Wednesday, June 19, 2013

103 සිංගප්පූරුවේ ගණිකාවෝ

සිරාගේ රට කථා මාලාව තුල විවිධ ඉසව් පසුකරමින් පැමිණි ඔබ අද තවත් නැවුම් අත්දැකීමක් ලබනවා නිසැකය. ඒ මා  කියන්නට යන සිංගප්පූරුවේ ගණිකාවන් පිළිබද විස්තර දැනගැනීමෙන් අනතුරුවය.

ගණිකාවන් පිළිබද මා මීට පෙරද ලියා තිබේ. ඒ ලිපිය මෙතැනින් කියවිය හැකිය.

සිංගප්පූරුව තුල රැකියා සෙවීමේ කටයුත්ත සඵල නොවූ තැන තව දුරටත් ඒ කෙරෙහි වෙහෙසීමෙන් පලක් නැති බැව් මගේ අක්මාවට වැටහුනි. එතැන් සිට නිදහසේ රට තොට ඇවිදීමට කාලය වැය කල ආකාරය මම කලින් ලිපියකද කීවෙමි. විවිධ අය කී නිසාවෙන්ම නිතරම මා සවනත වැකුනු ස්ථාන දෙකක් සිංගප්පූරුවේ විය. සිංගප්පූරුවෙන් පිට වීමට ප්‍රථම ඒවාද දැක බලා ගැනීමට මා සිත ආශාවෙන් බර විය.

ඉන් එක් ස්ථානයක් වූයේ Orchard නම් පෙදෙසයි. අනෙක Geylang නම් විය. Orchard  යනු සිංගප්පූරුවේ සංචාරක ආකර්ශනය වැඩියෙන් දිනාගත් වාණිජ වටිනාකමක් ඇති පෙදෙසකි. ඒ නිසාමදෝ ඒ පළාතේ මාර්ග වල වැඩි වැඩියෙන් බටහිර සංචාරකයන් දැකිය හැකිය. මෙහි ලොව ඉස්තරම් ප්‍රමුඛ පෙළේ වෙළද සන්නාම වලින් යුතු නිෂ්පාදන අළෙවි කරන සුපිරි වෙළද සැල් රාශියකි. ඒ අතර ඇදුම් පැළදුම් ප්‍රමුඛ වෙයි. වැඩි මුදලක් වියදම් කර වෙළද පොලේ රවුමක් යන්නට ඔබ කැමති නම් ඔබ යා යුතුම තැනකි මේ.  Orchard  වෙත යාමට මට අවස්ථාව උදා වුනේ මැදියමත් පැන ගිය අවස්ථාවකය. විලාවේ මිතුරන්ගේ ක්ෂණික ආරාධනයෙන් කුල්මත් වූ මා වහා සූදානම් වී ඔවුන් සමග කුලී රථයකින් එහි යන්නට ප්‍රධාන මාර්ගය දෙසට පා ගමනින් ගියෙමි. මැදියම පසුවී තිබුනද විනෝදය සොයන බොහෝ දනා ඒ වෙද්දිත් මාර්ගයන් ඔබ මොබ සක්මන් කරන දර්ශනය ඉතා සුළභ විය.

සිරා උඹ ලංකාවෙදි නයිට් ක්ලබ් ගිහිල්ලා තියෙනවද ? විලාවේ සගයෙක් මගෙන් විමසයි. මගේ පිළිතුර වූයේ නැත යන්නයි. නයිට් ක්ලබ් සංස්කෘතියට මගේ ඇති අකමැත්තත්...අමාරුවෙන් උපයන මුදල් නිරපරාදේ වැය කිරීමට තරම් පිස්සුවක් මට නොතිබීමත් ඊට සාධාරණ හේතූන් විය. එහෙනං අද Orchard  ක්ලබ් එකකට යමං නිකං වෙනසකටත් එක්ක...පොඩ්ඩක් ඇවිදලා බලපන් සිංගප්පූරුවෙ නැත්තෙ මොනවද කියලා...මිතුරන්ගේ ආරාධනයෙන් කුලී රියක් තුලට වන් මට මෙය නම් අලුත්ම අත්දැකීමකි.

කුලී රථය පිටත් වී විනාඩි 15 පමණ ගෙවූ තැන උස් ගොඩනැගිල්ලක් ආසන්නයේ රථය නතර විය. එය Orchard  Tower නම් විය. මහල් කීපයකින් සමන්විත එහි බිම් මහලේ නොයෙක් වෙළද සැල් විය. නේක විසිතුරු විදුලි බල්බයන්ගෙන් ආලෝකමත්ව තිබූ ඒ සුන්දර රාත්‍රියේ මා ඇතුලු සගයෝ කුලී රථයෙන් බැස්සා පමණය. අප අසලට පැමිණියේ ඉන්දියානු පෙනුම සහිත මැදිවයසේ පුද්ගලයෙකි.

Orchard Towers  හි පිවිසුම


Sir do you need Indian girls ? හෙතෙම අනාරාධිතවම අපෙන් ඇසුවේය. ඒ ඉන්දියානු ගණිකාවන් සපයන තැරැව්කරුවෙකු බව කවුදෝ කොදුරනවා මට යන්තමින් ඇසුනි. No Thanks අපේ කාරුණික පිළිතුර හමුවේ  නැවතත් තමන් ආ දෙසටම ගිය ඔහු විසිතුරු ඇදුමින් සැරසුනු යුවතියන් කීප දෙනෙකු අසල නතර වන අන්දම අනතුරුව දැකගත හැකි විය.

දැන් කාරණය පැහැදිලිය. සාප්පු සංකීර්ණ / නයිට් ක්ලබ් අස්සෙන් ගණිකා ව්‍යාපාරයද කෙරෙන්නේය. ගණිකා වෘත්තිය නීතිගත කර ඇති සිංගප්පූරුවේ මෙය අරුමයක්ද නොවේ. නමුත් ඊට බලපාන නීති පද්ධතියක් වෙයි. ගණිකාවන්ට ගණුදෙනුකරුවන් හමුවීම සදහා වෙන්වූ ස්ථානයක මිස ජනතාව යනෙන පොදු ස්ථානයන් හිදී ගොදුරු සෙවීම සපුරා තහනම්ය. අත් බෑගයක් උරහිසේ දවටාගෙන තම ඇස්බෝල ඒ මේ අත කරකවන යුවතියෝ කවුරුන්දැයි මම හදුනා ගතිමි. ඒ අතර ආසියානු / යුරෝපා මෙන්ම අප්‍රිකානු ඇත්තියන්ද විය. සමහරෙක් බමන මතිනි. සියල්ලන්ම සමගියෙන් සමාදානයෙන් ලොව පැරණිම වෘත්තියේ නිරතවන සෙයකි. විලාවේ සගයෝ මා සමගම ස්වයංක්‍රීව පඩිපෙළින් ගොඩනැගිල්ල තුලට එළැඹි කල්හි සුරපුරක් සේ කාන්තියෙන් බබලන රාත්‍රී සමාජ ශාලා සමූහය දුටිමි. මේ ගොඩනැගිල්ලේ බොහෝ මහල්හි සමාජ ශාලා පිහිටා ඇති අන්දම දෙවන මහලෙන් තෙවන මහලටද, තෙවන මහලෙන් සිව් වන මහලටද පැමිණි මට හොදින් දැකගත හැකි විය.

