Friday, October 5, 2012

89 මා ඉදිරියේ හැඩූ මිල්ටන්ගේ මිතුරා

ඡායාරූපය  මෙතැනින්

ප්‍රේමය වනාහි පුදුමාකාර මානුෂීය හැගීමකි.. එය මෙන්න මේ යැයි අරුත් දක්වන්නට කිසිවෙකුත් අපොහොසත්ය. සමහරෙකුගේ ජරා ජීර්ණ වී කුණු ගද ගහන ජීවිතය රෝස මල් යහනාවක අතුරා සුවද මලින් සරසන්නට තරම් ඒ ආදරය උතුම්ය... තවත් සමහරෙකු තමන් නියෝජනය කරන සමාජ පන්තියෙන් නෙරපා දිළින්දෙකු /හිගන්නෙකු බවට පත් කලේද මේ කියන ආදරයමය. එක්ටැම්ගෙයක විසූ චිත්‍රාවන්ද... රජකම හැරදා සැඩොල් ලදකට ආලය කල සාලිය කුමරාද , පෙම්කල වරදට මරණ දඩුවම් විදි දස්කොන් ඇමතියාද ලෝකයට පසක් කලේ ආදරයේ ඇති බලපුලුවන්කාර කම නොවේද ?  සැබෑවටම ආදරය යනු කුමක්ද? ජීවිතය ජීවත් කරන්නට ධෛර්යය දෙන්නේ ආදරයද... මම නොදනිමි. එහෙත් එක් දෙයක් දනිමි. ආදරය සොදුරු කල්හි ජීවිතය සොදුරුමය.... සෙනෙහසින් රැකබලා ගත් ආදරය වියෝ වූ කල්හි ජීවිතය අපායකි.

මා මේ කියන්නේ 2003 කාල සමයේ සිදුවූ සත්‍ය සිදුවීමක්.. සිරාගෙ කාමරේ තුලින් කවර දාක හෝ මා මුසා බස් පවසා නැත.  උසස් පෙළින් පස්සෙ පරිගණක ක්ෂේත්‍ර‍යට අදාළව උසස් අධ්‍යාපනය ලබන සමයෙ මටම කියලා කීයක් හරි හම්බ කරන්න මගේ හිතේ ලොකු ආශාවක් තිබුනා... ඒ ආත්ම අභිමානය උදෙසා ඉක්මනින් ස්වාධීන වීම කිය‍න කාරණය නිසා වෙන්න ඇති. ඒ අස්සෙ මටම කියලා ජංගම දුරබණුවක් මිළදී ගන්නත් කාලයක ඉදන් හිතේ තිබුන සිතිවිල්ලත් හේතු වුනා.

දවසක් මගේ මිත්‍රයෙක් මාර්ගයෙන් ලංකාවෙ ප්‍ර‍ධානම පාවහන් නිපදවන ආයතනයක  ශාඛා කළමනාකරුවෙක් හැදිනගෙන ඒ මගින් ඔහුගේ සේවා ස්ථානයේම විකුණුම් කරුවෙක් විදියට තාවකාලික රැකියාවක් කරන්න මට අවස්ථාව හිමි වුනා. ඒ ජා-ඇල ප්‍රදේශයේ... ක්‍රිස්තු භක්තිකයන් වැඩි ව‍ශයෙන් මේ පළාතෙ වෙසෙන නිසා නත්තල් කාලෙට ඇතිවන අධික ඉල්ලුමට සරිලන සේවයක් ලබා දීමට මේ වගේ තාවකාලික සේවකයන්  කීප දෙනෙකු යොදා ගැනීමට ඔවුන් තීරණය කරනවා... ඒ මාස 1 1/2 වගේ කාලයක් සදහා.... මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි මට උදා වුනේ.... අධ්‍යාපන කටයුතු සදහා නිවාඩු ගැනීමට හැකි වීමත්, ආකර්ශණීය ගෙවීම් නිසාත් ඔන්න සිරා හා පුරා කියලා අළෙවිකරුවෙකු වුනා.

උදෑසන 9 ට සේවයට වාර්තා කලාට පස්සෙ රාත්‍රී 8 ට තමයි සේවය අවසන් වුනේ. අලුත් පැරණි කියලා භේදයක් නැතුව හැමෝම බොහොම සුහදව සිටි නිසා රැකියා ස්ථානය බොහොම ප්‍රියජනක එකක්. තදබදය අධික වෙන්න කලින් අලුත් අය සේවයට ගන්නෙ තද බදය අධික කාලයට වේගවත් සේවයක් සැලසීමට අවශ්‍ය පුහුණුව ලබා ගන්න. ඒ ඒ මාදිලියෙ පාවහන් අංක 5කින් යුත් කාණ්ඩ අංකයකින් තමයි හදුන්වන්නෙ...පාරිභෝගිකයා යම් මාදිලියක් පෙන්නුවාම එයට අදාළ මාදිලි අංකය තමයි අළෙවි සේවකයා මතක තබා ගත යුත්තෙ.... මේ අංක පිළිවෙලට නෙමෙයි රාක්ක වල ගබඩා කරලා තියෙන්නෙ... ඒ නිසා ඒ ඒ මාදිලි ගබඩා කර ඇති ස්ථානත් මතක තබා ගත යුතුයි... පළමු සති තුන ගෙවෙනකොට පාරිභෝගිකයා පෙන්වන මාදිලිය රාක්ක වල අඩුක් කරලා තියෙන ස්ථාන එක්වරම හොයාගන්න පුලුවන් තරමේ හැකියාවක් ලැබෙනවා.

මෙහි සේවය කල සමයේ බොහෝ විශේෂ පුද්ගලයන් මා හට හමුවුවත් ඒ අතරින් එක් අයෙක් ඉතාමත් සුවිශේෂී වුනා... ඔහු යාචකයෙක්... අපගේ මුල්ම හමුවීමත් සුවිශේෂ එකක්,

ජා-ඇල නගරයේ වෙළද ආයතන වෙත සතිය පුරාම යාචකයන් පැමිණෙන්නෙ නෑ... වෙළද ව්‍යාපාරිකයන් ඒ සදහා දිණයක් නියම කර තිබෙනවා ඒ සිකුරාදා දවස.. මේ නිසාම වෙනත් නගර වල යාචකයනුත්         සිකුරාදාට ජා-ඇලට ඇදෙනවා කියලා සමහර අය කියනවා. සිකුරාදා උදෑසන සිට වරින් වර දවස පුරා පැමිණෙන යාචකයන් සීයකට පමණ රුපියලේ කාසි ලබා දීමට ඊට පෙර දිණ බැංකුවෙන් රුපියලේ කාසි ගෙනත් තබා ගන්නවා....

ජරාජීරණ වූ ශරීර කූඩු එක්ක කුණු ගද ගහන අපිරිසිදු ඇදුම් ඇදගෙන නොයෙක් මැසිවිලි කියමින් සිගමන් යදින මේ පිරිස අතර ඉතාමත් පිරිසිදු ලෙස ඇදුම් අදින , ප්‍රිය මනාප යාචකයෙක් සිටියා... ඔහුගේ හිසකෙස් නත්තල් පප්පාගෙ වගේ සුදුම සුදුයි. ගුඩ් මෝනින් අපේ සර්ලාට කියමින් පැමිණෙන මේ පුද්ගලයා වෙත ආයතනයේ පැරණි අයත් අනෙක් යාචකයන්ට නැති සැළකීමක් දක්වන බව මම දැක්කා... ඒ නිසාම  මේ පුද්ගලයා එක්ක කථා බහ කරන්න ආශාවක් මටත් නොදැනීම ඉපදිලා....

