නානා ප්‍රකාර අදහස් රැගත් මරණ බැනර් ධවල පැහැයෙන් නිවෙස වටා දිවෙන කොළ පාට දැලේ එල්ලී ඇත. ඇගේ අවසන් කටයුතු වලින් ඉක්බිති ගෘහය පුරා තවමත් ඇත්තේ වචනයෙන් කිව නොහැකි පාලුවකි. නිවැසියෝ තැන් තැන් වල කල්පනා ශරීරයෙන් සිටින අතර සාලයේ පොල්තෙල් පහනක් දින කීපයක් පුරා නොනිමී දැල්වේ. ජීවිත ගමනේ අනිත්‍ය පිළිබද බුදු පියාණන් දෙසූ ධර්මය පසක් කරමින් සිරාගේ ජීවිතයට තවත් අසුන්දර ඉරිදාවක් එක් කර ඇය ගම්පහ රෝහලේදී ගිය ඉරිදා අවසන් හුස්ම හෙලුවාය. ඉන් ඉක්බිති සදුදා හවස් යාමයේ සිරාගේ කිරි අම්මා රූපකායෙන් අප සැමගෙන් සමුගෙන කනත්තේ පස් යට සැගවුනාය. ඒ ඇගේ අවසන් ඉල්ලීම පරිදි පැය 24ක් ඇතුලතය.
ඉකුත් අප්‍රියෙල් මස අවුරුදු සාදයේදී කිරි අම්මා මුහුණ දුන් අවසන් ඡායාරූප වලින් එකක්... දකුණු පස කෙළවරේම සිරාගෙ තාත්තා හා ඊට යාබදව සිරාගේ එකම සහෝදරයා වේ. |
කුඩා එකකු කාලයේ සිට අද දක්වාම ඈ මා වෙත දැක්වූ සෙනෙහස, හිල් පොල් කට්ටෙන් දිය නෑවූ අතීතය, ජරා ජීරණ වූ කල අලුත් ඇදුම් අන්දවා පියරු බිදක් ඉස නලල මැද්දට වෙන්න ලොකු මොට්ටුවක් තැබූ යුගය මට කදුලු අතරින් සිහිපත් විය. මා කැටුව පන්සල් ගිය හැටි, මා වෙනුවෙන් උයා පිහා දුන් හැටි මා හට තව තවත් රිදවීය. කෙනෙකු ජීවත් ව සිටින තාක් කල් නොදැනෙන අගයක් මිය ගිය පසුව දැනෙන අරුමය විදිමි.
ජීවිතය නම් මායා රගමඩලේ අපි සියල්ලෝම නලු නිලියෝ නොවෙත්ද ? දිනය එළැඹුනු කල එතෙක් කල් ගොඩ ගැසූ ධනය,බලය, සියල්ල හැරදමා මේ තාවකාලික නවාතැනින් සමුගත යුතු නොවේද ? අහෝ ... අභාග්‍ය නම් සමහරුන් කිසිදා නොමියෙන්නන් ලෙස අනුන් පෙලා තමා ජීවත් කරවන්නට යත්න දරන ඛේදනීය උත්සාහයයි. මෙය කියවන ඔබද එවැනි අයෙකු යැයි ඔබේ හෘද සාක්ෂිය සන් කරනවා වෙන්නටත් පුලුවන්.. එසේනම් දැන්වත් වෙනසකට මුල පුරන්න යැයි මම ඔබට ඇරයුම් කරමි. විශේෂයෙන් ඔබ ආදරණීයව මේ ලොව තුල උස් මහත් කල අය වෙනුවෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්නට අවධාරනය කරමි.
කෑගල්ලේ නෙලුම්දෙනියේ ඉපිද විවාහය සමග ගම්පහ පුරවරයට සැපත් වූ ඇය... මිය යන විට සිටියේ ඇගේ වැඩිමල් දියණිය හෙවත් සිරාගේ මව සමග අපේ නිවසේ වාසය කරමිනි. අප නිවසට පැමිණෙන කෙටි කාලය අතර තුර වුව ඇය වටාපිටාවේ අයට පෑ දයාවේ ආනුභාවයෙන් ඈ වටා කෙතරම් නම් ජනතාවක් සිටියේද යන්න අපට ප්‍රත්‍යක්ෂ වූයේ ඇයට සමුදෙන්නට නිවසට පැමිණි ජනතාව දුටු විටය. සිරාගේ තාත්තාද සිය නැන්දනියට මවක මෙන් පුදසත්කාර කළේය. ඒ ඔහුගේ මව මේ වන විටත් අහිමි වී තිබීමේ අඩුව ඔහුට මදක් හෝ එමගින් සම්පූර්ණ වන්නට ඇති නිසා යැයි මට සිතේ. අවමංගල අවස්ථාවට අවැසි සෑමදේම අසල්වැසි පිරිස් ස්වේච්චාවෙන් සම්පාදනය කලේ අප ගම් පෙදෙසේ තවමත් මනුෂ්‍යත්වය ඉතිරි වී ඇති බවට දෙස් දෙමිනි.
