ජලාශ වල දියනෑමට, ක්‍රීඩා කිරීමට බාල මහලු හැමෝම කැමතියි... ජීවිත අවධානම අඩු කරගෙන විනෝද වෙන්න නම් පිහිනීමට හැකිවීම ඉතා වැදගත්. හදිසි අවස්ථාවක එමගින් ලැබෙන පිළිසරණ අපමනයි. පීනන්න ඉගෙන ගන්න කාලෙ සිරාට වෙච්ච සිදුවීමක් තමයි අද සිරාගෙ කාමරෙන් හෙළි කරන්න යන්නෙ.
ඒ සිදුවීම මතක් වෙද්දි තාමත් මගේ ඇග ගැහෙනවා වගෙයි... මරුවා දැක දැක තාත්තගෙ පිහිටෙන් නැවතත් මෙලොව වෙසෙන්නට අවස්ථාව ලද ඒ උද්වේගකර අවස්ථාව මෙහෙමයි.
සිරා කුඩා අවධියෙ තාත්තා සිටියෙ විදේශගත වෙලා ඒ කාලයක් රාජ්‍ය සේවයේ නිරත වෙලා සිටීමෙන් අනතුරුව, අපේ ගම හරහා ගලා යන්නෙ අත්තනගලු ඔය. මේ නිසාම ගමේ පැරණි පරම්පරාවෙ හැම දෙනාටම ගෑණු පිරිමි භේදයකින් තොරව ඉතා හොදින් පිහිනන්න පුලුවන්... පිහිනීමට හැකිවීමේ වටිනාකම කියලා නිම කරන්න බෑ... තමන්ගෙ ජීවිතය හෝ තවෙකෙකුගේ ජීවිතය බේරාගන්නට එමගින් ඉඩ සැලසෙන්නෙ කුමන අවස්ථාවේද කියලා කාටවත්ම නිශ්චිතව කියන්නත් බෑ... ඉතින් තමන්ගෙ කොල්ලො දෙන්නටත් පිහිනීම කියා දෙන්න අපේ තාත්තටත් ලොකු ආශාවක් තිබ්බා... තාත්තගේ සීයා, ආච්චි, තාත්තා, අම්මා,අක්කලා,නංගිලා මේ හැමෝම හොදින් පිහිනන්න හැකි අය වගේම තවත් අයගෙ ජීවිතත් බේරා ගෙන තිබීමත් මේ සිතුවිල්ලට පාදක වෙන්න ඇති...
ඉතින් මේ කාර්යය පටන් ගන්න පොඩි පරහකට හිටියෙ තාත්තා ලංකාවෙ නොමැති වීම... ඉස්සර දැන් වගේ අන්තර් ජාලයේ ව්‍යාප්තියක් තිබුනෙ නැති හින්දා මාසෙකට එක බැගින් මමත් මල්ලිත් තාත්තට ලියුම් ලිව්වා...තාත්තා එවන හැම ලියුමකම වගේ පීනන්න ඉගෙනගන්න සුදානමෙන් ඉන්න කියලා ලියන්නත් තාත්තා අමතක කලේ නෑ.... වර්තමානයේ ගමේ හැමෝම වතුර මලට ඔලුව ඇල්ලුවට ඒ කාලෙ ඔයට ගිහිල්ලා තමයි රෙදි හෝදගෙන ස්නානය කලේ.. මම හිච්චි එකා සංදියෙ ඉතාම මහලු අය පවා කාණ්ඩ ගැහිලා අඩුම කුඩුම අරගෙන නාන්න ගිය හැටි තවම මතකයි. එක්කෙනෙක් යද්දි එක්කෙනෙක් නාන තැනදි හමුවුන නිසා අදට වඩා ගමේ සුහදත්වයත් ඒ කාලෙ වැඩි වෙන්න ඇති කියලත් හිතෙනවා...
ඉතින් ඔන්න කාලයේ ඇවෑමෙන් සිරාගෙ තාත්තා සියරට පැමිණියා... නෑදෑ හිතවතුන් කාරිය බැහැදැකලා සතියක් විතර ඇවෑමෙන් පිහිනුම් පාසල පටන් ගන්න තමයි තාත්තගෙ අදහස වුනේ... අද වගේ පිහිනුම් තටාක, පිහිනුම් පාසල් තිබ්බෙ නැති නිසාම මේ ක්‍රමය පමණයි කෙනෙකුට මේ ශිල්පය ඉගෙන ගන්න තිබ්බෙ. මුලින්ම පුහු පොල් ගෙඩි දෙකක් අරන් ඒවායේ ලෙල්ල එක තැනකින් තීරුවක් විදියට ගලවලා පොල් ගෙඩි දෙක එමගින් සම්බන්ධ කරලා පුංචි පහේ ජීවිතාරක්ෂක උපකරණයක් අපිවත් සහභාගි කරගෙන තාත්තා හැදුවා. මේ ගැජට් එක කිහිල්ල යටින් දෙපසට සමබර වෙන්න තබා ගත්තම වතුරෙ ගිලෙන්නෙ නැතිව පාවීමේ හැකියාව ලැබෙනවා... ජීවිතාරක්ෂක උපකරණයක් හොයා ගැනීමේ අපහසුවක් තියෙනවා නම් ඔබටත් මේ ක්‍රමය අත්හදා බලන්න පුලුවන්...
රූපයේ ආකාරයට පොල් ලෙල්ල භාවිතයෙන් දෙපසින් සම්බන්ධ කල යුතුය |
එක එල්ලේ අත්තනගලු ඔයට බහින්නෙ නැතුව ඊට මෙහායින් තියෙන කුඩා දොළ පාරක තමයි ඔන්න නමෝවිත්තියෙන් මේ වැඩේ ආරම්භ වුනේ. පුහු පොල් ආශ්‍රිතව සෑදු ගැජට් එක භාවිතයෙන් මුලින්ම පාවීමට හුරුවුනා... මුලින්ම සිරා සහ සිරාගෙ මල්ලි පමණක් මේ වැඩේට හවුල් උනාට අපේ වෑයම දැකපු තවත් අවිවේකී දෙමාපියන් තමන්ගෙ දූ දරුවනුත් මේ කාර්යයට සම්බන්ධ කලේ මම මුලින් කිව්වා වගේ පිහිනීමට හැකි වීමේ වාසිය නිසාමයි. දැන් සිරාගෙ තාත්තා පොදු පුහුණුකරුවෙක් තත්වෙට පත්වෙලා... අපේ උපකරණය මේ හැමෝම භාවිතා කලා.. දින කීපයක් ගතවුනාට පස්සෙ පුහුණුවීම් වල ප්‍රගතිය මේ යැයි කියමින් කොල්ලො කෙල්ලො අඩි කීපයක් එහා මෙහා පීනුවා.
