Raj යනුවෙන් එහි සටහන් වී තිබුනි. මල්ලි අපි ළගම එනවා පල්ලෙහාට වරෙන් ඔහුගේ ලෙංගතු හඩ සවන් පිරවීය.
එකම පාසලක ඉගෙන ගත් නිසාවෙන්දෝ බ්ලොග් අවකාශයේ පළමුවෙන්ම සැබෑ ජීවිතයේ මට හමුවූ චරිතය ඔහුය. 2012 සයිබර් අවුරුදු උත්සවයට සමගාමීව බ්ලොග් අවකාශයේ මිතුරන් විසින් සංවිධානය කල සමාජ සත්කාරය වෙත හිස් අහසෙ සදරු ලබා දුන් අදහසක් අනුව අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගලහිටියාගොඩ මහා විද්‍යාලයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යග කිරීමට පිටත් වෙන්නයි මේ සූජානම. මෙම වැඩසටහන යෝජනා වෙලා ක්‍රියාත්මක වෙන කාල සමයෙ සිරා බ්ලොග් අවකාශයේ හිටියෙ නැතත් එහි අවසාන භාගයෙදි මගේ පාසල් සහෘදයා Raj විසින් සිදු කරන ලද ආරාධනයක් අනුව ඒ එක්ක අත්වැල් බැදගන්න සිරාටත් අවස්ථාව ලැබුනා...
දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු.. මේ පාඨය තමයි මේ වැඩසටහන පුරාවට භාවිතා වූ තේමාව. ඒ අනුව සිරා අත් පන්දුවක් සහ පොතක් මේ සත් කාර්යයට එකතු කලා...මාස ගණනක් තිස්සෙ වැර වෑයමෙන් එකතු කර ගත්ත සම්පත් මේ පුංචි පාසලට භාර දෙන්නට යන ගමනට මටත් ආරාධනාවක් ලැබුන නිසා ඔන්න සත්ගුණවත් සිරා කොලුවත් පෙරදා රාත්‍රියේ රැකියාව නිසා ලද වෙහෙස මහන්සිය නොබලා මේ ගමනට එක්වුනා.. තවත් විශාල පිරිසක් මේ කාර්යය සංවිධානය කරන්න, ආධාර රැස් කරන්න තිරය පිටුපස සිටියා... ඒ අය අතරින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් රුපියල් 60000 /- ආධාර ලබා දීමට සම්බන්ධීකරණය කල අභීත සහ ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ එම ආයතනයේ දත්ත ජාල කලමණාකරු නිශාන්ත රත්නායක මහතාවත් මෙහිදී මතක් කල යුතුමයි. මේ පිළිබද තවත් තොරතුරු මෙතැනින් කියවන්න පුලුවන්....
වෑන් රථය කියපු වෙලාවටම කාර්යාලය ළග... මල්ලි මේ තමයි වෙනී අයියා රාජ් තවත් බ්ලොග් සහෘදයෙක් මට හදුන්වා දුන්නා... ඔහුට පිටිපස්සෙන් හිටියෙ උදිත් මලයා. වෙනී සමග එකම අසුනක ඈදි ගත්තට පස්සෙ ඔන්න රථය පිටත්වුනා... අතර මගදි සද කිදුරා ඊටත් පස්සෙ වැප් සහ අන්තිමට පාන් රාත්තල් 5 ක ටෝස්ට් කල සැන්ඩ්විච් මල්ලක් සහ පානීය ජල බෝතල් 2 එක්ක යක්කලින් රථයට නැගුනෙ මගේ මරණය සමග සිහින. තවත් කීප දෙනෙක් මේ ගමන් යන්නට බහ දී තිබුනත් අවසන් මොහොතෙ යෙදුන වැඩරාජකාරි නිසා ඒ අය පැමිණ සිටියෙ නෑ....
හිරු උදාවට මොහොතක් තියෙද්දි හාත්පස තියෙන අදුර කපාගෙන රථය ඉදිරියට ඇදුනා... ඒ අතරතුර සහෘද බ්ලොග් කරුවන් සහ සිරාගේ දැනහැදුනුම් කමත් දළු ලා වැඩුනා... මේ සියල්ලන්ම ඉතා හොද මිතුරන් බවට පත්වුනා...
ප්‍රේම කථා, වීර කථා, ආගිය කථා, ජන කථා, රස කථා , බ්ලොග් ලොව සොදුරු සිදුවීම් අතර තුර සිරා බ්ලොග් කරණයට එන්නට කලියෙන් ජීවන ගමනට සමු දී තිබූ සොදුරු මිනිසුන් වූ ඔබා මාමා සහ ඉලංදාරියා ගැනත් පිරිස කථා වුනා. කථාවෙන් කථාවෙන් රථය නුවර ප්‍රදේශයට ලගා වුනා... අඩ අදුරත් එක්ක වෙලුනු නුවර වැව දැඩි මීදුමට මැදි වී ගෙන ආ දර්ශනය සිතුවමක් තරම් සුන්දරයි.
ඒ වෙද්දි ඇති වී තිබූ කුසගින්න සැන්ඩ්විච් පාන් පෙති මගින් සපුරා ගැනීමට උත්සාහ කලත් කුස තුල බුර බුරා නැගුන මහා ගින්න සන්තර්පනයට පාන් පෙත්තක් යනු කැලණි පාලම යටින් ගිය පොල්ලෙල්ලක් වගේ වුනා... ඒ නිසාම උඩුදුම්බර ප්‍රදේශයට එනවිට පිරිස උදෑසන ආහාරය ඉල්ලා සිටියත් නඩේ ගුරා රාජ් නිහඩයි... අවසානයේ සියල්ලන් එක්ව
අපිට කන්න දීපියව්.... කෝ කෑම.... නඩේ ගුරා නිදිද ?
ආදී වශයෙන් පැවැත්වූ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස උඩුදුම්බර චන්ද්‍රිකා හෝටලයෙන් උදෑසන ආහාරය ලබා ගැනීමට තීරණය වුනා...
මෑතකදී මැනවින් නවීකරණය කර ඇති දහ අට වංගුවේ සිරි අසිරි නරඹමින් පිරිස හසලක නගරය හරහා බිබිලට ගමන් කර අනතුරුව අම්පාර පුදේශයට ලගා වුනා... මෙම වැඩසටහනේ සම්බන්ධීකාරක සදරු කොළඹින් පිටත් වූ පිරිසට පැවසූවේ අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතනය ඉදිරිපට රැදී සිටින ලෙස වුවද ඔහු එතැනට පැමිණියේ මදක් පුමාද වී... ඔහුගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි බ්ලොග්කරුවන් පැවසුවේ සදරු කොලුවා මුල්ල පටස් වත් ගේන්න යන්න ඇති බවකි.
පිළිගැනීමේ කථාව පැවැත්වූ විදුහල්පති තුමා අප සියල්ලන් නැවත් වරක් උණුසුම් අන්දමින් පිළිගත් අතර පාසලේ ඇති පොත්පත් හිග කමත්, අලුත් පොත් පත් කියවන්නට මේ දරු කැල කෙතරම් ආශාවෙන් සිටින වගත් පැහැදිලි කලා. අනතුරුව විද්‍යාලයේ තවත් ශිෂ්‍යාවක් විසින් කථාවක් පැවැත්වූවා... ඇය නම් කැළයේ පිපුනු සැබෑම වන මලක් බදුයි. ඉතාමත් දක්ෂ ලෙස වචන හැසිරූ ඇගේ කථික හැකියාව ඒ කථා බහ තුර මොනවට ඔප්පු වුනා... මෙවැනි මල් කැකුළු කැළයේම පර නොවෙන්නට ප්‍රාර්ථනා කරමින් සභාව ඇමතු නඩේ ගුරා රාජ්, බ්ලොග් යනු කුමක්දැයි කුඩා දරුවන්ට පැහැදිලි කර මෙවැනි සත්කාරයකට මග පෑදුනු ආකාරය මෙන්ම එහි සම්බන්ධීකරණය සිදු වූ ආකාරයත්, මෙම පාසල තෝරාගත් ක්‍රමවේදයත් පැහැදිලි කලා...
අනතුරුව එළඹියේ සියල්ලන් දෑස් අයාගෙන මෙතෙක් වේලා බලා සිටි අවස්ථාවයි. බ්‍රවුන් පේපර් කවර වල ඔතා ගම් ටේප් අලවා තිබූ පොත් පාර්සල් අතරින් එකක් රාජ් විසින් විදුහල්පති තුමා වෙත සංඛේතාත්මකව භාර දුන් අවස්ථාවේ කන් බීරි වන තරමේ අත්පොලසන් හඩක් නැගුනේ ඒ කුඩා දෑත් එක් වීමෙනි... ඒ හඩ පසුපස තිබුනේ පොත් කියවන්නට ඔවුන් තුල පැවති ආශාවේ තරම බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. අප සියල්ලන් නෙතු අග සතුටු කදුලු එක්තැන් වූ මේ සන්ධ්‍යාවට සහභාගි වීමට මා හට ආරාධනා කල Raj වෙත මා සිතෙන් දහස් වර ස්තූති කලේ මේ මතකය මියෙන තුරාවට සිතේ රැදෙන සංවේදී මොහොතක් වූ නිසාවෙනි.
වෑන් රථය කියපු වෙලාවටම කාර්යාලය ළග... මල්ලි මේ තමයි වෙනී අයියා රාජ් තවත් බ්ලොග් සහෘදයෙක් මට හදුන්වා දුන්නා... ඔහුට පිටිපස්සෙන් හිටියෙ උදිත් මලයා. වෙනී සමග එකම අසුනක ඈදි ගත්තට පස්සෙ ඔන්න රථය පිටත්වුනා... අතර මගදි සද කිදුරා ඊටත් පස්සෙ වැප් සහ අන්තිමට පාන් රාත්තල් 5 ක ටෝස්ට් කල සැන්ඩ්විච් මල්ලක් සහ පානීය ජල බෝතල් 2 එක්ක යක්කලින් රථයට නැගුනෙ මගේ මරණය සමග සිහින. තවත් කීප දෙනෙක් මේ ගමන් යන්නට බහ දී තිබුනත් අවසන් මොහොතෙ යෙදුන වැඩරාජකාරි නිසා ඒ අය පැමිණ සිටියෙ නෑ....
හිරු උදාවට මොහොතක් තියෙද්දි හාත්පස තියෙන අදුර කපාගෙන රථය ඉදිරියට ඇදුනා... ඒ අතරතුර සහෘද බ්ලොග් කරුවන් සහ සිරාගේ දැනහැදුනුම් කමත් දළු ලා වැඩුනා... මේ සියල්ලන්ම ඉතා හොද මිතුරන් බවට පත්වුනා...
ප්‍රේම කථා, වීර කථා, ආගිය කථා, ජන කථා, රස කථා , බ්ලොග් ලොව සොදුරු සිදුවීම් අතර තුර සිරා බ්ලොග් කරණයට එන්නට කලියෙන් ජීවන ගමනට සමු දී තිබූ සොදුරු මිනිසුන් වූ ඔබා මාමා සහ ඉලංදාරියා ගැනත් පිරිස කථා වුනා. කථාවෙන් කථාවෙන් රථය නුවර ප්‍රදේශයට ලගා වුනා... අඩ අදුරත් එක්ක වෙලුනු නුවර වැව දැඩි මීදුමට මැදි වී ගෙන ආ දර්ශනය සිතුවමක් තරම් සුන්දරයි.
