Thursday, June 6, 2013

66 සිංගප්පූරුවේ ලංකාරාමය - සහ වව්නියාවේ ගුරු පුරප්පාඩු

සිංගප්පූරුවේ සිටියදී සිරා බොහෝ වාරයක් ආගිය ස්ථානයක් වටා අද සිරාගේ රට කථාව  දිගහැරේ.

සිංගප්පූරුවේ පවතින අති ධාවනකාරී ජන ජීවිතය පිළිබද කලින් ලිපියේදී සටහනක් තැබුවෙමි. මව්බිමේ සිය ආදරණීය පවුලෙන් වෙන් වී පීඩනයක් සහිත වාතාවරණයක් යටතේ සතියේ දින 5ක් සේවය කරන ලාංකිකයෙකුට එළඹෙන සති අන්තය මහත් සැනසීමක් ගෙන දෙන එකක් වනවා නොඅනුමානය. තමන්ගේ දේශයේම තවෙකෙක් හමු වී කථා බහ කිරීමට හෝ සිත් සේ නිදාගැනීමට සති අන්තය යොදා ගැනීමට ඔව්හු බොහෝ විට රිසි වෙති.

අපට හිමි නැති ඉසව්වක අපේ යයි කියා යන්නට හැකි තැනක් සිංගප්පූරුවේ තිබේ. පිටස්තරයන් ලෙස මෙහි වෙසෙන කවරෙකුට වුවද එය මහත් සහනයකි. ශ්‍රී ලාංකිකයන් සිංගප්පූරුවේ වෙසෙන අනිකුත් බහුතර ශ්‍රී ලාංකිකයන් හදුනා ගන්නේද, සිතේ නලියන තනිකම, පාලුව මදකට හෝ සංසිදුවා ගන්නේද සතියකට වරක් හෝ එහි පැමිණීමෙනි. ඒ ලංකාරාම බෞද්ධ විහාරස්ථානයයි.





1952 තරම් ඈත අවදියක ඇරඹී ඇති එහි පන්සලක තිබිය යුතු සියලුම අංග ඇති අතර ශ්‍රී මහා බෝධි ශාඛාවක් මෙන්ම අඩි 45 ක පමණ සැතපෙන බුදු පිළිමයක්ද වෙයි. ශ්‍රී ලංකාවෙන් වැඩම කල ස්වාමීන්වහන්සේ වැඩ සිටින ලංකාරාමයේ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව ආගමික කටයුතු වල නිරත වීමට හැකි කදිම පරිසරයක් නිර්මාණය වී තිබේ.






















































කාර්යාලය සහ පුස්තකාලය ඇතුලත් ගොඩනැගිල්ල

මහින්දාගමනය සංඛේතවත් කරන පිළිම වහන්සේ
මා සිංගප්පූරුවට පැමිණි පළමු දිනම එහි රැගෙන යාමට තරම් සහන් කාරුණික විය. Boon Keng දුම්රිය ස්ථානයෙන් බැස බස් රථයේ නැවතුම් 3ක් ගමන් කර එහි තනිව යාමට හැකි අයුරින් මග පෙන්වීමටද සහන් මා හට උපකාර විය. ලංකාවේ සිට සිංගප්පූරුවේ වගතුග සොයන කල දැන ගැනීමට ලැබුනු මේ විහාරස්ථානය වෙත යාමට මා සිත තුල නොතිත් ආශාවක් තිබිනි. සිංගප්පූරුවේ සිටින බහුතර ස්වදේශිකයන් සහ චීන ජාතිකයන් බෞද්ධයන්ය. ඔව්හු බහුතරය නිතර නැතත් පොහෝ දිනයන්හි ලංකාරාමයට පැමිණෙන බැව් මට දැනගැනීමට ලැබිනි. වෙසක් පොහෝ දින හැර අනෙකුත් පොහෝ දිනයන් සිංගප්පූරුවේ නිවාඩු දින නොවන නිසා පොහෝ දිනට ඉතා ආසන්න සති අන්තය ලංකාරාමයේ පෝ දින වැඩසටහන් සදහා යොදා ගනී.

ඇතැම් ස්වදේශිකයෙකු බෞද්ධ වුවද පන්සල් යාමට වේලාවක් නැති තරම් අවිවේකීය. එවැනි ඇත්තෝ පන්සලට අවැසි දෑ සම්පාදනය පිණිස තම ධනය පරිත්‍යාග කරයි. ඒ නිසාවෙන් ලංකාවේදී මෙන් නොව ලංකාරාමයට යන විට ගෙන යා යුත්තේ මල් පමණෙකි. හදුන්කූරු, පහන්තිර, පොල්තෙල් ආදී අනෙකුත් දෑ පරිත්‍යාග ශීලීන් විසින් සපයා දී ඇත. පන්සලට පැමිණෙන ඕනෑම බැතිමතෙකුට ඒවා නොමිලයේ භාවිතා කල හැක. මගේ මිතුරා සහන් මොනතරම් දහමට ලැදි තරුණයෙකුදැයි හොදින් වැටහුනේ ඔහු සමග පළමු දින ලංකාරාමයට ගිය ගමනේදීය. ඔහු විවිධ සුත්‍ර පවා කටපාඩමෙන්ම කියන ආකාරය දෙස මම විශ්මයෙන් අයාගත් දෑසෙන් බලා සිටියෙමි. ඔහු සමග එකටම සිටින ඔහුගේ මිත්‍රයාද එසේමය. සාරධර්ම වලපල්ලට යන වර්තමානයක මෙවැනි තරුණයන් දෙදෙනෙකු දැක ගැනීමට ලැබීමත්, ඔවුන් සමග මිතුදමක් ඇති කරගැනීමට ලැබීමත් පිළිබද මම අතිශයින් සතුටට පත් වෙමි.

