Friday, November 7, 2014

108 දුක දිනූ බිලියන පතියෝ

දුප්පතෙකු වී ඉපදීම ඔබගේ වරදක් නොවූවත්, දුප්පතෙකු සේ මියයාම ඔබේ වරදකි යන්න ප්‍රසිද්ධ කියමනකි. මේ කියමනේ හිමිකාරයා වර්තමාන ලෝකයේ ඉහළම ධනවතා බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නට පුලුවන. දෙමාපියන් එතරම් වත් පොහොසත් කම් ඇති අය නොවුනත් තමන්ගේ මහන්සියෙන් ධනය රැස්කර ධනවතෙකු වීමට එය බාධාවක් නොවේ යන්න මේ වාක්‍යය තුල සැඟවුන අරුත වෙයි. මේ කාරණය ඔප්පු කරනා සත්‍ය කථා ප්‍රවෘත්ති සිය දහස් ගනනක් අප වෙසෙනා සමාජය දෙස විමසිලිමත් දෑසින් බැලූ කලෙක ඔබට සොයාගත හැකි වනු ඇත.

නවලෝක / දාස / සිද්ධාලේප / ගොඩගේ / මැලිබන් / DSI / හරිස්චන්ද්‍ර/ වැනි ව්‍යාපාරිකයන් මේ කාරණය ලක් පොළවේ සිට සාක්ෂාත් කල ඇත්තෝ බවට දෙස් දෙති. ජාලයෙන් පෙරලා සිරා කොලුවා වන මම අද ඔබට කියන්නට යන්නේ එලෙස දුප්පත් කමේ පතුලේ සිට ලක්ෂපතියන්, දශ ලක්ෂපතියන් හෝ කෝටිපතියන් වූ මිනිසුන් ගැන නොව ලෝක මට්ටමේ ධනවතුන් ලෙස වර්තමානයේ වැජඹෙන දුක දිනූ බිලියන පතියන් කිහිප දෙනෙකු පිළිබද තොරතුරු කීපයකි. මේ අය වෙසෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය.

මෙවැනි මිනිසුන් පිළිබඳ ලොවට හෙළිකරන්නේ සුප්‍රසිද්ධ ෆෝබ්ස් සගරාවයි. ඒ අනුව 2014 වර්ෂය සඳහා ඇමරිකාවේ ඉහළම ධනවතුන් 400 ලැයිස්තුව මෙම සඟරාව මගින් පසුගිය සැප්තැම්බරයේදි හෙළිදරව් කලා.


400 සමාජයට ඇතුලු වීම සඳහා මේ වසරේදී තිබිය යුතු වූ අවම වත්කම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.55 ක්. මේ අගය වසරින් වසර ඉහළට යන්නේ දිනෙන් දින විවිධ පුද්ගලයන් මේ කියන 400 සමාජයට අලුතෙන් එකතු වන නිසයි. ගිය වසරේදී 400 සමාජයට එකතු වන්නට අවශ්‍ය වූ අවම වත්කම් ප්‍රමාණයේ වටිනාකම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක්. ෆෝබ්ස් සඟරාව මේ 400 ලැයිස්තුව සකසන්නේ 1982 තරම් වූ කාලයක සිටයි. පසුගිය වසරේදී 400 සමාජය තුල සිටි ධනවතුන්ගෙන් 113 දෙනෙකු තම ස්ථාන වෙනස් නොවී රැක ගන්නට සමත් වී තිබෙනවා.

මේ ලැයිස්තුවේ පළමු ස්ථානය උසුලන්නේ කවරෙකුදැයි ඔබට අමුතුවෙන් මතක් කල යුතු වන්නේ නැත. ඔහු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක බිල් ගේට්ස් නම් වෙයි. මේ ගේට්ස් 400 ලැයිස්තුව පිට පිටම නියෝජනය කරන 21 වෙනි වසරයි. ඩොලර් බිලියන 81 ක් ඔහුගේ වත්කම ලෙස මේ වසරේදී ගනන් බලා තිබේ.



බිල් ගේට්ස්ගේ මිත්‍රයෙකු වන වොරන් බෆට් මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ වැජබෙන්නේ 2001 වසරේ සිටයි. Berkshire Hathaway හි ප්‍රධාන විධායක තනතුර හෙතෙම දරයි. වොරන් බෆට්ගේ සමස්ත වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 67 ක් බවට 2014 දී ගනන් බලා තිබේ.


සුප්‍රසිද්ධ Oracle මෘදුකාංග සමාගමේ ප්‍රධාන විධායක ලැරී එලිසන් 400 ලැයිස්තුවේ තෙවන තැන උසුලන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 50 ක වත්කමක් අතැතිවය.

නිව්යෝර්ක් නගරයේ උපත ලද ඔහු තමා හදාවඩාගත් මෑණියන්ගේ මරණයෙන් පසුව එතෙක් ඉගෙන ගන්නා ලද විද්‍යාලයෙන් නෙරපා හරින ලද අතර එතැන් සිට වසර 8ක් පුරා සුළු සුළු රැකියා කරමින් ජීවිතය ගැට ගසාගත් චරිතයකි. 1977 වසරේදී Oracle මෘදුකාංග සමාගම පිහිටුවා ජයග්‍රාහී ගමනක ආරම්භය සනිටුහන් කරන්නට ලැරී එලිසන් අවසානයේදී සමත් උනා.


ෆේස් බුක් සමාජ ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මේ ලැයිස්තුවට අනුව සිටින්නේ 11 වන තැනයි. නමුත් ඇමරිකානු බිලියන පතියන් 400 අතර වේගයෙන් ඉදිරියට එන තරුණ ව්‍යාපාරිකයා බවට අද දවසේ ඔහු පත්ව සිටියි. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 34 කි. මෙයින් ගත වූ වසර තුල පමණක් ඩොලර් බිලියන 15 ක වත්කමක් ඉපයීමට සකර්බර්ග් සමත් වී තිබේ. සමාජ ජාලා වෙබ් අඩවි කොටස් මිළ සීඝ්‍රයෙන් ඉහළ ගිය වටපිටාවක ඔහු මේ ආදායමට හිමිකම් කියා ඇත.

Mark Zuckerberg
ප්‍රතිශතයක් ලෙස තමන්ගේ සමස්ත ධනය 200% කින් පසුගිය වසර තුල ඉහළ නංවාගෙන ඇති Go Pro නැමති සිරුරේ  පැළදිය හැකි වීඩියෝ කැමරා නිෂ්පාදන සමාගමේ හිමිකරු නික් වුඩ්මන් දැන් ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක හිමිකරුවෙකි.

Nick Woodman
මේ වසරේ බිලියන පතියන් 400 දෙනාගේ සමස්ත වත්කම් වල එකතුව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.29 කි. එය පසුගිය වසරට වඩා ඩොලර් බිලියන 270 ක වර්ධනයක් ලබා තිබේ. එය මිලියන 200 ක ජනතාව වෙසෙන බ්‍රසීලයේ දළ ජාතික නිෂ්පාදනයට සමාන වෙයි. ගිය වසරේදී මේ 400 දෙනාගේ ලැයිස්තුවේ සිටි ධනවතුන්ගෙන් 26 දෙනෙකුට මේ වසරේදී තම ස්ථාන අහිමි වී තිබේ. තවත් 6 දෙනෙකු යළි නොඑන ගමන් ගොසිනි. මේ ලැයිස්තුවට අලුතින් 27 දෙනෙකු එකතු වී තිබෙන අතර අවුරුදු 30 ක් වයසැති එලිසබෙත් හෝම්ස් 400 ලැයිස්තුවේ සිටින ලාබාලතම බිලියනපතිනිය වී තිබේ. ඇගේ වත්කම ඩොලර් බිලියන 4.5 කි.