ඔන්න දවස උදා වුනා ... ගුඩ් මොර්නින් සර් කියද්දි මම රුපියලේ කාසියත් අරන් ඔහු හමුවට ගියා... ඔය කියන දවස් වල සිරා ඉංග්‍රීසි ඉගෙනගන්න හරිම උනන්දුයි... පාරිභෝගිකයකු ඉංග්‍රීසියෙන් කථා කලොත් ඔහුට ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දෙන පුරුද්දකුත් මට තිබුනා...ඊට අමතරව විදේශිකයෙක් පැමිනියොත් ඔහුගේ සහායට අනිත් උන් තල්ලු කලෙත් මාවම තමා.... මෙන්න මේ නිසා  මේ යාචක තුමා එක්ක මම ඉංග්‍රීසියෙන්ම කථාවට මුල පිරුවා.... අන්න එතන තමා මට වැරදුනේ.... ඔහු පුදුමාකාර ලෙස චතුරව ඉංග්‍රීසි කථා කරනවා... නියමම වචන උච්චාරණ සමග සුද්දෙක් වගේම... මට එතෙක් කල් ඉංග්‍රීසි උගන්වපු කිසිදු ගුරුතුමෙක් ඒ තරම් චතුර ඉංග්‍රීසි කථිකයො වුනේ නෑ.... ඒ වගේම ඇමරිකන් සුද්දෙක් වගේ කථාව බොහොම වේගවත්... ඔය අව් අස්සෙ ආයෙ පුරුදු සිංහලටම බැහැලා මම යන්තම් ජාමෙ බේර ගත්තා...

මෙන්න මේ සිද්ධියෙන් පස්සෙ මේ අද්භූත යාචකයා කවුද කියලා දැනගන්න මට තිබ්බෙ පුදුම පිපාසයක්... ඒ නිසාම මා සමග සේවය කල ආයතනයේ පැරණි සේවකයකුගෙන් ඔහු පිළිබද තොරතුරු විමසා සිටියා...

මල්ලි ඔය අන්කල් පුදුම චරිතයක්.... ඉස්සර බාටා එකේ ඉංජිනේරුවෙක්ලු  (පසුව මා දැනගත් පරිදි යාන්ත්‍රික ඉංජිනේරුවෙක් හෙවත් Mechanical Engineer ) එයා කවදාවත් ජරාවට අදින්නෙ නෑ... කසිප්පු බීගෙන කෑගහන්නෙ නෑ... ඔය හිගාකන්නෙ තමන්ට කෑමට යමක් අරගන්න... ඒ කිව්වෙ උදේ වරුවෙ හිගාකන්නෙ උදේට කන්න... ඊළගට දවල්ට කන්න .. ඔන්න ඔය වගේ ... තමන්ට කෑමට සරිලන මුදලක් හොයා ගත්තට පස්සෙ හිගාකන එක නවත්තනවා... අනිත්  උන් වගේ දවස පුරාම හිගා කන්නෙත් නෑ...

හරිම පුදුමයි... එහෙම වෙන්න හේතුව මොකක්ද ? මම ඇහුවා

ලව් හුටපටයක් නිසා පිස්සු හැදුනා කියලා තමයි මම අහලා තියෙන්නෙ...  ඔහු කිව්වා...

කථාව ඇත්තකි... අපේ ප්‍ර‍දර්ශනාගාරය ඉදිරිපිට තිබූ එම ආයතනයට අයත් ප්‍ර‍දර්ශනාගාරය වෙත පැමිණෙන ඉහළ නිලධාරීන් ඔහු සමග කථා බස් කරන දසුන් මා නොයෙක් වර දැක ඇත.

මගේ තාවකාලික රැකියාවේ ආයුෂ කෙමෙන් කෙමෙන් අඩු වෙමින් තිබුනා....
දිණක් හිටි ගමන් සතියේ දිණක උදේ වරුවෙ  අද්භූත යාචකයා පැමිණියා

පුංචි මහත්තයො ගුඩ් මෝනින්.... මට උදේට කෑම එකක් ගන්න තවමත් සල්ලි හොයා ගන්න බැරි වුනා...  තරහා නැතුව මට රුපියල් පණහක් දෙන්න මම හැන්දෑවට ගෙනත් දෙන්නම්.....

ඔහුගේ ඉල්ලීම මම සැනෙන් ඉටු කලා.... එදා සැන්දෑ යාමයේ ඔහු නැවතත් පැමිණියා ඒ මගෙන් ණයට ගත් රුපියල් 50 ලබා දෙන්න...

මෙන්න මහත්තයගෙ සල්ලි.... ගොඩාක් ස්තූතියි....
ඔහුගෙ මහලු නෙත් මා වෙත ලොකු කථාවක් කියද්දි ඔහුගෙ මුවෙන් එසේ කියැවුනා...

සිරා ජීවිතයේ පළමු වතාවට ප්‍ර‍තිපත්ති ගරුක යාචකයෙක් දැක්කෙ එදා...

හිගන දවස හෙවත් සිකුරාදා දිණයට ඔහු වැඩි වේලා කථා බහට රැදෙන්නෙ නෑ... ඒ එදාට ඔහුට යමක් පහසුවෙන් උපයාගත හැකි දිණය නිසයි... ඒ නිසා ඔහු පිළිබද මගේ කුතුහලය සංසිදවා ගන්න ගතවුන දිණ ගනනත් වැඩි වුනා... ඔහු මහා මාර්ගයේ ගමන් කරනු දුටුවද අප හමුවට පැමිණියේ සිකුරාදාට පමණයි.

දිනක් ඔහු අපේ ප්‍ර‍දර්ශනාගාරය ඉදිරියෙන් යමින් සිටියා...  සිකුරාදාට පමණක් අපවෙත පැමිණෙන හෙතෙම එදා සිකුරාදා දිණයක් නොවූවත් අප කිට්ටුවට ඇවිත් .....
ප්‍ර‍දර්ශනාගාරයේ සිවිලිමේ සවිකර ඇති ස්පීකරයෙන් එළියට පැනලා අවකාශයේ පාවෙන ගීතයකට සාවධානව ඇහුම් කම් දෙමින් සිටියා....

ඒ අවස්ථාව ගැණුම්කරුවන් නැති විවේකී වේලාවක් වෙච්ච නිසාම සිරා සිටියේත් ඔහු සමග කථා බස් කල හැකි වාතාවරණයක... මම ඔහුට කිට්ටු වුනා... ඔහු මා නොදුටු සෙයකින් ගීතය ශ්‍ර‍වණය කරමින් සිටියා පුදුමාකාර සංයමකින්.....ඒ මිල්ටන් මල්ලවආරච්චි ගේ බොහොම සංවේදී විරහා ගීතයක්.
යුගයේ අසහාය ගායකයා මිල්ටන් මල්ලවාරච්චි
ඡායාරූපය  මෙතැනින්

ගීතය අවසන් වනවාත් සමගම ඔහු පොඩි එකෙක් වගේ ඉකිගසා හැඩුවා... අවු රශ්මියට කලු වූ මුහුණේ  යට ගිය ඔහුගේ නෙත් කෙවෙනි තුලින් කදුලු බිදු එකින් එක පෙළට ගලා එද්දි සුදුම සුදු කෙස් රොද සුළගට ඒ මේ අත වැනුනා... ඒ අවස්ථාවේ මටත් ඔහු පිළිබද  පුදුමාකාර සංවේදී බවක් දැනුනා....

එක් අතකින් කදුලු පිහදාන ගමන් ඔහු මගෙන් ඇසුවෙ සින්දුව කිව්ව කෙනා දන්නවද කියලයි...

ඔව් මම දන්නවා ඒ මිල්ටන් මල්ලවාරච්චි නෙ...

අන්න හරි... ඒ මගේ හොදම යාලුවෙක් ... අපි ඉස්සර එකටමයි හිටියෙ. මිනිහා ලොකු අතු අල්ලන්න ගියේ නැත්නම් අදත් ජීවත් වෙනවා... ඔහු එහෙම කිව්වා... මේ උපන් කදුල මිතුරා වෙනුවෙන්ද / ගීතයෙන් කියවුනු පරිදි බිදුනු පෙමක් පිළිබද මතක සටහනක් නිසාදැයි මට සිතාගත නොහැකි වුනා.

සෑහෙන දිනක්  පිළිතුරු සෙවූ පැනය මා ඔහුට යොමු කලා... ඇයි හිගාකන්න පටන් ගත්තෙ ?

ඔහුගෙ කදුලු පිරි දෙනෙතින් පුදුමාකාර දීප්තියක් පළ වුනා...  මුහුණේ ඉරියව් බොහෝ උද්යෝගිමත් වුනා...