ඒ වෙද්දි ඇති වී තිබූ කුසගින්න සැන්ඩ්විච් පාන් පෙති මගින් සපුරා ගැනීමට උත්සාහ කලත් කුස තුල බුර බුරා නැගුන මහා ගින්න සන්තර්පනයට පාන් පෙත්තක් යනු කැලණි පාලම යටින් ගිය පොල්ලෙල්ලක් වගේ වුනා... ඒ නිසාම උඩුදුම්බර ප්‍රදේශයට එනවිට පිරිස උදෑසන ආහාරය ඉල්ලා සිටියත් නඩේ ගුරා රාජ් නිහඩයි... අවසානයේ සියල්ලන් එක්ව
අපිට කන්න දීපියව්.... කෝ කෑම.... නඩේ ගුරා නිදිද ?
ආදී වශයෙන් පැවැත්වූ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස උඩුදුම්බර චන්ද්‍රිකා හෝටලයෙන් උදෑසන ආහාරය ලබා ගැනීමට තීරණය වුනා...
මෙන්න නියම නඩේ ගුරෙක් Raj |
උදෑසන ආහාරය ගිල දැමූ පසු පිටත් වූ රථය දහ අට වංගුව පෙනෙන මානයේ නතර කරන්නට වූයේ අපට හොරෙන් රෝදයක හුළං බැස යාම නිසාවෙන්... ඒ තත්වය පිළිසකර කරගන්නා තුරු වෙනි අයියා සමාවෙන්න වෙනී මාමා ඉතා විශිෂ්ඨ, කලාත්මක, සොබා සෞන්දර්යයෙන් අනූන ඡායාරූප පෙළක්ම ලබා ගත්තා...
අපට හොරෙන් ගිය හුළං |
පොඩි උන් උඩ නග්ගා නිවැරදි කෝණය සොයන වෙනිවැල් අයියා |
මරන්න ගිය හරකෙක් බේරාගන්න ගියා... අපේ ගමේ හරක් මරන්න දෙන්නෙ නෑනෙ... ඒ හින්දයි පොඩ්ඩක් පරක්කු වුනේ.
බයිසිමොටෝවකින් පැමිණි සදරුගේ නිදහසට කරුණු දැක්වීම සාධාරණ එකක් නිසා ගැටලුවක් පැන නැගුනෙ නෑ...
සදරු පැදවූ බයිසිමොටෝව පසුපස ගිය අපගේ රථය ගම් නියම් ගම්, අතුරු මාර්ග, වෙල්යාය පසු කරමින් පාසල වෙත ගමන් ගන්නා මාර්ගයට වැටුනා... එදින සෙනසුරාදා දිනයක් නිසා... සුදු ඇදුමින් සැරසුනු දරු දැරියන් පාසල් පැමිණ තිබුනේ ඔවුන්ට ආධාර ලබා දෙන මේ වැඩසටහනට සම්බන්ධ වීමේ අරමුණ වෙනුවෙන්මයි. එහෙත් අප නියමිත වෙලාවට වඩා සෑහෙන වේලාවක් ප්‍රමාද වීම නිසා ඇතැම් දරුවන් නැවතත් නිවසට යන්නට බස් නැවතුමේ රැදී සිටියා. එහෙත් අප ගමන්ගත් රථය දුටු විගස පුදුමාකාර උද්යෝගයකින් නැවතත් ඔවුන් පාසල වෙත දිව ආවා...
පාසලේ විදුහල්පති පී.ජී ගුණරත්න මහතා ප්‍රමුඛ ඇදුරු මඩුල්ලේ උණුසුම් පිළිගැනීම මැද බ්ලොග් නඩේ උත්සවය පැවැත්වෙන ප්‍රධාන ශාලාව වෙත පියමැන්නා... ශාලාව අසලදී බුලත් හුරුළු දී අප පිළිගත්තෙ විද්‍යාලයේ සිසුවෙක් හා සිසුවියක් විසින්.
බයිසිමොටෝවකින් පැමිණි සදරුගේ නිදහසට කරුණු දැක්වීම සාධාරණ එකක් නිසා ගැටලුවක් පැන නැගුනෙ නෑ...
සදරු පැදවූ බයිසිමොටෝව පසුපස ගිය අපගේ රථය ගම් නියම් ගම්, අතුරු මාර්ග, වෙල්යාය පසු කරමින් පාසල වෙත ගමන් ගන්නා මාර්ගයට වැටුනා... එදින සෙනසුරාදා දිනයක් නිසා... සුදු ඇදුමින් සැරසුනු දරු දැරියන් පාසල් පැමිණ තිබුනේ ඔවුන්ට ආධාර ලබා දෙන මේ වැඩසටහනට සම්බන්ධ වීමේ අරමුණ වෙනුවෙන්මයි. එහෙත් අප නියමිත වෙලාවට වඩා සෑහෙන වේලාවක් ප්‍රමාද වීම නිසා ඇතැම් දරුවන් නැවතත් නිවසට යන්නට බස් නැවතුමේ රැදී සිටියා. එහෙත් අප ගමන්ගත් රථය දුටු විගස පුදුමාකාර උද්යෝගයකින් නැවතත් ඔවුන් පාසල වෙත දිව ආවා...
පාසලේ විදුහල්පති පී.ජී ගුණරත්න මහතා ප්‍රමුඛ ඇදුරු මඩුල්ලේ උණුසුම් පිළිගැනීම මැද බ්ලොග් නඩේ උත්සවය පැවැත්වෙන ප්‍රධාන ශාලාව වෙත පියමැන්නා... ශාලාව අසලදී බුලත් හුරුළු දී අප පිළිගත්තෙ විද්‍යාලයේ සිසුවෙක් හා සිසුවියක් විසින්.
බලන්න මේ දරුවන්ගේ අව්‍යාජ හිනාව |
අපගේ ආගමණය අපේක්ෂාවෙන් පැය කීපයක් බලා හිද වෙහෙසට පත්ව තිබූ සිසු දරුවන්ගේ නෙත් බලාපොරොත්තුවේ ආලෝකයත්, අලුත් පොත් කියැවීමේ පිපාසයත් නිසා ප්‍රමෝදයට පත්ව තිබුනා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විසින් උත්සව සභාව මෙහෙයවූ අතර ආගම සිහිකිරීමෙන් අනතුරුවයි කටයුතු ආරම්භ වූයේ.
පිළිගැනීමේ කථාව පැවැත්වූ විදුහල්පති තුමා අප සියල්ලන් නැවත් වරක් උණුසුම් අන්දමින් පිළිගත් අතර පාසලේ ඇති පොත්පත් හිග කමත්, අලුත් පොත් පත් කියවන්නට මේ දරු කැල කෙතරම් ආශාවෙන් සිටින වගත් පැහැදිලි කලා. අනතුරුව විද්‍යාලයේ තවත් ශිෂ්‍යාවක් විසින් කථාවක් පැවැත්වූවා... ඇය නම් කැළයේ පිපුනු සැබෑම වන මලක් බදුයි. ඉතාමත් දක්ෂ ලෙස වචන හැසිරූ ඇගේ කථික හැකියාව ඒ කථා බහ තුර මොනවට ඔප්පු වුනා... මෙවැනි මල් කැකුළු කැළයේම පර නොවෙන්නට ප්‍රාර්ථනා කරමින් සභාව ඇමතු නඩේ ගුරා රාජ්, බ්ලොග් යනු කුමක්දැයි කුඩා දරුවන්ට පැහැදිලි කර මෙවැනි සත්කාරයකට මග පෑදුනු ආකාරය මෙන්ම එහි සම්බන්ධීකරණය සිදු වූ ආකාරයත්, මෙම පාසල තෝරාගත් ක්‍රමවේදයත් පැහැදිලි කලා...
උත්සව සභාව වර්ණවත් කල වනමල් කැකුලිය |
බ්ලොග් කරුවන් වෙනුවෙන් Raj සභාව අමතමින් |
අඩු පහසුකම් සහිත පාසලක් වුවත් මේ කුඩා දරුවන්ගේ විනය ඉතා ඉහළ මට්ටමක තිබූ පව පැවසිය යුතුම කරුණකි. කිසිම විටෙක අනවශ්‍ය කථා බහේ නියැලුනේ නැති ඔවුන් ඉතාමත් ප්‍රියජනක ලෙස වාඩි වී නිශ්ශබ්දව උත්සව සභාවේ සිදුවන දෑ දෙස නෙත් අයා බලා සිටියහ. ඇතමෙක් ටයි පටියක් සහ සපත්තු පැළද සිටිති තවෙකෙක් රබර් සෙරෙප්පු දෙකක් පැලද සිටිති. සමහරෙකුට ටයි පටියක් නැත... අඩු වැඩි වශයෙන් මේ පෙනේනේ ඔවුන් පෙළන දරිදුතාව වුවත්.. අලුත් යමක් ඉගෙනගන්නට, තීන්ත සුවද එන අලුත් පොතක් කියවන්නට පුංචි සිත් තුල නළියන ආශාව දෝරෙ ගලායන්නට ආසන්නය. උත්සව සභාව අවසන් වීමෙන් පසුව කුඩා මේසයක් මත සතපා තිබූ පොත් පාර්සල් ගුරුවරුන්ගේ මෙහෙයවීමකින් තොරව පුස්තකාලය වෙත රැගෙන යාමට කුඩා දරු දැරියන් පොර කමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූයේ එම පාර්සල් වල තිබූ අධික බර පවා නොසලකමිනි. ඔවුන්ගේ ආශාවන්ට තටු ලැබී ඉගිලෙන මේ මොහොත ඔවුන්ගේ සිත් ආනන්දයෙන් පුරවා ඇති සෙයකි.
වැඩසටහන අවසානයේ විදුහල්පති තුමාගේ කුඩා කාර්යාලයට යාබද ශාලාවේ පුංචි පහේ සංග්‍රහයකි. ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සංවිධානය වී තිබූ එය කට්ට සම්බෝලයක් සමග මයියොක්කා, රෝල්ස්, කේක්, කෙසෙල් ගෙඩි, ආදියෙන් සමන්විත විය. ඒ අතරතුර අප හා දොඩමළු වූ විද්‍යාලයේ ගුරු භවතුන් මගින් විද්‍යාලයේ පවතින අඩුපාඩු පිළිබද අප දැනුවත් උනා.
මේ කුඩා පාසලේ දරු දැරියන් 651 අධ්‍යාපනය ලබති. ඔවුන්ගේ ගුරු මණ්ඩලය 39 දෙනෙකි. මේ ගුරු මණ්ඩලය තුල ඇත්තේ පුදුමාකර සමගියක් බව අපට ප්‍රත්‍යක්ෂ වූයේ ඔවුන් සමගින් කල කථා බහෙනි. කලා මාධ්‍යයෙන් පමණක් උසස් පෙළ පන්ති පැවැත්වෙන මෙහි චිත්‍ර ගරුවරයෙක් නැත, දෙමළ උගන්වන්නට ගුරුවරයෙක්ද නැත. ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ තවත් පාසලකට අනුයුක්ත ගුරු භවතෙකි. තත්වය එසේ වුවද ගිය වසරේ උසස් පෙළ ප්‍රතිඵල 100 % කි. ශිෂ්‍යත්ව විභාගයෙන් තිදෙනෙකු සමත් වී ඇති අතර වැඩිම ලකුණු සංඛ්‍යාව 173 කි.