Elizabeth Holmes
ඇමරිකාවේ ධනපතියන් 400 ලැයිස්තුව පිළිබද සාරාංශය එපරිදිය. මේ අය අතර දුප්පතුන් ලෙස ඉපදී දුක දිනා ධනවතුන් වූ චරිත කීපයකි. ඒ අයගෙන් ඇතමෙකු ගැන තොරතුරු මෙතැන් සිට සංක්ශිප්තව ඉදිරිපත් කරමි.
Jan Koum
Jan Koum  කියන්නෙ වට්ස් අප් නැමති සමාජ ජාල අඩවියේ නිර්මාතෘවරයා. 37 හැවිරිදි ඔහු අවුරුදු 16 දි ඇමරිකාවට සංක්‍රමණය උනේ යුක්රේනයෙන්. ඔවුන් ඒ කාලයේ ජීවත් වුනේ ඇමරිකානු රජය දිළිදු අය වෙනුවෙන් ලබා දුන්න ආහාර සලාක කූපන් මගින්. මේ කූපන් වලට ආහාර ලබා ගැනීමට Jan  පැමිණි ස්ථානයට යාබදව තිබුන Mount View හිදී තමන්ගෙ වට්ස් අප් කාර්යාල සංකීර්ණය මතු දවසක ඉඳිකරන්න ලැබේවි කියලා මේ දුප්පතා කොහොම නම් හිතන්නද.
2009 වසරේදි බ්‍රයන් ඇක්ටන් සමග පණිවිඩයක් යැවූ සැනින් එය ලබන්නා වෙත ලඟාවන, එතෙක් පැවති සාමාන්‍ය SMS ක්‍රියාවලියට වඩා දියුණු ක්‍රමයක ප්‍රවිශ්ඨය ලබන්න Jan Koum ට හැකි උනා. එය මානව සන්නිවේදනයේ මායිම් තවත් පුළුල් කලා.
වර්තමානය වන විට ලෝකය පුරා මිලියන 600 ක ජනතාවක් විසින් භාවිතා කරන මේ ජාලය 2014 වසරේ මුලදි ෆේස් බුක් සමාජ ජාලය විසින් ඩොලර් බිලියන 19 ක මුදලකට මිළදී ගත්තා. ගණුදෙනුව නිම උනේ ඇමරිකාවේදී දුප්පතෙකු ලෙස ජීවිතය ආරම්භ කල Jan Koum බිලියන පතියන්ගේ ලැයිස්තුවට එකතු කරමින්.
Jack Ma
තමන්ගෙ ළමා කාලය දරිද්‍රතාවයේ දුක්ක දෝමනස්සයන් එක්ක ගත කල Jack Ma අද ඩොලර් බිලියන 20.2 ක් සහිත ධනවතෙක්. චීනයේ Hangzhou ප්‍රාන්තයේ ඉපදුන ඔහුට රැකියාවක නිරත වෙන වයස එළඹුනාම අඩුම තරමේ KFC අවන්හලක හෝ රැකියාවක් ලබාගන්නට නොහැකි උනා. ජාතික විද්‍යාල ඇතුලුවීමේ විභාගයෙන් දෙවරක් අසමත් උනත් අවසානයේ ඔහුගේ අප්‍රතිහත ධෛර්යය නිසාම උපාධිදාරියෙක් වී ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කරන්නට පසුව හැකියාව ලැබුනා.
ඔහු හා පුරා කියලා ඇමරිකාවට එන්නෙ 1995 දි. එදා තමයි Jack Ma පළවෙනි වතාවට අන්තර්ජාලය දකින්නෙ. චීන නිෂ්පාදන වලට අන්තර්ජාලයේ ඉඩක් වෙන්කරගන්නට හැකියාවක් ඇති වේවි කියන විශ්වාසයෙන් ඔහු බැරි බැරිගාතෙ චීන අකුරුවලින් වෙබ් පිටු කීපයක් ආරම්භ කලා. අන්තර්ජාලය තුල චීන භාෂාවෙන් ආරම්භ කල පළමු වෙබ් පිටු ලෙස මේවා වර්තමානය වන විට විවාදයට ලක් වී තිබෙනවා. නමුත් මේ වෙබ් පිටු මේ කියන කාලයෙදි චීන අකුරු පිළිබද ගැටලුවක් නිසා වෙබ් අඩවිය සමග විවෘත වී නැහැ. 
1999 වසරෙදි ඇරඹුන Alibaba නැමති අන්තර්ජාල භාණ්ඩ අළෙවි වෙබ් අඩවිය මේ වෙද්දි සුප්‍රසිද්ධ Amazon නැමති අන්තර්ජාල අළෙවිකරුවා මෙන් දෙගුණයක් ගණුදෙනු කරුවන් හසුරවනවා. චීනයේ ධනවත්ම මිනිසා ලෙසත් Jack Ma මේ වෙද්දි සම්මානයට පාත්‍ර වී අවසන්.

Ingvar Kamprad
Ingvar Kamprad ගැන මීළගට විමසා බලමු. අවුරුදු 7 ක විතර පුංචි කොලුපැටියා කාලෙ Kamprad ජීවත් වුනේ ස්වීඩනයෙ පිටිසර පළාතක. ඔහු ඒ කාලෙ තමන්ගෙ අසල්වැසියන්ට ගිණි කූරු අළෙවි කලා.
අවුරුදු 7 දි (1920) අහළ පහළ අයට ගිණිකූරු අළෙවි කරපු මේ පුංචි කොල්ලා එයින් පස්සෙ ගිණිකූරු වෙනුවට පැන්සල්, සුභ පැතුම් පත්, නත්තල් සිහිවටන, වගේ දේවල් අළෙවි කලා. කොහොම හරි වයස අවුරුදු 17 වෙද්දි ධෛර්යවන්ත කොලු ගැටයා තමන්ගෙම කියලා සමාගමක් ආරම්භ කලා. ඒකෙ නම IKEA (Ingvar Kamprad from Elmtaryd Agunnaryd) ඔහුගේ නම සහ තමා ජීවත් වුන නගරයේ නම තමයි මේ අකුරු හතරෙන් ලඝු කරලා තියෙන්නෙ. වයස අවුරුදු 21 දි Kamprad  තමන්ගෙ සමාගම තුලින් ගෘහ භාණ්ඩ අළෙවියට අත තිබ්බා. එතැනින් තමයි IKEA  නැමති අධිරාජ්‍යයේ ආරම්භය සනිටුහන් උනේ.
වර්තමානය වෙද්දි මේ සමාගම ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙක් බවට පත් වෙලා. රටවල් 42 ක අළෙවිසැල් 340ක් බිහිවෙලා. වාර්ෂික පිරිවැටුම ඩොලර් බිලියන 36 ක්.  කොතරම් ධනයක් තමා සතුව තිබුනත් මේ මහා මිනිසා ඉතාම චාම් අන්දමින් ජීවත් වෙන්නෙ. කොතරම් චාම්ද කියලා කියනවා නම් අවුරුදු 88 ක් වයස ඔහු තවමත් ගුවන් ගමන් යන්නෙ පිරිමැසුම් පන්තියෙ (Economy Class).

Howard Schultz
Starbucks කෝපි සමාගමේ හිමිකරුවා ගැන මීළගට කියවමු. ඔහුගෙ නම Howard Schultz. බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පතක් වතාවක් ඔහු සමග පවත්වපු සම්මුඛ සාකච්ඡාවකදි Howard කිව්වෙ මෙවැනි දෙයක්.

මම ජීවත් වුනේ තට්ටු නිවාස සංකීර්ණයක දුප්පත් පවුලක. කෙමෙන් කෙමෙන් වයසින් මුහුකුරා යද්දි මට හිතුනෙම මම සාර්ථකත්වයේ පාරෙ  නෙමෙයි යන්නෙ කියලයි. මම දැන හිටියා කොහොම හරි සාර්ථකත්වය නැමති මාර්ගයට පිවිසුනා නම් ගොඩාක් දේපළ, සල්ලි, සතුටෙන් ඉන්න පවුලක්, ලබාගන්න හැකි බව. ඉතිං මම කොහොම හරි උත්සාහ කලා මගේ මාර්ගයෙන් පිට වෙලා අනිත් මාර්ගයට පිවිසෙන්න. මම අද හොද සූට් එකක් ඇඳලා ටයි එකක් දාගෙන ඉන්නවා තමයි. නමුත් මට තවමත් මගේ මුල් කාලය මතකයි.

Schultz තමන්ගෙ උපාධිය ලබාගත්තට පස්සෙ Xerox නැමති ආයතනයේ සේවයට එකතු උනා. ටික කාලෙකට පස්සෙ ඔහු ඒ අහල පහල තිබුන Starbucks නැමති කෝපි අළෙවිසැලක් මිළට ගත්තා. ඒ කාලය වන විට මේ අළෙවි ජාලයටම තිබුන අළෙවි සැල් 60 ක් පමණයි. 1987 දි තමන්ගෙ උත්සාහයෙන් Schultz මේ අළෙවි සැල් සියල්ලේම ප්‍රධාන විධායක බවට පත්වෙනවා. එයින් පසුවයි ඔහු තමන්ගෙ ගමන සාර්ථක කරගත්තෙ. අද වෙද්දි ලෝකය පුරාම අළෙවි සැල් 16000 කට වැඩියෙන් Starbucks කෝපි අළෙවි කරනවා. වර්තමානයේ ඔහුගේ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 2.1 ක්

Shahid Khan
ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක වත්කමක් වර්තමානයේ තිබෙන ෂාහිඩ් ඛාන් තමන්ගෙ වෘත්තීය ජීවිතය ආරම්භ කලේ පැයකට ඩොලර් 1.20 ක වැටුපකට පිඟන් සෝදන පුද්ගලයෙක් ලෙස. පකිස්ථානයෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ මේ මිනිසා ඉලිනොයිස් සරසවියේ අධ්‍යාපනය ලබන අතර තුර තමන්ගෙ වියදම් සොයාගැනීමට තමයි පිඟන් සේදුවේ. නමුත් අද ඔහු Flex-N-Gate නැමති මහා පරිමාණ සමාගමේ හිමිකරු. මේ සමාගම තනිපුද්ගල අයිතියකට නතු ඇමරිකාවේ තිබෙන විශාලතම සමාගමක්. Fulham නැමති එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයේ හිමිකරුවා වෙන්නෙත් ෂාහිඩ් ඛාන්ම තමයි.

Leonardo Del Vecchio 
Leonardo Del Vecchio වර්තමානයේ ඩොලර් බිලියන 18.4 ක හිමිකමක් තියෙන මහා ධනවතෙක් උනාට ඔහුගේ අතීතය බොහොම කටුක එකක්. ඔහුගේ ළමා කාලය ගෙවුනෙ අනාථ නිවාසයක. තාත්තා කුඩා කාලයේදීම මිය ගිය නිසා දරුවො 5 දෙනෙක් පෝෂණය කරන්න වත්කමක් තිබුනෙ නැති අම්මා තමන්ගෙ දරුවන්ව අනාථ නිවාසයකට යවනවා. කරදඬු උස් මහත් උනාට පස්සෙ Leonardo කර්මාන්ත ශාලාවක සේවයට එකතු වෙනවා. එහිදී යන්ත්‍රයකට හසුවීමෙන් ඔහුට ඔහුගේ ඇඟිල්ලකින් කොටසකුත් අහිමි වෙනවා. යකඩ අච්චු, වාහන අමතර කොටස්, ඇස් කණ්නාඩි රාමු වගේ දේවල් තමයි මෙහි නිපදවනු ලැබූවෙ.

