Monday, June 3, 2013

89 සිංගප්පූරුවේදී හමු වූ කළණ මිතුරා

සිංගප්පූරුව පිළිබද ලිපි මාලාවේ තවත් අලුත් යමක් ඔබට කියන්නයි මේ වෑයම.

සිංගප්පූරුවේ ජන ජීවිතය අති ධාවනකාරී වේගයකින් ඉදිරියට ඇදෙන්නකි. ඒ තුල නවීන තාක්ෂණයේ ආශිර්වාදය මොනවට ලැබී තිබුනද බොහෝ ස්වදේශිකයන් ජීවත් වන්නේ යම් කිසි වැඩසටහනකට අනුව ක්‍රියා කරන රොබෝ වරුන් පිරිසක් මෙනි. ඔවුන් තුල සිනහව, සුහදතාව ආදිය සීමා වී ඇත්තේ තමා හොදින් දන්නා කියන අය අතර පමණකි. දුම්රියේ මෙන්ම බස්රියේද හැමවිටම දැකිය හැක්කේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයකට හෝ ටැබ් එකකට සම්පූර්ණ අවධානය යොමු කර ඇති තරුණ පිරිසකි. ඔවුන් ඒවායේ වහලුන් බවට පත්ව සිටිති.

මා නොයෙක් වර ඉතා රූමත් යුවතියන් දැක්කෙමි. එහෙත් ඒ ඇත්තියන්ගෙන් බහුතරයකගේ පිටතට පෙනෙන විවිධ අඩුපාඩු තිබිනි. සමහර අයගේ කකුල් බකල්ය. නැතිනම් මුහුණ ඇදය. කන්පෙති වක ගැසිලාය. අපේ මව්වරුන් තම දරුවන් කුඩා කලම දරුවා සිය දහස් වාරයක් අත පත ගාමින් මෙවැනි අඩුපාඩු සකසන බැව් ඔබ හොදින් දනී. ඒ සදහා බොහෝ විට මවට ඇගේ මවගේ (මිත්තනියගේ)  සහයෝගයද ලැබේ. එහෙත් සිංගප්පූරු මව්වරුන්ට දරුවා බිහිකිරීමෙන් පසු වැඩි කාලයක් ඔවුන් වෙනුවෙන් කැපවීමට ඉඩක් නැත. ආර්ථික සටන ජය ගන්නට ඇයද සැමියාට සහාය විය යුතුය. ඒ නිසාවෙන් දරුවා බිහිවී මාස දෙක තුනකට පසු මවගේ චරිතය ආරූඩ කරගන්නේ නිවසේ සේවිකාවකි. ඇය බොහෝවිට පිලිපීන ජාතික කාන්තාවකි. දරුවන්ගේ කටයුතු සදහා බොහෝ ස්වදේශිකයන් පිලිපීන ජාතික තරුණියන්ගේ සේවය ලබාගන්නා අන්දම මම දැක ඇත්තෙමි. ඒ ඔවුන් ඉතා කරුණාවෙන් දරුවන්ට සැලකුම් කරන නිසාවෙන් විය යුතුය. දරුවන්ද තමන්ගේ මවට වඩා මේ සේවිකාවන්ට ඇගෑළුම් පායි. දුම්රිය පලක් ආසන්නයේ පදිංචිව සිටින්නේ නම් උදෑසන මව සේවයට යන විට සේවිකාව දරුවාද ළදරු කරත්තයක තබා තල්ලු කරගෙන දුම්රිය ස්ථානය ආසන්නයට යයි. පාසල් යන වයසේ දරුවන් සිටී නම් ඔවුන් පාසල් රැගෙන යන්නේද ඇයයි. නැවතත් සන්ධ්‍යාවේ මව පිළිගැනීමට දරුවා සමග ඇය එන පෙර මගට යයි.

අපට සිංගප්පූරු ජාතිකයන්ගෙන් ගත හැකි ආදර්ශයන් කීපයකි. ඔවුන් කිසිම විටෙක තවෙකෙකුගේ ඇද සොයන්නට යන්නේ නැත. තමා පසුකර යන අයෙකුගේ ඇදුමේ ඇද පෙන්වා තමන්ගේ මිතුරා /මිතුරිය සමග සිනාසෙනු මම කිසිවිටෙක දැක්කේ නැත. මෙහි සමාජය කාන්තාවන්ට මහත් සේ ගෞරව දක්වයි. රාත්‍රී මැදියම් කාලයේ වුවද කාන්තාවකට තනිව ඕනෑම මගක ඇවිද යා හැකි අතර ඇයට භිය වීමට කිසිම කාරණයක් නැත. ස්ත්‍රී දූෂණ / මනුෂ්‍ය ඝාතන වාර්තා නොවන තරම්ය. තරුණ කොල්ලන් සම වයසේ තමන් නොදන්නා යුවතියකට කිසිම ආකාරයක විහිළුවක් කරනු මම දුටුවේ නැත. කාන්තාවන්ට කැමති රැකියාවක නියැලෙන්නට පූර්ණ නිදහස ඇති අතර මෙහි පොදු ප්‍රවාහන සේවයට අදාළව තට්ටු දෙකේ විශාල බස්රථ පදවන කාන්තා රියදුරු වරියන්  පවා සිටී.

එවැනි අයෙකු පැදවූ බස් රථයක මා වරක් ගමන් කල අතර ඇය කාන්තාවක් කියා සෙසු රියදුරන් ඇයට වෙට්ටු දැම්මේ නැත. මහා මාර්ගයේ විනය ඉතා ඉහළය. ඒ නිසා වාහන පැදවීම පහසුය. අස්සෙන් දමා ඉස්සර කිරීම්, වාග් සංග්‍රාම නැත, පොලීසියට ජරාව දීම් නැත. සිංගප්පූරු පොලීසිය සෑම රටකම සිටිය යුතු වර්ගයේ පොලීසියක් වන්නේ ඔවුන් තමන්ගේ රටට ඉතාමත් අවංකව සේවය කරන පිරිසක් හෙයිනි. යම් වරදකට හසුව ඔවුන්ට පගාව දීමට තැත් කල ලංකාවේ ඇත්තෙක් දිනක් මට පැවසූයේ, මුදල් දෙස බලා සිනාසී, ඔය සල්ලි ඔයා තියාගන්න, කරන්න පුලුවන් උපකාරයක් කරන්නම් යනුවෙන් පොලිස් නිලධාරියෙක් ඔහුට පැවසූ බවය. උසස් පෙළ නිම කල පසු සරසවි අධ්‍යාපනයට සම්බන්ධ වීමට ප්‍රථම සෑම සිංගප්පූරු ජාතික සිසුවෙක්ම වසර දෙකක කාලයක් පොලීසියට හෝ හමුදාවට බැදී සේවය කල යුතුය යන්න මෙහි අනිවාර්ය සාධකයකි. එය ජාතික සේවය යනුවෙන් හදුන්වයි. ඒ හේතුවෙන් මහ මග දකින්නට ලැබෙන බහුතර පොලිස් නිලධාරීන් ශරීර වලින් කුඩා දරුවන් බදු පිරිසකි.

අනෙක් කාරණය අවංකත්වයයි. කුලී රථයකින් ගමන් කරන්නේ නම් යා හැකි කෙටිම දුර අනුගමනය කරන අතර රියදුරුට පාර වැරදීමකින් රථයේ කුලිය වැඩි වුවහොත් ඒ වැඩිවන මුදල අයකරන්නේ නැත. සිංගප්පූරුවේ කුලී රථ පැදවිය හැක්කේ සිංගප්පූරු ජාතිකයන්ට පමණක් වන අතර සෑම රථයක් තුලම GPS උපකරණයක් මෙන්ම CCTV කැමරාවක්ද තිබෙන බව මම කලින් වතාවකද ඔබට කී බැව් මතකය.

