සිරාගෙ කාමරේ පාඨකයෙක් ඉටු කිරීමට පමාවූ පොරොන්දුවක් පිළිබද මතක් කර මා හට ඊයක් එවා තිබුනේ ඉහත පරිදි ආරම්භ කල සටහනකිනි. මා මේ පොරොන්දුව වූයේ චාරිකා සටහන් 3 වන කොටසේදීය. දෙමට මල් විහාරය පිළිබද විස්තර කිරීමේදී මේ කියන්න යන සහෝදර හබයද මතුවිය. එදා එම සටහන මා නිමාකලේ ගැමුණු සහ තිස්ස අතර වූ හබය පිලිබද මතුවට ලියන්නේ යැයි පවසමිනි.
මෙම සහෝදරයන්ගේ පියා වූයේ කාවන්තිස්ස රජතුමාය. මව විහාර මහා දේවියයි. එළාර නම් ආක්‍රමණික රජෙකු අනුරාධපුරය රාජධානිය කර ලංකාවේ රාජ්‍ය කරන සමයේ කාවන්තිස්ස රජතුමා රුහුණේ මාගම සිය රාජධානිය බවට පත්කර ගෙන රජකම් කලේය.
ඉතාමත් දූරදර්ශී රජෙකු වූ කාවන්තිස්ස රජතුමා එළාර රජතුමා සමග එකවර සටනට නොගොස් තම යුධ ශක්තිය ක්‍රම ක්‍රමයෙන් ගොඩනංවා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව රුහුණේ ශක්ති සම්පන්න මිනිසුන්ගෙන් සමන්විත විශාල හමුදාවක් ගොඩනැගූ අතර යුද්ධයකදී අවශ්‍ය වන යුධ උපකරණ නිපදවීමට කර්මාන්ත ශාලා පවා ආරම්භ කර තිබිනි. උතුරින් පැමිණිය හැකි සතුරු බලවේග වලට මුහුණ දීමට මහවැලි ගග දිගේ තැනින් තැන ආරක්ෂාව තර කල අතර විහාර මහා දේවියට නොව වෙනත් බිසවකට දාව උපන් දීඝාභය නම් කුමරා වෙත දේශසීමා ආරක්ෂා කිරීමේ වගකීම පවරා තිබුනි.
යුද්ධය ජයග්‍රහණය කිරීමට ජනතාව අතර සමගිය ඉතා අවැසි බව තේරුම් ගත් රජතුමා ඒ අනුව කටයුතු කල අතර ඒ හැගිම පුතුන්ගේ සිත් තුලටද කා වැද්දවීමේ අරමුණින් කිසිදු දිණෙක එකිනෙකා සමග සටනට නොයන බවට ඔවුන්ගෙන් දිවුරවා පොරොන්දු ලබා ගත්තේය. මහ ජනයා සම්බන්ධ වැඩ කටයුතු වලදී සංඝයා වහන්සේලාට කල හැකි බලපෑමේ තරම පිළිබද අවබෝධයක් තිබූ රජතුමා පැවිදි උතුමන්ට ඉතා ගෞරවයෙන් සැළකුම් කල අතර එසේ හැසිරීමට තම පුතුන්ටද අවවාද කළේය. උතුරු ප්‍රදේශයෙන් එල්ලවිය හැකි සතුරු ප්‍රහාර පිළිබද සුළුවෙන් නොතැකූ කාවන්තිස්ස රජතුමා සුදුසු කාලයට පෙර සටනට එළඹීමෙන් පරාජයට පත්වුවහොත් සිය නැතිවී ගිය උරුමය ලබා ගැනීමට තිබූ එකම අවස්ථාච ගිලිහී යා හැකි යැයි සිතූ නිසා නියම අවස්ථාව එළඹෙන තුරු අවශ්‍ය සම්පත් රැස් කරගනිමින් කල්මැරීය.
දුරදිග බලා කටයුතු කල පියරජතුමාගේ මේ කටයුතු ගාමිණී අභය කුමාරයා දුටුවේ බියසුළු කමක් ලෙසය. ළදරු වියේදී පවා පියාගේ අවවාද ඔහු නොරිස්සූ බව මහාවංශයේ සදහන් වෙයි. දෙමළුන් හා සටන් නොකරන ලෙස පොරොන්දු වන ලෙස කාවන්තිස්ස රජතුමා කුඩා ගාමිණී අභය කුමරාගෙන් ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සිය යහන මත වකුටු වී නිදාගත් අතර අත පය දිග හැර නොනිදන්නේ මන්දැයි විමසූ සිය මෑණියන් වෙත උතුරින් හැඩි දෙමළු සහ දකුණෙන් මහ මුහුද මා වළකද්දී කෙසේ නම් මා සුවපහසු ලෙස සැතපෙම්ද යනුවෙන් මේ පැහිච්ච කුමරා පිළිවදන් සපයා ඇත. හමුදාවක් රැස් කර පුහුණු කිරීමෙන් අනතුරු දෙමළ සතුරන් සමග සටනට යාමට 16 වියැති ගාමිණී අභය කුමරා පිය රජුගෙන් අවසර ඉල්ලා සිටියද නිසි කල එළඹ නැතැයි එම ඉල්ලීම ඉවත දැමූ කාවන්තිස්ස රජතුමා වෙත සිය අප්‍රසාදය පල කළේ පිය රජතුමා වෙත ගැහැණු ඇදුම් පැළදුම් යැවීමෙනි. මේ සිදුවීම මහාවංශය, සිංහල ථූපවංශය සහ රාජාවලිය යන ඉපැරණි වංශ කථා වල සදහන්ය.
