මිතුරෙකුගේ නිවසක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ආරාධනා ලැබී දිනක් සිරා එහි ගියේය. බණ අවසානයේ පිරිනැමෙන රාත්‍රී භෝජනයද භුක්ති විදීමෙන් අනතුරුව පැවති කාල සමයේදී මැදි වයසේ අයෙකු හා දැනහැදුනුම් කමක් ඇතිකරගැනීමට අවස්ථාව ලැබුනි. ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ගහට ගහක් මොරටුවේදී හමුවන්නේ යැයි කිව්වා සේ අප දෙදෙනාද එක වල්ලේ පොල්ය. දෙදෙනාම පැරණි වාහන ප්රේමීන්ය. කථා බහ අතරතුර මාගේ ස්කූටරයේ වගතුග මටත් හොරෙන් එළියට පැන්නේය. ඔහු හා ඔහුගේ බිරිද ඒ විස්තර ශ්‍රවණය කල පසු ස්කූටරය දැක ගැනීමට පැමිණි අතර එයින්ම අපගේ පළමු හමුවීම අවසන් විය. සමුගන්නට පෙර එතුමා මා හට පැවසුවේ...
පුතා වෙලාවක අපේ ගෙදර එන්න... පරණ වාහන එහෙත් තියෙනවා යනුවෙනි.
සිංහරාජය නැරඹීමට රත්නපුරය හරහා ගිය ගමන එතුමාගේ නිවසට යාමට හොදම අවස්ථාව විය. ඒ නිසාම ඒ අවස්ථාව පැහැර නොහැර රත්ගග පන්සල පාරේ කිලෝමීටර් 3 ක් පමණ ගිය තැන අදාළ ස්ථානයට යාමට අපට හැකි විය. ඉතාම අලංකාර උද්‍යානයකින් සමන්විත එම නිවස එංගලන්තයේ නිවෙසක් සිහිගැන්වීය. අප යන විට ගෘහ මූලික තෙමේ නොසිටියද ඔහුගේ ප්‍රියාදර භාර්යාව අප සාදරයෙන් පිළිගත්තාය. පාසල් ගුරුවරියකද වන ඇය පැවසූවේ,
මහත්තයා එළියට ගියාට පුතා ඉන්නවා... එයා දැන් තාත්තටත් වඩා මේවා ගැන විස්තර දන්නවා කියාය.
මහා පරිමාණ දැව ව්‍යාපාරිකයන් වන ඔවුන්ගේ කාරුණික ආගන්තුක සත්කාර විදීමෙන් අනතුරුව මේ අනර්ඝ සම්පත් වර්තමානයේ රැක බලා ගන්නා කසුන් වැලිකල සොයුරා අප හට හමුවිය.ඔහුගේ ආරාධනයෙන් අපි සියල්ලෝම පැරණි යතුරුපැදි තිබෙන ඉසව්වට ගියෙමු. කසුන්ගේ නිරහංකාර බව අපගේ ප්රමෝදයට හේතු විය. කාලයක්ම මැලේසියාවේ රථ වාහන තරග සම්බන්ධ පාසලක අධ්‍යාපනය ලබා... එහිදී Lotus වර්ගයේ රථයක් පදවමින් තරග කර ඇති ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිරහංකාර සරළ චරිතයකි.
අප යන විට මෙම යතුරුපැදි සදහා කෞතුකාගාරයක් බදු ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පැවතුනා. යතුරුපැදි නවතා ඇති කොටසට අප කැටුව ගිය ඔහු බයිසිකල් මත යොදා තිබූ ආවරණ ඉවත් කර අපට හොදින් ඒවා දර්ශනය වන්නට සැලැස්වූවේය. පැරණි බයිසිකල් දුටු පමණින් මා හට මහත් වූ ප්‍රීතියක් දැනුනි. පැරණි නෑදෑයන් පිරිසක් හමු වූවා වැනි හැගීමකින් මා සිත වෙලී ගියේ මාගේ චිත්ත සන්තානය තනිකරම ඇන්ටික් ලෝලියෙක් බවට මා පත් කර ඇති නිසාවෙන් විය යුතුය. අපගේ ගැටළු සදහා ඉතා නිවැරදි පිළිතුරු සැපයීමට ඔහු එක් එක් යතුරුපැදිය සදහා වෙන් වෙන් වශයෙන් පවත්වා ගෙන යන ලිපිගොනුද සිය මෑණියන් මගින් ගෙන්වා ගත්තේය. එම ලිපිගොනුවක් තුල ඒ ඒ යතුරුපැදිය මිළදී ගත් දින සිට බොහෝ ලියවිලි ඇතුලත්ය.
එහි පේළියට නවතා තිබූ යතුරු පැදි අතර මුලින්ම තිබුනේ මෙම යතුරු පැදියයි.මෙතැන් සිට මේ ඡායාරූප ඔබට බොහෝ දේ පවසාවි.
