Monday, October 8, 2012

80 ඛේදවාචකයක් වූ ක්‍රිකට් පරාජය


ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රීලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවයි. සුදු ජාතිකයන්ගේ යටත් විජිතයන් වෙත ඔවුන් මගින් සංක්‍ර‍මණය වූ මෙම ක්‍රීඩාව අද අපේම ක්‍රීඩාවක් බදුය. ආසියානු කලාපයේදී  ප්‍රේක්ෂකයන් වෙතින් ඊට ඇත්තේ නොමද ආකර්ශනයකි. මා හට හමු වී ඇති ඇතැම් ඉන්දියානු ප්‍රේක්ෂකයන්  ක්‍රිකට් උණ වැලදුනු උන් ලෙස ඔවුන් හදුන්වනවාට කැමතිය. සිරා වරෙක ඉන්දියාව හා ලංකාව අතර අවසන් තරගයක් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සිට නැරඹුවේ ඉන්දියානු ජාතික මාධ්‍යවේදීන් කීප දෙනෙකු සමග ඉන්දියානු ප්‍රේක්ෂකයන් පිරිවරාගෙනය. එදා එම මාධ්‍යවේදීන්, සහෝදර ඉන්දියානුවන් වෙත මා හදුන්වා දුන්නේ මේ අපේ හතුරෙකු ලෙසයි. ඒ තරම් අධ්‍යාත්මගත ආදරයක් ඔවුන්ගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවී තිබේ.

1996 ලෝක කුසලාන තරගාවලියේදී  ඉන්දීය ක්‍රීඩකයන් දැක්වූ අසාර්ථක භාවය නිසාම ප්‍ර‍තිවිරුද්ධ ක්‍රීඩකයන් වෙත යම් යම් දෑ මගින් දමා ගැසීමට තරම් ඉන්දියානු ප්‍රේක්ෂකයා රෞද්‍ර‍වූයේද , තරග පරාජය වූ විට ඉන්දියානු ක්‍රීඩකයන්ගේ නිවාස වෙත පොලිස් ආරක්ෂාව ලබා දීමට සිදු වූයේද ඉන්දියානු ජනතාව ආගමක් මෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි වීමත්, ක්‍රීකට් ක්‍රීඩකයන් දෙවිවරුන් ලෙස සැලකීමත් නිසා පරාජයන්හිදී ඇතිවෙන චිත්ත ආවේගයන් නිසාය.

ඒ අර්ථයෙන් ගත් කල අපේ ප්‍රේක්ෂකයන් ඉතා නුවනැති  සංවර පිරිසකි. ඔවුන් කවදාවත් ප්‍ර‍තිවාදී ක්‍රීඩකයන්ට පහරදෙන්නට පෙළඹී නැත. ක්‍රීඩකයන්ගේ නිවාස වලට පොලිස් ආරක්ෂාවක් යෙදීමේ අවශ්‍යතාවයක්ද ලංකාවේ  නැත. ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුනද මෙතරම් ජනප්‍රියත්වයක් ඊට හිමි වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ආකර්ශනීය ස්භාවයත්, ටෙනිස් බෝලෙන් පවා ගම්බදව ක්‍රීඩා කිරීමට හැකි වීමත්, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍ර‍හණ ලබා ගැනීමට ශ්‍රීලංකාවට හැකි වී ඇති එකම කණ්ඩායම් ක්‍රීඩාව වීම නිසාවෙන් යැයි මට සිතේ....

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ඉතා ඉහළ තත්වයක ඇති නිසා දෙමාපියන්ද සිය දරුවන් වැඩි වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට නැඹුරු කරන වටපිටාවක්ද සැකසී තිබේ. මෙවන් වටපිටාවක් යටතේ 07 10 2012 ඉරිදා දින පැවති හතර වන 20 20 ලෝක කුසලාන අවසාන තරගය මා නැරඹුවේ මීගමුවේ සංචාරක හෝටලයක පිහිටි දැවැන්ත තිරයකිනි. මුහුදු වෙරළට වන්නට පිහිටා තිබූ මේ ස්ථානයේ  තරුණ , මහලු භේදයකින් තොරව සියල්ලන් තරගය නැරඹීමට ඒකරාශීව සිටි අතර ඒ හා DJ සංගීතය මෙන්ම මල්වෙඩිද මුසුවී තිබුනි. එහෙත් ලංකාවේ පරාජය පෙනෙන මානයට පැමිණි පසු සංගීතය මෙන්ම මල්වෙඩිද අතහැර දැමූ අතර ක්‍රීඩා ලෝලීන් අපේක්ෂා භංගත්වයට පත්වී විවිධ දෑ කියවමින් සිත සනසාගන්නට උත්සාහ දරනු දක්නට ලැබිනි.  ඇතැම් උන් ජනාධිපතිතුමාගේ ආගමනය පරාජයට හේතු විනැයි කියනුද ඇසිනි.

අපේ ක්‍රීඩකයන්ට පරාජ වූවා කියා බියවීමට කාරණයක් නැත... ඉන්දියාවේදී මෙන් නිවාස ගිණිබත් කරන්නට කවුරුත් කැස කවන්නේ නැත. එහෙත් ඉතිහාසයේ ප්‍ර‍ථම වරට ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දෙදෙනෙක්  අපේ සංවර ප්‍රේක්ෂක කැලගේ අභිමානයට කැළලක් එක් කරමින්  ක්‍රිකට් පරාජය ඉවසා ගත නොහී ජීවිතයෙන් සමුගත්තේ බෙල්ලේ වැල දමාගැනීමෙනි. මීට පෙර පරාජය දරාගත නොහැකිව හදිසි හෘදයාබාධ නිසා ලාංකික ප්‍රේක්ෂකයන් මියගොස් තිබුනත් දිවිනසාගත්තේ පළමු වරටය.

හැටන් කුඩා ඔය ප්‍රදේශයේ මහේන්ද්‍ර‍න් සුරේන්ද්‍ර‍න්  සහ පාදුක්ක ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙක් මෙසේ ජීවිතයෙන් සමුගෙන ඇත. තරගය නැරඹීමෙන් අනතුරුව කලකිරුනු ස්භාවයෙන් මේ දෙදෙනාම හැසිරුනු බව ඔවුන්ගේ ඤාතීන් සපථ කරයි. ක්‍රිකට් ක්‍රීඩාව අරභයා මෙවැනි යමක් සිදුවීම ඉතාමත් ශෝචනීව තත්වයකි. ඔවුන්ගේ වටිනා තුරුණු දිවිය නිකරුනේ නාස්ති කරගෙන ඇත. දැන් දැන් අපේ ප්‍රේක්ෂක රුචිකත්වයත් ඉන්දියානු මට්ටමටම පැමිණෙන්නේදැයි යන සැකය අපේ හිත් වලට දැනෙන්නට වී තිබේ. 

නුවන් කුලසේකර යනු පාසල් කාලයේ සිටම මාගේ හිත මිත්‍රයෙකි. ලෝක කුසලාන අවසාන තරගයේදී මෙන්ම මෙම තරගයේදීද ඔහුගෙන් උඩ පන්දුවක් ගිලිහිනි. තරග දෙකේදීම උඩපන්දු ලබාදුන් පිතිකරුවන් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කලහ. ඒ නිසාම තරගය අපෙන් ගිලිහී ගියේ යැයි ඇතැම් අය චෝදනා මුඛයෙන් කතා කලෝය. ලෝක කුසලාන තරගයේ උඩ පන්දුව ගැන විමසූ විට කුලේ මට පැවසුවේ

එදා පිට්ටනියෙ මිනිස්සු කෑ ගහන සද්දෙත්  එක්ක පන්දු රකින එක සෑහෙන අභියෝගයක් වූ බවකි.

කථාව ඇත්තකි. ක්‍රීඩකයෝද මනුෂ්‍යයෝය.. ඔවුන් අතින් වැරදි සිදුවිය හැක. ඒ නිසාමය ක්‍රිකට් මෙතරම් ආකර්ශනීය ක්‍රීඩාවක් වී තිබෙන්නෙ...

තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී නිකුත් කල අවසන් පූර්ව තරග සීමිත ටිකට් පත් ප්‍ර‍මාණය ලබාගැනීමට පැමිණි අතිමහත් ප්‍රේක්ෂක කැල නිසා එහිදී ඇතිවූයේද  උණුසුම් තත්වයකි. ඇතැම් ප්‍රේක්ෂකයන් පාන්දරම පෝලිමට එකතු වූවන්ය. ඇතමෙක් ක්ලාන්ත විය. තවත් උන් ජලය ඉල්ලා කෑ ගැසුවෝය. අන්තිමට තත්වය පාලනයට පොලීසියටද තරමක් අපහසු විය.

සූරියවැවදී තරග නැරඹීමට අවස්ථාව නොලද ප්‍රෙක්ෂකයන් ක්‍රීඩා පිටියේ පිවිසුමේ පොදු දේපළ වලට අලාභ හානි කල අතර රථ ගාලේ නවතා තිබූ රථ වලටද හානි කලෝය.

මේ සියලු සිද්ධි එක්ව විමර්ෂනය කරන විට මට සිතෙන්නේ ශ්‍රීලාංකික ප්‍රෙක්ෂකත්වයත් දැන් දැන් ඉන්දියානු ප්‍ර‍චණ්ඩකාරී මට්ටමට පැමිණෙන්නේද යන්නයි.... ප්‍ර‍චණ්ඩත්වය හා මුසු වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ක්‍රීඩාවට අබමල් රේණුවක දායකත්වය සැපයෙන්නේ නැත. ප්‍රේක්ෂකයා නැති ක්‍රිකට් තරගයක් යනු පරිප්පු නැති හෝටලයක් බදුය.  ක්‍රීඩකයන්ටද ක්‍රීඩාවට අවැසි දිරිය ලැබෙන්නේ ප්‍රෙක්ෂකයන්ගෙනි. මෙම තත්වය තව දුරටත් දරුණු වුවහොත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපේ ලංකාව උපයාගෙන ඇති කීර්තියට එය කලු පැල්ලමක් එක් කරනවා නොඅනු මානය.... එබැවින් එසේ නොවේවායි පතමි.

මම කාමරේ වෙසෙන, සත්ගුණවත්  සිරා කොලුවා



තර්ස්ටන් පිටියේදී පැවති උණුසුම් තත්වය අතරතුර ඡායාරූප පහතින්.....

ජන සන්නිපාතය පෝලිම් ගතව

ගිණි අව්වේ හිසට සෙවනක්
තෙරපීමේදී අත්හැරී ගිය පාවහන්

ක්ලාන්ත වූ අයෙක්

බලාපොරොත්තු සහගත දෑස්

වාද විවාද

ක්ලාන්ත වූ අයෙක් ඔසවාගනිමින් 





ජල බිදකට පොර කමින් 



ටිකට් පත් ලාභියෙක්





ප.ලි

ඡායාරූප සදහා අනුග්‍ර‍හය  ලංකාවේ ජාතික පුවත්පතක ඡායාරූප මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන සිරාගේ සහෝදරයාගෙනි.

තරුණයන් මියගියේ යැයි ප්‍ර‍වෘත්තිය ලබාගත්තේ අන්තර්ජාල පුවත් අඩවියකිනි. ඒ ගැන විස්තර මෙතැනින්

80 comments:

  1. අනේ මන්ද සිරා, ඕනම ක්‍රීඩාවක ඉතිං එක කණ්ඩායමක් දිනන්න අනිත් කණ්ඩායම පරදින්න එපායැ. ක්‍රිකට් ක්‍රීඩාව මුළු ජීවිතයම නොවී ඒක ක්‍රීඩාවක් විදියට තිබුණම එයින් ලබන්න පුළුවන් වින්දනය වැඩියි. පරාජය වුනත් මැදහත් සිතින් දරාගන්න පුළුවන්.

    අම්මෝ ... අර ටිකට් ගන්න පෝලිම මහ විකාරයක්නේ. රත්තරන් නිකන් බෙදනවය කිව්වත් මමනම් ඔය වගේ තැනක තදවෙන්න යන්නෙ නෑ. ෆෝටෝස් ටිකට සිරාගෙ මල්ලිටත් තුති, නැත්නම් ඔහොම එකක් වුනාය කියලවත් මම දන්නෙ නෑ.

    ෴ මම කාමරේ අයිතිකාරයා සිරා ෴

    දැන් ඉතිං කවුරුත් දන්න කියන මනුස්සය නිසා කලින් එකට වැඩිය මේක හොඳයි.

    ReplyDelete
    Replies
    1. අපේ උන්ට ඉස්සර නම් ඔහොම අවුලක් තිබුනේ නෑ... මේ ළගකදි ඉදන් තමා ඔහොම ජය පරාජය දරාගන්න බැරි තත්වයට පත්වෙලා තියෙන්නෙ... මාධ්‍යයෙන් ඕනවට වඩා පිම්බීමත් මෙයට හේතුවක් කියලා හිතෙනවා...

      අරක හොදනම් දිගටම ඒකම දාන්නම්..... ජය !

      Delete
  2. ලංකාවත් ඉන්දියාවෙ තත්ත්වෙට යනවනම්.. ඒ ගැන කියන්න වචන නෑ..ඒ කියන්නෙ අපේ ක්‍රීඩා ශීලිත්ත්වයේ අවසානයයි.. අපි ගහන හැම මැච් එකක්ම දිනන්න ඕනා කියන මෝඩ බොළඳ ඉන්දියානු ආකල්පය අපේ අයියලත් ඔලු වලට දාගත්තු දවසට ලංකාවෙ ක්‍රිකට් ගහන එක නැවැත්තුවොත් හොඳයි.. මේ ෆොටෝ දැක්කම ලාවට වගේ දැනෙන්නේ අපි ගමන් කරමින් සිටින්නෙ එතනටද කියායි..

    අර සිය දිවි නසා ගත්තු බූරුවො දෙන්නා, මෙච්චරකල් රැකගෙන තිබුන ශ්‍රී ලාංකීය ප්‍රේක්ශකයන්ගේ අභිමානයට කැලලක් එකතු කලා..

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා නම් බූරුවො දෙන්නෙක් තමා... තමන්ව මේ විදියට උස් මහත් කරන්න දෙමාපියො දරපු උත්සාහයටත් නිගරු කරපු උන් දෙන්නෙක්....

      ලංකාවත් ඉන්දියාව වගේ වෙච්ච දවසට කාලා හමාරයි...

      Delete
  3. තර්ස්ටන් ක්‍රීඩා පිටියේ රෑ ජාමේ ඉඳන් පෝලින් වල රැස් කකා උන්න පිරිස දැක්කම ඇත්තටම දුකයි.අන්තීම තරඟයේදී මට එහායින් හිටිය තුන් හතර දෙනෙකු ඇවිත් උන්නේ අම්පාර ප්‍රදේශයෙන්. ගෑණු කෙනෙකුත් ඒ අතර උන්නා. ඒ අය ඇවිත් උන්නේ ඊට කලින්දා මහ රෑ ඉඳන්..

    ක්‍රීඩාවක වැදගත්ම දේ ජය පාරාජය සතුටින් බාර ගැනීමයි කියලා කියනවනෙ. සමහර අයට මේ ටික තේරුම් ගන්න බැරි ඇයි කියන එක මට පුදුමයි.

    අවසාන තරඟය මැද හරියේදී ක්‍රීඩා පිටියේ උන්න ඇතැම් අය හැසිරුනේ එම තරඟය ජීවිත කාලයේදීම ලැබෙන අන්තීම තරඟය ලෙස අරගෙනයි. ඇතැම් පිරිමි අයගේ ඇස්වල කඳුළු පවා මම දැක්කා." ක්‍රිකට් උන්මාදයක් " කොට නොගෙන ඉන්නාවූ පිරිසට වඩා උන්මාදයක් කරගෙන ඉන්නාවූ පිරිස වැඩියි....

