Sunday, August 5, 2012

107 පටි ජොකා

ඔන්න සිරා තවත් නැවුම් දවසක දහසක් බලාපොරොත්තු හදේ දල්වාගෙන කාමරේ දොර ඇරියා.. කොයි කථාවද අද කියන්නෙ කියලා කම්පනා ලෝකෙ සැරිසරන කොට මෙන්න මේ කථාව මතක් වුනේ...  මේ සිදුවීම වුනේ සහශ්‍ර‍ය ලබපු ගමන්.. ඒ කියන්නෙ අදින් දශකයකටත් එහා... ඒ වෙද්දි සිරා උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න අවදිය.. අධ්‍යාපනය වගේම බෑන්ඩ් ජීවිතයත් සමබරව ගලාගෙන ගිය කාලයක්...

අපේ වැස්ටර්න් බෑන්ඩ් එකේ 1997 වසරේ නියාමකයා තමයි ලොකු අයියා... මම කලින් කියලා තියෙන බූරු කථාව අස්සෙ කපිල් දේව් තුමාගෙන් හොදටම ගුටි කෑවෙත් මෙතුමාම තමයි.  බෑන්ඩ් එකේ හැමෝටම ලොකු අයියා කෙනෙක් වෙච්ච මේ චරිතය, කෙනෙක්ගෙ සැපේදි වගේම දුකේදිත් පිහිටවෙන පස්ට චරිතයක්... දෙයක් කරමු කිව්වොත් ඒක කරලම මිස පස්ස බලන්නෙ නැති කෙනෙක්... 

මම මේ කියන කාලයේ ලොකු අයියා බෑන්ඩ් එකෙන් සමුඅරගෙන රැකියාවකට එක්වෙලා හිටපු කාලෙ.. පරිගණක පුහුණුව ලබාදෙන ප්‍ර‍සිද්ධ ආයතනයක ආචාර්ය වරයෙක් විදියටයි කටයුතු කලේ.... සිරා ඒ වෙද්දිත්  බෑන්ඩ් ගහනවා...

අපේ පිරිස හදිසි රාජකාරියක් නැත්නම් පුහුණුවීම් කරන්නෙ බ්‍ර‍හස්පතින්දාට විතරයි... පුහුණුවීම් අවසන් උනාට පස්සෙ  ටවුමෙ නිමල් අයියගෙ ඇට්ටේරියා ගහ යට පොට් එකට (මේ කඩේ අද නැත එතැන බැංකුවක් අද ඇත)  එකතුවෙනවා ප්ලෙන්ටියක් ගහන්න. රැකියාව නිමවෙලා නිවෙස බලා යන අපේ පැරණි සාමාජිකයනුත් මේ තැනදීම අපිට හමුවෙනවා... බෑන්ඩ් එකේ හෙට දවස, පුහුණුවීම් වල ප්‍ර‍ගතිය, අඩුපාඩු සාකච්ඡා වෙන්නෙත් මෙතැනමයි... කඩේ හිමිකරැත් අපේ ආදිශිෂ්‍යයෙක් වීම නිසාම එතැන අපේම තැනක් වගෙයි දැනුනෙ. දවසක් ලොකුඅයියත් මෙතැනදි අපිට හමුවුනා...

උඹලා ඔන්න වැඩ දාගන්න එපා ඊළග සතියෙ සෙනසුරාදට...අරිද ?  මගේ උපන්දිනේට පොඩි පාටියක් දානවා ගෙදර... මම වැඩ කරන තැන ගෑල්ළමයි ටිකකුත් එනවා... උඹලා සැට් එකත් ඇවිල්ලා අඩියක් එහෙම ගහලා ජොලියක් දාමු.....

අපේ උන් ඔක්කොම හක හක ගාලා හිනාවුනා... අනේ යන්න ලොකු අයියා.. අපි නම් එයි... බලාගෙන ඉන්න.. ආයෙත් නම් අපි රැවටෙන්නෙ නෑ.... අපේ උන් එහෙම කිව්වා...

ඇයි එහෙම කිව්වෙ ?
බොලාලට ඒක ප්‍ර‍ශ්නයක් වෙන්න පුලුවන් නිසා මම නිධාන කථාවත් කියන්නම්...

මේ වගේම මීට කලින් දවසක ලොකු අයියා පාටියකට කියලා හැමෝටම ආරාධනා කලා....
අපේ ඔෆිස් එකේ කට්ටියත් එන නිසා ඔක්කොම හොද කිට් එකකට බැහැලා  උදේ 9 වෙද්දි ගෙදරට වරෙන් කියලයි එදා කිව්වෙ... සිරාට අමතර පන්තියක් නිසා එදා පාටියට යන්න බැරි උනා... පස්සෙ හිතුනා ගියේ නැති එකෙන් මගෙ ජාමෙ බේරුනා කියලා....

ඉතිං අපේ පිරිස කියපු වෙලාවට අත්දිග ෂර්ට් ඇදලා.. ටයි එකක් එහෙම දාලා මගුල් ගෙදරක යන තරම් උජාරැවෙන්  පාටි ගෙදරට ගියාට කිසිම හැලහොල්මනක් ඒ කිව්වෙ පාටියක ලකුණක් වත් තිබිලා නෑ... ඒ වෙනුවට පිරිස පිළිගත්ත ලොකු අයියා බක බක ගාලා හිනාවෙනවලු උගෙ එපාම කරපු මල්ලිලා දෙන්නත් එක්කම...

කොහෙද බන් මේ විදියට ඇදගෙන බොලාලා යන්නෙ ? 
ඇයි ඔයාගෙ උපන්දින පාටියටනෙ අනේ... මතක නැද්ද එන්න කිව්වා... පිරිස යටහත් පහත්ව උත්තර දීලා...

ලොකු අයියා ආයෙත් හයියෙන් හිනාවෙලා... මොන පාටිද බන් අපේ කුඹුරු වල අද ගොයම් කපනවා ඒකයි තොපිට එන්නෙ කිව්වෙ... ඔය ඇදුම් ගලවලා මේ සරම් කොටයක්, කොට කලිසමක් ගහගෙන, උදේට මොනා හරි සප්පායම් වෙලා කුඹුරට බහිමු කිව්වම කට්ටිය භූත වෙලා, කනේ තිබ්බ කට චූට්ටියට උන්ඩි වෙලා... උදේ ඉදන් හවස්වෙන කම් ගොයම් කපලා හීනියට ෂොට් එකක් දාගෙන වත්ත පහළ ලිදෙන් නාගෙන තමයි පිරිස ආයෙත් නිවෙස් බලා ගිහින් තිබ්බෙ.... ඔය හේතුව නිසා කාලයක් යනතුරු  හැමෝම ලොකු අයියගෙ උපන් දින පාටි වර්ජනය කොලා.

