අද කියන්න යන්නෙ 2001 වර්ෂයෙ සිදුවුන අවාසනාවට ඇත්ත කථාවක්... මේ වසරෙ සිරා අ.පො.ස උ/පෙ විභාගයට පෙනී සිටි නිසා බොහොම වැර වීරියෙන් පාඩම් කරමින් සිටි කාලයක්... ගෙදර වටේම උන් රාත්තිරියට මහ හයියෙන් ටෙලි ජවනිකා ආදිය බලන නිසා සිරා ඇතුලු මිතුරො සැට් එක සෙට් උනා පාඩම් කරන්න අපේ පළාතෙ පන්සලකට... මේ කියන පන්සලේ නායක හිමියනුත් ඒ අවදියේ අපේ පාසලේ ගුරු මණ්ඩලයේ සේවය කල නිසාත්, අපි තුමාලා අපේ ඉසව්වෙ වැදගත් දෙමාපියන්ගෙ බෝ පැළ වගේ දරුවො ටිකක් නිසාත්, අපි අහන සැනින් අවසරය ලැබුනා...
පුෂ්පෙ,නගා,වනිගෙ,රුවන්,අකිල, චින්තක ඔන්න සැට් එකේ නම්... නගා කිව්වෙත් කොලුවෙක්.. උගෙ වැඩ නිසා තමයි ඒ තරම් මසුරන් නමක් ඌට යෙදුනෙ.. මේ අය අතරින් රුවන් කන්තලේ , චින්තක පොළොන්නරුව වගේ ඈත පළාත් වල අය, ගම්පහ ප්‍රදේශයේ පවතින හොද යයි සම්මත අතිරේක පන්ති වලට සහභාගි වෙන්න චින්තක පන්සලේ නතර වෙලා හිටියෙ... රුවන් අපේ පන්තියේ එකෙක්...සැට් එකම හවස 6ට විතර පාඩම් කරන තැනදි හම්බවෙනවා... අකිලත් පන්සලේ නැවතිලා හිටියෙ... උගෙ ගම් පළාත ගම්පහ උනත් කොල්ලො රැලට වැටිලා රස්තියාදුවෙ යන නිසා උගෙ දෙමව්පියො බලෙන්ම වගේ ඒකව පන්සලේ නවත්තලා තිබුනෙ.
පුෂ්පෙ පන්සල ලගම එකා නිසා හවසට එන්නෙ විශාල උණුවතුර ප්ලාස්කුවක කට කපලා තේ එකක් අරගෙන... පාඩම් කරන්න ගත්ත මුල් දවස් වල පැය දෙකට තේ එක ඉවර කරලා හැමෝම නිදාගත්ත... පස්සෙ පස්සෙ ඒ ගතිය නැති වෙලා හැමෝම උනන්දුවෙන් වැඩ කොලා. පන්සලේ නැවතිලා හිටිය අයට තිබුනා දෛනික කාල සටහනක් ලොකු හාමුදුරුවො සකස් කල...
අවදි වීම උදේ 5.00, දත කට මැදගෙන පිරිසිදු වීමෙන් අනතුරුව මිදුල ඇමදීම/මල් ආසන පිරිසිදු කිරීම ආදී කාර්යයන්/ ඉන් පස්සෙ පාසල් හෝ පන්ති සදහා සහභාගි වීම, සවස් කාලයේ මල් පැල වලට වතුර දැමීම ආදි කාර්යයන්, මේ පන්සලේ නායක හාමුදුරුවන් උඩරට පළාතක කෙනෙක් හින්දා ඒ පළාත් වලින් ගෙනල්ලා හිටවලා තිබුනා ලස්සන මල් වර්ග බොහෝමයක්... කෙසේ හෝ මොන වැඩේ තිබුනත් පන්සලේ උන් රාත්‍රී 7 වෙනකොට පාඩම් කරන්න ඉදගන්න ඕනෙ...ඒක තමයි නීතිය.. හාමුදුරුවො රාත්‍රියට ආහාර අනුභවයක් නැති නිසා උන්ට රාත්‍රී ආහාර නෑ... කැමති දෙයක් කඩෙන් කන්න පුලුවන්.... ලොකු හාමුදුරුවො පන්සලේ ඉන්නවා නම් රුවන්,චින්තක වගේම අකිල ගොයියත් මේ නීති අකුරටම පිළිපැද්දා....
