Friday, November 23, 2012

167 අපේ අම්මගෙන් අහන්න

සැබෑ නම හෙළි කරන්න අවසර නැති නිසාම අපි එයාට නිලන්ත කියලා කියමු...... උසස් පෙළ කරන කාලෙ සිරාගෙ පන්තියෙ හිටපු සගයෙක් තමයි මේ නිලන්ත. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙදි වගේම ඉන් එපිට කොට්ඨාශ, දිස්ත්‍රික්, පළාත්, සමස්ත ලංකා සෑම අදියරකම මැදි දුර දිවීම තරග වලදි පාසලේ නම තියපු කෙනෙක් තමයි මිනිහා.

කුඩා අවදියේදි වෙනත් පන්ති වල සිටීම හේතුවෙන්  12 වසරෙදි හදුනගෙන 13 වසරට එද්දි බොහොම ලොකු මිත්‍ර‍ත්වයක් අපි දෙදෙනා අතර ඇති වූ නිසාම නිලන්ත සිරාගෙ ළගම මිතුරෙක් බවට පත්වුනා කිව්වත් වරදක් නෑ.... උසස් පෙළ කරන අවදියේ සිරා සහභාගි වුනු අතිරේක පන්ති වලටම තමා නිලන්ත කොලුවත් ආවෙ ගියෙ...

ඉතිං උසස් පෙළ පන්තියේ භාගයක් විතර ගෙවුනට පස්සෙ ඊට කලියෙන් සිරාටත්  හැදිලා තිබ්බ කරුම ලෙඩේ අපේ අහිංසක නිලන්තයටත්  හැදුනා... පුද්ගලික බෙහෙත් ශාලා වල බෙහෙත් නැති මහ අසික්කිත ලෙඩක් තමයි ඒක... බොලා දන්නවා නොවැ ඒකට කියන නම.... ලව් අමාරුව....හැදුනොත් විනාසයි.

http://image.blingee.com/images15/content/output/000/000/000/371/162711879_1335720.gif


ගම්පහ නගර සභා පිට්ටනිය  කිට්ටුව තියෙන නිල්පාට ඉරි සහිත ටයි පටියක් තියෙන පාසලේ දැරිවියක් තමයි මේකගෙ හිත අරන් තිබුනෙ. කාලෙකට ඉස්සෙල්ලා සිරාගෙ හිත ගත්ත රතු කොණ්ඩෙ කෙල්ලත් ඔය අහවල් ඉස්කෝලෙම තමා. සතිය අග තියෙන අතිරේක පන්තියක තමයි ඉතිං දෙන්නගෙ යුග දෙනෙත් සම්මුඛ වුනේ. මෙතැන් පටන් ඒ සීදේවි දැරිවිට අපි කියමු ප්‍ර‍භා කියලා....කෙල්ලගෙ නම මොකක්ද ? ප්‍ර‍භා....

ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවා වගේ පන්තියට ගියත් වහළෙ තියෙන ටකරං දිහා බලාගෙන අනිමිස ලෝචනය කරන මේකගෙ මේ හදිසි වෙනස් වීම දැක්කම ඌව දන්න හැම කෙනාම ඇහුවෙ මොකද බොල තොට හෙන ගැහුවද කියලා....මිත්තරයන්ගෙ වදේ හින්දම ඇත්ත වමාරන්න නිලන්ත කොලුවට සිද්ධ වුනා.  අපිටත් හොරෙන් ප්‍ර‍භා කෙල්ලගෙන් ඒ වෙද්දිත් ඒකා කැමැත්ත විමසලා අහවරයි. ගෑල්ළමයි පොදුවේ ලබා දෙන මම කැමති නෑ යන ජනප්‍රිය, උත්කෘෂ්ඨ, හදවත සැනහෙන  පිළිතුර තමා ඒකිගෙ උත්තරේ වෙලා තිබුනෙ.

එක සැරේ හේතුව එළියට දාපු නැති නිලන්තයා හීන් සීරුවෙ කතන්දරේ කියනකොට උසස් පෙළ පෙරහැරත් ගිහිල්ලා අවසන්... බෑන්ඩ් එකේ නායකත්වය දරපු නිසා අවාරෙට පන්ති ගිය සිරා ඉතිං උසස්ම සාමාර්ථයක් ගත්තෙ නැති වුනාට කිසිදු විෂයක් අසමත් වුනේ නෑ....

ඔන්න දෙවන වරටත් සිරා ඇතුලු නඩේ උසස් පෙළට ලියන අදහසින් අතිරේක පන්ති යන මල් වසන්ත සමය ආරම්භ වුනා... අපි අතර හිටපු උන් බොහොම අතලොස්සක් තමා පළමු වාරෙම විස්ස විජ්ජාල කඩඉම පැන්නෙ. පන්සලේ කථාවෙ හිටිය අයත් අඩුවක් නැතුව මේ පන්ති වලට ආවා ගියා.

නිලන්ත කොලුවත් නැවත වරක් උසස් පෙළ ලියන්න සුපුරුදු පන්ති වලට එද්දි එකාගෙ හිත ගත්ත ප්‍ර‍භා කෙල්ලත් දෛවයේ සරදමකට වගේ ආයෙත් අපේ ඇස් ඉදිරියේ ඇස් නටවන්න ගත්තා. නිලන්තයා ඉතිං දුවපු එකා වෙච්චි ඌට එකද දෙකද තුනද කියලා ගානක් නැති නිසාමදෝ ප්‍ර‍භා කෙල්ලගෙන් පන්ති පටන් අරන් ටික කාලයකින් ආයෙමත් කැමැත්ත විමසුවා... අපරාදෙ කියන්න බෑ... නිලන්තයා පුරුෂ දහිරිය හොදට තිබ්බ එකා... කෙලින්ම ඩිරෙක්ට් තමන් තනියෙන් ගිහිල්ලා තමයි හැමදෙයක්ම කරගත්තෙ...

මම කැමති නෑ... කලින් වතාවෙ ලැබුනු බොහොම මිහිරි කර්ණ රසායන පිළිතුරෙන් නැවතත් සෑහීමට පත්වෙන්න නිලන්ත කොලුවට සිදු වුනා...ඊට පස්සෙ ඒකා යන යන තැන ටිපෙක්ස් කුප්පියකින් I am a Bad Boy කියලා ලියන්න පටන් ගත්තා. පන්ති වල ඩෙස් බංකු අනේක වාරයක් උගෙ සුදුපාට ටිපෙක්ස් දියරෙන් පෙගෙන්න ඇති මගෙ හිතේ.  මේ වතාවෙදි පළමු වතාවෙ වගේ පරාජිත හැගීමක් මූණෙන් පිළිඹිබු නොවුනට බොහොම අධිෂ්ඨානශීලී ගතියක් උගෙ නෙත් කෙවෙනි අග හැංගිලා තිබුනා.

පළමු වර ඇහුවා, දෙවැනි වර ඇහුවා , තෙවැනි වර ඇහුවා, බැරිම තැන කාන්තා පරාණ ටිකක් දාලා ඇහුවා  ප්‍ර‍භා නෙමෙයි සහනශීලී  පිළිතුරක් දුන්නෙ... ඒකි මහ ගල්ගැහුණු හිතක් තිබුනු එකියක්, කොල්ලො එහෙමත් කිව්වා. ඔයින් මෙයින් උසස් පෙළට දෙවන වරටත් ලියලා පිරිස විසිරී ගියා...

ඊටත් ටික කාලෙකට පස්සෙ කජුමුලේ අන්දරේ ගැන සිරාට කිව්ව ජයවර්ධන ගොයියා මුලිච්චි වෙච්ච මගේ මිත්තරයගෙ නිවසෙ ඉන්න වෙලාවක ඒ ඉදිරිපිට මහා මාර්ගයෙන් ගිය නිලන්ත යකඩ අස්පයත් එක්කම අපිව බැහැ දකින්න මිදුලට ආවා... මේ කාලෙ වෙද්දි එකා දෙන්න රැකියා වලට සම්බන්ධ වෙලා හිටියෙ... නිලන්තයත් එහෙමයි. පන්සලේ කථාවෙ හිටපු  පුෂ්පෙ, නගා එහෙමත් එතැන හිටියා.

උඹලව දැක්ක කල් බන්... දකින්නත් ආසයි... එහෙම ආරම්භ වුනු කථාව අවසන් වුනේ ප්‍ර‍භා කෙල්ලගෙන්... නිලන්ත කොලුවා ඒ වෙද්දිත් ඒකි ගැන හිතනවා කියලා අපි දැනගත්තෙ එදා...

උඹලා දන්නවනෙ , අපි පන්ති ගිය කාලෙදිත් මම කීප වතාවක් ඒකිගෙන් ඇහුවා කියලා... හැම වෙලේම එළුවා වගේ බෑ කියලම කිව්වට ඉතිං මම සැලුනෙ නෑ.... දිගටම ට්‍ර‍යි එක දුන්නා. රස්සාවක් කරන්න පටන් ගත්තට පස්සෙදි ආයෙමත් කෝච්චියේදිත් මට ප්‍ර‍භා හම්බ වුනා. මම ඉතිං හීනියට ආයෙ සැරයක් ඇහුවා... පරණ උත්තරේම තමයි...

උඹට ලැජ්ජා නැද්ද යකෝ ඔහොම කෙල්ලෙක් ඉස්සරහා බාල්දු වෙන්න... බලපන් ජංගියක්ද ඇදලා තියෙන්නෙ කියලා... නිලන්තයගෙ පුරසාරම අහලා කෝපයට පත්වෙච්ච පුෂ්පයා  එහෙම කිව්වා.

අනේ පලයන් යන්න... ලැජ්ජාවක් තියෙනවා නම් මම 15 සැරයක්ම ඒකිගෙන් අහයිද ?  ඒ උත්තරෙන් අපේ  රෙදි ගැලවුනා වගේ දැනුනා... එදා තමයි මේකා අහපු සෑම වාරයක්ම ගණන් කරගෙන තියෙනවා කියලා අපි දැනගත්තෙ...

හැබෑටම ඒ හැම වාරෙකම ලැබුනෙ එකම උත්තරේද බන්... මම උගෙන් ඇහුවෙ නිලන්තයා ගැන ඉපදිච්චි සැබෑම අනුකම්පාවකින්...

මුල්ම කාලෙ මාස 3 කට සැරයක් ඇහුවා, ඊට පස්සෙ මාසෙකට සැරයක්, තව ටික කාලෙකින් මාසෙකට දෙසැරයක් ඇහුවා, ඊටත් පස්සෙ සතියකට එක සැරේ ගානෙ ඇහුවා. 14 සැරයක්ම එකම උත්තරේ තමා දුන්නෙ... ඒ උනාට මේ  සතියෙ 15 වෙනි සැරේට අහපුවාම වෙනස් උත්තරයක් ලැබුනා...

ඒ මොකක්ද බන් ?

අපේ අම්මගෙන් අහන්න කිව්වා....

මල හුට්ටප්පරයයි කියපු නගා මහ හයියෙන් හිනාවෙන්න ගත්තා....

සමහර විට මගෙන් තියෙන වදේ හින්දා වෙන්න ඇති බන් කියපු නිලන්තයත් ඒ හිනාවට එකතු වුනා...

ඒ හිනාවට එකතු නොවුනු පුෂ්පයා කිව්වෙ

නෑ බන් කෙල්ල උඹට චැලෙන්ජ් කරලා යනුවෙනි.

ඔව් බන් මම දන්නවා... අන්න ඒ නිසා තමයි උඹලව හොයාගෙන මෙහෙට්ට ආවෙ ඒ ගැන කථා කරන්න... උඹලා වරෙල්ලා මා එක්ක එදාට යන්න...

ගේ කොහොමද බන් හොයාගන්නෙ...

හොයාගන්න දෙයක් නෑ බන්... මම දවසක් කෝච්චියෙන් බැහැලා පොඩි ෆලෝ පාරක් දාලා ගේ තියෙන තැන හොයාගත්තා...ප්‍ර‍භාගෙ යාලුවෙක් මාර්ගයෙන් කෙල්ලගෙ තාත්තගෙ නංගි කෙනෙක්ගෙ ටෙලිෆෝන් අංකයක් හොයාගෙන කථා කලා... එයත් කියනවා භය නැතුව එන්නලු...