දැන් ඉතින් මේ තත්වය වර්ධනය කරගැනීම තමයි ඊළග පියවර... ඊළග පියවර හැටියට මුලින් සිටි තැනට වඩා ගැඹුරින් වැඩි ස්ථානයක් තෝරගත්තා. එම ස්ථානය ප්‍රධාන මාර්ගයටත් පෙනෙන නිසා තවත් අය අපට එකතු උනා... ඒ වගේම තාත්තගෙ සම වයසෙ අයත් උපදෙස් දුන්නා. සිරාගෙ තාත්තා ඔලුව පහළට හරවලා අත් දෙකත් දික්කරගෙන වතුරට පනිද්දි කොල්ලො හිමින් මුමුණනවා අනේ අපිටත් මෙහෙම පනින්න පුලුවන් නම් කියලා... මටත් එහෙම තමා හිතුනෙ... පීනන්න බැරිව හිටපු අපට ටිකෙන් ටික ශිල්පය පුරුදුවෙන කොට තව තවත් උනන්දුව වැඩි වුනා . මාසයක් විතර ගතවෙනකොට හැමෝම වගේ පීනන්න හුරු වුනා... ඒහෙත් තාත්තා කිසිම කෙනෙක් අත්තනගලු ඔයට යොමුකරන්න ඉක්මන් වුනේ නෑ... ඒකට හේතුව තමයි එහි ගැඹුර වගේම... වැලි ගොඩ දැමීම නිසා ඇතිවුන ගැඹුරු වළවල් වල අවධානම, මෙන්න මේ වගේ ටිකෙන් ටික කාලය ගත වුනා. කිසිම අවස්ථාවක අපි තනියෙන් නාන්න ගියේ නෑ... හැමවෙලාවකම තාත්තා හෙවනැල්ල වගේ පිටිපස්සෙ.
දවසක් ඔයේ වතුර හොදටම අඩුවෙලා එහා මෙහා ඇවිදින්න පුලුවන් තරමටම... අන්න එදා හාපුරා කියලා සිරාට ඔයට බහින්න අවසර ලැබුනා, අපේ පිහිනුම් කාණ්ඩයෙන් මම විතරයි එදා හිටියෙ .... තාත්තා රෙදි වගයක් හෝදන්න ගත්තා, අපේ අසල්වැසි කාන්තාවකුත් නාන්න ඇවිල්ලා හිටියා.. වතුර අඩු නිසාම ටිකෙන් ටික ඈතට ඇවිදගෙන ගිහින් වතුර මට්ටම සාමාන්‍ය තැනක සිරා පීනන්න පටන් ගත්තා. වටයක් පීනලා ඇවිල්ලා නතරවුනා... අඩිය බිම තිබ්බට වදින්නෙ නෑ... යටට යටට යනවා අන්තිමට වතුර මට්ටමෙන් සෑහෙන තරමෙ යටකට ගිහින් කකුල වැදුනා... මට දැනුනා මම වතුරෙ ගිලුනා කියලා...
ඒත් මේ වගේ තැනකදි ගැලවෙන හැටි ගැන ඒ වෙනකොට මට දැනුමක් තිබුනෙ නෑ... සිරා භයටම උඩ පැන්නා, එතකොටම ආයෙත් උඩට ඇවිත් ජල මට්ටමෙන් උඩට හිස එසවුනා... ඒ උනත් ඒ එක්කම වගේ ආයෙත් යටට යනවා... මේ විදියට වාර කීපයක්ම උඩ යට ගියා... උඩට එද්දි මට පේනවා තාත්තා රෙදි හෝදන අන්දම... මම කෑ ගහනවා ඒත් එයාට ඇහෙන්නෙ නෑ... අනේ මම අසරණයි... ආයෙත් යටට යනවා... ආයෙත් උඩට එනවා ... කෑ ගහනවා, තාත්තට ඇහෙන්නෙ නෑ... එයා තවමත් මට පිටුපාගෙන රෙදි හෝදනවා... දැන් සිරාගෙ ඇගේ ශක්තියත් හීන වේගෙන එනවා... යටට ගියාම ජල මට්ටමට උඩින් අහස්තලයත් පේනවා...
උඩ යට යන මේ සෙල්ලම තව දුරටත් කරන්න බැරි වෙයි කියලා හිතෙනකොටම අවසන් වතාවට උඩ ඇවිල්ලා කෑ ගහලා යට යන අවස්ථාවේ අසල්වැසි කාන්තාව මාව දැකලා තාත්තට පෙන්නනවා වගේම තාත්තා හීයක වේගෙන වතුරට පනින හැටිත් මම දැක්කා... ක්ෂණයකින් මගේ අතින් අල්ලලා තාත්තා මාව උඩට ගත්තා හීනෙන් වගේ මතකයි... ඒ වෙනකොට මම හිටියෙ වතුර යට... තාත්තා මාව උස්සගෙන ඇවිල්ලා ඔයේ ඉවුරෙ තියනකොට මට කෙලින් ඉන්නත් පණ නෑ... ඒ තමා සිරා තාත්තගෙ පිහිටෙන් පණ බේරගත්ත දෙවැනි අවස්ථාව.... ඉස්සෙල්ලාම පණ බේරුව කථාව කාමරේ ඇරලා හාපුරා ලිව්ව පෝස්ටුවෙ ලිව්වා. ඒක මෙතැනින්
සෑහෙන වෙලාවක් ගතවුනාට පස්සෙ තමයි තාත්තා කට ඇරියෙ...
ඔයාව වැටිලා හිටියෙ වැලි ගත්ත පරණ වලක, දැන් තේරෙනවා නේද පීනන්න පුලුවන් උනාට තවත් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා... ඒ හින්දා ඒ දේවලුත් ඉගෙන ගන්න... මේ සිද්ධිය මතක තියා ගන්න... තාත්තා කිව්වෙ එහෙමයි.
ඈතට ගිය හින්දා මට හොදටම බැනුම් අහන්න වෙයි කියලා හිතන් හිටියත් එහෙම දෙයක් වුනේ නෑ... සිද්ධිය ඇහුවට පස්සෙ නම් අම්මා සෑහෙන්න විරුද්ධ උනා ඔයට නාන්න යනවට. මේ සිද්ධියෙන් තවත් මාසයක් පමණ ගතවෙද්දි පිහිණුම් පාඨමාලාව අවසන් උනා... හැමෝම හොද පිහිනුම්කරුවන් බවට පත්කරමින්... එතැන් පටන් අපේ සැට් එක හැමදාම පැය 3ක් පමණ අත්තනගලු ඔයේම ගතකරන්න හුරු වුනා... තාත්තාගෙ සහභාගිත්වයක් නැතුව. ඇස් දෙක ගොරක මද වගේ රතුවෙලා නහයෙන් හොටු පෙරෙනකන්, අපි ඔට්ටු තිබ්බා... පාලම් ගැට්ටෙ ඉදන් ඔයට පැන්නා... දියයටින් ගිහිල්ලා නාන්න ආපු අය භය කලා... ඔය දිගේ පහළට පීනලා හොරෙන් කුරුම්බා කැඩුවා... මේ විදියට ළමා කාලය සුන්දරව ගෙවුනා.. අද ළමයින්ට කොහෙන්ද මේවා කරන්න චෑන්ස් එකක්...