පන්සලේ බෝ සමිදු අභියස මට කවදත් දැනුනේ අසීමිත සිසිලකි. එයට දේශ සීමා අතික්‍රමණය කල හැකි අසීමිත බලයක් තිබේ. බෝ සමිදු අභියස සිට ගාථා කියූ සෑම දිනකම මගේ නෙත් කෙවෙනි කදුලින් බර වූයේ අප හැර දමා දිව්‍ය ලෝකය බලා ගිය කිරි අම්මා මතක් වීමෙනි. ඇගේ වියෝවෙන් අනතුරුව මාස ගණනාවක් ගත වී ඇතත් ඒ වියෝවේ වේදනාව තවමත් මා පෙළයි. ඇගේ අත අල්ලාගෙන කුඩා කල පන්සල් ගිය බොදවූ මතකයත්, නායක ස්වාමීන් වහන්සේ සමීපයේ සිට ධර්මය ශුවණය කල මතකයත්, කඨින චීවරය රැගත් පෙරහැරේ වතාවක් ගමන් කල අයුරුත් අදුරු වූ සිතුවම් පටක් සේ යලි යලිත් මා සමීපයේ ජීවමාන වෙයි. මගේ නෙතගින් කදුලු බිදුවක් දෙකක් බෝ මළුවට පතිත වු අයුරු මා සමග සිටි කිසිවෙකුත් දුටුවේ නැත. මම ලංකාරාමයට ගිය සෑම සෙනසුරාදා දිනයකම බෝ මළුවේ සිට කිරි අම්මා මතක් කර ඇය දැන් සිටින ඉසව්වක සුවසේ සිටින්නට පැතුවෙමි. මගේ දෙමාපියන් නීරෝගී වෙන්නට පැතුවෙමි. කුඩා කල මා මෙන්ම මගේ සහෝදරයාද හදා වඩා ගැනීමට කිරි අම්මා මගේ මවට දුන් සහයෝගයත්...කුඩා අපගේ අත් පා හැඩගස්වන්නට කල මෙහෙවරත් මතක් වන මේ ලියන අවස්ථාවෙත් මගේ සිත රිදෙයි. නෙතු දෑල කදුලින් බොද වෙයි.

ලංකාරාමයේදී එළඹෙන සෙනසුරාදා සවස්වරුව පුදුමාකාර සැහැල්ලුවක්, සතුටක් සිතට මෙන්ම ගතටද ඇති කරයි. ලංකාවේදී පොහෝ දිනයක පවා පන්සල් නොගිය මා සිංගප්පූරුවේදී සෑම සති අන්තයකම පන්සල් යන තත්වයට පත් කලේ ඒ සැහැල්ලුව හා සතුටයි. සෙනසුරාදා රාත්‍රී 7.30 ට ඇරඹෙන භාවනා වැඩසටහනෙන් ආගමික කටයුතු ඇරඹෙයි. ඉන් පැයකට පමණ පසු ලංකාරාම බෞද්ධ සංගමය විසින් සියලුම බැතිමතුන් උදෙසා බුෆේ ක්‍රමයට රාත්‍රී ආහාරය පිළිගන්වයි. ඉන් අනතුරුව බෝ සමිදු සෙවනේ බොජ්ජංග සූත්‍රය දේශනා කිරීමෙන් අනතුරුව එදිනට නියමිත ආගමික කටයුතු අවසන් වෙයි.

මට සිංගප්පූරුවේ සිටින තාක් කල් භාවනා වැඩසටහනට සහභාගි වීමට නොහැකි වූයේ ජන්මාන්තර පුරුද්දක් බවට පත් වී ඇති මගේ ප්‍රමාදය නිසාවෙනි. බුෆේ ක්‍රමයට බැතිමතුන් වෙත රාත්‍රී ආහාරය ධර්ම ශාලාවේදී පිළිගන්වන අවස්ථාව සැබැවින්ම සුන්දරය. සිංගප්පූරුවේ වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයන් සිය දරුවන්ද සමගින් මේ අවස්ථාවට එක් වෙයි. ඒ අතර තානාපති නිලධාරීන් මෙන්ම විවිධ උසස් තනතුරු දරන ඇත්තන්ද , සිංගප්පූරු මෙන්ම චීන ජාතිකයන්ද, සිටී. ශාලාවේ ඇති ශබ්ධ විකාශන උපකරණ මගින් ඒ අවස්ථාවේදී සිංහල ගීතාවලියක් වාදනය වීමට පටන් ගනී. ඒවා ශ්‍රවනය කරන විට අප නොරටක සිටින බවක් නොවැටහේ.


























ලංකාරාමයේ සිට රාත්‍රී ආහාරය අනුභව කරන චීන ජාතික දැරියක්
රාත්‍රී ආහාරය සම්පූර්ණයෙන්ම නිර්මාංශ ගණයේ එකකි. එහි සුදු/රතු බත්, අල වෑංජනය සමග ටෝෆු (සෝයා වලින් සාදන හතරැස් කොටුවක හැඩැති මාංශයක් මෙන් පෙනෙන චීන ආහාරයක්) පාන්, චීන ක්‍රමයේ නූඩ්ල්ස්, පපඩම්, සහ ආනමාලු කෙසෙල් තිබේ. බැතිමතුන්ට කැමති ලෙසකට ආහාර බෙදාගත හැක. භෝජන සංග්‍රහය අවසානයේ කැමති අයට තේ පානය කිරීමටද පුලුවන.

