ශරීර ප්‍රමාණයෙන් විශාල නොවුනට චීනා වැඩට බැස්සම කඩියා වගේ තමයි. මුද්‍රණයට කඩදාසි, මුද්‍රණ ශිල්පය, වෙඩිබෙහෙත්, ඉන්ධනයක් ලෙස ගල් අගුරු භාවිතා කල හැකි බව, , අපිට හොයලා දුන්නෙත් මේ අයගෙ මුතුන් මිත්තො. ඊට අමතරව මල්වෙඩි , මාලිමාව, චීන කටු චිකිත්සාව, පෙන්ෂුයි, වූෂු සටන් ක්‍රමය, චීන සර්කස් , ගෑස් සිලින්ඩරය, කෙදි සහිත දත් බුරුසුව, ගෝල්ඩ් ෆිෂ් නම් මාලු විශේෂය මේ වගේ දීර්ඝ ලැයිස්තුවක් කියන්න පුලුවන් ඒ ඇත්තො ලොවට දායාද කරපු දේවල් ගැන.
මෙච්චර අති විශාල ජනගහනයකුත් නඩත්තු කරගෙන චීනය අද ආර්ථික වශයෙන් ඉදිරියට යන විදිය අනුව මීලග සියවසේ ලෝකෙට ලොක්කා චීනය බවටයි බොහෝ අය අනාවැකි කියන්නෙ. අතීතයේ ඉදන්ම අපේ සිරි ලංකාව එක්ක බොහොම යහපත් සම්බන්ධතාවක් ඒ අය තියාගෙන ඉන්න එක ගැනත් අපි සතුටු විය යුතුයි.
අපේ රටේ ආච්චිලා අවුරුදු 70 පමණ පහු කලාට පස්සෙ විවේක සුවයෙන් හිටියට චීන ආච්චිලා එහෙම නෑ...ඊට වඩා වැඩි වයස් වල අයත් අපූරුවට වැඩ කරනවා බොහොම කඩිසරව..හිස් ගෑස් සිලින්ඩරය පා පැදියෙ පිටුපස තියාගෙන ගිහිල්ලා අදාළ තැනට බාර දීලා අලුත් සිලින්ඩරය අරන් එන චීන ආච්චිලත් මම දැන් ඉන්න රටේදි දැකලා තියෙනවා. ඒ ඇත්තො දැන් මැලේසියාවෙ පුරවැසියො වුවත්..අපි පොදුවේ හදුන්වන්නෙ චීන්නු කියලයි. වයසක පිරිමි අයත් මේ වගේම තමයි. වයසයි කියලා පැත්තකට වෙන්න ඒ අය සූජානම් නෑ.
චීන ජාතිකයන්ගෙ ආහාර රටාව තුල තියෙන විවිධත්වය නිසාම ඉතාම නිරෝගී සම්පන්න ජීවිතයකට උරුම කම් කියන්න බොහෝ ඇත්තන්ට හැකි වීම මේ දියුණුවේ එක් රහසක්. සෑම ප්‍රධාන ආහාර වේලකටම පස්සෙ ඖෂධීය ගුණයෙන් යුතු සුප් වර්ගයක් පානය කරන එක බොහෝ විට ඒ අය සිදු කරන දෙයක්. පොදුවේ මේ අය අතර මම දකින දේ තමයි ඔවුන් අතර තියෙන සාමූහික බව, එහෙමත් නැත්තං එකමුතු බව.
අද ලෝක මට්ටමෙන් ගත්තත් චීන නිෂ්පාදන නැත්තෙ කොයි රටේද...අද ජපානයට හිමි වෙළද නාම වලින් එන නිෂ්පාදන බොහොමයක් චීන කරණයට ලක් වෙලා...කොටින්ම ජපානය තුල විකුණන්න තියෙන්නෙත් චීන නිෂ්පාදන. චීනයේ මහා ශ්‍රම බලකාය නිසා ශ්රමයට ගෙවිය යුතු මිළ බොහොම පහල එකක් වීම නිසාම තම තමන්ගේ කර්මාන්ත ශාලා චීනයේ ස්ථාපිත කරන්න මහා පරිමාණ කර්මාන්ත කරුවන් තීරණය කිරීම එයට හේතුව කියලයි මම අහලා තියෙන්නෙ.
සිංගප්පූරුව, මැලේසියාව වගේ 90 දශකයේ ආර්ථික දියුණුව අතින් ඉහළට ආපු ආසියානු රටවල් කීපයකම ඒ දියුණුවට බොහෝ සෙයින් ඉවහල් උනේ චීන ජාතිකයන්ගේ හැකියාව සහ ඔවුන්ගේ දායකත්වය බව මේ රටවල් දෙකේදීම මට අහන්න ලැබුන දෙයක්. මැලේසියාවේ ඉහළම ධනවතුන් ලැයිස්තුවේ පළමු 10 දෙනා අතර චීන සම්භවය සහිත අය 8 දෙනෙකු ඉන්නවා. මැලේසියාවෙ තියෙන බොහොමයක් හෝටල් සහ දැවැන්ත කර්මාන්ත ශාලා බහුතරයක් අයිති වෙන්නෙත් ඒ ඇත්තන්ට. ඒ විතරක්ද ලෝක ශ්‍රේණිගත කිරීම් වල සෑහෙන කාලයක් අංක 1 ස්ථානයේ සිටි මැලේසියානු ජාතික බැඩ්මින්ටන් සූරයා ලී චොන්ග් වෙයි (Lee Chong Wei) චීන සම්භවයක් ඇති කෙනෙක්. වර්තමාන මැලේසියානු ජනතාවගේ ජාතික වීරයෙක්.
පිටකොටුවෙ පදික වේදිකාවක තියෙන පුංචි ලෑලි කඩයක් දිහා බලන්න...වෛවාරණ චීන සෙල්ලම් බඩු කොච්චර නම් තියෙනවද...අලුත් දේ හොයාගෙන අඩු නිෂ්පාදන පිරිවැයක් යටතේ නිපදවන්න චීනා සූරයා බව රහසක් නෙමෙයි. චීනයේ මාවත් අද්දර ගස් හෙවනෙ ඉදගෙන ඇතැම් පරිගණක කොටස් පවා එකලස් කරන බව වතාවක් මගේ මිතුරෙකු මා සමග පැවසුවා.
මෙන්න මේ වගේ චීන ජාතිකයො කීප දෙනෙකු සිදුකරපු නව නිපැයුම් කීපයක් පිළිබදව ඔබත් සමග දැනුම බෙදාගන්න තමයි සිරා කොලුවාගේ මේ වෑයම. ඒ ජාලෙන් පෙරලපු කථා ලේබලයෙන් ලියවෙන තුන්වෙනි ලිපිය යටතේ. එයින් යම් අදහසක් ගන්න පුලුවන් ඒ ඇත්තො නව නිෂ්පාදන කරන්න දක්වන උනන්දුව ගැන. ඒ නිෂ්පාදන මොනවාද කියලා දැනගනිමු.
01 |
වූ යූලු (Wu Yulu) කියන ගොවි මහත්තයා තමයි මේ ඉන්නෙ. එයාගෙ රික්ෂෝව ඇදගෙන යන්න ඉස්සර වගේ අශ්වයෙක් හරි ගොන් නාම්බෙක් හරි උවමනා නෑ. කසල ලෙස තැන තැන විසි කරලා තිබුන වයර්, යකඩ කෑලි, ඉස්කුරුප්පු සහ වානේ ඇණ වගේ දේවල් උපයෝගී කරගෙන ඔහු විසින්ම නිපදවපු රොබෝ ගොයියෙක් ඒ කාරිය දැන් කරන්නෙ. 1986 ඉදන් විනෝදය උදෙසා රොබෝ නිෂ්පාදනයේ යෙදුනු වූ යූලු හදපු විශාලතම රොබෝ තමයි මේ. මේ ඡායාරූපයෙන් පේන්නෙ 2009 ජනවාරි 8 වෙනිදා චීනයේ බීජිං නුවර ඔහු වෙසෙන ගම්මානයේ තමන්ගෙ නව නිපැයුම පරීක්ෂා කරන අන්දම.