වෛවර්ණ විදුලි එළි මවනා නියෝන් නාමපුවරු හැමතැනකම ඇත. ඒ ඉදිරිපිට ඇත්තේ තම ආයතනය වෙත ගණුදෙනුකරුවන් ගෙන්වා ගැනීමට පොර කන සේවක පිරිසකි. ඔවුන් අපටද අත වනා ආරාධනා කළෝය. බොහෝ සමාජ ශාලා සිංගප්පූරු ඩොලර් 10 - 20 ක පමණ ඇතුල්වීමේ ගාස්තුවක් ඇතුල්වීමේ ටිකට්පතක් හරහා  අයකරන නිසා අපි කිසි විටෙකත් උක්ත ආරාධනා කරා ප්‍රතිචාර නොදැක්වීමු. Orchard  Tower සෑම මහලක් පුරාම සිටින්නේ කෙටි ඇදුම් ආයිත්තම් වලින් සැරසී අත් බෑගයක් සහිතව ගමන් කරනා යුවතියන්ය. ඔවුන් අතර රූපයෙන් අගතැන්පත් අය මෙන්ම රුවෙන් අඩු අයද වූහ.

Entrance Free යනුවෙන් සදහන් පුවරුවක් ඉදිරියේ අපේ නෙත් නතර වුනි. දැන් සියල්ලන්ම ඒ තුලට යන්නට සූදානමෙන්ය. එහෙත් ඇති හැකි අයවලුන් වෙනත් ඒවා කරා ඇදෙද්දි නැති බැරි සිරාගේ වර්ගයේ උන්ට වෙනත් විකල්ප නැත. අප එහි රැදී උන් කෙටි විරාමය තුල ඒ කරා ගිය සුදු හම සහිත සෑම විදේශිකයෙකුටම යුවතියන්ගෙන් ලැබුනේ උණුසුම් පිළිගැනීමකි. සුද්දාගේ ඇගේ දැවටී ඔහු හා හුරතල් වන්නට පොරකන යුවතියන් පොකුරකි. මේ දර්ශනයෙන් කුල්මත් වූ අපේ යොවුන් හදවත් අපේ දෙපා වලට ඒ ඉසව්වට යන ලෙස බල කල නිසාවෙන් මොහොතකුදු පමා නොවී සුද්දන් අනුගමනය කළෙමු. එහෙත් අප පිළිගන්නට බල්ලෙක්වත් නැත. අපේ මුහුණු දෙසා බලා යුවතියෝ අහක බලාගනී. ලැජ්ජාව කට කපලාය. අප බලාපොරොත්තු වූ උණුසුම් පිළිගැනීම එහි නැත. සෑම තැනකම අපේ මුහුණු දුටු කල ඔවුන් සිතන්නේ අප ඉන්දියානුවන් යනුවෙනි. සුද්දන් අතදිග හැර වියදම් කරන නිසා ඔවුන්ට පුද සත්කාර කිරීමේ අරුමයක්ද නැත. අප දුටු වනම හිගන්නන් පිරිසක් බව එහි උන් යුවතියෝ අත්දැකීමෙන් දනිති.

මද වේලාවක් සමාජ ශාලාව තුල ඒ මේ අත හැරෙමින් යුවතියන් හා ආලිංගන නර්තනයන්හි යෙදී සිටින විදේශිකයන් දෙස නෙත් යොමා බලා සිටින විට අප අසලට පැමිණි සුන්දර Bouncer වරියක් (කරදර කාරයන් ඉවත දමන සේවිකාවක්) අපට නියම කලේ නිකං කාලය ගත කිරීමට අවස්ථාව දිය නොහැකි බවකි. අප අවම තරමේ බියර් බෝතලයක් හෝ ගත යුතුය. ඒ අවස්ථාවේ හිත හොද එකෙක් බියර් බෝතල් කීපයක් ඇනවුම් කලෙන් අපට තව දුරටත් එහි රැදී සිටිය හැකි විය. අප බියර් මිළදී ගන්නවා දුටු යුවතියන් කීප දෙනෙකු අප කරා අවුත් සුහද විය. සමහරු අදුරු මුලු වලට යන්නට කථා කරයි. මා කරා පැමිණි සොදුරු යුවතියකි. ඇයගේ මුහුණ සැබෑ ලෙසම සුන්දරය. ඈ මගේ අතින් අල්ලා ගත් නිසා ඇගේ අත්ලේ පහස මට දැනෙයි. එහෙත් ඒ තුලින් දැනුනේ කාන්තා පහසක් නොවේ...මා වහා අත්ල ගසාදමා පැත්තකට යොමු වූ අන්දම දුටු මිතුරෙක්...මොකෝ බන් යනුවෙන් විචාලේය. මේකි කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ෂුවර් නෑ බං... මම පෙරළා පිළිතුරු දුන්නෙමි. මොනවා බලන්නද බං මේ පො--නයො. මූණු  වලට ප්ලාස්ටික් සර්ජරි කරලා තියෙන නිසා තමයි මෙච්චර ලස්සන, මේ මා එක්ක ඉන්න එකීගෙනුත් මම ඔය ප්‍රශ්නෙම ඇහුවා...මේකි කියනවා එයා කෙල්ලෙක්ලු...ෂුවර් නැත්නම් අල්ලලා බලන්නලු. මේ ක්ලබ් එකට නිකං එන්න දෙන්නෙ මේ වල් හැත්ත විතරක් ඉන්න හින්දද කොහෙද බොල......

