Monday, February 18, 2013

120 මිත්‍ර‍ත්වය සහ ආම්ස්ට්‍රෝන්ග් (Armstrong)

ජීවිතය යනු කුමක්ද ? එයට පැහැදිලි නිර්වචනයක් දිය හැකිද ? ඇතැම්හු ජීවිතය යනු සාංසාරික ගමන් මගේ තාවකාලික නැවතුම් පලක් ලෙස හදුන්වයි. තවත් සමහරෙක්  එය මායා රගමඩලක් ලෙසත් මෙලොව ජනිත වූ ජීවීන් එහි රැගුම් පාන්නන් ලෙසත් අර්ථ නිරූපනය කරයි.

තත්වය එසේ වුවත් ජීවිතය යනු ජීවිතයයි. එය ජීවත් කරවන්න..යන සරළ අදහසේ සිටිමින් අතීතය දෙස නැවතත් ආපසු හැරී බලන කල අප කෙතරම් නම් මිතුරන් ආශ්‍ර‍ය කලාද , එයින් කෙතරම් පිරිසක් අප හා සත්‍ය වශයෙන්ම මිතුරු දමේ බැදුනේද යන වග සිහිපත් කලහොත් ඔබට ලැබෙන්නෙ ඒ ඉතා ස්වල්ප දෙනෙක් යන පිළිතුර විය යුතුය...ඒ දහම සිරා කොලුවා වන මටද එකසේ ගැලපේ. පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා වූ කාල පරාසය තුල ජීවිතයට ලං වූ කෙතරම් මිතුරන්  සිටියත් පාසල් ජීවිතයෙන් ඉක්බිත්ව ගලා ගිය දශකයකට මදක් වැඩි කාල සමයෙන් පසුව තවමත් ඒ ශක්තිමත් මිතුරුදම අරුත්ගන්වන්නේ ඉතාම ස්වල්ප දෙනෙකි...

http://media1.santabanta.com/full1/Emotions/Friendship/friendship-48a.jpg

මේ කාරණයේදී සිරාගේ වටපිටාව තරමක් වෙනස් වෙයි. පන්ති කාමරයේ, ගමේ, මග තොටදී හමු වූ කෙතරම් මිතුරන් සිටියද අද සත්‍ය වශයෙන්ම සිරා හා මිතුරු වේශයෙන් ලග සිටින්නේ ඒ කිසිවෙකුත් නොවේ. මා අදහන අකලංක මිතු දම වූ කලී තනතුරු නම්බු නාම වලට හෝ ආදායම් තත්වයන් මත විචලනය විය හැක්කක් නොවේ..එය බොහොම හෘදයාංගම වූ බැදීමකි.

මෙන්න මේ කුලකයෙහි ලන්නට කෙසේ හෝ අවසානයේ සිරාට ඉතිරි වූයේ කලක් එකම පවුලක උන් මෙන් දුක සැප සමව වළදමින් එකම අරමුණකට යන්නට වෙර දැරූ මිතුරන් පිරිසකි. ඔව්හු බටහිර තූර්ය වාදක ඛණ්ඩ ආදි ශිෂ්‍යයෝ වෙති.

වර්තමානයේ නිතරම එක් තැනක මුලිච්චි නොවන මේ පිරිස  අප විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල දිනයේදී එකට හමු වීම කලක සිට පැවත එන සිරිතකි. අතින් කටින් ළමා ලපටින් දරාගෙන ප්‍රිය බිරින්දෑවරු සමග ඇතැම්හු එදිනට පාසලට එන්නේ අප හද තුල කැකෑරෙන මිතුරුදම හොදින් හදුනන නිසාවෙනි. වර්තමාන සොයුරන්ගේ දක්ෂතා සියසින් දැකගෙන, ක්‍රීඩා උත්සවය අවසානයේ ඔවුන්ගේ අඩුපාඩු හා ඉදිරි වසරේ සැලසුම් පිළිබද අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව වසරකට වරක් එළඹෙන මේ වර්ණවත් දිනය තවත් වර්ණවත් වන අවස්ථාව එළඹේ. බිරින්දෑ වරුන්ගේ සංගමයේ අයද බොහොම සුහදව එකිනෙකා ආශ්‍ර‍ය කරන නිසාවෙන් අර්බුද නැත. කාන්තා පාර්ශවයේ  සියල්ලන්ටම ලොකු අයියාගේ නිවසේ ආගිය තොරතුරු කථා බහ කරන්නට ඉඩ හසර වෙන්වන විට...ඊට යාබදව ඇති තැනක  පිරිමි පාර්ශවය මේසයක් වටා ඉද ගන්නේ අතීතය ස්මරණය කොට පපු කැනැත්ත සතුටෙන් පුරවාලන  අටියෙනි. එය සැබැවින්ම සුන්දර සන්ධ්‍යාවකි.

උඹ මගේ චරිතය ඝාතනය කරනවා කියලා ආරංචියක් ආවා... සිරාගේ බොටුව දැඩිව මිරිකමින් ආරම්භය ගත්තේ පටි ජොකා කථාවේ ප්‍ර‍ධාන චරිතයක් රගන VP ඉංජිනේරු තුමාය. ඔහුගේ දෙඅතේ ශක්තියට මැදිවූ මාගේ අහිංසක බෙලි කොටය යන්තම් බේරාගැනීමට හැකි වූ නිසාවෙන් සිද්ධියේ සුළ මුල සොයාගැනීමට මට හැකිවිය. සිරාගේ කාමරේ ලියැවෙන දේ පිළිබදව අදාළ අය වෙත ගින්න දී  ඇත්තේ ලොකු අයියාය. අපේ ෆොටෝ නොදා ඕනෙ මගුලක් ලියා ගනින්...සෙස්සෝ මා හට නිළ වශයෙන් එසේ අවසර දුන් හෙයින් සත්ගුණවත් සිරා කොලුවාට, අප හමු වූ අවසන් සැදෑවෙන් යමක් ඔබට  කියන්නට රිසි විය.

තවමත් සිරාගේ කාමරයෙන් කරළියට පැමිණියේ නැති පැරණි තූර්ය වාදක ඛණ්ඩ සාමාජිකයෙකු අද මම ඔබ වෙත ඉදිරිපත් කරමි. හේ තැන්පත් චරිතයකි, හැම විටම හොද අවධානයෙන් සිටිමින් අවශ්‍යම විටෙක පමණක් තම අදහස් දැක්වීමට ක්‍රියා කරන්නෙකි, මුදල් අවශ්‍යතාවක් ඇති වූ අවස්ථාවක් නම් නොමසුරුව ආධාර කරන්නෙකි. ගැටළුව ප්‍රේමය පිළිබදව නම් අතින් කාගෙන හෝ හරක් බැලීමට සහජයෙන් ලද පරිත්‍යාගශීලී ගුණ ඇත්තෙකි. ඔහු ආම්ස්ට්‍රෝන්ග් (Armstrong)  නම් වෙයි. මා දන්නා තරමින් චන්ද්‍ර‍යා තරණය කලා යැයි කියන නීල් ආම්ස්ට්‍රෝන්ග් හා කිසිම ඤාතීත්වයක් ඔහුට ඇත්තේ නැත. බෑන්ඩ් කණ්ඩායමේ සිටින කල ගමනේ යාම පුහුණු වූ  මුල්කාලයේදී ඔහුගේ දකුණු අත ගමන් කල විසුලු ස්වරූපය නිසාවෙන් එවැනි සාඩම්බර නමක් ඔහුට තිළිණ විය.

කාලයේ ඇවෑමෙන් ආම්ස්ට්‍රෝන්ග් යන්න තවත් කෙටි වී ආමා යනුවෙන් පරිණාමය විය. මේ කියන ආමා අද සංචාරක හෝටල් හිමියෙකු සහ එක්දරු පියෙකු නිසාවෙන් කාර්ය බහුලය. ඒ නිසාම අප එකතැනක හමුවන්නේද සෑහෙන කාලයකට වතාවකි. දුඹුරු පැහැ ද්‍රාවණයක් සහිත බෝතලයක් ඇති මේසයක් වටා හිදගත් පසු මේ හමුවීම රස ගුලාවකි.

පාසලෙන් සමුගෙන මද කාලයකට පසු උන්නාද මළාද කියා සොයාගැනීමට නොහැකි වූ ආමා එක්වරම ප්‍රාතූර්භූත වූයේ  ඔහුගේ විවාහයට දින නියම වූ පසු විවාහ ඇරයුම් පත දෙන්නට ලොකු අයියා හමුවෙන්නට පැමිණි පසුය. ඔහු පැමිණ ඇත්තේ රෝද හතරකිනි.

