Thursday, February 27, 2014

107 පරණ පින්තූර තව සුට්ටක්

සිරාගෙ කාමරේ මාසෙකට ලියවෙන ලිපි 7 න් හත්වෙනි ලිපිය ඔබට ලියන්න බාර කලේ පහුගිය ජනවාරියෙ ඉදන්. අද මේ පලවෙන්නෙ එහි දෙවැනි ලිපිය. සිරා කොලුවට ලැබෙන පිිළිවෙලට තමයි මේ අලුත් ලේබලේ වැදුනු ලිපි ඔබට කියවන්න ලැබෙන්නෙ.

පළමු ලිපිය විදියට පළවුනේ සිරිලංකාවෙ පැරණි පින්තූර 50 ක්. ඒ අවස්ථාවෙ එහි දෙවැනි කොටසක් තිබුනෙ නැති වුවත් සවුදි අරාබියේ රියාද් නුවර ඉදන් සිරාගෙ කාමරේට නිතර එබිකම් කරන අපේ ඉන්දික අයියා සිරා කොලුවට එව්වා නොවැ තවත් පරණ පින්තූර සැට් එකක්. ඒ හින්දම බොලව් පරණ පින්තූර 2 කොටස මෙන්න උණු කැවුම් වගේ බොලාට ගෙනාවා.

ඉන්දික අයියා මට විද්ද ඊයෙ තිබුනෙ එයා ලග තිබ්බ මේ පරණ පින්තූර කීපය ජනවාරි මාසයෙ ලිපිය දැකලා එවන්න හිතුනු බවක්. ඒ වගේම ඇමරිකාව, හදට බහින්න සැට් එක යවපු යානය සමග යවන්න අපේ භාෂාවෙන් පණිවිඩයක් එවන්න කියලා සිරිලංකාවට එවපු ලිපියට ලංකාව පැත්තෙන් යවපු පිළිතුරු ලිපියෙ ඡායාරූපයකුත් ඔහු ලග තිබුනලු...නමුත් අත්වැරදීමකින් එය පරිගණකයෙන් මැකිලා. නැවත් සොයාගත හැකි වුවොත් ඉදිරි දිනයක එවන්නම් කියලත් ඒ ඊ මේල් පණිවිඩයෙ තිබුනා.

එහෙනං ඉති සවුදියෙ ඉන්න ඉන්දික අයියට මේ ඡායාරූප කීපය හුදී ජන පහන් සංවේගය උදෙසා සිරා කොලුවාගෙ කාමරේ පල කරන්න එව්වට බොහොම ස්තූතියි කියන ගමන් අපි පින්තූර සැට් එක බලමු.

1
දඹදිව බුද්ධගයා චෛත්‍ය බව පැහැදිලියි. ඉතිහාසයේ දවසක මේ චෛත්‍ය මේ වගේ ගරා වැටී තිබුන බව මේ පින්තූරෙන් තමයි සිරා කොලුවා ඉස්සෙල්ලාම දැන ගත්තෙ හැබෑට...


2

3
 දළදා මාලිගාවටත් කාලය මැවූ වෙනස සෑහෙන්න බලපා තියෙන වග මේ පින්තූර වලින් සනාථ වෙනවා.

4

5

6
 අනුරාධපුර ලෝවා මහාපාය

7

8



9
 රුවන් වැලි සෑය ප්‍රතිසංස්කරණයට පෙර මේ ආකාරයෙන් තමයි දිස් වෙලා තියෙන්නෙ.

10

 රුවන් වැලි සෑය ප්‍රතිසංස්කරණයට කලින් බුදු පිළිම වහන්සේලා මෙන්න මේ ආකාරයටයි තිබිලා තියෙන්නෙ.

11

12

13
14
 අතීතයේ ලංකාවෙ කාන්තාව සහ ජන ජීවිතය ගැන කදිම අදහසක් ගන්න පුලුවන් පින්තූරයක් කියලයි මට හිතෙන්නෙ.

15
 සුපියලේ කොලයක් දැකපු නැති අයට බලාගන්නත් එක්ක මෙන්න සුපියලේ කොලේකෙුත් තියෙනවා. මගේ පැරණි කාසි හා නෝට්ටු එකතුවෙත් මේ කාණ්ඩයේම සුපියලේ කොලයක් තිබුනා.