වර්ගය - ඉන්දියන් බ්‍රේව් (Indian Brave) නිෂ්පාදිත වසර සහ රට - 1956 ඇමරිකාව එන්ජිමේ ධාරිතාවය - 248 CC සයිඩ් වැල්ව් එන්ජිමකි. තවමත් 100 % වැඩ නිමවා නැත. සමහර කොටස් එංගලන්තයෙන් ආනයන කෙරෙමින් පවතී. |
ඉහත යතුරුපැදියට අදාළ ලියාපදිංචි පොත මෙවැනි දෑ බොහෝවිට බාහිර පාර්ශව වෙත රථහිමියන් විසින් පෙන්වන්නට අකමැති මුත් කසුන් දැක්වූ සුහදශීලී ප්‍රතිචාරයට අප ස්තූතිවන්ත විය යුතුය. එකල ඇමරිකානු පොලිස් සේවයේ යෙදී ඇතිඉන්දියන් බ්‍රේව් බයිසිකල් පෙළක්
ඉන්දියන් යන නාමය තිබුනද මේවා ඉන්දියානු නිෂ්පාදන නොවේ.
ඡායාරූපය http://en.wikipedia.org/wiki/File:Indian_Scouts.jpg |
වර්ගය - ඉන්දියන් ස්කවුට් (Indian Scout) නිෂ්පාදිත වසර සහ රට - 1943 ඇමරිකාව එන්ජිමේ ධාරිතාවය - 750 CC මිලිටරි යතුරුපැදියක් ලෙස ඡායාරූපය http://en.wikipedia.org/wiki/File:1942_Indian_Scout_500cc_v_twin_2.jpg |
ඊළගට තිබූ යතුරුපැදිය කසුන්ගේ ඥාතියකුට අයත්ව දිරාපත්ව තිබූ ට්‍රයම්ප් වර්ගයේ එකකි,
මෙවැනි යතුරු පැදියක් හොද තත්වයට පත් කිරීමට රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් වැය වෙනවා. සමහර අමතර කොටස් (සංඥා ලාම්පු පවා) මිළදී ගැනීමට ඒවා නිෂ්පාදනය කරල රටවල් වෙත සංචාරය කිරීමටත් සිදුවෙනවා. විවිධ අය මාර්ගයෙන් මෙම යතුරුපැදි එකතුව පිළිබද දැනගන්නා විදේශිකයන් ඇතුලු බොහෝ පිරිස් මේ ස්ථානයට පැමිණ මේවා ඉතා ඉහළ මිළ ගණන් වලට මිළදී ගැනීමට කැමැත්ත පල කලත් කසුන් සහ ඔහුගේ පියාණන් මේවා විකිණීමට කිසිම සුදානමක් නෑ....
අවසාන වශයෙන් මෙවැනි පෝස්ටුවකට ගොනු කල හැකි කරුණු රාශියක් නිර්ලෝභීව මාවෙත ලබා දුන් කසුන් වැලිකල සොයුරා , ඔහුගේ දෙමාපියන් ඇතුලු නිවැසියන් සියල්ලන් හට සිරාගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමේ. ඔහුගේ මේ වෑයම තව තවත් සාර්ථක වේවා !
ප.ලි
මෙම පවුල සතුව පෞරාණික වාහනද තිබේ. ඒවා ගාල් කර ඇත්තේ වෙනත් ස්ථානයක නිසා ඒවා ඡායාරූපයට නැගීමට නොහැකි විය.
ඇන්ටික් එකතු කිරීම කියන්නෙත් ලේසි වැඩක් නෙමෙයි බලන් ගියාම..
ReplyDeleteඇන්ටික් කියන්නෙ මානසික තෘප්තිය.... ඇන්ටික් නඩත්තු කරනවා කියන්නෙ නම් සෑහෙන වියදමක්...
Deleteබයික් පිස්සුව මාරම විදිහට තිබුනා මට ගිය අවුරුද්දේ විතර....
ReplyDeleteනියමා............යි!
ජය!
ගිය අවුරුද්දෙ තිබුන බයික් පිස්සුව මේ වෙද්දි හොද වෙලාද හිරු... නැත්නම් බයික් එකකින් ඇදගෙන වත් වැටුනද ?
Deleteඔබටත් ජය !
හී හී..නැහැ ඒ පිස්සුව නිකම්ම නැති වෙලා ගියා අප්පා :)
Deleteහපොයි... දවසක මෙයා මොන වගේ කෙල්ලක් හොයාගනීද මන්දා. මොන වගේ කෙනෙක් හොයා ගත්තත් කෑලි දාලා පොලිෂ් කරලා හරිගස්සගනී...හී හී...
ReplyDeleteහා හා එහෙම වෙයි කියලා තමයි මටත් හිතෙන්නෙ.... 0 වැලි කඩදාසියෙන් කපලා පොටි ටිකක් දාලා ගත්තම ඕනෙ කෙනෙක් ලස්සනට හිටීවි....
Deleteෂා නියමයි මචං, එළ
ReplyDeleteස්තූතියි අටම්...