අවසන් කටයුතු සිදුකල දින මතක වස්ත්‍ර පූජා කර පැන් වැඩීමෙන් අනතුරුව සාරධර්ම දේශක ගිල්බට් කරුණාරත්න මහතා මව්ගුණ ගැන ඉතා සංවේදී කථාවක් පැවැත්වූයේය. කථාව අතරතුර මව අහිමි ඔහු මෙන්ම තවත් අය ප්‍රසිද්ධියේ සිය කදුලු ගංගාවට ඔහේ ගලා යන්නට ඉඩ දුන්නේ මව් ගුණ යනු අපේ ඇට මස් ලේ නහර විනිවිද ගිය මහා බලයක් බව පසක් කරමිනි. පාංශු කූලය සදහා වැඩම කල කුඩා ස්වාමීන් වහන්සේ නමකගේ දෑසින් වැගිරෙන කදුලු බිදු කථාව ඇරඹීමට කලියෙන් පැන්වැඩීමට බිම හිදගෙන සිටි මා හට පෙනින. උන් වහන්සේටද මවගේ අරුම සැනින් දැනෙන්නට ඇත.. චීවරය ගත දරා අලුත් ඉමකට ප්‍රවිශ්ඨ වී නිවන් මග සොයන බුද්ධ පුත්‍රයකු බව අමතක වන්නට ඇත.
ගිල්බට් මහතා එදා පැවසූ කථාවක් මෙසේය.
බුද්ධ කාලයේ එක්තරා සිටු නිවෙසක ප්‍රත්‍රයෙක් මහන දම් පිරීමට නිවෙසින් නික්මී සසුන් ගත විය. එම දෙමාපියන් සතු එකම පුත්‍ර රත්නය වු ඔහු බුදු සසුනට ඇතුලු වීමෙන් අනතුරුව ගම් නියම් ගම් පුරා ධර්මප්‍රචාරය සිදු කර සෑහෙන කල් ඉක්ම ගිය පසු නැවතත් තමා කුඩා කල විසූ ජනපදයට වැඩම කළේය. ගෙයින් ගෙට පිඩු සිගා වඩින ගමනේදී තම නිවසටද පැමිණියෙන් මහලු පුද්ගලයකු බවට පත්ව සිටි පියා වැඩම කර ඇත්තේ තම පුතු බව නොදැන හුනස්නෙන් නැගිට නිවෙස තුලට ගොස් ඇඹේනියගෙන් විමසුවේ පිඩු සිගා වඩින හිමි නමක් පැමිණි බවත් දන් දීමට කිසිත් නැතිද යන වගත්ය. අපිට බොන්න හදාගත්ත කැද කෝප්ප දෙක මිස කිසිත් නොමැති බවට ඈ දුන් පිළිතුර ශ්‍රවණය වූ හිමි නම බොහෝ සංවේගයට පත් විය. මහලු වියට එළඹ ඇති සිය මාපියන් හට කිසිවෙකුගේ සරණක් නොමැති හෙයින් උපැවිදිව ඔවුන්ට උවටැන් කිරීමට සිතීය. චීවරයේ සිට මේ කාර්යය කිරීමට නොහැකි බව උන් වහන්සේ මුලින් සිතුවත් පසුව ඒ අදහස අතහැර චීවරයේ සිටිමින්ම දෙමාපියන් පෝෂණය කිරීමට ඉටා ගත්තේය.
දැන් මේ භික්ෂුව දිනපතා පිඩුසිගා වඩී.. ලැබෙන දෙයින් දෙමාපියන් පෝෂණය කර ඉතුරු වන දෙයක් වේ නම් උන්වහන්සේ වළදයි. කෙසේ හෝ මේ පුවත කෙටි කලකින්ම අනෙකුත් භික්ෂූන් වෙත දැනගන්නට ලැබී පවුල් නඩත්තු කරන භික්ෂුවක් ලෙස හංවඩු ගසා බුදු රදුන් ඉදිරියට පමුණවා ඇත.
ශ්‍රමණය !! මේ කියන කථාව ඇත්තක්ද ? යනුවෙන් බුදු රදුන් විචාළෝය...
