ඇලෙක්සැන්ඩර්... ඇලෙක්සැන්ඩර්..... ඇලෙක්සැන්ඩරයෝ.....
උඹ මොකද බොල මෙතන මේ අහස පොළව ගැටලන්න වගේ කල්පනා කර කර කැවුත්ත පිරෙන්න දුං අදින්නෙ. අන්න අරහෙ මුලු ගමම ඇල්බට් මුදලාලිගෙ ගෙදරට එකදු පහදු වෙලා.
අනේ හැබෑටම කොලුවො...උඹ කේඩෑරි වීගෙන යනවා දවසෙන් දවස...මක්කට බොනවද බං...ඔය දහ ජරාව...ඔන්න ඔය දුං කූර විසි කරලා ගාටහං විගහට ඇල්බට් මුදලාලිගෙ ඉසව්වට...
හැබෑටම මට මේ වෙන කල්පනාවක හිටිය හින්දා අහන්නත් ඉස්පාසුවක් නැති උනා....මොකෑ ආතෙ කාරණේ.
ඇල්බට් මුදලාලි ගොයියට දෙණිය වත්තෙ පොල් මුරේ කඩවලා ආපහු එන ගමනෙදි නයෙක් දෂ්ඨ කොලාය කියන්නෙ. හීන් එකීලගෙ ගෙවල් මණ්ඩියෙදි. ඕන්න සෙයිලමේ ඉස්පිරිතාලෙට අරන් ගොහිල්ලලු.
හැබෑට...මමත් වතාවක් යන්තමින් බේරුනා නොවැ ඔය කියන හරියෙදිම...ඔය කියන නාගයා බොහොම පතාරියං එකෙක්. මෙන්න ප යන්න....වකුටු කල තම අත්ලෙන් නයාගේ ප යන්නේ පරිමාණය පෙන්වූ ඇලෙක්සැන්ඩර්...අඩියට දෙකට මුදලාලි නිවෙස බලා යන ගමන ආරම්භ කලේය.
මේ කියන පිටිසර ගමේ සිටි ධනවතා මෙන්ම බලවතාද ඇල්බට් මුදලාලිය. ගම්මුන්ගේ දුකේ මෙන්ම සැපතේද එකට සිටි විරල ගනයේ පුද්ගලයෙකු නිසාදෝ ඔහුට මිතුරන් මිස හතුරන් සිටියේ නැත. අඩාදොඩා කණපින්දම් ගසාගෙන එන දුප්පත් ගැහැණියකගේ දරුවකුගේ අසනීපයකට ඇගේ කණකර බඩුවක් කෙරෙහි ලෝභ නොවී මුදලක් අත තබන්නට තරම් තෙත් පපුවක් සහිත තැනැත්තෙකි ඇල්බට් මුදලාලි.
ඒ ආනුභාවයෙන්මදෝ කරන කියන හැම වැඩක්ම උන්දැගෙ වාසියටම හැරිනි. ගෙයි තිබෙන ලොකු වී බිස්ස වසර පුරාම පිරී පවතිනවා සේම මුදලාලිගේ වතුපිටි වලින් මෙන්ම අනෙකුත් මාර්ග වලින්ද ලැබුනු ආදායම් පැටවු ගැහුවේ අහැ පොවන මානයේදීමය. දරුවන් නොමැති වුවත් මේ දෙමහල්ලෝ සතුටෙන් සමාදානයෙන් පවුල් කෑවෝය.
හයියෝ මට තවත් ඉදලා වැඩක් නැතියෝ...මුදලාලි මහත්තයාට මොනවා හරි උනොත් මමත් මැරෙනවා එමලියො...මෙච්චර දොහක් පවුල් කෑවා...එක දවසක් මට නිය පිටින් පාරක් පතබාලා නෑ මේ උන්දැ...අපිට මේ මොන නස්පැත්තියක් උනාද හැබෑටම....
අනේ හාමිනේ එහෙම හිතන්න එපා....දෙයියො බුදුන් පිහිට වෙලා මුදලාලි මහත්තයා ආයෙත් කකුල් කෙටි දෙකෙන් නැගිටීවි. එසේ කියූ එමලිං ජනෙල් කණ්ඩිය අද්දරට වූයේ ඈතින් එන වාහනයක හඩක් ඇගේ සවනත වැකුණ හෙයිනි.
මල් ශාලාවක පාවිච්චි කරනා ආකාරයේ කලු පැහැති දිග කාර් රථයක් පිටුපස ගමේ කොලු කුරුට්ටෝ රැසක් දුවගෙන එති. ඉතාම කලාතුරකින් වාහනයක් යනෙන මේ ගම්මානයේ මේ දසුන පොඩිහිටියන්ට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ කුහුලක් ගෙන දෙන සෙයකි. පොල්වත්තේ ඈතින් පිහිටි ගේට්ටුවෙන් ඇතුලු වූ රථය නිවස අද්දරට පැමිණෙන්නට වංගු ගනිමින් නයා ගියා බදු දීර්ඝ මගක් ගෙවිය යුතුය. මේ ආගන්තුක දසුනෙන් කැළඹුන නිවසේ හුන් නෑදෑ හිතවතුන් මෙන්ම ගමේ උන්ද දෑස් දල්වාගෙන දැන් දැන් ලග ලග පැමිණෙන රථය දෙස බලා සිටිති.
නිවසේ ආලින්දය අසල නැවතුන රථයෙන් ඉක්මනට බැස ගත්තේ සරම කැසපට කවාගෙන සිටි සිරිදාසයි. ටවුමේ අලුතින්ම ආරම්භ කල පද්මා මල් ශාලාවේ සේවය කරන හෙතෙම මේ ගමේම එකෙකි.
අනේ හාමිනේ දැනුම් දෙන්න එකලාසයක් තිබුනෙ නෑ.....මුදලාලි මහත්තයා තීන්දු ගමන් ගියා කියලා ආරංචි වෙච්ච හැටියෙම තමයි මම ඉස්පිරිතාලෙට බඩගාලා මේ වැඩ ටික ඉක්මනට එකලාසයක් කොලේ.
අයියෝ.......මගෙ දෙයියා....මහා විලාපයක් තබමින් සිහිසුන්ව බිම පත බෑවුනු මුදලාලි හාමිනේ අස්වසන්නට මැගිලියාට තනියෙන් නම් නොහැක. ශරීරය කෘෂ එකියක වූ ඇය වටිනා කියන ආහාරයෙන් සන්තර්පනය වී සැපවත් ජීවිතයක් ගත කල මුදලාලි හාමිනේගේ විශාලා ශරීරය අභියස කුඩා එකියක් මෙනි....
මොකද බොලව් බලාන ඉන්නෙ...ඉක්මනට වරෙල්ලා....මේ හාමිනේව ඇතුලෙ කාමරේකට ඇන්න යන්න...මැගිලිං...තම ස්වාමි දියණිය කෙරේ පිළිපන් සැබෑ ස්නේහයකින් කෑ කොස්සං ගැසුවාය.
ඇලෙක්සැන්ඩර් මලයො...මෙන්න මේ මෘත කළේබරය ගේ ඇතුලින් තියලා මේ සැරසිලි ටික කරන්න වරෙංකො සුනංගු නොවී. සිරිදාස වටේ පිටේ හිටි උන් සමග ඇලෙක්සැන්ඩර්ටද ආරාධනා කලේය.
හැබෑට සිරිදාස අයියෙ....ගහක් ගලක් වගේ හිටිය මේ මනුස්සයට මොකද වුනේ බොලං....මට නම් විශ්වාස කරන්නත් බැරි ගානයි...දරුවො නැති උනත් හරිම සමගියෙන් හිටිය ජෝඩුවක් නොවැ....දැන් ඉතිං හාමිනේ කොහොම හිත හදාගනීද මන්දා....
ඒවා එහෙම තමයි මලයො....උන්දැ ගෙනාව ආයුෂ ඉවර වෙන්ට ඇති...
පොඩි එකෝ මෙහෙ වරෙන්....අන්න අර මිදුලෙ තියෙන ඇන්තූරියම් ගස් වලින් මල් ටිකක් කපාගෙන ඇවිල්ලා මේ මල් පෝච්චි වලට දාහං...හොද එකා වගේ...
ඔන්න ඔය ඇත් දල ජෝඩුවත් ගත්තා නං මෙහෙට....
මැගිලියො...
සිරිදාස පුක කැඩුන කඩියෙකු මෙන් ඒ මේ අත දුවමින් විවිධ කටයුතු එකිනෙකාට පවරයි.
හාමිනේගෙ සුදු සාරි තියේ නම් අරං වරෙංකො මෙතන වියනක් බැදලා දාන්න...සිරිදාස තනියම යමක් මුමුණමින් පැවසුවේය.
කවුද සිරිදාස අයියෙ මුදලාලිව ටවුමෙ ඉස්පිරිතාලෙට ඇන්න ගියේ....