නගරයේ පාසල් වල මෙන් විවිධ සාරි විලාසිතා මේ ගුරු මහත්මීන් අතර නැත, අත පිරෙන්න වළලු මෙන්ම ගෙල සරසන රන් මාල තිබුනේද නැත, අඩි උස සෙරෙප්පු දමා... පිට වැඩිපුර පෙනෙන ලෙස මෝස්තර දැමූ හැට්ට හැද සිටියේද නැත, ගුරුවරුන් බහුතරයද පැළද සිටියේ සපත්තු නොව සෙරෙප්පුය. ඔවුන්ද මේ දරුවන් නියෝජනය කරන සමාජයේ අයයි. දරුවන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ ප්‍රශ්න බදුය. එනමුත් මනුෂ්‍යත්වයෙන් නම් ඔවුන් සියල්ලන් අභිබවා පොහොසත්ය.
නගරයේ පාසල් වල මෙන් විවිධ සාරි විලාසිතා මේ ගුරු මහත්මීන් අතර නැත, අත පිරෙන්න වළලු මෙන්ම ගෙල සරසන රන් මාල තිබුනේද නැත, අඩි උස සෙරෙප්පු දමා... පිට වැඩිපුර පෙනෙන ලෙස මෝස්තර දැමූ හැට්ට හැද සිටියේද නැත, ගුරුවරුන් බහුතරයද පැළද සිටියේ සපත්තු නොව සෙරෙප්පුය. ඔවුන්ද මේ දරුවන් නියෝජනය කරන සමාජයේ අයයි. දරුවන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ ප්‍රශ්න බදුය. එනමුත් මනුෂ්‍යත්වයෙන් නම් ඔවුන් සියල්ලන් අභිබවා පොහොසත්ය.
ගුරු භවතුන් සමග බ්ලොග්කරුවන් |
පන්ති කාමර තුල සිමෙන්ති බිම ඉරි තලා වලවල් හෑරී ගොස්ය. පුටුවේ සමබරව වාඩි වී අකුරු කරන්නට එම දරුවන්ට අවකාශ නැත. උත්සවය පැවැත්වූ ප්‍රධාන ශාලාවද එසේමය. පරිගණක 18 කින් සමන්විතව තිබූ පරිගණක විද්‍යාගාරයේ අද ක්‍රියාකාරී තත්වයේ ඇත්තේ පරිගණක දෙකක් පමණි. එහි වායුසමීකරණ සියල්ලද ක්‍රියාවිරහිතව ඇති අතර... ඒවා පිළිසකර කරන්නට අරමුදල් ඔවුන් සතුව නැත. සනීපාරක්ෂක පහසුකම් ඉතාමත් අසතුටුදායක මට්ටමක ඇති අතර වැසිකිළි / කැසිකිළි ගරා වැටී ඇත. පානිය ජල ප්‍රශ්නයකටද පාසල මැදිව තිබේ. ඇතැම් පන්ති කාමර වලට සෙවන සලසන්නේ ටකරං තහඩුය... දිවා කාලයට ඉන් ජනිත වන්නේ ඉමහත් රස්නයකි. මෙම අඩුපාඩු පිළිබද ජාතික පුවත්පත් කීපයක අවධානය යොමු කරන්නට සිරා පොරොන්දු විය. මිනිස්කමේ ආශිර්වාදයෙන් ඔවුන් සමග බෙදාහදාගත් අපේ සුහදත්වයට තාවකාලික නැවතීමේ තිත තබමින් අපි ඔවුන්ගෙන් සමුගත්තේ නැවතත් දිණෙක පැමිණීමේ අරමුණින්.
විදුහලේ අඩුපාඩු පිළිබද දැනුවත් වෙමින් |
විද්‍යාලයේ දරුවන් පෙලන අඩුපාඩු |
ආධාර රැගෙන පැමිණි බ්ලොග් නඩය වෙත දිවා ආහාරය ලබාදුන්නෙ සදරු ගෙ නිවසෙදි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ මිනිසුන් වන ඔවුන් ඉතාමත් ඉහළින් සියල්ලන් හට ආගන්තුක සත්කාර දැක්වූ බවත් නොකියාම බෑ... බ්ලොග් අවකාශයේ කාගෙත් හිත දිනාගත් සදරු බ්ලොග්කරණයේ යෙදෙන්නට සිරා හට උත්තේජනයක් වූ බවද නිරහංකාරව පැවසීම මගේ යුතුකමක්... හිස් අහසෙ වරක් ලියැවෙච්ච අති විශේෂ කෝපි වර්ගය අපටත් ලබාදෙන්න ඔහු එකග වුවත් කාල වේලාවේ මද කම නිසා සදරුගෙන් මෙන්ම ඔහුගේ මව්තුමිය හා සුන්දර නැගණියගෙන් සමුගෙන නැවතත් කොළඹ බලා එන්නට අපට සිදුවුනා...
සදරුගේ නිවසින් ප්‍රණීත දිවා ආහාරය |
සදරු,වෙනී, සිරා |
ජීවිතයට අමතක නොවන අත්දැකීමක් එකතු කල ලස්සන දවසක් ගෙවීගියේ ඔන්න ඔහොමයි... මේ ගමන අතරතුර සිදුවුන රසබර දෑ සියල්ල ලියන්න සිරා වන මම උත්සුක නොවූයේ මෙම ගමනට සහභාගී වූ සහෝදර බ්ලොග් කරුවන් ඒ අඩුව පුරවාලනු ඇතැයි යන සිතිවිල්ල නිසයි.
පොතක් පරිත්‍යාග කර කුඩා උන්ගේ මුවග සිනාවක් නංවන්නට දායක වූ සියල්ලන්ටම බොහොමත්ම පින්..
ඉතිරි අඩුපාඩු කීපයත් සම්පූර්ණ කර ගන්න ඔවුන්ට සරණ වෙන්න ඔබට පුලුවන් නම් එය වචනයෙන් කිව නොහැකි තරමේ උදව්වක් බවට පත්වේවි.
විද්‍යාලයේ අඩුපාඩු ගුරු භවතුන්ගේ හඩින්ම අහලා බලන්න.
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
තිරය පිටුපස සමහර සිද්ධි...
ඇතැම් ඡායාරූප මෙහි අනිවාර්යෙන්ම පල කල යුතු බවට මා හට තර්ජනද එල්ල වූ බව කරුණාවෙන් සලකන්න.
හසලක නගරයේ ෆාමසියක් අභියස සිට ප්‍රේමයෙන් වෙලුනු මැස්සන් යුවලක් දක්වමින් ෆාමසියේ සේවයේ නිරතව සිටි යුවතියකගේ ප්‍රේමය අයැද සිටියේ කවුදැයි මම නම් නොදනිමි.
සියල්ලන්ගෙ මූණත් තහඩු වෙන් වෙන් වශයෙන් දැකගන්න මෙතැනට යන්න.
සිරාම සමාජ සත්කාරයකට දායක වූ සෙට් එකටම ජයවේවා..
ReplyDeleteබොහොමත්ම ස්තූතියි !
Deleteස්තුතියි සටහනට සිරා..මේ සමාජ මෙහෙවර යථාර්තයක් කරන්නට වෙර දැරූ හැමට සුභ පැතුම්..
ReplyDeleteඔබටත් ස්තූතියි රූ...
Deleteපන්තිකාමරවල බිම හැටි දැක්කමනං ඒ ළමයි පවු කියල හිතෙනව.
ReplyDeleteකරපු සත්කාරයට සුබ පැතුම් !
අර වෙනී අයියගෙ ෆොටෝ ෂුටිං නං නියමයි.
Deleteඒ දේවල් දැක්කම අපිටත් දුක දැනුනා තමයි... වෙනී අයියා මඩ වර්ෂාවක් අභියස දැන් ඉන්නෙ... ඉදිරියට බලමු...
Deleteඅතිශයින්ම සතුටුදායකයි සිරා, මට කිසිම විදියකින් මේ වැඩේට සම්බන්ධවෙන්න නොහැකි වීම ගැනනම් කණගාටුයි.
ReplyDeleteදුක් වෙන්න එපා සුමිත් අයියා... මීලග වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙමු...
Deleteමේ වගේ වැඩ කරද්දී අපිවත් දැනුවත් කරන්න සිරා අපි පුළුවන් උදව්වක් අනිවරෙන්ම කරන්නම් ජය !!
Deleteමීළග වතාවෙ එය එපරිද්දෙන්ම වේවි...
Deleteනියමයි.මගේ සුභ පැතුම්.
ReplyDeleteඅපේ පැත්තෙත් ඇවිත් යන්න. http://manasindiviyata.blogspot.com/
ස්තුතියි සහෝදරී... බ්ලොගියට එන පාර දන්නෙ නැතුවයි හිටියෙ... දැන් අනිවාර්යෙන්ම එන්නම්...
Deleteඊ ළඟ පාර අපිටත් කියන්න.අපිත් උදව් කරන්නම්
Deleteමේවගේ වටිනා සමාජ සත්කාරයක් සංවිධානය කරපු ඒ වගේම දායකත්වය සපයපු පිරිසට ගොඩක් පිං,
ReplyDeleteඒ සදහා නායකත්වය දුන් හැමටම, වචනයකින් හෝ උදව් කල හැමටම
Deleteමේ පින අත්වේවා !
සිරා මල්ලි මට ඉතාම සතුටුයි බන් උබලගෙ ගමන ගෑන.ඔය වගෙම සිද්දියකට මුහුන දුන්න මම 1998.අපේ යුනියන් එකෙන් තීරනය කලා දුශ්කර පාසල් වල නන්ගිල මල්ලිලට 1998 අ පො ස සා පෙලට උපකාරක සම්මන්ත්‍රන කරන්න.මට හම්බ උනෙ ඒ දවස් වල කොටි තර්ජන තිබුන හොරොව් පොතාන රන්වලි මහ විද්යාලය.ඒ දවස් වල ඉතින් අපිට වඩා වීරයො කොහෙඩ හිටියෙ.මමත් එක පයින්ම කෑමතිවෙලා ගියා.අන්න එදා මට අපේ ගම්පහ දිස්ත්‍රික්කෙ ඉගෙන ගන්න උන් ගෑන පුදුම කේන්තියක් ආවෙ.ඈයි යකෝ මෙච්චර පහසුකම් තිබිලත් මුන්ට ඉගෙන ගන්න බෑහෑ.නමුත් ඒ දරුවො එ දවස් වල කිසිම පහසුකමක් නතුව ඉගෙන ගන්න හදන් මහන්සිය දෑක්කම පුදුම දුකක් ඈති උනා.අපි සෑලසුම් කලාට වඩා සතියක් එයාලට ඉගෑන්නුවා. ගුරුවරු නති ඒ ඉස්කොලෙ ලමයි එයාලගේ ප්‍රතිපල කියල අපිට එවපු ලියුම් තවමත් මා ලග තියනව ලන්කාවෙ.ඒ සතුට සල්ලි වලට ගන්න බෑහෑ කවදාවත්.උබලා ඔක්කොටම පින්. මම ඉන්දික සෞදියෙන්
ReplyDeleteඉන්දික ,උඹල වගේ මිනිස්සු මේ රටට ඕනෑ බං...!
