Monday, June 10, 2013

137 කාමරේ ජාතකේ

ඉතිං ආයුබෝවන්ඩ කාලය අස්පවේගෙන් ගතවෙලා ගිහිල්ලා කොලුවා 1 වසරටත් ආවා. බොලා දන්න විදියට 1 වසරට එන්න එහෙම ලේසියෙන් පහසුවෙන් බෑ. මොට්ටසෝරි ගිහිල්ලා..හොටු පෙරාගෙන අඩලා...පාට් එක දාන කොල්ලන්ට අතින් බැරි නම් පැන්සලෙන් හරි ගහලා, අකුලු ලියන්න බෑ, අකුලු කැතයි  කියලා අම්මගෙන් වගේම ටීචෑර්ගෙනුත් බැනුම් අහලා තමයි 1 වසරට කොලුවෙක් එන්නෙ.

මේ කියන කොලුවා තමයි සත්ගුණවත් සිරා කොලුවා වන මම...බෝ පැලයක් වගේ අහිංසක කමට ඉන්න...ඉදලා හිටලා පොඩි ෂොට් එකක් දාගත්තට ඇල්වතුරත් නිවලා බොන...සිරා ඉතිං තමන්ගෙ පාඩුවෙ වැඩක් කොරන්න තමයි වැඩි මනාපෙ. පුංචි සන්දියෙ ඉදන්ම ගුරුවරුන් මගේ ලිවීමේ හැකියාව ගැන කථා කරලා තිබුන නිසා ඒ පිළිබද යම් විශ්වාසයක් සිරා කොලුවට තිබුනා. පුංචි පන්ති වලදි මම ලියන රචනාවට ඒ අය ලබා දුන්නු ලකුණු ගණනත් වැඩියි.

ඉස්සර ඉතිං පැන්සල් කොටේ උල් කරගෙන ඔලුව පාත් කරලා හිතේ මැවෙන දේවල් පොතක පතක ලිව්වට, මේ අබුද්දස්ස කාලෙ බොග් කියලා කොම්පීතරේට මුවාවෙලා පැන්සල වෙනුවට බටන් ඔබලා ලියන කලාවකුත් ආව නොවැ...මේ කියන බ්ලොග් ගැන කොලුවට ආරංචි උනේ සෑහෙන දොහක් ගිහිල්ලා...ආරංචිය එද්දි මං උන්නෙ බ්ලොග් මොට්ටසෝරියෙ....ඒ කාලෙ ඉතිං ඔය දුමී , දුකා වගේ ලොකු අයියලගෙ වැඩ කිඩ බලාගෙන තමයි සිරා උන්නෙ. මක්ක උනත් මේ වගේ බොගක් ලියන්න මටත් හිතුනත්...කොරන ක්‍රො‍මේ නොදන්න හින්දා ඉවසාන ඉන්න උනා. මෙන්න මේ අතර තමයි අඩා සදරුවා කියලා එකෙක් මේ තෝරු මෝරු අස්සෙ රිංගලා කොනක ඉදන් නෙලන්න ගත්තෙ...උගෙ ප්‍රේම කථාව නිසා බොග් ඉසව්ව සසල කරලා ගමන් ආරම්භ කරපු සදරුවා අන්තිමට අන්තිමට තමන්ගෙම කියලා අනන්‍යතාවක්ද මොකක්ද කියන එක හදාගෙන බ්ලොග් කලාව තුල යෝධයෙක් වුනේ වැඩි වැඩියෙන් සැට් එක බොග් කියවන්න හුරු කරලා වගේම අහක හිටිය අපි වගේ උන්ටත් බොග් ලියන්න දොළදුක බෙදලා දීලා.

ඒ නිසා මම ඉතාමත් අවංකයෙන් හෙවත් බොක්කෙන් කියන්නෙ බොගක් ලියන්න ඕනෙමයි කියන හැගීම මගේ හිතට දුන්නෙ හිස් අහසෙ සදරුවා...මේකා මුලිච්චි වෙච්ච වෙලාවෙත් මම මේ කථාව මේ විදියටම උගෙ මූණට දමලා ඇරියා...1 වසරට ආපු අද වගේ විශේෂ දවසක  දුකා/දුමී එක්ක සදරු කොලුවාවත් ආදරයෙන් මතක් කොරනවා.

අම්පාරේදී සදරු මුලිච්චි වූ අවස්ථාව (වම්පස)....මැද්දෙන් ඉන්නෙ ලියන්නා හෙවත් වෙනී අයියා




දැන් ඉතිං ඔක්කොම හරී කියමුකො...ඒත් කොහොමද බොගක් අටවගන්නෙ...මට පුලුවන් විදියට ඒ කාරිය කොරගත්තත් තවත් නොදන්න දේවල් වගේම අඩුපාඩුත් බොගේ පිරිලා ඉතිරිලා. මෙන්න මේ වෙලාවෙ මගේ එවකට රාජකාරි ස්ථානයේ හිටිය සගයෙක් වෙච්ච ජංගම ග්‍රැෆික් දොස්තර මට සෑහෙන සහයක් දුන්නා. ඒකා නොඉන්න පැත්තක් ඇල වෙච්ච දරමැස්සක් වගේ එකක් තමයි මට අටවගන්න වෙන්නෙ. ඒ හින්දා 1 වසරට පා තබපු දා ජංගම ග්‍රැෆික් දොස්තරවත් ඉතාමත්ම ආදරයෙන් මතක් කරන්ට ඕනි.

දැන් ඉතිං සියල්ල හරි කියලා කියමුකො...ඒත් කෝ බොගට නමක්...බොගක් නැගලා යන්න නම්  දාන නමත් කියවන්න එන උන්ට කික් වෙන එකක් වෙන්ට ඕනෙ කියලා මගේ අක්මාවට ඒ වෙද්දිත් දැනිලා තිබුනෙ. අන්තිමට මට උදව් වුනේ නිහාල් නෙල්සන් මහත්තයා... ඒ කිව්වෙ එයාද නම දැම්මෙ... නෑ බොලං..එයාගෙ මෙන්න මේ සින්දුව තමයි මට ඒකට උපකාර වුනේ.....

සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ
අහපන් රියල් කථා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //

පච්ච සිරාලා එතකොට කොච්චි එලාලා
ගුස්පි රොබාලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විදලා මචා වෙලා පීචං වීලා
කැපිලා යන්නෙ සක්විති සුව මෙහෙන් වළදලා
නළුමන්ලා නිලිමන්ලා කැමරා කටාලා
අලිවංශෙන් වැඩ පෙන්වන සුපර් මෑන්ලා
බර පොරවල් ෆොරින්ස් කකුල් එකට වැටීලා
Two Thousand Three Thousand යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ //

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
ෆේස් ටු ෆේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නම් කොත කුරුස වලට මගෙ ලග ඉඩ නැත
ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මම නැත බොරු ගොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත

සොමියට වරෙන් පුතා අගුලු දාලා නෑ දොරේ.......

මේ ගීතය නිහාල් නෙල්සන් මහත්මයගෙ ගීත ගොන්නෙ ඉතාම ජනප්‍රිය ගීතයක්...ජාලෙ පරීක්ෂා කරලා බැලුවම ඒ ගැන ලියපු ලියවිලිත් සෑහෙන්න තියෙනවා...මෙතැනින් ගියොත් ගීතය අහන්න දකින්න පුලුවන්

මෙතැනින් ගියොත් ගීයෙ පද සංකල්පනාව ගැන විචාරයක් කියවන්න පුලුවන් බොලව්... මේ ලස්සන ගීතය ලියලා තියෙන්නෙ නැසීගිය හේමසිරි හල්පිට මහතා.

