අතීතයේදී සිංගප්පූරුවට පැමිණි පසු ලංකාවේදී අනුමත කරගත් මැලේසියානු වීසා නොමැතිව මැලේසියාවට ඇතුලුවීමට පහසුකම් තිබුනත් දැන් ඒ මාර්ගය අපට අවහිර වී තිබේ. දිගින් දිගටම මැලේසියාව තුල සිදුවූ මිනිස් ජාවාරම් නිසා මැලේසියානු රජය ශ්‍රී ලාංකිකයන් කෙරෙහි වන ආගමන නීති දැඩි කර ඇති හෙයින් ලංකාවෙන් පැමිණෙන විට මැලේසියානු වීසා රැගෙන ඒමට සැමට සිදුවෙයි. ඒ සදහාද පෙර නොවූ විරූ ලියවිලි ප්‍රමාණයක් වර්තමානයේ ඉදිරිපත් කලයුතු අතර බැංකු ගිණුම් වාර්තා පවා අවශ්‍යය.
පළමු මාසය තුල මා සිංගප්පූරුවේදී ලද අත්දැකීම් මෙන්ම එහි පවතින අලුත් නීති රීති නිසාවෙන් තවත් මසක් එහි ගත කිරීම ඵල රහිත මුදල් නිකරුණේ වැයවන වෑයමක් බව මට ඒ වන විටත් වැටහී තිබූ හෙයින් මැලේසියාව තුල දෙවැනි මස ගත කිරීමට මම ඉටා ගතිමි. මා කලින් සේවය කල ආයතනයකදී හදුනාගත් මිතුරෙකු ඒ වන විටත් මැලේසියාවේ සිටීම මට මහත් සහනයක් විය. එතැන් පටන් පරිගණක තිරයෙන් මෑත් වී රැකියා දඩයමෙන් ඉවත් වීමට අවස්ථාව ලද නිසා සිංගප්පූරුව තුල යම් තරමකට සංචාරයටත්, හමුවීමට නොලැබුනු මිතුරන් හමුවීමටත් අවකාශ සැලසුනි.
සාමාන්‍ය පෙළ කරන අවධියේ මගේ පාසලේ මගේ පන්තියේම සිටි මිත්‍රයෙකු වන නුවන් සිය බිරිදද සමගින් අද සේවය කරන්නේද සිංගප්පූරුවෙහිය. සාමාන්‍ය පෙළින් පසු ඔහු ගණිත අංශයත් මා වාණිජ අංශයත් තෝරාගැනීම නිසාවෙන් අප දෙදෙනා ඉන් පසු පාසල තුල පවා හමුවූයේ කලාතුරකිනි. ඒ මෙම අංශ දෙක පිහිටා තිබුනේ පාසලේ දෙකෙළවරක හෙයිනි. මොරටුව සරසවිය හරහා අනාගතයට සවිමත් අත්වැලක් ලැබූ ඔහු මට 2001 වසරින් පසු හමු වී තිබුනේ නැත. එහෙත් මූණු පොතේ මිතුරන් ගොන්නේ සිටීම නිසාත්, මා මිත්‍ර සහන් ඔහුගේද මිතුරෙකු වීම යන කාරණා මත මගේ සිංගප්පූරු ආගමනය ඔහු දැන සිටියේය.
මෙහි පැමිණි පසු දුරකථනයෙන් කීප වතාවක් කථා කලත් ඔහුගේ අවිවේකී කම මත අපට හමුවීමට අවස්ථාවක් නොලැබුනද මම සිංගප්පූරුවෙන් පිටත් වන පුවත අසා ඔහු මට ක්ෂණිකව ඔහුගේ නිවසේ රාත්‍රී භෝජනයකට ඇරයුම් කළේය.
උඹ මෙච්චර ලගට ඇවිල්ලා ආපහු යන්න හදද්දි මගේ ගෙදරට එක්ක ගියේ නැත්නම් මට සෑහෙන අවුල් බං... නුවන් එසේ පැවසුවේ අප අතර පවතින නිහඩ මිතුදම නිසා බැව් සක්සුදක් සේ පැහැදිලිය. ඔහුගේ නිවස කිට්ටුව ඇති Hougang දුම්රිය ස්ථානයට පැමිණ රැදී සිටින ලෙස මට දැනුම් දුන් හෙතෙම මා කැදවාගෙන යාමට පැමිණියේ ඔහුගේ බිරිදද සමගිනි. වසර 12 කට පසු මගේ පන්ති සගයා නැවත දකින්නට ලැබීම මට මෙන්ම ඔහුටද මහත් සතුටක්ම විය.
මේ මචං මගේ වයිෆ්...ඔහු මුලින්ම බිරිදට මා හදුන්වා දී පා ගමනින්ම නිවසට යන්නට විය. මමත් මචං ගාමිණී විලා එකේ මුලින්ම හිටියෙ. මෙයාව මෙහෙට එක්කගෙන ආවට පස්සෙ තමයි ඉතිං අපාර්ට්මන්ට් එකක් ගන්න හිතුවෙ. සිංගප්පූරුවේ මෙවැනි නවාතැනකට සෑහෙන මිළක් ගෙවිය යුතු වුවත් මේ දෙපලම මෘදුකාංග ඉංජිනේරුන් ලෙස වෘත්තියේ නිරතව සිටින හෙයින් එය ගැටලුවක් වී නැත.