එසේය ස්වාමීනී යනුවෙන් පිළිවදන් සැපයූ භික්ෂුව තමා මුහුණ පෑ සිදුවීම නොවලහා හෙලි කළේය. තමා පැවිදි වීම හේතුවෙන් මහලු වියට පත් දෙමාපියන් හට පිළිසරණක් නොමැති හෙයින් මෙසේ ක්‍රියා කරන බව දැන්වීය.
ඒ බස් ඇසු තිලෝගුරු බුදු රජානන් වහන්සේ සාධුකාර පැවැත්වූ සේක !!!
දෙමාපියන්ට සැළකීම යනු තමන් වහන්සේට සැලකීමටත් වඩා උතුම් වූ පිනක් බවත් බුදු බවට පත් බුදු කෙනෙකුටත් වඩා ඉදිරියෙන් මව හා පියා තබවා ඔවුන් වෙත කරනා පුද සත්කාර ඉමහත් ආනිශංස සහිත බවත් පහදා ධර්මය දේශනා කල සේක.... ගෙදර බුදුන් අම්මා යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ මවක් සිය ජීවිත කාලය තුල දරුවන් වෙනුවෙන් කරනා අසීමිත කැප කිරීම් නිසා බැව් මේ කථාබහ සභාවට ගෙන හැර පෑ ගිල්බට් කරුණාරත්න මහතා පැවසූවෙන් අවමංගල සභාව බොහෝ සේ හැගීම්බර විය. ඇතමෙක් තැන් තැන් වල තනිව හැඩුවේ තම තමන්ගේ නැසී ගිය මව්වරුන් සිහිපත් වීම නිසා විය යුතුය.
කථාබස් අවසානයේ කිරිඅම්මා සහිත දෙන ඉහළට එසැවිනි. එහි බර දරාගෙන එක් කෙළවරක මාද තවත් කෙළවරක මගේ මළනුවන්ද විය... අප දෙදෙනාම කුඩා කල හදා වඩා ගැනීමට මවට දැක්වූ සහයෝගය ඇතුලු බොහෝ දේ මට කනත්ත දක්වා ප්‍රධාන මාර්ගයේ පාගමනින් ගිය ඒ ගමනේදී සිහිපත් විය. ඉදිරියට පැමිණි බොහෝ රථ වල රියැදුරන් අසුනෙන් නැගී සිට ගෞරව දක්වන විට මට සිහිපත් වුනේ අපේ සමාජයේ තවමත් සාරධර්ම සුරකින පුද්ගලයන් සිටිනවා නොවේද යන්නයි.
ලොවේ ඇතිවන සෑම දේම දිනෙක නැසෙන සුලුය. වර්ෂ 2600 කටත් එහා අතීතයේදී බුදු රජානන් වහන්සේ අපට කියා දුන් ඒ පාඩම සිහිපත් කරගෙන දුක තුනී කරගත් දෑසින් මම හාත්පස බැලීමි. සුවබර නින්දකට සියල්ල සම්පූර්ණය... ඇගේ ඉදිරි ආත්මය වඩාත් යහපත් එකක් වන්නට පතමින් දෑසින් ගලන කදුලු තදකරගෙන අවසාන වශයෙන් ඇගේ මිනී වලට වැලි අහුරු කීපයක් එක් කළෙමි.
දැන් ඉතින් සියල්ල අවසන්... ඔබේ සිනහව, ඔබේ කථාබහ, ඔබේ කරුණාව අදින් පසු අපහට විදිය නොහැක... ඒ සුන්දර අතීතය තවත් බොහෝ කල් මගේ හදවත පාරන බැව් මම ඉදුරාම දනිමි. ජීවතුන් අතර සිටින කල මා අතින් සිදු වූ කුඩා වැරැද්දකට වුව මා හට කමා කල මැන.
කිරි අම්මේ!! අප වැනි උන් උස් මහත් කරන්නට ඔබ දැරූ වීරියේ බලයෙන්ම ඔබට නිවන් මග දොර විවර වේවා !
කිරි අම්මා ජීවතුන් අතර සිටි කල සිරා ලියූ පෝස්ටුව මෙතැනින්
මම සයිබරයේ අලුත් මිතුරා සිරා.
ප.ලි
එදින අවමංගල සභාවේ වැඩ කටයුතු මෙහෙයවූ තරුණ හිතවතාද ජීවතුන් අතර සිටින සිය මවට නොසලකන අයෙකි.. ගිල්බට් මහතාගේ සාරගර්භ කථා බහෙන් අනතුරුව ඔහු දැන් සිය නිවෙසට නැවතත් මව් තුමිය කැදවා ගෙන පැමිණ ඇති බව පසුව සැළ විය. ඒ පින ගිල්බට් මහතාට අනුමෝදන් විය යුතුය.