Deleteකොහේ හිටියත් උඹට ජය වේවා..!
වී....
Deleteමේකට නං වැටක් ගහන්නම වෙනවා.... හි හි...
++++++
බොහොම සතුටුයි ඉන්දික අයියා වගේ කෙනෙක් මෙතන කමෙන්ට් කරලා තියෙනවා දැක්කම... ලොකු සල්ලි කාරයෙක් වෙන්න මට බලාපොරොත්තුවක් තිබුනෙ නැති වුනාට එදා ඒ බලාපොරොත්තුව ඇති වුනා... හොද සල්ලිකාරයෙක් වෙලා මේ වගේ අසරණ දරුවන්ට පිහිට වෙලා චිත්ත ප්‍රීතිය ලබන්න මගේ හිත මට බල කලා...
Deleteස්තූතියි ඔබට..
ප:ලි:- ආපසු එන ගමනේදී අර පොඩි උන්ගෙ දෙමෞපියන් හා එම විදුහලේ විදුහල්පතිතුමා විසින් සම්පාදනය කරන ලද සියබලා,අඹ,බඩ ඉරිගු,සහල් ඈතුලු නානා විද බාන්ඩ අඩන්ගු බඩු ගෝනිය අනුරදපුර දුම් රිය පොලෙ සිට වේයන්ගොඩ දක්වා ප්‍රවාහනයේදී කන ලද කට්ට ජීවිතයේ ඒ ආකාරයේ ප්‍රතම සහ එකම සුන්දර{එපාඋන}අත්දෑකීම විය. ඉන්දික
Deleteකට්ටක් උනත් සුන්දරයි නොවැ...
Deleteබුලත් අරන් එන පොඩි උන් දෙන්න දැක්ක ගමන් මටත් හිතුනෙ // බලන්න මේ දරුවන්ගේ අව්‍යාජ හිනාව // කියන එකම තමයි.අරුන් තුන්දෙනා මොනාද අර පදුර ඇතුලෙන් එලියට අදින්නෙ,
ReplyDeleteඒ ළමයි දෙන්නා විතරක් නෙමෙයි... ඒ පැත්තෙ හැම කෙනාම අව්‍යාජ උදවිය.
Deleteඋන් තුන් දෙනා මල් වැලක් නාවනවා...
ඇස් දෙකට කඳුළු ආවා මචං..!
ReplyDeleteඋඹල හැමෝටම පිං..!
ඊලඟ වැඩසටහන කෙරෙන කොට දැනුම් දේවි කියල හිතනව..!
ආසයි සහභාගිවෙන්න පුලුවන් හැටියට..!
අනිවාර්යෙන්ම, මමත් මේ වැඩසටහනට අවසන් මොහොතෙ සහභාගි වුනේ... ඊළග වතාවෙ මීට වඩා දෙයක් කරමු..
Deleteඅන්තිම මොහොතෙ හරි පොත් ටිකක් දෙන්න පුලුවන් උන එක ගැන ෆට්ට සතුටුයි මට..
ReplyDeleteඇත්තටම මේක සංවිධානය කරපු හැමෝටම බොහොම පිං..
මෙයට දායක වූ කෙනෙක් හැටියට ඔබටත් ඒ පින ලැබේවි මලයො... බොහොම සතුටුයි ඒ ගැන...
Deleteසිරා මල්ලි,
ReplyDeleteමේ පින මතු උපදින ආත්මයක් ආත්මයක් පාසා මීට සම්බන්ධ වූ හැමදෙනාටම ලැබෙනව මල්ලි.
ඒ අහිංසක දරුවන්ගෙ හිත්වලට නුඹලා අරගෙන ගිහින් දීපු සතුට සිය දහස් වාරයකින් ආපසු නුඹලා හැමෝටම ලැබෙනවා...
විස්තරය බොහොම ලස්සනට පින්තූරත් එක්කම බෙදාදුන්නට බොහෝ තුති...
බොහොම ස්තූතියි අයියෙ ඔබේ හෘදයාංගම කොමෙන්ටුවට... ඔබේ හදවතත් බොහොම සංවේදී වී ඇති බව මේ කමෙන්ටුවෙන්ම පේනවා... ඔය සංවේදී කම අපි හැමෝම ලග තිබුනොත් මේ ලෝකය වඩාත් ලස්සන වේවි.
Deleteමේ ෆොටෝ වලින් මට මතක් උනේ ඉස්සරම මං ගිය දහම් පාසල... ඔය වෙග්ම තමා... බිල්ඩින්, පිළිම ගරා වැටිලා... ඒත් අපි හරි ආසාවෙන් ගියා දහම් පාසල්... මොකද ඒ පරිසරය හරි ලස්සනයි... ඉස්කෝලෙ තිබුණ ගිනි කාස්ටක අව්ව ඉරිදට දහම් පාසලේ තිබුණේ නෑ... බිම වාඩි වෙලා පාඩම් කළේ... මට ඒ අව්‍යාජ අතීතය මතක් උනේ මේ පොඩ්ඩන්ගේ මුණු වල තියන අවිහිංසකකම දැක්කමයි...
ReplyDeleteනාඩියාගේ Needy Readers එකත් එක්ක මේක පටලෝගෙන ඉන්නකොට රාජ් ඇවිත් අවුල ලෙහලා දුන්නත්, ගෙදරින් එළියට බහින්නේ නැති මට පොත් ටිකක් ගෙනවිත් දීමේ හැකියාවක් නැති නිසා මේ සත්කාර්‌යයට සම්බන්ධවෙන්න බැරි උනා... නාඩියාගේ වැඩේට පොඩි උදව්වක් දීලා හිත හදා ගත්තා... කොහෙට දුන්නත් පොත කියවන්නේ දුප්පත් දරුවෙක්නේ කියලා....
බොහෝම ස්තූතියි සිරා මේ අත්දැකීම බෙදා ගත්තට... ඇස්වලින් කදුළු බේරි බේරි කියවපු තවත් නොමැකෙන බ්ලොග් සටහනක් මේක....
ප.ලි. වෙනී අන්කල් අර අච්චරම කැමරාව මානන්නේ අරුන් දෙන්නව පොඩ්ඩක් හරි මහතට පේන කෝණයක් හොයන්න වෙන්ඩැති.... නැත්තම් මුන්ව එක්කන් ගිහින් කන්නවත් අරං දීලා නෑ කියයි කියලා බයේ.. හි හි.. සිරා ගැන නම් ඉතිං ඒ අවුල නෑනේ... නේද....... හි හි....
මීට වඩා දෙයක් මමත් පුද්ගලිකව කරනවා කියලා මේ වැඩසටහන අවසානයේ හිතා ගත්තා.. එහි එක් පියවරක් විදියට ලංකාවෙ ජාතික පුවත්පත් බහුතරයක පොඩි හෝ සටහනක් මේ වෙනුවෙන් පලවේවි.
Deleteඅපොයි ඔව්... උන් දෙන්නම හුඹහෙන් ඇදපු තලගොයි දෙන්නෙක් වගේ හිටියෙ... චන්ද්‍රිකා හෝටලයෙන් කෑවට පස්සෙ තමා ඔය ගානට හරි මහත් වුනේ.. මේ දෙන්නත් සම්බන්ධ තව මඩ ගොඩාක් වෙනි අයියගෙ බ්ලොගියෙන් එළියට ඒවි ළගදීම...
උඹ මුල් පොස්ට් ඒක කාවද 5 පාරක් ආව බලන්න දැන් වැඩ නිවආදු පාඩුවේ කියවල කොමෙන්ටුවක් දාන්නම්
ReplyDeleteපොඩි අවුලක් ගියා කෝරාල... වෙන්න සමා...
Deleteපින්තූර දැක්කමනම් හිතුනෙ ලැබිය යුත්තන්ටම ඒ සියල්ල ලැබිලා කියලයි...නමුත් සිත්තමී දැනුවත් වෙලත් සහභාගිවෙන්න බැරිවුණා...ඒ සිත්තමීත් මාසෙකට අනිවාර්්‍යයෙන් කරන පින් අතේ රාජකාරී කිහිපයක්ම තියෙන නිසාත් ඒ දවස්වල බොහෝ අගහිගකම් තිබූ නිසාත්...
ReplyDeleteඒත් මොන දේ තිබුනත් ලබන පාරනම් සහභාගී වෙනවාමයි....
තැවෙන්නෙ එපා නගෝ... අපිට දෙන්න බැරි වෙච්ච සම්පත් ඊළග වතාවෙ දෙමු... මේ සමාජ සත්කාරය මෙතැනින් නවතින්නෙ නෑ... ලබන වසරේදීත් අනිවාර්යෙන්ම සිදු වෙනවා... එදාට ආයෙත් අත්වැල් බැද ගනිමු..
Deleteසමාජ සත්කාරය ඉහලින්ම අගය කරනව සිරෝ....
ReplyDeleteඅර පොටෝ ටික තමා පොටෝ ටික... මං හිතන් හිටියේ සිරා පොඩි එකෙක් කියලා. බැලින්නම් මූටත් ඉබ්බන්ගේ වයසනේ
ගුරු මංඩලේ සුද්දෙකුත් ඉන්නවද කොහෙද...
Deleteසිරා ඉතිං පොඩි කොලුවෙක් තමයි... ඔය ඇග පොඩ්ඩක් මහත් උනාට... සුදු කබර රෝගය හැදුනු හරිම අහිංසක චරිතයක් ඒ ගුරු මහත්මයා...
Deleteඅනේ, අපහාසයක් කලා නොවෙයි...මම ඒ එක් එකකෙනා දිහාම වෙන වෙනම බැලුවා..ඊලග වතාවෙදි ඔය ගුරු මහත්ම මහත්මීන්ටත් කිසියම් තිලිනයක් දෙන්න පිලිවෙලක් යොදාගන්න බලන්න...පුලුවන් උදව්වක් කරනව මමත්....
Deleteඅනේ නෑ අයියා මම අපහාසයක් විදියට ඒ දෙය දැක්කෙ නෑ... මම එතනට ගිය නිසා මිසක ඡායාරූපය පමණක් දැක්ක නම් මටත් හිතෙන්නෙ ඔහු සුද්දෙක් කියලම තමයි. ඊළග වතාවකත් මේ පාසලටම යමක් කරන්න ඕනෙ කියලා මටත් හිතෙනවා... සියලුම ප්‍රධාන ජාතික පුවතපත් වල මේ ගැන සදහන් වේවි...ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලයි බලාගෙන ඉන්නෙ...
Deleteමචන් සිරා...
