මේ ලගදි දවසක මූණු පොතේ මිත්‍රයෙක් මට දුන්න ඔත්තුවක් නිසා තමයි ඒ අදුරු වේදනාත්මක මතකය ආයෙත් සැරයක් 2006 අවුරුද්ද දක්වා පල්ලං බැස්සෙ. උඹේ පරණ කෑල්ල අන්න ෆේස් බුක් එකේ ඉන්නවා...එහෙම තමයි ඒකා කිව්වෙ. බැලින්නම් ඒ කථාව සහතික ඇත්ත. මට ඒ සීදේවී මූණු පොඩ්ඩ දැක්ක ගමන් එයාව හාපුරා කියලා මුලිච්චි වෙච්ච අපේ දහම් පාසලේ පිංකම තමයි කරදරයක් නැතුවම මතක් උනේ. එදා මේ කෙල්ලව දැක්ක ගමන් මගේ හිත කාන්දමකට අහුවුන යකඩ ඇණයක් වගේ එයා ලගටම ඇදිලා ගියේ සංසාරයේ කොතැන හරි තැනක අපි මීට කලින් හමුවෙලා තිබ්බ නිසා වෙන්න ඇති.
මුල්ම දැක්මෙන් පස්සෙ...මම ටිකෙන් ටික මේ දැරිවි ගැන හොයලා බැලුවා. ඒ වෙද්දිත් සෑහෙන පිරිසක් එයාව දිනාගන්න පොර කනවා. ඒ අතර මගේ යාලුවෙකුත් හිටියා. මේ දැරිවි මගේ යාලුවට තමන්ගෙ අකමැත්ත කියලා අහවර වෙලා තිබුන නිසා ඒ මිත්තරයා , තමන් විසින් හොයාගත්ත විස්තර ටික මට දුන්නෙ හිතේ කිසිම කහටක් නැතුව.
පවුලෙ විස්තර, ඉගෙන ගන්න පාසල, බස් එකට නගින්න එන යන වෙලාවල් වගේ දේවල් ඒ තොරතුරු ඇතුලෙ තිබුනා. ඔය කියන සන්ධියෙ මමත් පන්ති යනවා. හිතේ කොනක හීනියට පැළ පදියම් වෙච්ච මගේ අහිංසක ආදර සිතිවිලි මට බල කල හින්දම කෙල්ල උදේට බස් එකට ගොඩවෙන වෙලාව බලලා මමත් ඒ බස් එකටම නගින්න පුරුදු උනා. තවත් ටික දවසකින් එයා ලගින් හිටගෙන යන්න පටන් ගත්තා. තවත් කල් ගියාම ඉරිදට දහම් පාසල ඇරෙන වෙලාව බලලා ඒ හරියෙ කැරකුනා. දවසක් දෙකක් යද්දි ඒ පුංචි හිත දැනගත්තා මම එයාව දිනාගන්න වෙහෙසෙනවා කියලා.
කාලය ටිකෙන් ටික ගත උනා. ඒ වෙද්දි මගේ හිත ඇතුලෙ පුංචි ධෛර්යයක් ඇති වෙලා තිබුනා. මගේ අදහස ඇයට කියන්නට ඕනෙ කියලා..ඒ හින්දම එකතු කරගන්න පුලුවන් අන්තිම පුරුෂ දහිරිය බින්දුවත් එකතු කරගෙන එක දවසක් මම කෙලින්ම මගේ අදහස ප්‍රකාශ කලා. නමුත් මම මගේ හිතේ මෙච්චර කාලයක් හිරවෙලා තිබුන දේ කියන්න ගන්නවාත් එක්කම එයා මාව මග ඇරලා යන්න ගියේ මම කියන දේ වලට අවධානයක් දක්වන්නෙ නැතුවමයි.
එහෙම කලාම මම මගේ උත්සාහය අත හරියි කියලා මේ මෝඩ කෙල්ල හිතන්න ඇති....ඒත් ඒවා කොහෙද මා එක්ක....මම තව තවත් උත්සාහවන්ත උනා. වෙනත් පාසලක ඉගෙන ගත්ත, බස් එකේ නිතර යන එන...මගේ හිත ගිය කෙල්ලගෙ යෙහෙලියො දෙන්නෙක්ට මම කිට්ටු උනා. ඒ හරහා ආයෙත් සැරයක් කැමැත්ත ඇහුවා...අපි කථා බහ කරන වෙලාවට මේ දෙන්නත් අපි එක්කම හිටියා. මගේ ආදරී මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නෙ මට නෙමෙයි. එයාගෙ යාලුවො දෙන්නට.
තවත් කාලයක් ගත උනා. එක දවසක් මගේ ආදරේ මට ලියුං කරදහියක් දික් කලා එක පාරටම වාගෙ. මේක දැන්ම කියවන්න කියලත් එයා කිව්වා....ඔව් එහෙම කිව්වා කියලා මට තවමත් හොඳට මතකයි. අපේ අක්කා අද බස් එකේ යන නිසා අපි එක්ක කථාවට එන්න එපා අද...අක්කා නැත්තං කමක් නෑ. ලියුමෙ තිබ්බෙ එහෙමයි...මම ඒ මුතුකැට වගේ පුංචි වටකුරු අකුරු වලින් දැනගත්තා ඒ පුංචි හිතේ මං වෙනුවෙන් ආදරයක් ඉපදිලා කියලා. එදායින් පස්සෙ උදේට, දවල්ට අපි එකම බස් එකේ එකටමයි ආවෙ ගියේ.
තවත් ටික කාලයකට පස්සෙ අපි එකම අසුනෙ එකටම ඉඳගෙන යන තැනට දියුණු උනා. ඒ කාලෙ එයාගෙ යාලුවො අපි දෙන්නව අත ඇරලා වෙනම පන්ති ආවෙ ගියේ. ඒ උනාට මටයි කෙල්ලටයි මහ මග දෙනෝ දහක් ඇස් වහලා කථා බහ කරන්න සිදුවෙච්ච නිසා...ලියුම් කරදහි වලින් තමයි ගොඩාක් වෙලාවට හිතේ හිරවෙලා තිබුන දේවල් කිව්වෙ. සමහර වෙලාවට අපි ආව ගිය බස් රථයෙත් ඇයව හඳුනන අය හිටියා.
වර්තමානයේ පන්ති යන ළමයින්ට වගේ ජංගම දුරබණුවක්, ෆේස් බුක් වගේ දේවල් එදා තිබුනා නම් අපිට මේ තරම් දුක් විදින්න වෙන්නෙ නෑ නේද කියලා අද මට හිතෙනවා.
දවසක් හිතපු නැති දෙයක් සිද්ධ උනා. මම කෙල්ලට දීපු ලියුමක් එයාගෙ ගෙදරට අහු උනා කියලා කෙල්ල බස් එකේදි මට කිව්වා. එයා එහෙම කිව්වට මම නම් ශත පහකට ඒ කථාව ගනන් ගත්තෙ නෑ. ඒත් එදා හවස බස් නැවතුමේදි දැරිවිගෙ අම්මා මාව මුලිච්චි වෙන්න ඇවිල්ලා ලොකු දේශනයක් දුන්නා. අම්මා පුන පුනා කිව්වෙ දැරිවිගෙ තාත්තා පොලිසියෙ රාජකාරී කරන කෙනෙක්, එයා මේවා දැනගත්තොත් ලොකු කරදරයක් වෙනවා කියලයි.
ලියුං හුටපටෙන් පස්සෙ මගේ ආදරේ පාසල් වෑන් රථයක එන්න යන්න පටන් ගත්තා. ඒත් මගේ ආදරය නැවතුනේ නෑ. ඒ රථයෙම නංගියෙක් අල්ලගෙන එයා අතේ ලියුම් යැව්වා. කෙල්ල උත්තර ලියලා එව්වා. මේ විදියට කාලය ගතවෙද්දි මේ කෙල්ල නොදැක ඉන්න බැරි තරමට මගේ ආදරය දැඩි වෙලා. දවසක් මම උදේ පාන්දරම නැගිටලා කෙල්ල පාසල් වෑන් රථයට ගොඩවෙන්න එන පුංචි මොහොත හරි බලන්න ආශාවෙන් ඒ කිට්ටුවට ගියා. ඒ වගේම ඒ දැරිවිගෙ පාසල ලගටත් ගියා.
මම නොදැන හිටියට ඉස්කෝලෙ ලගට මම එන වග පාසලේ ගුරුවරියක් දැකලා කෙල්ලගෙ තාත්තට ඒ වෙද්දිත් කනේ තියලා ඉවරයි. මම එදත් පුරුදු විදියට ඉස්කෝලෙ ලගට ගියා. මට හොරෙන් දැරිවිගෙ අම්මා තාත්තා පාසල ලගට ඇවිල්ලා ඉඳලා.
මාව දැක්ක ගමන් පොලු පාරක් කාපු නයෙක් වගේ කෙල්ලගෙ තාත්තා මගෙ ඇගට කඩා පැනලා බෙල්ලෙන්ම අල්ලගෙන ඉස්කෝලෙ තාප්පෙට හේත්තු කර ගත්තා. මහා සද්දෙන් චට පට ගාලා මගෙ මූණට අකුණු ගහනවා විතරයි මට එතැනින් පස්සෙ දැනුනෙ. තෝ නේද අපේ කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න පර බල්ලා....ඒ විදියට බොහොම ගෞරවනීය ආකාරයට මම එදා සැලකුම් ලැබුවා.
ඉස්කෝලෙ ඇරිලා යන කෙල්ලො දිහා බලාන ඉන්නවා කියලා චෝදනා කරලා කෙල්ලගෙ තාත්තා එදා මාව ඒ ඉස්කෝලෙ විදුහල්පති ලගට අරගෙන ගියා. ආයෙත් ඉස්කෝලෙ ලගට ආවොත් මගෙ ආදරී ඉස්කෝලෙන් අයින් කරනවා කියලා කිව්ව නිසා මම හිතාගත්තා ආයෙමත් මේ ගමන එන්නෙ නෑ කියලා. මම ඉතින් ඇතිවෙන්න ගුටිකාලා සරණාගතයෙක් වගේ ගෙදරට ආවා. ඒ වෙද්දිත් අපේ ගෙදර අය සිද්ධිය දැනගෙන ඉවරයි. නමුත් ඒ අය මට දඬුවම් කරන්න ආඩපාලි කියන්න ගියේ නෑ. මම ආයෙමත් වතාවක් කෙල්ලගෙ ඉස්කෝලෙ ලගට ගියේ නෑ. මේ සිද්ධියෙන් පස්සෙ කෙල්ලගෙ දෙමාපියො අපේ ගමේ නිවාස අත ඇරලා කෙල්ලව අරගෙන මගෙන් ඈතට ගියා. මේ විදියට මොන තරම් බාධක ආවත් අපි අතර සබඳතාව දිගටම තිබුනා.
පාසල් වෑන් රථයෙ නංගිලා හරහා දිගින් දිගටම ලියුම් හුවමාරු කලා. මගේ ආදරේ නොදැක ඉන්න බැරි තරමට මම අසරණ උනා. මේ වේදනාව ඉවසන්නම බැරි තැන මම එයාගෙන් අවසර ඉල්ලුවා ගේ ලගට එන්න. කෙල්ල අවසර දුන්නා. එයාගෙ අම්මා වැඩට ගියා...අක්කා සමහර දවස් වලට පන්ති ගියා. ඉතින් අපි නිදහසේ කථා බහ කලා. මුල්ම දවසෙ මට ගේ හොයාගන්න ගොඩාක් අමාරු උනා. මම කෙල්ලගෙ ගෙදරට ගොඩාක් ඈත ඉදලා තිබුනෙ. ඒ වෙලාවෙම මගේ ආදරේ වෑන් එකක වෙන ගමනක් යමින් ඉදලා මාව දැකලා මගේ ලගට ආවා. එදා අපි දෙන්නා එකටම වගේ ගේ ලගට ගියේ.
කාලය ටිකෙන් ටික ගලාගෙන ගියා. මම මගේ මුළු හදවතින්ම අවංකව මේ කෙල්ලට ආදරය කලා. අතින් ඇල්ලුවත් හරිම පරිස්සමෙන් ඒ අත ඇල්ලුවෙත්, ගෙවල් ලග මේ විදියට මුණ ගැහෙන්න පටන් ගත්තට පස්සෙ මම ලියුම් ලිවිල්ල නතර කලා.
එක දවසක් පාසල් සේවයෙන් බැහැලා කෙල්ල මාව දැක්කෙ නෑ වගේ යන්න ගියා. ඊලග දවසෙත් ඒ දේම උනා. කාලයට සාපේක්ෂව මේ ආදරය දිහා බැලුවොත් එදා මට මොන තරම් රිදෙන්න ඇතිද කියලා ඔයාලට වැටහේවි.
මම ආයෙමත් ලියුම් යැව්වා...පාසල් සේවයේ නංගිලා අතේ. ඇයි මට මෙහෙම කරන්නෙ .....මම ඇහුවෙ එහෙමයි.
එයා ඉස්සර වගේම උත්තරයක් එව්වා. ආයෙමත් ගෙදරට අහු උනා...ගෙවල් ලග ගෑණු කෙනෙක් අම්මට කියලා. අම්මා හැම වෙලේම මට බණිනවා හොඳටම. ඒ නිසා අපි මේ සම්බන්දෙ නවත්තලා දාමු. කෙල්ල එහෙම ලියලා තිබුනා.
මට මොනවා උනාද මම දන්නෙත් නෑ. මට මොන තරම් රිදුනද...කාට කියන්නද මේ දුක...එදායින් පස්සෙ මම කෙල්ලගෙ ගේ ලග ආයෙමත් කැරකුනේ නෑ. 2007 අවුරුද්දෙ මැද වෙද්දි ලියුම් ලිවිල්ලත් නතර කලා. එදායින් පස්සෙ මගේ ප්‍රේමය මම දැක්කෙම නෑ. 2010 අවුරුද්දෙදි මම ලංකාව අත ඇරලා විදේශගත උනා. මගේ මිත්තරයො මගේ ආදරීව අතනදි දැක්කා...මෙතැනදි දැක්කා කියලා මට පණිවිඩ එව්වා. ඒ උනාට මගේ කෙල්ලව මූණු පොතෙන් මම ඉස්සෙල්ලාම දැක්කෙ 2014 වර්ෂයෙදි.
