THE Royal Costume Survival Kit.
අපහසුතා අවම කරන රාජකීය ඇදුම් ආධාරක උපකරණය
පසුගිය දිනක සිරා ලියූ මුත්තරා බොක්ක පිළිබද පෝස්ටුව කියවූ මා හිතවත් හෙන්රි බ්ලොග් වෝකර් හෙවත් ඩූඩ් මහතා විසින් එම ඇදුම භාවිතා කරන්නන්ගේ සකලවිද අපහසුතා අවම කල හැකි නවතම නිර්මාණයක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බලමින් සිටී.. මා වෙත එවන ලද එම මූලික තොරතුරු මෙසේ ඔබ අතට පත් කරමි. ඒ ඔබේ සෞඛය තත්වය හා විශේෂයෙන් ඔබේ මුත්රාශයට විය හැකි අලාභහානි අවම කිරීමේ උදාරතර චේතනාවෙනි. මෙතැන් සිට කියැවෙන සෑම වචනයකම අයිතිය ඩූඩ් මහතා සතු වන හෙයින් ඔහුගේ කිසිදු ලිඛිත අවසරයකින් තොරව මෙම තොරතුරු උපුටා ගැනීම ශ්‍රීලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 2003 අංක 36 දරණ පනත උල්ලංඝනය කර ගල්පල්ලිය හෙවත් ආණ්ඩුවේ බෝඩිම වෙත යාමට හේතු විය හැකි නිසා, පුවේශමෙන්....
උපුටා ගැනීම
මුල් ඇඳුම් ඇඳගෙන ජීවිතයේ ලස්සනම දවස්වල පවා මුත්තරා බොක්ක පරදුවට තබා දුක් විඳින, හඬා වැලපෙන මගේම බ්ලොග් හිතවතුන් හා ශ්‍රී ලාංකේය මනාල මහතුන් හා දෙවෙනි මනාල මහතුන්ගේ මුත්තරා බොක්කවල් පිළිබඳ පහල වූ හුදු අනුකම්පාවෙන්, සිරාගේ කාමරයේ පලවූ ලිපිය දැකීමෙන් මගේ සිතේ පහලවූ මෙම නවමු අදහස සහ තාක්ෂණික ක්‍රමවේදය පේටන්ට් බලපත්‍ර සහ කොපිරයිට් යටතේ ඔබ වෙත තිලිණ කර සිටින වගනම්.
මෙම උපකරණයේ ඇති වාසිය නම් ඒ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඉතා පහසුවෙන් ලඟම ඇති ෆාමසියෙන් හෝ රජයේ රෝහලක සේවය කරන හිතවතෙකුගේ මාර්ගයෙන් ලබා ගත හැකි වීමයි. ඒ වගේම මම මෙහි යෝජනා කරන ඇතැම් අමුද්‍රව්‍ය වෙනුවට වෙනත් ආදේශක භාණ්ඩද සීමා සහිතව පාවිච්චි කල හැක.
අවශ්‍ය උපකරණ:
පළවෙනි හෝ දෙවැනි මනාලයෙක්
පරණ ජොක්කු එකයි. (පටි හෝ සාමාන්‍ය)
කොන්ඩම් එකයි
රබර් බෑන්ඩ් දෙකයි
මුත්‍රා බෑග් එකයි
(නැතහොත් එහි ඇති රෝදයක් සහිත වෑල්ව දෙකක් සමග
(නැතහොත් එහි ඇති රෝදයක් සහිත වෑල්ව දෙකක් සමග
සේලයින් බට මීටරයක් සහ ලේ බැංකුවෙන් ඉස්සූ, ලේ දමන බෑග් එකක්, හෝ
ඔබට සුදුසු වෙනත් ආදේශකයක්.)
ඔබට සුදුසු වෙනත් ආදේශකයක්.)
සෙලෝ ටේප් එකයි
කතුරක්
රේසරයක්.
ප්ලාස්ටර් රෝලක්.
මාකර් එකක්.
පුලුන් කෑල්ලක්
සුවඳ විලවුන් ස්වල්පයක්
ස්ටොකිං එකක්
මුලින්ම කාමරයේ දොර වසා අගුල් දමන්න. ඔබට අවශ්‍ය නම් කල්‍යාණ මිත්‍රයෙකුගේ සහය ලබා ගත හැක. නමුත් ඔහුත් සමග කාමරයට වැදී දොර වසාගත් කල ඇතිවිය හැකි වැරදි වැටහීම් ගැන හෙන්රි බ්ලොග්වෝකර් වන මා වගකියනු නොලැබේ. ජොකා හැඳගෙන කන්නාඩිය ඉදිරියට ගොස් සාමාන්‍ය ඉරියව්වෙන් සිටගෙන ආයුධය බාධාවක් නොමැතිව එලියට ගත හැකි නියමිත ස්ථානයේ සිදුරක් සලකුණු කරගන්න. ඔබ පටි ජොකෙකු පාවිච්චි කරන්නේ නම් එම ජොකා ඉදිරිපස පසුපස මාරුකර ඇඳීමෙන් මෙම පියවර මග හැරිය හැක. ඉන්පසු කොන්ඩමය සෙන්ටිමීටර් පහක් පමන දිගහැර එහි පුඩුවේ මිලි මීටර් දෙකක පමණ සිදුරක් සාදන්න. ඔබ පාවිච්චි කරන්නේ මුත්‍රා මල්ලක් නම් එය පාදයේ වලලුකරට ඉහලින් ස්ථාන ගත කර එහි බටය ආයුධය දක්වා සෑහෙන දුරකින් කපාගන්න බටය කොන්ඩමයේ ඔබ කලින් කැපූ සිදුර තුලින් ප්‍රවේශමෙන් රිංගවා රබර් බෑන්ඩ් එකක ආධාරයෙන් තදකරන්න. ඒ මතින් සෙලෝටේප් කැබැල්ලක්ද ඇලවීමෙන් ලිස්සා යාම වැලැක්විය හැකිය.
එසේම සෙලෝටේපය ඇලවීමේදී කොන්ඩමයේ ස්නේහකය බාධා කරන්නේ නම් එය පුලුන් කැබැල්ලකට ගත් සුවඳ විලවුන් ස්වල්පයකින් පිස දමන්න. ඔබ පාවිච්චි කරන්නේ සේලයින් බටයක් සහ වෙනත් රෝහලකින් ඉස්සූ භාජනයක් නම් සේලයින් බටය භාජනයට සවි කිරීමට පෙර රෝදය සහිත වෑල්වය බටයට රිංගවන්න. ඉන්පසුව බටයේ අනිත් කෙලවර කොන්ඩමයට සවිකල ආකාරයටම භාජනයට සවිකර රබර් බෑන්ඩ් එකකින් සහ අමතර සෙලෝටේප් කැබැල්ලකින් ශක්තිමත් කරන්න. දැන් කොන්ඩමය ආයුධයට සවිකරන්න. කලවා ප්‍රදේශයේදී බටය ප්ලාස්ටර් කැබැල්ලකින් කකුලට අලවන්න. ඇලවීමට පෙර රේසරයේ ආධාරයෙන් අලවන ස්ථානයේ රෝම ඉවත් කරගන්න. මෙහිදී වෑල්වය රැඳවීමට හොඳම ස්ථානය කලවේ මැද ප්‍රදේශය බව සඳහන් කල යුතුමය. එවිට සිටගෙන හෝ ඉඳගෙන මෙම වෑල්වය නෝන්ඩි නැතුව විවෘත කර ගැනීමේ පහසුව ලැබේ. මේ පියවරේදී හිටගෙන සහ වාඩිවී සිටියදී බටය ඇදී නොසිටින බව තහවුරු කරගන්න, ඉන් පසුව ඉහත ආකාරයටම දණිස්ස පසු වූ වහාම බටය නැවතත් කකුලට ප්ලාස්ටර් වලින් අලවන්න.
රෝම සම්බන්ධයෙන් පෙර කී උපදෙස් අනුගමනය කරන්න. මීලඟ පියවර භාජනය හෝ මල්ල වලලුකරට ඉහලින් ඉහලින් ඔබ කලින් තෝරාගත් කලිසමට වැසෙන ස්ථානයක ස්ථාන ගත කිරීමයි . පලමුව ස්ටොකිං එක ගෙන විලුඹට ඉහලින් කපා වෙන් කරන්න. ඉන්පසුව එය බෑගයට/භාජනයට උඩින් පළඳින්න. මෙහි වඩාත් වැඩි දියුණු කරන ලද සුභෝපභෝගී මාදිලිය සඳහා බෑගයට අමතර ඕවෆ්ලෝ බටයක්, රෝදය සහිත වෑල්වයක් සමග සවිකිරීමෙන්, පිරුණු බෑගය මල්පෝච්චියක් අසල පුටුවක කකුලක් පිට කකුලක් දමා හිඳගෙන සිටින විට (උඩින් තිබිය යුත්තේ අදාල කකුලයි) වැසිකිලියකට නොගොස් මල්පෝච්චියට මල්ලේ පිරුණු මුත්‍රා ගලායාමට සැලැස්විය හැක. මෙයට පෙර පුහුණුවක්ද, අනිත් උන්ගේ ඇස් වසා වැඩේ දීමේ මනා පරිචයක්ද, විශේෂයෙන්ම හුරතල් දෙවෙනි මනමාලියගේ අවධානය වෙනතක හැරවීමටද හැකි විය යුතු නිසා, ප්‍රවේශමෙන් පරිහරනය කල යුතුය. මෙයට අමතරව මෙම වෑල්වය විවෘත කිරීමෙන් කිසිම ආබාධයකින් තොරව මල්ල හිස්කල හැකි ස්ථාන කිහිපයක් පහත දැක්වේ.
එසේම සෙලෝටේපය ඇලවීමේදී කොන්ඩමයේ ස්නේහකය බාධා කරන්නේ නම් එය පුලුන් කැබැල්ලකට ගත් සුවඳ විලවුන් ස්වල්පයකින් පිස දමන්න. ඔබ පාවිච්චි කරන්නේ සේලයින් බටයක් සහ වෙනත් රෝහලකින් ඉස්සූ භාජනයක් නම් සේලයින් බටය භාජනයට සවි කිරීමට පෙර රෝදය සහිත වෑල්වය බටයට රිංගවන්න. ඉන්පසුව බටයේ අනිත් කෙලවර කොන්ඩමයට සවිකල ආකාරයටම භාජනයට සවිකර රබර් බෑන්ඩ් එකකින් සහ අමතර සෙලෝටේප් කැබැල්ලකින් ශක්තිමත් කරන්න. දැන් කොන්ඩමය ආයුධයට සවිකරන්න. කලවා ප්‍රදේශයේදී බටය ප්ලාස්ටර් කැබැල්ලකින් කකුලට අලවන්න. ඇලවීමට පෙර රේසරයේ ආධාරයෙන් අලවන ස්ථානයේ රෝම ඉවත් කරගන්න. මෙහිදී වෑල්වය රැඳවීමට හොඳම ස්ථානය කලවේ මැද ප්‍රදේශය බව සඳහන් කල යුතුමය. එවිට සිටගෙන හෝ ඉඳගෙන මෙම වෑල්වය නෝන්ඩි නැතුව විවෘත කර ගැනීමේ පහසුව ලැබේ. මේ පියවරේදී හිටගෙන සහ වාඩිවී සිටියදී බටය ඇදී නොසිටින බව තහවුරු කරගන්න, ඉන් පසුව ඉහත ආකාරයටම දණිස්ස පසු වූ වහාම බටය නැවතත් කකුලට ප්ලාස්ටර් වලින් අලවන්න.