මම ශාන්ති කියලා දෙමළ කෙල්ලෙක්ට ආදරය කලා... එයත් ඒ විදියට මට ආදරය කලා... අපේ පවුල වලව් පැළැන්තියෙන් ආපු එකක්... මගේ දෙමව්පියන් වගේම එකම නංගිත් එයා දෙමළ නිසා මේ සම්බන්ධයට ගොඩාක් විරුද්ධ වුනා... ශාන්තිගෙ දෙමාපියොත් මේ සම්බන්ධෙට විරුද්ධ වෙලා එයාව බලෙන්ම කෙනෙක්ට කසාද බන්දලා දුන්නා.... එතනින් පස්සෙ මට මේ ජීවිතයේ කිසිම දෙයක වටිනාකමක් දැනුනෙ නෑ.... මම ඉංජිනේරුවෙක් විදියට වැඩකල තැනින් අයින් වුනා... මට ජීවිතයට බලාපොරොත්තුවක් තිබුනෙ නෑ... ශාන්ති නැති ජීවිතය ඇතුලේ මට මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා හිතුනා... ඒ හින්දා මම පාරෙ ඉබාගාතෙ ඇවිදින්න පටන් ගත්තා.... ඒ ඇවිදිල්ල තමයි අවුරුදු ගාණක් තවමත් මේ ඇවිදින්නෙ...

ඔය අතරතුර මගේ දෙමව්පියො නැතිවුනා.... එකම නංගි කසාද බැදලා ඔස්ට්‍රේලියාවෙ පදිංචි වුනා... අපි ජීවත් වුන ගෙදර කෝට්ටෙ පැත්තෙ  තියෙන්නෙ. තාත්තා මැරෙන්න කලින් ඒක මගෙ නමට ලියලා.... ඒක අදටත් මගෙ නමට තියෙන්නෙ.... මම ළගකදි ඒ පැත්තට ගියේ නෑ.... ගිය අවුරුද්දෙ ලංකාවට ආපු නංගි මාව හොයාගෙන ඇවිල්ලා කථා කලා.... ඒ සමගින් ඔහුට සෑහෙන තරමේ තරහක් ඇති වූ බවක් දක්නට ලැබුනා... එයාටත් එයාගෙ අයියව දැනුයි මතක් වෙලා තියෙන්නෙ...ඔහු එහෙම කිව්වා...

අද මට මේ ජීවිතයෙ නැතිවෙන්න දෙයක් නෑ... තිබුනොත් කනවා.. නැත්නම් නිකං ඉන්නවා... මැරෙන දවසක පාරෙම මැරෙයි... කුණු ගද ගහන නිසා කවුරු හරි වළලලා දායි....
එහෙම කිව්ව ඔහු මගෙන් සමුගත්තා....

ඒ සමුගැනීමෙන් පස්සෙ දිණ කීපයක් ඔහුව දකින්නට ලැබුනත් මගේ තාවකාලික රැකියාව අවසන් වීම නිසා නැවත කිසිදිණක ඔහුව දකින්නට ලැබුනේ නෑ... තවමත් ඔහු ජීවතුන් අතර සිටින්නටත් පුලුවන්...

මිල්ටන් මල්ලවාරච්චි ගේ නමත් මේ කථාවට ඈදුන නිසා ඔහු පිළිබදවත් යමක් කියන්නට මට සිත්වුනා...

සිංහල ගීත ක්ෂේත්‍ර‍ය අතික්‍ර‍මණය කල ලයාන්විතයා ඔහුය. නොයෙක් කෙණෙහිලි කම් මැද ඉන්ද්‍ර‍ඛීලයක් මෙන් නැගී සිටියේද ඔහුය. සිංහල විරහ ගීතය කදිම තැනකට ඔසවා තබා විරහා ගින්නෙන් දැවෙන උන්ගේ හදවත් සුවපත් කලේ ඔහුය. ඉන්පසු නොයෙක් උන් සැබෑ ජීවිතයේදී අත්දැකීම් නැති මුත් බලහත්කාරයෙන් අනුන්ගේ අත්දැකීම් තමන්ගේ කරගනිමින් විරහ ගී යැයුවද ඒ එකෙකු වත් මිල්ටන් මල්ලවාරච්චි තරම් ජනතාවගේ හදේ ලැගුම් ගත්තේ නැත. මිල්ටන් වෙනුවෙන් බොහෝ ගීත එදා රචනා කලේ කරුණාරත්න අබේසේකරයන්ය.

සැබෑ ජීවිතයේ තමන් ලද අත්දැකීම් ඇසුරෙන් මිල්ටන් විරහා වේදනා හදුනන උන්ගේ හදවතට දැනෙන්නට ගායනා කළේය. ගුවන් විදුලි ගායකයන් ශ්‍රේණි ගත කිරීමේ  පරීක්ෂණයෙන් කුහක ලෙස අසමත් කලත් උත්සාහය අත්නොහැර ගායකයකු වූවා මෙන්ම ලංකාවේ කැසට් පටයකට ගායනා කල පළමු ගායකයාද වූයේය.

මිල්ටන්ගේ ආදර කථාවද සිගන තෙමේගේ මෙන්ම කදුලක් වූ එකක්ය... මිල්ටන් සිය වේදනාව ගීත බවට පත්කරද්දී අනෙකා පාරක් පාරක් ගානේ ඔලුව හැරුණු අත ගමන් කලේය..

එහෙත් දෙදෙනාම සිය පණ මෙන් ආදරයට ආදරය කල උන් බව පැහැදිලිය. මා පාසලේ අ.පො.ස සා/පෙ ලියූ වසරේ පන්ති භාරව සිටියේ ගුරු මෙනෙවියකි. වයස අවුරුදු 40 කට ආසන්න වුවත් ඇය අවිවාහක වූවාය.  මිල්ටන් ඇගේ ප්‍රියතම ගායකයා වූ අතර ඔහුගේ අභාවය සැලවූ දිණ ඇය මහත් සංවේගයට පත්ව අපට උගන්නන්නට පවා පැමිණියේ නැති බව මට හොදට මතකය. ඇයද ආදරයේ විරහව විදි කෙනෙක් විය යුතුය. නොයෙක් රස අතර විරහවද රසයකි.  බොරුවට විරහව ඇගට ගත් නූතන ගායක ගිරව්  විරහ ගී තලු මරති. එහෙත් තවමත් අංක එකේ විරහ ගීත මිල්ටන් මල්ලවාරච්චිගේය. සිය හදවත විනිවිද ගිය දුක්ඛ දෝමනස්සයන්  ආත්මීය හඩකින් රසික කැළ වෙත ඉදිරිපත් කිරීම එයට හේතුව විය හැකිය.


මට ඔබෙන් අසන්නට ඇත්තේ එකම පැනයකි...
සිය පණ මෙන් ඉතා  දැඩිව තවත් කෙනෙකුට ආදරය කිරීම මෝඩ කමක්ද ?


මම සයිබරයේ අලුත් මිතුරා සිරා..


ප.ලි

මිල්ටන් මල්ලවාරච්චි නම් සොදුරු ගායකයා ගැන මා වැඩි දුර විස්තර කතා නොකලේ බ්ලොග් අවකාශයේ  සහෝදර බ්ලොග් කරුවකු වන චමී 4 යූ  ඒ ගැන ලස්සන ලියමනක් ළගපාත දිණෙක ලියා තිබූ නිසාවෙනි. කාලයේ වැලිතලාවට යටව තිබූ  යාචකයා සම්බන්ධ මේ සිදුවීමද මට සිහිපත් වූයේ මේ ලියමන දැකීමෙනි.

චමී ලියූ  පෝස්ටුව මෙතැනින් කියවන්න

මගේ තාවකාලික රැකියාවෙන් ලද ආදායමෙන් කොටසක් යොදා මා හා පුරා කියලා මිළදී ගත්ත ජංගම දුරබණුව  මෙන්න මෙහෙමයි. ලැබෙන ඇමතුම් තත්පර 30 ක් නිකං දෙන සිම්පතක් රුපියල් 2500 කට ගත්තෙ. මගේ යාලුවන් අතරින් ඉස්සෙල්ලාම දුරබණුවක් ගත්තෙ මම නිසා සමහර උන් ආදරීට කථා කරන්නත් SMS ගහන්නත් මගේ දුරබණුව ඒ කාලෙ පාවිච්චි කොලා.... උන්ගෙ සතුට වෙනුවෙන් මගේ රුපියල් ශත මම අමතක කලා...

89 comments:

  1. හරි පුදුම මිනිස්සු. ඒ වුනාට බලාපොරොත්තුවක් නැති වගකීම් කරගහගත්තු නැති නිදහස් ජීවිතයකත් අමුතුම මිහිරක් තියෙනව, මම නම් ඒකට කැමතියි. ඔහුටත් එහෙම ජීවිතයක් ගතකරන්න තිබුණ අනුන්ට අතනොපා, ඒත් ඉතිං දෛවයෙ හැටි තමා.