සිරාගේ කාමරයට නිතර යන එන ඔස්ට්‍රේලියාවේ වෙසෙන මගේ පාසල් මිත්‍රයා මයික් කාලයක් සේවය කලේ නැගෙනහිර ටිමෝරය නම් සිංගප්පූරුව ආසන්න දූපත් රාජ්‍යයකය. එහිදී ඔහුගේ හොදම මිත්‍රයකු වූයේ ට්‍රෙවෝ නම් සිංගප්පුරු ජාතිකයෙකි. කාලයේ ඇවෑමෙන් ඔහුගෙන් සමුගෙන මයික් වෙනත් දේශයකට ගියද මිතුදම බිදුනේ නැත. සිරා කොලුවා මෙහි පැමිණිකල මයික් තම පැරණි මිතුරාට මගේ වගතුග පවසා කල හැකි උදව්වක් කරන ලෙස පැවසූවෙන් දිනක් ට්‍රෙවෝ මා අමතා හමුවීමට අවැසි බැව් පැවසීය. රට තොට ගැන මගේ අවබෝධය අවම හෙයින් මට ඉතාමත් යාබද දුම්රිය ස්ථානයේදී රාත්‍රී 7 ට හමුවීමට කථිකා කර ගත්තෙමි.

මට දුම්රිය ස්ථානයට පා ගමනින් යන්නට ගත වන්නේ විනාඩි 5කි. හරියටම 7ට මම නිවෙසින් පිටත් වුනෙමි. 7.05 වන විට මම දුම්රිය ස්ථානයට ගොස් ට්‍රෙවෝ වෙත ඇමතුමක් ගත් කල මා වෙත පැමිණියේ සිංගප්පූරුවේදී නිතර දැකිය හැකි කුඩා ශරීරයකින් හෙබි සිංගප්පූරු ජාතිකයකු නොව දේහදාරී තරුණයෙකි.

මිත්‍රත්වයට සැබෑ අරුතක්....ට්‍රෙවෝ
යාලුවා ඔයා විනාඩි 5 ක් ප්‍රමාදයි යනුවෙන් හෙතෙම තම ඔරලෝසුව පෑයෙන් සිංගප්පූරු ජාතිකයන් කෙතරම් වෙලාව ගැන සැළකිලිමත් දැයි මට වැටහුනේ පළමු වතාවටය. අපි මොනවහරි කාලම කථා කරමු, මොනවද ඔයා කන්න කැමති යනුවෙන් විමසා ඇරඹුනු අපේ මිතුරු කම හිතාගත නොහැකි වේගයකින් ඉදිරියට ඇදුනේ මා මයික්ගේ මිතුරෙකු වූ නිසාමය.

පළමු හමුවීම තවත් රසකල  චීන ආහාර


මා හට මුදලින් මෙන්ම විවිධ දෑ මගින් කීප වාරයක් උපකාර කල ට්‍රෙවෝ සිංගප්පූරුවේ වර්තමානයේ විදේශික සේවකයන් කෙරෙහි රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය මෙන්ම එම තීරණයන් නිසා සිංගප්පූරු ආර්ථිකය යම් තරමකට පසුගාමී වී ඇති අන්දමද පැහැදිලි කළේය. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණය චීන භාෂාවේ මෙන් නිසා ඇතැම් වචන ග්‍රහණය කර ගැනීමට අපහසුය. එවැනි විටෙක හෙතෙම කීප වතාවක් ඒ දේ නැවත නැවත උච්චාරණය කලත් මට ග්‍රහණය කර ගැනීමට අපහසු තැන දෑතින්ම හිස කසමින් ඔලුව අප සිටිනා මේසය මත තබා ගනී. ඔයාට වගේ තමයි ඔයාගෙ යාලුවටත් සමහර දේවල් එකසැරේ තේරුම් ගන්න බෑ. ඒත් එයා දෙවැනි සැරේ තේරුම් ගන්නවා. ඔයා දෙවැනි සැරේ තේරුම් ගන්නෙත් නෑ යනුවෙන් ඔහු සිනාසෙයි. එවැනි විටෙක සමාවෙන්න මගේ ඉංග්‍රීසි උච්චාරණය එතරම් හොද නෑ යනුවෙන් පවසන්නටද ට්‍රෙවෝ අමතක නොකරයි.

සති 4 කට පසු සිංගප්පූරුවෙන් මා සමුගැනීමට සූදානම් විය. ඒ මා කලින් සැලසුම් කල පරිදි රැකියාවකට එක් වීමට අපොහොසත් වීම නිසාවෙනි. මගේ තීරණය පිළිබද ට්‍රෙවෝ වෙත දැන්වූ විට හදිසියේ මා හමුවීමට වේලාවක් වෙන් කරගත් හෙතෙම එදිනද මට කලියෙන් පැමිණ සිටියේය. මගේ ප්‍රමාදයට සමාව ඉල්ලා ඇරඹුන අපේ කථා බහ ඔහුගේ අනුග්‍රහයෙන් එක් වූ රාත්‍රී භෝජන සංග්‍රහයකින්ද රසවත් විය. ඉන් අනතුරුව මා සමග ඔහු ගියේ නිමි ඇදුම් අළෙවි සැළක් වෙතය. ඔයාට ඕන දේවල් මෙතනින් ගන්න ඔහු පවසයි.

මට ගන්න දෙයක් නෑ... මම අවශ්‍ය දේවල් ලංකාවෙන් අරගෙන ආවෙ...ට්‍රෙවෝගේ මුදල් නිකරුණේ නාස්ති කිරීමට අකමැති වූ මම එසේ පිළිතුරු දුන්නද ඔහුගෙන් ගැලවී යන්නට මට ඉඩක් ලැබුනේ නැත. ගන්න මේ ටී ෂර්ට් , ඔයා මේ පාටට කැමතිද , මේ ෂර්ට් එක ඔයාට හොදට මැච් වෙයි. මේ ඩෙනිමත් ගන්න...මේ ආකාරයෙන් මගේ කැමැත්තකින් තොරව මා වෙනුවෙන් ඇදුම් සදහා මුදල් වියදම් කල ට්‍රෙවෝ අවසානයේ මට නියම සමින් නිමකල ඉන පටියක්ද තිළිණ කළේය.

ඔයා ලංකාවට නෙමෙයිනෙ යන්න යන්නෙ...ඒ නිසා මේ දේවල් ඔයා යන අලුත් රටේදි ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා ගන්න. හෙතෙම ඉතා කරුණාවෙන් පවසා මට සමුදීමට නැවත දුම්රිය ස්ථානයටද පැමිණියේය. එහිදී නැවතත් තම පසුම්බියට අත පෙවූ හෙතෙම මට යම් මුදලක් ලබා දුන්නේය. මෙතරම් මුදලක් ඇදුම් වෙනුවෙන් වැය කර තවත් මුදල් ලබා ගැනීමට මම තරයේ විරුද්ධ වුවත් ට්‍රෙවෝගෙන් ගැලවීමක් ලැබුනේම නැති තැන මම ඔහුට ස්තූති වන්ත වී එය භාර ගතිමි.