රෝම සම්බන්ධයෙන් පෙර කී උපදෙස් අනුගමනය කරන්න. මීලඟ පියවර භාජනය හෝ මල්ල වලලුකරට ඉහලින් ඉහලින් ඔබ කලින් තෝරාගත් කලිසමට වැසෙන ස්ථානයක ස්ථාන ගත කිරීමයි . පලමුව ස්ටොකිං එක ගෙන විලුඹට ඉහලින් කපා වෙන් කරන්න. ඉන්පසුව එය බෑගයට/භාජනයට උඩින් පළඳින්න. මෙහි වඩාත් වැඩි දියුණු කරන ලද සුභෝපභෝගී මාදිලිය සඳහා බෑගයට අමතර ඕවෆ්ලෝ බටයක්, රෝදය සහිත වෑල්වයක් සමග සවිකිරීමෙන්, පිරුණු බෑගය මල්පෝච්චියක් අසල පුටුවක කකුලක් පිට කකුලක් දමා හිඳගෙන සිටින විට (උඩින් තිබිය යුත්තේ අදාල කකුලයි) වැසිකිලියකට නොගොස් මල්පෝච්චියට මල්ලේ පිරුණු මුත්‍රා ගලායාමට සැලැස්විය හැක. මෙයට පෙර පුහුණුවක්ද, අනිත් උන්ගේ ඇස් වසා වැඩේ දීමේ මනා පරිචයක්ද, විශේෂයෙන්ම හුරතල් දෙවෙනි මනමාලියගේ අවධානය වෙනතක හැරවීමටද හැකි විය යුතු නිසා, ප්‍රවේශමෙන් පරිහරනය කල යුතුය. මෙයට අමතරව මෙම වෑල්වය විවෘත කිරීමෙන් කිසිම ආබාධයකින් තොරව මල්ල හිස්කල හැකි ස්ථාන කිහිපයක් පහත දැක්වේ.
ඕනෑම පාරක් අද්දර වාහනයට ආසන්නයෙන් සිටගෙන. (රජ ඇඳුම් ඇඳ අකුල් අස්සේ රිංගීමක් නැත.) කොළඹ නගර මධ්‍යයේ වුවද, රථ ගාලක් තුල වුවද ප්‍රශ්ණයක් නොමැත.
කාරය තුලම හිඳගෙන දොර මඳක් විවෘත කිරීමෙන් එලියටද, ඉදිරිපස මගී ආසනයේ හිඳගෙන අවශ්‍ය නම් වින්ඩ්ස්ක්‍රීන් වොෂර් දියරය පුරවා ඇති භාජනයට වුවද මල්ල හිස් කිරීමේ පහසුව.
මෙම ගැජට්ටුව පාවිච්චි කිරීමේදී රෝදය සහිත වෑල්වය අනවශ්‍ය අවස්ථාවලදී වසා තබන්න. එසේම අවශ්‍යම විටෙක එය විවෘත නොකලහොත් Urine Bomb syndrome, Pee ballooning, Piss Splatter, වැනි අති භයංකාර ශෝචනීය අවස්ථාවලට මුහුන දීමට සිදුවිය හැකි බව සලකන්න. එවැනි තත්වයන් ඇතිවීමෙන් ඔබට සිදුවන හානි සදහා නිෂ්පාදකයා කිසිසේත් වගකියනු නොලැබේ. එවැනි අවස්ථාවක් ඇති වුනි නම් ලස්සනට අවසන් කටයුතු ටික කර ගැනීමට බානි රේමන්ඩ් මහතාගෙන් 15% ක වට්ටමක් ලබාදිය හැක.
මෙම උපකරණය භාවිතයේදී ඇතිවන බරපතල තාක්ෂණික ගැටලු සදහා හෙන්රි ඩූඩ් වෝකර් වන මා විසින්ද, සුලු ගැටලු සිරා නම් වන මාගේ නියෝජිතයා විසින්ද ඔබ වෙත පිළිතුරු සපයනවා ඇත. සියලු ගැටළු සිරාගෙ කාමරේ බාරේ එවන්න.
සියරට දේ සිරි සැප දේ.. ගන්න දේශීය නිශ්පාදනයක්... බේරාගන්න ඔබේ මුත්‍රාශය...
සියරට දේ සිරි සැප දේ.. ගන්න දේශීය නිශ්පාදනයක්... බේරාගන්න ඔබේ මුත්‍රාශය...
උපුටා ගැනීම අවසන්...
මෙය අතිශයින්ම ජාතියේ පිනට පහලවූ නව නිර්මාණ කරුවෙකුගෙන් ජාතියට පිදෙන තිළිනයකි. වාණිජ වශයෙන් මෙම නිර්මාණය නිෂ්පාදනය කිරීමේ අවසන් පරීක්ෂණ මේ දිනවල මාලදිවයින් රාජ්‍යයේ මීටර් 40 ගැඹුරේ ඇති සබ්මැරීනයක සිදුකෙරෙමින් පවතී...
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා,
ප.ලි
මෙම උපකරණය පිළිබද සියලුම අයිතීන් නිෂ්පාදකයා සතුය.
අළෙවි නියෝජිතයන් බදවා ගැනීම මේ මස අග ආරම්භ වේ.
අවශ්‍ය සුදුසුකම්...
බැංකු ඇපකරයක් / සමාජයේ විවිධ සබදතා ඇති පුද්ගලයෙකු වීම / වර්ග අඩි 1000 කට වැඩි ගබඩා පහසුකම් / හදිසියේ හර්ස් එකක් ලෙස භාවිතා කල හැකි වාහනයක් තිබීම.
මුල් ඇදුමට කල අපහාසයක් ලෙස නොසිතන්න.....එසේ කිරීමේ අරමුණක් අප වෙත නැත. මෙය හුදු විනෝදය සදහා පමණක්මය.
මුල් ඇදුම හැද මුත්තරා කිරීමට අපහසුතාවක් නැතත්...ඒ සදහා අවස්ථාවක් උදා කරගත නොහැකි තරමට කාර්යබහුල වූ විටෙක මෙම උපකරණය වඩා ප්‍රයෝජනවත් විය හැක.
මුල් ඇදුමට කල අපහාසයක් ලෙස නොසිතන්න.....එසේ කිරීමේ අරමුණක් අප වෙත නැත. මෙය හුදු විනෝදය සදහා පමණක්මය.
මුල් ඇදුම හැද මුත්තරා කිරීමට අපහසුතාවක් නැතත්...ඒ සදහා අවස්ථාවක් උදා කරගත නොහැකි තරමට කාර්යබහුල වූ විටෙක මෙම උපකරණය වඩා ප්‍රයෝජනවත් විය හැක.
මහන්සි වෙන්න එපා බං ඕකට හදපු වෙනමම ගැජට් එකක් තියනවා .. නමනං කොන්ඩම් කැතීඩද කොහෙද ,,,
ReplyDeleteඔන්න බලාපං සිරා මීයා අපේ බිස්නස් එකට කෙළවන්න හදන හැටි. :D කඩාකප්පල්කාරියා. ඕකට සිංහලෙන් කියන්නෙ industrial espionage and sabotage කියලා.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇත්ත ඇත්ත හෙන්රි අයියා... මේවා තමා ජාත්‍යන්තර කුමන්ත්‍රණ...අපේ වැඩේට හර්ස් එකක් බලන්න අද යන්න හිතන් ඉන්නෙ... ඒ එන ගමන් පංචායුධෙන් උපදෙස් ටිකකුත් අරන් එන්නම් මේ වගේ කුමන්ත්‍රණ පරද්දවන්න....
Deleteහුටා....... යකෝ...... අපේ සිරා නව නිර්මාණ කරුවෙක් වෙලානේ. හම්මපා සම්මානයක් දෙන්න වටිනවා. හැබැයි සිරෝ..... ඕවා හැමෝම හදන්න යන එකක් නැති නිසා පොඩි සයිඩ් බිස්නස් එකකට වගේ හදල සහන මිලකට දේශීය වෙළඳපොළට දැම්මොත් මොකද?
ReplyDeleteඒකනෙ බං කෝරලේ මහත්තයා මේකට සිරාගෙ කාමරේ කියලා කියන්නෙ. සමාජ සත්කාරද, නව නිපැයුම්ද අරකද මේකද ඔක්කොම.
Deleteඑහෙම කරන්න පුලුවන්ද සිරා ඇත්තටම?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මම ලංකාවෙ අළෙවි නියෝජිත තැන පමණයි... සියලුම ඥාණය අපේ හෙන්රි මහතාගෙ..
Deleteමමත් මේ නිෂ්පාදනය ලංකාවෙ මාකට් කරන ක්‍රමයක් තමයි කල්පනා කලේ...හුජ්ජ කරන්න යන්නවත් වෙලාවක් නැති ඉතාමත් වගකීම් සහගත රැකියාවන් කරන පිරිස තමයි අපේ මූලික ඉලක්කය..උදාහරණයකට දුම්රිය රියදුරු තැන
අපේ ඩුඩ් අයියා කලොත් වැඩක් ඉතින් ආයේ අහන්න දෙයක් නැහැ. නැද්ද ඩුඩ් අයියේ............?
Deleteහප්පොච්චියේ ... මේ වැඩේ කරන්න මුන් නටන නැටුමක්.
ReplyDeleteඔය හෙන්රි අයියගෙ උපදෙස් පිළිපදින්න කලින් කෝකටත් රක්ෂණය වෙල ඉන්න එක හොඳයි. ඇයි වදේ මඟුල් දවසෙ හවස ඔය ඇඳුම ගලවද්දි මනමාලි දැක්කොත් පාවිච්චිකරපු කොන්ඩම් කෑලිත් එක්ක මඟුල එතනින්ම ඉවරයි.
ඒයි සිරා, උඹ ඔය ඇඳුම හැමදාම ඇන්ද නම් හොඳයි වගේ බං. උඹ හෙන කෙට්ටුවට පෙන්නෙ. අර බඩගෙඩිය තිබිච්ච තැනක්වත් නෑ. ඇත්ත කියපං, මේක කම්පූටර් ජිල්මාට් එකක් නෙවෙයිනේ, උඹේ මූනත් තහඩුවයි වෙන කාගෙ හරි ඇඟකුයි දාපු.
අන්න පොසිටිව් කමෙන්ට් එකක්, රක්ෂණ ක්‍රමයකුත් අපිටම ඇතිකරන්න පුලුවන් වුනොත්... එක්කො ඩීඩීටියාව පුලුවන්නෙ රක්ෂන සමාගමක් පටං ගන්න. මේක මිස්ෆයර් වෙන්නෙ නෑ බං. වෑල්ව් එක ඇරියෙ නැත්නම් පොලිසි එක වොයිඩ් වෙන්න දාපං ඩිස්ක්ලේමර් එක.
Deleteමොනාද බං ඩීඩීටී උඹේ පසුගාමී චින්තනය? යකෝ මනමාලි දැක්කොත් සන්තෝෂ වෙයි දුරදක්නා ඥානය ගැන, මුහුදට හත් ගව්වක් තියෙද්දි අමුඩෙ ගහලා කියලා. ඔච්චරම බය නං බොල අර බාත් රූම් එකේ ඩස්ට් බින් එකක් තියලා තියෙන්නෙ. ඒකට යුනිට් එකම ගලවලා දානවනෙ. ඩස්ට් බින් නැත්නම් කියලා ඇහුවා? ඇයි මැට්ටො ටිකක් හිතහංකො. ඉස්සුවා සිස්ටන් ලිඩ් එක. දැම්මා ඒක ඇතුලට. වැහුවා ලිඩ් එක.
වැරදිලාවත් ඕක ෆ්ලෂ් කරන්න හෙම ට්‍රයි කරන්න එපා කොමෝඩ් එකට දාලා.
හැබෑට සිරා නිකං ලබ්බට ... ඒකට සිරා උත්තර දෙයි. ඇත්තට කෝ මූ.
මූ මේ වැඩේ සම්පූර්ණයෙන්ම මට බාර දීලා ගිහිල්ලද කාමරෙත් දාලා? ඒයි ෆිෆ්ටි ෆිෆ්ටි හරිද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නෑ නෑ වැස්සට ගුලි වෙලා කෝපි කෝප්පයක් තොල ගගා හිටියෙ...
