සිරා උසස් පෙළ කරන අවදියේ ගම්පහ සංවර්ධනය එදා සහ අද යනුවෙන් කණ්ඩායම් ව්‍යාපෘතියකට රැස් කල තොරතුරු අනුව ගම්පහ ජීවත්වන අයගෙන් 80% පමණ දෙනා මාතර ප්‍රදේශයෙන් සංක්‍රමණය වී ගම්පහ පදිංචි වූ අයය. මේ අයගෙන් බහුතරය වෙළදාමේ නියුක්තව සිටි පිරිසකි. සිරා කොලුවාගේ මවගෙ සීයාද ඒ අයුරින් මාතරින් ගම්පහට පැමිණි මුල් පුරුකකි. මෙයට අමතරව ශ්‍රීලංකාව පුරාම ගම්පහ නම කියවෙන්නේ ගම්පහ බෙහෙත් ශාලා නිසාවෙනි. 1929 වසරේදී ආයුර්වේද චක්‍රවර්ති, භිෂග්රත්න, කව්රංජන, පණ්ඩිත් වෛද්‍ය ජී.පී වික්‍රමාරච්චි මැතිතුමා විසින් බිහිකල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් බිහි වූ වෙදැදුරන් රට පුරා විසිරීමත් සමගම ගම්පහ බෙහෙත් ශාලාව යනුවෙන් බෝඩ් ලෑලිද ඉහළට එසැවිනි.
1864 දෙසැම්බර් 27 වෙනිදා කොළඹ කොටුවෙ සිට අඹේපුස්ස දක්වා සිදුකල ලංකාවෙ පළමු දුම්රිය ගමනටත් ගම්පහ සම්බන්ධයි. ඒ ගම්පහ දුම්රිය ස්ථානය (එකල හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය) හරහා පළමු දුම්රිය ධාවනය සිදු වූ නිසයි. මේ පැරණි දුම්රිය ස්ථානය සංරක්ෂිත පුරාවිද්‍යා දේපලක් ලෙස අදටත් දැකගන්න පුලුවන්. ගම්පහ දුම්රිය ස්ථානය දිවයිනෙන්ම තෙවැනි ස්ථානයට වැඩිම ආදායම් ලබන දුම්රිය ස්ථානය බව දන්නෝද බොහොම අල්පය. ඒ වගේම ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට තියෙන වොලිබෝල් ක්‍රීඩකයන්ගෙ ස්මාරකයත් සුවිශේෂී එකක්. එය ස්වර්ණමය යුගයක මතක ආවර්ජනයක්...
කාලයක්ම ගම්පහ නම බැබලුනේ වොලිබෝල් ක්‍රීඩාවෙන්. එකල දේශීය වොලිබෝල් පිටියේ සිටි චාල්ස්, සූරී, සිරා වැනි දැවැන්තයන් රාශියක් ගම්පහ ප්‍රදේශයේ ජීවත් වීමත් එයට හේතුවක්. මේ ක්‍රීඩකයන් අතරින් කාගේත් අවධානය දිනාගෙන තිබුනෙ ඩබ්ලිව්. එල් සිරිවර්ධන හෙවත් වොලිබෝල් සිරා. අතිදක්ෂ ඩෑෂ් ප්‍රහාරකයකු ලෙස තත්පර කීපයක් ගුවනේ සිටිමින් ඔහුටම ආවේණික දැවැන්ත පහර එල්ල කරන වොලිබෝල් සිරා පාකිස්ථානයේදී ක්‍රීඩා කල තරගයක් නැරඹූ පාකිස්ථාන බලධාරීන් ඔහුගේ අතිදක්ෂ ක්‍රීඩා විලාශයට වශී වී ඔහුට සම්මාන පුරවැසිකමක් ලබා දීමට සුදානම් වුනා. නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කොට ලංකාවට පැමිණියා. අද ඔහු අප අතර නෑ.... එකල මේ ගම්පහ කොල්ලන්ගේ වොලිබෝල් දක්ෂතා වලින් උද්දාමයට පත් ක්‍රවුන් ස්ටෝර්ස් අධිපති ජිනදාස මුදලාලි මහත්තයා ජීවමාන වොලිබෝල් ක්‍රීඩකයන් ඇතුලත් කර ගම්පහ නගර මධ්‍යයේ සමරු ස්මාරකයක් ඉදිකලා. එය ජීවතුන් අතර සිටින වොලිබෝල් ක්‍රීඩකයන් වෙනුවෙන් ලොව ඉදිවූ දෙවැනි ස්මාරකයයි. පළමුවැන්ත බ්‍රසීලයේ පිහිටා තිබේලු. නගර මැද පිහිටා තිබූ එය නගර සංවර්ධන අවශ්‍යතාව මත එතැනින් ඉවත් කර නිරුපද්‍රිතව ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට දැන් පිහිටා තිබෙන තැනට ස්ථානගත කලා.
වොලිබෝල් ප්‍රතිමාව පැරණි ස්ථානයේ තිබියදී... http://upload.wikimedia.org/wikipedia/commons/a/a7/Gampaha_town_volleyball.JPG |
උද්‍යානයේ පිවිසුම http://images.travelpod.com/tripwow/photos4/ta-059f-2ecc-ee96/henarathgoda-botanical-garden-gampaha-sri-lanka+1152_13397552594-tpfil02aw-6868.jpg |
ලංකාවේ පළමු රබර් වගාවේ මතකයන් http://damithah.files.wordpress.com/2012/08/gihankashnuka-2290927.jpg |
උද්‍යානයේ අසිරිය http://serendib.btoptions.lk/cpanel/uploader/394/Paddleboats%20are%20.jpg.JPEG |
එහෙව් ගම්පහට පය තියන්න දැන් ලංකාව පුරා විසිරී සිටින බ්ලොග් කරුවන්ට සහ බ්ලොග් කියවන හැමෝටම අවස්ථාවක් එලඹිලා. ඒ තමයි බ්ලොග් ලියන /කියවන අය වෙනුවෙන් සිරා කොලුවා,සෑම් සහ අටම් පහුරා ඇතුළු බ්ලොග්කරණයේ යෙදෙන ගම්පහ අවට අවශේෂ හිතවතුන්ගේ සංවිධාන ශක්තියෙන් කරළියට එන
2013 බ්ලොග් ගෙට්ටුව
(The Annaul Bloggers Get Together)
නිළ ලාංඡනය |
බ්ලොග්කරුවන් පාරට බැසිය යුතුයි කියලා සෑමා දෙසැම්බර් මාසෙ පළමු වෙඩිමුරේ තිබ්බා...ඊටත් පස්සෙ අපේ රෙපා ගොයියත් සිංහල බ්ලොග් අවකාශයේ විකාශනය ගැන වටිනා ලියවිල්ලක් ලිව්වා. මේ කථා බහ අස්සෙ U Turn ගහන ජින්ජියත් කුමන්ත්‍රණ කථාවක් ඇද බෑවෙ නැතෑ... මේ විදියට කස ගහගෙන සැට් එක ඉදිරියට ආවෙ ගම්පහ බ්ලොග් ගෙට්ටුව ගැන කියන්න... ඒ වගකීම ඔන්න අවසානයේ සත්ගුණවත් සිරා කොලුවා අතින් ඉටුවෙනවා.