වසර 12 කට පමණ පසු හමුවූ අපට කථා කරන්නට කොතෙක් දේ නම් තිබේද ? අප දෙදෙනා මුලින්ම හමුවූ තැන සිට කල දග වැඩ මෙන්ම රසවත් සිදුවීම් වලින් නිවසේ ආලින්දය පිරී යද්දී ඔහුගේ බිරින්දෑ නිහඩවම රාත්‍රී භෝජනය පිළියෙල කලාය. කාලය ගතවූ අයුරු අපට දැනුනේවත් නැත. කථා කරන්නට එතරම් දේ තිබේ. 10 වසරේ සිටියදී නුවන් පන්තියේ ප්‍රථමයා නොවුනත් මුල් ස්ථාන 10 අතර තුර ස්ථානයක් වාර විභාගයෙන් නිරතුරුව දිනාගත් චරිතයකි. පොතටම ඇළී උන් චරිතයක් නොවූ නිසාම ඒකා තුල වූයේ තරමක දාංගලයකි. මෙවැනි දැගලිල්ලක් අතර තුර පන්තියේ ඇතුල්වීමේ දොරටුව හරහා ක්ෂණිකව පෙනී සිටියේ එකල අපට විද්‍යාව ඉගැන්වූ සුගතපාල ගුරුතුමාය. ඉතා විශිෂ්ඨ ගුරු පියෙකු වූ එතුමා තරහා ගියොත් නම් මෙල්ල කිරීම උගහටය. ඔහු එක්වරම නුවන් වෙත එළඹ මේ සැරේ පන්තියේ කී වෙනියාදැයි විමසීය. නුවන් එයට පිළිතුරු දුන්නේ 5 වෙනියා ලෙස බැව් මගේ මතකයේ තිබෙයි. එකෙනෙහිම උගේ කන්කෙටියෙන් අල්ලාගත් සුගතපාල සර් උඹ දගලනවා මදිවට බොරු කියන්නත් එනවා නේද...උඹ වගේ දගලන එකෙක් කොහොමද යකෝ 5 වෙනියා වෙන්නේ යි කෝපයෙන් හඩ තැලූ අතීතය අපි නැවතත් සිනාහඩ අතරින් මෙනෙහි කලෙමු. එන්න කෑම කාලා ඉන්න... නුවන්ගේ බිරිද ඒ සිනහවට විරාමයක් තැබූයේ කුස්සියේ කටයුතු අහවර වී ආහාර මේසය සූදානම් කිරීමෙන්ද අනතුරුවය.
අනේ රසද දන්නෙ නෑ...මම පළවෙනි වතාවට තමයි මේවා හැදුවෙ...ඇය කෑම මේසය මත වූ පැස්ටා බදුන දක්වමින් පැවසුවාය. ඒ කෙටි කාලය තුල ඇය තනිවම තවත් ආහාර වර්ග කීපයක්ම සකසා තිබුනි. තිදෙනාම ආහාර බෙදාගෙන අනුභවය ඇරඹුනු පසු ඇය නැවතත් පෙර ප්‍රශ්නයම නැගුවාය.
කෑම හොදද ? ඔව් වරදක් නෑ රසයි, මගේ පිළිතුර හමුවේ ඇගේ මුවේ මන්දස්මිතියක් නැගුනි. හමු වී තවමත් වැඩි වේලාවක් ගත නොවුනත් ඇයද මා සමග සෑහෙන හිතවත් කමක් ඇතිකරගෙන ඇති සෙයකි.
පළමු වටය අවසානයේ අනේ තව බෙදා ගන්න...ඇගෙන් බේරුමක් නැත...මගේ තඩි බඩ ගෙඩිය දක්වා රාත්‍රියට අඩුවෙන් කෑම කන බව දැක්වුවද ගැලවීමක් නැති තැන බඩ පැත්තක දමා නැවතත් බුදින්නට මට සිදු විය. ආහාර වේල අවසානයේ පිරිනැමුනු හිමකිරම බදුනකින්ද සන්තර්පණය වූ පසු ඇය කීවේ මේ දින වල කාර්යාලයේ වැඩ අඩු නිසා දවස පුරාම සිංහල බ්ලොග් කියවන බවකි. මා එවිට සිරාගේ කාමරය පිළිබද විමසූ විට ඇගේ පිළිතුර වුයේ එය දැක ඇති මුත් කිසිදා කියවා නැති බවය. එය ලියන්නේ මා බැව් කී විට ඇය කීවේ ඊළග වතාවේ නිසැකවම කියවන්නම් කියාය.
මිත්‍රත්වයේ උණුසුමින් නැහුවුනු දෙහෝරාවකට පමණ පසු මම ඔවුන් දෙපලගෙන් සමුගැනීමට සැරසුනෙමි. ඒ අවස්ථාවේ මතක සටහනක් ලෙස අප තිදෙනාගේ ඡායාරූපයක් ගැනීමට අවැසි වූ නිසාවෙන් ඔවුන්ගේම නිවසේ කාමරයක් කුලී පදනම මත ලබාගෙන සිටින කොරියානු යුවතියක අපට පිළිසරණ වූවාය.