උන්ගෙන් සමහරෙක් අපේ ඇගේ දැවටී කොකාකෝලා ඉල්ලයි. ඒ කෝලා කෝලා යනුවෙන් ගැහැණු ලාලිත්‍ය සමග දෙපසට ඇඹරීමෙනි. උච්චාරණයේ වෙනස්කම නිසා මට මේ වදන මුලින් අවබෝධ කරගත නොහැකි විය. මා මිතුරෙකුගෙන් ඇසූවේ මෙයාට කෝලා අරන් දෙන්නලු මොනවද බන් කෝලා කියන්නේ යනුවෙනි.  අපේ පසුම්බියට තට්ටු කරන්නට ඔව්හු කෙතරම් නම් වෙහෙස වනවාදෝයි  දුටු කල මේ සියල්ල ජීවත් වීම අරඹයා නොවේදැයි මට මොහොතකට සිතුනි. සමාජ ශාලාව තුල කොකාකෝලා කෑන් එකකටත් ලංකා මුදලින් රු 3000/- පමණ ගෙවිය යුතු නිසා කිසිවෙකු ඒ සදහා වියදම් කලේ නැති නැත යුවතියෝ අප අතහැර ගියහ. බියර් බෝතලයේ අඩිය පෑදුනු පසු Bouncer  යලිත් අප වෙත එන බව දුටු අපි සියල්ලෝ එතැනින් නික්මී නැවතත් විලාවට පැමිණියෙමු. රථ දෙකක නැගී  එකටම මෙන්  Orchard  ගිය අපි ආපසු ආවේ වෙන වෙනමය. අපෙන් සමුගෙන වෙනත් සමාජ ශාලාවකට රිංගූ සැට් එකට දෑහිතකාමී සුද්දෙක් නොමිලේ විස්කි කොටයක් ලබා දී ඇත. එහි බලයෙන් ඉතිරි අයවලුන් වැනි වැනී විලාවට එද්දී අප පැමිණ පැයක් පමණ ඉක්ම ගොස් තිබෙන්නට ඇත.

මේ රාත්‍රිය ගත වී දින කීපයකට පසු නැවතත් රාත්‍රියක පෙර පරිදිම කුලී රථ මගින් අපි Geylang  නම් ඉසව්වට ගියෙමු. ඒ පලාතේ අතුරු මාර්ගයන්හි ගණිකා ජාවාරාම ජයටම සිදුකෙරෙන බව මිතුරන් පැවසූවෙන් ගණිකාවක් ඇස් පනාපිට දැක ගැනීමේ අවස්ථාව මා හට අලුත් අත්දැකීමක් බැව් මම දැන සිටියෙමි. මීට පෙර මා ගණිකාවන් දැක ඇත්තේ  කොළඹ නගරයේ විවිධ අතුරු මාවත් වලදී උවත් මෙතරම් නිදහසේ ඔවුන් දැකගන්නේ පළමු වතාවටය.

Geylang  හි ගණුදෙනුකරුවන් හමුවන තුරු මාවත අද්දරට වී සිටින ගණිකාවන් පිරිසක්


Geylang අතුරු මාර්ග රාශියක් ඇති පෙදෙසකි. එහි සෑම මාර්ගයක්ම, ඒ ඒ මාර්ගයන් පිහිටා ඇති පිළිවෙල අනුව යෙදුනු  අංකයක් සහිතව මාර්ගය ආරම්භයේ ඇති බෝඩ් ලෑල්ලකින් සමන්විතය. අප යන විටත් Geylang අතුරු මාර්ග යම් තරමකට කාර්යය බහුල වී තිබුනි. අත්බෑගයන් සහිතව පාර අයිනේ සිටගෙන සිටින යුවතියන් රාශියකි. ඔවුන් පසුකර යන විට අපේ අත්වල අනාරාධිතවම එල්ලෙයි. සමහරෙක් Dont you like me ? යනුවෙන් අසයි. මේ සියල්ලෝම භද්‍ර යෞවනයට එළඹුනු ඇත්තියන්ය. මිතුරන්ගේ කථා බහට අනුව රටවල් ගණනාවක ගණිකාවන් විවිධ මාර්ග අනුව බෙදී සිටිති. ඒ අනුව තායි යුවතියන් සිටින්නේ ඔවුනට වෙන්වූ මාර්ගයේය. ජපන්/කොරියන්/වියට්නාම/චීන/හොංකොං/ඉන්දුනීසියා / පිලිපීනය යන රටවල යුවතියෝද තමන්ට වෙන්වූ මාර්ගයක ගනුදෙනුකරුවන් වෙනුවෙන් බලා සිටී. ගණිකා වෘත්තියේ යෙදෙන නපුංසකයින්  වෙනම අතුරු මාර්ගයක සිට ගණුදෙනුකරුවන් බලාපොරොත්තු වෙයි. ගැහැණු රුවක් සහ ඊට අවශේෂ අංගෝපාංග ඇති මුත් පිරිමි කටහඩක් ඇති උන් දුටු කලම යම් තරමක අපුලකින් මසිත පිරෙයි. මේ අයුරින් මාර්ගය අද්දර සිටගෙන ගණිකා වෘත්තියේ නිරත වීම සිංගප්පූරු නීතියෙන් තහනම් නිසා සියලුම යුවතියන් සිටින්නේ විමසිල්ලෙනි. සෑම යුවතියකටම ඇය මෙහෙයවන තැනැත්තෙකු (Broker) ඇති අතර යුවතියන්ට නුදුරින් පාර අද්දරක උනුන් තම යුවතියන් දෙස ඇස් යොමාගෙන බලා සිටී.

මගේ කැමරා කාචයට හසුවූ Geylang 12 හි සිටි නපුංසකයින් දෙදෙනෙක්




මේ අයුරින් විවිධ මාර්ගයන්හි ඇවිද යමින් විවිධ රටවලින් සිංගප්පූරුවට පැමිණ ගණිකා වෘත්තියේ නිරත වන තරුණියන් දැක ගතිමි. සමහර තැනක සල්වාරියෙන් හෝ සාරියෙන් සැරසුනු ඉන්දියා හා බංගලිදේශ යුවතියෝද වූහ. විවිධ රැකියා වල නිරතවීමට යැයි පවසා සිංගප්පූරුවට පැමිණ ගණිකා වෘත්තියේ යෙදෙන අපේ රටේ ඇත්තියන්ද සිටින බැව් සවනත වැකුනද අපට එවැනි කිසිවෙකු හදුනාගත නොහැකි විය.

එක් වරම ඇසුනේ විසිල් හඩකි. පාර අද්දර සිටගෙන සිටි යුවතියෝ කඩිගුලක් ඇවිස්සුනා මෙන් ක්ෂණිකව විවිධ තැන් වලින් රිංගා තත්පර ගණනක් ඇතුලත නොපෙනී ගියෝය. ඒ අවසරයෙන් පැමිණියේ රථ පෙළකි. ඒ සියල්ලම පොලිස් රථ වාහන බව පසුව දැනගන්නට ලැබුනි. පොලිස් යන නාමය රහිතව පුද්ගලික වාහන වල පැමිණියද  එවා  ඉවෙන් මෙන් හදුනාගන්නට තැරැව්කරුවන්ට හැකිය. ඔවුන් සියල්ලෝම ඉතා සහයෝගයෙන් මේ කාර්යයේ නිරත වෙයි. පොලිස් වාහන නික්ම ගොස් විනාඩි 15 ක් පමණ ගත වුවද යුවතියෝ නැත. Geylang මාර්ගයන් පාළුවට ගොසිනි. ඔවුන් මාර්ගයේ සිටගෙන සිටින සෑම තැනකම ඊට පිටුපසින් කුරුබිලියකි. හදිසි අවස්ථාවක පැන යාමට ඔවුන් යොදාගන්නේ ඒවාය.