Deleteබයිසිකල්වලට අමතර කොටස් හොයන්න පිට රටවල්වලට පවා යනවා කියන එක තමා මට නම් හිතට ඇල්ලුවේ. දේකට උපරිම කැපවෙන මිනිස්සුන්ගේ ලක්ෂණය වෙන්නේ ඒක. හරි සතුටුයි මෙහෙම මිනිස්සු ගැන දැනගන්න ලැබෙන එකත් :)
ReplyDeleteමිනිස්සු ඇන්ටික් එකතු කරන්නෙ ඒවාට ඇති දැඩි කැමැත්ත නිසයි... එතැනදි අතේ මුදල් තියෙනවා නම් අවශ්‍ය අමතර කොටස් සොයායන්න භූගෝලීය බාධක වැදගත් වෙන්නෙ නෑ... තමන්ට මේවායින් කිසිම ආදායමක් නැති වුවත් තවත් කෙනෙක් ඒවා නරඹලා ලබාදෙන ප්‍රතිචාරය තමයි ඔවුන්ගේ සතුට...
Deleteමගේ අතෙත් සෑහෙන්න යමක් තියෙන කාලෙක මාත් ඕක තමා කරන්න හිතාගෙන ඉන්නේ...
Deleteහසිතට ඒ සදහා අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
Deleteආසා හිතෙන තොරතුරු ටිකක් මචං..!
ReplyDeleteහැබැයි ඔයවගේ විනොදාංශයක් අපිවගේ ආර්ථිකයක්(මම) තියෙන අයට නම් ජීවිතේට කරන්න බෑ.!
ඇත්ත... එදා වේල ටුවර්ස් වන අපිට ඇන්ටික් බයික් ගොඩදාන්න රට රටවල් වලට යන්න නෝ චාන්ස් තමයි...
Deleteමරු
ReplyDeleteස්තූතියි !
Deleteකසුන් වැලිකල..!ඒ කවුද අස්පා...:D ස්තුතියි මේ තොරතුරු අපිට ත් දකින්න සැලස්සුවට..
ReplyDeleteරත්නපුරේ කිට්ටුව ඉන්න නිසා පොඩ්ඩක් හොයලා බලන්න... තාම බැදලත් නෑ කසුන්...
Deleteනියම ඇන්ටික් ටික !
ReplyDeleteස්තූතියි මධුරංග ඔබේ වදන් වලට...
Deleteනියමයි බං අතපසුවෙච්චි උඹේ ස්කූටර ලිපියත් මම කියෙව්වා මොටො සයිකල් පදවන්න එතරම් කැමැත්තක් නොමැති පුද්ගලයෙක් වූ මා ඔබේ වන් ස්කූටරයක අයිති කරුවෙකු වීමේ සිතක් පහලවෙන තරමට උඹ කරුනු ගොනුකරල තියෙනව අම්මපා එහෙම එකක් ගන්න තිබ්බොත් මටත් කියපන්..අනික් කාරනාව උඹෙ ටෙලිෆොන් ලිපිනය චික් අංකය මට ඊමෙල් කරපන්කෝ හොඳ එකා වගේ ජය
ReplyDeleteඅනිවාර්යෙන් රාජ් උදව් කරන්නම්... දුරබණුවෙ අංකය මම ඊයක් එවන්නම්... ජය !
Deleteමෝටර් ෂෝ එකේවත් දැක්කේ නැති ඒවා මෙතන තියනවනේ.. කසුන් නම් එළ බුවෙක්.. අයියෝ පරණ කාර් වලත් පොටෝ කෑලී ටිකක් ගන්න තිබ්බනේ කොම හරි..
ReplyDeleteකසුන් එළ කොල්ලෙක් හින්දා නේන්නම් මෙච්චර විස්තර ලෝබ නැතුව කියලා දුන්නෙ... පරණ කාර් තිබුනෙ ළග පාතක නෙමෙයි...
Deleteමරු නේ..... ඔය වගේම මහ සද්දන්ත යකඩ ගොඩක් මට මතකයි අපේ ආත්තම්මලගෙ ගෙදර තිබුණ අපි ගොඩක් පොඩි කාලෙ. සුද්දගෙ කාලෙ එකක් ද කොහෙද. මතක හැටියට ලොකු මාම ඕකෙන් ගිහින් වැටිල මූන කට සමතල කරගත්තට පස්සෙ ඒක විකුණල දැම්ම.
ReplyDeleteඅපරාදෙ...අද ඒක තිබ්බා නම් DDT ඒකෙ සාඩම්බර හිමිකාරයා වෙන්නත් ඉඩ තිබුනා නොවැ...එහෙම උනා නම් කාටද ආඩම්බර...
Deleteගිනිගත්හෙනේදී මට එකතරා වයසක මහතෙකු (නගරය ආසන්නයේ නිවසක ජීවත් වන ) හමු වුනා. ඔහු සතුවත් මෙවැනි බයිසිකල් කිහිපයක් තිබී ඇත. ඔහු සතුව අඩි 1 1/2 පමණ උස ඉතා කුඩා මෝටර් සයිකලයක් තිබේ. එය බාවිතා කරන්නේ කාන්තාර වලදී බව ඔහු පවසා සිටියා. ඔහු ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඒකෙ සාමාජිකයෙකු බවද, එකල ඕනෑම ආපදා අවස්ථාතාවකදී සේවය සඳහා කැප වී සිටි ආකාරයද විස්තර කලා.