නෑ නෑ බන් මේ සැරේ ඇත්තටමයි උඹලට එන්න කියන්නෙ.... හැමදාමත් බොරු කරන්නෙ නෑනෙ බන්... සිරාවටම පාටියක් තියෙන්නෙ ඔන්න වරෙල්ලා  කියපු ලොකු  අයියා  නිමල් අයියගෙ පොට් එකෙන් අනතරස්දාන උනා...

දැන් ඔන්න බෑන්ඩ් එකේ ආරාධනා ලබපු අපි වගේ සීනියර් ඇත්තො පාටි ගෙදර ගිහින් දෙන තෑග්ග ගැන සාකච්ඡා කොලා... ඒ කාලෙ ගෙදරිනුත් කොකු දාගෙන බෑන්ඩ් ගහපු කාලයක් නිසාත්, රැකියාවක් නොකල නිසාත් අපි ළග අතේ සතේ නෑ... අවසානයේ ලොකු අයියා කරපු වැඩේට රිටර්න් එකක් දෙන්නත් එක්කම ගද ගහන පරණ සපත්තුවක් එක්ක ලොකුම ලොකු ගඩොලක් පාර්සල් කරලා... තෑගි ඔතන ලස්සන කොලයකින් ආවරණය කරලා  සෑහෙන්න විශාල තෑගි පාර්සලයක් සූජානම් කොලා...

ඔන්න පාටි ගෙදර යන දවස උදා වුනා, කලින් වගේ ගොයම් කැපීමක්ද කියලා අවධානයෙන් පිරිස හෙමින් හෙමින් ලොකු අයියගෙ නිවසට කිට්ටු වුනා.. ඔන්න එදා ඒ නිවස උත්සවශ්‍රීයෙන් බැබලෙනවා... හැමතැනම ක්‍රේප් කොල ඇදලා බැලුම් එල්ලලා... හරිම සිරියාවයි...

පිරිස ආදරයෙන්, සාදරයෙන් පිළිගත්ත ලොකු අයියා සාලයේ කොනක  අසුන් පැනවූවා... සාලයේ තිබුන ලොකු මේසයක් උඩ අපේ සම්භාවනීය තෑග්ග සැතපෙව්වා...

ඔන්න තවත් මද වේලාවක් ඇවෑමෙන් කිචි බිචියක් ඇහෙන්න ගත්තා... අනේ සීදේවි ගෑල්ළමයි රොත්තක්ම උපන් දින සාදෙට ඇවිල්ලා... ලොකුඅයියගෙ කාර්යාලයේ මිතුරියන්... හැමෝම එක වගේම පොෂ්... නෙත්,සිත්,හදවත් පැහැරගන්නවා... අපේ උන්ගෙ හෘද ස්පන්දනය වැඩි වෙලා ඒගොල්ලන්ගෙ සුන්දරත්වය දැකලා.... ඒ මදිවට සියල්ලන්ම තෑගි භෝග අතින් කටින් අරගෙන ඇවිල්ලා තිබුනෙ...

දෙපිරිස හදුනාගැනීමෙන් පස්සෙ සාදය ඇරඹුනා...  උපන්දින කේක් ගෙඩිය කපලා, කේක් කවලා, වැඩේ ඉස්සරහට යනකොට ලොකු අයියගෙ සම වයසෙ අපේ පැරණි බෑන්ඩ් සගයෙක් වෙච්චි VP තුමාත් පැමිණියා... ඉංග්‍රීසි අකුරැ දෙකකින් කියැවෙන ඉතා අසභ්‍ය නමක් තමයි එයාට යොදලා තිබුනෙ... ඒ නිසා අකුරු දෙකකින් තමයි හැමෝම ආමන්ත්‍ර‍ණය කොලේ...

මධු බදුන් එකින් එක හිස්වෙනකොට අපි කෙමෙන් කෙමෙන් පියවි ලොවින් ඈතට ඉගිල්ලුනා... ලයාන්විත සංගීත හඩ දසත පැතිරෙද්දි  සුන්දර මානවිකාවන් අප සමග නර්ථනයට පැමිණියා.. දැන් සාදය ඉතා උච්ච ස්ථානයක පවතින්නෙ... හැමෝම තරගෙට නටනවා..  ඒ අතර තමන්ගෙ හිත්ගත් ගෑල්ළමයින්ට සමහරැ එකිනෙක දේවල් කොදුරනවා...  මේ ආකාරයෙන් ඉතා තීව්ර අවස්ථා පසුකරගෙන දිවා භෝජන සංග්‍ර‍හයත් භුක්ති විදලා උපන්දින සාදයේ අවසන් අවස්ථාවට එළැඹුනා ... ඒ තමයි එකිනෙකා රැගෙන ආ ත්‍යාග ලබාදෙන අවස්ථාව.

මුලින්ම අපේ උන් ඔතාගෙන ආපු ත්‍යාගය... ඊටත් පස්සෙ VP තුමාගෙ ත්‍යාගය... මේ ආකාරයෙන් පිළිවෙලින් සාලයේ කොනක තිබුන මේසයක් උඩ ත්‍යාගයන් එකින් එක එකතු වෙනවා... මෙන්න මේ අතර තමයි අපි හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ධ වුනේ...

දැන් අලුත්ම ක්‍රමේ  තමයි.. ගෙනාපු තෑගි හැමෝම ඉස්සරහා කඩන ‍ එක... අපිත් එහෙම කරමු... ලස්සන එකියක් එහෙම කිව්වම එයාගෙ යාලුවොත් ඒකට පැනලා කැමති වුනා... උන්ට වුවමනා වුනේ ඒගොල්ලො ගෙනාපු තෑගි කොච්චර වටිනවද කියලා හැමෝටම පෙන්නන්න කියලා, පස්සෙ දවසක සිරාගෙ අක්මාවට වැටහුනා.අපේ උන් වගේම VP තුමත් මේ යෝජනාවට දැඩිව විරුද්ධ වුනා... එතෙක් පටන් පැවති නොයෙක් වාද විවාද  අවසානයේ ගෑල්ළමයින්ගෙ අදහසට එකග වෙන්න අපිටත් සිදුවුනා... තවත් මද වේලාවක් ඇවෑමෙන් අපේ සායම දියවී අපි ඉතාමත් සාටර් ජීවීන් කොටසක් වන අයුරු හීනෙන් වගේ පේන්න ගත්තා...