මම ඔවුන්ටද ඔවුන් මටද සුභ පැතීමෙන් අනතුරුව යලිදු මා දුම්රිය ස්ථානය දක්වා ඇරලවීමට දෙපලම එක්වූහ. ස්වයංක්‍රීය පඩිපෙළින් මා පහළට යද්දී මට සමුදෙමින් දෙදෙනාගේම සෙළවෙන අත් මම යන්තමින් දුටිමි.
මට නොයෙක් වර විවිධ උපකාර කල ජෙරමි හමුවීමට ඊට පසුදින යොදාගතිමි. සිංගප්පූරුවට පැමිණි පළමු දිනයෙන් පසු නැවත මා ඔහු මුණගැසෙන්නේ අදයි. අප දෙදෙනා සිටින්නේ රටේ දෙකෙළවරක විම එයට හේතුවයි. දම්පැහැති දුම්රිය මගෙන් රතු පැහැති දුම්රිය මගට මාරු වී Lake side දුම්රිය පල දක්වා ගමන්ගත් පසු ඔහුගේ රියෙන් මා රැගෙන යාමට ඔහු එකවී සිටියේය. දුම්රිය පලෙන් බැස බෑගයේ තිබූ ජංගම දුරබණුව රැගෙන බලන විට ජෙරමිගෙන් ඇමතුම් කීපයකි. මම සැනෙන් ඇමතුමක් ගත්තෙමි.
අනේ බං ෆෝන් තියෙන්නෙ කථා කරන්න, කොහෙ මගුලකද ඕක තිබ්බෙ....මම ස්ටේෂන් එක කිට්ටුව හිටිය නිසා උඹ කොහෙද බලන්න කථා කලේ....දැන් ට්‍රැෆික් එකේ මම ආපහු එනකං බලාගෙන හිටහං පැය භාගයක් විතර...කාපන් පරිප්පුව.... ඔහු කෝචොක් සිනහවක්ද සමගින් ඇමතුම විසන්ධි කලේය.
දුම්රියෙන් බසින විටම ඇදහැලෙන්නට වූ මහ වරුසාව තුරල් වන පාටක් නැත. රැකියා නිමවී නිවසට යන ජනතාව බස් රථ මගින් හා කුලී රථ මගින් ක්‍රමයෙන් වියැකී යයි. සුන්දර සිංගප්පූරු යුවතියන් දෙස ඇහේ පොට යනතුරු බලා සිටි මාගේ දෙකකුල් රිදෙන අවස්ථාව වන විට යන්තමින් ජෙරමි පැමිණියේය. ඒ වන විට පැය භාගයකටත් වඩා ඉක්මවා ගොස් තිබිණි.
ලංකාවේදී මා සේවය කල දැන්වීම් ප්‍රචාරණ ආතනයක මගේ අංශයේ කළමනාකරු ලෙස සේවය කල ජෙරමි ඔහුට සර් කියා ඇමතූ පළමු දිනයේම එය ප්‍රතික්ෂේප කල අතර මා හට ඇමතුවේ ඔහුගේ මිතුරෙකු ලෙස මචං යන වදන වැඩිපුර භාවිතයෙනි. සිංගප්පූරුවේදී ඔහු රාජකාරී කරන්නේ දැන්වීම් ප්‍රචාරණයට පරිභාහිර ආයතනයකය.
විනාඩි 15 ක පමණ ගමනකින් පසු ඔහුගේ නවාතැනට ළගා වීමට අපට හැකි විය. මචං මේ තමයි මගේ කම්පැණිය මට දීලා තියෙන ගේ මෙහෙ මාත් එක්ක කම්පැණියෙ වැඩ කරන තව දෙන්නෙක් ඉන්නවා. සිංගප්පූරුවේදීද කළමණාකාර තනතුරක සිටින නිසා ඔහුට වාහනයක් සහ නවාතැනක් ලැබී තිබේ.
පළමු වටය අවසානයේ අනේ තව බෙදා ගන්න...ඇගෙන් බේරුමක් නැත...මගේ තඩි බඩ ගෙඩිය දක්වා රාත්‍රියට අඩුවෙන් කෑම කන බව දැක්වුවද ගැලවීමක් නැති තැන බඩ පැත්තක දමා නැවතත් බුදින්නට මට සිදු විය. ආහාර වේල අවසානයේ පිරිනැමුනු හිමකිරම බදුනකින්ද සන්තර්පණය වූ පසු ඇය කීවේ මේ දින වල කාර්යාලයේ වැඩ අඩු නිසා දවස පුරාම සිංහල බ්ලොග් කියවන බවකි. මා එවිට සිරාගේ කාමරය පිළිබද විමසූ විට ඇගේ පිළිතුර වුයේ එය දැක ඇති මුත් කිසිදා කියවා නැති බවය. එය ලියන්නේ මා බැව් කී විට ඇය කීවේ ඊළග වතාවේ නිසැකවම කියවන්නම් කියාය.
මිත්‍රත්වයේ උණුසුමින් නැහුවුනු දෙහෝරාවකට පමණ පසු මම ඔවුන් දෙපලගෙන් සමුගැනීමට සැරසුනෙමි. ඒ අවස්ථාවේ මතක සටහනක් ලෙස අප තිදෙනාගේ ඡායාරූපයක් ගැනීමට අවැසි වූ නිසාවෙන් ඔවුන්ගේම නිවසේ කාමරයක් කුලී පදනම මත ලබාගෙන සිටින කොරියානු යුවතියක අපට පිළිසරණ වූවාය.