තවත් මොහොතක් ඇවෑමෙන් විවිධ අහුමුළුවලින් නැවතත් යුවතියෝ දර්ශනය වන්නට විය. මේ අයගෙන් කෙනෙකු හා කථා බස් කරන්නට මට සිත්විය. මගේ මිතුරෙකු මා ආවරණය කර සිටියදී මා යුවතියකට කිට්ටු උනෙමි. ඇය ඉතාමත් රූමත් ළදකි. මා දුටු විගසම සිනාවකින් සංග්‍රහ කල ඇය Do you like me ? යනුවෙන් තාලයට විමසුවාය. අය කිරීම් කොහොමද ? මමද පෙරළ විමසුවෙමි. ඩොලර් 36, විනාඩි 30  යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය. ඇය සමග පැය භාගයක් ගත කිරීමට ලංකාවේ මුදලින් රු 3600/- වැය කල යුතු බැව් එහි අරුතයි. ගාණ අඩු නැද්ද ? මම නැවතත් විමසුවෙමි. ඇය නැවතත් සිනාවකින් යුතුව එය අවසන් මුදල බැව් පැවසුවාය. මිනිසුන් සමග ඉක්මනින් සුහද වීමට හැකි මගේ ක්‍රමවේදය ඔස්සේ මම ඇයට සමීප වීමි. විනාඩියක් දෙකක්  වල්පල් දොඩමින් ඇය හා තවත් සුහද වීමි. කොළ පැහැති කොට කලිසමකින් සහ ලා කහ පැහැති බ්ලව්සයකින් සැරසී සිටි ඇය විවිධ වර්ණයන්ගෙන් යුතු නූල් වලින්  ගෙත්තම් කල රෙදි වලින් නිමකල අත්බෑගයක් උරහිසේ දරා සිටියාය.  මෙවැනි විටෙක ඇගේ තැරැව්කරු අප දෙස නෙත් යොමා බලා සිටින හෙයින් මගේ මිතුරා තවමත් මා අවරණය කරගෙන සිටී. නම මොකක්ද ? කොහෙන්ද සිංගප්පූරුවට ආවෙ...කසාද බැදලද වැනි මගේ ගැටළු වලට ඇය කාරුණිකව පිළිතුරු දුන්නාය. මම තාතා...ඉන්දුනීසියාවෙන් ආවෙ...මට අවුරුදු 4ක ළමයෙකුත් ඉන්නවා...ඇය කැඩිච්ච ඉංගිරිසියෙන් පැවසුවාය. ඇයි මේ වගේ දේක නිරත වෙන්නෙ.....මම ඒ ගැටලුව ඇසුවේ නැත. ඒ පැනය යොමු කලා නම් සියලු දෙනා අඩු වැඩි වශයෙන් පෙළන දරිද්‍රතාව ඊට හේතුව බව ඇය නිසැකවම පවසනු ඇත.

Geylang මාර්ගයේ ඇතැම් තැන්හි සිය පියාගේ වයසටත් වැඩි පුද්ගලයින් විසින් මෙහෙයවන අවුරුදු 16 - 17 වැනි වයස් කාණ්ඩයන්ගේ යුවතියන්ද දුටුවෙමි. ඒ අය කෙළිදෙලින් පසුවූ අතර නිතරම අත රැදි කණ්නාඩියකින් බලමින් ලිප්ස්ටික් ගෑමටත්, කොණ්ඩය සැකසීමටත්, මාර්ගයේ ගමන් කරන අප වැනි ඇහැට කනට පේන කොල්ලන්ට උසුලු විසුලු කිරීමටත් කැමැත්ත ඇති අය වූහ. මේ ව්‍යාපාරය තුල සැළකිය යුතු චීන ජාතිකයන් පිරිසක්ද මම දිටිමි. මාර්ගය දෙපසම පිටතින් නිවෙස් ලෙස පෙනෙන සේ සකසා ඇති කාමර සපයන තැන් බොහොමයක් පාලනය කලේද චීන ජාතිකයන්ය. ගණුදෙනුකරුවන්ට ඒවා හදුනාගැනීමට පහසුවන සේ රතු පැහැති ලන්තෑරුම් බොහෝ තැන්හි ආලෝකමත් කර එල්ලා තිබුනි.

අප Geylang වලින් සමුගැනීමට මත්තෙන් සමහර තැරැව්කරුවන් සිය යුවතියන් රැගෙන නැවතත් සිය වාසස්ථාන කරා ගිය අතර කුඩා යතුරු පැදි වල දෙන්නා තුන්දෙනා බැගින් පටවාගෙන නික්ම ගිය ආකාරය අපේ උන් බොහොමයකට සිනහවක් මතු කළේය. එවැනි විටෙක තවමත් මාර්ගයේ රැදී සිටින තම මිතුරියන්ට අත වැනීමටද ඔව්හු අමතක නොකලහ.

මේ දර්ශන සියල්ලෙන් කුල්මත්ව Geylang  වලින් සමුගැනීමට මත්තෙන් අතුරු මගක් ආරම්භයේම තිබූ ඉන්දියානු ආපන ශාලාවකින් නූඩ්ල්ස් අනුභව කර  අයිස් කෝපි බිව් පසු නැවතත් විලාවට යාමට තීරණය කළෙමු. කිසිදු දුරාචාරයකට සම්බන්ධ නොවූ අපි හොද දරුවන් පිරිසක් වීමු.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

Geylang  හි ගණිකා ව්‍යාපාරය වසර 50 කටත් වඩා පැරණි එකකි.


මිතුරන් කියූ පරිදි වරක් ඒ අයගේ තවත් මිතුරෙකු ගණිකාවක් හා කාමරයක් තුල රමණයේ යෙදෙන විට කාන්තාව එක් වරම තම ඇදුම්ද රැගෙන කාමරය පිටුපස කපොල්ලකින් පැන ගියේලු. ඉන් මදකට පසුව පොලෝසියෙන් කාමරය තුලටම පැමිණ ඇති අතර උපන් ඇදුමෙන් යුතුව ඇද උඩ අපහසුවෙන් සිටින මිතුරා දෙස බලා සිනාවකින් සංග්‍රහ කර ඔවුන් ආපසු ගොස් ඇත. සිංගප්පූරු නීතිය අනුව දඩුවම් පැමිණවිය හැක්කේ ගණිකාවට පමණි. එයද වීදි ගණිකා වෘත්තියේ නිරත වේ නම් පමණි. සේවා ලාභියා හැමවිටම නිදහස්ලු.