මෙයින් කෝපයට පත් කාවන්තිස්ස රජතුමා සිය වැඩිමහල් පුත් කුමරා වන ගාමිණී අභය හැකිල්ලකින් බැද තබන ලෙස අණ කළේය. එහෙත් කුමරා රාජ ආඥාව ක්‍රියාත්මක වීමට පෙර කොත්මලේ පෙදෙසට පළාගොස් රජකමට පත්වන තුරු වෙස් වලාගෙන ජීවත් වූ බව කියනු ලැබේ. ඔහුගේ මේ අලුත් නවාතැන පිළිබද විහාර මහා දේවිය දැන සිටි අතර, එතුමිය විසින් රජතුමාට හොරෙන් නිතරම පණිවුඩ කරුවන් ලවා සිය වැඩිමහල් පුතු පිළිබද සොයා බැලූ බවටද සාධක ඇත. මේ පිය පුතු ගැටුමෙන් අනතුරුව ගාමිණී අභය කුමාරයා දුට්ඨ ගාමිණී හෙවත් දුටු ගැමුණු ලෙස හැදින්වීමට පටන් ගෙන ඇත. සේරු රටේ බලය පතුරා සේරුවිල දාගැබේ ධාතු නිධානය කළේ කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසාන භාගයේ බව ධාතුවංශයේ සදහන් වන නිසා මෙම සිදුවීම සිදුවූයේ කාවන්තිස්ස රජතුමාගේ පාලන කාලයේ අවසාන භාගයේ බව සිතිය හැක.
කාවන්තිස්ස රජතුමා මියගියේ දුටුගැමුණු කුමරා කොත්මලේ ප්‍රදේශයේ සැගවී සිටින විටය. මේ පුවත ඇසූ සද්ධාතිස්ස කුමරා දිගාවැවේ සිට වහාම මාගමට පැමිණ මව් බිසව හා මංගල හස්ති රාජයා රැගෙන නැවතත් දිගාවැවටම ගියේය. ඇමතිවරු පියරජු මිය ගිය බව දුටුගැමුණු කුමරාට දන්වා යැවූ අතර මාගමට පැමිණි පසු හෙතම රජකමට පත්කර ගන්නා ලදී. මංගල හස්තියා තමා වෙත එවන ලෙස දුටුගැමුණු රජු සිය මලණුවන් වෙත දන්වා යැවූ අතර එය නොසලකා හැර සද්ධාතිස්ස කුමරා දිගාවැවට වී සිටි අතර මව් බිසවටද මාගමට එන්නට ඉඩ නුදුන්නේය. මේ හේතුවෙන් සොයුරන් දෙදෙනා එළිපිටම එකිනෙකාට විරුද්ධව කටයුතු කිරීමට පටන් ගත්හ. යම්හෙයකින් මාගේ ප්‍රත්‍රයන් එකිනෙකා සමග සටන් වැදුනහොත් කිසිවෙකුට හෝ සහාය පළ නොකරන ලෙස මහළු කාවන්තිස්ස රජතුමා ජීවතුන් අතර සිටියදී මහා සංඝරත්නය/ ඇමතිවරු/ සෙන්පතියන් පොරොන්දු කරවාගෙන සිටීම භාග්‍යයක් වූ අතර ඒ නිසාම ඔවුන්ට සිදුවූයේ තම තමන් යටතේ සිටි සුළු හේවා කණ්ඩායම් යුධ බිමට යවා සිය ආරවුල් බේරුම් කර ගැනීමය.
මෙලෙස මෙම දෙපාර්ශවය අතර පළමු සටන ඇතිවූයේ චුල්ලංගණිය පිට්ඨි (සුලුගුණාපිටිය) නම් ස්ථානයේය. වර්තමානයේ මෙම පෙදෙස යුදගනාව ලෙස සමහර ඉතිහාසඥයන් දක්වයි. මෙම සටනෙන් ජය හිමිවූයේ සද්ධාතිස්ස කුමරාගේ පාර්ශවයට වූ අතර දුටුගැමුණු රජතුමාට සිදුවූයේ තමාට ලැදි එක් අනුගාමිකයකු අහිමි කරගෙන තමා ලුහු බැද ආ උන්ගෙන් ගැලවී මාගමට පලා යාමටය.
කෙසේ හෝ තවත් මද කාලයක් ඇවෑමෙන් සිය බල පිරිස පුළුල් කරගෙන නැවතත් සිය මලණුවන් හා සටනට දුටුගැමුණු රජු පිටත් විය. දක්ෂ අශ්වාරෝහකයකු වූ එතුමා දෙවැනි සටනින් ජය ගත් අතර සද්ධාතිස්ස කුමරාට සිදුවූයේ නින්දිත පලා යාමකටය... ඒ සිද්ධිය මහාවංශයේ විස්තර වන්නේ මෙසේය.