    ReplyDelete
    Replies
    1. ආදරය කියලා හැගීමක් මිනිසුන් තුල ජනිත වුනේ ඇයි කියලා කාටවත්ම කියන්න බෑ... දරදඩු මිනිස්සු පවා ආදරය ඉදිරියේ දණ ගහපු හැටි ලෝක සාහිත්‍යයේ ඕනෑ තරම් කියවන්න පුලුවන්... තමා දැඩිව ආදරය කල දෙයක් අහිමි වුනාම භෞතික සම්පත් වලින් ඵලක් නෑ කියලා හිතෙනවා ඇති...

      Delete
  2. කියෙව්වා මචං..හදවතට හරිම සංවේදියි..!
    අපූරු ලියවිල්ල..!
    උඹ හරි සංවෙදී කොල්ලෙක් බං..!
    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. හදවතට සංවේදී යැයි ඔබ පවසන්නේ ඔබද සංවේදී අයෙකු නිසයි...
      සංවේදී අයට සවන්දෙන විට අපද සංවේදී විය යුතු බැව් මම අත්දැකීමෙන් දනිමි. ජය !

      Delete
  3. ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්... ලබා උපන් හැටියට හැම දේම සිද්ධ වෙනවා කියන කතාව ඇත්ත
    මේ තියෙන්නේ මම ලියපු මිල්ටන්ගේ සත්‍ය ප්‍රථම ප්‍රේම කතාව

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාව පිළිබද සබැදියක් මම මේ පෝස්ටුව අග දක්වලා තියෙනවා... ඔබේ ලිපියත් බොහොම රසවත්....

      Delete
  4. නියම කතාව මලයා.බොහොම ආසාවෙන් කියෙව්වේ මේ කතාව .ටිකක් දිග වැඩිද කියලත් හිතුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියන්ඩි.... හැගීම් අකුරු කරන කොට දිග වැඩිද කියලා දැනෙන්නෙ නෑ නොවැ...

      Delete
  5. මේ වගේ කෙනෙක් අපේ ගෙවල් පැත්තේ හිටියා.. තාම ඉන්නවා.. නම කුමාර සර්.. ඉංග්‍රීසි සර් කෙනෙක්... හැබැයි පිස්සු... කරනනේ පිස්සු වැඩ.. හැබැයි ඉතිං බැන්නත් ඉංග්‍රීසියෙන්... ළමයි පාරේ දැක්කත් වදිනවා..

    ලවු කේස් එකක් තමයි එකත්... අම්මලා තාත්තලා තමයි ඉතිං වග කියන්න ඕ‌ෙන්.... ඔය වගේ කතා කීයක් නං අහලා තියෙනවාද ..... ඒ වෙලාවට නම් ඔය ආගම්, ජාති, වලවු, සල්ලි, කේන්දර සහ තවත් වැඩකට නැති දේවල් බදාගෙන ආදරය කරන දෙන්නෙක් වෙන් කරන මිනිස්සුත් එක්ක මරාගෙන මැරෙන වෛරයක් ඇති වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලෙ මේ පැත්තෙත් එහෙම කෙනෙක් හිටියා. මිනිස්සු නම් කිව්වෙ එයා දොස්තර කෙනෙක්ද කොහෙද කියල. හොඳට ඉගෙන ගෙන තියෙනවළු. ඒත් අපි දකින දවස්වල නම් කොණ්ඩෙ රැවුල වවාගෙන අපිරිසිදු ඇඳුම් ඇඳගෙන පාරවල්වල ඇවිද ඇවිද හිටියා. මිනිස්සු කතාකරල කෑම බීම දෙනව ඒ මනුස්සයට. ඡන්ද කාලෙට එහෙම ඔය හන්දිවල හිටගෙන වේගවත් කතා පවත්වනව, සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම. ඒ මනුස්සයටත් ඔය ලව් පලහිලව්වක්ද මොකක්ද එකකට කව්රු හරි තරහකාරයෙක් පාටියකදි මොනවද දාල බොන්න දීලය එහෙම උනේ කියල කතාවකුත් තිබුණ. අපි පොඩි දවස්වල නිසා වැඩිය මතකයක් නෑ, පස්සෙ කාලෙනම් ඒ මනුස්සයව දැක්කෙ නෑ, සමහරවිට දැන් ජීවතුන්අතර නැතුව ඇති.

      Delete
    2. @ හිරු

      ආදරයෙන් ඉන්න දෙන්නෙක් වෙන් කරන එක මොන තරම් පාපයක්ද කියලා මේ කථා වලින්ම පැහැදිලි වෙනවා නේද ? ජීවිතයට අරමුණක් නැති වුනාම ජීවිතය වල් වදිනවා... ආදරය කියන්නෙ ජීවිතයට අරමුණක් එක් කරන සාධකයක් කියලයි මට හිතෙන්නෙ...

      @ DDT

      කෝච්චියකට හරි පැනලා ආදරය නිසා මිය යන උන්ට බැන්නට හදවතේ කැකෑරෙන දුක දරාගන්න බැරිවෙන නිසා තමයි සුකොමල ගෑල්ළමයි පවා ඒ වගේ දරදඩු තීරණයකට එළඹෙන්නෙ... ආදරය නිසා ඇතිවන හැගීම් බොහොම බලවත් කියන අදහස තමයි එමගින් පෙනෙන්නෙ... මේ හැගීම් පිළිබදව ගනුදෙනුව බොහොම කල්පනාවෙන් විසදා ගත යුතු එකක්....

      Delete
  6. ඇත්තමයි කෙටි කතාවක් කියවනවා වගේ අශාවෙන් කියෙව්වේ. "ආදරේ" හරි අමුතු දෙයක්. මම නම් හිතන්නේ නෑ මේ ගැන ගොඩක් අත්දැකීමක් තියන කෙනෙක්ට වුනත් "ආදරේ" ගැන නිවැරදි නිර්වචනයක් දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද ආදරේ ඒ තරම්ම ගුප්තයි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 100 ක් ආදරේ කලත් ආදරේ මේ වගේ යැයි කියන්න කිසිවෙකුටත් හැකියාවක් ලැබෙන එකක් නෑ... පුදුමාකාර හැගීමක් තමයි ආදරය එය සත්ව වර්ගයාටම පොදුයි..

      Delete
  7. සිරා කියන යාචකයා ව මමත් සමහර විට දැකලා ඇති ඔය කියන හැඩහුරුකම් තියෙන කෙනෙක් ගැන මටත් පැහැදිලි මතකයක් තියෙනවා ..(මමත් ජා -ඇල කිට්ටුවම නිසා ) ඉස්සර ඔය විදියේ කෙනෙක්ව මම දැකලා තියෙනවා ඒයා හැමොගෙන්ම මුදල් හිගා ගත්තේ නැහැ නිතරම යන ස්ථාන ටිකක් තිබුණා ඒ තැන් වලට විතරයි ගියේ.. සමහර විට සිරා ඔය කියන කෙනාමද දන්නෙත් නැහැ... එත් දැන්නම් අවුරුදු ගානනාවකින් මම ඔහුව දැක්කේ නැහැ... සමහර විට මියයන්න ඇති.. ජීවිතය හරිම පුදුමයි කියලා හිතෙනවා වෙලාවකට..

    ReplyDelete
    Replies
    1. මා සේවය කල ආයතනයේ මිතුරෙක්ට මම කථා කරලා බැලුවා.... එයා දැකලත් නෑ ලගකදි... සමහර විට ජීවතුන් අතර නැතිව ඇති...

      Delete
  8. aththa kathawak kiyala danagena kiyawan yanakota harima sathutak danenawa.dethun polakadi as deka theth une katahwa liyala thiyena widiyen wenna oni.Sirage kamare kiyala godok than wala dakala thibunath mokak hari melo rasak nathi heenen awidina blogak kiyala hithila kiyawanna awe na.adath awe uda inna hingannage ho kage hari pinthure dakala.apu eka hondai.meka melo rasak nathi blogak nowena bawa danagaththa..

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න යාලුවා... විවිධත්වයක් තියෙන බොහෝ දේ කාමරේ තුලින් ඔබට කියවන්න ලැබේවි... ස්තූතියි ඔබේ පැමිණීමට...