ReplyDeleteකියන්න දෙයක් නෑ පට්ටම සිරා වැඩක් මචන්..... හැම මනුසයම මේ වගේ හිතනවනනම් කොචිචර දේවල් අපිට එකතු වෙලා කරන්න පුලුවන්ද..
උබට ජය
මම
මයික්
ස්තුතියි මයික්... ඊළග වසරේ සමාජ සත්කාරයට කැන්ගරු දේශයෙන් ආධාර ටිකක් රැස් කරලා දීපන්... ජය !
Deleteමේක නම් සිරා වැඩක් කවද්ද මේක කලේ ? තව මඩ ෆොටෝ ටිකක් දාන්න , ආ...... කෝ අර නිලමේ ෆොටෝව,
ReplyDeleteඔක්තොම්බර් 20 වෙනි සෙනසුරාදා තමයි දිනය, හොද හොද මඩ වෙනි අයියගෙ ස්පොට් එකෙන් එළියට ඒවි... නිලමෙ ෆොටෝව ඊළග පෝස්ටුවෙ එනවා අනිවාර්යෙන්ම...
Deleteඋඹේ බ්ලොගියෙත් මොනවා හරි ලියපන් මලේ...
මොනවා ලියන්න ද කියල තාම හිතනවා ඉස්සරහදි මොනවා හරි ලියන්නම් සිරා අය්යේ
Deleteමේ සමාජ මෙහෙවරට උර දුන් සෑම සියලු දෙනාට යහපතක්ම වේවා!
ReplyDeleteස්තූතියි සබිත් ඔබේ උදාර ප්‍රාර්ථනයට...
Deleteඉස්සරවෙලා ඇවිත් බලද්දී පෝස්ටුව කියවන්න බැරි තත්වයක් තිබුනා. මොනා උනත් මේ වගේ උතුම් සත්කාරයකට උර දුන්න හැමෝටම අඩු නැතුව පින් ලැබෙනවා..
ReplyDeleteපාසල දිහා බලද්දී හරිම දුකයි.ඒ වගේම එක දෙයක් ගැන සතුටුයි. අඩුපාඩුකම් කොයිතරම් තිබුනත්...අකුරට ආශාවෙන් උගෙන ගන්නාවූ දරුවන් දැක්කම හිත සතුටින් පිරුනා...
සූටි අවුලක් උනා අද ඒකයි.. ඒ ගැන සමාව අයදිනවා
Deleteමේ වගේ පාසල් තව කොච්චර ඇද්ද... විකාර වැඩ වලට රජය නාස්ති කරන සල්ලි ඇයි මේ වගේ පිංකමකට යොදන්න බැරි කියලත් මට හිතුනා එදා එතනට ගියාම...
ඇත්තටම පිං අතේ වැඩක්. සිරාට වගේම සහභාගීවූ සෙට් එකටම ජය.
ReplyDeleteඇත්තටම සඳරුව කෝපි අරන් දුන්නෙ නැද්ද?
බොහොම ස්තූතියි... සදරුවා කෝපි සප්ලයි කරන්න ඇහුවා.. අපිට වෙලාව මදි වෙච්ච නිසා ඒක භුක්ති විදින්න බැරි උනා...
Deleteනියම වැඩක්..
ReplyDeleteඅර බස් එකක් ගාව තුන්දෙනෙක් මොකෝ කරන්නෙ.. බස් එක මුර කරනවද?
ස්තූතියි හරී..
Deleteඒ තුන්දෙනා මල් වැලකට වතුර දානවා... වැල මැරෙයි කියලා...
සිරා, ඇත්තටම මේ වැඩේට සම්බන්ද වෙන්න නොහැකි වීම ගැන විශාල පසුතැවීමක් මට තියෙනවා. මේ වගේ කාර්‍යයන් වටිනාකම වචනයෙන් විස්තර කරන්න බැහැ ..බලපන් අර පොඩිවුන් හිනාවෙන ලස්සන,
ReplyDelete--බලපන් අපේ සිංදු කියන ලස්සන --උඹ එවපු ඊය ගැන වැඩේ හරි. ඒක හෙට අනිද්දාම පළවෙයි-
බොහොම ස්තූතියි රතු.... පසුතැවෙන්න අවශ්‍ය නෑ... ඊළග වතාවෙ අපි ආයෙත් එකතු වෙමු...
Deleteඅද දවසෙ මාලි ගැන පල වුනු ලිපියත් මම බැලුවා... ලිපිය ලියන්න අමතර යමක් අවශ්‍ය නම් මට ඊයක් එවන්න... ඔබේ උදව් පදව් වලට බොහොම පිං...
සිරා මේක සිරාවටම ලියලා තියනවා .. මේ කරපු වැඩෙන් බොහොම වටිනවා බං . මම මේ වැඩේට යාන්තම් හේත්තු වුණා විතරයි . ඒත් මට දැනෙන සතුට වචනෙන් කියලා නිම කරන්න බෑ . මට අදත් විදුහල් පති තුමා හමු වෙලා මේ ගැන මතක් කරලා ස්තුති කලා .
ReplyDeleteඒ අතරෙම උඹලා අපේ ගෙදරටත් කඩා පාත් වුණ එක තවත් සතුටක් . උඹලට කන්න බොන්න දෙන්න ලැබීමම කොයිතරම් දෙයක්ද .
බ්ලොග් එක ලියන්න පටන් ගත්ත එක තමා මම මගේ ජීවිතේටම කළ වැදගත්ම වැඩේ කියලා මට දැන් හිතෙනවා .
ඒ විතරක්ද...සිරා කිව්ව වගේ උඹ හින්ද තමා බ්ලොග් කියල එකක් තියෙනව කියල මමත් දැනගත්තේ..!
Deleteඒ විතරක්ද...බලන්න මේ උතුම් පිංකමේ ආනිසංස දැන් සිටම ලැබෙනවා...මෙතෙක් ඔබලා ගැන දැනනොසිටි බොහෝ සංවේදි මිනිසුන් පිරිසක් ඔබලා සමඟ සම්බන්ධ වෙනවා...ඔබට ජය සඳරු....
Deleteස්තුතියි සදරු.... බොලා නිසා තමයි මේ විද්‍යාලයට මේ ප්‍රතිලාභ ලබන්න හැකි වුනේ..ඒ කාරිය සුලුපටු එකක් යෑ.. අපේ උන්ට කන්න බොන්න දීපු එක ගැන නම් සෑහෙන්න ස්තූති වන්ත වෙන්න ඕනෙ... අර කෝපි එක බොන්න බැරි වෙච්ච එක ගැන නම් හිතට දුකයි...ආයෙ දවසක ඒ ගැන බලමු. බ්ලොග්කරණයට ආවට පස්සෙ මමත් බොහෝ මිතුරන් අදුරාගත්ත... එහි වටිනාකම මෙතෙකැයි කියන්න බෑ බං....
Deleteඅගය කලයුතු වටිනා කියන වැඩක්.. විනෝදයට බ්ලොග් ලියන්න ගත්තට ටික කලක් මේකෙ ජීවත් වෙන කොට තමයි තේරුනේ විනෝදයට වඩා කොච්චර දේවල් බ්ලොග් ලිවීම තුලින් ලබා ගන්න පුලුවන්ද කියලා.. ඉදිරි වැඩකටයුතු වලට සහභාගී වීමට අපේක්ෂා කරමි..
ReplyDeleteජය වේවා..
පේනවට වඩා දෙයක් බ්ලොග් වලින් කරන්න පුලුවන් කියන දේ තමයි මේ කාර්යයෙන් ඔප්පු වෙන්නෙ... ඉදිරි දවසක මෙවැනි සත්කාර්යයක් සමග නැවතත් එකතු වෙමු...
Deleteජය !
ආයේ කියනන් දෙයක නැහැ සිරෝ උඹලට පින්.. මට වෙන කියන්න දෙයක් නැහැ.. හේ හේ අර අවසානෙට දාපු එකනං ඵට්ටයි ඈ
ReplyDeleteස්තූතියි සුදු... අවසානයට දාපු ඒවටම සම්බන්ධ තවත් දේවල් විඩෙන් විඩේ තව අයගෙ බ්ලොග් අස්සෙන් මතුවෙයි.. කල්පනාවෙන් ඉන්නවා හොදා...
Deleteනැතුව නැතුව
Deleteමට නම් මේකට දායකත්වයක් දෙන්න බැරි උනා. සහභාගී වුනු හැමෝටම පින්!! මේ වගේ පාසල් වල දක්ෂ දරුවෝ ඉන්නවා. ඒ අයට මෙහෙම අත දෙන එක ඉතාම වටිනවා.
ReplyDeleteදැකපු නැති මුණු ටිකකුත් බලා ගත්තා ඔන්න :)
දවල් මේ පැත්තේ ආවා. රෝල් වල අප්ඩේට් වෙලා තිබ්බට ලින්ක් එක වැඩ කලේ නෑ.
පෝස්ටුව පබ්ලෂ් කොරන කොට පොඩි අවුලක් වුනා තමයි... විස්සෝප වෙන්න කාරි නෑ බොලං.. ඊලග වතාවෙ කරන යමකට එකතු වෙමු...
Deleteඅදමයි මේ පැත්තේ ආවේ වෙනියගෙන් පාර අහගෙන.
ReplyDeleteඇත්තටම ලොකූ පිනක් ඔයාලා කරගෙන තියෙන්නේ. මට මගේ ඉස්කෝලේ මතක් උනා. මාත් ආසයි හද්දා දුෂ්කර ඉස්කෝලෙක උගන්නන්න. කැපිලි කෙටිලි නැති, ලොකුකම් නැති, එකිනෙකා පරද්දන මෝස්‌තර නිරූපන නැති අහිංසක අව්‍යාජ මිනිස්සු අතර ඉන්න එක තරම සැපක් වෙන කොහෙද? ගුරු වෘත්තියට ආස හවස් වරුවේ ගමේ ඇවිදින්න, පන්තියක් කරන්න ලැබෙන නිදහස නිසා. ඉස්කෝලෙක හවස තියෙන නිස්කලංක බව මොන තරම් සුන්දරද?
ස්තූතියි කාමරේට ගොඩ වැදුනට
Deleteගුරු වෘත්තීයේ නිරත වන්නන් ලබන තෘප්තිය ගැන මමත් දැකලා තියෙනවා...එය වඩාත් සුන්දර වෙනවා අව්‍යාජ මිනිසුන් ඉන්න සමාජයක.. ස්වභාව සෞන්දරයයත් එක්ක ජීවත් වෙන්න ලැබුනාම.. ඔය වාසනාව හැමෝටම නෑ...
වාසනාවන්. නැවතත් මෙහෙම පින්කමක් කලොත් පුළුවන් විදියට සහභාගී වෙන්නම්.
ReplyDeleteබොහොම හොදයි ඇපල්..
DeleteGreat Job.. Well done Guys.....!!!!