Deleteහෙන්රි අයියා අපේ අලුත් නිෂ්පාදනේ දෙයියනේ කියලා නමෝ විත්තියෙන් විකුණනන්න පුලුවන් කෙනා තමා මේ DDT ගොයියා...ළගදීම කරදරේ වැටෙන්න යන මිනිහා නිසා පළමු එක අපි නොමිලේම හයි කරලා දෙමු...
ඔය ඡායාරූපෙ 2004 දි මම ඉස් ඉස්සෙල්ලාම යාලු මනමාලයට හිටපු වෙලේ ගත්ත එකක්... ඒ කාලෙ සිරා සිහින්... මම ඔය කාමරේට එන අය රවට්ටන්න බේගල් ඇද බාන එකෙක් නොවෙයිනෙ... ඇත්ත ඇති සැටියෙන්...
ඩූඩ් අර එයාගේ කාරෙකේ, මොනවද බටේ හයි කරන්ට ගිහින්, කාරෙක ගිණි ගත්තු කතාව කට්ටියට මතක ඇතිනේද? අසරණ මනමාලයින්ට, දෙවන මනමාලයින්ට මේවා අන්දන්ට ගිහින් කොහෙන් කෙලවරවෙයිද දන්නේ නෑ. මගේ නම් කිසිම කල්පනාවක් නෑ ඔය යන්ත්‍ර පාවිච්චියට ඉඩ දෙන්ට.:D:D:D
ReplyDeleteඔයිට නරකද ඒ ඇඳුම ඇඳගෙන ඉන්න වෙලාව සීමා කලානම්.
සිරා ඒ ඇඳුමට මාර හැඩයිනේ.:)
සමාවෙයන් සිරෝ මෙහෙම කීවාට උඹ නම් ලස්සනයි ඒත් ඔය ඇඳුම ඇන්දහම මිනිස්සු පෙනෙන්නෙ නිකම් ලබ්බට කෝටුදෙකක් ගහලා රෙද්දෙන් වහලා වගෙයි..
Deleteපව් සරත් අයියේ ඇයි එහෙම කියන්නේ.කොච්චර ලස්සනද?
Deletehttp://manasindiviyata.blogspot.com/
@පොඩ්ඩි : යන්ත්‍ර මොකටද පොඩ්ඩි නිළමෙ කෙනෙක් හොයාගත්තට පස්සෙ?
Delete@සරත්: මේ කමෙන්ට් එකට මට මුකුත් කියන්න බැරි සිරා මගෙ බිස්නස් පාට්නර් හන්දා.
@Gayani: ලස්සන කිව්වෙ ලබ්බද කෝටුද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@ පොඩ්ඩි
Deleteඔබේ වචනෙට බොහොම ඉත්තූතියි...ඔය කියන මගුලට ආපු අනිත් එකියකටවත් ඔහොම පෙනුනෙ නෑ නෙව...
@ සරත් ලංකාප්‍රිය
ඇත්ත ඇත්ත... මටත් බලෙන්ම ඇන්දුවා මිසක මමත් කැමතිම නෑ..
@ ගයානි
බොටත් ස්තූතියි...
ඔය වැඩේ හෙන්රි පිරිමින්ට ඉදිරිපත් කරන්න යන බව ජප්පන්ට [ජෙප්පන්ට නෙමේ] නිව්ස් එක ඇවිල්ලද කොහෙද,චු කරනන්න යන කාලයත් වැඩට යොදාගන්න කියල ජපානයේ ගැහැණු අයට "චු පැම්පර්"එකක් අදුන්නලා දුන්නේ?පිරිමින්ටත් ඒකම නරක නැතුව ඇති.ගැහැණු/පිරිමි කව්රු කලත් චු, චු මනේ?හැබැයි පාවිච්චි කරන දාට පෙරදා සුදලුනු කෑමෙන් සහ ගල්/පොල් අරක්කු බීමෙන් වලකින්න වෙයි මගේ හිතේ.
ReplyDeleteඇත්තටම කෙන්ජි ඒ චූ පැම්පර් කතාව ඇත්තද? ඒක මාර ජරා වැඩක්නෙ මචං. ඇත්තටම කෙන්ජි ඔය ජපානෙ කම්කරු අයිතිවාසිකම්, මානව හිමිකම් තුට්ටුවකට තකන්නෙ නැත්ද? දියුණුයි කිව්වට මහ වහල් මානසිකත්වයක්නෙ තියෙන්නෙ.
Deleteමට කෙන්ජිගෙන් ඔය වගෙ ජපානෙ ගැන දැනගන්න කරුණු හුඟාක් තියෙනවා. ලියමුකො ටිකක්.
ගඳට deluxe මොඩල් එකේ pre-filled deodorant එකක් දාලා දෙන්න පුලුවන්. ඕන්නම් රෝස් ගාඩ්නියා වගේ කැමති පර්ෆියුම් එකක් දාන්නත් පුලුවන්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
චූ පැම්පර් පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා නොවැ... ගෑණියෙක් වුවත් මිනිහෙක් වුවත් හුජ්ජ කරන්න නිදහස එපායැ... අපේ නිර්මාණය අන්න ඒ නිදහස තව තවත් අර්ථ ගන්වන ඉතා වටිනා එකක්...
Deleteසුඛෝපභෝගී මාදිලියෙ දේශීයත්වයට මුල් තැන දෙමින් අරලියා / වැටමාර/ බෝවිටියා/ මහ රත්මල් සහ හෙන්දිරික්කා කියන සුවද වලින් යුත් පිරවුමක් සමග ලබා ගන්න පුලුවන්.
කම්කරු අයිතිවාසිකම් සහ මානවහිමිකම් නීති රීති ඉතාමත් ගරුත්වයෙන් රකින රටක් ජපානය.වීසා නැතිව වැඩ කරන අයට අකටයුතුකම් නොවෙනවද නොවේ.අකටයුත්තක් වෙන්නෙත් වීසා නැති ප්‍රශ්නයත් භාෂා ප්‍රශ්නයත් නිසා අසරණ වෙන අයට.එහෙම කෙනෙක් උදව්වක් ඉල්ලන් ආපු වෙලාවට කොල්ලවත් එක්කන් ගිහිල්ල ජපන් භාෂාවෙන්ම එයාලගේ නිතිය ගැන මතක් කලාම බුවාලගේ කද අංශක 90 ට නැමිලා කොරවෙලා, එක්කෝ එවෙලේ මුදල් නැත්නම් දිනයක් කියනවා.වැඩ කරන අයට [හොස්පිට්ල්,ක්ලිනික් ,පාසල්,ඩ්‍රයිවින් පුහුණුව,පාඨමාලා ] වැඩකරන දිනවල යෙදිලා තිබුන්නොත් එව්වට යාමට ඉඩ දෙනවා.'85/'95 අතරේ කාලෙක කොල්ලෙක්ගේ දකුණු අතේ ඇගිලි 3ක් ද 4ක් ද මැෂිමකට කපිල වෙන්වුනා,විසාත් නැති කොල්ලට නඩු කියල ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 300ක් විතර ලැබුන අවස්ථාත් තියෙනවා.බලෙන් ඇගිලි/අත් මැෂින්වලට කපාගෙන සල්ලි ලැබුන/නොලැබුන අයත් ඉන්නවා.පාරේ නීතියත් එහෙමයි.පගා දිවිලි නම් බැහැ.ඒකනේ ඉදල හිටලා පගා ගහල මාට්ටු වෙන ලොක්කන්ගේ මිනිය හම්බවෙන්නේ හෝටල් කාමරවල.එයාල මැරෙන්නෙත් ගොඩක් එක විදියට.තුවායේ කෙරවල් දෙක එකට ගැටගහල බෙල්ලට දාගෙන පිටිපසින් වටයක් කරකවල කාමරයේ දොර ලොක් එකේ එල්ලෙන විදියට දමල එයා ඉදගන්නවා.කාර්යාලවල කෑම වෙලාවට 12 දෙනකු වැඩට ඉන්නවනම් වරකට 4 දෙනකු පමණ මාරුවට කෑම ගන්නවා,කෑම වෙලාවේ එන අයට සේවය සැපයීම සදහා.[ලංකාවේ වගේමයි මෙයාල] තැනකට ගියාම හිස නමා පිළිගනිම,පිරිසිදුකම කියල වැඩක් නැහැ හෙන්රි.වියදමනම් සැරයි.විනෝද වෙනවනම් ඕනෑමදෙයක්.කතරගම වගේ දුරක් යන්න පැයක්වත් ගතවන්නේ නැහැ "බුලට් ට්‍රේන්"එකේ. ඔබේ හිතේ නොදැන තිබුන පැත්ත දැනුවත් කරන්නයි මේ කෙටි සටහන තැබුවේ.ඉඩ ලැබෙන විදියට මෙහෙ දේවල් ලියන්නම්.සිරා පුතා/මල්ලියා ටත් ජය! කියන්න අමතක උනා පැම්පර් වැඩේ මොලේ කචල් එකෙකුගේ අත්හාදා බැලීමක්ද කොහෙද.අර හිරට හිරේ කොටට කොටේ යටට ඇදල ඉන්න එකත් නොපේන්න ඇදගන ඉන්න කට්ටිය ලීටර් 1ක් 2ක් උරාගන්නා පැම්පරයක් අදියිද අප්පා?
Deleteහෙන්රි ගේ නව නිපයුමට අන්තර්ජාතික සම්මාන ගොඩක් ලැබෙයි වගේ මට නම් පේන්නෙ !
ReplyDeleteඅන්න එහෙම කතා කරහංකො වෙනී. අපිට ඕකට පබ්ලිසිටි ගන්න රතු රජරට, සිරා, නලීන් හෙමත් ඉන්නවනෙ. අපි දාමු හතරැස් බෝතල් පාටියක් වැඩේ හරිගියොත්.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අන්න කොල්ලො... මේ එකා එකා මාමා කිව්වට...
Deleteහතරැස් බෝතල් හිස් වෙලා ලෝකෙ හතරැස් උනාම තමයි ඔන්න පදම හරි...
නොදකින් අර අපේ වෙනිවැල් අයියා හෙන මහන්සියෙන් ගිහින් පොටෝ ගහං ඇවිත් තිබුන නව නිපැයුම් මොනවද කියලා හිතෙන්නේ මෙව්වා දැක්කමනේ... මං හිතන්නේ මේකට සම්මානයක් දෙන්ට වටිනවා... මුල් ඇඳුම් නං පැත්තකට දාමුකෝ... මේ වැස්ස කාලේ නිතර හැදෙන හුජ්ජ බරටත් මේක යස අපූරු පිළියමක් නෙව...
ReplyDeleteමුල් ඇඳුම් කියලා නටන විගඩමටනං හිනා වෙනවා ඇර වෙන දෙයක් මං කරන්නේ නැහැ...
හුටා...වෙනී අයියත් මං රිංගද්දිම සිරාගේ කාමරේට එබිලා නේද..?
Deleteඇයි වදේ මුල් ඇඳුම වගේ යාර හත අටක් නැතුව ඔය අටමගලේ හඟ ගන්නේ කොහොමද
Delete@මාරයා: දාපං මාරෙ මල්ලි පහක්. අන්න එහෙමනෙ බං කතා කරන්න ඕනෙ. මම කල්පනා කලේ උඹටත් ශෙයාස් ටිකක් දෙනවද කියලා.
Deleteඔව් බං ඒක නම් ඇත්ත. වැස්ස දවස් වලට අර අත් දෙක ඩිෆරෙන්ෂල් එක අස්සෙ ගහගෙන නිදා ඉන්නකොට හැදෙන බරට මේක කියාපු පිළියම. කරුමේ කියන්නෙ මල්ලි මේකට පුරුදු වුනාට පස්සෙ, මේක නැති දවසකත් අමතක වෙලා ඇඳේම හුජ්ජ කරන එක තමයි. හැබැයි පට්ට අයිඩියා එක, ඈ.