වයස 23 දි තමන්ගෙම කියලා සමාගමක් සුළුවෙන් ආරම්භ කරන්න Leonardo ට හැකි වුනා. අන්න ඒ සමාගම තමයි වර්තමානය වෙද්දි ලෝකයේ විශාලතම අව් කණ්නාඩි නිෂ්පාදකයා සහ වෙනත් ඇස ආශ්‍රිත පළදනාවන් නිපදවන්නන් වෙන්නෙ. Ray - Ban සහ Oakley කියන්නෙ ඔවුන්ගේ සන්නාම නාමයන්.
Roman Abramovich
Roman Abramovich බිලියනපතියෙක් බවට පත්වුන ආකාරය අවසාන වශයෙන් කියවලා බලමු. Abramovich රුසියානු ජාතිකයෙක්. කුඩා කාලයෙම තමන්ගෙ දෙමාපියන් අහිමිවුන අවාසනාවන්තයෙක්. නමුත් වර්තමානය වන විට ඔහු Chelsea පාපන්දු කණ්ඩායමේ හිමිකරුවා.

1966 දිි රුසියාවෙ Saratov නගරයේ ඉපදුන Abramovich ගෙ අම්මා ඔහුට වයස මාස 18 ක් වෙද්දි මිය පරලොව ගියා. ආදරණීය පියා ඔහුට වයස 4 ක් වෙද්දි මිය ගියා. ඊටත් පස්සෙ මේ පුංචි කොල්ලව Abramovich ගෙ මාමා කෙනෙක් ලඟ තමයි හැදී වැඩුනෙ. ඔහු හිටියෙ මොස්කව් නගරයේ.

Abramovich ඉගෙන ගත්තෙ කර්මාන්ත පිළිබද පාසල් ආයතනයෙන්. අධ්‍යාපන කටයුතු හමාර කරලා බටහිර සයිබීරියාවෙන් තමයි තෙල් වෙළදාමට අත තිබ්බෙ..

ගාර්ඩියන් පුවත්පත කියන විදියට Abramovich ගෙ බඹරය වැල්ලෙ කැරකෙන්න පටන් ගත්තෙ රුසියානු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වූ Boris Berezovsky ගෙ පලා යාමෙන් පසුවයි. මේ කියන කාලය වන 1992 වෙද්දි රුසියාව ක්‍රම ක්‍රමයෙන් සමාජ වාදයේ සිට ධනවාදය දෙසට පැමිණෙමින් තිබුන යුගයක්.

තමා කල විශාල මූල්‍ය වංචාවකට හසුවීමට ප්‍රථම Boris Berezovsky රුසියාවේ සිට එංගලන්තයට පලා ගියා. ඔහු සතුව ඒ අවස්ථාවේ පැවති ව්‍යාපාරයන්හි කොටස් අතරින් රුසියාවේ 5 වන විශාලතම තෙල් සමාගමේ 80%ක කොටස්, ඇළුමිනියම් ඒකාධිකාරයෙන් 50%ක්, රුසියාවේ ජාතික ගුවන් සේවයෙන් 26%ක කොටස් Abramovich  තමන්ගෙ ව්‍යාපාරික ඥාණය මෙහෙයවා මිළදී ගත්තා.

වර්තමානය වෙද්දි Abramovich සතුව ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් වටිනා ලෝකයේ විශාලතම අධි  සුඛෝපභෝගී යාත්‍රාව, Boeing 767 ගුවන් යානයක්, වගේම එංගලන්තයේ Chelsea පාපන්දු කණ්ඩායමත් තිබෙනවා.

මේ කථා කීපය ජාලයෙන් පෙරලලා මෙහි ගෙනාවෙ මේවා කියවන ඔබටත් ඔබේ බාධක කම්කටොළු පසෙකලා සාර්ථකත්වය කරා යා හැකි බවට ඉඟි කරන්නයි.ඔබ උපතින් කෙතරම් දුගී පවුලක ඉපදුනත්, අනාථයෙක් විදියට කුඩා කාලය ගත කලත් තමන්ගේ උත්සාහයත්, අධිෂ්ඨානයත් මතින් ජීවිතය ජයගන්නට හැකි බව මේ කෙටි විස්තර කීපය ඔබට කියාවි. ඉතින් ඔබේ අසාර්ථකත්වය දෛවයටම භාර නොදී උත්සාහවන්ත වුවහොත්...දෛවයේ ලියවුන දේ ඔබටම වෙනස් කරන්නට හැකි වේවි.

අද ලිපියට මූලාශ්‍රය මෙතැනින්


මම කාමරේ අරින සිරා කොලුවා.

108 comments:

  1. අඩෝ සුපිරි බන්!
    මේක කියෙව්ව ම අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතෙනවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...මේ කථා බොහොමයක තියෙන සමාන කම තමයි මේ මිනිස්සු ඉතාම අඩු වයසෙන් තමයි තමන්ගෙ ක්ෂේත්‍ර වල නියැලිලා තියෙන්නෙ....

      Delete
  2. හිතට හයියක් ඇති කළා.................... කවදා හරි බිලියන ගණන් සල්ලි හොයනවා කියලා නම් නෙමෙයි. උත්සහායෙන් ජීවිතය ජයගන්නවා කියන එක ගැන....................

    ReplyDelete
    Replies
    1. බිලියන කෙසේ වෙතත් උත්සාහයෙන් ගමනක් යන්න හිතුනා නම් එය තමයි විය යුත්තේ...

      Delete
  3. Ape aiya nam ape pawlama goda damma... mage modakam mata therenakota godak parakkui...

    ReplyDelete
    Replies
    1. නැහැ යාලු..තවමත් පරක්කු

      Delete
    2. තවම පරක්කු නෑ කියලයි මගේ අදහසත්....යමක් කරන්න හිතෙන වෙලාව තමයි ඒකට සුදුසුම වෙලාව....

      Delete
  4. හැමෝම උත්සාහයෙන් ජීවිතේ දිනපු අය, වැටුනත් නැගිටින්න ශක්තිය තිබුන අය.. මෙහෙම බැලුවම හිතට ගත්තොත් අපිටත් ඔය 400 ට එකතු වෙන්න පුලුවන් වෙයි නේද අයියේ?

    ReplyDelete
    Replies
    1. 400 ට එකතු වීම ඇත්තටම පුදුමාකාර දුර ගමනක්...විශේෂයෙන් ලංකාව වගේ දේශපාලනික වශයෙන් ජරාජීරණ වෙච්ච රටක ඉදන් මෙතනට යන එක හරිම අමාරුයි...නමුත් උත්සාහයෙන් ඉහළට එන්න ඕනෙම කෙනෙකුට හැකියි...නොපසුබස්නා උත්සාහය තමයි වැදගත්. ඒ වගේම ලැබූ පරාජයන්ගෙන් පාඩමක් ඉගෙන් ගන්නත් ඕනෙ...

      Delete
  5. මචං..එල ද බ්‍රා ලිපියක්..
    උසස්පෙල ප්‍රතිපල බලනකොට යාලුවෝ හුගක් අය ගොඩ ගිහින් වැඩ 4 විතරක් පාස් වෙච්ච කොල්ලෙක් හයිඩ්‍රාමනි එකට ආවා 2750 ක පඩියට නුල් කපන්න.. පෙට්ටි කරගැහැව්වා කන්ටෙනර් අතු ගැවා ඇදුම් අයන්කරා දවසට පැය 15ක් 18ක් වැඩ කරා..ඉරිදාට අනිත් යාලුවෝ කොටුවක් පනිනකොට කෙල්ලෙක් එක්ක චිත්‍රපටියක් බලන්න යනකොට ඒ කොලුවා ඒ සල්ලිවලින් ඉගන ගත්තා.. සමහර දවස්වලට ටොයිලට් එකේ ඉදගෙන අඩනවා..ඒත් දාලා ගියේ නැහැ..
    මහන ඇදුමක වැරැද්දක් පෙන්නපුවාම මට මහන්න පලුවන් මෙච්චරයි පුලුවනනම් ඔයා මහලා පෙන්නන්න කියලා කෙල්ලෝ කිව්වා..අවුරැදු 4කට පස්සේ එතනින් අයින් වනෙකොට විධායක නිලධාරියෙක් ඊට පස්සේ විදේශිය ගැනුම් කරැවෙකුගේ කාර්්‍යයලයක සම්මුක පරික්ෂනයට ගිය දවසේ සුද්දා අහපු කිසි දෙයකට උත්තර දිගන්න බැරි වුන ඒ කොලුවා ලංකාවේ ඒ කාර්්‍යලය වහනකොට ඒ සමාගමේ ලෝකයේ ඔිනම කාර්්‍යලයකට සම්බන්ද වෙන්න ඇරියුම් ලබන තත්වයට ඇවිත් හිටියා..ඊට පස්සේ ටික කාලයක් සිම් වික්කා කඩේක පිගන් හෙදුවා බස් වල ටිකට් කැඩුවා ඒත් වෘත්තිය දැනුමට අඩු වටිනාක් සහිත පඩියකට වෙනත් ආයතනයකට සම්බන්ද වෙන්න කැමති වුනේ නැහැ..දැන් වැඩ කරන කාර්්‍යලයේ සම්මුඛ පරික්ෂනයේදි පරික්ෂන මන්ඩලයන් ඇහැව්වේ මේ කොලුවගේ වෘත්තිය වටිනාකම මේචරයි ඔයාලා කැමතිද කියලා..
    අද වෙනකොට කවුරැහරි කිව්වොත් මහන්න බෑ කියලා මහලා පෙන්නනවා.කන්ටෙනර් එක ලෝඩ් කරන්න බෑ කිව්වෙත් කරලා පෙන්නවා..වෙන කවුරැත් නෙමෙයි ඒ කොලුවා මෙන්ඩා..
    කයිවරැවට නෙමෙයි ආඩම්බරටේ කියන්නේ..මම 2750 පඩියට හයිඩ්‍රාමනි එකට නුල් කපන්න ආපු කොල්ලා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා.. ටූ තම්බ්ස් අප්!! උඹට ලස්සනට ලියන්න පුළුවන්නේ.. එළ දෙබරා කිය කිය ඉන්නෙ නැතුව ලියපන්කො.. කාපු කට්ටෙන් සතුටු වෙන්න පුළුවන් කියන්නේ ජීවිතේ ජය ගත්ත කියන එක තමයි.. බිලියන ගනන් වෙන්නම ඕනි නෑ.. මාත් එහෙමයි.. ජය ශ්‍රී!