රාත්‍රී ආහාරයෙන් සන්තර්පණය වූ පසු බොජ්ජංග සූත්‍ර දේශනාව බෝ සමිදු සෙවනේ අරඹන්නට කටයුතු යෙදෙයි. එදින උපන්දිනය සමරන අය, පූජාවේ දායකත්වය ගත් අය, තම මළගිය ඥාතියකු සිහි කිරීමට පැමිණි අය, දැල්වූ පහනක් අතැතිව බෝ මළුවට පිටතින් සිටගෙන සිටිති. අනෙකුත් පිරිස බිම එළන ලද පැදුරු මත වාඩි වූ පසු ඉංග්‍රීසි භාෂාවෙන් ගාථා සටහන් කරන ලද කොළ කීපයකින් සමන්විත ලිපි ගොනුවක් බදු ෆයිල් කවරයක් සෑම බැතිමතෙකුටම වෙන් වෙන් වශයෙන් ලැබේ. ඒ අවස්ථාවේ දේශනා කරන සෑම ගාථා පාඨයක්ම ඒ ගොනුවේ සටහන් වී තිබේ. චීන/සිංගප්පූරු/ බෞද්ධයන් සමග ශ්‍රී ලාංකික බහුතර බැතිමතුන් පැදුරු මත පිළිවෙලකින් තොරව වාඩි වී අවසන් වූ පසු බෝධීන් වහන්සේ වටා යැවූ පිරිත් නූලක් දෑතින් අල්ලාගෙන පිරිසට ඉදිරියෙන් මහා සංඝ රත්නය අසුන් ගනියි. ඒ අවස්ථාවේදී එදින උපන්දිනය සමරන අයවලුන්, පූජාවේ දායකත්වය ලබා ඇති අය හා තම මළගිය ඥාතියාට පින් පැමිණවීමට පැමිණි අය පිළිබද හැදින්වීමක් බොජ්ජංග  සූත්‍ර දේශනාවේ ප්‍රධානත්වය උසුලන ගුණරතන හිමියන් විසින් සිදුකරයි. අනතුරුව දැල්වූ පහන බැගින් අතැතිව සිටින පිරිස වෙන් වෙන් වශයෙන් පැදුරු මත හිදගෙන සිටින සෑම කෙනෙකු වෙතම පේළියට ගොස් තමන්ගේ පහනට ඒ සෑම කෙනෙකුගේම ආශිර්වාදය ලබාගෙන, අවසානයේ මහා සංඝරත්නයේ ආශිර්වාදයද ලබාගෙන බෝ මළුවේ තැන්පත් කර අනෙක් අය මෙන් පැදුරු මත වාඩි වෙති. දෙවියන්ට ධර්මය ශ්‍රවණය පිණිස ආරාධනා කිරීමෙන් පසු  බොජ්ජංග සූත්‍රය දේශනා කිරීම අරඹයි. එයට සියල්ලන්ම දායක වන අතර තාලයට වචන උච්චාරණය කරමින් සියල්ලන්ම ශබ්ද නගා පාලි පාඨයන් කියනා අන්දම සැබැවින්ම කන්කළුය.

උගත් මහා තෙර නමක් වන ගුණරතන හිමියන් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවයි. පොදුවේ කටයුතු සිදුවෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වුවත්, ශ්‍රී ලාංකිකයන්ට පමණක් යමක් අවධාරනය කල යුතු විටෙක සිංහල භාෂාවත්, චීන/සිංගප්පූරු ජාතිකයන්ට යමක් අවධාරනය කල යුතු විටෙක චීන භාෂාවත් උන් වහන්සේ භාවිතා කරයි. අධ්‍යයනයට අපහසු යැයි සම්මත චීන භාෂාව ඉතා හොදින් හැසිරවීමට උන් වහන්සේට හැකියාව තිබේ.

බොජ්ජංග  සූත්‍රය යනු නිරෝගී සම්පත ලබාගැනීමට ඉවහල්වන බුද්ධ දේශනාවකි. එහි අගය පිළිබද පිරිසට හැමදාමත් පැහැදිලි කරන ගුණරතන හිමියන් සෑම සෙනසුරාදාවකම ඒ සදහා සහභාගි වීමේ වැදගත්කම අවධාරනය කරයි. උන් වහන්සේ පාලි පාඨයන් කදිමෙට උච්චාරණය කරන නිසාවෙන්ම දෙසවනට ගෙන එන්නේ සුවයකි. සූත්‍ර දේශනාව අවසාන භාගයේදී හිමිනමක විසින් සුවද මලකින් සෑම අයෙකු වෙතම පැන් ඉසිමින් ගමන් කිරීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. සෑම දිනකම සූත්‍ර දේශනාව අවසානයේ සෑම බැතිමතෙකු වෙතම ගුණරතන හිමියන්ගේ සුරතින් වෙනිවැල්ගැට කෝප්පය බැගින් ලැබෙන අතර, පූජාවේ දායකත්වය ගත් අය ඇපල්,පෙයාර්ස්,කෙසෙල්,දොඩම් වැනි පළතුරු බැතිමතුන් වෙත නොමිලයේම ලබා දෙයි.

වෙනිවැල්ගැට පානය සහ පළතුරු බෙදාදෙන අවස්ථාවක්


පූජාව අවසානයේ දින කීපයක් කථා බස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගුණරතන හිමියන් සමග යම් තරමකට සුහද වීමේ හැකියාවක් සිරා කොලුවාට ලැබිනි. උන් වහන්සේට හිතවත්ව සිටින චීන හා සිංගප්පූරු දායකයින් මාර්ගයෙන් ලංකාවේ වව්නියාවේ පවත්වාගෙන යන සිංගප්පූරු පාසල නම් විද්‍යාලය පිළිබද අසන්නට ලැබුනේ මෙවැනි විටෙකය.

මගේ ඉස්කෝලෙ සිංහල,දෙමළ, මුස්ලිම් ජාති තුනේම ළමයි ඉන්නවා. රටට වැඩ කරන්න ඕනෙ නම් සංගම් හදාගෙන නතතුරු බෙදන්න ඕනෙ නෑ. තමන්ට හැකි විදියට කලාම හරි. මම මෙහෙන් සපයාගන්න අරමුදල් වලින් ඒ ළමයින්ට ඉගෙනගන්න ඕනෙ දේවල් සපයනවා, පාසලේ විදුලිබිල ගෙවනවා, ගුරුවරුන්ගෙ වැටුප් ගෙවනවා. මහත්තයාටත් පුලුවන් නම් අපිට එකතු වෙලා මේ දේවල් වලට සහයෝගය දෙන්න. බ්ලොග් අවකාශය හරහා අම්පාරේදී ගිය වසරේ කල මෙහෙවර පිළිබදව මමද උන්වහන්සේ දැනුවත් කළෙමි. අපේ කථා බහ අවසානයේ උන්වහන්සේ මවෙතින් උපකාරයක් ඉල්ලා සිටියේය.

මහත්තයට පුලුවන් නම් මට හොද ගුරුවරු ටිකක් හොයලා දෙන්න. ලංකාවෙ සම්මත වැටුප, නවතැන්, කෑම බීම, අවශ්‍ය නම් ප්‍රවාහන පහසුකම් පවා දෙන්න පුලුවන්. හැබැයි මගේ නීති රීති ටිකක් තියෙනවා ඒවාට එකග වෙන්න ඕනෙ. අවම මාස 6 ක් එකදිගට වව්නියාවෙ රැදී ඉදලා ඒ ළමයින්ට මුල ඉදන්ම උගන්වන්න ඕනෙ, තරුණ ගෑණු ළමයිනුත් ඉන්න නිසා විනය ඉතා හොද වෙන්න ඕනෙ, සුරා සූදුවෙන් වැළකී ඉන්නත් ඕනෙ. දැනට මට අවශ්‍ය පරිගණක විද්‍යාව සහ ඉංග්‍රීසි මුල සිටම උගන්වන්න පුලුවන් ගුරුවරු.