ReplyDeleteThanks a lot Dr. Mathalan
Deleteමේ කටයුත්ත සංවිධානය කල යට මගේ ස්තුතිය සහ පින්. අවසාන මොහොතේ මටත් මේකට දායක වෙන්න ලැබුන ඒක ඊට වඩා සතුටක්. මමත් පින් කරලා ඇති. තමන්ගේ දිනයක් මේ සඳහා වෙන් කල ඔබ සැමටත් පින්. කලින් රාජකාරියක් යොදා නොගෙන තිබුනා නම් මම අනිවාර්යෙන්ම මේකට එකතු වෙනවා. හිතාගෙන හිටියේ එහෙම, එත් කාර්ය බහුලත්වයත් එක්ක ඒ ගැන විමසීම අතපහු වුනා. ඊළඟ සද්කාර්යේදී සුදීකය පෝලිමේ පළවෙනියට හිට ගන්නවා.
ReplyDeleteඔබ දන්නවදාද ලංකාවෙන් බිහි වූ කඩුලු පැන දෙවීමේ ශුරියක් වූ ශ්‍රියානි කුලවංශ එක් ජයග්‍රහණයක් අවසන ඉල්ලා සිටියේ තමාගේ ගමට විදුලිය ලබා දෙන ලෙසයි. අයගේ දැනුවත් කිරීම මත ගමට විදුලිය ලැබුනා. මට අද ඒ වගේම සතුටක් සඳරු ගැන දැනෙනවා. ඔහුත් ඉල්ලා සිටියේ අසල්වැසි දුප්පත් පාසලකට ආධාරයි. ඔහුගේ මේ වෑයම මා සම කරන්නේ ශ්‍රියානි කුලවංශ නමැති අව්‍යාජ ක්‍රීඩිකාවගේ ඉල්ලීමට.
ඔබ පරිත්‍යාග කල මැක්සිම් ගෝරකිගේ අම්මා කෘතිය දැන් ඒ ළමයි ආසාවෙන් කියවනවා ඇති... ඒ ගැන හිතලා සතුටු වෙන්න පුලුවන් නොවැ... ඊළග වතාවෙ අපි හැමෝම එකතු වෙලා මීටත් වඩා වැඩි යමක් කරන්න උත්සාහ කරමු...
Deleteඅව්‍යාජ ගැමි සුවද මුහු වෙච්ච සමාජයක බ්ලොග් නියෝජනය තමා සදරුවා... ලැබිය යුත්තාටම මේ ආධාර ලැබුනෙ ඒ නිසයි..
උඹලා කොල්ලෝ කට්ටිය ඔබා අයියා වෙනුවෙනුත් අපි ඔක්කොම බ්ලොග් කරුවෝ වෙනුවෙනුත් කරපු මේ සත්කාර්යයට උඹලට මගේ ප්‍රනාමය හිමියි.
ReplyDeleteමමත් අම්පාරෙ, දෙහිඅත්තකණ්ඩියෙ හෙම උගන්නලා තියෙනවා බං. උඹේ මාර්ග විස්තරයෙ අර බිබිල හරහා ගියා කිව්ව එකනම් උඹට වැරදිලා මම හිතන්නෙ. මහියංගනය පදියතලාව හරහා අම්පාර වෙන්න ඇති. නැතිනම් මහඔය.
හරි. තව දෙයක්. ඉගෙනගන්න එකා කොහෙ හිටියත් ඉගෙන ගන්නවා සිරා. ඇත්තටම ඉගෙනගන්න ඕනෙ එකාට ඉස්කෝලයක්වත්, ගුරුවරුවත් ඕනෙ නෑ,
ඔය ෆෝටෝ වල ඉන්න උන් දෙන්නෙක් මම පුද්ගලිකව අඳුනනවා., එකෙක් අර කොටු ෂර්ට් කාර බුරුසු රැවුලා. ඌ එළ කොල්ලා නේ? අනිකා මම කියන්නෙ නෑ. හිතපං බලන්න.
එල ෆෝටෝ සෙට් එක! අඩේ හාවොන්ට වෙඩි තියන්න තහනම් නැද්ද?
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔබා මාමා ආශ්‍රය කරන්න අපිට පින් මදි වුනා නොවැ... මම ඔය මාර්ග ගැන එච්චර දැනුම ඇති එකෙක් නොවෙයි.. අපි බිබිල හරහා තමයි අම්පාරට ලගා වුනේ...
Deleteබුරුසුකාර රැවුලා ගැන නම් කියලා වැඩක් නෑ එල කොල්ලෙක් තමා.... අනිකා ගැනත් මම දන්නවා...ඉංග්‍රීසි පන්ති ආපු කොලුවා නොවැ...
මේ ගමන යට තියෙන මඩ කන්දරාව ළගදීම දවසක බ්ලොග් අවකාශයට පතිත වේවි...
හරිම සතුටුයි..අපිත් මේ වගේම දෙයක් කළා.. Needy Readers 2012 වැඩසටහන...ඒ ළමයින්ගේ අව්‍යාජ හිනාව දැක්කහම.....ඇත්තටම අපි ඉන්නේ කොතනද කියලා හිතෙනවා...
ReplyDeleteබොහොම අගෙයි නාඩියා... කවුරු කලත්..හොද දේ හොදම තමා.. ඒ ළමයින්ගෙ අව්‍යාජ හිනාව දැක්කම හිතට දැනෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම්...
Deleteහොඳ වැඩක්..ඇත්තටම මේ වගේ දේවල් තමා වෙන්න ඕන .. ෆොටෝස් ටිකත් නියමයි :) :) ජයෙන් ජයම වේවා!
ReplyDeleteස්තුතියි හිරු... ආයෙම දවසක මේ වගේ සත්කාරයකදී අපි එකතු වෙමු... ජය !
Deleteගොඩක් වටින වැඩක් සහෝ... මේ ලිපිය ෆේස්බුක් එකේ ෂෙයාර් කරා මගෙනුත් පුංචි සහයෝගයක් විදිහට ජය
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට...
Deleteඉස්කෝලේ දැක්කාම හරිම දුක හිතෙනවා. සිරාලා කරලා තියෙන්නේ ගොඩක් වටිනා වැඩක්.
ReplyDeleteනමින් පමනක් දන්නා අයගේ පින්තූර දැකගත්තා. දැන් ඉතින් හම්බ උනොත් අඳුන ගත්ත හැකි.:)
මටත් සංවේගයක් දැනුනා අපි ඉගෙන ගත්ත පාසල් වල තියෙන පහසුකම් හා මේ පාසලේ පහසුකම් අතර තියෙන පරතරය දැක්කම...
Deleteපින්තූර වලින් දැක්ක අයගෙ හොද හොද කථා තව ඉදිරියට ඒවි...
වටින වැඩක් මචන්ලා... මට කිසිම අයුරකින් සහභාගි වෙන්න නම් බැරි වුණා..මේක දැක්කම අවංකවම දුක හිතුණා මොකුත් කරන්න බැරි වෙච්ච එකට.. කොහොම වුණත් ඔයාල කට්ටිය කරපු දේ නියමයි.
ReplyDeleteස්තූතියි... නැවත වතාවක සිදුකෙරෙන කටයුත්තකදි එකතු වෙන්න..
Deleteමේ අපේ ඉස්කොලේ තවත් එකෙක්...
Deleteඅපේ පාසලේ උන් බොලේ බ්ලොග් අවකාශයේ හැම තැනම ඉන්නවා නොවැ... අප්‍රමාණ සතුටුයි...
Deleteසිරා මේ උතුම් සද් කාර්යයට දායක වු සැමට අපගේ ප්‍රණාමය. මේ සිරා ඔයා මොන පත්තරේ ද වැඩ.
ReplyDeleteස්තූතියි නලින් අයියා... පත්තරේ Sunday Times
DeleteMahaa pinkamak thamaa meka.apita hama dema aduvak nathuva thiyena nisa evage kisi agayak naa nathi minissunta thama evage age maaareta danenne.oya vade ivara vela podi unge munu baladdi siraalata maara aadamabara santhosayak danena aathi.
ReplyDeleteJaya weva sira...........!
ඒ මූණු දැක්කම ලොකු සතුටක් දැනුනා... සල්ලි වලට කවදාවත් ගන්න බෑ එහෙම සතුටක්... ජය !
Deleteනියමයි සිරා..
ReplyDeleteරාජ් ගෙන් සමාව ඉල්ලනවා මේ අවස්ථාව මග හැරුණු එකට. ඒ අතර කිසිම උදව්වක් කරන්න බැරි වුණ එකට.
බ්ලොග්කරන ජනතාව අතරට ගෙනිහින්, සමාජ සත්කාරයක් සිද්ධ වෙනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. කරපු හැම දේකටම, හෙලපු හැම දහඩියකට උබලට පිං..
ජය වේවා !
රාජ් මටත් කිව්වා බොට එන්න බැරිවුන කාරණේ... නැවත වතාවක අපි එකතු වෙමු... මේ වගේ සත්කාර්යයන් වැඩි වැඩියෙන් කල යුතුයි...ජය !
Deleteබොහොම වටිනා වැඩක්.. දැනුම ලබාදීම අනික් හැම දේටම වඩා පිනක්.. සහභාගී වෙන්න බැරි වීම ගැන දුකයි ලැජ්ජයි.. අර මල් වලකට වතුර දාන කට්ටිය ඒ සැප දැන් විඳින එක හොඳයි,,. ඉස්සරහට ආණ්ඩුව එකටත් බද්දක් දාන්න යනවානේ..
ReplyDeleteමීළග අවස්ථාවෙ අපි ආයෙත් එකතු වෙමු... ආණ්ඩුවෙන් බද්දක් දැම්මොත් එදාට පාවිච්චි කරන්න පුලුවන් ගැජට් එකක් මීළග පෝස්ටුවෙන් සිරා හදුන්වාදෙනවා...
Deleteඅර වැලේ තිබ්බ ලොකු කොල 2-3කට පින් සිද්ධ වෙන්න...මගේ සභ්‍යත්වය, සංස්කෘතිය සහ සදාචාරය තුනම රැකිලා තියෙන්නෙ !
ReplyDeleteවෙනී අයියව හැමෝම ටාගට් කරනවා කියලා මම දැනන් හිටියේ නෑ නොවැ... එහෙම දැනන් හිටියා නම් ඒ කොල 2-3 මග ඇරලා ගන්නවා නොවැ ඔය ෆොටෝව.... ග්‍රහයා හොද නිසාද කොහෙද ඔය විදියට බේරුනේ...
Deleteයකඩෝ මමයි සමාව ඉල්ලන්න ඕනේ. මම මේ මගේ වයසේ වගේ පොරක් කියල කතාකලාට සිරා කොල්ල මට වැඩිය වැඩිමහල් වගෙයි. කමක් නැහැ කොහොම උනත් එකෙන්ම ගොඩක් හොඳ වැඩක් කොරල තියෙන්නේ. ඇත්තටම මට සම්බන්ද වෙන්න බැරි උන එක ගැන ලොකු පසුතැවීමක් තියෙනවා. නමුත් ඊළඟ පාර ලංකාවට ආවහම. ඔයවගේ වැඩක් තිබුනොත් මමත් පුළුවන් උපරිමෙන් සප් එක දෙන්නම්. මට තනියම හිනහ ගිය අපි අපේ ඉස්කෝල වල ගෙවපු පුහු ජීවිත ගැන. මේ වැඩසටහනට සම්බන්ද උන හැමෝටම ඔන්න මගේ ආචාරය.