      Delete
    2. ස්තුතයි මචං..උඔ නමට ගැලපෙන මිත්‍රෙයක්

      Delete
    3. මෙන්ඩා, ඔය වගේ තැන්වල ඔය වගේ සුළු පඩියට වැඩට යන කොල්ලො ඕන තරං ඉන්නව. ඒත් උංට දියුණු වෙන්න බැරි ප්‍රධාන හේතුවක් තමයි නරක සමාජ ආශ්‍රය. අන්තිමට තමංගෙ සියලු දේ වගේම ජීවිතෙත් නැතිකරගන්න තත්වෙට හෝ හිරේ විලංගුවෙ වැටෙන තත්වෙට පත්වෙන්න තරං ඒක භයානකයි. නමුත් තමුං හරි පාරෙ ගියොත් කවදාවත් වරදින්නෙ නෑ. ඒ අතිං බොලා වාසනාවන්තයි.

      Delete
    4. නැගී එන බාල පරපුරට උඹ නියම ආදර්ශයක් මෙන්ඩා. වැඩි වැඩියෙන් ලැබේවා! ජය!!

      Delete
    5. මෙන්ඩියා උඹ එළ පොරක්..:)

      Delete
    6. මෙන්ඩො,

      ජීවිතේ ඔය වගේ පැදුරෙන් නැගිටපු මිනිස්සු බොහොමයි. උඹත්, මමත් මේ බ්ලොග් ලියන කියවන තව ගොඩක් අයගෙ කතාව ඊට වෙනස් නෑ.

      මිනිහෙකුට Bad to Good එන්න අපහසු නෑ. නමුත් Good to Extremely good වෙන්න ලේසි නෑ. ඉන් පස්සෙ Extremely good ඉඳන් Great තත්වෙට යන්න හැමෝටම ලැබෙන්නෙ නෑ.

      ඔය උස සිරා කියන මිනිස්සු ග්‍රෙට්. උඹත් මමත් තාම ගුඩ්. අපිට යා යුතු දුර බෝමයි. ඒ ගමණ යන්න ඕනෙ හය්ය අපි ගාව තියෙනවද? මම තාම හිතල නෑ! උඹ මොකද කියන්නෙ?

      Delete
    7. කවදාහරි මෙන්ඩෝ ඔය මනරම් අනර්ග උත්සාහය නිසාම අර උද ලිස්ට් එකේ දෙකට එන්න වාසනාව ලැබේවා (මොකද දෙක ???? එකට මම ඉන්නවනේ )

      Delete
    8. වැදුනු තැන් වලදි තදින් කතා කරන්න මෙන්ඩා සුරුවෙක්.. මං දන්නව නේ උඹේ ගැන.. අනේ බං මෙන්ඩෝ.. ජය

      Delete
    9. උඹ ගැන තිබ්බ ආදරය ලෙංගතුකම වැඩි උනා ලොකු අයියෙ...උඹ පුදුමාකාර නිහතමානී මිනිහෙක්...ඒ වගේම හොද මිත්‍රයෙක්...මගේම සහෝදරයෙක් වගෙයි මට දැන් ඔබව දැනෙන්නේ....ඔබ ආ මග දෙස අද ආපසු හැරී බැලුවාම ලොකු ආඩම්බරයක් සතුටක් හිතට දැනෙනවා නේද...ඒ සතුට මටත් දැනෙනවා...නිහතමානීකම තමයි ඔබට තියෙන හොදම ආභරණය....ජයම වේවා !

      Delete
    10. //ඒ කොලුවා ලංකාවේ ඒ කාර්්‍යලය වහනකොට ඒ සමාගමේ ලෝකයේ ඔිනම කාර්්‍යලයකට සම්බන්ද වෙන්න ඇරියුම් ලබන තත්වයට ඇවිත් හිටියා..ඊට පස්සේ ටික කාලයක් සිම් වික්කා කඩේක පිගන් හෙදුවා බස් වල ටිකට් කැඩුවා ඒත් වෘත්තිය දැනුමට අඩු වටිනාක් සහිත පඩියකට වෙනත් ආයතනයකට සම්බන්ද වෙන්න කැමති වුනේ නැහැ.// මේ ටික තේරුනේ නෑනෙ. ජොබ් තිබිලත් ගියෙ නැද්ද?

      කොහොමවෙතත් ඇවිල්ලා තියෙන ගමන ගැන සතුටුයි.

      Delete
    11. එල ද බ්‍රා හම්බවෙනකම් ගිය ජයග්‍රාහී ගමන. එල මෙන්ඩියො.

      Delete
    12. එල ද බ්‍රා මෙන්ඩෝ ,,,,,මාවත් ඒ ලස්සන කටු කෑ අතීතයට අරන් ගියා මචෝ .
      බොට තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියලා බොක්කෙන්ම ප්‍රර්ථනා කරනවා . ජය වේවා !!!!!

      ස්තුතියි - බ්‍රෑන්ඩ් එක ගල්

      හඳ මාමා උඩින් යතේ
      අපෙ මාමා බිමින් යතේ...

      හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
      එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
      දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
      කන්තෝරුවෙ නිලතල දැරුවේ...
      හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ
      අනාගතය ගැනමයි බැලුවේ
      අපෙ මාමා ඔහෙ කකුල් වන වනා
      එදා දවස ගැනමයි හිතුවේ...

      දියුණු වන්න වේලාවක් නැති විය
      අපෙ මාමා තව පහළ ගියා
      රාජකාරි හරි අකුරට ඉටුකළ
      හඳ මාමා තව ඉහළ ගියා...
      නිතරම තමන්ගෙ අනාගතය ගැන
      සිතීම වැදගත් නොවෙද කියා
      ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
      ඇත හඳ මාමා දෙනෙත අයා...


      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
      ගායනය: ෆ්‍රෙඩී සිල්වා

      Delete
    13. @ප්‍රසා
      අනිත් එක වගකිමක් ගන්න බයයි..මගේ තියරිය වතුරේ ගැබුර කෝටු ගහලා බලන්න එපා පැනලා බලපං එක්කෝ ගිලිලා මැරෙයි එක්කෝ පිනලා ගොඩ යයි.
      @විසි
      ස්තුතියි සහෝ
      @මනෝ
      එල ද බ්‍රා
      @ඉන්දික අයියන්ඩි
      එකගයි...
      ඒ ගමන යන්න අපි ලග හයිය තියනවද?..හොද ප්‍රශ්නයක්.. මගේ ඉදිරිය ගැන හිතන්න කන හෙල්ලුවා වගේ..අපිට ඒ තරම් දුර යන්න නම් බැරි වේවි නේද අයියන්ඩි..ඒකට ගොඩක් හෙතු තියනවා මට වැඩිය ඒ ගැන ඔයාලට අදහසක් ඇති. හැබැයි කතාවක් තියනවා හැකියාව පොල් හැන්දයි වාසනවා කන් හැන්දයි වැටුනොත් බල්ලා ගොඩ බලුපැටව් වහලේ උඩ අපි දනහිසක් වතුරේ..
      @මැලේ
      එදාට ගහමු බෝතලයක්..පක්කං පදිරි සන්නහං සන්නද්ධ වෙන්න.
      @රවිදු
      එල ද බ්‍රා..ඩබල් පුෂප්
      @දේශකයා
      මගේ කමෙන්ටුවක් මුනු පොතට දාලා මාව අගය කරපු දවසේ මම ඇඩුවා බං
      @සිරා
      මට හැමදාමත් උඔගේ හිතවත්කම දැනුනා.
      @හරී
      ලංකාව දාලා යන්න බැරිකමක් තිබුනා ඒක නිසා ගියේ නෑ..අපේ රස්සාව අනුන් කරන දේකට වගකිම බාර ගැනිම ඒ කියන්නේ හිතන්නකෝ ළමයෙක් උදේට ගෙදරත් එක්ක තරහාවෙලා එනවා කියලා ලමයා මහන ඒවා අනිවාර්්‍යෙයන් වැරදි අපිට ඒක අහුවෙනකොට පැයක් ගිහින් නම් මහපු ඇදුම් වලට මොකද කරන්නේ?
      බ්‍රා 10000 ක් රට යවන්න ලැහැස්ති කරලා තියනවා මම එතනින් බ්‍රා 200 ක් බලලා කියන්න ඔිනේ මේ ටික යවන්න පුලුවන්ද බැරිද කියලා හරි මම කියනවා මේ බ්‍රා ටික යවන්න බෑ කියලා එහම වුනොත් කි දෙනෙකුට රස්සාවල් නැතිවෙයිද..මම බ්‍රා ටික ෂිප් කරා කියන්නකෝ සුද්දියෙක් පෝටෝ එකක් ගහලා එවනවා මම ආය උඔලාගේ මේ වගේ ඩැමේඡ් බ්‍රා ගන්නේ නෑ කියලා කවුද මේ ටික එවපු එකා උගේ @$%^((&^$$^& කියලා සිංහලෙන් ලියලා එතකොට හෙට මාව ගාඩ්රැම් එක ලගදි නවත්තලා කියයි..සර්,, කරැනාකරලා කාර් එකේ යතුර බාර දිලා මේ ලියුමත් අරන් මකබැවෙන්න කියලා..ආ..මේ සැර් මතක තියාගන්න යවපු ඔඩර්ස් වලට පාරිබෝගික පැමනිල්ලක් ආවොත් මාස 3ක් යනකන් වගකියන්න ඔිනේ කියලා...අන්න එහම සිද්ධියකින් මට රස්සාව නැතුව ටික කාලයක් ඉන්න වුනා. ඉතින් ඉන්ටර්විව් එකකට ගියාහම එක වෙකන්සි එකයි තියෙන්නේ 10ක් ඇවිත් ඉන්නවා මම අන්තිමට ගත්ත පඩිය 25000යි කිව්වාම උන් 20000ට කතා කරනවා මම අකමැති වුනෙත් මට පස්සෙන් ඉන්න එකා 15000ට කැමති වෙනවා..තව තැනක ඉන්ටර්විව් එකේදි රෝකට් හදන හද අල්ලන්න ප්‍රශ්න අහනවා..තව තැනක මගේ වැඩ හොදයිලු හැබැයි සිගරට් බොන එකලු ප්‍රශ්නේ..උන්ගේ සල්ලි හැබැයි හැකියාව මගේ..ඊතින් මම දවසට රැපියල් 300 පඩියට කඩේක පිගන් හෝදලා හවසට 300 ගෑනි අතට දුන්න මට හම්බවෙන ටිප් එකෙන් ෂිගට් එකක් බිලා පොඩි මෙන්ඩියාට මිදි ටිකකුත් අරන් යනවා..