මම ඔවුන්ටද ඔවුන් මටද සුභ පැතීමෙන් අනතුරුව යලිදු මා දුම්රිය ස්ථානය දක්වා ඇරලවීමට දෙපලම එක්වූහ. ස්වයංක්‍රීය පඩිපෙළින් මා පහළට යද්දී මට සමුදෙමින් දෙදෙනාගේම සෙළවෙන අත් මම යන්තමින් දුටිමි.
මට නොයෙක් වර විවිධ උපකාර කල ජෙරමි හමුවීමට ඊට පසුදින යොදාගතිමි. සිංගප්පූරුවට පැමිණි පළමු දිනයෙන් පසු නැවත මා ඔහු මුණගැසෙන්නේ අදයි. අප දෙදෙනා සිටින්නේ රටේ දෙකෙළවරක විම එයට හේතුවයි. දම්පැහැති දුම්රිය මගෙන් රතු පැහැති දුම්රිය මගට මාරු වී Lake side දුම්රිය පල දක්වා ගමන්ගත් පසු ඔහුගේ රියෙන් මා රැගෙන යාමට ඔහු එකවී සිටියේය. දුම්රිය පලෙන් බැස බෑගයේ තිබූ ජංගම දුරබණුව රැගෙන බලන විට ජෙරමිගෙන් ඇමතුම් කීපයකි. මම සැනෙන් ඇමතුමක් ගත්තෙමි.
Lake Side දුම්රිය ස්ථානය |
අනේ බං ෆෝන් තියෙන්නෙ කථා කරන්න, කොහෙ මගුලකද ඕක තිබ්බෙ....මම ස්ටේෂන් එක කිට්ටුව හිටිය නිසා උඹ කොහෙද බලන්න කථා කලේ....දැන් ට්‍රැෆික් එකේ මම ආපහු එනකං බලාගෙන හිටහං පැය භාගයක් විතර...කාපන් පරිප්පුව.... ඔහු කෝචොක් සිනහවක්ද සමගින් ඇමතුම විසන්ධි කලේය.
දුම්රියෙන් බසින විටම ඇදහැලෙන්නට වූ මහ වරුසාව තුරල් වන පාටක් නැත. රැකියා නිමවී නිවසට යන ජනතාව බස් රථ මගින් හා කුලී රථ මගින් ක්‍රමයෙන් වියැකී යයි. සුන්දර සිංගප්පූරු යුවතියන් දෙස ඇහේ පොට යනතුරු බලා සිටි මාගේ දෙකකුල් රිදෙන අවස්ථාව වන විට යන්තමින් ජෙරමි පැමිණියේය. ඒ වන විට පැය භාගයකටත් වඩා ඉක්මවා ගොස් තිබිණි.
ලංකාවේදී මා සේවය කල දැන්වීම් ප්‍රචාරණ ආතනයක මගේ අංශයේ කළමනාකරු ලෙස සේවය කල ජෙරමි ඔහුට සර් කියා ඇමතූ පළමු දිනයේම එය ප්‍රතික්ෂේප කල අතර මා හට ඇමතුවේ ඔහුගේ මිතුරෙකු ලෙස මචං යන වදන වැඩිපුර භාවිතයෙනි. සිංගප්පූරුවේදී ඔහු රාජකාරී කරන්නේ දැන්වීම් ප්‍රචාරණයට පරිභාහිර ආයතනයකය.
විනාඩි 15 ක පමණ ගමනකින් පසු ඔහුගේ නවාතැනට ළගා වීමට අපට හැකි විය. මචං මේ තමයි මගේ කම්පැණිය මට දීලා තියෙන ගේ මෙහෙ මාත් එක්ක කම්පැණියෙ වැඩ කරන තව දෙන්නෙක් ඉන්නවා. සිංගප්පූරුවේදීද කළමණාකාර තනතුරක සිටින නිසා ඔහුට වාහනයක් සහ නවාතැනක් ලැබී තිබේ.
ෆ්‍රිජ් එකෙන් කැමති දෙයක් අරන් බීපන්...ඔහුගේ සුන්දර නිවෙස ඔබ මොබ යමින් සිටින විට ලද ආරාධනයෙන් කුල්මත්ව මා තෝරා ගත්තේ ලංකාවේදී මේ ආකාරයෙන් පානය කරන්නට නැති පානයකි. එහි රසයට සමහරු අකමැති වුනත් කුළුදුලේ පානය කල නිසාදෝ මගේ අකමැත්තක් නොවුනි. තරමක පල් රසක් තිබුනද නරකම නැත. කුඩා කුරුම්බා කැබලිද බදුන තුල වෙයි. කරනවානම් වැඩ මෙව්වාය. අපේ රටේ ඇති තරම් තිබෙන කුරුම්බා ටින් කර අපනයනය කිරීමට අදහසක් පහළ නොවුනත් තායිලන්තයට නම් එය විදෙස් විනිමය ලබාදෙන නිපැයුමක් වී ඇත.
මගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබද සාකච්ඡා කිරීමෙන් අනතුරුව මගේ තීරණයට සිය කැමැත්ත පළකල ජෙරමි ඔහුගේ මිතුරෙකු වන සිංගප්පූරු ජාතික විශ්‍රාමික කමාන්ඩෝ උපදේශකයෙකු සමග රාත්‍රී භෝජනයකට මා රැගෙන ගියේය. රිචර්ඩ් නම් හෙතෙම ලංකාව ඇතුලු කලාපයේ රටවල් කීපයකම හමුදාවන් වෙත උපදේශකයෙකු ලෙස තම දැනුම ලබා දී ඇති බැව් මා සමග පැවසූවේය. මැලේසියාවට යාමට මා සූදානමින් සිටින බැව් සැළකල පසු රිචර්ඩ් මද සිනහවක් සමග මට කීවේ පරිස්සම් වෙන්න. මැලේසියාව සිංගප්පූරුවට වඩා සෑහෙන්න වෙනස්, එහෙ රෑට පාරෙ යන එක තරමක් අවධානම්, හරියට හොරු ඉන්නවා යනුවෙනි.
රාත්‍රී භෝජනය අවසානයේ මා ගාමිණී විලාවට ඇරළවීම පිණිස මේ දෙදෙනාම පැමිණි අතර ගාමිණී අයියා සමග කෙටි පිළිසදරකින් පසු ඔව්හු මට සුභපතා යලිත් දවසක හමුවන පැතුමෙන් නික්ම ගියහ.
ප.ලි
නුවන් යනු ආරූඩ නාමයකි.
මා හට මිත්‍රත්වයේ උණුසුම සමග රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විදීමට ආරාධනා කල මගේ මිතුරා සහ ඔහුගේ බිරිද ආදරයෙන් මතක් කරමි
රාත්‍රී භෝජනය අවසානයේ මා ගාමිණී විලාවට ඇරළවීම පිණිස මේ දෙදෙනාම පැමිණි අතර ගාමිණී අයියා සමග කෙටි පිළිසදරකින් පසු ඔව්හු මට සුභපතා යලිත් දවසක හමුවන පැතුමෙන් නික්ම ගියහ.
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..
ප.ලි
නුවන් යනු ආරූඩ නාමයකි.
මා හට මිත්‍රත්වයේ උණුසුම සමග රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විදීමට ආරාධනා කල මගේ මිතුරා සහ ඔහුගේ බිරිද ආදරයෙන් මතක් කරමි
එහෙනං ටිංකරපු කුරුම්බත් බිව්වා ... හෙක් හෙක්
ReplyDeleteමක්ක කියනවද අයියා...පල් රහක් වගේ දැනුනට ඇගට ගුණ ඇති මගෙ හිතේ....
Deleteහික්..හික්.. මදෑ මම 1 වෙන්න ආව..
ReplyDeleteඉතිං බොල දෙක උනාම මදිද ?
Deleteඅතරින් පතර වෙන මොනවාහරිත් ලියහං
ReplyDeleteඅතරින් පතර වෙන ඒවා ලියන්න තියා...මේක ලියා ගත්තෙත් හරි අමාරුවෙන් ලොකු මාමෙ...
Deleteමම කියන්න ගිය දේ අටමා කියලා... මේ ඉතින් පිටරටක ඉන්න කොට තියෙන සාමාන්‍ය ජීවීතය. සමහර විට උඹගේ ප්‍රථම අවස්ථාව නිසා වෙන්න ඇති..
ReplyDeleteඑහෙම වෙන්න ඇති...මේ ලිපි පෙළ වැඩිය දීර්ඝ නෑ...ඒ නිසා ඉවරයක් කරලම ඉන්න කල්පනා කොලා...
Deleteමිත්තරයෝ හම්බ වෙන එක කොයි තරං දෙයක්ද ඔය වගේ තැන් වලදී..
ReplyDeleteමොනවා කියනවද....හිතට සෑහෙන සහනයක්...
Deleteහොඳ යාළුවෝ කොහේ හිටියත් එහෙම තමා සිරා...
ReplyDeleteකථාව ඇත්ත....
Deletehoda yaluwak unhama Hoda yaluwo labenawa.
ReplyDeleteJayawewa.
මේ දවස්වල ඔය කිව්ව කථාව ප්‍රායෝගිකව අත්දකිනවා...
Deleteදැන් ඇත්තටම උඹ ඉන්නේ කොහෙද සිරා?
ReplyDeleteදැන් ඉන්නෙ මැලේසියාවෙ අගනුවර...ක්වාලාලම්පූර් නුවර..
Deleteසිරාට ඉන්නෙ නියම යාලුවො ටිකක් වගේ.
ReplyDeleteනියම යාලුවො වගේ හිටපු එහෙම නොවන උන් ටිකක් මේ ලගදි අදුනගෙන පන්නලා දැම්මා..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමගෙත් මගෙත්, මේ බ්ලොග් එක මගේ. මේකටත් එන්න හොඳේ.
Deleteඅනේ නුවන්ගේ නෝනා මේක දැක්කොත් මගේ මෙන්න මේ බ්ලොග් එකටත් එන්න..මේක කරන්නේ මම..
Deleteමගේ බ්ලොග් එක එන්නම ඕනේ හොඳද ...?