2013 ජනවාරි 27 වන ඉරිදා තමයි ඔන්න දවස, දුටු , නුදුටු බ්ලොග්කරුවන්/කාරියන්/බ්ලොග් කියවන පාඨක සමූහයා එක තැනකදී හමුවෙන විරල අවස්ථාවක් තමයි මේ එළඹෙන්නට නියමිතව තියෙන්නෙ. ගෙට්ටුව තියෙන්නෙ ගම්පහ මල්වත්තෙ. ඒ කිව්වෙ ලංකාවෙ පළමු රබර් ගහ රෝපණය කරපු ඉසව්වෙ... ගෙට්ටුව ආරම්භ වෙන්නෙ උදෑසන 9.00 කණිසමට, බ්ලොග් කරුවන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් මේ වැඩේ සංවිධානය කරන සිරා කොලුවා ඇතුලු නඩේ ලොකු සල්ලිකාරයො නොවන හින්දා උද්‍යානයට ඇතුලුවීමට අය කරන ප්‍රවේශ පත්‍ර ගාස්තුව හා දිවා ආහාරයත් ඇතුලත් කරලා ප්‍රවේශ පත්‍රයක් රු 200/- විදියට මිළ නියම කරලා තියෙනවා. ඒ සාධාරණ අයකිරීම ගෙට්ටුවේ වියදම් පියවාගැනීමේ අරමුණ වෙනුවෙනුයි යෙදවෙන්නෙ.
එදා උදේම උද්‍යානය වටේට පොඩි රවුමකුත් ගිහිල්ලා, මෙතෙක් කාලයක් හමුවෙලා නැති මිතුරන්/මිතුරියන් එහෙම අදුනගෙන විනෝද ක්‍රීඩා වලට සහභාගි වෙන්නත්, ජයග්‍රාහකයන්ට සමරු තිළිණයන් දෙන්නත් සංවිධායකයන් කටයුතු කරලා තියෙන්නෙ. දිවා ආහාරයෙන් පස්සෙ ඉතිං පුංචි පහේ සංගීත සාජ්ජෙකුත් දාන්නයි කල්පනාව. හවස 3.00 පමණ වෙද්දි ගෙට්ටුව අවසන් කරන නිසා දුර බැහැර අයට ආපසු නිවෙස් කරා යන්නත් බාධාවක් නොමැති වේවි.
ඔන්න දැන් අපි බොහොම වැදගත් කාරණා කීපයකට යොමු වෙනවා...ඒ නිසා පහතින් දැක්වෙන තොරතුරු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න.
ලංකාව පුරාවට විසිරී පැතිරී සිටින බ්ලොග්කරුවන් වගේම පාඨකයන්ටත් ගෙට්ටුවට සහභාගී වීමේ අවස්ථාව පහසු කරන්න නියෝජිතයන් කිහිප දෙනෙකු පත් කරලා තියෙනවා... ඔබට ආසන්න කෙනාට දුරකථනයෙන් අමතලා ගෙට්ටුවට සහභාගි වන ආකාරය පිළිබද දැනගන්න පුලුවන්... වරහන් ඇතුලෙ දක්වලා තියෙන්නෙ ඒ අය ලියන බ්ලොග් අඩවියෙ නම.
ගාල්ල - ගයාන් සම්පත් (ගුණෙ අයියා) 071 - 8309494
නුවර - චතුරිකා දුලාංජලී (චතුමිතු) - 077 - 148230
කුරුණෑගල - නිරෝෂන් පෙරේරා (අහිංසක සිංහයා) - 077- 4236618
අනුරාධපුර - හරිත තිලකරත්න (නාඩියාගේ නාඩි) - 071 - 6312367
රත්නපුර - යසිරු යුගන්දර (ජිංජිගෙ යූ ටර්න්) - 071 - 4851651
නැගෙනහිර - චින්තක සඳරුවන් (හිස් අහස) - 077 - 4939199
කොළඹ සහ වෙනත් ප්‍රදේශ -
නුවර - චතුරිකා දුලාංජලී (චතුමිතු) - 077 - 148230
කුරුණෑගල - නිරෝෂන් පෙරේරා (අහිංසක සිංහයා) - 077- 4236618
අනුරාධපුර - හරිත තිලකරත්න (නාඩියාගේ නාඩි) - 071 - 6312367
රත්නපුර - යසිරු යුගන්දර (ජිංජිගෙ යූ ටර්න්) - 071 - 4851651
නැගෙනහිර - චින්තක සඳරුවන් (හිස් අහස) - 077 - 4939199
කොළඹ සහ වෙනත් ප්‍රදේශ -
ප්‍රදීප් චන්දන (ප්‍රදීප්ගේ පිටුව) - 077- 2099578 / 071 - 3556165
සංවිධායකයින් අමතන්න අවශ්‍ය වුවහොත් මෙන්න නොම්බර
සංජීව සිරිවර්ධන (සිරා) 071 - 8043915
සමින්දික ශ්‍රීමන්ත (සෑම්) 077 -2271618
ගම්පහ ගෙට්ටුවට සහභාගි වෙන්න කැමති සියලුම අය අනිවාර්යෙන්ම මෙන්න මේ ෆෝම් එක පුරවන්න. එය සංවිධාන කටයුතු වලට සෑහෙන තරමේ පහසුවක්.
ගෙට්ටුව පිළිබද පණිවිඩය හැකි තරම් අය අතරට යවන්න ඔබේ බ්ලොග් අඩවියෙත් එහි ලාංඡනය , ෆෝම් එකේ ලින්කුවක් සමග පල කරන්න.
ගම්පහ ගෙට්ටුවේ නිළ ලාංඡනය මෙතැනින්
එහෙනං අදට කථාව අහවරයි. බ්ලොග්කරණයේ යෙදෙන නමුත් මෙතෙක් රූපයෙන් නුදුටු මිතුරු මිතුරියන් දැකගන්න, කථා බහ කරන්න, විනෝද වෙන්න හැමෝම ජනවාරි 27 ඉරිදා උදේ 9.00 වෙද්දි ගම්පහ මල්වත්තට ඒවි කියලා මම වගේම සෑම් සහ අටම්පහුරාත් බලාගෙන ඉන්නවා... බොලා නොවැරදීම එනවා නේද ?
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා
ප.ලි
ඉතිහාස තොරතුරු විකිපීඩියා වෙතිනි.
ගම්පහ ගෙට්ටුව බ්ලොගක් ලියන අයට මෙන්ම බ්ලොග් කියවීම පමණක් කරන අයටද එකසේ විවෘතය.
ලංකාවේ දැනට ඇති විශාලම රබර් ගස තිබෙන්නේද මෙම උද්‍යානයේලු..එදාට ඇවිල්ලම ඒ ගැන සොයමු.
ඔබ පුද්ගලික වාහනයක පැමිණෙන්නේ නම් එය උද්‍යානයට ඇතුලු කිරීමට පුද්ගලික වියදමෙන් වෙනම ප්‍රවේශ පත්‍රයක් උද්‍යාන පිවිසුමෙන් ගත යුතු බව සලකන්න. එය රු. 100-150 ත් අතර මුදලකි.