මට ආස හිතුනා කාලෙකට පස්සෙ ආයෙමත් කථා කරන්න. මාව මතකද ? මම එහෙමයි ඉස්සෙල්ලාම පණිවිඩයක් තිබ්බෙ. විශ්වාස කරන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු වෙනුවට ඇය පුන පුනා කිව්වෙ මාව හඳුනන්නෙ නැති බවක්. මම පුදුම උනා...අවුරුදු 7 කට පස්සෙ උනත් එදා වෙච්ච ගොඩාක් දේ මට අඩියෙන් අඩිය මතක් කරන්න පුලුවන් උනාට එයාට අඩුම ගානෙ මාව හදුනාගන්නත් බැරි තරමට අතීතය අමතක වෙලා. දවසකට දෙකකට පස්සෙ ඇය මුහුණු පොතේ මාව Block කර තිබුනා.
අපි බස් එකේ ගිය කාලෙ මම මගේ ජංගමයෙන් කෙල්ලගෙ පින්තූරයක් ගත්තා. දවසක් මගේ ආදරේ මට ටොෆියක් දුන්නා. එයා මට දුන්න පළවෙනි තිළිණය ඒක නිසා මම ඒ ටොෆී කොලේ එදා අරගෙන තියාගත්තා. මම ගත්ත පින්තූරෙ. ටොෆී කොලේ, කෙල්ල මට එව්ව ලියුං...වෙසක් කාඩ් ..තවමත් මම පරිස්සම් කරලා අරන් තියලා තියෙන්නෙ මගේ හිතේ ඇතිවුන ආදරය බොහොම අවංක එකක් නිසා කියලයි මට හිතෙන්නෙ.
ආදරය මොන තරම් සුන්දර මනෝභාවයක්දැයි සිරාගේ කාමරයට එන යන බොහෝ දෙනා දනිති. ජීවන ගමන් මගේ සරතැස නිවන්නට අපූරු හැකියාවක් එහි අන්තර්ගතව තිබේ. ජීවිතය දිනන්නට සමහරෙකුට ධෛර්යය දෙන්නේද මේ කියන ආදරයයි. ලොවම තමාට එරෙහි වුවත් ඊට එරෙහිව සටන් කරන්නට තරම් ශක්තියක් ඇති වෙන්නේත් ආදරය නිසායි. නමුත් තවත් සමහරෙකුගේ ජීවිත ආදරය නිසා විදින්නට ලැබෙන දුක නිසාම අඩපණ වෙයි. ඇතමෙක් ජීවිතයෙන් පලා යයි. ඒ අර්ථයෙන් ගත් කල ආදරය යනු එකම කාසියක දෙපැත්ත වැනිය. එය දුක හා සතුට අතර දෝලනය වෙයි.
දුක වෙනුවට ආදරය නිසා සතුටම ලැබේවා !
ප.ලි
පසුගිය දිනෙක මා ලියූ අරලියා සෙවනක ඔබ සෙව්වෙමි නැමති ලිපියට අදහස් දැක්වූ ඇනෝ මිත්‍රයෙක් තමන්ගේ ආදර කථාව යම් තරමකට එහිදී හෙළිකල අතර ඔහුගේ කථාව අවසානයේ සිරාගේ කාමරය සමග බෙදාගැනීමට එකඟ විය. ඔහුගේ භාෂාවෙන් මවෙත එවූ මේ ලිපිය මගේ භාෂාවට හරවා මෙලෙස පල වෙයි. ඇනෝ මිත්‍රයාගේ පෙම්වතියගේ නම මෙහි පල කරන ලෙස හෙතෙම මගෙන් ඉල්ලා සිටියත් එය අවශ්‍ය නොවන බව මගේ අදහසයි. මේ ලිපිය සඳහා මගේ නම යොදා ඇත්තේ ඇනෝ කොලුවා ඔහුගේ නම යොදනවාට විරුද්ධ වූ නිසා බැව් සැළකුව මනාය.
මුල්ම දැක්මෙන් පස්සෙ...මම ටිකෙන් ටික මේ දැරිවි ගැන හොයලා බැලුවා. ඒ වෙද්දිත් සෑහෙන පිරිසක් එයාව දිනාගන්න පොර කනවා. ඒ අතර මගේ යාලුවෙකුත් හිටියා. මේ දැරිවි මගේ යාලුවට තමන්ගෙ අකමැත්ත කියලා අහවර වෙලා තිබුන නිසා ඒ මිත්තරයා , තමන් විසින් හොයාගත්ත විස්තර ටික මට දුන්නෙ හිතේ කිසිම කහටක් නැතුව.
පවුලෙ විස්තර, ඉගෙන ගන්න පාසල, බස් එකට නගින්න එන යන වෙලාවල් වගේ දේවල් ඒ තොරතුරු ඇතුලෙ තිබුනා. ඔය කියන සන්ධියෙ මමත් පන්ති යනවා. හිතේ කොනක හීනියට පැළ පදියම් වෙච්ච මගේ අහිංසක ආදර සිතිවිලි මට බල කල හින්දම කෙල්ල උදේට බස් එකට ගොඩවෙන වෙලාව බලලා මමත් ඒ බස් එකටම නගින්න පුරුදු උනා. තවත් ටික දවසකින් එයා ලගින් හිටගෙන යන්න පටන් ගත්තා. තවත් කල් ගියාම ඉරිදට දහම් පාසල ඇරෙන වෙලාව බලලා ඒ හරියෙ කැරකුනා. දවසක් දෙකක් යද්දි ඒ පුංචි හිත දැනගත්තා මම එයාව දිනාගන්න වෙහෙසෙනවා කියලා.
කාලය ටිකෙන් ටික ගත උනා. ඒ වෙද්දි මගේ හිත ඇතුලෙ පුංචි ධෛර්යයක් ඇති වෙලා තිබුනා. මගේ අදහස ඇයට කියන්නට ඕනෙ කියලා..ඒ හින්දම එකතු කරගන්න පුලුවන් අන්තිම පුරුෂ දහිරිය බින්දුවත් එකතු කරගෙන එක දවසක් මම කෙලින්ම මගේ අදහස ප්‍රකාශ කලා. නමුත් මම මගේ හිතේ මෙච්චර කාලයක් හිරවෙලා තිබුන දේ කියන්න ගන්නවාත් එක්කම එයා මාව මග ඇරලා යන්න ගියේ මම කියන දේ වලට අවධානයක් දක්වන්නෙ නැතුවමයි.
එහෙම කලාම මම මගේ උත්සාහය අත හරියි කියලා මේ මෝඩ කෙල්ල හිතන්න ඇති....ඒත් ඒවා කොහෙද මා එක්ක....මම තව තවත් උත්සාහවන්ත උනා. වෙනත් පාසලක ඉගෙන ගත්ත, බස් එකේ නිතර යන එන...මගේ හිත ගිය කෙල්ලගෙ යෙහෙලියො දෙන්නෙක්ට මම කිට්ටු උනා. ඒ හරහා ආයෙත් සැරයක් කැමැත්ත ඇහුවා...අපි කථා බහ කරන වෙලාවට මේ දෙන්නත් අපි එක්කම හිටියා. මගේ ආදරී මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නෙ මට නෙමෙයි. එයාගෙ යාලුවො දෙන්නට.
තවත් කාලයක් ගත උනා. එක දවසක් මගේ ආදරේ මට ලියුං කරදහියක් දික් කලා එක පාරටම වාගෙ. මේක දැන්ම කියවන්න කියලත් එයා කිව්වා....ඔව් එහෙම කිව්වා කියලා මට තවමත් හොඳට මතකයි. අපේ අක්කා අද බස් එකේ යන නිසා අපි එක්ක කථාවට එන්න එපා අද...අක්කා නැත්තං කමක් නෑ. ලියුමෙ තිබ්බෙ එහෙමයි...මම ඒ මුතුකැට වගේ පුංචි වටකුරු අකුරු වලින් දැනගත්තා ඒ පුංචි හිතේ මං වෙනුවෙන් ආදරයක් ඉපදිලා කියලා. එදායින් පස්සෙ උදේට, දවල්ට අපි එකම බස් එකේ එකටමයි ආවෙ ගියේ.
තවත් ටික කාලයකට පස්සෙ අපි එකම අසුනෙ එකටම ඉඳගෙන යන තැනට දියුණු උනා. ඒ කාලෙ එයාගෙ යාලුවො අපි දෙන්නව අත ඇරලා වෙනම පන්ති ආවෙ ගියේ. ඒ උනාට මටයි කෙල්ලටයි මහ මග දෙනෝ දහක් ඇස් වහලා කථා බහ කරන්න සිදුවෙච්ච නිසා...ලියුම් කරදහි වලින් තමයි ගොඩාක් වෙලාවට හිතේ හිරවෙලා තිබුන දේවල් කිව්වෙ. සමහර වෙලාවට අපි ආව ගිය බස් රථයෙත් ඇයව හඳුනන අය හිටියා.
වර්තමානයේ පන්ති යන ළමයින්ට වගේ ජංගම දුරබණුවක්, ෆේස් බුක් වගේ දේවල් එදා තිබුනා නම් අපිට මේ තරම් දුක් විදින්න වෙන්නෙ නෑ නේද කියලා අද මට හිතෙනවා.
දවසක් හිතපු නැති දෙයක් සිද්ධ උනා. මම කෙල්ලට දීපු ලියුමක් එයාගෙ ගෙදරට අහු උනා කියලා කෙල්ල බස් එකේදි මට කිව්වා. එයා එහෙම කිව්වට මම නම් ශත පහකට ඒ කථාව ගනන් ගත්තෙ නෑ. ඒත් එදා හවස බස් නැවතුමේදි දැරිවිගෙ අම්මා මාව මුලිච්චි වෙන්න ඇවිල්ලා ලොකු දේශනයක් දුන්නා. අම්මා පුන පුනා කිව්වෙ දැරිවිගෙ තාත්තා පොලිසියෙ රාජකාරී කරන කෙනෙක්, එයා මේවා දැනගත්තොත් ලොකු කරදරයක් වෙනවා කියලයි.
ලියුං හුටපටෙන් පස්සෙ මගේ ආදරේ පාසල් වෑන් රථයක එන්න යන්න පටන් ගත්තා. ඒත් මගේ ආදරය නැවතුනේ නෑ. ඒ රථයෙම නංගියෙක් අල්ලගෙන එයා අතේ ලියුම් යැව්වා. කෙල්ල උත්තර ලියලා එව්වා. මේ විදියට කාලය ගතවෙද්දි මේ කෙල්ල නොදැක ඉන්න බැරි තරමට මගේ ආදරය දැඩි වෙලා. දවසක් මම උදේ පාන්දරම නැගිටලා කෙල්ල පාසල් වෑන් රථයට ගොඩවෙන්න එන පුංචි මොහොත හරි බලන්න ආශාවෙන් ඒ කිට්ටුවට ගියා. ඒ වගේම ඒ දැරිවිගෙ පාසල ලගටත් ගියා.
මම නොදැන හිටියට ඉස්කෝලෙ ලගට මම එන වග පාසලේ ගුරුවරියක් දැකලා කෙල්ලගෙ තාත්තට ඒ වෙද්දිත් කනේ තියලා ඉවරයි. මම එදත් පුරුදු විදියට ඉස්කෝලෙ ලගට ගියා. මට හොරෙන් දැරිවිගෙ අම්මා තාත්තා පාසල ලගට ඇවිල්ලා ඉඳලා.
මාව දැක්ක ගමන් පොලු පාරක් කාපු නයෙක් වගේ කෙල්ලගෙ තාත්තා මගෙ ඇගට කඩා පැනලා බෙල්ලෙන්ම අල්ලගෙන ඉස්කෝලෙ තාප්පෙට හේත්තු කර ගත්තා. මහා සද්දෙන් චට පට ගාලා මගෙ මූණට අකුණු ගහනවා විතරයි මට එතැනින් පස්සෙ දැනුනෙ. තෝ නේද අපේ කෙල්ල එක්ක යාලු වෙලා ඉන්න පර බල්ලා....ඒ විදියට බොහොම ගෞරවනීය ආකාරයට මම එදා සැලකුම් ලැබුවා.
ඉස්කෝලෙ ඇරිලා යන කෙල්ලො දිහා බලාන ඉන්නවා කියලා චෝදනා කරලා කෙල්ලගෙ තාත්තා එදා මාව ඒ ඉස්කෝලෙ විදුහල්පති ලගට අරගෙන ගියා. ආයෙත් ඉස්කෝලෙ ලගට ආවොත් මගෙ ආදරී ඉස්කෝලෙන් අයින් කරනවා කියලා කිව්ව නිසා මම හිතාගත්තා ආයෙමත් මේ ගමන එන්නෙ නෑ කියලා. මම ඉතින් ඇතිවෙන්න ගුටිකාලා සරණාගතයෙක් වගේ ගෙදරට ආවා. ඒ වෙද්දිත් අපේ ගෙදර අය සිද්ධිය දැනගෙන ඉවරයි. නමුත් ඒ අය මට දඬුවම් කරන්න ආඩපාලි කියන්න ගියේ නෑ. මම ආයෙමත් වතාවක් කෙල්ලගෙ ඉස්කෝලෙ ලගට ගියේ නෑ. මේ සිද්ධියෙන් පස්සෙ කෙල්ලගෙ දෙමාපියො අපේ ගමේ නිවාස අත ඇරලා කෙල්ලව අරගෙන මගෙන් ඈතට ගියා. මේ විදියට මොන තරම් බාධක ආවත් අපි අතර සබඳතාව දිගටම තිබුනා.
පාසල් වෑන් රථයෙ නංගිලා හරහා දිගින් දිගටම ලියුම් හුවමාරු කලා. මගේ ආදරේ නොදැක ඉන්න බැරි තරමට මම අසරණ උනා. මේ වේදනාව ඉවසන්නම බැරි තැන මම එයාගෙන් අවසර ඉල්ලුවා ගේ ලගට එන්න. කෙල්ල අවසර දුන්නා. එයාගෙ අම්මා වැඩට ගියා...අක්කා සමහර දවස් වලට පන්ති ගියා. ඉතින් අපි නිදහසේ කථා බහ කලා. මුල්ම දවසෙ මට ගේ හොයාගන්න ගොඩාක් අමාරු උනා. මම කෙල්ලගෙ ගෙදරට ගොඩාක් ඈත ඉදලා තිබුනෙ. ඒ වෙලාවෙම මගේ ආදරේ වෑන් එකක වෙන ගමනක් යමින් ඉදලා මාව දැකලා මගේ ලගට ආවා. එදා අපි දෙන්නා එකටම වගේ ගේ ලගට ගියේ.