ReplyDeleteමම මේ කියන කසුනුත් පැරණි මෝටර් රථ සංගමයේ සාමාජිකයෙක්... සමහර විට ඔය කියන කෙනාව දන්නවා ඇති... තොරතුරට ස්තූතියි...
Deleteනියමයි. බයික් ටික දැක්කාම නම් ආස හිතෙනව.
ReplyDeleteමොකක්ද සිරා ඒ පැත්තෙ ආපු වෙලාවක රෙහානිට කමෙන්ටුවකින් කින්ඩියක් දාල තිබ්බෙ.
පව් නෙ සිරා. හික් හික්..
නෑ නෑ කින්ඩියක් දැම්මෙ නෑ...රෙහානිට යාලුවෙක් මුණ ගස්සන්න හැදුවෙ....
Deleteකොල්ලෝ උඹ නම් සිරා පොරක්.උඹ ගැන ලිපියක් ලියන්න ආසයි වෙලාවක වරෙන්කෝ ලේක් හවුස් පැත්තේ.මා ගැන විස්තර සේරම තියනවා මගේ fb එකේ. මේ කිව්වේ සිරාවටමයි.
ReplyDeleteමමත් පත්තර කන්තෝරුවක තමයි සැරිසරන්නෙ... ලංකාවෙ වැඩිපුරම විකිණෙන පත්තර අයිති සමාගමේ...බුකියෙන් විස්තර බලාගෙන එන්නම්කො හමු වෙන්න... ස්තූතියි ..
Deleteකොල්ලෝ උඹ ලංකාදීපෙද. මමත් 1995 වෙනකම් වැඩ කළේ එහෙ.නම කියපන්කො. මම ඉන්නේ නියම නමින්.
Deleteලංකාදීපෙ නෙමෙයි Times මූණු පොතෙන් එන්නම් බැහැ දකින්න...
Deleteදැන් ඉතිං මේකත් බුක් මාක් කරගන්න වෙනවා අපේ මහත්තයට පෙන්නන්න.. හි හි...
ReplyDeleteඇත්තටම මෙ පිස්සුව අපේ තාත්තටත් තදට තිබුනා.. හැබැයි ආර්ථිකේ අවුල් නිසා කරගන්න හම්බුනේ නෑ...
විස්තර ටික නම් ඇත්තටම මරු..
මහත්තයාටයි තාත්තටයි දෙන්නටම පෙන්නන්න... ඇයි අම්මා එයාටත් පෙන්නන්න....
Deleteබොහොම වටිනා විස්තරයක් සිරා. මෙහි පෙන්වාතිබෙන ඉන්දියන් බ්‍රෙව් සහ මිලිටරි ටයිප් බයිසිකල් හැර අනෙක් බයිසිකල් බොහොමයක් මම පාසල් යන කාලයේ නිතර මහ මග දුටු ඒවා.ට්‍රයම්ප් බයිසිකල් මම පලාත් තියනවා. ට්‍රයම්ප් ටයිගර් කබ් සහ 100 මෝස්තර ඒ කාලයේ පොලීසියේ තිබුනා. එහි හඬ (බීට්) ඒ වර්ගයාටම වෙන්වුවක් නිසා පාරේ යනවිට හඬ අහලා කියන්න පුළුවන් ඒ යන්නේ ට්‍රයම්ප් බයිසිකලයක් කියලා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඇත්ත විචාරක තුමා... ට්‍රයම්ප් බයිසිකල් වල තියෙන්නෙ ඒවාටම අනන්‍ය වූ හඩක්...ඒ හඩ පවත්වාගන්න ඔරිජිනල් සයිලන්සර් තියෙන්නත් ඕනෙ... ඒ නිසාමනෙ සයිලන්සර් දෙකක් ගන්න කසුන් ස්වීඩනයට ගිහින් තියෙන්නෙ...
Deleteස්තුතියි සිරා. මේකට ඇන්ටික් යකඩ අස්වයො ගැන මම දන්න දේත් එකතු කරන්නම්, ඒ ඒ වෙලාවට හිතෙන විදියට.
ReplyDeleteඉන්ඩියන් කියන්නෙ අපිට උඩහින් තියෙන ඉන්දියාව ගැන නෙවෙයි. රතු ඉන්දියානුවා කියන එකයි.
එතකොට අර Triumph T 100 එක PHIලා, එතකොට ඉඳහිට කතෝලික පියතුමන්ලාත්
පැද්දා.
එතකොට අර සිරා කියන BSA බයික්ස් දෙකක් තියෙන්නෙ සීට් එකයි පෙට්‍රල් ටැංකියයි ගලවලා තියෙයෙන කොළ පාට එකයි ඊට පින්තූරෙකට පහලින් තියෙන 3 ශ්‍රී 806 බයික් එකයි එකයි. ඒක BSA C15 Star Model. 250cc/2.5HP. මම දන්නෙ මගෙ තාත්තට මම ඉපදෙන්නත් කලින් ඉඳන් ඔය ජාතියෙ බයික් එකක් තිබ්බා. මේ දෙදාස් ගනන් වල ඒක මහ ගෙදර තිබිලා අඩු ගානකට විකුණලා දාලා. මමත් ඉස්කෝලෙ යනකොට ඕක පැදලා උසාවියෙ නඩුවකුත් දාලා දඩේකුත් ගැහුවා. එතකොට මට අවුරුදු 14යි.