02 |
චීන නව නිපයුම්කරුවෙකු වන යැන්ග් සොන්ග්ෆු ( Yang Zongfu) 2012 අගෝස්තු මාසයේ මේ විදියට විනෝද වෙමින් හිටියෙ ඔහුගේ නව නිර්මාණය වෙච්ච ටොන් 6 ක් බරැති දැවැන්ත යකඩ බෝල යාත්‍රාව සමග. චීන මාධ්‍ය වාර්තා කියන විදියට මේ කාර්යය සදහා ඔහුට වසර දෙකක් වගේම ඇමරිකානු ඩොලර් 235,585 ක දැවැන්ත මුදලකුත් වැය වෙලා තියෙනවා. කාලයක් තිස්සේ සිදු කරපු පරීක්ෂන රාශියක් අවසානයේ තමයි තමන්ගෙ නිර්මාණය සාර්ථක කරගන්න ඔහුට හැකි වෙලා තියෙන්නෙ.
මේ යාත්‍රාව මීටර් 4 ක වටප්‍රමාණයක් ඇති ජලයේ පාවෙන යකඩ බෝලයක් කිව්වත් වැරැද්දක් නෑ. මේ බෝලය ඇතුලෙ මාස 10 ක් සදහා අවශ්‍ය සියලු දේ ගබඩාකරගෙන පුද්ගලයන් තුන්දෙනෙක්ට නවාතැන් ගන්න පුලුවන්. බෝලය ඇතුලට ජලය යන්නෙත් නෑ...ඒ වගේම අධික තාපයටත් ඔරොත්තු දෙනවා... පිටතිත් බෝලයේ යමක් තදින් ගැටුනත් එහි බලපෑම ඇතුලට දැනෙන්නෙ අවම වශයෙන්. ස්වභාවික විපතකදී කාරිය මේ නිපැයුම බොහෝ සේ ප්‍රයෝජනවත් වේවි.
03 |
බයිසිකලයේ බර කිලේ 300 යි. එය නිෂ්පාදනය කරන්න ගත වී තිබෙන කාලය වසර 1 යි. මේ අපූරු බයිසිකලයේ දිග අඩි 14 ක්. උස අඩි 7.8 ක්. පරිවර්ථිත එන්ජිමක් මගින් බලය සපයන මෙය මහා මාර්ගයේ පදින්න නම් අබුලජොන් ට අවසර නෑ. පැයට කිලෝ මීටර් 40 ක පමණ වේගයකින් ඔහුගේ බයිසිකලය පදින්න පුලුවන් බවයි මාධ්‍ය වාර්තා කියන්නෙ. බයිසිකලය නිපදවන්න වැය වෙලා තියෙන මුලු මුදල ඇමරිකානු ඩොලර් 1300.
ලංකාවෙ බොහෝ පළාත් ජල ගැන්මට ලක් වෙනවා නොවැ...අන්න ඒ මාර්ගයක ධාවනයට කියාපු වාහනයක් තමයි අබුලජොන් ගෙ මේ බයිසිකලය. නිතර නිතර ටයර් දාන්න වෙන්නෙත් නෑ...උපතේ සිට විපත දක්වාම එක ටයර් එකක් ඇති වෙයි.
04 |
05 |
06 |
කාර්මිකයකු විසින් මේ පින්තාරු කරමින් ඉන්නෙ ෂැන්ග් වුයි (Zhang Wuyi) විසින් තම ඉංජිනේරු සගයන් සමග එක්ව නිපදවූ තනි පුද්ගලයෙකුට යා හැකි සබ්මැරීනයක්. හුබෙයි ප්‍රාන්තෙ වුහාන් කියන පලාතෙදි තමයි මේ නිපැයුම සිදු කර තිබෙන්නෙ. සාර්ථක අසාර්ථක බව මෙන්ම සබ්මැරීනය නිපදවන්න ගිය වියදම පිළිබදවත් සදහනක් නෑ.
07 |
යට ඇදුම පිටින් විනෝදයෙන් බයිසිකල් පදින මේ හාදයගෙ නම ලියු වැන්යොන්ග් (Liu Wanyong ) ඔහුගෙ නව නිපැයුම වෙන්නෙ ප්ලාස්ටික් බට දෙකක් ආධාරයෙන් ජලයේ ගමන් කල හැකි බයිසිකලයක්. කොල්ලා වගේ පෙනුනට වයස අවුරුදු 52 ක්. ජීවත්වෙන්නෙ චීනයේ ෂෙනින්ග් කියන පළාතෙ.වඩා සංකීර්ණ නැති මුලික අවස්ථාවේ නිෂ්පාදන තමන් ජීවත් වෙන ගම්මානයේ පාරම්පරික ජන ජීවිතයේ අවශ්‍යතා ඉටුවන පරිදි නිමකරන්න තමයි ඔහු හැම වෙලේම කැමති කියලයි තොරතුරු උපුට ගත්ත තැන සදහන් වෙලා තියෙන්නෙ.
08 |
සුන් ජිපා (Sun Jifa ) තමයි මෙයාගෙ නම, ඔහු නව නිවසක් හදන කටයුත්තකයි මේ නියැලිලා ඉන්නෙ. වෘත්තියෙන් ගොවියෙක්, ජිලින් ප්‍රාන්තයේ තමයි වාසය කරන්නෙ. අවුරුදු 32 කට කලින් මෙයාට හරිම ඇබැද්දියක් තමයි උනේ. ඩයිනමයිට් යොදාගෙන මසුන් මරන්න ගිහිල්ලා සිදුවුන අත් වැරදීමක් නිසා ඔහුගෙ අත් දෙකේම වැළමිටෙන් උඩ කොටස සුන් හට අහිමි වුනා. ඔහු කෘතිම අත් දෙකක් මිළදී ගන්න උත්සාහ කලේ නෑ...ඔහුගේ බෑණාවරුන් දෙපලට ඒ කාරිය පැවරුවා. ඔවුන් දෙදෙනා වසර දෙකක් වැය කරලා සුන්ගෙ සුන් වෙච්ච අත් දෙක වෙනුවට මේ අලුත් අත් සුන් හට තිලිණ කලා. ප්ලාස්ටික්, යකඩ, රබර් වැනි දේ යොදාගෙන මේ නව නිෂ්පාදනය කරන්න බෑණාවරුන්ට මග පෙන්වුවෙත් මේ ඉන්න සුන්. මේ කෘතිම අත් දෙකේ සාර්ථක භාවය නිසාම ඔවුන් තවත් එවැනි කෘතිම අත් 300 පමණක් නිපදවා මුදලට අළෙවි කලා. එක අතක වටිනාකම වුනේ ඇමරිකානු ඩොලර් 476 ක්.
09 |
ලී ජින්ග්චුන් (Li Jingchun) අවුරුදු 58 ක් වයස ගොවියෙක්. එයා තමන්ගෙ පවුලෙ අයත් එක්ක එකතු වෙලා නිවසේ ඉහළ කොටසේ මේ නිමකරමින් ඉන්නෙ තමාගේම කියලා ගුවන් යානයක්. ලී ජීවත් වෙන්නෙ ෂෙන්යැන්ග් කියන පලාතෙ. මීටර් 5 දිග, මීටර් 1.5 ක් පළල මේ ගුවන් යානය නිපදවන්න වැඩි කොටසක් යොදාගෙන තියෙන්නෙ ප්රතිචක්රීයකරණය කරන ලද යකඩ තහඩු. මේ කාර්යය සාර්ථක කරගන්න උනන්දු වෙන නිවැසියෝ එක්ක ලී මේ ගුවන් යානයට මේ වෙද්දි වියදම් කරලා තිබුන මුදල ඇමරිකානු ඩොලර් 6349 ක්. උත්සාහය සාර්ථකද අසාර්ථකද කියලා සටහනක් නම් නෑ. බලාගෙන ගියාම චීනයේ ගුවන් යානා හදන්නෙ ඉංජිනේරුවො නෙමෙයි. ගොවියො.
