේ 4 වෙනි සංවත්සරය යෙදී තිබුනි. ඔබත් මමත් අතර මේ බැඳීමට දැන් වසර 4 කි.
සිරාගෙ කාමරේhttp://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com79