සිරා කොලුවා මේ ගීතයෙන් කාමරයට නමක් යෙදුවෙ...මගේ කාමරේ උස් මිටිකම්, පොහොසත් දුප්පත් භේදයකින් තොරව කියවන්න එන බොලා හැමටම විවෘත බව නොකියා කියන්න.

සින්දුවෙන් පස්සෙ බොගේ නම සිරාගෙ කාමරේ වුනා. හැමදේම සපුරාගෙන පළවෙනි පෝස්ට් එක ලියලා නමෝ විත්තියෙන් දොර ඇරපු සිරාගෙ කාමරේ ඉතිරිවෙලා තිබුනු තවත් ගැටළු කාමරේට ආපු සහෝදර බ්ලොග් කරුවන් විසදලා දුන්නා.  ඒ අයවත් අද වගේ විශේෂ දවසක මම බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම පස්සෙ කාලෙක මගේ ඉල්ලීමට සිරා කොලුවව සිතුවම් කරලා බොගේ උඩින් එල්ලගන්න අවස්ථාව සලසා දුන්නෙ අපේ ඉංග්‍රීසි සර් / මගේ ව්‍යාපාරික සහකරු හෙන්රි මහතා හෙවත් නව නිර්මාණ වලට කවදත් හිතැති හෙන්රි බ්ලොග්වෝකර්. එතුමාවත් මේ අවස්ථාවෙ ඉතාමත්ම ගෞරවයෙන් මතක් කරනවා. තව පොඩ්ඩෙන් මෙයාව අමතක වෙනවා...ඒ තමයි ඉතිහාසය පිළිබද සටහන් වලට කවදත් මට සහයෝගය දෙන පුරාවිද්‍යා උපාධිධාරී මගේ පැරණි පෙම්වතිය. (අලුත් කෙනෙක් තාම සැට් වී නැත) ඉදිරියේදි අලුත් ඉතිහාස කථා මාලාවකුත් ඇගේ පිහිටෙන් සිරාගෙ කාමරේට පැමිණෙන්න නියමිතයි. ඉතිං ඇයටත් මේ කරන උදව් වලට බොහොම ස්තුතියි කියන්න ඕනෙ.

බොග ලියන්න පටන් ගත්ත මුල්ම කාලෙ කමෙන්ටුවක් වැටෙනකං මම කොච්චර ආශාවෙන් බලාන හිටියද කියලා අදටත් මට හොදට මතකයි. ඒ ආශාව ගැන දැන හිටි නිසාමදෝ මගේ පළමු ලිපිය පළවෙලා දවසකට පස්සෙ පළමු කොමෙන්ටුව දඹදිව මහෞෂධ කියන නමින් ඇවිල්ලා කොටලා ගිහිල්ලා තිබ්බෙ මගේ කාර්යාල සගයා ජංගම ග්‍රැෆික් දොස්තර විසින්මයි. ඒ කියන්නෙ පළවෙනි දවසටම නෝ කමෙන්ට්.  මුල් කාලෙ කාමරේ දැන් ඉන්න අය පෙන්වන ගැජට් එකේ බොහෝ වෙලාවට පෙන්වූයෙ, කාමරේට තනි රැක්කෙ මම විතරයි. අද අලුත් පෝස්ටුවක් දාපු දවසක 20-30 එක් වරකට කාමරේට ආවත් මම මුල අමතක නැති පරණ සිරා කොලුවාමයි.

සිරාගෙ කාමරයේ පළමු කොමෙන්ටුව...
පිළිතුරු දෙනකොට මම දැනගෙන හිටියෙ නෑ මේ මගේ මිත්‍රයා ජංගම ග්‍රැෆික් දොස්තර  බව..


























සිරාගේ කාමරේ පළමු ලිපියේදී සහෝදර බ්ලොග් කරුවන් සහ
බ්ලොග් කියවීම පමණක් කරන DDT  මා දිරිගන්වා තිබූ ආකාරය

දෙවන පෝස්ටුවේදී සෙන්නා මට උදව්වක් කල ආකාරය
තවත් ටික කාලයක් ඉදිරියට යද්දි මා වටා පිරිසක් එකතු වුනා...බ්ලොග් ලියන පිරිසට අමතරව කියවන පිරිසකුත්...ඒ අය ඒ අයගෙ අදහස් විද්යුත් තැපැල් මාර්ගයෙන් එවද්දි දිගටම බ්ලොග් ලියන්න ධෛර්යය ශක්තිය මට එන්නත් වුනා. සිරා ඇයි මාසෙකට නිෂ්චිත අගයකින් පෝස්ට් ලියන්නෙ කියලත් සමහරු මගෙන් අහලා තියෙනවා. ඒකට හේතුව තමයි සිරාගෙ වාසනා අංකය 7 වීම. ඒ නිසාවෙන් මාසයකට ලියන ලිපි ප්‍රමාණය එපමණයි. වාසනා අංකය පිළිබද සාධකයටත් වඩා යම් සංවාදයක් ඇති කල යුතු සටහන් වලදි කියවන අයගෙ අදහස් ප්‍රකාශ කිරීමට යම් ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතු බව තමයි මගේ පුද්ගලික අදහස. එය මෙතෙක් කල් ආරක්ෂා කරගන්න මට හැකිවෙලා තියෙනවා. මගේ ලිපි මාලාව බැලුවාම හතේ හත වැදිලා තියෙන ආකාරය අපූරුවට පෙනේවි.


සිරාගේ කාමරයේ පාඨකයන් විද්යුත් තැපෑලෙන් එවන ලද අදහස් කීපයක්

බ්ලොග් කලාව නිසා හොද මිනිසුන් රාශියක් හදුනාගන්නට වගේම සත්ක්‍රියාවන් කීපයකටම දායක වෙන්නත්...තවත් අයට ඒ සදහා මග පෙන්වන්නත් මට හැකි වුනා...ඒ හේතුවෙන් මේ වගේ දෙයක් පටන් ගැනීමට ලැබීම පිළිබද මම ඉතාමත් තෘප්තිමත්. ඒ නිසාම කොලුවා 1 වසරට පා තබද්දි දැනෙන්න යමක් කර තියෙනවා කියන සතුට මට තියෙනවා.

මුල් කාලයේ විනෝදාස්වාදයට බර සරළ දේ වැඩිපුර ලිව්වත් පසුව එය යම් යම් බැරෑරුම් මාතෘකා පවා ආවරණය කලා. හිට්ස් හඹා යාමේ උමතුවක් නැති සිරාගෙ කාමරේ කිසිවිටෙකත් කුණු හබ්බ ලියලා නෑ. ඉදිරියට ලියන්න අදහසකුත් නෑ. 

එවැනි සාඩම්බර වර්තමානයක් සිරාගේ කාමරයට ලැබුනේ මෙහි නිතර යන එන, කියවන ඔබ සියල්ලන් නිසයි. ඒ හේතුවෙන් සිරාගේ කාමරේ පළමු උපන්දිනය සමරන මේ විශේෂ දිනයේ මගේ හෘදයාංගම ස්තූතිය ඔබ සියල්ලන්ටම හිමි වෙනවා. අපේ මේ බැදීම තවත් කල් පවතීවා !