පස්සෙ කාලෙක ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට සම්බන්ධ වෙලා හිටපු සිරාගෙ මල්ලි ජපන් ජාතිකයන් යටතේ ජීවිතාරක්ෂක පුහුණුවත් ලබාගත්තා.... එදා ඉදන් ඔහු මට වඩා පිහිනීමේදී වේගවත්. මළයා කාලයක් මීගමුව Browns Beach අසල ජීවිතාරක්ෂක රාජකාරියෙත් නිරත වුනා... ඒ ගැන තාත්තා හුගාක් සතුටු වුනා. ජීවිතාරක්ෂක රාජකාරියෙදි මැරෙන්න ගිහින් බේරුන සමහර අය තමන්ව බේරගත්ත කෙනාට දණ ගහලා වදිනවා... පවුලේ අයත් එහෙමයි... ඒ වගේ අවස්ථා ඉතාම සංවේදියි. ජීවිතාරක්ෂකයො බහුතරයක් මේ සේවය ලබා දෙන්නෙ හුදෙක් ආත්ම තෘප්තියට මිස මුදලට නොවෙයි. තමන් විසින් ජීවිත බේරාගත් පුද්ගල සංඛ්‍යාව එකතුවක් ලෙස මතක තබා ගැනීමත් ඔවුන්ගේ පුරුද්දක්. බහුතරයක් පුද්ගලයො බීමත්කම එක්ක නාන්න ගියාම තමයි ජලයේ ගිලෙන්නෙ.
සිරා මුලික ජීවිතාරක්ෂක පාඨමාලාව හැදෑරුවා වුවත් ඈත පළාතක සවාරියක් ගියාම... දෙයියනේ කියලා භය නැතුව නාන්න බහින්නෙ තාත්තට පින් සිද්ධ වෙන්න ලබාගත්ත දැනුමෙන්. පීනන්න බැරි උන් ගොඩ ඉදගෙන ලතැවෙන කොට එදා තාත්තා අපිට දීපු ශිල්පය කොච්චර නම් වටිනවද කියලා අද හිතෙනවා..
කාලෙකට පස්සෙ ගමේ බිහිවෙච්ච අලුත් පරම්පරාව මූණු පොත, පරිගණක ක්‍රීඩා, අන්තර්ජාලය ආදියටම ඇබ්බැහි වුන හින්දා අත්තනගලු ඔයට පෙම් බදින්න වෙලාවක් තිබුනෙ නෑ... ඒ හින්දම උන් එකෙක්ටවත් පීනන්න බෑ.
දෙවරක්ම ජීවිතය බේරා දුන් නිසාමදෝ තාත්තා පිළිබද මා හට ඇත්තේ අසීමිත ගෞරවයක් හා ආදරයක්...පිරිමි ළමුන් මෑණියන් වෙත වැඩි සෙනේහයක් දක්වනවා යැයි පොදු අදහසක් තිබුනත් මා කෙරේ එය නිවැරදි නොවේ යැයි මට සිතේ. ඒ මා ඉතාමත් දැඩිව තාත්තාට සමිප පුද්ගලයෙකු නිසාවෙනි.
බ්ලොග් කරුවන් සමග කථා බහේ යෙදෙන බස් රේඩියෝ බ්ලොග් අවෝඩ්ස් 2012 වැඩසටහනට පසුගිය මාසයේ දිනෙක සිරාගෙ කාමරයත් සම්බන්ධ වුනා... මෙගා බයිට්ටු ගැන ගැටලුවක් නැතිනම් අපේ කථාබහ අහලා, සින්දුවක් රස විදලා, සිරා කොහොම එකෙක්ද කියලා දැනගෙන ගියාට, අනේ මගේ නම් කිසිම අමනාපයක් නෑ... අරිද ? ඒ අතරතුර සිරාගෙ කාමරයට මාස දෙකකුත් සම්පූර්ණ වෙලා.... වැඩිම කමෙන්ට්ස් ගත්ත සංඛගෙ පෝස්ටුවට වඩා කැතම කැත පටි ජොකා ඉස්සරහට ඇවිල්ලා. පටි ජොකා නම් චීයා....
බ්ලොග් අවෝඩ්ස් 2012 වැඩසටහන සදහා සම්බන්ධීකරණය කල බස් රේඩියෝ හි ප්‍රසා වෙත මාගේ ආචාරය !
මම සයිබරයේ අලුත් මිතුරා සිරා.
ප.ලි
සෙම්ප්‍රතිෂ්‍යාව හේතුවෙන් මාගේ සුමධුර වොයිසය අප්සැට් වී තිබූ බව කරුණාවෙන් සළකන්න.
ඉහළම ඇති පින්තූරය කොප්ප ගැහුවෙ මෙතැනින්ලු..... http://www.rejoiceholidays.com/galleries/green_hill_exp/Horton_Plains4.jpg
සිරාට සිරා ළමා කාලයක් තිබිල තියෙනව. පොඩි දවස්වල නම් අපිත් සතියකට සැරයක් විතර තාත්ත එක්ක යනව මූදෙ නාන්න. ඒ දවස්වල නම් යන්තම් අතපය ගහල පීනන්න පුළුවන් වෙල තිබුණ. දැන් අවුරුද්දකට දෙකකට පාරක් තමා මූදෙ නාන්නෙ. ඒ නිසා මටත් පීනන්න බෑ. මමත් චූටි සන්දියෙ එකපාරක් දියවැලක් වගේ එකක ඈතට ගහගෙන යන්න හදද්දි එතන හිටපු ගමේ අයිය කෙනෙක් තමා බේර ගත්තෙ. මතක් වෙනකොට දැනුත් මයිල් ඉස්මයිල් වෙනව ඕං. පීනන්න පුළුවන් උනානනම් හොඳයි, ඒත් දැන් ඒක කෙරෙන්නෙ නෑ අෆ්ෆා.
ReplyDeleteඇත්තමයි මගේ ළමා කාලය නම් සිරාවටම සිරා...