කාලය ටිකෙන් ටික ගලාගෙන ගියා. මම මගේ මුළු හදවතින්ම අවංකව මේ කෙල්ලට ආදරය කලා. අතින් ඇල්ලුවත් හරිම පරිස්සමෙන් ඒ අත ඇල්ලුවෙත්, ගෙවල් ලග මේ විදියට මුණ ගැහෙන්න පටන් ගත්තට පස්සෙ මම ලියුම් ලිවිල්ල නතර කලා.
එක දවසක් පාසල් සේවයෙන් බැහැලා කෙල්ල මාව දැක්කෙ නෑ වගේ යන්න ගියා. ඊලග දවසෙත් ඒ දේම උනා. කාලයට සාපේක්ෂව මේ ආදරය දිහා බැලුවොත් එදා මට මොන තරම් රිදෙන්න ඇතිද කියලා ඔයාලට වැටහේවි.
මම ආයෙමත් ලියුම් යැව්වා...පාසල් සේවයේ නංගිලා අතේ. ඇයි මට මෙහෙම කරන්නෙ .....මම ඇහුවෙ එහෙමයි.
එයා ඉස්සර වගේම උත්තරයක් එව්වා. ආයෙමත් ගෙදරට අහු උනා...ගෙවල් ලග ගෑණු කෙනෙක් අම්මට කියලා. අම්මා හැම වෙලේම මට බණිනවා හොඳටම. ඒ නිසා අපි මේ සම්බන්දෙ නවත්තලා දාමු. කෙල්ල එහෙම ලියලා තිබුනා.
මට මොනවා උනාද මම දන්නෙත් නෑ. මට මොන තරම් රිදුනද...කාට කියන්නද මේ දුක...එදායින් පස්සෙ මම කෙල්ලගෙ ගේ ලග ආයෙමත් කැරකුනේ නෑ. 2007 අවුරුද්දෙ මැද වෙද්දි ලියුම් ලිවිල්ලත් නතර කලා. එදායින් පස්සෙ මගේ ප්‍රේමය මම දැක්කෙම නෑ. 2010 අවුරුද්දෙදි මම ලංකාව අත ඇරලා විදේශගත උනා. මගේ මිත්තරයො මගේ ආදරීව අතනදි දැක්කා...මෙතැනදි දැක්කා කියලා මට පණිවිඩ එව්වා. ඒ උනාට මගේ කෙල්ලව මූණු පොතෙන් මම ඉස්සෙල්ලාම දැක්කෙ 2014 වර්ෂයෙදි.
මට ආස හිතුනා කාලෙකට පස්සෙ ආයෙමත් කථා කරන්න. මාව මතකද ? මම එහෙමයි ඉස්සෙල්ලාම පණිවිඩයක් තිබ්බෙ. විශ්වාස කරන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු වෙනුවට ඇය පුන පුනා කිව්වෙ මාව හඳුනන්නෙ නැති බවක්. මම පුදුම උනා...අවුරුදු 7 කට පස්සෙ උනත් එදා වෙච්ච ගොඩාක් දේ මට අඩියෙන් අඩිය මතක් කරන්න පුලුවන් උනාට එයාට අඩුම ගානෙ මාව හදුනාගන්නත් බැරි තරමට අතීතය අමතක වෙලා. දවසකට දෙකකට පස්සෙ ඇය මුහුණු පොතේ මාව Block කර තිබුනා.
අපි බස් එකේ ගිය කාලෙ මම මගේ ජංගමයෙන් කෙල්ලගෙ පින්තූරයක් ගත්තා. දවසක් මගේ ආදරේ මට ටොෆියක් දුන්නා. එයා මට දුන්න පළවෙනි තිළිණය ඒක නිසා මම ඒ ටොෆී කොලේ එදා අරගෙන තියාගත්තා. මම ගත්ත පින්තූරෙ. ටොෆී කොලේ, කෙල්ල මට එව්ව ලියුං...වෙසක් කාඩ් ..තවමත් මම පරිස්සම් කරලා අරන් තියලා තියෙන්නෙ මගේ හිතේ ඇතිවුන ආදරය බොහොම අවංක එකක් නිසා කියලයි මට හිතෙන්නෙ.
ආදරය මොන තරම් සුන්දර මනෝභාවයක්දැයි සිරාගේ කාමරයට එන යන බොහෝ දෙනා දනිති. ජීවන ගමන් මගේ සරතැස නිවන්නට අපූරු හැකියාවක් එහි අන්තර්ගතව තිබේ. ජීවිතය දිනන්නට සමහරෙකුට ධෛර්යය දෙන්නේද මේ කියන ආදරයයි. ලොවම තමාට එරෙහි වුවත් ඊට එරෙහිව සටන් කරන්නට තරම් ශක්තියක් ඇති වෙන්නේත් ආදරය නිසායි. නමුත් තවත් සමහරෙකුගේ ජීවිත ආදරය නිසා විදින්නට ලැබෙන දුක නිසාම අඩපණ වෙයි. ඇතමෙක් ජීවිතයෙන් පලා යයි. ඒ අර්ථයෙන් ගත් කල ආදරය යනු එකම කාසියක දෙපැත්ත වැනිය. එය දුක හා සතුට අතර දෝලනය වෙයි.
දුක වෙනුවට ආදරය නිසා සතුටම ලැබේවා !
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
පසුගිය දිනෙක මා ලියූ අරලියා සෙවනක ඔබ සෙව්වෙමි නැමති ලිපියට අදහස් දැක්වූ ඇනෝ මිත්‍රයෙක් තමන්ගේ ආදර කථාව යම් තරමකට එහිදී හෙළිකල අතර ඔහුගේ කථාව අවසානයේ සිරාගේ කාමරය සමග බෙදාගැනීමට එකඟ විය. ඔහුගේ භාෂාවෙන් මවෙත එවූ මේ ලිපිය මගේ භාෂාවට හරවා මෙලෙස පල වෙයි. ඇනෝ මිත්‍රයාගේ පෙම්වතියගේ නම මෙහි පල කරන ලෙස හෙතෙම මගෙන් ඉල්ලා සිටියත් එය අවශ්‍ය නොවන බව මගේ අදහසයි. මේ ලිපිය සඳහා මගේ නම යොදා ඇත්තේ ඇනෝ කොලුවා ඔහුගේ නම යොදනවාට විරුද්ධ වූ නිසා බැව් සැළකුව මනාය.
ඇනෝ මිත්තරයාගේ පළමු හෙළි දරව්ව |
අපරාදේ ආපහු පස්සෙන් ගියේ. මූනු පොතේ කතා අහපුවාම ජීවිතෙත් එපා වෙනවා...:P
ReplyDeleteමම පස්සෙන් ගියේ නෑ... ඔය හරියට කතාව තේරුම් අරන් නැති හැඩයි... අවුරුදු 7 පස්සේ මම මුහුනු පොතෙන් කතා කරා පමණයි...
Deleteඒකට කියන්නෙත් පස්සෙන් යනවා කියලා තමා බං. Follow කරනවා කියන්නෙ මතකය පස්සෙන් යනවා කියන එකම තමා.
Deleteපොඩ්ඩි කියන කථාව ඇත්ත බොල ඇනෝ...උඹ අවුරුදු ගානකට පස්සෙ සැප දුක අහන්න ගිය එකත් එක ආකාරයක පස්සෙන් යාමක් තමයි...මම ඒක වැරදියි කියන්නෙ නෑ.....මොකද සමහර වෙලාවට ඔය වැරැද්ද මමත් කරන නිසා...
Deleteඑහෙම බැලුවොත් අපි එක පාරක් යාළුවෙලා හිටපු කෙනෙක්ගේ මූණ බලල හිනා වෙන්නත් බැනේ බන් සිරෝ මේ කියන විදිහට.... අපි තරහාකාරයෝ නෙමෙයි නිසයි මම කතා කරේ... නැතුව ආපහු යාලු කර ගන්න නෙමෙයි...
Deleteබබයියා, පොඩ්ඩි සහ සිරා සමග මම එකග නෑ.. මට බුට් එක තියපු කෙල්ලේක් මම අවුරැදු 12ක් තිස්සේ හෙව්වා..ඒකිව බලන්න ගියෙත් සදුයි පොඩි මෙන්ඩියායි එක්ක කෙල්ල දුක් විදිනවා.. මාව දැක්කාම ඒකිට ඇඩුනා මම ආපහු එන්න කාර් එකට නැගලා ආයමත් බැහැලා ගිහින් විසිටින් කාඩ් එක දිලා ආවා..ඒකි මට කතා කරා හැබැයි මම මගේ සිමාව පැන්නේ නෑ එයාටනම් සිමාව පනින්න උවමනාවත් තිබුනා ඒත් මට ඔන වුනේ ඒකිව බලන්න විතරයි ඇත්තම කියනවානම් කෙල්ලට පෙන්නන්න බලපන් අද සදු ඉන්නේ ඔයා ඉන්න හිටපු තැන කියලා..
Deleteමචං..ඇනෝ මම එදත් කිව්වා අදත් කියනවා ඒ තරම් කැප කිරිම කරපු උඔව මග අරිනවනම් හොම්බට අනින්න ඔනේ..මොකද උඔ ඒකිට බුදියන්න කතා කරේ නෑනේ
ඒක තමයි බන් මෙන්ඩෝ... පරණ දේවල් ගැන නෙමෙයි මම කියන්නේ.... අඩුම තරමේ මෙකි කොහොමද ඉතින් කියලවත් ඇහුවනම්....??? දන්නෙත් නෑ මතකත් නෑ කිව්වම මාර අප්සට් ගියා බන්....
Deleteෂැහ්...තනි ඇහැට ඇඩෙනවා නොවැ...රාජාංගනේ වැව් බන්ටෙකේ...ගල් කේස් එකක් ලග තියාගෙන සෙට් වෙන්න වෙයි වගේ මේ කථා ගැන කථා කරනවා නම්...
Deleteබිලා අඩන්නත් ඔනේ බං
Deleteමමත් එනවා ඕන්... ලංකාවට සෙට් වෙන කාලෙක කියහල්ලා... අඩමු.... වැලපෙමු.... හොටු හුරමු...
Deleteඉස්කෝලෙ ලඟදි මාට්ටු උනාම..
ReplyDeleteතොගේ පරි ඇටයක් බලන්න මං ආවෙ නෑ #ත්තෝ.. මං ආවෙ අපේ නංගිව එක්කං යන්ඩ.ඇයි තහනංද ?? අතක් හරි තිබ්බොත් අනිනවා මූණ කට පොඩිවෙන්ඩ තෝ මොකා උනත් මට වැදගත් නෑ " කියලා ඔරේ රන් දුවන එකයි තියෙන්නේ ...
චැහ් ... ආං එහෙමයි සාකච්ඡා කරලා වැදගත් විදියට මිනිස්සු ප්‍රශ්න විසඳගන්නේ :D :D
හරියට..හරි මෙන්න පුරේ ස්ටැයිල්..එහම නොවුනම් අපි ස්වර්ණපාලියේ තාප්පේට ඇලිලා ඉන්න ඔිනේ.
Delete@පත්තර මල්ලියා... මාව පිනා ගාවට එක්කන් ගියා බන්... මම ශේප් උනෙත් ඔය පචේම ගහලා තමයි... සිරාවටම මගේ නංගි කෙනෙක් ගියා ඒ ඉස්කෝලෙට... වාසගමත් එක නිසා මම එයාව අල්ලලා බේරුනේ... එත් මට කිව්වා ආපහු ඉස්කෝලේ ගාවට එන්න එපා එහෙම උනොත් කෙල්ලව ඉස්කෝලෙන් අස් කරන්න වෙනවා කියලා... පොඩි වයසනේ බන්... මමත් ටිකක් බය උනේ ඒ නිසයි...
Deleteඇනෝ කොලුවො...උඹ එදා ගුටිකාලා ඔලුව පාත් කරගෙන ගෙදරට ආවට...සිරා කොලුවට එහෙම ඔය විදියට ගැහුවා නම් කෙල්ල යකාට ගිය දෙන් කියලා මමත් නෙලනවා තාප්පෙට හේත්තු කරලා...ඕ යේස්...
Deleteකෙල්ල ගැන හිතලා බන් මම ගුටිකාලා ආවේ... දැන් දෙන්නට ගිහින් රිටන් එක.... :D
Deleteඇනෝ මචං..ඒකිට මේ බොලෝග් එක බලන්න කියලා පනිවිඩයක් දියන්
Deleteමේක කියෝලා ඒකිට මොනවා හිතෙයිද බන්...???
Deleteඒකි උඔගෙන් සමාව ඉල්ලුවේ නැත්නම් මම ගානේ ගල් බෝතලයක් දෙනවා.
Deleteමෙන්ඩෝ... එකෙන්ම.... මගේ ගානේ සෝඩා බෝතලෙකුයි බෝල කඩල පැකට් එකයි....
Deleteහැමෝටම සිරාට වගේ කථාවක් තියේනවා.
ReplyDeleteමේ කතාව සිරාගේ නෙමෙයි අපේ හිතවත් ඇනෝගේ
Deleteමේක මගේ කථාවක් නෙමෙයි සොයුරිය...සිරා කොලුවා මේ වගේ ගුටිකාලා ඔලුව පාත්කරගෙන එන එකෙක් නෙමෙයි...කෙල්ලගෙ තාත්තා නෙමෙයි මොන සක්කරයා උනත් මෙතැනදි මේ කොල්ලට ගහලා තියෙන විදිය වැරදියි....
Deleteපව්නේ මම.....?
Deleteඋඔ රෙස්පා ඇනෝ උඔ එදා උඔටත් වඩා හිතුවේ එකිගේ ගෞවරය..ඒකි ගැන උඔ එල ද බ්‍රා
Deleteඇත්ත බන්.... බැරි වෙලා හරි මමත් පොරට ගහලා අද වැඩේ ගොඩ ගියානම් මන් කොහොමද උගේ මුණ බලන්නේ...? අද කාලේ බන් සර් කෙනෙක් ලමෙක්ට ගැහුවත් රිටන් එක දෙන කාලෙනේ බන්.... ඒ අතින් බැලුවම අපි එක...