අපිට ජය වේවා !




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

මුල් කාලයේ මා භාවිතා කල භාෂා ස්වරූපයෙන් මෙම ලිපිය ආරම්භ කර වර්තමාන ස්වරූපයෙන් අවසන් කරන්නට සිතුවෙමි.

සදරු තරම් කෙටි කලකින් බ්ලොග් අවකාශය තුල පෙරළියක් කල කිසිවෙකුත් නැත. ඔහුටම ග්‍රාම්‍ය වූ ශබ්ද කෝෂයකින් හැඩ වූ ඔහුගේ බ්ලොග් ලියවිලි වල මිහිර මම වෙනත් කිසිදු බ්ලොග් කරුවෙකුගෙන් විද නැත. ඔහු වර්තමානයේ බ්ලොග් කලාවේ නොයෙදීම කියවන අපේ අවාසනාවද ?

කෙතරම් මහන්සි වී බ්ලොග් කෙරුවාව කලත්  කියවන ඔබ නැතිනම්...ඔබේ අදහස් නැතිනම් මේ ව්‍යායාමය ඉතාමත් නීරස බැව් මම අත්දැකීමෙන් දනිමි.

සැමවිටම මා ඉදිරිපත් කරන තොරතුරු වල නිරවද්‍යතාව පිළිබද දැඩි සේ සැළකිලිමත් වන නිසාම බොහෝ විට පෝස්ටුවක් ලියූ පසු කීප වතාවක්ම එහි අන්තර්ගතය පිළිබද සැළකිලිමත් වන්නෙමි. ඒ පිළිබද හොද දැනුමක් ඇති අය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් විමසමි. මෑතක ලියු සිංගප්පූරු ලිපි මාලාවද එලෙස පලවූ ඒවාය.

හිට්ස් හඹා නොගියද පළමු හිට්ස් ලක්ෂය මාස 9 දී පමණ සපුරා ගන්න සිරාගෙ කාමරේට හැකි වුනා. 
(විදේශ ගමන නිසා මාස දෙකක් එක දිගට බොග ලිව්වේ නැත)

පසුව එකතු කලා........

බ්ලොග් අවෝඩ්ස් 2012 තරග සමයේ Buzz Radio සමග සිරා අදහස් දැක්වූ ආකාරය



Easter Eggs Hand Basket Kindergarten Early Learning Education Toys Kids Toys 



Easter bunny bag, about 20 cm high, about 7 cm in diameter, complete with material accessories, self-adhesive, easy to make The finished product can hold small toys, put on a bunny bag, full of Easter atmosphere











137 comments:

  1. එහෙනම් අවුරුද්දකුත් උනා! සුභ පැතුම් සිරා අයියේ!!!!

    ReplyDelete
  2. එක වසරට සුභ පැතුම් පුත්‍රයා...!!!
    ලියන ලියවිල්ලට මම හිතුවෙ හෙන කාලෙක ඉදන් ලියන පොරක් කියල.
    ඔබගේ ඉදිරි කටයුතු සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටාදාරයෙන් සාර්ථක වේවායි පතමි...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්ජි අයියෙ...

      Delete
  3. මගෙත් සුබ පැතුම්...:)

    //ඒ තමයි ඉතිහාසය පිළිබද සටහන් වලට කවදත් මට සහයෝගය දෙන පුරාවිද්‍යා උපාධිධාරී මගේ පැරණි පෙම්වතිය. (අලුත් කෙනෙක් තාම සැට් වී නැත) //

    ඒ අස්සේ ඇඩ් එකකුත් දාලා තියෙන්නේ...හී හී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි....ඇඩ් එකක් නොදා බෑනෙ දැන් සිරාගෙ කලවයසත් හරි....

      Delete
  4. මගෙනුත් සුබ පැතුම් මචං. උඹ පහුගිය ටිකේ නොලියා ඉන්නකොට මට හිතුණේ ඒකත් එච්චරයි කියලයි. ජයවේවා. දිවි ගමන සරු වේවා. වැඩි වැඩියෙන් ලියැවේවා. ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං...ලිවිල්ල දැන් නොලියා ඉන්න බෑලු...

      Delete
  5. අවුරුද්දට උඹ ඉන්න තැන හොඳටම ඇති.

    සුබ අනාගතයක්.....!!!

    ReplyDelete
    Replies
    1. චින්තනේ එකද?

      Delete
    2. බොහොම ස්තූතියි මහාචාර්ය මා තලන් තුමාටත්...කෙන්ජි අයියා අහනවා වගේ චින්තනේ එකද ?

      Delete
    3. ඔව්... ඇයි ඒක අප්ෂට්ද...? වෙන එකක් පේන තෙක් මානෙක නොමැති කල..

      සිරා මට එකක් අමතක උනා. උඹේ බ්ලොග් එක.. බ්ලොග් අතර සුපිරිම එකක් බව කියන්න. ඒකට සමාවෙයන්...

      Delete
    4. පේන තෙක් මානෙක නම් නෑ තමයි...මක්ක කොරන්නද... ස්තූතියි...සමාව ඉල්ලන්නෙ මක්කෙයි...

      Delete
  6. කෝ කේක්

    ReplyDelete
    Replies
    1. කේක් තාම හදන ගමන්...එතකං බෝතලයක් ගේන්නද ?

      Delete
  7. ජය වේවා උඹ ඉතිං හොද එකානේ.. හැක්..

    ReplyDelete
  8. ubagen dakpu hoda "gatigunayak kiyanda?"
    Comments walta Reply dana eka
    mata kiyana tiayana ewa type karana "Comment Box" madi kiyala uba danawana.
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. මම දන්නවා...සංජීව අයියා මම සයිබරයෙන් හොයා ගත්ත හොද හදවත් වලින් කෙනෙක් ඔබ...ඒ ගැන ඉතාමත් සතුටුයි.

      Delete
  9. අපිටත් ජය වේවා.. ඇයි බොල.. රෑ 12ට පෝස්ට් එකක් දැම්මම දුවගෙන ඇවිත් බලන එකට.. මේකා හැමදාම පෝස්ට් පබ්ලිෂ් කරන්නේ රෑ 12ට නේ... හි හි... ( මං මේකත් ඊයේ රෑ කියෙව්වා.. නිදිමත හින්දා කමෙන්ට් දැම්මේ නෑ... )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු... රාත්තිරී 12 ට මම මනාපයි...ඉදිරියටත් ඒ වෙලාවටම තමයි....

      Delete
  10. සුභපැතුම් මිත්‍රයා!

    ReplyDelete
  11. mama Blog kiyawana igana gata "Jayawewa" alagata "Sadaru" gen.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. සදරුගෙ ආභාෂය ලැබුනු කීප දෙනෙකුම ඉන්නවා...බ්ලොග් ලියන..

      Delete
  12. උණුසුම් උබ පැතුම් .... මටත් බොගක් ලියන්න හිතුනේ දුකාගේ බ්ලොග් එක කියවල තමයි.දුකාගේ එකෙන් මාරයාගේ බ්ලොග් එකත් ඒ විදියට අනිත් ඒවටත් ගියේ.උඹේ සිංග ලිපි පෙළ නම් බොහෝම වටිනවා සිරා.ඉදිරි ගමනට මගෙන් නැවතත් සුබ පැතුම් !!!!!!!!!!!!!!!