නමුත් හිටපු ගමන් ලොකු හාමුදුරුවො විදේශ ගත වෙනවා මාස 2ක් හෝ 3ක් වගේ කාලයකට, මේ වගේ අවස්ථා වල ඒ ගමන පිටත්වෙන්න කලින් පන්සලේ වැඩ වාසය කල අනිත් හිමි වරුන් දෙදෙනාට වගේම නැවතිලා සිටි ගිහි අයටත් සෑහෙන උපදෙස් කන්දරාවක් දීලා තමයි උන් වහන්සේ ඒ ගමන වඩින්නෙ. ලොකු හාමුදුරුවො නැති කල රුවන් ,අකිල වගේම චින්තකයත් පුදුම සතුටෙන් ඉන්නෙ... කාල සටහනක් තිබ්බද කියලත් උන්ට ඒ කාලෙට මතකයක් නෑ...
ඒ වගේ කාලෙට රුවනගෙ සාමාන්‍ය කථා බහ මෙහෙමයි....
පුෂ්පෙ උඹ තේ එක ගෙනා එක හොදයි... අද පන්සලට ලැබුනා කැවුම් කෙහෙල්ගෙඩි තොගයක්... මම රෑ වෙලා ගේන්නම්....මෙන්න සයිස් ආනමාලු... හෙට උදේට පොඩි මහත්තයලගෙ ගෙදරින් දානෙ... පොඩි මහත්තයාගෙ චූටි දුවවත් බලලා ඉදි ආප්ප ටිකකුත් කාලා යන්න ඉදපල්ලා උඹලට පරක්කු නැත්නම්...
තවත් දවසක හැන්දෑවෙ 6 ට පමණ
මට අද නිදිමතයි බන් මම නිදා ගන්නවා... උඹලා රෑ වෙලා තැඹිලි බාන වෙලාවට මට කථා කරපන්... මම මන්නෙකුත් අරන් එන්නම් තැඹිලි කපන්න....
පන්සලේ වාසය කල අනෙක් හිමිවරුන් දෙන්නා රාත්‍රියේ ආවාසෙන් එළියට එන්නෙත් නැති නිසා පන්සලම අපේ වගේ...
දවසක් වනිගෙ
අපේ ගෙදර ඉස්සරහා රෙඩ් ෆාම් පැලයක් හිටෙව්වොත් ලස්සනයි බන් ගලවමුද පැලයක් හාමුදුරුවො නැති එකේ....
ගිණි පෙට්ටියක් අවසන් වෙනතුරු ගිණි කූරු එළියෙන් කඩි ප්‍රහාර වලට ලක් වෙවී අත් වලින් මල් පෝච්චි හාරමින් එදා රෙඩ් ෆාම් පැල ගැලෙව්වා...
තවත් දවසක
අර පාට දෙකේ බෝගන්විලා මල් ලස්සනයි නේද බන්... ගලවමුද ඒකෙනුත් පැලයක්... අර ආවාසෙ කිට්ටුව ගහේ එල්ලලා තියෙන මුට්ටියෙ තියෙන වී ඇට වගේ ගහත් ලස්සනයි... ඒකෙනුත් පැලයක් ගලවමු... මේ විදියට පන්සල පුරාම මල් පෝච්චි වලින් හැම රැයකම පැල එකින් එක අතුරුදහන් උනා..
සමහර දිණ වලට පුෂ්පෙ
මචං නිදිමතයි බන්... හොද පැහිච්ච තැඹිලි වල්ලක් තිබුනා පඩිපෙළ ලග ගහේ, රුවාට කථා කරලා පිහියක් ඉල්ලලා දීපන් මම ගහට නගින්න....
ඔන්න ඉතිං ඒ වගේ දවස්වලට රුවා නාහින් අඩ අඩා කඩා හැලෙන සරන් කොටයත් උස්සගෙන මන්නයත් අරන් වැනි වැනි ඇවිල්ලා මෙහෙම කියනවා...