ඔබේ මිත්තනිය/මව මේ දෙදෙනාම උදාර කාන්තාවන්ය... මේ ආත්ම භවයේදී නැවතත් මෙවැනි ඇසුරක් ඔවුන් සමග ඇති නොවන හෙයින් ඔබේ ශක්ති පුමාණයෙන් ඔවුන් රැක බලාගන්නට කැපවන්න.
සිරාගේ ආයාචනය එයයි.
ඇගේ ඇදුම්, ඇය භාවිතා කල කෝප්පය ඇතුලු බොහෝ උපකරණ තවමත් ඒ ඒ තැන්වලම තබා ඇත්තේ.. ඒවා ඉවත් කිරීමට තරම් ධෛර්යයක් මගේ මවට නැති නිසාය.
කිරි අම්මාගේ නිසල දේහයේ කිසිම ඡායාරූපයක් මා ගත්තේ නැත. ඒ එලෙස ඡායාරූපයක ඈ දකින්නට මගේ කැමැත්තක් නැති නිසාවෙනි.
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි
ReplyDeleteකිරි අම්මාට නිවන් සුව!!
ඔබේ ප්‍රාර්ථනයට පින්.... මගේ පැතුමත් එයම තමා...
Deleteඇයට නිවන් සුව ලැබේවා..
ReplyDeleteමගෙත් ප්‍රාර්ථනය එයම තමයි..
Deleteපොඩි අයට අම්මා ලඟට, නැත්නම් අම්මටත් වඩා සමීප වෙන්නේ කිරි අම්මා.
ReplyDeleteඔය වගේ අවස්ථා වලදි මචං ගම් වල හුඟක් වෙලාවට එකමුතුව දකින්න පුළුවන්. ගෙදර අයට කරන්න දෙයක් ඇත්තෙම නෑ.
උඹගෙ කිරිඅම්ම බොහොම කරුණාවන්ත ගුණයහපත් කෙනෙක් කියල පේනව පෝස්ට් එක කියවපුවාම. අනික තමා මචං මම විශ්වාස කරන විදියට ඔය වගේ මැරණයක් සිද්ධ වෙන්නේ පින් කරපු අයට. මොකද දුක් විඳ විඳ අවුරුදු ගනන් ඉන්නේ නෑ නේ.
මේ කාලයේ හැටියට හොඳ ආයු කාලයක් ගෙවල තියනවා.
ඉතින් අනිවාර්යයෙන්ම හොඳ ස්ථානයක උත්පත්තිය ලබල ඇති.
උඹගෙ ශෝකය බෙදා ගන්න මමත් එකතු වෙනවා.
කිරි අම්මාට නිවන් සුව ලැබේවා!!!
ස්තූතියි යාලුවා... මේ කොමෙන්ටුව දාන විට වුනත් මට ගොඩාක් දේ අතීතයෙන් මතක් වෙනවා... හොද තැනක ඉපදිලා ඇති කියන සිතුවිල්ලෙන් තමයි හිතේ තියෙන දුක තුනී කරගන්නෙ... ඇය වෙනුවෙන් හොදින් පින් දහම් කරන්න තමයි බලාපොරොත්තුව...
Deleteසිරා ආච්චිලට / සීයලට කිට්ටුවෙන් ඉන්නෙ තරුණ උන් දැන් අඩුයි. ඒ අතින් උබ සිරා !
ReplyDeleteගොඩක් උන් ආච්චි / සීයලගෙන් ඈත් වෙන්නේ දෙමව්පියෝවත් එයාලට නොසලකන නිසා. මේ පෝස්ටුවෙන් පේන්නේ උබ ඇතුලු ගෙදර අය ආච්චිට සලකපු විදිහ.
අපේ ආච්චිත් පට්ට සිරා. සෙන්චරිය ගහන්න ලගයි. මම හිතන් ඉන්නේ එදාට පෝස්ට් එකක් දාන්න.
කිරි අම්මා හොද තැනක ඇති මචං !!
සෑමාගේ ආච්චිට දීර්ඝායුෂ පතනවා...
Deleteආච්චි ලා සීයලා සතු වටිනාකම තේරුම් යන්නෙ ගොඩාක් උන්ට ඒ අය මෙලොවින් සමුගත්තට පස්සෙ... මේ අය සතු අත්දැකීම් සම්භාරය ගැන කියන්න වචන නෑ... මම නම් පුලුවන් හැම විටකම ගොඩාක් දේවල් කිරි අම්මගෙන් අහ ගත්තා...අපි අද දෙමාපියන්ට සැලකුවොත් තමයි ඒවා දකින පොඩි ළමයා හෙට දවසෙ අපිට සළකන්නෙ... එහෙම හැමෝම හිතුවොත් වැඩිහිටි නිවාස ලංකාවෙන් තුරන් වේවි.