උඹ නම් යක්ෂයෙක් බන්... නගා නිලන්තයගෙ පිටට තට්ටුවක් දැම්මා...


ඔන්න ඉතිං කථාකර ගත්ත විදියට ප්‍ර‍භා කෙල්ලගෙ ගෙදර යන්න දිනේ උදාවුනා.  සති අග දවසක හවස් ජාමෙ  තුනේ කණිසමට වගේ තමයි ගමන පිටත් වුනේ...පුෂ්පෙ, නගා, සිරා, එක්ක නිලන්ත ඔක්කොම හතර දෙනයි.

බයිසිමොටෝ දෙකකින්  ඒ ඉසව්වට යනතුරුම නිලන්තයට බොහොම උපදෙස් අපෙන් ලැබුනා... දැරිවිගෙ පවුලෙ අයගෙ හිත්  දිනාගන්නා ආකාරය පිළිබද...

ගිය ගමන් උඹ භය නැතුව ගේමට ඇන්ටර් වෙයන්  ඒ පුෂ්පයා

උඹ නිකං සැකන්ඩ් වෙන්නෙ නැතුව උඹේ කොලිටිය ගැන වනපන් වටේටම  ඒ නගා

අම්මට අම්මා කියලා කටපුරා කියපන් ඇන්ටි නොකියා, අනිත් එක අපි ආපහු යන්න හැරෙනකොට අම්මගෙ කකුල් දෙක අල්ලලා වදින්නත් ඕනෙ... ඒ සත්ගුණවත් සිරා

කථාවෙන් කථාවෙන් ගේ පේන මානයට ගියා...
මම මොකුත් අරන් යන්න ඕනෙද බන්... නිලන්තයා කිසිම චකිතයකින් තොරව කට ඇරියා...

කෙල්ලනෙ එන්න කිව්වෙ බන් ඒ නිසා ඕනෙ නෑ... ඒ පුෂ්පයා

නැ නෑ එහෙම නිකං ගෙවල් වලට ගිහිල්ලා ලකුණු කපා ගන්න එපා උඹ කුණෙක් කියලා... ගනිං ලොකු අයිසිං කේක් එකක්... ඒ නගා...

එපා බන් අයිසිං කේක් ගන්න...ඕවායෙ අයිසිං පිහියෙං හූරලා ඔය වයසක මිනිස්සු කන්නෙ ඒ නිසා විස්කෝතු පැකට් එකක් හොදා... ඒ සිරා

බිස්කට් පැකට් එක සභා සම්මත වෙච්ච නිසා නිලන්ත ලෝස් නැතුව මොණරෙක් එළියට ඇදලා සෑහෙන තරමෙ බිස්කට් පැකැට් එකක් තමා සතු කරගත්තා.

අපි දැන් ආයෙමත් අර ගේ පෙනෙන ඉසව්වෙ...

ඒ උනාට ගෙදරට යන පාරක් තොටක් හොයාගන්න බෑ...

මේක මාර මගුලක්නෙ බන්... කොහෙන්ද යන්න තියෙන්නෙ...
විනාඩි එක දෙක ගෙවිලා පෑ භාගයක්ම ගත වුනත් පාර හොයාගන්න බෑ...

මෙන්න මේ වෙලාවෙදි ගෙදර හිටපු කෙනෙක් පාර පැත්තට ගියා.... මැදිවියේ පිරිමියෙක්...

ඉස්සරහින් තියෙන නිවසෙ පිළිකන්නෙන් තමා ඔන්න පාර තිබිලා තියෙන්නෙ... අපි කොහොම දැන ගන්නද ඉතිං

අපේ කථා නායකයා මේ නිවසට කලිං ආගිය කෙනෙක් වගේ  නිවසේ දෙර අසලම තිබ්බ විදුලි සීනුවෙ බොත්තම වැරෙන් එබුවා..... කිරිං කිරිං සද්දෙ මැද්දෙන් දොර විවෘත වෙද්දි ප්‍ර‍භාගෙ පෙනුම තියෙන කාන්තාවක් දොර විවෘත කලා...

ඇයි ?  ඇය පිරිසෙ සියල්ලන්ම දෙස නෙත් හෙලා ඇහුවා...

ප්‍ර‍භා තමයි එන්න කිව්වෙ... නිලන්ත ඇගට පතට නොදැනී වචන පිට කරන හැටි බලා ඉන්න ආසයි..

මේ අපේ ප්‍ර‍භා ? එහෙම කිව්ව ප්‍ර‍භාගෙ අම්මට හිනාවකුත් ගියා... එන්න එන්න එහෙනං මෙහෙන් ඉදගෙන කථාකරමු කියලා සාලෙට පිරිස කැදවලා පුටුවකට බර වෙන්න අපට ඉඩ හසර ලබා දුන්නා...

අපේ එකාගෙ මව වගේම ප්‍ර‍භාගෙ මවත් ගුරු වෘත්තියේ නියැලුනු අය නිසා බොහොම සුහදව කථා බහ කරන වාතාවරණයක් තමා එහි තිබුනෙ.

ඉතිං පුතේ කාරණේ කිව්වනං...ඇය සිනහව අතරින්ම විමසා සිටියා...

මම අම්මෙ දැන් අවුරුදු දෙකක ඉදන් ප්‍ර‍භා ගැන හිතනවා... සෑහෙන කාලයක් ඇහුවත් බෑ කියලම තමා කිව්වෙ... ගිය සතියෙ තමා කිව්වෙ අම්මගෙන් ඇවිල්ලා අහන්න කියලා...

ඒ අතරතුර මව් තුමිය....

ප්‍ර‍භා..........  ඇයි අම්මෙ (නිවස තුළින් කිංකිණි හඩක් ඇසේ)

මේ අයට තේ හදන්න දුව...

ප්‍රභා කුස්සියට යන හඩත්  පීරිසි කෝප්ප ගැටෙන හඩත් ඇසේ.
සිලිං.....එකායි....සිලිං...දෙකායි.... පීරිසි කෝප්ප බිම වැටී කුඩුවෙන හඩ සාලෙ හුන් අපට කදිමෙට ඇසේ.... අපගේ අනපේක්ෂිත ආගමනය දැරිවිය අතිශයින් කලබලයට පත් කර ඇති සෙයකි...

මේ අතර තුර සාලයට පැමිණියේ ප්‍ර‍භාගෙ එකම නැගනියයි... ඇයද සුන්දර තරුණියක් නිසා සිරා නෙතු යුගලම පොට යන තුරු කැරකුවද ඇගෙන යහපත් ප්‍ර‍තිචාරයක් නොලැබුනි.
අහිංසක අපිට කොහෙද ඉතිං බූල් බල්ලො.

දුවේ  නැන්දටත් එන්න කියන්න මෙහෙට... නැගණිය මෑණියගේ පණිවිඩය රැගෙන අසල වූ නිවෙසකට ඉගිලුණාය... මද වේලාවක් ඇවෑමෙන් ඇය පැමිණියේ තවත් මැදි වයසේ කාන්තාවක් සමගිනි....

දොරෙන් ඇතුලට පැමිණි ඇය
මේ පුතාද මට කථා කලේ යැයි පවසමින් සිරා කොලුවා දෙසට නෙත් යොමා ගෙන අතක් ඉදිරියට යොමු කලාය.

අනේ මම නෙමෙයි...මෙයා.... අහිංසක සිරා මේ මොන අටමගලයක් හිසේ කඩාපාත් වුනාදැයි සිතමින්  නිලන්තයා පෙන්වූවෙහිය.

එයා තමයි මමත් කිව්වෙ.... ඇය නැවතත් ප්‍ර‍තිරාව කලාය... නැන්දාට පින් වපරයකි. බලන්නේ නිලන්තයා දෙස වුවත් නෙත් තියෙන්නේ සිරා දෙසටය... නගා සහ පුෂ්පයා කට දෑතින් වසාගෙන එළියට පනිනන්ට වෙර දරන සිනහව ආයාසයෙන් තෙරපා මුඛය අභ්‍යන්තරයට තල්ලු කළෝය.

පුතා කථා කලා කියලා නැන්දා කිව්වා... ඒ උනාට අපේ ප්‍ර‍භා නම් කිව්වෙ නෑ.... බිම බලාගෙන අප වෙත කිරි තේ පිළිගන්වන ප්‍ර‍භා කෙල්ල දක්වමින් මව්තුමිය කීවත් දැරිවි නෙමෙයි හ්ම් කිව්වෙ... ඇය තේ පිළිගැන්වීමේ කටයුතු අවසානයේ අපෙන් මිදෙන්නට හැදුවත්... මවගේ නියමයෙන් සාලයේ අප ඉදිරිපිට පුටුවකට බර දෙන්න සිදුවුනා.

අපි ඉතිං කෙළින්ම කථාවට බහිමුකො... රැල් බුරුල් එහෙම ඇරලා  ප්‍ර‍භාගෙ අම්මා ගේමට ඇන්ටර් වුනා...

මේක ඉතිං ජීවිතයක් පිළිබද ප්‍ර‍ශ්නයක්නෙ.... දුවගෙ තාත්තා දැන් ගෙදර නෑ ටිකකට කලියෙන් මළ ගෙදරක ගියා...එයා ආවට පස්සෙ එයා එක්කත් කථා කරලා අපි තීන්දුවක් දෙන්නම්...

එතනින් පස්සෙ විචාරය කලේ නිලන්තයගෙ රැකියාව, උගත් කම, පවුලේ අය , මව හා පියා ආදී කාරණා... ඒ වෙද්දිත් ඒකා වරලත් ගණකාධිකරණ ශිෂ්‍යයෙක්...

පළමු හමුවීම අවසානයේ අපි සමුගන්නා අවස්ථාව එළැබුනා...

මම එහෙනං ගිහිල්ලා එන්නම් අම්මෙ... බිම දිගා වූ නිලන්ත සිරාගේ උපදෙස් අකුරට පිළිපදිමින් මෑණියන්ගේ දෙකකුල් ස්පර්ශ කරමින් වැද වැටුනා...එතුමිය ඒ අවස්ථාවේ ඉතාමත් සංවේදී වන ආකාරයෙන්  වැඩේ ගොඩ බව සිරාගෙ අක්මාවට දැනුනා.

එතැනින් පස්සෙ කාලයක් යන තුරු මේ ආදර අන්දරය පිළිබද නවතම තොරතුරු අපට නොලැබුනත්... තවත් වසරකට පමණ පස්සෙ නිලන්ත / ප්‍ර‍භා වෙඩිමට  ආරාධනා පත්‍ර‍ය නම් ලැබුනා.


අදට එහෙනං කථාව අහවරයි



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි 

පස්සෙ කාලෙක දැනගත්ත පරිදි

කේන්දර ආදිය පරීක්ෂා කර ගැලපීමෙන්  පසු දෙපාර්ශවයම මෙම විවාහයට කැමැත්ත දුන්නත් ප්‍ර‍භා කෙල්ල නෙමෙයි නිලන්තයට කැමති වෙලා තියෙන්නෙ... ඒකි තවමත් අකමැතියි... බැරිම තැන නිලන්තය ප්‍ර‍භාගෙ හොදම යාලුවො කීප දෙනෙකුට සිද්ධිය කියලා... මේකාගෙ මේ කථාව ඇහුවාම පපුව හෝස් ගාලා පත්තු වෙලා තියෙන ඒ ඇත්තියො පොරොන්දු වෙලා කැමැත්ත අරන් දෙන්නම් කියලා... ප්‍ර‍භාගෙන් අහලා තියෙන්නෙ එකම ප්‍ර‍ශ්නයයි.. එහෙම කරලා ඊළග  සතියෙදි වසර දෙකක් තුල වාර 15 ක් අහලා, ගෙදර ගිහිල්ලා, කේන්දර බලලා ලබා ගන්න බැරිවුන පිළිතුර නිලන්තයට ලැබිලා...මම ඔයාට කැමතියි කියලා...