    උවමනාවට වඩා බලාපොරොත්තු මැද්දෙ ඉඳන් ඒ බලාපොරොත්තු කඩ උනාම දැනෙන වේදනාව වැඩියි. ඒත් ක්‍රිකට් කියන්නෙත් තවත් එක ක්‍රීඩා තරඟයක් කියලා හිතන්න පුළුවන්නම්...මේ වගේ සිදුවිම් සිදු නොවේවි...

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි දැකපු නැති තත්වයක් අලුතින් වර්ධනය වෙමින් පවතිනවා කියන එක තමයි ඔබේ කරුණු වලිනුත් තහවුරු වෙන්නෙ... මේ තත්වය මේ විදියටම ගියොත් අනාගතය සුභ වාදී වෙන එකක් නෑ... ක්‍රීඩාව කියන්නෙ ජය සහ පරාජය කියන දෙක බව අවබෝධ කරගත යුතුයි... තර්ස්ටන් පිටියේ ගොඩාක් අය පෝලිමේ පොර කෑවෙ ටිකට්ස් අරන් වැඩි මිළකට නැවත විකුණනන්න කියලයි ආරංචි.

      Delete
  4. කොයි දේත් ජය පරාජය බාර ගන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඔය සියදිවි නසා ගැනීම්,ගහමරා ගැනීම් වගේ දේ වෙන්නේ නෑ. අනික අපිම දිනයි කියල කියන්න බැහැනේ.. ප්‍රතිවාදියත් ප්‍රබලව නේ තරඟයට එන්නේ. වෙලා තියන්නේ බලන ප්‍රේක්ෂකයා ඉන්නේ ප්‍රේක්ෂකයා කියන තැන නෙවෙයි.
    අපේ මිනිස්සු කාලයක් කිසි අවුලක් නැතුව මැච් බැලුවා. සිරා කියනවා වගේ දැන් දැන් ඉන්දීය ප්‍රේක්ෂකයින් ගේ තත්වයට පත් වෙමින් යනවා වගේ අපේ අයත්.
    ඒක ක්‍රීඩාව පැත්තෙනුත් රටක් ලෙස ගත් විටත් හොඳ දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සරට වඩා ජනමාධ්‍ය වලින් තරග සහ ක්‍රීඩකයින් සදහා ලැබෙන ප්‍ර‍චාරය වැඩියි... ඒ නිසාම මෙහෙම තත්වයක් ඇතිවෙලාද කියලත් හිතෙනවා...

      Delete
  5. ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරයිනේ. ඒ හන්දා සිය දිවි හානි කරගන්නවා කියන්නේ හරිම අපරාධයක්.

    පොඩ්ඩිත් ක්‍රිකට් පිස්සියක්. ඒත් ඉතින් ජය, පරාජය තරඟයකදි සිදුවිය යුතු දෙයක් බව දන්න කෙනෙක්.:D

    අපි අවසාන වටයට ආපු එක උනත් කොච්චර ලොකු දෙයක්ද? මට නම් හිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ලද දෙයින් සතුටු වීම තමා වැදගත්ම දේ.... අපිට වඩා දියුණු රටවල ක්‍රීඩකයොත් පළමු වට වලින්ම ඉවතට විසිවෙද්දි අපේ ක්‍රීඩකයො මෙච්චර දුරක් ආපු එක ගැන අපිට සතුටු වෙන්න පුලුවන් විය යුතුයි.

      Delete
  6. කුලේ මගේද ජුනියර් සගයෙකි ඉතා සුහද පුද්ගලයෙකි ක්‍රිකට් ක්‍රිඩකයකු ලෙසට පිටියෙන් පිටත සිට කියනවා තරම් පිටිය මැද සිට ක්‍රිකට් ගැසීම ලේසි නැත ක්‍රිකට් යනු බැට් එකක් බොලයක් තිබුන පලියට ගැසිය හැකි ක්‍රිඩාවක් නොවේ නිරන්තර මනසත් සමගින් කෙරෙන අරගලයකින් පසු ලැබෙන ප්‍රතිඵලයකි ඒය ජයද පරාජයද යන්න තීරනය වන්නේ තරඟයේ අවසාන පන්දුවෙනුත් පසුවය. ක්‍රිකට් සංස්කෘතීය යනු අති චමත්කාර ජනක සිද්දී මාලාවකි. මිනිසකු මිය යාම අභාග්‍ය සම්පන්න සිද්දියකි නමුත් එකිනෙකාගේ ඉවසීමේ හැකියාව එකිනෙකාට වෙනස්ය පිටියෙන් පිටත සිටින්නාටද ක්‍රිකට් මගින් දැනෙන කම්පනය දරාගත නොහැකිනම් පිටිය තුල එම සිද්දීනට සජීවීව මුහුන දෙන්නන් ගැන කුමන කතාද කෙසේ වෙතත් ඉන්දියන් ක්‍රිකට් සංස්කෘතියට වඩා ලාංකීය ක්‍රිකට් උන්මාදය අති උතුම්ය මා සැමදා එයට ආදරය කරමි

    ReplyDelete
    Replies
    1. මම ඒ බැව් දනිමි. ඔබ,කුලේ සහ මම එකම පාසලක වාණිජ අංශයේ ඉගෙනගත්තවුන් බව සිහිකිරීමත් සතුටකි. අප අතරින් මෙවැනි ලෝක මට්ටමේ ක්‍රීඩකයෙකු බිහිවේ යැයි අපි එදා සිහිනෙකුදු සිතුවේ නැති බවද සැබැවි.

      අප ප්‍රේක්ෂකයන් ලෙස සිතා සිටිනවාට වඩා විශාල පීඩනයක් යටතේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට සිදුවෙන්නෙ... ඒ නිසාම කෙතරම් ජේෂ්ඨ වුවත් ක්‍රීඩකයන් අතින් වැරදි වෙන්න පුලුවන්...

      Delete
    2. සිරා මල්ලි බණ්ඩාරනායකේද ? අපේ එක්කෙනත් ඕකටනේ ගියේ. එයා හරිම ආඩම්බරෙන් ඉන්නේ කුලයා සෙල්ලම් කරනකොට, මගේ වැඩේ ඉතින්'අපෝ ඕකා අදත් මැච් එක කනවා' කියල බයිට් කරන එක. හැබැයි බොහෝ වෙලාවට එහෙමම වෙනවා:D

      Delete
    3. ඔව් ඔව් එහෙ තමා... කුලයා සහ මම වාණිජ අංශයේ පන්ති දෙකක ඉගෙන ගත්තෙ... ර්‍ක්‍ර‍ඩාගාරයෙදි තමයි අපේ බැදියාව වැඩි වුනේ... මම බෑන්ඩ් ගහනකොට කුලයා ක්‍රිකට් ගැහුවා... අපේ රූම්ස් එක ලග තිබුනු නිසා පුහුණුවීම් කරන සෑම සන්ධ්‍යාවකම අපි හමු වුනා... ඔහුට අපි ඒ දවස් වලම කිව්වා නැෂනල් ටීම් එකට ගහන්න පුලුවන් කුලේ ට්‍ර‍යි කරපන් කියලා... ඔහුගේ අද තිබෙන පන්දු යැවීමේ ඉරියව්වම තමයි එදත් තිබුනෙ...

      කුලයා වගේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ටීම් එකේ ඉන්නවද කියලත් සැකයි... ඔහු සල්ලි වලට කසාද බැන්දෙ නෑ... එදා හිටපු දුප්පත් පෙම්වතියවම තමා බැන්දෙ... කීර්තිය හමුවේ ඔලුව ඉදිමිලා නෑ... අදටත් ආරාධනා ඇතත් නැතත් නිවාසාන්තර ක්‍රීඩා උළෙල දවසට පරණ යාලුවො හමුවෙන්න පාසලට එනවා.. ඊට අමතරව අපේ උන්ගෙ වෙඩිම වලට නිතරම යනවා එනවා...