ඉතිං බොලව් ඉන්දික අයියා එව්ව පින්තූර ටික මෙපමණයි. කලින් පෝස්ටුවෙදි බොලා දැකපු ඡායාරූප කීපයකුත් මේ අතර තිබිලා මම ඉවත් කොලා. පෝස්ටුවකට මේ ඡායාරූප සංඛ්‍යාත්මකව මදි කියලා මගේ හිත සැලි සැලී තියෙද්දි තමයි අන්තර් ජාලෙ අස්සක තිබිලා මීළග ඡායාරූප සැට් එක මගේ නෙත ගැටුනෙ.

අපරාදෙ කියන්න බෑ...මීට කලින් මම නම් මේ ඡායාරූප සැට් එක ජාලෙ කොතැනකදිවත් දැකලා තිබුනෙ නෑ. ඒ නිසාම කාමරේට අරන් ඇවිත් බොලාට පෙන්නනකං මට ඉස්පාසුවක් තිබුනෙ නෑ.

ඇත්තටම කියනවා නං මේ ඡායාරූප තිබුනෙ තවත් බ්ලොග් අඩවියක. එහි හිමිකරුවා Arun Veera නැමති දකුණු ඉන්දියාවේ චෙන්නායි හි වෙසෙන සහෝදරයෙක්. කාමරෙන් මේ පින්තූර ටික පෙන්නන්න කලියෙන් ඒ සදහා අවසර ඉල්ලලා ඊ කීපයක්ම විද්දත් කිසිවකට පිළිතුරු ලැබුනෙ නෑ...ඔහුගෙ බ්ලොග් අඩවිය ලගකදී යාවත්කාලීන වෙලා තිබුනෙත් නැති නිසා මගේ අක්මාව මට කිව්වා අරුන් ලගකදී ජාලෙ පැත්තෙ ඇවිල්ලා නෑ කියලා.

අපේ රටේ පරණ පින්තූරයක් දැක්කම අපිට නොවැ වැඩි සතුටක් දැනෙන්නෙ. ඒ හින්දම අවසරයකින් තොරවම පින්තූර සැට් එක උස්සගෙන ආවා. දැන් ඔබ බලන්න යන්නෙ සිනමාව, සංගීතය ඇතුලුව සිරිලංකාවෙ කලා ක්ෂේත්‍රයෙ ස්වර්ණමය දශකය ලෙස සැළකෙන 70 දශකයෙ පින්තූර කීපයක්.


16
මීගමුව ප්‍රදේශයේ මාර්ගයක්
 ඇන්ටික් පෙරේතයෙක් වන මට නම් මෙහෙම පින්තූර වැඩි වෙලාවක් නරඹන්න අමාරුයි.