මුලින්ම ගෑල්ළමයි තම තමන් ගෙනාපු ත්‍යාග හැමෝම ඉදිරියේ විවෘත කරන ලෙස ලොකු අයියට ආරාධනා කලා.. ඔන්න දැන් වැඩේ ආරම්භ වුනා...  ෂර්ට්, සුවද විලවුන්, සපත්තු, ඔරලෝසු.... ආදී නානා ප්‍ර‍කාර වටිනා ත්‍යාගයන් කාර්යාල මිතුරියන් එයාට තිළිණ කරලා... දැන් ඔන්න අපේ වාරේ... තෑග්ග අතට ගන්නකොටම හැමෝම කෑ ගහනවා ඕකනම් කඩන්න එපා කියලා... ගෑල්ළමයි කෑ ගහනවා, නෑ ඕක කඩන්න ඕනෙමයි කියලා....

ලොකු අයියා අපේ තෑගි පෙට්ටිය අතට අරගත්තා... ටිකක් බරයි වගේ දැනුන නිසා පොඩ්ඩක් සොලවලා එහෙම බැලුවා...  ගඩොල් ගෙඩිය ඇතුලෙ හෙල්ලෙන සද්දෙ අපිට ඇහෙනකොට අපේ  ඔලුවත් හෙල්ලෙනවා වගේ දැනුනා...ඇයි බොලං අපේ  ආත්මගරුත්වය කීතු කීතු වෙන්න යන වෙලාවක් නොවැ...

තෑග්ග ඔතලා තිබුනු කොළේ ඉරලා අනිත් පැත්තට හරවනකොටම දඩාස් කියලා වැටුනෙ නෑතෑ දඩි ගඩොල... තව පොඩ්ඩෙන් සාලෙ බිමට අල්ලලා තිබුන ටයිල් එකකුත් බිදෙනවා ඒකෙ බරට... කෙල්ලො රංචුව කෑ ගහලා හිනාවෙනකොට ලොකු අයියගෙ ගෙදර අයත් එතනට රැස් වුනා. ඊටත් පස්සෙ  ගඩොල එක්ක තිබුන ගද ගහන පරණ සපත්තුවත් එළියට ඇවිල්ලා හැමෝම දිහා බලාගෙන හිටියා... අපේ උන් එකා දෙන්නා සාලෙන් වහං වෙනකොට ගෑල්ළමයි උඩ පැන පැන අපිට සාටරේට හිනා වුනා...

ඔන්න දැන් අන්තිම තෑග්ග... VP තුමා ගෙනාපු එක... ඒක කඩන්න නම් සෑහෙන්න අමාරැ උනා... මිනිහා ඉඩදෙන්නෙම නෑ... අපේ උන් ටිකත් ඒ වෙද්දි සාටර් වෙලා හමාර නිසා.. අපේ සම්පූර්ණ සහාය හිමි වුනා ත්‍යාගය විවෘත කරන්න... අවසානයේ ටික ටික ඔතලා තිබුන කොළේ අස්සෙන් තෑග්ග මතුවුනා...

ඉස්සෙල්ලාම තිබුනෙ තැටි පාන් රාත්තලක්... ඒක උඩ දත්බෙහෙත් වලින් හිංහලෙන් අමු කුණුහරුපයක් ලියලා...  අවසානයේ උපන්දිනයට සුභ පතලා... ලොකු අයියා පාන් රාත්තල උස්සනකොටම ඒකෙ පැටලිලා කලු පාට යමක් බිම වැටුනා... ඒ එක්කම VP ගොයියා විදුලි වේගයෙන් සාලෙන් මාරු වුනා...  අනේ ඒ මොකක්ද ? කියපු කෙල්ලො රොත්ත පැනපු ගමන් වැටුන එක අහුලලා උඩට ඉස්සුවා... ඊයා ඒ එක්කම ඇහුනා...

වවුලා වගේ දිග ඇරැනු පටි ජොකා  සීලිම දිහා බලාගෙන හිනැහෙද්දි... පාටි ගෙදර  එකම හූ ගොඩක් වුනා... තෑග්ග ගෙනාපු VP ගොයියා එතෙක් වෙලා ට්‍ර‍යි එක දිපු කෙල්ලටත් නොකියා  පාටියට සමු දීලා වත්ත පහළට ගිහින් තිබුනා...

ගෑල්ළමයි ඉන්න කඩේකට ගිහිල්ලා පටි ජොක්කු ඉල්ලන්නත් ලැජ්ජා කාලේ පොෂ් දැරිවියො පිරිසක් ඉස්සරහා වෙච්ච වැඩෙන් තෑග්ග ගෙනාපු කෙනා පත්වෙච්ච අපහසුතාව තේරුම් ගන්න පුලුවන්නෙ.


මම සයිබරයේ අලුත් මිතුරා සිරා

ප.ලි

පටි ජොකා (jockstrap)  යනු පොදුවේ සපෝටරය ලෙස කොල්ලන් හදුන්වන පිරිමින් අදිනා යට ඇදුම් විශේෂයකි..  ක්‍රීඩා කරන අය අතර ඉතා ජනප්‍රියය. පිටුපස කොටස නොමැති  අතර ඒ වෙනුවට ඇත්තේ පටි දෙකක් හෙයින් එය පටි ජොකා නම් වෙයි. පටි ජොකා ඉතා අවලස්සනය.