මේ සදහා සම්බන්ධ වී අසරණ දරුවන් පිරිසකට සරණවීමට ගුණරතන හිමියන් දරන වෑයමට ඔබත් ගුරුවරයෙකු ලෙස සම්පත් දායකයකු වීමට කැමති නම් infosira2012@gmail.com ලිපිනයට සිරා කොලුවා වන මට ඊයක් එවන්න. ඉන් පසු ගුණරතන හිමි සම්බන්ධ කරගත හැකි දුරකථන අංක පිළිබද මම ඔබට දැනුම් දෙන්නෙමි.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

සරසවි අධ්‍යාපනය නිම කර රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණ / තරුණියන් හට ඉහත කී ගුරු පුරප්පාඩු වඩා වැදගත් වේ යැයි මම සිතමි.

66 comments:

  1. ෆොටෝස් ටික බැලුව විතරයි ඕං. කියවල කමෙන්ට් එකක් හෙටම දාන්නම්.

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරුවේ ලංකාරාමය ගැන අහල තිබුනට වැඩි විස්තරයක් දැන ගත්තෙ දැන්. ෆොටෝවලින් පේන හැටියට නම් හරි ක්‍රමානුකූලව වැඩ කෙරෙනව කියල හිතෙනව. අපේ රටේදි නම් වෙන්නෙ පන්සලෙන් ඔහොම කෑම දුන්නොත් කෑම කන්න විතරක් ඔතනට මිනිස්සු පිරෙනව, අන්තිමට ඒ වැඩේ නිකන්ම අලකරල දානව.

      බෝමළුවක ඉද්දි දැනෙන සුවය ගැන නම් කියල වැඩක් නෑ බං. බෝපත් සුළඟට සෙලවෙන සද්දෙ, සිසිලස හරිම අමුතු හැඟීමක්. හිත නිකන්ම සන්සුන් වෙනව. මමත් හැබැයි වන්දනාමාන කරන්න නිතර පන්සල් යන්නෙ නෑ. ඒත් පන්සලකට ගියොත් බෝමළුවට ගිහින් ටිකක් වෙලා ගතකරන්න නම් මම අමතක කරන්නෙ නෑ.

      Delete
    2. //පන්සලේ බෝ සමිදු අභියස මට කවදත් දැනුනේ අසීමිත සිසිලකි//

      මේ වචන ටික කියවන් යද්දිම මමකොපි කරගත්තෙ...මටත් මෙවැනි හැඟීමක් ඇති නිසා..ඕන්න ඩී.ඩී ටී ත් ඒ ගොඩේ නිසා මෙතැනම් දැම්ම.

      Delete
    3. ලංකාවෙ මම ගිය පන්සල් වලට වඩා බොහොම ක්‍රමානුකූල බවක් මට දැනුනා..හැම දේම කලට වේලාවට යම් ක්‍රමවේදයකට අදාළව සිදුවෙන්නෙ...මේ අත්දැකීම විදලම බලන්න වටිනවා.

      වීයා බොලා මට බොහොම සමීප මිතුරෙක් වෙලා තියෙන්නෙ අපි අතර අදහස් වල ඇති සමාන කම් නිසා වෙන්ට ඕනෙ..

      Delete
  2. හැබෑටම සිංගප්පූරුව බෞද්ධ බහුතරයක් ඉන්න රටක්ද ? කොඩිය දැක්කම මම හිතන් හිටියෙ මුස්ලිම් රටක් කියලා..

    ReplyDelete
    Replies
    1. සිංගප්පුරුව , තායිලන්තය , බුරුමය වගේම යම් පමණකට මැලේසියාව යන රටවල ඉතාමත් ශ්‍රද්ධාවන්ත ප්‍රතිපත්ති ගරුක බෞධයෝ අනන්තවත් ඉන්නවා. ඇත්තම කියනවා නම් ලංකාවේ එහෙම හොඳ බෞධයෝ එක්කෙනෙක් දෙන්නෙක් ට වඩා මම නම් දැකලා නැහැ. ලංකාවේ වැටී වැලදීගෙන පන්සල් වල වැඩ කරන ශ්‍රද්ධාවන්ත බව පෙන්නන බොහොමයක් අය යම්කිසි යටි අරමුණකින් ඒවා කරන්නේ. තනතුරු ලාභය , කැපී පෙනීම සඳහා.

      ලංකාවේ බෞද්ධයන්ගේ පිරිහීමේ ප්‍රමාණය බලාගන්න ඔවුන් අන්‍ය ජාතික බෞධයන් සමග සංසන්දනය කල යුතු වෙනවා . මහමෙව්නාව මගින් යම් තරමකට ප්‍රතිපත්ති ගරුක ශ්‍රද්ධාවන්ත බෞධයන් පිරිසක් සෑදීම සඳහා වැඩපිළිවෙලක් ගෙන ගියත් බහුතරයක් ලාංකික බෞධයන් අධ්‍යාත්මික සහ ලෞකික ප්‍රතිපත්ති අතින් අන්ත දරුණු ලෙස පිරිහීමට පත්වුණ පිරිසක් බව වගකීමෙන් කිව හැකියි . තමන් ථෙරවාදී පට්ට බෞධයන් ලෙස මනෝ ෆැන්ටසියක ජිවත් උනාට ඒ යථාර්තය වෙනස් වන්නේ නැහැ. අනිත් රටවල බෞධයන් සමග සංසන්දනාත්මකව බැලිය යුතු වෙනවා.

      Delete
    2. ම්හසෝනා ස්තූතියි විස්තරයට...

      අතුරු ප්‍රශ්ණයක් පැන නැගුනා.. ඇත්තටම මහමෙව්නාවෙන් එහෙම සේවයක් වෙනවද..?? මම එහෙන් මෙහෙන් දැක්කා ඔවුන්ටත් තදබල විවේචන එල්ල වෙලා තියනවා, ඔවුන් බුද්ධාගම විකෘත්ති කරනවාය, අරවාය, මේවාය කියලා.. කවුද දැන් හරි ?