ඒ තෙමේ මාගම් ගොස් හැටදහසක් බලසෙන් ගෙන මළු හා නැවත යුධ පිණිස ගොස් යුධ කළේය. රජ තෙමේ වෙළඹ පිටද තිස්ස කුමර කඩොල් ඇතු පිටද නැගී සම්මුඛ වූහ. එකල්හි දෙබෑයෝ යුධ කරන්නාහු. යුද්ධයේදී රජ තෙමේ ඇතු ඇතුලු කොට වෙළඹ මඩුල්ලක් කළේය. එසේද අවසර නොදැක පන්වන්නට සිතීය. වෙළඹ ඇතුමත්තෙන් පන්නවා සහෝදරයාගේ මස්තකයෙන් පිට සන්නාහය කැපෙන පරිද්දෙන් තෝමරය දැමීය. ඒ යුද්ධයෙහි කුමාරයාගෙ නොයෙක් දහස් ගණන් මිනිස්සු යුධ කෙරෙමින් වැටුනෝය. මහත් බලයද බිදුනේය. ඇතරුවා විකල බැවින් ස්ත්‍රිය මා මතුයෙන් පැන්නවූයැයි කිපුනු ඇත් තෙම ඔහු පාලනය කෙරෙමින් එක් රුකක් වෙතට ගියේය. කුමරු රුකට නැගීය. ඇත් තෙමේ හිමියා වෙත ගියේය. ගැමුණු රජ ඇතු නැගී පලායන කුමරහු ලුහු බැන්දේය. ඒ කුමර විහාරයකට වැද මහ තෙරුන් ගෙට වන්නේය. කුමාර තෙමේ බෑයාට භයින් යට හැද වැදහොත්තේය. මහා ස්ථවිර තෙම ඒ ඇද සිවුර ඇසුර සේක. රජතුමා පසුපස්සෙන් ගොස් තිස්සයා කොහේදැයි විචාළේය. මහ රජාණෙනි ඇදෙහි නැතැයි ස්ථවිර තෙම රජ හට කීවේය. මිහිපල් තෙමේ යට හැද යයි දැන එයින් පිටත්ව වෙහෙර සිසාරා මුර තැබීය. ඒ කුමරහු වනාහි කුරු ඇදක හොවා මත්තෙහි සිවුරකින් වසා ළදරු භික්ෂූහු සතර දෙනෙක් ඇද කකුල් අල්වා ගෙන මළ භික්ෂූ කෙනෙකු මෙන් බැහැර ලූය. මිහිපල් තෙමේ ඒ ගෙනයනු ලබන්නාහු හැදින
තිස්සය.....තෝ කුලදේවතාවන් හිස හිදගෙන යනු නොලබ කුලදෙවියන් අතින් මාගේ පැහැරගැන්මක් නැත්තේය. තෝ කොයි දවසක් කුලදෙවියන් ගුණ සිහිකරවයි මෙසේ කීය.
එහි සංෂිප්තය සරළ බසින් මෙසේය.
දක්ෂ අසරුවෙකු වූ දුටුගැමුණු රජු සිය සොයුරා සමග සටන් වදින්නට ගොස් ඇත්තේ වෙළඹක පිටය. මේ වෙළඹ කඩොල් ඇතු මතින් පැන්නවීමෙන් සිදු වූ මදිපුංචිකම නිසා කෝපයට පත් කඩොල් ඇතු එය සිය ස්වාමියා වූ සද්ධාතිස්ස කුමරුගේ දුර්වලතාවක් යැයි සිතා ඔහුගේ අණට අකීකරුව රජු සමග එක්තර ගසක් සමීපයට ගොස් ඇත. රජු ගසට නැගි පසු හස්තියා තම ස්වාමියා ලෙස දුටුගැමුණු රජතුමා පිළිගෙන ඔහු වෙත ගොස් ඇත. ඇතු මගින් තමා ලුහු බදින සහෝදරයාගෙන් බේරිමට සිතා අසල වෙහෙරක නායක හිමිගේ ඇද යට සැගවී සිටි සද්ධාතිස්ස කුමරු එළියට පැමිණෙන තුරු දුටුගැමුණු රජතුමාගේ සේනාව රැකවල් ලා සිටියෝය. මේ අවස්ථාවේ කුමරු විහාරයෙන් පිට කිරීමට උපායක් කල්පනා කල නායක හිමියන් ඔහු කුඩා ඇදක සතපවා සුදු රෙද්දකින් වසා මියගිය හිමිනමක සේ පෙනෙන ලෙස කුඩා හිමිවරුන් සතර දෙනෙකුගේ කර මතින් පන්සල් භූමියෙන් ඉවතට යවන්නට කටයුතු කලහ. මේ දෙස උපහාසයෙන් බලා සිට ඇති දුටුගැමුණු රජතුමා තිස්ස උඹ කුල දේවතාවුන් හිස මතින් යනවා නේදැයි පවසා ඇත.