Deletesanjeewa mendisNovember 24, 2014 at 4:03 PM
ReplyDelete@ඇනෝ
හොම්බට අනින්න තියෙන්නේ
Delete
AnonymousNovember 24, 2014 at 6:54 PM
වැඩක් නෑ බන් මෙන්ඩෝ කතා කරලා... ඒ කතාවත් හින්දි පිචැර් එකක් වගේ... ලියන්න කම්මැලි... නැත්තම් ත්‍රාසය භීතිය කුතුහලය සටන්ජවනිකා ඔක්කොගෙන්ම පිරුන කතාවක්....
දුක යන්නත් එක්ක ගහමු බන් ගල් කාලක්
සිරාගෙ කාමරේNovember 24, 2014 at 8:36 PM
ලියලා එවහං ඇනෝ ගොයියො...අපි දාමු 7 වෙනි ලිපියට...
sanjeewa mendisNovember 25, 2014 at 11:25 AM
මදි ඇනෝ පත්තරයයි සින්දුයි කම්මලයි අම්මෝ ගුදමක් ඔිනේ..ඇත්තට සිරාට එවහන්කෝ ඒ කතාව
Delete
AnonymousNovember 25, 2014 at 1:15 PM
කතාව එව්වා.... සිරා ලුණු ඇඹුල් දාලා ලස්සනට ලියලා මී මාසෙම දාවි කියලා හිතනවා..
කම්මලNovember 25, 2014 at 4:53 PM
ගුදමක් එපා, පත්තරය බාල්දියක් ගෙනත් නායි.
සිරාගෙ කාමරේNovember 26, 2014 at 12:59 AM
ඇනෝ කොලුවාගේ දුක බේරෙන කථාව මා වෙත ලැබී තිබේ...ඊලග මාසයේ එය කියවමු...
ඔය උඩින් තියෙන්නේ එදා ඇනෝ සහෝ සමග ඇති වු කතාබහ..
සිරා..මම දවසක් මුනු පොතේදි උඔට කිව්ව ව්දිහට කාටවත් නොකිව්ව හිත රිදෙන ආදර කතාවක් මටත් තියනවා..දවසක ඒ ගැන උඔ ලියපන්.
ඔය එන්නේ කොල්ලෝ ෆෝම් වෙලා.... සිරාට දීපන් මෙන්ඩෝ ඌ ලෙසටම ලියනවා... ගහමු බන් ගල් බෝතලයක්... හොද බඩු හොයා ගන්න එක තමයි මේ දවස් වල තියෙන ප්‍රශ්නේ
Deleteඅනිවා..ගහමු..
Deleteගල් බොන ළමයි අත උස්සන්න..
එලද බ්‍රා මෙන්ඩිස් අයියා...විභාගෙ ඉවර වෙච්ච ගමන් එවන්ට ඕනෙ කථාව ඉටි කිරිස් වගේ අරිද...ඔයාගෙ කථාව එනකං තමයි ඔය පත්තරයා උනත් බලාන ඉන්නෙ ඇන්කෝර් එක දෙන්න...
Deleteමම මේ කකුල් දෙකත් උස්සන් බන් ඉන්නේ මෙන්ඩෝ
Deleteමම කකුල් හතරම උස්සං :D ඕ යේස්
Deleteසිරා..හැබැයි එක පොරෙන්දුවක් මම ලියනවා අතපය දිගඇරලා ඇත්ත ඇති සැටියෙන් කිසිම දෙයක් හංගන්නේ නැතුව කතාව කියෙව්වට පස්සේ මෙන්ඩාට කට්ටිය බනින්නත් පටන් ගනි..කමක් නෑ උඔ ඒක ඒ විදිහට දාපන්.
Delete@ මෙන්ඩා , මම හිතන්නේ ඒ වගේ අත්දැකීමක් ලියන්නනම් අපි පුර්ණකාලින ඇනෝ කෙනෙක් වෙන්න ඕනෙ, මේ ලිපියට අපිට දෙයක් කිවුවහැකි ඒක ඇනෝටවත්, අපිටවත් හානියක් නෑ.
Deleteඒත් නමිනුත් පුද්ගලිකවත් පෙනී හිටින කෙනෙක් ඒ වගේ පෞද්ගලික දෙයක් ලියන එක හානියක් විදිහට මම දකින්නෙ.
ලියපන් මෙන්ඩෝ... (කියවන්න ඇගිලි ගනිමින්)
Delete@කම්මල
Deleteඅන්න ඒ නිසා තමයි මම උඔට රෙස්පා..උඔ කියන්න තියන දේ යම රඡ්ඡුරැවන්ට උනත් කොන්ද කෙලින් තියාගෙන කියන පොරක්.එල ද බ්‍රා ඩබල් පුෂ් අප්..
@ඇනෝ සහෝ
ලියනවා මචං මටත් මේ කතාව කියලා හිත නිදහස් කර ගන්න ඔිනේ
කම්මල අයියා කියන කථාවෙ ඇත්තක් තියෙනවා...නමුත් ඔබට තියෙන ආත්ම විශ්වාසය ගැන මට දැනෙන නිසා...ලියන්න කියලයි මම කියන්නෙ.
Deleteලියනවා සිරා..උඔ දන්නවනේ මට කවදාවත් ඡිවිත දෙකක් නෑ..යාලුවෝ අතර ගෙදර කාර්්‍යලයේ හැම තැනම එකම මෙන්ඩා..මට හංගන්න ඡිවිතයක් නෑ..
Deleteමෙන්ඩෝ මේ සින්දුව ලිව්වේ උඹ නේද ?
Deleteගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ...
එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා
මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා...
විල් තලය හැඩ නෑ...
ගැලූ දිය කඳ...
පැතලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ
පව් කෙරුව හින්දා...
වෙන්ව යන් නොහඬා...
ගැලූ දිය කඳ...
ගායනය - අසංග ප්‍රියමන්ත පිරිස්
පට්ට පට පට මෙන්ඩෝ....
Deleteස්තුතියි මගේ සහෝ සින්දු ඇනෝ..තිසා වැව් බැම්මේ අඩලා ඇති මම අනෙක වාරයක්..මචං..ඒ කෙල්ලගේ ඇති ලස්සනකුත් නෑ ඒ වුනාට මම ඒකි මත්තේ මැරෙන්න හැදුවේ ඇයි කියලා අදටත් මට හිතා ගන්න බෑ..
Deleteමනෝ..මගේ ආදරය ඉල්ලද්දි මම ආදරය කරේ ශලිනිට ඒකි ආදරය කරේ තාරකට තාරක ආදරය කරේ මෙල්කාට ඒකි ආදරය කරේ අබේට ඌ ආදරය කරේ සදමාලිට..
යකෝ මේක තේරුම් ගන්න ගල් කේස් එකක් ගැහුවත් අමාරුයි....
Deleteඅනේ අම්මේ...මෙන්ඩයියෙ උඹ මාව පිස්සෙක් කලා අයියෝ....මෙහෙමත් ලව් හැබෑට....
Deleteහයියෝ.... දුකම දුක කතාවක්. :(
ReplyDeleteහ්ම්ම්.... :(
Deleteඇනෝට ඇඩුනද මන්දා...
Deleteතනියට අඩන්න මෙන්ඩත් ඉන්නවා මට දැන්...
Deleteආදරය වෙනුවෙන් කොල්ලෙක් ඡිවිතේ එක පාරක් හරි අඩන්න ඔනේ..
Deleteඇත්තටම හොටු පෙරන් අඩුවේ නැත්තත් හිතෙන්නම් අඩලා ඇති ඕන තරම් මමත්.....
Deleteතාප්පේ සීන් එක කියවද්දී සිර කොලුවා තාප්පේ එල්ලිලා ඉන්න හැටි මතක් උනා. . . බලද්දී සිරා කොලුවා නෙමෙයිනෙ. .
ReplyDeleteහුකැස්.... :D ඒ මම බන්...
Deleteසිරා කොලුවා එහෙම නෙමෙයි බොලං....
Deleteතනියට අඩන්න මෙන්ඩත් ඉන්නවා මට දැන්...
Deleteහැබැයි බිලා අඩමු එතකොට බෝක්කෙන් අඩන්න පුලුවන්
Deleteඑකවරක් ඔබට මා එපානම්
Deleteසිය දහස් වාරයක් එපා මට ඔබ එපා
මම මගේ පාඩුවේ අඬ අඬා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ මිණි කිරුළ පලඳින්න
එකවරක් ඔබට මා එපානම්....
ඔබේ හඳ පහුරු ගා වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ දැකගන්න ඉඩදෙන්න
එකවරක් ඔබට මා එපානම්.....
ගායනය - විජය කුමාරතුංග
"ආදරය මොන තරම් සුන්දර මනෝභාවයක්දැයි සිරාගේ කාමරයට එන යන බොහෝ දෙනා දනිති. ජීවන ගමන් මගේ සරතැස නිවන්නට අපූරු හැකියාවක් එහි අන්තර්ගතව තිබේ. ජීවිතය දිනන්නට සමහරෙකුට ධෛර්යය දෙන්නේද මේ කියන ආදරයයි. ලොවම තමාට එරෙහි වුවත් ඊට එරෙහිව සටන් කරන්නට තරම් ශක්තියක් ඇති වෙන්නේත් ආදරය නිසායි. නමුත් තවත් සමහරෙකුගේ ජීවිත ආදරය නිසා විදින්නට ලැබෙන දුක නිසාම අඩපණ වෙයි. ඇතමෙක් ජීවිතයෙන් පලා යයි. ඒ අර්ථයෙන් ගත් කල ආදරය යනු එකම කාසියක දෙපැත්ත වැනිය. එය දුක හා සතුට අතර දෝලනය වෙයි."
ReplyDeleteyou have a wonderful heart my dear friend !
+++++++++++++
Deleteඑල ද බ්‍රා..කමෙන්ටුව
Deleteස්තුතියි ....ඒ මගේ අවංක අදහස...
Deleteඅම්මලා දහම්පාසල් යැව්ව ඒකයි ඔ්කට හේතුව...... නැත්තම් ඔය ලමයා අමාරුවේ වැටෙන්නෑනේ........
ReplyDeleteඑකනම් ඇත්ත...
Deleteබලන්න අනේ...අද කාලෙ කෙල්ලෙක්ට දහම් පාසලක යන්න මුන් ඉඩ දෙන්නෙ නැති හැටියක්...
Deleteඅන්න එකනේ කියන්නේ....
Deleteසිරා කොලුවෝ බොහොම ස්තුත්යි මගේ හොටු බේරෙන කතාව උඹ කිව්වා වගේ බන්ඩි පෝර ගහලා එළකිරි එකට පල කලාට... මම හිතුවේ මේ මාසේ අන්තිම එක විදිහට දායි කියලා... කලින් පල කල එකට මාගේ බලවත් ස්තුතිය...
ReplyDeleteබොට ඉතිං පොරොන්දු උනානෙ මම....පොරොන්දුවක් උනා නම් උනා තමයි...කඩන්නෙ නෑ මේ සිරා කොලුවා.
Delete//වර්තමානයේ පන්ති යන ළමයින්ට වගේ ජංගම දුරබණුවක්, ෆේස් බුක් වගේ දේවල් එදා තිබුනා නම් අපිට මේ තරම් දුක් විදින්න වෙන්නෙ නෑ නේද කියලා අද මට හිතෙනවා.//
ReplyDeleteකවුරු කිවත් මේ කතාවටනම් මම එකග වෙන්නේ නෑ . මේ දේවල් තිබුනානම් අද පරිස්සන් කරලා තියාගන්න ලියුම් ඉතුරු වෙන්නේ නෑ නේද ? මැසේජ් ටික ඩිලීට් කරාම කතාව ඉවරයි . අද වෙනකන් ලවු ලෙටර්ස් ලියල නැති උනාට මට නම් හිතෙන්නේ මැසේජ් , ෆේස්බුක් වලට වැඩිය ලියුම් ආදරනියයි කියල . හැමෝගෙම ජීවිතවල සැබෑ නොවුණු ආදර කතාවක් දෙකක් තියෙනවා . ෆේස්බුක් නිසා පරණ පාසල් ප්‍රේම ආයෙත් හම්බෙන්න පටන් අරන් . මගෙත් එහෙමයි . උසස් පෙළ අවුරුදු 3 ආදරේ කරලා අන්තිමේ සේරම දාල අවටත් පස්සේ අවුරුදු 7 කට පස්සේ ෆේස්බුක් එකෙන් හම්බෙලා අයෙත් මුනගැහිලා , කතාබහ කරලා , අයෙත් වෙන්වෙලා යන්න උනොත් ? වෙලාවකට හිතෙනවා ජිවිතේ අපිත් එක්ක සෙල්ලන් කරනවද කියලත් .
අපි අයෙත් හමු නොවුනානම් ..
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස ..
යලි ඉපදී මා හද හඩවන්නට ...
අපි අයෙත් හමු නොවුනානම් ...
සහතික ඇත්ත....බොලාගෙ කථාවට මමත් අක්මාවෙන්ම එකඟයි. දැන් බලන්න ඔය ත්‍රිපිටකය මහා ලොකු පොතක් විදියට මුද්‍රණය කරන වෙලාවෙ එක ඩීවීඩී එකකට ගන්න පුලුවන් නොවැ. ඒත් ඩීවීඩී එකට සහ පොතට දක්වන සැළකිල්ල විවිධයි...ත්‍රිපිටකය මුද්‍රණය වෙලා අවසන් වෙද්දි එය ගෞරවනීය වස්තුවක්...
Deleteලකියා එල ද බ්‍රා
Deleteඅනිවා . පොතක් උනත් එහෙමයි මට නම් .නවල් එකක pdf එකක් කියවනවට වඩා හිතට වදිනවා පොත කියවනකොට
Deleteමමත් ලකියගේ කතාවට එකගයි... මුහුණු පොතෙන් කෙල්ලෙක් යාලු කර ගන්න එක වගේ නෙමෙයි ඇත්තට පස්සෙන්, ගිහින් කට්ටක්, කාලා ඇස් දෙක දිහා බලන් ආදරේ ඉල්ලන එක.... මේ අත්දැකීම් අද කාලේ අයට නැති වීම ගැන මමත් දුක් වෙනවා... මෙහෙම දේවල් තමයි අපිට මතක් කරලා හරි සතුටු වෙන්න පුළුවන්...
ReplyDeleteඒවා හරි කෘතිමයි...ඉස්සර පෙම් පතක් ලියලා..ඕක දෙන්න ඉර හඳ තරු ගලපලා...යාලුවො එක්ක ප්ලෑනක් ගහලා අත වෙව්ල වෙව්ල ගිය අතීතය මොන තරම් සුන්දරද...අද කාලෙ වගේ සිල්ලරට මේ දේවල් උනාම කිසි ගතියක් නෑ.