අර කන්ද ලග රබර් වත්ත සල්ලි වලට ගත්ත කොළඹ මහත්තැන් කියන්නෙ...අද උදේ වත්ත බලන්න ඇවිල්ලා ඉදලා ඒ තකහනියෙම...ලෙඩා අරන් ඉස්පිරිතාලෙටත් බඩගාලා.... අපේ ගමේ උන්ට ඉතිං මොටෝ කාර් තියෙන එකක්යැ....
ඒ උනාට වෙද මුහන්දිරම් උත්තමයට කියලා බෙහෙතක් හේතක් කලා නම් මුදලාලිව බේරගන්නත් තිබුනා...ඇලෙක්සැන්ඩර් මිනී පෙට්ටිය යටට වෙන්නට බුමුතුරුණක් අතුරන ගමන් පැවසුවේය.
කොළඹ මහත්තයා තමයි කියලා තියෙන්නෙ...ලෙඩා බේරගන්න ඕනෙ නම් ඉස්පිරිතාලෙ යන එක හොදා කියලා....ඉතිං ගමේ උනුත් එතකොට ඔලුව පාත් කොර ගත්තලු. මට ඔය සංගෙදිය කිව්වෙ වංගුවෙ ගෙදර ඇන්තනියා.
මල්ශාලාවෙන් ගෙනා අඩුම කුඩුම නිසි ආකාරයෙන් ඒ ඒ තැන්හි තැන්පත් කල සිරිදාස...අවසන් වශයෙන් මිනී පෙට්ටිය අසබඩට වන්නට කඩදාසි මල් වලින් යුතු මල් වඩමක්ද කෙළින් කර සිටවා නිවසේ ආලින්දය අද්දරට වන්නට තිබුන සැපතිල්ලා ගසට පිට දී සිගරැට්ටුවක් පත්තු කොර ගත්තේය...ඉදා උඹටත්....
ඇලෙක්සැන්ඩර් සිගරැට්ටුව අතට ගත්තේ සිරිදාස කෙරේ උපන් අනුපමේය භක්තියකිනි. මාතොට මුත්තාගේ අවවාදය ඔහුට අමතක වූයේය. හැමදාමත් මුත්තයියා බීඩි දුම ඉහළට ඇද කට කාරවන ජරා රහ යන්නට හිතෙන හිතෙන තැන කෙළ ගසන ඇලෙක්සැන්ඩර්ට මෙය මහානර්ඝ වස්තුවකි.
කොහෙන්ද බං අයියෙ......
මල් ශාලාවට ආව මහත්තයෙක් දුන්නා බොල....දවල්ට කාලා බොන්න හිටියෙ....උඹත් හිටි හින්දා පත්තු කොලේ.....
මලයො...හනිකට මාටියගෙ රා මණ්ඩියට ගාටමුද...රා සුට්ටක් සප්පායං වෙලා දෙණිය වත්තෙ පීල්ලෙන් දිය ඩිංගිත්තක් ඔලුවෙ හලාගෙන හැන්දැ කොරේ මේ පැත්තට ආයෙම එමු. ගොඩවෙයංකො එහෙනං කාර් එකට....රථයේ පසුපසින් නගින්නට තැත් කල ඇලෙක්සැන්ඩර් දෙස බලා සෝපාසය මුසු වූ බැල්මකින් සංග්‍රහ කල රියදුරු තෙමේ....ඉදිරියට එන ලෙස අතින් සංඥා කලේය.
කොහෙද බොල පිටිපස්සෙ බඩගාන්නෙ...තෝ මිනියක්ද. ?
මෙන්න මෙහෙන් නැගපිය....සිරිදාස බොරු තරහක් ආරූඩ කරගනිමින් පැවසූයේ ටවුමේ එකෙකු වූ රියදුරා ඉදිරියේ කැපී පෙනෙන්නට වෙන්නට ඇතැයි ඇලෙක්සැන්ඩර් පසුව සිතීය.
මේ ගම ගමේ කම පිරුනු ගමක් නිසාම අනාරාධිතවම තම තමන්ට කාර්යයන් පවරාගෙන ගම්මු වැඩෙහි යෙදෙති. සමහරු ගොක් කොළ තොරන්...ඉදිකරන්නට ගොක් කොළයක් කපන්නට පොල් ගස් බඩ ගාති. කාන්තාවෝ ඒ මේ අත ඇවිදිමින් වැඩෙහි යෙදෙන උන්ට තේ කහට ටිකකින් හෝ බෙලිමල්, රණවරා කෝප්පයකින් හෝ සංග්‍රහ කරති. මේ ඇසිල්ලේ නිවසට පැමිණියේ වයෝවෘද්ධ මුත් තේජස් පෙනුමක් ඇති ගමේ වෙද මුහන්දිරම් උත්තමයාය.
කවුද යකෝ.....මේ රටක් වටින මිනිහෙක්ව බලෙන්ම වල පල්ලට යැව්ව බැල්ලිගෙ පුතාලා......නිවසේ උළු උඩ යන තරමේ හඩකින් එක්වරම සලිත වූ ගම්මු භය පක්ෂපාතව වෙද මුහන්දිරම් වටා එකතු වූහ.
ඒ කිව්වෙ වෙද මහත්තයො....
දෑසින් නැගුන කදුලක් පිටි අල්ලෙන් පිස දමමින් මුදලාලි හාමිනේ මහත් ආයාසයකින් වෙද මහතා කරා ආවාය.
මේ අපේ මුදලාලි තවම තීන්දු ගමන් ගිහින් නෑ... සිහිනැතිවෙලයි මේ ඉන්නෙ...පරම්පරාවෙන් මට ලැබිලා තියෙන සාස්තරෙන් මම පෙන්නන්නම් වරුවෙන් දෙකෙන් මේ මනුස්සයව දෙපයින් හිට්ටවලා....උඹලා ඔලුව ඉදිමිච්ච උන් වගේ සුද්දගෙ බේත් හේත් පස්සෙ දිව්වට ඒවට කරන්න පුලුවන් කෙං ගෙඩියක් නෑ බොලව් නාගයො දෂ්ඨ කොලාම.
තේජස් බැල්මෙන් ඒ මේ අත බලමින් දකුණතේ වූ බස්තම බිම හප්පමින් උඩට කැරකවූ රැවුළ අතපත ගාමින් වෙද මුහන්දිරම් උන්නාන්සේ කියන දෙයක් නොකර සිටින්නට ගම්මුන්ට නොහැකිය.
තවත් මොනවද යකුනේ බලාන ඉන්නෙ....මේ මනුස්සයට තවත් අගෞරව නොකර සුනංගු නොවී බාවපල්ලා ඇදක් උඩ. රට වෙද්දු පස්සෙ දුවන්නෙ නැතුව මා ගාවට එක එල්ලේ ඇන්න ආවා නම් මෙළහකටත් මුදලාලිව කෙළින් කරලා....
ඉක්මනින් මේ බෙහෙත් කාණ්ඩෙ හොයාගෙන වරෙව්....තමාට ආසන්නයේ උන් ගම්මුන් ඇමතූ වෙද මහතැන අතේ වූ කොළයක ලියා තිබූ ලැයිස්තුවක් ඔවුනට දැක්වූයේය.
තොපි හැකි ඉක්මනින් එන තරමට ලෙඩාට ගුණයි. එහෙ මෙහෙ නඩලං ගහන්න තනනවා නෙමෙයි.
අනේ වෙද දෙයියො.....මගේ දෙයියව ආයෙත් ජීවත් කරවලා දුන්නොත් ඔබ තුමාට බුදු බව අත්වෙයි. දණින් වැටී තම දෙපා අල්ලා සිටින වෙද හාමිනේ දෙස බලා ඇගේ හිස මත අත තැබූ වෙද මුහන්දිරම්....
නැගිටින්න හාමිනේ...මොකෑ මේ....පරම්පරාවෙන් මට දායාද වෙලා තියෙන දේ තමයි මම මේ කොරන්නෙ....මට මේ ගමේ කොයි මිනිහත් එකයි...අසරණයාට පිහිට වෙන්න කියලා තමයි මේ දේවල් පුරාණයේ ඉදලම අපේ මුතුන් මිත්තො පරිස්සං කරලා ඇන්න දීලා තියෙන්නෙ.
කඩි ගුලක් මෙන් හදිසියේ ඇවිස්සුන මුදලාලි නිවසේ වූ ගැමියෝ බෙහෙත් බඩු සොයා බැද්ද පීරති...සමහරු කසාය උණු කරන්නට විශාල ලිපක් සාදති. අලුත් බලාපොරොත්තුවකින් විකසිත වූ මද සිනහවක් සමගින් මුදලාලි හාමිනේ ඒ මේ අත ඇවිදිමින් සෑම දෙයක්ම සොයා බැලුවාය.
මැගිලිං...මේ වැඩ කරන මිනිස්සුන්ට බත් ඩිංගක් කන්න දෙන්න පිළිවෙලක් යොදපං...
එහෙමයි හාමිනේ.... බිමට නැමුන හිසින් යුත් මැගිලිං....මුදලාලි නැවතත් ජීවතුන් අතරට එන සිහිනය දකිමින් කුස්සියේ ඔබ මොබ ඇවිද්දාය.
......................................................................................................