යකෝ තාම රෑ 11 යි. උඹලා වෙනදා 2ට විතරනෙ බන් තැඹිලි කඩන්නෙ...මට අද ඉස්සරහා ගහෙන් කුරුම්බයක් කඩලා දීපන් හොදද.... එතකොටම ඌට ප්‍රතිඋත්තර ලෙස ලැබෙන කුණුහරුප සංග්‍රහයෙන් අනතුරුව .... ආ එහෙනං කාරි නෑ මටත් තැඹිලි ගෙඩියක්ම කපලා දීපන් කියලා ඌ ගහ ළග ඇන තියා ගන්නවා...
සමහර දවස් වලට නගා (මිනිහා නිකන් ළදක් වගේ තමයි කථා කරන්නෙ...)
ඒයි යමන්කො බන් චූ පාරක් දාලා එන්න......
එවිට අනිත් උන් අතරින් එකෙක්...
මොන මගුලක්ද බොල... ආපු වෙලේ ඉදන් තේ බොනවා ඉවරයක් නෑ... ඔය තේ බීම අඩු කරපන් අපිට වද නොදී... උඹට හුජ්ජ බර නම් ගිහින් කොරගනින්කො අපේ ආතල් කඩන්නෙ නැතුව... මම මේ අරයගෙ ව්‍යාපෘති වාර්තාව හදනවා... නැත්නම් හෙට මීට් වෙලා ඉවරයි...
පරාජය පිළිනොගන්නා නගා...
මම කලුවරට බය හින්දනේ බන් උඹලට කථා කලේ.... උඹලා එන්නෙ නැත්නම් මම මෙතනම කරනවා...
නගාගෙ තර්ජනාංගුලිය හමුවේ ඌට බැන බැනා එකෙක් උගෙ පසුපස යාම සාමාන්‍ය සම්ප්‍රදාය....
ඔන්න දවසක් ලොකු හාමුදුරුවො විදේශ ගමනක් නිම කරලා ලංකාවට සැපත් වෙලා... කඨින පිංකම හින්දා පහුවදා ශ්‍රමදානයක් ලෑස්ති කරලා පන්සල ශුද්ධ පවිත්‍ර කොරන්න. අපිත් ඉතිං බෑ නොකියා සහභාගි වුනා.
ශ්‍රමදානය දවසෙ ලොකු හාමුදුරුවො
රුවන් අර තැඹිලි ගහේ ගෙඩි අස්සෙන් මොකක්ද පේන්නෙ......
රුවන් - මන්නයක් වගෙයි හාමුදුරුවනේ....
ලොකු හාමුදුරුවො - පන්සලේ මන්නෙ මෙතනට නිකම්ම වැඩියද ? ගෝලයෝ නිකං ඉදලා නෑ වගේ මම හිටපු නැති දොහේ... කවුද ගස් බඩගෑවෙ ?
රුවන් - හන්දියෙ ගෙදර පුෂ්පෙ තමා කැඩුවෙ.... අපිත් ඉතිං ඔක්කොම හවුල් උනා...
ලොකු හාමුදුරුවො - පුෂ්ප පුතේ.... අර ඊට මෙහායින් තියෙන තැඹිලි වල්ලත් හොදට පැහිලා... ඒකත් කඹයක් දාලා බාගෙන බොන්න... නිකං පොල් වෙන්න අරින්න ඕනයෑ නේද? පරිස්සමෙන් ගහට බඩගාන්න පුතේ... රෑ දෙගොඩ හරියෙ ගස් බඩගානවා වගේ නෙමෙයිනෙ නේද ?
එදා ඉතිං පුෂ්පයා මහ දවාලෙ ගස් බඩගාලා ඉක්මනට තැඹිලි වල්ල බිමට සම්ප්‍රාප්ත කොලා.... ඊට පෙර දවසක වැරදීමකින් ගහේ දාලා ආපු මන්නයත් එක්කම...
ඔන්න ඉතිං මේ වගේ සිද්ධි අතරින් ඉතා රසවත්ව හැන්දෑවට හැන්දෑවට පන්සලේ පාඩම් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා... සමහර දවස් වලට ලොකු හාමුදුරුවෝම ඒ අයට ලැබෙන වැඩිපුර කෑම බීම අපිට ලබා දෙනවා... තවත් දවසක රාත්‍රී යාමේ හොරෙන් නැගිටලා බලාගෙන ඉන්නවා පන්සලේ උන් 3 දෙනා පාඩම් කරනවද නිදිද කියලා....