හෙට නැති වුනත් පස්සෙ දවසක අපි අනිවාර්යෙන්ම සිංගප්පූරුවෙදි ආයෙත් හමු වෙනවා. පරිස්සමෙන් ඉන්න යාලුවා යනුවෙන් පවසා මගේ අත තරයේ අල්වාගෙන මට සමුදුන් ඔහු දුම්රිය ස්ථානයේ ස්කැලේටරයේ  නැගුනු මා පහළට ගොස් නොපෙනී යන තුරුම මා වෙත නෙත් යොමා බලා සිටියේය.

එදින රාත්‍රියේ විලාවට ගොස් මා නැවතත් මගේ කෘතඥතාව පලකර ට්‍රෙවෝ වෙත කෙටි පණිවිඩයක් යැව්වෙමි. එයට පිළිතුරු ලෙස ඔහු එවා තිබුනේ ඔහු විසින් මා වෙත කල උපකාර නැවත නැවත සදහන් කිරීම අනවශ්‍ය බවත් ඒවා සිතේ තබා ගැනීම පමණක් ප්‍රමාණවත් බවත්ය.

සිරා කොලුවා සැබැවින්ම තමන්ට හැකි ලෙස ඕනෑම කෙනෙකුට උදව් කරන චරිතයකි. ඒ නිසාමදෝ මගේ මේ චාරිකාව පුරාවටම මට මුණගැසුනේ පුදුමාකාර සුහදත්වයක් ඇති මිනිසුන්ය.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..


ප.ලි

මේ මිත්‍රත්වයට පාලම වූ මයික් වෙත මගේ ප්‍රණාමය..

තවමත් දුරකථන ඇමතුම් හා විද්යුත් ලිපි මගින් ට්‍රෙවෝ මා පිළිබද තතු විමසයි. ඔහු CAT සන්නාමය සහිත බරවාහන යන්ත්‍රෝපකරණ සදහා ටිමෝරයේ කළමනාකරු (Country Manager) ලෙස සේවය කරයි.



89 comments:

  1. සිරා මුලින්ම තරුණ ගෑනු ළමයි ගැන කියලා පටන් ගනීද්දී මන් හිතුවේ විනෝදශීලී පෝස්ට් එකක් විදිහට මේක...නමුත් ටිකක් කියවන් එද්දී මගේ හිතින් අවුරුදු 20 ගාණක් විතර පිටිපස්සට මාව ඇදිල ගියා සහ මාව එහෙම පිටින්ම හිටපු මූඩ් එකෙන් වෙනස් මූඩ් එහෙකට ගියා ...

    මගේ ජීවිතෙත් ඉන්නවා ඔය වගේ කීප දෙනෙක් සිරා..අද මගේ හුස්ම වැටෙන්නේ ඔවුන් නිසා .ඒත් කිසිම දාක නැවත ඔවුන් මට හමු වන්නේ නැහැ...!

    ReplyDelete
    Replies
    1. මම දන්නවා සහන්...ආදරය කියන්නෙ කොච්චර බරපතල සහ සංවේදී මානුෂීය හැගීමක්ද කියන දේ...මේ හැගීම නිසා අතීතයේ වෙච්ච සිදුවීම් අපි කොපමණවත් අහලා ඇති නොවැ...එහෙම හරි ජීවිතේ ජීවත් කරන්න අවස්ථාවක් ලැබීමම සතුටක් නේද...

      Delete
  2. ටොක් ටොක් ටොක්.......

    මටනම් හිතෙන්නෙම සිරා කොලුවා මිනිස්සුන්ව විශ්වාස කරන්න ඉක්මන් වෙනවා වැඩියි කියලයි...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සෙන්නා...ගොඩාක් අය කියන්නෙ මගේ දුර්වල කම ඒක තමයි කියලා...මම හැමවෙලේම අනිත් අයත් මම වගේ කියලා හිතන කෙනෙක්...

      Delete
  3. මිනිස්සු ගොඩක් යාන්ත්‍රික වෙලා තිබුණට ඇත්තටම ගන්නවා නම් ගොඩක්
    ආදර්ශ ගන්න තියෙන රටක්.බහුතරයක් අනුන්ගේ දේවල් ගැන උනන්දු නොවුනද
    ට්‍රෙවෝ වැනි කරුණාවන්ත මිනිසුන්ද නැතුවාම නොවේ
    පොලිසිය ගැනත් කියපු කතාව සහතික ඇත්ත, දැනට සති කීපෙකට කලින්
    සිම් ලිම් එකේ වෙළෙඳ හොරෙක් එක්ක ඇතිවෙච්චි ප්‍රශ්නයක් බේරගන්න
    පොලිසියෙන් ලොකු සහයෝගයක් ලැබුණා මට.

    ReplyDelete
    Replies
    1. කාලය කළමණාකරණය, රියදුරන්ගේ විනය, අවංකත්වය වගේ ආදර්ශ සිංගප්පූරුවෙන් ගන්න තියෙන හොදම දේවල්....

      Delete
  4. රටක් මේ වගේ වෙන්නේ පානලන්යේ හොඳකම නිසා. හැබැයි මිනිසුන් යාන්ත්‍රීකරණය වෙන එක නවත්තන්ට බෑ. සමහර අම්මලා නම් (පියවරුන්) පවා මේ පලාතේ නම් දිග නිවාඩු දමා ලමයින් සමග කාලය ගත කරනවා මා දැක තිබෙනවා.

    හපොයි මෙයා ගෑනු ලමයි දිහා බලලා තියෙන තරම්. කන්පෙති, බකල කකුල් ඔක්කොම දැකලනේ.:D

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි 'පාලනය' කියලා ලියලා තියෙන හැටි...:)

      Delete
    2. සිරාට ඉතිං ලෙඩක් දුකක් නැති නිසා ඔය ලස්සන ලදුන් දිහා බැලෙනවා පොඩ්ඩි...ඒක වරදක් නෙමෙයි නේද... ඇත්තට පාලනයට මොකද වුනේ...වෙඩින් එකේ ප්ලෑනින් කරන ගමන්ද කමෙන්ටුව කෙටුවෙ...

      Delete
  5. උසස් පෙළ නිම කල පසු සරසවි අධ්‍යාපනයට සම්බන්ධ වීමට ප්‍රථම සෑම සිංගප්පූරු ජාතික සිසුවෙක්ම වසර දෙකක කාලයක් පොලීසියට බැදී සේවය කල යුතුය යන්න මෙහි අනිවාර්ය සාධකයකි//

    මොල සේදීම

    ReplyDelete
    Replies
    1. Definitely Buwa

      That's how a government makes control of people.
      In Sri Lanka Hamudaa puhunuwa (so called leadership training program) there are nothing but shit! for pathetic people to become followers not leaders

      Delete
    2. ඒකත් එක අරමුණක් වෙන්න ඇති බුවා...අනෙක් කාරණය තමයි විනය, ආකල්ප වර්ධනය සහ කළමණාකරණය ඇති කිරීම...

      Delete
  6. //අපට සිංගප්පූරු ජාතිකයන්ගෙන් ගත හැකි ආදර්ශයන් කීපයකි. ඔවුන් කිසිම විටෙක තවෙකෙකුගේ ඇද සොයන්නට යන්නේ නැත. තමා පසුකර යන අයෙකුගේ ඇදුමේ ඇද පෙන්වා තමන්ගේ මිතුරා /මිතුරිය සමග සිනාසෙනු මම කිසිවිටෙක දැක්කේ නැත.//

    මෙය ඔවුන්ගේ ශික්ෂණය නිසා සිදු වන්නක්ද නැත්නම් අන් අය ගැන ඇති නොසැලකිලිමත්භාවය නිසා සිදු වන්නක්ද යන්න පිලිබඳ සැකයක් ඇති වේ. උදාහරණයක් විදියට ප්‍රශ්නයක් අහන්නම්. හිතන්න කෙනෙකුට මහ මගදී යම්කිසි කරදරයක් සිද්ද උනාය කියලා. ඔබ හිතනවද අපේ රටේදි තරම් පිහිටක් මේ රටේදී එම පුද්ගලයාට ලැබේවිය කියා?