      Delete
    14. @කම්මල..
      @සින්දු ඇනෝ
      ස්තුතියි මචංලා...
      උඔලා හැමෝම මගේ චුටි කමෙන්ටුවකට මෙහෙම කියනකොට මාට හයියක් දැනෙනවා.

      Delete
    15. ඇයි බොලං සුනංගු වෙන්නෙ...7 වෙනි ලිපියකට එකතු කරමුකො ඔය අතීතය....

      Delete
    16. මෙන්ඩා උඹට මම හිස නමා ආචාර කරනවා. කෝටිපතියෝ එතැනට ආව හැටි ගැන දැනගත්තටත් වඩා උඹේ කතාව මට ඇල්ලුවා. ඒ විතරක් නෙවෙයි. උඹට අතීතය මතක තියෙන එකම ලොකුම දෙයක්. කීපිටප්යැ.

      Delete
    17. සංජීවට තියන්නෙ ලියා තැබිය යුතු කතාවක්. මේ සිරාටවත් ලියල එවහන්කො ඒක. සිරා කියල තිබුණෙ පෑනෙන් ලියල වුණත් කමක් නෑ කියල.

      Delete
    18. මෙන්ඩා.......මම උඹට හිස නමා ආචාර කරමි. මමත් හොඳට කටු කාපු එකෙක් බං.

      Delete
    19. මෙන්ඩිස් ගොයියා කිව්වට අහන්නෙ නෑ නොවැ...තාම නෑ ලියලා එවහං කිව්ව ලියමන....

      Delete
  6. ඊයේ රෑම කියෙව්ව.. ලස්සන හීනෙකුත් දැක්කා බිලියනපතියෙක් වෙලා ෆුල් ආතල් එකෙ බ්ලොග් එකේ කවි ලිය ලිය ඉන්නවා.. උදේම ආවේ ඒ ගැන කොමෙන්ට් කරන්න. :D
    පළවෙනි කොටසනම් හරි.. අන්ත දුප්පතෙක් වෙලා ඉඳල කියනෙක.. දැන් තියෙන්නෙ දෙවෙනි කොටස සම්පූර්ණ කර ගන්න තමයි.. හිහ් හිහ්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔහොම යමු කල්‍යාණ මිත්‍රයා...වරදින්නෙ නෑ.....යහපත් චේතනා ගෙනදෙයි වාසනා කියලා ඉස්සර මම ගිය බස් එකක ඇතුලෙ ස්ටිකරයක් අලවලා තිබුනා....ජය !

      Delete
  7. උත්සාහය තියෙනවනං කරන්න බැරි දෙයක් නෑ කියන එකට හොඳ උදාහරණ තමයි මේ.
    හැබැයි ඉතිං ඕකට ඉන්න රටත් බලපානව. මේ බොහෝ දෙනෙක් දියුණු වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ ඉපදිලා හෝ වෙන රටක ඉඳල ඇමරිකාවට ගියාට පස්සෙයි. නැගීගෙන එන මනුස්සයෙක්ගෙ කකුළෙන් අදින මිනිස්සු ඒ රටේ අඩුයි කියන එක ඒකෙන් පේනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,
      ++++++++ x 13+

      Delete
    2. //නැගීගෙන එන මනුස්සයෙක්ගෙ කකුළෙන් අදින මිනිස්සු ඒ රටේ අඩුයි කියන එක ඒකෙන් පේනව.//

      උඹ මේ අදහස් කරන්නෙ රටේ ආන්ඩුව, නීතිය සහ යහ පාළනය වගේ දේ නම්, මම එකඟයි. නමුත් අනෙක් සාමාන්‍ය මිනිස් ගති වෙන ඊර්ෂ්‍යාව, ව්‍යාපාරික උගුල් වගේ දේ නම් මෙහෙට වඩා එහෙ වැඩියි කියලයි මම කියවපු අහපු දේ අනුව හිතුනෙ!

      Delete
    3. @ ඉන්දික,
      ඊර්ශ්‍යාව, ව්‍යාපාරික උගුල් වලින් බේරිලා වැඩ කරන එකත් දක්ෂකමක්. හැබැයි අනික් දේවල් වලින් බේරෙන්න පුලුවං කමක් නෑ.

      Delete
    4. රටේ දේශපාලන පරිසරය, යටිතල පහසුකම්, බදු ව්‍යුහය වගේ දේවලුත් කර්මාන්තයක් ඉහළට අරගෙන එන්න සෘජුව වගේම වක්‍රවත් දායක වෙනවා...අපේ රටවල හොදින් කර්මාන්තයක් දියුණු වේගෙන ඉස්සරහට එද්දි දේශපාලුවො ඒ මග හරස් කරලා නොයෙක් දේ කරනවා...ඉතිං පිටරට ආයෝජනයක් නම් කර්මාන්තෙ දාලා යන්න යනවා....ලංකාවෙ එකක් නම් කප්පම් ගෙවන්න වෙනවා...ඉතිං කොහොමද බිලියන පතියො වෙන්නෙ....

      Delete
    5. දැනුම ලබාගන්නවා කියන කාරණයේදී උනත් උපදින රට අනුව ලැබෙන අවස්ථා විවිධයි විෂමයි.

      Delete
    6. ජැක් සහ ජිල් දවසක් දා 
      කන්දක් උඩට ගියා
      ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
      වැටුණා "දඩස්" කියා
      හිටපු ගමන් උඩ යන්න හිතන අය 
      වැටෙයි කියා
      ජැක් ලා ජිල් ලා පෙන්නා දුන්නා 
      නේද එදා...
      ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා
      ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා...
      රම් පිට පම් පම් පම්...

      හස්තියෙකුගෙ වලිගේ එල්ලිලා 
      එක ගමරාල කෙනෙක්
      දිව්‍ය ලෝකෙ යන්නට ගිය දවසෙත් 
      වුණාලු මෙහෙම දෙයක්...
      ජැක්ලා වැටුණේ කකුල ලිස්සලයි 
      අපෙ අය වැටුණේ කට වැඩි හින්ඳයි...

      විස්මත් එරොප්ලේන් රොකට් උඩ 
      ගියාට මහ සද්දෙන්
      නතර වෙන්නෙ අවසානෙ දි පොළවේ 
      හතර රියන මැද්දෙන්...
      අහංකාරෙ නම් රෝගෙන් පිස්සු 
      තවමත් පෙළෙනව අපේ මිනිස්සු...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
      ගායනය : ෆ්‍රෙඩී සිල්වා

      Delete
    7. ප්‍රේමකීර්ති ලස්සන සින්දු සෙට් එකක් ලියලා තියෙනවා නේද ෆ්‍රෙඩී සිල්වාට...

      Delete
    8. අපේ රටේ රාජ්‍ය සේවය හරිම ඉහලයි නොවැ .....
      (මේ සින්දුව රිංග් ටොන් එකට දාගෙන තමයි මම "දේශීය අදායම් බදු " එකට යන්නේ ) හැක්‌ හැක් ...