බුත්තල මාළිගාවිල මාර්ගයේ කිලෝ මීටර් 6ක් පමණ ගමන් කලාම හමුවෙන දෙමටමල් විහාරය තමයි සද්ධාතිස්ස කුමරා එදා සැගවී සිට ඇති විහාරය. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ පොල් වගා ජනපදයේ ඔවාගිරිය කියන විහාරස්ථානය මේ දෙදෙනා සමගි කිරීමට මහා සංඝරත්නය එදා ඔවදන් දුන් ස්ථානය ලෙසත් සමහර ඉතිහාසඥයන් විශ්වාස කරනවා. ඔවාගිරිය යන නමද මේ අර්ථයෙන් බිදී ආ එකක් ලෙසයි සැලකෙන්නෙ. මේ විහාරස්ථාන පිළිබද තොරතුරු සිරාලියූ චාරිකා සටහන් 3 හා 4 කොටස් වල ලියැවී තිබෙනවා...
කුමාර වරුන් දෙදෙනා විරසකව කලක් සටන් කලත් පසුකාලීනව මේ දෙදෙනා ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රීලංකා දිපය මුලුමනින් සතුරු ග්‍රහණයෙන් මුදවා ගැනීමට හැකිවූ අතර රට ජාතියට සහ ආගමට විශාල සේවාවක් ඔවුන් අතින් ඉටු වී තිබෙනවා...දුටුගැමුණු රජතුමා විසින් ඉදිකල මහානර්ඝ ඉදිකිරීමක් වන රුවන් වැලි සෑයෙ ඉදිකිරීම් නිමකිරීමට පෙර එතුමා රෝගාතුර උනා. එතුමාගේ අවසාන ප්‍රාර්ථනය වූයේ වැඩ අවසන් කල දාගැබට වන්දනා කොට අවසන් හුස්ම හෙළීමයි. මේ අවස්ථාවේ එම කාර්යය සාර්ථක කර ගැනීමට සහාය වන සද්ධාතිස්ස කුමරා දාගැබේ ඉදි නොකල කොටස් සුදු රෙදි වලින් ආවරණය කොට වැඩ නිමවූ පසු පෙනෙන පරිදි දක්වා ඇති අතර ඒ දුටු දුටු ගැමුණු රජතුමා මහත් ප්‍රීතියෙන් දාගැබ වන්දනා කරමින්ම අවසන් හුස්ම හෙලූ බවත් මරණින් පසු දිව්‍ය රාජයකු වී තුසිත දෙව්ලොව උත්පත්තිය ලැබූ බවත් මහා වංශයේ සදහන් වෙයි. රජුගේ ඇවෑමෙන් සද්ධාතිස්ස රජතුමා දාගැබේ වැඩ අවසන් කලහ.
දුටුගැමුණු රජතුමා පිළිබද තවත් අගනා ලිපියක් මෙතැනින්
මොණරාගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික පසුබිම පිළිබද වටිනා තොරතුරු රැසක් මෙතැනින්
මාස ගණනක් පුරා සැමගේ අවධානයට ලක්වූ බස් රේඩියෝ සම්මාන උළෙල අවසානයේ ජයග්‍රහණ ලැබූ සහෝදර බ්ලොග් කරුවන් වෙත මගේ උණුසුම් සුභ පැතුම් !
මම සයිබරයේ අලුත් මිතුරා සිරා...
ප.ලි
පුරාවිද්‍යා උපාධිධාරී මාගේ අතීත පෙම්වතිය වෙත ආචාරය පිරිනමමි.
ඉතිහාසය පිළිබද තොරතුරු ඇය විසින් මා හට නැවත වතාවක් සපයා දුන්නාය.
දුටු ගැමුණු රජතුමාගේ සිතුවමක් Google හි සොයන විට මෙය දක්නට ලැබුනා..
අනඟි විස්තරයක් සිරා ආසාවෙන් කියෙව්වෙ.........!
ReplyDeleteමොකක්ද අර පුරාවිද්‍යා උපාධිදාරියගෙ කතාව...?????
ස්තූතියි ඔබේ දිරිගැන්වීමට...
Deleteඇය මගේ පෙම්වතිය ලෙස කලින් සිටි කෙනෙක්... විවිධ හේතු නිසා අප වෙන් වුවත් අපේ සුහදතාව තවමත් තියෙනවා... ඉතිහාසය පිළිබද කරුණු දැනගැනීමට අවශ්‍ය වුනාම මම ඇය අමතනවා....
වෙන්උන එක හොදයි නැත්තං උඹවත් කැණිම්කරයි,
Deleteඅපිට දැනුම ලබා දෙනවාට ස්තූතියි
ඉස්සර කැණීම් වලට සහභාගි වුනා... දැන් ඊළග උපාධියට සූදානම් වෙනවා....
Deleteඅගනා විස්තරයක්...
ReplyDeleteස්තූතියි පුබුදු... ඔබේ බ්ලොගියෙ අලුතින් ලිපි පල වෙන්නෙ නැත්තෙ ඇයි.... අලුත් යමක් ලියන්න...