සිරිත් පරිදි මේ කියන දවසෙත් අපේ සැට් එක පාඩම් කොරමින් හිටියෙ... රාත්තිරී 11 ට විතර පන්සලට යාබද නිවසක කෙල්ලෙක් යටි ගිරියෙන් කෑ ගහන සද්දයක් ඇහිලා හැමෝම තුෂ්නිම්භූත වුනා.... විනාඩි දෙක තුනක් ඇවෑමෙන් සද්දෙ නතර වුනේ ලොකු කෑ කෝ ගැසීමක් එක්ක.... එදා ලොකු හාමුදුරුවො පන්සලේ වැඩ සිටියෙ නැති දවසක්...
සද්දෙ ආපු නිවසේ වෙසෙන්නෙ ඉටි රූප දෙකක් වගේ ගැටිස්සියො දෙන්නෙක්... ගම්පහ ප්‍රධාන කාන්තා පාසලක ඉගෙන ගත්තෙ.. උන්ට යමක් කමක් තිබුන නිසාත්... රූපයෙන් සෑහෙන්න ලස්සන නිසාත් අපි වගේ කබ්බො සත පහකට ගනන් ගත්තෙ නෑ... පාරෙදි දැක්කත් මූණක් වත් බැලුවෙ නෑ....
කාමරේ නිදියගෙන හිටිය රුවන් වෙඩි වැදුන ඌරෙක් වගේ එකසැරේම පාඩම් කරන තැනට දුවගෙන ආවෙ කාටද බන් යකා ගැහුවෙ කියලා අහගෙන... ඌත් එක්කම ආවා පන්සලේ හැදෙන පින්ගොනා වගේ ඉන්න බොක්සර් වර්ගයේ දඩෝරියා.....මේකා පන්සලේ ඉන්න නිසා හරිම හීලෑයි... අපිත් ඉතිං පාඩම පැත්තක දාලා අඩියට දෙකට අතට අහුවෙන ඉදල, කොස්ස, සවල,රේක්කෙ ආදිය අරගෙන පන්සල් වැට පැන්නා...දඩෝරියත් අපිත් එක්ක ආවා...
හැබෑටම ඊට පස්සෙ මොකද උනේ ? තරහා නැතුව ඒ ටික ඊළග දවසෙ කියවමුද ?
මම සයිබරයේ අලුත් මිතුරා සිරා
ප.ලි
සාංඝික දේ ගැනීම එක්තරා පවකි... ඒ නිසාමදෝ අපේ උන් හිටවපු කිසිම පැළයක් දිගු ආයුෂ වින්දේ නැත.
දිණ කීපයක් නිවසින් බැහැරව යන නිසා උත්තර බැදීමේදි සිදුවන පමාව පිළිබද සමාව භජනය කරන්න..
පාඩම් කරපු නඩෙන් කැම්පස් ගියේ එකෙකි... අනිත් උන් ද කැම්පස් නොගියාට වෘත්තීය ජීවිත ජයගෙන ඇත.
ලොකු හාමුදුරුවෝ කොල්ලෝ ටික විභාගයෙන් ගොඩ දාන්න ලොකු කැපවීමක් කරලා තියෙන පාටයි
ReplyDeleteමොනවා කියනවද... අපිව පන්සලෙන් එළවපු නැති එකම ලොකු දෙයක්...
Deleteපට්ට ආතල් බං ඔය වගේ සීන් පස්සෙ මතක් වෙනකොට. :))මොනව උනත් ලොකු හාමුදුරුවොත් කොල්ලන් ගේ මානසිකත්වය හොඳට තේරුම් අරන් තියනව.
ReplyDeleteඔව් ඔව් උන්වහන්සේ බොහොම සන්සුන්.... කැළඹෙන්නෙ නෑ... අපි වගේ...
Deleteඅනේ සිරො උබ අපෙ කුතුහලය උපරිමෙට අවුස්සල නවත්තලා බන්
ReplyDeleteඊළග කොටසින් කුතුහලය බින්දුවටම බස්සනකන් ඉමු නේද...