Deleteමීගමුව පැත්තට එන්න වෙලාවක් තිබුනොත් පිහිනුම් වැඩසටහනකට සම්බන්ධ කරන්න පුලුවන්... මුහුදෙ ජීවිතාරක්ෂක රාජකාරි වලදි දියවැල් තමයි තියෙන අභියෝගය... එතැනදි බහුතරයක් දියේ ගිලෙන්නෙ භිය වීම හේතුවෙන් දියවැලෙන් ඉවතට පීනන්න ගන්න උත්සාහයෙදි... දියවැලක් ගොඩාක් දුරකට යන්නෙ නැති නිසා දියවැලත් එක්කම පාවෙලා ගිහිල්ලා අවසන් වෙන තැනදි පිහිනීමට පටන් ගැනීම එයින් බේරෙන එක් උපක්‍රමයක්...
matath ohoma seen wela tiyanawa habei lajjawe be thama swimming be bn
ReplyDeleteමොකෝ මේ ඉංගිරිසි අකුරට බැහැලා..... ඇළක් දොලක් ලග පාත තිබුනා නම් ඉතිං අවතාරුත් ගොඩ තමා....
Deleteඅපිත් පොඩි කාලේ පීනන්න පුරුදු උනේ අර පුහු පොල් ගැජට් එකෙන් තමා. පස්සේ ඉතින් ඇස් රතු වෙනකල් ගඟේ නටනව පැය ගානක්.
ReplyDeleteවතුරත් පෙවිලා තියනව සාමාන්‍ය මට්ටමට අවස්ථා ගණනකදි. ඒ වෙලාවට ඉන්නේ වතුරෙ උනාට බොක්ක බොයිල් වෙනව. දැවිල්ලයි නේ මොලේ දිහාත් එක්ක. පස්සෙ වතුරට බය නැති වෙනකොට ඕන වෙලාවක් වතුරෙ ඉන්න පුලුවන්.
අර කිව්ව වගේ දැන් කාලේ නම් ඉතින් එහෙම අත්දැකීම් ලබන්න අවස්ථා අඩුයි. මමත් දැන් නම් ගඟෙන් නාලා නෑ මතක ඇති කාලෙකින්. යන්න ඕනි අදවත් :)
ඕඩියෝ එක අහන්න හවස එන්නම්.
උඹ කියන ඔය දැවිල්ල ගැන නම් කියලා වැඩක් නෑ... ඒකෙ ෆන්ක් එක මේ දැනුත් දැනෙනවා වගෙයි.. හවසට එන්නම් කිව්වෙ දැන් ගගට නාන්න යන්නද ? බලාගෙන කිඹුල්ලු ඉන්නවද කියලා හොයලා බලලා බහින්න... හැමතැනම් දැන් කිඹුල්ලු බෝ වෙලා... අපේ ඔයෙත් ඉන්නවලු එකෙක් දෙන්නෙක්...
Deleteපිහිනීම ගැන ගොඩක් කතා මටත් තියනව. හද්ද පිටිසර ජීවත්වෙන අපිට පීනන්න අමුතුවෙන් කියල දෙන්න කෙනෙක් හිටියෙ නං නෑ. ඒත් හොඳට පීනන්න පුළුවන්. පුහු පොල් පීනන්න පුරුදුවෙන්න හොඳ භාණ්ඩයක් තමයි. හැබැයි සැහැල්ලු ගෙඩි 8ක්වත් ඕන පීනන්න බැරි කෙනෙකුට. ඉස්සර මම පීනුවෙ අපේ ගෙදර කිට්ටුව තියන ඔයක. මට වැඩියම ෂුවර් භාණ්ඩෙ තමයි හුලන් පිරවූ සරම.
ReplyDeleteඅම්මාගේ බාධක මැද සිරාට පීනන්න ඉගැන්වූ තාත්තාට මගේ ආචාරය.
හුළං පිරවූ සරම,කමිසය,සිලි බෑග්, හිස් ප්ලාස්ටික් බෝතල් ,ප්ලාස්ටික බකට්
Deleteමේ ඕනෑම දෙයක් අවස්ථාව අනුව පිහිනන්න බැරි කෙනෙක්ට පාවෙමින් ජීවිතය රැක ගන්න උපයෝගී කර ගන්න පුලුවන්... එහෙත් එවැනි අය අධික ලෙස කලබල වීමෙන් තමයි බොහෝවිට අනතුරු වෙන්නෙ.... ඈත පලාත් වල කොල්ලො කෙල්ලො වැව් වල ගහන බල්ටි බලන් ඉන්න ආසයි....
අත්තනගලු ඔය හා අපේ පාසලත් සම්බන්දයි නේව අවාසනාවන්ත සිද්දි වලට කොහොම වෙතත් උඹ කිව්වා හරියට හරි පිහිනිම තියා අගොස්තු මාසේ සරුංගලයක් අරින්නේ කියෙන් කිදෙනාද බලපන් ඔහොම තමා බං කාලය තාලය සිතුම් පැතුම් වෙනස් වෙලා නමුත් සුන්දරත්වය අභාවයට ගොහින්
ReplyDeleteහැබෑව හැබෑව... ඒ කාලේ කී දෙනෙක් නම් ඉස්කෝලෙ කොල්ලො දියේ ගිලිලා මළාද... ගම්පහ මල්වත්ත පිටිපස්සෙත් එහෙම උනා නොවැ...
Deleteආසවටම සරැංගලයක් හදා ගත්තා... ඒත් මේ කොන්ක්‍රීට් වනන්තරේ මොන සරැංගල් යැවිලිද...? ඉස්සර අම්මට කියලා සරුංගල් හදාගෙන වෙල දිගේ දුවපු හැටි මතක් උනා....
Deleteඇයි බන් කෙටවල ඇනිකට් එක ලග කීදෙනෙක් මැරුණද ,
Deleteමට කෙටවල අමතක වුනා නොවැ... ගම්පහ කොල්ලො නාන්න යන්න ආසම ප්ලේස් වලින් එකක්නෙ ඒක...පන්ති කට් කරලා නාන්න ගිය වුන් තමා ඔතන ගොඩාක්ම මැරුනෙ.
Deleteඅම්මේ පීනිල්ල.... පූල් එකේ පීනලා කප් ගහපු අපේ මලයයි, ගඟේ කරණම් ගහලා හොදට පීනන්න පුළුවන් අපේ නඟයි ළඟ පාත නැත්තම් මං නං ගඟක් වැවක් කිට්ටුවට වත් යන්න බයයි.....
ReplyDeleteඒත් මං හරි ආසයි පීනන්න... බෑනේ.....
හිරු ට දෙන්න තියෙන උපදෙස තමයි මල්ලි සහ නංගි දෙපැත්තෙන් තබාගෙන ගංගා ඇළ දොල හි ස්නානය ඉතා ගුන දේ කියලා.. ඔයා වගේම පීනන්න ඉගෙනගන්න ආසාවෙන් ඉන්න ගොඩාක් අය ඉන්නවා ඒ සදහා අවශ්‍ය සම්පත් දායකත්වයක් නැතුව... පීනන්න බැරි උනත් ජලයේ නොගිලී ඉන්න පුලුවන් ක්‍රම තියෙනවා..