      Delete
  9. අනේ මන්දා.. ආදරය කියන්නෙ මහ පුදුම දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඒක මෙන්න මෙහෙමයි කියන්න කාටවත් බෑ නොවැ...

      Delete
  10. ආදරය මහ පුදුම දෙයක් සිරා....

    ඔයාගෙ කථාව දැන් ගොඩක් කල් වෙන්න ඇති.නැත්නම් සිත්තමී කෙල්ලටත් ඒ ආදරවන්තයා බලන්න පුළුවන් සිත්තමී ඉන්නෙත් ජා ඇල නිසා....

    කොහොම වෙතත් ජීවිතේ ජීවත් කරන්නෙ ආදරය ඒක සිත්තමී අදහන දෙයක්.....ආදරේ වේදනාවත් සිත්තමී හොදට දන්න නිසා ආදරේ ගැන කියන්න ඕනි තරම් දේවල් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. සිත්තමී ජා-ඇල කියලා දන්නෙ අදනෙ... මට ජා-ඇල එන්න යන්නෙ විනාඩි 10 යි.

      මේ කියන යාචක තුමා අඩි 6ක් විතර උස කළු කෙනෙක්... සුදුම සුදු කොණ්ඩයක් තිබුන කෙනෙක්... මතක් කරලා බලන්න මතකයේ රැදිලා තියෙනවද කියලා...

      ආදරයේ වේදනාව විදපු කී දාහක් මේ ලෝකෙ ඉන්නවද... ආදරය වුනත් තරමකට කිරීම තමයි මම හිතන්නෙ හොදම දේ...

      Delete
    2. ගම්පහ ඉඳලා ජා-ඇලට විනාඩි දහයෙන් ? උඹේ ඔය ස්කූටරේ රොකට් එන්ජින් එකක්ද තියෙන්නෙ ?

      Delete
    3. ගම්පහ කිව්වට ගම්පහ - ජාඇල මැද ඉන්නෙ... ඒකයි හේතුව...

      Delete
    4. එහෙනම් උබ අපිට ලගයිනෙ .. කොහෙද ඉන්නේ අක්කර විටද, මාකේ විටද... දිගටම කියාගෙන යන්නද..නෑ එක්කෝ ඕනේ නැහැ..

      Delete
    5. මාකේවිටට මෙහා තම්මිට පාර ජා-ඇල ගම්පහ ප්‍ර‍ධාන මාර්ගයට වැටෙන හරියෙ... බොලා කොහෙද ?

      Delete
    6. එහෙනම් සිරා අස්ගිරි වල්පොළ(විලපාර) එහෙම හොදට දන්නවා ඇතිනෙ. මම ඒහේ සෑහෙන කාලයක් හිටියා දැනුත් ඉදහිට යනවා.
      මාකෙවිට විජිත් කණුගල දන්නවද ? අපේ මිත්තරයෙක්.

      Delete
    7. වල්පොල පාරෙ ඉදලා හිටලා යනවා...මාකෙවිට එහෙම කෙනෙක්ව දන්නෙ නම් නෑ... ඒ පැත්තෙ මගේ මිත්තරයෙකු ගෙන් අහලා බලන්නම්... ආයෙ මේ පැත්තට ආවොත් එන්න... අපේ ගෙවල් පැත්තෙ... ඊයක් එවන්න.. දුරබණුවෙ අංකය දෙන්නම්...

      Delete
  11. ජා-ඇල පැත්තෙ ඉන්නෙ හෙන අමුතු එවුන් වගේ... කලින් අර මිනියක් විකුනකනවා කිව්වෙත් ජා-ඇල එවුන් නේද?

    ReplyDelete
    Replies
    1. උඹ ඔය ඉල්ලන් කන්ඩ හදන්නෙ.. ඔය උඩ එක්කෙනත් ජා-ඇලලු... :-)

      Delete
    2. හපොයි.. දැක්කෙ නෑනෙ..

      කමෙන්ට් නොබලාමයි ආවෙ.. එයාගෙ හිත රිදෙන එකක් නෑ කියලා හිතනවා.. ජා-ඇල හැමෝම එහෙම නෑ කියලා කියන්නම් එහෙනම්....

      ඒත් වැරදිලාවත් ඒ පැත්තෙ නොයන එක ඇඟට ගුණයි..

      Delete
    3. ජා-ඇල ටිකක් විතර අමුතුයි තමයි... එහෙ අය ටිකක් විතර වලියට බරයි...

      Delete
    4. හරී ජා-ඇල ඉදන් මීගමුවට යනකම් වලි අයම තමයි හරිද පරිස්සමීන් කථා කරන්න.... හික්ස් නැත්නම් දන්නවනේ....

      Delete
    5. නැත්නම් දන්නවනේ... මිනිය පාවුනා කියයි දඩුගම් ඔයේ..... හික් හික්...

      Delete
    6. @ සිරා,

      එහෙමද බන්..? ඕක සේව් කරලා තියාගන්ඩ ඕනා කතාවක්..

      Delete
    7. අඩෝ "හරි " උබ ඔය කන්නයි හදන්නේ හරිය..

      Delete
    8. "එහෙ අය ටිකක් විතර වලියට බරයි" ඒක නම් ඇත්ත වගෙයි සිරා... පේන්නෙ නැද්ද මෙතනම ගේම ඉල්ලන හැටි..

      "මිනිය පාවුනා කියයි දඩුගම් ඔයේ" ඒ තරම් දරුණු එවුන්ද ඒ පැත්තෙ ඉන්නෙ..

      සමාවෙන්න සිත්තමී.. සමාවෙන්න චමී.. චමීත් ජා-ඇල ද?

      මට කියපල්ලකො ජා-ඇලට එන හැටි.. එන්න නෙමෙයි වැරදිලාවත් නෑවිත් ඉන්න..

      Delete
    9. කොළඹ මීගමුව මාර්ගය ගමන් කරන්නෙ ජා-ඇල හරහා නිසා ලේසියෙන්ම එන්න පුලුවන්... සිත්තමීගෙන් අහලා බලන්න ගෙදර එන්නද කියලා... බලලා යන්න..

      Delete
    10. චමියා ජා-ඇල වුනේ කොහොමෙයි ? උඹලෑ ගම අයිති කඳානට නේද ?

      Delete
  12. සිරාගෙ කතාවට මමත් එකෙන්ම එකඟයි. අපේ රටේ මිනිස්සුන්ගෙ හදවත් වලට දැනෙන විදියට ගීත ගායනා කරපු ගායකයින් අතර අදටත් අවිවාදයෙන් ම මිල්ටන් මල්ලවාආරච්චි මහත්මයා පළමු තැන ඉන්නව. ඉදිරියටත් ඒක එහෙමම තමයි.

    ReplyDelete
    Replies
    1. ආදරය ගැන නම් කතා නොකරන තරමට හොඳය. මන්ද යත් එය අකුරු වලින් හෝ වචන වලින් මේ යැයි පෙන්වාදිය නොහැකි උත්තරීතරම හැඟීමක් වන බැවිනි.

      Delete
    2. අද කකුල් දෙකට සින්දු කිව්වට ඉස්සර ගායකයො සින්දු කිව්වෙ මිනිසුන්ගෙ හදවතට.. එහෙමත් නැත්නම් බුද්ධිය අවධිවෙන විදියට... ඒ නිසයි ඒ අය අදටත් රසිකයො අගය කරන්නෙ...

      Delete
  13. උඹේ අන්තිම ප්‍රශ්ණෙට මගේ උත්තරය "ඔව්"..

    // මම සයිබරයේ අලුත් මිතුරා සිරා.. //

    මේක දැන් ටිකක් යල් පැනපු කතාවක් නේද ? සිරා දැන් සයිබරයේ ජනප්‍රිය චරිතයක් කියලයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. // මම සයිබරයේ අලුත් මිතුරා සිරා.. //

      මටත් ඔය ටික කියවනකොට දැන් නිකන් මොකක්ද මොකක්ද වගේ සෙන්නා, මම හිතුවෙ ටික දවසක් ගිහින් සිරාම ඕක අයින් කරාවිය කියල.

      Delete
    2. ඒක යල් පැනලද ?

      එහෙනම් ඊළග වාරෙ ඉදන් ඒක වෙනසකට ලක් කරන්නම්... ඔබ දෙපලටම ස්තූතියි ඒ බැව් පෙන්වා දුන්නාට...