@බින්දි: මගුලටයැ හංග ගන්නෙ ගෙදර නිදා ඉන්නකොට බින්දි. කවුරු දකින්නද කවුරු බලන්නද. අනික ඔන්නම් බෑග් එක කැමති තැනකට සෙට් කරගෙන තවාගන්න හෙමත් පුලුවන් රස්නෙට.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@ මාරයා
Deleteමාරෙ අයියා අන්න එහෙම තමයි දේශීය නිෂ්පාදන වලට දිරි දෙන අය කථා කල යුත්තෙ... ඔබේ ඇනවුමත් දැන්ම ලබා දෙන්න... වැසි සමයේ 30% දක්වා මිළ අඩු කිරීමක් සහිතයි.
@ බින්දි
නිෂ්පාදනය පිළිබද මාව දැනුවත් කරද්දි ඔය තවන කථාව කිව්වෙ නෑ...එහෙම කිව්වා නම් ගාන තව ටිකක් වැඩි කරන්න තිබුනා...
නියමිත ප්‍රමිතයට අනුව නිපදවූ DUDESIRA ලකුනැති උපකරණ නොගෙන අනුකරනවලට නොරැවටෙන්න..
ReplyDeleteAbsolutely, my dear Sarath, Thanks for your positive and constructive comment! :)
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
වෙළදපොලේ රවුමක් යන්න වෙනත් මේ හා සමාන නිෂ්පාදන තිබේදැයි බලන්න... නැති බව ඔබට වැටහුණු විට දකුණු කකුල පෙරට තබා DUDESIRA හුජ්ජ බෑග් එකක් ඔබත් ලබා ගන්න...
Deleteසිරෝ, මමත් එනවා සටනට. මම හදනවා ඔයිට වැඩිය බරබතල වැඩේ කරන්ඩ කිට් එකක්. අවශ්‍ය තැනකදී කොමෝඩ් එකට හලන්ඩ පුළුවන් ක්‍රමේකට. තවම විසඳගන්ඩ බැරි වුනේ ගඳ ඉවත් කිරීමේ ප්රශ්නය පමණයි. :D :D :D :D :D
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
සෙන්ට් බෝතලයක් එල්ලමු පිටිපස්සෙන් එක්ස්ටින්ග්විෂර් සිස්ටම් එකට??
Deleteඅන්න හරි විචාරක තුමා, DUDESIRA කොම්පැණියෙ සම්පූර්ණ සහයෝගය දෙනවා ඔය වැඩේට. අපි විරුද්ධවාදීන් නොවී සහයෝගෙන් වැඩ කරමු. සිරායි ඩූඩුයි ඉස්සරහ බලාගන්නවා, විචාරක පස්ස පැත්ත බලාගන්නවා.
Deleteසීල්ඩ් යුනිට් එකකට ගඳේ ප්‍රශ්ණයක් නෑනෙ විචාරක තුමා. ඇත්තෙන්ම සිරායි මායි ඕක කල්පනා කලා. ප්‍රශ්නෙකට තියෙන්නෙ හොඳට ඉඳගෙන ඉන්නකොට පස්ස තදවෙලා නිසා ඔලුව තැලෙන්නෙ නැතුව බඩු නිකුත් කරන එකයි. අනික මල්ල නැවත පාවිච්චි කරන්න අමාරුයි ටූත් පේස්ට් ටියුබ් එක වගෙ මිරිකන්නෙ නැතුව. අනික කෝපි බොන එක සපුරා තහනම් කරන්න වෙනවා. ලොකුම පුරස්නෙ. බටේට ගන්න වෙන්නෙ වොෂිං මැෂින් ඩ්රේන් පයිප්පයක් වගෙ එකක්. ඉතින් බඩ සුද්දවෙන්න බේත් දීලා තමයි යුනිට් එක පාවිච්චි කරන්න වෙන්නෙ. ඒකයි අපි වැඩේ අතෑරියෙ. විචාරක තුමාත් බලන්නකො උත්සාහ කරලා.
Nothing is impossible!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
බොහොම සතුටුයි... මෙවැනි නව නිර්මාණ කරුවන් අතරට සත්ගුණවත් සිරා කොලුවත් මැදි වීම සම්බන්ධයෙන්...
Deleteදැන් බලන්න විචාරක තුමා ඉස්සර කක්කුස්සිය කියන එක තිබ්බෙ ගෙදර ඉදන් තුන් රෝද රියක යන දුරින්... ඊටත් පස්සෙ ගේ ළගටම ආවා... ඊටත් පස්සෙ ගේ ඇතුලට ආවා... ඊටත් පස්සෙ කාමරේටම ඇටෑච් උනා... මට හොදටම ෂුවර් දවසක ඕක තමන්ගෙ අතටම එනවා... අන්න ඒ සංකල්පය හිතේ තියාගෙන නිර්මාණය කරන්න... වරදින්නෙ නෑ...එක්සෝස්ට් ෆෑන් එකක් හයි කලොත් ගද ඉවත් වේවි...
මම ප්‍රර්ථනා කරනවා සිරාට නොබෙල් සම්මානයක් ගන්න ලැබේවා කියලා.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
හා හා ෆිෆ්ටි ෆිෆ්ටි!
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනේ මේ පිළිබද දිවා රෑ කෙස් යනතුරුම කල්පනා කල හෙන්රි මහතා තමයි ඒ සම්මානයට නියම සුදුස්සා මා නොවෙයි... ඔබට ස්තූතියි...
Deleteසම්බාව්ය කොමෙන්ටුව
ReplyDeleteමේ කිසි දෙයක් නෑනේ ගල් යුගයේ මානසිකත්වය අයින් කර ගත්තම..
ආතල් කොමෙන්ටුව
වහාම පේටන්ට් බල පත්‍රයක් ලබාගන්න.. ඉතා අගනා නිර්මාණයකි..
අනතුරු ඇඟවීම
රෝදය සහිත වෑල්වය අහූ උනේ නැත්නම්.. ඒත් මුත්‍රා බොක්කට දෙවියන්ගේ පිහිටය
අවවාදය
මංගල යහනට යාමට පෙර කෙසේ හෝ ගලවා විසිකරන්න.. නැතිනම් පිලිකා රෝගියෙකුයැයි සිතා මනාලිය එදිනම එයාගේ ගෙදර යනු ඇත.
පට්ටයිනෙ බං මහාචාර්ය වෛද්යාචාර්ය මාතලන් තුමා. Multiple Comments එළකිරි!
Deleteඅනතුරු හැඟවීම ගැන බයවෙන්න එපා බං. ඔච්චර අත වෙව්ලනවා නම් ඕක ඇරලා තියාගන්න පුලුවන්නෙ. අනික පරක්කු වුනත් උඩ කොන්ඩම් එකේ බෆර් වෙන්න හදලා තියෙන්නෙ. ඒකනෙ බං නව නිපැයුම් කියන්නෙ. අපි හැම දෙයක්ම හිතලා තියෙන්නෙ.
අවවාදය ගැන බය වෙන්න එපා බං. ඕක හෝටලේට ගිය ගමන් ගලවන හැටි අර උඩ කියලා තියෙන්නෙ.
"අර බාත් රූම් එකේ ඩස්ට් බින් එකක් තියලා තියෙන්නෙ. ඒකට යුනිට් එකම ගලවලා දානවනෙ. ඩස්ට් බින් නැත්නම් කියලා ඇහුවා? ඇයි මැට්ටො ටිකක් හිතහංකො. ඉස්සුවා සිස්ටන් ලිඩ් එක. දැම්මා ඒක ඇතුලට. වැහුවා ලිඩ් එක."
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇත්තෙන්ම මේ නව නිෂ්පාදනය පිළිබදව මහාචාර්ය මා තලන් මහතා අංශක 179.8 ක කෝණයෙන් බලා ඇති බව මට වැටහුනා...හුජ්ජ බර හමුවේ දියවෙන මහත්මා චින්තනය ඒ කිව්වෙ දරාගත නොහැකි තැන බලු පෝතකයෙකු මෙන් හැසිරීම, අනුන්ගේ තාප්ප, වාහන, අපිරිසිදු කිරීම ආදී නිවට ගති සිරිත් දුරු කරගැනීමට මෙම නිෂ්පාදනය භාවිතයෙන් හැකි බවට අපි ඔප්පු කරලා තියෙනවා..
Deleteමම හිතන්නේ මේ වගේ පෝස්ට් එකක් දැකපු මුල් වතාව. හවුල් ව්‍යාපාර බොගක්.. සන්තෝසේ දුකේ බෑ.. දෙන්නටම ජය වේවා.... වෙන්න ඕනෙත් මේ දේ තමයි...
Deleteබොහොම ස්තූතියි මහාචාර්ය මාතලන් තුමා... ඒ වැඩේ සුන්දරයි නේද...
Deleteවහාම සිරා මහතා සහ ඩුඩ් මහතා නැව නිපැයුම් භාර ඇමතියා ලෙස පත් කල යුතුය!!!!!!අනි අනි ඈ!!!
ReplyDeleteඅන්න පොසිටිව් කමෙන්ට්. තැන්කූ නාඩියා. උඹට අපේ නාඩි ගැහෙනා රාවය අඳුරගන්න පුලුවන් වෙලා තියෙනවා. :)
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නියම ටෝක් එකක්නෙ... මගෙ නාඩි එකසිය ගානට වැටෙන්න උනා...ඇමතියෙක් උනාම ලැබෙන සැප මතක් වෙලා...
Deleteමම අපේ එවුන්ට කියල දුන්න මේ වගේම ක්‍රමයක්. මුත්තරා බටේ හැබැයි දිග කලිසමක කකුල දිගේ ඇවිත් මහපට ඇගිල්ල අස්සේ හිර කරන්නේ. ඕනෙ වෙලාවක දාන්න පුලුවං !
ReplyDeleteඋඹට ඕවගෙ කල්පනාවල් පහල වෙන බව මම දැනගෙන හිටියා සෑමා. අර කරන්ට් එක වද්දා ගන්නකොට, මට්ටං ලෑල්ලෙන්...එක්කො ඕනෙ නෑ.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අන්න ඒ වගේ නවමු අදහස් තමයි මෙවැනි නිෂ්පාදන තව දුරටත් සංවර්ධනය කරන්නෙ... ස්තුතියි සෑමා ඔබේ චින්තනය මෙහෙයවා... මෙම නිෂ්පාදනය නවමු මානයකට ගෙන ආවාට...
Deleteහදිසි අවස්ථාවකදි ඔය උඩ තියෙන වෑල් එක අරගන්න බැරිඋනොත් එහෙම අති භයානක තත්වයක් ඇතිවෙනවනෙ.
ReplyDeleteඕක ගන්න අයට නොමිලේ චූ ඉන්ෂුවරන්ස් එකක් දෙන්නෙ නැද්ද?
හම්මෝ ප්‍රසන්න උඹ අර 'චව් චව්' වගේනෙ හිතන්නෙ. බයවෙන්න එපා බං, එතකොට කොන්ඩම් එකට බෆර් වෙන්න හදලා තියෙන්නෙ.
Deleteඉන්ෂුවරන්ස් ප්ලෑන් එකකුත් අපිම දෙන්න යන්නෙ. අර ඩීඩීටියා ඉස් වර්කිං ඔන් දැට්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
DDT චූ ඉන්ෂුවරන්ස් එකත් සමග අපි දැන් සන්නද්ධයි... බැරිම උනොත් අවසන් කටයුතු ටික හරි ලස්සනට වෙන එක ගැන හිතලා සතුටු වෙන්නකෝ...
Deleteහි හි ... අනිත් වැඩකටයුතු සියල්ල අවසන්. චූ ඉන්ෂුවරන්ස් එකට ලස්සන නමක් දාගන්න ජනමත විචාරණයක් තියන්ට තමා අදහස.
Deleteනරකද අහවල් එකට ෂොපින් බෑග් එකක් හයි කර ගත්තොත්? මෙච්චර සෙල්ලම් දන්නේ නැතිව.