සිරිදාස අයියා...බොට දැන් ජය පාටයි....
රා පොලේ මාටියා කැන්ද කොළයක තබා සම්බෝල සහ තැම්බූ මයියොක්කා කැබැල්ලක් සිරිදාස වෙත ලං කරමින් කීවේය.
උඹ ඇයි එහෙම කිව්වෙ...ඇස් හීන් කරමින් මාටියා දෙස බලා සිරිදාස ඇසුවේය.
නෑ ඉතිං...දැන් මොටෝ කාර් වල යන එන මහත්තැන් කෙනෙක් නොවැ.....
හා හා....සිරිදාසගේ මුවෙන් හදිසියේ එළියට පැනගත් හිනාව නිසාදෝ කටට වත්කර ගත් රා, රා පොලේ ඒ මේ අත විසිර ගියේ මල් වෙඩිල්ලක් පිපිරුනු අයුරිනි.
උඹ තව පොඩ්ඩෙන් මාව හිනස්සලා මරනවා මාටියො....මිනී අදින වාහනේ එල්ලිලා ගියා කියලා මම කොහොමද බොල මහත්තැන් කෙනෙක් වෙන්නෙ...ටවුමෙ ඉස්පිරිතාලෙ පැත්තෙ ගාටලා මිනියක් දෙකක් බදොයියගෙන ආවොත් තමයි අපේ ලොකු මුදලාලි මට කියලා කීයක් හරි මිට මොළවන්නෙ...
හැබෑට.... මත් ගතිය නිසාවෙන් බොදවී පෙනෙන සිරිදාසගේ රුව පැහැදිලි කරගැනීමේ අටියෙන් එක් ඇසක් තම අතින් ඈත් මෑත් කරන ගමන් ඇලෙක්සැන්ඩර් විමසුවේය.
දැන් හෝරා දෙක තුනකුත් ගත වුනා නෙව...එහෙනං අදට අහවරයි මාටියො...පංකාදු පහයි රා සුට්ට...නැද්ද බොල ඇලෙක්සැන්ඩරයො.
නැත්තං නැත්තං...මාටියා මිසක් වෙන කොයි එකාද මෙහෙම රහට ගිලින්න රා සුට්ටක් දෙන්න ඉන්නෙ මේ ගමේ....
පීල්ලෙන් නාගෙන මළ ගේ පැත්තට යමු මලයො....මාටියො රෑ වෙලා ගාටහං ඒ පැත්තට....මම වියදම එහෙදි පියවන්නං....
ආ...ඒක කොරගන්න බැරියැ සිරිදාස අයියෙ..... මාටින් රා බොන්නට තැබූ පොල්කටු කිහිපය එකතුකරමින්ම පැවසුවේය.
ඇල්බට් මුදලාලිගේ නිවස්නය වෙත නැවතත් පැමිණෙන විට සිරිදාසට මළ ගෙයක සිරියක් පෙනෙන්නට නොතිබුනේය....
නෙදකිං අවලං හැත්ත....මුන්ට මම පවරලා ගිය එක වැඩක් කරලා නෑ...කපාගෙන ආව ගොක් අතු තාම ඒ තැන් වලමයි...අනේ ඇත්තට මුං වගේ ශරීර හොරු....
රා මත තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති නිසාම දෙපසට පැද්දෙමින් පැමිණි සිරිදාස ආලින්දය අද්දර සැපතිල්ලා ගසට පිටදී තවත් මොහොතක් ගත කලේය. පිල්ලෙන් නා කියා ගත් පසු නැවතත් නිවසට ගොස් පැමිණෙනවා කියූ ඇලෙක්සැන්ඩර් එන්නටත් තව මොහොතක් ගත වෙනු ඇත.
කෝ යකෝ සාලෙ කෑල්ලෙ තිබ්බ මිනිය....සිරිදාසට එක් වරම කියවුනේය....තමා මේ දකින්නේ සිහිනයක්දෝයි සිතමින් සිරිදාස තම දෙ ඇස් පිස දමා නැවතත් ඒ දෙස බැලුවේය.
නිවස ඉදිරිපසින් කිසිම හාවක් හූවක් නැත. එහෙත් ඇතුල් කාමරයකින් කථා බහක හඩ මෙන්ම නිවසේ පිටුපස පෙදෙසින් ඉහළට නැගෙන දුම් කදක සේයාවකුත් අඩ අදුරේම සිරිදාසට පෙනෙයි.
සැපතිල්ලා ගසෙන් මෑත් වී නැවතත් ගමන ඇරඹූ සිරිදාස එවර සියල්ලන් රැස්ව උන් ඇතුල් කාමරය දක්වාම ඇදුනේය.
දැන් පොඩි ගුණයක් තියෙනවා නෙවෙද රාළහාමි....
යකුනේ තොපිට කී සැරයක් කියන්නද....මේ ලෙඩාට හුස්මක් කටක් ගන්න පුලුවන් වෙන්න පොඩ්ඩක් ඈත් මෑත් වෙලා අල්ලන කස්තිරමක් අල්ලපියව්කො.....
අර ඒදන්න කිව්ව කැද සුට්ට රත් වෙලා අහවරද හාමිනේ....වෙද රාළහාමිගේ කටහඩ නිවසේ රට උළු වහලයේ වැදී තම දෙකන් තුලට රිංගනවා මෙන් සිරි දාසට දැනේ...
මේ ඇන්න එනවා රාළහාමි.....මැගිලිං...ඔය කැද ඩිංගිත්ත ලිපෙන් ඈත් කරලා සුනංගු නොවී රස්නෙ අඩු කරලා මෙහෙට ගෙනෙන්....මුදලාලි හාමිනේද දැන් සිරිදාසගේ දසුනට හසු වෙයි.
මේ මොන අටමගලක්ද යකෝ මේ....යනුවෙන් තමාටම කියා ගනිමින් ඇල්බට් මුදලාලි බාවා තිබූ ඇද අසලට සිරිදාස ලං වූයේය. කාමරයේ වූ ජනෙල් රෙදි අතරින් කොලු නාම්බෝ මෙන්ම වැඩිහිටියෝද බිත්තියට එපිටින් හේත්තු වී බලා සිටිති.
කොට්ටය පිටින්ම ඉහළට ඔසවා ගත් මුදලාලිගේ හිස තමාට වත්තම් කර ගනිමින් වෙද රාළහාමි මුදලාලිට කැද පොවයි...තවත් ගැහැණියක් මුදලාලිගේ දෙපයේ තෙල් වර්ගයක් උලයි....ඊට අමතරව සර්පයා දෂ්ඨ කල තැන බැද තිබූ විශාල බෙහෙත් පොට්ටනියකි.
කැද බිදක් පොවා වට පිට බැලූ වෙද මහතාගේ දැක්මට සිරිදාස හසු වූවේය.
උඹ මොකද ලෙඩා දිහා මූකලං බස්සෙක් වගේ බලාන ඉන්නෙ සිරිදාසයො...මාටියා ලගින් පැලුන රා ගද මෙහෙට්ට එනවා....ඈ යකෝ... කථා කරපිය...
නෑ නෑ....වෙ වෙද......කියන්නට ආ දෙය උගුරේ හිර වී හඩ එළියට ආවේ නැති විත්තිය සිරිදාසට වැටහුනේය.
මොකද උඹ ගොළු වෙලාද ? වෙද රාළහාමිගේ රකුසු දෙනෙත් තමා වෙතම යොමු වී ඇති අන්දම දැක යම් කැලඹීමක් සිතේ ඇති වුනත් මෙවර නම් කියන්නට ඇති දෙය කියනවාමයි....සිරිදාස එසේ සිතා කට ඇරියේය.
වෙද රාළහාමි...ඔය පොවන කැදවල තියෙන සාරය ඇගට උරාගන්නෙ මුදලාලිගෙ බොකු බඩවැල් වලින් නේද ?
නැත්තං මුදලාලිගෙ අහවල් එකෙන්ද බොල..
මම ඒ ටික හනික ගොහින් ඇන්න එන්නම් එහෙනං....දවාලෙ එම්බාම් කරපු වේලෙ අපේ පීටරයා මුදලාලිගෙ බොකු බඩවැල් එළියට ඇදලා පෝර කවරෙකට ඔබනවා මගේ මේ ඇස් පනාපිට මම දැක්කා.
ප.ලි
මෙවැනි සිදුවීමක් ඇත්තටම සිදු විය හැකිද ? ඒ ගැන මා දන්නේ නැත....මා කුඩා කල ගැමුණු විජේසූරිය නම් පසුකලෙක නැසීගිය අසහාය කළාකරුවා විසින් මෙහෙයවූ ගුවන් විදුලියේ විකට වැඩ සටහනකින් මතකයේ රැදුනු සිදුවීමක් උපයෝගී කරගෙන මේ කථාව මට රිසි ලෙස ලියූ බව පමණක් සිතනු යෙහෙකි.