ආපසු යන ගමනේදී කුලී රථය පැදවූ සිංගප්පූරු ජාතිකයා අප ඉන්දියානුවන් යයි සිතමින්. ඉන්දියානු කෙල්ලන් ඉන්න පැත්තට ගියේ නැද්දයි විමසුවේය. නැත යනුවෙන් පිළිතුරු දුන් පසු ඔහු කිව්වේ ඊළග වතාවේ අංක 22 හා 24 අතුරු මාවත් වලට ගියහොත් ඔවුන් මුණ ගැසිය හැකි බවකි.

ඇතැම් ඡායාරූප ගූගල් මගිනි.








103 comments:

  1. //කොළ පැහැති කොට කලිසමකින් සහ ලා කහ පැහැති බ්ලව්සයකින් සැරසී සිටි ඇය//
    ඉතින් ඊට පස්සේ ...? මොකද ඒ කතාව මගින් නවත්තල.
    රුපියල් 3600/- ට නම් ලංකාවේ තායි කෙල්ලන්ට වැඩිය ලාබ්යිනේ.
    ජූලියානා එකේ තායි කෙල්ලෙක් රුපියල් 13,000/- ක් විතර වෙනවලු.

    ReplyDelete
    Replies
    1. Rs. 8500 for Hotel and others around (6000.00) for girls in hotel juliana

      Delete
  2. සිරා , අද ආර්ටිකල් එක කියවන්නම බැහැ ෆොන්ට් ප්‍රශ්න හින්ද. firefox , chrome , ie , windows 7 , mac කිසි එකක කියවන්න බැහැ. පොඩ්ඩක් බලල හදන්න ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. ඔන්න අද තමයි දැක්කෙ...මට කිසිම දෙයක් කල නොහැකියි...ගූගල් ආයතනයේ අවුලක් වෙන්ට ඇති....

      Delete
  3. දැන් ඉතින් සිංගප්පූරුවේ ඔය රැකියාව නීතිගත කරලා නම් පොලිසියෙන් අල්ලන්නේ මොකද?

    //සිංගප්පූරු නීතිය අනුව දඩුවම් පැමිණවිය හැක්කේ ගණිකාවට පමණි. එයද වීදි ගණිකා වෘත්තියේ නිරත වේ නම් පමණි. සේවා ලාභියා හැමවිටම නිදහස්ලු.//

    පුදුම වැඩක් තමයි.:)

    ReplyDelete
    Replies
    1. වීදියේ සිට අළෙවි වීම තමයි නීති විරෝධී කාරණේ....

      Delete
  4. සිංගප්පූරු ගණිකාවන් HIV පරීක්ෂණයත් නිතර කර ගත යුතු බව අසා තිබේ.

    ReplyDelete
    Replies
    1. වීදි ගණිකාවන් පිළිබද එහෙම විශ්වාසයක් තියන්න අමාරුයිලු...

      Delete
  5. අනේ මට නම් බෑ. මගේ කමෙන්ට්ස් ස්පෑම් වෙන ප්‍රශ්නයක් තියෙනවා...උදේ දාපු එක ඒ වෙලාවේ තිබුනා. දැන් නෑ. :(

    ReplyDelete
    Replies
    1. ඔය උඩින් තියෙන්නෙ අනේ....ගම සීදුවෙද ?

      Delete
  6. බලමු තව මාසයයිනේ සිරා.

    ReplyDelete
  7. ඕපන් ස්ටේජ් වල අක්කල,නංගිල ඇදුම් නැතිව නටන නැටිලි දැක්ක නම් සිරා මල්ලි මොනව ලියයිද මන්ද?
    සිංග වල තියෙනවද දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. තායිලන්තෙ තියෙනවා කියලයි දන්නෙ....චීයා කක්කි වැඩ නේද අනේ....

      Delete
  8. සිරා.. සිංගප්පූරුවේ නෙමෙයි මුළු ළෝකෙම තත්වේ ඕකයි. නීතීගත කරපු රටවලත් ඔය වීදී ගනිකාවන් ඉන්නවා. බොහෝ වෙලාවට වීදීයට එන්නේ මාකට් එක්ක අඩු අය. අපේ අය නයිට් ක්ලබ් සංස්කෘතිය ගැන නොදන්නේ, ලංකාවේ එහෙම නයිට් ක්ලබ් කල්චර් එකක් නැති නිසා නෙමෙයි. අපේ උන් ඒ ගැන නොදන්න නිසා සහ එවාට යාමට බිය නිසා. ලංකාවේ නයිට් ක්ලබ් වල තත්වයත් ඕකමයි. හැබයි විශේෂයකුත් තියෙනවා. හික්කඩුවේ තියෙන නයිට් ක්ලබ්, විශේෂයෙන් ඩිස්කෝවල සංසර්ගයේ යෙදෙන්නේ නැති එක ඇර අනිත් හැම දේම වෙනවා. මම මේවා ලිව්වේ ලොකු කමට නෙමෙයි. අපේ අය මී කිසි දෙයක් නොදන්න නිසා. සිරාගේ පෝස්ට් එකෙනුත් ඒ බව ඉතා පැහැදිලියි.

    අනෙක ලංකාවේ කරෝකේ ක්ලබ් වල තත්වයත් ඕකමයි. විහිළුවට හරි ගියත්, ගාන අහලා කරන හැම දෙයක්ම කරන්න. නැතං දැකලා තියෙනවනේ ඉස්සරහ කළු ඇඳගෙන ඉන්න කස්ටිය. එයාලා ආදරයෙන් සලකනවා. මේවා මෙහෙත් ඒ විදියටම තියෙනවා. එකම දේ මිනිස්සු නොදන්න එක. අප්‍රිකා කෑලී ඇර අනික් කෑලි ඔක්කෝම ඉන්නවා.