ReplyDeleteකොහොමද කකුල් දෙක අස්සෙ චූ බැලූන් එකක් තියාගෙන ඇවිදිනකොට. හෙහ් හෙහ්?
Deleteමේක අර වත්ත පහල කක්කුස්සියයි, attached bathroom එකෙයි වෙනස වගෙ. එකම වැඩේ තමයි, නමුත් එකක් sophisticated, state-of-the-art, tailor-made system එකක්. අනික අති ප්‍රාථමිකයි.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ෂොපින් බෑග් එක හයි කලාට ප්‍රසිද්ධ ස්ථානයක අස්වැන්න බිම හෙලීමේ අපහසුතාවක් තියෙනවා නොවේද... අන්න ඒ අපහසුතා අවම කල නිෂ්පාදනය තමා Dudesira හුජ්ජ බෑග් කියන්නෙ...
Deleteෂොපින් බෑග් සඳහා රක්ෂණාවරණයක් නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.
Deleteමට සැහෙන්න සම්භාව්‍ය ප්‍රශ්නයක් ආවා . එක්කෝ ඕන නැහැ . අපට අදාළ නැහැනේ ..හික්
ReplyDeleteඒ සම්භාව්‍ය ඝණයේ ප්‍රශ්නයට ඉතිං මටනං කියන්න තියෙන්නේ එදා දවස දැහැමෙන් සෙමෙන්... නිවුණු සිතින් ගත කල යුතු බවයි.. වැරදීමකින්වත් දෙවැනි මනමාලියගේ සිට... ජයමංගල ගාථා නංගිලා දිහා හෝ මගුලට පැමිණ සිටින නෛකවර්ණ බහුරු කෝළම් ගැටිස්සියන් දෙස නොබලා... දැමුණු සිතින් යුතුව ගත කල යුතු බවයි...
Deleteතැංකූ මාරෙ උඹ මාව ඒ ප්‍රශ්ණෙන් බේරා ගත්තට.
Deleteඒ නැතත් ඒකටත් බෆර් එකක් තියෙන්නෙ බං අච්චර රෙදි පොටවල් ගානක් ඔතලා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මාරයා මහතාගේ පිළිතුර පිළිබද ඔබ සෑහීමකට පත් නොවේ නම්... නැවතත් සිරාගේ කාමරේ බාරේ ඔබේ ගැටළුව නිර්මාණකරු වෙත යොමු කරන්න...
Deleteවැස්ස වෙලාවේ පාවිච්චියට අගනා නව නිපැයුමක්.
ReplyDeleteබුද්ධි කියන්නෙ බුද්ධිමත් එකානෙ. උඹ මම කියනවට මේක කරලා බලාපං වැස්ස දවසක. උඹ ඇබ්බැහි වෙයි. හැබැයි අමතක වෙලා ඇඳ තෙමුවොත් නං සිරායි මාවයි අල්ලන්නෙපා. සිරා ඩිස්ක්ලේමර් එකට තව කෑල්ලක් ලියාගනින්..
DeleteIf the device is used for any other occasion, other than the occasion it is intended for the warranty will be void and ...bla bla bla...
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@ බුද්ධි
Deleteකාමරයට හා පුරා කියා සාදරයෙන් පිළිගනිමි !
ඇත්ත ඇත්ත... නිෂ්පාදනය භාවිතා කල හැකි යැයි නිෂ්පාදකයා සහතික වන අවස්ථා හැර අන් අවස්ථා වෙනුවෙන් භාවිතාකිරීමෙන් එළඹිය හැකි හානි සම්බන්ධයෙන් අපට වගකීමට බැරි බව කරුණාවෙන් සළකන්න..
අඩේ, මේකට නොබෙල් සාම තෑග්ග ලැබෙන්නත් පුළුවං.
ReplyDeleteසාම තෑග්ග? ම්ම්ම්ම්? තාම කල්පනා කරනවා බං. සාම තෑග්ග නේ?
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ කියන්නෙ මේ උපකරණය පැලැන්ද දාට ගෙදර සාමය රැකෙනවාද.... හාමිනේට කරදරයක් නෑ වගේ අදහසක්ද... තාම පරීක්ෂණ මට්ටමේ තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් සෘජු පිළිතුරක් දෙන්න අමාරුයි ගොයියෝ...
Deleteමේ තියන්නේ යස දේශීය නිෂ්පාදනයක්..:D
ReplyDeleteඅර ෆොටෝ එකේ සිරා කෙට්ටුවට පේන්නේ
අන්න ඒකනෙ බං. සියරට දේ, සිරි සැපදේ! Buy Sri Lankan, Be Sri Lankan.
Deleteසිරා කෙට්ටුවට තමයි පේන්නෙ. හබැයි මූණෙ නම් තියෙන්නෙ නිකං චූ බර වෙලා ඉන්නව වගේ පෙනුමක් නෙවෙයිද බං. මට පේන හැටි වෙන්නැති.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@ චන්දන
Deleteසිරා කෙට්ටුවට පේන්නෙ ඔය පින්තූරෙ ගත්තෙ 2004 දි නිසා... මගේ පළමු යාලු මනමාල ඇක්ස්පීරියන්ස් එක... ඒ කාලෙ සිරා කෙට්ටුයි...
දැන් කොහොමද කොල්ලො බොගග් එහෙම ෆිට් උනොත් කියලා වටේ පිටේ හිටපු උන් මාව භය කරලා තිබ්බෙ එවෙලෙ... නැතුව සුජ්ජ බර නෙමෙයි...
මේක ඇඳගෙන හිටිය කියමුකෝ.. මනමාලිට මාට්ටු වුනාම කොහොමද මේක එක්ක? ඒවාට වගකීම නිෂ්පාදකයා දරනවද?
ReplyDeleteහලේ, කොහොමද බොල මනමාලිට මාට්ටු වෙන්නෙ කලිසම අස්සෙ තියෙන දෙයක් වෙඩිං එක වෙලාවෙ. අනික ඔන්නං කියලා තියාපංකො ඇත්තම. එතකොට ඔක්කොම ප්‍රශ්න ඉවරයිනෙ. ඒ නැතත් මම අර උඩ කියලා තියෙනවා හෝටලේදි යුනිට් එකට කරන දේ.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
නිෂ්පාදකයා නිසි පිළිතුර දී ඇති හෙයින්... අළෙවි නියෝජිතයාට කීමට යමක් නැත..
Deleteඒ උනාට වැඩේ භයානකයි. අර බෑග් එක හදිස්සියෙ වත් සිදුරු වෙලා හරි පිපිරුනොත් හරි වැඩේ අන්දොස් නේද? කොහොමද කට්ටිය ඉස්සරහ රෙද්ද පල්ලෙන් චූ බේරෙනකොට. හිතෙනකොටත් ඇඟ හිරි වැටෙනවා. :D
ReplyDeleteයකෝ මධුරංගයා, මේක හෙන තික් බෑග් එකක් බං. අර ලේ දාන බෑග් එක. ඒක එහෙම හිල් වෙන්නෙ නෑ. ඒකටත් අපි වොරන්ටි එකක් දාලා දෙන්නම්කො. හැබැයි වෙඩිමට පස්සෙ උඹලා කටුවලින් ඇනලා හිල් කරලා වොරන්ටි ක්ලේම් කරලා නම් අහු වෙන්න එපා. වොරන්ටි ගෙවන්නෙ ඒක වෙනවා වීඩියෝවල වෙලාවත් එක්ක තිබ්බොත් විතරයි.
Deleteසිරා මල්ලි එකතු කරපංකො තව ඡේදයක්.
Warranty will be void unless a genuine video footage is...
කෝ බං උඹ?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේ ඉන්නවා ඔබ අසලම...
Deleteභය වෙන්න එපා බන්... මේක හිල් නොකලොත් හිල් වෙන්නෙ නෑමයි...
ඇත්ත ඇත්ත... අපේ ලංකාවෙ උන්ට බඩුවක් විකුණන්න කලින් හොර කරන්න තියෙන හැම තැනම ගැන අවබෝධය ගන්න ඕනෙ නිසා මම හොයාගෙන ආවා ලංගමේ ටිකට් මැෂිමට බ්ලේඩ් කෑල්ලක් ගහලා හොරට ටිකට් කඩපු මෑන්ව... දැන් මිනිහා හිටු කියලා මේකෙ හොර කරන්න පුලුවන් තැන් හොයනවා...
පොඩි සංශෝධනයක් කරන්න වෙනව. මගේ අදහස නං බෑගය අනවශ්‍යයි. ඒක එල්ලගෙන ඉන්නත් අමාරුයි. බෑගයට හාණියක් උනොත් අබ සරණයි. ඒ නිසා ඉතාම සියුම්ව මේ බටය පතුල දක්වා දික්කරන්න ඕන. එතකොට තණබිස්සකට උනත් කාටවත් නොපෙනී මුත්රටික බාන්න පුළුවන්. බලන්න හරිම සරලයි.
ReplyDeleteරාජ් මල්ලි උඹ බය නං ඒක අයින් කරපං. ඒත් මම නං කියන්නෙ ඔප්ෂන් වලට පයිං ගහන්න එපා කියලා. උඹ එහෙම කලොත් ඕක ලයි ෆීඩ් එකක් වෙනවා, රිසර්ව් නෑ. පෝරුවෙදි උනත් කරන්න තිබ්බ චාන්ස් එක නිකාං නැතුව යනවා. නමුත් කාර් එකේ ඉස්සරහ සීට් එකේ ඉඳගෙන වින්ඩ්ස්ක්‍රීන් වොෂර් භාජනේට වගේ නම් කරන්න පුලුවන්. මල් පෝච්චියටත් පුලුවන්. නමුත් උඹලට ඕනෙ එකක් කරගන්න පුලුවන්, නමුත් අපිට වොරන්ටි එකේ සමහර ඡේද අයින් කරන්න වෙනවා.
Deleteසිරා මල්ලි,
හැබෑට මේකා කොහේ මක බෑවුනාද අප්පා. නල්ල මලේ බිස්නස් පාට්නර්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේ ළගම ඉන්නවා බොලං... මට හතර වටෙන් ඕඩර්ස්... එක්තැන් වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට, දිගුවෙලාවක් පියාඹන පයිලට්ලට, සිකුරිටි අංශ සැට් එකට එකී මෙකී නොකී සියලුම පීඩිත පොදු ජනයා මේ අලුත් නිෂ්පාදනයෙන් ඔකද වෙලා ඉන්න වෙලාවක් මේ... මේ වසර අන්තිමට ටවුන් ඒස් ලොටෝ එක වෙනුවට BMW 5 Series කාර් එකක් පදින්න හෙන්රි අයියට පොට පෑදීගෙන එන්නෙ ඕං...
Deleteඇයි බොල මට විතරක්? ඇයි උඹට ඔය Hummer එකක් Lamborghini Diablo එකක් හෙම බැලුවට වරදක් නෑ වගේ.
Deleteඅර ස්කූටර් පොඩ්ඩට හෙම වෙනස් කං කොරනව නෙවෙයි ඕං.
නෑ නෑ ස්කූටර් පොඩ්ඩ මගේ භුක්තියට සවිවෙලා තියෙන්නෙ හරියට කසාද ගෑණි වගේ... ඒක නම් දෙන්නෙත් නෑ... ඉල්ලන්නත් එපා...
Deleteමට ප්‍රශ්නයක් තියෙනවා.
ReplyDeleteමේ උපකරණය විචලනයන්ට ඔරොත්තු දෙනවද ? එහෙම නැත්නම් හැඟීම් පාලනයකුත් අවශ්‍ය වෙනවද ?
එකක් කිව්වට එක, දෙක වෙලා.