10 |
ගුඕ (Guo ) වයස අවුරුදු 50 ක ගොවියෙක්. ලැම්බෝගිණි කාරයක අනුරුවක් තමයි ඔහුගේ නිපැයුම. හෙනාන් කියන පළාතෙ තමයි මේ තාත්තයි පුතයි ඉන්නෙ. මාස 6 ක කාලයක් සහ ඇමරිකානු ඩොලර් 821 ක් වියදම් කරලා මේ කාර් රථය ඔහු නිපදවලා තියෙන්නෙ තමන්ගෙ පුතා වෙනුවෙන්. වෙනත් නිෂ්පාදන කරද්දි කැපී ඉවත්වෙන යකඩ තහඩු, ඉලෙක්ට්‍රික් බයිසිකල් අමතර කොටස්, සහ නැවත නැවත ආරෝපණය කල හැකි බැටරි කට්ටල් 5 ක් මේ නිපැයුම වෙනුවෙන් ඔහු යොදාගෙන තියෙනවා. මීටර් දෙකක් දිග, මීටරයක් පලල මේ ලැම්බෝගිණි පොඩ්ඩට පැයට කිලෝමීටර් 60 ක පමණ වේගයකින් ධාවනය වෙන්න හැකිලු. හැබැයි එහෙම වෙන්න නම් බැටරි උපරිම මට්ටමෙන් ආරෝපණය වෙලා තියෙන්නත් ඕනෙලු.
මේ නිෂ්පාදන පෙළ බලද්දි මට වැටහෙන දේ තමයි පරිසරයෙන් හොයාගන්න පුලුවන් ඉවත ලන දේ යොදාගෙන නව නිපැයුම් කරන්න චීන ජාතිකයන් දක්වන කැමැත්ත. මේ වගේ අති විශාල ජනතාවක් අතර මෙවැනි පුද්ගලයන් ලක්ෂ ගනනක් ඇති. ඒ නිර්මාණ අතරින් කරළියට එන හොදම තත්වයේ දෑ තවත් ඔප මට්ටම් කරලා වැරදි නිවැරදි කලාට පස්සෙ තමයි විවිධ සන්නාම නාම වලින් සන්නද්ධ වෙලා අපේ රටවල් හොයාගෙන එන්නෙ. චීන ආර්ථිකය වේගයෙන් ඉදිරියට යන හේතුවත් මෙයම වෙන්න පුලුවන්.
මෙතැන බොහෝ නිෂ්පාදන කරලා තියෙන්නෙ ගොවියො. ඔවුන් තමන්ගෙ රටට ආහාර සම්පාදනය කරන ගමන්ම කාර්මික නිෂ්පාදන වලටත් සිත යොමු කරනවා. චීනයේ දියුණුවේ රහස මෙයම වෙන්න බැරිද ?
මේ තොරතුරු උපුටා ගත් තැන නව සොයාගැනීම් 24 ක තොරතුරු තිබුනා. ලිපිය දීර්ඝ වන නිසා මම ඒ සියල්ලම මෙතනට ගෙනාවෙ නෑ. කැමති කෙනෙක්ට මෙතනින් ගිහිල්ලා ඒ සියල්ල දැක ගන්න හැකියි.
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
අපේ සිරිලංකාවෙත් ඉතාම හොද හැකියාවන් ඇති නව නිර්මාණකරුවන් සිටියි. වසරකට වතාවක් ජාතික මට්ටමේ ප්රදර්ශනයක්ද පවත්වයි. නමුත් මේ අංකුර එයින් ඉදිරියට ගෙනියන්නට ජාතික මට්ටමේ වැඩසටහනක් නැත. අපේ බහුතරයක් නව නිපැයුම් ලත් තැනම ලොප් වෙයි.
- Sun Jifa moves a brick as he works to build his new house in Yong Ji county, Jilin province, September 25, 2012. Chinese farmer Sun, who lost his forearms in a dynamite fishing accident 32 years ago, could not afford to buy prosthesis. He spent two years guiding his two nephews to build him prosthesis from scrap metal, plastic and rubber. Over the years, Sun and his nephews have built about 300 prosthetic limbs for people in need, charging 3000 RMB ($476) each. Picture taken September 25, 2012. (REUTERS/Sheng Li)Farmer Wu Yulu drives his rickshaw pulled by a his self-made walking robot near his home in a village at the outskirts of Beijing January 8, 2009. This robot is the largest development of hobby inventor Wu, who started to build robots in 1986, made of wire, metal, screws and nails found in rubbish sites. (REUTERS/Reinhard Krause)
- A Chinese inventor, Yang Zongfu celebrates on his six-ton ball container named "Noah's Ark of China" after he succeeds in a series of tests of the vessel in Yiwu, Zhejiang province, August 6, 2012. According to local media, Yang spent two years and 1.5 million RMB (235,585 USD) to build this four-metee diameter vessel, which has been tested capable of housing a three-person family and sufficient food for them to live in 10 months. The vessel was designed to protect people inside from external heat, water and external impact. (REUTERS/China Daily)less
- An ethnic Uighur man Abulajon drives his self-made motorcycle during a test in Manas county, Xinjiang Uighur autonomous region, April 27, 2013. Abulajon, a 30-year-old Uighur worker from a sewage treatment plant, spent a year making his 0.3 ton motorcycle measuring 4.3 metres (14 feet) in length and 2.4 metres (7.8 feet) in height, although it makes it impossible for him to drive it on the street. It cost him about 8000 yuan ($1300) to buy all the parts from salvage stations and the converted engine can power the motorcycle with a speed of 40 km per hour (24.8 miles per hour), local media reported. (REUTERS/China Daily)less
- Chinese inventor Tao Xiangli controls his self-made humanoid robot with a remote controller as he poses with it during a photo opportunity at his house located in a old residential area in Beijing August 8, 2013. The self-taught Chinese inventor built the home-made robot, named "The King of Innovation", out of scrap metal and wires that he bought from a second-hand market. Tao completed his creation in less than a year, with costs of production and living expenses amounting to 300,000 yuan ($49,037). However, the robot, which measures 2.1 metres (6.9 feet) in height and 480 kg (1058 lbs) in weight, turned out to be too tall and heavy to walk out of the front door of his house. It can perform simple movements with its hands and legs and also mimic human voices. (REUTERS/Kim Kyung-Hoon)less
- Sun Jifa moves a brick as he works to build his new house in Yong Ji county, Jilin province, September 25, 2012. Chinese farmer Sun, who lost his forearms in a dynamite fishing accident 32 years ago, could not afford to buy prosthesis. He spent two years guiding his two nephews to build him prosthesis from scrap metal, plastic and rubber. Over the years, Sun and his nephews have built about 300 prosthetic limbs for people in need, charging 3000 RMB ($476) each. Picture taken September 25, 2012. (REUTERS/Sheng Li)less
- Zhang Wuyi sits in his double-seater submarine during a test operation at an artificial pool near a shipyard in Wuhan, Hubei province May 7, 2012. (REUTERS/Stringer)
- Gao Hanjie installs the rotor blades on his homemade helicopter in Shenyang, Liaoning province June 9, 2010. The graphic designer and helicopter enthusiast, with help from his friends, has spent more than a month building the 6-meter-long and 350kg helicopter. Gao claims he will eventually fly the contraption as a personal project according to local media. (REUTERS/Sheng Li)
- A woman rides an unicycle at a park in Shanghai February 28, 2004. The unicycle was designed several years ago by Chinese inventor Li Yongli who called it "the number one vehicle in the world". (REUTERS/China Photos)
- A worker paints a single-seater submarine designed by Zhang Wuyi and his fellow engineers at a shipyard in Wuhan, Hubei province May 7, 2012. (REUTERS/Stringer)
- A Chinese flag is seen as Liu Wanyong performs on his invention, an improvised bicycle which is held afloat by plastic tubes, in Zhenning, Guizhou province, August 29, 2013. Liu, 52, is a grassroots inventor who mostly creates things that are related with the traditional village lives of the ethnic minority people in Guizhou. (REUTERS/Stringer)