බෑන්ඩ් ගහන කාලයේ පටිජොකා ඇදීම සැමටම අනිවාර්යය.. විශේෂයෙන් ඉතා දැඩි වෙහෙසක් ගෙන පිඹීමෙන් වාදනය කල යුතු ට්‍ර‍ම්පට්,තොම්බ්‍රෝන්,සැක්සෆෝන්,ටියුබා, සූසාෆෝන්, ක්ලැරිනට් වැනි වාද්‍ය භාණ්ඩ  භාවිතයේදී ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටලු අවම කිරීම එහි පරමාර්ථයයි... වරෙක අපේ නවක සාමාජිකයකු රෙදිපිළි වෙළදසැලකින් ඉල්ලා තිබුනේ තමන්ට පුක නැති ජොකෙක් දෙන ලෙසය...  අන්ද මන්ද වී ඇති මුදලාලි පසුව නිවැරදි එකක් ලබා දී ඇත. මේ කථාව  උගෙ මිතුරන් අතරද පැතිරුන අතර, මේ සිදුවීම උගෙ නමට මුලින් විශේෂණ පදයකටද  පසුදිනෙක මග විවර කලෙහිය.

මෙම සිද්ධියට අදාළ ජොකා හොදින් පාවිච්චි කර සේදීමකින් තොරව ගෙන ආ එකක් බව දැන සිටියේ VP තුමා පමණි. ඒ ගොයම් කැපීමේ හිලව්වටය.

බ්ලොග් අවකාශයේ මාතලන් උන්නැහේ පිරිමි යට ඇදුම් ගැන දක්වා ඇති වැදගත් පෝස්ටුවක්  මෙතැනින් 
දුෂ්‍යන්ත ආකාශ් වෛද්‍ය තුමාගෙ  තරැණයා බ්ලොගියේ පිරිමි යට ඇදුම් පිළිබද පෝස්ටුවක් මෙතැනින්

107 comments:

  1. සිරා කොලුව පටි ජොකා අද ඊයේ පැමිණියක් නොව.අතීත හෙලයන් අමුඩ ගසා සිටිනු දැක පර සුද්දන් විසින් නිර්මාණය කරන ලද්දකි.මේවා දැක්කාම හෙලු ලේ කැකෑරෙන්නේය.

    ReplyDelete
    Replies
    1. එම්බා අවතාරය... මමද ඔබ සමගම එකතු වෙමි... පර සුද්දන් හෙලයන්ගේ අමුඩය මොඩ් කර පටි ජොකා සෑදූ බවක් මමද අසා තිබේ... තොපේ පමණක් නොව මගේද හෙලු ලේ කැකෑරෙන්නේමය...

      Delete
    2. හා හා කැකෑරුනාට කමක් නෑ ඇඳුමක් කාරිය ඇඳගෙන. හෙළුවෙන් කැකෑරෙන්න බොලාට සැජ්ජ නැත් ද?

      Delete
    3. සැජ්ජ නෑ අපිට සැජ්ජ නෑ අපි උදේහැනැක්කෙම සූටි පටි ජොකෙක් මල්ලියට ඇන්දුවා..

      Delete
    4. බොලං සුද්දාගේ පටි ජොකාට පටි දෙකකි....එහෙත්... හෙලයාගේ අමුඩ ජොකාට එක පටියකි. , එම නිසා එය ඒක වචනයෙන් පටය ජොකාය ....එනම්..පට්ට ජොකාය..!ඒකියන්නේ හෙලයාගේ ජොකා පට්ටය..!

      Delete
    5. බොලාගෙ අර්ථ දැක්වීමත් නරකම නැතුවාය... පස්ටය...

      Delete
    6. MARU THAWA LIYAPAN

      Delete
  2. Replies
    1. කුජීතයි කිව්වෙ පෝස්ටුවද? එහෙමත් නැත්නම් වෙච්ච සන්තෑසියද ?

      Delete
    2. අච්චර පොෂ් කෙල්ලො ගොඩක් මැද්දෙ මූන දුන්නු අභාග්‍යය ඇරෙන්න වෙන මොකක් ද බං. ඊටත් පැනි පෙරල දැන අඳුරගත්තට පස්සෙ.

      Delete
  3. පස්ට කතාව.:):) අර කෙල්ලන්ට හිතෙන්න ඇති කරගත්තු ගොන් කම කියල නෙහ්.. :D

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද ජොකා උඩට උස්සපු ගමන් ඊයා කියලා අතඇරියා... අපි එදා හිනාවුනා බඩකොර වෙනකම්...

      මචන් උඹේ බ්ලොග් එකට එන්න විදියක් නෑ.. මෙන්න මෙහෙම වයිරස් මැසේජ් එකක් එනවා, පොඩ්ඩක් හොයලා බලපන්..
      Warning: Something's Not Right Here!
      chandanadm.blogspot.com contains content from fastonlineusers.com, a site known to distribute malware. Your computer might catch a virus if you visit this site.
      Google has found malicious software may be installed onto your computer if you proceed. If you've visited this site in the past or you trust this site, it's possible that it has just recently been compromised by a hacker. You should not proceed, and perhaps try again tomorrow or go somewhere else.
      We have already notified fastonlineusers.com that we found malware on the site. For more about the problems found on fastonlineusers.com, visit the Google Safe Browsing diagnostic page.

      Delete
    2. අනිවා මටත් ඕකම ආව ඔය පැත්තට යනකොට.

      Delete
    3. මචන් මේකම නේද මගේ බ්ලොග් එකට යනකොටත් එන්නේ?එහෙනං මේක මගේ එකට විතරක් නෙමෙයිද?ගුගල් එකේ කේස් එකක් වගේ නේද?

      Delete
    4. @ සිම්බා මලයා

      ඔව් මචන් ඕකම තමා...

      Delete
    5. ඔය අවුල ආවට පස්සේ මට වෙන බ්ලොග් වලට යන්න වෙලාවක් තිබ්බෙ නෑ ඒක හදා ගන්න ට්‍රයි කලා මිසක. අද තමයි මේ එර්‍රර් එක මොකක්ද කියල මෙතනින් දැක්කේ. තෑන්ක්ස් මචන් මේක කොපි කර ගත්තට. ඔන්න මම මේක සේව් කර ගත්ත.

      …මමදාපු ගැජට් ටිකක් අයින් කරාට පස්සේ හරි ගියා.

      Delete
  4. අම්මෝ අපිත් ඔය වගේ වැඩ කොලාට ඔහොම නෝන්ඩියක් නම් වෙලා නැහැ.
    මොනා උනත් පට්ට සීන් එක.

    ReplyDelete
    Replies
    1. අපේ පාසල කොල්ලො විතරක් ඉන්න එකක් නිසා අපිට පොඩි සබකෝලයක් තිබ්බ රැකියාවක් පටන් ගන්න කාලෙ එනකන්ම ගෑල්ළමයි එක්ක කථා කරන කොට... එහෙව් අස්සෙ මෙහෙම වැඩක් උනාම කෝමද සොමිය.. කන් දෙකෙන් වෑහෙනවා දොරේ...