Deleteනියම හාමුදුරු කෙනෙක් බං..ඉස්සර හිටිය ඕහොම ඇත්තො දැන් නැහැ..බේතකටවත්...!!
ReplyDeleteමේ කියපු ලොකු හාමුදුරුවො මහලු කෙනෙක් නෙමෙයි... විශ්වවිද්‍යාල අධ්‍යාපනය එහෙම ලබපු මැදි වයසෙ කෙනෙක්...
Deleteසිරා සිරා ,, උබේ කතාවත් සිරා.
ReplyDeleteඅනිත් කොටසත් කියමු.
ඉක්මනටම එවන්නං ඊළග කොටසත්....
Deleteෂිහ්.. උඹ කෑවනෙ ආතල් එක... දැන් ඉතින් බලන් ඉඳපල්ලකො...
ReplyDeleteමටත් මතක් වුනේ ඔහොම එකතු වෙලා පාඩම් කරපු කාලය..අපි පාඩම් කරපු කාලේ තමා සිරස ආවෙ.. මට මතකයි සින්දු දාගන ගනන් හදපු හැටි...දැන් නම් සිරස දාගන පාඩම් කරන්ඩ බෑ මයෙ හිතේ..
නෑ නෑ ආතල් එක මීළග කොටසෙදි ආයෙමත් සැට් වේවි...
Deleteකවුරු කොච්චර සිරසට බැන්නත් සමීක්ෂණ වාර්තා අනුව ලංකාවෙ වැඩිදෙනා නරඹන රූපවාහිනී සේවාවත්... වැඩි දෙනා සවන් දෙන ගුවන් විදුලි සේවාවත් සිරස වේ.
//මට අද නිදිමතයි බන් මම නිදා ගන්නවා... උඹලා රෑ වෙලා තැඹිලි බාන වෙලාවට මට කථා කරපන්... මම මන්නෙකුත් අරන් එන්නම් තැඹිලි කපන්න....//
ReplyDeleteඅන්න එහෙමයි පාඩම් කරන්න ඕන.....
ලොකු හාමුදුරුවෝ අරෙහෙම කිව්වම පුෂ්පෙට හරාකිරි කරගන්න හිතුනෙ නැති එකනෙ පුදුමෙ....
සුමිත් අයියා මොකක්ද හැබෑටම හරාකිරි කිව්වෙ... දන්නෙ නැති නිසා ඇහුවෙ...
Deleteකෙල්ලගේ සීන් එක නොදාපු එක මම තරයේ හෙලා දකිනවා..
ReplyDeleteආතල් එක ඒම්පිටිංම කඩලා දැම්මා..
නෙදකිං..
ආතල් එක මෙව්වා වීම පිළිබද මාගේ බලවත් සංවේගය...
Deleteකොටියම කාපිය ... හොඳම කොටසින් නවත්තලා ශික්...:D
ReplyDeleteනැත නැත නැවතීමක් නැත... ඉදිරි දිනෙක නොවැරදීම එනවා...
Deleteහි හි,,,,මේ පෝස්ට් එක කියවල මටත් පාඩම් කරපු කතා වගයක් මතක් උනා.වෙලාවක ලියන්න ඕන...:)
ReplyDeleteලියන්න අපිත් ආසයි ඒ ගැනත් දැනගන්න...
Deleteතව ටිකක් කල් හිටියනං ලොකු හාමුදුරුවොත් උස්සල තමයි නවත්තන්නෙ.
ReplyDelete:))
Deleteහා හා තව ටිකක් කල් හිටියා නම් අපේ උන් පරාල වලට විකුණයි තැඹිලි ගස් ටිකත්...
Deleteහය්යු..මගේ රසඥතාවය..ඉවරයිනේ..ඉතුරු ටික ඉක්මනට දාන්නකෝ...
ReplyDeleteරසඥතාවය මොට කරගන්න එපා සහෝදරිය... ඉක්මනටම දාන්නම් ඉතුරු ටික...
Deleteපට්ට පට පට අපිත් ඔහොම්ම තම කොලු කාලෙ නෙ
ReplyDeleteකාමරයට සාදරෙයන් පිළිගන්නවා....
Deleteඔහොම වැඩක් ඉතිං ඉදලා හිටලා කොරපු හින්දනේ අද මතක් කරද්දි පොඩි මෙව්වා එකක් තියෙන්නෙ...