      අප උදේ ගිහිල්ලා යළි හවසට එනවා
      ඒ අතරේ ඒ පැය අට බොරුවෙන් ගතවේ නම්
      අපත් එතැනමයි රටත් එතැනමයි
      කල් ගත වී දූවිලි කුණු වැදිලා
      මේසය මත ලිපි ගොනු ගොඩ ගැසිලා
      ඔට්ටු කොලේ නොදුටු සතුන් හොයලා
      සුසුම් මැදින් තව දවසක් ගෙවිලා
      අපත් නැවතිලා රටත් නැවතිලා
      පැයේ විවේකය පැය තුන වීලා
      බමන මතින් නෙතු යුග රතු වීලා
      ඉතුරු ටිකේ පුරසාරම් දොඩලා
      රටක පැතුම් කඳුළට මුසු කරලා
      අපත් නැවතිලා රටත් නැවතිලා

      ගේය පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
      සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

      Delete
  8. තොරතුරු ටිකනම් සුපිරි, සිරා. ඒකෙ දෙකක් නෑ.
    හැබැයි මට හිතෙන්නෙත් Praසන්​ன කියනවා වගේ රටත් බලපානවා. ඊළඟට ඒ රටේ පවතින දේශපාලන වාතාවරණය. ඒකෙ ආශිර්වාදය නැතිව අද ඉහල දියුණුවක් ලබාගැනීම සඳහා මොකුත් කරන්න බෑ...මං කිව්වෙ සමහර රටවල.

    ReplyDelete
    Replies
    1. කට ඇරපන් ගල් කාලක් වක්කරන්න..ඇත්ත කතාව

      Delete
    2. ඔබේ අදහසට එරෙහිවන්න හේතුවක් නෑ...මමත් එකඟයි. තුන්වෙනි ලෝකයේ රටවල දියුණුව අඩාල වෙලා තියෙන්නෙ දේශපාලකයො මහා පරිමාණ ලෙස හොරාකන නිසයි. අද ලංකාවෙ අලුතින් ව්‍යාපෘතියක් පටන් ගන්න අවසර දෙන්නෙ තමන්ට ලැබෙන කුට්ටිය දෙස බලලයි.

      Delete
    3. පළමුවෙන්ම ලිපියට ස්තුතියි සිරා. මගේ රෝල් මොඩල් එක තමයි වොරන් අංකල්. පට්ටම පට්ට පොරක්. ඔහුගේ ජිවිත කතාව මෙතන
      The Snowball - Warren Buffett and the Business of Life


      මෙන්ඩිස් ඔහුගේ කතාවත් මෙතන කියල තියෙනවා. කොචර දහිරිය තිබ්බත් තමන්ගේ තියෙන ආකල්ප වල ගැටලුවක් නිසා හෝ කැත පුරුද්දක් (සුරාව , සූදුව , සිගරට් ඇබ්බැහිය , ගෑනු පිස්සුව ) නිසා ගොඩක් දෙනෙක් සුපිරි මට්ටමටම නොයා මග නවතිනවා. සුපිරි මට්ටමටම ගිය ගොඩ දෙනෙක් 1. නිහතමානි , 2. ඉතා අඩු වයසේම තමන්ගේ වැඩේ පටන් ගත්ත , 3. එක දෙකට කැපවෙලාම වැඩ කරපු , 4. කැත පුරුදු නැති කරගන්න පුළුවන් ආත්ම ශක්තියක් තිබුන අය.

      වොරන් අන්කල් තැනක කියල තිබ්බ , වෙන කොල්ලෝ ප්ලේ බෝයි පොත් පෙරලනකොට මම පෙරලා පෙරලා බැලුවේ ආයතන ගිණුම් පොත් කියල.

      //අද ලංකාවෙ අලුතින් ව්‍යාපෘතියක් පටන් ගන්න අවසර දෙන්නෙ තමන්ට ලැබෙන කුට්ටිය දෙස බලලයි.//

      මේ කියන්නේ මහාපරිමාණ BOT මට්ටමේ ප්‍රොජෙක්ට් ගැන. ඔය කලින් ලියා තියෙන කිසි මිනිහෙක් තමන්ගේ ව්‍යාපාර මහා පරිමාන මට්ටමෙන් පටං ගත්ත උං නෙමෙයි. එම නිසා මේ මතය තමන්ගේ බැරිකම වහ ගන්න වපුරන ප්‍රසිද්ධ මිත්‍යාවක්.

      බැරි මිනිහට පොලව ඇදයි වගේ තමන්ගේ කාලකන්නි අලස කමට සිංහල මිනිහගේ කටේම තියෙන්නේ ලංකාවේ දේශපාලනේ නිසා අපිට මුකුත් කර ගන්න බැහැ කියන එක. ඒ කතාව මෙතනත් කීප තැනක දැක්ක. තම්බි ව්‍යාපාරිකයෝ දියුණු වෙන්නේ කොහොමද එතකොට ? ලංකාවේ දේශපාලන තත්වයට වඩා සාර්ථක මිනිස්සු ගැන අහන්න දකින්න නැති දූපත් isolated මානසිකත්වය මේ පසුගාමී බවට බලපාල ඇති. සාර්ථක මිනිස්සු ගැන ඇහුවම , දැක්කම තමයි ඒ වගේ වෙන්න අනිත් අයටත් හිතෙන්නේ.

      සිංහල මිනිහට සුපිරි මට්ටමට එන්න බැරි ප්‍රධාන සාධකය විෂන් එකක් සහ Entrepreneur Mindset නැති කම. උපාලි , අශෝක් පතිරගේ වගේ සිංහල මිනිස්සු අතලොස්සක් ව්‍යාපාරික ලෝකේ ඉදිරියට එන්නේ ඒ සාධක නිසා නිසා. කෙතරම් දක්ෂ උනත් , මහන්සි වෙලා වැඩ කරත් මේ දෙක නැත්නං ගොඩ බදාගෙන පොලව ඇදයි කිය කියා ඉන්න විතරයි තියෙන්නේ.

      Delete
  9. හිතක වෙනසක් ඇති කරන්න පුලුවන් වටිනා ලිපියක්.

    ReplyDelete
  10. වැරදි විදියට හිතන එකක් නෑ කියලහිතනව...මෙහෙමකියනවට,
    අපේ ගම් වල ඉස්සර කියපු දෙයක් තමා බලන් හිටිද්දි දියුනු වෙනව නම් එතන යම් හොරයක්,නිත්‍යානුකූල නොවන වෙලඳාමක් තියෙනවා කියන එක. ඒ කියන්නෙ ඉස්සරහා සිල්ලර කඩේ උනාට පිටිපස්සෙ විකුනන්නෙ කසිප්පු වෙන්න පුලුවන්.
    ඒක මේ අයට අදාල නොවුනට අපේ රටේ බොහෝ ව්‍යාපාරිකයන්ට නම් අදාලයි.
    ඇත්ත උත්සාහය තියෙන්න ඕන නිදි නොමරා වැඩකරන්න ඕන. ඒ වගේම හිතක් පපුවක් නැති වෙන්නත් ඕන...නැත්තං බිලියන ගනන් ඉතිරිකරන්න(වත්කම්) බෑහැ.
    උදාහරණ නම් ඕන තරම්..!

    ReplyDelete
    Replies
    1. නමුත් මේ අයගෙ ව්‍යාපාර දියුණුම තලයට එන්නෙ මෑත කාලීනව...එයට නූතන තාක්ෂණය වගේම ව්‍යාපාර කළමනාකරණය වගේ ක්ෂේත්‍ර අධ්‍යයනය කල බුද්ධිමතුන්ගේ සහායත් ලැබෙනවා..ඊටත් අමතරව කොටස් වෙළදපල තුල තමයි බොහෝ දේ සිදුවන්නෙ...ව්‍යාපාර කලාට ඒවායින් අාදායම් උපද්දන කලාවත් දැනගන්න ඕනෙ...ඒකයි බටහිර සහ පෙරදිග මට පෙනෙන වෙනස....ව්‍යාපාරයක ලාභාංශයක් පිටුපස තියෙන න්‍යාය ඉතා හොදින් කළමනාකරණය කිරීම තමයි මේ තත්වයට එන්නට ඔවුනට මග පාදන්න ඇත්තෙ...

      Delete
    2. මෙහෙම හිතුවොත්. මාක් අයියා, බිල් අන්කල් වගේ අයගෙ දියුණුවට අඩිතාලම උනේ අනුන්ගෙ අදහස් හොරකම් කිරීම.

      Delete
    3. මාක් අයියත් එහෙම ද හරී ? බිල් අන්කල් ගෙ වැඩ ගැන නම් ටිකක් කියවලා තියනව.

      Delete
    4. අනුන්ගෙ අදහස් හොරකම් කිරීමම නෙමෙයි...ඒ අයට නිසි වැටුපක් ගෙවලා ඒ ඥාණය ලබා ගැනීම...ව්‍යවසායකත්වය කියන්නෙ පුළුල් මාතෘකාවක්...ඔය කියන බුද්ධිමතුන්ට ව්‍යවසායකත්ව ගුණය නැති නිසයි තමන්ගෙ දැනුම තව කෙනෙකුට වැටුපකට විකුණන්නෙ උනේ...

      Delete
    5. අදහස් හොරකම් කිරීම පිලිබඳව ප්‍රසිද්දම නඩු කීප්යක්ම තිබුනා මට මතක හැටියට.

      Delete
    6. නිදි නොමරා වැඩ කිරීම කියන එකටනම් කොහොමවත් මම එකගවෙන්නේ නැහැ.