කෙල්ලො අහලා තියෙන්නෙ  ඇයි උඹ ඒ කොල්ලට ඔච්චර ගනං උස්සන්නෙ... උඹට තියෙන්නෙ අපිට නැති වෙනස් එකක්ද  කියලලු... අන්න එල කෙල්ලො...

ඔන්න දැන් වෙඩිමෙ වැඩ එහෙම ඉවර වෙලා මාස 6 කට විතර පස්සෙ පුංචි පහේ මධු සාදයකදි නිලන්තයා සිරාට මුණ ගැහුනා... කථා බහ මෙහෙමයි...

ඉතිං බං උඹ දැන් සෑහෙන්න සතුටෙන් ඇත්තෙ නේද ?

නෑ බන් එහෙම එකක් නෑ...

ඇයි යකෝ ඔච්චර කට්ටක් කාලා කෙල්ලව සැට් කරගෙන බැද ගත්තාම ආතල් නැද්ද බොල...

වැඩක් නෑ බන්... ඒවා දැන් සාමාන්‍ය දේවල් නොවැ... උඹලා ඔය කුරුල්ලො වගේ ඉන්න විදිය දැක්කම මට ඉරිසියයි...බලපන් මට කොහෙන්ද නිදහසක්... මේ පාටිය ඉවරවෙනකං මට ඉන්න බෑ... පරක්කු වෙච්ච ගමන් කෝල් එක එනවා...ඒ අස්සෙ මාකට් යන්නත් තියෙනවා  දැන් යන ගමන් ගන්න තියෙන බඩු ලැයිස්තුව මේ...

අල කිලෝ 1
පරිප්පු 500
සැමන් ටින් 1
Whisper පැකට් 1  ආදී ලෙස බඩු ලැයිස්තුවක් නිලන්තයා දක්වයි.

සිරා මම නම් උඹට දෙන උපදේශය තමයි... තනිකඩ කමේ අසිරිය උපරිම කල් විදලා බැරිම තැන බැදපල්ලා... 

නිලන්තයගෙ අන්න ඒ තියරියට තමයි ඔන්න දැන් සිරා කොලුවත් වැඩ....මේ තීරණය ගැඹුරින් විමසා මහාචාර්ය මාතලන් තුමා සහ, සිරාගේ ව්‍යාපාර සහකරු හෙන්රි මහතා යමක් පවසනු ඇතැයි මට දැනේ.


























167 comments:

  1. නිලන්ත උත්සාහය අත් අරින්නේ නැති සිරා පොරක් නෙහ්..? අර කෙල්ලොන්ගේ ප්‍රශ්නේ තමයි මරු.

    පෝස්ට් එක වැටිලා තියන වෙලාව බලපන්කො.හරියටම 12 යි. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උත්සාහය නිසාම තමයි ඉතිං අන්තිමට බැදගත්තෙ...

      බ්ලොගර් වල පෝස්ටුව පළ වෙන්න ඕනෙ වෙලාව කලින් දෙන්න පුලුවන් නිසා කාමරේ බොහෝ පෝස්ටු එළියට එන්නෙ ඒ වෙලාවට..

      Delete
  2. කෙල්ලෙක් හැටියට මාත් කියන්නේ ( මේ කියන්නේ ඉස්සර කියපු විදියටම තමයි.. හරිද.. බැන්දා කියලා ඒ හිතපු විදිය වෙනස් වෙලා නෑ තාම... ) නොබැඳ ඉන්න පුළුවන් නම් එළ තමයි කියලා... ඒත් ඉතිං ඒක කොරන්න බැරි නම් ඉක්මණට බැඳලා හිත හදා ගන්න එකයි තියෙන්නෙ.. නැත්තම් ඉතිං නහින දෙහින කාලේ තමා බඩු ලිස්ට් උස්සන් මාකට් යන්න වෙන්නේ.... හි හි

    හැබැයි මගේ නම් ඔය යාලුවෝ දෙට් වෙන පාටි ගැන තියෙන අදහස මේකයි... බැන්දට පස්සේ කොල්ලෙක්ට පොඩි නිදහසක් දෙන්න ඕනේ... බොන කෙනෙක් නම් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්නත් ඕනේ.. බොන්නේ නැති කෙනෙක් කම් කිසි අවුලක් නෑ.. නැත්තම් ඒකට ජීවිතේ එපා වෙනවා... ඒත් ඒ විදියට කෙල්ලො ගැන කිසි කෙනෙක් හිතන්නෙ වත් නැති නිසා ඒ ගැන නිකම් වත් කියලා වැඩක් නෑ....

    ReplyDelete
    Replies
    1. මෙන්න මල් තියලා වදින්න ඕන ගෑණු , සිරෝ හොයා ගනින් මේ වාගේ එකියක් ( අටම් පහුරිත් ඔය මල්ලේම පොල් ගෙඩියක් )

      Delete
    2. නංගියේ අපේ මායියගෙ නොම්මරෙත් දෙන්නද?

      Delete
    3. අනේ වාසනාවන්... අපේ හිරු වගේ හැම කෙනාම හිතනවා නම් යුග දිවිය බොහොම සුන්දර වේවි... කාගෙ කාගෙත්...

      හිරු කියන්නෙ බැන්දට පස්සෙ කාන්තා පාර්ශවයට නිදහස නෑ කියලද... මොන වගේ දේවල් සදහාද නිදහස නෑ කියන්නෙ කියලා දැනගන්න කැමතියි...

      @ අටම්පහුර

      බොලාත් සෑහෙන්න වාසනාවන්ත පාටයි... පොඩි හරි නිදහසක් ලැබෙනවා කියන්නෙත් කොච්චර දෙයක්ද ...

      Delete
    4. කිසි දේකට නිදහස නෑ සිරා.. අඩු ගානේ හිතන්නවත් නිදහස නෑ... හිතන ඒවටත් අවසර ගන්න ඕනේ.. හිතට එන දෙයක් කියන්න කලින් දහ පාරක් හිතන්න ඕනේ මේක කැරකිලා කොයි පැත්තෙන් එයිද කියලා... හස්බන්ඩ්ගේ යාලුවන්ගේ, නෑයන්ගේ මඟුල් ගෙවල් වලට යන්න උනාම මාස ගානට වෙලාවට නිවාඩු එහෙම ගන්න මතක් වෙන අයට ගොඩක් අයට, වයිෆ්ගේ යාලුවෙක්ගේ එහෙම මඟුල් ගෙයක් කිවවම අහනවා යන්නම ඕනෙද කියලා...

      කොල්ලට ඕනේ නම් ඕනේ වෙලාවක අම්මලගේ ගෙදර යන්න, යාලුවන්ගේ ගෙවල් වල යන්න පුළුවන්.. හැබැයි කෙල්ලට අම්මලගේ ගෙදර දෙයක් කෝල් කරලා කිව්වමත් හා එන්නම් කියන්න කලින් මිනිහගෙන් අහන්න ඕනේ....

      කියන්නේ නම් ආදරේට ආරක්ෂාවට කියලා.... ඒ උනාට තියෙන්නේ යටත් කරගෙන ඉන්න එක.. ඕක මිහිහෙක්ට උනාම හපොයි මූට වෙච්ච වරඩේ කියනවා. ගැණියෙක්ට උනාම ඔහොම තමයි බැන්දම කියනවා...

      Delete
    5. ඉතිං බොලා ආදරය කරන කාලෙදි මේ වගේ දේවල් ගලපගන්න උත්සාහයක් ගත්තෙ නැද්ද ? ඔබ බොහොම විවෘත කෙනෙක් බව දැනෙනවා...

      Delete
    6. මට එහෙම ප්‍රශ්නයක් නෑ බං.... මගේ කටත් එක්ක ඒවා කොහෙද... හි හි.. මම කිව්වේ ගොඩක් කෙල්ලන්ට.....

      Delete
    7. අප්පේ අපේ ගෙදර උන්දටත් ඒ අතින්නම් මල් තියල වදින්න ඕන. එක දිගට දවස් තුනක් කරටි කඩාගෙන එන්න අවසර දීල තියෙන්නේ හැබැයි වැරදිලාවත් හතරවෙනි දවසෙත් එහෙම අවොත් ඊට වැඩිය හොදයි කාලි අම්ම හම්බෙන්න යනවා. හැබැයි ඉතින් අර දවස් තුන කබරයා නෙවෙයි මලපහ කරත් කිසි කතවක් නැතිව උපස්ථාන.
      itnishantha

      Delete
    8. ගෑණියේ පවුල් පන්සල් උනා නං ලමයි බමයි බලන් හදන් හිටපිය තොපිට මොන බ්ලොග් ද !!!

      Delete
    9. සදු මොකද මේ හිරු වගේ චණ්ඩ වෙලා...

      Delete
  3. //තනිකඩ කමේ අසිරිය උපරිම කල් විදලා බැරිම තැන බැදපල්ලා...//

    අනිවා අනිවා..හිස් මුදුනෙන්ම පිළි ගත්තා...

    ReplyDelete
    Replies
    1. අන්න තව සත්ගුණවත් එකෙක්... හැක්..

      Delete
    2. අන්න තනිකමේ අසිරිය දන්න තවත් කෙනෙක්....එල..

      Delete
    3. ඔය හාදයට මං කයියක් කියලා මට බැන්නත් එක්ක.. හැක්..

      Delete
    4. තනියම ඉඳලා ඇතිවුනාම බඳින්න හිටියට කමක් නැහැ... හැබැයි පොඩි එකාට බයිසිකලයක් පැදගන්නවත් උදව්කරන්න හයි හත්තිය තියන කාලෙ ඒ ඒ කටයුතු කරගන්නවනං හොඳයි... වයස කියන එක ආපහු ඇදල ගන්න බෑ...
      " දරුවව ඉස්කෝලෙට බාර දෙන්න යන්න ඕන අම්මල තාත්තලගෙ වයසෙ අය මිසක් සීයල ආච්චිලගෙ වයසෙ අය නෙවෙයි... අනිත් එක ඒ ඒ වයස් මට්ටම් වලදි අපි හිතන පතන විදිය දරුවන්ගෙ ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාර දක්වන විදිය වෙනස්... එහෙම වුනාම දරුවො අසරණ වෙන විදිය මම හොඳට දැකල තියනවා...උදාහරණත් එක්කම දෙන්න පුලුවන්... ඒත් මේ ඇති...
      ( මට පොඩි වුන් දෙන්නෙක් ඉන්නව)

      Delete
    5. @ ලකී සිරි

      ඔබ බොහොම හෘදයාංගමව මේ බැව් සදහන් කලා කියලයි මට හිතෙන්නෙ... විහිළුවට වගේ කිව්වට මම ගොඩාක් විවාහය පරක්කු කරන්න සූදානමක් නෑ... ඔබ දක්වලා තියෙන කරුණු පිළිබද මට විවාදයක් නෑ... එකගයි...

      Delete
    6. ඇත්තටම ඔව්...උපරිමයෙන්ම හෘදයාංගමයි....

      හැබැයි ඉතිං නහින දෙහින කාලෙ පොතක් පතක් බලාගෙන පිනක් දහමක් කරගෙන ඉන්න නැතුව ලමයින්ව ඉස්කෝලෙ එක්ක යන්න වුනාම තමයි මේව හරියටම තේරෙන්නෙ...


      (කෙටියෙන් කිව්වොත් මම කියන්නෙ මාරයාගෙ හෝරාව ලියන චතූශ තවත් කල් නොදමා ලතා කෙල්ලව බඳින්න ඕන කියලා..:D )

      Delete
  4. //සිලිං.....එකායි....සිලිං...දෙකායි//

    යකෝ බොලාගේ පැත්තේ අඩු කෝප්ප පට්ට ලාබයිනේ,

    //මහාචාර්ය මාතලන් තුමා සහ, සිරාගේ ව්‍යාපාර සහකරු හෙන්රි මහතා //

    ඇයි මේ දෙන්නා හෙන පොරවල්ද

    ReplyDelete
    Replies
    1. හා හා මේක උනේ අටම් බොලාලගෙ පැත්තට කිට්ටුව...පිගන් කෝප්ප බිදෙන සද්දෙ ලියන්න වෙන විදියක් තියේද...