    ReplyDelete
    Replies
    1. ඔව්, ලංකාවට වඩා හොඳින් ඒය වෙනව. හැබැයි ඒ වටේ ඉන්න උන්ගෙන් නෙමෙයි, කාර්යක්ෂම හා අචාරශීලී පොළොසියෙන්, හදිසි අනතුරු සහ ගිණි නිවීමේ සේවයෙන් සහ රෝහලෙන්. ඒකට අපේ!

      Delete
    2. මේ අය මුදල් හොයන්න ගොඩාක් මහන්සි වෙන නිසා සහ අපතේ යවන්න කාලයක් නැති නිසා අනවශ්‍ය කාරණා එක්ක ගණුදෙනු කරන්නෙ නෑ කියන එකයි මගේ හැගීම. එය ඔවුන්ට කුඩා කාලයේ ඉදන්ම පුරුදු වෙනවා ඇති.

      සිංගප්පූරුවෙදි අනතුරක් වුනොත් ලගපාත කවුරුවත් පිහිටට එන්නෙ නෑ...පොලීසිය තමයි පිහිට වෙන්න ඕනෙ...ලංකාවෙදි ඉක්මනින් පිහිට වීම වගේම කරදරයට පත්වුන අයගේ දේපොළ වලට විදීම යන කාරණාත් මාර්ග අනතුරු සම්බන්ධව තියෙනවා නේද...

      Delete
  7. හොඳ මිනිස්සු කොහෙත් ඉන්නවා.. සාපේක්ෂව බොහොම අඩුයි. අනෙක තමන් හොඳනම් අනෙක් මිනිස්සුත් හොඳයි. කුකකම් ඉරිසියාව වෛරය ක්‍රෝධය හිතේ තියෙන මිනිහගේ ඒ දේවල් මූනෙනුත් පේනවා. එහෙම එකාට කවුරුත් කැමති නෑ. උන්ට අනික් මිනිස්සුත් පේන්නේ ඒ වගේ.. උඹ පිර ටරක නම් ඉන්නේ මම උඹට එක අවවාදයක් දෙන්නම්. කවුරු විශ්වාස කළත් අපේ උන් විශ්වාස කරන්න යන්න නම් එපා.. ඒ කියන්නේ පාස්පෝට් යාලුවෝ.. මුකුත් නෙමෙයි ලංකාවට එන යන කොට දෙන වදේම ඇති....

    ReplyDelete
    Replies
    1. @මාතලන් ++++++++++++++++++++++

      Delete
    2. ඔය මාතලන් කියන පාස්පෝර්ට් යාලුවො ගැන මල්ලිය ලියපු පළමු ලිපියෙදිම කියන්න හැදුවට ඔබගෙ බොක්කෙ යහළුවො ගැන ලිව්ව නිසා මම මොකුත් ලිව්වෙ නැහැ.
      අද සෙන්නත් ඉගියක් දීල තියෙනව.පුතෝ සිංග වගෙ නෙමේ මැලේසියා.

      Delete
    3. මම ලංකාවෙ කියලා ආශ්‍රය කරන අය මම දීර්ඝ කාලයක් තිස්සෙ ලංකාවෙදි ආශ්‍රය කරපු අය...ඒ නිසා එතැනදි සැකයක් නෑ...අලුතින් කියලා මම කිසිම ලංකාවෙ කෙනෙක්ට සමීප වෙන්නෙ නෑ...මම දන්නවා ලංකාවෙ එකෙක්ට ඇරියොත් අරින්නෙ ලංකාවෙ එකෙක්ම තමයි කියලා...

      Delete
  8. මේ දවස්වල උඹේ මේ කතන්දරේ පත්තරේ තීරු ලිපියක් වගේ... කියෝලා අනිත් පිටුව පෙරලන්න විතරයි මට හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ඇයි මොකුත් අදහසක් දක්වන්න හිතෙන්නෙ නැද්ද ?

      Delete
  9. සින්ගපුරුවේ කතා පෙළ නිමි එහෙනම්.හොද විස්තර ටිකක් කියෙව්වා දන ගත්තා...

    ReplyDelete
    Replies
    1. කවුද නිමි කිව්වෙ...තව තියෙනවා...

      Delete
  10. උබ කියලා තියෙන විදියටනම් ලංකාවට සින්ගප්පුරුවෙන් ගන්න තියෙන අදර්ශනම් බොහොමයි , උබ කියල තියෙන විස්තර මම ලංකාවත් එක්ක සංසන්දනය කරමින් කියෙව්වේ , ලංකාවේ කෙල්ලෙක්ට තනියම ටිකක් රෑවෙලා පාරක යනකොට කියක්නම් කථා අහගන්න වෙනවද පාරේ ඉන්න කොල්ලන්ගෙන් , අනික කෙල්ලෙක් ස්කූටි යක් පැදගෙන යනකොට වෙට්ටු කියක් වැටෙනවද , උබේ අලුත් යාළුවගේ ආගන්තුක සත්කාර ගැනත් පුදුමයි ඒ වගේම සන්තෝෂයි එහෙම යාළුවෙක් වෙනත් රටකදී උබට මුණ ගැහුනා එක ගැන ..

    ReplyDelete
    Replies
    1. සිංගප්පූරු කොල්ලො නිකං කෙල්ලො වගේ බන්...දගලන්නෙ මොකුත් නෑ...ගැන්සි බහින්නෙ...පාර අයිනෙ ඉදන් සිගරට් අදින්නෙ මොකුත් නෑ...නීති නිසා වෙන්න ඇති.

      Delete
    2. ගැන්සි ගැහීම , සිගරට් ඉරීම කොලු කම නෙවෙයි පාදඩ කම. ඒවා එල ආතල් වැඩ කියල ගත්ත එවුන් හින්ද තමයි ලංකාවේ මේ තැන ඉන්නේ. පාදඩයෝ හැම තැනම!

      හොඳ දේක ඇද හොයන්නේ නැතුව අගය කරමු නේද ?

      Delete
    3. හොද දේ අගය කිරීමට සැමවිටම සිරා මනාපය...

      Delete
  11. හරි සතුටුයි සිරා, ඒ වගේ සමාජයක තියෙන හොඳ පැත්ත ගැන කියවන්න ලැබෙන එක වත් හොඳ දෙයක්.
    යන යන තැන හිත හොඳ එකාට තල්ලුව ලැබෙනවා. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. යකාගෙ හැටියට විමානෙ කියනවනෙ...තමන් කරන දේ තමයි දවසක අස්වැන්න විදියට නෙලා ගන්න වෙන්නෙ.

      Delete
  12. ea kiyana uba dan "Singa" nada? mama ubawa balana ena hitiya. kohahari idala Blog liyapan.
    Jayawewa.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. දැන් සිංගා නෑ....ඒ උනාට ලගදිම දවසක ආයෙ එහෙ යන්නත් ඉඩ තියෙනවා...අයියා එන්න...එහෙ ඉන්න මගේ යාලුවන්ට මම කියන්නම් ඔයාගෙ සංචාරයට අවශ්‍ය උදව් කරන්න කියලා.