සියල්ලෝම හරියටම තිතට, වෙලාවට ආවොත්... ගෙට්ටුව වඩාත් සුන්දර වන බැව් තරයේ අවධාරනය කරමි.
පුංචි පහේ සංගීත භාණ්ඩයක් හෝ මඩ එකතු කර ගැනීමට කැමරා කටුවක් ඔබ එනවිට රැගෙන ආවාට කම් නැත.
නෑදෑයො දැක ගන්න මාතර සැට් එක වැඩි වැඩියෙන් වරෙල්ලා.
සෑමා ලියූ ලිපිය මෙතැනින්
රෙපා ලියූ ලිපිය මෙතැනින්
ජිංජි ලියූ ලිපිය මෙතැනින්
ගම්පහ ගෙට්ටුව බ්ලොගක් ලියන අයට මෙන්ම බ්ලොග් කියවීම පමණක් කරන අයටද එකසේ විවෘතය.
ලංකාවේ දැනට ඇති විශාලම රබර් ගස තිබෙන්නේද මෙම උද්‍යානයේලු..එදාට ඇවිල්ලම ඒ ගැන සොයමු.
ඔබ පුද්ගලික වාහනයක පැමිණෙන්නේ නම් එය උද්‍යානයට ඇතුලු කිරීමට පුද්ගලික වියදමෙන් වෙනම ප්‍රවේශ පත්‍රයක් උද්‍යාන පිවිසුමෙන් ගත යුතු බව සලකන්න. එය රු. 100-150 ත් අතර මුදලකි.
සියල්ලෝම හරියටම තිතට, වෙලාවට ආවොත්... ගෙට්ටුව වඩාත් සුන්දර වන බැව් තරයේ අවධාරනය කරමි.
පුංචි පහේ සංගීත භාණ්ඩයක් හෝ මඩ එකතු කර ගැනීමට කැමරා කටුවක් ඔබ එනවිට රැගෙන ආවාට කම් නැත.
නෑදෑයො දැක ගන්න මාතර සැට් එක වැඩි වැඩියෙන් වරෙල්ලා.
සෑමා ලියූ ලිපිය මෙතැනින්
රෙපා ලියූ ලිපිය මෙතැනින්
ජිංජි ලියූ ලිපිය මෙතැනින්
ආ .... සුබ පැතුම් !
ReplyDeleteමොකද මේ මාතර සැට් එකට විශේෂ ආරාධනාවක්, ගේමක්වත් දෙන්ටද ලැහැස්තිය. එව්ව කොහෙද, අපිත් මාතර, හරිය .. :)
අනේ බොලං...නෑදෑයන්ට කවුද බන් ගේම් දෙන්නෙ...එදාට ඔන්න සහභාගි වෙන්න නම් ගේම් තියෙනවා... උඹ එනවා නේද ?
Deleteපල්ලෙහාට යන්න කම්මැලියි..
Deleteවැඩේ සිරා..
අපිනං පාරට බහින්න කියපු දවසේ ඉදංමයි ලෑස්තිය එන්න..
නියමයි තරියා...
Deleteඅඩේ මාත් මාතර ඈ... බලමු කවුද නෑයෝ කියලා...?
Deleteබ්ලොග් ලියනවාට වඩා මම බ්ලොග් කියවන එක තමයි කරන්නේ. මට එදා උදේට විභාගයක් (EB ) තියනවා. ඉවර වෙනකොට 2-3 විතර වෙනවා. දුක තමයි...
Deleteඔන්න අපි එනවලු ඇ......
Deleteඊලඟ එක පිට රටවල උන් නිවාඩු එන කාලෙක සැට් කරපන් සිරා මලයෝ . .
ReplyDeleteඅහ් කලින් පෝස්ට් එකට දාපු කොමෙන්ටුව ගැන අපි කතා කොරමු වෙලාවක.
නෑ දුකා අපි පිටරකදී එකක් සැට් කරමු , නැත්නම් අපිට ඔකකට සෙට් වෙන්න වෙන්නෙම නෑ,
Deleteඅමිල
ලොකු අයියේ අවුරුදු උත්සවේ අප්‍රියෙල් වල තියෙනව නේව
Deleteඇත්තම කියනවා නම් දුකා අයියෙ ජනවාරි 27 වෙද්දි මමත් ලංකාවෙන් පිටතට යන්න නියමිතව සිටියෙ...ඒ නිසාම අපි මේ කාර්යයට දින යොදාගන්න හිටියෙ දෙසැම්බර් මාසෙ... නමුත් මේ උද්‍යානයේ ක්‍රීඩාංගනයට තියෙන්නෙ පුදුමාකාර ඉල්ලුමක්. අපි වැඩේට එළඹෙනකොට සම්පූර්ණ දෙසැම්බර් මාසෙම සහ ජනවාරි මාසෙත් පළමු සති දෙකම විවිධ සංවිධාන/ආයතන/පුද්ගලයන් තමන්ගෙ කාර්යයන් සදහා වෙන්කර ගෙන තිබුනෙ.
Deleteමගේ ගමන මදක් ප්‍රමාද වෙච්ච නිසා මම ඉන්නෙ...නැත්නම් මමත් නෑ...ගම්පහ මේ වගේ වැඩක් කරන්න සුදුසුම තැන මෙතැන නිසා තමයි අපිට ඒ මත යැපෙන්න උනේ... දුකා අයියා ඇතුලු පිටරට නඩේ දැක ගන්න අපිත් කැමතියි ඔන්න...
හරි හරි එහෙනම් ඔන්න නාඩියාත් එනවා ඈ!!!!
ReplyDeleteඅනුරාධපුරේ සැට් එක එකතු කරගෙනම වරෙන් මලේ....
Deleteඅපිට නම් එන්න වෙන්නෙ නෑ මලේ... පොටෝ ටිකක් දාපංකෝ ඉවර වෙලා...
ReplyDeleteමොකෑ සන්තෑසිය...ලංකාවෙ නැද්ද ඒ දවස්වල ?
Deleteනැහැනෙ බං.... අපි ගම් ඇතෑරලා රටපිට ගිය ඈයෝ නෙ... නැත්තං මල්වත්තට ගේ පිටිපස්සෙ වෙල දිගේ යන්නත් පුළුවන්..
Deleteඑන්ඩ වෙන්නෑ සිරෝ... 13 ආයෙ යන්ඩ ඕනා... පස්සෙ දවසක බලමු..
ReplyDeleteගම්පහ ගැන දුන්නු විස්තර ටිකටත් ස්තූතියි.. ගම්පහ කියන්නෙ බ්‍රසීලයෙ බ්‍රාන්ච් එකක්දෝ කියලත් හිතුනා.. හැහ් හැහ්..
උඹලෑ එකතුව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි !! සංවිධාන කටයුතු හොඳින් කෙරෙන වගක් පේනවා.. ඒ ගැන සුබ පැතුම් !
පොඩි සෑමා සහ අටම් කොලුවත් ඉන්න තැන සංවිධාන කටයුතු ඉතින් ගිණි ගින්දරට වෙනවා. මොනා කරන්නද ඉතිං දේවකාරියට වඩා ලොකුයි නොවැ රාජකාරිය...