    මම එක රටක ඉඳිදි අපේ ලංකාවේ උන්ට නයිට් ක්ලබ් කියන්නේ මොකක්ද කියලා පෙන්නාන්න ඩිස්කෝ එකක් ඕගනයිස් කලා. උඹ දන්නවද සමහර උන් මට ව්/ඩ්ඳලා ගියේ. මුළු ජීවීතේටම හොඳිනම් විනෝද උන දවස එදා කියලා. අපේ උන් පිටරටවල ගියාට. නයිට් ක්ලබ් එකකට යන්නේ නෑ. චිත්‍රපටියක් බලන්න යන්නේ නෑ. නාට්‍යක් බලන්න යන්නේ නෑ. සංගීත සංදර්ශනයක් බලන්න යන්නේ නෑ. ආර්ට් එක්සිබිෂන් එකක් බලන්න යන්නේ නෑ. කොටින්ම සත්තු වත්තවත් බලන්න යන්නේ නෑ. ඒ රටක කෑමක් කන්නේ නෑ. රෙස්ටුරන්ට් එකකට යන්නේ නෑ. කරෝලයි බතියි කෙළලා. අන්තීමෙදි මෙහේ ඇවිල්ලත් ඒවල මෙහම දේවල් නෑ කියනවා. ඒ අතින් උඹ හොඳයි.

    ඔය ඔස්ට්‍රේලියාවේ ඉන්න පොකු නාකි සුද්දියන්ගේ වැඩ ගැන කිව්වාම පුදුම උනේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. ගණිකාවන්ගේ ඒජන්තයින්ට කියන්නේ බ්‍රෝකර් නෙමෙයි... පිම්ප්ස්... හිංගලෙන් නම්... පිම්පියා....

      Delete
    2. ෂා.... හරිම වැඩකාරයෙක් ,ලයිට් ක්ලබ් යනවලු...හික්ස් !!!

      Delete
    3. ඇත්තම කතාව අපේ අය ලංකාවේ තියන දේවල් ගැන තාම දන්නේ නෑ. හික්කඩුවේ නැති ඒවත් කොළඹ තියනවා. මල් පාර පැත්තේ බේරේ වැවේ ගුඩුස්වල..
      ++++++++++++++++++++

      Delete
    4. මහාචාර්ය මා තලන් තුමාගේ සාරගර්භ කමෙන්ටුව පිළිබද මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. ලංකාවෙ බහුතරය ඉතිං ආසයි භයයි තමයි...

      Delete
  9. Lorong 12, widiyata niwardi wenna one neda. Orchard Plaza eke thiyana sex toys shop ekata giye nadda?

    ReplyDelete
    Replies
    1. සෙක්ස් ටෝයි අරන් අපි ඉතිං දාං අදින්නද...

      Delete
  10. ඈ යකෝ, තෝ ඔහේ ගියේ මොන මගුලකටද? තෝ අර මහාචාර්ය නන්දසේන රත්නපාල වෙන්නද හදන්නේ? වරකෝ මොනවාහරි හදාගෙන. කපනවා........

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  11. අන්න රටවල්.. සේවාලාභියා නිදහස්.. හැක්. මාර විස්තරයක් දීල තියෙනවා සිරා. මට නං මාසයක් ඇවිද්දත් ඔය විස්තර හොයා ගන්න බෑ මොකද වෙන දේවල් වලට හිත ඇදිදීදීදීලා යනව නෙව.. හැක්

    ReplyDelete
    Replies
    1. වයසට ගියත් හවසට ගෙදර....එහෙමද...

      පරණ ලොරියක පිටිපස්සෙ තමා මෙහෙම ගහලා තිබුනෙ...

      Delete
  12. ගොඩ දවසකින් මේ පැත්තේ ගොඩවුනේ. පනර ලිපි ඔක්කොම කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්න...ගන්න දෙයක් තියෙනවද කියලා...

      Delete
  13. සිරා මල්ලි මම හිතනවා අපේ තරුණයන් මේ අද්දැකීම් ලබාගත යුතුයි. හැබැයි බොහෝම කල්පනාවෙන්. මම ගිය බොහෝ රටවලදී මම මේ වැනි ප්‍රදේශවල ඇවිද තිබෙනවා. හරිම කලකිරීමක් එන්නේ. ඒ කෙල්ලො මොනතරම් දහන්ගැට දානවද ජීවත් වෙන්න. ජීවිතයට මේවා හොද අත්දැකීම්. පරිස්සමින්!!!!!

    ReplyDelete
    Replies
    1. අනේ නෑ...මම ඔය සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නැති කෙනෙක්....මොකද මම දන්නවා ඔය කාර්යයට ඇබ්බැහි උනොත් එය ජීවිතේ විනාශය බව.

      Delete
  14. ඇත්තට සිරා උබ මාරෙට හිත දමනය කරල තියෙනවනෙ බොල....


    " කියන එක කෙසේ කීවත් අසන්න සිහිබුද්දියෙන් ඇසිය යුතුය..."

    අපි මොකො දැක්කැයි.... මූ මොනාද කොරේ කියල....

    ReplyDelete
    Replies
    1. අන්න බොට විතරයි කම්පනාවට ආවෙ....

      Delete
  15. මෙව්වා ඉතින් තහනං කරන්න පුළුවන් දේවල් කියලා මම හිතන්නේ නෑ. පාලනයක් ඇතිව ක්‍රියාත්මක වෙන්න ඕනි.
    මම වැඩ කරන්නේ කොළඹ තරු5 හොටලයක. මෙව්වයේත් ගණිකාවෘත්තීය කියලා සෘජුවම කියන්න බැරි උනාට ඒ වගේ දේවල් ඕනා තරම් වෙනවා. කැබරේ ඩාන්ස් වගේදේවල් සාමාන්‍ය තත්වයට පත්වෙලා තියෙන්නේ. දේශීය සංචාරකයන් වැඩිපුර එන්නේ නැති හින්දා හෝ ආවත් දෙන්නේ ඉහල සුපිරි පන්තිය හින්දා ඒවා ගැන පිටට වාර්තා වෙන්නේ නැහැ.

    SE

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත...කෙලින් නැතුව වටෙන් තමයි දැන් වැඩේ යන්නෙ....

      Delete
  16. සිංගප්පූරුවේ විතරක් නෙමෙයි ලංකාවේ වුණත් සේවා ලාභියා වැරදිකාරයෙක් නෙමෙයි. ගණිකාව පමණයි උසාවියට ගෙනියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ගණිකාවට උසාවියට යන්න කලින් තවත් අය සනසන්න වෙනවලු නේද ?

      Delete
  17. මාර විස්තරයක්නෙ.
    හැබැයි ලංකාවෙ වගේ කෙල්ල පැනල ගියාම කොල්ල අල්ලගෙන යනව ව‍ගේ නීති නැති එකනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කොල්ල අල්ලගෙන ගිහිං ගණිකා වෘත්තියේ නිරත උනා කියලාද නඩු දාන්නෙ...