Deleteඋදා - සුළං පුරවගත්ත සරමක්/කමිසයක්,සුළං පිරවූ සිලි බෑග් එකක්/ හිස් මෙගා බීම බෝතල්/ප්ලාස්ටික් බාස්කට් මේ දේවල් භාවිතයෙනුත් පිහිනන්න නොහැකි වුවත් දියේ නොගිලී පාවෙන්න පුලුවන්...
නොදන්නා තැන් වල නාන්න යනකොට පරිස්සම් වෙන්න ඕනෙ තමා.දවසක් කිතුල්ගලදී සිරිපාදෙ ගිහින් එනකොට නාන්න ගිහිං ඔහොම උනා.
ReplyDeleteවිනෝද චාරිකාවක සතුටට කදුලු ගංගාවක් වෙන්න පුලුවන් ඉතාම කෙටි කාලයක් ඇතුලත ඒ වගේ සිද්ධියක් වුනොත්...
Deleteහප්පේ හොඳ වෙලාවට මටනම් පීනන්න බැරිය.
ReplyDeleteපානදුර ඉන්න අයට පීනන්න බැරි වෙන්න බෑ...
Deleteමටත් නේවි එකේ පූල් එකේ ස්විමින් උගන්වපු ටීචර්ව දෙයියෙක් වගේ තමා පේන්නේ.යන්තම් නොගිලී පීන ගන්න පුළුවන් තත්වෙක ඉන්නවා මම. :)
ReplyDeleteනේවි කිව්වම මතක් වුනේ... නේවි ඉන්ටව් වලදි පීනන්න පුලුවන්ද කියලා අහලා නෙමෙයි වතුරට තල්ලු කරන්නෙ... පුලුවන් එකා පීනනවා බැරි එකා ගිලෙනවා... ටිකක් ගිලෙන්න දීලා බේරගෙන තමයි ඒ ගොල්ලන්ට පිහිනුම් කියා දෙන්නෙ.. නාවික හමුදාවේ හැමෝම පිහිනුම් හැකියාවෙන් යුක්ත වීම අනිවාර්යයි.
Deleteඔය කතාවේ මෙන්න මේ ටික "නාවික හමුදාවේ හැමෝම පිහිනුම් හැකියාවෙන් යුක්ත වීම අනිවාර්යයි" දැක්කම මට දේවල් දෙකක් මතක් වුණා.
Deleteඑකක්.. නේවි එකේ උන් පීනන්න බැරුව කොහොමද නැවක බෝට්ටුවක රාජකාරී කරන්නේ?
දෙක.. එහෙමය කියලා එයාර් ෆෝස් එකේ එවුන්ට ඉගිලෙන්න උගන්නනවද?
ඒගොල්ලන්ට පියාබන්න ඉගෙන්නුවා නම් හරිම සෝක්... කෑම්ප් එකට නොකියා පිට පාරෙම ගෙදර ගියාම අල්ලනවා බොරු..
Deleteහම්මෝ මෙයාටත් වෙන වැඩ.
ReplyDeleteවැව් වල දියබුං ගහල මටත් වතුරට පැන්නම නොගිලී ඉන්න පුළුවන් යන්තම් :)
නොගිලී ඉන්න පුලුවන් නම් එච්චරයිනෙ නගේ....
Deleteආ බලාගෙන යනකොට මමත් දන්න කියන පැත්තකනේ සිරා , ඇත්ත තමා ඔයවල් දොලවල් ළඟ ඉන්න අය ඉබේම පීනන්න පුරුදු වෙනවා.වේයන්ගොඩ ප්‍රදේශයේ ඉන්න අපේ පුංච්ගේ ළමයි තුන්දෙනාටම හොදට පීනන්න පුලුවන් ඉස්සර කොළඹ ඉදලා අපි නිවාඩුවට එහෙ ගියාම එයාලා ඒ ළඟ ඔයක කරණම් ගහනකොට අපි දුකෙන් බලන් ඉන්නවා අනේ අපිට මේ සෙල්ලම් බෑනේ කියලා.ඔය ආසාව නිසාම පස්සේ කාලෙක මමත් ගියා ඉස්කෝලෙන් පීනන්න අනෙ කරුමේ පලවෙනි දවසෙම පූල් එකේ ඉදලා මට හැදුනා කැසිල්ලක් ඇග පුරාම පලු දාල ගන්න දෙයක් නෑ, බෙහෙත් ගන්න ගියාම දොස්තර කිව්වේ ඒ වතුර මට ඇලජික් කියලා,අනේ ඉතින් මගේ පීනීම එතනින්ම අවසන් උනා
ReplyDeleteපිහිනුම් තටාක වල ජලය පිරිසිදු කිරීමේ කාර්යය හරියට වෙන්නෙ නැත්නම් සහ විෂබීජ නාශක ලෙස යොදන ක්ලෝරීන් සාන්ද්‍රණය වැඩි වුනාම එහෙම තත්වයක් වෙන්න පුලුවන්... ඊට අමතරව හම අවපැහ වීමත් වෙන්න පුලුවන්... පුංචි ඇළක් දොලක් හොයාගෙන ආයෙත් උත්සාහ කරලා බලන්න...
Deleteමටත් යාන්තම් පිනන්න පුලුවන්, මාවත් මීට අවුරුදු 6 කලින් බෙන්තර මුහුදෙදි දියවැලකට හසුවුනා, මරු විකල්ලෙන්ම කොහොම හරි පිනලම ගොඩට ආවා, මට තාමත් හිතාගන්න බැහැ කොහොමද මම බෙරුනේ කියල
ReplyDeleteසාදරයෙන් කාමරයට පිළිගන්නවා...
Deleteඔය වගේ හදිසි අවස්ථාවල සිරුරේ අනුවේගී ස්නායු වල ක්‍රියාකාරිත්වය නිසා වැඩි ජවයක් උපද්දනවා... ඒ පිහිටෙන් ගොඩ ආවා වෙන්නත් පුලුවන්... මොනවා උනත් ඔබ වාසනාවන්ත වී ඇති හැඩයි...
පට්ටනේ ඕයි!!! :-))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇත්තටම පට්ට නම් එළනෙ ඕයි.....
Deleteසුභ වේවා රාජ සම්පත් නම් නැතුවට කමක් නෑ...
දැං පුහු පොල් හිඟයි නේ...හිස් මෙගා බෝතල් දෙකත් මේකට මරු....
ReplyDeleteඒ කියන්නෙ දැන් පොල් පලදාව හොඳද මචන්... :-)
Delete@ ඔබ නොදුටු ලොවක්
Deleteඔබේ කථාව නිවැරදියි... මෙගා බෝතල් වලින් පවා ජීවිතය බේරාගන්න පුලුවන්...
පුහු පොල් ඉතාමත් අඩුයි තමයි...
@ සෙන්නා
පුහු පොල් ගෙඩි දෙකක් තුනක් ලේසියෙන් හොයාගන්න පුලුවන් ටිකක් විතර විශාල පොල් වත්තක කඩපු පොල් එකතු කරන විටෙක...