      Delete
  5. කෙල්ලො ඒක උඩට උස්සපු ගමන් ඊය ගාන්න ඇත්තෙ ජොකා බ්‍රෑන්ඩ් නිවු එකක් නොවෙන්නෙ ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙම තමා... මොකද VP කියන්නෙත් ගොයම් කපන්න ආපු හාදයෙක්... ඒ තරහත් තියෙන්න ඇති...

      Delete
  6. Replies
    1. පොඩ්ඩක්හොයපං..කෙල්ලට කලන්තෙ ගියාද කියල..???

      Delete
  7. Replies
    1. එළ එළ සිම්බා මලයා...
      උඹේ බ්ලොගියට එන්න විදියක් නෑ වෛරස් මැසේජ් එකක් එනවා පොඩ්ඩක් බලලා විසදුමක් දීපන්...

      Delete
    2. අඩේ එක එන්නේ google chrm එකෙන් එද්දී බන්..මට හොයා ගන්න බෑ මොකක්ද සින් එක කියල..

      Delete
  8. පට්ට කතාවක් නෙ මචන්...එළ එළ​
    මාතලන් ගේ ජොක්කු ගැන පෝස්ට් එකත් මම අදනෙ දැක්කේ.
    මෙන්න ජොක්කු ගැන තවත් හොඳ පොස්ට් එකක්..

    http://tarunayaa.blogspot.com/2012/04/blog-post.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුෂ්‍යන්ත්...කාමරයට සාදරයෙන් පිළිගන්නවා..

      වෛද්‍යවරයෙක් නිසාම මේ සම්බන්ධ ඔබේ දැනුම හැමෝටම දැනගන්න ලිවීම මම අගය කරනවා. ඔබ පල කල ලින්කුව මේ පෝස්ටුවට එක්කලා...

      Delete
  9. හික්ස් පට්ට සිද්දිය බං.අපිත් ඉස්කෝලේ යන කාලේ ජෝක්ස්ට්‍රැප් කියන්න දන්නේ නැතුව පුක නැති ජොකා කියලා තමා කිව්වේ :)

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම එහෙනම් හැමෝම ඉල්ලලා තියෙන්නෙ එහෙම... ඒකත් මරැ...තමා..

      Delete
  10. මේ පෝස්ටුව කියෙව්වම මට මතක්වුනේ "සිනාවයි - ඉනාවයි" කියන පරණ සිංහල චත්‍රපටිය.

    ඒකේ කතානායකයගෙ ගෙදර පාටියකට ඔෆිස් එකේ ‍යාළුවෝ තෑග්ගක් අරගෙන එනවා, ලොකු පෙට්ටියක දාලා.

    කට්ටිය ගියාට පස්සෙ තෑගි පෙට්ටිය ඇරලා බලනවා, පළවෙනි පෙට්ටිය ඇරියම පිදුරු ගොඩක් එක්ක තවත් පෙට්ටියක්....ඒක ඇරියම තවත් එකක්....ඊට යටින් තවත් එකක්.....ඒක ඇතුලෙ තිබුණ පුංචි පෙට්ටියක දාපු පෑනක් අන්තිමට හම්බවෙනවා..මිනිහට ටිකක් සතුටුයි වගේ,
    ඒත් ටිකක් විමසිල්ලෙන් බැලුවම ඒකත් මිනිහගෙන්ම උස්සපු "පාකර්" පෑනක්....

    ReplyDelete
    Replies
    1. ඒ චිත්‍ර‍පටිය බලන්න ආශාවක් ඇති වුනා... කවුද රගපෑවෙ ?

      Delete
    2. අශෝක පොන්නම්පෙරුම - 1973 විතර ආපු චිත්‍රපටියක් මාත් බලලා තියෙන්නෙ පුංචි කාලේ, මේ චිත්‍රපටියෙ ජයසේකර අපොන්සුත් කැරැක්ටර් එකක් කළා වගේ මතකයි.

      අශෝක පොන්නම්පෙරුම කියන්නෙ "සැමියා බිරිදගේ දෙවියාය" චිත්‍රපටියෙ ප්‍රධාන නළුවා

      Delete
    3. තොරතුරු වලට ස්තූතියි ! සුමිත් අයියා...

      Delete
  11. හික්ස්, උඹලා මාර මිනිස්සු නේ :ඩ්

    ReplyDelete
    Replies
    1. අතේ සතේ නැති වෙච්ච හින්දමයි එහෙම කොලේ...කවුද දන්නෙ තෑගි එතනම කඩයි කියලා...

      Delete
  12. අඩේ උඹේ මේ කතාව මාරට හිතට වැදුනා ඒ කියන්නේ මරුවට ලියල තියෙනවා මේ කමෙන්ට් කරන්නේත් දිව හපාගෙන. තවමත් සිනා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! දිවහපාගන්න එහෙම එපා එතකොට තවත් අසරණ වේවි බත් කන්න බැරිව... ජය!

      Delete
  13. හා... හා... පට්ට් පට පට.. මෙතන සංජය අයියා.. චමී අයියා එහමත් ඉන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද මලේ... උන් දෙන්නා තමා ප්‍ර‍ධානියො ගෙනියන තෑග්ග තීරණය කරපු...

      Delete
  14. හපොයි සායම ඉවරයි නේද සිරෝ... ? පටි ජොකා ගැන පසුවදනක් දුන්නෙ ගෑල්ලමයින්ට වෙන්ටැති..??

    ReplyDelete
    Replies
    1. පාටියට ආපු වෙලේ ඉදන් කෙල්ලො ලොකු සයිස් එකෙන් හිටියෙ.. අපිත් ඉතිං ඊට සෙකන්ඩ් වෙන්නෙ නැතුව පොර ටෝක් දීගෙන හිටියෙ... අනතිමට ඉතිං පජාතිම උනා... පසුවදන දුන්නෙ ගෑල්ළමයින්ට තමා... අපි අදින ඇදුමක් ගැන කියන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑනෙ නේද ?