Deleteදුටු ගැමුණු කුමාරයගෙ කතා අපි පොඩිකාලෙ ඉස්කෝලෙ, දහම්පාසල් පොත්වලත් තිබුණ. දැන්නම් තියෙද දන්නෑ.
ReplyDeleteදුටු ගැමුණු රජතුමා කියන්නෙ කථා සාගරයක්... විවිධාකාර කථා තියෙනවා.. එතුමා මරණයට පත් වූ ආකාරය පිළිබදවත් විවිධාකාර ජනප්‍රවාද තියෙනවා...
Deleteබොහොම වටින දෙයක් මේ කතා කරළියට අරගෙන එන එක :)
ReplyDeleteමම පුද්ගලිකව ලංකා ඉතිහාසයට හරිම කැමතියි... ඒ නිසා ඉදිරියේදිත් මෙවැනි පෝස්ටු නිතරම පළ වේවි... ස්තූතියි ඔබේ දිරිගැන්වීමට...
Deleteසිරාගේ කාමරේත් දැන් ඉතාමත් හොද මට්ටමකට පැමිණෙමින් පවතිනවා.. මගෙන් සුභ පැතුම් !!!
ReplyDeleteගොඩක් හොද පොස්ට් එකක්..
සිරාගෙ කාමරේ වල්පල් අඩුවෙන් වැදගත් දේ වැඩියෙන් දෙන තැනක් කරන්නයි මගේ වෑයම.. ඒ වෑයමට දිරියක් දුන්නු ඔබටත් ගොඩාක් ස්තූතියි චමී....
Deleteමම කෙච්චර ට්‍රයි කරත් ඔහොම කරගන්ඩ බෑනේ බං
Deleteමගෙන් කට්ටිය ඉල්ලන්නෙත් අරවා
හැමෝම එක වගේ උනාම ඒක ඒකාකාරී නොවැ... අටම්ගෙ බ්ලොගියෙ තියෙන රසයට මමත් කැමතියි.. ඒ වගේ දේවල් ලියවෙන්නත් ඕනෙ... නැත්නම් බ්ලොග් ලෝකය මෙතරම් සුන්දර තැනක් වෙන එකක් නෑ...
Deleteසිරාගේ සිරාම පෝස්ට් එකක්...
ReplyDeleteනියමයි...
ස්තූතියි තරියා... කෙනෙකුගේ දෙයක් අවංකව අගය කරන්නත් ලොකු නිහතමානී කමක් තියෙන්න ඕනෙ... ඔබට ඒ ගුණය හොදින් පිහිටා ඇති හැඩයි... ජය!
Deleteහොඳ වැඩක් සිරා...
ReplyDeleteතමන් දුටු ගැමුණුයයි කියා ගන්නා උන්මන්තකයන්ගේ විකාර විහිළුවටවත් පුනරුච්චාරණයක් කිරීම අර ශ්‍රේෂ්ඨ නරපතියාට කරණා අපහාසයකි.. එබැවින් මින්පසු මෙවැනි වැදගත් ලිපි ලිවීමේදී එවැනි පිස්සන් ගැන සටහන් නොකර සිටිය හැකිනම් අපේ ශ්‍රේSශ්ඨ රජ කෙනෙකුගේ නම අපහරනය වීම වලක්වා ගැනීමට උපකාර වනු ඇතැයි මට සිතේ..
ඔබේ අදහසට ස්තූතියි.... මින් පසු ඒ අනුව කටයුතු කරන්නම්... මට අවශ්‍ය වුනේ මේ යකාට දුටුගැමුණුගෙ මයිල් ගහක් තරම්වත් වෙන්න බෑ කියන එක ව්‍යංගව දක්වන්න...
Deleteසම්මාන ලාභී සෙන්නාට මගේ උණුසුම් සුභ පැතුම් !
මෙම ලිපිය කියවන විට මමත් ලියන්නට සිටි කාරණය මෙයයි. ලිපියේ වටිනාකමට ඉන් හානි වී ඇත.
Deleteඔබේ අදහසට ස්තූතියි.. මින් පසු එම වරද නැවතත් සිදු නොවෙනු ඇති...
Deleteනියමයි.
ReplyDeleteවැදගත් විස්තර ටිකක්.
ස්තූතියි.. ඔබේ දිරිගැන්වීම තමයි මගේ ශක්තිය... ජය !
Deleteසිරා අද නම් සිරාම ලිපියක් මම ප්‍රින්ට් එකකුත් ගත්තා.හරයට වටිනවා
ReplyDeleteනලින් අයියා ප්‍රින්ට් කරගත්තට මට පුළුවන් බුක් මාක් කරගනන් විතරනේ.... හි හි... ඔන්න මාත් බුක් මාක් එකක් දා ගත්තා..
Delete@ නලින්
Deleteබොහොම ස්තූතියි ඔබේ අදහසට... අර මාලි ගැන ඕගොල්ලන්ගෙ පත්තරයක පොඩි ලිපියක් ලියන්න බැරිද ? එහෙම උනානම් ඉතිරි අත්සන් 13000 ඉක්මනින් සපුරා ගන්න පුලුවන් වෙයි...