සිරා උඹේ තාත්තා නම් ඇත්තෙන්ම වීරයෙක්.
ReplyDeleteසිරා මටත් යන්තම් පීනගන්න පුලුවන් නමුත් ඔය අනිත් අය බේරා ගන්න තරම් හැකියාවක් නෑ.
මේ ලඟදී බෝට්‍ටුවක ඉඳලා සීතල වතුරකට ඩයිව් එකක් දැම්මා. යකෝ හුස්ම ගන්න බැරුව ගියානෙ ටිකක් වෙලා යනකල්. අර ඇංකර් ලනුවේ එල්ලිලා හිටියා ආපහු හුස්මගන්න පුලුවන් වෙනකල්.
මමත් උඹ වගේම තාත්තට සමීප පුතෙක්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මම මේ පෝස්ටුවේ ලිව්වෙ නැති වුනාට අපේ තාත්තා කැලණි ගගේ ජීවිත 3ක් සහ අත්තනගලු ඔයේ ජීවිත 1ක් බේරාගෙන තියෙනවා
Deleteපිහිනන්න ජලයට එක්වරම බහින්නෙ නැතුව.. මුලින් අත්පා තෙමාගෙන.. ඊටත් පස්සෙ මුහුණ හා පපු ප්‍රදේශය තෙමාගෙන ශරීර උෂ්ණත්වය සහ ජලයේ උෂ්ණත්වය අතර වෙනස අවම කරගන්න ඕනෙ.. මේ පරාසයේ විශාල වෙනසක් නිසා තමයි ඔබට ඔය කියන දවසෙ අපහසුතාවක් දැනෙන්න ඇත්තෙ..
තාත්තාට සමීප බව අසා ඇත්තටම සතුටු වීමි. ජය!
මරණයට ඉතාම කිට්ටු වෙලා ආපහු එන්න ලැබෙන්නේ බොහොම ටික දෙනාටයි.
ReplyDeleteඒ පිළිබඳ නිවැරදි මතකයක් ඉතුරු වෙන්නේ ඊටත් අඩු පිරිසකට.
මම හිතන්නේ ඒ දියේ ගිලින්න ගිහින් 99න් බේරුණු අය.
මටත් ඒ වගේම ගිලෙන්න ගිහින් 99න් බේරුනු අත් දැකීමක් තියෙනවා.ඒ කලු ගඟේ.මට නම් හිතෙන්නේ ඒ මරණය සාපේක්‍ෂව ඉතා අප්‍රසන්න වෙයි කියලා.
දියේ ගිලෙන කෙනෙක් මොනයම් දෙයක් හෝ අල්ල ගන්න කොච්චර උත්සාහ දරනවාද කියලා හොඳටම තේරුනේ දියේ ගිලිලා මැරුණු කෙනෙකුගේ postmortem එකකදී.
එයාගේ අතට අහු වෙලා තිබුනේ වතුරේ ඉන්න මාලුවෙක්.කොච්චර තදින් ඒක අල්ල ගෙනද කියනවනම් මරණයෙන් පසුවත් ඒ ග්‍රහනයේ කිසිම බුරුලක් නෑ.මාලුවා ඒ ග්‍රහනයේ තද කමටම මිය ගිහින් මිට මොලවා ගත් අතේම රැඳී තිබුනා.
වෛද්‍යතුමා හට මේ සම්බන්ධ ගොඩාක් අත්දැකීම් ඇති... ගිලෙන අය බේරාගන්න ක්‍රියාදාමයත් සෑහෙන්න අවදානම් වෙන්නෙ ඒ අය අතට අහුවෙන දේ තදට අල්ලගන්න ස්වරූපය නිසයි. ඒ නිසා හැමවිටම නිවැරදි ඉරියව් පාවිච්චි කරන්න වෙනවා... කොච්චර අත්දැකීම් තිබ්බත් එක සුලු අතපසුවීමකින් සියල්ල කණපිට හැරෙන්න පුලුවන්...
Deleteසිරාගෙ තාත්තා සිරාම තාත්තෙක්....
ReplyDeleteඔය අත්තනගලු ඔය අපේ ගමට අල්ලපු ගම මැද්දෙන් ගලනවා.. ඒ හරියෙනම් ඕක සෑහෙන භායානකයි කියලාතමා කියන්නෙ.. වී අකුරක් වගේලු තියෙන්නෙ, කිඹුල්ලුත් ඉන්නවා කියනවා..
මටත් අඩි දහයක් පහළවක් අමාරුවෙන් පීන ගත්තෑකි..අපිට ගගක්, ඇලක් දොලක් තිබුනෙ නෑ එහෙම හැකියාවක් ලබා ගන්ඩ.. තිබුනෙ මම අර කියපු අගල විතරයි.. ඒකෙ පීනනඩ පුලුවන් මාලුවන්ට විතරමයි.. :-)
තාත්තා ගැන අදහසට ස්තූතියි...
Deleteඔය කියන ගම්පෙදෙස හැබෑටම මොකක්ද ? පිහිනීම කියන්නෙ ලොව තියෙන ඉතාමත්ම හොද ව්‍යායාමය... සිරුරේ සියලුම කොටස් වලට එකවර ව්‍යායාම කරන්න පුලුවන් වෙන්නෙ පිහිනීමේදී විතරයි... නරකද සෙන්නා අගල ටිකක් ලොකු කරලා පීනන්න හිතුවොත්...
ඔය, කලපුවට වැටෙන ආසන්නයේ...
Deleteහිහ්.. අගල අපිව දාලා ගිහින් ගොඩක් කල් මචන්.. ඊනියා සංවර්ධනෙ !!
අගලෙ උල්පත් තිබුනෙ කුරුන්දෙ මැද්දෙ තැනක.. ඒවා ගොඩ කරලා ගෙවල් හැදුවා..ඔක්කොම ඉවරයි.. මතකයන් විතරයි තියෙන්නෙ... මට මතකයි මම ඉස්සර ඔය අගල හරස් කරලා වේලි හිටන් බැන්දා..
බස් රේඩියෝවට සම්බන්ද වෙන්නොනි දවසක. එයාල අපිට සිංදු කියන්න දෙනවද?
ReplyDeleteපෝස්ටුව හෙට කියවමි. !
එයාලා අපිට සින්දු කියන්න දෙන්නෙ නෑ... අපි කැමති සින්දු එයාලා ප්‍රචාරය කරලා දෙනවා.... සින්දුවක නමක් කිව්වම ඇයි ඒ සින්දුවට කැමති කියලත් අහනවා...
Deleteකොහොම උනත් මම කැමති පොස්ටුව පහල ගිහින්ලුනේ :( :( දුකයි
ReplyDeleteබ්ලොග් කියවන අය පටිජොකා තාලයේ පෝස්ටු වලට ඉතා ප්‍රිය බව තමයි මගේ අක්මාවට ඔය සිද්ධියෙන් පසු වැටහුනේ...