රහට ලියන උන් බ්ලොග් අවකාශයේ වද වී යන කලෙක...ඒ අඩුව පුරවන්නට පැමිණි මගේ පාසල් මිත්තරයෙකුද වන කලු ජෙමාගේ අතින් ලියවුන වීරයාගේ කථාව මෙවැනි යමක් ලියන්නට මා හට කැමැත්තක් ඇති කරවීය. ඔබත් ඒ ඉසව්වට ගොස් ජෙමාගේ කථාවක් කියවා ඒ රස විද බලන්න..දිගටම බ්ලොග් ලියන්නට ඔහුටද ධෛර්යයක් වන්න.
මෙහි ඇති බස් වහරේ මා හසලයකු නොවුවත් ඉන් ජනිත වන රසයට මම අතිශයින් ඇළුම් කරමි. ඒ නිසාම මගේ ලියවිලි වල බොහෝ විට මෙහි එන වචන ඔබ කියවා තිබේ....මෙවර මේ කථාවේ රස වැඩිකර ගැනීමට මම ඒ පිළිබද ප්‍රවීනයකු හා දොඩමළු වූයෙමි. හේ අම්පාරේ චන්දන ලියන ආරච්චි නම් පුවත් පත් කලාවේදී හිතවතා වෙයි. කාර්ය බහුල පැයක මා හා දොඩමළුව කථාවෙහි අඩුපාඩු අවම කල නිසාම මගේ ආදර ස්තූතියි ඔහුටද හිමිවෙයි.

මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.

මේකෙනම් ගතියක් නෑ බං.නිකම් බොරුවට පට්ටයි,සුපිරියි කියන්න ඕන නැහැනේ.මේ ස්ටයිල් 1 උබට හරියන්නෑ.
ReplyDeleteබොට කියවන්නවත් වෙලාවක් තිබුනද බන්...පෝස්ටුව දාපු සැනින් නොවැ මේ කමෙන්ටුව කොටලා තියෙන්නෙ...
Deleteමං කියෙව්වා බොල.මේ වගේ කතා වැඩිපුර යන්ට ඕන කට වහරෙන්.වැඩිපුර තියෙන්ට ඕන කතා බහ.ලියන භාෂාවෙන් තියෙන කොටස පොඩ්ඩක් වෙන්ට ඕන.ඒකත් දෙබස් මැද්දට නැති තරමට හොඳයි.
Deleteඇලෙක්සැන්ඩර් වගේ නම් ගන්න එපා.ඒ වගේ නම්ගම් පරණ අපේ සීයල ආච්චිලා ඔහොම්මම කියන්නේ නැති බව උඹ දන්නවනේ.
සිරිදාසගේ කතා විලාසය ගමේ අනෙක් උන්ගේ කතා විලාසයෙන් ඔයිට වඩා වෙනස් වෙන්න ඕන.ඌ සිදාදියේ හක්කලන් කොරන එකෙක් නෙව.
ඕව මට පෙනුන අඩු පාඩු ටිකක් විතරයි.තව දේවල් ඇති.එව්වා ඔක්කොම හදාගෙන ආයෙත් ලියපන්.මෙහෙමම ලියන්න හිතාගෙන ඉන්නවනම් වැඩක නැහැ.
හොදම වැඩේ තමයි උඹ ලිව්වට පස්සේ තව කෙනෙක්ට කියවන්න දෙන එක.අන්න එතකොට අඩු පාඩු අහුවෙයි.(හැබැයි කාර්ය බහුල පැය වලදී කරන්න යන්න එපා.එතකොට සම්පුර්ණ අවදානය එන්නේ නැහැ නෙව.)
වැරදි හදාගන්න බලපන්කො.නැත්තම් ඉතින් උබ කාලයක් තිස්සේ අමාරුවෙන් ගොඩනගාගත්තු *සිරා ස්ටයිල්* එකම අරන් පලයන්.ඒක වැඩියෙන් හොඳයි.
ස්තූතියි ඇනෝ ඔබේ අදහස් වලට...ඔබේ කථාවෙ ඇත්තක් තියෙනවා...මේ වගේ පරිසරයක ජීවත් නොවුන කෙනෙක් විදියට ඒ අත්දැකීම් බලෙන් මගේ කරගෙන ලියන්න ගිය නිසා වෙන්ට ඕනෙ...ඔය අඩුපාඩු ඇතිවෙන්න ඇත්තෙ...විවේචන වලට මම බොහොම මනාපයි...ඒ තුලින් තමයි තියෙන අඩුපාඩුවක් හදාගෙන තව අඩියක් හරි ඉස්සරහට යන්න පුලුවන්...
Delete//මේ වගේ පරිසරයක ජීවත් නොවුන කෙනෙක් විදියට ඒ අත්දැකීම් බලෙන් මගේ කරගෙන ලියන්න ගිය නිසා// අන්න උබට තේරුණා.භාෂා ව්‍යවහාරය පළාතෙන් පළාතට,පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.ඒවා ගැන හොදට තේරුම් ගන්න පුළුවන් තැනක් තමයි සඳරුගේ බ්ලොග් එක.අනෙක රවී මහත්තයාගේ කතා විලාසය.ඒකෙ පළාත් තුන හතරක් කලවම් වෙලා තියෙනවා.හැමදාම නාගරික/එකම ප්‍රදේශයක ජීවත් වුනු කෙනෙක්ට මේ වෙනස්කම් තේරෙන එකක් නැහැ.එහෙම කෙනෙක්ට උබේ මේ ස්ටයිල් එක කොහොමත් වෙනස්ම අත්දැකීමක් නිසා ගානක් නැති වෙයි.
Deleteමේ තියෙන්නේ පොඩි උදාහරණයක්.
නංගි ගෙදර ආවා???? (මෙහෙම අහන්නේ ඌව වෙල්ලස්සේ.මෙතන ආවා කියන කොටස දිගට ඇදලා අහනවා.ප්‍රශ්නාර්ථය ජනිත වෙන්නේ ඒකෙන්.මුලින්ම ඇහෙනකොට විකාරයි.)
නංගි ගෙදර ආවයි?(මෙහෙම අහන්නේ කොයි පළාතේද කියල දන්නවනේ.)
නංගි ගෙදර ආවද?(මෙහෙම අහන්නේ මං ඉන්න පළාතේ. ;) )
උබ තවම පටන්ගැන්මේ නේ ඉන්නේ...අන්තෙටම නිවැරදි වුනේ නැතත්,හොඳ,එක රිද්මයක් හදාගන්න උත්සාහ කරපංකෝ.
//විවේචන වලට මම බොහොම මනාපයි...//
අන්න ඒ දේ කරලා,මෙන්න මේ දේට උදව් කරන්නම්
//ඒ තුලින් තමයි තියෙන අඩුපාඩුවක් හදාගෙන තව අඩියක් හරි ඉස්සරහට යන්න පුලුවන්.//
matath hithenne meka sirata match wenne na ban... uba wenada wage ube widihata liyapan... bada wewa... daru sampath labewa...
Deleteසිරාවට ලියල තියෙනව.... චන්දන සහ අලුත් සගයට සුභ පතනව....
ReplyDeleteස්තූතියි ගාලු....වෙලාවක ඒ දෙන්නගෙ බොග් වලටත් එඹිලා බලන්න...
Deleteමට එකපාරම හිතුනා එම්බාම් කරපු එකාට පණ දෙන්නේ කොහොමද කියලා. මෙකේ ගතියක් තියනවා බං . අරුට පිස්සු
ReplyDeleteමටත් ඕකමයි හිතුනෙ :D
Deleteස්තූතියි අටම්...හැමදාම ලියන විදියට වෙනස් දෙයක් තමයි මම ලියන්න අරමුණු කලේ...ඉදිරියටත් එය එසේම වේවි....
Deleteනියමයි සිරා අයියෙ....අන්තිම ටිකට තමා හිනා යන්නෙ :D
ReplyDeleteහිනාවක් ගියා නම් සතුටුයි....
Deleteගැමුණු විජේසූරිය නමැති ශ්‍රේෂ්ඨ, අසහාය කලාකරුවා, රටකට ජාතියකට හිමිවන දායාදයක් ලෙස, නොබියව හඳුන්වන්න පුළුවන්. පෙර පින් නිසා, සහජ කුසලතා රාශියක් ඇතිව ඉපදෙන එවැනි පුද්ගලයන්, බොහොම විරලයි. විජේසූරිය මහතා, 'මේ ඇහුනද' යන නමින්, ඒකාංගික නාට්‍ය මාලාවක්, කලක් තිස්සේ, (විශේෂයෙන් 1970 දශකයේ අග භාගයේ) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් ඉදිරිපත් කළ අතර, ඒ වැඩසටහන එදා අතිශයින් ජනප්‍රිය වුනා. එම ඒකාංගික නාට්‍යවල, සියලුම චරිත නිරූපණය කලේ විජේසූරිය මහතාමයි. විවිධ කටහඬ ගණනාවක් ඉදිරිපත්කිරීමට, ඔහු තුළ තිබුන ප්‍රතිභාව, වචනයෙන් විස්තර කල නොහැකියි.