- Li Jingchun (top), a 58-year-old farmer, looks on as his family members work on his self-made aircraft on top of his house in Xiahe village located in Shenyang, Liaoning province February 28, 2012. The 5m long, 1.5m wide plane, mostly made of recycled iron plates, cost the aircraft enthusiast and his family two years and more than 40,000 yuan ($6,349), according to local media. (REUTERS/Sheng Li)
- Local farmer Shu Mansheng hovers above the ground in his self-designed and homemade flying device during a test flight in front of his house in Dashu village on the outskirts of Wuhan, Hubei province September 21, 2011. The round steel flying device, which cost more than 20,000 yuan ($3,135), is the fifth model made by Shu, a junior middle school graduate. It measures around 5.5 meters (18 feet) in diameter, and is powered by eight motorcycle engines. Shu managed to hover for 10 seconds at about 1 metre (3.3 feet) above ground during a recent test flight. (REUTERS/Stringer)less
- Tao Xiangli stands on his homemade submarine in a courtyard in Beijing July 10, 2008. The amateur inventor says his submarine is made from old oil barrels but fully functional with a periscope, depth control tanks, electric motors and two propellers. (REUTERS/Reinhard Krause)
- Ding Shilu (L) tests the engine of his home-made aircraft before conducting a test flight on the outskirts of Shenyang, Liaoning province, August 6. 2013. Ding, a 65-year-old migrant worker, spent around 2,000 yuan ($327) to build this 5-metre-long, 4.5-metre-high plane using components from motorcycles and electric bicycles. Ding failed his fourth test flight on Tuesday since he started his project four years ago, local media reported. (REUTERS/Sheng Li)less
- Students open the top of a newly-made vehicle on a street inside Hunan University after a test drive in Changsha, Hunan province October 8, 2013. A group of students at the university designed and made the 2.85-metre-long vehicle, which travels up to a maximum speed of 60km/h (37m/h), in six months with the cost of about 50,000 yuan ($8,168). The fuel-efficient vehicle, which is about 50 kilogram (110 lb) in weight, is able to travel 100 kilometres (62 miles) with one litre of gasoline, according to local media. (REUTERS/Stringer)less
- A man drives an improvised tractor with 12 brooms tied in the rear, as he tries to clean a road in Mohe, Heilongjiang province, August 31, 2013. (REUTERS/Stringer)
- Ding Shilu, an automobile mechanic, carries out a test-flight for his home-made aircraft at a frozen reservoir in Shenyang, Liaoning province February 25, 2011. The aircraft which weighs about 130 kg (287 lbs) and is made of recycled materials including three motorbike engines and plastic cloth, costs about 2600 yuan ($395), local media reported. (REUTERS/Stringer)
- A home-made car built by Zhu Runqiang (not pictured) is seen in Hefei, Anhui province, October 21, 2013. Grassroots inventor Zhu, 47, built the car with components he collected from used vehicles. The car reaches a highest speed of 60km/h, according to local media. (REUTERS/China Daily)
- Guo (L), a farmer in his 50s, looks on as his grandson approaches a scaled replica of a Lamborghini made by Guo, on a street in Zhengzhou, Henan province February 19, 2014. Guo spent 6 months and about 5,000 yuan (821 USD) to make the 2-metre-long, 1 metre-wide "Lamborghini" as a toy for his grandson. The replica, mainly made of scrapped metals and parts from electric bicycles, bears five sets of batteries and can travel as far as 60 km (37 miles) when fully charged, local media reported. (REUTERS/China Daily)less
- Tian Shengying (R), a 55-year-old blacksmith, adjusts the rotor of the helicopter, in Shenyang, Liaoning province, September 21, 2012. Tian built the bottom, body, tail and rotor of the helicopter single-handedly without a detailed blueprint in just half a month. (REUTERS/Sheng Li)
- Zhang Xuelin sits inside his self-made aircraft at his home before its test flight in Jinan, Shandong province, November 28, 2012. Zhang, a farmer who dropped out of primary school in his early years, spent around 2,000 yuan ($321) to build a plane around a motorcycle, using wood and plastic boards. The plane, which took 11 months to build, failed in its test flight. (REUTERS/China Daily)
Japanata wada china hapanek wage. Ape ayata puluwan unata. Atha denna kenek nathi ekanam dukai...
ReplyDeleteජපනා චීනා එක වගේම දක්ෂයො...නමුත් පිරිස් බලය වැඩි හින්දම චීනය ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලයි මට හිතෙන්නෙ...අපේ අය ගැන නම් කියලා වැඩක් නෑ...දක්ෂයො බැරිම තැන රට මාරු කරනවා...
Deleteලංකාවේ නව නිපැයුම් කරන අයට දිරි ගැන්වීම හරිම අඩුයි. අනිත් එක අදහස් තියෙන අය ඒවා එලියට දාන්නෙත් හරිම අඩුවෙන්. ඒකයි ප්රශ්නය
ReplyDeleteඅපේ වගේ රටක නව නිෂ්පාදන කරදිදි ඉතිං ගෙදරින් වත් හැල්ප් එකක් දෙනවා කියලයෑ....අනේ නිකා ඉදහං විකාර වැඩ නොකර...ඔහොම තමයි ගොඩාක් දෙමාපියො නව නිපැයුම් අගය කරන්නෙ.
Deleteචීනා මොන දේට අතගැහුවත් ඒක නියමෙටම කරනවා.. ලෝකයෙ ඉතින් චීන බඩු ගැන තියෙන්නේ හොද හැඟීමක් නොවුනත් ඕනම දෙයක් හදන්න චීනාට පුළුවන්.. ලංකාවේ අපේ ඉතින් තියෙන ප්‍රශ්ණේ නිර්මාණයක් කලාට ඒකට අතහිත දෙන්න කවුරුවත් නැති එකනේ..
ReplyDeleteචීන බඩු නරක නෑ මලයො...ජපන් කොලිටියට ගහන්න බඩු චීනා හදනවා උපරිම ප්‍රමිතියෙන්....ඒ නිෂ්පාදන මිළෙන් ඉහළ නිසා ලංකාවට භාණ්ඩ අපනයනය කරන අය මිළ අඩු බාල ප්‍රමිතියෙන් තමයි ගෙන්වන්නෙ...ඉතිං අපි හිතනවා චීනගෙ බඩු සවුත්තුයි කියලා...මම ඉන්න රටේ චීනා හදන සුපිරිම බඩු තියෙනවා...
Deleteමොනව හරි දෙයක් සොයා ගත්තේ මොන රටේද කියල ඇහුවම උත්තරේ චිනේ කියන්න බය වෙන්න ඕන නැහැ . බොහෝ විට හරියන ඉඩ වැඩියි .
ReplyDelete"හොයාගත්තේ" නෙවෙයි "කොපිය ගැහුවේ" කිව්වනම් හරියටම හරි නේද?
Deleteවෙලාවක ජාලෙ පෙරලලා බලන්නකො...චීනෙ අය කෙතරම් දේ හොයාගෙන තියෙනවාද කියලා...පුදුමත් හිතෙනවා...
Deleteකොපිය ගහන්නත් දක්ෂයෝ තමයි..ඒ උනාට චීන්නු නව සොයාගැනීම් සෑහෙන්න කර තිබෙනවා..
ලංකාවෙත් වෙනස් විදිහට හිතන, අලුත් දේ නිපදවන්න උත්සාහ කරන අය නැතුවාම නෙවෙයි. නමුත් බොහෝ විට කෙරෙන්නෙ ඔවුන්ව උපහාසයට ලක් කරල අධෛර්යමත් කරන එකයි. තව ඉතින් ඔහොම දේවල් කරන්න නම් මනුස්සයෙකුට ලොකු මානසික නිදහසක් ඕන වෙනව නෙ.
ReplyDeleteබොහෝ වෙලාවට නව නිර්මාණයක් බිහි කරන්නෙ පොඩ්ඩක් හෝ පිලිගත් සම්ප්‍රදායට පිටින් යන අය කියලයි මට හිතෙන්නෙ. ඕක අර පොතේ තිබුනෙ මෙහෙමයි කියාගෙනම ඉන්න අයගෙ චින්තනය නම් පොතේ කවර දෙක අතර හිර වෙන එකයි වෙන්නෙ.