අනික ඒ කාලෙ මෝටර් බයික් තියෙන්නෙ සමාජය වැදගත් යයි සම්මත මිනිස්සුන්ට විතරයි. උදාහරණයක් හැටියට වතු අධිකාරී වරුන් පොලීසියෙ ලොක්කන්, රජයේ නිළධාරීන්, පියතුමන් වගෙ සීමිත පිරිසක්. බයික් එකක් සතුව තිබෙන අයට , පාවිච්චි කරන අයට සෙසු සමාජය ගෞරව සම්ප්රයුප්ත බියක් පෙන්නුවා.
ඔය ඉන්ධන පරිභෝජනය ගැනත් සිරා කියලා තිබ්බා නේද? ඒක ඒ කාලෙ එච්චර ගනන් ගන්නෙ නෑ. මගෙ තාත්තගෙ බයික් එකේ පෙට්‍රල් වැඩ කරන්නෙ ගැලුමට හැතැප්ම 55ක් විතර. ඒක ගානක්වත් නැත්තෙ ඉස්සර පෙට්‍රල් ගැලුමම 2.50 ට විතර තිබිලා තියෙන නිසා. අනික ලීටර් වලින් නෙවෙයි ගහන්නෙ ගැලුම් වලින්. ගැලුම් බාගෙ ගහන එකත් ලැජ්ජාවට කරුණක්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
Dude,
Deleteරතු ඉන්දියානුවන්ට ඇයි රතු "ඉන්දියානුවො " කියන්නෙ ? රතු ඇමෙරිකානුවො කියන්නැතුව.
ඒ කොලොම්බස් ඉන්දියාව හොයන්ඩ ගිහින් වැරදිලා එහෙට ගොඩ බහැලා ආ මේ ඉන්නෙ ඉන්දියානුවො කියලා හිතපු නිසාද ?
ඉන්දියාව, ඉන්දියාව උනෙ සුද්දො අල්ල ගත්තට පස්සෙ නේද ?
ඊට කලින් ඕකට ඉන්දියාව කියලා කිව්වද ?
මම අහලා තියන විදිහට ඕක සුද්දො අල්ල ගන්ඩ කලින් කෑලි කෑලි එක එක රජ වරු පාලනය කරපු භූමි ප්‍රදේශයක්..
සිරා සමා වෙන්ඩ ඕනා ලිපියට අදාල නැති ප්‍රශ්න වගයක් ඇහුවට. මට කාලෙක ඉඳන් තියන පුරස්න ටිකක් ඔය.. තාම හරි හමන් උත්තරය්ක් හම්බුන්නෑ.. වෙන එකක් තියා ඉන්දියාවෙ උන්වත් දන්නෑ උන්ගෙ ඉතිහාසය ගැන.
@ Dude
Deleteහෙන්රි අයියට මම බොහෝ ස්තූතිවන්ත වෙනවා මේ වගේ වටින කරුණු පෙළක් ඔබේ වටිනා කාලය කැප කරලා මෙහි කොමෙන්ටුවක් විදියට එක් කලාට.. ඇත්තටම ඒ අතීතය බොහොම සුන්දර ඇතියි කියලා මට හිතෙන වාර ගනන බොහොමයි... දඩයක් කෑවා කිව්වෙ ලයිෂන් නැතුව ගිහින්ද නැත්නම් අධික වේගයද ? බයික් එක අඩු ගාණකට වික්කා කියලා දැක්කම දුකත් හිතුනා... ලංකාවෙ මන්නාරමෙන් හොයා ගත්තයි කියන තෙල් නිධියෙන් සප්ලයි එක දෙනකොට ඔය කියන ගානටත් වඩා අඩුවෙන් පෙට්‍රල් දේවි අපේ පළමු වැනි පර්සි මහරජතුමා....
@ සෙන්නා
ඔබේ ඔය ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න සුදුසුම කෙනා තමයි හසිත... ඔහුගේ අවධානයට යොමුවේවි.... කොලොම්බස් ඇමරිකාව ආසන්නයෙන් හොයාගත්ත දූපත් සමුහය ඉන්දියාවට බටහිරින් පිහිටා ඇතියි කියලා වැරදියට උපකල්පනය කල නිසයි කොදෙව් දුපත් වලට බටහිර ඉන්දීය කියන නම එකතු වෙලා තියෙන්නෙ...
@ සෙන්නා
Deleteස්තුතියි සිරා අයියාට මාව මතක් කළාට. මම දන්නා තරමින් පිළිතුරක් දෙන්නම්.
ඉන්දියාවට ඒ නම භාවිතා වෙලා තියෙන්නේ සුද්දෝ ඒ කියන්න යුරෝපා ජාතිකයන් එන්නත් කලින් ඉදන්. ඉන්දියානු අර්ධද්වීපයේ තියෙන සින්දු/ ඉන්දු ගඟ මූලික කරගෙන තමා "ඉන්දියාව" කියන නම ප්රභවය වෙලා තියෙන්නේ.