@ හිරු
ඔයා බුක්මාක් කලේ මහත්තයට පෙන්නන්න නේද ?
නැතුව නැතුව.... එයාට පෙන්නන්න තමා.. හි හි....
Delete@ sira අනිවාර්යෙන් දාලා දෙන්නම්
Deleteලොකු උදව්වක් නලින් අයියා මූණු පොතෙන් පණිවිඩයක් එවන්න අවශ්‍යතාවක් ඇති වුනොත්...
Deleteඒලෙවල් කරද්දි මමත් ඉතිහාසය විශයක් විදියට කලා. ඒක විශයකටත් වඩා රසවත් කතන්දරයක් වගේ කියලයි මට හිතෙන්නෙ. මමත් ඉතිහාසය සම්බන්ද කරුණු වලට ගොඩක් ඇලුම් කරනව. ඒ වගේමයි, සිරා ලියල තියන විදියට කතාව මැවිල පේනව. මමත් කැමතියි දිගටම මේ වගේ ලිපි පළවෙනව නම්.
ReplyDeleteසිරාගෙ කාමරේ 100 වෙනි Follower වීම පිළිබද මාගේ ස්තූතිය...
Deleteඉතිහාසය කියන්නෙ මට නම් ඉතාමත් රසවත් මාතෘකාවක්... අපි ඉදලා හිටලා යාලුවො ටික සැට් වුනත් බොහෝ විට ඉතිහාසය සම්බන්ධ දේ කථා කරනවා... මම නම් ඉතිහාසය විෂයක් විදියට හැදෑරුවෙ අ.පො.ස සා/පෙ ට පමණයි... එතැනින් පසු බොහෝ දේ පොත් මගින් කියවා දැනගත්තෙ... ඉදිරියටත් නිසැකවම ඉතිහාස තොරතුරු මෙහි ලියැවේවි...
ඔය කතා ටික ඔච්චර අහලා තිබුනත් මේ විදියට ඒ දිහා බලන්න හැකි වෙලා තිබුනේ නෑ මට මෙච්චර කල්... ඉතාම වටිනා අදහස් ගොඩක් එකතුකල ලිපියක්...
ReplyDeleteසිරාට ස්තූතියි....
බොහොම ස්තූතියි... ඉදිරියටත් මේ වගේ ඉතිහාසය සම්බන්ධ දේවල් ලියන්න ඔබ වැනි අයගේ මෙවැනි ප්‍රතිචාර මට මහත් ශක්තියක්... ජය !
Deleteවිසස්තර ටික නම් සිරා ඈ...
ReplyDeleteනොදන්න කරුණු බොහෝමයක් මතකයට එකතු කරගත්තා !!
අර අන්තිම කාටූනයත් පට්ට !!
කාටූන් කරුවා නොභියව තමන්ගෙ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා බොහොම යථාර්තවාදී විදියට...
Deleteවැදගත් විස්තරයක් සිරා ....,....,ඔබේ පෝස්ටු හැමදාමත් මෙවනි වටිනා වැදගත් තොරතුරු පළකරන්නට යොදා ගැනීම සතුටක්. යතුරු පැදි කතා ඉවර නැහැ නේද තාම?
ReplyDeleteස්තූතියි ඔබේ කොමෙන්ටුවට...
Deleteයතුරුපැදි කථා දැනට ඉවරයි... ඉදිරියට අලුත් යමක් ලැබුනොත් ලියන්නම්... මේ දවස් වල බ්ලොග් එකේ මගේ ස්කූටරේ ගැන කියවපු අයට පරණ ස්කූටර් හොයලාදෙන්න උදව් වෙනවා... ඒ අතර සමහර අය ජනප්‍රිය බ්ලොග් කරුවොත් ඉන්නවා....
අගනා විස්තරයක්..ඉතාම කැමැත්තෙන් කියෙව්වා. අර කාටුන් එකත් නියමයි.
ReplyDeleteස්තූතියි චන්දන හැමදාම වගේ අදත් ඔබේ මේ දිරිගැන්වීමට...
Deleteආසාවෙන් කියවාපු ලිපියක් . ඔවාගිරිය රජමහ විහාරයට නම් මම සෑහෙන වතාවක් ගිහින් ඇවිදින් තියනවා . ..
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා සදරු
Deleteබ්ලොග් ලියන්න මට උත්ප්‍රේරකයක් වුනේ ඔබේ හිස්අහස බවත් මම මතක් කරන්න කැමතියි.
ඔවාගිරිය පන්සලේ හාමුදුරුවන්ගේ සංග්‍රහශීලීත්වය ගැන මම චාරිකා සටහන් 4 කොටසෙදි ලිව්වා... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම හාමුදරුවරු එහෙ ඉන්නවා...
පොරොන්දු දේශය = සිරාගේ කාමරය.
ReplyDeleteපොරොන්දු ඉටුකරන්නා = සිරා
අනුග්‍රහය: පොරොන්දු ඉටුකරන සිරාගේ කාමරය.