අමුදුම ලිවිල්ලක්... ඒකයි ලස්සන..
ReplyDeleteඔබ වැනි ජේෂ්ඨ බ්ලොග්කරුවකුගෙන් එසේ අසන්නට ලැබීමත් සතුටක්... ස්තූතියි...
Deleteඅපේ ඉස්කොලේ කොල්ලෙක්ලුනේ... මොකද්ද සිරා පන්සල? :-))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මේ පන්සල වනාහි විවේකාරාමය නම් වෙයි.... තියෙන තැන කියන්නට සිත අදිමදි කොරයි.. මන්ද මේ කියූ නම් ගම් ඇත්තම ඒවායි...
Deleteඑල කතා ටික... අපෝ මෙන්න මෙතනින් නවත්තලා.. අපේ බෝඩිමේ හිටියා මෙගා බෝතලේකට චු දාන එකෙක්.. :D
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
මෙගා බෝතලේට චූ දාන එකාගෙ නැද්ද රසවත් සිදුවීම්...
Deleteමටත් මේ වගේ තැඹිලි බාල ලොකු හාමුදුරුවොන්ට මාට්ටු වෙච්ච් කතාවක් තියෙනව. පස්සේ දාන්නම්.
ReplyDeleteඒ සිදුවීමත් ලියමුකෝ එහෙනම් බලන්න...
Deleteමොන මගුලක්ද හොඳම හරියට එනකොට කතාව ඉවර උනා. ග්ර්ර්....
ReplyDeleteඑහෙම තමා කුතුහලය රදවා ගන්න එපෑ... චිත්‍රපටි වලත් හොදම හරියෙදි නොවැ ඉන්ටර්වල් දෙන්නෙ...
DeleteHi, this weekend is good in support of me, because this
ReplyDeleteoccasion i am reading this fantastic educational post here at my house.
Have a look at my page :: This Link
"i am reading this fantastic educational post here"
DeleteHey dude you are kidding with me... anyhow warmly welcome to the Sirage kamare and thanks for your kind comment... sure i will be coming to see your space in cyber space through your link...
Have a nice time..
මගේ දහම්පාසල් ජීවිතේ මතක්වුනා.. හයියෝ අපි කරපු දේවල්.. අපි එහෙම පන්සලේ නතර වුනා නම් හාමුදුරුවෝ පන්සල දාල යනවා ටක්කෙටම..
ReplyDeleteඒ කාලෙ සිදුවෙච්ච රසවත් දේවල් එහෙම නැද්ද ක්සැන්ඩර්.. ආ ආ වැරදුනා ඇලෙක්සැන්ඩර්...
Deleteඅපි ඒ දවස්වල පන්සලෙන් තේකක් වත් බිවුවෙ නෑ බං.ඒ තරමට බයයි.
ReplyDeleteජේෂ්ඨ නායකහාමුදුරු වරු ඉස්සරහා අපිත් මීයට පිම්බා වගේ තමා හැසිරෙන්නෙ... මේ කියන ලොකු හාමුදුරුවො කොල්ලන්ගෙ සිතුම් පැතුම් හදුනගත්ත මැදි වයසේ කෙනක් නිසා තමයි අපිට මෙහෙම චෑන්ස් එකක් වැදුනෙ...
Deleteබදුවතුගොඩ , කරනයකමුල්ල අතර තියන පන්සල ගැනද කියන්නෙ, කතාවනම් ගැලපෙනව එතෙන්ට,
ReplyDeleteනෑ නෑ එහෙම පන්සලක් ගැන නෙමෙයි... මේ පන්සල තියෙන්නෙ ගම්පහ - ජා-ඇල පාරෙ..
Deleteපාඩම් කරපු අතීතය මතක උනා ආයෙමත්......
ReplyDeleteඒ අතර රසවත් සිදුවීම් තියෙනවා නම් ලියන්න...
Deleteහය්යූ....මොකද අනේ ඉවර කලේ ඉතුරු ටික ඉක්මනට ඔනේ
ReplyDeleteහරි හරි ඉක්මනටම දෙනවා..
Deleteපාඩම් කරලා තියන තරම්...ලස්සන අතීතයක් නේද? :D
ReplyDeleteසත්තකින්ම ලස්සන අතීතයක්...