      Delete
  15. අරූට පොළව පලාගෙන යන්න පුලුවන් වුණා නම් ඌ එහෙමත් යයි :D

    ReplyDelete
    Replies
    1. ඒකා පාන් ගෙඩිය උඩට ගන්නකොටම භූමිතෙල් පාරක් කාපු ගැරඩියා වගේ සාලෙ මැද්දෙන් ඇදිලා ගියෙ....

      Delete
  16. හි හි හි ...නියම වැඩේ

    ReplyDelete
    Replies
    1. ළිහිනි සාදරයෙන් කාමරයට පිළිගන්නවා... බොරු කියලා ගොයම් කප්පගන්න ගෙන්නුවට රිටර්න් එක තමා දෙන්න හැදුවෙ... හිතුවෙ නෑ තෑගි එතනම කඩන්න වෙයි කියලා...

      Delete
  17. තවත් ජංගි බට්ටෙක් ඇවිල්ලා. යකෝ බ්ලොග් ලියනවා කියන්නේ ජංගි කතා ලියන එක නෙවෙයි. තේරුමක් ඇති දෙයක් ලියන එක. පාටියකට ගිහින් බිව්වා ජංගි තෑගී දුන්නා ගඩොල් තෑගී දුන්න ඕවා දැන් තියන තුප්පහි සමාජයේ ඉන්න උඹලා වගේ තුට්ටු දෙකේ එවුන්ගේ තුට්ටු දෙකේ හැසිරීම් ඒවා ගැන බ්ලොග් කියන්න ඕනේ නැහැ. උඹලම එකතුවෙලා කියලා හිනා වෙයල්ලා. තමුසේ බටහිර මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට කියන නම් වත් හරියට දන්නේ නැතුව තමයි බෑන්ඩ් ගහලා තියෙන්නේ. අනේ තමුසෙලා වගේ පුස්සෝ. තමුසෙලා හොඳ මේවා බලලා පට්ට හුට්ට හිකිස්‌ හුකුස්‌ එල පල කියලා කුණුහරප දාන පුස්සන්ටම තමයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් මේ වැදගත් මහත්තය මොටද පුස්සෙක් ලියන බ්ලොග් එකක් බලන්න ඇවිත් ‘පට්ට හුට්ට හිකිස්‌ හුකුස්‌ එල පල කියලා කුණුහරප දාන පුස්සන්‘ගෙ කමෙන්ට් අස්සෙ කමෙන්ට් කරෙ, ඔය වැදගත් සම්භාව්‍ය බ්ලොග් එකක් බලන් ඉන්නෙ නැතුව. බ්ලොග් ලියන්නන් ඒවායේ ලිවිය යුත්තෙ මේ මේ ජාති පමණය වශයෙන් උපදෙස් දෙන්න එන අයට මට පේන හැටියට පොඩි මෙන්ටල් ලූස් එකක් තියෙනවද කොහෙද? විකාර නොකර ඉන්න අන්කල්. කැමති කෙනෙක්ට කැමති දෙයක් කරගන්න ඇරල. තමන් කැමති දේවල් විතරයි ලෝකෙ තියෙන්න ඕන කියල හිතන එක නුවණක්කාර කමක් කියල ඔහේ හිතනවද?

      Delete
    2. මා වෙනුවෙන් අදහසක් දැක්වූවාට DDT ට ප්‍ර‍ණාමය

      මුලින්ම කාමරයට ගොඩ වැදිලා කමෙන්ටුවක් එක්කලාට ඇනෝ වෙත ස්තූති වන්ත වෙනවා... බ්ලොග් එකක් කියන්නෙ ඒක ලියන කෙනාගෙ තනි අයිතිය... එයා ලියන දේවල් කැමති කෙනා කියවනවා වගේම අකමැති කෙනා නොකියා ඉන්නවා... මගේ බ්ලොග් එකේ ලියන දේවල් තීරණය කරන්නෙ මම, ඒක මගේ අයිතිය... එතැනදි විවිධත්වයක් තියෙන දේ ලියන්න තමා මම හැමවිටම උත්සාහ කරන්නෙ... මගේ ජීවිතයට සම්බන්ධ දේවල් වගේම මුහුණ දුන් රසවත් සිදුවීම් මේ අතර තුර නිරායාසයෙන් ලියැවෙනවා... මේවා සත්‍ය සිදුවීම් මිස හිතලු නෙමෙයි. මම ලියපු චාරිකා සටහන් පෙළ කියවලා බලන්න.. ඒ ලිපි වල ගන්න දෙයක් තියෙනවද නැද්ද කියලා ඔබේ පරිකල්පනය මෙහෙයවලා ඔමෙන්ම අහන්න.ජොකා යනු කුණුහබ්බයක් නම් මේ මහත්තයා ජොක්කු අදින්නෙ නැති කෙනෙක් වෙන්න ඕනෙ...

      විවේචනයට අනිත් අය භය වුනාට මම නම් භය නෑ... ඒත් එය සාධාරණ විවේචනයක් වෙන්න ඕනෙ... මේ ලෝකෙ කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ... තමා සර්වසම්පූර්ණ යැයි සිතන ඔබ වැනි අදබාලයෙකුට කල හැකි කිසිම ලබ්බක් නෑ කියලත් මම හොදටම දන්නවා.. ඔබ වැනි සාටර් චරිත මේ ජීවිතයේදී මට ඕනෑ තරම් හම්බවෙලා තියෙනවා... වාදන භාණ්ඩ වල නම් මට ඉංග්‍රීසියෙන් දක්වන්න තිබුනා.. එහෙම නැතුව මම සාමාන්‍ය ව්‍යවහාර භාෂාවෙන් ලියලා තියෙන්නෙ නොදැන නෙමෙයි...

      කටපියාගෙන සිටින තුරා මෝඩයාද උගතෙකි කියන කියමන තමයි මට අවසාන වශයෙන් මතක් වෙන්නෙ.... ඔබට ජය!

      Delete
    3. දෙන්නටම ඩීඩීටී ගහලා පන්නන්න වටිනා බ්ලොග් මදුරුවෝ දෙන්නෙක්.

      Delete
    4. ඇත්තද? අර ලොරි ටෝක්ස් ඉවරද? අන්කල්ට පුළුවන් හරිය තමා ඔය.

      Delete
    5. මචෝ උඹලා දෙන්නා කවදාවත් අංකල්ලා වෙන්න එපා හොඳේ. ඔය විදිහටම හිටපල්ලා. නැත්තන් උඹලගේ දරුවෝ බ්ලොග් වල ලියන්නේ අම්මගේ ජංගිය ගැන. එතකොට උඹලට හරි නම්බුයිනේ.