එදා මම කිරි අම්මාට පැතූ දීර්ගායුෂ මාස දෙකකට කෙටිවීම දුකයි සහෝ..ඒත් ලෝක සත්‍යය ඕක තමා.. ඕකට අපි මුහුණ දෙන්ඩ ඕනා.. ඒකට උඹට ධෛර්යය පතනවා.
ReplyDeleteඇය හොඳ ප්‍රතිසන්ධියක් ලබාවි..කිරි අම්මාට නිවන් සුව !!
අපි කවුරුත් කොයි මොහොතේ මිය යාවිද කියලා කියන්න බෑ... ආශාවන් පොදි නොබැද හැමෝම එක්ක සහයෝගයෙන් ජීවත් වෙන එක තමයි හොදම දේ. ඇය කල පිංකම් අපමනයි.. ඒ පින් බෙලෙන් නිසැකවම එය හොද ප්‍රතිසන්ධියක් ලබාවි.
Delete:( කිරි අම්මට නිවන් සුව!
ReplyDeleteඔබේ ප්‍රාර්ථනාව යථාර්ථයක්ම වෙන්න කියලා තමයි මමත් පතන්නෙ... ස්තූතියි නංගි...
Deleteකිරි අම්මට නිවන් සුව ලැබේවා!
ReplyDelete-හරී-
ස්තූතියි හරී...
Deleteසංසාර ගමන ඉක්මණින් නිමා කිරීමට ඔබේ කිරි අම්මාට හැකිවේවා...
ReplyDeleteකුඩා කල අප උස්මහත් කිරීමට ඇය දැරූ අපමණ වෙහෙස මතක් වෙද්දි හිතට ගොඩාක් දුකයි... ඇය වැනි උතුම් කාන්තාවක් සංසාර ගමන ඉක්මනින් නිමා කරාවි.
Deleteකතාව ලියපු හැටි අපූරුයි...ඇසට කඳුලක් ගෙනෙන්නට පුලුවන් වුනා...
ReplyDeleteඔබේ දුක අපිත් බෙදාගන්නෙමු...
පෝස්ටුව කියවලා ඔබේ දෑසට කදුලක් ආවා නම් ඒ ඔබේ හදවත සංවේදී නිසයි... ඔබේ දෙමාපියන්ටත් ඉතා හොදින් සළකන්න.. දිනෙක ඒ අය මෙලොවින් සමුගෙන ගියත් අප කල දේ ගැන සතුටු විය හැකියි...
Deleteඉපදෙන හැමෝටම මරණය පොදු ධර්මතාවක්. ඒත් අපේ හිතවතෙක් සහෘදයෙක්, ඥාතියෙක්, හදවතට දැනුනු ලෙන්ගතු බැඳීමක් ඇති කරගත් අයෙක්ගෙ හදිසි වියෝවක් අපට එතරම්ම ලෙහෙසියෙන් දරාගන්න බැහැ. සිරාගෙ මුල් පෝස්ට් එකෙන් මම තේරුම් ගත් දෙයක් ඔයා කිරි අම්මට කොයි තරම් ආදරේද, කොයි තරම් ඇය ගැන සිතනවද කියල. ඇත්තෙන්ම ඒ වගේ දරු මුණුබුරන් ලැබීමට තරම් කිරි අම්ම වාසනාවන්තයි. ඇය වැනි පින්බර මාතාවකගෙ සෙනෙහස ලැබූ ඔබත් භාග්‍යවන්තයි සිරා, සිරාගෙ දුක බෙදා ගන්න මාත් එකතු වෙනව. කිරි අම්මාට සසර ගමන කෙළවර අමාමහ නිවනින් සැනසීම ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා !
ReplyDeleteඇත්තමයි මම තාමත් මේ දැක්කෙ නපුරු හීනයක්ද කියලා හිතනවා... එතුමිය දරුවන්ට මොන තරම් ආදරේ කලාද කියලා මතක් වෙනකොට ගොඩාක් දුක හිතෙනවා... කිරි අම්මා බූන්දි කන්න ගොඩාක් ආස හින්දා මම වැඩි වාර ගානක් එයාට ඒවා අරන් ගිහින් තියෙනවා... එයාට දෙන කොටසින් පොඩ්ඩක් අරගෙන ඉතුරු ටික ආයෙත් අපටම බෙදන්න තමයි එයා හැමවිටම උත්සාහ කලේ... දුකයි තමයි මතක් වෙනකොට... බුදු දහම ගැන හිතලා හිත හදා ගන්නවා...