මගෙ අම්මෝ ආමා  උඹව දැක්ක කල්... උඹත් එහෙනං අමාරුවෙ වැටෙන්න නේද යන්නෙ...බොහොම සන්තෝෂයි බන්...යනුවෙන් වාහනයට හේත්තුවක් දමාගෙන කථාව ඇරඹූ ලොකු අයියා ඒ තුල සිටි ආමාගේ  අනාගත බිරිද දුටුවේ නැත. එහි වීදුරු තද කලුපාටින් ටින්ට් කර තිබීම එයට හේතුවයි. ඉතිං කියපන්කො බං කොයි එකද බදින්නෙ... අර ලියුම් වලින් ගේම ගහපු නයිවල නර්ස්ද ? නැත්නම් අර උඹ හීනියට ට්‍ර‍යි එක දීපු බෑන්ඩ් එකේ ---------- මල්ලිගෙ අක්කද ? එහෙමත් නැත්නම් මාත් එක්ක බයික් එකේම හැටන් ගිහින් අර කැළෑ පාරවල් වලින් ගෙදර ගිහිල්ලා වැඩිහිටියො එක්ක කථා කරගත්ත එකද ?

එදා මේ ප්‍ර‍ශ්න වලට පිළිතුරු දෙනවා වෙනුවට ආමා කලේ කාඩ්පත ලොකුඅයියාගේ සුරතේ තබා...එහෙනං අනිවාර්යෙන් එන්න යනුවෙන් තෙපලා සැනින් මාරු වීම වුවත්...ආපසු ගමන අතර මගදී අනාගත බිරිදගෙන් ආමාට වටිනා චරිත සහතිකයක් ලැබුනු බවක් පසුව අපට සැල විය.

ආගිය තොරතුරු වලින් ඇරඹී අතීතයේ රස මුසු තැන් පිළිබදව කථා බහක නිමග්නව සිටින විටෙක ආමා උගුර පාදා අලුත් කථාවකට ඉව ඇල්ලූ හෙයින් සියල්ලෝම ඔහුට අවස්ථාව ලබා දී නිහඩ වූහ.

උඹලා දන්නෙ නෑ නේද මම දවස් 3කට ඇතුලට ගිහින් ආවා කියලා... සියල්ලෝ නිහඩය...කවුද බන් දන්නෙ...උඹ ඉතිං අදනෙ අපිට කියන්නෙ...යනුවෙන් පිළිවදන් දුන් පිරිසට ප්‍ර‍තිචාර ලෙස අමාගේ මුවේ ඇදුනේ මන්දස්මිතියකි.

නීති විරෝධී වැඩක් කරලා නෙමෙයි බන්...පොලිසියෙ එකෙක්ට ගහලා...ආමා වීදුරුවට පණු බෙහෙත්  මිශ්‍ර‍ණය හලා ගනිමින්  කථාව ඉදිරියට රැගෙන යයි. සියල්ලෝ නිහඩව ආමාට සවන් දෙති.

මගේ මස්සිනාට (ආමාගේ බිරිදගේ අයියා) රථ වාහන නඩුවක් තිබුනා කොටුව උසාවියෙ...මම ඉතිං මේ කියන දවසෙ උගෙ තනියට ගියා. දවල් 1ට තමයි අපේ නඩුව ගන්න තිබුනෙ...ඒ උනාට බන් සෑහෙන්න පරක්කු උනත් නඩුව කථා කලේ නෑ.... ඔන්න ඔය වෙලාවෙ ඒ ළගපාත හිටිය සාජන් මහත්තයෙකුගෙන් මම ඇහුවා අපේ නඩුව තාම කථා කලේ නෑ මොකෝ දන්නෙ නෑ නේද කියලා...

මිනිහා ආවේශ වෙලා වගේ  මට බැණගෙන බැණගෙන ගියා බොහොම කැත වචන පාවිච්චි කරලා... මම ඉතිං බනින්න දෙයක් ඇහුවෙ නෑනෙ බන්...ආමා වීදුරුවේ අඩිය පාදා වීදුරුව පසෙකින් තබයි. ඉතිං ආයෙමත් ඇහුවා ඇයි මට ඔහොම බනින්නෙ කියලා... ඊට පස්සෙ මට අම්මව මතක් කරලා හරිම නරක විදියට බැන්නා. මට මාවම පාලනය කරගන්න බැරිවුනා.

ඉන් අනතුරුව ගතවූ නිමේෂය බොහොම සංවේදී එකකි. ආමා සංවේදීව කදුලු සලයි. උඹලා දන්නවනෙ අපේ තාත්තා මම පොඩි කාලෙම නැති වුනාට පස්සෙ...අපේ අම්මා මාව හදාගන්න විදලා තියෙන දුක්වේදනා ගැන...එහෙව් අම්මව මතක් කරලා මෙහෙම කැත කථා කියනකොට මම මොනවා කරන්නද බන්....මම පැන්න ගමන් ඒ පරයට නහය පොඩිවෙන්න පාරක් ගැහුවා...ඒකා ලේ පෙරාගෙන බිම පතබෑවුනා...මම තවත් පාරවල් දෙක තුනක්ම දුන්නා. උගෙ අවලං කට කැඩෙන්න... මිනිහා ආයෙත් නැගිට්ටෙ නෑ. ඒ වෙලාවෙ ලග පාත හිටපු පොලීසියෙ අය එකතු වෙලා මාව අල්ලලා උසාවියෙ හිර කූඩුවට දැම්මා...අන්න ඒ වෙලාවෙදි තමයි අහම්බෙන් අපේ ඉස්කෝලෙම ආදි ශිෂ්‍යයෙක් වෙච්ච මම අදුරන ජේලර් ගාඩ් කෙනෙක් දැක්කෙ... එයා මට කිව්වා භය නැතුව වැලේ ඇතුලට වරෙන් මම උඹ ගැන බලාගන්නම් කියලා.

එදා දවසෙ නඩු විභාගය ඉවරවෙලා බන්ධනාගාරයෙන් ගෙනාපු සැකකාරයො ආයෙත් බස් එකට පටවනකොට ඒ අයව මාංචු වලින් සම්බන්ධ කරලා තියෙන පොකුරටම මාවත් එකතුකරනවට තමයි වැලේ යනවා කියලා කිව්වෙ...

මම හින්දා ජේලර් අයියා දවස් තුනක් එක දිගට ඩියුටි කලා...පොලීසියෙන් ඒ වෙද්දිත් ඇතුලට පණිවිඩේ එවලා තිබුනා මට හොදට සළකන්න කියලා. ඒ හින්දයි එහෙම හිටියෙ. නැත්නම් සමහර විට අද ආමා නෑ. ඇතුලෙ හිටිය අනෙක් අය නම් මට වීරයෙක්ට වගේ සැළකුවා...ඒ අතර හිටිය ලොකු අයියලා ටිකකුත් අදුන ගත්තා... කොහොම හරි දවස් තුනකට පස්සෙ මම එළියට ආවා ඇප දීලා...

ඊට පස්සෙ ඉතිං මමත් නිකං හිටියෙ නෑ...අර ගුටි කාපු මෑන්ව මගේ තියෙන දේශපාලන සම්බන්ධතා මත වව්නියාවට මාරු කලා...දැන්වත් මිනිහා දන්නවා ඇති තව කෙනෙක්ට හිත රිදෙන්නෙ නැතිව කථා කරන්නෙ කොහොමද කියලා....

මම ඇතුලෙ හිටිය දවස් තුනට විශ්ව විද්‍යාලෙ ගිහිල්ලත් ඉගෙන ගන්න බැරි තරම් දේවල් ඉගෙනගත්තා...ඒ සමහර අත්දැකීම්  මගේ බිස්නස් වැඩ වලටත් මම පස්සෙ පාවිච්චි කලා. මේ දේවල් මම උඹලා එක්ක කියන්නෙ උඹලා මගේ අතිජාත සහෝදරයො වගේ මැරෙනකන්ම මා එක්ක ඉන්න උන් නිසා.

මට ඉස්සර අතේ සතේ නැතුව ඉන්න වෙලේ හිටියෙත් උඹලා. ලොකු අයියගෙ බයික් එකේ මම එදා හැටන් ගියේ මට වෙන වාහන වල යන්න සල්ලි තිබුනෙ නැති හින්දා..මම දැන් ඉන්න තැනට ආවෙ මගේම මහන්සියෙන්, මට අද වගේම හෙට ඉන්නෙත් උඹලා...සල්ලි වැඩිපුර අතගානකොට යාලුවො ඉන්නවා සෑහෙන්න. නමුත් කරදරයක් වුනාම එක බල්ලෙක් වත් නෑ...ඔය වගේ කථා රිමාන්ඩ් එකේ ඕනෙ තරම් තියෙනවා...