Deleteඅයියෝ ඉතුරු ටික කෝ......ඉක්මනට ඕන
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteඒ ටිකත් ඉක්මනටම දානවෝ...
ආ ආ ආ ආ .... මේ ච .... හාමුදුරුවන්ගේ පන්සලෙනේ ... හක හක හක ...
ReplyDeleteඔබ නිවැරදියි... චමීර...
Deleteනියම කථාව...
ReplyDeleteස්තූතියි චමී4යූ....
Deleteනසියා, පුළුවන්නම් ඇත්තම කියපන්..... උඹලගෙන් එකෙකුටවත් වෙන මොනවත්ම කරදරයක් වුනේ නැද්ද?
ReplyDeleteඋඹ කියන ජාතියෙ කරදර අපි කාටවත් උනේ නෑ... හැබැයි වෙන උන්ට නම් වෙලා තියෙනවලු....
Deleteහික් හික් හික්... මුන්ටත් වැඩේ වෙලා කිව්වේ නැතුවට....
Deleteඉන්දියාවෙ ඉදන් තව දුරටත් බත් කන්න දත් ටික ඕනෙද ?
Deleteසුදු ළුණු පොඩි කොරන්ඩ එපා. කේන්ති ගන්ඩ දෙයක් කිව්වෙ නෑනෙ
Deleteකවුද බන් කේන්ති ගත්තෙ... පොඩි විහිලුවක් කලේ...
Deletemachan, akilaya gena aranchiyak thiyenawada? (school friend kenek)
ReplyDeleteඌ කසාද බැන්ද විතරයි අන්තරස් දාන වෙලා කොහෙ ඉන්නවද දන්නෙ නෑ...
Deleteඅඩේ මට මේක මිස් වෙලානේ... දැනුයි දැක්කේ එල කථාව...ඈ
ReplyDeleteස්තූතියි... චමී... ඊළග කොටසත් බලන්න...
Deleteමේ වගේ ගති ගුණ තියෙන හාමුදුරුවරු තව ඉන්නවා කියලා අහන්න ලැබෙන එකත් වාසනාවක්. .. මොනව වුනත් පන්සල් වත්තේ ගස් වලට හානි කරපු ඒ නම් ඒ හැටි හොඳ නෑ හරිය
ReplyDeleteදුකා අයියා දැකීමත් සතුටක්... ඕගොල්ලන්ගෙ බ්ලොග් කියවලා තමයි සිරා කොලුවටත් බ්ලොග් ලියන උණක් හැදුනෙ....
Deleteඒ වගේ හාමුදුරුවරු නම් ඇත්තටම අඩුයි.... ඒක ඇත්ත... මොකද බහුතරයක් අය තමන්ගෙ ළමා කාලය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් මැදි වයසට ආපසු අමතක කරන නිසා...
ගස්වලට හානි කරපු ඒවා නම් කැතයි තමා... ඒ නිසාමනේ හොරකම් කරලා හිටවපු එක ගහක් වත් හැදුනෙ නැත්තෙ...
ඒකට හරියන්නත් එක්ක තව ගස් ටිකක් පන්සල් වත්තේ හිටෝපන් කොලුවෝ . . .:P
DeletePushpeta matakada manda nalapana jatake..
ReplyDeleteඒක උගෙන්ම තමයි අහන්න වෙන්නෙ...
Deleteඅපුරු කතන්දර ටිකක් . සිරාටත් හොඳ මතක හිටින ළමා කාලයක් තිබිල තියෙනවා . සාංගික දේ කෑම කියන්නේ ඉතින් වැඩිපුර තියෙන දෙයක් නම් කෑවම මොකෝ. දිග විස්තරයක් . ඒ වගේම රසවත් .
ReplyDeleteඅකුරු පොඩ්ඩක් ලොකු වුනොත් කියවන්න ලේසියි නේද සිරා . අනෙක් අයගේ අදහස කොහොමද
ස්තූතියි අදහස් වලට... අකුරු සම්බන්ධයෙන් සුමිත් අයියත් දවසක් කිව්වා... මම ඉස්සරහ පෝස්ට් වල වෙනසක් කරන්න උත්සාහ කරන්නම්...
Delete