      Delete
  14. සිරා අයියගේ බ්ලොග් එකනම් පට්ට! අලුත් එකක් උනාට මගේ හිත තදින්ම ඇද බැඳ ගත්තු බ්ලොග් පිටුවක්! දිගටම කරගෙන යන්න! ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. මලය බොහොම හෘදයාංගමව මේ දේ කිව්වා කියලා පැහැදිලියි... දිගටම මේ පැත්තට එන්න... හොද හොද දේ එළිවෙන ජාමෙට කියනවනෙ.... ජය !

      හිරු අහනවා වගේ එහෙම කියන්න හේතුවත් කියන්න....

      Delete
  15. ඒ මනුස්සයට ඉතින් හිත හදා ගන්න අමාරු නම් ඔහොම නොවී රැකියාව කරගෙන තනිව ඉන්නත් තිබුන.
    අර දෙමවුපියෝ පොඩ්ඩක් නම්‍යශීලී වුනා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑනේ.
    බැඳීම් වැඩිවෙන තරමට දුක වැඩියි. මධ්‍යස්ථව ඉන්න උත්සාහ කරන එක තමයි හොඳ.

    ආ..මමත් ඉස්සෙල්ලම ගත්ත සිම් එක රු.3000. උඹට වඩා රු 500 ලාබෙට මං අරන් තියන්නේ..:)

    ReplyDelete
    Replies
    1. මම නම් ආදරයෙන් ලබා තියෙන අත්දැකීම් අනුව දැඩිව ආදරය කිරීම දැඩි සිත් වේදනා ගෙන දෙන්න දායක වෙන්න පුලුවන්... ඒ නිසා මැදුම් පිළිවෙත තමා හොද...

      2500 සිම් එකට උඹෙන් රුපියල් 3000 අරන් වගේ... ඒ දවස් වල ලැබෙන ඇමතුම් විනාඩියක් නොමිලේ සිම් පත රු 3500/- අද නම් සිම් නොමිලේත් දෙනවා...

      Delete
    2. ඒකෙත් විනාඩියක් නොමිලේ මචන්.. දැන් ෆෝන් එකක් ගන්න පුළුවන් ඒ ගානට..:)

      Delete
  16. හරිම සංවේදීයි . ඒතරම් සංවේදීව දැනෙන්නෙ ලිවීමේ රටවා නිසයි.

    ආදරය කියන්නෙ හරිම පුදුම දෙයක්...මිනිස්සුන්ව නැඟිට්ටන්න...වට්ටන්න...විනාශ කරන්න...මරවන්න...හිනස්සන්න...අඬවන්න...මේ හැමදෙයක්ම කරන්න පුළුවන් දෙයක්...

    //සිය පණ මෙන් ඉතා දැඩිව තවත් කෙනෙකුට ආදරය කිරීම මෝඩ කමක්ද ? //

    ඇත්තෙන්ම ඔව්. එහෙම ආදරය කරලා බලාපොරොත්තු වෙන්නෙ මොනවද ? අපි තව කෙනෙකුට පණ වගේ ආදරය කලා කියලා ඒ කෙනාත් පණ වගේ ආදරය කරාවිද ? කවදාවත් නෑ. අනික අපිට එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ...අපේ ජීවිතේ අපිට ලැබුන තාවකාලික නවාතැනක්නෙ...ඉතින් ආදරයත් තාවකාලිකයි..

    " සදාකාලික නොවූ ලෝකෙක...සදාකාලික ප්‍රේමයක් " ඇති වේවිද ?

    ReplyDelete
    Replies
    1. ඔබ බොහොම සංවේදීව කොමෙන්ටුව අකුරු කල බව පැහැදිලියි. ආදරය කියන්නෙ තවත් කෙනෙකුගෙන් බලෙන් ලබා ගන්න බැරි දෙයක් බව බොහෝ දෙනා අදහන්නෙ නෑ... සැබෑ ලෙස ආදරය කල අයෙක් නම් ඔහු හෝ ඇය තමාගෙන් වෙන් වූවා කියලා කපලා කොටලා මරලා දාන්න තරම් දරුණු සිත් පහළ වෙන්න බෑ...

      Delete
  17. කියල වැඩක් නැහැ..ලිවීමේ ශයිලිය!
    Thumbs Up!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු... ඔයාටත් ආදරය නිසා සෑහෙන්න කරදර උනා නේද පහුගිය දොහේ....

      Delete
  18. සිරා මේ පෝස්ටුව කියවද්දි මගේ ඇස් වලට කදුළු ආවා.. උඹ ඒ තරම් හොදට මේක ලියලා තියෙනවා. ආදරේ... ??ඒක හරි අමුතුම හැගීමක් මචං.. මම මේ පෝස්ටුව කියවද්දි නාරද දිසාසේකරගෙ මේ සින්දුව මීඩියා ප්ලේයර් එකෙන් ඇහෙනවා. බලපන් මේ සින්දුව කියන්නේ උඹ කියන ටිකම නේද කියලා?

    මේ භවයෙදි මුළු දියදායේ...
    එකතු නොවෙනු ඇත අප ආයේ
    පවස නිවන දියපොදක් නොවී ඔඅබ
    ඇයි මහ සාගරයක් වූයේ

    ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ
    අවසන මුල වේ ළතැවිල්ලේ
    වෙරළේ ගල්පරයක් විය හැකි නම්
    තෙමුණත් ඇත කරදිය රැල්ලේ

    සුදු මුදු වැල්ලේ නතරවෙලා
    රළ පස රළ ලුහුබදිනු බලා
    සුසුම් වළලු උඩු ගුවනට යවනෙමි
    පැතුම් සදුන් හද ගලෙහි උලා

    ReplyDelete
    Replies
    1. ෴ පවස නිවන දියපොදක් නොවී ඔබ
      ඇයි මහ සාගරයක් වූයේ ෴

      මේ ගීතයෙ මුළු අර්ථයම තියෙන්නෙ ඔතනය කියල මට හිතෙනව, හැබැයි මම තේරුම් ගත්ත හරිද කියල නම් මම දන්නෙ නෑ, හුඟක් අයගෙ ගීත රචනා තේරුම් ගන්න තරම් සිංහල දැනුමක් මට නෑ. සිරාවත් දන්නව නම් ඕකෙ තේරුම හරියට කියන්නකෝ.

      Delete
    2. හරිම සංවේදී මමත් පුද්ගලිකව ඉතාමත් ප්‍රිය කරන ගීතයක්... නාරද දිසාසේකර ගෙ හැගීම්බර කටහඩ නිසාම මේ ගීතය ගොඩාක් දැනෙනවා කියලයි මට හිතෙන්නෙ...

      පවස නිවා ගන්න පිරිසිදු ජලය ස්වල්පයක් ප්‍ර‍මාණවත්... ඒ උනාට මහ සාගරයෙ කොච්චර ජලය තිබුනත් පවස නිවාගන්න එයින් පිළිසරණක් ලැබෙන්නෙ නෑ... ඒවා බීමට නොහැකි නිසා... මට මෙතැනදි හිතෙන්නෙ මේ කියන ආදරවන්තිගෙන් බලාපොරොත්තු වන ආදරය ආදර වන්තයාට නොලැබෙන බවක්.. මොන දේ තිබුනත් කුමකටද අවැසි දේ ඇය ළග නැත්නම්...

      1964 පළමු සරසවි චිත්‍ර‍පට සම්මාන උළෙලෙ හොදම ගායකයාට හිමි සම්මානය රන්මුතුදූව චිත්‍ර‍පටයේ ගායනය වෙනුවෙන් දිනාගත් ගායකයා තමයි නාරද දිසාසේකර...

      Delete
  19. මිල්ටන් කියන්නෙ මම කැමතිම ගායකයා, බිහිරි වෙලා අවුරුදු 22 ක් වුනත් මිල්ටන්ගෙ සිංදු වලින් 75%ක් විතර තාම මතකයි. ඔහු ගැයූ ගී ඔහු හැර වෙනත් අයෙකුගේ හඩින් ගැයුනානම් සමහරවිට එහෙම නොවෙන්න ඉඩ තිබුනා.

    මට හිතෙන විදියට මේ කතාවේ කතානායකයා, මිල්ටන් අහලා ජෝතිව පිළිපැදලා තමයි ඔහොම වෙන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. මිල්ටන් මල්ලවාරච්චිගේ කටහඩේ තියෙන හැගීම්බර ස්භාවයත් එක්ක ඒ ගීත ශ්‍රාවකයන්ට වඩාත් සමීප වෙන්න ඇති.. ඒ නිසාම විරහ වේදනා විදපු අය වැඩිපුරම කැමති මිල්ටන්ගෙ සින්දු වලට...