Deleteඔවු බන් . ඒ ආදරේ ලැබුණ නැති උනත් අවුලක් නෑ. ඒ මතකයන් හැමදාම හිතේ තියේවි.
Deleteසිරා +++++
ජිවිතේ ලබන ත්‍රාසජනක අත්දැකීම් වලින් එකක් තමයි බන් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන එක . වෙන ඕනේ කෙල්ලෙක්ගෙ මුනට ඕනේ දෙයක් කියන්න පුළුවන් .ඒත් හිත ගියපු කෙල්ල ලගට ගියාම වචනයක් දොට්ට දාගන්න බෑ
ආදරේ තරම් මේ ලෝකේ කියා ගන්න බැරි කිසිම දෙයක් නැතුව ඇති බන්....
Deleteමම පළමුවෙනි වතාවට කෙල්ලෙකුගෙන් කැමැත්ත අහන්න ගිය අවස්ථාව මතක් උනා බං...අවශ්‍යම වචන ටික එළියට දානකං පපුව නිකං මෝටරයක් වගේ දුවන්නෙ...හැබැයි වචන ටික පැන්නට පස්සෙ පට්ට විදියට හිත නිදහස් වෙනවා.
Deleteනංගි...මේ..මෙ..ඔයත් එක්ක ක..කතා කරන්න පුලුවන්ද?
Deleteපුලුවන් මට හොදට කතා කරන්න පුලුවන් මොකද වෙන්න ඔනේ?
නෑ..නෑ..මේ..මේ ඔයාගෙන් පොඩි කාරනයක් අහන්න?
අයියේ..මේ ඔවාට එන්න එපා හරිද..මම කැමති නෑ..
කවුද ඔයි තමුසේගෙන් කැමත්ත අහන්න ආවේ තමුසේගේ අතේ තියනවා වගේ කුඩයක් නැති වුනා අපේ නංගිගේ..තමුසේ ඒ කුඩේ ගත්තද කියලා අහන්න ආවේ
අඩෝ බෑ බන් මූ එක්ක.... මමත් ඔහොම තටමනකොට තමයි එකී මහසෝනා දැකලා වගේ දුවන්න ගත්තේ....
Deleteසිරාවටම සිරෝ... එකනම් මහා පට්ටම අත්දැකීමක් බන්....
ඇනෝ මිත්‍රයා, ජීවිතෙන් එක පාරක් මග ඇරුන කෙනෙක්, මූණු පොතෙන් විතරක් නෙවෙයි සැබෑ ලෙස හමුඋනත් කතා කිරිමත් දුරකථන ඇමතුම් දීමත් මම හිතන්නෙත් වදයක් විදිහට. ඒ මොකද ඒ අයට ටික දවසක් යනවිට ඉන්න තත්වය අමතක වෙනව ( අපිට උනත් ).
ReplyDeleteපවුල් අවුල් නොවී තියාගන්න ඕනේ හින්ද සමහර විට ඇය මග හරින්න එහෙම කරන්න ඇති .
ප;ලි - පස්සෙ ලියන්නම්
කියම්දෝ නොකියම්දෝ කියල හිතපු දේ කම්මල අයියා කියලා,
Deleteපරණ පෙම් කතා තමන්ට කොච්චර ආස්වාදජනක වුනත් පිටින් බලන අයට ඒක පේන්නේ වැරදියට වෙන්න පුළුවන්..ඒ නිසා තමයි ගොඩාක් අය තමන්ගේ පරණ පෙම් කතා තමන්ගේ සැමියට බිරිදට නොකියන්නේ... මෙතනත් එහෙම දෙයක් වෙන්න පුළුවන්... පොඩ්ඩක් හිතන්න ඇගේ සැමියා හැමදේටම බිරිදව සැකකරන කෙනෙක් නම්? හැම පුංචි දේටම රණ්ඩු අල්ලනවා නම්? මේ කරල තියෙන්නේ ඇයට කරන්න පුළුවන් හොදම දේ.
අනික මේ විදිහට පරණ මතක ඇනෝ හිතේ තියාගෙන ඉන්න එකෙන් වෙන්නේ ඔයාගේ ජීවිතෙත් අදුරුවෙන එක... හොදම දේ ඔය පරණ ලියුම්, ටොපි කොල විසිකරල දාලා අලුත් ජීවිතයක් ගත කරන එක... මේක මට හිතුන දේ
මට හිතෙන විදිහට ඒ කෙල්ල කරේ මේ වෙලාවේ කරන්න ඕනි හොදම දේ...
කම්මලේ අයියා හිතන විදිහත් හරි... මොකද සමහර ය ආපහු ලං වෙන්න හදන්නේ පරණ විදිහටම හිතාගෙන.... ඒ අතින් බැලුවොත් ඒක එහෙමයි... මම ඇත්තටම කතා කරේ එහෙම අදහසකින් නෙමෙයි... ( උබලා මාව විස්වාස කරන එකක් නෑ )
Deleteනදිනි - සික් විතරක්... මේ සිරා හද්ද නාකියා නිසා ඔක්කොම හිතන්නේ මුගේ වයස ගැන හිතලා... තාම ඒ කෙලිට අවුරුදු 21... ඒකි බදින්න තියා හිතලවත් නෑ... මට ඊට ජුන්ඩක් වයස වැඩි.... මම ආපහු කතා කරේ මාව මතකද බලන්න මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි.. පස්සෙයි මට තේරුනේ එයට දැන් වෙන කොල්ලෙක් ඉන්නවා...(දැන්නම් එකත් නැද්ද කොහෙද)
Delete// ටොපි කොල විසිකරල දාලා //
Deleteහිනා කාල මැරෙනවා යකෝ :D :D
අපොයි දැනුයි මම අවුරුදු එක්ක සංසන්දනය කරල බැලුවෙ... 2006 දී මුලින්ම දැකල 2007 වෙද්දි සේරම නැටුම් ඉවර වුනානම් අවුරුදු 7ක් ටොපි කොල තියන් හිටිය මේකටනේ ගහන්න ඕනි... ඇයි හත්තිලව්වේ ඒ කෙල්ලට දැන් 21යි ලු. එතකොට ඒ කාලේ 13, 14 කාලේ. මෙච්චර කල් ඔය බාලේ බැදි ආලේ මතක තියන් හිටියනම් තමයි පුදුම. ගුටි කාපු නිසාම මිසක් ඇනෝටත් ඔය කෙල්ලගේ මූණවත් මතක නැතිවෙයි හි හී
Deleteසිරා අයියාට නාකියා කියල අහුවෙන්නේ නෑ හරිය?
කම්මලටයි නදිනිටයි දෙන්නටම සපුරා විරුද්ධයි මම!
Deleteඇයි මෙහෙම හිතන්නේ?
කොහොමද මෙහෙම දෙයක් දැනගත්තම පවුල් අවුල් වෙන, පුංචි පුංචි දේවලට සැකකරන කෙනෙක්ව බැඳ ගන්නේ මේ වගේ ගේම අත අරින්නැතුවම ආදරේ කරන ඇනෝ කෙනෙක්ව මගහැරල??
එහෙමනම් මේ ඔහු ඇනෝටත් වඩා ගොඩාක් ආදරේ කෙනෙක් වෙන්න ඕනෙ
එහෙම කෙනෙක් ඉරිසියා කරාවි (ඉරිසියාවත් ආදරේමයි මම දන්න විදිහට) ඒත් අවුලක් හදාගන්නේ නෑ කීයටවත්!! එහෙම බැලුවොත් මේ කරල තියන්නේ සහකරුවා නිසා නෙමේ ඈ තමන් නිසාමයි. සහකරුවා නිසානම් ඒ සහකරුවාව බැඳගෙන තියෙන්නෙ ආදරේ නිසා නෙමෙයි!! වෙන මොහොකට හරි!!! ආයෙම කල්පනා කරල බලන්න කියල ඉල්ලනව දෙන්නගෙන්ම!
මිනිස් හිතකට කරන්නම බැරි දෙයක් ආදරයක් අමතක කිරිල්ල
කෙනෙක් පුලුවන් එහෙම කියනවනම් ඒක අමතක කිරිල්ලක් නෙමේ ආදරයක් අඳුනගන්න බැරි මෝඩ කමක් - නොසැලකිල්ලක්!
කම්මල අයියා සහ නදිනි නගාගේ අදහස් වලට මමත් එකඟ වෙමි...සමහර ස්වාමියො ඉන්නවා තමන්ගෙ බාරියාව වෙනත් පිරිමියෙක් සමග කථා කලත් ඇයව සැක කරනවා ඔහු සමග නිදිවැදුන එකෙක් හැටියට...
Deleteතිස්ස අයියගෙ අදහස පිළිබද මගේ අදහස මෙහෙමයි. සමහර වෙලාවට දෙන්නෙක් විවාහ ජීවිතේට එළඹෙන්නෙ කෙටි කාලීන ඇසුරකින්...නැත්තං යෝජනාවක ප්‍රතිපලයක් විදියට...ඉතින් මෙහෙම දෙදෙනෙක් විවාහ ජීවිතයට එළැඹිලා තමයි තමන්ගෙ රුචි අරුචිකම් වගේම ගැලපීම් නොගැලපීම් පිළිබද උනත් අවබෝධයක් ගන්නෙ. එතැනදි තමන්ගෙ සැමියා පුංචි දේටත් තමාව සැක කරන කෙනෙක් කියලා දැනගත්ත බාරියාවකගේ හැසිරීම මෙයට වඩා වෙනස් වෙන්න ඉඩක් නෑ.
නදිනි - මෙහෙමයි... මට අදටත් හිතට වැදුන එකම කෙල්ල එයා... අපි හැමෝටම තියෙනවා එහෙම ආදරයක්... කොහොමත් අද ආදරේ කියන්නේ අහුමුලුවල රිංගන එකට... එත් මම අතින් ඇල්ලුවෙත් පරිස්සමෙන්... මගේ හිතේ එයා ගැන තිබ්බේ එහෙම හැගීමක්... ඊට පස්සෙත් කෙල්ලෝ හිටියා... එත් තාම ඒ කෙල්ල තරම් හිතට වැදුන කෙනෙක් නෑ... අනික ආදරේ කියන්නේ බොලද දෙයක් නිසා විසිකරන්න ඕන ටොපිකොලේ මම අදටත් පරිස්සමෙන් තියන් ඉන්නේ එක නිසා වෙන්න ඇති... එක නිසා වෙන්න ඇති ඖරුදු 7ක් වෙලත් මට ඒ හැමදෙයක්ම අමතක කරන්න අමාරු... බොහොම ඉස්තුත්යි ඔයාගේ අදහසට...
Deleteමෙන්ඩෝ.... පත්තරයව උස්සන්න සුදු වෑන් එකක් එවහන්... මූ මට කෝචෝක් දානවා...
Deleteමගේ පැක්ට්‍රි පාටියට එවපන් උඔට බනින එවුන් කෙල්ලෝ බිලා බිලා කුනුහරැපෙන් බැන බැන බදාගෙන නටනකොට එහෙන් මිරිකලා ඇදලා ඉබිනකො ඔය කස්ටියට නිකන්ම වහ බොන්න හිතනවා
Delete// කම්මලටයි නදිනිටයි දෙන්නටම සපුරා විරුද්ධයි මම!
Deleteඇයි මෙහෙම හිතන්නේ? //
තිස්ස අය්යා , මම කමෙන්ට් කලේ මෙයාල දැන් බැදල කියල පූර්ව නිගමනයක ඉදගෙන.
//කොහොමද මෙහෙම දෙයක් දැනගත්තම පවුල් අවුල් වෙන, පුංචි පුංචි දේවලට සැකකරන කෙනෙක්ව බැඳ ගන්නේ මේ වගේ ගේම අත අරින්නැතුවම ආදරේ කරන ඇනෝ කෙනෙක්ව මගහැරල?? //
පරණ කෙනා කොහොමද දන්නෙ දැන් කොහොමද ආදරය ලැබෙන්නෙ කියල ? අනික බිරිද හෝ සැමියා සැක කිරීම නෙමෙයි ප්‍රශ්නෙ , පරණ කෙනා ජීවිතේට කරන අත පෙවීම් . ඒක මටනම් වදයක් ( පරණ පෙම්වතී හරියට බිරිදගේ නැන්දම්මා වගේ,පේන්නෙම අපිට හරියට සලකන්නෙ නෑ වගේ ).
//AnonymousDecember 16, 2014 at 3:45 AM
Deleteමෙන්ඩෝ.... පත්තරයව උස්සන්න සුදු වෑන් එකක් එවහන්... මූ මට කෝචෝක් දානවා...//
වෑන් වල උස්සන් යන්න බෑ , ඕකට වාවාහන වල යද්දී වමනෙ යනව. බයිසිකලයක් යවල ගැට ගහගෙන එමු
හෑ.... ඒනම් පත්තරය මොකටෙයි... මම එන්නම්කෝ... ඕ යේස්....
Deleteපව් බන්කම්මලයෝ ... එහෙම කරන්න එපා... එකට ගල් බෝතලේ ගහන්න ඉන්න එකානේ අපිට..
ඇනෝ , උබ මගේ කොපියක්ද බන් ? මට වෙලා තියෙන්නෙත් ඔය සේතේම තමයි . මගේ අවුරුදු 8ක් බන් . 2007 තමයි ඉස්සරවෙලා දැක්කේ . 2010 වෙනකන් පස්සෙන් ගියා . උසස් පෙළ කරලා කොලබ ආව සේරම අතැරලා . ඒත් හිත ඒ කෙල්ල ගාව .අවුරුදු 4ක ට පස්සේ 2014 බුකියේ හම්බෙලා කතා කරා.ඊට පස්සේ හම්බුනා .ලගින් හිටියා .දැන් නම් ඒ ගෑනු ළමය වෙන කෙනෙක් බදිනවලු .වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ගියත් හිතෙන ඒ කෙල්ලයි මේ කෙල්ලයි සන්සන්දන වෙනවා බන් . අන්තිමේට හිත නවතින්නේ පරණ කෙල්ල ලග.
Deleteමටත් වෙන්නෙම ඔය සෙතේ... අපේ හිත මචන් මහා පුදුම එකා... උන්ඩුකපුච්චේටම දැනුන එක ආදරයක් විතරයි බන් තියෙන්නේ...