      Delete
    3. සෙන්නා , ඇත්තවශයෙන් කියනවා නම් මටත් මහමෙව්නාවේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විවේචන තියෙනවා. මතවාදීමය ගැටළු තිබෙනවා. නමුත් ඔවුන් ගේ ආයතනය සහ එහි විදේශ ශාකා මගින් කරගෙන යන ධර්ම ප්‍රචාරය සහ අනිකුත් ශාසනික වැඩ නිසා සිදුවී ඇති මෙහෙය සන්සදනාත්මකව , කුහක කමින් සහ ඉර්ශයාවෙන් තොරව මැන බැලුවොත් හොඳ වැඩියි මහමෙරක් වගේ අබ ඇටයක් තරම් නරකට වඩා.

      අනික මාරයා කියනව වගේ පිඟන් හෝදන මිනිහගෙන් තමයි පිඟන් කැඩෙන්නේ. සේවයක් කරන තැනින් තමයි ඇතැම් විට වැරදි , අඩුපාඩුකම් සිද්ද වෙන්නේ. ඒවා ගැන ද්වේශසහගතව නොබලා උපකාරී වියයුතු තැන උපකාරී වීම , වැරදි පෙන්වා දීම සත්පුරුෂයන්ගේ ලක්ෂණයක්.

      එහෙන් මෙහෙන් ඔබ දැක්ක දේ ගැන කියනවා නම් ඕක තමයි ලංකාවේ මිනිස්සුන්ට වැදිලා තියෙන හේනේ. අරය කිව්වා , මෙයා කිව්වා ඒක හින්ද ඒක එහෙමයි , මේක මෙහෙමයි නැතුව තමන් විමසා බලා තමන්ගේ බුද්ධියෙන් යම්කිසි දෙයක් තේරුම් ගැනීම තමයි වැදගත්. ධර්මය විකුර්ති කරනවා නම් පෙළ පොත් ඉගෙනගෙන , මහමෙව්නාවෙන් උගන්වන දේත් සමග සසඳා බලා ඔබම නිගමනයකට එන්න. අරය මෙයා කියන දේ පස්සේ යන්නේ නැතිව. ඒක නේද හරි ?

      ලංකාවේ 90% පමණ බෞධයන් ධර්මයට ද්වේශ කරනවා. පිළිවෙතට ද්වේශ කරනවා. ස්රධා මාත්‍රයක් නැහැ. කුහක ඉර්ශ්යාවෙන් යුක්තයි. තිරශ්චින පෞගලික අරමුණු උදෙසා, බඩ වඩා ගැනීම උදෙසා ශාසනය භාවිතා කරනවා. එවැනි අය කියන දේ ඇහුවොත් ඉතින් සොරි ම තමා.

      Delete
    4. මමත් මහමෙව්නාව මගින් පලකල පොත්පත් සුත්‍ර දේශනා(සිංහලෙන්) කියවා අසා තිබෙනවා. එහි නියම බුදු දහම සිංහලට පරිවර්තනය කර තිබෙනවා. ස්වාමීන් වහන්සේලා පාලියෙන් කියන දෙයක් ඔහේ අහගෙන ඉඳලා සාදු සාදු කියනවට වඩා අවුබෝධයෙන් ධර්මය හැදෑරීම වැදගත් වෙන්ව. අද කාලයේ අවශ්‍ය වන්නේ එවැනි සරල ප්‍රකාශන තමයි.

      Delete
    5. 1965 දි මලයාවෙන් සිංගප්පූරුව වෙන් වූ පුවත මම කලින් පෝස්ටුවකත් සදහන් කලා...මේ රටල් දෙකම අතීතයේ බුදු දහම ප්‍රචලිතව පැවති රටවල්...අද මැලේසියාව මුස්ලිම් ජනගහනය වැඩි රටක්...ඒ උනත් අන්තගාමී ගතියක් නෑ...ඒ චීන්නු එරට ආර්ථිකයට සෑහෙන දායකත්වයක් ලබාදෙන නිසා...චීන්නු බහුතරය බෞද්ධ නිසා ථේරවාදී වගේම මහායාන බෞද්ධ පන්සල් රාශියක් මැලේසියාවෙ තියෙනවා.

      සිංගප්පූරුව තවමත් බෞද්ධයන් බහුතරයක් සිටින රටක්...මහ සොහොන් පිල්ලිය මතු කරලා තියෙන කාරණය එක්ක මම සම්පූර්ණයෙන්ම එකගයි..මොකද කිසිදු යමක් කරන්න උත්සාහයක්වත් නොගන්න පිරිස තමයි මේ ක්‍රියාකාරකම් විවේචනය කරමින් ඉන්නෙ. මගේ මිත්‍රයා සහනුත් මහමෙව්නාවට සම්බන්ධයි. ඒ තුලින් ඔවුන් ලංකාවෙ අසරණ මිනිසුන්ට කර තිබෙන නිහඩ සේවය බැලුවාම එහි වැරැද්දක් මට පේන්නෙ නෑ.

      Delete
  3. මම මෙතනට ගිය ගමන මතක් උණා සිරා...:)

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඔබ ඒ පිළිබදව පරණ පෝස්ටුවක කමෙන්ටුවක් තබා තිබූ බව....

      Delete
  4. ලංකාවෙන් එළියේ ඉන්න අපේ අයට මෙහෙම අනුග්‍රහයක් දක්වන එක අපි අගය කරන්න ඕනි!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම...මේ පන්සල පන්සලකට එහා ගිය සේවයක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරන බව අතිශෝක්තියක් නෙමෙයි.

      Delete
  5. හරිම වැදගත් විස්තරයක්. මැලේසියාවේ ඔය වගේ පන්සලට ගිහින් තියෙනව . සිංගප්පුරුවේ එකට නම් යන්න බැරි වුනා .

    ReplyDelete
    Replies
    1. මැලේසියාවෙ Brickfield වල සහ Senthul වල පිහිටා තියෙන ලංකාවෙ හිමිවරුන් වැඩ සිටින ථේරවාදී පන්සල් දෙකටම මමත් ගියා. සිංගප්පූරුවට පැමිණියොත් අනිවාර්යෙන්ම ලංකාරාමයටත් යන්න.

      Delete
  6. හොද විස්තරයක්. ඒ වගේම කවදත් තියෙන උඹේ යහපත් සිතුවිලි වලට මං හරි කැමතියි..