මේ මධුරංග කියන නම් තියෙන උන් නම් මොන නැකතකින් ඉපදිච්ච උන්ද මන්දා? ඇයි බං රෙදි පොටවල් ගනනාවකින් බෆර් කරලා තියෙන්නෙ. අනික ඒ වෙලාවට තමයි අර කොන්ඩම් එකත් 100%ක් ෆිට් වෙන්නෙත්. කිසිම රිස්ක් එකක් නෑ.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
100%ක් ෆිට් වෙන එක නෙමෙයි අවුල.ඕක ගැලවිලා වැටෙන අවදානමක් නැද්ද කියන එකයි පුස්නේ !
Deleteගැලවිලා වැටෙන්නෙ නෑ බං... මල්ලි 1 වසරෙ කොල්ලෙක්ගෙ එකට වඩා ලොකුනම් කොණ්ඩමේට හිර වෙනවා... අතර මාද යොදන ප්ලාස්ටර් නිසා සවිය වැඩි කරලා තියෙනවා... ප්ලාස්ටර් ගහද්දි කකුලෙ රෝම රේසරෙන් ඉවත් කරගෙන තමයි ගහන්න ඕනෙ... නැත්නම් ප්ලාස්ටර් ගලවන වෙලාවට දරුණු සිහින පෙනෙන්න පුලුවන්...
Deleteහරි.. !
Deleteප්‍රශ්න ඉවරයි.
මම ගම්පහ මාර්කටින් ඒජන්ට් කමක් ගන්ඩ බෑ ද එහෙම උනොත් දැන් කර කර ඉන්න ජොබ් එක දාලා හරි හුජ්ජ බෑග් විකුණන්ඩ එනවා !
ඔන්න හම්බන්තොටට එහෙම දානවා නෙවේ.
Deleteනෑ නෑ බොට ගමේ කමට අනිවාර්යෙන්ම සැට් කරලා දෙන්නම්... වර්ග අඩි 1000 එක්ක හර්ස් එකක් තියෙනවා නම් එච්චරයි... ඇප ඕනෙත් නෑ... මොකද අන්තිමට ඇපත් නැති නිසා...
Deleteසිරා පාට්නර්. මම තව විනාඩි විස්සකින් මීටිං එකකට යනවා. ඊට පස්සෙ ගෙදර ගිහින් කාලා නැප් එකක් දානවා. උඹ උත්තර දීපං කොල්ලෝ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මම පත්තරේට දුවනවා දැන්... ආයෙත් රාත්තිරියට තමා
Deleteමට පොඩි පුරස්නයක් ආවා.... නිෂ්පාදනයේ තත්වය ඉහල දාගන්න පොඩි උදව්වක් දෙන්න එපැයි පුළුවන් නම්...
ReplyDeleteඔය වැඩේම හොදටම හොඳයි කියලා රෙකමන්ඩ් කරන කොන්ඩම් ජාතිය මොකද්ද... ( අඩු ගානේ ඒකට වොරන්ටියක් වත් දෙනවද.... මඟුල ඉවර වෙනකම් ඔරොත්තු දෙනවා කියලා...) ඔය සමහර ඒවා තියෙනවනේ කිසිම සේෆ්ටියක් නැති... හි හි...
අඩේ මාර ජොලි අප්පා පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි... ඉඳලා ඉඳලා මරු බ්රෝකර්ලා ( ජෝකර්ලා) දෙන්නා සෙට් වෙලා තියෙන්නේ... හි හි
සිරා කට්ටකමට පරණ ෆොටෝ එකක් දාලා.... දැක්ක ගමන් මම හිතුවා මේක මේ අනාදිමත් කාලයක ගත්ත එකක් කියලා... හි හි...
එහෙම කොන්ඩම් ජාතිය කියන්නේ නෑ. එතකොට සමහරු තමන්ගේ මහත්තයාට ඒ කොන්ඩම් ජාතිය පාවිච්චි කරන්න කියලා කියනවා.
Deleteමෙහෙමයි හිරු. අපි ප්‍රසිද්ධියෙ අහවල් වර්ගය හොඳයි කියලා රෙකමෙන්ඩ් කරන එක මාධ්‍ය සදාචාරය පටහැණි නිසා නුසුදුසු වර්ග කියන්නම්කො. මේකට ඔය එක එක නිර්වින්දන රසායන ඇතුලෙන් ආලේප කරපුවා නම් ගැලපෙන්නෙ නෑ. එතකොට ඔය කට්ට රටා (ස්ටඩ් රිබ් වගේ) ඇත්තෙන්ම අවශ්‍ය නෑ. සාමාන්‍ය එකක් තමයි ගැලපෙන්නෙ.
Deleteඅඩේ අපි කොහොමද බොල ජෝකර්ල දෙන්නෙක් වුනේ? මේබ්ලොග් අඹරේ දිදුලන සිරාම තරු දෙකක් තමයි සිරායි මායි.
සිරාගෙ මූණ නම් ෂෝයි රැවුලකුත් තිබ්බ නම් එළ නේ?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
චිකේයියා... අහලා තියෙන පුරස්න වලට මට නම් උත්තර නෑ... අපි තාම සූටි කොල්ලො ඔය එක එක බැලුම් පුම්බලා නෑ තාම...
Deleteසිරා..
Deleteයකෝ එහෙම පුරස්නෙන් පැනලා යන්න බෑ අලෙවි නියෝජිතලට.. උත්තර දීපන් හරියට.. නැත්තං දානවා මේල් එකක් අර CFL බල්බ් මාරාන්තිකයි වගේ එකක් මේකටත්.. හරිද....
හි හි...
ඔච්චරම අහන නිසා මගේ පිළිතුර තමා.. ගැටිති සහිත නයට්රයිඩර් වර්ගය... මේ සමාගම සමගම අද හවස අළෙවි නියෝජිත තැන හැටියට මම අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න ඉන්නෙ....
Deleteගැටිති සහිත වර්ග ඒකට අනුමත කරන්න කොහෙත්ම බැහැ කියලයි මගේ අදහසනං... ඕකට සාමාන්‍ය ගැටිති රහිත වර්ගයක් තමා හරියන්නේ... ලිහිසි ද්‍රාවණ නැති වර්ගයක් හොයා ගත්තනං හරියටම හරි... නැත්තං කරදර වෙන්න පුළුවන්...
Deleteහිරුවටත් ඕන නැති මඟුලක් නැහැ... :P
මම නම් උඩම කමෙන්ට් එකේ කිව්වෙ ඔය ribbed and studded වර්ග ගැල්;අපෙන්නෙ නෑ කියලා. පස්සෙ මේ මාරයා කියන එක ප්‍රොසෙස් කලාම මගෙ ටිකිරි මොලේට මෙහෙම අදහසක් පහල වුනා. (මම නැට්ජියෝ එකේ Micheline ටයර් ගැන වැඩසටහන ඊයේ බැලුවා) අපිට පුලුවන් ඔය කට්ට රටාව අපේ වාසියට යොදාගන්න කොන්ඩොම් එක මුලින්ම ඩිටර්ජන්ට් වලින් හෝදලා ලිහිස්සි ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කරලා කොන්ඩොම් එක කණපිට ඇන්දම ලිස්සා යාම පිළිනඳ අමතර ගැරන්ටියක් දෙන්න පුලුවන් සිරා. DDT, ඇහුනා නේද? එතකොට ඉන්ෂුවරන්ස් එකටත් ඒක බලපානවා. තැන්කූ මාරේ.
Deleteහිරුව කැමති ගැටිති තියන එකටලු.එළු ඇහැ නං සුපිරිලු
Deleteමරු මරු මේ ගැජට් ටිකක් ඉක්මනට එවන්න. මගේ රෝගීන්ගේ ඉල්ලුම සැපයූවත් ඔබට ඇති.
ReplyDeleteහපොයි වෙද මහත්තයො, මේක ඇත්තෙනම මේ මුල් ඇඳුම අඳින අයටම හදපු එකක්. ඔය සිරා තමයි මේ කෝච්චි ඩ්‍රයිවර්ලටයි, තව තව ඒවගෙ චූ කරන්නවත් විවේකයක් නැති රැකියා ගනනාවකට මේක ව්‍යාප්ත කරන්න උත්සාහ කලේ. අපි ඔය පැත්ත ගැන නම් හිතුවෙම නෑ.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හෙන්රි අයියා.. මගේ දහිරියෙ අන්තිම පිටුවට කලින් පිටුවෙ මහ වෙදනා තුමාගෙ ලෙඩ්ඩුන්ගෙ ඕඩර් එක ලිව්වා... දහිරියෙ කොළත් ඉවරයි.. ඕඩර් වලින්ම පිරිලා...
Deleteඅදහසක් නැද්ද ඕකෙ "කාන්තාවන්ට පමණයි" වර්ගයෙන් එකක් වෙළඳපොලට දමන්නට
ReplyDeleteහනේ නෑ කවිකාරි. මුල් ඇඳුම අඳින මනමාලියො හෙම හිටියොත් ඕං සලකා බැලුවෑකි. මේ පිස්සු ලෝකෙනෙ, කියන්න බෑ ඒකත්. හැබැයි මුල ඉඳලා ආයෙම ඩිසයින් කරන්න වෙනවා භූ විශමතා ප්‍රශ්ණෙ නිසා.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
භූ විෂමතා ප්‍රශ්නෙ තමා ප්‍රධාන ගැටළුව... මේ නිෂ්පාදනය මාකට් එකේ හිට් උනාට පස්සෙ ඒ ගැනත් හිතන්නම්...
Deleteමට හිතෙන විදිහට මේල් නොන්ඩම් එක ෆීමේල් කොන්ඩම් එකකින් රීප්ලේස් කලා නම් වැඩේ ගොඩ යයි කියලා. එත් ෂුවර් නෑ හිටීයි ද කියලා..
Deleteහෑඈඈ මදුරංග එහෙම එව්වත් තියෙනවද බොල? හොයල බලන්ට වටිනව බ්‍රවුස් කොරල. අපිට නාකි උනාම ඇඩල්ට් පැම්පර් අදින්නැතිව ගමං යන්ට.
Deleteඅපේ ගෙදර ඉන්න ආච්චිට සාරිය අන්දවන්නෙ පැම්පරය අන්දලා ඊට උඩිං ජංගි පොඩ්ඩ අන්දලා යට සායවල් 2ක් අන්දලා තමා. එයාල අන්දල ඉවර වෙන කොට මට ගමන යන එක එපා වෙලා
හයියූ... ආච්චිට අරවා බරක්වත් හදිස්සියෙ හැදුනොත් ගම්භාර දෙයියන්ගේම පිහිටයි...
Deleteබ්‍රවුස් කොරල ෆීමේල් කොන්ඩම් ://fashionindie.com/random-rapex-the-penis-destroying-female-condom/
Deleteබුදු අම්මෝ කියල හිතුන
දැනනම් මටනම් වැඩක් නෑ මචන්.. එත් මම කියන්නම් ඉස්සරහට අමාරුවේ වැටෙන්න ඉන්න කව්රු හරි ඉන්නවනම්.. වහාම සිරාව අමතන්න කියල කියන්නම් වැඩි විස්තර සඳහා….
ReplyDeleteමොනවා වුනත් ජීවනුහරණය කරලා දීපන් ...
නැත්නමී මනමාලයාගේ කුට්ටම සුමානයෙන් බිම...:D
මම
මයික්
මයික් , දැන් මේක මටත් වැඩක් නෑ, සිරාට නම් ඕං හරි.
Deleteජීවාණුහරනය ගැන සැක නම් තමාටම කොන්ඩම් එකක් සපයන්න පුලුවන් අර හොස්පිටල් එකට සිරින්ජ් ගේනවා වාගෙ. මේක ඇත්තටම DIY ප්‍රොජෙක්ට් එකක් හැටියට තමයි පටන් ගත්තෙ. පස්සෙ මේ කම්මැලියො වැඩි නිසා තමයි මේක අපිම නිෂ්පාදනය කරන්න හිතුවෙ. කොහොමත් අපි පාවිච්චි කරපු අහවල් එකක් නම් අපේ නිෂ්පාදනයට යොදා ගන්නෙ නෑ කියලා අපි සහතික වෙනවා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අපි එහෙම කැත වැඩ කරන්නෙ නෑ බන්...උපරිම සෞඛ්‍යාරක්ෂිතයි... මොකද ඔය ගැජට් එකේ වටිනාකම නොදන්න මිනිස්සුයැ....