    ReplyDelete
  13. මං හිතන් හිටියෙ සිරා සිරාවටම අවුරුදු ගානක් ලියපු කෙනෙක් කියලයි.. අපිට අල්ලපු රටේනෙ ඉන්නෙත්.. සුබ පැතුම් ඉත සිතින්..

    ReplyDelete
    Replies
    1. සිරා මල්ලිය දැන් ඉන්නෙ මම හිතන්නෙ මැලේසියා Ipoh නගරයෙ කියල.

      Delete
    2. එහෙම දැනෙන්න ඇත්තෙ පළවෙනි අවුරුද්ද ඇතුලෙම සිරා වැඩිපුර බ්ලොග් සමාජයෙ පොදු වැඩ වලට දායක වෙච්ච නිසා වෙන්න ඇති...මම දැන් ඉන්න ඉසව්ව ගැන කෙන්ජි අයියා හරියටම කියලා තියෙනවා...

      Delete
  14. බොහොම සතුටුයි මල්ලි. ජයම පතනවා. කොහොම හරි බ්ලොග් ලෝකෙ එල්ලිලා ඉන්න. මම නැවත සුභ පතනවා තව දිගට බොහෝ කතා ලියවෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි සොදුරු මිනිසුන් හදුනාගැනීමට ලැබුනේ මේ බ්ලොග් කෙරුවාවෙන් නිසා මම බොහොම කැමතියි දිගටම මේ ලිවිල්ල ලියන්න...ස්තුතියි...

      Delete
  15. පළවෙනි වසරට සුබ පැතුම්. තව දිගුකල් ලියන්නට හැකියාව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න අයියෙ....නිතරම මේ පැත්තට ඇවිල්ලා ලියන මට තල්ලුවක් දෙනවට...

      Delete
  16. උපන්දිනයට උණුසුම් සුබපැතුම්....

    ReplyDelete
  17. සුබ පැතුම් සිරා,...අවුරුද්දක් ඇදගෙන ගියාට ඊට ත් වැඩි වගෙයි දැනෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඒ අපි නිතරම මුණ නොගැහුනත් සයිබරය තුල අදහස් හුවමාරු කරගන්න නිසා වෙන්න ඇති. සුමිත් අයියටත් මගේ ස්තූතිය...

      Delete
  18. උණුසුම් සුබපැතුම් සිරා !! උඹේ ගමන තව තවත් ශක්තිමත්ව ඉදිරියටම යාමට ධෛර්‍යය පතනවා !! අවුරුද්දකට උඹ කරපු දේවල්වල වටිනාකම කියලා නිම කරන්න බෑ.

    මටත් බ්ලොග් ලියන්න හිතුනෙ සඳරු නිසා කියලත් කියන්නම ඕනා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කෙරුවාව ආරම්භයේදිම සෙන්නා මට දුන්න උදව් අමතක නෑ...සෙන්නත් එහෙනං සදරුවා නිසා බ්ලොග් කලාවට ආපු තවත් කෙනෙක්... ජයම වෙන්න ඕනෙ..

      Delete
    2. මමත් එහෙමයි මචං..සඳරුගෙ ආටිකල් එකක් ලක්බිම පත්තරේ දැකල තමයි උනන්දුව ගැහෑව්වෙ.

      Delete
    3. ඇයි දැන් සදරු ලියන්නේ නැත්තේ ?????? මමත් බ්ලොග් කියවන්න පටන් ගත්තේ සඳරු නිසා ...බොල්ග් ලෝකයේ අනුන්ට උදව්කරන අය ගොඩක් ඉන්නවා නේද ??????
      ඇයි කව්රුවත් සදරුට උදව් කරන්නේ නැත්තේ????

      Delete
    4. සදරුට පුද්ගලිකව මම කථා කරලා කලින් ඔහු කලා වගේම පරිගණක ආයතනයක ඒ විෂය උගන්වන්න අවස්ථාවක් ලබාදෙන්න උත්සාහ කලා. නමුත් ඔහු ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් දැක්වූවෙ නෑ....සදරුට ඔහුගේ උපන් ගමෙන් පිටවෙලා රැකියාවක් සදහා අගනගරයට හෝ ඒ ආශ්‍රිත තැනකට එන්න අකමැති ගතියක් මම දැකලා තියෙනවා.

      Delete
  19. සුභම සුභ අනාගතයට මගෙනුත් සුභ පැතුම්....

    ReplyDelete
  20. අඩේ උඹ ලියන්න පටන් අරගෙන තාම අවුරුද්දයිද?

    මම හිතුවේ ඊට වඩා සෑහෙන කාලයක් ඒ කිව්වේ මාරයා කකා දුමී දුකාලා ලියන්න ගත්තු සංදියේ ඉඳන් ලියපු එකෙක් කියලා . .

    වර්ෂ පූර්ණයට සුභ පැතුම් සිරා . . .

    ReplyDelete
    Replies
    1. දුකා අයියට පොඩ්ඩක් නමින් පැටලෙන්න ඇති...මගේ පළවෙනි පෝස්ටුවට දාපු කමෙන්ටුවත් මම ඔය උඩින් දාලා තියෙන්නෙ...ඔබ වැනි පුරෝගාමී බ්ලොග් කරුවො පෙන්නපු පාරෙ තමයි මමත් ආවෙ.... ස්තූතියි...

      Delete
  21. උණුම උණු උණුසුම් සුබ පැතුම් සිරා, මටත් බ්ලොගක් පටන් ගන්න ගායක් ඇති වුනේ උඹෙයි සෑමගෙයි බ්ලොග් කියවද්දියි. මම බ්ලොග පටන්ගන්නකොටත් උඹල දෙන්නගෙ පෝස්ට් ඔක්කොම කියවලා ඉවරයි. හිත හොඳ, වචනෙටම සත් ගුණවත් සිරාට තව බොහොම දිග කාලයක් බ්ලොග් ලෝකයේ මෙහෙවර ඉටුකරන්න ලැබේවා කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද...උඹේ ප්‍රාර්ථනාව මට බොක්කටම දැනුනා බන්...ඒක තමයි සහෝදරත්වය...ජය !

      Delete
  22. තව තවත් ලියන්න දිරි ලැබෙන්න මගෙනුත් සුබ පැතුම් ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුභා...මේ පැත්තට කලින් ඇවිල්ලා නෑ නේද ?

      Delete
  23. අඩේ... චිරා... උඹට සිරා ලෙස චිරාත්කාලයක් ලියන්න හැකි වේවා!!! කොල්ලා.... :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නෙරංජි...උපරිම කාලයක් ලියන්න තමයි මේ වෑයම...

      Delete
  24. පළමු වසරට සුභ පැතුම් .... දිගින් ධිගටම ලියන්න ශක්තිය දහිරිය ලැබේවා.....