ගොඩාක් මිනිස්සුන්ට අවංක යාලුවො හදුනාගන්න අමාරුයි...එහෙමත් නැත්නම් හොයාගන්න නැති තරම්, ඒත් අපි බෑන්ඩ් ගහන කාලෙ කන්න නැත්නම් බඩගින්නෙ හිටියා එකට...ලැබෙන පුංචි දේත් බෙදාහදාගෙන කෑවෙ...පස්සෙ කාලෙක අපි වෙන්වෙලා ගියත්...මේ වගේ ආයෙත් එකට හම්බවෙන එකම දවසක් හරි මට හරියට වටිනවා...මගේ නෝනා මාස 3 පොඩි එකාවත් අරගෙන මේ ගමන යන්න මාත් එක්ක ආවෙ අපේ ඒ යාලුකම හොදට අදුනගෙන තියෙන නිසා...ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි බන්...ජීවිතේ කියන්නෙ සැනසීම...හිතේ ඇතිවෙන බොහොම අවංක සතුට....

ආමා කියූ ඒ වදන් සත්‍යද ? තීරණය ඔබට භාර කරමි. සැබෑ මිත්‍ර‍යන් ඇති තැනැත්තා සැබෑ වාසනාවන්තයෙකු ලෙස මමද අදහමි.




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

80 දශකයේ මැද භාගය වන විට රාජ්‍ය සේවකයන් දෙපළක් වූ ආමාගේ දෙමාපියන් සේවය කර ඇත්තේ බදුල්ලට ආසන්නව. ඒ ආසන්න කාලයේ ආමා සහ ඔහුගේ දෙමාපියන් ගමන් ගත් ලංගම බස් රථයක් විශාල ප්‍ර‍පාතයකට පෙරළීමෙන්  මගීන් හතර දෙනෙකු හැර ඉතිරි සියල්ලන්ම මිය ගිය අතර අමාගේ පියාද ඊට අයත් විය. දිවි බේරාගත් හතර දෙනාගෙන් කිසිදු හානියක් නැතිව බේරුනු එකම තැනැත්තා ආමා වූ අතර ආමාගේ මවගේ අත කැඩී තිබුනද අංගවිකල භාවයකින් තොරව ජීවත් වීමට වාසනාව තිබුනි. ජීවිතය බේරාගත් අනෙක් දෙදෙනාම සදාකාලික ආබාධිත බවට පත් වී ඇත.


ක්‍රීඩා උළෙල අවස්ථාවේ සිරාගේ පුංචි කාලයේ වැනිම රුවක් ඇති VP තුමාගේ පුංචි පුතා වඩාගෙන සිටීමට සිරාට අවස්ථාවක් ලැබුනි...මේ දර්ශනය දුටු මාගේ පැරණි පාසල් මිත්‍ර‍යන් මගෙන් ඇසූවේ සිරා මේ දෙවැනියාද යනුවෙනි. පුංචි එකා තුරුලු කරගෙන සිටි නිමේෂයේ මට දැනුනු හැගීම් නිසාදෝ ඉක්මනින් පියෙක් වෙන්නට කල්පනා කලෙමි...කවුද කැමති ඒ දරුවගෙ අම්මා වෙන්න ?
















120 comments:

  1. අන්තිම ප්‍රශ්ණෙට සාර්ථක පිළිතුරක් ලැබුනොත් බ්ලොග් වලින් ගොඩ ගිය උන්ගෙ ගොඩට සිරාවත් දාන්න්න පුළුවන්.. කෝ මේ තනිකඩ කෙල්ලො ටික... ?

    සාර්ථක පිළිතුරක් ලැබේවා !! :-)

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි සෙන්නා...තනිකඩ කෙල්ලො ටික අත උස්සයිද ?

      Delete
  2. >>ඉක්මනින් පියෙක් වෙන්නට කල්පනා කලෙමි...කවුද කැමති ඒ දරුවගෙ අම්මා වෙන්න ?<<

    නයි කයිද රෝස් පාන් කිව්වළු..... මූ එෆ් එම් චැනල් එකක කුරුල්ලෙක්වගේනේ හැමි..න්න කතාකරන්නෙ. උන්නම් අහන්නෙ “කවුද මාත් එක්ක එකතු වෙන්නෙ“ කියල.

    මුංට හිරේ යන්න තියෙන හදිස්සියක් ! තව ටිකක් කල් ජීවිතේ මිහිර ආශ්වාදනය කරපං බං.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා බෑ DDT යො...දැන් වයස දශක තුනත් පැනලා යන නිසා හිරයක් ගන්න කාලෙ හරි...බොලාගෙ නෑදෑ වෙන අක්කලා එහෙම නැද්ද මට ගැලපෙන...හැබැයි අපේ පැත්තෙ අය නම් කියන්නෙ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා...

      Delete
    2. අඩෝව් ... බෙන්තර ඒ අපේ ගම ඈ.

      Delete
    3. අම්මෝ භයේ බෑ...අපේ සීයා මාතර සුල්තානාගොඩ...ඒ නිසානෙ පූස් පැටවුන්ගෙ කල්කිරියාව ගැන හොදටම දන්නෙ...

      Delete
    4. ඔන්න බලාපන් සිරෝ ... ලංකාවෙම මිනිස්සු කොහේ කොහේ හිටියත් උන්ගෙ මුල් තියෙන්නෙ මාතර. කාටද ආඩම්බර. :)

      බෙන්තර ගඟෙන් මේ පැත්තෙ එවුන්ට සද්දෙ දාලා අහුවෙන්ට එපා, හරිය.

      Delete
  3. ඇත්තටම සිරා අයියේ කවදාවත් අපේ බොක්කේ යාලුවෝ ටික අමතක කරන්න අමාරුයි!
    අර අම්මා වෙන කෙනා නේද...?? ;) ;) බලමු බලමු....

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්නවා නාඩියා..ඇය ඒවි කියා...

      Delete
  4. යාලු කම ගැනනම් ඉතින් කියල වැඩක් නෑ..... පණ දෙන්න හරි මගේ වයසෙ පොඩිකාලෙ ඉඳන් මට ඉන්නෙ එකම එක යාලුවයි තාම.... මොනව කලත් අපි දෙන්නගෙ යාලුකම කඩන්න බෑ....

    අන්තිම ප්‍රශ්නෙටනම් කියන්න තියෙන්නෙ....
    හපොයි දෙයියනේ අයියො කීල ටමයි..........

    ReplyDelete
    Replies
    1. ඇයි මෙයා...ඔයාට භය සිතුනාද අන්තිම ටික දැකලා... ?

      Delete
  5. අන්තිමට ජීවිතේ ඉතිරිවෙන්නෙ හොඳම මිතුරෙක් දෙන්නෙක් විතරයි.. ඒ ඉතිරි උන් සහෝදරයින්ට වඩා වටිනවා. අම්මා ගැන මතක් කරලා මම එකෙක්ව පන්තියෙ ඩෙස්ක් තුනක් උඩින් යවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ ආච්චිව මතක් කරලා මම වතාවක් මගේ ලගම හිටිය යාලුවෙක්ට ගැහුවා 11 වසරෙදි...

      Delete
  6. අමාගෙ කතාව සහතික ඇත්ත බං. සල්ලි තිබ්බට සැනසිම නැති තැන ජීවිතය නැහැ.

    උබ දැන් උබෙ දරුවට අම්මෙක් හොයනවද? එතකොට දරුවගෙ කලින් අම්ම කෝ ? :පී

    බොටත් හොද බිරියක් ලැබේවා :)

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තූතියි සෑමා...ඔහොම යමුකො මොනා හරි වෙන්නෙ නැතෑ...

      Delete
  7. මිතුදම් ගැන කිව යුතු කතාන්දර නම් අනන්තවත් ඇත සිරෝ.. හොද මිතුදම කියන්නේ නිතර කතා බහ නොකරත් හැමදාම හිතේ තියෙන මිත්‍රත්වය තමා මම හිතන්නේ.. මටත් එහෙම මිත්තරයො නං අතේ ඇගිලි ගානට වත් නෑ බං..

    උඹ මෙතන මගුල් කොරන්න ලෑස්ති වෙන්න එපා හරිය.. හරි හරි ඕං අප්‍රේල් වෙන කොට එකක් හරියනවා සිකුරුයි..

    ReplyDelete
    Replies
    1. අඩේ අප්‍රියෙල් වෙද්දි එකක් හරියයිද ? දෙන්න හිතෙනවා බොට උම්මා එකක්...