ReplyDeleteසිරා, ඔබ ඒ රසය යලි ඉස්මතු කිරීමට දරන ලද උත්සාහය, ඇත්ත වශයෙන්ම සාර්ථකයි. ප්‍රශංසනීයයි. මෙවැනි දෑ යලි මතක්කිරීම සහ මෙවැනි කතා මෙලෙස එළිදැක්වීම බොහොම වැදගත්.
මේ කතාවේ එන සිදුවීමට සම්පූර්ණයෙන්ම පාහේ සමාන සිදුවීම් එකල අප ග්‍රාමීය සමාජයේ අහන්නට දකින්නට තිබුනා. සර්පයකු දෂ්ඨ කළ තැනැත්තකු අනිවාර්යයෙන්ම මියයනවා කියන මිත්‍යාව මෙන්ම, නිසි ප්‍රතිකාර නොලබා කල්ගතවීමෙන්, ස්නායු පද්ධතිය සහ හෘදය ප්‍රමුඛ රුධිරවාහිනී පද්ධතිය මුළුමනින්ම අකර්මන්‍ය වූ අය නැවත පණගැන්විය හැකිය යන මිත්යාවත් ප්‍රචලිතව තිබුනා.
අපි කුඩා කාලේ ඉතාම සාර්ථක සර්ප වෙදකම් කලේ මාවනැල්ලේ පොල්අඹේගොඩ පරපුරේ වෙද මහතායි. එතුමා ලංකාව පුරාම ප්‍රසිද්ධයි. දක්ෂයි.
ඔහුගේ හැකියාවන් ගැන කියන්න වෙනම ලිපියක් ලියන්න වේවි. ඔහුගේ මරණයෙන් පසු ඒ රික්තය පුරවන්න පුලුවන් කිසිවෙකු තවමත් බිහිවෙලා නෑ. ඉස්සර කැසට් පට දැන්වීම් වල ඔහුගේ හඩ පමණයි තිබුනෙ...ගැමුණු මහතා නිසයි මුවන් පැලැස්ස ගුවන් විදුලි නාටකයත් එය තරම් ජනතා ප්‍රසාදයක් දිනා ගත්තෙ...
Deleteවිචාරක තුමාගෙ දීර්ඝ කමෙන්ටුවට ස්තූතියි...නොදැන සිටි තවත් දෑ ඒ තුලින් දැන ගත්තා...
ඇත්තට කොහොමද බං එහෙම පණ දෙන්නේ! හික්ස්! ඔය තියෙන්නේ ගතියට බං!
ReplyDeleteපණ දෙන හැටි අහන්න ඔය කවුරුවත් දැන් ජීවතුන් අතර නෑ නොවැ....අන්න ඒකයි පුරස්නෙ...
Deleteමාතෘකාවට එම්බාම් කියන වචනෙ නොදා තිබ්බනම් මරු.
ReplyDeleteඅන්න ඒක නම් මටත් හිතුණා. එතකොට අපි කලින් දැන ගන්නෙ නෑ නේ.
Deleteඒ වචනය දැක්කම ඇති වෙන කුතුහලය තමයි ඒ නම යෙදීමේ මගේ අරමුණ උනේ...
Deleteහෙහ්, මෙහෙම දෙයක් ඉතින් ඇත්තටම වෙන්න පුළුවන්ද නැද්ද කියන එකනම් මාත් කියන්න දන්නේ නෑ.. ඒත් කතාවනම් මරු..
ReplyDeleteස්තූතියි මලයො....එම්බාම් නොකර තිබ්බා නම් සමහර විට වෙන්න ඉඩ තිබුනා...
Deleteඔබගේ මේ ආරයෙන් ලිවීමට ගත උත්සහ ය මා අගය කරනවා.100% සාර්ථකයි කියන්න බැහැ.
ReplyDeleteමෙවැනි ආරේ ලිපි,පොත පත කියවීමෙන් ඔබගේ මේ උත්සාහය ජයගත හැකි බව මගේ හැගීමයි.
අරගන තිබෙන උත්සාහය සෑහෙන දුරට සාර්ථකයි.
ස්තූතියි කෙන්ජි අයියා...ඉස්සර හිටපු කෙන්ජි දැන් ආයෙත් ජීවමානව ඇති බවයි මේ කමෙන්ටුව දැක්කම මට හිතුනෙ...
Deleteමම මෙවැනි පරිසරයක හිටියෙ නැති කෙනෙක් විදියට මෙවැනි කථාවක් ලියද්දි 100% සාර්ථක වීම නම් කිසිලෙසකින් අපේක්ෂා කරන්න බැ...මොකද ඒ සමාජයේ භාවිතා වුන වචන තවමත් මගේ ශබ්දකෝෂයේ එතරම් නෑ...
මේ ඉට්ටැයිල් එකත් මරු ඇ.....!!!!!!!
ReplyDeleteකතාව පන්කාදු පහයි......!!!!!!!!
ස්තූතියි ඔබටත්....
Deleteඒත් මම හිතුවා මේ පළාතේ, මේ කියන කාලේ එම්බාම් කලේ නැද්ද කියලත්.
ReplyDeleteමමත් හිත හිතා හිටියේ මේක එම්බාම් කලේ නැතිද කියලා තමයි.
Deleteඒ බව අගවන්න තමයි ගමට කාර් එකක් එන එකත් කලාතුරකින් වන දෙයක් බව දැක්වූවෙ...සිරිදාස තමයි ඒ කාරිය වෙනස් කලේ...
Deleteමේ භාෂාව නං සිරාගේ ස්ටයිල් එකට හරියන්නෙ නෑ කියල තමයි මටත් හිතුනෙ.. මේක අපි දැං පාවිච්චි නොකළ උනාට අපේ ඇඟේ තියෙන ස්ටයිල් එක හින්ද අවුලක් දැනෙන්නෙ නෑ.. මොකද අපි “ ගම ” කියල හිතුවම අපේ හිතේ මැවෙන්නෙ මේ ස්ටයිල් එක හින්ද... මේ භාෂාව, මේ චරිත, මේ සිද්ධි... එහෙම බැලුවම නිර්මාණයක් හැටියට කතාව සාර්ථකයි... අපේ චන්දනත් මේ ස්ටයිල් එක ගානට අල්ලගෙන ගියා පහුගිය ටිකේ.. ඒකට මොනා වෙලාද මන්ද කාලෙකින් දැක්කෙ නෑ...
ReplyDeleteචන්දන දැන් ලියන්නෙ නැති එක නම් බොහොම ලොකු අඩුවක්...මොකද ඔහුගේ කථා මමත් සෑහෙන්න රස වින්දා......සිරාට එක රාමුවකට කොටු වෙන්න බෑ බන්...මම කැමතියි විවිධ වර්ගයේ රස කාමරයේ මවන්න...ඉදිරියටත් ඉදලා හිටලා මෙවැනි යමක් ලියවේවි..මෙවැනි කථාවක් හාපුරා කියලා ලිව්වෙ අද නිසයි බොලාට එහෙම දැනෙන්න ඇත්තෙ...
Deleteහැබෑට මෙහෙමත් වෙන්න පුලුවන්ද? එම්බාම් කරද්දී පණ තිබුණත් ඒ මනුස්සයා මැරෙනවා නේ.අනේ අපොයි...
ReplyDeleteකතාව නම් නියමයි සිරා......හැබෑවටම වෙන්න පුළුවන් නම්...
ආනේ බට්ටිගෙ සූටි මොලේ....දැන්ද තේරුනේ...එම්බාම් කරද්දි මැරෙනවා කියලා...ඒ උනාට සිරිදාස හිතුවෙ බොකු බඩවැල් ආයෙම හයි කලාම වැඩේ ගොඩ යයි කියලා...
Deleteපට්ටයි සිරා අයියේ..ජෙමා අයියගෙ කතා ගැනත් ඉතින් කියන්න දෙයක් නැහැ..ඇත්තටම මෙහෙම දෙයක් වුනොත් කොහොම හිටීද?
ReplyDeleteඅද නම් එහෙම දෙයක් වෙන්න ඉඩ නැති වේවි...මොකද මිනී වලට භාගෙට නොවැ ඇදුම් අන්දන්නෙ....ඒකෙන්ම වැඩේ මාට්ටු...
Deleteඇත්තට බං නාග විසට සුද්දට කරන්න ඇහැකි දේ සීමිත තමා වෙද මාමා පළපුරුද්දෙන් කිව්ව කාරණේ හරි.. මෙහෙම දේවල් වෙන්න පුළුවන් මොකද මම ඔය වගේ කතා අහල තියෙනවා. නයා ගහල මැරුනයි කියල හිතපු අය අයේ විස බැස්සම පන ආපු වගේ. ඕවා ඉතිං ඇත්තම කියන්න මම කැමති නැහැ. මොකාද බං මේ ලිවිල්ල හොද නෑ කියන්නේ.. ගලාගෙන යන ලිවිල්ලක් නෙව.. ගම ගැන ගමේ වචන දෙසාබාන එක දැං විකාරයක් තරමටම ඔඩු දුවපු හින්දයි හුගක් අය ඒකට අකමැති මං හිතන්නේ.. ජය වේවා සිරා
ReplyDeleteබටහිර වෙදකමේ ඉතිං ප්‍රතිවිෂ නොවැ එන්නත් කරන්නෙ සර්ප විෂ නැති කරලා ලෙඩා බේරගන්න...ගැටලුව තියෙන්නෙ ඒ ප්‍රතිකාරයෙන් පසුකාලීනව විවිධ අතුරු ආබාධ ඇති වෙනවා...නමුත් සිංහල වෙදකමේදි ඒ දේවල් අවම කරගෙන ලෙඩා ගොඩ දාගන්න පුලුවන්...බොහෝ වෙලාවට... මගේ උත්සාහය අගය කලාට ස්තුතියි....සෑහෙන්න මහන්සි උනා මේක ලියන්න...නමුත් කියවන අය එතරම් මනාප නැති බව පේනවා මේ වර්ගයේ රචනා වලට...