      Delete
  13. අර සමහර ෆ්රෑන්ක් වීඩියෝ බලද්දී ඒ මිනිස්සුන්ගේ චරිත ගැන පොඩ්ඩන් දේවල් හිතා ගන්න පුළුවන්.

    කවුරු හරි උදව්වක් කලාම ඒක තියාගන්න ඕනි හිතේ. ලැබුණු මොහොතක උදව්ව කල කෙනාට ප්‍රතිඋපකාර එක

    ReplyDelete
    Replies
    1. කවදාවත් මම ට්‍රෙවෝව අමතක කරන්නෙ නෑ...මට බෙල්ට් එකක් තෝර ගන්න විතරක් කඩවල් 10 කට වඩා ගියා...නිකමට හිතන්න ට්‍රෙවෝ කෙතරම් නිහතමානීද කියලා..

      Delete
  14. එහෙ ගිහිල්ලත් කෙල්ලෝ ගැන තමා හොයල තියෙන්නේ... වයසත් හරිනේ .. මචන් මෙහෙ වරෙන් මෙහෙන්ම එකක් හොයා ගම්මු....

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කෙල්ලො තරම් මෙහෙ උන් ලස්සන නෑ බන්...ඒ නිසා ලංකාවෙ දැරිවියක් තමයි අනිවාර්යෙන් බදින්නෙ...මෙහෙ උන් නිකං බටහිර කරණය වෙච්ච රොබෝලා සෙට් එකක්...හරිම කෘතිමයි සමහර දේවල්...

      Delete
  15. ට්‍රෙවෝ හොඳ යාලුවෙක් කියලා මටත් හිතෙනවා. උඹට දැන්වත් තේරෙනවද පාරෙ යන මිනිස්සු දැකලා උන් හිනාවෙන්නේ නැති ජාතියක් කිව්වට ඒ මිනිස්සුත් ලං වුනාම අර පාරෙදි මූනිච්චාවට විරිත්තන උන්ට වඩා හොඳ බව.

    මේකයි සිරා. අපේ තියෙන විශේෂය තමයි අපිට අනිත් ජාතීන්ගෙන් සහ සංස්කෘතීන්ගෙන් ගන්න හොඳ දේවල් සහ නරක දේවල් දෙකම තියෙද්දී, අපි නරක දේවල් විතරක් අපේ කරගන්න එක.

    උඹ දන්නවද විදේශ රටවල්ට ලමයි යවලා උගන්නන ශ්‍රී ලාංකිකයෝ, ඒ ලමයි ඒ නන්නාඳුනන රටේ තනියෙම පාරෙ බැහැල යන එකට බය වෙන්නේ නැති බව. නමුත් ඒ ලමයි තමන්ගේ උපන් රට වන ලංකාවට ආවාම ගේ ලඟ කඩේට යවන්නත් බය බව? අපිට පිළිගන්න අමාරු වුනත් ඔන්න ඕකයි ඇත්ත. මොකද කැමති ඇඳුමක් ඇඳගෙන පාරෙ යන්න බෑ, කුණුහරප නාහා සෙනග පිරුන තැනකින් යන්න බෑ.

    අර අම්මලා අතපය වල ඇද අරින එක ලංකාවේ ඇර වෙනත් රටවල කරන දෙයක් බව මම දන්නේ නෑ සිරා. ඒ කලත් ඉතාම සීමිත රටවල් ප්‍රමාණයක වෙන්න ඇති. චීන ජාතිකයන් (චීන ජපන් කොරියන් වගේ ඔරියෙන්ටල්ස්ලගේ) කකුල් වල පොඩි වකයක් බොහෝ විට තියෙනවා තමයි. දනහිස් ඈත් වෙච්ච ගතියක්.

    භාෂාව ගැන කිව්වොත්, උඹ ඒ උච්චාරණේ වෙනස අඳුනාගන්න ට්‍රයි කරපං. මතක් තියාගනිං පළවෙනිම දේ එයාලා 'ර' සද්දෙ වෙනුවට 'ල' දාන බව.
    උදාහරණෙකට 'ෆ්‍රයිඩ් රයිස්' කියන එක එයාලාට කියවෙන්නේ 'ෆ්ලයිඩ් ලයිස්' කියලා. ටික දවසකින් උඹට තේරෙන්න ගනී එයාලා කියන හුඟක් දේවල්.

    ඉතින් උඹට ජය මගේ පාට්නර්.


    ReplyDelete
    Replies
    1. ඇත්ත....ඒ අය ලං වුනොත් බොහොම සුහදයි කියන එක මම පිළිගන්නවා...නමුත් එහෙම ලං වෙන්නෙ ඉතාම කළාතුරකින්...මගේ සමහර යාලුවො කියනවා කාර්යාලයේ එකට වැඩ කරන සමහර ස්වදේශික ගෑණු ළමයි ඉන්නවාලු ඔවුන් සමග වචනයක්වත් කථා කරන්නෙ නැති...

      ට්‍රෙවෝගෙ සමහර වචන අල්ලගන්න හරිම අමාරුයි...උච්චාරණය කරන වේගය අඩු කරලා කිව්වත් සමහර විටක බෑ...මට තවත් දවසක රිචර්ඩ් කියලා තවත් කෙනෙක් හමු වුනා. එයාගෙ නම් කිසිම දෙයක් තේරුම් ගන්න බෑ...

      උදාහරණයකට..එම් ආර් ටී කියන වචනය ඔවුන් උච්චාරණය කරන්නෙ එමාටි කියලා...ඊට් කියන වචනය උච්චාරණය කරන්නෙ ඊටා කියලා...

      Delete
    2. ඩුඩ් ගේ උදාහරනේ එක්ක මට මතක්වුනේ මයින්ඩ් යුවර් ලැන්ග්වේජ් ඒකෙ චීන කෙල්ලට ඉංග්‍රීසි ලයන් කියන්න උගන්නන සීන් එක.

      Delete
  16. මමත් අත් දැකීමෙන් දන්න දෙයක් තමයි අපි උදව් උපකාර කරනවනම් අපිට උදව් උපකාර ලැබෙන්නේ අපි බලාපොරොත්තු නැති විදිහට

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියෙ...හැමවෙලේම යහපත් දේ කරනවා නම් යහපත් ප්‍රතිඵල තමයි ලැබෙන්නෙ...

      Delete
  17. දැන් ඔතනින් ඉස්සරහට මොකද වෙන්න යන්නේ. ටිකක් දුරදිග බලා තීරණ ගැනීම හොඳයි කියලයි මට කියන්න තියෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම මේ දැන් බොගේ ලියන දේවල් මාස දෙකකට පමණ කලින් වේච්ච දේවල්...වර්තමානයේ යම් වැඩ පිළිවෙලවලක ඉන්නවා....ඒ ගැන විස්තර ටික කාලෙකින් ලියනවා...