      Delete
    6. උඹ ජොක්කු අදින්නෙ නැතුව ජංගි අදිනවා කියලා ලෝකෙටම කියන්න එපා බන්... ඔය හිස්ටීරියා තත්වයට දැන් රෝහල් වල බෙහෙත් තියෙනවා... ගෑණුන්ගෙ ජංගි උස්සන්න ගිහින් ගමේ උන්ගෙන් ගුටි කන්න කලියෙන් බෙහෙත් ටිකක් ගනින්... නැත්නම් ආයෙ බ්ලොග් කියවන්න උඹ ඉතුරු වෙන එකක් නෑ...

      Delete
    7. උපදින හැමෝම වයසට යනව අන්කල්. ඒ වුනාට අපි කවදාවත් අපිටත් තරුණ අවධියක් තිබුණ, ඒ කාලෙ අපිත් පොඩ්ඩක් විනෝදවුනා කියන එක අමතක කරල, අළුත් පරම්පරාවට මෙහෙමයි උඹල කරන්න ඕන - අර විදියට කරන්න එපා කියල ගොන් ආතල් දෙන්නෙ නෑ අන්කල් වගේ. අපි වයසට ගියත් අන්කල්ගෙයි අපෙයි තියෙන වෙනස ඒකයි. අන්කල් ඔය නම්බුකාරයි කියල හිතන ඒව සාපේක්‍ෂයි, නිරපේක්‍ෂ දේවල් ලෝකෙ නෑ. කරුණාකරල ඒක තේරුම්ගන්න.

      Delete
  18. සිරා.. ඔය ජොක්කු තෑගි දීම ගොඩ දෙනෙක් කරනව නොවැ !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සෑමා.. දැන් දැන් ගෑල්ළමයිනුත් ලැජ්ජාව පැත්තක දාලා අපේ කොල්ලන්ට ඕවා දීලා තිබුන උපන් දින වලට...

      Delete
  19. යට ඇදුම තෑගී දීම හරිම සුලබ දෙයක් නෙව.. ඒත් එව්වා එතනම කඩන සිද්දියක් ඇහුවමයි...

    දීපු උන විතරක් නෙවෙයි බොලගේ ලොකු අය්යත් කුජීතම වෙන්න ඇති .. බොලාව අර කෙල්ලෝ සෙට් එකට අයෙ හම්බ වෙන එකක්යැ .. ලොක්කය්ය නේ වදකරනං ඕනේ

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ලො ටික කොළඹ උන් ටිකක්... පාටි ගෙදරට ආපු වෙලේ ඉදන් පොඩ්ඩක් ඉහළින් ඇවිද්දෙ...අපිත් සෙකන්ඩ් නොවී හිටියෙ.. ඒත් අන්තිමට කුජීත උනා.. ලොකු අයියත් කුජීතයි තමයි එකෙන්ම...

      Delete
  20. ඉතින් ඔය එක කෙල්ලක්වත් ඊට පස්සේ මුලිච්චි උනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ සැට් එක අපේ ඉසව්වෙ නෙමෙයි... කොළඹ පළාතෙ.. ආයෙ කවදාවත් හමුවෙලා නෑ... ලොකු අයියත් දැන් එතන වැඩ නෑ..

      Delete
  21. අපේ ක්ලබ් එකේ කොල්ලොත් මේවා ඇන්දා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එත් එකෙක්ට කාඩ් එකක් ගැහුවා මුලින්ම ගෙනාපු එක රිටන් කරන්න කඩේට ගිහින් මුදලාලිට බැනලා

    "මේ බාගෙට මහපුව අපිට එපා. මේවා ඇන්දම බඩු එලියෙනේ ඕයි" කියල

    පස්සේ බලනකොට ඌ එක ඇඳලා තියෙන්නේ ඉස්සරහ පස්ස මාරු කරලා.

    ReplyDelete
    Replies
    1. හා හා.. ඒකත් සුපිරි කථාව.. මුදලාලිට හිනා පනින්න ඇති කථාව අහලා...

      Delete
    2. හය්ය්ය්ය්යෝ මේ මොනවද බං ලා........හිනාකාල පනයනව...!!!

      Delete
    3. සුදීක ඒක නම් පස්ටයි බන්ස්. මේ හදපු කතාවක් නෙවෙයි නේද? :D :D
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  22. පට්ට සීන් එක... අපිත් දවසක් ඔහොම තෑග්ගක් දුන්නා එකෙක්ට.ලොකු පෙට්ටියකට පිදුරු පුරවලා තව චූටි පෙට්ටියකට හම ගහපු ජොක්කු තුනක් හතරක් දාලා තඩි ගඩොලකුත් එක්ක දුන්නේ.වෙලාවට මිනිහා ඒක අපි ඉස්සරහා කැඩුවේ නෑ... තව සූප්පුවකුයි ආර්ටිෆිෂල් බ්‍රෙස්ට් එකකුයිත් දුන්නා.මේකා ඒවා කඩලා තියෙන්නේ අම්මලා තාත්තලා නංගිලා ඉස්සරහා... ඒ වෙලාවෙම සුමිහිරි කුණුහරුප වැලක් ආවා මැසේජ් එකකින්.... දැන් ඌ බලාගෙන ඉන්නේ අපි බඳිනකන් එතකොටයි රිටර්න් එක දෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. ගැමියා ඇතුලු සැට් එක දීලා තියෙන ගේම් එකත් මේකට දෙවෙනි නෑනෙ... කවදහරි ඌට රිටර්න් එක දෙන්න ඉඩ දීලා.. මේ කථාවෙ වගේ තෑග්ග එතනම විවෘත කරන්න... කොල්ලා ගැරඩියා වගේ මාරැ වෙයි.

      Delete
  23. පින්තූරේ දැක්කම දෙපාරක් හිතලා බැලුවා කියවනවද නැද්ද කියලා හි හී, හෙඩිම දැක්ක ගමන් මතක් උනෙත් මාතලන්ගේ කතා තමා

    ReplyDelete
    Replies
    1. පින්තූරය දැකලා භය වෙලාද කොහෙද වෙනදා එන ගෑල්ළමයි මේ පැත්තට ඇවිල්ලා නෑ තාම...