සමස්ත ඉන්දියාව රාජ්‍ය කීපයක් විදිහට තිබුණත් සමස්ත ප්‍රදේශය හින්දුස්ථාන්, භාරතය වගේ නම්වලිනුත් හඳුන්වලා තියෙනවා.
සේද මාවත හරහා කොන්ස්තන්තිනෝපලයට වෙළෙන්දෝ යාමත් එක්ක ඉන්දියාව කියන නම යුරෝපීයන්ට හුරු පුරුදු එකක් වෙලා තිබුනේ. 1453 දී කොන්ස්තන්තිනෝපලය ඔටෝමාන් තුර්කිවරු අල්ලා ගැනීමත් එක්ක මුහුද හරහා පෙරදිග ප්‍රදේශවලට ඇවිත් තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න යුරෝපීයන් හිතුවා. ඒ යටතේ පෙරදිගට යන්න මුහුදු මාර්ග හොයන්න ගත්තා.
ඒ වගේමයි පෙරදිග ප්‍රදේශවල ප්‍රෙස්ටර් ජෝන් කියලා රජෙක් යටතේ විශාල කිතුණු රාජ්‍යයක් තියෙනවා කියලා යුරෝපියෝ විශ්වාස කරලා තියෙනවා. මේ ඔක්කොමත් එක්ක එයාලා දේශ ගවේෂණයට මුල්වුනා.
යුරෝපයේ ඉදන් ආසියානු පැත්තට යද්දී විශාල ගොඩබිමක් [දැන් ඇමරිකාව] තියෙනවා කියලා එයාලා දැනගෙන හිටියේ නැහැ. පෘතුගීසීන් අප්‍රිකාව පැත්තෙන් පෙරදිගට යද්දී ස්පාඤ්ඤ අය කෙලින්ම ගමන් කරලා පෙරදිගට යන්න හිතුවා. ඒ විදිහට තමා කොලොම්බස් ඇතුළු පිරිස අත්ලන්තික් සාගරයේ බටහිර කෙළවරටම ගිහින් ගොඩබිමකට ආවේ. මිනිහා හිතුවේ ඒ ඉන්දියාව කියලා. ඒ නිසාමයි ඒ දූපත් සමූහය බටහිර ඉන්දීය කොදෙව් කියලා නම් වුණේ.
ඒ කාලයේම ඉතාලි ජාතිකයෙක් වුණු ඇමරිගෝ වෙසපුචිත් ස්පාඤ්ඤ ආධාර යටතේ මේ ප්‍රදේශවල කරපු ගවේෂණයෙන් විශාල ගොඩබිමක් හම්බවුණා. පස්සේ කාලේ ඒ ප්‍රදේශය ඔහුට ගරු කරන්න ඇමරිකාව වුණා. වෙසපුචිටත් ඒ ගවේෂණයට මග පෑදුවේ කොළොම්බස් නිසා ඒකේ ගෞරවයෙන් කොටසක් කොලොම්බස්ටත් හිමියි.
කොළොම්බස් ඉන්දියාව කියලා හිතපු භූමියේ හිටපු අය රතු ඉන්දියානුවෝ වුනේ එහෙමයි :)
ස්තූතියි හසිත ඔබේ සාරගර්භ විස්තරයට....
Deleteමේ වගේ පරණ වාහන එකතු කරන අයියා කෙනෙක්ව මමත් දන්නවා අපෝ ඒ ගෙදර එකම පිස්සන් කොටුවක් වගේ හතර අතේ වාහන කෑලි දැක්කම ඔලුව කැරකිල්ල හැදෙනවා
ReplyDeleteඉතිං ඒ අයියගෙ එකතුවෙ තියෙන දේවල් ගැනත් වෙලාවක ලියන්නකො කාව්‍යා.... සත්තලංට නිවාඩු වෙලාවක එයාවත් එක්කගෙනම ගිහිල්ලා තොරතුරු ගන්න...
Delete// කොළඹ පැමිනීමට මෙම යතුරුපැදිය ඔහු පාවිච්චි කරනවා... ලීටරයකට කිලෝමීටර් 12 ක පමණ ඉන්ධන කාර්යක්ෂමතාවක් තමයි මෙහි පවතින්නෙ. //
ReplyDeleteඒකයි ලොකුම අවුල :))
නියම පෝස්ට් එක බං.. මම ආස පරන ඒව මොඩිෆයි කරන සීන් වලට තමා ;-)
පරණ ඒවා මොඩිෆයි කරනවා කියන්නෙත් ඉවසීමෙන් ප්‍රගුණ කල යුතු කලාවක්... සමහර පොඩි අමතර කොටස පවා හොයාගන්න තුරු වසර ගණනාවක් වුවත් බලා ඉන්න ඔවුන්ට සිදු වෙනවා... 650 CC බයිසිකල් වර්තමානයේ වුවත් ඔය ප්‍රමාණය තමයි ඉන්ධන කාර්යක්ෂමතාව...
Deleteමම නම් වාහන ගැන වැඩිය දන්නේ නෑ අනේ.