      Delete
  18. සිරා
    එකක් වැරදියි.සිංගප්පූරුවෙ තරුනයො අවුරුදු 18 වුනහම පොලීසියට නෙමෙයි බැ‍ඳෙන්නෙ.අනිවාර්ය හමුදා සේවයට National Service.සරසවියට තේරුනත් හමුදා සේවය කරන්නම ඕන.ඒ අවුරුදු දෙක ඉවර වෙනකම් එයාගෙ තැන තියනව.බුවා මේ අනිවාර්ය හමුදා සේවය මොල සේදීමක් කියල තියනව දැක්කා. සිංගප්පූරුව වගෙ රටක සමහරවිට වෙන්න ඉඩ තියෙන්න පුලුවන්. නමුත් හිතල බලන්න ඇමරිකාවෙත් මේ අනිවාර්ය හමුදා සේවය තියනව. එහෙ නම් මොල සේදීමක් වෙනවද මන්ද.මම දන්න ලංකාවෙ කෙනෙක් ඉන්නව සිංගප්පුරුවෙ සෑහෙන කලක් ඉන්න එයා තමන්ගෙ පුතාට අවුරුදු 18 වෙන්න කලින් වෙන රටක පුරවැසි කම ගත්ත ඔය හමුදා සේවය නිසා.මේ ගැන විචාරක මහත්තයගෙ අදහස් දැනගන්න කැමතියි එයත් හිටපු හමුදා නිලධාරියෙක් නිසා.
    එකක් නම් පට්ට ඇත්තය. සිංගප්පූරුවෙ ඕනම වෙලාවක බය නැතුව කාන්තාවකට යන්න පුලුවන්ය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්ය හමුදා නීතිය නරක දෙයක් නොවේ. ඇමරිකාවේ අනිවාර්ය හමුදා නීතිය කිසිදු ආකාරයකින් පටු දේශපාලන වාසි තකා හෝ, පුද්ගල ප්‍රතිරූප පිම්බීම සඳහා සකස්කළ එකක් නොවේ. ඇමරිකාව තරම් ත්‍රස්තවාදී තර්ජන වලට, සතුරු රටවල එදිරිවාදී ක්‍රියාකාරකම් වලට ලක්වූ/ලක්වෙන රටක් තවත් නැතිතරම්. ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියද ආණ්ඩු මාරුවීම අනුව වෙනස්වන්නක් නොවේ. අනිවාර්ය හමුදා සේවයෙන් මොළ සේදීමක් වෙනවා. හැබැයි නියම අනිවාර්ය හමුදා සේවයේදී සිදුවන මොළ සේදීම මගින් පුද්ගලයකුගේකාර්යක්ෂම භාවය, ස්ථානොචිත ප්‍රඥාව, සමාජ ආරක්ෂණය, පෞද්ගලික නිදහසට ගරුකිරීම, වැනි ගුණාංග රාශියක් වැඩි දියුණු කරන්න පුළුවන්. සිංගප්පූරු අනිවාර්ය හමුදා සේවය යට චීන පාලන ක්‍රමයේ සේයාවක් තියනවාද කියලා හිතෙන අවස්ථා තියනවා. එය ගැඹුරින් සොයාබැලිය යුත්තක්. අපේ රටේ අනිවාර්ය හමුදා සේවය ඇතිකරන්නේනම්, දැනට වඩා නීතිය සහ පොදු මතයට තැන ලැබෙන පසුබිමක් මත පමණයි කලයුත්තේ. දැඩි නීති මගින් විනය පවත්වාගැනීම හැමදාම හරියන්නේ නැත. එක්තරා සීමාවකදී පිපිරීමක් වෙනවා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    2. ඇමරිකාවේ අනිවාර්ය හමුදා සේවය අයින් කරලා දැන් හුගක් කල්

      Delete
    3. ඇනෝගෙ තොරතුරට ස්තූතියි..මම පසුව ඒ කොටස සංශෝධනය කලා. ඔබ මතුකර ඇති කාරණයට විචාරක තුමා සෑහෙන පිළිතුරක් දී තිබෙනවා කියා සිතනවා. විචාරක තුමාට ස්තූතියි...

      Delete
    4. ඇමරිකාවේ විතරක් නෙවෙයි අනිවාර්ය හමුදා සෙවය තිබුන බොහෝ රටවල දැන් ඒක නෑ , හමුදා පුහුණුවක් නැතුව ආකල්ප , විනය ඇති කරවන්න පුලුවන් විධිමත් පාසල් අධ්‍යාපනයකින් , කොහේ හරි අනිවාර්ය හමුදා පුහුණුවක් තියේ නම් ඒ මොල හෝදන්න තමයි , ලංකාවේ නායකත්ව පුහුණුව කියන අටමගලෙන් කරන්නෙත් ඒකම තමයි

      Delete
  19. මම අහලා තියෙනව සිංගප්පූරු පිරිමින්ට පඩි වැඩියි කියලා. හේතුව අර හමුදාවේ හෝ පොලීසියේ වැඩ කරන අවුරුදු දෙකේදී එයාලගේ ජීවිත වලට වෙන පාඩුව මග හරවන්න. ලී ක්වාන් යූ මහත්මයා ලියපු From 3rd World to 1st World කියන පොතේ විස්තර කරලා තියෙනවා කෙන් සුවී කියන එතුමාගේ මිත්‍රයා කොයි තරම් අමාරුවෙන්ද මේ හමුදාව ගොඩ නැගුවේ කියලා.

    ReplyDelete
    Replies
    1. මම නම් එහෙම දෙයක් දන්නෙ නෑ...හැබැයි ලංකාවෙ ආමි එක එක්ක ඔවුන්ට හැරෙන්නවත් බැරි බව නම් මම දන්නවා...පොත පිළිබද ඔත්තුවට ස්තූතියි...

      Delete
  20. හ්ම්ම්..හොඳ මිනිස්සු කොහෙත් ඉන්නවා....
    සිරා අයියේ..කෙල්ලෝ ගැන ඔච්චර බලලා ඇස් වල පොට යවා ගන්නවා එහෙම නෙවෙයි!!!

    ReplyDelete
    Replies
    1. පික්සුද මලේ...සිරිලංකාවෙ දැරිවියන්ට තමා කොලුවගෙ මනාපෙ...

      Delete
  21. අන්තිමට කොහොම හරි හොඳ යාලුවෙකුත් මුන ගැහිලනෙ.
    ඔය රටේ කෙල්ලන්ට විහිළු කරන්නෙ නැත්තෙ ලංකාවෙ වගේ කෙල්ලො ලැජ්ජ වෙලා යන්නැතුව කොල්ලන්ට හොඳට සලකන හින්ද වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ ටික මොනවට කියනවද ප්‍රසන්න අයියෙ...සිංගප්පූරුවෙ කොල්ලො කෙල්ලො මාරු වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා...කොල්ලො කෙල්ලො වගේ කෙල්ලො කොල්ලො වගේ...මම දෙවතාවක් දැක්කා තමන්ගෙ පෙම්වතාට ආදරේට හොදට කකුල උස්සලා පයින් ගහන කෙල්ලන්ගෙ දර්ශන...

      Delete
  22. මට හිතෙන්නෙ ජරා මිනිස්සු වගේම හොද මිනිස්සුත් හැම තැනම ඉන්නවා, අපේ නීති පොතේ තියන හිල් නිසා ලංකාවේ මිනිස්සු බය නැතුව වැරදි කරනවා, අනික රටට ආදරේ පාලකයන් ලංකාවේ බිහි වෙන්නෙ ගොඩාක් අඩුවෙන්නෙ..ඉතින් රට එක තැනමයි..
    සිරා අයියේ මම හිතන විදිහට අපිට ජීවිතේදී හොද මිනිස්සු හම්බ වෙන්නෙ අපිත් මිනිස්සුන්ට හොද උනොත් විතරයි.ඒ නිසා මට හිතෙන්නෙ අයියා අනිත් අයට සලකන නිසා මේ වගේ යාළුවෝ හම්බවෙනවා කියලයි

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමයි හිතන්නෙ...අන් අයට අපි සළකන විදියට තමයි ඒ අයත් අපට සළකන්නෙ...ස්භාව ධර්මය මේ කාරණය කදිමෙට සමබර කරනවා...