      අපේ පාසලේ කොල්ලො අදටත් ඌට පුදුම විදියට ආදරේ කුලයගෙ නිහතමානී කම හා මනුස්ස කම නිසා... උගෙ ලග තිබ්බ අඩුම කුඩුම ඔක්කොම ජාතික කණ්ඩායමට යද්දි පාසලට පරිත්‍යාග කරන්නත් කුලයා කටයුතු කල බවත් කියන්නම ඕනෙ...

      Delete
  7. නුවන් කුලසේකටර කියපන්. අයි සී සී එකට කියන්න කියලා මීට පස්සේ ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් තහනම් කරන්න කියලා.. නටන්න බැරි උන් මොකක්ද ඇදයි කිව්වලු..

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියට තරහා ගොහින් වගේ... කුලයා අතින් ඒ වගේ වැරැද්දක් ඉදලා හිටලා උනාට මිනිහා බොක්කෙන්ම ක්‍රීඩා කරන කෙනෙක් කියලා බහුතර ප්‍රේක්ෂකයො දන්නවා... ලෝක පූජිත පිතිකරුවො සමහර දවස් වලට 0 ට දැවී යනවා වගේ ඒ දවසට යම් වාසනා ගුණයකුත් තියෙන්න ඕනෙ....

      ආයෙත් හමුවන දවසක මම කියන්නම් ප්‍රේක්ෂකයො අයින් කරලා ක්‍රිකට් ගහන සූත්තරය ගැන කුලයට... ඔබට ජය !

      Delete
    2. කුලසේකර අතින් උඩපන්දුව ගිලිහීයාම තරගයේ තීරණාත්මක අවස්තාව නොවේ. එවැනි වැරදි ගණනාවක් අපේ කන්ඩායම ප්‍රදර්ශනය කලේය.ප්‍රේක්ශකයන්ගේ ජයඝෝෂාවන් සමහර විටෙක ක්‍රීඩකයන්ගේ මානසික තත්වය නොසන්සුන් කරන්නට පුළුවන්.

      අනෙක් අතින් මාලිංග එක්ක සංසංදනය කරනකොට ,,ඒ වගේම අජන්ත එක්ක බලනකොට කුලසේකර කියන්නේ හරිම නිහතමානී ක්‍රීඩකයෙක්.

      Delete
    3. මගේ මිතුරා හින්දම කියනවා නෙමෙයි... ඒකා පුදුමාකාර විදියට නිහතමානියි... මම කුලයට එක් සැරයක් කිව්වා මචං මමවත් උඹ තරම් නිහතමානී නෑ කියලා...

      Delete
  8. ක්‍රිඩාවක් යනු කුමක්ද යැයි නිවැරදිව හඳුනා නොගන්නාතාක් මේ වගේ දේවල් සිද්ධ වීමේ අවස්ථා තියෙනවා.. රස්තියාදුකාරයාගේ නිල නිවාසයේ ඉන්න හැමෝමත් ඔය වගේ මුළු 20/20 ම බැළුවා.. කෑගැහුව.. හූ කිව්ව.. එක එකාට බැන්නා.. ඒත් පහුවදා වෙද්දි හැමෝම චියර් කරල තියෙන්නේ දිනපු පිලට..
    ෆයිනල් එකෙන් පස්සේ අපේ උන් කියන්නේ - කෝමද අපේ කොල්ලො ටික ගහපු ගැහිල්ල කියලා -

    ReplyDelete
    Replies
    1. ජය හෝ පරාජය සතුටින් භාරගත හැකි නම් ප්‍ර‍ශ්නයක් නැ... තමන් බොහොම අමාරුවෙන් පැය ගානක් පෝලිමේ ඉදලා ගත්ත ටිකට් එකෙන් බලන්න අවස්ථාව ලැබුනු මැච් එකක් මේ විදියට පැරදුනා දැක්කම නම් තරහක් ඇති වෙනවා ෂුවර්...

      Delete
  9. ලංකාව සංස්කෘතිකව ඉන්දියාව දෙසට වේගයෙන් පා වී යනවා.
    ඉස්සර ලංකාවෙ බෞද්ධ ගෙවල්වල තිබුණෙ, බුද්ධ රූපයක් විතරයි. ඒත් දැන් ඉන්දියාවෙ දෙවියන් වශයෙන් හැදින්වෙන කක්කුටු රූප වලින් බිත්ති වැහිලා. බුද්ධ රූපත් (සාරියකින් සරසුන ගෑණු රූපයක්)අච්චු ගහලා එවන්නෙ ඉන්දි‍යාවෙන්.
    ඉන්දියාව බොහොම අපූරුවට ලංකාව සංස්කෘතිකව ආක්‍රමණය කරලා ඉවරයි.

    පසුගිය කාලයේ තිබුණ කපිලවස්තු ධාතු පෝලිමයි මේ ටිකට් පෝලිමයි, දෙකම එකයි.

    ඔය සියදිවි නසාගත්තයි කියන කතාවනම් කරුණු සහිතව ඔප්පු කරන තුරු පිළිගන්න බැහැ.(පාදුක්ක පැත්තෙ ඔහොම සිද්ධියක් ගැන තවමනම් ආරංචියක් නෑ)

    ReplyDelete
    Replies
    1. දිවිනසා ගත්ත කථාව මම අන්තර්ජාල පුවත් අඩවියකින් උපුටා ගත්තෙ... එහි සබැදියක් පෝස්ටුව අගට එක්කලා... හැමදේම දැන් ඉන්දියානු ක්‍ර‍මයට කරන්න උත්සාහ කරන බව පැහැදිලියි. ලංකාවෙ ක්‍රිකට් අධීක්ෂක තනතුරකටත් ඉන්දියානුවෙක් පත්කලා වගේ මතකයි.

      අර කොල්ලො දෙන්නා විශාල ඔට්ටුවක් වත් අල්ලලා පැරදිලාද දන්නෙත් නෑ...

      Delete
    2. සිරා..
      මාත් හිතුවා එහෙම දෙයක් වෙන්න නම් අඩු ගානේ ඔට්ටු කේස් එකක් වත් ඇති කියලා.... පාදුක්කට ටිකක් එහා කියලා තමයි ආරංචිය.....

      Delete
    3. අද ලංකාදීප පත්තරේ මුල පිටුවෙම ඔන්න තියෙනවා විස්තරේ...

      Delete
  10. මමත් බොහොම ආසාවෙන් මැච් එක බැලුවා. පැරදුන එකට දුකයි තමයි..
    ඒත් අපි අනු ශූරයෝ හරි උනානේ කියල හිත එදා ගන්නව. දෙගොල්ලන්ටම දිනන්න බැහැනේ..

    ReplyDelete
    Replies
    1. අන්න හරි එහෙම හිතන්න පුලුවන් නම් කාටවත් ගැටලුවක් නෑ... තරගය පටන් ගන්නකොට තිබුනු සතුට ඒ විදියටම අවසානයෙත් විදින්න පුලුවන්...

      Delete
  11. මටනම් හිතෙන්නේ මේ මරණ පිටුපස මොකක් හෝ වෙනත් හේතුවක් තියෙනවා.. සමහර විට මෙයාලා ලංකාව වෙනුවෙන් විශාල මුදල් ඔට්ටු දාලා පරදින්න ඇති...

    එහෙම නැතිව ක්‍රිකට් තරගයක පරාජය දරාගන්න බැරිව සියදිවි හානි කරගන්නා මට්ටමේ මානසිකත්වයක් ඇති මිනිසුන් එකෙක්වත් ලංකාවෙනම් නැත..

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස මටත් තියෙනවා චමී... යම් කිසි සැගවුනු හේතුවක් තියෙන්න පුලුවන්... තව දවස් දෙක තුනකින් සැබෑ හේතු කරළියට ඒවි...