    ReplyDelete
  25. උඹ වගේ සංවේදී මිනිසෙක් හඳුනා ගන්න ලැබීම ගැන හැම දේටම වඩා මට සතුටක්. කෙනෙකුට උදව් කරන්න දිවා රෑ නොබලා වෙහෙසෙන උඹ වගේ එකෙකුට ඉස්සෙල්ලාම හරි යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෙවනුව අපි හඳුනා ගත්ත මේ බ්ලොග් කලාවට වසරක් පිරීමට මගේ උපරිම සතුට. මුල ඉඳලා වගේම පුද්ගලික සම්භාන්ධතාව ගොඩනැගුණු නිසා අවුරුද්දක් පහු වුණේ නා කියලා දැනගෙන හිටියා. ඒ වගේම සිරා කොලුවාගේ මුල අමතක නොවෙන ගුණයත් හරි වටිනවා. එහෙනම් තවත් බොහෝ අවුරුදු ගණනක් පසු කරන්න ලැබේවා කියලා හදවතින්ම පතනවා!!! උඩ ලැබිලා තියෙන හැම සහතිකයටම මමත් අත උස්සලා එකග වෙනවා. එහෙනම් ජීවිතේ ජය අරන් දුවගෙන වරෙන් මල්ලියේ...

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි සංවේදී කෙනෙකුගේ කරදරයකදී උදව් කරන්න වෙහෙසෙන සහෝදරයකු බදු චරිතයක් හදුනා ගන්නට ලැබීම මටත් සතුටක් සුදීක අයියෙ...ඒ නිසාම තමයි සිරා මේ බ්ලොග් කෙරුවාවට මෙච්චර කෑදර... බොහොම ස්තූතියි ඔබේ ප්‍රාර්ථනාවට...

      Delete
  26. උඹට ජයම වේවා මගේ පාට්නර්. එක එක බ්ලොග් එකට අයත් පෞරුෂත්වයක් තියෙනවා. ඒක තීරනය වෙන්නේ රචකයගේ පෞරුෂය අනුව. උමෛ බ්ලොගේ පෞරුෂය ගැන හුඳ දෙනෙකුට තියෙන්නේ යහපත් ආකල්පයක්.

    තව දුර ගමනකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නට තාම හමුවෙන්න බැරි උනා නේද...මම හමුවෙලා නැති බ්ලොග් කරුවන් අතරින් හමුවෙන්නට ආශාවෙන් ඉන්න ලිස්ට් එකේ උඩම ඉන්න කෙනෙක් ඔබ...කටහඩ විතරයිනෙ තාම අහලා තියෙන්නෙ...

      පැතුමට ස්තූතියි...බර අරන් දුර ගමන්...

      Delete
  27. නියමයි...සිරා ඉතින් අපේ ඉස්කෝලේ ගින්දර කොල්ලෙක් වීම ගැන ආඩම්බර වෙමින් අදුරගන්න ලැබීම ගැනත් සතුටු වෙනවලු!!!

    ඉදිරි අනාගතයට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජෝ...අර නගාගෙ වැඩ සටහන සමග ඉදිරියේදී නැවත සම්බන්ධ වෙමු. ජය !

      Delete
  28. "පුංචි සන්දියෙ ඉදන්ම ගුරුවරුන් මගේ ලිවීමේ හැකියාව ගැන කථා කරලා තිබුන නිසා ඒ පිළිබද යම් විශ්වාසයක් සිරා කොලුවට තිබුනා. පුංචි පන්ති වලදි මම ලියන රචනාවට ඒ අය ලබා දුන්නු ලකුණු ගණනත් වැඩියි."
    ඔය කතාව නම් චාමරත් මට කිව්වා මේ ළඟදි දවසක... :)

    එහෙනම් සිරාගෙ කාමරේට සුබ උපන්දිනයක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. එයා එහෙමත් කිව්වද...අපේ පන්තියට සිංහල ඉගැන්නුවෙ නන්දාවතී කියලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු මාතාවක්...ඇය පොතක් කියවන්න අතින් නිවැරදිව අල්ලා ගන්නා ආකාරයේ සිටම අපට කියා දුන්නා...මගේ අත්අකුරු වලට ඇය නිතරම කිව්වෙ ඒ තුල අමුතුව කලාවක් තියෙනවා කියලා...ඒ මගේ අකුරු කොටු හැඩයක් ගත් නිසා.වතාවක් නිසදැස් තරගයකදි අපේ පන්තිය නියෝජනය කරන්න එතුමිය මාව තෝරා පත් කලා. ඉස්සර මම නිසදැස් ලියන්න හරිම සූරයි සහ මනාපයි. දැන් නම් ඒවට කම්මැලියි.

      ප්‍රාර්ථනාවට ස්තූතියි...ඔය ජෝඩුවත් ලගදිම කාමරේට ගේනවා... ජය !

      Delete
  29. මුල අමතක නැති සිරාට සිරා හැපී වර්ෂ පුර්ණයක් වේවා...!!!!

    ReplyDelete
  30. මගෙත් සුභ පැතුම් අය්යේ ...අවුරුද්දක් පුරාවට මමත් ඔයාව කියවපු නිසා ඔයාගේ පළමු වසර සමරන එකට විතරක් නෙවෙයි ,ඔයා බ්ලොග් ලෝකයේ නිකම්ම නිකම් ලියන්නෙක් නොවේ ..ඔයා ලියපු ලිපි නිසා සමාජයට ලොකු යහපතක් උනා .එක අපි හැමෝම දැක්කා ...ඔබ වන් කෙනෙකු ඇත්තටම අගය කල යුතුයි . ඒ වෙනුවෙන් මගේ හද පිරි ආචාරය ඔබට හිස නමා පුද කරනවා . තව තවත් යහපත් දේ කරමින් බ්ලොග් ලොව දීර්ඝ ගමනක් යාමට හැකිවේවා කියා ප්‍රර්ථනා කරනවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි...ඔබ බොහොම හෘදයාංගමව මේ කමෙන්ටුව අකුරු කර තිබෙන බව මට හොදට දැනෙනවා...අපිට පුලුවන් විදියට යහපත් දෙයක් සමාජය වෙනුවෙන් කරමු....එක් පහනක් හෝ නොදල්වා අදුරට ශාප කරමින් සිටීම පලක් නෑ නොවැ...

      Delete
  31. සිරා,
    මගෙනුත් සුබ පැතුම් මචං....තව දිගුකල් ලියන්නට හැකියාව ලැබේවා !
    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. මගේ අතිජාත මිත්‍රයා...තෑන්ක් යූ මචං...

      Delete
  32. හදවතින්ම සුබ පතනවා සිරා මලයා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියා....