ReplyDeleteඉගෙනීම අවසන් කරලා රැකියාවක් එහෙම කරන කාලෙදි වාහනයක් ගන්න කලින් වාහන ගැන දැන ගන්න වේවි.ස්තූතියි ප්‍රමුදි මේ පැත්තට පැමිණියාට...
Deleteආසාවෙන් කියවපු ලිපියක් .. ගොඩක් මහන්සි වෙලා තියෙනවා නේද විස්තර හොයාගන්න.. ස්තුති අපිටත් දැනගන්න බ්ලොග් එකේ දැම්මට ..
ReplyDeleteස්තූතියි චමී ඔබේ වදන් වලට..
Deleteමටත් පරන ඇන්ටික් බයික් එකක් හොයා දෙන්නකෝ
ReplyDeleteබයික් එකක ආරන්චියක් ලැබුන ගමන් දන්වන්නම්...
Deleteඑංගලන්තේ හිටියට BSA නමේ තේරුම දැනගන්න ලැබීම ගෙන
ReplyDeleteමගේ ස්තුතිය . ඔබට ජය
සමන්
දැන් දන්නවනෙ නේද...
Deleteසිරාගේ ඇන්ටික් උන අනෙක් අයටත් බෝවෙනු ඇත
ReplyDeleteඑල!!!!!
ඒ ලකුණු තමා දැනටම පේන්න තියෙන්නෙ... කීප දෙනෙක්ටම පරණ බයිසිකල් හොයා දෙන්න භාර අරන් තියෙන්නෙ....
Deleteඑන්ජින් පවර් එක 650 වෙලත් 12km වැඩ කරනවා කියන්නේ සුපිරියි නේ සිරා. දැන් සමහර 250cc වලත් ඔය කිට්ටුවෙන් නේ යන්නේ.වැලිකල කියන නම නම් අහල තියනවා. රේසින් කරනවා ද එයා? මේක දැකලා මටත් ආස හිතුනා.(BSA - Golden Flash) මේක නියමයි.
ReplyDeleteදැන් නම් රේසින් කරන්නෙ නෑ මම හිතන විදියට..මැලේසියාවෙදි තමයි රේස් පැදලා තියෙන්නෙ... BSA - Golden Flash සෑහෙන්න වෙහෙසක් දරලා තමයි ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නෙ...
Deleteකලින් කතාවට වැඩ නම් මේක ෂෝයි. අගේ ඇති හොබිය. මේකයි එක එක්කෙනාගේ අසාවන් එක එක වගේ. සමහරු ඔය වගේ පරණ පොත් එකතු කරනවා.
ReplyDeleteමට නම් හිතුනේ කසුන් කියන්නේ තමන් ආස දේ බැහැලාම කරන පොරක් ලෙසට. කොහම උනත් තමන් කරන දේ හරියට ආසාවෙන් කරොත් වරදින්නේ නෑ.
ඇන්ටික් බඩු වලට නම් මාත් ආසයි. ඒත් හැම දෙකටම නම් නෙමේ..
ඇන්ටික් ලස්සනයි වගේ තමයි ඒවායේ වටිනාකම ඉතා ඉහළ නිසා සාමාන්‍ය පන්තියේ අපි වගේ අයට මේ වගේ හොබියක් පවත්වාගෙන යන්න අමාරුයි...
Deleteනියම පෝස්ට් එක.....
ReplyDeleteඔය කියන තැන ඇත්තටම රත්ගග පාරෙද නැත්නම් බටුගෙදරද ? බටුගෙදරත් මෙහෙම තැනක් තියෙනවා.
මේ කියන තැන රත්ගග පාරෙ තමයි... කිලෝමීටර් 3-4 වගේ ගියාම තමයි නිවෙස තියෙන්නෙ... බටුගෙදර කියන්නෙත් ඒ අවටම තැනක්ද?
Deleteඇන්ටික් උනාට මාර ෆැෂනබල් නේ??
ReplyDeleteමම නම් අසාවෙන් හිටියේ BSA එකකට!එත් ඉතින් ලේසි පහසුවෙන් ගන්න පුලුවන්ද:-/
BSA එකක් අඩුවට ගන්න පුලුවන් අබලන් තත්වයේ එකක්... ඊට පස්සෙ ඉතිං කොණක ඉදන් හදන්න තමයි තියෙන්නෙ... අමතර කොටස් ලංකාවෙ නැති නිසා එංගලන්තයේ සිටින කෙනෙක් හරහා හෝ ඒවා ගෙන්වාගැනීමට වෙනවා...
Deleteහොඳ ලිපියක් මචෝ...
ReplyDeleteමේවා තව සෑහෙන දේවල් කරන්ඩ තියනවා වගේ නේද.. හරි හමන් තත්වෙකට ගන්ඩ.. ඒ තරම් කැපවීමක්.. හිතාගන්ඩත් බෑ..
අපි පොඩි කාලෙ ඉතින් තිබුනෙ හොන්ඩා, යමහා, සුසුකි, කවසාකිනෙ.. දැන් ඉන්දියන් ලදරන්..