Deleteඩූඩි & සිරා..
Deleteඋබල දෙන්න ගැන තියන විස්වාසය වැඩි හින්දම අවශ්‍ය කළමණා ටික කඩෙන්ම ගෙන්න කියන එක හොදා..!!! :D
ඉක්මනට උබලගේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රයයි SLS සහතිකයි ගනිල්ලා....!!!
මයික්
කොහොමද උඹල ඇඩ් එක දාන්නෙ, මම පොඩි යෝජනාවක් කරන්නම්, මෙහෙම දාමු ..
ReplyDelete"තැන , නොතැන් බල හැදෙන හුජ්ජ බරට නියම විසදුම
DUDESIRA හුජ්ජ බෑග්."
අන්න හරි කම්මල. හොඳ යෝජනාවක්. සිරා කොහොමද ඒ ස්ලෝගන් එක?
Delete"තැන , නොතැන් බල හැදෙන හුජ්ජ බරට නියම විසදුම: DUDESIRA හුජ්ජ බෑග්."
මූ කම්මල් කාරයා වුනාට අදහස් හරි මටසිළුටුයි, නැද්ද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ස්ලෝගන් එක නැගලා යනවා...ඒකටම සැට් කරලා ජින්ගල් දෙකක් තුනක් හැදුවා නම්, හරියට මෙන්න මේ වගේ... ප්‍රේමනීය වින්දනීය ගීත ඔබට ගෙන එන ආතල් හැන්දෑව වැඩ සටහනේ පූර්ණ අනුග්‍රහය DUDESIRA හුජ්ජ බෑග්....
Deleteයකෝ හෙන්රියා මාර නිර්මාණ කරුවෙක්නේ ..ඕකට අර පේටන් බලපත්රයද මොකක්ද කියන මෙව්වා එක අරගෙන.. ඔය ගැජට් එක තොග වශයෙන් හදලා පොලේ දාල විකුනන්න බැරිද ..
ReplyDeleteතැංකූ වේවා චමියා. හනේ බං. මේක පොලේ දාලා විකුනලා කොහොමද?
Deleteඋඹ කියන්නෙ ඔය පේරාදෙණියෙ, නුවර, ගම්පොල වගෙද?
ඒත් බං පොළට එන කීයෙන් කීදෙනාද මුල් ඇඳුම ඇඳගෙන කසාද බඳින්න යන්නෙ?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පොලේ දාලා විකුණන්න මේක පලා මිටියක්, කෙසෙල් මුවක් කියලා හිතුවද... මාලදිවයින් රාජ්‍යයේ අඩි 40 ක් ගැඹුරේ පරීක්ෂණ කරලා..පීඩනයට ඔරොත්තු දෙන අන්දම පිළිබද සැක හැර දැනගෙන ගෙන එන මෙම විශිෂ්ඨ නිර්මාණය සුපිරි වෙළද සැල් සහ අපගේ නියෝජිතයන් මගින් පමණයි.
Deleteහුටා ...එහෙමද ? අඩි හතළිහක් කිවේ උබල දෙන්න ලිදකට බැහැලද ඕක හැදුවේ...
Deleteනෑ බොලං... සබ්මැරීන් එකක් කුලියට අරන්...
Deleteදැම්මම ඇග්‍රිමන් එකක් ගහමු ද ප්රචාරක ව්‍යාපාරය මං බාරගන්නම් සිරා..
ReplyDeleteනලීන්, ඇත්තටම අපි උඹව හෙව්වා. කෝ මේ රතු රජරට? උඹලා මේක සහයෝගයෙක් කරපල්ලා ඔය සිරායි මායි වගේ. උඹට රහසක් කියන්න තියෙනවා. අර බින්දි දාලා තිබ්බා වියට්නාමේ මුල් ඇඳුම් වගයක්. ගියාම බලාපං පොඩි විපරමයිස් එකක් දාලා එහෙ මනමාලයොත් ඒක ඇඳගෙන අපේ උන් වගේ කට්ට කනවද කියලා. ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ උඹේ බිස්නස් මොලේට?
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මෙන්න මිනිස්සු...ඔබ තුමාට බොහොම ස්තුතියි...
Deleteනියමයි ඩූඩ් අනිවා බලන්නං....ඒත් පාර්ලිමන්ට් එකේ බජට් විවාදය ඉවරවෙනකං මට යන්න වෙන්නේ නෑ.. මෙහේ ඉන්න වෙනවා.බොහෝ විට ජනවාරි වගේ තමයි යන්න වෙන්නේ
Deleteමට නම් ෂුවර් වැඩේ නැගලා යයි කියලා.ඒ වගේම මම සුභ පතනවා ඒ වගේම යෝජනා කරනවා පිරිමි අපිට වඩා කාන්තාවන් සඳහා සුදුසු උපකරනයකුත් නිෂ්පාදනය කරන්න කියලා අපිට නම් ඔය පාරක් අයිනේ ගහක පිටි පස්සට හරි ගියහැකි ඒත් බවලත් උදවිය පව්.
ReplyDeleteමාත් අලෙවි නියෝජිතයෙක් වෙන්න කැමතියි හැබැයි අත්හදා බලන්න එකක් නිකන් දෙනවා නම්.
රීඩිසයින් කරන්න වෙනවා අර භූ විෂමතා ප්‍රශ්නෙ නිසා, නමුත් ඉතාම මානුෂික හේතුවක්. අපි සලකා බලමු නේද සිරා?
Deleteඅනිවා උඹට නොමිලේ සාම්පලයක් දෙනවා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
භූ විෂමතා ගැටළුව නිසා කොණ්ඩමේ කොහෙට ගහන්නද කියලා හොයා ගන්න තව සෑහෙන කාලයක් යාවි.. සියලුම බ්ලොග්කරුවන්ට නොමිලේ සාම්පලයක් දෙනවා, වෙනස වටහාගෙන අප වටා රොක් වෙන්න...
Deleteබොලේ මං අවුරුද්දක් විතර තිස්සේ ඔය වගේ ගැජ්ජට්ටුවක් හීනෙන් Dezign කොර කොර හිටියා duda එක උස්සලා විකරණය(modify) කොරලා , හීනයක් වත් දකින්න නිදහසක් නැති හැටි , සිර අයියගේ නිලමේ ෆොටෝව පින්තූර කඩෙන් ගොඩ දාපු එකක් ද කොහෙද ? හොරා ..... (මේකාගේ බතල ගතිය නැහැ නොවැ හූනු type ෆොටෝවක් නේ මේක )
ReplyDeleteසිරා අයියා වැඩ කොරන පත්තරේ මොකක්ද ?
Deleteඒකනෙ බං. දැන් හීනත් කොපි ඇන්ඩ් පේස්ට් කරන උන් ඉන්නවනෙ. හැබැයි ඉමල්ක මේක මමත් හීනෙන් දැක්කෙ.
Deleteසිරාගෙ ෆොටෝ එක ගැන මම මොකුත් කියන්නයන්නෙ නෑ මොකද ඌ මගෙ බිස්නස් පාට්නර්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හීන දැක්කට කමක් නෑ බන් හීනෙන් කියවන්න එපා... එතකොට තමයි අහළ පහළ උන් උඹ දැක්ක හීනෙ ගැන දැනගන්නෙ...ඔය පින්තූරේ 2004 දි ගත්ත එකක්...ඒ කාලෙ මම කොහොමත් වැඩිය මහත නෑ... පත්තරේ Sunday times...
Deleteහප්පට සුරු, පට්ට සුපිරි නිර්මානයක්නේ, අපේ ගමේ ප්‍රාදේශීය අලෙවි නියෝජිතයෙක් විදිහට මම ඉල්ලුම්පත්‍රයක් දාන්න කියල බැලුවේ, මෙන්න මෙව්වා තමයි ක්‍රියේටිව් අයිඩියා සුපිරි ඈ ,
ReplyDeleteදාපං දාපං පැතුම්. උඹලට නොදී ඉතින් වෙන කාට දෙන්නද? ටැංකිව් ඈ.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
DUDESIRA හුජ්ජ බෑග්... අළෙවි නියෝජිත ඔබ සාඩම්බර ආර්ථික තත්වයකට කැදවාගෙන යාමට ඇප කැප වී සිටිමු.
Deleteයකෝ සිරාගෙ බොග සම්භාව්‍ය වෙලානෙ...
ReplyDeleteමුං දෙන්නා එකතු වෙලා බොග ආදායම්මාර්ගයක් කරගන්නද හදන්නේ.!
Deleteනිකං තියෙන බොගනෙ බං, ඔහෙ පොඩි ට්‍රයි එකක් දාලා බැලුවා. මොකද ඇඩ්සෙන්ස් වැඩකරනවා කියලයැ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
වැඩේ සුන්දරයි නේද... මේ වගේ ඩබලක් සැට් වෙලා දෙන ගේමක් දැක්කමයි කියලා ඔය මහාචාර්ය මාතලන් තුමත් කියලා තියෙන්නෙ...
Deleteහරි මන් මේ පරිකල්පනයෙන් මේ කිට් එක ඇඳන් හිටියා අද දවසම ..හරි තේරෙන භාෂාවෙන් වර්චුවලි කියමුකො..
ReplyDeleteමට ආපු ප්‍රශ්නෙ තමයි..
දැන් ඔය කොන්ඩම් එක පළඳින්නෙ වෙන වැඩකට ලේස්ති වෙලා නොවැ..ඕක පැලන්දපු වෙලාවෙ ඉඳන් මෙලෝ සම්ම්ජාතියකට හුජ්ජ බරක් නම් එන්නෙ නෑ..ඒ වෙනුවට !@@#$$^^&^%%^^& හිතෙන්නෙ.. යකෝ අද දවසට මේක ඇඳන් ඉඳලා මන් කරපු අපරාධ වලට ජීවිතාන්තය දක්වා හිරේ ! මන් හිතන්නෙ බහුතරයකට ඔය ප්‍රශ්නෙ එයි...යකෝ ඉටිපන්දම් කියලා හිතුවයැ මෙව්වා !?!
හෙහ් හෙහ් හෙහ් ... මෙන්න කොල්ලො !
Deleteඅම්මප මෙන්න කොල්ලො. කවුද ඩෝ වෙනියට මාමා කියන්නෙ? සිරා මට නම් මේකට උත්තර දෙන්න තේරෙන්නෙ නෑ බං. මේක ටෙක්නිකල් ප්‍රශ්ණයක්ද නැද්ද කියලවත් මට තේරෙන්නෙ නෑ.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අනේ අපි නම් මාමා කිව්වෙ නෑ... අර සිහිනයා වගේ අසමජ්ජාති උන් තාම මේ වගේ නාඹර කොල්ලෙක්ට මාමා කියලා පවු පුරෝගන්නෙ...
Deleteදවසම ගැජට් එක පැළදගෙන ඉදලා වෙහෙසට පත් වුනාම ගැජට්ටුව ගලවා දමා පහසු ඉරියව්වක සිට ආයුධය තදින් අල්ලා ඉදිරියට සහ පසුපසට වාර 143 තල්ලු කලාම ඔබේ වෙහෙස දුරු වෙනවා... (මෙම වාර ගණන සම්මත තත්වයන් යටතේය... වෙනස් වීමට ඉඩ ඇත )
සිරාවටම මේක ටෙක්නික්ල් ප්‍රොබ්ලම් එකක් නෙවෙයිද බන්ස්ලා ????
Deleteමාර නිර්මානයක්නේ.. මේක වැදගත් වන්නේ හදිසියේ වැසිකිලියක් අහල පහල නැති වුනාමනේ හුඟක්! එතකොට රෑට නින්දේදී මූත්‍රා වෙන අයට විසදුමක් නැද්ද?