      Delete
  33. අවුරුද්දක් ගත වුනාද සිරා, මට නම් දැනුනෙත් නෑ. උඹ ඉස්සරවෙලාම දෙමව්පියන් ගැන, කිරි අම්ම ගැන කතාකරල වැඩේ පටන්ගත්තම මම හිතුව උඹ පවුලෙ අයට ගොඩක් ලෙංගතු හිතහොඳ මනුෂ්‍යයෙක් වෙන්න ඕන කියල. පස්සෙ කාලෙදි උඹ ක්‍රියාවෙන්ම පෙන්නුවා සද්ගුණවත් කියල. මම කවදාවත් ඕනවට වඩා මිනිස්සු ලංකරගන්න, හිතවත්වෙන්න වැඩිය ඉක්මන් වෙන්නෙ නෑ. දැකල හමුවෙල නැති වුනත් බ්ලොග් ලියන කීපදෙනෙක්ම මට විශේෂයි, උඹත් ඒ කිහිප දෙනා අතර. උඹට මතකද එක පෝස්ට් එකට ඇනෝ අංකල් කෙනෙක් සද්දෙ දාලා තිබුනා. මමත් ඇවිත් එතන කමෙන්ට් කළේ. උඹේ බ්ලොග් එකේ ලියන්නෙ උඹේ අත්දැකීම්, උඹට හිතෙන ඒවනේ, කුණුහරුප ලියන්නෙ නෑනේ. ඒ උනත් ඉන්පස්සෙ උඹ ලිවීමේදි තෝරල බේරල වඩාමත් සැලකිල්ලකින් ලියනව කියල මට හිතෙනව. උඹ ෆොටෝ දැම්මම අපි උඹේ බඩ ලොකුයි කියල විහිළු කළා මතකද. උඹ කෙට්ටු කාලෙ ෆොටෝ එකක් දැම්මම උඹ ඩෙනිම ඇඳල තියෙන්නෙ පපුවට කියල අපි විහිළුවට ගත්ත මතකද. උඹ අපිත් එක්ක හිටියෙ අවුරුද්දයි කිව්වට මට හැඟෙන්නෙ හුඟාක් කාලයක් අපි සයිබරයෙ ආශ්‍රය කළා කියල.

    ඉතිං මිතුර, උඹට සුබ ගමන්. තවත් චිරාත් කාලයක් බ්ලොග් කලාවෙ ඉදිරියටම ඇවිදන් යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියල මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. කවුරු අමතක කලත් මට උඹව අමතක වෙන්නෙ නෑ DDT යො...මගේ පළවෙනි පෝස්ටුවේ ඉදන්ම සෙවනැල්ලක් වගේ මගේ පස්සෙන් ඇවිල්ලා අඩුපාඩු හොද නරක අවංක හිතින් විවේචනය කරලා තල්ලුව දුන්න නිසා තමයි සිරාගෙ කාමරේ අද යම් තැනක තියෙනවා නම් තියෙන්නෙ....

      අන්කල් විහිලු කල අවස්ථාව මට මතකයි...ඒ පටිජොකා පෝස්ට් එකේදි...පටිජොකා කියන නමට තමයි එයා කිපුනෙ...නමුත් අද ඊට වඩා බොහොම හරසුන් දේ බ්ලොග් අවකාශය තුල ලියවෙනවා. පස්සෙ පස්සෙ මගේ අරමුණ වුනේ කියවන අය වෙනුවෙන් දශමයක දෙයක් හරි ගන්න පුලුවන් දෙයක් තියෙන ලිපි ලියන්න...සමහර ලිපි වලට මම සෑහෙන්න මහන්සි වෙනවා...තොරතුරු එකතු කරගන්න...සමහර දේවල් මම ෆෝන් එකේ රෙකෝඩ් කරගෙන ඇවිල්ලා ආයෙත් අහන ගමන් අකුරු කරනවා...අපි යමක් අවංකව කැපවෙලා කරනවා නම් ඒකෙ යම් සාර්ථකත්වයක් දකින්න පුලුවන්...

      උඹ කියනවා වගේ මටත් බොහොම සමීප චරිතයක් උඹ..කටහඩින් නෙඅසා...රූපයෙන් නොදැක ඇතිවෙන බැදීම බොහොම බලවත්...ලංකාව කියන්නෙ පුංචි රටක්...අපි දවසක අනිවාර්යෙන් මුන ගැසේවි....ජය !

      Delete
  34. ඇත්තම කියන්න ඕන...කාමරේට මම මුලින්ම ගියාද..?පොකුරට උඹ මුලින්ම ආවද කියල නම් මතක නෑ..!

    ඒ කොහොම උනත්..ගම්පහදි ..අඳුනන කෙනෙක් වත් නැතිව නන්නතාර වෙලා ඉඳිද්දි...උඹෙන් ලැබුන උනුසුම් පිලිගැනීම අදවගේ මතකයි.

    ගොඩක් වෙලාවට අදහස් අතින් අපි බොහෝ සමීප නිසා..හොඳ මිතුරන් වීමු.
    අවිවේකී බව නිසාම බ්ලොගේ ලියන්නත්,සැරිසරන්නත් අමාරු උනත්..කිසිදා අමතක නොවේ.

    උඹේ ලිවීමේ කලාව නම් අගය කල යුතුමය.සෑහෙන්න කැපවීමෙන්,උවමනාවෙන් ලියන නිසාමදෝ..ඉතා රසවත්,ගුනවත් රචනා බිහිවෙන බව කිව යුතුයි.
    බ්ලොග ජයගත්තා සේ.....ආදරය ද ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කරුවන් අටෝරාශියක් හිටියට...විවිධ වැඩසටහන් වලදි ඒ අය මුණගැසුනට ඇත්ත වශයෙන්ම තමන්ට බොහොම සමීප ගතියක් දැනෙන්නෙ ඉන් ඉතාමත්ම සුලු ප්‍රමාණයයි...අන්න ඒ සුලු ප්‍රමාණය අතර මට මගේ සහෝදරයෙක් වගේ දැනෙන අතලොස්සෙන් කෙනෙක් තමයි වීයා ඔබ...ගම්පහ ගෙට්ටුව වෙලෙත් මට දැනුනෙ අද මේ කියන දේම තමයි...එදා ගාල්ලෙ ඉදන් ඔබ ගම්පහට ආවෙ මම නිසා බව මම හොදටම දන්නවා...

      ලගදිම දවසක අපි ආයෙත් මුණ ගැසේවි...කාලය බොහොම වේගයෙන් ගත වෙනවා...සියලුම ප්‍රාර්ථනයන්ට ස්තූතියි...මගේ මිත්‍රයා ඔබටත් ජයම වේවා !

      Delete
  35. සුභම සුභ පැතුම්!! තවත් දිගු කලක් ලියන්නට වරම් ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....හිතුවක්කාර නොවී දිගටම ලියන්න හොදේ...

      Delete
  36. අවුරුද්දක්ලු... සුබ පැතුම් අය්යණෟඩි....!!!

    ReplyDelete
  37. තාම අවුරුද්දයි!!!!!...බ්ලොගේ හැටියට මම හිතුව පටන් අරන් සෑහෙන කල් කියල...උඹ රෙකෝඩ් කඩා ගන නේ ගිහින් තියෙන්නෙ.... අවුරුද්දක් ඇතුලත මේ වගෙ සාර්ථක බ්ලොගක් අයිති කරගන්න උඹ කරපු කැපවීම දිගටම තියාගනින් මලයෝ...එතකොට බ්ලොග් අවකාශේ විතරක් නෙමේ ජීවිතෙත් ජය ගන්න පුලුවන්.....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම....සෑහෙන්න කැපවෙලා තමයි වැඩේ කොරගෙන යන්නෙ...බ්ලොගක් විදියට යම් සාර්ථකත්වයක් සිරාගෙ කාමරේ අත්කරගෙන තියෙනවා නම් ඒ මට සහාය දුන්න...වැරදි අඩුපාඩු පෙන්නපු හැමෝම නිසාම බව බොහොම අවංකව කියන්න කැමතියි.

      Delete
  38. ඇඩ්වයිස් දෙන්න ගිහින් Wish කරන්න අමතක උනා බන්...පලමුවෙනි උපන් දිනේට සුබ පැතුම්....... බ්ලොග් අවකාශයෙ තව තවත් දුර යන්න ලැබේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි...මේ පැත්තට මේ ආවමයි නේද...දිගටම ආවට කාරි නෑ ඔන්න..