ඔබේ අදහස හරි චන්දන...අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වල තියෙන නොගැලපීම් වෙනත් රටක දේවල් එක්ක බලද්දි හොදට පේනවා...සම්මතය අසම්මතය කරපු තැන තමයි කලාව සහ නව නිර්මාණ බිහි වුනේ.
Deleteලංකාවේ ඔය නව නිපැයුම් ප්‍රදර්ශනය නේද ලඟදි ගිනි ගත්තේ?
ReplyDeleteඅන්න හරි ඒක තමයි ගිණි ගත්තෙ...නව නිෂ්පාදනේකින්ම තමයි ගින්න ඇවිලිලා තිබුනෙ.
Deleteපට්ටම ගති නොවැ... ලංකාවෙ අපේ වැඩත් දැම්මනම් තමා තවත් හොද...
ReplyDeleteලංකාවෙ වැඩ ඉතින් අතරින් පතර නොවැ කරලියට එන්නෙ...
Delete//චීන ජාතිකයො කියන්නෙ ලෝකෙ වැඩිම ජනතාවක් සිටින දේශයට අයත් වැසියො. ලෝකයේ වැඩිපුරම කථා කරන භාෂාවත් චීන භාෂාව. ලෝකෙ අංක 1 වරාය අයිතිත් චීන්නුන්ට//
ReplyDeleteඒකනේ සිරා චීන ගැණු ළමයෙක්ව අනාගත සහකාරිය විදිහට තෝර ගත්තේ
අප්පට සිරි ඇත්තද බං ?
Deleteඑකනේ අටමාට රහසක් කියන්න බැරි ...... දැන් ඉතින් මෙතනට එන ඔක්කොම දන ගන්නවනේ ඇත්ත කථාව
Deleteහපොයි....!!!!!!!
Deleteඑහෙනම් සිරාත් දැන් ඉඳන්ම කෝටු හරඹ පුරුදු වෙනවා ඇති...
Deleteසිකේ...හරිම කැත වැඩක් නොවැ වෙලා තියෙන්නෙ...මේවට වග කියන්න ඕනෙ ඉතින් වෙන කවුරුවත් නෙමෙයි....මේ මැලේ රාළයම තමයි...අයියෝ මගේ ගොන් කම...
Deleteබහුතරයක් රටවල් චීනය අල්ලලා ඉවරයි බං.
ReplyDeleteචිනය දිනේවා..
මහ රජාත් ලංකාව චීනට විකුණලා කියන්නෙ ඇත්තද ? ලංකාවට චීනා බැස්සොත් දෙකක් නෑ ලංකාව දියුණු වෙනවා..හැබැයි උන්ගෙ ජනාවාස සීඝ්රයෙන් ව්‍යාප්ත වෙනවා...
Deleteලංකාවෙත් ඔහොම අය නැතුව නෙමෙයි. ඒත් ඒ අයට අත දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නෑ. ආර්ථික හැකියාවක් තියෙන කට්ටිය සාමාන්‍ය මිනිහෙකුට වැදගත්වෙන දෙයක් හදන්නෙත් නෑ. ඒ අය හදන්න උත්සාහ කරන්නෙ ලොකු බරපතල දේවල්.
ReplyDeleteචීනෙ තියෙන ඔය ලොකු වරාය හදල තියෙන්නෙත් මුහුද ගොඩ කරල මුහුද මැද කියල මම බලපු ප්‍රෝග්‍රෑම් එකක තිබුණ.
MegaStructures China's Ultimate Port, Yangshan Port
චිනට දෙන්න ලංකාවෙත් මූද ගොඩ කරලා මොකක්ද හදනවා කියලා පොඩි කසු කුසුවක් තියෙනවා නේද...බලන්න මේ චීන්නු හදලා තියෙන සරල දේවල්...එතනින් තමයි ඒ අය ආරම්භය ගන්නෙ...
Deleteජනන්නු හපන්නු කිවුවෙ ඉස්සර. දැන් කියන්නෙ චීන්නු හපන්නු කියලා තමා.
ReplyDeleteඔතන ප්‍රශ්ණෙ මේකනෙ අයියෙ අපේ එකෙක් අලුතෙන් යමක් හිතලා කරොත් ඌට අතදෙන උන්ට වඩා කකුලෙන් අදින උන්නෙ වැඩි :(
ජපානෙට මෑත කාලීනව බලපෑව සුනාමි තත්වයන් නිසා ජපානය සෑහෙන විදියට ආර්ථිකමය පැත්තෙන් පසුබෑමකට ලක් වූනා...ඒකට චිනා...දවසින් දවසට ඉදිරියට...
Deleteසිරාවටම වටිනා ලිපියක් සිරා අයියේ. අපේ ලංකාවේ උදවිය නම් චිනේ වගේ වෙන්නේ නැහැ කවදාවත්ම ඒක මට ඉර හඬ වගේ ෂුවර්
ReplyDeleteඋන්ගෙ තියෙන එකමුතු කම මාරයි මලයො...තමන් බඩු ගන්න කඩේට වඩා වෙන ජාතියක කෙනෙක් කරන කඩයක බඩු ලාභ උනාට...තමන්ගෙ කෙනා ලගටම තමයි ඒ අය හැමදාම යන්නෙ...
Deleteමේක නම් සිරා පෝස්ට් එකක් බන්.මට පොඩි ගැටළු වක් ආව.චීන කොමියුනිස්ට් පක්ෂයේ මර්ධනය හමුවේ කොහොමද මේ මිනිස්සු මෙහෙම දියුණු විදියට හිතන්නෙ කියල.චීනය කියන්නෙ වෙනම ලෝකයක් වගෙයි.නව නිපැයුම් හරහා තමයි ලෝකය ඉදිරියට යන්නෙ.
ReplyDeleteබටහිර ජනමාධ්‍ය කියන එව්වනෙ මචං අපි දන්නෙ..?
Deleteඑහෙම දරදඩු පාලනයක් පේන්න නෑ...නමුත් බටහිර ඇතැම් දේ නම් ඒ අය රට තුල වාරණයකට ලක් කර තියෙනවා...උදා...ෆේස් බුක් වෙනුවට ඒ අය තමන්ගෙම කියලා අඩවියක් පාවිච්චි කරනවා...
Deleteලස්සන ලිපියක් සිරා.මට මතක හැටියට චීන්නු දැන් නං හෙන කම්මැලි ජාතියක්.
ReplyDeleteකවුද කියන්නෙ...චීන්නු හරිම කඩිසරයි...හුජ්ජ කරන්න ආවත් අපි වගේ දෙපාර තුන් පාර ඉස්සරහට පස්සට කර කර ඉන්නෙ නෑ...දැම්මා ගියා...
Deleteආ...මේක නිසා තමයි අපේ ලොක්කත් රට චිනාට දීලා මෙහෙම බලාන ඉන්නේ...D
ReplyDeleteරට දියුණු කරලා දුන්නට පස්සෙ චීනාව එලවලා දාන්න ලොක්කගෙ හිතේ ඇති...
Deleteඅපේ අයතනයත් චීනය සමග ගොඩක් කටයුතු කරන නිසා චින අය එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනව. ඒ නිසා චීන්නු හපන්නු කියන එක මමත් පිළිගන්නවා ඒත් ලංකාවේත් මේ තරම් දක්ෂ අය නැතුවම නෙවෙයි.. ඒ අයට අවස්ථාව හරිම අඩුවෙන් ලැබෙන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්ණේ..
ReplyDeleteහැමදාමත් වගේ බොහොම වටින තොරතුරු ටිකක්...
ලංකාවෙ ඉන්නවා අති දක්ෂයො...නමුත් නිසි පරිසරයක් නොමැති වීමෙන් ඒ හැකියාවන් මතු වෙන්නෙ නෑ. රේ විජේවර්ධන මහත්තයා රෝද 2 ට්රැක්ටරය හැදුවාම ඒ කාලෙ බලධාරියො කිව්වා අපිට 2 එපා අපිට ඕනෙ රෝද 4 කියලා...අන්තිමට තමන්ගෙ සැලසුම ජපානයේ කුබෝටා සමාගමට විකුණලා ඒ අය රෝද දෙක හැදුවට පස්සෙ අපේ අය ජපන් කිය කියා ලංකාවට ආනයනය කලා...