      ඔය කිව්ව දෙන්නා ඉතිං ඉහ නිකට පැහිච්ච, අත්දැකීම් කන්දරාවක් තියෙන ඩබලක් නොවැ..

      Delete
  5. නිලන්තට ඉතින් එහෙම හරි ගටක් තිබුන,සිර ගියානම් ඉතින් ලොකු පෑම්පර්ස් දෙකක් වත් ඈදලා යන්න වෙන්නෙ.මාත් එහෙම තමා බන් හරියටම සින්හල අවුරුද්ද උදාවුන දවසෙ ගිහින් වෙන්න වයිපරේගෙ ගෙදරින් ඈහුවෙ. ඉතින් මහසෝන වගෙ අවුරුද්ද දවසෙ අහපුවාම බෑ කියයිද? ඔන්න ඉතින් කෑමති උනා.අනේ.......මන්
    මම ඉන්දික

    ReplyDelete
    Replies
    1. සිරා ගැන දන්නෙ නැතුව තමයි පැම්පර්ස් කථා කියන්නෙ... මමත් වතාවක් කෙල්ලගෙ ගෙදරටම ගිහිල්ලා දෙමාපියො හම්බවෙලා කථා බහ කලා... දැරිවි නර්ස් නෝනා කෙනෙක්... මට වඩා එයා මාස 3ක් වැඩිමල් වීමෙන් මගේ ආදරේට පසුදිනෙක කෙළවිය.

      බොලාත් චුට්ටයි කට්ට... හරියටම අලුත් අවුරුදු දවසම අල්ලලා...

      Delete
  6. hoooo...patta hode...matath anthima tika wela thiyenne...bedagaththu bere gahapanko ithin...umba hemogema blog hemadama beluwata comments danna hithenneththe me account eka denna epaye...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට... බැදගත්ත බෙරේ සතුටින්, සමාදානයෙන් ගහන්නට ලැබේවා කියලා පතනවා...

      Delete
  7. බදින්න ඉස්සෙල්ල ගැන්සිය එක්ක සෙට් වෙලා කරටි කැඩෙන්න ගහල ගෙදර පහුවදාට යන ඒව කොහොමත් නවත්වන්න වෙනවා බැන්දට පස්සේ.ගෙදර වැඩකටයුතු [ගෙදරට අවශ්‍ය දෑ ගෙන ඒම,දරුවන් චුටි කාලයේ උදේ පාන්දරට නැගිටල අඩද්දී දෙදෙනා එකතුව හෝ තනිව දරුවන් පිරිසිදු කිරීම,දරුවන්ට කැවීම්/පෙවීම් කිරීම හෝ උදව් කිරීම,කුඩා දරුවන්ගේ ඇදුම්/මහ අයගේ ඇදුම්,ගෙදර පිරිසිදු කිරීම්] මෙකි නොකී තවත් හැටහුටහමාරක් ගෙදර වැඩවලට පිරිමියා තම බිරිදට උදව් කල යුතුයි.මෙච්චර කරලත් පිරිමියට නිදහසක් දෙන්නේ නැත්නම් ඒකී ගැනියක් නෙමේ,ඒකා බැදල තියෙන්නේ "යක්ෂණි"යක්.හොදම දේ තමයි බැන්ද ගමන්,අර ඊ මේල් කවිකාරි,හිරූ සහෝදරියො වගේ කට්ටිය මුනගස්වල අදහස් හුවමාරුවට සැලස්වීම්.පාසල් යද්දී හිතන්නේ බදින්නේ අරකට තමයි කියල.බැන්දයින් පස්සේ තමා රගේ තේරෙන්නේ!!!! අඩුම ගානේ 30 වෙද්දීවත් බැදපල්ල කොල්ලනේ/කෙල්ලනේ,එතකොට තමන්ලට 50 වෙද්දී කර උසට ළමයි දෙතුන් දෙනෙක් හදාගෙන පාසැල් සමය වගේ [සමහර විට ඊටත් වැඩියෙන්]සතුටක් ලබන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාගෙ අදහසට මම සම්පූර්ණයෙන්ම එකගයි... නිවසෙ කටයුතු සදහා කාන්තාවට පිරිමියා සහයෝගය දෙන්නෙ නැතිනම් එය ඉතාමත් වැරදියි... කාන්තාවටත් ගෘහ ජීවිතය තිත්ත වෙනවා... පවුලේ අඩදබර,ආරවුල් ඇති වෙනවා...

      30 වෙද්දි බදින්න තමා මගෙත් අදහස තිබ්බෙ... තාම දැරිවියක් සැට් වුනේ නැති එක තමා අවුල..

      Delete
  8. අනේ මන්දා.. මේව කියවනකොට බදින්නත් බය හිතෙනවා.. ඒත් නොබැද බෑ වගේ..
    මේ ඉන්න ටිකේ ජොලියේ ඉදලා 30 පැන්නම බදිනවා..

    මොනවා උනත් නිලන්ත සිරාවට ලව් කරලා තියෙනවා. 15 පාරක් අහනවා කියන්නේ ලේසි වැඩක්ද??
    මට නම් දෙපාරෙන් එපා වෙයි..

    ජය..

    ReplyDelete
    Replies
    1. මමත් පුද්ගලිකව ඔච්චර බාල්දු වෙන්න යන්නෙ නෑ...
      නිලන්තයා අදත් ඒකිට පණ වගේ ආදරෙයි.... බැදලම බලමු..නැද්ද මම අහන්නෙ..ජය!

      Delete
  9. උඹේ යාළුවා නම් අම්බ ගොනෙක්. කෙල්ලෙක් දැක්ක ගමන් සෙට් වෙන්න නරකයි. පොඩ්ඩක් හොයලා බලලා සෙට් වෙන්න ඕන. විශේෂයෙන් බඳින එක. ඇන්නා පැන්නා නම් අවුලක් නෑ. අර කෙල්ල පට්ට මොලේ තියෙන කෙල්ලෙක්. අරූ ජීවිත කාළේම වහලෙක් තමයි. නම්බර් වන් හරකෙක්...

    ReplyDelete
    Replies
    1. පපුව හෝස්ගාල ගියා බං.

      Delete
    2. උන් දෙන්න ඒ උනාට බොහොම සමාදානෙන් ඉන්නවා..
      ඇන්නා පැන්නා... පට්ට වර්ඩ් එක...

      මේක දැක්කොත් නිලන්තයා බෙල්ලෙ වැල දාගනීද මන්දා...

      Delete
  10. තනිකඩ කමේ අසිරිය උපරිම කල් විදලා බැරිම තැන බැදපල්ලා...මේක ගෑණුන්ටත් පොදුයි නේද :D

    ඔයා මාව සොයල තිබුන නේද ? සමහර බ්ලොග්ස් මට මග හැරෙනවා මට බ්ලොග් එකක් නැති නිසා . පුලුවන්නම් මේ රීඩර් එකට දාන්න ඔයාගෙ ලිපි .
    …http://www.facebook.com/groups/iamablogreader/?ref=ts&fref=ts



    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... කාන්තා පිරිමි සියලුම අයට පොදුයි... ළගකදී මේ ඉසව්වෙ දැක්කෙ නැති නිසා හොයලා බැලුවෙ...තොරතුරට ස්තූතියි... එතනට දාන්නම්...

      Delete
  11. හෆොයි බං, ඇඬෙනව, පවු බං නිලන්තයා. ඌ විහින් අමාරුවෙ වැටිල.

    ෴ අනේ පලයන් යන්න... ලැජ්ජාවක් තියෙනවා නම් මම 15 සැරයක්ම ඒකිගෙන් අහයිද ? ෴

    මේ කෑල්ල නම් නියමයි බං. ඌ සත්‍යප්‍රේම භෘංගරාජයෙක්, නැත්නම් මොන හරකද ගෑනියෙක්ට ඔච්චර පාච්චල් වෙන්නෙ. ඇත්තටම එහෙම පිරිමියෙක් ලැබෙන කෙල්ල වාසනාවන්තයි කියන්න පුළුවන්. හැබැයි එතකොට කොල්ල නම් ඉතිං කොහොමත් අවාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. කොල්ලො ඔක්කොම ඌට එක එක දේ කිව්වා කෙල්ලෙක් ලග නැමෙන්න යනවා කියලා.. ඒ උනාට ඌ නෙමෙයි ඒවා කනකට ගත්තෙ... දෙන්න අවුලක්ම නෑ යස අගේට ඉන්නවා.

      Delete
  12. නිලන්තය හෙන තනි බුවෙක් නේ. කොහොම හරි මිනිහා ගේම තනියම ගහපු එක එළ නෙව. පස්සේ කතා ගැන කියල වැඩක් නෑ.. ඔය තනිකං දෝසෙත් මට්ටං වෙන දවසක් එනවා ගොයියෝ. එදාට ඔය නිලන්තය මතක් කර ගනිං..

    ReplyDelete
    Replies
    1. නිලන්තයා සිරා පොරක් තමයි...නැත්නම් මොන යකාද ඔහොම ට්‍ර‍යි එකක් දෙන්නෙ..
      තනිකං දෝසෙ නැති කොරගත්තොත් හොදා කියලා සීතල දවස්වලට ටිකක් වැඩියෙන් හිතෙනවා...

      Delete
    2. ද්විත්ව හස්තයං සරණං ගම්හ්

      Delete
  13. මේ අතර තුර සාලයට පැමිණියේ ප්‍ර‍භාගෙ එකම නැගනියයි... ඇයද සුන්දර තරුණියක් නිසා සිරා නෙතු යුගලම පොට යන තුරු කැරකුවද ඇගෙන යහපත් ප්‍ර‍තිචාරයක් නොලැබුනි.
    අහිංසක අපිට කොහෙද ඉතිං බූල් බල්ලො//අනේ පව්...
    .........................................
    අර කොලුවා තමයි කොලුවා...සිරා ලව් එක ඒකනම්
    :D

    ReplyDelete
    Replies
    1. සිරා හරිම පවු නේද... ඔයා විතරයි එහෙමවත් කිව්වෙ...

      Delete
  14. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි ටිල් යු ඩයි කියන්නේ ඕකටයි..

    ReplyDelete
  15. ඕනවට වඩා පස්සෙන් ගිහින් බැගෑපත් වෙලා කෙල්ලො සෙට් කරගත්තහම ඕක තමා වෙන්නෙ. එතකොට කෙල්ල හිතන්නෙ මූ වහ වැටිල ඉන්න හින්ද කියන ඕන දෙයක් අහනව කියල.මුල් දවස්වලම බෑ බෑ කියද්දි කොල්ලත් උගෙ රෙස්පට් එක පෙන්නුවනම් ඌට එච්චර කට්ටක් කන්න වෙන්නෙත් නෑ, බැන්ඳට පස්සෙ ගෙම්බෙක් වෙන්න වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. නිලන්තයා කියන්නෙ නිදහස අහිමි වීම ගැන...ඒ කිව්වෙ කුරුල්ලෙක් වගේ ගතකල ජීවිතේ වගකීම් සහිත වීම පිළිබදව... උන් දෙන්නා අතර විරසකයක් නෑ...

      Delete
  16. uba badala liyana post ekak balana asawen iny. ( kellak inawa neda?)
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. තව සෑහෙන කාලයක් යයි ගොයියො එහෙම එකක් ලියන්න... මොන කෙල්ලොද...එකෙක් නෑ බේතකට .. ජය !

      Delete
  17. බැඳිල්ලෙ නං වාසි අවාසි දෙකම තියනව. ඒක කාලයට සාපේක්ෂයි, තමුන්ගෙ-ගෑනිගෙ සමාජ මට්ටමට සාපේක්ෂයි, සෙට්වෙන ගෑනිට-මිනිහට සාපේක්ෂයි, අම්ම තාත්තට සාපේක්ෂයි. හරියටම මෙහෙමයි කියන්න බෑ. බැඳලම බලන්ට ඕන! :)

    ReplyDelete
    Replies
    1. බැදලාම බලමුකෝ එහෙනම්...