ඔබත් අදම ගොඩවදින්න. :D
පොරොන්දු ඉටුකලාට ස්තුතියි සිරා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
පට්ට අර්ථ දැක්වීමක්නෙ බොලේ මේක... ස්තූතියි නොමිලේ ලබා දුන් වෙළද දැන්වීම් පිටපතට.... කොපි රයිටර්ස් ලා ඕවා නිකන් දෙන්නෙ නෑ හෙන්රි අයියා දුන්නට.... ජය !
Deleteලිපිය නම් මරු... කාටූනෙත් මරු කාගෙ වුණත්... මොකටත් මේ දුටුගැමුණු ලිපි හංගලා තියහං... නැත්නම් ඕවත් ඡන්දෙට පාවිච්චි කරන්න බැරි නෑ...
ReplyDeleteදුටුගැමුණු සිත්තර පටිය එළියට ආපු දවසක බලන්න පුලුවන් නූතන ගැමුණුගෙ තේජස...
Deleteසිරා... පහුගිය ටිකේ උබේ බ්ලොග් එක පැත්තට එන්න බැරි වුනා. පොඩ්ඩක් ඇවිදින්න ගියා. දන්නේ නැද්ද කාලයකට පස්සේ පොඩි නිවාඩුවක් ගත්ත. එකෙන් උබේ පොස්ට් 2 මග ඇරුන.. ලියන දේ නියමෙටම ලියල තියනවා මචන්. ගොඩක් දේවල් දැන ගත්ත. සුබ පතනවා උබට දිග ගමනක් යන්න.
ReplyDeleteමුණු පොතේ online එන්න වෙලාවක වැඩි විස්තර කතා කරමු.
මම
මයික්
ස්තූතියි මයික්, මගේ පාසල් මිත්‍රයා කැන්ගරු දේශයේ සිට නිරන්තරයෙන් මා දිරිගන්වනවාට... මූණු පොතෙන් චැට් එකකට වෙලාවක සෙට් වෙමු... ජය !
Deleteහොඳ පෝස්ට් එකක්.
ReplyDeleteජය!
හිරු නැගනියටත් ස්තූතියි මේ පැත්තට ආවට...
Deleteඅනේ සිරෝ මම දවස් දෙකක් විතර එරියස් එකකින් කියවන්නේ. අද තමයි මේක කියවන්න ලැබුනේ. ඉතිහාසය පිලිබඳ මතකය අලුත් වුනා මේ ලිපිය නිසා, ඒ වගේම නොදන්නා කරුණු ටිකක් දැන ගත්ත. ඉතිහාසය කියවන්න මමත් ආසයි(ලියන්න නෙවෙයි හොඳේ). මීට පස්සේ ලියද්දේ අර වල්පල් නොලියා ලියන්න. එතකොට මේකේ අධ්‍යාපනික වටිනාකම වැඩි වෙනවා.
ReplyDeleteසිරා හොද පෝස්ට් කටුවක්. සුදීක දුටුගැමුණු චරිතය පිළිබද හොද නවකතාවක් තියෙනවා ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ "මහරජ ගැමුණු" කෘතිය. ඒකේදි ඉතිහාසය පිළිබද කරැණු රසවත්ව විදින්න පුළුවන්
Delete@ සුදීක
Deleteමර්වින් ගොයියා ගැන යම් සදහනක් කලේ මේ දෙන්නා අතර පරතරය අහසට පොළොව වගේ බව පෙන්වන්න...ආයෙත් ඒ වරද වෙන්නෙ නෑ... ඉතිහාස කරුණු තියෙනවා ඉදිරියටත් ලියන්න... ඔබ වැනි ඉතිහාසගත තොරතුරු කියවනු රිසි අය වෙනුවෙන්...
@ දේශකයා
ස්තූතියි ඔත්තුවට... ඔය කියන පොතත් හොයාගෙන කියවන්න ඕනෙ....කාමරයට පැමිණියාට ස්තූතියි..
දුටු ගැමුණු කුමාරයා කොත්මලේ හිටිය කාලේ සිදුවීම් පිලිබදවත් ලිව්වොත් මොකෝ ?
ReplyDeleteකොත්මලේ සිටි කාලයේ සිදුවූ සමහර දේ අඩංගු ලිපියක් මම මේ පෝස්ටුවෙ සබැදියක් ලෙස දක්වලා තියෙනවා... එයත් කියවා බලන්න...
Deleteම්ම් බොහොම ආසාවෙන් කියෙව්වේ .. වටිනා ලිපියක්.... අර අන්තිමට කාටූන් එක බලලනම් හොදටම හිනා
ReplyDeleteඊට වඩා හිනා වෙන්න තිබ්බා මිනිහා රජාට ඇදලා චිත්‍රපටියෙ රගපාන ෆොටෝ දැම්ම නම්.. මම ඒවා දැම්මෙ නෑ... එහෙම උනා නම් මේ පෝස්ටුව බලන්නත් අප්පිරිය හිතෙයි...
Deleteඅදයි මම මේ කමෙන්ට් වලට යටින් තියෙන තර්ජනය දැක්කේ. බය වෙච්චි ගමන ඔන්න මමත් කමෙන්ට් කළා....