      ජෝතිපාල කියන්නෙ වෙනස්ම චරිතයක්... ඔහු ජනතාවගේ ගායකයා ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නෑ... සුපිරි තරුවක් වුවත් පුංචි පැලේ පුංචි රසිකයා එක්කත් ලෙංගතුව සිටි බව මොනවට පැහැදිලි කල සිදුවීම තමයි ජෝතිගේ අවමගුල දවසේ බොරැල්ල කනත්තට රැස් වූ මහා ජන සන්නිපාතය...

      Delete
    2. කන ගැන කියද්දී හිතට දැනුන දේ හරිම සංකීර්ණ සිතුවිල්ලක්.. කියාගන්න බෑ..

      Delete
  20. මේක මහා සංකීර්ණ පෝස්ට් එකක් බං. සබ්ජෙක්ට් කීයක්නම් තියෙනවද.
    අරවගෙ ප්‍රතිපත්ති ගරුක හිඟන්නෙක්ගැන මාත් ඇහුවාමයි.
    මිල්ටන් මල්ලවාරච්චි ගැන චමී ලිව්ව පෝස්ට් එක මම ඒ දවස්වල කියෙව්වා. මට ඒක අදහගන්න බැරුව ගියා. ඇත්තමයි.
    උඹ අර අන්තිමට අහන ප්‍රශ්නෙට උත්තරේ මම දන්නෙ නෑ සිරා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ආදරය කියන අකුරු හතර කෙතරම් නම් සංකීර්ණද හෙන්රි අයියා... සමහරු කොච්චර නම් සිහින ගොඩනගනවද ඔය මත... සිහින බිද වැටුණු උන් කොච්චර නම් දරුණු වෙනවද ? මහා බලවත් මිනිස්සු ආදරය ඉදිරියේ දණ ගානවද.. ඒ අර්ථයෙන් ගත්තම ආදරය කියන්නෙ හරිම සංකීර්ණ දෙයක් තමා...

      අන්තිම ප්‍ර‍ශ්නෙට උත්තර දුන්නෙ නැත්තෙ ඔබේ ප්‍රියම්භිකාව ලග සිටි නිසා නේද?

      Delete
  21. //ආදරය සොදුරු කල්හි ජීවිතය සොදුරුමය.... සෙනෙහසින් රැකබලා ගත් ආදරය වියෝ වූ කල්හි ජීවිතය අපායකි.//

    ඇත්ත නම් තමයි. ඒත් ඉතින් ආදරය කියලා ජීවිතයක් නාස්ති කරගන්න එක නම් මෝඩකමක්.
    හැබැයි කාට හරි පණ වගේ ආදරේ කරන එක මෝඩකමක් නෙමේ.:)

    ReplyDelete
    Replies
    1. කාට හරි පණවගේ ආදරය කරනවා නම් යම් හෙයකින් එය බිදුනොත් දරාගැනීමේ ශක්තියත් තමා තුල තබාගත යුතුයි... මේ වගේ අය තමයි ආදරයෙන් පැරදුනාම එය දරාගන්න බැරිව ජීවිතය අවසන් කරගන්නේ...

      ආදරයෙන් පරාජය ලැබුවමහ දැනෙන පරාජිත මානසිකත්වයෙන් අත්මිදෙන්න නම් වටපිටාවෙ ඉන්න අය වගේම හිත මිතුරනුත් උදව් කරන්න ඕනෙ... ඒ අයගෙ සහය නැතුවත් ඉතා ඉක්මනින් යථා තත්වයට පත් වෙන අයත් ඉන්නවා...

      ආදරය කියලා ජීවිතය නාස්ති කරගන්න එක මම අනුමත කරන්නෙත් නෑ...

      Delete
  22. පුදුමාකාර ජීවිත තමා. ඕනේවට වඩා ඕනම දෙයක් ඕනෙම නැහැ කියන පාඩම සිහියේ තියාගන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. බුදු දහමේ දැක්වෙනවා නොවැ ඕනෑම දේකට වැඩිපුර ඇලෙන්නෙ ගැලෙන්නෙ නැතුව මැදුම් පිළිවෙතින් ජීවත් වීම හොදයි කියලා... මේ වගේ අවාසනාවන්ත දේවල් සිදුවෙන්න කර්ම ශක්තියත් බලපානවා ඇති...

      Delete
  23. ඔය ලව් තමයි බොල මාවත් කෑවේ

    ReplyDelete
    Replies
    1. ඇයි අටම් ඒ ආදරයට පින් සිද්ධ වෙන්න නේද අද දෙදරු පියෙක් වෙලා කුරුල්ලා වගේ ඉන්නෙ...

      Delete
  24. කියෙව්වා ඒත් දිග වැඩියි.. කපන්න පුලුවන් තැන් ඕන තරම්...

    ReplyDelete
    Replies
    1. ආයතනයේ කටයුතු ගැන ලිව්වෙ ඒ රැකියාව ගැන කියවන අය දැනුවත් කරන අරමුණින්... මේ ලිපියෙ අනවශ්‍යයි කියලා මට හිතෙන්නෙ ඒ කොටස... ඔබේ අදහසට ස්තූතියි...

      Delete
  25. ප්‍රතිපත්තිගරුක පුද්ගලයන්ට මා ගරු කරමි. මිල්ටන් සහ ජෝතිගේ වෙනසද මෙතැනයි. ජෝතිට යන යන තැන පෙම්වතියන් සිටියත්, මිල්ටන තම විරහව ගීත තුලින් ගලා යන්න සලැස්ස්වූවා, පෙම්වතුන් තමන්ගේ ආදරය විවිද විදියට ප්‍රකාශ කර තිබෙනවා. ටජ් මහල් ඉදි වන්නේත්, ගීත රචනා තුලින් එලියට එවන්නෙත්, නවකතාවක් කරන්නෙත් යම් හැකියාවක් තුලින් එය ප්‍රකාශ කල හැකි අයයි. ඔවුන් තරමක් වාසනාවන්තයි, ඒ ඔවුන්ට තමන්ගේ වේදනාව තුනී කර ගැනීමට විකල්පයක් තිබෙන නිසා.මේ දේවල් වෙනත් අයුරකට පෙරලන්න නොහැකි අය ජීවිතයෙන් සමු ගන්නවා නැත්නම් ඒ ගැන හිතලා පිස්සෝ වෙනවා. මමත් ආදරයෙන් වේදනා වින්ද අවස්ථා තියෙනවා, ඒත් මගේ විනෝදාංශය වූ ක්‍රිකට් නිසා ඒ දුක් තුනී කර ගන්න පුළුවන් වුනා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමග මම එකග වෙනවා... ආදරයේ අහිමිවීම බෙදාගන්න මාධ්‍යයක් නැති අය තමයි ජීවිතයෙන් පලා යන්න තීරණය කරන්නෙ...

      Delete
  26. මිනිස්සු ජීවත් වෙන්නේ ආදරේ උඩ. ජීවත් වෙන්න හේතුවක් නැති වුනාම සමහරු තපසට යනවා. සමහරු ජීවිතේ නැති කරගන්නවා. සමහරු පිස්සෝ වෙනවා. තවත් සමහරු හිරේ යනවා.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි මම කිව්වෙ ආදරය කියන්නෙ ජීවිතය ජීවත් කරන්න බලාපොරොත්තු ඇති කරන දෙයක් කියලා..

      Delete
  27. කතාවනම් වෙනද ඒවා වගේම සිරා ... මගේ ඇස් වලට කදුළු ආවා.. උඹ ඒ තරම් හොදට මේක ලියලා තියෙනවා සහ අතිතයේ ගොඩක් දේවල් මතකයට ආව.. (දැන් ඉතින් කියන්න තියෙන්නේ අතීතය සිහිහයක් පමනයි කියල ) එහම නේද ?

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. මයික් ගෙ ඇස්වලට කදුලු ආවයි කිව්වෙ පරණ හබක් වුනු ලව් එකක් වත් මතක් වෙලාද... ජය !