      රටට ආදරය කරන රට ගොඩ නගන්න සැබෑ හැගීම තියෙන නායකයෙක් හිටියා නම් අපේ රටත් සිංගප්පූරුවක් කරන්න බැරි නෑ.

      Delete
  23. හිත හොද මිනිසුන්ට කොහේ ගියත් හරි යනවා. ඔබට මෙවන් මිනිසුන්ගේ සහය ලැබෙන්නේ ඔබේ යහපත් ක්‍රියාවන් හේතුවෙන් මලයා. ඔබට ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. නලින් අයියගෙ කථාව ඇත්තම ඇත්ත..ස්තූතියි...

      Delete
  24. අපේ රටේ තියෙන හුඟක් ප්‍රශ්නවලට හේතුව විනයක් නැතිකම බං. මිනිස්සු විනයගරුක උනාම අනෙක් ප්‍රශ්න නිකන්ම විසඳෙනව.

    උඹට මුනගැහිල තියෙන හැමෝම සුහදශීලී මිනිස්සු. හැබැයි අර පාරෙදි උඹ දැකපු කෙල්ලො නම් හිතන්න ඇති “ෂික්, කොහේද යන නොසන්ඩාලයෙක් අද පාරෙදි මා දිහා කන්න වගේ බලන් හිටිය කියල“

    ReplyDelete
    Replies
    1. උඹේ කථාව ඇත්ත...විනයක් නැති තැනක කිසිම දියුණුවක් ලබන්න බෑ...

      පාරෙ යන කෙල්ලො අපිව ශත පහකට ගනන් ගන්නෙ නෑ බන්...අපේ තියෙන ඉන්දියානු පෙනුම නිසා උන් හිතන්නෙ අපි ඉන්දියානුවො කියලා...ඉන්දියන් උන් ලකුණු කපාගෙන ඉන්නෙ සෑහෙන්න...

      Delete
  25. Replies
    1. මහා මංගල සූත්‍රයෙත් කළණ මිතුරා ගැන දක්වා තියෙනවා කියලා මතකයි...

      Delete
  26. කියවන් යත්දි ඇස් දෙකට කඳුළු ආවා. මනුෂ්‍යත්වය කියන දෙය බොහොම සුවඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි සත්තයි...ඒ සුවද විදපු කෙනෙක් තමයි එහි තිබෙන රසය දන්නෙ...වෙද මහත්තයා බොහොම සංවේදී කෙනෙක් වගෙයි..

      Delete
  27. සදාදරණිය සිරා අයියේ,
    මම මුලින්ම කියොපු බ්ලොග් එක උබේ බ්ලොග් එක.
    උබේ බ්ලොග් එකේ පොස්ට් 1,2 ඇරෙන්න අනික් හැම එකක්ම මම කියෝලා තියෙනවා... හැබයි ඉතින් කමන්ට් එකක් දාන පලවැනි පාර මේ.
    කොහොම උනත් සිරා අයියේ උබ කියලා තියෙනවා වාගේ හිත හොද උන්ට වරදින්න බෑ..
    එක නිසා උබට හරි යාවී.
    උබට ජය....!!
    (උබ,උබ කීවාට ගණන් ගන්න එපා ඔං.)

    ReplyDelete
    Replies
    1. සදා දරණීය?? හැක්...

      Delete
    2. මොකෝ බන් හිනා වෙන්නේ...
      මම සිරාවටනේ යකෝ එක කිවේ...

      Delete
    3. බොහොම සතුටුයි මලේ...ඔය දේශකයා කියන දේවල් එතරම් තකන්න එපා... කාමරේට ඇවිල්ල කියවලා කමෙන්ටුවකුත් කොටලා ගියාට බොහොම ස්තූතියි...

      Delete
  28. සිරා,

    Trevors Lim මගේ ජීවිතයේ සමුවුන මිත්‍රත්වයේ නියම අර්ථය කියාදුන් එක් කලණ මිතුරෙකි.. (මගේ සිංගප්පූරු ආයතනයේ ප්‍රධානි, ටිමෝරයේ අගමැති තුමා සහ තවත් වෙනත් රටවල බොහෝ දෙනෙක් සිටිනවා ) එත් තියන දුක ලංකාවෙන් මිතුරන් බොහොම අතලොස්සක් වීම. එය හොදට තේරුම් ගත් අවස්තාවක් තමයි. ලංකාවේ පොලිස් නිළදාරීන් මුලින් ඔවුන් එහි පැමිණි විට මගේ සමහර මිතුරන්ට ලංකාවේ පොලිස් පාර්ට් දමයි මම මෙතැන වැඩ කරන්නේ කියමින්. මම බොහෝවිට මගේ රැකියාව ගැන නොකියා (සිරා උබ මම ගැන දන්නා නිසා මම වැඩි විස්තර නොකියමි) බොහෝවිට ලිස්සා යමි. එත් මගේ රැකියා ස්ථානයේදී ඔවුන් සමහරක් මුණගැසී ලංකාවේ පොඩි එකා මොකාද කියා ඇස උඩ තබදැක ගෙන සිටිනවා ඕන තරම් දැක ඇත. ඒවගේම ඔවූන් බොහෝ දෙනෙක් මගේ නම විකුණා ගොඩ ගිය බවද දනිමි. එත් ඒ බොහොම අතලොස්සකි.

    අදටත් ලංකාවේ පොලිසිය සහ හමුදාවේ බොහොමයක් උසස් නිලදාරීන් මාගේ ලගම මිතුරන්ය. අදටත් මට අයියේ කියා ඇමතිය හැකිය.ඒ මිතුදම බොතලයකට සිගරටුවකට හමුවූ එකක් නොවන්නේ මම ඒ වර්ග 2කම පාවිච්චි නොකරන නිසාය.එත් කවදාවත් ඔවුන්ගේ නම විකුණා මම මගේ වැඩ කරගෙන නැත. ලංකාවට පැමිණි විට මම කොපමණ රාජකාරි තිබූනද අදටත් හමුවන පොලිස් හා හමුදා නිලදාරීන් කීපදෙනෙක් ඇත ඒ ඔවුන් වචනයේ පරිසමාප්තයෙන්ම මාගේ කලණ මිතුර නිසාය. ඒ ඔවුනුත් දන්නා කාරණයකි.

    ඇත්තටම සිරා මම මගේ වෙනත් මිතුරන් ලංකාවේ මිතුරන්ට හදුනාදෙන්න මැලි කමක් දක්වන්නේ සමහරුන් කරන දෙවල් නිසා.එත් මම උබව පොඩි කලේ සිට හොදින් දන්නා නිසා මම ට්‍රෙවෝ උබට අදුන්වල දුන්නේ. ලංකාවේ බොහෝ අයට උදව් කිරීමට මැලිවෙන්න හේතුව උඩ කොමෙන්ටු වලටත් දක්වල තියනවනේ. ඒවා ගොඩක් ඇත්ත.