Deleteහැබැයි මෙහෙ කන්ස්ට්‍රක්ෂන් වලට එන චීන්නුනම් 80% කම පට්ටපල් හොරු. උන් මම හිතන්නේ බොරු කොලිෆිකේෂන් හදාගෙන මෙහෙට පනිනවද කොහෙද ? ඉතාම දක්ෂ ය ඒ අතරේ නැතුවා නෙවෙයි හැබැයි ඒ ඉතාම අඩුවෙන්. සමහර විට ලංකාව කිව්වම උන් එහෙම සලකනවද දන්නේ නෑ
ReplyDeleteමම අහල තියෙන විදියට ඉවාන් ලංකාවට චීනයේ සිර දඩුවම් විදින අයත් එව්වලු...ලංකාව සමග ඇති කරගත්ත ගිවිසුමකට අනුව...ඒ අය වෙන්න පුලුවන් කම්කරුවො විදියට වැඩ කරන්නෙ...ඒ සැට් එක ලංකාවෙන් පෙළවහක් කරගෙන නැවතුනොත් කොහොමද....
Deleteදක්ෂ අය ලංකාවෙත් ඉන්නවා.
ReplyDeleteකොහෙද නිපැයුමක් කොරාට පස්සේ අතහිත දෙන්න කවුරුත් නෑ. මුල්‍යමය වශයෙන් උදවු කරන්න අයත් නෑ. ඒ නිසාම ඒ නිපැයුම් එතනම නවතිනවා.
එක්කෝ නීති විරෝධ්යි කියලා ඒකව අල්ලලා හිරේට දානවා. කෙසේ නමුත් හොද පොස්ටුවක්.
දැන් බලන්න අර කවදාවත් හොර කරන්න බෑ කියලා ජර්මනියෙන් ලංකාවට ගෙනා ලංගම බස් ටිකට් මැෂිමෙන් හොරට ටිකට් කැඩුවෙ ලංකාවෙ කොන්දෙක් කියනවා නොවැ...ඒ සමාගමට එය දැනගන්න ලැබිලා ඒ තැනැත්තාව ඒ රටට ගෙන්වාගෙන සමාගමේ සේවකයකු කලා කියලත් මම අහලා තියෙනවා..ඇත්තද බොරුද දන්නෙ නෑ...
Deleteමේ යන විදියට නම් අපිටත් දෙමල වෙනුවට චීන (මැන්ඩරින්) ඉගෙන ගන්න වෙයි වගේ
ReplyDeleteඒ වගේ තමයි පේන්නෙ...මොකද චීනා පඩයකටවත් ගනන් ගන්නෙ නෑ ඉංගිරිසි....
Deleteචින්නුන්ගේ ඔය නිර්මාණ කරණයේ එක රහසක් තමයි එයාලගේ අද්ධ්‍යාපන ක්‍රමය.... එහෙ ළමය අවරුදු අටේදී තොර ගන්න ඕනා තමන් ඉගෙන ගන්න විෂය ..... උදාහරණයක් හැටියට කෙනෙක් අවරුදු අටේදී තොර ගත්තොත් එයා ගොවියෙක් වෙනවා කියලා එතන ඉඳන් ඉගෙන ගන්නේ කෘෂිකර්මය විතරයි . ඊට පස්සේ අවරුදු 25ක් විතර වෙනකොට එයා එක්කෝ ඉස්තරම්ම ගොවියෙක් නැත්නම් කෘෂිකර්මාන්තය පිලිබඳ මහාචාර්ය කෙනෙක් ......... එකම අවූල ඒවගේ අය හදිස්සියට ගෙදර පිච්චුන බල්බ් එකක් මාරු කරන්නවත් දන්නේ නෑති එකයි
ReplyDeleteමැලේ රාළ ගොයියා ඉතින් මැලේසියාව කාපු පොරක් නිසා...චීන්නු ගැන හොදට දන්නවා ඇතැයි මගේ අක්මාවට දැනෙයි. ඔය කියලා තියෙන ක්රමයම තමයි ඇමරිකාවෙ තියෙන්නෙත්...මවගේ හා පියාගෙ පැත්තෙන් පරම්පරා ගනනාවක් පසුපසට ජාන පරීක්ෂාවක් සිදුකොට දරුවා දක්ෂ කුමන ක්ෂේත්රයකටද කියන තීරණය ආයතනයක් මගින් ලබා දෙනවා. එදා ඉදන් ඒ දරුවා ඉදිරියට යන්නෙ ඒ ක්ෂේත්රයෙන්ලු.
DeleteSira puthata kawda kiwwe America wala ehema kramayak thiyana wa kiyala. Man inne Americawe, ehema deyak mehe ne.
Deleteමගේ ගුරුවරයෙක් තමයි කිව්වෙ..එහෙ පිහිටුවා තියෙන ජාන විශ්ලේෂණ මධ්‍යස්ථාන වලින් දරුවා අනාගතයේ යා යුතු මාවත තීරණය කරනවා කියලා.
Deleteමම කියන්න ආපුදේ ට ඌණපූරනයක් මැලේ රාල සපයල තියෙනවා.
ReplyDeleteඕලෙවල්/ උ.පෙ. වලට හිරවුනු අපේ අධ්‍යාපන කරමයෙන් නම් ජීවිතේට...ඕය වගේ දක්ෂ කම් තියෙන බහු විද ඇත්තො බිහි වෙන්නේ නෑ...එහේ ගොවිකම කලාට ඕවුන් කාර්මික දැනුමෙන් පෝසත්.තම්න්ගෙ කැඩෙන කෘෂිකාර්මික උපකරන අලුත්වැඩියා කරගන්න තමන් ලබාගත්ත කාර්මික දැනුම ඔවුන් ගුවන් යානා හදන්න තරම් වැඩිදියුනු කරගෙන.
අපේ රටේ රස්සාවට යනකොට හිටිය තත්වයේ මයි පෙන්ෂන් යනකොටත්. දේෂපාලන ගොට්ටෙක් නොවේ නම්.
ලංකාවෙ ඉතින් උගතුන්ට තැනක් නැති නිසාම බුද්ධිගලනයත් වැඩි වෙලා...අ.පො.ස සා/පෙ සමත් නැති ඇමතිලාට සෑර් කියන්න ආචාර්ය වරුන්ට සිදුවෙලා...මොන නව නිංගිරාවක්ද ?
Deleteවෙනදා වගේම බොහෝම වටිනා තොරතුරැ රශියක් දැනගත්තා. එතරම් කඩිසර ජාතියක් නම් තවත් නෑ.
ReplyDeleteමමත් එහෙම තමයි හිතන්නෙ...දෑස මානයේ තියෙනවා ඇති තරම් උදාහරණ....
Deleteබොහොම ලස්සන විස්තරයක්. හරියට අතදෙන්න කෙනෙක් ඉන්නවනම් අපේ රටෙත් මෙවැනි නිපැයුම් කළහැකි අය ඕනෙතරම් ඉන්නවා.
ReplyDeleteඇත්ත. නමුත් අපේ සමාජයත් මෙහෙම අයට උත්ප්‍රේරකයක් විදියට කටයුතු කරන්නෙ නෑ...බොහෝ වෙලාවම අධෛර්යමත් කිරීම් තමයි වැඩි.
Deleteමේ ගොවියෝ කරලා තියෙන වැඩ දැක්කම අපේ ගොවියෝ ගැන මතක් වෙද්දී ඇඩෙනවා.... අපේ අයට තියෙන ලොකුම වැඩේ තමන්ගේ කුඹුර කොටාගන්න අතරේ එහා ලියද්දේ එකාගේ අස්වැන්න අඩුවෙන්න මොකක් හරි ගේමක් ගහන එක වගේ දේවල්නේ..