      Delete
    2. ඔය රාජයා හදන්නේ උඹව අමුවෙන්ම අමාරුවේ දාන්න. හවු වෙන්ට එපා බොලං ඕවට. ඔය කරන හරියක් තව ටිකක් කරගෙන පල.. මාරයත් ඉන්නවනේ තොපේ සහයට...

      Delete
  18. බොහොම සතුටුයි ඔය තරම් කට්ට කාපු එකේ මැරිකරන්න ලැබුණු එකට,
    මමත් මුළු ඉස්කෝල කාලෙම එකම කෙල්ලෙක්ට ට්‍රයි කරලා යන්තම් එකොළහ වසරේදී යාලු කරගත්තා එත් අවුරුදු තුනකට වඩා ලව් එක තිබුනේ නැහැ නොයෙක් නොගැලපීම් උඩ කඩාකප්පල් වෙලා ගියා.. අද ඇය එක් දරු මවක්... මේ කතාව කියවද්දි මමත් මේ විදියට කට්ට කාගෙන කැමැත්ත ඉල්ලපු කාලේ මතක් උනා.. (ඇඩෙනවා යකෝ )

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා නේන්නම් බොල ඇය දැන් එක්දරු මවක් කිව්වම... මගේ ප්‍ර‍ථම ප්‍රේමයත් දැන් එක්දරු මවක්...

      Delete
    2. මගෙත් එහෙම තමයි බන් ඉහ්....(ප්‍රතම එක මම කිව්වෙ.)
      ඉන්දික.

      Delete
  19. යාළුවෙලා මාසෙන් මම ගියේ මගේ හාමිනේගේ ගෙදර. ගිහිං අම්මට අම්මේ කියල කටපුරා කියලා සත්ගුණවත් සිරා කොලුවා කිව්වා වගේ මුනින්තලා වැටිලා වැඳලා වැඩේ ගොඩ දාගෙන ආවේ.. ඒත් හාමිනේ ගේ තාත්තා රවා බලා මාරුවෙලා ගියා එදා. ඒත් පස්සේ සියල්ල සර්වප්‍රකාරව සාර්ථක වුනා. මස්සිනාට වඩා ඒ අම්මා මට ආදරෙයි අද. :)

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්... මමත් වතාවක් ඔය නිලන්තයා ගිය වර්ගයේම ගමනක් ගියා..පුරුස දහිරිය අරගෙන... වයස ප්‍ර‍ශ්නයක් නිසා ඒ වැඩේ ගොඩ ගියේ නෑ...

      Delete
    2. ඔය මාස තුනේ ප්‍රස්නේ මටත් තිබ්බා බොල. ඒත් මම සැලෙයි ඕවට. :)

      Delete
    3. මම නම් සැලුනෙ නෑ...ඒ උනාට කෙලීගෙ මහ ඈයො සෑහෙන්න සැලුනා...අන්තිමට ඒ කෙල්ලත් සැලී සැලී ගියා...

      Delete
    4. //අන්තිමට ඒ කෙල්ලත් සැලී සැලී ගියා...//
      :)

      Delete
  20. සිරාගේ කාමෙයට ආවේ පලවෙනි පාරට...... ලස්සනයි කතාව මොනාකරන්නද එත් ඉතින් කවද හිටියත් බදින්නම වෙනවනේ.....

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...කවුරු මොනවා කිව්වත් දවසක බදින්න එපෑය ඉතිං...

      Delete
  21. අනේ මම නෙමෙයි...මෙයා.... අහිංසක සිරා මේ මොන අටමගලයක් හිසේ කඩාපාත් වුනාදැයි සිතමින් නිලන්තයා පෙන්වූවෙහිය.

    එයා තමයි මමත් කිව්වෙ.... ඇය නැවතත් ප්‍ර‍තිරාව කලාය... නැන්දාට පින් වපරයකි. බලන්නේ නිලන්තයා දෙස වුවත් නෙත් තියෙන්නේ සිරා දෙසටය... නගා සහ පුෂ්පයා කට දෑතින් වසාගෙන එළියට පනිනන්ට වෙර දරන සිනහව ආයාසයෙන් තෙරපා මුඛය අභ්‍යන්තරයට තල්ලු කළෝය.

    හක....හක....හක....

    ReplyDelete
    Replies
    1. උඹේ ඔය හිනාවෙන් බොලා කවුද කියා දනිමි. මුබ්බායි ප්‍ර‍හාරයේ සැකකරුවා එල්ලුවා නේද බන්... උඹ ගියේ නැද්ද බලන්න....

      Delete
  22. මචන් නිලන්තගේ ලව් එක නම් සිරා . ඕක ගැහුවම කාගේවත්
    බණ වැඩක් නැහැ .එත් පස්සේ ඔක්කොම කරගෙන හයියෝ බන්
    හිතපු තරං අතල් නැහැ බන් කියන්නේ නම් P ටයිප් එවුන් බන් ..
    එහෙම වෙලාවට " ඈ යකෝ උබට මතක නැද්ද උබ පොන්නය වගේ
    පස්සෙන් ගිය කාලේ " කියල මතක් කරලා දෙන්න ඕනේ..
    මොනවා උනත් ප්‍රභා හරි බන් ... මූ නිකන් මොකාද වගේ පස්සෙන්ම
    යන්නැති වෙන ගෑනු නැහැ වගේ.. ඔතොකොට ආදරේ කියන එක
    නෙවේ එන්නේ .. කොහොම හරි මාත් නිලන්ත හොද වැඩ්ඩෙක් කියල
    හිතාගෙන ඉද්දි අර අන්තිමට කියපු එකෙන් තමා එපා උනේ . මතක නැහැ
    අතීතය ඌට .. එක අතකට ඕක ආදරෙත් නෙවේ , කෑදරේ . කෑවම නිකන්
    හරි නෑ හරි නෑ වගේ දැනෙන කෑදරේ බන් ...



    @ hiru
    සමහරු ඉන්නවා ආයේ ගන්න දෙයක් නැහැ බේබද්දෝ .
    සමහරු ඉන්නවා නිකන් මනුස්සය table එකේ වාඩි උනත්
    " හයියෝ තමුසේ බිව්ව නේද " ගාල රටේ නැති ඒවා කියන ..

    ඔය දෙගොල්ලොම වැරදි . මෙතන බොන්න ඕනේ කියල දෙයක් නැහැ ,
    එත් හබි සාමාන්‍ය ගානට සදාචාර සම්පන්න විදිහට ඉන්න කෙනෙක් නම්
    හිරුගේ ක්‍රමේ 100% හරි .. එත් හබි ඕවර් යන කෙනෙක් නම් අනේ මන්ද
    පවුල් ජීවිත කාලකන්නිම වෙනවා...

    කොල්ලෝ විදිහට මාත් කරටි කැඩෙන්න ගහල කානු පල්ලේ බුදියන්නම ගහපු දවස් 2, 3
    තියෙනවා. ඒත් පිරිමි විදිහට හැමදාම ආතල් හොද නැත කියන දේ තේරුම් ඉන්නත් ඕනේ .
    අනිත් දේ තමා මේක හැමෝටම පොදුත් නැහැ හැමෝටම වෙන්නෙත් නැහැ , මන් ඉස්සරම
    බිව්වා , ඒ බේබදු කමට නෙවේ මට තිබ්බ වෙන ගැටළුවක් නිසා . ඇත්තටම රෑට නිදා ගන්න ඕනනිසයි බිව්වේ . පස්සේ පස්සේ වෙනද ගන්න ප්‍රමනෙන් බැරි උනා , ටික ටික වැඩි උනා . අන්තිමටහොදටම වෙරි එත් නින්ද යන්නේ නැහැ .පස්සේ මටම තේරුණා බීම විසදුමක් නෙවේ කියන දේ .ඊට පස්සේ මන් බොන්නේ නැහැ . එත් දවසක් උපන් දිනේට යාලුවෙක් එක්ක ඉද්දි බොන්න ගත්ත විතරයි" බබා ඔයා කොහෙද " කියල කෝල් එකක් ආව . බොරු කියන්න බැරි නිසා කිව්වා ටිකක් drink එකක් දාන්නන කියල .. ඔතොකොට එහා පැත්තෙන් කියා උනේ " අනේ පරිස්සමට බබා , ඔහොම බොන්න එපා ,ලගට ආවම ඔයා කොහෙවත් යන්න එපා , බොන්න ගොඩක් ආස නම් ඔයා මන් ලග ඉඳන් බොන්න " කියල ..මට පොලොව පාලන යන්න හිතුන ඒක ඇහුවම... ඉතින් බිව්වේ නැහැ මන් .ඔයාල , එයාල වගේ නෝනලා
    හම්බෙනවා නම් ගොඩක් හොදයි හැම මිනිහෙක්ටම .. එත් වෙන ගැටළුවක් නිසා අපි වෙන් වෙන්න උනා ..එත් එයාව ලබන මහත්තය වසන වන්තයෙක් ..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ඔබේ වටිනා කාලය කැප කරලා මේ වගේ කොමෙන්ටුවක් මෙහි කෙටුවට...ආදරය සහ කෑදරය හොද මාතෘකාවක්... අන් අය සමග සැසදීමට යාමත්... ලද දෙයින් සතුටු වීමට ඇති නොහැකියාවත් සාර්ථක විවාහ ජීවිත වළපල්ලට යවනවා... ආදරය බාහිර සාධක නිසා නොව අධ්‍යාත්මික හැගීමක් මත ඉපදෙනවා නම් එහි පැවැත්ම පිළිබද අවධානම අඩුයි...එහෙත් නූතන සමාජයේ අවශේෂ කාරණා තමයි බොහෝ විට ආදරය යනුවෙන් හදුන්වාගන්නෙ..

      ඔබ බොහොම හොද ආදරවන්තයෙක් බව පේනවා... ඔබෙන් වෙන් වුවත් ඇයට වෛර නොකර ඇය ලබන කෙනා වාසනාවන්තයෙක් යනුවෙන් දක්වා තිබීමම එයට ප්‍ර‍මාණවත්...

      Delete
    2. //ඔහොම බොන්න එපා ,ලගට ආවම ඔයා කොහෙවත් යන්න එපා , බොන්න ගොඩක් ආස නම් ඔයා මන් ලග ඉඳන් බොන්න "//

      සිරාට මතකද මං මේ ගැන කියපු කෑල්ල.. හි හි.. ( බබා නම් මගේ වාග් කෝෂයේ නෑ ...)

      සහන් දන්නේ නෑ නේ.. හි හි .. ඔන්න එහෙනම්...

      ගිහින් බලන්නකෝ

      Delete
    3. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම් බේබදුකම හිරුගේ ඇසින් එහෙනම් ...
      කියෙව්වා හොදට අකුරක් නෑර ..
      අර කියල තිබුණු ගෑනු ගැටේ ගැන නම් හිත ගන්න පුළුවන්. හි හි
      ඒ උනාට හිරු මහත්තයට ඔයිට වඩා නිදහසක් දෙන්න .මෙයා ඉන්න
      තාලේ මට හිත ගන්න පුළුවන් .හි හි
      පොඩ්ඩක් මගේ පැටියෝ , වස්තුවේ , සුදු බෝලයෝ වගේ ඒවා වත්
      කැරට් අල ලෙස මහත්තයාට ලබා දෙන මෙන් ඔබගේ මහත්තයා වෙනුවෙන්
      බ්ලොග් කොල්ලෝ ලෙස අපි සැවොම ඉල්ලා සිටීමු...

      Delete
    4. එච්චර කැරට් අල දෙන්න ගියොත් එයාට ටක් ගාලා තේරෙනවා මේ නම් හක්කේ දතක් ගලවන්න ලෑස්ති වෙන්නේ කියලා.. හි හි..

      Delete
    5. අනේ පලයන් හිරු... හක්කෙ දත් ගලවලාම නෑ මෙයා...

      Delete
    6. ඉතුරු වෙලා තියෙන දත් ටිකවත් පරිස්සම් කරගන්න ඕනෙලු.. හි හි...