Deleteමෙ වගේ අත්දැකීම් මටත් තියෙනවා. මොකෝ බන් සිරෝ මේ නිතරම උගුර පාදන්නේ?
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා
Deleteඒ අත්දැකීම් ගැනත් ලිව්වොතින් නරකද ?
සෙම්ප්‍රතිෂ්‍යාව නිසා මාගේ සුමධුර වොයිසය අප්සැට් උනා නොවැ ඒකයි අවුල...
සිරාගේ ළමා කාලය මරු !
ReplyDeleteකියවලා රස විඳින්ඩ පුලුවන් ලමා කාලයක් !
ඔය මේ පෝස්ට් එක වගේ ලස්සන කමෙන්ට් එකක් දැක්කා ගොසිප් අඩවියක. ඒ කමෙන්ට් එක දාලත් තිබ්බේ සිරා කියලා එකෙක්. ඒ සිරායි මේ සිරායි එකෙක් දෑ ??
මගේ ළමා කාලය සිත්පුරා විදින්න ලැබුන එකක්.. අද අපේ සමහර නෑදෑයින් අපේ ගෙදර ඇවිල්ලා ළමයින්ට ගොයම් පැළ පෙන්නන්නෙ පුතේ මේවාගෙ තමා බත් හැදෙන්නෙ කියලා... ඔන්න ඕකයි තත්වෙ..
Deleteමම සිරා නමින් ගොසිප් වල කොමෙන්ටු දාන්නෙ නෑ... එය වෙනකෙකුගේ විය යුතුයි.
මමත් අත්තනගලු ඔයේ පුහුපොල් ට්‍රේනින්ග් එක කරල තමයි පීනන්න පුරුදු උනේ.ටිකදවසක් ඕක දාගෙන පීනද්දී යටින් ඇවිත් එකෙක් පොල් ගෙඩි ටික ඇදගෙන යනව,එතකොට තමයි රෙබ දාගෙන පීනල බය නැති වෙන්නෙ.උඹේ කතාවම තමයි මටත් තියෙන්නෙ හවසට කුරුම්බා බීල , පැය දෙක තුනක් නාල,ආව කාලේ මතක් වෙනකොටත් ආසයි.
ReplyDeleteමම දෙපාරක් වැලි වලකට වැටිලා ගිලෙන්න ගිහින් තියනව.එකපාරක් පීනන්න බැරුව, අනික් පාර A /L කරන කාලේ ගිලෙන එකෙක් බේරන්න ගිහින් ඌ මගේ ඇගේ එල්ලිලා.
ඇත්තටම දැන් ඔයේ නාන උන් අඩුයි. මමත් මේ ලගදි ගෙදර ගිය වෙලාවක ඔය ට ගියා නාන්න, ඉස්සර 30 ක් විතර නාපු එතන නාන්න එකෙක්වත් හිටියේ නෑ.
** අත්තනගලු ඔයට එන දොළ පාරක නෑවනම් සිරා ඉන්න ඕනේ අත්තනගල්ල ට උඩින්, ඊට පස්සේ ඔයට එකතු වෙන ඒව දොළ පාරවල් නෙමෙයි ඇල පාරවල්.
ඔබේ අත්දැකීම් මගේ අත්දැකීම් වලට සමානයි... අද එදා වගේ ගගක,දොළක පිනුම් ගහන්න මිනිස්සුන්ට වෙලා නැති නිසා වතුර මලට ඔලුව අල්ලගෙන ජීවන රේස් එක දුවනවා... මම ඉන්නෙ ගම්පහ කිට්ටුව... මේකෙ කියලා තියෙන්නෙ පුංචි ඇළ පාරක් ගැන.. ඒක කුඹුරු වලට ජලය ගන්න හදපු එකක්...
Deleteසිරාටත් වෙලා තියන වැඩ...!අද තමයි ඕන් මේ පැත්තේ ආවේ ආ...
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteදිගටම එන්න..
මාත් පොඩි කාලේ ඔහොම සීන් එකක් වෙලා අම්මා තමා අතින් අල්ලගෙන ගොඩට ගෙනාවේ. ඒ විදිහට හුස්ම ගන්න බැරුව යද්දී ප්‍රාණ භයම තමා එන්නේ...
ReplyDeleteගිලෙන්න යන මිනිහා තුත්තිරි ගහෙත් එල්ලෙනවා කියන්නෙ ඒකයි...
Deleteපිදුරු ගහේ කියලාත් කියනවා නේද :)
Deleteඔබ හරි මට ඩිංගක් ටැපලිලා..
Deleteසොරි මචං සිරෝ........! මේ අඟනා පෝස්‍ටුව කියවන්ට පරක්කු උනාට..! මේ දවස්වල ඉහ පිරෙන්න වැඩ.ඒ මදිවට පොඩි උන් අසනීප වෙලා...!
ReplyDeleteමටනම් පිස්සු හැදුනා...නියම පෝස්‍ටුව උඹගෙ පියාගැන නම් අභිමානයක් ඇතිවෙන්නෙ..! නියම යුතුකම් දන්න පියෙක්...මගෙත් උත්තමාචාරය එතුමාට..!
මටනම් පිහිනන්න බැහැ..අපේ ප්‍රදේශයේ ගඟක් නැහැ..පුංචි ඇල පාරක් තමයි තිබුනේ..ඒකෙ පිහිනන්න බැහැ..!අපේ අනාගත පරපුර ගැන නොයෙක් කාරනාවලදි දුකගෙනෙන කාරනාමයි තියෙන්නෙ.ප්‍රායෝගික මිනිසුන් බිහිනොවෙන ආකාරය තමයි දක්නට තියෙන්නෙ. මගේ ටෙක් එකේ යාලුවෙක් හිටියා ක්‍රිෂාන්ති කියල දොම්පෙ.එකදවසක් ඇගේ ගෙදර අපි ගිය වෙලාවක කැලණි ගඟේ එහාකොනටත් ,මෙහාකොනටත් පිහිනුවා අපි කට ඇරගෙන බලා හිටිද්දි..කුඩාශරීරයක් තිබුනට ඈ කල දේ අපට හරිපුදුමයි.
අයියෝ මොන පරක්කුවක්ද...මම හිතුවෙ වී පොකුර අවිවාහක කුල කුමරෙක් කියලා.. අද තමා විවාහකයි කියලා දන්නෙ... ඔබත් පියාට බොහොම සමීප බව ඔබේ පෝස්ටුවකින් මම දැන ගත්තා... අපේ පැත්තෙ හිටපු ගෑල්ළමයි උනත් එහෙමයි... අපි පීනන්න ඉගෙන ගන්න කාලෙ ඒගොල්ලො හොදට පීනනවා දැක්කම මගේ ලාමක හිතට පොඩි ලැජ්ජාවක් ආවා කෙල්ලොත් පීනනවා අපිට බෑ කියලා...