Deleteඇස් දෙකට කඳුලු ඉනුවා සිරෝ...! මගෙත් ආච්චී මේ ලඟදී මිය ගියා. එනිසා තවත් දුකයි.මේක කියවලා. .!
ReplyDeleteමෙවන් මව්වරුන් නැවත් අප අතරේම ඉපදියයුතු කාලය ඇවිල්ල........!
මේ පෝස්ටුව ලියන වෙලේ වගේම කොමෙන්ටු දාන හැම වෙලාවකම මගේ ඇස්වල කදුලු තියෙනවා... මෙවන් මව්වරු ඇත්තටම වාසනාවන්....
Deleteමියයෑමේ දුක වඩාත් දැනෙනුයේ ජීවත් වන්නන්ටය .....
ReplyDeleteකිසිම දෙයකට ඇලී ගැලී ඉන්න නරකයි.... ආදරයට උනත් එහෙමයි... එහෙම උනොත් යමක් අහිමි උනාම දරාගන්න ලේසියි...
Deleteකිරි අම්මට නිවන් සුව ලැබේවා!!!
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteඔබේ ප්‍රාර්ථනාව එලෙසම ඉෂ්ඨ වෙන්න කියලා තමයි මමත් පතන්නෙ...
මට මගේ අත්තම්මා සිහිවුනා. මිත්තණියකගේ සෙනහස හරිම අපූරු එකක්. ඔබේ කිරි අම්මාට නිවන් සුවයම පතනවා ඉත සිතින්ම.
ReplyDeleteඇගේ සෙනෙහස ඇත්තටම අපූරුයි...
Deleteමට අම්මා දැඩිව බනින අවස්ථා වල කිරි අම්මා ඇයට බැනලා තියෙනවා පුතාට බනින්න එපා කියලා... ඇය ඒ තරමට අපිට ආදරය කලා... ඒ ආදරයට මම පුදුම විදියට ණයගැතියි.
මාව හදාගත්තේ මගේ අත්තම්මා.. අත්තම්මා නැති දවසක් එනවා.. ඒත් එදාට මට ඒක දිහා බලන්න බැරිවෙයි.
ReplyDeleteඔබේ කිරිඅම්මා ට අමා මහා නිර්වාන සුවය පතනවා..
අත්තම්මා නැති වන දවසක් එන බව තමා යථාර්තය.... එහෙත් ඒ දවස ගොඩාක් පරක්කු වී එන්න කියලා තමයි මම ප්‍රාර්ථන කරන්නෙ...
Deleteඇයට දීර්ඝායුෂ ලැබේවා !
ඔබේ කිරි අම්මට නිවන් සුව ලැබේවා!
ReplyDeleteඔබේ ප්‍රාර්ථනාවට ස්තූතියි හිරු..
Deleteසිරා ඉරි අම්මට කොපමණ ආදරෙන් උන්නද කියල අපි කියෙව්වා කලින් ලිපියේ. හිතට ගොඩක් අමාරු ඇති . අයගේ සසර ගමන නිවනින් කෙලවර වේවා කියා ප්‍රර්ථනා කරනවා .
ReplyDeleteස්තූතියි... ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම වෙනවා නම් කොච්චර දෙයක්ද..
Deleteකිරි අම්මට නිවන් සුව පතන්නෙමු....
ReplyDeleteමගේ පැතුමත් එයම තමයි...
Deleteසිරාගේ කලින් පොස්ට් එකෙදිත් මට මතක් අනේ මගේ ආතා... අම්මගේ අම්මගේ තාත්තා... අවුරුදු 106ක් නීරෝගීව ආයු වළදලා වෙසක් දවසේ පාන්දර මිය ගියා.... එතකොටත් හැමෝම කිව්වා හරිම පිංවන්ත මරණයක් කියලා.... මැරෙන්න ටික වෙලාවකට කලින් දොහොත් මුදුන් තියලා වැන්දා කියලා ලොකු ආච්චි කිව්වා....
ReplyDeleteසිරාගෙ කිරි අම්මටත් වාසනාවන්ත මරණයක් අත්වෙලා තියෙනවා... ඇය දුක් වින්දේ නෑ.. අවසාන මොහොත වෙනකම්ම සතුටින් හිටියා.... ඇයගේ මතු සංසාර ගමනත් මේ වගේම පිංවන්තව ගත කරලා නිවනිත් කෙලවර වේවා කියලා පතනවා....
ඔය පින්වන්ත කථාව කිරි අම්මා ගැනත් ගොඩාක් අය කියනවා...මටත් එහෙම හිතෙන්නෙ නැතුව නෙමෙයි... ඇය හොද තැනක ඇති කියලයි හිතෙන්නෙ...