ReplyDelete>
චිනේ කියන්නේ මම ආසම රටක්. විශේෂෙන් එහේ සංස්කෘතියත් එක්ක ගොඩනැගිලා තියෙන කලා ශිල්ප වලට... ඒවගේම ඒවා කාලයත් එක්ක වෙනස් වෙමින් දියණු වෙලා/වෙමින් තියෙනවා. ලංකාවේ වගේ පරණ දේට ආවඩමින් එකම තැන ලැගගෙන ඉන්න කලාවක් එහෙ නෑ .
>
මොන දේ ගැන කතා කලත් කොහෙන් හරි ලංකාවේ මිනිස්සු ගැන අවුලක් කියන්න සිද්ද වෙන එක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. නව නිපැයුම් ගැන කතා කලත් එච්චර තමයි. අම්බලන්ගොඩ පැත්තේ වෙද නෝනා කෙනෙක් ඩෙංගු හොඳ කරන්න පුළුවන් බෙහෙතක් හදලා ඒකට මේ වෙද්දී පේටන්ට් එකත් අරගෙන තියෙන බව නිවුස් එකක දැක්කා. එයාම දැන් ඒඩ්ස් වලටත් බෙහෙතක් හොයාගෙනලු. මේ වගේ වටින මිනිස්සු ගැන මිට වඩා ක්‍රියාකාරී ක්‍රමවේදයක් වගේම දරන ආකල්පත් ලොකු වෙනසක් සිද්ද වෙන්න ඕනේ.. 3014දී විතර වෙද්දී මේවා ඔක්කොම හරි ගිහින් තියේවි කියල නම් රට යන විදිහට හිතෙනවා...
>
මමත් චීන්නු ගැන පොඩි මෙව්වා එකක් ලිව්වා. මගේ කතන්දරේ නං තියෙන්නේ මිට වඩා වෙනස් පැත්තක් ගැන..
කැමති කෙනෙක් කොටා බලත්වා..!
හූනා චිකයි...
හූනා චිකයි...මරු මාතෘකාවක්නෙ බොලේ...සතියෙ දවස් වලට රැකියාව නිසා ඉතාම කාර්යබහුලයි. සති අන්තයේ දිනක චිකපු හැටි බලන්න එන්නම්. ලංකාවෙ ප්‍රධාන ජාතිය දේශපාලනික වශයෙන්, ආගමික වශයෙන් පිල් බෙදිලා භේද බින්න වෙලා ඉන්න නිසයි අපිට කෙළ වෙලා තියෙන්නෙ..
Delete04 පින්තූරෙ පෙන්නනව වගේ වාහනයක් අපේ ලංකාවෙ පාරක ගියොත් කොහොම වෙයිද...?
ReplyDelete07 තියෙන්නෙ මරු බයිසිකලයක්... අර මනුස්සයගෙ වයස හිතාගන්නවත් බෑ... පොඩි කොල්ලෙක් වගේනෙ...
08 අපූරු මනුස්සයෙක්... වැදගත් නිර්මාණයක්...
මෙහේ ඉන්න චීන්නු ගැන නම් මං දකලා තියෙන ලොකුම දේ තමයි එයාලා වෙන ජාතීන් එක්ක මිශ්‍ර වෙන්න තියෙන අකැමැත්ත... භාෂාව හින්දද මන්දා... ඉස්කෝලවල යුනිවල චීන ළමයි කියන්නෙ වෙනමම කණ්ඩායමක්... අපූරු සහයෝගීතාවයන් සියල්ල සිදු වෙන්නෙ ඒ කණ්ඩායම ඇතුලෙ... ඒ වගේම චීන ළමයින්ට ඉගෙන ගන්න එකට ගෙවල් වලින් ලොකු පීඩනයක් එල්ල වෙනවා... ඉගෙන ගන්න එකට අමතරව ඒ ළමයි හැම කෙනෙක්ම පාහේ කිසියම් සංගීත වාදන භාණ්ඩයක් වාදනය කරන හැටිත් ඉගෙන ගත යුතුයි... බොහෝ වෙලාවට එයාලගෙ නැඹුරුව තියෙන්නෙ පියානෝ වාදනයයි, වයලින් වාදනයයි ඉගෙන ගන්න...
මට නම් පේන්න බැරි චීන ගෑණු ළමයි වැසිකිළි පාවිච්චි කරන්න ගියාම අදාල වැඩේ කරන්නෙ කොමෝඩ් එකේ සීට් එක මතට නැගලා වීම... සපත්තු අඩි පාරවලුත් ඉතුරු කරලම තමයි යන්නෙ... ඊළඟ එකීට දෙයියන්ගෙම පිහිටයි...
චීන්නු වෙන අය එක්ක මිත්රශීලීව කථා කරන්නෙ අඩුවෙන්...ඒ අයගෙම අය එක්ක තමයි නිතරම ඇසුර පවත්වාගන්න උත්සාහ ගන්නෙ. භාෂාව පිළිබද තියෙන බාධකත් එයට හේතු වෙනවා ඇති. මේ ලගදි චීන පන්සලට ගිය වෙලාවෙ නම් මම චීනෙට ගියා වගේ තමයි දැනුනෙ. බලන බලන අත චීන්නු...
Deleteචීන කෙල්ලො එහෙමද අප්පේ...අපේ ඔපීසියෙ කෙල්ලන්ගෙන් අහලා බලන්නම් මෙහෙත් එහෙමද කියලා....
මේක සිරා මචන් . දැන් චීනේ කියනවලුනෙ හොඳම හැකර්ලාත් ඉන්නේ.
ReplyDeleteඇත්තට...ඒ කියන්නෙ චීනා හැම පැත්තෙන්ම නම තියලා...
Deleteචීන අය නම් හරිම දක්ෂයි තමයි. University students ලා එහෙම පුදුම self-control එකක් තියෙන කට්ටිය. එයාලා දියුණුවෙන එක ගැන පුදුම වෙන්ට දෙයක් නෑ.
ReplyDeleteනරකද චීන්නුන්ට, ටික කාලෙකට ලංකාව බාර දුන්නොත්? :D
චීන්නුන්ට ටික කාලෙකට බාර දුන්නොත් චීනා ලංකාව දියුණු කරනවා...ඒ අය ඒවා පාලනය කරගෙන ඉන්න විදිය දැක්කම අපේ උන්ට ඉරිසියාව මතු වෙනවා...ඉතිං කොහොම හරි උන්ගෙ දේවල් කොල්ලකන්න අපේ උන් හදනවා...මේ සිදුවීම් වලට පස්සෙ දරුණු ගැටීමක්....ඒ ගැටුමට චීනෙන් සැට් එක ආවම අපිට වඩාගෙන ගහලා බිමින් තියනවා...ඇති තරම් කස්ටිය ඉන්න නිසා...
Deleteලංකාවත් දැන් ඉතින් චීනගෙනෙ :D
ReplyDeleteලංකාව චීනට විකුණලා කියලයි ආරංචි...
Deleteඅවංකවම කිව්වොත් (උඹ දන්නවනේ ඉතිං මම අවංකයා කියලා... හෙහ් හෙහ්) මේ සමහර නිපැයුම් වල ඇති ප්‍රායෝගිකභාවයක් මට දකින්න බෑ. හුදෙක් ප්‍රදර්ශණයකට ඉදිරිපත්කරන්න නම් පුලුවන්. හරියට අර ෆැෂන් පරේඩ් වල පෙන්නන ඇඳුම් වගේ.
ReplyDelete+++++++++++++++
Deleteබොලා අවංකයා කියලා මම නොදන්නවයැ...ඒ හින්දමනෙ දුම්රිය දෙපාර්තමේන්තුව මල් කඩන්න එපා කියන එකටත් විරුද්ධව සටන් කරලා අන්තිම මොහොතෙ වැඩේ අතඇරලා ලෙමන් පෆ් කෑවෙ...
Deleteමේ නිෂ්පාදන වල ප්‍රායෝගිකත්වය පිළිබද මටත් ගැටලු තියෙනවා...නමුත් ඒ අය ඉවත ලන දේ උපයෝගී කරගෙන යමක් නිපදවන්න මාස 6, අවුරුද්ද වගේ කාලයක් කැප කරලා දරපු උත්සාහය තමයි මගේ හිත ගත්තෙ.