( හදිස්සියට ලින්ක් එක වැරදිලානේ )
උඹල දෙන්නට කොන්ඩ පටියක් පේන්න බැහැනෙ.
Deleteඉදපල්ලකෝ මේ මම වගේ.
ඔය දෙකම නුවන් කියවනවලු.
Deleteකෙංජි ගැන ඇනෝවෙක් නිතරම පස්සෙන් පන්න පන්න කියන කතාව ඇත්තද එහෙනං? වල් පඳුර අයියෝ, බයේ බෑ මෙයා.
Deleteකවුද බොල මේක අස්සෙ පදුරු තලන්නෙ ?
Deleteසිරා මල්ලි ලඟදීම අපිට ටින් කළ කුරුම්බා තැබිලි ලැබෙයි.
ReplyDeleteතොරතුරු නම් විශිෂ්ඨයි. අර මැලේසියා වීසා ගන්න එක ගැන ලියන්න. මමත් ඔය වැඩේ කර තිබෙනවා. ඒක අපේ මිතුරන්ට උදව්වක් වෙයි.
අනිවාර්යෙන්ම ලැබෙයි...බීලා බලලා කොහොමද කියන්නකො එහෙනං...
Deleteවීසා නැතුව යන්නපුලුවන් රටවල් දෙකයි තියෙන්නේ කිව්වා? අනික මොකක්ද?
ReplyDeleteවියට්නාම්...ගිහිල්ල වරෙන් චේන්ජ් එකකටත් එක්ක
Deleteවියට්නාමෙට විසා ගන්න ඕනා
Deleteමාලදිවයිනට විසා ඕනේ නැහැ නේ.
Deleteහැලප,ඇයි අර කවිකාරි තුමිය මාර කට්ටක් කෑවෙ වියට්නාම් VISA ගන්න.ගියා ගියාමයි එතුමිය ගැන විස්තරයක් නැහැනෙ.
Deleteලගදීම උගන්ඩා,ස්වාසි,සිම්බාබේ,සෝමාලි ඇතුළු ඔය වගේ "හොද"රටවල් බර ගානකට on arrival VISA ලැබෙනවාලු.
අපේ කොල්ලන්ට මල්ලත් කරේ වල්ලත් බරේ එල්ලගෙන එන්න පුළුවන්.
අනික හෙන්රි සෑර් ඉන්න රට කියලා තමා ආරංචිය...
Deleteඇත්තටම මැලේසියාවේ ඉන්නේ පල් හොරු. මගේ පොකට් එකටත් ගැහුවා. යූටියුබ් එකේ වීඩියෝ තියෙනවා උන් ගෑණුන්ගේ බෑග් උදුරා ගන්න විදිය. මගේ මැලේසියන් මිත්‍රයෙක් කිව්වේ විදේශිකයන් ගැවසෙන ප්‍රදේශ වල (සෙන්ට්‍රල්) ඔවුන් යන්නේ නැති බව.
ReplyDeleteහරි පරිස්සමට ජීවත් වෙන්න ඕනෙ රටක්....විශේෂයෙන් මාර්ගයේ ගමන් කරද්දි හොද අවධානයෙන් ඉන්න ඕනෙ....වාහන ගැන වගේම හොරු ගැනත්...
Deletemachan singapore hodaii da?? man studys walata yanna enee ban
ReplyDeleteසිංගප්පූරුව හොදයි...වියදම සැරයි....වියදම දරාගන්න පුලුවන් නම් භය නැතුව යන්න...ශිෂ්‍ය වීසා ඔබ සතු නම් නීත්‍යානුකූලව යම් පැය ගණනක් සේවය කර මුදලක් උපයන්නත් පුලුවන්...
Deleteඅනිත් රට ඉතින් ගිහින් අර මොකද්‍දත් විකුනලා කන්න බොන්න වෙන රටක්, මාලදිවයින.. ඉස්‍සර අපිට හොංකොං වලටත් on arrival වීසා ලැබුනා. ඇයි UK(උස්‍වැටකෙයියාව නෙවේ).. 90 ගනන් වල.. ඔය මැලේසියා සෙල්‍ලම බරටම යනවා දැන්.. ගොඩක් කම්‍කරු රැකියා, පිරිසිඳු කිරිමේ රැකියාවලට මැලේසියා පනින්නේ සිංගප්‍පූරුව හරහා.. වෙන එකක් ඕනේ නෑ, ගුවන් තොටුපලේදිත් අතේ සල්‍ලි ගෙනියනවද බලනවා, $500ට වැඩිය තියේන්න ඕනේ සිංගා ආගමන විගමන එකේ හැටියට මයෙ හිතේ...
ReplyDeleteකථාව සහතික ඇත්ත....මිනිස් ජාවාරාම සැරටම සිදුවෙන රටක් තමයි මැලේසියාව...
Deleteසිරා ගේ පෝස්ටු කියවනකොට හිත නිකංම සැහැල්ලු වෙනවා. යන තැනක ජය වේවා!
ReplyDeleteවීදුරුවෙ තිබුනු ඒවා කටට හලාගෙන නේද කමෙන්ටුව කෙටුවෙ...
Deleteකුරුම්බා ටින්....... :D
ReplyDeleteඇයි නාකද ?
Deleteනියම ලයිෆ් එකනේ සිරා අයියේ.