      Delete
  23. ෂා....... ඔයාගේ යාළුවත් නියමයි අයියේ.. කවුරු මොනවා කිව්වත් මම නම් කියන්නෙ එයා සිරා ලව් ඒකනේ 15 වතාවක්ම කෙල්ලගේ පස්සෙන් ගිහින් තියෙන්නේ. අනිත් එක හොඳ කොන්ද පණ තියෙන එකෙක් එහෙම තමා ඉන්න ඕනා. හැබැයි එච්චර මහන්සි වෙලා ලබා ගත්ත ආදරේ දැන් නම් එයාට වැඩක් නැති පාටයි...සමහරක් අයට එහෙම වෙනවා මම අහලා තියෙනවා... ඒකට හොඳම උත්තරේ හිරු අක්කා දීලා ගැහැණියෙක් උනාම පිරිමියෙක්ටත් නිදහසක් දෙන්න ඕනා හැබැයි සීමාවකට. මොකො අපේ ආච්චිලා සීයලා බැඳලා තියෙන්නෙත් අඩු වයස් වලින්මනේ. ඒ පවුල් හොඳට තිබුනේ නැතෑ.. මම කියන්නේ අන්න ඒ වගේ එයලටත් ඉන්න පුළුවන්නේ.(තාම පොඩි එකියෙක් නිසා ඕවාට කට නොදමමි )තනිකඩ කමේ වාසිය උපරිම අත්විඳලා සිරා අයියාත් එහෙනම් පවුල් වෙන්නකෝ.... හි:) හි:)

    ReplyDelete
    Replies
    1. සැබෑ ආදරයක් නම් කවදාවත් වයසට යන්න බෑ... අනෙකුත් සාධක නිසා ආදරය නැති වෙන්නත් බෑ... නිලන්තයා සිරා පොරක්... වයිපරේ සමහර විට නීති රීති දාලද දන්නෙත් නෑ...

      පවුල් වෙන්න තව කාලයක් යයි නගේ...අපි එදාටම බලමු...

      Delete
  24. අපොයි මන් නම් එක සැරයයි අහන්නෙ බෑ නම් නිකන් හිටහන් කියලා නිකන් ඉන්නවා..ඒක එක අතකින් පාඩුයි..හොඳම එකකින් ඇහුවා ඒ ලෙවල් කරන කාලෙ බෑහ් කීව්වෙ..ඊළඟට හොඳ එකෙන් ඇහුවහම හා කියපි..මෙන්න දවස් දෙකකට පස්සෙ අර හොඳම එක හායි කියලා යාළුවෙක් අත පණිවිඩෙයක් එවලා...ඕන් ඕමයි සිරා ලමයො අපිට නම් උනේ..

    ReplyDelete
    Replies
    1. අන්න හරි...මමත් ඒ වගේම තමයි උපරිම වාර දෙකයි... සමහර කෙල්ලො කැමතියි අනිත් කෙල්ලන්ට පේන්න තමන්ගෙ පස්සෙන් සෑහෙන වාර ගාණක් කොල්ලා ආවට පස්සෙ කැමැත්ත දෙන්න... අපි අහුවෙයි ඕවට... ඒ නිසාම සිරා අද තනිකඩයි.....මගදි සැට් වෙච්ච ඒවත් ලෙහිලා ගියා...

      Delete
    2. වෙනියට පල කියලා කිව්වා නේද... අපි දන්නෙ නෑ ඔන්න වෙනී මාමාට තද වුනොත්.

      Delete
  25. සඳරු මලයගේ අඩුව පුරවන්න සිරා කොලුවා ඇවිදින් කියලා වෙලාවකට හිතෙනවා.
    මට නම් බන් ඔය නිලුයි සුදුයි ඉරි ඉරි ටයි කෙල්ලන්ව පේන්න බෑ. උන්ගේ හෙන ගැට්ට ! (ගැට්ට කිව්වේ පොරත්වය වගේ එහෙකට බව කරුණාවෙන් සලකන්නා

    ඊට වඩා හොඳයි තද කොල පාට ටයි කෙල්ලෝ. දන්නවා නෙහ් ??
    ඇයි අද් දිගට අඳින කෙල්ලොත් මරු ! :)

    ReplyDelete
    Replies
    1. ගම්පහ ගැට්ට වැඩියෙන් තියෙන්නෙ කොළ පාට ටයි සැට් එකට... අත් දිග කෙල්ලො නම් බොහොම විවෘතයි නොවැ... ඒ නිසා උන් ගැන නම් කියන්න වරදක් නෑ... ඉරි ඉරි සැට් එකත් නරකම නෑ බන්...මට ගොඩාක් යාලුවො හිටියෙ ඒ පාසලේ...

      වැඩේ කියන්නෙ පස්සෙ කාලෙ මට සැට් වෙච්ච තරමක් සැට් වුනේ කොළ පාට ටයි එකෙන්... පුරාවිද්‍යා උපාධිධාරිනියත් එහෙ...

      Delete
    2. කවුද ඩෝ කොල පාට ටයි එක ගැට්ට කියන්නෙ. අත් දිග උන් තමයි ලොකු සීන්. කොල ටයි නිල් ඉරි උන් හරි හොඳයි. සිරා කුකුල් කොටුවට කඩේ යන්න එපා හරිය...

      Delete
    3. පලයන් ඩෝ...උඹලා සූටි කොල්ලො ඒ කාලෙ...පස්සෙ පස්සෙ කොළ ටයි ඒ විදියට ඉන්න ඇති... අපේ කාලෙ නම් එහෙමයි... අත්දිග කෙල්ලො බොහොම විවෘතයි... ලොකු ෂෝ නෑ...අපේ අම්මත් ඉරි ඉරි ටයි එකක්...

      Delete
  26. සිරා අයියට ඉන්නෙත් සිරා යාළුවොම තමයි නේ?

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද නගේ... ලබා උපන් හැටි නොවැ...

      Delete
  27. @ sira
    මේකයි මචන් අපි බොරුවට හන්ගෝ හොරා නැතිව හිටියම හරි..
    හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා . මන් නම් මගේ එකේ
    න කියන්නේ නැහැ , මට තව නැති වෙන්න නැහැ ලැබෙන්න දේකුත් නැහැ .
    ඉස්සර ඉඳන් උන ඒවා මම දානවා මගේ බ්ලොග් එකේ , කව්රු මට මොනවා කිව්වත්
    කමක් නැහැ බන් .. මන් වැරදි ඇති එත් ඒවා දැකල මිනිහෙක් හැදෙයි නේ . ඒකයි මන්
    මේ ටික උනත් කිව්වේ . ඉස්සරම මන් ආදරේ කරපු කෙනා නැති වෙලා අතරමන් වේගෙන
    යද්දියි මට සෂු හම්බුනේ . ඉස්සර මන් අඬනවා සශුගේ ඔඩොක්කුවේ ඔලුව තියන් මට sandywa මතක් වෙනවා කියල . එත් කවදාවත් මූණ නරක කරන් ඔයාට ඔච්චර දෙයක් කරපු කෙනා පස්සේ යන්නේ ඇයි කියල නැහැ මට . මාව තේරුම් අරන් මා එක්කම හිටියා .. ගොඩක් පුදුමයි මාස දෙකකින් වගේ මට ආයෙම නැගිටින්න පුළුවන් උනා .එහෙම උනේ සෂු නිසා ..හැබැයි එදා එයා මාව තේරුම් නොගෙන හිටිය නම් අද මට මෙහෙම ඉන්න බැහැ .. ගෑනුන්ගේ ආදරේ කියන්නේ ඒකයි බන් මන් නම් කියන්නේ ..
    ඒක තමා පිරිමියෙක්ට ඕනෙත් .මිනිහව තේරුම් ගන්න පුළුවන් ගෑනියෙක් , යාලුවෙක් වගේ ගෑනියෙක් ..
    ඔතොකොට නිකන්ම ආදරේ කියන දේ එනවා ..මොනවා කරත් නෝනව මතක් වෙනවා .
    නෝනගේ හිත රිදෙයි කියල වැරද්දක් නොකර ඉන්න එක වෙන්නේ ඔතොකොට ..
    නැත්නම් වෙන්නේ කොයි වෙලේද ගෑනිගේ ඇහ වහල යන්නේ කියන එකයි වේන්නේ .
    කොහොම හරි අපි මේ මොනවා කිව්වත් වාසනාව අනුව තම ඔක්කොම වෙන්නේ ...

    ReplyDelete
  28. ""පුද්ගලික බෙහෙත් ශාලා වල බෙහෙත් නැති මහ අසික්කිත ලෙඩක් තමයි ඒක... බොලා දන්නවා නොවැ ඒකට කියන නම.... ලව් "" අපේ සිරාටත් මේ ලෙඩේ හැදී සිරා අයියටත් ඉක්මනටම අක්කා කෙනෙක් ලැබෙන්න කියලා අපෙන් සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ඔය ලෙඩේ මටත් කාලයක් බොහොම දරුණුවට හැදිලා තිබිලා දැන් හොදවෙලා තියෙන්නෙ... ඔබේ පැතුමට ස්තූතියි...

      Delete
  29. BC කොල්ලො ඔහොමයි එහෙනම් ඈ...

    ජය

    ReplyDelete
    Replies
    1. BC කොල්ලො අන්තිම වෙනකං අතඅරින්නෙ නෑ...
      බොටත් ජය!

      Delete
  30. ඇත්තටම නිලන්තයා...මොන එහෙකට අර තරම් පස්සෙන් ගියාද මන්දා... අතුරු ප්‍රතිපල එහෙම ලැබෙන නිසාවද්ද...( දෑවැද්ද එහෙම බරට තියෙන තැනක් නම්..)

    අනික ඒ නිසා ඌ ගෑනිට පන ඇරල..ගෑනිත් ඔක්කොම් රෙස්පට් තියාගෙන ඇත්තෙ.
    හැබැයි ඔහොම ජීවිත කාලෙකදි එපා වෙනව. උඹම පෝස්ට් එකක ලියල තිබුන මතකද අර යාලුවෙක්ගෙ ගෙදරක් ගැන මීට කලින් තාත්ත යාලුවෙක් වගේ ආශ්‍රය කරන. අන්න ඒවගේ ෆැමිලි හරි..සං‍තෝසෙන් ඉන්නෙ.
    ඒ වගේ ම සමහර ගෑනු පිරිමියට එහෙම සැල් එක දාගෙන ඉන්නෙ...අනිත් මිනිස්සුන්ට පේන්න..මිනිහ මම කියනදේ අහනව...මට ඕනදේ තමා එයා කරන්නෙ කියල අනිත් අයට පෙන්නන්න.
    ඒ උනාට පිරිමියට නිදහසේ ඉන්න දීල ඉන්න ගෑනු (සීමාවක් ඇතිව) තමා ගොඩක් වෙලාවට දරුවන්ගෙ නියම ආදර සැලකිලි පවා ලබන්නෙ. පිරිමියාගේ අව්‍යාජ ආදර්ණීය බව ලබන්නෙ.

    බොහෝ වෙලාවට මේව සංසාරික බැඳීම්.

    ReplyDelete
    Replies
    1. දෑවැද්ද ගැන නම් දන්නෙ නෑ වී... බොලාගෙ අදහස් වලට මමත් එකගයි... සංසාරේ පතාගෙන ආපු අය කියනවනෙ මැරෙනතුරු පණ වගේ එකට ඉන්නෙ...

      Delete
  31. //තනිකඩ කමේ අසිරිය උපරිම කල් විදලා බැරිම තැන බැදපල්ලා... //

    දැක්කද ඔය අසිරිය විදින්න බැරි වෙන්න කොල්ලො කෙලින්ම කියන්නේ ගෙදරින් අහන්න කියලා. ඒ මොකටද අපිට කෙලවන්න මිසක් !

    ReplyDelete
    Replies
    1. අන්න හරි සෑමාට තේරුනා... කෙල්ලො ගෙදරින් අහන්න කිව්වට යන්න නම් එපා පුතෝ...