      මෙතන ඉන්න ගොඩක් අය කට්ට කාපු අය. ඒ වගේම මේගොල්ලෝ මෙතනට ගිහින් තියෙන්නේ smart thinking නිසා

      (කට්ට කාපු පලියට ඔතනට යන්න පුලුවන්නම් අද ඔය ලිස්ට් එකේ ලංකාවේ එව්නුත් ගොඩක් ඉන්නවා :v හොදට හිතල සුපිරි plan එකක් ගහන්නයි ඕනේ :) )

      Delete
  11. හරිම වටින ලිපියක් සිරා.. ඕනම කෙනෙක්ගෙ හිත දියුණුව පැත්තට යොමු කරන්න පුළුවන් ලිපියක්.. මුදල් හෝ සුදුසුකම නෙමෙයි වැදගත්ම දේ.. උත්සාහය..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම මිත්‍රයා...අද සුළුවෙන් හෝ උත්සාහයක් දරලා අලුත් ගමනක් යන්න හදන කෙනෙක්ට එහි ප්‍රතිඵල දවසක ලැබෙනවාම තමයි...

      Delete
  12. ඉන්දියාවේ අම්බානි ලා, ෂාරුක් ලාත් අර 400 ට වැටෙනවා ඇතිනේ. :D

    ReplyDelete
    Replies
    1. මෙතන ඉන්න 400 අයත් වෙන්නෙ ඇමරිකාවෙ ඉන්න ඉහළම පෙලේ ධනවතුන්...ෂාරුක් ඛාන් කෙසේ වෙතත් අම්බානි නම් මේ 400 තුල තියන්න හැකි මිනිහෙක්.

      Delete
    2. අම්බානිගේ කළු සල්ලි බැලුවොත් මේ යක්කුන්ටත් වඩා උඩින් ඉදීවි..

      Delete
    3. සල්ලි කළු මොකද දේශකයො...ලිප් බොක්කෙද අම්බානි සල්ලි ඉතුරු කරන්නෙ ?

      Delete
  13. මෙන්න ආදර්ශෙට ගන්න පුළුවන් කතා

    ReplyDelete
  14. අර ඉස්සර කතාවකුත් තිබුනෙ බං, මිනිහෙකුගෙ ජීවිතේ පළමුවෙනි ලක්‍ෂය හොයන එකලු අමාරුම. ඊට පස්සෙ ඉතිං පියවරෙන් පියවර ඉදිරියට යන එක සාපේක්‍ෂව පහසුයි. කොහොමටත් මේ තරඟකාරී ලෝකෙ බිලියනපතියෙක් වෙන එක නම් සෑහෙන අභියෝගයක් තමයි.

    මාත් මේ පළවෙනි ලක්‍ෂය හොයන ගමන් ඉන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. පලවෙනි එක අමාරු නිසා මම නම් දෙවෙනි එකේ ඉඳල පටන් ගන්න ඉන්නෙ. :D

      Delete
    2. ෂහ් ! මරු අදහස බං. එහෙනම් මමත් දහවෙනි එකෙන් විතර පටාන් ගන්න ඕන. :)

      Delete
    3. එහෙම බොරු කරන්න බෑ කොලුවො...අමාරුම දෙයින් ලබන පන්නරය තමයි ඊට ඉදිරි දේ පහසු කරන්නෙ...ඒ පන්නරය නැතුව එතැනට ගියාට ඒක පහසු එකක් වෙන්නෙ නෑ...

      Delete
  15. බිලියන... වැඩක් නෑ බං.. සොර සතුරු කරදර එමටයි... ඊටත් එහා අපේ ම ලොක්කා මහින්ද මහත්තයාගෙන් බේරිල ඉනන් බැරි වේවි. ඒක නිසා ඕන නෑ.. හැක්.. වොරන් බුෆේ කියල නේද ව්‍යවහාර වෙන්නේ.. මං නොදනී..

    ReplyDelete
    Replies
    1. මගේ හිතවතෙක් තවත් සිංගප්පූරු ආයෝජකයො කණඩායමක් එක්ක ලංකාවෙ මහා පරිමාණ ව්‍යාපෘතියක් පටන් ගන්න මූලික සාකච්ඡා කලා...ලොකු තැනගෙ ලේකම් කෙනෙක් කිව්වලු අපට රුපියල් බිලියන 1 මේකෙන් ලැබෙන්න ඕනෙ කියලා...ඉතින් ව්‍යාපෘතිය ලත් තැනම ලොප් වෙලා....

      වොරන් බුෆට් කියලා තමයි සිංහලෙන් ලියවිලා තියෙන බොහොමයක් තැනක ලියලා තිබුනෙ...ඒවා පරිශීලනය කරලා තමයි මම ඒ විදියට නම ලිව්වෙ....

      Delete
    2. මට ටීවී එකේ එහෙම ඇහිලා තියෙන්නේ බෆට් කියලා...

      Delete
    3. බෆට් තමයි නිවැරදි...මම ලිපිය ලියලා තියෙන්නෙත් එහෙමයි. උඩ කමෙන්ටුවෙදි පොඩ්ඩක් වැරදිලා...

      Delete
    4. ආහාර සම්බන්ධ buffet නම් ප්‍රනවුන්ස් කරන්නේ බුෆේ කියලා. ඒ ප්‍රංශ වචනයක්.

      Delete
    5. කොහොමත් අකුරු වල විදියට වචන උච්චාරණය වන බොහෝ වචන ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසියට එකතු වූ ඒවා නේද අරූ අයියා...උදා - Depot, Island

      Delete
  16. අද වෙනස් ම ලිපියක්. ඔය තත්වයට එන්න නම් සාමාන්‍ය ඥානයට එහා ගිය ශූර බුද්ධියක් ඕනෙ. එතනදි එකම දේ තමන්ගෙ ඉලක්කය විතරයි.

    ReplyDelete
    Replies
    1. මේ පුද්ගලයො තමන්ගෙ ඉලක්කය අරගෙන තියෙන්නෙ ඉතා තරුණ වයසෙදි...එතැන ඉදන් නොපසුබස්නා උත්සාහයෙන් ඉලක්කය හඹාගිය බවක් තමයි අහන්න ලැබෙන්නෙ. වොරන් බුෆට් කොටස් වෙළදපොලේ පලමු ආයෝජනය කලා කියන්නෙ වයස 14 වගේ කාලයෙදි...ඉතිං පේනවනෙ මේ අයගෙ හැසිරීම කෙහොමද කියලා වෘත්තීය ජීවිතයට එළඹෙන්නත් කලියෙන්....

      Delete
  17. 1.//400 සමාජයට ඇතුලු වීම සඳහා මේ වසරේදී තිබිය යුතු වූ අවම වත්කම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.55 ක්.// මේ ලැයිස්තුවේ සිරි ලාංකිකයෝ එක්කෙනෙකුවත් ඉන්නවාද? අඩුම ගානෙ සම්භවයක් හෝ තියෙන. :)

    2. ඉන්දියානුවො කීදෙනෙක් ඉන්නවාද? මට මතක හැටියට නම් කලින් ලෑස්තුවල වැඩිම දහදෙනා අතරත් ඉන්දියානුවො කීපදෙනෙක් හිටියා.

    3. //දුක දිනූ බිලියන පතියෝ //දුක දිනූ බිලියනපතියො කියන මාතෘකාව දැක්ක ගමන් මට හිතුනේ එහෙමම කියන්න අමාරු බව. මොකද මෙතන ඉන්න අයගෙන් බොහෝ දෙනාට තමුන්ගේ දෙමාපියන්ගෙන් හෝ වෙන කාගෙන් හෝ ලැබුණු උරුමයකින් තමයි බිලියනපතියො වෙලා තියෙන්නෙ. එහෙමම නොවුනත් සමහරු ගිහින් තියෙන්නෙ තමන්ගෙ දෙමව්පියන් හදපු පාරක් ඔස්සේ.

    බින්දුවෙ ඉඳන් යන එකනම් බොහොම අමාරුයි.

    සිරාට ස්තුත්යි ලිපියට. බලමුකො කවදාහරි මේ ලිස්ට් එකට නම් දාගන්න.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකිකයො කවුරුවත් නෑ...ලංකාවෙ අංක 1 සල්ලිකාරයා වන ධම්මික පෙරේරා මහතාගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 500 කට මඳක් වැඩි බවක් තමයි මම අසා තිබෙන්නෙ.

      මෙතන මේ තියෙන 400 ලැයිස්තුව ලෝක මට්ටමේ එක නෙමෙයි. ධනවත්ම ඇමරිකානුවන් 400 දෙනා පිළිබද තොරතුරු ඇතුලත් එක. ලෝක මට්ටමෙන් ගත්තම පළමු 5 දෙනා අතර අද ඉන්දියාවේ අම්බානි සිටිය යුතුයි.

      මාතෘකාවේ වරදක් නෑ...මම මේ ලිපිය අවසන් කොටසේ ලියලා තියන අය තමන්ගෙ ළමා කාලය තුල ගොඩාක් දුක් විඳපු අය...ඒ අය අද ඉන්නෙ කෙතැනද...එතකොට මේ බිලියනපතියො ජීවිතේ යම් දවසක දුක මතින් නේද අද ඉන්න තැනට ඇවිත් තියෙන්නෙ. බින්දුවෙ ඉදන් ගිය චරිත පිළිබද මේ ලිපියෙ ඇතුලත්...කියවා බලන්න..

      Delete
    2. මෙන්න ලංකාවේ මෝඩයෙක් ..