      Delete
    2. නෑ බං...මම ගොඩක් කල් ඉඳන් කාමරේට එනවා....මගෙ බ්ලොග පටන් ගත්තට පස්සෙ තමා කමෙන්ට් කරන්න ගත්තෙ...මමත් උඹලට කිට්ටුව තමා ඉන්නෙ...

      Delete
  39. මමත් හිතාගෙන හිටියේ සිරා අයියා අවුරුදු ගානක් තිස්සේ බ්ලොග් ලියනවා කියලයි...කොහොමින් කොහොමින් හරි 1 වසරට ආපු පුංචි සිරාට වැඩ පෙන්වමින් ඉදිරියට යන්න මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ...වයසින් ටිකක් වැඩි නිසා වෙන්න ඇති...ලියන සටහන් වල ඒ ගතිය පේන්නෙ...කාමරයට නිතර යන එන හිතවතියක් විදියට මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබේ නිහතමානී ප්‍රාර්ථනාවට...

      Delete
  40. ඇත්තටම මම හිතාගෙන හිටියේ ඔබ බොහොම පැරණි බ්ලොග් කරුවකු කියයි. එවැනි පරිනත බවක් ඔබේ ලිපිවල තිබුනා. මමත් අවුරුද්ද සමරුවේ පහුගිය දෙසැම්බරයේ. වැඩි ඈතක් නැහැ. අපි එක්ව මේ ගමන යමු.
    'හැරමිටියෙන් අපි යනෙන තුරා - බ්ලොග් ගමනත් අපි එකට යමු'

    උණුසුම් සුබ පැතුම් සිරාට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. //හැරමිටියෙන් අපි යනෙන තුරා - බ්ලොග් ගමනත් අපි එකට යමු//

      ඔබතුමා කියනවා නම් ක්ලේමෝ එකක් කන්න හරි මම එනවා...බොහොම සතුටුයි අද වගේ වටිනා දවසක මේ පැත්තට පැමිණීම ගැන...ස්තූතියි විචාරක තුමාට...

      Delete
  41. අද දවසට මේ පිටුව පෙරලපු හතරවන වතාව ඒත් කොටන්න වෙලාවක් තිබුනෙ නෑ .
    …ප්‍රශංසා දිරි ගැන්වීම් අතර රැවුම් ගෙරවුම් බැනුම් නොතිබුනානම් ඒ ගමනින් වැඩක් නෑ. ඔය සියල්ලෙන්ම නොසැලී තව බොහෝ කාලයක් බ්ලොග් ලෝකය ආලෝකමත් කරන්න සිරාකොලුවට සිරාවටම හැකිවේවායි පතනවා!!!

    ………මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොකු ජෝන් අයියෙ...සහෝදර බ්ලොග්කරුවෙකුට ඔය විදියට සුභ පතන්නත් ලොකු නිහතමානී කමක් තියෙන්න ඕනෙ...ජය !

      Delete
  42. සිරාගේ කාමරේට ඇවිල්ලා හැමදාම සද්දේ නැතුව ගියාට,මේක තමයි මගේ ජිවිතේ මම කියවපු දෙවෙනි බ්ලොගේ.. බස් රේඩියෝවේ කිව්වා වගේ වෙනස් විදියට,වෙනස්කමක් ඇතුව මතකයේ සටහන් වන බ්ලොගක් තමා සිරාගේ කාමරේ.. සිරා කොලුවාට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හැමදාම සද්දෙ නැතුව යන කෙනා අද සද්දයක් දාගෙනම ගිය එක ගැන මට බොහොම සතුටුයි. දැනට වඩා වෙනස් දේවල් පිළිබද ලියන්න ඉදිරියේදී උත්සාහ කරන්නම්....ජය !

      Delete
  43. මට නම් සිරා කියන්නෙ වැඩකට බැස්සොත් පස්ස නොගහන චරිතයක්.

    යෝධ බල යෝධ වීර්්‍ය ලැබේවා සහෝ..

    ජය !

    ReplyDelete
    Replies
    1. මගේ අතිජාත බ්ලොග් මිතුරන් අතරෙ පෙරමුණේ ඉන්න සෑමා...උඹව දැකීමත් සතුටක්...අපි අර කරන්න හදන වැඩේ අමාරුවෙන් හරි ඉදිරියටම කරගෙන යමු...ජය !

      Delete
  44. පළවන සංවත්සරයට සුභ පැතුම්. තවත් දිගු කලක් පන්හිඳ මෙහෙයවීමට වාසනා

    ReplyDelete
    Replies
    1. නලිනි අක්කා සෑහෙන දවසකින් මේ පැත්තට පැමිණීම ගැන බොහොම සතුටුයි. බොහොම ස්තූතියි ඔබේ වටිනා කාලයෙන් බිදක් මා වෙනුවෙන් වැය කලාට...ස්තූතියි...

      Delete
  45. ජාතකේ මරු පජාත නොකරන් ඉස්සරයට යමං ජය...!!!

    ReplyDelete
    Replies
    1. පජාත නොවී ඉදිරියටම යන්න තමයි මේ අහිංසක වෑයම ලොකු අයියෙ... ඔබටත් ජයම වෙන්ට ඕනි...

      Delete
  46. අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.ඔක්කොම උඩ කමෙන්ට් වල තියනව.එත් මෙක කියන්නම්.මම ඉස්සෙල්ලම බ්ලොග් කියන එකක් ගෑන දෑන ගත්තෙ ගොසිප් ලන්කා එකෙ සින්හල බ්ලොග් කියල ලිස්ට් එකක් දෑකල.මුලින්ම කියෙව්වෙ සිරගෙ එක නෙමේ.එත් මට දිගටම එන්න ඈබ්බහිය අවෙ සිරගෙ කමරෙන්.
    සිරාට දිගු ගමනකට සුබ පතනව.අර අලුත් එක්කෙනත් ඉක්කමනට ලෑබෙන්න්න පතනව.

    ReplyDelete
    Replies
    1. දමිත් දැන් සිංහලෙන් කොටනකොට ලොකු සතුටක් දැනෙනවා....අලුත් කෙනෙක් ගැන තමයි මමත් හිතමින් ඉන්නෙ...ඒත් ඉතිං හැමදේටම වෙලාවක් කලාවක් තියෙනවා නොවැ...

      ස්තූතියි ඒ ගැන මතක් කලාට...

      Delete
    2. එකට උබට අයෙත් ස්තුතියි

      Delete
  47. දිගටම ලියන්න සුභ පැතුම් සිරා..

    ReplyDelete
  48. සයිබරයේ රැඳුණු පාළුව සුණුව ඉරා
    ලියන ලිවිලි කදිමයි උඹ රහට පෙරා
    ආවත් බඩගෙඩිය දින දින උඩට නෙරා
    උඹයි අපේ සත්ගුණවත් කොලූ සිරා..