ReplyDeleteසිංගප්පූරුව අල්ලලා ගිහින් වගේ.. :)
සිංගප්පූරුව අතඇරලා දැන් මැලේසියාවට ඇවිත් ඉන්නෙ...
Deleteඔබගේ බ්ලොග් මම අසාවෙන් කියවන රසිකයෙක් . පසුගිය දිනවල ඔබගේ බ්ලොග් වල අඩුව හරියට දැ නුන.මමත් බණ්ඩාරනායකයෙ ආදී ශිෂ්‍යාවක්. ඉස්කෝලේ විස්තර දකිනකොට හරිම සතුටක් ඇතිවෙනවා ,නැවත ඉස්කෝලේ ගිය වගේ හැඟීමක් ඇතිවෙනවා . තව ලියන්න කරුණු ලැබේව කියල සුබ පතනවා
ReplyDeleteබොහොම ස්තූතියි අක්කෙ...හරිම සතුටක්...හැකි තරම් පාසල් සම්බන්ධ දේ ඉදිරියේදී ලියන්නම්...
Deleteපෙ 'කිං කොකනට්' ටින් කරලා පිටරට යවන්න ක්‍රමයක් හදාගත්තොත් කොහොමට හිටීද?
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
නැගලම යයි එහෙනං...
Deleteකුරුම්බා වතුර ටින් කරල රටපටවන්නම ඕන නෑ..ලංකාවෙම විකුනතෑකි ඕන තරම්..!පාරක යනකොට නවත්තල තැඹිලි බොන අය කොච්චර ඉන්නවද..!
ReplyDeleteඋඹ හරි වාසනාවන්තයෙක් ...මිත්‍ර සමාගම් වල වටිනාකම් දැනෙන්නෙ ඔය වෙලාවට තමා.
මොකෝ බං..ලෙඩක් දුකක්වත්ද..?
Deleteලෙඩක් දුකක් නෙමෙයි වීයා...අවිවේකය සහ හිතේ සහනය මද කම...
Deleteටින් කරලා පිටරට යවන්න තියා ගෙඩිය පිටින් බොන්න ගියත් රුපියල් තිහක් තිස්පහක් ඉල්ලනවා~
ReplyDeleteගහට නැගලා එපායැ ගොයියො වල්ල කපන්න...
Deleteඔහොම යන්
ReplyDeleteකමක් නැද්ද ?
Deleteමා මේ සංචාරක සටහන් ඉතා කැමැත්තෙන් කියවනවා.
ReplyDeleteSingapore වලින් තරමක් traffic තියෙනවා මගේ බ්ලොග් එකටත්.
බොහොම ස්තූතියි කකා...
Deleteසිරාට හොඳ යාලුවෝනේ ඉන්නේ.
ReplyDeleteරට, රට වල සංචාරය කරලා ලබාගන්නා අත්දැකීම් අනෙක් අයට ඉදිරිපත් කිරීම හරිම වැදගත්. ඒ අයව දැනුවත් වෙන නිසා. හැබැයි ඉතින් සමහර කතා ඇහුවාම ඒ පැතිවල යන්ට එපාවෙන තරම් බය හිතෙනවා.:)
මම පුංචි කාලෙ ඉදන්ම විවිධ රටවල් වල සංචාරය කරන්න හරිම ආශාවෙන් හිටිය චරිතයක්...ඒ ආශාව තවත් අයට ඇති කියලා හිතන නිසයි මේ වගේ චාරිකා සටහන් පෙළක් ලිව්වෙ....
Deleteමැලේසියාවෙ සමහර පැති තියෙනව මහ දවල් බයික් වලින් ඇවිල්ල අතේ තියෙන දේ පැහැරගෙන යනව.
ReplyDeleteහැම නිවසකම මුළු ගෙදරම ප්‍රධාන දොර ඇතුළු දොර,ජනෙල් වලට ශක්තිමත් ග්‍රීල් දමල තියෙන්නෙ.
කොටින්ම අඩියෙන්,අඩියට CCTV කැමරා තිබුනත් අපාර්ට්/කොන්ඩෝ වල පවා එසේමයි.
සහතික ඇත්ත...
Deleteසිරා මලයා ජොබක් සෙට් වෙනකම් සෑහෙන කට්ටක් කාලා තියන හැඩයි. ඒ කට්ට කෙසේ වෙතත් දැන් ස්ථාවර තැනකට ඇවිත් ඉන්න නිසා සතුටුයි.
ReplyDeleteතාම ස්ථාවර වෙමින් පවතිනවා...කට්ටක් කෑවෙ නැත්නම් මේ තරම් හොදට මේ රට ගැන දැනගන්න ලැබෙන්නෙ නෑ.
Deleteසිරා, එතකොට උඹ මැලේසියාවට වීසා හදා ගත්තෙ කොහොමද ? මෙහෙන්ම හදන් ගියාද ?