      Delete
  18. //එක් වරම ඇසුනේ විසිල් හඩකි. පාර අද්දර සිටගෙන සිටි යුවතියෝ කඩිගුලක් ඇවිස්සුනා මෙන් ක්ෂණිකව විවිධ තැන් වලින් රිංගා තත්පර ගණනක් ඇතුලත නොපෙනී ගියෝය. ඒ අවසරයෙන් පැමිණියේ රථ පෙළකි.//නීතිගත කරලා තිබියදීත් මෙහෙම වෙන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ උනත් අරක්කු විකුනන එක නීතිගත කරලනෙ තියෙන්නෙ, ඒ උනාට හැම තැනම අරක්කු විකුනන්න බැහැනෙ නංගි. ඒ වගේ තමයි. මේ වැඩේ අදාල ස්ථානයෙන් පිට තැන්වල කරන්න බැහැ.

      Delete
    2. ඇනෝ කොලුවා අපේ නගාට වැටහෙන්න බොහොම ලක්ෂණට ඒ කාරණය පැහැදිලි කරලා තියෙනවා...

      Delete
  19. මේ දේවල් නීතිගත කරල නිසා ස්ත්‍රී දූෂණ එහෙම නැතුව ඇති නේද අයියේ? එක අතකට ඒකත් හොදයි...

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නෙ නෑ ගණිකාවක් සොයාගැනීමේ අපහසුතාව ස්ත්‍රී දූෂණ වලට හේතුවක් කියල. ලංකාවේ නීතියෙන් තහනම් වුනාට ගණිකාවක් හොයාගන්න බැරි කමක් නෑ කොහෙත්ම. කොහොමටත් ස්ත්‍රියක් දූෂණය කරනවට වඩා පහසුවෙන් ගණිකාවක් හොයාගන්න පුළුවනි.

      Delete
    2. අනේ මන්දා...ස්ත්‍රියක් දූෂණය කරපු එකෙක්ගෙන්ම අහලා බලමු...

      Delete
  20. අනේ පව් බන් තාතා මට එයා ගැන දුකයි ... ඇත්ත කියපන් උබ තාතාට මුකුත් කලේ නැද්ද ?.. මම කියන්නේ උදව්වක් එහෙම ..

    ReplyDelete
    Replies
    1. උඹලා මොකුත් හිතයි කියලා මම උදව්වට ගියේ නෑ බන්....

      Delete
  21. FYI
    Singapore prostitutes need to test for HIV once per every three month.
    They also have a licence to work.
    If you need to know she is a legal prostitutes, you can ask for the Yellow card of her.
    But most of the street prostitute are illegal (not yellow card, not HIV test).
    Indonesian prostitute are famous for good service.
    Sri Lankan prostitutes also there in Singapore @ Lorong 24.
    In Singapore you can select prostitutes online and order her to your home (These are named Call Girls).
    Chinese prostitute are most expensive in Singapore, because they maintain there body (inner and out both) so nicely.
    Lady-boys (cute than girls) are there in Singapore and, Most Sri Lankan politicians love them, (You can identify them by neck and shoulder)
    Singaporean prostitutes quite rare.
    Some of the house maids working in Singapore also working in this field as part time.

    ReplyDelete
    Replies
    1. Thanks. Good info. :)
      - Shani S

      Delete
    2. මේ තියෙන්නෙ සෑහෙන විස්තරයක්...ඇනෝ කොලුවා ගේලැන්ග් පැත්තෙ පුරුදුකාරයෙක් වගේ...

      Delete
  22. උබ කැරොකි විතරනේ ගිහින් තියෙන්නේ ක්ලාර්කි වල තමා නයිට් ක්ලබ් තියෙන්නේ ඒවාට එන්නේ හොද ඩිස්න්ට් ක්‍රවුඩ් එකක් හොදම එක තමා හාර්බර් ෆ්‍රන්ට් වල තියන පවර් හවුස් හැමදාම රෑ 11 වෙනවකම් ස්ටුඩන්ට් පාස් වලට එන්ට්‍රස් ෆ්‍රී අන්න නියම ක්ලබ් සාමාන්‍ය එන්ට්‍රස් ෆි එක ඩොලර් 25 හැබැයි හොද ෆන් එකක් ගන්න පුළුවන් කැරොකි නෙමේ හොද නයිට් ක්ලබ්

    ReplyDelete
    Replies
    1. මොක ගන්නත් අතේ සල්ලි තියෙන්න එපායැ සුදෝ....වහ ටිකක්වත් නිකං දෙන ලෝකයක්ද මේ...

      Delete
  23. නිකමට නයිට් ක්ලබ් එකකට බහින්න ආසයි...ඒත් මාසේ රෝල් කරන විදිහ මතක් වුනාම කළු ඉන්ගිරියාවට ඇඩෙන හින්දා නිකං ඉන්නවා. හැඟීම් පාලනය කරගත්තාම ඔය මොකාගෙන් වුනත් ගැලවෙන්න පුළුවන්. නැද්ද සිරා අයියේ..?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මලේ...හැගීම් දමනය කරගන්න පුලුවන් නම් කරදර ගොඩකින් නිදහස් වෙන්න පුලුවන්...

      Delete
  24. ooo..ikmantama mama enwamai..ubawa (ea Nanagila) balana. (joke).
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මාව බලන්නද එන්නෙ...පාර අයිනෙ ඉන්න නංගිලා බලන්නද ?

      Delete
  25. සිරා ෙකාහම වුනත් ෙහාද ෙකාල්ෙලක් .

    ReplyDelete
    Replies
    1. හොද කොල්ලෙක් කිව්වෙ එල කොල්ලෙක් නේද ?

      Delete
  26. >> මාර්ගයේ ගමන් කරන අප වැනි ඇහැට කනට පේන කොල්ලන්ට <<

    WOW!

    ReplyDelete
  27. නයිට් ක්ලබ් සංස්කෘතියට මගේ ඇති අකමැත්තත්...අමාරුවෙන් උපයන මුදල් නිරපරාදේ වැය කිරීමට තරම් පිස්සුවක් මට නොතිබීමත්-Me lipiye wadagathma kotasa meka.

    ReplyDelete
    Replies
    1. මම ආයෙත් කියන්නෙ ඒ ටිකම තමා....සල්ලි හොදටම වැඩි නම් ගියාට කාරියක් නෑ.

      Delete
  28. කෙටියෙන්,
    නුවණ ඇත්තෝ තම සිත පාලනය කර ගනිති !!!

    ReplyDelete
    Replies
    1. අන්න එය තමයි මේ කථාවෙන් ගත හැකි ආදර්ශය...

      Delete
  29. පලයන් බලපන් හැබයි අතට අරන් පිඹ පිඹ ඉන්න වැඩ කරගන්න එපා.