      Delete
  12. මචං සිරා මාර වටින පිංතූර ටිකක්නේ මේ....පොස්ට් එකත් කාලෝචිතයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියා... මේවා දකිනකන් මම විශ්වාස කලෙත් නෑ ලංකාවෙ මෙච්චර ක්‍රිකට් වියරුවක් තියෙනවා කියලා...

      Delete
  13. පෝස්ට් එක දැක්කත් දුකයි බන්
    අපරාදේ අපේ චාන්ස් එක මිස් උනා

    ReplyDelete
    Replies
    1. මටත් දුකයි බන්... මීගමු වැල්ලෙ එදා මැච් එක බලපු කොල්ලො ඔක්කොම ෆුල් අවුල්... ඒත් ඉතිං පරාජය උනත් සතුටින් භාරගන්න ඕනෙ නොවැ...

      Delete
  14. මාත් ඔන්න ඔය ගැනම පොඩි පෝස්ට් එකක් ලිව්වා... ගිහින් බලන්නකෝ.. මම මෙතන ආයිත් කියනවට වඩා හොඳයි ඒක...

    අර ෆොටෝ ටික දැක්කම නම් මුන්ට පිස්සුද කියලා තමා හිතුනේ......

    මැච් එක පැරදුනේ ඇස්වහ හින්දද..?

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි හිරු... මම මේ ඒ පැත්තට එන ගමන්... මේ ලග...

      Delete
  15. ලොකු බලාපොරොත්තු ප්‍රේක්ෂකයින්ට තිබුණා...නමුත් ඒ හැමෝම හිතන්න ඕනි දෙයක් තියෙනවා ක්‍රීඩාව ජය පරාජය සමව බෙදාගැනීමක් දෙපිලෙන් කාට වුනත් ජය හෝ පරාජය සතුයි.මේ ටික තේරුම් ගන්න බැරි ඔලමොට්ටල ඔළුගෙඩි ටිකක් ලංකාවටත් හිමිවෙලා....

    තවදෙයක් ක්‍රීඩකයින් වෙනුවෙන් පුහුණුවීම් වලට ලොකු ගනන් ගෙවනවා වියදමට එයාලටත් රට වෙනුවෙන් ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනි.අවසාන අවස්ථාව වෙනකම් රට වෙනුවෙන් කැප වෙලා කියල ප්‍රේක්ෂකයන්ට දැනෙන්න සෙල්ලම් කරන්න ඕනි.පන්දුයවන්නන් යුතුකම් ඉටුකලානම් ඇයි පහරදෙන්නන්ට බැරි වුනේ.

    කෙසේ වෙතත් කාගෙ වැරැද්ද වුණත් සියල්ල සතුටින් භාරගැනීම අප සතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිත්තමී... පැහැදිලිවම පෙනෙනවා එක් එක් ක්‍රීඩකයා ක්‍රීඩා කරන විදිය දැක්කම කවුද රටගැන උපන් සැබෑ හැගීමෙන් ක්‍රීඩා කරන්නෙ කියලා... අනෙක් කාරණය තමයි තමන්ගෙ ළදරුවන්ගෙන්, පවුලෙන් වෙන්වෙලා මාස ගණන් ක්‍රිකට් සංචාර යද්දි ඔවුන් කැප කරන්නෙ පවුලෙ අය එක්ක ඉන්න තියෙන කාලය... ඒක විශාල කැප කිරීමක්...

      Delete
  16. මැච් එකෙන් පස්සෙ සිදුවීම් ටික ගැන නම් කතා කරල වැඩක් නෑ. ජය පරාජය එක විදියට බාරගන්න බැරිවීමට තරම්, ක්‍රීඩාව ක්‍රීඩාව විදියට දකින්න බැරිවීමට තරම් අපේ රටේ මිනිස්සුන්ට පිස්සුද කියල හිතෙනව.

    සිරා කුලේගේ මිත්‍රයෙක් වීම ගැන ආඩම්බරයි. අවංකවම ලංකාවෙ ටීම් එකේ මගෙත් ප්‍රියතම ක්‍රීඩකය තමයි කුලේ. කුලේගෙ බෝලෙකට හයක් හතරක් වැදුනත් අනිත් උන්ගෙ වගේ මජර පෙනුමක් කුලේගෙ මූණෙ මතුවෙන්නෙ නෑ. විකට් එකක් ගත්තත්, දාපු බෝලෙකට හයක් වැදුනත් ඔහුගෙ මූණෙ ඇඳෙන්නෙ නිර්ව්‍යජ හිනාවක්. ඒකයි අනිත් උන්ට වඩා කුලේ වෙනස්. අනික ඔහු පොළවෙ පයගහල ඉන්න ක්‍රීඩකයෙක් බව ඔහුගෙ ඉරියවු වලින්ම පේනව.

    ReplyDelete
    Replies
    1. මම දවසක් කුලයට කිව්වා අනිත් පන්දු යවන්නො වගේ පොඩ්ඩක් පිතිකරුවා දිහා රවලා බලලා ඌව නග්ගපන් කියලා... මිනිහා කියනවා උඹට කලින් ඔය උපදෙස මට කීප දෙනෙක් දුන්නට මට එහෙම කරන්න බෑ බං කියලා.... ඔහු සැබැවින්ම අව්‍යාජයි... නැත්නම් යාලු කමට කියලා මම නැති ගුණ ගයන්නෙ නෑ කොච්චර ප්‍ර‍සිද්ධ වුනත්...

      Delete
  17. ජය පරාජය එක සේ විඳ දරා ගත යුතුයිනේ... ලංකාවට වඩා ඉන්දියාවේ පරාජය හමුවේ ප්‍රචන්ඩත්වය වැඩියි... ඉන්දියානු ජනයා කොහොමත් ක්‍රිකට් වලට ආදරෙයි... ඒත් එක්කම ලෝකෙට නොපෙනෙන ලොකු හේතුවකුත් ඔය ප්‍රචන්ඩත්වය පිටිපස්සේ තියෙනවා... ඒ ඉන්දියාවේ මහා පරිමාණයෙන්ම කරගෙන යන ක්‍රිකට් සූදුව...

    ReplyDelete
    Replies
    1. ඔයා විශ්වාස කරන්න සමහර ඉන්දියානු රසිකයො ඔවුන්ගේ ක්‍රීඩකයො එක්ක ඡායාරූපයක් ගන්න, කථා බහ කරන්න අවස්ථාව උදා කරගන්නෙ ලංකාවෙදි... ඔවුන්ට ඒ කාර්යය ඉන්දියාවේදී කරගන්න බැරි තරමට එහි තදබදය...

      Delete
  18. සිරා අයිය කියන කතාව ඇත්ත.ක්‍රිකට් ලෝලීන් විතරක් නෙවේ අපේ මුළු රටම යන අත එච්චර හරි නෑ.

    ReplyDelete
    Replies
    1. රට යන අත නම් හරි නෑ තමා නගේ.. මක්ක කරන්නද සවිමත් විපක්ෂයක් රටකට අවශ්‍යයි කියන්නෙ ඒකයි... අපිට දැන් තියෙන්නෙ විපක්ෂයක් යැ... පියරු බබාලා සැට් එකක්නෙ...

      Delete
  19. සිරා ,,ඇත්තම කිව්වොත් ඔබේ පෝස්ටුවේ අගය මේ පින්තූර ටික හොරකම් කරගෙන තිබුණා. ඔබට කියන්නට බැරිව ගිය බොහෝ දේ මේ පින්තූරවලින් කියලා තිබුණා. කලාතුරකින් දකින්න නොලැබෙන මේ වගේ පින්තූර ටිකක් බලන්න අවස්තාව උදාකරලා දීම ගැන ඔබට බොහෝමත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතු,

      පින්තූරයක් වචන දහසක් කියයි කියලා කථාවක් තියෙනවනෙ.. ඉතිං පින්තූර ටිකෙන් තමා මම කියන කථාව තහවුරු වෙන්නෙ...