    ReplyDelete
    Replies
    1. මගේ ජානෙන්ද කොහෙද ඒ යහපත් වැඩවලට දායක වෙන ගතිය ඇවිල්ලා තියෙන්නෙ...ඒක ඉදිරියටත් නැති වෙන්නෙ නැති බව මට විශ්වාසයි.

      Delete
  7. මමත් ගොස් තිබෙන තැනක්. නමුත් මට එයිට වඩා ලොකු අත්දැකීමක් තිබෙනවා. එක් අවස්ථාවක ගුවන් යානා ප්‍රමාදයක් හේතුවෙන් මට සිංගප්පූරුවේ දින කීපයක් නවතින්න වුනා. එහිදී මමත් දියණියත් බිරිදත් විශාල ගැටලුවකට මුහුණ පෑවා නමුත් මේ විස්තරය දැන්ගත් මගේ විශ්වවිද්‍යාල ගුරුවරයෙක්. ඔය පංසලේ නායක හාමුදුරුවන්ට මේ ගැන දැනුම් දුන්නාම උන් වහන්සේගේ වාහනයෙන් අපිව රැගෙන ගොස් අපේ පහසුකම් සැලසුවා. ඒ විතරක් නෙමෙයි ගුවන් සේවා එක්ක මේ ගැන කතා කරන්නත් උන් වහන්සේ මා සමග වැඩියා. ඇත්තෙන්ම මට ඒ ප්‍රශ්නය බේරාගත හැකිව තිබිය දීත් උන්වහන්සේ මා වෙනුවෙන් වුනු වෙහෙස කෙදිනකවත් මට අමතක වන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. පුදුමාකාර සේවයක් කරන තැනක් වෙද මහතා

      Delete
    2. වචනයේ අර්ථයෙන්ම නියම සංඝයා වහන්සේ නමක්..මේ සංඝයාවහන්සේලාට අවශ්‍ය සෑම දෙයක්ම ස්වදේශික බැතිමතුන් ලබාදෙන නිසා පන්සලට වෙලා ඒවා වලදලා ඉන්න පුලුවන් කම තියෙද්දිත් තමන්ගෙ කෙනෙක් වෙනුවෙන් මෙහෙම මහන්සි වෙන එක අගය කරන්න ඕනෙ කාරණයක්....

      Delete
  8. hawsaka "JAYA SRI MAHA BODIYA" "RUWAN WALI SAYA" ladga idala tiyanawada?
    Jayawewa

    ReplyDelete
    Replies
    1. ඉදලා තියෙනවා...එතැනදී දැනෙන සුවයට මම හරිම කෑදරයි...රුවන් වැලි සෑය ඉදිරිපිට ඉදගෙන මහා ඉහළින් පෙනෙන කොත් කැරැල්ල දිහා බලාගෙන මේ දේවල් ගොඩනගන්න අපේ මුතුන් මිත්තො කොපමණ නම් වෙහෙසෙන්න ඇතිද කියලා හිතනකොට හිතට දැනන හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ. මම ගොඩාක් ආශාවෙන් ඉන්නෙ ලංකාවට ආපු ගමන් අනුරාධපුරයට යන්න.

      Delete
    2. Anurdhapura tour eka organize karana mama. oya ena mama hamadayakma balaganam.
      Jayawewa

      Delete
    3. බොහොම ස්තූතියි සංජීව අයියා...අපි හමුවෙමු එහෙනම්...

      Delete
  9. හොඳ වටිනා විස්තරයක් ලියල තියෙනව පන්සල ගැන... සිංගප්පූරු පාසල ගැන නම් මමත් දැනගෙන හිටියෙ නෑ මේ කියනකන්ම... :)

    ReplyDelete
    Replies
    1. දෙන්නා එක්ක සති අන්තයක යන්න...ළගදි ඒ පැත්තට ගියේ නෑ නේද....

      ගුණරතන හාමුදුරුවො එක්ක කථා කලාම තමයි ඔය පාසල ගැන මමත් දැන ගත්තෙ....

      Delete
  10. තමන්ට හම්බවෙන දෙයින් තමංගෙ රට වෙනුවෙන් උපකාර කරන මේ වගේ තැන් අගය කරන්න ඕන. ගොඩක් දෙනා කරන්නෙ තමංගෙ ගොඩ හදාගන්න එකනෙ.

    හොඳ විස්තරයක් සිරා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියෙ...ඇත්තටම පිටරට වෙසෙන සංඝයා වහන්සේලාට ලැබෙන අරමුදල් වලින් සෑහෙන සේවයක් ලංකාවට කරන්න පුලුවන්. නමුත් ඒ අය අතරින් අතලොස්සක් තමයි මේ වගේ සත්ක්‍රියාවන්ට දායක වෙන්නෙ.

      Delete
  11. උබ ඔහොම පන්සල් ගියාට සමහරු ඉරිදට ලංකා රාමෙට යන්නේ අක්කලා/ඇන්ටිලා අල්ලන්න

    ReplyDelete
    Replies
    1. එහෙමත් කාරණයක් තියෙනවද ...මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ...

      Delete
  12. කොහෙ ගියත් සමාජ මෙහෙවරකට උර දෙන ගතිය දිගටම තියාගනින් සිරා. උඹට ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකියා...සිරාගේ ඒ ගතිය මැරෙන තුරාවටම තියේවි...

      Delete
  13. මම මගේ මිතුරකුගේ වාහනයක යත්දී(වැසි දිනයක) ඩබල්කැබ් රථයක් සමග ගැටුනා. වරද ඩබල් කැබ් රියදුරාගේ. එහි සිටියේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන් වහන්සේ අපේ අලාභය විමසන්නේවත් නැතිව රුපියල් 25,000 ක් දෙන්න ඉදිරිපත් වුනා. උන් වහන්සේට පිටත්ව යන්නට තිබුනේ(සිංගප්පූරුව බලා) තවත් සුළු මොහොතයි. උන් වහන්සේ මගේ මිතුරාට කාඩ් පතක් ලබා දුන්නා. ඒ ඔබ කියන ලංකාරාමයේ(වෙනත් ආරාම සිංගප්පූරුවේ නොමැති නම්) විය යුතුයි. මගේ මිතුරා අතින් කාඩ් පත අස්ථානගත වෙලා. උන් වහන්සේ ආරාධනා කල එහි ආවොත් පන්සල වෙත පැමිණෙන්න.