Deleteසිරා, මම නම් හිතන්නෑ කියවන අය මනාප නැතුව ඇති කියලා. මමනම් මේ ජාතියෙ ලිවිලි වලට කැමතියි. ඉස්සර චන්දනයා ලිව්වා කෝ ඌ දැන් කොහෙ අන්තරස්දාන වෙලාද මංදා. මමනම් මාතෘකාවෙන් ඇතිකරපු දෝශය හැර වෙන දෝශයක් දකින්නෑ මේකෙ. හොඳට රස වින්දා.. තව ලියහන්.. මේවත්....
Deleteමාත් එහෙමයි බං සෙන්නෝ.. එහෙම අවුලක් නැහැ. චන්දනයාට බ්ලොග් එපා වී ඇත..
Deleteඋඹට කන්ටැක්ට් තිබේද ? ඇයි බන් එපා වෙලා.. ?? ඌ ඉන්ඩම ඕනා එකෙක්නෙ බන්.. රහට ලියන්න දස්සයා..ඉක්මනට එන්ඩ කියහන්..
Deleteපණිවිඩයක් දෙන්න හැකි කෙනෙක්...චන්දනයා එන තුරු අපි බලා ඉන්න බව කිව්වට කම් නෑ..සජීවි ටෙස්ටරෙන් පස්සෙ තමයි ඒකා පේන්න නැත්තෙ...පටන් ගැන්මෙදි ඒ අලුත් වෙනසට බොහෝ අය එකමැතියි තමයි...ඒත් ඒකත් පුරුදු වෙයි ....කීපයක් කියෙව්වට පස්සෙ....
Deleteකතාව කලින් දන්න නිසා විතරක් නෙවෙයි, මාතෘකව නිසාත් පාඨකයාගේ කුතුහලය දුර්වල වෙනවා.
ReplyDeleteඒ හැර මේ කතව ලියන්න යොදගෙන තියෙන භාෂාවෙනම් කියන්න තරම් අඩුපාඩුවක් මම දැක්කෙ නෑ.
කථාව කලින් දැනගත්තෙ කොහොමැයි....කථාව කියවන්නට පාඨකයා තුල කුතුහලය ඇති කරන්න තමයි නමට ඔබ කියන වචනයත් එකතු කලේ...
Deleteමේ ස්ටයිල් එක උබට ගැලපෙන්නේ නැහැ කියන්නේ උබේ අනිත් කිසිම පොස්ට් එකක නොතිබුන භාෂා විලාසයකින් ලියල තියෙන්නේ පලවෙනිවතාවට නිසා, ඒ වුනාට මෙවිදියට දිගටම ලියද්දි එක අවුලක් නැතිවෙයි, පලවෙනි අනෝ කියනවා වගේ නම් යෝදාගනිමේදී සැලකිලිමත් වෙන්න, පුද්ගලයින්ගේ හැසිරීම් වුර්තිය වගේ දේවල් සැලකිල්ලට අරන් එයාලගේ භාෂාවල වෙනස්කම් හදුනාගෙන ලියන්න, මේවගේ ලියන්න හිටපු හොදම එකෙක් වන චන්දන නැති අඩුව මේ ලිපිය කියවද්දී දැනුනා,
ReplyDeleteචන්දනගේ අඩුව මටත් දැනෙනවා....ගැමි පරිසරයකට බොහොම කිට්ටු කෙනෙක් නිසාම ඔහුට මෙවැනි කථා බොහොම පහසුවෙන් ලියන්න පුලුවන් ඇති....ඒත් මට මේ පරිසරය ටිකක් දුරස්ථයි...මේ බොහෝ වචන අපි භාවිතා කරන්නෙ නෑ එදිනෙදා ව්‍යවහාරයෙදි...
Deleteඑකාකාරී නොවී අලුත් දෙයක් ලියන්නයි උත්සාහ කලේ...ඒ උත්සාහය මෙතැනින් නතර වෙන්නෙ නැ....තවත් ඒවා ඉදිරියට ලියවේවි...ස්තූතියි...
මම පොඩි කාලෙ නම් අහලා තිබුනා නයි දශ්ඨ කරලා මැරුන මිනී එම්බාම් කරන්නෑ කියලා. තව ඒවට මිනී පෙට්ටියටත් ගන්නෙ විශේෂ ගහක්ලු. (ඇත්තද බොරුද නම් දන්නෑ.)
ReplyDeleteඋඹේ කතාවනම් නියමෙට ලියලා තියෙනවා. මට නම් මාතෘකාව අවුලක් උනෙත් නෑ. අන්තිම වෙනකම් කුතුහලෙන්ම කියෙවුවා.
ප්‍රියා කියන විශේෂ ගහ තමයි රුක් අත්තන...රුක් අත්තන ලෑලි වලින් පෙට්ටියක් හදලා සර්ප විෂෙන් මැරුන කෙනා වළදාන්න ඉන්න අවස්ථාවක එයාට සිහිය ආවා කියලා කථාවක් මම අහලා තියෙනවා...හැබැයි ඒ අවස්ථාවෙ එම්බාම් කරලා නෑ...එම්බාම් කලා නම් ඉතිං සොරි තමයි.....නමුත් රුක්අත්තන කථාවෙ සත්‍ය අසත්‍ය තාව ගැන නම් අවබෝධයක් නෑ....
Deleteමම අහලා තියනවා බන් ඉස්සර නයා ගහපුවම එම්බාම් නොකර රුක් අත්තන ලෑලි වලින් හදන පෙට්ටියක දාගෙන දින කීපයක් බලාගෙන ඉන්නවා කියලා,,බේත් කරන ගමන්,,,,අපේ සීයා කියලා තියනවා එයා පොඩි කාලේ එහෙම කෙනෙක්ව තියන් උන්නු කතාවක්,,,උබේ මේ ලිවිල්ලේ අඩු පාඩු තියේ බන්,,හදන්න බැරිකමක් වෙන එකක් නෑ උබට
ReplyDeleteස්තූතියි දිලාන්...බලමු ඉදිරි ලියවිලි වලදි අඩුපාඩු අවම කරන්න...අඩුපාඩු තියෙන තැනක් දෙකක් ලියන්න එපායැ බොල...බොලාගෙ කොමෙන්ටුවෙ....
Deleteඇත්තමයි සිරා මලේ හැසිරෑ බස් වහරනම් පංකාදුයි. හොඳටම රස වින්ඳා.
ReplyDeleteමාත් අහලා තියෙනවා නයා කාලා ගොඩ දාන්න බැරිවුන ලෙඩ්ඩු ඉස්සර අමු රැක්අත්තන ලීයෙන් හැදූ මිනීපෙට්ටි වල බාවනවා කියලා. රැක් අත්තන ලීයට විස උරාගෙන මැරැන මනුස්සයා නැඟිටින වෙලාවල් තිබිලි තියෙනවා. ඒත් උඹේ කථාවේ වගේ එම්බාම් කරලා තිබුනොත් වැඩේ හබක්!
උඹට ජය මලේ!!!
බොහොම ස්තූතියි චන්දන අයියා...ඒ උනාට මේ රසයට අපි කැමති උනාට කියවන බහුතරයක් කැමති නෑ කියලා මම දැන් දන්නවා...වෙනදා වගේ නෙමෙයි අද ලිපිය කියවලා තියෙන ප්‍රමාණයත් බොහොම අඩුයි....කමෙන්ටුත් එහෙමයි..එහෙත් මේ රස කැමති අය වෙනුවෙන් ඉදලා හිටලා හරි එකක් දෙකක් ඉදිරියටත් ලියනවා...
Deleteමතෘකාවට එම්බම් කැල්ල දාපු එක ඇරෙන්න වෙන අවුලක් නැ සිරා.
ReplyDeleteමම හිතුවෙ ඒක දැක්කම කියවන්න එන අයගෙ කුතුහලය වැඩි වේවි කියලා...
Deleteඅමුතු ඉස්ටැයිල් එකක් සිරෝ,මේ නං උඹේ සුපුරුදු ක්‍රමේ නෙවෙයි.කතාවත් පොඩ්ඩක් අවිශ්වාසනීයයි නොවැ.
ReplyDeleteකමක් නෑ දිගටම ලියාගෙන ගියොත් කතා කලාවක් ගොතා ගන්නත් පුලුවන්වෙයි.