Deleteඅතිරේක පන්ති අම්බානට තියෙන නිසා... ගම්පහ ටවුමෙ නිතරම ලස්සන ලස්සන ගෑණු ළමුන් නම් සිටිනවාය.
යකෝ සෙන්නා බ්‍රසීලෙ ෆුට් බෝල්... ගම්පහ වොලි බෝල්..
Deleteහූ හූ මූ විදලා...
// එය ජීවතුන් අතර සිටින වොලිබෝල් ක්‍රීඩකයන් වෙනුවෙන් ලොව ඉදිවූ දෙවැනි ස්මාරකයයි. පළමුවැන්ත බ්‍රසීලයේ පිහිටා තිබේලු //
Deleteමොනවද බන් විදලා කිව්වෙ ?
එදාට ජොලියක් දාමු ඔක්කොම වරෙල්ලා....
ReplyDeleteඅර කොංගෝවත් උස්සගෙන නේද එන්නෙ ?
Deleteඅපි එනෝ....... :D
ReplyDeleteබොහොම සන්තෝෂයි....
Deleteබලමු, බලමු, 3 වෙන්න ඉස්සර වෙලා එන්න පුළුවන් වෙයි වගේ !
ReplyDeleteපාන්දර 3ට විතර පිටත් වෙන්න වෙනී අයියේ.
Deleteඇයි වෙනී අයියෙ ගෙවල් තියෙන්නෙ වැලේද ? පික්සු නම් කෙලින්න හදන්න එපා ඔන්න... වෙනී මාමා එන්වා නේද කියලා සීදේවී ගෑණු දැරිවියො සෑහෙන දෙනෙක් මගෙන් කථා කරලා අහලා තියෙනවා මේ ටික දොහට...
Deleteමමත් ඔය හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයට දෙපාරක් ගිහින් තියෙනවා, සමනල්ලු ගොට අල්ලන්න. බොහොම ලස්සන සමනල්ලු ගොඩක් ඉන්න තැනක්.
ReplyDeleteජයවේවා! කියල ප්‍රර්ථනා කොරනවා, සිර ඇතුළු සැම ට, ගම්පහ ගේට්ටුව පවත්වන්න ගන්න වයම වෙනුවෙන්.
සමනල්ලු කියන්නෙ බං...බැලු බැලු අත ලස්සන සමනල්ලු... උද්‍යානෙ තැන තැන තියෙන සිමෙන්ති බංකු උඩ තුරුලු වෙලා පෙම්බස් දොඩන ආකාරය තමා වඩා සුන්දර...
Deleteබොලා එන්නෙ නැද්ද ?
ANIWA....ENAWA...
ReplyDeleteJayawewa
අන්න එහෙමයි ඉන්න ඕනෙ...බොහොම සන්තෝෂයි...
Deleteඑහෙනං ජය වේවා සැමට. අපිට ඉතිං ඔය වගේ කාල වකවාණු අල්ලා ගැනීම දුස්කරයි සිරෝ... ජයම වේවා.!!
ReplyDeleteදේශකයා විදේශයකද ඉන්නෙ...ඊළග වතාවෙ හරි මුණගැසෙමු එහෙනං...ජය!
Deleteමේ ගෙට්ටුවට සහභාගී වෙන්න මුල ඉදංම පෙරුම් පිරුව එකෙක් මං.. ඒත් අන්තිමේදි යෙදුනු වැඩ රාජකාරි කිහිපයක් නිසා එන්න වෙන එක හරියටම කියන්න බෑ. ඒත් එදාට පොඩි හරි අවස්ථාවක් ආවොත් අනිවාර්යෙන්ම එනවා සිරෝ.. ෆෝම් එක පිරෙව්වේ නෑ ෂුවර් නැති නිසා.
ReplyDeleteගම්5 ගෙට්ටුව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!
රස්තියාදුකාරයාගේ දිනපොත
එන්න උපරිම උත්සාහය දරපන් ගොයියො... අන්තිම මොහොතෙ ෆෝම් එක පිරෙව්වත් කමක් නෑ... ප්‍රාර්ථනාවට ස්තූතියි....
Deleteඑදාට මාත් ගම්පහ ක්ලාස්..එනවද නැද්ද..එනවද නැද්ද O.o
ReplyDeleteඑනවද නැද්ද නෙමෙයි බන්... ගෑණු දැරිවියක් ඉන්නවා නම් එයත් එක්කම වරෙන්...උඹලට අනෙක් දවස්වලට ක්ලාස් කට් කරලා මල්වගු ගානෙ ඇවිදින්න පුලුවන්...අපි එන්න කිව්වම තමයි බෑ කියන්නෙ...
Deleteහැකිස්..ගෑනු දැරිවියෙක්නං ඉන්නව..ඒත් ඉතිං එයා ගම්පහ නෙවෙයිනේ....අහල මම දාන්නංකෝ මෙවුව එකක්
Deleteඑළ, බලමු පුළුවන් උනොත් එන්න ...
ReplyDeleteසංවිධායක මණ්ඩලයේ තිදෙනාට ජය...:)
වෙඩිමට උදේම ගිහිල්ලා දවල්ට කන්න මල්වත්තට වරෙන්... ගම්පහම ඉදලා නෑවිදින් ඉන්න එපා ඔන්න...
Deleteවෙඩිම තියෙන්නේ හවස බං මම උදේ ඇවිත් යන්න හිතාගෙන ඉන්නේ..
Deleteඑළකිරි....
Deleteගේට්ටුවට ජය වේවා....
ReplyDeleteමට නම් එන්න වෙන් නෑ බං... එදාටම වෙඩිමක් වැටිලා නුවර යන්න ඕනේ... නැත්තම් කොෙහාම හරි අපේ මහත්තයාව කැමති කරවගෙන එන්න තමයි හිතාගෙන හිටියේ.. මං ගම්පහ මල්වත්තට ගිහින් නැති නිසා... සොරි තමා... හි හි..
මේ උඹලා මොනවා කරත් කමක් නෑ මඩ ටිකක් එකතු කරගෙන වරෙල්ලා... හරිද... හි හි
මේ නම් හිරුවගෙ...නිදහසට හදාගත්ත කාරනයක් ද කොහේද..?
Deleteමටත් වෙඩිමක් බං... එත් ට්‍රයි එකක් දානවා උදේ වරුවේ ඇවිත් යන්නවත් .
Deleteස්තූතියි හිරු...උඹ ඉතිං කොහොමත් එන්නෙ නෑ කියා කියා නෙව හිටියෙ... නුවර මංගල්ලයට ගියේ නැත්නම් එන්ට හොදේ...
Deleteබොරුවක් නෙමෙයි නේද කිව්වෙ... බොරු කියන්නෙ නාක ළමයිලු...
@ වී පොකුර
මම ඔන්න ඩොල්කියකුත් සැට් කොලා...
වැඩේ නැගල යන පාටයි...!
ReplyDeleteජය වේවා..!
නැගගෙන නැගගෙන යනවා...අනිවා සැට් වෙමු...
Deleteමමත් එන්නයි බලාපොරොත්තුව....!
ReplyDeleteබොහොම සන්තෝෂයි සුමිත් අයියා...සාදරයෙන් පිළිගන්නවා ....