    ReplyDelete
    Replies
    1. ලංකාරාමය ප්‍රසිද්ධම ලාංකික පන්සල උනාට ලංකාවේ හාමුදුරුවෝ විසින් පවත්වාගෙන යන පන්සල් 16ක් තියෙනවා සිංගප්පුරුවේ. එත් ඒවාට අපේ ලංකාවෙන් ආපු අය යන්නේ නෑ . හේතුව නිකන් කන්න දෙන්නේ නැති නිසාත්, අක්කලා /ඇන්ටිලා නවාගනීමේ හැකියාව නැතිකම නිසාත්ය. එත් සිංගප්පුරු, මැලේසියන්, චීන, බෞද්ධයන් නිතරම ඒවාට යනවා එනවා. දහම් සාකච්චා කරනවා.

      Delete
    2. ගුණරතන හාමුදුරුවො නිතරම වගේ ලංකාවට වඩිනවා මේ පාසලේ කටයුතු සොයා බලන්න. විශේෂයෙන් දරුවන්ට තියෙන අඩුපාඩු සහ ගුරුවරුන්ගේ ගැටළු ගැන උන්වහන්සේ දැඩි අවධානයකින් ඉන්න බවක් තමයි පේන්නෙ...

      ඇනෝ මිතුරා මම දැනගෙන හිටියෙ ලංකාවෙ හිමිවරු වැඩ සිටින පන්සල් 2 පමණයි සිංගප්පූරුවේ තිබෙන්නේ කියලා...අනිත් සියල්ල මහායාන බෞද්ධ මධ්‍යස්ථාන බවයි මට මිතුරන් කිව්වෙත්....

      Delete
  14. ලෝකේ කොහේ ගියත් අපේ පංසලක් දුටුවම ගත සිතට සහනයක් දැනේනව බං

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ඒ අපේ අධ්‍යාත්මයටම ඒ දේවල් කිදා බැස තිබෙන නිසයි.

      Delete
  15. මම දන්නා අයට වවුනියාවේ ගුරු ඇබෑර්තු ගැන කියන්නම්. රැකියා විරහිත උපාධිධාරීන් උතුරු මද පළාතේ සෑහෙන්න ඉන්නවා. වවුනියාව දකුණ සිංහල කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග සම්බන්ධවන ලෙස හාමුදුරුවන්ට කියන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කාට හරි උදව්වක් කරන්න පුලුවන් නම් ඒක ලොකු සතුටක්...

      Delete
  16. ඔය පන්සලෙන් තව හොඳ සේවාවක් කරනවා. මහරගම පිලිකා රෝහලේ නතරවීමට පහසුකම් නැති රෝගීන්ට, මහරගම තරුණ බෞද්ධ සංගමයෙන් නැවතීමට පහසුකම් දී ඇති ගොඩනැගිල්ලට ආධාර මාසිකව ලොකු ආධාරයක් කරනවා.

    ReplyDelete
    Replies
    1. අගය කල යුතුයි මෙවැනි සේවාවන් කරනා සත්පුරුණයන්...

      Delete
  17. කිරි අම්මා ගැන මතකය ඔයාට දැනෙන විදිය කිවුවම මගේ හදත් කකියව්වේ ඇයිද මන්දා ,,..අපිට දෙයක් ලැබෙන්නේ ඒ දේ අහිමි නිසා .අත්තම්මාද එසේමයි .ඒ නිසා කනගාටු නොවී ඉන්න උත්සහ කරන්න .ලංකාරාමයේ පින්තුර දකින්න සැලස්සුවට ස්තුතියි .පන්සලට ගිහින් මිදුලට වෙලා කෙල්ලෝ ගණන් කරන කොල්ලෝ අතරේ ඔබේ යහළුවන් දෙදෙනා විශිෂ්ටයි .ගුරුවරු ගැන උත්සහයක් දරලා බලන්නම්.. :)

    ReplyDelete
    Replies
    1. මට සාමාන්‍ය ජීවිතයේදී එහෙම දුකක් නොදැනෙන්න ජීව්ත් වෙන්න පුලුවන් උනත්...කිරි අම්මා සහ කුඩා කල මගේ මතකය එකතු වෙන පරිසරයන්හිදී මට සෑහෙන දුකක් දැනෙනවා ඒ පැරණි මතකයන් නිසා.

      Delete
  18. සිරා මෙන්න මේ වගේ පෝස්ට් එකක් දැම්මා නම් මුළින්ම අපිට සිංගප්පූරුව ගැන පහන් හැගීමක් නෙව එන්නේ මුළින්ම..දැන් එක එක පැත්තට දෝලනය වෙනවා අදහස්..

    අර ගුරු පුරප්පාඩු වලටත් යන්න ඕනේ හැගීමකින් අකුරක් උගන්නවා කියලා හිතන පිරිසක් මිසක් , සල්ලි බලාගෙන යන පිරිසක් නෙවේ සිරා..අනිත් දේ ගුරුකම කියන දේ ඇඟේ තියෙන්නත් ඕනේ.. අසරණ ළමයින්ගේ හැගීම් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනේ...

    ඉන්නකෝ බලන්න මම දන්න කියන දෙන්නෙක් ඉන්නවා ඕකට ගැළපෙන...

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහන්...වැටුප කියන සාධකයම නෙමෙයි... මේ ළමයින්ට මට හැකි විදියට උපකාර කරනවා කියන හැගීම තමයි පෙරට එන්න ඕනෙ...හාමුදුරුවො කැමතිත් එහෙම අයට...එහෙම ගුරුවරුන්ට තමයි කටපුරා ගුරුවරු කියන්න පුලුවන්.

      Delete
  19. අහන්නත් සතු‍ටුයි.

    පංසලක් ලඟ ජීවත් වෙලත් පෝයකට වත් පංසල් නොයැවෙන්න නොයෙකුත් හේතු තියෙනවා නේද සිරා?

    ReplyDelete
    Replies
    1. 1. කරුමේ ...
      2. අවාසනාව ...