ReplyDeleteබොට වඩා මම වැඩිමල් තමයි...සිරාගෙ කාමරයට එන බහුතරයක්ම සිරාට වඩා බාලයි... ඒ උනාට ඒ අය බාල වැඩ කරන්නෙ නැති නිසා අවුලක් නෑ.. කෝරාල.. ආයෙ වතාවක මෙහෙම පිං අතේ වැඩක් කරද්දි හැමෝම දැනුවත් කරාවි...ඒ අනුව තම තමන්ගේ ශක්ති ප්‍රමාණය අනුව ඊට දායක වෙන එක තමයි හොද....
Deleteගමනට සහභාගි වෙන්නට ලැබුන එක ගැන සංතෝසයි. එකම ඉස්කෝලෙ තුන් දෙනෙක් ඒ ඉස්කෝලෙම වෙස්ට්ර්න් ඊස්ටර්න් බෑන්ඩ් ප්ලේ කරපු සිංදු එක පිලිවලට කියාගෙන යද්දි හිතට දැනුන හැගීම පුදුමයි.අවුරුදු ගානක් ගිහින් උඹල දෙන්නටමත් මටත් ඒ එක සිංදුවක්වත් එක වාදනයක්වත් අමතක වෙලා නැහැ. පෝස්ට් එකට අදාල නැතත් මේ ටික කිවුවෙ එදා ඒ දැනුන සතුට නිසා.
ReplyDeleteවැඩේ සාර්ථකයි. පුලුවන්නම් ඉස්කෝලෙන් ඉල්ලපු ඉල්ලීමට අනුව පුවත්පත් ලිපියක් පල කරමු.
අනිවා අපේ පාසල ලමාකාලයේ සොඳුරු තම ශේමභූමිය...!
Deleteසිහින මේ කියලා තියෙන්නෙ සිරාට අමතක වෙච්ච දෙයක්... සිහින , සිරා, Raj එකම පාසලක වයස් කාණ්ඩ 3ක නියෝජනයක්... මොනවා උනත් ලංකාවෙ ඉහළින්ම වැජඹෙන පාසල් තූර්ය වාදක කණ්ඩායම් දෙකක් (පෙරදිග/අපරදිග) අප විද්‍යාලය සතුයි. එදා Raj ගේ වාදනයට මම සහ සිහින ගායනා කලේ මේ බෑන්ඩ් කණ්ඩායම් ඉස්සර දවසක වාදනය කල ගීත ගොන්නක්... හරිම සුන්දරයි ඒ දවස නම්... කොංගෝ වාදනයට Raj දක්ෂයා.
Deleteපුවත්පත් ලිපි දැන් අදාළ ආයතන වෙත යවා අවසන්... එතැන ලංකාවෙ සියළුම ප්‍රධාන පෙලේ සිංහල ජාතික පුවත් පත් තියෙනවා... ඉදිරි දිනයන් වල ඒවා පලවේවි මලයො...
ඉතාමත් වටිනා පින්කමක් උඹලා ටික කරලා තියෙන්නෙ. පවුල් ජීවිතේ තියන වගකීම එක්ක ඔය වගේ සැහැල්ලු ගමනකට සහභාගි වෙන්නෙ බැරි වුනත් , ඊලඟ සැරේ නම් අපිවත් කීයකින හරි ඕකට සම්මාදම් කරගනින් මල්ලි.
ReplyDeleteවෙනියා තමයි වෙනියා... යකෝ මූ අශෝක හඳගමගේ කැමරා කෝණ වලින් වගේ වැඩ මට පේන්නෙ.
කොහොම හරි ඊළග වතාවෙ දායක වෙමු අයියා... වෙනී කියන්නෙ එහෙම් පිටින්ම පස්ට චරිතයක්... ගොඩාක් දේවල් ඔන්න මම කෙටි කරලා කිව්වා...
Deleteමේක මුලින්ම දැක්කා..එයින් පස්සේ බලද්දී තිබුනේ නැහැ.. හැබැයි රීඩරේට පින් සිද්ධ වෙන්න පොටෝ ටික උස්සලා මූණු පොතෙන් අපේ වෙනී අයියලට උත්මාචාරය දුන්නා.. (උන් තාම මොනවත් කිව්වේ නැහැ නේද..?)
ReplyDeleteකරපු වැඩේ ගැනනං කියන්න දෙයක් නැහැ වැඩේ හොඳින් කෙරිලා තියෙන වග කිව්වැකි.. ඒ වගේමයි වැඩේට අරමුණ උන ඔබා අයියා...
වෙනදා මෙහෙම දෙයක් අපි ලෑස්ති කර ගත්තාම අනිවාර්යයෙන්ම ඒකට ඔබා අයියගේ සම්මාදම තියෙනවා... මට මතක් උනේ ඒක... මොනවා හරි බ්ලොග් අවකාශේ වැඩක් කෙරෙනවනං ඔබා අයියා එයාගේ දායකත්වය ඒ වෙනුවෙන් දෙන්න අමතක කලේ නැහැ... දැන් ඔබා අයියා වෙනුවෙන් අනිත් අය ඒ දේ කරනවා.. ලෝකේ හැටි නේද..?
ඔබා මාමා ආශ්‍රය කරන්න සිරාට පින් නැතුව ගියා නොවැ මාරෙ... ඒත් යනකන් එනකන් පිරිස ඔබා මාමා ගැන කියපු දේවල් වලින් ඔහු කෙබදු චරිතයක් දැයි මම දැනගත්තා...
Deleteවෙනී මාමා පේන්නවත් නැත්තෙ ඹය හින්දා වෙන්න ඕනෙ එහෙනම්...ආරංචි හැටියට තවම මඩ එකතු කරනවලු...
නියම සත්කාරයක් මචං උඹල කලේ. ඔක්කොම අමතක උනා අර පිංතූරෙ දැක්කම. :)
ReplyDeleteස්තූතියි රාජ්... කොයි පින්තූරෙද කියලා කිව්වෙ නෑනෙ... අර මල් වැලට වතුර දාන එකද ?
Deleteකණගාටුයි මේක මග හැරුණු එක ගැන.. ඊලඟ එකටවත් එකතු වෙන්නම්..
ReplyDeleteසිරා කතාව ලස්සනට ලියලා.. සිරා පත්තරේක වැඩකරන බව මම අදනෙ දන්නෙ..
සඳරුවගේ බ්ලොග් ආගමනයනම් ඇත්තටම සමාජ මෙහෙවරක්.. උඹ හිතන්නෙ හිස් අහස කියවපු නිසාම බ්ලොග් ලියන්ඩ ගත්තු කී දෙනෙක් ඇති කියලද ?
කණගාටු වෙන්න එපා සෙන්නා... මේ ඇරඹුමක් පමණයි... මේ වගේ අවස්ථා තව ඉදිරියටත් පැමිණේවි. එදාට ආයෙත් එකතු වෙමු. සිරා පත්තරේක වැඩ කරන ඩිසයිනර් කෙනෙකු මිස ලියන්නෙක් නෙමෙයි.
Deleteසදරුවගෙ බ්ලොග් එක කියවලා තමා ඇත්තටම මට ලියන්න ඕනෙ කියන කික් එක ආවෙ...එහෙම හිතිච්ච බොහෝ දෙනෙක් බ්ලොග් අවකාශයේ ඉන්නවා... මා දන්න අනිත් කෙනා වී පොකුර
Sadru nisa mama wage Blog kiywana huru una kiyak enwada..
DeleteJayawewa,
Sajith
මේ පිනම ඇති :)
ReplyDeleteලබන පාර මමත් එනවා :ඩි
බොහොම ස්තූතියි...
Delete"Blog" ekak Nati unata mamt enwa..kiyana hitagena hitpu dewl Comments wala liyavila. ela...kiyana elama..ela..
ReplyDelete"Blog" kiywana kiyala duna "Sadru" dakina eka mage eka hinayak..
Jayawewa,
Sajith Mendis.
ඊළග වතාවෙ හමුවෙමු... ස්තූතියි...
Deleteනියම වැඩක් !
ReplyDeleteඉදිරියේදි කරන්න ඉන්න වැඩවලටත් අනිවාර්යෙන්ම උදව්වක් දෙන්නම් :)
ස්තූතියි මධුරංග... ඉදිරි වැඩ වලදි අනිවාර්යෙන් එකතු වෙමු...
Deleteබොහෝම පිං අතේ වැඩක් ඔයාලා කරලා තියෙන්නේ.ඒක අපිට මෙහෙම හරි දැක ගන්න ඉඩ සැලැස්සුවාටත් ඔයාට පිං.....
ReplyDeleteමම නම් මේ පැත්තට අළුත් කෙනෙක්....
(මේ පැත්තට විතරක් නෙමෙයි බ්ලොග් ලෝකයටම...)
සාදරයෙන් පිළිගන්නවා... ඉදිරියේදී සිදුකරන මේ වගේ සත්කාර්යයකදී අපිත් එක්ක අත්වැල් බැදගන්න ආරාධනා කරනවා...
Deleteජීවිත කාලයටම අමතක නොවන පින්කමක් ඔබ කරගෙන තිබෙන්නේ. 2000 - 2004 අතර කාලයේදී නුවර කලාවිය පැත්තේ මෙවැනි පාසල් රැසකට රාජ්‍ය නොවන සංවිධාන සමග හවුල්වී ආධාර උපකාර කරන්න මටත් හැකිවුනා. අඬබෙර පම්පෝරි නැතුව නිහඬව කරන මෙවැනි සේවය තමයි සැබවින්ම වටින්නේ. කට්ටියගේ මූණු ටික දැකගන්න ලැබීමත් වාසනාවක්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තූතියි විචාරක තුමා ඔබේ කොමෙන්ටුවට... මෙවැනි සත්කාර්යයන් තව තවත් කරන්න අපි උත්සුක විය යුතුයි... ඒ දරුවන්ගෙ අව්‍යාජ හිනාව දැක්කම ගමන් වෙහෙසත් නැතුව යනවා....
Deleteසිරාගේ සටහන විශිෂ්ඨයි. ලස්සනට සිද්ධි ටික සටහන් කරලා තියනවා. මම 2002-2003 වසර දෙකේ දී මේ වගේ සත්කාරයකට සම්බන්ධ වුනා මහියංගනය හා හබරණ ආශ්‍රිත පාසල් කීපයකට පොත් බෙදා දීම මගින්. එදා අපිට කන්න ලැබුනෙත් මේ වගේ කෑම. මයියොක්කා එක්ක පොල් දුන්නා මතකයි එක පාසලකින්. ඔවුන්ට එය මහත් අඩුවක් වු ලෙස විදුහල්පතිතුමා කියද්දී අපි කිව්වේ අපිටනම් දිව්‍යභෝජනයක් වුනා යන්නයි. ඒ වගේම හබරණ පැත්තේ විදුහලේ දී මට අමතක නොවන භෝජනයක් දුන්න.. නෙලුම් කොලේ පිඟාන වගේ බත් බෙදලා වැව් මාළු නෙලුම් දඬු උයලා කොච්චි සම්බල් එක්ක. එදත් අපි කිව්වේ ඒ නම් අපිට දිව්‍ය භෝජනයක්ම වුනා කියලයි.