Delete"මමත් එන්නයි බලාපොරොත්තුව....!"
Deleteසුමිත්...,
මමත් එහෙමයි ඔන්න...
උපරිමයෙන් උත්සහ කරනවා, පැය දෙක තුනකටවත් ගොඩවැදිලා යන්න.
රත්නපුරේ නියෝජිතයාට කථා කරන්න... පැමිණීම පහසු වේවි...
Deleteසුමිත් අයිය ආවේ නැත්තම් වැඩකුත් නැහැ. එන්න එන්න :)
Deleteඑනවෝ.... මේ අපේ නගාත් එන්න ඉන්නෙ. එයා කොහොමද ඔය පෝරමෙ පුරවන්නෙ??
ReplyDeleteඑයාගෙ නම දාලා පුරවන්න... බ්ලොග් අවඩියෙ නම දාන්න තියෙන තැන හිස් තැනක් තියන්න... ආහාර ඇණවුම් කරන්න තමයි එය ගොඩාක්ම වැදගත්...
Deleteනඟාත් එනවද ? :)
Deleteඅක්කියෝ නංගව ගේන්න එපෝ.....පවු අහිංසකී
Deleteඔවු සිත්තමි. එයා හරි අහිංසක නංගි කෙනෙක් ! :)
Deleteනංගිව එක්කගෙන එන්න... හැමෝම අහිංසකයි එදාට එන...
Deleteනිසූගේ නංගිව එක්කන් එනවා කිව්වම සිරාට ගිය මල් මල් හිනාවෙ ලස්සන.. හි හි
Deleteඇයි බොලං හිරු බොට පෙනුනෙ මාව විතරමද ? බලහංකො මධුරංගයගෙ හිනාව...
Deleteඑක්කන් එන්ඩකෝ!!!
Deleteවිනාසයි වල් රජත් එනවලු..!!!
Deleteඔය ඉතින් බෑ නේ.
Deleteඔන්න මම නම් කලින්ම නිසූපා අක්කෑ නංගිව රිසව් කරගෙන ඉන්නේ !
එකෙක්වත් ඉස්සරහට එන්නෑ ඩෝ ! අඩොව් !
ඔය ගෙට්ටුවට එක ගැල්ලමයෙක් වත් එන එකක් නෑ සුවර්.. චූ රජා එන හින්දා... සිරෝ මේකාව ගැට ගහල තියාගං
Deleteචූ රජා නෙමෙයි මධුරංගයාගෙන් නිසූ ගෙ නංගියාව බේර ගන්න එක තමා ගේම...
Deleteකට්ටිය සෙට් වෙන්ඩලා... අපිට ඉතින් එන්න වෙන්නෙ නෑ නෙව.
ReplyDeleteඒ මක්කද හැබෑටම... ලංකාවෙ නෙමෙයිද මේ දිනවල වාසය ?
Deleteපබාට චන්දෙ දුන්න හරක්පට්ටිය ඉන්නේත් ගම්පහ නේද ?,
ReplyDeleteඔබ නිවැරදියි...ඒ ගොන් හැතිකරේ ඉන්නෙත් ගම්පහ තමා....
Deleteවැඩිපුර ඉන්නෙ දකුණෙන් ආපු උන්නෙ ...ඒක වෙන්න ඇති..D
Deleteඑලකිරි. වැඩක් නොවැටුනොත් අනිවා එනවා :)
ReplyDeleteවැඩ කොහෙ වැටෙන්නද බන් ඉරිදට...වැඩක් වැටුනොත් ඒකත් අරන් මල්වත්තට ආවොත් හොදා...
Deleteමට එන්න වෙන්නේ නැති වුනත් සිරා ඔන්න මන් එන අයට දැනගන්න මාත් පෝරමය ඇඩ් කළා
ReplyDelete:D
ස්තුතියි රෙහානි...රත්නපුර නියෝජිතයට කථා කරලා එන්න උත්සාහයක් දරන්න...පවුලෙ වැඩිහිටියෙක් එක්ක ආවත් කමක් නෑ...
Deleteමාත් එන්න කියලාගගග
ReplyDeleteබොහොම සන්තෝෂයි...එදාට හමුවෙමු එහෙනං...
Deleteගේට්ටුවට ජය වෙවෝ.
ReplyDeleteඑන්න විදියක් නැති එක තම අස්පෙට් එක.දුක තමයි රංජනී....
ගේට්ටුවට නෙමෙයි බන් ගෙට්ටුවට....
Deleteඑන්න ට්‍රයි එකක් දෙන්න...උත්සාහවන්තයා ජය ගනී...
මට නම් එන්නේ වෙන්නේ නෑ..... ඒත් මේ වැඩේ ලස්සනට වෙන්න කියල ප්‍රර්ථනා කරනවා! ජය වේවා!
ReplyDeleteමේ අපිටත් බලා ගන්න ෆොටෝ කෑලි ටිකක් දාන්න හොදේ..... :)
සමනලී නංගි ගෙදර වැඩිහිටියෙක් එක්ක එන්න... කිසිම ගැටළුවක් නෑ... ආසන්නම නියෝජිතයට කථා කරලා උත්සාහයක් ගන්න...
Deleteසිරා මල්ලි මාත් පුලුවන් තරම් උත්සාහ ගන්නවා එන්න. මහත්තැන් එක්ක තමා එන්න වෙන්නෙ. ලබන සතියේ හරියටම කියන්න හැකියි.
ReplyDeleteඑහෙම එන්න කිසිම ප්‍රශ්නයක් නෑ අක්කෙ... පැමිණීම තහවුරු කරගත්තම ඉහළ තිබුනු පෝරමය පුරවන්න... එන්නෙ දෙන්නෙක් නම් වාර දෙකක් එය පිරවිය යුතුයි.
Deleteගම්පහ ගෙට්ටුව ගැන රෙපා කියද්දිම මට හිතුණා සිරා කොලුව වෙන්න ඇති මේකෙ වැඩ සෙට් කොලේ කියල හරියටම හරි සිරා කොලොත් සිරාම වැඩක්නෙ...
ReplyDeleteආසයි ගොඩක් එන්න නමුත් සිත්තමීට ගෙදරින් පනින එක තමයි අමාරු...කොහොම නමුත් එන්න ට්‍රයි කරනවා....
නාවත් සාර්ථකම වේවා ඔබේ උත්සහය....
සිත්තමී ඇයි දැන් ඔබව කලාතුරකින් දකින්න ලැබෙන්නෙ...
Deleteජා-ඇල ඉදන් ගම්පහට එක බස් එක නෙව...ආපහු ගෙදර යන්නත් රෑ බෝ වෙන්නෙ නැති එකේ කොහොම හරි ඇවිල්ලා බ්ලොග් හිතවතුන් මුලිච්චි වෙන්න බලන්න...
සිත්තමි ආවේ නැතොත් ඉතින් වෙන දේ මම කලින්ම කිව්වා නේ. ආයේ ඒකේ නම් කතා දෙකක් නැහැ ඈ :)
Deleteමගෙත් එක්ක හරි ගෙදර යන්න බැරියැ. මමත් ජා-ඇල නෙවැ..:D
Deleteසිත්තමී ප්‍රවේශමෙන්...