    (සයිබරයේ මිතුරෙක්)

    ReplyDelete
    Replies
    1. කවි කියනා මේ ඔබ කවුද ඇනෝ
      දැන් දන්නවා ඔබ කවුදැයි කියා සනෝ
      බඩ ගැන නොහිතාම හැමදාම කනෝ
      එච්චර තමයි දවසක මට ඉතිරි වෙනෝ

      හැමදාමත් එන්න අද මෙහි ආ ලෙසම
      හොද දේ ගන්න කාමරයෙන් හැම විටම
      පද පෙල ගස්සවා රස කයියක් කී අරුම
      බොක්කෙන් පුදුමි ගනු මගෙ මේ මල් මිටම

      Delete
  49. අප්පට සිලි සිලි මගේ බොකු බඩවැල් ඔක්කොගෙන්ම එක අහවල් එකේ මෙව්වා එක පිලිගන්න ඇ...ජය වේවා

    ReplyDelete
    Replies
    1. මමත් ඔන්න ඒක බොක්කෙන්ම පිළිගත්තා...ස්තුතියි තරුවා..

      Delete
  50. එදා (18 ජූනි 2012) මං කියලා තියෙන එක දැන් අත්දැකීමෙන්ම දන්නවා ඇති නේ.

    මේක කොටි වලිගයක්.

    නමුත් මූ හොඳ කොටියෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ අමාරු දේ යම් තරමකට කලා කියලා මට හිතෙනවා...බ්ලොග් කලාවෙන් මම වසරක් තුල කරපු දේවල් ගැන සෑහීමට පත්වෙන්න පුලුවන්...ඇත්ත මේකා හොද කොටියෙක්...උගෙන් තව දුරටත් හොද වැඩක් ගන්න තමයි අරමුණ...

      Delete
  51. අවුරුද්දක්..... පෝස්ට් 110 ක් දිගු අත්දැඅකිමක්.ඒ‍ක හොඳ උත්තේජකයක් දිග ගමනකට ලියන්න.
    හදවතින්ම සුබ පතනවා..බ්ලොග් ලියනවා කියන්නේ තමන්ගේ ලේඛණ කලාව තියුණු අසිපතක් කර ගැනිමට හොඳ ‍තෝතැන්නක්.

    සුබ පැතුම් මා මිතුර ඔබට

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ මාතෘකාව ලගින් වැටෙන අංකය ඒ පෝස්ටුවට වැටුනු කමෙන්ට් ගණන සංඛේතවත් කරන්නක් මිස පෝස්ට් වල එකතුව නොවේ....තවමත් මා ලියා තියෙන්නෙ පෝස්ට් 73 පමණයි.

      ලේඛණ කලාවේ පුද්ගල හැකියාවන් වර්ධනයට බ්ලොග් කියන්නෙ හොද තෝතැන්නක් කියන කාරණය මටත් වැටහිලා තිබෙනවා...

      ස්තූතියි අයියෙ...

      Delete
  52. දීර්ග ගමනකට සුබ පැතුම් සිරා ..දිගටම ලියන්න..ඇත්තටම සිරාගේ ශෛලීය හරිම සිත් ගන්නා සුළුයි..ඉස්සර කඳුළු එනකම් හිනා වේවි කියවන්නේ සිරගෙ පෝස්ට් ..ඒ වගේම බ්ලොග් කාරණය තුළින් සමාජ සත්කාර වලටත් සිරා යොමු වෙලා තියෙනවා..ඒ ගැනත් සතුටුයි ගොඩක්.. සිරාගේ අනාගතට සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..ලස්සන ගුණගරුක මනාළියක් ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා ඔන්න...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන්..සෑහෙන කාලයක ඉදන් බොහොම අවංකව සිරාගෙ කාමරය විවේචනය කරන...හොද මිත්‍රයෙක් විදියට තමයි මම ඔබව හදුන්වන්න කැමති.

      ආයෙත් හිනා වෙවී කියවන්න ලිපි පෙළක් ලගදීම ලියන්නම්...ස්තූතියි... විශේෂයෙන් අවසන් ප්‍රාර්ථනාවට

      Delete
  53. සුබ පැතුම් මලේ...තව චිරාත් කාලයක් මෙයිටත් වඩා ලස්සන සටහන් ලියන්න උබට ශක්තිය වාසනාව ලබේවායි පතන්නම්.......මම ඉන්දික KSA

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉන්දික අයියෙ...ජය !

      Delete
  54. සුභ පැතුම් සිරා අයියේ..දිගටම ලියන්න ශක්තිය දහිරිය ලැබේවා...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රන්දු...දැන් ඉතින් නැවතීමක් නෑ...දිගටම ලියනවා...

      Delete
  55. පළමු වසරට සුභ පැතුම් අයියේ! තව තවත් ඉදිරියට මේ වගේම හරවත් රසවත් ලිපි ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!!

    ReplyDelete
  56. සංවත්සරයට සුබ පැතුම් සිරා...! ඉදිරියටත් රසබර හරබර දේ ලියන්නට ශක්තිය ලැබේවා..!

    ReplyDelete
  57. අවසාන කමෙන්ටුවද මන්දා......කෙසේවෙතත් හදවතින්ම මම කියන විදියට සිරා කොලුවට සුභ පතනවා සිත්තමී කෙල්ල.........

    සුභම සුභ පැතුම් .....දිගටම ලියන්න

    බ්ලොග් රාජධානියේ ඉන්නවනම් අනිවා බලනවා නැත්නම් සිත්තමී නෑ.....කොච්චර වැඩද කියනවනම් මට බ්ලොග් එකක් තියෙනව කියල මටවත් මතක නෑ......මේ දවස් වල ඒකයි පරක්කු වුනේ.....

    ReplyDelete
    Replies
    1. හැමදාමත් බොහොම හෘදයාංගමව තමන්ගෙ අදහස් සිරා වෙනුවෙන් ඉදිරිපත් කරන සිත්තමී කෙල්ලට බොහොම ස්තූතියි...

      Delete
  58. මගේ සුභ පැතුම් සිරා... හැම වෙලාවෙම කොමෙන්ට් නොදැම්මත්, ලියන හැම දේටම එකඟ නොවුනත්, මමත් නොවරදවා බලන බ්ලොග් එකක් මේක...

    ReplyDelete
    Replies
    1. ඔබටත් මගේ අවංක ආදර ස්තූතිය සෑහෙන දවසක් ගතවෙලා හරි මේ විදියට පුද කරනවා...

      Delete
  59. well done machan, mamath blog kiyavanna gathe ube blog eka dakala. ubata bokkenma suba anagathayak prarthana karanawa, jaya weva.This is my first comment machan :D

    Kind Regards,
    Chanaka peshala Indrapala :)

    ReplyDelete
    Replies
    1. පළමුවැනි කමෙන්ටුව බොහොම වැදගත් දවසක එක් කලාට බොහොම ස්තූතියි....

      Delete
  60. එදා මා සිටියේ මුල් කොමෙන්ටුවට
    අද ඉඩ නෑතුව වගේ වත් අන්තිමට
    මුල අමතක නොකල නුඹට
    ජංගම ග්‍රැෆික් දොස්තර ඈත ඈවසි වු විට

    ..........

    ReplyDelete
    Replies
    1. උඹව කොහෙද බොල මට අමතක වෙන්නෙ. උඹටත් ඔය මාව මතක් වෙලා තියෙන්නෙ...ස්තූතියි බං..

      Delete
  61. jaya jaya we sirayya.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා...සෑහෙන කාලෙකට පස්සෙ තමයි ඔබේ අදහස් දුටුවෙ.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...