මම ආසම ඉට්ටැයිල් එක තමයි මේක...දැන් චන්දනයත් නැති එකේ පොඩ්ඩක් ටැස්ට් කොරලා බැලුවා....මේක ඉතිං ගුවන් විදුලියෙ ගිය කථාවක් අරගෙන ලියපු එකක් නොවැ...ඊළග වතාවෙ විශ්වාසනීය සිද්ධියක් අරගෙන ලියන්නම්....
Deleteශා...............රහට ලියපු පෝස්ටුවක්...අයියාගේ උත්සාහය සාර්ථකයි.. ඔයාගේ අත්දැකීම් ලියන අතරේ මෙවැනි නිර්මාණයක් ඉදිරිපත් කිරීම බොහොම වටිනවා..අපි ඇතුළේ හැංගිලා තියන නිර්මාණශීලීත්වය එළියට දාන්න මේ බ්ලොග් අපිට ලොකු පිටුවහලක්..මේ පටන්ගැන්ම නේ? ඉස්සරහට මීට වඩා රහ නිර්මාණ අපිට කියවන්න ලැබේවා කියලා පතනවා.
ReplyDeleteඅර රුක් අත්තන පෙට්ටියේ දාලා මිනී නැගිටලා ආපු කතා මාත් අහලා තියනවා,..පරණ මිනිස්සු කියන්නේ ඒ වගේ කතා.ඇත්තද නම් දන්නෑ ඕවා ඉතිං
සිරිදාස බඩවැල් ටික ගේන්න හැදුවේ නේද? :D
බොහොම ස්තූතියි නගෝ...වෙනසක් කරන්නයි උත්සාහ කලේ...ඒ උනාට මෑත කාලීනව මගේ ලිපියක් අඩුවෙන්ම කියවපු දිනය ලෙස තමයි අද වාර්තා වුනේ...පළවෙනි එක නිසාද දන්නෙ නෑ...මගේ කාමරයට එන අය මේ වර්ගයේ කථා කියවන්න කැමති නැති හැඩයි...
Deleteසිරිදාස තාම පෝර කවරේ හොයනවලු....
ඌ ඒක රෝස් කරල බයිට්ටෙකට ගත්තද දන්නෑ නගෝ.
Deleteකියන්ට බෑ හැබැයි වීයෝ
Deleteහැමෝම කැමති ඒ ඒ අයගේ ආවේණික ස්ටයිල් එකටනේ සිරා අයියේ..ඔයාගේ ආවේණික ස්ටයිල් එක මීට වඩා ප්‍රබලයි.ඒ කියලා පහුබහින්ට ඕන නෑ....ඉඳ හිට හෝ මෙවැනි නිර්මාණයක් කරන්න උත්සාහ ගන්න...එතකොට ඒ හැකියාවත් ඔප්නැංවිලා ඒවි..
Deleteඒ උනාට කොලුවා සැලෙන්නෙ නෑ....ඉදහිට හෝ මෙවැනි යමකුත් ලියනවා...
Deleteඇත්ත මාතෘකාව යෙදීමේදී උඹ කරපු පොඩි නොසැලකිල්ල කතාවේ කුතුහලය එහෙම් පිටින්ම නැති කරනවා.. මෙහෙම දේකුත් තියනවා. ඉස්සර සරපයි කාලා මැරුනම එම්බාම් නොකර රුක්අත්තන පෙට්ටි වල දානවා. රුක්අත්තන වලින් විශ උරන බවට තියන විශ්වාසය නිසා.
ReplyDeleteබලන්න සෙන්නා...මට හිතුනෙ නෑනෙ ඔය අටමගලෙ කථාව පෝස්ට් කරන්න කලියෙං....තවත් මේ වගේ ඒවා ඉදිරියට ලියන්නයි හිතාන ඉන්නෙ...රුක්අත්තන පෙට්ටි වලට දාන එක ගැන නම් මමත් අහලා තියෙනවා...ඒ කථාවෙ සත්‍යයක් තියෙනවද කියලා නම් දන්නෙ නෑ.
Deleteමටත් මතක් උනේ චන්දනයාව.
ReplyDeleteමේ කතා විලාසය මට නම් අවුලක් පේන්නෙ නැහැ.එකම විදියට ලියන්න ඕනෙයි කියල එහෙකුත් නෑහැ නොවැ.
සර්පයො කෑවාම සිහි මූර්ජා වෙන කතාව ඇත්තක්.අපේ ලොකු අම්මව පොලඟෙක් කාල සිහි මූර්ජා වෙලා නාගොඩ රෝහලේ සතියක් හිටිය .මුත්‍රා හරියට පහ වෙනව නම් ඔවුන් බෙහෙත් කරනව. ඇඟට ඇතුලු උන විෂ ප්‍රමානය මත තම්යි ඔය හැමේකක්ම.
සර්ප විශට ක්ෂනික ප්‍රතිකාරය ..හා බෙටි කන්න දීම,(තවත් යම් බෙත් ජාති කවල්ම් කල)තව මුරුංග ගහේ මුල් පොතු ආදියත් ගන්නව තවත් බෙහෙත් අටෝරාශියක් තියේ.අපේ සීය කෙනෙක් වෙදකම කොලා..එහේත් කිසිම ගෝලයෙක් නොසිටි නිසා අභාවයට ගියා. උන්දැනම් තාම ඉන්නව..රෝගීව. රැකියාවට ඔය වැඩේ කොරන්න බැරිකම නිසා අලුත් පරම්පරාව ඕකට අකමැතියි.
සර්ප විෂ වකුගඩු වලට හානියක් කර නැති නිසයි මුත්‍රා පහ වෙන්නෙ....ඒ අර්ථයෙන් වෙන්න ඇති දිගටම බෙහෙත් කරනවා කියන්නෙ...
Deleteඅපේ පැත්තෙ ගොඩ වෙදෙක්...වතාවක් එය වගේ සර්ප කේස් එකකට පොඩි කොලුවෙක්ගෙ මුත්තරා එක්ක මොණර පිලක් අඹරලා අමුතුම බේතක් හැදුවා...දෂ්ඨ කල තැන ආලේප කරන්න....
අනේ බන් සිරෝ හැම එකාම සතුටු කරන්න බැහැ.. උඹට හිතෙන විදිහට ලියපන් බන්.. සර්ප විෂ සම්බන්ධව ගොඩක් මිත්‍යා කතා තියෙනවා .. රුක් ඇත්තන ගහට පුළුවන් කියනවනේ විෂ අද්දන්න.. ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ එහෙම කියනවා..
ReplyDeleteඇත්ත ඇත්ත...මෙවැනි වර්ගයේ ලියවිලි වලට තමයි මගේ වැඩි කැමැත්ත...ඒ හින්දා ඉදලා හිටලා හරි මෙවැනි එකක් ලියන්න තමයි හිතාන ඉන්නෙ...රුක් අත්තන කථාව මමත් අහලා තියෙනවා...
Deleteඅලුත් වෙනසට මාත් කැමතියි... මේහා සමාන කතාවක් පුංචි කාලේ අපේ සීය කියනවා මට මතකයි...
ReplyDeleteඔය රුක්කත්තන ලී වල නම් විෂ උරා ගැනීමේ හැකියාවක් තියෙනවා.. ඒකයි සර්ප වෙදකමේදි රුක්කත්තන ලී පාවිච්චි වෙන්නේ... අපේ පැත්තේ තියෙනවා සර්ප විෂටම ප්‍රතිකාර කරන රෝහලක්... එක පාරක් ඒකේ තිබුන ප්‍රදර්ශනයකදි තමයි මාත් ඒක දැන ගත්තේ..
රුක්අත්තන කථාව මෙතැනදීත් බොහෝ දෙන කියා තිබෙනවා දුටුවා...ඒ උනාට එය ඇත්තම ඇත්තද කියලා නම් මම දන්නෙ නැත....
Deleteලියන ඉස්ටයිල් එක කියන්නෙ මොකක්ද නොදනිමි.
ReplyDeleteලියන ඉට්ටයිල් එක යනු වචන හසුරුවන ආකාරය සහ අදහස් උද්දීපනය සදහා ඇති විවිධ වචනයන් අතරින් තෝරා ගන්නේ කුමන ඒවාද යන්නේ සම්මිශ්‍රනයක් විය යුතුය.
Deleteමීට කලිනුත් මම උබේ කාමරේට ඇවිල්ලා පෝස්ට් බලලා තියනවා සිරා.. ඒත් අද තමා කමෙන්ට් එකක් දාන්න හිතුනේ..
ReplyDeleteකතාව නම් ගොඩක් රහයි මම දන්නෙත් නෑ වැඩිය ඔය ගමේ සිද්දි ඒ නිසා එම්බාම් කතා මුකුත් මගේ රසයට බාධාවක් වුනේ නෑ.. ඉස්සරහටත් මීටත් වඩා සාර්ථක විදිහට උඹේ කතා දකින්න ලැබෙයි කියලා මං හිතනවා.. මේකේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් වෙනවා නම් මම කැමතියි මොකද මාතෘකාව නිසා කතාව ටිකක් කියවද්දී සිද්දිය ලාවට තේරෙනවා වගේ..