ReplyDeleteඉෂාන්, ස්තුතියි නිර්මාණය අගය කිරීමට. අර අමාරුවටත් මේක හොඳයි තමයි. ඒකෙ අමතර වාසියකුත් තියෙනවා පැක් එකෙන් කැමති තැනක් රස්නෙට තවා ගන්න පුලුවන් වීමෙනුත්. හැබැයි Warranty void.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ ජන කොට්ඨාශය අපි අමතනවා අපේ ව්‍යාපාර සැලසුමේ දෙවැනි කොටසෙදි... පළමු වාරයෙදි අපේ අවධානය යොමු වෙන්නෙ භාර දූර්ය රැකියාවන් කරන අය සම්බන්ධයෙන්...
Deleteමේ ලිපිය ලියපු එකත් කමෙන්ට් කරපු එවුනුත් එකෙක්වත් ඔය කියන ඇඳුම ජීවිතේටම ඇඳපු එවුන් නම් නෙවෙයි...ඒක නම් ෂුවර් ඇන්ඩ් ෂොට්...යකුනේ..මේක අහපල්ලා...ඕක ඔය වැඩේ කොරන්ඩ ඔය හැටි විච්චූරණ කොරන්ට ඕන නෑ...සරමක් ඇඳං ඉන්නව වගේ ලේසි නම් නෑ තමා..ඒත් ඔය කියන තරං අවුලක් නෑ...
ReplyDeleteහෙහ්, හෙහ්, අනේ බොලව්..අපි නොදන්න මුළු ඇඳුං කිව්වලු...
අඩේ රවියා මේක ආවේගයෙන් ලියපු එකක් වගේ.
Deleteමේකෙ පළවෙනි පෝස්ට් එක අර ලින්ක් එකෙන් ගිහින් බැලුවානම් උඹට තේරෙයි මේක ඔය ඇඳුම ඇඳගෙන චූ කරන්න බැරි කමට වෙච්ච වැඩක් නෙවයි කියලා. ඒකෙ සඳහන් වෙනවා ඇඳුමෙ පැල්මක් තියෙන බවට. මේක එදාට තියෙන tight schedule එක නිසා රජ ඇඳුම ඇඳගෙන අකුල් අස්සෙ රිංගීම වගෙ අපහසුතාවයවල් අවම කරගැනීමෙ ඉඳලා තව ප්‍රශ්ණ අටෝරාසියකට විසඳුමක් හැටියට බිහිවෙච්ච නිර්මාණයක්.
මේක ඔන්නම් යුරෝපීය ඇඳුමටට් සෙට් කරලා දෙන්න පුලුවන් මනමාලයටත් සීමාවක් නැතුව දියර වර්ග පානය කරන්න හැකි වෙන ආකරයට.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අඩේ එහෙම පෝස්ට් එකක් මම කියෙව්වෙ නෑනෙ....සොරි හොඳද?......ආවේගයෙන් මොන කෙහෙල්මලද බොල මලම පැනලයි ලිව්වෙ...යකෝ මේ ඔය ඇඳුම උදේ හවා අඳින වලව් කාරයො වෙච්චි අපි...ඉතිං මල නොපැන තියෙයිද?...හෙහ්, හෙහ්,
Deleteඔය ඉතිං පොට පාගගෙන නොවැ... ඇදුම ඇදලා ඉන්න පින්තූරෙකුත් දාලා තියෙද්දි කියනවා ඇදුම ඇදලා නෑලු... ඔය ඇදුම ඇන්දට හුජ්ජ කරන්න කිසිම අපහසුවක් නෑ... අපි කොහෙවත් එහෙම කියන්නෙත් නෑ. නමුත් ඒ සදහා අවස්ථාව උදා කරගත නොහැකිව තමන්ගෙ ජීවිතේ ලස්සනම දවසක අසරණ වෙන අපේම හිතවතුන් වෙනුවෙන් තමා මේ වටිනා නව නිර්මාණය...
Deleteමං මේ ආවාමයි මරු කතා නේ සිරා ගේ
ReplyDeleteආයේ එන්නම්
සිරාගෙ කාමරේ ඉන්නෙ සිරාම බුවෙක් තමයි, උඹ උඹ මයි!
Deleteදිගටම එමු. :)
හොදා හොදා බොහොම හොදා...දිගටම ආවාට කම් නැත...
Deleteෆාමසියකින් හරි ඉස්පිරිතාලෙකට ගිහින් හරි කොන්ඩම් කැතීටර් එකක් අරගෙන පැලදගත්තා නම් ඔච්චර වද වෙන්න ඕන නෑ නේ. අනික ඔය හදපු එකේ කොන්ඩමේ හිල් කරලා ආයේ සෙලෝටේප් ගහන කොට වෙන "ලීක්" ගැනත් එතකොට බය වෙන්න ඕන නෑ.. වෑල්ව් කෑලි ඕනත් නෑ.. මෙන්න තියනවා භාණ්ඩේ බලන්නකෝ. http://www.emedicinehealth.com/script/main/art.asp?articlekey=138451&ref=137631
ReplyDeleteඅපේ එක ලෙචෙකුට ගහන මඩක් තිබුණා.. දවසක් පැය6ක සර්ජරි එකක් කරන්න කොන්ඩම් කැතීටර් එකක් දමාගෙන ගියාය කියලා. (අතර මැද අවධානය වෙනතක නොයා ඔපරේශන් එක කරන්නලු එහෙම කලේ)
ඇත්තම කිව්වොත් තොටියාස්, අපි පොඩි කාලෙ මගෙ හොඳම යාලුවෙක් මෝටර් බයික් ඇක්සිඩන්ට් එකකින් කෝමා එකකට වැටිලා පස්සෙ බේරා ගන්න බැරි වුනා. ඒ දවස් වල අපි තමයි ලඟ හිටියෙ. අපි ඔය කැතීටර් කොන්ඩම් ගේනවා ඌට. මට මේ පෝස්ට් එක දැක්කාම ඒක මතක් වුනා.
Deleteමේ පෝස්ට් එක ඉතින් ජොලියට ලිව්වෙ. අරක වැඩි දියුණු කරලා.
අනික මේක සුන්දර දෙයක් නෙවෙයිද තොටියා අර මාතලන් කිව්වා වගේ? මේ බ්ලොග් ලෝකෙ සමහරු අනිකට මඩ ගහගෙන මරා ගනිද්දි, කවදාවත් මුණ ගැහිලා නැති සිරායි මායි මේවගෙ සහයෝගෙන් පෝස්ට් එකක් දාන එක? මම නම් ඒක දකින්නෙ බ්ලොග් ලෝකෙ යම් කිසි යහපත් ප්රවනතාවයක් හැටියට. අනික් අය මොකද හිතන්නෙ?
අර ලෙචා නම් සිරා පොරක්, ආ!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
තොටියා වැඩේ සීරියස් අරන් වගේ... මේක මේ පොඩි ජොලියක් විතරයි හොදේ... මම හිතනවා හෙන්රි අයියා සමග මේ පටන් ගත් කාර්යය බ්ලොග් ලෝකයට අලුත් දෙයක් වේවි කියලා... දෙන්නෙක් එකතු වෙලා කල මේ සත්කාර්යය අනෙක් අයත් ආදර්ශයට ගත්තොත් බ්ලොග් ලෝකය වඩාත් සුන්දර වේවි.... සැමටම ආරාධනා... දෙන්නා බැගින් සැට් වී ලිවීමේ කලාව අපූරුයි...
Deleteදෙන්නෙක් සෙට් උනාට කමන් නෑ. හැබැයි ලියන්න විතරයි හොඳේ.
Deleteසිරාවට අරන්? මොන පික්ෂුද? මමත් ඒක දැම්මේ ජෝක් එකටම තමා.. අර ලෙචාගේ කතාව කියන්නත් ප්‍රවේශයක් ගන්න එක්ක.. මම එහෙම ජෝක් සිරා ගන්න ජාතියේ ඩයල් එකක් නෙවි. අර ඇනෝ කිව්වා වගේ ලියන්න විතරක් සැට් වෙනවානම් හොඳා :D :D බලමුකෝ මේ දෙන්නා ඊලඟට සැට් වෙන්නේ මොකටද කියලා..
Deleteඅම්මපා ගන්නම වටිනා බාන්ඩයක් . හහ් හහ්
ReplyDeleteතව ටිකක් විතර සංවර්ධනය කරලා වෙළදපොලට යොමු කරන්න හිතාගෙන ඉන්නෙ... ඊට කලින් ටැස්ට් කරන්න ඕනෙ නම් ගැජට් එකක් දෙන්නම් නොමිලේ...
Deleteමගෙ අම්මේ, මොන තරම් කමෙන්ට් ගොඩක්ද?ඊරිසියාවෙ බැ! හරිම සතුටුයි අලුත්ම තාලෙ වැඩක් දැක්කම. දෙන්නගෙ සහයෝගය දැක්කම හරි සන්තෝසයි. හැබැයි මටත් ප්‍රස්නයක් තියෙනවා. උපකරනයේ නිරවද්‍යතාවය පරීක්ශා කරල බලපු කෙනෙක් ඉන්නවද?
ReplyDeleteකාමරේ පැත්තට ඒම සම්බන්ධයෙන් මටත් සතුටුයි... උපකරණයේ නිරවද්‍යතාවය පිළිබද නිෂ්පාදකයා වග කියනවා... ඉරිසියාව හොද නෑ ගොයියෝ...
Deleteමට මේ පෝස්ට් එක මගහැරුණා.....
ReplyDeleteවැඩේ නියමයි....කලියුගයේ "රයිගමයටයි - ගම්පළයටයි" සුබ පැතුම්....!!!
බොහොම ස්තුතියි සුමිත් අයියා... ඔබටත් දෙන්නද ගැජට් එකක්...
Deleteමටත් මතක් වුනේ රයිගමයයි ගම්පලයයි තමා..හෆොයි..
ReplyDeleteහැබෑටම ඒ වගේද ?
Deleteඅලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී :D
ReplyDeleteඔය පාඨයත් අපේ බිස්නස් එකට ඈද ගන්න ඕනෙ... ස්තූතියි මතක් කලාට...
Deleteයකෝ මට මේ ආනන්ද ජවනිකාව මිස් වුනේ කොහොමද ? මේ ජාතියෙ වැඩක් බ්ලොග් ලෝකෙ දැක්කමයි.. දෙන්නම කමෙන්ට් වලට පිළිතුරු දීලා හරි අපූරුයි.. හරිම ජාති..
ReplyDeleteකලියුගයේ රයිගම-ගම්පල දෙපලට මගෙත් සුබ පැතුම් !!
ඔන්න සෙන්නා සෑහෙන කාලෙකට පස්සෙ තමයි උත්තර බැන්දෙ...බොහොම ස්තූතියි අපේ ආනන්ද ජවනිකාව කියෙව්වට...
Deleteහපෝයි මට ආතල්ම පෝස්ට් එකක් මිස්වෙලා.... අපරාදේ සිකේ....
ReplyDelete//හදිසියේ හර්ස් එකක් ලෙස භාවිතා කල හැකි වාහනයක් තිබීම//
මෙන්න මේක මං ගානේ සපයන්නං ඈ... පෙට්ටියටත් ඩිස්කවුන්ට් එකක් දෙඤ්ඤං
මිස් උනාට ඔය ආයෙත් මුලිච්චි වෙලා තියෙන්නෙ...ඩිස්කවුන්ට් ගන්න මැරිච්ච එකා පෙට්ටියෙන් නැගිටලාම එන්න ඕනෙද ?
Deleteහෙහේ මරු මරු පාන් කෑවොත් ඔහොම්මමය්... :D
ReplyDeleteඑළකිරි...
Deleteඒකනං සුපිරි ඈ........
ReplyDeleteමොකක්ද මලේ ඩියුඩ් සිරා හුජ්ජ බෑග් එකද...බදින දවසක ඇදලා බලන්න...
Deletepatta
ReplyDelete