      Delete
    2. මෙහෙමයි ඉතිං තෝ නිකං බලං හිටියට හරි යන්නේ නෑ.. එක පාරක් නෙමෙයි පනස් පාරක් ට්‍රයි කොරපං.. හික් හික් හික්..

      Delete
    3. ඔය වගේ ට්‍ර‍යි කරපු අතීතයක් මටත් තිබුනා බන්...වියදම විතරයි...ආයෙ ට්‍ර‍යි බෑ...යෝජනාවකින් හරි ගොඩයන්න සිතා ගතිමි.

      Delete
  8. සිරා කොලුවෝ ඇත්තටම යාලුවො කියන්නෙ අපේ ජීවිතේ වගේ... අපිට ඕන දෙයක් ඔන වෙලාවක කියන්න හැකියාව තියෙනව... අනික දැන් එන්න කිවුවොත් එන්න පුලුවන්.. මගේ ජීවිතේ ගැන මමත් ලියල තියෙනව.. පුලුවන් වෙලාවක ඇවිත් යන්නකො..

    මගේ ගෙවල් පැත්තෙත් ඇවිත් යන්ට පුලුවන් වෙලාවක...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඒ පැත්තට එන්නම්...මේ පැත්තට පැමිණීම ගැන සතුටුයි...

      Delete
  9. ම දුටු හොඳම මංගල දැන්වීම....

    ReplyDelete
    Replies
    1. +++
      පත්තරේ දැම්ම නම් වචන ගානට බර ගානක් ගෙවන්න වෙනවා.

      Delete
    2. මේ යන්තමට දාලා තියෙන්නෙ...නිළ වශයෙන් කෙනෙක් හොයන දවසට ලොකු ඇඩ් එකක් දානවා...

      Delete
  10. //සල්ලි වැඩිපුර අතගානකොට යාලුවො ඉන්නවා සෑහෙන්න. නමුත් කරදරයක් වුනාම එක බල්ලෙක් වත් නෑ.//

    මේක සම්පුර්ණ ඇත්ත මචන්.

    ReplyDelete
    Replies
    1. එහෙම යාලුවො මම නම් සෑහෙන්න හැලුවා...පසුගිය වසර ඇතුලත...

      Delete
  11. මොකක් හෝ හේතුවක් නිසා පාසල් කාලයෙන් පසුව මුණගැහෙන මිතුරන් බොහෝ විට ඉන්නේ අතේ දුරින්. පාසල් කාලයෙදි අපිට කිසිම සමාජ තත්වයක් නොතිබීම හේතුව වෙන්න ඇති. කන්න නැත්නම් අනෙක් එකාගේ බත් එකෙන් කාල, අනික් එවුන්ගේ ඇඳුම් ලැජ්ජාවක් නැතුව ඇඳගෙන එහෙම යන්න පුළුවන්කම තිබ්බ නිසා වෙන්න ඇති. පස්සෙ කාලේක අපිට හම්බවෙන හැමෝවම අපි ආශ්‍රය කරන්නේ යම් සමාජ තත්වයක් තියාගෙන. කොච්චර ලං වෙලා කියලා දැනුනත්... හැමදේම ඒ අය එක්ක කියන්න බෑ කියලා කරදරයක් උනාම තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...වෘත්තීය ජීවිතය තුල මට හමුවෙච්ච කිසිම මිතුරෙක් මගේ මුල්කාලීන මිතුරෙක් තරමට සමීප වෙලා නෑ...

      Delete
  12. යාලු‌ෙවා ගැන නම් කියන්න එච්චර දෙයක් මට නෑ.. එහෙමකට කියලා ළඟින් ආශ්‍රය කරන යාලුවෝ නෑ නේ.. ඒත් ඉතිං එහෙම නැතා කියලා පාඩුවකුත් නෑ.. මොකද මේ බ්ලොග් ලියන උන් ටිකත් දැන් මගේ හොද යාලුවෝ තමා.. ඇයි එතකොට මේ කතාවල ඉන්න යාලුවෝ.. එහෙම බැලුවාම මං හිතන්නේ මට වෙන්නැති වැඩිම යාලුවෝ ගොඩක් ඉන්නේ.. හි හි...

    කෙල්ලන්ට ජීවිත කාලයක් පවතින යාලුකම් තියාගන්න අමාරුයි.. කොල්ලන්ට වගේ මට යාලුවෝ බලන්න යන්න ඕනේ කියලා යන්න බෑ නේ කෙල්ලන්ට.. ( සමහරුන්ට පුළුවන්.. වැඩි දෙනෙක්ට බෑ..) ඒක දන්න නිසා මම එහෙම යාලුකම් තියාගත්තේ නෑ... ජීවිතේ එක තැනකදි අම්මා තත්තාවත් එයාලගෙන් ඈත් කරන ජීවිතයක් ගත කරද්දි යාලුවෝ ගැන කවර කතාද... මට හිටපු හොඳම යාලුවෝ දෙන්නත් ඒ හේතුව නිසා මගෙන් ඈත් වෙලා දැන්...

    ReplyDelete
    Replies
    1. ඒක සාපේක්ෂයි නේද හිරු...කසාද බැන්දත් තමන්ගෙ පැරණි මිතුරුකම් පවත්වාගෙන යන කාන්තා පාර්ශවය මම දැකලා තියෙනවා...මගේ මවත් එහෙම කෙනෙක්...ඇගේ පාසල් මිතුරියන් ඉදලා හිටලා අපේ නිවසට අදත් එනවා යනවා...

      විවාහ උනාට පස්සෙ හමුවෙන වාර ගණන බොහොම අඩුවෙන්න පුලුවන්...නමුත් අවංක මිත්‍ර‍ත්වයක් තියෙනවා නම් එය ගැටළුවක් නෙමෙයි.

      Delete
    2. හැබෑට ඒ ඇන්ටිට දුවලා එහෙම නැද්ද ?

      Delete
    3. දුක තමා අයියෙ...වැඩිපුර ඉන්නෙ කොල්ලො....ඉන්න කෙල්ලොත් මට වඩා වැඩිමල්...

      Delete
    4. ඒත් කෙල්ලෙක්ගේ හොඳම යාලුවා කොල්ලෙක් හෝ කොල්ලෝ සෙට් එකක් උනොත්.... ???????

      මට උනේ ඒ ටික තමයි.. කෙල්ලෙක්ට කසාදෙන් පස්සේ පරණ මිතුරැකම් විතරක් නෙවෙයි නෑදෑකමුත් නැති වෙනවා.. ඒක මම හොදට අත්විදලා තියෙනවා... ඒක පුදුම කරුමයක්... විශේෂයෙන් එච්චරකල්ම ජීවිතේ ළඟින්ම හිටපු අයත් ඈත් කරන්න වෙනකොට දරා ගන්න අමාරුයි...

      කො‌ෙහාම උනත් මට දැං යාලුවෝ නැති අඩුවක් දැනෙන්නේ නෑ... බ්ලොග් ලියන උන් ගොඩක් යාලුවෝ වෙලා... හි හි

      Delete
    5. කොල්ලො හොදම යාලුවො උනොත් ඉතිං අඹසරණ තමයි...

      Delete
  13. කොහොමද අය්යගේ ප්‍රොපෝසල් එක ආපු විදිහ නේද? නිකන් බදින්න කැමතිද අහනවට වඩා මේකෙ ලොකු බරක් තියනවා අය්යේ සුභ පතනව ඔයාගේ දරුවන්ට හොදම හොද අම්මෙක් හම්බවෙන්න කියල..

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි...එදා ඒ පොඩි එකා වඩාගෙන ඉද්දි මටත් මෙහෙම එකෙක් හිටියා නම් කියලා සිතිවිල්ලක් මට ඇති වුනා...පොඩි එකෙක් ඉද්දි ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා කියලා මට හිතෙනවා... පැතුමට ස්තූතියි...

      Delete
  14. යලුවෝ කියන්නේ මහා ඇමතු ජාතියක්........මින්සුන්ගෙන් යාලුවෝ කියන අය හොයා ගන්න ඊට අමාරුයි............අර පොලිස් කාරයට හොද වැඩේ.......

    උබේ මංගල දැන්වීම වැඩකොලොත් මටත් කියපං මත දානවා එහෙම උනොත්....++++++++

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. වැඩ කලොත් මම කියන්නම්...හැබැයි උඹ රස්තියාදු ගහන එක අඩු කරගන්න වෙයි ඊට කලින්...

      Delete
  15. යාලුවොනං ඕන තරං හොයාගන්න පුලුවං සෑමො ඒත් සහෝදරයෙක් වගේ ළගිංම ඉන්න යාලුවො තමයි හොයාගන්න අමාරු.