උබත් BC කොල්ලෙක් නේද?? එල ඈ...
පුළුවන් වෙලාවක මේ පැත්තෙත් වරෙන්
http://mathakamawatha.blogspot.com
බොහොම ස්තුතියි සහෝදරයා...මමත් එහෙ එකෙක් තමා...ලින්කුවක දිගේ වෙලාවක බැහැ දකින්න එන්නම්...හදුනාගැනීමට ලැබීම ගැන සතුටුයි...
Deleteමට මහ ලොකු දේවල් කියන්න තරම් සාහිත්‍යමය දැණුමක් නැහැ. කියවා රස විඳින්නෙක් හැටියට මුල්ම ඇනෝගේ අදහස් වලට යම් තාක් දුරට එකඟයි. ඒ සිරාගේ ස්ටයිල් එකට අපි හුරුවෙලා ඉන්න නිසා වෙන්නත් ඇති. මේ විදිහට තව කිහිපයක් ලියා බලන්න. අපි ග්‍රන්ථ කතුවරයෝ නෙමේනේ. තව ට්‍රයි කරන්න.
ReplyDeleteඑක්වරම අත්දකින වෙනස සමහරුන්ට දිරවන්නෙ නෑ....ටික දවසක් ඒ රසයම විදිනකොට ඒකත් අපූරුයි කියලා හිතෙයි....ඉදිරියටත් මෙවැනි දෑ නිසැකවම ලියැවේවි....
Deleteකතාව එක දිගටම කියවගෙන අන්තිමට ගියාම තමයි දැනගත්තේ එම්බාම් කතාව. එතකොට ඔන්න හිරිගඬු පිපුනා...:)
ReplyDeleteඇත්තටම කථාව නිසාද හිරිගඩු පිපුනෙ...නැතුව සීතලට නෙමෙයි නේද ? :D
Deleteඔබේ කතාවේ ජීවගුණය පළවෙනි ඇනොගේ කොමෙන්ටුව නිසා වියැකී ඇති හැඩයි සිරා. මොකද කියනවානම් කොමෙන්ට් කල කීප දෙනක් හැරෙන්නට අනෙක් හැමෝම පලවෙනි ඇනොගේ කොමෙන්ටුවේ එල්ලී ඒ කොමෙන්ටුව තුලින් ඔබගේ කතාව දකින්නට උත්සාහ කිරීම නිසා . කොමෙන්ටු වල වරදක් මිස කතාවේ මමනම් වරදක් දකින්නේ නෑ සිරා, එත් ඔබ විසින්ම ජෙමාගේ කතාව ගැන සඳහන් කර ඇති නිසා මා කියන්න කැමතියි ජෙමාගේ කතාව මීට වඩා හොඳින් මටසිලුටු කර තිබෙන බව පමණක්.
ReplyDeleteමේ කතාව ඇත්තෙන්ම හොඳ මට්ට්මමක තිබෙනවා. ජය
ජෙමාගේ කථාව මීට වඩා උසස් මට්ටමක තියෙන බව මමත් පිළිගන්නවා...ජෙමා ජීවත් වූ පරිසරය තුල එහි අන්තර්ගත වචන බොහොමයක් අත්දකින්නට ඇති කියලයි මට හිතෙන්නෙ... කමෙන්ට් කරන අයගෙන් ස්වල්ප දෙනෙක් පෝස්ටුව කියවන්නෙ නැතුව ඉහළ තියෙන කමෙන්ටුවක අදහසම පහළින් වෙනත් විදියකට සටහන් කරනවා...බ්ලොග් රෝලෙ දිනපතා අප්ඩේට් වෙන බ්ලොග් පෝස්ට් සියල්ල කියවන්න වෙලාවක් නැති නිසා විය යුතුයි එහෙම වෙන්නෙ...
Deleteඔබේ කථාව එක්ක මමත් එකගයි ඉවාන්....අදහසට ස්තුතියි...
මාත් අහල තියෙනව සර්පයෙක් කෑව මනුස්සයෙක් වැලලුවට පස්සෙ පණ ආපු කතාවක්. ගෙදර මිනිස්සුන්ට හීනෙන් පෙනිල ඒ මනුස්සයව ගොඩගන්න කියල තියෙනවලු. පස්සෙ ගොඩ අරන් බලපුවම පෙට්ටියෙ රෙදි එහෙම පහුරු ගාල තිබිල තියෙනවලු. හැබැයි ඒ මනුස්සය එම්බාම් කරලද වැළලුවෙ කියලනං දන්නෑ.
ReplyDeleteදැංනං ඔය වගේ දක්ෂකම් තියෙන විෂ වෙද්දු බොහොම අඩුයි. ඒ හින්ද හොඳම දේ තමයි ලෙඩාව ඉස්පිරිතාලෙකට අරන් යන එක.
චන්දනය ඇරුණුකොට මේ වගේ ලියපු කතාවක් දැක්කමයි. කොහෙද උගේ ටෙස්ටරේ තාම පත්තුවෙලා නැද්ද කොහෙද?
මමත් ඔය කථාවම වෙනත් විදියකට අහලා තියෙනවා ප්‍රසන්න අයියා...ඒ කථාවෙ හැටියට හීනෙන් ඇවිත් කියපු නිසා පෙට්ටිය ගොඩ අරන් බැලින්නම් මිනිය අනිත් පැත්ත පෙරළිලා තිබුනලු පෙට්ටිය ඇතුලෙ...
Deleteචන්දනයගෙ සජීවි ටෙස්ටරය මිනිහට ගහලද මන්දා පේන්න නැත්තෙ...
හොදයි මචන් කතාව , උබට මේ ස්ටයිල් එක නොගැලපෙනවා කියන්න බැහැ.., චන්දනගේ ලියන ක්‍රමයට සමාන කමක් තියෙනවා.., මම හිතන්නේ සාර්ථකයි ,
ReplyDeleteමම නම් උපරිමයෙන් කතාව රස වින්දා ..
පළවෙනි එකනෙ චමියො....ඒකයි අවුල...තව දෙක තුනක් ලියවෙන කොට හැමෝටම වෙනසක් දැනෙන එකක් නෑ...
Deleteකතාව නම් පට්ට,,,, අන්තිමේට වෙන්නේ මොකක්ද කියල හිත ගන්න බැරුව හිට්යේ... සෑහෙන කාලෙකින් මේ වගේ කතාවක් කියෙව්වේ.. මම පොඩි කාලේදී කියව්ව.. "මල්ලිගේ විත්ති " කතා මෝත මතක් වුනා... මොකද එදා මන් ඒ පොත කියවන විට ලබපු කුතුහලය.. මේ කතාවෙත් තිබුන...
ReplyDeleteසුබ පතනවා.... දිගටම ලියාගෙන ගියොත්.. කතා මාලාවක් හදන්න බැරි වෙන එකක් නැහැ...
බොහොම ස්තුතියි ළහිරු...බොහොම හෘදයාංගම කමෙන්ටුවක් මෙහි තැබුවාට...ඇත්තටම මෙවැනි කථා වලට තමයි මා තුල සිටින පාඨකයාත් කැමති...ඒ නිසාමයි අමාරුවෙන් හෝ මෙවැනි යමක් ලිව්වෙ...ඉදිරියට ලියන දෑ සමග නැවත හමුවෙමු....
Deleteකතාව හොදයි බං,හැබැයි සිරෝ මේක උඹේ ස්ටයිල් එකෙන්ම තිබුනානම් තමයි පට්ට.
ReplyDeleteහැමදාම එකම ඉට්ටයිල් එකකට කොටු වෙන්න මගේ අදහසක් නෑ බං...බ්ලොග් කාරයා විවිධ රසයට ලියනකොට තමයි ඒ බොග තවත් රස වෙන්නෙ...
Deleteමේ කථාව උබ කියන විදියනේ බන්.... මේක හොඳා ... වෙලා තියෙන්නේ මම හිතන්නේ අර ඉවාන් කියලා තියෙන දෙ තාමා ...... දිගටම ලියන්න ජය පතමි
ReplyDeleteඉවාන්ගෙ අදහසට මමත් එකගයි...එකම රටාවකට පුරුදු වෙච්ච අයට අලුත් වෙනසක් එක් වරම නොගැලපෙනවා වගේ තමයි පෙනෙන්නෙ....නමුත් ඒ රටාවට පුරුදු උනාම පළවෙනි වතාවෙ දැනෙන වෙනස නැතිවෙලා යනවා...ස්තූතියි රාළෙ...
DeleteMachan, mayka hari nea..ube anik post okkoma mama kiyawala thiyenawa...uba daana wichaara, athdekeem gena post hodai.
ReplyDeletePS:
Ube may post eka hodhai kiya kiya anik blog liyana ewn daala thiyena comments awankawama daala nea kiyana eka api wage ano commentorslata witharada ethakota therenne?
හා හා ඔහොම යමු ඔහොම යමු ඔය නයි කැවොත් තමයි ප්‍රශ්නේ
ReplyDelete