Deleteඑල මචන්, රසවත් ලිපියක්
ReplyDeleteස්තූතියි පුබුදු...
Deleteඑළ ! මටත් අත්දැකීම් දෙක තුනක්ම තියේ අපේ ගෙදර එහා පැත්තේ වැව ඉතින් පොඩිකාලේ දවසට පැය 4ක් විතර වැවේ තමයි. ජය!!
ReplyDeleteඑහෙනම් හොද සෙල්ලම් දන්නවා ඇති... සතුටුයි චූටි පුතා...
Deleteමගේ ජීවිතේට ඇලදොළ ගංගා බොහොමයක් සම්බන්ධයි. සමහර අත්දැකීම් මම මගේ බ්ලොග් එකේදී කියන්නම්. මම උසස් පෙළ හදාරපු පාසල තිබුනේ කැළණි ගඟ අයිනේ. සිරා දන්නවනේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේදී අපට හැදෙන උන.මම තවත් යාළුවො පිරිසක් එක්ක මහ රෑ ගඟ ළඟට ගියා උණගස් කපාගෙන එන්න අපේ නිවාසය ඉදි කරන්න. එතන ගඟේ ඉවුර උසයි. කළුවරේ මාව වැටුනා ගඟට. ඒ හරිය ගැඹුරුයි. කනා මැදිරි එළියක් වගේ ටෝච් එකක් ගහලා, ඒ එළියෙන් මාව හොයාගෙන, මගේ යාළුවො කපපු උන ගහක අග්ගිස්ස මගේ ළඟට දික් කලාම, මම ඒක අල්ලගත්තා. යාළුවො මාව ඇදලා ගත්තා. එහෙම නොවුනානම් මම ඉවරයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
විචාරක තුමාව සාදරයෙන් කාමරයට පිළිගන්නවා
Deleteඔබේ සිදුවීම ඉතා භයානක එකක්... වැඩිහිටියෙක් ළග නොමැති වීමත්.. අදුර වැටුන අවස්ථාවක් වීමත්.. මොනවා උනත් ඔබේ මිතුරන් කලබල නොවී ක්‍රියාකර ඇති ආකාරය විශිෂ්ඨයි... මේ වගේ අවස්ථාවල ගොඩාක් අය භයටම ගිලෙන කෙනා අතඇරලා දුවනවා...
මට නම් පීනන්න බෑ. ඒ ගැන මම අදටත් ගොඩක් දුක්වෙනවා. මම පීනන්න ඉගෙනගන්න පොඩිකාලේ ඉඳලම හරිම ආසයි. ඒත් අවස්තාවක් නැති වුණා. මොනවා කරන්නද? දැන් ඉතිං ගොඩ පීනනවා. :) ට්‍රිපක් ගියාම එහෙම පීනන්න දන්නා එකේ අගේ කියලා වැඩක් නෑ.
ReplyDeleteඒ ගැන දුක් වෙලා පලක් නෑ නොවැ... පිහිනුම් තටාකයක හරි පුරුදුවෙන්න තවමත් ඔබට අවස්ථාව තියෙනවා...
Deleteලස්සන ළමා කාලයක්. මගේ අප්පච්චිත් හැම තිස්සෙම කියන කතාවක් තමා පීනන්ට හැම ළමයෙකුම පුරුදු කලයුතුබව.
ReplyDeleteලස්සන කටහඬ තාම ඇහුවේ නෑ. අහලම කියන්නම්.:)
ස්තූතියි මේ පැත්තෙ ආවට..
Deleteකිව්වත් වගේ අහලම කියන්නකො එහෙනම්...
මට්ත් ඔය අත්දැකීම ලැබිල තියෙනවා. රත්තපුරේ කළුගගේ අතු ගංගාවකදි, ඒකෙ මැණික් ගරපු ඇදුම් පතලෙකට තමා මාව ඇදිලා ගියේ. ඇදිලා යද්දි මට ක්ෂණිකව දැනුනා ඉස්සරහට නැවිලා වැල්ල අල්ලගෙන ඉහළට ආවොත් හරි කියලා, ඇත්තටම ඒක හරිගියා. නැත්නම් එදාම මට වැඩේ සිද්ධවෙනවා.
ReplyDeleteඑදා සිදුවුන කණගාටුදායකම සිද්ධිය නම් ඒ මොහොතේ මාත් එක්ක පීන පීන හිටිය මිතුරෙක් ඊට පැයකට විතර පස්සෙ ඒ වගේම පතල් වලක ගිලිලා මිය ගිය එකයි. ඔහු ගගේම ඉපදුනු තරමට ගගට හුරු කෙනෙක්. නමත් ගංගා.
මට ඊට පස්සෙ සෑහෙන කාලයක් යනකල් ගගට යන්න අවසර ලැබුනෙ නෑ.
ඔය කියන පලාතෙ පිහිටීම අනුව ගංගා වල ජල මට්ටම වර්ෂාව නිසා හිතාගන්න බැරි තරම් වේගයකින් ඉහළ යන්නෙ... ඒ හින්දා වැසි දවසක නාන්න බහිනවා නම් හොද අවධානයක් තිබිය යුතුමයි.
Deleteමමත් දැන් ටික ටික ඉගෙනගන්නවා පීනන්න. වැඩේ කියන්නේ ගෙට පහලින් ගඟක් තිබුනට එකට බහින්න බැහැ මඩ හින්ද. ඒ හින්ද අපේ පුංචිගේ ගෙදර ගියොත් තමයි පීනන්න ගඟට බහින්නේ.
ReplyDeleteඑහෙම හරි කමක් නෑ... ඉගෙන ගත්තොත් වාසිය තමන්ටමයි...
Deleteමේ පෝස්ට් එක දෑක්කම මට මතක් උනේ මගෙ යාලුවගෙ අය්ය ඔය සිරා ගිය ඉස්කොලෙටම තමා ගියේ.එයා 6 වසරෙ ශිශ්ශත්ව විබගෙන් සමත් වෙලා(ල0කවෙන්ම 11 වෙනියට ) ඔය ඉස්කෝලෙට ආවා එයා 9 ශ්‍රේනියෙ ( 1987 )යාලුවො එක්ක කෙටවල ඈනිකට් එකේ නාන්න ගිහින් දියෙ ගිලිලා මරුනා. සමහර විට දන්න අය දන්නව ඈති එයගෙ නම වසන්ත ගම ගස් 5 වෑල් 1 තියන අඩ්‍රස් එක තියන පලතේ. ඉන්දික
ReplyDeleteඅපරාධයක් වෙලා තියෙන්නෙ නේද...රටට හොද සම්පතක් වෙන්න හිටපු කෙනෙක් වගෙයි.
Delete