      Delete
    2. සෑහෙන්න හේතු තියෙනවා...පන්සල් යනවා කිව්වත් සැබෑ හැගීමෙන් පන්සල් ගිහිල්ලා ඒ කාර්යයට දායක වෙන්නෙ කීයෙන් කී දෙනාද...සමහර කොල්ලො / කෙල්ලො යන්න ලව් කරන්න...උපාසක අම්මලා ඕපයක් ගහන්න...රස්සාවක් නොකරන කම්මැලියො යන්නෙ පිනට කන්න.

      Delete
  20. ලංකාවෙන් පිට ඉන්න වෙලාවට මේ වගේ හිත නිවන තැනක් තියන එක කොයි තරම් ලොකු දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම...විවිධ හේතු නිසා මානසිකව පීඩාවට පත්වුනාම ඒ අගාධයෙන් ගොඩ එන්න ධර්මයෙන් ලැබෙන පිටිවහල බොහොම ඉහළයි...ඒ සදහා ඊටම ගැලපෙන පරිසරයකුත් තිබීම වැදගත්...

      Delete
  21. හිතට නිහතමානී සං‍තෝෂයක් දැනුන මචං..!

    ReplyDelete
    Replies
    1. වීයා කොහොමත් නිහතමානී කොල්ලා කියලා මම දන්නවා නොවැ...

      Delete
  22. After reading all these , I feel like your in a wrong field bro ! Go and start writing Sinhala novels , U got good skills .

    Hasitha(Singa)

    ReplyDelete
    Replies
    1. Thanks for your idea Hasitha, when I was in grade 5 my teachers said you have a good talents for writing.. here after many teachers said same thing again and again, but Iam writing a blog for my own satisfaction, no any hidden agendas here.

      Novels..mmmmmm no idea present, after collecting sufficient experiences in this life journey I will try.

      Delete
  23. සිරා මල්ලී, බොහොම ස්තූතියි මේ පොස්ට එකට. කාලෙකට ඉස්සර අපි පුතාලාත් එක්ක මේ විහාරයට ගියා. එදාත් මේ වාගෙම දානය අපිට ලැබුනා. එහෙදී තම පියාගේ අභාවය විඳ දරා ගත නොහැකිව බොහෝ කම්පනයට පත් වෙච්ච ලාංකික යුවතියක් අපේ මහත්තයා හමුවී උපදෙස් පතා තිබුනා. ඒ කාලෙ ඇය ලිපි නිතරම එව්වා. ඒවාට මෙහෙන් පිළිතුරු යැව්වා. මට කිසිම ප්‍රශ්ණයක් උනේ නෑ. දැන් ඇය කසාද බැදලා දරුවන් සමඟ යහතින් ඉන්නවා. මෙහෙම ඈත රටකදී එවැනි දේ දරාගැනීම අමාරුයි. වෙනත් කෙනෙක් බලන කෝණය වෙනස්. මෙ ලිපියෙන් ඔබේ සංවේදී බවත් පෙනුනා. ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. අක්කා සෑහෙන දවසකට පස්සෙ දැකීම සතුටක්...ඇත්තටම පිටරටක ජීවත් වෙද්දි තනිකම කියන කාරණයත් එක්ක මේ වගේ දුක්ඛදායක පුවතකුත් අසන්න ලැබුනොත් ඒ කාරණය විද දරා ගන්නා අන්දම පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපෙක්ෂයි...මමත් ඔබ කියූ තරුණිය වගේ ධර්මයේ පිහිටක් තමයි ඒ අවස්ථාවේ පතන්නෙ...

      ඔබටත් ජයම වේවා !

      Delete
  24. මගේ කොමෙන්ට් එක හොයපන් කෝ බං.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් ගොඩෙත් බැලුවා...තියෙනවා නම් ගොඩින් තියන්න...එතනත් නෑ...

      Delete
  25. Pansalakadi danena suwaya vidinna pin karala thiyanna ona sira.goda denekuta oka feel wenne ne.mama giya post ekedi kiyanna hitiye yako parakku wena eka maha sauththu puruddak ban.
    liyanna godak dewal thibunata mata me engirisiyen sinhala liyana eka epa wenawa ban.

    ReplyDelete
    Replies
    1. පන්සලේ දැනෙන සුවය විදින්න හිත බොහොම නිස්කලංක වෙලාවක තමයි පන්සලට යන්න උවමනා. පරක්කු වෙන පුරුද්ද නම් දැන් සෑහෙන්න දුරු කරගෙන තියෙන්නෙ...ඉංග්‍රීසියෙන් ලියන්න අපහසු නම් සින්ග්ලිෂ් ගැජට් එක පාවිච්චි කර බලන්න.
      http://unicode.malindaprasad.com/
      ඔය ලින්කුවෙන් ගිහිල්ලා බලන්න.

      Delete
    2. තෑන්කු තෑන්කු සිරා වෑඩෙ ගොඩ

      Delete
  26. සිරාගේ සංගප්පූරු සටහන් අතරට සිංගප්පූරු විහාරස්ථානයේ මේ සටහනත් අපූරු අත්දැකිමක්. පන්සල නම් ඉතාම නිහඬ නිවුණ තැනක් බව පේනවා.

    ඇත්තටම රැකියා හොයල දෙන්න උදව්කරන්න පුළුවන් ගැටලුව තියෙන්නේ ඒ අය වවුනියාව වගේ දුර බැහැර ගිහින් ඉන්න කැමති නෑ. ඒකත් හොයන්නේ අත ළඟටමයි. ඔන්න අපේ රටේ හැටි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....ගුරු වෘත්තියට ගැලපෙන්නෙ සැබෑවටම ඒ හැගීම හිතේ තියෙන...රැකියාවකට වඩා සේවයක් කියන හැගීමෙන් එය ඉටු කරන්න පුලුවන් අයට තමයි.

      Delete
  27. එන්න පරක්කු උනාට සමා වෙනඩ ඕනේ .... මගේ යාලුවෙකුත් ඉන්නවා සිංගපුරුවේ... මිනිහා මට මේ ගැන කලින් කියලා තියෙනවා... අපි පන්සල් ගියේ ඇයි කියලා බලා ගන්න ඕනෙනම් මගේ බොග පැත්තේ වරෙන් සිරෝ...

    ReplyDelete
    Replies
    1. එන්නම් එන්නම්...පන්සල් ගියේ මොකටද කියලා බලන්න..බොගෙ බොග පැත්තෙ...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...