      Delete
  24. එල! හීනෙංවත් හිතුවෙ නෑ බොසා අර විදියේ තෑග්ගක් දෙයි කියල

    ReplyDelete
    Replies
    1. ඌ තෑග්ග කියලා රිටර්න් එක දීලා තියෙන්නෙ...

      Delete
  25. සිරා එතකොට කෙල්ලෙක් එක්ක ඩාන්ස් කලා..ටිකක් දාලා....හි..හි..!
    අපරාදෙ පොෂ් කෙල්ලෙක් නේද...! මේ ජොකෙක් නිසා...!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බන්.. ඒ අය අක්කලා උනත් අපිත් ඉතින් ට්‍ර‍යි එක දීගෙන තමා හිටියෙ... ගඩොල බිම වැටුනට පස්සෙ අපි සාටර්...

      Delete
  26. පට්ට සිද්දිය... ආපහු ගොයම් කපන්නවත් එන්න කියන්නෙ නැතුව ඇති නේද...

    ReplyDelete
    Replies
    1. බණ්ඩා සෑහෙන කාලෙකින්... කොහෙද බොලං වහං වෙලා හිටියෙ...

      ඊට පස්සෙ ගොයම් කපන්න එන්න කිව්වෙත් නෑ එකෙක්ටවත්... ආයෙ පාටි දැම්මෙත් නෑ උපන් දිනේට...

      Delete
  27. මරු සීන් එකක්නේ බොලාලට වෙලා තියෙන්නේ.. අපිත් දවසක් ඔය වගේ තෑග්ගක් දුන්නා එකෙක්ට..

    ReplyDelete
  28. සිරාගෙන් තව සිරාම කතාවක්. ඔය අමුත්තො ඉස්සරහ තෑග්ග අරින එක අපිත් කරනවා, ඒ සම්ප්‍රදාය තේරුම් ගන්න පුලුවන් පුදගලයන්ගෙ තෑගි එක්ක විතරක්.
    ඔන්න උඹට බයේ මේකත් දැම්මෙ සිරා...:)
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අපේ උන් නම් තේරුම් ගන්න අමාරුයි... හිටපු ගමන් පරණ සිද්ධි වලට රිටර්න් දෙන්න හදන නිසා.

      මට බය වෙන්නෙ අහවල් හේතුවකටද කියා කිව්වොතින් හොදය....

      Delete
    2. මෙන්න මේ නිසයි.:D
      ආ පයින්ම යන්නද කල්පනාව ?

      ඒවා කොහෙද මේ සිරා එක්ක... කමෙන්ටුවක් දාලා යාලුවෙක් වෙලා නොගියොත් දන්නවනේ...... මේ සිරා හොදට හොදයි.... නරකට ඊටත් වඩා හොදයි.....

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. හා හා ඒකයි හේතුව.. සිරා නම් ඉතා අහිංසකය... ඇල් වතුරත් නිවලා බොන්නෙකි.

      Delete
  29. හක්ක හක හක... පට්ට...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  30. හික්ස් හික්ස්..පටි ජෝක්කු!!!අපිටත් හොදට හුරු පුරුදු ඒවා තමයි ඈ! :)

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙමම තමා.... මේවා නොඇන්ද කැඩෙට් කාරයො කොහෙන් හොයන්නද...

      Delete
  31. නියමම තෑග්ග තමයි දීල තියෙන්නේ. කොච්චර උනත් පටි ජොකා නැත්නම් ඉතින් ගජමුතු බහින එක නම් සුවර් තමා. සුදුසුම තෑග්ග. ඕක නැත්නම් ක්‍රීඩා කරලා හමාරයි. අපිත් ඇන්දනේ ඒ කාලේ...

    ReplyDelete
    Replies
    1. හා හා ඒකනම් එහෙම තමා... ක්‍රීඩා කරපු උන් තමා වටිනාකම හොදින් දන්නෙ...

      Delete
  32. අම්මෝ - ඔය කියන සීනියර් ගේ ලොකු මලය අපිටත් ඔය ගොයම් කයිය කවල තියෙනවා ..
    කොහොම වුනත් නෂියර් අය්යේ - පට්ට පෝස්ට් එක.
    ජෝක්කු අඳින්නේ නැති එවුන් දාන කොමන්ට් ගණන් ගන්න එපා. උන්ගේ සභ්‍යත්වය සහ සදාචාරය තනිකරම රැඳිලා තියෙන්නේ ජෝකාගේ.
    අපි නම් එක ඇන්දා - ගැලෙවුවා - ඉවරයිනේ. උන් එක ගලවන්නේ නැතිව කොහොඹ කලේ වගේ ඔලුවේ තියන් නටනවා ..
    එළ එළ

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා !

      මලයත් එහෙනම් අයියට හපන් වගේ...

      මේ ලෝකෙ විවිධාකාර අය ඉන්නවා. ඒ අයගෙ රුචි අරුචි කම් විවිධයි.. ජොකා ට කැමති නැති අය ජොකාට බැන බැන ජොකා අදිනවා වෙන්නත් පුලුවන්...

      Delete
  33. අම්මප ඔය ජොකා නැත්තම් අල බහිනවනෙ බොල.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් කියන්නෙ.... ජොකා ගැන කිව්වත් සම හරක් බනිනවා නොවැ...උන්ගෙ සමහර විට අල බැහැලා ඇති...

      Delete
  34. VP කියන අකුරු දෙකේ තේරුම මම් හිතන් ඉන්න එකම තමා එහෙනම් !
    හික්ස් :) කතාව නම් සිරා !

    ReplyDelete
    Replies
    1. V කියන්නෙ වැහි කියන වචනෙ.... P අකුර හිතා ගන්න පුලුවන්නෙ....

      Delete
  35. පට්ටයි මරම මාරයි සිරා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... දිගටම එන්න මේ ඉසව්වට...

      Delete
  36. Replies
    1. මේ පැත්තට ආවට ඔබටත් ස්තූතියි...

      Delete
  37. අඩේ මේ කාමරේ මට කියවන්න අහු උනේ .....
    එල කිරි පට්ට.....

    ReplyDelete
  38. අඩෝ අදයි මේ කාමරේට ගොඩවැදුනේ..මරු බන්..හිනා වෙලා පණ යනවා

    ReplyDelete
  39. DSI supporter api ande. Slazenger dakalawath neha.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...