    සැබෑ මිත්‍ර‍යන් ඇති තැනැත්තා සැබෑ වාසනාවන්තයෙකු ලෙස මමද අදහමි. සම්පූර්ණ ඇත්ත කතාව.

    ReplyDelete
    Replies
    1. මම සෑමා නෙමෙයි බොලං සිරා...

      බොහෝ අය විපතට පත්වෙන්නෙ නරක මිතුරු ඇසුර නිසා...ඒ නිසා යහපත් මිතුරන් තමා ළග සිටීම ඉතාමත් වටිනා සාධකයක්..

      Delete
    2. ගණන් ගන්න එපා බං එහෙම දේවල් වෙනවා.. දවස් දෙකක් විතර නෑවිල්ල, තියෙන ඒවා බලන්න ගියාම පිස්සු පිට පිස්සු හැදෙනවා නේ.. අර තිසරයත් මට බැනල තියෙන්නේ.. හෙහ්..

      Delete
    3. අඩේ කෙලවෙලා නේද?

      @ දේශකයා, හැමදාම බලනව බං. ඔක්කොම අලුත් පෝස්ට් ටික එක දිගට ටැබ් වල ඕපන් කරගෙනනෙ බලන්නෙ. ඉතිං සමහර වෙලාවට නං මාරු වෙනව.

      Delete
    4. අවුලක් නෑ ප්‍ර‍සන්න අයියා...ඕවා ඔහොම තමා...

      Delete
  16. හෙඩිම දකිද්දී මට මතක් උනේ බයිසිකල් පදින ආම්ස්ට්‍රෝන් ව.
    //පොලීසියෙන් ඒ වෙද්දිත් ඇතුලට පණිවිඩේ එවලා තිබුනා මට හොදට සළකන්න කියලා.// අභිමානය රකින්නේ එහෙම වෙන්ටැ..!
    කියමනක් තියනවා සෞභාග්‍යය මිතුරන් ඇති කරයි.. දුර්භාග්‍යය ඔවුන්ව පරීක්ෂා කරයි කියල. ඒ පරීක්ෂණයෙන් සමත් වෙන්නේ අතලොස්සයි.. අන්තිම ප්‍රශ්නෙට අතක් උස්සපල්ලා කෙල්ලනේ... සිරා වනාහී සිරා කොලුවෙකි..! :)

    උඹට ජය සිරා..!

    ReplyDelete
    Replies
    1. අන්තිමට එහෙම ලිව්වට තව වසර දෙක තුනක් යනවා බන් කසාදයක් බදින්න...හොද කෙනෙක් ලැබුනත් එතිං එච්චර දවසක් ඉන්න වෙනවා...

      Delete
  17. කොහොමද සිරාගෙ ටිකිරි මොළේ ...හි හි හි

    නදිනිගේ පෝස්ටුවක තිබ්බ කොමෙන්ටුවක් දැක්කට පස්සෙ මට හිතුනා සිරා මෙහෙම එකක් ලඟදිම ලියයි කියලා :)

    ReplyDelete
    Replies
    1. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි කියන්නෙ මේකට මගෙ හිතේ...

      Delete
    2. බෑන්ඩ් සිරා, ෆුල් බෑන්ඩ් එක දාල ළගදීම සෙල්ලං කොරයි වගේ නේද ලිහිණියෝ.. සත්ගුණවත්.. මට මේක දැක්කම හෙහ්.. තරහයි යකෝ...

      Delete
  18. යාළුවො ඉන්නවා එක එක ජාතියෙ අය. හරියට දැනගෙන ආශ්‍රය කරන්න ඕන. කොච්චර කොහොම උනත් අන්තිමට කරදරයක් උනාම ඉතුරු වෙන්නේ බොහොම ටික දෙනයි.

    අන්තිමට විවෘත ආරාධනාවකුත් කරලා තියෙන්නේ. එලම තමයි. :D

    ReplyDelete
    Replies
    1. විවෘත ආරාධනයක් නිකමට වගේ කොරලා බැලුවා ප්‍ර‍තිචාරයක් ලැබෙයිද කියලා...

      Delete
  19. ඒකත් මුරුනේ ඇ, මංගල දැන්වීම... ඉන්නකෝ.. මමත් මංගල දැන්වීම් පිටුවක් දානවා බ්ලොගේ වෙනමම,, ඕනේ නම් ඇඩ් එකක් දෙන්ට, 250/= වැඩිය නෑ

    ReplyDelete
    Replies
    1. මංගල දැන්වීමක් දානවා කිව්වෙ බොටද...මේ සූටි කෙල්ලත් කාරකාරෙ බදින්නද ලෑස්තිය වේලාසනම...

      Delete
    2. නෑ නෑ අනේ,, ඔයාලයි මංගල දැන්වීම් දාලා මම පිටුවක් හදනවා,, ඇඩ් එකක් දෙනවානම් කියන්න :D

      Delete
    3. අනේ උඹත්....මේ මගුල් අස්සෙන් බිසිනොස් කොරන්න නේද...නරකම නෑ වැඩේ...ඇඩ් එකට දෙකක් දෙන්නම්කො...

      Delete
  20. කොච්චර යාළුවො හිටියත් පන දෙන්න ඉන්න යාළුවො පස් හයදෙනෙක් මට නම් ඉන්නවා...ඕන අටමගුලකට එක පයින් උන් එන්න ලැස්ති... :)

    ReplyDelete
    Replies
    1. උඹ වාසනාවන්තයෙක් සිම්බා මලයො...ඒ වගේ උන් හොයාගන්න එක ලේසි නෑ...

      Delete
  21. අපි දන්න ආමෙක් නෑ...

    අපි දන්නේ වන් ඇන් ඔන්ලි **************නසියර්************* ව විතරයි!!!

    මේ යකා එන පොටනම් එච්චර දිරවන්නෑ... කෙල්ලෝ ටික පරිස්සම් කරන්න වෙයි වගේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කවුද බන් මේ නසියර් කියන්නෙ...මුස්ලිම් යාලුවෙක්ද ?

      එදා මල්වත්තෙදි උඹ කෙල්ලො පරිස්සම් කොරපු හැටි අපි දැක්කා...මැච් එක අස්සෙ වටේ පිටේ හිටිය කපල් වල කෙල්ලන්ට කෙළ හලද්දි...

      රාජ සම්පත්ම ලැබේවා බොටත්...

      Delete
  22. තමන්ට යාලුවො ඉන්නවද නැද්ද කියා හිත හිතා ඉන්නවට වැඩිය හොඳයි නේද තමන් තව කෙනෙකුට හොඳ යාලුවෙක් උනානම්.. මටනම් හිතෙන්නෙ එහෙමයි.

    සිරාට ජය!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසත් නරක නෑ...නමුත් අනිත් පාර්ශවය සමග ඇතිවෙන අවබෝධය මත තමයි යාලුකමේ ශක්තිය තීරණය වෙන්නෙ....ඔබටත් ජය !

      Delete
    2. අපි හොඳ වුනත් වැඩක් නැහැ අපිට ඕනේ වෙලාවක ඒ කෙනාව නැත්නම් මචං.

      Delete
  23. ea kiyana "HISAHASA" wagema "SIRAGE KAMRE" paluwela yai....ubata hodak wenawanam..ikamanta badapan...
    bokey yaluwo 5 k math inawa..
    (mama "hisahasa" ta Adara ekak. waradi dayak kiya unanam samaweyan "Sadaru").
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. කාමරේ දැන්ම පාලු වෙන්නෙ නෑ...මට තව ලියන්න දේවල් සෑහෙන්න තියෙන නිසා...තව අවුරුදු 3ක් විතර යනවා ඉතිං...වෙඩිං කේක් එක කපන්න...ජය !

      Delete
  24. ම්..සිරාගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා..හික්ස්..

    ම් යාළුවො ගැන කියද්දි නම් ආයෙත් අතීත රස මතක අතරට ගියා..

    ReplyDelete
    Replies
    1. පැතුමට ස්තූතියි...ගැලපෙන කෙනෙක් හොයාගන්න එක සෑහෙන අමාරු වැඩක් නොවැ...

      Delete
  25. පණු බෙහෙත් මිශ්‍ර‍ණය බඩේ අමාරුවට පාවිච්ච් කරන එකක්ද සිරා අයියේ..? අසමෝදගම් නෙමෙයිනේ...?

    මොනවා නැති වුනත් "රම්බා" මගේ බුදු ෆිට් එක....නියම යාලු ෆිට් එක !!!