ReplyDelete>> අනේ රසද දන්නෙ නෑ...මම පළවෙනි වතාවට තමයි මේවා හැදුවෙ... <<
ඕක අනිවාර්‍ය් ප්‍රශ්ණයක්නෙ. ඕකට දෙන්න ඕනා හොඳ මුරුංගා උත්තරයක්.. හැබැයි ඊට පස්සෙ ඒක ඔප්පු කරන්න ඔය කෑවා වගේ කන්නම වෙනවා.. නැත්නම් හිතනවා කෑම රහ නැති නිසා, හොඳ නැති නිසා තමා නොකන්නෙ කියලා. දවසක් අපේ ඔෆිස් එකේ එකෙක්ට ලංකාවෙ බත් එකක් කන්න ඕනා කිවා. මම ඉතින් මම බත් ගන්න තැනින්ම බත් දෙකක් ඕඩර් කරලා ඔන්න දෙන්නම කනවා. මූ මේක බුල්ඩෝසරයකින් අනනව වගේ ඔක්කොම හොදි ටික කලවම් කරලා චිරි චිරි ගාලා දෙපැත්තෙන් පනින්න මිරිකුවා. මම ඇහුවා ඔය මොකද කරන්නෙ, අපිනම් මුල් පුරුක් දෙකෙන් උඩට ඉඳුල් වදින්න කන්නෑ කියලා. මූ කියපි, උන් කොහෙට හරි එහෙම ගිහින් කෑවොත් කෑම දීපු එකා හිතන්නෙ කෑමට කැමති නෑ, රහ නෑ කියලලු. ඒහෙම නොකෑවොත් ඒක ලොකු අපහාසයක් කළා වගේලු සලකන්නෙ.
මම හිතන් හිටියෙ මැලේසියාවත් සිංගප්පූරුව වගේ කියලා. බලනකොට හොර ගුහාවක්ලු නේද ? එහෙ විස්තරත් කියහන්කො බලන්න..
ලංකාවෙන් යනකොටම වීසා අරගෙන ගියෙ....මැලේසියාවට වීසා ගන්නා කාර්යය දැන් ටිකක් අපහසුයි...විවිධ ලියවිලි රාශියක් ඉල්ලනවා...
Deleteසිංගප්පූරුවෙ තියෙන නීති රීති පද්ධතිය නිසා ඒ මිනිසුන් බොහොම සන්සුන් ස්වරූපයෙන් ඉන්නවා...මැලේසියාවෙ ඒකට අනිත් පැත්ත....
ඔහොම යන්
ReplyDeleteඑහෙමම තමා යන්නෙ...
Deleteමුලින්ම සුභ පතනවා ඔබට.සිරා යාමට බලාපොරොත්තු වන ඉලක්කය කරා යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවා කියලා.!!!
ReplyDeleteස්තූතියි...ගයානි...
Deleteඔන්න අද නම් මම ඇනෝ විදියට කමෙන්ට් කරන්නෙ... :)
ReplyDeleteමේ කමෙන්ට් වල කට්ටිය කියල තියෙන විදියට සිරාත් මට මුරුංගා උත්තරයක්ද දන්නෙ නෑ එදා දුන්නෙ කෑම ගැන... :D
කොහොම හරි කමක් නෑ... පහුවදා බඩේ අමාරුවක් හැදුනෙ නැත්නම් එච්චරයි... ;)
අනේ නෑ...බඩේ අමාරුවක් හැදුනා නම් මම දන්වා එවනවා හැරෙන තැපෑලෙන්...
Deleteසිරාගේ කතාව කියෙව්වාම මතක් වුනේ..,
ReplyDeleteපොල් වතුර නම් පැකට් කරලා දකුණු ඇමරිකාවට යවන ආයතනයක් ලංකාවේ තියනවා..විස්තර කතා කර කර ඉන්න වෙලාවක තැඹිලි යවන්න්නැත්තේ ඇයි කියලා ඇහුවාම කිව්වේ ඒ තරමට අස්වැන්න නැහැ කියලා...
පොල් වතුරත් පැක් කරාම ඒකේ නැවුම් බව නැතිව යනවා කියලා නම් අත්දැකීමෙන් දන්නවා..
කොහොමත් නැවුම් බව රැකගෙන කල්තබා ගන්න අපහසුයි...මෙහෙ තියෙන ටින් කල අන්නාසි පානයත් එහෙමයි...බොන්න හරිම අපහසුයි.
Deleteමම සිරා අයියගේ අලුත් ලේබල් එකට වහ වැටිලා ඉන්නේ
ReplyDeleteමක්ක කිව්වා...චාරුලතා පැනලා ගියා...
Deleteඇත්තටම සිංගප්පුරුවෙන් මැලේසියාවට සංචාරය කරලා රටරටවල තොරතුරු දැනගන්න එක හොඳයි දැන් තවම සිංගප්පුරු රැකියාවක් සෙට් වෙලාද නැද්ද?
ReplyDeleteදැන් මැලේසියාවෙ රැකියාවක් කරනවා...
Deleteසිරා ට පරණ යාළු මිත්‍රයො ඉන්න නිසා සිංගප්පූරුව ගෙදර වගෙ වෙලා නෙ.. :)
ReplyDeleteහොද යාලුවො ඉන්නවා නම් එතැන වෙනසක් දැනෙන්නෙ නෑ....එය කා හටත් පොදු දහමක්...
Deleteසිරා අයියට කොහේ ගියත් හොද මිනිස්සු ආස්සරය කරන්න ලැබෙනවා... ඒකත් වාසනාවක්නේ..
ReplyDeleteමමත් ඉතිං අවංකව අනිත් අයට උදව් කරන කෙනෙක් නොවැ....
Delete