Deleteඋඹලා ඔක්කොම පස්සෙන් ගිය එකයි අවුල...ඉස්සරහින් හරි පැත්තෙන් හරි ගියා නම් වැඩේ කෙරෙනවා...
Deleteමගුලක් කියෝනව . පස්සෙන් ගියාම තමයි බන් ලස්සන පෙන්නේ
Deleteසැලෙන ලෙලන නිතඔ
Deleteහදිස්සියේ මේ පැත්තේ ගොඩ උනේ. නිවාඩු වෙලේක කියවලා කමෙන්ටුවක් තියන්නම්.
ReplyDeleteහරි මචෝ.... හෙමිට කියෝලා වෙලාවක් තිබ්බොත් අදහසක් දාල පලයන්කෝ... ජය...!!!
Deleteහරි බන්...නිවාඩු පාඩුවෙ වෙරං....උඹ ඔහොම කිව්වට ආයෙ මේ පැත්තට එන්නෙ නෑ කියලා මම දන්නවා...හැක් හැක්...
Deleteසික් විතරක්.... මූ එන එකක් නැද්ද ආපහු...?
Deleteඌ පරන කෙල්ලව බලන්න ගිහින්
Deleteඔන්න මම ආවා.
Deleteමම නම් කියන්නේ ඔය ලඟ තියාගෙන ඉන්න ටොපි කොළේ ලියුම් ටික විසික් කරලා දාන්න කියලා. කොච්චර තරහා උනත් තමන්ව දන්නේ නෑ කියන්න තරමේ කෙල්ලෙක් ගැන ඉඩක් වෙන් කරලා තියාගන්න එකත් අපරාදයක් !
උබේ කතාවත් හරි... එහෙමයි කියලා ඒවා විසි කරන්න හිත දෙන්නේ නෑනෙ මචෝ...
Deleteඑහම විසිකරලා දාන්න පුලුවන් වුනානම් මෙහෙම කතාවක් ලියවෙන්නෙවත් මේ තරම් කමෙන්ටු වැනේනෙත නෑනේ බං..
Deleteඇනෝ මධුරංගයා එහම කියන්නේ තරහට නෙමෙයි තව තවත් උඔ ඒවා බලලා හිත රිදව ගන්න නිසා
මෙන්ඩයියගෙ විරහවත් මේක අස්සෙ දෝර ගලන්න ගත්තට පස්සෙ මට වාවන්නෙ නෑ අප්පා...
Deleteමම දන්නවා මෙන්ඩෝ... ඌ මගේ හොදට කියන්න ඇත්තේ.... එත් මචන් ඒවා විසි කරන්න පුළුවන් උනානම් මම අවුරුදු 7ක් තිස්සේ තියන් ඉන්නේ නෑනේ බන්....
Deleteවිරහවත් එක්තරා රසයක් සිරෝ කල්ගියාම. මගේ වසර 7 ක පාසල් ප්‍රේමය අද මට මිහිරි වේදනාවක්.
ReplyDeleteඇත්ත වශයෙන්ම විචාරක තුමා...ටිකක් කල් ගියාට පස්සෙ තමයි ඇත්තටම විරහවේ නියම මිහිර දැනෙන්නෙ...වසර 7 ක පාසල් ප්‍රේමය කියන්නෙ විචාරක තුමා ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නෙ 6 වසරෙදි වගේ...බලාගෙන යද්දි සෙල්ලං නෑ නොවැ...
Deleteමටත් කියන්න තියෙන්නේ එකම තමයි විචාරක මහත්තයෝ... ඒක මිහිරි වේදනාවක්....
Deleteඅපොයි සල්ලි කිව්වලු....මටත් අත්දැකීමක් තියෙනව..ඔය්ට වඩා වෙනස්..දෙන්නෙක්ගෙ දෙවිදියක්..එක්කෙනෙක් නම් මම අදටත් ගරු කරන කෙනෙක්..අදටත් මාත් එක්ක කතා කරනව විදේශයක හිටියත්...වෙලාවක ලියන්න හිතෙනවා.....
ReplyDeleteකෝ....වෙලාවක්....මේව දැක්කම අතීත මතක අලුත් වෙනව නේ බං..සිරෝ...!
බොට ඇත්තම කියනවානම් මගේ පැරණ පෙම්වතියො දෙදෙනාම අදටත් මා එක්ක ඉතාම හිතවත්ව කථා බහ කරනවා...දෙදෙනෙක් වෙන් වෙන්නෙ තියෙන යම්කිසි නොගැලපීමක් හෝ කීපයක් නිසා. එහෙව් එකේ ගහමරාගෙන දැක්කත් නොදැක්කා වගේ ඉදලා ඵලක් නෑ නොවැ...
Deleteඅන්න එකනේ සිරෝ කියන්නේ.... ආදරේ නැති උනා කියල අපි දැක්කොත් කතා නොකර ඉන්න ඕනද...? ඔය ගැන තමයි මම පළමු කොමෙන්ටුවට උත්තරයක් විදිහට කියන්න හැදුවේ... බැලින්නම් සිරා ගොයියත් එහෙමයි නොවැ.....
Deleteවියෝ ලියපන් බන් අපිටත් බලන්න.... ආසයි ඔහොම දේවල් කියෝලා දැන ගන්න...
යකෝ මම හිතුවෙම මේක මේ සත්(අ)ගුණවත් සිරා වෙච්චි දෙයක් කියලා.:D මේක මේ ඇනෝ යාළුවෙක්ට වෙච්චි දෙයක්නේ.කෙල්ල පොඩි වුනත් කෙල්ලගේ අම්මා,තාත්තා හැසිරුණු විදිය අන්තිම නරකයි.ආදරය කියන්නේ වරදක් නෙමේ,නමුත් පොඩි කෙල්ලෝ රැවටෙන්න තියෙන ඉඩකඩ වැඩියි.ඒත් කෙල්ලගේ දෙමව්පියෝ හැසිරුණු විදිය හරි නැහැ.
ReplyDeleteබුට් කියන්නේ කොල්ලන්ට අමුතු දේවල් නෙමේ.ඔව්වා ඔහොම තමයි.වැඩිය හිතන්න එපා.දවසක ඔය කෙල්ලට වැඩ උඹට ආදරේ කරන කෙල්ලෙක් ලැබේවි අනිවර්යෙන්ම.
පිෂ්සු කථා කරන්න එපා කොලුවො...මේ සිරා කොලුවා ඔහොම ගුටිකාලා අත වන වනා එන එකෙක් නෙමෙයි....ඇත්ත වශයෙන්ම කොල්ලගෙ පවුල් පසුබිම කිසිම දෙයක් නොදැන ඔහොම ගහන එක වැරදියි...හරියට කෙල්ලට අතවරයක් කරන්න හදලා වගේ...යොවුන් වියේ ආදරය තේරුම් අරගෙන තමයි ඒ ගැන පියවරක් ගත යුත්තේ...මේක අස්වාභාවික තත්වයක් නොවන බවත් ස්වභාවික තත්වයක් බවත් දෙමාපියො තේරුම් ගත යුතුයි.
Deleteනිකමට හිතපං දේශපාලුවෙකුගෙ පුතෙක් මෙහෙම ගුටි කෑවා කියලා...මිනිහට සොරි නේද පහුවදා වෙද්දි..
ඉස්සර ඔය ගුටි කෑව සිද්දියට කෙල්ලගේ ඉස්කෝලෙත් කතාවක් ගිහින් තිබ්බා... " ******** ට ගහද්දි ඇයි ******** අඩන්නේ කියල"
Deleteගුටි කාපු එක ප්‍රේමයට අත්වැලක්..මට තලාවෙදි බස් එකෙන් බස්සලා 10 ක් විතර වටකරගෙන ගැහැව්වා නහයෙන් කටින් ලේ දාගෙන දත් කැඩෙන්නේ..ඉරැනු සුදු ෂර්ට් එක අතේ ගුලි කරගෙන ආයමත් බස් එකට නැගලා ඒකිත් එත්ක සිට් එකේ ඉදගෙන කතා කර කර ආවා..වෙනදාට අත ඇල්ලුවත් අත අයින් කරගන්න කෙල්ල එදා උරහිසට ඔලුව තියාගෙන ඇඩුවා මාව ඉම්බා..
Deleteසිරාවටම...(අපේ සිරා කොලුවා නෙමෙයි ඕන්) මන් ගුට්ට කෑවට පස්සේ ඒකි වැඩියෙන් මන් ගැන හිතන්න ගත්තා....
Deleteලියනවනං කප්පරක් දේවල් තියනවා මෙන්ඩෝ ..!!
Deleteලියපන් පත්තරේ..ඒ වැව්බැදි රාඡ්ඡ්‍යය මොනතරම් සිදුවිම් තියනවද? උඔ දන්නවනේ තලාව-තඔුත්තේගම, සෙන්ට්‍රල්-ඡෝෂප් විඡේපුර-සිංහ කනුව කියන්නේ නමගිය වලි කියලා.
Deleteඒ කාලෙ සතියකට පාරක් හරි මොකුත් නැත්තං කිසි ගෝ එකක් නෑ :D
Deleteඒ වුනාට පිටින් එකෙක් පුරේ වුන්ට වලිය දැම්මෙත් එකට එකතු වෙලා මරාගෙන මැරෙනවා..
Deleteඒ කියන්නෙ පත්තරයො උඹ සතියක් ගානෙ ගුටි කෑවද....චී චී වස කැතයි...
Deleteඕං කියෙව්වා. මට නං තේරුනේ නෑ ඒ කෙල්ල ඇනෝ කොලූට ආදරේ කල බවක් මේ කතාවෙන්නං. යාලු වෙලා ඉන්නවා සහ ආදරය කරනවා කියන එක මට නං දෙකක්. මන්ද ඉතිං ඒ මට හිතෙන හැටි. ඒ දැරිය යාලු වෙලා උන්නු බවක් නං ඉතිං කතාවෙ හැටියට තියෙනවා තමා.
ReplyDeleteඔය වයසත් එක්ක එන දෙයක් මචෝ..... හැබැයි අදටත් මගේ හිතට දැනුන එකම කෙල්ල එකී විතරයි.... ඊට පස්සේ කිසිම කෙල්ලෙක්ට මම ඔය තරම් කට්ටක් කාල නෑ... යාලු උන එකයි... ආදරේ ගැනයි මට පොඩ්ඩක් කියල දීපන් තරහ නැතුව...
DeleteThis seems to have been infatuation or simply "crush". Not "Love", particularly at such an age of the girl.
ReplyDeletewhat is the difference between crush and love...? :/
Deleteමෙන්න මෙහෙමලු.
Deletehttp://www.srcp.org/for_some_parents/developmental_disabilities/the_specifics/infatuationDD.html
අපොයි මූ කවද්ද බාල අපරාද නඩුවෙන් නිදහස් වෙලා ආවේ...???? ඉස්තුත්යි මිත්‍රයා...
Deleteඅපේ අප්පේ.. මේ කොල්ලා කාල තියෙන කට්ටක්!
ReplyDeleteඅම්මපා.... එහෙම කට්ටක් කෑවමයි... එතනින් එහා කිසිම කෙල්ලෙක්ට කට්ටක් කනවා තියා සුප්පලවත් නෑ බන් මම.....
Deleteඇනෝ මල්ලියේ....පුතේ...කොල්ලො...ඔය මොක කිව්වත් කියන්න තියෙන්නෙ එක දෙයයි බං...ගෙදර ගිහින් බට්ටෝ වැලක් පත්තු කරලා සතුට ප්‍රකාශ කරහන් ..ඒකි උබට ආදරේ කොරල නෑ කියන එක සහ සුද්දෙන්ම දැන ගත්තු හින්ද...අනික ඒ කාලේ ඔය සෙනෙහෙ කොල ලියන්නම හින්ද අපිත් ලස්සන සින්දු ඇහුව,හොද නව කතා පොත් බැලුව ..මොකටද .?අදහස් හොයන්න සෙනෙහෙ කොලේට දාන්න.මම කලින් එකකට දාපු කොමෙන්ට් එකක ලිව්වා මතකනේ මගෙත් අවුරුදු 6ක සෙනෙහසක් අද මාව දැක්කත් අහක බලාගෙන යනව කියල.කෙල්ලන්ට අයින් වෙන්න ඕනෙ උනාම හේතු ඕනෙ තරම් තියෙනවා බන්..බහුතරයක් එහෙමයි..ඔය වගේ සෙනෙහසක් හින්ද මම මගේ මුළු ජීවිතේම විනාස කර ගන්න ගිය එකෙක් බං..95 ඒ ලෙවල් ඇන ගත්ත...ඒ හැමදේමත් උනා.නමුත් මගේ වාසනාවකට මට උන්නු ඇති ජාත මිත්තරයෙක්ගෙන් මට දායාද උන කන හරහා පාරකින් මට මාර්ගය පැහැදිලි උනා..එතනින් පටන් ගත්ත පාර මම 99 දි සම්පුර්න සුදුසුකම් එක්ක හොද රැකියාවකට ගියා..කෙල්ලෝ කියන ජාතියටම වෛර කළා.මම දැනගෙන උන්නු එක කෙල්ලෙක් මට බොක්කෙන්ම ආදරේ කළා..මම ඒකිව ගනන් නොගෙන හිටිය..නමුත් කවදාවත් බලාපොරොත්තු දුන්නෙ නෑ..අදටත් ඒ කෙල්ල අවිවාහකයි..ඒක තමයි ආදරේ කියන්නෙ...2001 දි මට මුණ ගැහුන ගෑනු ළමය මගේ මුළු ගමන් මගම වෙනස් කළා..හැබැයි මම එයාටත් පොඩි දඩුවමක් දුන්න..ආන් දැන් යස අගේට ළමයි දෙන්නෙක් එක්ක ඉන්නව...අපේ ගෙදර.. අර කලින් කියල තියෙනවා වගේ..හොයන්න යන්න එපා.පරක්කු වෙලා හරි ලැබිය යුතු දේ ලැබෙයි.ඒකි උබට හිමි ඒකි නෙමෙයි කියල හිත හදා ගනින්..මගේ පරම පිවිතුරු ප්‍රථම ප්‍රේමය නම් මේ දවස් වල දුක් විදින හැටි සිරා මල්ලි දන්නව.. ජය වේවා..
ReplyDeleteමෙන්න බොක්කෙන්ම කියන ඒවා...
Deleteවැඩක් ගන්නවනම් වටිනාම එක්ස්පීරියන්ස්........