Deleteකෙනෙකුට ලෝකයේ ඉන්න කාරුණිකම කෙනා ආච්චි සීයා කියලයි මට හිතෙන්නේ. මොකද අපි වරදක් කල වෙලාවට දෙමව්පියන් අප සමග උරණ වුනත්, ඒ වෙලාවටත් අපේ පැත්ත ගන්නේ මේ දෙන්න. මේ දේ සිරාට විතරක් විඳින්න ලැබුන හෝ ලැබෙන දෙයක් නොවෙයි. මේක අපි කාටත් පොදූ ධර්මතාවක්. මම හිතන්නේ ආච්චි වෙනුවෙන් වෙන්න ඕනෑ ටික සිරා කරලා තියෙනවා. සිරාගේ මේ පොස්ට් ඒක ආදර්ශමත් විදියට පසුතවිලිවීම් කිසිවක් නැතුව ලියන්න සිරාට පුළුවන් වෙන්නේ අන්න ඒ නිසයි. සිරාගේ ආච්චිට නිවන් සුව පතනවා (අපි කියන්නේ ආච්චි කියල තමයි).
ReplyDeleteඔබේ කථාව ඇත්ත... අම්මා තාත්තා බනින වෙලාවට ඒගොල්ලො එහෙම කරනවා තමයි. සීයලා එක්ක ගොඩාක් කල් ආශ්‍රය කරන්න බැරි උන නිසා මට ඔය පරපුර එක්ක සම්බන්ධයක් තිබුනෙ කිරි අම්මා හරහා විතරයි... ඇය ඉතාමත්ම ආදරෙයි ඇගේ දරු පරපුරට... අපිත් ආච්චි කියලා තමයි කියන්නෙ... ආදරේ වැඩි කමට අපි කිරි අම්මා කියන්නෙ...
Deleteජිවිතයේ කෙලවර මරණය
ReplyDeleteඅපටත් පොදුයිනේ සහෝ
කිරි අම්මාට නිවන් සුව පතනවා!
ඔව් ඒ බව අපි හැමෝම දන්නවා උනත්... ළගම හිතවතෙක් මිය ගියාම ගොඩාක් දුකයි...
Deleteකිරි අම්මාට නිවන්සුව පතමි..!! මටත් මගේ ආච්චි අම්මලා දෙන්නව මතක් උනා බං...!! ඒ දෙන්නත් නිවන් මග ගොහින් හුඟක් කල් එක නෙවි ඔය බඩ අඩුකරගනින් උරෙක් වගේ පිම්බෙන් නැතුව
ReplyDeleteදැන් මගේ ආච්චිලා දෙන්නත් ඒ මගේම ගිහිල්ලා... අපිටත් දවසක ඔය ටිකමනෙ...
Deleteපාසලේදි මීටර් 5000,1500, හා මැරතන් ඉසව් ටික දිනලා බටහිර තූර්ය වාදක ඛණ්ඩයෙත් සාමාජිකයෙක් වෙලා හිටපු කාලෙ මගෙ බඩක් කියා නාමයක් වත් තිබ්බෙ නෑ... දැන් නම් වහ චාටර් තමා... ජිම් එකකට යන්නත් වෙලාවක් හොයාගන්න බෑ... පරණ යාලුවො හැමෝටම මට කලින් බඩ තමා පේන්නෙ...
කිරිඅම්මාට නිවන් සුව ලැබේවා..!!!!
ReplyDeleteඔබේ ප්‍රාර්ථනාවට ස්තූතියි සහෝදරයා...
Deleteබොහොම දුක්බර පෝස්ට් එකක්,පෝස්ට් එකක් කිව්වට මේක ඉතින් සැබෑ ජීවිතේනේ.ඔයාගේ කිරි අම්මාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා මමත්
ReplyDeleteපෝස්ට් එක දුක්බරයි තමයි... ඔබේ ප්‍රාර්ථනාවට ස්තූතියි කාව්‍යා...