      Delete
  20. අධ්‍යාපන ප්‍රවාහයට ක්‍රීඩාව එකතු කරන්නෙ..ජය සහ පරාජය එක සිතින් විඳ දරා ගන්ඩයි කියලයි අපිට නම් පොඩිම පොඩි කාලෙදි පාසලේ ගුරුවරු ක්‍රීඩ කරද්දෙ ඉගැන්නුවෙ..ඒ නිසා වෙන්න ඇති ක්‍රීඩාවෙන් පිට උනත් පරාජය උනත් ඊට එහා ගිය ජීවිත ගමනක් තියෙනවා කියන එක අපේ ඔළු වල තැන්පත් වෙලා තිබුනෙ.. අද කාලෙ එහෙම ඉගැන්වෙන්නෙ හෝ අවබෝධ කර ගන්නෙ නැද්ද මන්දා ? බහුතරයක් පරාජයත් එක්කම වියරු වැටෙනවා පේනවා.. ඒක නම් හරිම දුක්ඛිත තත්වයක් තමයි..

    ReplyDelete
    Replies
    1. ඒ විදියටම තමයි අපිත් ඉගෙන ගත්තෙ... මළල ක්‍රීඩා වලදි සෑහෙන තරගයක් දීලා එක,දෙක වන දෙන්නා නිවාසාන්තර ක්‍රීඩා තරගය අවසන් උනාට පස්සෙ කරේ අත දාගෙන ප්ලෑන් කරන්නෙ කොට්ඨාශ තරගෙ කොහොමද දිනන්නෙ කියලා... ඒ වගේ අත්දැකීම් මටත් තියෙනවා... ක්‍රීඩාව එක්ක අනවශ්‍ය තරමට මුදල් බද්ධ වුනාම තමයි ක්‍රීඩාවෙ මූලික සිද්ධාන්ත වලින් පිට පනින්නෙ....

      Delete
  21. කෝබන් මගේ කොමෙන්ටුව

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියෙ.... මම spam වලත් බැලුවා... එතැනත් නෑ... ආයෙත් කොටන්න...

      Delete
  22. මම හිතන්නේ පෝලිමේ තෙරපුණ අයගෙන් 90% තරග බැලුවේ නෑ. මේ තත්වය උදා වුනේ 1996 ජයග්‍රහණයෙන් පස්සේ. පොලිමෙන්ට් 250 ට ගත්ත ටිකට් 10,000 ට විකුණලා තියෙනවා. මට දුක පෝලිමේ තැලුන අවංක ප්‍රේක්ෂකයා. මගේ විශ්වාසෙ නම් මේවා සාමාජිකත්ව ක්‍රමයකට දෙන්න ඕනේ. මම ගොඩක් තරග ක්‍රීඩාංගනයේදී බලල තියෙනවා, ඕනෑම ක්‍රීඩාවක ප්‍රේක්ෂකයෝ එම ක්‍රීඩාව ගැන ලබාගෙන තිබෙන දැනුම වැදගත්. එහම නැතිව හුදෙක් හුරේ දමන්නන් වුනාම නොයෙකුත් ප්‍රශ්න ඇති වෙනවා. අර කැට ගහන තැන වල ඔට්ටු අල්ලන අය වගේ.

    ක්‍රිකට් ගැන ලියවුනු හැම පොස්ට් එකටම මම දාපු කමෙන්ට් එක තමයි කෙත්තාරාම විකට්ටුවේ එදා භාවිතා කල ට්‍රැක් එක ලෝක කුසලාන අවසාන තරගයක් තියන්න හොඳ එකක්ද? කියල. ඒ විකට් එකෙන් උපරිම වාසිය බටහිර ඉන්දීය කණ්ඩායම ගත්තා. අවසාන පුරවා තරග සඳහා දුන්න ට්‍රැක් එක මීට වඩා හොඳයි. හරි නම් අස් වෙන්න ඕනේ අර කදුළු සකසන්නා.

    කුලේගේ මස්සිනා මගේ හොඳ යාලුවෙක්. කුලේ ගැන ගොඩක් අහල තියෙනවා. ඇත්තටම සල්ලි පස්සේ යන්නැතුව ඒ පෙම්වතියම විවාහ කර ගත්තු එකෙන් කුලේ ගැන තීරණයක් ගන්න පුළුවන්. උඩ පන්දුවක් ගිලිහෙන්න කාට වුනත් අවස්ථාව තියෙනවා.

    මාලිංග අයි.පී. එල් එකේ එක විදියකටත්, ශ්‍රී ලංකා කණ්ඩායමට එක විදියකටත් සලකන බව පේනවා. ඔහුගේ ප්ලේයින් කොලිටිය ගෙවන ගැන අනුව වෙනස්ද දන්නෑ ? එහෙදී නම් හැම එකකටම හිනා වෙනවා, මෙහෙදී බුම්මගෙන. එහෙදී හොඳට බෝල් දානවා, මෙහෙදී ?

    අපිම දිනව ගත්තු වෙස්ට් ඉන්ඩීස් දිනුවාම ඇයි ශෝකේ? මටනම් ලංකාවවට පස්සේ කැමතිම ටීම් එක. තරගයක දිනන කණ්ඩායම සහ පරදින කණ්ඩායම කියල දෙකක් තියෙනවා. දිනයේදී වඩා හොඳින් ක්‍රීඩා කරන කණ්ඩායම දිනනවා. එදා දිනයේ තත්වය වඩා හොඳින් ප්‍රයෝජනයට ගත්තේ වින්ඩීස්ලා. දිනලත් මාලන් සැමුවෙල්ස් කිව්වේ තමන් වඩා කැමති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න කියල. එක අතකට සුදුවක් වගේ මේ විස්සයි20 න් අපි පැරදුනත් මොකද? ටෙස්ට් ක්‍රිකට් තමයි හොඳම ක්‍රිකට්. මේ 20සේ තියෙන්නේ සියලු ක්‍රීඩාවල් එකතු කරලා හදපු කොක්ටේල් එකක් කියල මම කියන්න කැමතියි. ඒ ගැන මම වෙනම පොස්ට් එකක් දාන්නම්.

    අර වාද විවාද පින්තුරේ ඉන්න අන්කල්ට නම් අවන්කවම තද වෙලා වගේ. වැදගත් මහත්මයෙක් වගේ තමයි පෙන්නේ. රස්තියාදුකාරයන්(හී හී කාරයා) එක්ක වැටුනාම ඒ මිනිස්සුත් නරක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ටුවට බොහොම වැදගත් කමෙන්ටුවක් ඔබෙන් වැටෙයි කියලා මම හිතාගෙන හිටියෙ... ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔබට ඇති අත්දැකීම් නිසයි ඒ...

      මේ පෝලිමේ වැඩිපුර හිටියෙ කාක්කො... ඒ කිව්වෙ වැඩි මුදලකට නැවත ටිකට් විකිණීමේ අරමුණෙන් සිටි අය... ඒ නිසා සැබෑ ක්‍රීඩා ලෝලීන්ගේ අවස්ථාව සීමා වුනා... අදාළ ආයතන ටිකට් පත් විකිණීමට මීට වඩා හොද ක්‍ර‍මවේදයක් දියත් කලා නම් ගැටළු අඩු වෙන්නත් තිබුනා...

      මට නම් පරාජය වුනා කියලා විශාල දුකක් නෑ... කොල්ලො මෝඩයෝ වෙලා දිවි නසාගත්තට ක්‍රීඩකයන්ට ලැබෙන ගෙවීම ඒ විදියටම ලැබෙනවා නොවැ...

      කුලයගෙ මස්සිනා ගැන මම දන්නෙ නෑ... කුලයගෙ බිරිද නම් එක් වතාවක් මුණ ගැහුනා... ඇයත් ඔහු වගේම නිහතමානී කෙනෙක්... මාලිංග IPL වලදි දාන යෝකර් වලට මොකද වුනේ කියන ගැටලුව මටත් තියෙනවා... ගහන්න ගහන්න මිනිහා එදා ෂෝට් පිච් තමා දැම්මෙ...මුදල් ප්‍ර‍ශ්නයක්ද දන්නෙත් නෑ....ඊට ඉස්සෙල්ලා මැච් එකේ පන්දු රැකීම අන්තිමයි...