මම අන්තිමටම බීපු සිගරට් එකේ බට් එක ඔය ටොපි කොලේ වාගේ එක ගෑල්ලමයෙක් අරන්ගියා... සෑහෙන කාලයක් තියාගෙන හිටිය කියලත් කීව හමුවුණු දවසක... මොනව හරි හිතේ තියෙන්නත් ඇති... මට පත්තුවුණේ නෑ ඒත් :-)
හප්පේ ඉන්දික අයියගේ කතාව.... හ්ම්ම්... මෙහෙමයි අයියේ... මේ කෙල්ලගේ වැරද්දක් මන් දකින්නේ නෑ... අවුරුදු 14 කෙල්ලෙක් මෙච්චරවත් හිටපු එක ගැන මන් සතුටු වෙනවා... මොකද පොඩි වයසනේ.. එහෙම වෙලත් තුන්පාරක් ගෙදරට අහුවෙනකම් මාත් එක්කම හිටියා... අද කාලේ දාල යන්න පොඩි හේතුවක් හොයන එකේ මටනම් මෙහෙම හිටපු එකත් වටිනවා.... මාව දාලා ගියේ 2007... තව කොල්ලෙක් එක්ක යාලු වෙලා තියෙන්නේ 2009.... කව්ද බන් අයියේ අවුරුදු දෙකක්වත් ඉන්නේ අද කාලේ... කෙල්ලෝ හරියට ටාසන් වැලේ යනවා වගේ... එක වැලක් ඇත අරින්නේ අනික් වැල අල්ල ගන්න ගමන්නේ.... ඉතුත්යි ඔබේ අදහසට...
Deleteමෙහෙමයි දොඩන්ගොඩ මහත්තයෝ.... මම නම් ඒ කිසිම දෙයක් විසි කරන්නේ නෑ.... මොකද මම එය ගැන පිස්සු වැටිලා නැති නිසා... යථාර්තය මොකක්ද කියල මම තේරුම් අරන් ඉවරයි... එත් හිතට දැනුන මුල්ම ආදරේ නිසා ඒ දේවල් එහෙමම තිබුනාවේ.... ඒවා දකිනකොට විචාරක මහත්තයා කිව්වා වගේ හිතට දැනෙන්නේ ඉහිරී වේදනාවක්....
Delete// .හොයන්න යන්න එපා.පරක්කු වෙලා හරි ලැබිය යුතු දේ ලැබෙයි.ඒකි උබට හිමි ඒකි නෙමෙයි කියල හිත හදා ගනින්.//
Deleteමෙන්න යකෝ වැදගත්ම උපදේශය . මමත් හිතන්නේ මේක තමයි හරි විදිහ . ලැබෙන්න තියෙන දේවල් ලැබෙයි . නොලැබෙන්න තියෙන දේවල් ලැබෙන්නේ නෑ .
හිතට දැනුන මුල්ම ආදරේ ගැන පුංචි කැක්කුමක් තිබ්බ හින්ද තමයි මම දවසක් ඔය සිරා මලයලගේ ගමේ ඉස්පිරිතලේදී ඔය මම කියැව්ව ප්‍රථම ප්‍රේමේ ඉන්නව දැකල උදවු කලේ ..ඒත් දෙවෙනි පාර ඒ කියන්නෙ මම 2013 නිවාඩුවට ලංකාවට ගිය වෙලාවේ මම උන්දැව දැක්ක..නන්නාදුනන විදිහට ගියා..මක්කටෙයි බං ඕනෙවට වඩා කරන්න යන්නෙ..උබේ හිමි කාරී ලැබෙයි..එදාට සසදන්න යන්න එපා..අංග එක උනාට අදහස් වෙනස් කියල මතකෙ තියා ගනින් මලේ..පතාගෙන ආපු විදිහට තමයි කෙනා ලැබෙන්නෙ..
Deleteදැන් මම තේරුම් අරන් තියෙන දෙයක් තමි ලොක්කා... වත ඇති කල කෙල්ලෝ රිලව්න්ට උනත් ලව් කරයි කියන එක.....මෙන්න කෙල්ලොන්ගේ මොලේ පරිණාමය... උන් හිතන්නේ මෙහෙමයි....
Deleteඅවුරුදු 10-15 අවදිය..... මට ඕනේ සුපර් මෑන්, සංගක්කාර, අර කොරියන් හිටාපු වගේ ලස්සන කොල්ලෙක්....
අවුරුදු 15-20 අවදිය..... මට ඕනේ ලස්සන, තැන්පත්, මන් කියන එක අහන, මන් ලගින් ඉන්න, මට ආදරේ, කරන කඩවසම් කොල්ලෙක්.....
අවුරුදු 20-30 අවදිය (මේ කාලෙනේ ගොඩක් කෙල්ලෝ බදින්නේ).... උද කිව්වා දේවල් කිසිම දෙයක් ඕනේ නෑ.. හොදට සල්ලි තියෙනවනම් මට ඒ ඇති
30 පස්සේ උන් ගැන කතා කරලා වැඩක් නෑ...
@ ඉන්දික, සිරාලගේ ගමේ ඉස්පිරිතාලෙ. ඔන්න හංදිය අපි වෙන් උන තැන .
Deleteඑයා ඔතනින් නැවතිලා ඉස්පිරිතාලෙ ගියා , මම බස් එකේ නැගල තේ වත්තකට ගියා .ආයෙත් හමුවෙද්දී දෙන්න අතේම දරුවො.
දැන්නම් පවුලේ මිත්‍රයො විදිහට ආශ්‍රය කරන්න වෙලා තියෙන්නෙ. ඒක තමයි ලොකුම අපහසු තාවය. පරණ විදිහට හොයල බලන්න හදන එක කරුමයක්, එයිට වැඩිය අහකබලන් යන්න තිබුනනම් හොදයි කියල හිතෙනව .
එල ද බ්‍රා කතාවක් යන්නේ උඔලා අතර
Delete"නන්නාඳුනන ලෙසේ මගතොට යළිත් හමුවෙලා
Deleteමහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
දුක හාදු දෙන රැයේ - සිත පතුලටම වෙලා
යව්වනේ අකට විය විරහින් හද ගිලන් වෙලා"
අපේ ගමේ ඉස්පිරිතාලෙ ඔය තරම් ජරා පොට් එකක්ද අප්පා....වහලා දාන්නයි තියෙන්නෙ....හැක් හැක්..මේක යකඩෝ විරහා ජාලයක් වෙලා...ඇනෝගෙන් මෙන්ඩයියට...එතනින් ඉන්දිකට...එතනින් කම්මලට...අයියලා ඔක්කොම විරහා ගගේ පීනන අයුරු දැක්කම මගෙ හදවත වෙඬරු පිඩක් වගේ උණුවෙනවා අයියෝ....
Deleteසිරා..හොදම 7 වෙනි ලිපිය මේකද බං?
Deleteරංග නදීකා යන්න ගියා මා දා
Deleteආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
එයා හැමදාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
ඔබේ සිත මා ළඟ මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන හදවතකට ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
වෙනතක යන බව මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ
මම තනි වෙන්නම් ඔබ නම් එපා
ආයෙ හමුවෙන්න යලි නම් එපා
මං ඔය රුපෙට රැවටුණෙ කරුමෙට
ලස්සන පෙනුණ නිසා
මව්පියෝ උරුමෙට මට හිමි දේපල
දුන්නෙත් ඔබට නිසා
රන් මිණි මුතු කැට අද නෑ එය මට
කඳුලේ දුක ඉවසා
මං අද තනි උනේ හදවත ගොළු උනේ
ගැහැණුන් චපල නිසා
මම තනි වෙන්නම් ඔබ නම් එපා
හමුවෙන්න යලි නම් එපා
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
ගායනය - ධනපාල උඩවත්ත
වරේවා..ඇරසෝලෝ..
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
හොදම හත්වෙනි ලිිපිය ඉන්දික අයියා ලියපු සෞදි කථාව...ඒ කථාවෙදි බල්ලෙක් උඩු බිරුව හින්දා නැගලම ගියා...
Deleteමට වෙච්ච දේ ඔය තරං නැති වුණත් කටක් ඇරල කියන්න් පුලුවං දෙයක් නෙවී
ReplyDeleteහතර විලි ලැජ්ජ සහගත කතාවක්
මටත් හිතුණ කතාවකට ගන්න ඒත් වැඩේ කියන්නෙ මං මොකක් හරි ලියනංනං කියල ප්ලෑන් කලොත් කෙලවෙලාම යන එකනෙව
ඇනෝ මචෝ මේ වගේ දේකට බණ කියන්න මං යන්නෙ නෑ මං දැකල අහල විදල තියෙන දෙයක් හන්ද මොනා වුණත් මාත් දන්න එකම දේ තමා ඒ වගේ බොක්කෙ ලව් එකක් ප්‍රින්සස් ඩයනව බැන්දත් අමතක වෙන්නෙ නෑ කියන එක
අපේ සිංදු ඇනෝ හිටියනම් කියයි.
Deleteඅතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවයක් නෑ ......
උබ හරි බන්... මමත් වෙන කෙල්ලෙක්ව බදිවී... එත් මචන් මැරෙනකම් මේක මට අමතක වෙන්නේ නැති සිද්දියක්.... එහෙමයි කියලා මම මේක ගැන හිත හිත මේක මත්තෙම නැහෙන්නෙත් නැහැනේ.... අතීතයේ සිදුවුණ ආදරණිය සිදුවිමක් විතරයි මේක.... අපේ සමහරක් එකම කෙල්ල ගැනම හිතලා ගගේ මුහුදේ පනිනවනේ බන්... ඕන් මම නම් එහෙම නෑ... මට තියෙන එකම අවුල මාව මතක නෑ... දන්නේ නෑ කිව්ව එක...
Deleteමම උගෙන් නම් සිංදු සැහෙන්න බලාපොරොත්තු උනා... කෝ මේකා පෙන්න නෑ නොවැ
Deleteඇනෝ මචන් , ඕව මොනාද බන් , මන් කියපු කෙල්ල අවුරුදු 4 කට පස්සේ මාව දැක්කම කිවේ මට ඔයාව දැකල පුරුදුයි කියල .
Deleteකට කන්ඩෙපැයි :D
Deleteඔන්න ගල් බෝතලයක් ගහනවානම් සිද්දිය....
Deleteලකියා ඇනපිය ඔකිගේ හොම්බට..ගහමු ගල් බෝතලයක් කෝ මේ සින්දු ඇනෝ
Deleteමෙන්ඩෝ , ගල් බෝතලයක් ඇතිද ????(මේ දවස් ටිකේ පට්ට බිසී බොලල්ලා ..එකයි එන්න පරක්කු උනේ .තව දවස් දෙක තුනක් යයි වගේ යතා තත්වෙට එන්න ) ඇනෝ මචෝ එලද බ්‍රා ,,,කියන්න දේවල් ගොඩයි මචෝ .
Deleteබිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්
මදහස පෑ දෑස හිත හඬවා
යන්න යාවිනම්
කඳුලේ රිදුමෙන්
සොයමි රස හැඟුම්
කුමට සුබ පැතුම්
බිඳුණු කලක...
වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු
නිමා වී නැතී
ගිලිහී ගියදෙන්
පෙමට දුන් රිදුම්
බිඳුණු පෙම් පැතුම්
ගායනය - පුන්සිරි සොයිසා
බොක්කෙ ලව් අමතක වෙන්නෙ නෑ තමා...ඒක හරි...නමුත් පස්සෙ කාලෙක ඊට වඩා හොද බොක්කෙ ලව් එකක් සෙට් උනොත් වැඩේ ගොඩ....
Deleteසින්දු ඇනෝ ගොයියො...බොලාගෙ සින්දු ගබඩාවෙන් විරහා ගීත සැට් එකක්ම ඕඩර් කොරන්න වෙයි වගේ....මෙන්ඩයියලා සංවේදී වෙලා තියෙන තරමෙ හැටියට...
හරෙ..බ්‍රෑන්ඩ් එක ආවා කඩන්න තව ගල් බෝතලයක්
Deleteඔන්න කැඩුවා.... ගහමු... සැනසෙමු... වැනසෙමු...
Deleteකොල්ලන්ට බූට් දෙන එක නේද? හ්ම්ම්.. හ්ම්ම්.... මොකද්ද වගේ උනත් කියන්නම්. මේ.. මමත් ඔය නැහැදිච්ච වැඩේ කළා. හැබැයි ඉතින් ඔය තරම් දුරක් ගියේ නැහැ. මේ තියෙන්නේ.... මෙතන කොටන්න
ReplyDeleteනුවර කෙල්ලෝ ඔහොම්මමයි :P ඔය වැව රවුමේ තියෙන කාන්තා ඉස්කෝල හරිම භයානකයි
Deleteගොඩක් කෙල්ලෝ ඔහොමම තමයි බන්....
Deleteඋපේක්ෂා බූට් එක තිබ්බ විදිය පස්සෙ වෙලාවක කියවන්නං...කැමැත්ත ඇහුවා යාලු උනා කියලා බඳින්න අනිවාර්යය නෑ නොවැ...මොකද එකට ජීවත් වෙන්න බැරි නම් වෙන් වෙන එකම තමයි හොඳ.
Deleteඔව් සිරා....
Deleteමම මගේ බූට් එක ගැන කිව්වේ මෙතන ඔක්කොම හොටුපෙරන් අඬන කොල්ලෝ සෙට් එක ඇතුලේ, මම වගේ ජාතියේ එකෙක් නැති හින්ද. කවුද අප්පේ තමන් බූට් එකක් දුන්නා කියල කටක් ඇරලා කියන්නේ?
ඒ වෙනුවෙන් මම කවියක් කිව්වා... කොල්ලෙක් වෙනුවෙන් ලිව්වේ...
මේ තියෙන්නේ : අතීතෙන් කෙනිත්තෙමි....
කිසිදිනෙක
නෑල්ලු අතකත්....
හැමදාම බැලූ
නෙතකත් .....
රැඳුනු සුසුමක් අදත්
ඇතිය පතුලේ - හිතේ...
පස්වසක අතීතෙන්
වෙලීගිය සමරුවක්
තවත් ඇත කාමරේ
පුංචි පෙට්ටිය තුලත්...
මැකුණු සෙනෙහස නැතත්
වරක් හෝ මතකයක්
තිබුණි නම් 'ආදරී'
වටිනවා මහමෙරක්....