    දරුවාගේ අම්ම වෙනද කැමති අක්කල ටික ඇප්ලිකේෂන් ටික මේල් කරන්න සිරාගේ ඉන්බොක්ස් එකට...!!!

    ReplyDelete
    Replies
    1. පණුවො නසන්න තමයි ඒ මිශ්‍ර‍ණය පාවිච්චි කොරන්නෙ...උඹේ බුදු ෆිට් එක රම්බාගෙ නංගි චාරුලතා ගැන මට අදහසක් ඇති වුනා බන්...පොඩ්ඩක් උගෙන් අහලා බලපන්කො...

      Delete
  26. යාළුවො හැමදාමත් ඉන්නවා.............

    ReplyDelete
    Replies
    1. යාලුවො අතරින් හොදම යාලුවො ඉන්නෙ බොහොම ස්වල්පයයි කියන එක තමයි මගේ අදහස...

      Delete
  27. පරණ සෙට් එක සෙට් උනාම තමයි හිතෙන්නේ ජීවිතේ සුන්දරද මෙතරම් කියලා :)

    ReplyDelete
    Replies
    1. ලොකු පොඩි භේද නැති, මිතුරු දමක් තමයි සෑහෙන කලක් පවතින්නෙ...

      Delete
  28. සිරාගේ යාලුවා වෙච්ච සැමට නං බ්ලොග් ගෙට්ටුවෙන් හරි ගියා උම්ම එහෙම ලැබුණනේ... ඉතින් ඒ වගේ සිරාටත් කඩිනමින් ම හරියාවා කියා ඉත සිතින්ම පතමු.

    ReplyDelete
    Replies
    1. මට ඊරිසියයි සෑමා ගැන...අපිට නැති උම්මා ඌට ලැබුනු එකට...මගේ ව්‍යාපාර සහකරුගේ පැතුමට බොහොම ස්තූතියි..ඔබ ඇන්ද චිත්‍රයේ නොපෙනුන තැන් ඔන්න මතු කරලා ගත්තා...

      Delete
    2. යකෝ මේ ජෝක්... වෙන අර්ථයකින් නොවේ

      Delete
    3. හරි හරි ජෝක් තමා...ඩූඩ් කියලා හිතලා එයාගෙ නමත් මේකට එකතුවෙලා තියෙන්නෙ නම් වැරදීමකින්...ඒක ජෝක් නෙමෙයි...

      Delete
  29. මචන් ජීවිතේ ගැන හිතන්න නම් සෑහෙන්න දේවල් තියෙන
    පෝස්ට් එකක් ..

    ( අනේ කව්රු හරි පින්වන්තියක් මේ සිරාගේ ආසාව ඉස්ට කරලා
    දෙන්න..අපිටත් මාමල වෙන්න ආසයි නොවැ )

    ReplyDelete
    Replies
    1. පින්වන්තියො නෑනෙ හැබෑටම....මමත් කාලෙක ඉදන් දැන් බලන් ඉන්නෙ බන්...

      Delete
  30. සිරා අයියගේ බබා ට හොඳ අම්ම කෙනෙක් හම්බවේවි.
    සුබ පැතුම් ඈ.. :)

    ReplyDelete
    Replies
    1. ප්‍ර‍මුදි නංගිටත් ඊළග වතාවෙ හොද සහකරුවෙක් මුණගැසෙන්නට පතනවා...

      Delete
  31. යාළුවගේ වචන ටික හිත පතුලටම වදිනවා බන්..

    අහ්හ් සිරාට බඳින්නත් කලින් හම්බ උන බබාට හොඳ අම්මා කෙනෙක් ලැබේවා...

    ReplyDelete
    Replies
    1. මානවකයටත් බොහොම ස්තූතියි...

      Delete
  32. මේ පෝස්ට් එක මහ බරක් වුනා මට හිතට..!
    යාලුවො හිටිය එකබොක්ක තිබුන වගේ ඒත් උඹ කියනව වගේ සමතලා මිත්‍රකම් තිබුනෙ කාලයයි.විවාහ වෙලා,විවිධ ‍රැකියාවලට ගියාම සමහරුන්ගෙ අදහස් වෙනස් වෙනව,වුනා.
    ඒ නිසා අන්තිමට එකපතේ කන ඒවුන් විදියට ඉතුරු උනේ කිහිප දෙනයි. මේ සියල්ලෝම පාසල් මිත්‍රයින් නොවේ ගමේ මිත්‍රයින්.
    බොහෝ ඇත්තන් විවාහ උනාම තම්න්ගෙ කු‍ටුම්භි තුල හිරවෙනව මිසක් මිත්‍රසමාගම් පවත්වාගෙන යන්න උත්සාහ ගන්නෙ නැහැ.සමහර වෙලාවට අමාරු ඇති. ඒත් හොඳම මිත්‍රයින් ගොඩක් පවතින්න විදියක් නෑ.
    සිරා කියල තියෙන බෑන්ඩ් එකේ එවුන් සම අදහස් තිබුන,කාලයක් යම් උවමනාවකට තදින් කැපවුනු පිරිසක්,ඒ නිසා උන්ගෙ බැදීම් වැඩියි. ඒම බැලුවාම උඹ වාසනාවන්තයි.

    ඇත්තෙන්ම ජීවිතයේ යාලුමිත්‍ර සමාගම් පවත්වන්නට....වේලාවක් තිබිය යුතුයි,නැතිනම් වෙන්කර ගතයුතුයි.ජීවිත්යේ අත්දැකීම් ගොන්නක්,අතීත ආවර්ජනයක් කරන්නට...සෙට් වෙන්නම ඕන. එහෙම මිනිහා නිරෝගියි,සැනසිල්ලෙන් ඉන්නෙ,මානසික පීඩනයක් නෑ...මේකට තමා මිත්‍ර සමාගම කියන්නෙ.
    මාවත් ගනින්කො බං ඔය සමාගමට..අර දියරෙන් සව්දිය පුරන්න..:)))))))))


    මංගල දැන්වීම ගැන..............,

    හදිසි නොවිත් බැහැ තමා....ඒත් හදිසි වෙන්න එපා බං..පොඩි එකෙක් වඩාගත්ත පලියට...!
    ජීවිතයට ලංවන කාන්තාව...තමන්ට ලැබීම අමුතු මෙව්ව එකක් බං අපි හිතන්නෙ නැතිවෙලාවක මුන ගැහෙන්නෙ.ඒක හරිම අමාරුයි පැහැදිලි කරන්න පෝස්‍ටුවක්ම දාන්න ඕන . මගේ කතාවත් ඒ වගේ.

    කොහොම උනත් උඹට හොඳ කෙල්ලෙක් ලැබේවි. හිතහොඳ එකානෙ.උඹට වරදින්නෑ...!

    හරිගිය දිනෙක අපිටත් කියාපං..!

    එදා උඹලගෙ සර් එනව කීව ආවෙ නැත්තෙ ඇයි අහන්නත් අමතක උනා.(27)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකය තුල ඔබ වැනි බොහොම හෘදයාංගම මිතුරෙක් හමුවීම ගැන බොහොම සතුටුයි...ඇත්තටම වීයා දැන් මගෙ හොද ෆිට් එකක් වගේ දැනෙනවා...මගේ ජීවිතේ දැන් තියෙන ගිම්හාන කාලෙ ඉවර උන ගමන්...වීයාගෙ පවුලෙ ඇත්තො දැක බලාගෙන යන්නත් එක්ක ඔය ඉසව්වට එන්නම්...එදාට අපි සවුදිය පුරමු.

      මට එදා වගේ හැගීමක් කවදාවත් ඇවිල්ලා නෑ...මගේ පපුවට හේත්තුවෙලා...ඒ පුංචි හදවත කම්පනය වෙද්දි...මගේ යාලුවො මගෙ දිහා පුදුමවෙලා වගේ බලාගෙන ඉද්දි...හිතට පුංචි ආඩම්බරයක් දැනුනා...මටත් මේ වගේ එකෙක් හිටියා නම් කියලා ආශාවක් ආවා...ඒකයි රහස...

      මගේ පෝස්ටුවෙත් සර් ගැන කියන්න අමතක වුනා...එතුමාට උණ ගැනිලා හිටිය නිසා තමයි එන්න බැරි වුනේ...ගෙට්ටුවට දිණ දෙකකට කලින් වගේ තමයි එහෙම වෙලා තියෙන්නෙ...හරිගිය දිනෙක අනිවා කියන්නම්...මගෙ වෙඩිම...

      Delete
  33. ආමාගෙ කතාවට නම් මම සම්පූර්ණයෙන් ම එකඟයි.. ඉස්කෝලෙ හිටපු යාළුවො තරම් ලඟින් ඉන්න යාළුවො තවත් නෑ..