      ක්‍රිකට් ක්‍රීඩාවේ නියම රිද්මය තියෙන්නෙ ටෙස්ට් මැච් වල නිසා නේද එංගලන්තෙ සුද්දො ටෙස්ට් මැච් බලන්න වඩා කැමති... ගතවෙන කාලය පිළිබද නම් ප්‍ර‍ශ්නයක් තියෙනවා තමා....

      Delete
  23. මන් නං ඉතින් හොඳට නිදා ගත්ත . අපේ බනිලගේ තාත්ත උදේ සද්ද බද්දයක් නැතුව වැඩට යන්න ලැස්ති වෙද්දී මන් දන්නවා වැඩේ අල වෙලා බව . අර පොරකන එක නම් අනේ මන්ද . ඒගොල්ලන්ගේ කමත්තනේ ඉතින්. දිවි නහගත්තේ නම් මෝඩ කම . හැබැයි ඉතින් මනුස්ස හිත කියන්නේ පුදුම දෙයක් . පින්තුර ටික නම් මාර පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. බනීලගෙ තාත්තා මැච් දිනපු දවසට ගෙදර සද්දයක් එහෙම දාලද සමරන්නෙ ?

      ඔය පොරකාපු ගොඩාක් අය ටිකට් කාක්කො... වෘත්තීය මට්ටමේ කැමරාවක් නිසා වෙන්න ඇති පින්තූර පැහැදිලි...

      Delete
  24. ඔය සිද්ධි ඔක්කොම සජීවීව මාත් දැක්කා...

    ReplyDelete
    Replies
    1. තරියා අත්දැකපු දේවල් වලින් පෝස්ටුවක් ලිව්වොත් නරකද ?

      Delete
  25. අනේ මන්ද ..

    ReplyDelete
    Replies
    1. කියන්න අනේ තැවෙන්නෙ නැතුව....

      Delete
  26. කොතනත් බුද්ධිමත් අය අඩුතැන වෙන්නේ ඕකයි..!
    තැම්පත්ව මැච් එකක් බලන අය අඩුයි දැන්..!

    ReplyDelete
    Replies
    1. මැච් කියන්නෙ දැන් කානිවල් ස්වරූපයක් උසුලන දෙයක්... විනෝදය අවශ්‍ය තමයි එහෙත් සීමාවක් ඇතුලෙ නරඹන්නන්ට බාධා නොවන වින්දනයක් තමා ඕනෙ...

      Delete
  27. සිරාවටම ඇත්ත කතාවකි, ක්‍රිකට් තවත් ක්‍රීඩාවක් විතරයි, එහෙව් එකේ පැරදුනා කියලා බෙල්ලේ වැල දාගේනවත්, ටිකට් ගන්න පෝලිමේ ඉඳල මරාගේනවත් මැච් දිනන්න බෑ. ජාතික කණ්ඩායමේ ඉන්න අයටවත් නැති අමාරුවක්නේ නරඹන්නන්ට තියෙන්නේ. මොන දේ වුනත් හිතන ගන්න හොඳ නෑ. මැච් එකක් දිනුවාම රටට, හිතට දැනෙනා ආඩම්බරේ වෙනම කතාවක්, ඒත් ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිවාදී පිලට බලපෑම්කරාටවත්, වාහන වලට පොදු දේපල වලට හානි කරලවත් කවදාවත් ඊළඟ මැච් එක දිනන්න බෑ. ලංකාවේ ප්‍රේක්ෂකයොත් ඉන්දියාවේ තත්වෙට නොඒවා කියල ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් රතිඥ්ඥයක් පත්තු කරලා මිනිස්සු අහිංසක විදියට ජයග්‍ර‍හණය සැමරුවා... දැන් නම් ටිකක් විතර තත්වය වෙනස්... උපරිම කට්ටක් කාලා ටිකට් අරන් එන නිසාද මන්දා... උපේ උන්ට දැන් තරහා යනවා....

      Delete
  28. අනේමන්දා බං දුක්වෙලත් බෑ, දුක්නොවිත් බෑ
    ආයේ ක්‍රිකට් බලන්නත් බෑ, ආයේ ක්‍රිකට් නොබලා ඉන්නත් බෑ :(

    ReplyDelete
    Replies
    1. ඕවා ඔක්කොම අමතකයි... සති දෙකෙන්... ආයෙත් මැච් එකක් තියෙන දවසක කට්ටිය යයි කිසි ප්‍ර‍ශ්නයක් නැතිව...

      Delete
  29. යමක් ගැන තියෙන උන්මාදයය් (fanatism) හොඳ වැඩක් කියලා මම හිතන්නෙන්නෙ නෑ. ඒ වගේම hero worship කියන සංකල්පයත් ඔය ප්‍රශ්ණ හුඟකට මුල. විශ්වාස කරපං මම නම් බැලුවෙ ෆයිනල් එක විතරයි. අර ගියපාර ක්‍රිකට් වලට වෙච්ච දේශපාලන බල අරගල කලබැගෑනියෙන් මට ක්‍රිකට් ගැන තිබ්බ ආසාව නැතුව ගියා.

    අර සෙනග ගොඩේ පොකට් ගහන උන්ට රජ මගුල් තියෙන්න ඇති.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නූගත් සමාජයක ලක්ෂණ තමයි ඒවා... ඉන්දියානු ජන සමාජයේ නූගතුන් වැඩි නිසා විය යුතුයි එහෙ ප්‍රෙක්ෂකයන් රෞද්‍ර‍ විදියට හැසිරෙන්නෙ... මෙහෙ තියෙන්නෙ නූගත් ප්‍ර‍ශ්නයක් නෙමෙයි..අපේ උන් වෙනත් බාහිර ප්‍ර‍ශ්නත් ක්‍රිකට් පරාජය උඩ තියලා විසදන්න හදනවා...

      පොකට් ගහන්නත් ඌට අත උඩට ගන්න බැරි තරම් පැක් වෙලා තමා කට්ටිය ඉදලා තියෙන්නෙ...

      Delete
  30. ගෑණියෙකුට වැදුම්ගෙයි සන්නිය හැදුනත්, පාරට බැහැලා, උද්ඝෝෂණ කරලා, විදේශීය කුමන්ත්‍රණ කියලා කෑ ගහන තරමට, අපේ මිනිස්සුන්ගේ මනස විකෘති කලේ, සමහර පාරාජිකා වෙච්චි දේශපාලන පක්ෂ. විශේෂයෙන්, ඕනේ එකටයි එපා එකටයි පාසල් ළමුන් සහ තරුණ පරපුර ඇදගැනීමේ විපාක තමයි මේ.සටන්කාමිත්වය තුල පරාජය දරාගැනීමේ හැකියාව වර්ධනය වීමක් නැහැ. විකට් දෙක තුනක් එක පෙලට කැඩුනොත්, හයේ පාරවල් කීපයක් එක දිගට අපිට එරෙහිව වැදුනොත්, අපි වාලධිය පශ්චාද් භාගයේ ගහගන්න යනවා.චිත්ත ධයිර්යය සිඳ ගන්නවා.එකමුතුව, දරාගැනීම, නායකත්ව ලක්ෂණ අප තුල වර්ධනය නොවන්නේ අපේ තරුණ පරපුරෙන් සමහරක් ජීවත්වන සීනිබෝල ලෝකය නිසාද? කිසිදු වැට කඩුල්ලක් නැති පිටිය වටේ හිඳගෙන, සන්සුන්ව ටෙස්ට් තරගයක් බලමින්, දෙපැත්තේම දක්ෂතා අගයන ප්‍රේක්ෂක පිරිසක්, අපේ රටේ බිහිවෙයිද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. එංගලන්තෙ වගේද... විරුද්ධ පිලේ ක්‍රීඩකයෙක් උනත් ලකුණු 100 ගැහුවාම එහෙ ප්‍රේක්ෂකයො අත්පුඩි ගහන්නෙ අසුනින් නැගිටලා... සුද්දන්ට අපි බැන්නත් උන්ගෙ හොද ගතිගුණත් තියෙනවා... ක්‍රීඩාව එක්ක දේශපාලය ගෑවුනොත් හිගන්නගෙ තුවාලෙ වගේ සුවවෙන්න කල් යනවා... අපිට තාමත් ක්‍රිකට් පරිපාලනයෙ ගැටලු තියෙන බවත් අමතක කරන්න නරකයි... ඔබේ කථාව ඇත්ත... තරුණ පරපුර සීනිබෝල ලෝක වල තමයි දැන් ජීවත් වෙන්නෙ... ඒ නිසාම ආත්ම ශක්තිය අඩුයි...