වෙනදාටත් වඩා අමුතු දුකක් පපුවටම දැනුනා අයියේ..මම ප්‍රාර්ථනා කරනවා ඒ කෙල්ලම ඔයාට ලැබෙන්න කියලා...
ReplyDeleteඒ කෙල්ල වෙන එකෙක් නිසා ඔයාව මග ඇරියානම් මම කියන්නේනම් කෙළ වෙයං කියලාමයි..ඔයාට නෙවෙයි කෙල්ලට..
මල ඉලවු ආදරේ තියා...නැද්ද?
ඒ කෙල්ලව ආපහු හම්බවෙයිද දන්නේ නෑ බන්.... ඒකිට එහෙම කියන්නත් එපා... කොල්ලෙක් ඉන්න නිසානේ මාව මතක නෑ කියන්න ඇත්තේ....
Deleteඒකි මැරෙන්න මොහොතක් හරි තියලා තේරැම් ගත්තෙත් අපේ ඇනෝ ඇත්තටම ඒකිට ආදරය කරා කියලා ඒ ඇති.
Deleteමාව අඩවන්න එපා බන් මෙන්ඩෝ... එයා යාලු වෙලා හිටපු කොල්ලත් බූට් එක තියලා කියල ආරංචියක් ආවා.... දැන් තේරෙනවා ඇති එතකොට දැනෙන දුක මොන වගේද කියල...
Deleteහැමෝම බනි ඒ වුනාට උඔ ඒකිගේ පරන වැරදි අමතක කරලා ඒකිව බැන්දොත් ඒකි උඔට පැලෙන්න ආදරය කරයි කියලා හිතෙන්නේ නැද්ද?
Deleteබදින එක පැත්තක දාමුකෝ....මාව මතකවත් නෑ කිව්වා එක්කෙනා මාත් එක්ක වචනයක්වත් කතා කරන්න එයිද බන් මෙන්ඩෝ...?
Deleteනොදොඩා මුවින් හමුවී දෙනෙතින්
Deleteමඟ හැර යන්නෙ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන්
මා ළඟ ඉන්න සෙවණක් ලෙසින්
සිතුවිල්ලෙන් පවා හැම උදයේ හවා
ඔබ හමුවේද ගත ගිම් නිවේ//
මඟ තොට මෙසේ දුටුවද කෙසේ
යන්නේද හිතකින් නොවේ
නොදොඩා මුවින්.......
කඳුළැල්ලෙන් තෙමා මා අඳුරේ දමා
මුව ගොළු වේද සැමදා ඔබේ//
සිහිනෙන් නොවේ හැබැහින්ම වේ
පැතුවේ මා ඔබෙ ආදරේ
නොදොඩා මුවින්.....
ගායනය - දයාරත්න පෙරේරා
සින්දු ඇනෝ කථාවට දෙන ජීවය කියලා වැඩක් නෑ බං..ස්තූතියි...
Deleteයාළුවේ සිතින් හඬන්නෙපා
ReplyDeleteමාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නිවේ
යාළුවේ සිතින් හඬන්නෙපා
සෑම ප්‍රේමවන්තයෝ
රෑ දිවා හැඬූ නෙතේ
බිංදු බිංදු ඈත පායලා
සාගරේ තරංග සේ
හෝ හඬින් විලාප දේ
ඒ උදාර ආදරේ අමා
ලෝ උපන් දිනේ පටන්
ප්‍රේම වේදනා සුසුම්
මේ කුණාටු සීත මාරුතේ
දේශ දේශයේ පවා
ලෝ නිරන්තරේ දවා
යෞවනේ නිසාලු යාළුවේ
යාළුවේ සිතින් හඬන්නෙපා
මාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ
තාරුකා වගේ
රෑ දිලී උදේ නිවී නොයේ
යාළුවේ සිතින් හඬන්නෙපා
යාළුවේ සිතින් හඬන්නෙපා //
ගායනය - නීලා වික්‍රමසිංහ
ගී පද - අජන්තා රණසිංහ
මේ ගීතයේ සංගීතය රූකාන්ත ගුණතිලකගෙ...
Deleteකෙල්ල ඩිංගක් විතර වැරදියි. ඩිංගක් කිව්වෙ සමහර වෙලාවට උඹ එන්න හදන්නෙ මොකාටද කියල හිතාගන්න බැරි වෙන්න ඇති. අර හැලපෙ කියනව වගේ කෙල්ලගෙ පැත්තෙන් මොනව තියනවද දන්නෙ නෑ නෙව.
ReplyDeleteමේ වගේ කතන්දර බ්ලොගේ දාන සිරාට ස්තුතියි.
දැන් ඒකිට වෙන කොල්ලෙක් ඉන්න නිසා තමයි මම හිතන විදිහට ලොකුම හේතුව.... අහ කියන්න බැරි උන අතුරු කතාවක් තියෙනවා... මම ලංකාවට අගෝස්තු වල ගියාම යාලුවෙක්ගෙ බට්ටා කාර් එකක ගියා මේකිගේ ගෙවල් පැත්තේ රවුමක් දාන්න.... අපේ කාර් එක ගේ ගාවින් යනකොටම කෙල්ලත් එලියට ආවා කියපන්කෝ.... (අහල පහල නංගියෙක් එක්ක කතාවක් දාන්න එලියට ආවේ) මම හිතන්නේ එයා මාව දැක්කා....
Deleteකෝ අපේ වන් මැලේසියා
ReplyDeleteනදිනි කීව අදහස තමයි මටත් හැඟුණේ.ඒත් ඇනෝ ඇයට වයස 21ක් බව කී නිසා මට හිතුණා සමහරවිට ඈ අසරණ වෙලා ඇති ඇගේ පෙම්වතා නිසා කියලා . ඔහු ඇගේ ෆේස් බුක් ගිණුම හදා දෙන්න ඇති.නැත්නම් පාස් වර්ඩ් එක දන්නවා ඇති.පිරිමි සමග චැට් කරන කොට ඒ සියල්ල ඔහු දකිනවා, ප්‍රශ්න කරනවා ඇති නේ.
ReplyDeleteඔයාව දන්නවා, මතකයි කියලා කියන්න ගිහින් පරණ පට්ටන්දරයම දිග ඇරුනා නම්......
බොහොම පුංචි වයසේ වෙච්ච, නොතේරුම් කමට ඇතිවුන සම්බන්ධ කියලා ඇගේ දැන් පෙම්වතා හිතාවිද ...?
අනේ මන්දා බට්ටි සහ නදිනි ඉතින් ගැහැණු පාර්ශවෙන් නිසා ඒ කෙල්ල හිතන පැත්ත ගැන හොදටම දන්නවා ඇති.... නැද්ද බන් මෙන්ඩෝ...????? ස්තුත්යි ඔබේ අදහසට
Deleteඇනෝ සහෝදරයගෙ කතාව මාව අතීතෙට ගෙන ගියා නෙමෙයි, ඇදගෙන ගියා කිවුවොත් තමයි නිවැරදි. මොන විදිහට පැහැදිලි කරන්න ගියත්, පාසල් කාලෙන් පටන්ගන්න ප්‍රේමය තරම් සුන්දර දෙයක් නෑ කියලයි මටත් හිතෙන්නෙ. සුදු ගවුමයි ටයි පටියයි එක්ක එදා දැකපු, දැන් හිතෙන් මවාගන්න විතරක් පුළුවන් ඒ රූපෙ හෙවිල්ල අපිටම නොදැනි වෙන දෙයක්.
ReplyDeleteඇය එන්නෙ අඩකව හැඩේට අඩි තිය තියා. මට හිතෙන්නෙ එහෙමයි. එදා හිටන් අවුරුදු 06ක් මමත් අඩකව හැඩේට තියන පාවල පැත්තකින් ගියා ඇවිදගෙන, අතකිනුත් අල්ලගෙන. මම හිතුවෙ හැමදාම මම යන්නෙ ඒ විදිහට ඈ එක්ක කියලයි.
'හැමදේම හරි යාවි... '
ඒක තමයි සැනසිල්ල. හරියටම කිවුවොත් අපිවම රැවටිල්ල. එක තැනකදි හැමදේම වැරදීම තමයි අදහගන්න බැරි.
ටොපි කොළ වගේම අවුරුදු 06ක බස් ටිකට්, පුංචි කවි තුණ්ඩු, පන්ති කාඩ්, සටහන්, මල් මල් වැටුණු ගවුම තවමත් මං ළඟ.
"එන්න"
මෑතක හදිසියේම ඇය කොළඹ ඉන්න වග දැනගෙන, හොයාගෙන ගිහින් ඇය හමුවෙලා මම කිවුවා. ඇය හෙමින් හිනා වුණා විතරයි.
"මාත් එක්ක හවස ගාලු යන්න පුළුවන්" මම ආයෙත් කිවුව.
"මහත්තය එනව හවසට"
අපි ටිකක් වෙලා කතා කරකර ඉදලා වෙන් වෙලා තියන තමතමන්ගෙ පාරවල්වල වුණා.
මගේ වල්පල් ලියල කතාවට බාධා කළා නම් සමාවෙන්න. ඒත් මේ දේවල් එක්ක ජීවිතේ හරි ආදරණියයි කියලයි මට හිතෙන්නෙ ඇනෝ සහෝදරය. වේදනාව යට තිබුනාවෙ, හැබැයි ප්‍රේමය නොනැවතී දළු ලනව. අන්තිමට ඇය හමුවුණ සිද්ධියත් මම මුලින්ම කීවෙ සිරා අයියට. සිරා කොයි තරම් ආදරණියද කියන එක අපි එකට වැඩ කළ ටික කාලෙන් මම දැනගත්ත.
ඔබේ අත්දැකීමත් ලියල තියක විදිහ බැලුවම ඒක හොදටම පේනව. ඔබේ කතාව කියවල මට සන්තෝසයි, මොකද ආදරේ කරන මිනිස්සු තවම ඉන්න නිසා.
ඔබටත් සිරාටත් ජය!
මුකුත් කියන්නේ නෑ... මොකද ඔබත් මම වගේ හිතන කෙනෙක් නිසා... බොහොම ඉතුත්යි කියලා විතරක් කියන්නම් ඔබේ කමෙන්ටුවට.... ජය...
Deleteඇනෝ මල්ලි , ඕක ජිවිතේ සුන්දර මතකයක් කරගෙන ජිවත් වෙන්න පටන් ගන්න ... අර ඉන්දික අයියා කියල තියෙනවා වගේ. මොකද ආදරේ , ජිවිතේ ඔය හැමදේම මාර ලස්සන විදියට අපිට ජිවිතේ හම්බ වෙනවා .. බොරු නෙවෙයි .. ඒ වෙනකම් ජිවිතේ බුද්ධිමත් විදියට හිතල වැඩ කරපන් .. තීරණ ගනින් .. ඔය වගේ සිදුවීම් නිසා ඒ ලමයටවත් උඹටවත් හානියක් නොවී උඹල දෙන්නම හොඳින් ඉන්න එක තමයි අන්තිමට වැදගත් වෙන්නේ ..
ReplyDeleteඋඹ තරම් චාටර් වුනේ නැති වුනත් ඔය වගේම පිස්සුවෙන් වගේ මමත් ඉඳල තියනවා ... ඔය වගේම ආදරේ වෙනුවෙන් සෑහෙන්න පිස්සු නටල තියෙනවා .. අන්තිමට කොහොම හරි ඒ දේවල් වලට ඒ විදියට වෙන්න ඇරලා මම මගේ වැඩ ටික කරගෙන ගියා .. දැන් අවුරුදු 14 කට විතර පස්සේ අපි ආයෙත් හමු වුනා ඔය ෆෙස්බුකියෙන් ම ... අපි දෙන්නම හොඳින් සතුටින් ඉන්නවා ... කාලයක් යනකොට ජිවිතේ වැදගත් වෙන්නේ ඒ සතුට සැහැල්ලුව බන් ...
ඔබේ කතාවට මම එකෙන්ම එකයි.... නොලැබුන දෙයක් ගැන හිතලා ජිවිතේ නාස්ති කර ගන්න එකෙක් නෙමෙයි මම.... ඉස්තුත්යි ඔබේ උපදෙසට...
Deleteගනන් ගන්ඩ එපා බන්!
ReplyDeleteහමු වීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වගයි...
සින්දු ඇනෝ... දෙන්න බලන්න මෙතනටත් ගැලපෙන සිංදුවක්
Deleteහ්ම්ම්ම්ම්ම් බලන් යද්දි ඔක්කොම ඉන්නෙ බූට් කාපු පොරවල්නෙ...
ReplyDeleteසිරානම් සිරාම තමයි... මන් මගේ කුජීත ස්ටෝරි එකත් සිරා අයියට එවුවා,, ඒකත් ලෙසටම ලියන්න සිරෝ....
දැක්කද සිරෝ.... කොල්ලෝ ෆෝම් වෙන විදිහ... උබට පින් බන් අපේ හොටු කතා උබේ කාමරේ පල කරනවට....
Deleteඑකෙන්ම මචන්...!
DeleteDear Sira Malaya
ReplyDeleteThis is the 4th instance I heard of someone trying to re-connect with a girl friend of yesteryear. You and Anno have been spurned but I read two stories which are very different. One blogger said he Skype a girl who was in his batch at Uni and when he said “let’s see whether it is the sane cute girl” she replied “දෑන්ද බලන්නෙ” apparently in a charmingly flirtatious manner. Another one said how he met his old girlfriend who not even invited him to her house where he met her husband (who was aware of the previous affair). Perhaps it is not because she has no feelings towards you but because she is still haunted by the fond memories that she does not want to talk. She may be worried of the consequences of rekindling old flames. I have a feeling that if you give her time, one day she may want to relive the old memories.
ldealwis
what a memory you have "ldealwis"...
Delete:-)
If I remember correctly one of those was your experience! By the way why no updates at Hada Gee Potha. This is nice story line to bind some songs together similar to අල්ප ප්‍රාණ! Perhaps starting with Amaradeva's හන්තානේ කන්දු මුදුන සිසරා and ending with Mervyn's මේ නගරය
DeleteSo correct - "මිහිරි සිහිනයක දැවටුණු - මිහිරි ගීතයක් වාගෙයි - ඔබ මට මතකයි - ඔබ මට මතකයි"
DeleteI don't know who you are but you are a super "සහෘදයෙකි" - you have picked all the hidden lines in our blogs... thank you... will soon put some songs... thank you again...
Look forward to. You will do it like මුතු ඈට ඈමිනුවා වගෙය් වෑලකට රන්දම්
Delete