      Delete
    2. එක තමයි මම කිව්වේ "අතීතය සිහිහයක් පමනයි" කියල

      Delete
  28. මම දන්නා කෙනෙකුත් ඉන්නවා මේ විදියේ.නෑ කමට අපේ තාත්තට අයියා වෙන කෙනෙක්.එකත් ඉතින් අම්මලාගේ වැරද්ද තමයි.ආදරේ කඩල දාලා.අපෙ තාත්තා තාමත් දුක් වෙනවා.තාත්තලාගේ ගමෙන් මුලින්ම කැම්පස් ගිහින් තියෙන්නේ ඔය මනුස්සයා.මම දන්නා විදියට ගොඩක්ම තරුණ වයසෙන් දිසාපති වෙලා බොහොම සුළු කාලයක් ඒ තනතුරේ ඉඳල තියනවා.පස්සේ මානසික තත්වේ හොඳ නැති නිසා විශ්‍රාම යවලා.හැබැයි මේ මම කියන මනුස්සයා නම් ගොඩක් අපිරිසිදුයි.ඒ වගේම තනියෙන් දොඩවනවා.

    මතක් වෙනකොටත් දුකයි.පව්.

    හිතට දැනුන පොස්ට් එකක් ඒ වගේමයි කොමෙන්ට් ටිකත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාමරේ පැත්තට ආවට... පෙර සසරේ කල කුසල් අකුසල් උනත් මේ වගේ කාරණා වලදි බලපානවා ඇති කියලයි මට හිතෙන්නෙ... මොනා වුනත් ආදරයෙන් ඉන්න දෙන්නෙක් වෙන් කරන එක නම් මහා පාපයක් කියලයි මට හිතෙන්නෙ... මටත් දුක හිතුනා ඔබ කියු කථාව අහලා....

      ජය !

      Delete
  29. :( duka hituna !! adaraya jeewithayata awashayai, eth adaraya nathi wuna kiyala jeewitheta thiththak thiyana eka mama anumatha karanne na.

    p.s.-meh blog kiyawanna patan gaththe lagadi idala !! bohoma thathvika , rasawath, harawath blog !! obata jaya!!! :) :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝදරිය ඔබේ අදහස් වලට... සත්‍ය ලෙසම ගැඹුරු ආදරය ගෙන දෙන්නෙ අධ්‍යාත්මික සුවයක්...එහෙත් ඒ දෙදෙනාම ඊට අනුගත වුවොත් පමණයි... එක් අයෙකු දැඩි සේ ආදරය කරද්දි අනෙකා කරන්නෙ රැවටීමක් නම්...ඒ වේදනාව දරාගත නොහැකි තරමේ එකක් බව මමද අත්දැකීමෙන්ම දනිමි.

      Delete
  30. . සිරා ඔය දකින්න ඇතිනේ මේ වෙද්දීත් මගේ ගැන සමහර ඒවා .
    මාත් ඔය දේ නිසාම ජීවිතේ අතරමන් උන කෙනෙක් .ඒක
    හැබැයි කෙල්ලෙක් නැති උන නිසා උන දෙයක් නෙවේ .පුදුම කතා
    ගොඩක් තියෙනවා පිටිපස්සේ .මට කියන්න බැහැ සමහර ඒවා .
    ඒවා කියල ආයේ මට ඉන්නත් බැහැ හිතට එකගව .ඒත් ඉක්මනට
    මම හැමෝටම කියනවා ඒක!මේ දැනුත් කිසිම දෙයක් කරලා ඉන්න බැරි
    නිසා ඔහේ බ්ලොග් ටිකක් කියවන්න ගත්ත. එත් බැහැ . බැරිම තැන ඔයාගේ
    බ්ලොග් එක කියවන්න ගත්ත මොකද අර නිලන්තගේ වගේ පොස්ට් ඇති කියල..
    ඔහේ පොඩි ළමයෙක් වගේ ඒවා කියව කියව හිටිය.එහෙම යද්දියි මේක දැක්කේ .
    ඔයාගේ කතාව මගේ ජීවිතේට ගොඩක් සම්බන්දයි .ඒකමයි කොහොම කලත් හිත
    වවන්න බැරි උනේ .මගෙත් ජීවිතේම ගෙවුනේ ජා ඇල . C** h **t එක ලග තමා
    මන් ආදරේ කල කෙනත් හිටියේ .මට කාලයක් තිබ්බ මිනුවන්ගොඩට හැරෙන
    හන්දියෙන් වත් යන්න බැරි .ඒ තරමට සම්පූර්ණ හැම දේම අවුල් ජාලාවක් වෙන .
    වහනෙක ගියත් ඇස් දෙක පිය ගන්නවා එහෙම වත් දෙයක් වෙන්න .ඒක යාළුවා
    කියල විස්තර කරන්න බැහැ .වෙලාම බලන්න ඕනේ .විනාසම වෙන්න යද්දී හැබැයි මම
    බේරුනා .ඒත් උන බලපෑම එක්ක මම හිතුවට වඩා දුරක් මට යන්න බැහැ දැන්.ලගදීම
    මන් නවතිනවා .ජාති ප්‍රශ්න , බොරුව , බොරු නම්බුව නිසා ජීවිත ඔය මනුස්සය වගේම අදටත් විනාස වෙනවා මිනිස්සු , මාත් ඒ ගොඩට ඇතුලත් . පව් ඒ මනුස්සය බලපන් කන්න නැතුව ඉල්ලගත්ත රු 50 ආයෙමගෙනත් දුන්නනේද . ඒ කොහොමද ? හිඟල . හිඟල කන්න ඉල්ලා ගත්ත එකේ නය ගෙවන මිනිස්සු දැකල තියෙනවද අනික් මහත්තුරු නෝනලා ? ඇයි බන් ඒ තරම් ලෝකෙට වරදක් නොවී ජීවත් වෙන්න හදන මිනිස්සුන්ගේ
    ජීවිත මුළු ලෝකෙටම ජෝක් වෙන්නේ " අයියෝ පිස්සු *****ක්. ****ක් හින්ද **
    දෙනවා " කියල කොහෙවත් යන බල්ලන්ගෙන්.ඇත්තටම හිගන්නෝ කව්ද නේද?
    එහෙම දෙයක් හරි තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හම්බුන එක ගැන සතුටුයි .
    මන් නම් ජීවිතේ ගොඩක් තේරුම් අරන් ඉවරයි , තේරුම් ගන්න ගන්න වෙන්නේ හැම
    දෙකින්ම ඈත් වෙන එක.ආදරේ ගැන අහල තිබ්බනේ.මට කියන්න තියෙන්නේ මෙහෙම
    ලෝකෙක ඇයි අපි අපේ ආදරේ පාරවල් වල බලු කරන්නේ ආදරේක වටිනාකමවත්
    නොදන්න මිනිස්සු ගොඩක් ඉස්සරහ.ඒත් මන් කිව්වට මේක මටත් කරගන්න බැරි
    උන දෙයක්.මන් උත්සාහ කරනවා .ඒත් කිසිම දාක දනින් නම් වැටෙන්නේ නැහැ ඔහොම
    බලු සමාජයක් ඉදිරියේ.මම කන්න නැතුවත් ඉඳල තියෙනවා.ජීවිතේ එකම දවසක්
    පිළුණ බත් කෑවා , ඒ මට කන්න නැතුව නෙවේ ආදරේ වැඩි කමට . ඒක මට දෙයක්
    නෙවේ.ඒ බත් ඇටයක් ඇටයක් ගානේ මට මන් ගැන සතුටුයි සිරා .මේ ලෝකේ
    කවද හරි මම මැරෙන දාක මගේ අත පිළුණු ගද ගහයි , ඒත් හිත ගඳ ගහන්නේ නැහැ .
    ඔය හිගන්නගේත් ඇග ගඳ ගහනවා ඇති ඒත් හිත ගඳ ගහන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. ආදරය කියන්නෙ මහා බලගතු ශක්තියක් බන්..සහන්ගෙ කමෙන්ටුව ඇතුලෙම ඒ බවට සාක්ෂි තියෙනවා...

      Delete
  31. DSI නේද ?.. මමත් season 3ක් වැඩ කරා. 12-2 වෙනකන් තමා සෙනග අඩු . ලාවට නින්ද යන්නෙත් ඒ වෙලාවට තමා ..

    ReplyDelete
  32. සංවේදී කතාවක් සිරා අය්යා...
    හිරිගඩු පිපෙනවා!!
    දිගටම ලියන්න
    ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා දිරි ගැන්වීමට..

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...