    "කවුද කැමති ඒ දරුවගෙ අම්මා වෙන්න ?" හි හි... කිව්වත් වගේ මේක මංගල දැන්වීමක් නේ...

    ReplyDelete
  34. ඇත්තටම මටත් හිටපු යාළුවො ගොඩක් ඉස්කෝලේ කාලෙන් පස්සේ මග හැරුනා.ඊට පස්සේ හොඳම යාලුවෙක් හිටියේ නැහැ පස්සේ බුකියෙන් සෙට් වුනා අපේ ගමේම කොල්ලෙක්.හිතුවට වැඩ කල්‍යාන මිත්‍රයෙක්.මට වෙලාවකට හිතෙනවා එයා මට යාලුවෙක් වෙන විදියට මට එයාට යාලුවෙක් වෙන්න බැරි වුනාද මන්දා කියලා.

    අයියගේ අන්තිම ආශාව ඉතාමත් ඉක්මනට ඉෂ්ට වේවා කියලා මම හද පතුලෙන්ම පතනවා අයියා.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ මිතුරා හමුවෙන්නෙ කොතැනද කියලා හරියටම කියන්න බෑ මලේ...ඒ නිසා ඇතිවෙලා තියෙන මිතුදම රැක ගන්න බලන්න.

      Delete
  35. දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ගත්ත නම් ඉක්මනටම දරුවා හුරතල් කරන්න ලැබෙයි. වෙන්න තියෙන දේ වෙනවා. එතකං හිටපං සිරෝ.

    ReplyDelete
  36. "සැටලිමක් විකිණිමට තිබේ" කියලා ඇඩ් එකක් දැක්කා, මම හොයලා බලන්නම්...(සිරාටත් යන කළ දවසක් තියෙන්ට එපායැ)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. සිරා සැටලිමක් වෙන්ට ඕන වගේ නෙහ්..

      Delete
    2. සැටලිම් ගහන්න තව ගේ හදන්න පටන් ගත්තෙ නෑ...සුමිත් අයියට කියලම පැලෑන ඇද ගන්නම් එදාට...

      Delete
  37. //පුංචි එකා තුරුලු කරගෙන සිටි නිමේෂයේ මට දැනුනු හැගීම් නිසාදෝ ඉක්මනින් පියෙක් වෙන්නට කල්පනා කලෙමි...කවුද කැමති ඒ දරුවගෙ අම්මා වෙන්න ?//

    තුරුලු කරගෙන හිටපු එක්කෙනාට නම් අම්මෙක් ඉන්නවානේ?

    මම දැකපු හොඳම මංගල යෝජනාව...:)
    දැන් යෝජනා කීයක් විතර ආවද?:D

    ReplyDelete
    Replies
    1. යෝජනා නම් සෑහෙන්න ආවා...නෑදෑ පවුල් වලින් එහෙම...ඒ උනාට සිරා තවම තනිකඩ ජීවිතේට තමා ලොල්...

      Delete
  38. mage "Baba" Sudika mama,Sira mama gana tawma kiyawanawa.
    uba hoda "Tata" kenak wenawa. aniwa....defa...
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. එහෙම කථාවක් ඔය සුදීක අයියත් දවසක් කිව්වා...

      Delete
  39. පිනට දහමට ලැදි සහ ඕපන් හාට් කොල්ලෙක් වෙන මා ආදර සිරා ළමයගෙ මංගල දැන්වීමට දින 21ක් ඇතුලත ලංකාවෙ කෙල්ලෙක් ප්‍රතිචාර නොදැක්වුව හොත්,ලංකාවේ වසර 2ක ස්වෙච්චා සේවයේ යෙදෙන සිංහල කතාකරන ජප්පියෝ ඕන තරම් ඉන්නව,කියන්න මට ඕනෑ නම් මලයන්ඩිය.හැබැයි අම්මල බලන "සුදු රෙද්ද"ටනම් මම වග නොකියමි!:).

    ReplyDelete
    Replies
    1. ජප්පියොත් නරක නෑ...අපේ ගෙදර ඔය සුදු රෙද්ද කියන ගෝත්‍රික සිරිත නම් භාවිතයට ගන්නෙ නෑ....අපිට රෙදි නැන්දලත් නෑ...

      Delete
  40. මට අන්තිමට ඉතුරු වෙච්චි යාළුවො ටික අවුරුදු දහයකටත් වඩා කාලෙකට පස්සෙ දැක ගත්තා මේ ළඟදි... ඒ ගැන මං පෝස්ට් එකකුත් දැම්මා... ඒත් පාසැල් යාළුවොම තමයි... ඒ නිසා මට සිරාට දැනෙන හැඟීම ගැන හිතා ගත්තැකි...

    සිරා කොළුවට හොඳට ගැලපෙන මනමාලියෙක් ලැබේවා...!! හැබැයි ඊට පස්සෙ නම් මෙහෙම ප්‍රර්ථනා කොරපු එවුන්ටත් එක්ක බනිනව හෙම නෙවේ ඔන්න... :D

    ReplyDelete
    Replies
    1. එහෙම කියපු අයට බනින තත්වයට නොවැටේවි කියලා මම හිතනවා...මගේ ලග විවෘත භාවය ඕනෑ තරම් තියෙන නිසා ගැටුම් අඩුවේවි...

      Delete
  41. දැන් කාලේ ඉන්න අපේ යාළුවො ගත්තම සිරා අයියලාගේ සෙට් එක වගේ බොක්කෙන්ම ඉන්න උන් අඩුයි [සාපේක්ෂව ,නැත්තේම නෑ ] , සිරා අයියට ත් ලගදීම පස්ට කෙල්ලෙක් සෙට් වේවා කියා ප්‍රර්ථන කොරමි

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තූතියි මලේ...මිතුරුකම කියන්නෙ පුදුමාකාර දෙයක්...ඒක විදලම බලන්න ඕනෙ...

      Delete
  42. යාලුවො ගෑනනම් කියල වෑඩක් නෑහෑ මලය. හොදම යාලුවෙකුට කියල උදව් කරන්න ගිහින් තව ටිකකින් හිරේ යන්න වෙනව.තාම බෑන්කුවට මම ජාති නය ගෙවනව මගෙ දරුවන්ට කන්න අදින්න තියන සල්ලි වලින්.මගෙ නෝන මා ගෑන විස්වාසෙ තියා ගෙන ඉන්න නිසාඅ හිතට දුකක් නෑහෑ.මන්ගල යෝජනාව හොදයි.හරි ගියේ නෑත්නම් ටික කාලයක් ඔහොමම ඉදල ජොබ් එකක් කරන දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් බදින්න.එතකොට උගන්නන්න කරදර වෙන්න ඔනෙත් නෑහනෙ නෙද?

    ReplyDelete
    Replies
    1. ඔය විදියෙ වංචාවකට අපේ අම්මත් යාලුවෙක් නිසා වතාවක් අහු වුනා...ණයක් ගද්දි ඇප වෙලා...අන්තිමට ඒ මුදල සහ පොලිය අම්මට ගෙවන්න උනා...සාක්කුවට විදලා යන යාලුවො තමා වැඩිපුර ඉන්නෙ...අපේ නුවණ මෙහෙයවලා උන්ව අදුගන්න වෙනවා...

      දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් බැන්දා නම් ඉස්පිරිතාල ගානෙ රස්තියාදු වෙන්න ඕනෙත් නෑ නේද...

      Delete
  43. කාලෙකට පස්සේ පරණ යාලුවෝ සෙට් වෙනවා කියන්නේ විනෝද සාගරයක්. ඒ වගේම තමා සල්ලි ලැබුනාම කලින් උදවු කරපු බාල ගැනේ යාළුවොත් මට ඉඳල තියෙනවා.නමුත් සැබෑ යාළුවා මොනවා ලැබුනත් යාලු කම අතහරින්නේ නැහැ.

    ඉක්මනට බැඳපන් උඹට වයස 50 වෙද්දී අවුරුදු 20 දරුවෙක් ඉන්න ඕනේ එතකොට රිස්ක් එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු 3කින් විතර අමාරුවෙ වැටෙන්න තමා කල්පනාව...

      Delete
  44. මේක තමයි මම දැකපු සුපිරිම මංගල දැන්වීම. අනික ඒක compose කරලා තියෙන ලස්සන!
    උඹ මට දෙන්න ඕනෙ රිප්ලයි එක නලියාට දීලා තියෙනවා මම දැක්කා. ඌටත් ඒක ගානක් ගියේ නෑ.