      Delete
  31. හැමතැනම ක්‍රිකට්... හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      ඒකනෙ කාලීන කියලා ලේබලයක් ඇලෙව්වෙ....

      Delete
  32. අපිටත් උණ තදින්ම තිබ්බා. මවු රටෙන් ඈත්වෙලා ඉන්න හින්දා තව වැඩියි. අපිත් ප්‍රොජෙක්ටර් එකක් එහෙම දාගෙන බැලුවේ මැච් එක. පරාජය නම් දුකක් ඒත් අපේ ප්‍රේක්ෂකයෝ මේ වගේ වෙන්න මොකක් හරි හේතුවක් ඇති. ඒ හේතුව හොයාගන පිළියම් කරනවා මිස වෙනත් දෙයක් නෑ නේ.

    ReplyDelete
    Replies
    1. වගකිවයුතු අංශ ඒ කෙරේ අවධානය යොමු කරාවි...මම හිතන්නෙ ටිකට් පත් නිකුත් කිරීමේ ක්‍ර‍මවේදයේ අඩුපාඩුත් මෙහි ඇති... ටිකට් පත් සීමිත ප්‍ර‍මාණය ගන්නත් පොර කන්න වෙනවා... එහෙම බැරි උනොත් වැඩි ගානක් දීලා කාක්කෙක්ගෙන් ගන්නෙ වෙන්නෙ... එහෙම ගිය අයට පරාජයේ වේදනාව වැඩි ඇති... මොකද තමන්ට ගිය වියදම වැඩි නිසා....

      ක්සැන්ඩර් ලංකාවෙ පරාජයෙන් පස්සෙ ඉන්දියානුවන්ගෙ ප්‍ර‍තිචාර කොයි වගේද ?

      Delete
  33. මොනා කියන්නද මන්ද.. මම නම් සමාන්‍යයෙන් මැච් බලන් නෑ.. ඒත් ෆයිනල් නම් බැලුවා.. වේලාව තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. එදා දවසෙ වාසනාව අපේ පැත්තෙ තිබුනේ නෑ කියලා තමයි මගේ හැගීම....

      Delete
  34. මම නම් ලේසියෙන් මැච් එකක් අතාරින්නේ නෑ... ජීවිතේටම මැච් එකක් අතෑරලා නැතිව ඇති.කොච්චර කෑවත් අන්තිම වෙනකන්ම මැච් එක බලන්නේ අපේ එවුන් අන්තිම මොහොත වෙනකන්ම ගහනවනේ.... ඉස්සර කොච්චර පැරදෙන්න ගියත් මුරලි ගහන්න එනකොට මාර සතුටුයි මේකා ගහන්නේ දර පලනවා වගේනේ... එහෙම ගහලා මැච් දෙක තුනක්ම දිනුව හැටිත් මතකයි....

    කුලේ අතෑරපු කැච් නිසා බැට් කරපු එවුන් වැඩි ලකුණු ගානක් ගැහුවනම් තමයි ඉතින්.කොහොම උනත් මහේලගේ කැච් දෙකක්ම අතෑරියේ වෙස්ට් ඉන්ඩීස්ලා උන් ලේසියෙන් අතාරින එවුන් නෙමේනේ ඒ නිසා කුලේගේ අවුලක් නෑ... ෆයිනල් දෙකේම කුලේ මාර ලස්සනට බැට් කලා.වාස්ගෙන් පස්සේ නියම බැට් කරන්න පුළුවන් ෆාස්ට් බෝලර් කෙනෙක් තමා කුලේ...

    අර දෙන්නෙක් මැරුණු කේස් එක ඇහුවමනම් දුකක් නෙමේ ආවේ පට්ට තරහක් මහ මෝඩ යක්කු දෙන්නෙක්... මට නම් හිතෙන්නේ හොඳ සිහියෙන් නොහිටපු නිසා වෙච්චි දෙයක් වෙන්නැතියි කියලා... මට මතකයි සෙමි ෆයිනල් බලපු කෙනෙකුත් මැරිලා හිටියයි කියලා සන්තෝසේ දරාගන්න බැරිව....

    කොහොමහරි මැච් එකක් බලද්දි අතේ නියපොතු සේරම කැවෙන ලෙඩක් නම් මට තියෙනවා.නිකනුත් නෙමේ ටීවි එක ඉස්සරහා ඇවිද ඇවිද තමා මැච් බැලෙන්නේ.අතේ නියපොතු ඉවර උනාම ටීවි එක ගාව බිම එරමිණිය ගොතාගෙන කකුලේ නියපොතු කාපු අවස්ථාත් තියෙනවා.. යාළුවෙක් ගහපු පොටෝ එහෙමත් ඇති අර මාලිංගයි මැතිව්සුයි ඔස්ට්‍රෙලියාවෙදි ගහපු ගැහිල්ල දවසේ...

    ReplyDelete
    Replies
    1. මුරලි දර පලනවා වගේ ගැහුවෙ පොඩි කාලෙ ලෙදර් බෝලයක් ඇගේ වැදිලා ඇතිවෙච්ච භය නිසා... ශරීරය පන්දුවට බොහොම ඈතින් තියාගෙන තමයි පන්දුවට පහර දුන්නෙ...

      ගැමියාගෙ නියපොතු කන පුරුද්ද ඇහුවාම මට හිනාත් ගියා... මොනවා උනත් හොද පුරුදු නතර කරන්න නරකයි.. ඒ නිසා දිගටම මැච් බලද්දි නියපොතු කන එක හොදා... නියපොතු පෝෂ්‍ය ගුණයෙන් අනූන කෑමක් නොවැ.... ජය !

      Delete
  35. tika dawaskata Kamarya pata ena bari una..onama katwakata ekaga wenawa eat Mahinda apu nisa parduna kiyana natuwa. mokada kiyana?
    Jayawewa,
    Sajith Mendis,

    ReplyDelete
    Replies
    1. මහින්ද මහරජතුමා මොනවා කරන්නද ? එතුමා කණ්ඩායමේ ක්‍රීඩා කලේ නෑ නොවැ...ජනාධිපතිතුමා යන්නෙ අවසන් තරගය බලන්න හැමදාම... අපේ උන් හැමතැනම අවසන් තරගය පරාදවෙන නිසා තමයි ඔහොම කථාවක් කියන්නෙ...

      Delete
    2. tan....Q, ubage adhasa atatma..sira...
      Sajith.

      Delete
  36. මමත් තරඟය බැලුව මචන්... පැරදුන එකට දුකයි තමයි.. එත් කාටවත් බැනල වැඩක් නෑ...
    ඒත් අපි අනු ශූරයෝ හරි උනානේ කියල හිත එදා ගන්නව...... මගේ ආයතනයේ ගොඩ දෙනෙක් ලංකාව පරාද වුන එක ගැන දුක් වුනා...

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. කැංගරු දේශෙ කට්ටිය ජොනී වත් පැත්තක තියාගෙන මැච් බලනවා කියලයි ආරන්චි... සතුට / දුක දෙකටම බෙහෙත නොවැ...

      Delete
    2. ඔබ නිවැදියි..

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...