Deleteදෙසැම්බරේ තිබ්බානම් මටත් එන්න තිබුන. අපි ඉතින් පිටස්තරයෝනෙ..
ReplyDeleteසරත් අයියා ලංකාවෙ නෙමෙයිද දැන් පදිංචිය...ඊළග වතාවෙ වත් දෙසැම්බර් යොදා ගමු...
Deleteඑකෙන්ම.. ජය වේවා !
ReplyDeleteඅපිට ජය වේවා !
Deleteමමත් ගම්පහ තමයි හරිය. උදේ 4 වෙනකොට මම මල්වත්තෙ :D
ReplyDeleteඊට කලින් මොනා හරි දේකට උදව්ව ඕනි නම් කියන්ඩ ලොකු අයිය්යෙ. එන්නං උදව් කරන්ඩ.
සමියගේ කී බෝඩ් එක හරි ගිහින් වගේ... හි හි
Deleteඋදව් ඕනෙ සමී...මගේ මේල්ලුවට නොම්බරේ දාන්න... නැත්නම් ෆෝම් එක පුරවන්න... මම ඇමතුමක් දෙන්නම්...
Deleteඅනේ බං සමියෝ. ඕක දෙසාබාන්න තෝ මෙච්චර වෙලා හිටියේ මක්කටෙයි. සිරා ට බර සෑහෙන්න අඩු කරගන්න තිබ්බා මේකාව කලින් නැගිට්ටගත්තනං.. ජයවේවා..
Deleteඉරිදා ඕටී එක යකාට දාලා මම එනවා සිරා අයියේ....මම එනවා....අපි සෙට් වෙමු....ජය වේවා...!
ReplyDeleteඅනිවා වරෙන් මලේ... ඕටී වගේද බන් කාලෙකට සැට් වෙන්නෙ නැති සැට් එකක් එක්ක සැට් වෙන එක...
Deleteඅයිම් කමින්!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සේනාවත් එයිද දන්නෙ නෑ
Deleteරජාගෙ අන්තංපුරයත් එනවා නම් කොච්චර සෝයිද ....
Deletemachan sira aparade ban kalin danwanam mama dates wenas kara gannawa.lankawata goda bahinne 27 wenida 11.00am withara ban...anyway i have your contact no and hope to be there at evening.....because be sure you all would have some especial arrangement at evening for adults know...i think you may know what do i mean...ha ha ha...my best wishes for your great attempt....
ReplyDeleteits a great pleasure for us about your participation for this event, I believe you can be there in afternoon. something could happen in the evening''' if you can bring something for us from the Air Port..... lol''''
Deleteසුබ පැතුම් ...
ReplyDeleteස්තූතියි අක්කා...
Deleteමම ඕකට සෙට් උනේ දෙසම්බර් ඉදලනෙ. උදවුවක් ඕනෙනම් කතාකරන්න මලේ. නොම්බරේ තියනවනෙ.
ReplyDeleteනොම්බරේ දැන් නම් ෆෝන් එකේ නැද්ද මන්දා... එදා උදේම අදාළ ඉසව්වට එන්න...
Deleteඅඩේ මටත් එන්න ආසයි බන්... නමුත් මම අඩුරන කවුරුවත් නෑ බොලේ මේ බ්ලොග් අවකාශය තුල... මම තාම අලුත්... ඒ නිසා මම එන්නෙ නෑ... ඊලග එකේදි බලමු... හොදින් කරගෙන යන්න කියල සුභ පතනව....
ReplyDeleteකවුරුවත් අදුරන්නෙ නැත්තං ගෙට්ටුවට ආවම බොහෝ අය අදුනගන්න පුලුවන්... භය නැතුව එන්න... ලබන වසර වනතුරු කල්මරන්න අවශ්‍ය නෑ....
Deleteමෙන්න අපේත් සුභ පැතුම්..!
ReplyDeleteස්තුතියි... මාරෙ අයියෙ...ඔබත් නොවැරදීම එනු ඇතැයි සිතමි...
Deleteනිස්ටඹුවේ ගං කබරයින් ගම්පහට එනවාට අපි විරුද්ධ නැත...
Deleteඑල ..
ReplyDeleteනැගෙනහිර සැට් එකත් එක්කම එන්න...
Delete"ELA" kiyala awy natnam "SADRUWAGE" kanapalpan.
DeleteJayawewa
නෑ නෑ නැගෙනහිර නඩේ වගකීම තියෙන්නෙ සදරුවා අතේ නිසා අනිවාර්යෙන්ම එනවා...
Deleteමට දැන්ම කියන්න බෑ මචං.. එන්න නම් ඕනේ.ප්‍රමාණවත් කාලයක් තියල ෆෝම් එක පුරවන්නම් එන එක ෂුවර් උනොත්. වැඩේ එළටම සෙට් වෙයි.. ජයවේවා!!
ReplyDeleteකමක් නෑ...තව කල් අරන් ෆෝම් එක පුරවන්න... ට්‍රයි එකක් දෙන්න...
Deleteමාතර උන්ට විශේෂ ආරාධනයක් ඇති නිසා එන්නම ඕනෑය.ඒ උනාට කරුමෙට එදා කැම්පස්ය.දවසක වලක් ගැහීමට සිතුනොත් මං නොවැරදීම ඔතනය.
ReplyDeleteඉරිදට මොන කැම්පස් ද බන්...මෙන්න මෙහෙ වරෙන්...
Delete27 වෙද්දී කටුනායක බෝඩිමට යන්න නියමිතය.එහෙම උනොත් නම් අනිවා එනවා.
ReplyDeleteගෙදර හිටියත් අනිවාර්යෙන් එන්න බලනවා.ගාල්ලෙන් යන තව උදවිය ඇතිනේ :)
නොදැක්ක කට්ටිය දැක ගන්න...අනිවා එන්න...
Deleteඅනේ මටත් ආසයි එන්න... එන්න විදිහක් නෑ... සුභ පතනවා හෑමදේම හොදින් වෙන්න කියල...
ReplyDeleteඇයි ඒ... ඔයාගෙ පළාතට ආසන්න කෙනාට කථා කලා නම් හරි...
Deleteඩුබායි වල කවුද දාල තියෙන්නේ...?
Deleteහුටා....මෙයා ඒරොප්පෙද ඉන්නෙ...කවුද දන්නෙ...
Deleteමාතලන් ෆුල් ඈලර්ට් එකේනේ ඉන්නේ.... හොදයි හොදයි....:)
Deleteමෙච්චර කට්ටියක් එනවනම් මේකට මටත් එන්නම හිතෙනවා බං. අම්මගෙන් අහලා පුළුවන් උනොත් එන්නම් ඈ.. :)
ReplyDeleteඅම්ම ගහයි බැට්ටෙකෙන්....... ;)
Deleteඅන්න කීකරු දරුවෙක්...අනේ වාසනාවන්...
Deleteඅමතක කරන්නේ නැතුව කුක්කු බෝතලෙත් ඇරන් වරෙන් .........
Deleteජයවේවා...මල්ලි හොරු ප්‍රමෝට් නොකර හීනියට ආතල් එක ගන්න ලැබේවා කියල පතනව..!