ශා... නියම අයිටම් ටිකක්නේ...
ReplyDeleteජොකා ගහලා පදින්න ඕනෙ බයිසිකලයක් හොයලා එවන්නද ?
Deleteඅපේ එකෙක් ඔය වගේ දේවල් කලොත් සතියකින් විතර බුවාව ජපානෙ ඇමරිකාව වගේ දියුණු රටකින් උස්සනව.දුක කියන්නෙ එහෙම වෙනකම් අපේ එකාල ඇස් කන් පියාගෙන ඉන්න එකනෙ..
ReplyDeleteඒ රටවල් උගත්තුන්ගෙන් වැඩ ගන්න රටවල්...ඒකට අපේ රටේ...පාර්ලිමේන්තුවට එන තරමක් එන්නෙ විභාගයක් සමත් නැති ගොන් මී හරක්....උන් දන්නවායැ ඉගෙනීමේ අගයක්...
Deleteකියන්න හිතපු දේ මැලේ රාලගේ කොමෙන්ටුවේ තියෙනවා...මටත් හිතුනේ මහා විශාල ගොවිපලවල යන්ත්‍ර සූත්‍ර වැඩිපුර පාවිච්චි කරන ගොවියෝ ඒවගෙන්ම කාර්මික දැනුම ගන්නවා ඇති..
ReplyDeleteඑහෙම වෙන්නත් පුලුවන්...ඒ කෙසේ වෙතත් ඒ අයම තමන්ට උවමනා දැනුම වැඩ කිරීමෙන්ම හදා ගන්නවත් ඇති.
Deleteචින ගොඩාක් දක්ෂ ජාතියක් තමයි.එට්රහ් වර්තමානෙ වෙනකොට ටිකක් වෙනස්වෙලා නේද
ReplyDeleteනෑ...තවමත් එහෙමම තමයි...ඇමරිකානුවා ලග දියුණු යමක් තියෙනවා නම්...එයට සමාන යමක් චීනා ලගත් තියෙනවා....අවි ආයුධ සම්බන්ධයෙනුත් එහෙමයි.
Deleteචින්නුත් හිතුවට වඩා දස්සයොනෙ.
ReplyDeleteචීන්නු හදපු පාරවල් වල තමයි සැට් එක දැන් අධිවේගයෙන් යන්නෙ.
Deleteලංකාවෙ කොහොමද බං නව නිශ්පාදන කොරන්නෙ ? කොහෙන් හරි එන්ජිමක් හොයාගෙන,චැසියක් බඩ් කොරල කස්ටම් බයික් එකක් හැදුවොත් එහෙම ඌව අල්ලන් යනව බයිසිකල් හොරෙක් කියල. ඌට ආයෙ ස්පැනර් එකක්වත් අල්ලගන්න බැරිතරම් වයසට යනකම්ම නඩු කියනව. හදපු යකඩ ගොඩ උසාවිය පිටිපස්සෙ දිරල යනව. :v :v හැබැයි බේබිලා ඉදිකට්ටක් හැදුවත් ඒක තමයි ආසියාවෙ ලොකුම එක, ^_^
ReplyDeleteසහතික ඇත්ත. ඉතින් ඒකා ඊට පස්සෙ ස්පැනර් එක දකිද්දි වෙව්ලනවා...වෙව්ලිල්ල නතර කරන්න පොඩි ෂොට් එකක් දවස ගානෙම දාලා අන්තිමට බොක්ක දිය වෙලා මැරිලා යනවා.
Deleteචීනා ලෝකය ජය ගනිද්දි අපට බර කරත්තෙන් එහාට යන්න බැරිවුනා!!!!!!!
ReplyDeleteචීනා ලෝකය ජය ගනිද්දි තමයි බං අපි ලෝකෙ ලොකුම කැබිනට් එක හැදුවෙ...ඒකත් සුලුපටු ජයග්‍රහණයක්ද ?
Deleteහත නං එළ..
ReplyDeleteපටි ජොක්කු එහෙම ඇදගෙන පදින්න යන්න එපා...දේශකයගෙ පතිවත කෙලෙසෙන්න පුලුවන්.
Deleteහරි චීනා හරි හපන නම් කියහන් අපේ රටකරන ඇත්තන්ගේ මොලගෙඩිවල තියෙන විශබීජ කුහකකං අයින්කොරන්ඩ පුලුවන් ගැජට් එකක් හදන්න කියල ඒ ඇත්තන්ට නොදැදෙන්න හයිකොරන්ඩ පුලුවන් විදිහේ ආන්න එදාට අපේ පෙලක් ගොයියං කරන නව නිපැයුම් රටට වැඩදායි විදිහට යොදාගන්න පුලුවන් වේයි
ReplyDeleteඑහෙම ගැජට් එකක් හැදුවා කියමුකො...ඒක අස්සටත් පොඩි පොඩි කම්බි කෑලි එහෙම ගහලා රටේ හැටියට වැඩේ වෙන තැනට පත්කරගන්න සිරිලංකා වැසියා සූරයා....අපි දැනට එහෙම හිතමු.
Deleteමචං මොකක්ද මේ කැඩෙට්ස්ලාගෙ සීන් එක....
ReplyDeleteඒ සීන් එක ඉතින් උඹලා ඇති පදම් ලංකාවෙ ජනමාධ්‍ය වලින් දැනගන්න ඇති නොවැ.
Deleteචීනා අනාගතයට පීනා යයි. එංගලන්තයේ දැන් දැන් චීන ආයෝජන බහුලව සිදුවෙනවා. ඒ වගේම චීන ශිෂ්‍යයින් ශිෂ්‍යාවන් මෙහේ විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමත් එන්න එන්නම වැඩිවෙනවා. මේ හැම දෙයක්ම අනාගත සැලසුම් විධිමත්ව සිදුකිරීමක්. අපේ නව නිර්මාණකරුවන් එලියට එන්න දඟලනවා. වෙනත් රටවල නව නිර්මාණකරුවන්ව එලියට ඇදලා ගන්නවා. ඕකයි වෙනස.
ReplyDeleteචීන්නු ඉතාම ක්‍රමිකව ලොව වටාම ව්‍යාප්ත වෙමින් ඉන්නෙ...ඔවුන්ගේ ජන වර්ගය අතර තියෙන අනෝන්‍ය සුහදතාවත්....මොන රටේ හිටියත් සන්නිවේදනය උදෙසා යොදාගන්නා චීන භාෂාවත් තමයි ඒ අයගෙ ශක්තිය. නව නිපැයුම් කරන පිරිසත් එයට අදාළයි.
Deleteඇත්තටම චීනා දක්ෂයා උන් ඉදිකටුවෙ ඉදන් වාහනේට යනකන් හදනවා නොවැ.. අපේ සර් ට්‍රේනින් එකකට චීනෙ ගිය වෙලාවෙ මරු මරු අද්දැකීම ලබලා තිබුනා.. අපි පාවිච්චි කොරන චයිනිස් ෆෝන් නෙවේ බොල එහේ එවා කොලිටි තුනකින් තියෙනවලු ඔය අපිට එවන්නෙ අඩුම කොලිටි එකලු අපේ සර් සල්ලි සල්ලි කියලා බලන්නැතුව a ක්ලාස් ෆෝන් එකක්ම ගෙනල්ලා තිබුනා එද්දී
ReplyDeleteඇත්තටම නාට්‍යකාරයා චීනා හොදම කොලිටියෙ ඉදන් බාලම එකට හදනවා..බාල එක බාල වෙන්නෙ ඒ නිෂ්පාදනය අඩු මුදලකට පාරිභෝගිකයා අතට දෙන්න ඒ අය තත්වයෙන් බාල අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා.
Deleteඅපේ රටට බාල එක එවන්නෙ චීනා නෙමෙයි.. අපේ රට වෙනුවෙන් ඒවා ආනයනය කරන අය තමයි බාල ඒවා ගෙන්වන්නෙ. ඉතිං චීනා මක්ක කරන්නද....මම ඉන්න රටේ තියෙන චීන නිෂ්පාදන වලට ජපන් නිෂ්පාදන පරාදයි.