    ReplyDelete
  30. හෆොයි සංසාරේ............!!!

    ලංකාවත් සිංගප්පූරුවක් කරන්න......!රජතුමනි..!

    ReplyDelete
    Replies
    1. රජතුමාලට නම් ලංකාව කොහොමත් සිංගප්පූරුවක් තමා....පොඩි උන්ට නැති උනාට...

      Delete
  31. චිකේ චිකේ සිරා මම ඔයා ගැන කලකිරුණා හොඳටම ...:P

    ReplyDelete
  32. "මාර්ගයේ ගමන් කරන අප වැනි ඇහැට කනට පේන කොල්ලන්ට උසුලු විසුලු කිරීමටත් කැමැත්ත ඇති අය වූහ"
    හයියො හිනා කාලා මෑරෙනො

    ReplyDelete
  33. "මාර්ගයේ ගමන් කරන අප වැනි ඇහැට කනට පේන කොල්ලන්ට උසුලු විසුලු කිරීමටත් කැමැත්ත ඇති අය වූහ."

    :P

    ReplyDelete
    Replies
    1. වහකන්න හිතෙනවා උඹලා ඔහොම කියද්දි

      Delete
  34. ගම්පහ ජයටම කරපු බිස්නස් එකෙ ඔහෙ කරනවද සිරා :))

    ReplyDelete
    Replies
    1. ඇයි සිරාට ගම්පහදී ආදායම් මාර්ග තිබුනද ? ඈ

      Delete
    2. උඹ කැමතිද ලංකාවෙ කලා වගේ බිල් ලියන වැඩේ කරන්න මෙහෙට ඇවිත්....

      Delete
  35. නයිට් ක්ලබ් බෞද්ධයෙක් වන සිරා අයියා ලංකාවට එනවිට කුණු බිත්තර වලින් සංග්‍රහ කරව්..!!
    :v :v

    ReplyDelete
    Replies
    1. අපොයි මේ කෙල්ල දරුණු වෙලා තියෙන තරමක්....

      Delete
  36. සිරා, හොඳ ගවේෂණයක යෙදිලා වගේ..ඔය ඇති ඈ... :D

    ඕවා ලෝකෙ කොහෙත් තියන බිසිනොස් තමා නේද ? මෙච්චර නීති තදයි කියන මේ අරාබිකරයෙත් ඕවා තියනවා...

    නීතිගත කළත් පාරවල් දිගේ කෙරෙන බිස්නස් එකෙත් අඩුවක් නෑ වගේ තමා පේන්ඩ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මානුෂික හැගීම් සමග ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යාපාර කවදාවත් මුලිනුපුටා දමන්න බෑ.

      Delete
  37. Geylang ගිහින් සිරා අයියාට අතවරයක් එහෙම උනේ නැනේ...:P

    ReplyDelete
  38. නයිට් ක්ලබ් ගණිකා ලයිෆ් එක කියන්නේ චාටර්ම ලයිෆ් එකක් සිරා අයියේ උඹ පරිස්සමෙන් තිබුන හොඳ පුරුදු රැකගෙන ආපහු වරෙන් ගිය දේ විතරක් කරගෙන

    ReplyDelete
    Replies
    1. පික්සු කථා කරන්න එපා මලේ මම නම් කැමතිම නෑ...

      Delete
  39. සිරා පුංචි මෙහෙයුමක් කරල වගේ.. :) කොයි දේත් බලා කියාගෙන ගිය වැඩෙත් සාර්ථක කරගෙන වරෙන් මචෝ...

    ReplyDelete
  40. ගණිකාවෝද මනුෂ්‍යයයෝය කියනවනෙ. :)

    ReplyDelete
    Replies
    1. මාත් ඒ කථාව අහලා තියෙනවා....එතකොට ගණිකාව සමග යහන් ගත වෙන්නෙත් මනුෂ්‍යයෙක් නේද...

      Delete
  41. කිසිඳු දුරාචාරයකට හසු නොවූ හොඳ දරුවෝ සිරා කොලුවා ඇතුළු පිරිස....ඇත්තමයි නේ...බොරු එහෙම කව්වෙ නෑතුව ඇති කියලා හිතමු. අර විස්කි කොටෙයි බියර් ටිකයි දුරාචාර නෙවේ වෙන්න ඇති. :P

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...ඒවා ඒ ගණයට අයත් වෙන්නෙ නෑ....:D

      Delete
  42. දුවිල්ලෙන් වත්සුණු තවරා නේද?
    කාලෙකට ඉස්සර විඩියෝ එකක් වටේ ගියා, ගේ ලෑන් වල කෙල්ලෝ දෙන්නෙක් සුද්ද සිංහලෙන් බැන ගන්නවා ....

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එක දවසක් සත්වා කියන හරියදී ලංකාවේ ගෑනු කෙනෙක් මිනිහෙකුට පන්න පන්න ගහනවා. මිනිහ බේරෙන්න පර පැනල අනිත් පැත්තට ආවම ගෑණිත් පැනල ඇවිත් හොද සිංහල කියා කියා ගහනවා...:D.. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ... මිනිස්සු ඔක්කොම බලා ඉන්නවා , වටේ පිටේ ඉන්න ලංකාවේ උන් ශේප් එකේ මාරු වෙනවා...

      Delete
    2. අන්න එහෙමයි එහෙනං විදේශයකදි ලංකාවෙ කීර්තිනාමය ඉහළ දැම්මෙ...

      Delete
  43. ජිවත් වෙන්නනේ හැමදේම කරන්නේ මිනිස්සු .

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි ඇයි මේ දේ කරන්නෙ කියන ගැටලුව තාතාගෙන් ඇහුවෙ නැත්තෙ...

      Delete
  44. මම සහෝ ඇත්තටම උඹ වෙනස් වෙලා නැහැ හොදට ලියපං.....

    ReplyDelete
  45. ඔර්චාර්ඩ්, ක්ලාකි දෙපැත්තේම කරක් ගහලා තියෙනවා, ගේ ලාංග් නම් ගිහිල්ලා නැහැ. කොහොම උනත් අපිව දැක්කම උන් ගණන් ගන්නෙත් නැහැ. හුටර්ස් එකට ගියාමත් එහෙමයි.

    ReplyDelete
  46. අපේ ඉන්දියන් පෙනුම තමයි හරහට හිටලා තියෙන්නෙ කොලුවො....ඉන්දියන් කියලා හිතුවාම සිංගා කෙල්ලො හිනා පොදක්වත් දෙන්නෙ නෑ..

    ReplyDelete
  47. ඇහැට කණට පේන්න කියල කිව්වේ උඹ ඒ තරම් ම මහත ද බං?

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...