      Delete
  32. නිලන්ත මරු කොල්ලෙක්. අනේ ඉතින් ඒ තරම් මහන්සි වෙලා ලබා ගත්තු කෙල්ල ගැන ඊට වඩා ආදරේකින් කතා කළා නම් හොඳයි. අනිත් එක ආදරේ කරන කාලෙ තරම් ජීවිතේ සැහැල්ලු නෑ බැන්දට පස්සෙ කියල තේරුම් අරගෙනම 15 පාරක් ඇහුව නම් හොඳයි

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මිනිහා පිස්සු බල්ලා වගේ ලව් කොරන්න දුවන කාලෙ ජීවිතේ ගැන මහා ලොකු වැටහීමක් තියෙන්න නැතුව ඇති... කසාදයක් බැන්දට පස්සෙ දරන්න වෙන වගකීම් නිසාම එහෙම හිතුනාද දන්නෙත් නෑ...

      Delete
  33. සිරා මම නම් උඹට දෙන උපදේශය තමයි... තනිකඩ කමේ අසිරිය උපරිම කල් විදලා බැරිම තැන බැදපල්ලා... :D

    හරියට හරි..(එත් තමන්ට හරියන කෙනෙක් හම්බ වුනහම ඔය ඔක්කොටම වඩා ඉක්මනට බදින්නම හිතෙනවා...බලපන්කො බොරුද කියල ළගදීම.. )

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. මේ කියන නිලන්තයාව උඹත් දන්නවා මයික්...

      උඹටත් ඔය කියන විදියට නේද උනේ....

      Delete
  34. අක්කගෙන් 15 සැරයක් අහලත් හා කිව්වෙ නැති එකේ නංගි කොහොම වෙයිද
    සිරා අපරාදෙ එක පාරෙන් වැඩේ අතෑරලා දැම්මෙ..තව ටිකක් ට්‍රයි කරන්නයි තිබුනෙ..

    ReplyDelete
    Replies
    1. සිරා ඉතිං උපරිම දෙපාරයි... නංගිත් අක්කට හපන් වෙයි කියලා ඉතිං මම ෂේප් උනා.. හික් හික්...

      Delete
  35. සිත්තමීත් කොහේ කොතැන හිටියත් සිරාව නොබල කොහොමද? නොබලම බැරි බ්ලොග් එකක් නිසා ඇවිත් යනවා සිත්තමීත්......

    බැරිම තැන බැදපල්ලා... ගොඩක්ම වයසට යනකනුත් ඉන්න එපා සිරා කොළුවෝ.......

    ReplyDelete
    Replies
    1. හම්මෝ දැක්ක කල් සිත්තමියෝ!!!

      Delete
    2. දේශකයා කියනවා වගේ සෑහෙන කාලෙකින් නොවැ ඔබතුමී දැක්කෙ... හැබෑට මක්ක කොරනවද දැන් බ්ලොගිය වල් වදින්න ඉඩ ඇරලා...ආයෙමත් ඉස්සර වගේ ලිව්වොතින් හොදා...

      සිරා කොලුවා කොහොමත් තව අවුරුදු 3කින් වගේ මංගල කේක් කෑල්ලක රහ බලන්න තමා අදහස...

      Delete
  36. //තනිකඩ කමේ අසිරිය උපරිම කල් විදලා බැරිම තැන බැදපල්ලා... // වටිනා වැදගත් අවවාදයක්..! කොහේද ඉතින් අපේ ගෙවල්වල එවුන්ට මේවා තේරෙන්නේ නැතිහැටි... අපේ බැචෙකුත් හිටියා ඔය විදියට අහපු. මම නම් හිතන්නේ ගනන් කරන්න බැරි වාර ගණනක් අහන්න ඇති. මූ සමහරදාට උදෙත් අහලා හවසත් අහනවා. කෙල්ලත් උගේම ගෲප් එකේ හිටියේ... හැබැයි අවු2කට විතර පස්සේ කෙල්ල හා කිව්වා. දැන් නම් උන් බැඳලත් එක්ක

    ReplyDelete
    Replies
    1. උදෙත් අහලා හවසත් අහනවා.... හික් හික් ආතල් කෝටියයි නොවැ... කෙල්ල කරදරේ බැරි කමටම හා කියන්න ඇති... අපේ නිලන්තයට උනා වගේ...

      අවුරුදු දෙකකට පස්සෙ අලුත් තත්වෙ කොහොමද දන්නෙ නෑ නේද...

      Delete
    2. පේන විදියට නම් එතරම් අවුලක් දැනට දිස්වන්නේ නෑ..... කොළුවා නම් පවරන සියළු වැඩකටයුතු කරගෙන සිටින නිසා

      Delete
  37. අයිසින් කේක් කතාවක් මටත් මතක්වුණා වගේ.. ලාවට..
    වටිනකම වැඩි අමාරුවෙන් ලබාගත්ත දේවල වුණත් හරි ආදරයෙන් නොවැ කතා කරලා තියෙන්නෙ ඒ ගැන.. :D

    ReplyDelete
    Replies
    1. මතක් වුනු කථාව බ්ලොගියෙ ලියන්න... අපි එන්නම් කියවන්න... ආදරය වෙහෙසිලා දිනාගත්තත් තමන් අපේක්ෂා කරන දේ ඒ තුල නැත්නම් ඉතිං එපා වෙනවා තමා...ඒක ස්වභාවය...

      Delete
  38. ඔය නිලන්තයට ගරු කරන්නද ? බනින්නද කියල හිතා ගන්න බෑ තාම.....

    ReplyDelete
    Replies
    1. ඒක හිතාගත්ත වෙලාවක එහෙනම් ආයෙමත් කොටන්න...

      Delete
  39. පිස්සුද සිරා පුලුවන් තරම් ඉක්මනින් බැඳපන්...

    ReplyDelete
    Replies
    1. ඇයි සෙන්නා අපි මෙහෙම ආතොල් එකේ ඉන්න එකට වල කපන්න හදන්නෙ... හිතක් පපුවක් නැද්ද ?

      Delete
  40. ඉතින් බන් අරූගේ නෑනව සෙට් කර ගනින්කෝ ..
    එක්කෝ අරූගේ දීගේ කැඩෙයි නැත්නම් වැඩේ කෙරෙයි ..
    මූත් නිලන්තගේ චරිතේ act කරයිද දන්නේ නැහැ ... ලොල්

    ReplyDelete
    Replies
    1. නෑනා දැනට මාස 6කට විතර පෙර දීගෙක ගියා...මම හිතන්නෙ අපි එහෙ යනකොටත් නෑනා කොල්ලෙක්ට බහ දීලා තිබුනෙ... අක්කට වඩා නෑනා ෆෝවඩ්...

      Delete
  41. ලිපිය නම් ඉතින් සුපිරි කියවන්න කියවන්න ආස හිතුනා.ඒ වගේම මේක අපිටත් හොඳ ආදර්ශයක් එක පාරක් නෙවෙයි දෙපාරක් තුන්පාරක් හරි අහන්න අදිෂ්ටානය හිතට ආවා :).

    ඒ වගේම නිලන්ත අයියා අර සිරා කොලුවට කියපු දේ ගැනත් ටිකක් හිතලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හිතලා බලපන් මලේ...ඒත් හිතට එකගව ජීවත් වෙන්න පුලුවන්/ආදරය කරන්න පුලුවන් කෙනෙක් ලැබුනොත් ඒ තියරියෙන් ඈත් වෙලා බැදපන්... මමත් හිතන් ඉන්නෙ එහෙමයි...ඒ වගේ අවස්ථාවක් මිස් කලොත් ජීවිත කාලෙම පසුතැවිලි වෙන්න වෙයි අපරාදෙ කියලා...

      Delete
  42. ලිපියනම් මරු. නිලන්තගේ උත්සාහය නම් අගය කරනවා! ඒත් ඊට පස්සේ නම් අනේ මන්දා. බඳීන්න ඕනේ නිදහසේ ඉන්න පුළුවන් කෙනෙක්ව.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි... රූපයේ රසය ටික කාලයයි... ගතිගුණ එක්ක තමා අපිට සෑහෙන කාලයක් ගණුදෙනු කරන්න වෙන්නෙ...ඒ නිසා ඒ ගැන සැළකිලිමත් වීම ඉතා වැදගත්...

      Delete
  43. අර විස්පර් පැකට් එකත් මිනිහද ගිහින් දෙන්ඩ ඕනෙ බැන්දම.. මම මේ නිකං දැනගන්න අහන්නෙ ?

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි උබ කෑමති නම් උබෙ යාලුවෙක් අතේ යවන්නත් පුලුවන්.හිහ්...

      Delete
    2. ඉන්දික ඔය දීලා තියෙන්නෙ නියම උත්තරයක්...ඒ විදියට කරපන්... නැත්නම් මාස 6කට විතර ඇති වෙන්න ගබඩා කරලා දීපන්....

      Delete
  44. උත්සහවන්තයා ජය ගනී කියන්නේ ඕකටනේ ..... :)

    ReplyDelete
    Replies
    1. අන්න තේරුනා සමනළී ට...ඒ උනාට කොල්ලා හොද නම් මෙහෙම දුක දෙන්න එපා...

      Delete
  45. මටනම් මේ කතාව තනිකරම ඛේදාන්තයක්........

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද සුමිත් අයියා... උගෙ ලැබීම වෙන්න ඇති කියලා අපි හිත හදා ගමු...

      Delete
  46. යකෝ! ජාතික කෙල්ලක්නේ!! 15 පාරක් කියන්නේ! ලේසිද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බන්... නාඩියා ළගදි දවසක කොටපන්කො අලුත් නාඩියක්...

      Delete
  47. අන්න බලපන් සත්‍ය ප්‍රෙම බෘන්ග රාජයා

    ReplyDelete
    Replies
    1. අවංක මා සැමදා දූකේ කියලා මම දැක්කා ප්‍ර‍යිවට් බස් එකකත් ගහලා තියෙනවා...

      Delete
  48. බැන්දම නම් නිදහස සීමා වෙනවා කියන එක තමන් ම තමයි හිතාගෙන ඉන්නේ.ඒ විතරක් නෙමෙයි දෙමාපියන්ගේන් බෝහෝ ඈත් වෙනවා.සමහරක් දරුවන්ට දෙමාපියන් බලන්න යන්න වෙන්නේ අවුරුද්දකට එක පාරයි.ඒ හැටි.තවත් සමහරු එක එක ප්‍රශ්ණ නිසා නොබැඳ ඉන්නවා.බැන්දා කියලා නිදහසට බධා කර ගන්න අවශ්‍ය නැ.දෙදෙනාම ඒ නිදහස බුක්ති විදින්න පුළුවන් විදියට සැලසුම් කර ගන්න ඕන.මම නම් හිතන්නේ බැන්දම තමයි නියම සුන්දරත්වය ලබන්නේ.අවබෝධය තමයි වැදගත්.හැබැයි ඉතිං මහත්තයා ට නම් සීමා දාන්න වෙන්නේ සීමාව ඉක්මවා යන විටදි.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි ගයානි... දෑවැද්දවත්, සහකරුවා/සහකාරියගෙ රූපයවත් දීර්ඝකාලීන බැදීමකට හේතු වෙන්නෙ නෑ... දෙදෙනාගෙ අදහස් වල පරස්පරතාවයන් ගලපාගෙන සහයෝගයෙන් එදිනෙදා කටයුතු පවත්වා ගන්නා ආකාරය තමා වඩා වැදගත්..

      Delete
  49. මට සැකයි ඒ කෙල්ලොන්ට ඕක ඉගැන්නුවේ සිරා අයියද කියල.... :P ඒ උනත් අන්න නියම කොල්ලෙක් කාලෙකට පස්සේ උත්සහවන්ත කොල්ලොක් දැක්කා. හැබැයි සිරාවට මටනම් පුහු මාන්නෙන් ඉන්න කෙල්ලොන්ව පේන්න බැහැ

    ReplyDelete
    Replies
    1. මට පේන්නත් බෑ බන්... සමහර කෙල්ලො කැමැත්ත ඇහුවට පස්සෙ අඩි දෙකක් උඩින් යන්නෙ... ඒ වගේ වෙලාවට ඒකිව වැඩිය ගණන් නොගෙන හිටියාම ආයෙත් පොළවෙ පය තියලා ඇවිදිනවා...