Deleteයාම් ඊම් පිරුණු ලෝකේ එක යාමක් විදියට සිරා අයියාට ඇර අනිත් ඔක්කොන්ටම හිතන්න පුළුවන් උනත් උඹ අයියට බෑ කියලා මම දන්නෝ.. මම විතරක්ම නෙමේ අපි දන්නෝ.. ජිවිතේ සැප ලබලා... දකින්න ඕනේ හැමදේම දැකලා ඒ මනුස්සය මරුවත් එක්ක ගියේ හිතේ කලකිරීමකින් නෙමේ කියලා හොඳටම විස්වාසයි.. මොකද ඒක අර පින්තුරේ දකින ඕනේ එකෙක්ට තේරෙනවා... එහෙම හිත සතුටින් ගිය කිරි අම්මා අනිවා හොඳ තැනක ඇති.. මම දන්නා කියන කාලේ අත්තලාගෙන් මුත්තලාගෙන් දැක්ක මගේ මතකේ තිබුන එකම ආත්තා මගේ අම්මගේ අම්මා විතරයි.. ඒ හබරාදුවේ ආත්තා 78ක් වෙද්දී අපිව දාලා ගිය.. ජිවිතේ වැඩියෙන්ම අඩපු දවස කවදද ඇහුවොත් ඒ එදා පෙට්ටිය වහද්දි.. මට නම් හීන පෙන්නේ නැති උනත් අක්කට නම් සුභ දෙයක් වෙන හැම වෙලාවකම හීනෙන් පේනවලු. මේ පොස්ට් එක දැක්කම මටත් මගේ ආත්තා මතක් උණා..
ReplyDeleteදියබෙරලිය දළු නෙලන්න ගිය දා
වැටුණු අනෝරා මහා වරුසාවෙන්
කිරිලියක සේ මා උණුසුම් කල
පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ..
හෙලංකඩ ළඟ සිතල සෙවනේ
අමල් බිසෝ ගැන කතා කියාදී
ඇඟිලි තුඩින් මගේ හිස අතගාපන්
නිවන් පුරේ ගිය පෙම්බර කිරි අම්මේ.....
නිවන් පුරේ පලයන් නුඹ කිරි අම්මේ...!!!
කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteඔබේ කොමෙන්ටුව වගේම යටින් ලියලා තියෙන පද පෙළත් අපූරුයි.. ප්‍රියයන්ගෙන් වෙනවීම දුකක් කියලා අපි කිව්වට තමන්ගෙම කෙනෙක් නැති වෙනතුරු ඒ බව හරියටම දැනෙන්නෙ නෑ...
amma lagata kiri amma ape kiyala kathawak thiyanawa man ada bus eke ennakota seeya kenek hambuna e seeya godak dewal kewa ape jeewitha walata ganna godak dewal ape kiri ammala seeyala laga thiyanawa ounge thanikama makanna aun laga enna onna hmm obe kiri ammata niwan suwa lagewa...anuuuu
ReplyDeleteඒ අය ජිවිත ගමනේදී එක්කාසු කර ගත්ත ප්‍රායෝගික දැනුම් ගබඩාවක්... විශේෂයෙන් ජීවිතයේදි එල්ලවෙන අභියෝග හමුවේ නොසැලී සිටින ආත්ම විශ්වාසය ඇති කරගන්න ඔවුන්ට තමන්ගෙ අත්දැකීම් වලින් අපිට උදව් කරන්න පුලුවන්.
Deleteඅපේ කිරි අම්මා නැති උනේ මගේ අත උඩදි. ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් තමයි.
ReplyDeleteප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා මේ සිද්ධියෙන් පස්සෙ මට හොදට දැනුනා... ඉස්සරට වඩා...
Deleteආත්තම්මල ගැන මතක් වෙද්දි දුකයි..ඔයාගෙ කිරිඅම්මට නිවන් සුව අත්වේවා..!
ReplyDeleteඔබේ ප්‍රාර්ථනාවට ස්තූතියි.. කිරිල්ලි..
Deleteඔහොම තමා සිරා අයියේ.. කොයි මොහොතේ අපේ ලඟින් ඉන්න අය අපිව දාලා යනවද කියන්න අපිවත් එයාලාවත් දන්නෙ නෑ.. ඔයාගේ කිරි අම්මා හොඳ තැනක ඉපදිලා හොඳින් ඇති.. එයාට මම නිවන් සුව පතනවා..
ReplyDeleteඑහෙම වෙන්න ඇති කියලා තමයි මගේ විශ්වාසයත්.... පොඩි කාලෙදි අපිව උස් මහත් කරන්න දරපු වෙර වීරියම ඇති උන්දැට නිවන් දකින්න...
Deletesira machan... mama me post eka kiyona 13 weni dawasa ada... kiyona hama dawasema thaniyama andanawa ban...
ReplyDeleteස්තූතියි ඇනෝ මිත්‍රයා...මේ කමෙන්ටුව කොටද්දි ඇය නැතිවෙලා වසර දෙකක් ගත වෙලා. නමුත් තවමත් ඇගේ මතකය අවදිවන විට මගේ දෙනෙත් කදුලින් බොද වෙන්නෙ ඇට මිදුළු කා වදින තරමට ඇය අපට බෙදා දුන් සෙනෙහස නිසාමයි.
Delete