17
රත්මලාන

18
ගන්දර පන්සලේ පෙරහැර 

19

20
මාළු බෝට්ටු, තංගල්ල වෙරළ තීරය

21
යාල ප්‍රදේශයේ ධීවරයන්

22
වී හුළං කරනා ජනතාව, තංගල්ල

23
ගිණිගත්හේන නගරය

24
මවුස්සා කැලේ ජලාශයේ පිටවානක්

25
දඹුල්ල

26
ගම්මිරිස් වේලීම, මාතලේ

27
සීගිරිය 

28

29
දඹුල්ල

30

31
නිදහස් චතුරශ්‍රය, කොළඹ

32
කොළඹ වරාය

33
වරාය ගුදම්

34
සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 707 යානයක්

35
ඔරලෝසු කණුව සහිත ප්‍රදීපාගාරය, කොටුව

36
කොළඹ මහ වීදිියේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙක්

37

38
කොළඹ නගර ශාලාව







39

40

41
කොළඹ ගෙන්ගෙට ගිය පොල් වෙළදුන්

42
හික්කඩුවේ හුණුගල් පෝරණුවක්

43
ගාල්ල

44
නුවර

45
දෙහිවල සත්තු වත්ත

46
ගාලු කොටුව ආසන්න මාවතක්

47
ගාල්ල නගරය

48
කොළඹ කොටුව

49
නුවර පළතුරු වෙළෙන්දන්

50
නුවර වින්ඩි කොට් අවන්හලේ සේවකයන්

51
කිතුල්ගල

52

53

54

55
බෙන්තොට

56

57
රත්නපුර මැණික් පතල්

58
බෙන්තොට

59
බෙන්තොට

59
තිසාවැව හෝටලය, අනුරාධපුර

60
මහනුවර

61
සුදු නෝනා සංචාරක මගපෙන්වන්නා සමග

62
යාල

63
පානදුර
ජාති පෙට්ටි ටික නැද්ද බොලව්....රබර් ලීයෙන් හැදුවත් තීත්ත ටිකක් අතුල්ලලා ගත්තම නියම කොස් ලීයෙන් හැදුවෙ කියලා ඒ කාලෙ විකුණන්න නැතුව ඇති. එම්බාම් බාස් වෙන්ට ඕනෙ සරං කෙටියකින් සැරසිලා ඉන්නෙ.

සිරා කොලුවා වන මම ඉතිං මේ කියන අවධියෙ ජීවත් වෙච්ච එකෙක් නොවන නිසා ඒ කාලෙ ජන සමාජය ගැනවත් මේ පින්තූර ගැන විස්තරයක් වත් කියන්න දන්නෙ නැත. එහෙත් කාමරයට එබිකම් කරනා ඇතමෙක් 70 දශකය පසුකරගෙන ආ ඇත්තන් බව මම දන්නවා. නොදන්න අයට දැනගන්නත් එක්ක ඒ ඇත්තො දන්නා දෙයක් කොමෙන්ටුවක් ලෙස පහළින් දෙසා ගියා නම් මට හොදටම කික්.

එහෙනං අදට අහවරයි. 2014 මාස දෙකකුත් ඉවරයි. මාර්තු මාසෙ මුල ජාලෙන් ගෙනා කථාවක් ලේබලය සමග යලි හමුවෙමු. අපිට ජය වේවා !

පසු සටහන

මා හිතවත් බ්ලොග් සහෘදයා, චන්දන මවෙත එවන ලද ලින්කුවකින් 70 දශකයේ ඡායාරූප ගොන්නට මුලින් ඇතුලත්ව නොතිබූ ඉතිරියද සොයාගත හැකි විය. මේ ඡායාරූප සියල්ලම එකම ස්ථානයක තිබේ නම් ඒ සිරාගේ කාමරයේ විය යුතුය. ඡායාරූප සියල්ල එකතැනකට ගෙනඒමට සහාය වූ චන්දන වෙත මාගේ ප්‍රණාමය පිරි නමමි. 




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

සියලුම ඡායාරූප වල අයිතිය ඒවායේ මුල් අයිතිකරුවන් සතුය. ඇතැම් ඡායාරූප Lankapura.com හි පලවූ ඒවාය.

70 දශකයේ ඡායාරූප සැට් එක ගන්නට ඇත්තේ ගුවන් තොටුපලේ ඉන්නා සුදු නෝනාගේ සුදු මහත්තයා විය යුතුය. හොදින් බැලුවොත් පෙනේවි..ඒ නෝනා ඡායාරූප කීපයකම ඉන්න වග....

සිරාගෙ කාමරේ හැම මාසයකම පලවෙන 7 වෙනි ලිපිය ලියන්න බොලාටත් හැකියි. infosira2012@gmail.com ලිපිනයට ඊයක් විදින්න ඔබේ නිර්මාණයත් සමගම...එවන අනුපිළිවෙල අකුරට රකිමින් ලිපිය මෙහි කිරි ගහට මන්නෙන් කෙටුවා මෙන් සුවර් ඇන්ඩ් සොට් පල වේවි.


පසුව එකතු කරමි.

70 දශකයේ ඡායාරූප කවුරුන් විසින් ගන්නා ලද ඒවාදැයි ඉතා නිවැරදිව සොයාගතිමි. මෙන්න මෙතැනින් ඒ ගැන කියවන්න.



Related Posts Plugin for WordPress, Blogger...