      යකෝ billgates ගේ තාත්තා දර කපල එදා වේල හම්බු කරපු මනුස්සයෙක්

      මෙතන ඉන්න බහුතරයක් එහෙම බිඋන්දුවේ ඉදල ආපු මිනිස්සු

      අම්මගේ තාත්තගේ අඩිපාරේ busine4ss world එකට එන උන්ට වඩා මී අය ගාව අත්දැකීම් සහ දැනුම වැඩි

      Delete
  18. මටත් මාර ආසයි ෆුට්බෝල් ක්ලබ් එකක් සල්ලිවලට ගන්න... :)

    ReplyDelete
    Replies
    1. අපේ ක්ල්බ් එක ගනිං සල්ලි දීලා.. ගන්න කැමතියි නං මම නම කියන්නං.. හැක්

      Delete
    2. @ දේශකයා,
      උඹේ ක්ලබ් එකට බෝලයක් ගන්න සල්ලි නෑ කිය කිය හිටිය නේද බං පහුගිය දවස්වල.

      Delete
    3. ක්ලබ් එකක් විකුණන්න තියේ කියලා දැන්වීමක් දාමු....

      Delete
    4. දේශකයාගේ ඇත්තේ කජුවත්ත එක්සත් වගේ එකක්.. ඒත් පාඩු නෑ ක්ලබ් එක වහලා වත්ත වෙන්දේසි කරන්න හරි බැරියෑ... :D

      Delete
    5. මේක බෝතල් විතරක් තියන කලබ් එකක්

      Delete
    6. ලැක්චරයෝ......මෙහේ එක අයිති එකා තව එකක් ගන්න හොයනවා. උඹේ නම්බර් එක දෙන්නද?

      Delete
  19. මගේ නම නෑ සිරෝ......................................
    තද වෙනවා..

    ReplyDelete
    Replies
    1. තව කල් ගියාම බලමු නම තියේද කියලා...

      Delete
  20. මේක දැක්කම මට ලෝකෙ ලොකුම හොරු දහ දෙනා මතක් වුණා ඇයි මංද
    සමහර විට ලිපියක් වත් ලියන්න හිතෙයිද දන්නෑ...
    හිහි....
    ස්තූතියි සිරා අය්ය මේ තෝරතුරු අපි එක්ක බෙදාගත්තට...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොට...ලොකුම හොරු ගැන ලිව්වට ඒක කියවලා කියවන එකෙක්ට ජීවිතේට ගන්න දෙයක් නෑ නේද බං. බොටත් ජයම වේවා !


      Delete
  21. වටිනා සටහනක්. ආසාවෙන් කියෙව්වා සිරා මල්ලි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා..සෑහෙන දොහකින් මේ පැත්තෙ..

      Delete
  22. මට හිතෙන්නෙ මේ මිනිස්සු තමන් ගාව තියන ගොඩ අඩුවෙයි කියල කොයි වෙලෙත් බයෙන් ඇති. ඉහලින්ම ඉන්න කෙනාගෙ හැඩ දුවෙක් ඉන්නව ඔන්න සිරා ලේසියෙන්ම list එකට යන්න ඔත්තුවක්.

    ReplyDelete
    Replies
    1. ඒ හැඩ දුවගෙ රූ සපුව මම දැකලා තියෙනවා...දැන් නම් බ්ල් ගේට්ස් ප්‍රධාන විධායක ධූරයෙන් ඉවත් වෙලා ඔහු සහ බිරිඳ පවත්වාගෙන යන පදනමේ පුණ්‍ය ක්‍රියාවලට වැඩි වශයෙන් දායක වෙමින් ඉන්නෙ....බිල් ගේට්ස් සල්ලි හෙව්වා වගේම ඒ සල්ලි වලින් ගොඩාක් සමාජ සත්කාර කරන පුද්ගලයෙක් දුප්පත් රට වලට...

      Delete
  23. එන්න පරක්කු උනා සිරෝ ,

    හිතට නොගෙන යන ගමනට
    තුන් ලෝකෙන් එන තහංචි
    පුංචි පුතා ලොකු වෙනකොට
    ලොකු කම් කළ යුතුයි පුංචි...

    හඳට ගිහින් හඳ පාගා
    ආපහු එන යුගයකි මේ
    තවමත් අපි මහ පොළවේ
    ඉන්නා එක නොවැ පුදුමේ...

    කළොත් පුහුණු තමන්ගෙ හිත
    හඳ ගෙන එන්නත් බැරි නැත
    සැලසෙන කාගෙත් යහපත 
    වැඩක නිතර යොදවමු අත...

    අයන්න මෙන් මුල් තැන ගෙන
    හැම තැන පෙරමුණ ම ලබා
    බාධක කටු පඳුරු මුලින් 
    ගලවා වෙන අතක තබා...

    ගඟ බැසගන යන්නා සේ
    තද ආත්ම විශ්වාසේ
    දිනුවොත් ලොව දිනුවා සේ
    ඔබමයි දෙවියා දේසේ...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. මේ ගිතය නම් අහලම නෑ...ස්තූතියි බොට...

      Delete
    2. සිරෝ මේකේ 112 සින්දුව http://www.infolanka.com/miyuru_gee/

      Delete
    3. Punchi kale api me sinduwa kiwwe "Hithata aran yana gamane, thun loken......." kiyala. Apita ehune ehemai.
      Auntie KK

      Delete
    4. Aunty Kk ඔබ සිටින්නේ විදේශයක බව සිතමි. කැමති නැද්ද සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය සමග ඔබේ අත්දැකීම් බෙදා ගන්න .

      ස්තූතියි සින්දු ඇනෝ...බොලාගේ අඛණ්ඩ සහයෝගයට...

      Delete
    5. Ow mamath inne oya kiyapu "Billiona pathiyo" inna rate. Balamu athdekim liwwoth 7 wana lipiya lesa ewannam. Liyanna kammeli, namuth kiyawanna kemathi.
      Auntie K

      Delete
    6. අත් අකුරු වලින් කොළයක ලියලා ඒක ස්කෑන් කරලා ඊ මේලයක් එවන්න. ඇමරිකාව ගැන හෝ ඔබට කැමති දෙයක් ගැන ලියන්න නැන්දා...

      Delete
  24. බොහොම වටින ලිපියක්. මේ ජාතියේ ලිපි වලට මං මාර මනාපයි. අර උඩින් කියපු ලංකාවෙ ව්‍යාපාරිකයන්ගෙ වතගොත ටිකකුත් ගේන්න පුලුවන්නම් පංකාදුයි.

    ඔබේ ලිපිය මං අපේ ඔපීසියේ අයටත් මේල් කලා.

    ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ලිපිය අගය කිරීම ගැන ස්තූතියි...කියවන කෙනෙක්ට තමන්ගෙ ජීවිතයට යමක් ගත හැකි ආකාරයේ ලියවිලි වැඩියෙන් ඉදිරිපත් කරන්නයි මගේ වෑයම...මේ ලිපිය තවවත් අය සමග බෙදා හදා ගැනීම ගැනත් මගේ ප්‍රණාමය...

      Delete
  25. වැදගත් ලිපියක් සිරා ... මේ වගේ දේවල් කියෙව්වම තමයි මිනිස්සුන්ට මේවගේ දේවල් කරන්න හිතෙන්නේ ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්....අඹමල් රේණුවක හෝ තරමේ දෙයක් මේ ලිපියෙන් කියවන කෙනෙක් ලබා ගත්තා නම් එය විශාල සතුටක් මට...

      Delete
  26. සිරා මාත් හරි ආසයි මිනිස්සුන්ගේ ජීවිත කතා කියවන්න.
    මට සල්ලි නැතිවුනත් මා ආපු ගමන ගැන තෘප්තිමත්. කවදා හරි දේශකයාගේ ෆුට්බෝල් ක්ලබ් එක ගන්නවා ගන්නවාමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ අයියා ඔබේ අදහස් වලට..මමත් එහෙමයි...එවැනි කථාවකින් අපේ ජීවිතයට එකතු කරගත හැකි යමක් නිසැකවම හොයාගන්න පුලුවන්. අරූ අයියගෙ වටපිටාව යම් තරමක ඔබේ ලියවිලි තුලින් කියවා තිබෙන නිසාම...ඔබේ ගමන ගැන අපට ඇත්තේද සතුටක්...ජය !

      Delete
  27. හ්ම්ම්...මම උසස් පෙල කරල කැම්පස් යන්න තරම් ලකුනු මදි වුනා...එකලා ගාමන්ට් ගියා..ඊට පස්සෙ ආයම ගෙදර එන්න කියලා ඉස්කෝලේ සර්ලා කතා කරලා මම ගනකාධිකාරිවරන ඩිප්ලෝමාවට යොමු කලා...දැන් මම අවසන් වසරේ ඉන්නේ...එ අතර තුර මම ඉන්ශුරන්ස් එක්ක වැඩ කලා..ගෙදර ලග ඉස්කෝලේ ස්වෙච්චාවෙන් ඉගැන්නුවා..අමතර පන්ති කලා...කඩේක වැඩ කලා..ලංකා බැංකුවේ පුහුනුව කලා..සමෘද්ධි බැංකුවේ පුහුනුව කලා...දැන් ඉදිකිරීම් ආයතනයක වැඩ කරනවා...cousrse හයක් කරල තියෙනවා..අපේ අප්පච්චි ගොඩාක් දුප්පත් පුලුවන් විදියට මට උදවු කරනවා..අවුරුදු 18න් පස්සෙ මං අම්මලාගෙන් සල්ලි ඉල්ලන් නෑ..මං කොහොම හරි මේ දුප්පත්කම ගොඩ දානවමයි...මේ විදින දුක් දවසක නැති කරනවාමයි....

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...