ReplyDeleteබොහොම ස්තූතියි.... නෝ ප්‍රමෝෂන්... බ්ලොග් කරුවන්ගෙ සුහදතාවය වර්ධනය තමා අරමුණ...
Deleteමං පරක්කු වෙච්චි තරම ,
ReplyDeleteඅපි ඉතින් බ්ලොග් නොලියන නිසා එන්නේ නෑ , ගම්5 ගේට්ටුව සිරා ඉවෙන්ට් එකක්ම වේවා
බ්ලොග් ලියන්නම ඕනෙ නෑ බන්...කියවන අයටත් මේක විවෘතයි...
Delete"LIYANA" nati "KIYWANA" ayta ena kiwata TAN...Q
DeletejAYAWEWA
ලං වෙනකොට තත්වේ බලල එන්නම්. දැන් ම ෆෝම් එක පුරවන්නෙ නැතුව කිට්ටුවෙලාම පුරවන්නම්. ෆෝම් නැතත් පුලුවන් කමක් ලැබුනොත් ටික වෙලාවකට හරි ඇවිත් යන්නම්.
ReplyDeleteකොහොම හරි එන්න බල්න්න...දිණ ළං වෙලා පෝරමය පිරෙව්වට කමක් නෑ...
Deleteමමත් එන්න බලන්නම්.මේ වගේ එකකට ඇවිත්ම නැති හින්ද මොකක්දත් වගේ වගේ... :) වැඩ ටික එහෙට මෙහෙට කරගන්න හම්බ උනොත් අනිවා එන්නම්.කෝකටත් ෆෝම් එක පුරවන්නම්කො..
ReplyDeleteඔය සුමිත් අයියා එහෙමත් ඒ පැත්තෙ...රත්නපුර නියෝජිතයට කථා කලා නම් සැට් එකට එහෙදිම සැට් වෙලා එන්න පුලුවන්...
Deleteඋඹලාගේ ගෙට්‍ටුව සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!
ReplyDeleteයකෝ දෙසැම්බර් තිබ්බානම්...
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මොනා කරන්නද හෙන්රි අයියා... ඉහළින් දුකා අයියට දීපු උත්තරේ තියෙනවා වෙච්ච සන්තෑසිය...දුක තමා...
Deleteසුභ පැතුම් !
ReplyDeleteස්තුතියි බුවා... ලංකාවෙ ඉන්නවා නම් එදාට එන්න...
Deleteඅපි ඉතින් හැමදාමත් රට පිටනෙ....මොනවා කරන්නද?
ReplyDeleteසියලු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. අපි මෙහෙ ඉඳන් බලා ඉන්නව.
ඉස්සරහා දවසකවත් හමු වෙන්න බලමු එහෙනම්... ගෙට්ටුවට පස්සෙ කොහොමත් මඩ එක එක තැන් වලින් මතුවේවි.
Deleteප්‍රදීප් එක්ක කතාකලා. උදේ 7ට කොටුව දුම්රිය පොලෙන් පිටත් වන වගක් කීවා.
ReplyDeleteගෙදර රාජකාරි වෙලාවට ඉවරකර ගත්තොත් කට්ටිය එක්ක එන්නම්. බැරිඋනොත් පැයක් දෙකක් පමා වෙලා උද්‍යානෙටම එන්නං.
බොහොම ස්තූතියි... ගෙදර රාජකාරි උදේම අවසන් කර ගන්න... නැත්නම් උද්‍යානය වටා යන චාරිකාව ඔබට අහිමි වෙන්න පුලුවන්....
Deleteනයි මල්ලත් ගේන්න නැන්දේ
Deleteඒ නයිමල්ල ගේන්න මගෙ ලැම්බොගිනියෙං තමා එන්ට වෙන්නෙ. බස් කෝච්චිවල නයි ගේන්න බැහැනෙ. ඇනෝල මේකට ගෙන්නන්නෙ නැහැනෙව. නරකද පුතේ නමින්ම කොමෙන්ටුව කෙටුවොත්???
Deleteමොකක්ද බොලං මේ හරුපෙ...
Deleteසිරාගෙ බ්ලොගෙත් කතන්දරගෙ වගේ වෙන්නයි යන්නෙ ............කැමතිනං ඇනෝට ඉඩ දීල බලන්න
Deleteතරහා ගන්න එපා නැන්දෙ මේවා මේ කොල්ලො නැන්දව තරහා ගස්සන්න කරන වැඩ...
Deleteමේ කොල්ලො බලන්න පැස්ටෝල් පුච්චං මගෙ ලැම්බෝගිනියෙ ටයර් ගෙවාගෙන ගම්පහට එන එක worth ද?? කියලත් හිතෙනවා සිරා.
Deleteඑහෙම වෙන එකක් නෑ නැන්දෙ...කොල්ලො කෙල්ලො එක්ක තරගයකට දෙකකට සහභාගි වුනාම වැඩේ නැගලා යයි...
Deleteජයවේවා....!!!
ReplyDeleteමහාචාර්ය මා තලන් තුමත් එනු ඇතැයි සිතමි...
Deleteමොනවා කරන්නද සිරා අයියේ දුක තමයි එන්න විදියක් නැහැනේ. ජය වේවා කිව්වා.
ReplyDeleteදුක තමා කෝරලේ...අපි ගෙට්ටුවෙන් පස්සෙ ෆොටෝ ටිකක් වත් බලමු...
Deleteඅපිට නම් එන්ට වෙන්නේ නෑ අය්යෝ...:(
ReplyDeleteඒ උනාට ඊරිසියාවෙන් ඔයාලට සුබ පතනවා.:)
ස්තූතියි....දේශ සීමා අතික්‍රමණය කරගෙන එන්ට එපෑ නේද...
Deleteඑන්න වෙන්නෙ නැති වෙයි... දුක තමා ඈ....:((
ReplyDeleteකමක් නෑ ඉතිං ගන්න ෆන් එකක් අපිටත් පෙන්නමුකො ඈ...
ඇයි බන් ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ....
Deleteඑක දිගට "එන්න වෙන්නෙ නෑ අනේ" කිය කිය කොමෙන්ට් වැටෙනකොට අහිංසක සිරාගෙ හිතට දැනෙන විදිහ මට හිතාගන්න පුලුවන්...
ReplyDeleteපලයල්ලකො අනේ කොහොහරි.....
නිමල් අයියට විතරයි මගෙ හදුන්පොතේ කැකෑරෙන දුක දැනුනෙ... මට තනි ඇහැට ඇඩෙනවා අයියෝ...
Deleteසිරා,ගෙට්ටුවට සුබ පැතුම්.මට එන්න විදියක් නැති බව දන්නවනෙ,අපි පිටස්තරයොනෙ.
ReplyDeleteමල්වත්තට අල්ලපු වැටේ මගෙ හොඳම යාලුවෙක් ඉන්නව,නියෝජිතය හැටියට ඌ එවන්නද?
ස්තූතියි හැලප මාමෙ....නියෝජිතයා එව්වත් කමක් නෑ...හැබැයි එන්න කලින් එක බ්ලොගක් හරි කියවන්න කියන්න...
Deleteඅද තමයි ලිපිය දැක්කෙ... මාත් එනවෝ...