    දැන් පින්තූරේ නියමයි. උඹේ රතු ටීෂර්ට් හමුදාවයි, හෙල්මට් එකයි පතුල් දෙකයි පේන්නෙ ඔය ගානට.

    උඹේ ප්‍රර්ථනා මල් පල ගැන්වේවා. හැබැයි අර මියුරු කිව්වා වගේ උඹ පස්සෙ සුභ පැතුව අපිටත් බනින්නෙ හෙම නෑ හොඳද?

    ReplyDelete
    Replies
    1. බනින්නෙ නැති වෙන්න වැඩේ කොර ගන්න තමා මේ අහිංසක වෑයම...චිත්‍ර‍ ඇන්ද කෙනාට ඒකෙ සමහර දේවල් නොපෙනී ගියාම තද වෙනවා කියලා මම අත්දැකීමෙන් දන්න නිසා තමයි ආයෙත් සංශෝධනයක් කලේ.... රතු ටී ෂර්ට් හමුදාව වෙනස් කරනවා ලගදිම...සිත්තරයට නැවත වතාවක් ස්තූතියි...

      Delete
  45. මටත් ඉන්නවා ඔය වගේ හිතට ගොඩක් සමීප යාළුවෝ දෙතුන් දෙනෙක්. ඒ හැමෝම ඉස්කෝලේ කාලේ යාළුවෝ. හැමතිස්සෙම මුණ ගැහෙන්න බැරි වුනාට හදවත් වලින් හරි කිට්ටුයි අපි. කාට හරි මොකක් හරි දුකක් වුනු වෙලාවට නම් කට්ටියම දුක බෙදා ගෙන කරන්න පුළුවන් දෙයක් කරන තැන ඉන්නවා. මේ ගිය ඉරිදා හැන්දෑවේ හුග කාලෙකින් එයින් තුන් දෙනෙක්ව හම්බවෙන්නත් ගියා. අනිත් දෙන්නා රට. මුණුපොතේ දැම්ම ෆොටෝ බලලා උන් දෙන්නා හුල්ල හුල්ල හිටියා එයාලට එන්න බැරිවීම ගැන.....

    මංගල දැන්වීම සුපිරි ඈ... සිරා අයියට හොද ගෑනු ළමයෙක් ලැබේවා කියලා මාත් පතනවා ඕන්.... හැබැයි කලබල නොවී සීරුවට කෙනෙක් හොයා ගන්නෝ.... නැත්තන් අර කතාවක් තියෙන්නේ කලබලෙන් විවාහ වන්නා නිවී හැනහිල්ලේ පසු තෑවේ කියලා.....

    ReplyDelete
    Replies
    1. කලබලයක් නෑ නගේ...තව අවුරුදු 3ක් විතර තියෙනවා... සැබෑ මිතුදම කියන්නෙ බොහොම හෘදයාංගම හැගීමක්...

      Delete
    2. ithin nage uba badapanko sira koluwawa..hithe hangan inna oni na.onna mama kapu kama kala.sira samanali wedding eka lagadeema.....

      Delete
  46. සිරා... (හැබයි උබට අපි කතා කලේ අර රජා කියපු වචනය...දැන් මේ බ්ලොග් එකක් අටෝගෙන නම මොඩ් කරගත්තට )

    යාලුවෝ .... කතා කරන්නේ මොනවද කියල හිතා ගන්න බෑ මචං.. හැබැයි අමාගේ කටේ ගෝල්ඩ් මාරි බිස්කට් එකක් දාන්න ඕනේ කතාවට .... ඔය කතාව ඔය විදිහටම ජැකා මට ලගදී දවසක මට කිව්වා... ඇත්ත සමහරු වෙනස් වෙලා .. සමහරු අදුන ගන්න බෑ යකෝ..... මුන්ද එකට එක බත් එක පොරකකා කෑවේ කියල ...(බත් එක මතක් වෙද්දී ඉස්සලාම මතකයට එන්නේ "පෙමාව" නොහොත් පොඩි නලිය උදේ පාන්දර කැඩෙට් පුහුනුවීම් ඉවර වුන 2 වැනි කාල පරිචේදය පටන් ගන්න කලින් මගේ පිටිපස්සේ පුටුවෙ ඉදගෙන "ඒ බඩගිනි බං යමන්කෝ කන්න...." ඕක මතුරන එක තමයි එකාගේ වැඩේ .. අපේ අම්මාත් අපේ එවුන්ගේ හැටි දන්නා නිසාම 25KG හොම් පැක්‌ එකක් ඔතල දෙන්නේ ඇති වෙන්න කන්න.. (10 විතර වටවෙලා මොන ඇති වෙන්න කෑමක්ද ... ඒක ඊට අමතරව තව කීයක් හරි දෙන්නෙත් ). ගිය පාර ආව වෙලාවේත් මූ එහෙන්මම තමයි ඉස්සලම කිව්වේ "දවසම ෂූටිං පරැක්ටිස් බං බඩගිනි කන්න තියන දෙයක් ගනින් ඉස්සලාම" කියල... අපේ අනිත් එවොන් හිනා වුනේ මුගේ හැටි දන්නා නිසා...(ඔන්න පෙමා අන්තිමට ගිය මාසේ අමාරුවේ වැටුන )

    එත් සමහරු එදා හිටපු විදිහම තමයි...සමහරුන්ට අදුරන්නත් බෑ සමහරු නමට විතරයි ...එත් ගොඩක් ළගින් හිටපු යාලුවෝ තාමත් එහෙමයි ලෝකේ අනිත් කොනේ හිටියත් පුළුවන් වෙලාවට කෝල් එකක් දීල තාමත් සැප දුක හොයල බලනවා.. ඒ වගේම අදටත් ලංකාවට ආව වෙලාවට ලගින් ඉන්න හැම එකාවම බලන්න යන්නෙත් එක නිසා තමයි .....දන්නා කියන හැම එකාම හොද හොද තැන‍්වල... ඇත්තටම හරිම සන්තෝසයි .....

    උබේ පොස්ට් එක ගොඩක් පැරණි මතක ගොඩක් අළුත් කලා ...
    http://www.youtube.com/watch?v=WCvFw0Lhd8w

    උබේ මංගල දැන්වීම ගැන කියන්න තියෙන්නේ .....ඉවසල වදාරපන් ... ඔහම ගිහින් අර සිකුරා කියන එකා කොටයි කොයි වෙලාවක හරි.

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. උඹ දක්වලා තියෙන චරිත ඔක්කොම ඉතිං අපේ පාසලේ උන් නෙ...අපේ උන් ගැන ආයෙ කියන්න දෙයක් නෑනෙ බන්....පෙමා / ජැකා දකිද්දිත් ඉස්සර කොල්ලො මාරු වෙනවා...දැක්ක තැන සල්ලිමනෙ ඕකුන් ඉල්ලුවෙ...

      උඹ දාපු සින්දුව මගෙත් ප්‍රියතම ගීතයක්....පාසල් කාලයට ආදරය කරන හැමෝම ඒ ගීතයට කැමති ඇති කියලා මම විශ්වාස කරනවා... සිකුරා කොටන්නද කොහෙද බන් දැන් සැරසෙන්නෙ...ඔහොම යමුකො බලන්න තව ඉස්සරහට...

      Delete
  47. මිනිහෙක් හැදෙන්නනම් දවසකට හරි හිරේ යන්න ඕනේ.. ඒක හොඳ අත්දැකිමක්.ඉතින් ආමාටත් වුනේ ඒකයි. මොනව වුනත් හොද මිත්‍රයෙක් වගේ..

    ඔක්කොම කතාව කියවලා අන්තිමට අර දරුවාගේ අම්මා වෙන්න කවුද කැමති කියලා අහනකොට ඒක නම් හොඳ ප්‍රශ්නයක් කියලා මටත් හිතුනා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්...සිපිරි ගෙය විශ්වවිද්‍යාලයක් කියලා ලෝ ප්‍ර‍කට දාර්ශනිකයොත් කියලා තියෙනවා වගේ මතකයි...

      තාම ප්‍ර‍තිචාරයක් නෑ...දැන් කොල්ලො අම්මලා වෙන්න අකමැතිද මන්දා...

      Delete
    2. කවද්ද මල්ලි කොල්ලො අම්මල උනේ?

      Delete
    3. විලි ලැජජාවයි...එය කෙල්ලො යනුවෙන් නිවැරදි විය යුතුයි...

      Delete
    4. මම ඕකට සම්බන්ද වෙන තව දෙයක් අහන්න හදලා උබෙ තත්වෙට හොද නෑති නිසා ඈහුවෙ නෑහෑ.උබ ගෑන කොල්ලො වරදියට හිතුවොත් නෙහ්..........

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...