උඹට මාර ඇන්ටික් උනක්නෙ තියෙන්නෙ.. මම මේ කම්පනා කොළේ කවදා හරි දවසක ඕක හරහට හිටීද කියලා :-)
මේ පෝස්ටුවෙ තියෙන සමහර ඡායාරූප වල තියෙන යතුරුපැදි අළුත්වැඩියා කරන්න තියෙනව ඒවා... ඒවා නැවතත් මුල් තත්වයට ගන්න දරන්න ඕනෙ මහන්සිය හා වියදම පිළිබද අපට අවබෝධයක් ගන්න පුලුවන්...
Deleteඅනේ මන්දා සෙන්නා මටත් හිතෙනවා ඇන්ටික් උණ මට හරහට හිටීද කියලා...
මේවා අලුත්වැඩියා කරන්න ගියාම තමා හොඳ පණ යන්නේ. ඒ වගේම තෙල් බොන එකත් ආර්ථිකෙට දැඩි අලාභයක්
ReplyDeleteඅළුත් වැඩියා කටයුතු කරන්නෙ කසුන් විසින්ම වීම ඔහුට මේ කාර්යය කරගෙන යාමට ලොකු වාසියක් වී තිබෙනවා.... තෙල් ප්‍රශ්නෙ නිසා දිණපතා පාවිච්චි කරන්න බෑ නම් තමා...
Deleteකොමෙන්ටු නොදැම්මට සිරා ගෙ කාමරේ සිරා ලිපි කියෙවුවා ගොඩක්... මමත් පුදුම විදිහට ආස කරන සබ්ජෙක්ට් එකක් ඇන්ටික් බයික් කියන්නෙ.... කවද හරි හොඳ එකතුවක් දාන්න හිතන් ඉන්නෙ... ලිපිය දැක්කම ඒක තවත් වැඩි උනා... හැබැයි සිරාගෙන් දැනගන්නකන් දැනන් හිටියෙ නෑ ඔය තරම් වියදම් යනවා කියලා...ලිපිය නම් සුපර්බ්.... සෑහෙන්න වටිනවා සිරා.........
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteමේ තරම් වියදම් යන්නෙ මේ බයිසිකල් එංගලන්තයේ නිෂ්පාදනය කරපු ඒවා නිසයි... ඉන්දියන් ඒවා නම් මෙච්චර වියදමක් යන්නෙ නෑ.... කොමෙන්ටුවට ස්තූතියි !
හොද ලිපියක් මචන්...මේ ලිපි කියවනකොට ඒවාට ආසාවකුත් ඇතිවෙනවා..මේ වගේ දේවල් හැමෝමත් එක්ක බෙදාගන්න එකට ස්තුතියි...ඇන්ටික් උණක් නම් පොඩි කාලේ ඉදල තියනවා..පත්තර පොත් තමයි..මටත් ආසාවක් ආවා පරණ බයික් එකක් ගන්න..ලක්ෂ ගණන් ඒවා නම් නෙවේ..ඒ වගේ පරණ බයික් එකක් එහෙම ලැබුනොත් දන්වන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
ReplyDeleteස්තූතියි හිරාන්...බයික් එකක් ගැන හෝඩුවාවක් ලැබුනොත් දන්වන්නම්..තියෙන එකෙක් විකුණන්නෙ නම් නෑ ලේසියකට ඇන්ටික් ඒවා...
Deleteඅපූරු ලිපියක් සිරා.. මගේ හිත ගියේ අර ට්‍රයම්ප් TR 612 කියන බයික් එකට. එකෙ අමුතු ගතියක් තියෙනවා නේද? 1970 කියන්නේ ඒ හැටිම කාලයකුත් නොවෙන නිසා මේ වර්ගයේ යතුරුපැදි හොයාගන්න අමාරු නැතුව ඇති නේද සිරා... හැබැයි බයික් එකේ පැති කණ්නාඩි නම් ටිකක් උසින් වගේ පිහිටලා තියෙන්නේ...
ReplyDeleteමේ වගේ ඉංග්‍රීසීන් විසින් නිපදවපු පරණ බයිසිකල් හොද තත්වයෙන් අඩු මුදලකට නම් ගන්න හිතන්නවත් එපා...ජරා ජීරණ වෙලා තියෙන ඒවත් සෑහෙන ගානක් වෙනවා...මේවාට ලංකාවෙ ගන්න අමතර කොටස් නැති වීම තමයි ලොකුම ගැටළුව.
DeleteTR 612 ලංකාවට තියෙන එකම බයිසිකලය තමයි මේ. (සිවිලියන් මාදිලිය)
බයික් පිස්සුව තදටම තියෙනව් :D
ReplyDeleteTriump TR 612 බයික් එක නම් පට්ට.. මාරම ආසාවක් ආවේ....
බයික් එක පදින්න තියෙනවනම් කියල හිතෙනවා දකිද්දී...... පට්ටම පට්ට බන්.......
ශහ්හ් !! පට්ටම post එක සිරා.......
ඔබේ කැමැත්ත ඔබේ කමෙන්ටුවෙන්ම මට හිතා ගන්න පුලුවන්...ස්තූතියි මලයො...
DeleteDo you know any place in sri lanka same, i want to buy old motorcycle
ReplyDelete