ReplyDelete෴සිද්ධිය෴
සාදරයෙන් පිළිගන්නවා...එන්න...
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්....... එම්දෝ නොඑම්දෝ කියලා සිතුනි මට.. ;)
ReplyDelete27ට තව කල් තියෙනවානෙ, බලමුකෝ.... ආවා නැතා, 27 වෙන්දා වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන කියලා සුභ පතනවා.. :)
ආවා නැතා..... ඒවා ඔට්ටු නෑ...භය නැතුව එන්න...කාන්තා පරාණ තව රාශියක්ම ඉන්නවා...
Deleteඔන්න පෝරමේ පිරෙව්වා.සිරෝ මට මේ ගේට්‍ටුවෙ ලින්කුවක් කස්ටියට පේන්න මගෙ බ්ලොගේ දාන හැටි කියල දෙන්කෝ
ReplyDeleteගම්පහ ගෙට්ටුව බ්ලොග් එකට දාන්න මගේ පෝස්ටුවෙ ලෝගෝව භාගත කරන්න පුලුවන් තැනින් ඉස්සෙල්ලාම ඔබේ පරිගණකයට එය සේව් කරන්න. ඊට පස්සෙ Layout ගිහිල්ලා ඒකෙ දකුණු පස ඉහළට වෙන්න තියෙන Add a Gadget යන්න ක්ලික් කරන්න. ඉන් පසු පැමිණෙන මෙනු එකෙන් Image කියන එක ක්ලික් කරන්න. ඒකෙ Title කියන තැනට, ගම්පහ ගෙට්ටුවට එන්න මෙතැන ක්ලික් කරන්න කියලා ගහන්න. ලින්ක් කියන තැනට https://docs.google.com/spreadsheet/viewform?formkey=dGpJMGJrZkJua0ZsS1JaRGUzVVVqakE6MQ#gid=0 කොපි කරන්න. ඉමේජ් කියන තැනට ඩවුන්ලෝඩ් කල ලෝගෝව අප්ලෝඩ් කරන්න. ඒ කාරිය අවසන් උනාට පස්සෙ සේව් බට්න් එක ඔබන්න. එච්චරයි.
Deletehariiii :)
Deletethanks :)
නියමයි :)
ReplyDeleteකිරි ටොෆී ?
Deleteඔව් .. ඔව් .. වෛවර්ණෝ ...
Deleteමෙදා පොටේවත් කිරිටොපී ගෙනෙන් ...
සිරා නොහොත් නසියර් අයියා (මම හරිද මංදා),
ReplyDeleteඔයාගෙ බ්ලොග් එකේ සෑහෙන ලිපි ප්‍රමානයක් මම කියෙව්ව. "අපේ බෑන්ඩ් මාස්ටර්" ඒ අතරින් විශේෂයි. හැබැයි ඉතින් කමෙන්ට් එකක්වත් තියන්න බැරි උනා. බොහොම සාර්තක ව්‍යායාමක්. බොහෝමයක් ලිපි හොඳට හිතට වදිනව. ඔබට ජය!!!
-ඔයාගෙ පාසලේම වම දකුන ගහපු සහෝදරයෙක්-
2001-2005
මම කරන්නෙ නම් කියවන එක විතරයි. පුලුවන් කමක් ලැබුනොත් 27 එන්නම්
බොහාම ස්තූතියි මල්ලි...මගේ පාසලේම සහෝදරයො කාමරය ඇතුලෙ මුණ ගැහෙන කොට හිතට මාර ෆිට්... 27 අනිවාර්යෙන්ම එන්න... අපේ පාසලේ තව බ්ලොග් කරුවො කීප දෙනෙකුම ඉන්නවා...
Deleteදැනගන්න ඒ අයගෙ බ්ලොග් ටිකක් කියන්නකො?
Deleteඑදාටම අදුන්වලා දෙන්නම්...
Deleteමේක Blog ලියන අයට විතරමද...එතකොට බලන අය.....
ReplyDeleteඇයි බන් සිංහලෙන් උඩ ලියලා තියෙන්නෙ ලියන/කියවන දෙපාර්ශවයටම විවෘතයි කියලා...
Deleteඇත්ත නේන්නම්....දැක්කෙ නෑනෙ කොල්ලො...ටැන්කි...ටැන්කි....
Deleteමරු සිරා....නොදන්න ගොඩක් දේවල් දැනගත්තා..පින් ආ...
ReplyDeleteඋඹ එන්නෙ නැද්ද මලයො...
Deleteමම තාම බ්ලොග් කලාවට කෝඩුනෙ අයියා....බ්ලොග් ලියන කීප දෙනෙක් ඇරෙන්න මම අදුරන්නේ නෑ...අනිත් එක මම ඉන්නේ මාතලේ...ඒ ප්‍රශ්න දෙක තුනත් එක්ක මේ පාර නම් එන්න බැරි වෙයි අයියා..ඊලග පාර නොවැරදීම එන්නම් හොදේ..
Deleteබ්ලොග් ලියන උන් අදුනගන්න තමයි එන්න කියන්නෙ... නුවර සැට් එකට කථා කරලා උත්සාහයක් දරලා බලන්න...
Deleteආයෙත් අහලා අපි නෑවිත් කොහොමද ...:)
ReplyDeleteනුවර මැණිකෙලා සැට් එකත් කැන්දගෙනම එන්ට....
Deleteචන්දන මල්ලිත් කීවා කෙල්ලො දෙන්න එක්කම එන්න කියලා.... ඒත් ඉතින් උදේ දහම් පාසල් වැඩයි, හවස ගමේම මඟුලකුයි එක්ක ගම්පහත් කොහොම දුවන්නද?
ReplyDeleteහැබැයි කාගෙවත් කරදරයක් කථාවක් නැතිව වැඩේ කරගන්නට අවැසි ශක්තිය නොඅඩුව ලැබේවා!!!
වචනෙකින් හරි ධෛර්යය දුන්නාට බොහොම ස්තූතියි...
Deleteගෙදර වගේ තියෙන ගම්පහ පාක් එකට මම නැවිත් ඉදියිද...ඔන්න මමත් එනෝ....8.30 වෙද්දි මමයි රජායි ගම්පහ පාක් එකේ...
ReplyDeleteබොහොම සන්තෝෂයි...එදාට හමුවෙමු එහෙනං...
Deleteඅඩේ දාන්නම් පොඩි ට්‍රයි එකක්. මාත් ඉන්නේ ගමපහ. මං කලාස් යන ගමං එන්න ට්‍රයි එකක් දෙන්නම්
ReplyDeleteගම්පහ නම් ඉතිං නෑවිදින් ඉන්න එපා...
Deleteමම අද තමයි ගම්පහ ගැන මේ හැටි විස්තරයක් දැනගත්තේ.
ReplyDeleteඅපිට ඉතින් එන්න වෙන්නේ නැහැ නේ ඉතින්.හැමදා දුකෙන්..
මොනා කරන්නද දුකෙන් හරි ගෙට්ටුවෙ ඡායාරූප ටිකක් බලමු එහෙනං...
Deleteවැඩේට සුබ පතනවා සිරා. ජයවේවා ..
ReplyDeleteරතු එනවා නේද එදාට මේ පැත්තට...
Delete