ReplyDeleteතව දෙයක්,.. කියවලා තියෙනවද , ජයන්ත චන්ද්‍රසිරිගේ "මහරජ ගැමුණු" නවකතාව ? ඔය සිදුවීම් හැම එකක්ම එහිදී හරිම අපුරුවට චිත්ත රුප මවනවා.
කියවලා නැතිනම් හොයාගෙන කියවන්න.... ඔබ නිසැකයෙන්ම ගැමුණු කුමාරයට පෙම් බඳීවි.
ඒක බොහොම සොදුරු තර්ජනයක් නොවැ....
Deleteදේශකයා කිව්වෙත් ඔය පොත ගැනම තමයි... හොයාගෙන කියවන්න පුදුමාකාර පිපාසයක් තමයි මට දැන් ඇතිවෙලා තියෙන්නෙ... ඔත්තුවට ස්තූතියි...
සිරා, නියම ලිපියක්.. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ රෝහිනී නවකථාවෙත් මේ ගැන හොඳ විස්තරයක් තියෙනවා.. කියවල බලන්න..
ReplyDeleteතොරතුරට ස්තූතියි පුබුදු... මම එයත් කියවන්න උත්සාහ කරන්නම්....
Deleteවටින ලිපියක් බං...
ReplyDeleteමමයි අපේ මල්ලියි වගේ නෙමේද කියහන් :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි රජත් මල්ලිව හොයන්න ඇද යටට රිංගුවද ?
Deleteසුභ වේවා !
අදත් සිරා පෝස්ට් එකක් වටිනව සහෝ.....කාටුන් එකත් සුපිරි
ReplyDeleteස්තූතියි සිත්තමී... ආයෙත් ඔබේ බ්ලොගිය ලිව්වොත් නරකද ඉස්සර වගේ...
Delete//පුරාවිද්‍යා උපාධිධාරී මාගේ අතීත පෙම්වතිය වෙත ආචාරය පිරිනමමි.
ReplyDeleteඉතිහාසය පිළිබද තොරතුරු ඇය විසින් මා හට නැවත වතාවක් සපයා දුන්නාය.//
මේ තියන්නේ ඉතිහාස කතාවේ ලස්සනම කෑල්ල...:D
ඔය ඉතිහාස කථාව ගැන චාරිකා සටහන් ලියපු වෙලාවකත් ලිව්ව නිසා සිරාගෙ කාමරේට එන බොහෝ අය දන්නවා ...
Deleteඋඹ කරලා තියෙන්නේ වටිනා වැඩක් ස්තුතී
ReplyDeleteස්තූතියි රාජ්... තව තවත් මේ වගේ ඉතිහාසයෙන් යමක් ලියන්න දිරි ගැන්වෙනවා ඔබේ අදහස් වලින්...
Deleteමේවා තමා මම දකින සිරා බ්ලොග් පෝස්ට්. මේවගේ දේවල් සයිබරයේ අඩුයි. අද අලුත් පරපුර වැඩිහරියක් ඉන්නේ සයිබරයේ. ඉතින් ඒ අයට ඉතිහාසය වගේම තමන්ගේ දේශය ගැන දැනුවත් කරන්න මේවා තමයි අදට ගැලපෙන මාධ්‍ය. ඒත් මම එතනින් කියන්නේ නෑ හැමෝම මේවා ලියන්න ඕනේ කියලා.
ReplyDeleteකාඩ්බෝඩ් වීරයන් පිනුම් ගහන යුගයක මෙවැනි සැබෑ විරුවන් ගැන ලිවීමට ලැබීමත් ඔබේ දිරිගැන්වීමත් මට සතුටක්... ස්තූතියි !
Deleteගොඩක් හොඳ ලිපියක් සිරා . විවිධ තේමාවන් ගැන ලිවීමට ඔබේ දක්ෂකම ගැන සතුටුයි. අනේ මෙතුමා ගැන ලියන එක හොඳයි . නැත්නම් ඉස්සරහට ළමයි හිතයි දුටුගැමුණු හිටියේ කැලණියේ කියල
ReplyDeleteස්තූතියි බින්දි.. ලෝකල් දුටුගැමුණුලා මේ ආණ්ඩුව අවසානයේ ලොවේ යථාර්ථය මේ යැයි කියමින් වල පල්ලට යාවි... බොරුවට වැඩි ආයුෂ නෑ නොවැ..
Deleteහරි අපූරු ලිපියකට තමයි කමෙන්ට්ස් අඩු වෙලා තියෙන්නෙ ...
ReplyDeleteහොද දේ හිට් වෙන්නෙ නෑ බං...ඒක ලෝක ස්භාවය..
Deleteඇත්තටම ඇයි බන් මෙකට හිට් අඩු උනේ
ReplyDeleteඋඩින් සමියට දුන්න දුන්න උත්තරයම තමා දෙන්න වෙන්නෙ...
Deleteගොඩාක් වටිනා විස්තරයක්. ඔයාට ගොඩාක් පින් මේ වගේ වටිනා දෙයක් කට්ටිය බලන්න මහන්සි වෙලා Internet එකට දැම්මට.
ReplyDelete