      Delete
  50. බලනකොට කෙල්ලෙක්ව දාගන්න ඒකිට ඇණයක් වෙන එකත් ප්‍රතිපල දායි ක්‍රියාවක් නොවැ ප්‍රභාගේ නංගි ගැන ආරංචියක් නැද්ද ? :D :D :D

    ReplyDelete
    Replies
    1. සමහර කෙල්ලො කොච්චර ඇණයක් වුනත් සැට් වෙන්නෙ නෑ... සමහරු නම් තියෙන කරදරේටම හා කියනවා... ප්‍ර‍භාගෙ නංගි මාස 6කට උඩදි දීගෙක ගියා බන්...දුක තමා..

      Delete
  51. අය්යෝ පල් මෝඩයෙක් ...කර්මය වලකන්න පුලුවන්ද ..ඔය මොනවා වුනත් සිරා, බඳින එක එච්චර භයානක නැහැ . වෙනද වගේම ලස්සනට ලියු ලිපියක් . එන්න එන්නම සිරා දියුණු වෙනවා . හරිම සතුටුයි ඒ ගැන

    ReplyDelete
    Replies
    1. එක වෙලාවකට එහෙමත් හිතෙනවා...ඒත් ඉතිං උගෙ හිත ගත්ත කෙනා කොහොම හරි දිනාගන්නවා කියලා ඌට හිතෙන්න ඇති...

      යකා කියන තරම් කළු නෑ නොවැ... අපිත් ඉතිං කොරලම බලන්න ඕනෙ අමාරුව..

      ඔබ හැමදාම බොහොම හෘදයාංගමව අදහස් දක්වන බව මට දැනෙනවා... බොහොම ස්තූතියි මාව හැමදාමත් ධෛර්යමත් කරනවාට...

      Delete
  52. කෙල්ල පස්සේ එච්චර ගියේ නම් බොක්කටත් එහායින් ය්නන වදින්න ඇති ලව් එක. නැත්නම් ඉකතින්බෑ කියද්දි විලිසංගයක් ඇතුව තව අහයිද අප්පා.

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. රති සාදරයෙන් කාමරයට පිළිගන්නවා...

      හිතට හරියට වැදුනා නම් ආයෙ ආපසු හැරීමක් නෑ නොවැ දිනාගෙන මිසක... ඒ දේ තමා නිලන්තයටත් උනේ...

      ඔබටත් එසේම වේවා !

      Delete
  53. මටනම් තනිකඩ කාලේ සහ විවාහක කාලේ අතර එක වෙනසයි තියෙන්නේ. තනිකඩ කාලේදී ඇඳේ දෙපැත්තෙන්ම ඇඳට නගින්න බහින්න පුළුවන් කම තිබුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා විචාරක තුමා... පස්ටයි ඒ අදහස...

      Delete
  54. කොහොම ගියත් ඇත්ත එලි වෙනවා නේද මගේ සුදු බබී?
    ඔච්චර විවෘත වෙන එකේ ඔයාගේ නීත්‍යානුකූල අවි වෙළදාම
    ශ්‍රී ලංකා යුධ හමුදාවට කරපු,එක පතුරමකින් හම්බුන ගාන , එක යුද්ධ ටැංකියකින් හම්බ කරපු ගාන,night club ගැන,TV channel එක , අර තානාපතිට කරපු දේ,ඔයාගේ නඩු අහපු ජජ් ල එක පාරට පවුල් පිටින් රට ගිය හැටි ඒ ගැනත් කියන්නකෝ.ආසයි දැනගන්න ඒවා ගැනත් සුදු බෝලයෝ.

    ReplyDelete
    Replies
    1. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වර්ගයේ ඇනෝවෙක්... බොලා මොකක් ගැනද මේ කියන්නෙ...

      Delete
    2. ප... තියාගෙන ඇ. දෙ. න් කෙලින කොන්ද පන නැති ගෙම්බෝ. කියන දෙයක් තේරෙන විදිහට කියපන්. මම ඇනෝ අවේ තොත් ඇනෝ ආව නිසයි. සිරෝ, මේ ඇනෝව නිකම් යවන්න එපා.

      Delete
    3. මට තාම වැටහෙන්නෙ නෑ... මොකක්ද මේ හරුපෙ කියලා... ඇනෝ කෙලින්ම කියන දෙයක් කිව්වොත් හොදා...

      Delete
  55. අඩෝ සිරා උබ මගේ සීන් එලියට දැම්මට , මාත් බ්ලොගක් පටන් අරන් උබේ සේරම කෙරුවාව ගැන ලියන්නම් හිටපිය සිරා !

    ReplyDelete
    Replies
    1. අන්න හරි...එහෙම එන්න... ඔබ ලියන ඒවා කියවන්නට මම පුල පුලා බලා සිටිමි...

      Delete
  56. ඔයා හරි නරකයි අනේ ...

    ReplyDelete
  57. අම්මෝ... කසාදේ.....

    "මන් බඳින්නේ නෑ. මට දුක් විඳින්න බෑ." මැක්ස්වෙල් කියන්නෙත් ඒ නිසා වෙන්නැති.

    ඔන්න මන් ප්‍රොෆයිල් එකෙන්ම ආවා. දැන් සද්ද බෑ. හරිය.....
    (මොනා උනත් මාත් ඔහොම තමයි බන්. අපේ පැත්තේ එන්නත්නම් සැලකිල්ල අඩු වෙනවා. කමෙන්ට් වලට රිප්ලයි නැත්නම් එපා වෙනවා. හොරෙන් යන එන එක අඩු කරන්න ඕනි.)

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සද්දෙ දාන්නම ඕනෙ ඉතිං මේ පැත්තට ගෙන්න ගන්න... හොරෙන් ඇවිත් යන්න ඔට්ටු නෑ අරිද ?

      කසාදේ තමා අපේ විනාසේ කියලත් සමහරු කියනවා නේද... ඔබටත් ජය!

      Delete
  58. කෙල්ලන්ගේ ගණන් තමා ගණන්. කවුද දන්නේ මෙච්චර ගණන් ඉගෙන්නුවේ. පයිතගරස්ද දනෙන නැහැ :P

    මොනවා වුණත් කොල්ල දහිරියවන්තයා. ඇත්තටම කෙල්ල ගණන් උස්සලා තියෙන්නේ ඇයි ??

    ReplyDelete
    Replies
    1. පයිතගරස්ගෙත් තාත්ත වෙන්ට ඕනෙ ඒකිට ගණන් උගන්නලා තියෙන්නෙ...

      කෙල්ල ගණන් ඉස්සුවෙ ඇයි කියලා තමා පුරස්නෙ... ආයෙ නිලන්තයා හමු උනාම අහන්න ඕනෙ ප්‍ර‍ශ්නයක්...

      Delete
  59. මල්ලි උඹට කියන්න, මගේ ජංගි මිත්‍රයෙක් වෙච්චි හෙට්ටියාගෙන් දැං අවුරුදු 35ක් වෙලත් කසාද බදින්නෙ නැත්තෙ ඇයි කියල ඇහුවාම ඌ කීවෙ . . . අඩෝ කසාද බදිනව කියන්නෙ හොදට හිතල හිතල ජීවිතේ අවසාන කාලෙදි වෙන කරගන්නම දෙයක් නැති උනාම කලයුතු වැඩක් කියල . . .ඒ වෙලාවෙ ඌට හිනා උනාට දැං වැටහෙනව ඒක ඇත්ත කියල

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා ඕනයා අයියා...

      හෙට්ටියාගෙ කථාව ඇත්ත වෙන්න පුලුවන්... නිලන්තයා කට්ට කාලා කාලා බැදලා අවුරුද්දක් යන්න කලිං ඔය කියලා තියෙන්නෙත් ඒ කථාවම නොවැ...

      Delete
  60. Sirage katha nam sira. AMMAPA!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අවංකවම එසේ කියනවා නම් බොහොම සන්තෝෂයි...

      Delete
  61. අම්මපා තනිකඩ කමේ අසිරිය තේරෙන්නෙ කවද හරි බැඳපු දවසට තමා... ;)

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් ගත්ත දවසට ආයෙමත් තනිකඩ වෙන්න හිතුනොත් තමා ඉතිං ප්‍රශ්නෙ...

      Delete
  62. යකෝ අදහන්න වටින ගටක් තියෙන එකෙක්නෙ බන් නිලන්තයා....

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද ? අපි කෙල්ලෙක්ගෙන් අහන්න භයේ ඇඹරෙනකොට මේකා ගානක්වත් නැතුව ඒ වැඩේ කරනවා..

      Delete
  63. ප්‍රියදර්ශනMarch 18, 2014 at 1:12 PM

    සිරාගෙ කාමරයට මම අලුත්........... හරිම ලස්සනයි කාමරය...........
    මමත් ගියා යාලුවෙකුගෙ වැඩකට ඔය වගේ ගමනක් .........හැන්දෑවකයි ගියේ........ ඒකෙත් කෙල්ල තමයි කිව්වෙ ඇවිල්ල ගෙදරින් අහන්න කියල........ ඉතිං මමත් ඔය වගේම යාලුවට නැතිවෙන්න උපදෙස් දීල එහෙ ගියා........ මගෙ යාලුව ඒ දවස් වල බොයිලර් ඔපරේටර් කෙනෙක්............ කෙල්ලගෙ තාත්තත් පෙන්ෂන් ගිය බොයිලර් ඔපරේටර් කෙනෙක්...... ගිය වැඩේ පැත්තක......... මෙන්න අනාගත මාමයි බෑනයි බොයිලර් ගැන කතාව........... මම මාර ගේමක් දීල කතාව හරිපාරට ගත්ත................ කෙල්ලගෙ තාත්තයි අම්මයි කිව්ව කෙල්ල කැමතිනම් ඒ දෙන්නගෙ අකමැත්තක් නෑ කියල.......... වැඩේ ගොඩනෙ....... කලින් කතාකරගත්තු විදිහට මාමන්ඩිටයි නැන්දම්මටයි වැඳල ආපහු ආව......... යාලුවගෙ මොටෝබයික් එකේ තමයි ගියේ.............. හින්දි චිත්‍රපටි බොළඳ නෑ කියල තේරෙන්න මේ වෙලාවට තමයි.......... කෙල්ලගේ ගෙදරින් ලැබුණු ධනාත්මක උත්තරයට ‍‍ෙෆා්ම් වුණු යාලුව ආවෙ නැතෑ මොටෝ බයික් එක අත ඇරල හින්දි සින්දුවක් කියාගෙනග............
    පස්සෙ යාලුව ප්ලෑන් කරල ආයෙ කෙල්ලගෙන් ඇහුව............ මල් හතයි, ගල් ගොඩයි..කෙල්ල බෑ කියපි......... හැබැයි නිලන්තයට වගේ එල කෙල්ලො ටිකක් හිටියෙ නෑ අපට අර වගේ අස්සවන්න............ ඔන්න කෙල්ලො...........

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා සෑහෙන දවසක් ගියාට පස්සෙ හරි....පරණ පෝස්ට් වලට වැටෙන කමෙන්ට් දකින්නෙ ඉදලා හිටලා ඒකයි කාරණාව.

      ඇත්තටම සමහර දැරිවියො තමන්ගෙ අනාගත සහකරුවා ගැන යම් කිසි චිත්‍රයක් හිතේ මවාගෙන ඉන්නෙ...ඒ චිත්‍රයට කිසිලෙසකින් නොගැලපෙන කෙනෙක් ඇය සමග සබදතාවක් ගොඩ නගා ගන්න හැදුවොත් බොහෝ විට මේ වගේ කටු කන්න තමයි පෙම්බරාට වෙන්නෙ.

      Delete
  64. මල් තියල වඳින්න ඕනේ බං බොට....

    ReplyDelete
    Replies
    1. මම එහෙමයි බං...ප්‍රේම කරපු උන්ට...සෑහෙන්න තල්ලුව දිලා තියෙනවා.

      Delete
  65. දෙයියනේ..යසෝදරාවේ කෙල්ලො හෙන අහිංසකයි කියලනේ මං හිතං හිටියේ!!

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...