ReplyDeleteලොකුම සතුට මේ දරුවන්ගේ දෑස දකින එක. අලුත් පොත් කවකටු පෙට්ටි එක්ක ඒ දෑස් දිලිසුනා මට තවම මතකයි.
ස්තූතියි ක්සැන්ඩර්.. මා ඔබට අමුතුවෙන් කිව යතු නෑ නොවැ මේ වගේ සත්කාර නිසා ඒ දරුවන් විදින සතුට... එයට දායක විමට ලැබිම පිළිබද අපටත් ලොකු සතුටක් දැනෙනවා...
Deleteසැහෙන පින්කමක් නේ කරලා තියෙන්නේ . ඔබ හැමෝම හොඳ මිනිස්සු . පින්තුර ටිකත් අගෙයි. අපේ සඳරු මලයත් ඉන්නේ . වෙනිව නම් මුණු පොතෙන් දැකල තියෙනව උන්දැයි එයාගේ කැමරා කෙරුවාවයි එක්කම . වැප් ව හම්බ වුණා ගිය අවුරුද්දේ .
ReplyDeleteඅහිංසක ළමයින් හිනා වෙනවා දැක්කම හරිම සතුටුයි. මන් උගන්නපු ඉස්කෝලේ කොළඹින් වැඩි ඈතක නැහැ . ඒ වුනාට ඔය වගේමයි.
රාජ් ගේ ප්‍රොෆයිල් පින්තුරේට වඩා මේකේ පෙනුමයිනේ .
ඔබතුමිය ගුරුවරියක් ලෙස කටයුතු කලා කියලා මම අද තමයි දැන ගත්තෙ... මේ ඡායාරූප වල ඉන්න සියලුම දෙනා බොහොම හිත හොද මිනිස්සු...මෙහෙම පිරිසක් හදුනා ගැනීමට ලැබීමත්, මෙවැනි සත්කාර්යයකට දායක වීමට ලැබීමත් නිසාම බ්ලොග්කරණයේ යෙදීමට මා ගත් තීරණය ගැන සෑහෙන සතුටක් ඇති වුනා...
Deleteවටිනා කාර්යයක් ,ඔබ සැමට මගේ ආචාරය .....
ReplyDeleteස්තූතියි රොබින්...
Deleteහ්ම්ම්... ඕන් මන් ආවේ දැන් තමා...
ReplyDeleteඈ සිරෝ... කවදද අප්පේ මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ... දන්නවනම් පොත්පත් පරිත්‍යාග කිරීම කෙසේවෙතත් උඹලගේ සල්ලි වලින් හරි ගිහින් එන්ට එනවනේ... මොකෝ මට පවුල් පන්සල් බාධක තියෙනවා කියලායැ? මං බ්ලොග් කියවන්න එන්නේ සලාක ක්‍රමේට... ඕක තමා මෙහෙම දෙයක් ගැන නොදැන ඉන්ට හේතුව... ඒත් ඉතින් මොනා කරන්නද... ඒක ඉතින් මගේ ඇතිහැකියාව නෙව... දැනං හිටියනම් ඊයක් එවලා හරි කන්ටැක් කරගන්නවා කට්ටියව... දැන් ඉතින් ඒවයින් වැඩක් නෑ... කවදද ඊළග පින්කම... තොරතුරු ටිකක් මටත් කියහං... එහෙම වුණොත් මාත් එන්නම් යන තැනකට... කරපු වැඩේටනං පිං උඹලා හැමෝටම... ජය වේවා එහෙනම්...
මේ කාර්යය මගේ කෙරුවාවක් නෙමෙයි බන්... මමත් අන්තිමට තමයි බෝට්ටුවෙ එල්ලුනේ...බ්ලොග් අවකාශයේ මිතුරෝ කියන්නෙ පොදුවෙ බ්ලොග් ලියන/කියවන සෑම දෙනාගෙන්ම සැදුම්ලත් සංවිධානයක්...ඒකට නිලධාරීන්,ඇතුලත් වීමේ පෝරම, සාමාජික ගාස්තු ඒවා නෑ... ආයෙත් දවසක මේ වගේ ව්‍යාපෘතියක් කරනවා කියලා බ්ලොග් අවකාශයේ දැක්ක දවසක අපිත් එක්ක එකතු වෙන්න බොටත් හැකියි... පුද්ගලිකව කිසිවෙකුට ආරාධනා කිරීමක් නෑ... බොලාටත් ජයම වේවා !
Deleteඊළග පාර නම් එන්ටම ඕන... මේ පාර නම් සිරාවටම දැනගෙන හිටියේ නෑ නේ සිරෝ... හැබැයි ඉතින් යන තැනක ඉන්න උදවියට මාව දැක්කම මට ආධාර දෙන්ට හිතෙයි ෂුවර් එකටම... ඇගේ හැටි දැක්කම නේද? ඊළග වටේ සම්බන්ධ වෙන්නම්කෝ...
Deleteජය වේවා කිව්වා එහෙනම් හැමෝටම...
නියම වැඩක් බන් උඹලා කරලා තියෙන්නේ හරිම අගෙයි . . .
ReplyDeleteස්තූතියි දුකා අයියෙ....
Deleteගමේ දරුවන්ට දැනුම් සාගරයෙන් දිය දෝතක් අරන් යන්න මහන්සි වුණු හැමෝටම පිං :)
ReplyDelete//..සදරුගෙන් මෙන්ම ඔහුගේ මව්තුමිය හා සුන්දර නැගණියගෙන් සමුගෙන නැවතත් කොළඹ බලා එන්නට අපට සිදුවුනා.....//
සුන්දර නැගණියගෙන් :P
බොහොම ස්තූතියි...
Deleteනැගනිය ඇත්තටම සුන්දරයි... ඒ නිසාම වෙච්ච දේවල් ඔය වෙනී අයියත් ලියලා තියෙන්නෙ... ආපහු යන්න වාහනේට නැග්ගත් සමහර අයගෙ විවිධ දෑ එහෙ අමතක වෙලා....
ගොඩක් අගය කරනවා ඔයාලගේ මේ සත්කාරයට.මේ වගේ දුෂ්කර පළාත්වල පාසල් වල මෙවැනි අඩුපාඩුකම් හොදින් මන් පුද්ගලිකව දන්නවා ඒ වගේම එවැනි පරිත්‍යාග වලට සහබාගි වෙලත් තියෙනවා.මොකද මන් සේවය කරන්නේ ප්‍රසිද්ද පාසලක පරිගණක අංශයේ නිසා.අපේ පාසලට නිතර අඩු පාඩු ඇති පාසල්වලින් ලිපි එවන නිසා.ගොඩක්ම අපි පරිගණක පරිත්‍යාග කරලා තියෙනවා එතොකට දැනෙන සතුට කියලා නිම කරන්න බැ.දැනටනම් අප පාසලේ මේම කටයුත්ත ටිකක් අඩාල වෙලා තියෙනවා.ඒත් පුළුවන් විදිහට අපි උදව් කරනවා.මේ ලගදි අපිට ලිපියක් ආව මාතලේ දුෂ්කර පාසලකට පරිගණකයක් ඉල්ලලා.ඉතින් එයාල ඉල්ලුවේ අලුත්ම පරිගණයක් නෙමයි පරණ යන්තම් හරි පරෝයෝජනයක් ගන්න පුළුවන් පරිගණකයක්.ඒක දැක්කම මගේ හිතට ගොඩක් දුක හිතුනා මොකද ඒ ලිපියේ සදහන් කරලා තිබුන විදිහෙන්.ඒත් කර්තව්‍යට අපේ පාසලෙන් එච්චර උනන්දුවක් දැක්කුවේ නැ මොකද පරණ පරිගණයක් නොතිබූ නිසා.පුද්ගලිව මාහට අවශ්‍ය උවත් පරිගණකයක් ඒ පාසලට අරන් දෙන්න ඕනේ කියලා ඒත් මාහට එතරම් මුදලක් නැති හෙයින් ඒ අදහස මන් යටපත් කර ගතම්.මාගේ බලපොරිත්තුව කවදා හෝ මාගේ පුද්ගලික වියදමින් පරිගණකයක් නැති බැරි පාසලකට අරන් දීමය.මුලින්ම කියන්න ඕනේ මන් රජයේ සේවකයක් නෙමෙයි පාසලක සේවය කලත්.සුළු වැටුපක් තමයි ලබන්නේ.මේ වෙලාවට තමයි හිතෙන්නේ කෝටිපතියෙක් උනානම් තමන්ගේ රටට කොච්චර සේවයක් කරන්න පුලුවන්ද කියලා.මන් යෝජනාවක් කරනවා ඔයාලට පුළුවන් නම් පොත් සමග අලුත් හෝ පරණ පරිගණකයක් දෙන්න පුලුවන්ම් ගොඩක් පින් කියලා.මොකද අද පරිගණකයෙන් තමයි මුලු ලොකයම සම්බන්ද වෙන්නේ.මමත් ඔයාලට පුළුවන් උදව්වක් දෙන්නම්.ඒ වගේම ඔයාලගේ වැඩසටහන් වලට සම්බන්ද වෙන්නත් කැමති.මමත් බ්ලොක් එකක් කරනවා සහෝදරයා ඒත් එකේ ඔයාල කරනවට වඩා වෙනම ආකාරයේ වැඩක්.කැමතිනම් ගිහිල්ල බලන්නොකෝ. www.moviehutlk.com ඔයාලනම් වැඩිය මේකට කැමති වෙන එකක් නැ.එහෙනම් ඔයාලට මන් සුබ පතනවා .
ReplyDeleteආයෙත් දවසක උදව්වක් කරන්න හෝඩුවාවක් හොයන වෙලාවක මේ පාසල ගැනත් ඔලුවෙ තියා ගන්නම්...ස්තූතියි
Deleteඅලේ.... මයෙ සඳ කිඳුරත් ගිහින් නෙව....
ReplyDelete;)
උදිත් මල්ලිත් ඉඳල නෙ..
:)
මටත් වැලේ වැල් නැතුව ප්‍රශ්න කීපයකට හිර වෙලා හිටිය දවසකනෙ ඕකත් සෙට් උනේ... අපරාදෙ මට මග ඇරුන ඒක...
කාරි නෑ.. කවුරු කරත් බෝම හොඳ වැඩක් නෙ...
අගය කරනව මමත්...
ජය
ස්තූතියි පවනි...
Deletemamath mewage dekata wathawak sambanda una.Matara distrikaye athi dushkara pasalaka siyaluma lamainta nawa wasarata awashya siyaluma pothpath ha upakarana laba dimakata.e pasalath me wagemai ithama unandu principal kenek.awanka staff ekak.ahinsaka daruwan.me wagema godanagili.eda danuna sathuta mata apahu danuna.sirata suba pathanawa.nitharama baluwata ada thamai kotannama ona kiyala hithune Damith
ReplyDeleteස්තුතියි දමිත්...ලංකාවට ආපු වෙලාවක මේ වගේ පාසලකට ආයෙත් මගේ පුද්ගලික මුදලින් පරිත්‍යාගයක් කරන්න ආසයි. මම මේ පාසලත් ඔන්න මගේ මතක ගබඩාවට දාගත්තා...
Delete