    අද ට්‍රෙවෝ ටිමෝරයේ CAT කළමනාකරු ලෙස සේවය කරන්නේ නැත.රටවල් ගණනාවක ඔහුට ඔහුගේම වියාපාරික ආයතන ඇත. එත් කවදවත් උඩගු බවක් නැත. මම නිසා මගේ මංගල උත්සවයට පැය 48කට ලංකාවට ආවේ තිබුන ගොඩක් meeting cancel කරල. ඒ තිබුන මිතුදම නිසා. අද මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වුනත් එදා තිබූන මිතුදම් අදටත් හැම කෙනෙක් එක්කම ඒ වි දිහටම පවත්වාගෙන යනවා ට්‍රෙවෝ ඒ අතින් හැමදාම මුල් තැන ඉන්නවා

    අදටත් ලොව වටා සිටිනා මිතුරන් රාශියකි. එත් සැබෑ මිතුරන් අතලොස්සකි. සමාවෙයන් මචං පහුගිය පොස්ට් වලට මුකුත් කොටන්න බැරි වුන එකට.එක හේතුවක් උබට මම කිව්වා (එකටනම් මම ගොඩක් කලකිරිලා ඉන්නේ) අනෙත් හේතුව ඇනෝ කෙනෙක් ගේ වැඩ.

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. මගේ මිත්‍රයා...සිය ගණනක් මිතුරන් කුඩා කල සිට ආශ්‍රය කර තිබුනත් මේ වන විට මා සමග නියම මිත්‍රත්වයෙන් බැදී සිටන අතළොස්ස අතර ඔබත් සිටීම මට මහත් සතුටක්...මට දැනෙන ඒ හැගීමම ඔබටත් එලෙසම දැනෙන නිසා ඔබ ට්‍රෙවෝ මට හදුන්වා දුන් බව මම දන්නවා...ජාතිය ජන්මය කුමක් වුවත් නියම මිත්‍රත්වය පළමු හමුවීමේදීම දැනෙනවා කියලයි මට හිතෙන්නෙ...ට්‍රෙවෝ පළමු වතාවට හමුවුනාම ඔහු මා පිළිබද සැළකිලිමත් වෙලා මගේම සහෝදරයෙක් වගේ මට සළකපු ආකාරය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ...ඇත්තටම ඔහු පුදුමාකාර නිහතමානී කමක් ඇති කදිම මිතුරෙක්...

      Delete
  29. එක එක රටවල අය එක එක විදියයි සිරා...කරන කියන දෙයක් කල්පනාවෙන්...
    ඔබ හොඳහිතක් ඇති කොල්ලෙක් හැමෝම ඔබ වාගෙ කියා හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. හොද කල්පනාවෙන් ඉන්නෙ...ලංකාවෙ උන් එක්ක එච්චර භජනයක් නෑ...දැනට මගේ පාඩුවේ වැඩේ කරගෙන ඉන්නවා..

      Delete
  30. මට අර ලංකාදීපේ යන ටැක්සි ඩ්‍රයිවර් මහාචාර්යවරයාගේ බ්ලොග් ලිපි ටික මතක් උනා.. හැබෑටම උඹේ භාෂාව හැසිරවීම විසිස්ටයි..

    ReplyDelete
    Replies
    1. ඔය ටැක්සි පදවන මහාචාර්ය තුමාගෙ ලිපි පෙළ මමත් ලංකාවෙදි කියෙව්වා...මටත් එවැනිම ටැක්සියක යන්න අවස්ථාව ලැබුනාම හිතුනා දෛවය මොන තරම් අපි හිතන්නෙ නැති දේවල් තිළිණ කරනවද කියලා...මොකද මම කවදාවත් එන්න හිතාගෙන හිටපු ගමනක් නෙමෙයි මේක. ඒ ලිපියෙ තිබුන සමහර ස්ථාන වලට යන්නත් හැකියාවක් ලැබුනා.

      Delete
  31. උදවු උපකාර කල තැනැත්තෙකු කිසිදා අමතක කරන්න හොඳ නැහැ ...හොඳ හිතක් නැතිනම් ට්‍රේවෝ ඔබට ඔයතරම් සලකන්නේ නැහැ ..ඇත්තටම ඔබ කියූ කරුණු අනුව ට්‍රේවෝ හොඳ මනුෂ්‍යත්වය ඇත්තෙක් කියා සිතනවා . වෙනත් රටකදී හමුවන එවන් සුහදශීලී පුද්ගලයින් කවදා හෝ සංසාර ගමනේ හමුවී තිබුණ බැඳීමක් තිබුණ පුද්ගලයන් වන්නට ඇති කියා මට බොහෝ විට හිතිලා තියනවා සිරා අය්යේ ....මේත් එවැන්නෙක් වන්නට ඇති :D

    ReplyDelete
    Replies
    1. මට මයික් කියන්නෙත් ඒ ටිකම තමයි...ඔහු මාව ට්‍රෙවෝට හදුන්වා දුන්නත් මගේ ගතිගුණ නිසාලු ඔහු මට උදව් කලේ... ඔබ කියන පරිදි සංසාර ගමන තුල මට කොතැනක හෝ ඔහු කලින් හමුවී තියෙන්නත් ඇති...මමත් ඒ කථාව විශ්වාස කරනවා....

      Delete
  32. ලංකාවෙදි වගේ නෙවෙයි සිරා, උභ දැන් ලියන විදියත් හරිම ක්‍රමානුකූලයි.(අනවශ්‍ය වැල් වටාරම් අඩුයි)විනය -පිළිවෙල තියෙන රටවල් ඇසුරේ ජීවත් වීම නිසා හැමදේම හොඳ අතට හැරෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ලියන විදියෙ වෙනසක් වෙන්න ඇත්තෙ දවසින් දවස ලැබෙන අත්දැකීම් නිසා වෙන්න ඇති සුමිත් අයියෙ...දැන් ඉතිං බ්ලොග් කෙරුවාව තුල යම් තරමකට පදම් වෙලා නොවැ ඉන්නෙ...

      Delete
  33. ආදර්ශමත් කථාවක් අපට.

    ReplyDelete
    Replies
    1. එය එසේමැයි නම් සැබැවින්ම සතුටක්..

      Delete
  34. ට්‍රෙවෝ වගේ මිනිසුන් ගැන අහන්නත් සතුටුයි.... අද කාලේ ඔය වගේ මිනිස්සු හොයා ගන්න අමාරුනේ....

    පහුගිය ටිකේ කියවන්න බැරි උනා. අතපසු උනු පෝස්ට් ගොඩයි. හිමින් සැරේ කියවන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. තමනුත් අන් අයට හොදින් සැලකුම් කරනවා නම්...දුකේදී පිහිට වෙනවා නම්...මෙවැනි මිතුරන් ස්භාව ධර්මයා විසින්ම අපට මුණගස්සනවා...

      Delete
  35. හ්ම්ම කොහේ ගියත් හොද මිනිස්සුත් ඉන්නවා. තේරුම් ගන්නයි අමාරු

    ReplyDelete
    Replies
    1. ඒ අය අපිව තේරුම් ගන්නෙ අපේ ක්‍රියාකාරකම් දෙස බලලා...එක් වරක් හරි විශ්වාසය බිද වැටුනොත් ආයෙ ගොඩනගාගන්න අමාරුයි

      Delete
  36. මචං කෙනෙකුට හොඳ යාළුවෙක් ලැබෙනවානම් කොහොමත් සතුටුයි.මගෙත් හිටිය හොඳ හිතක් තියෙන කොල්ලෙක් හිටිය රොමේනියාවේ. ඌ දැනට මාස 5 කලින් මියගියා. හොඳ මිනිස්සු ඉක්මනින් නැතිවෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. උඹේ කමෙන්ටුව කියවලා මටත් දුකක් දැනුනා බන්...හොද මිනිස්සු ඉක්මනට නැතිවෙනවා කියන කථාව නම් මමත් අහලා තියෙනවා...වද විදලා එකතැන් වෙලා මැරෙන්න දෛවය ඒ අයට ඉඩ දෙන්නෙ නැතුව ඇති.

      Delete
  37. සිංගප්පූරුව වගේ යාන්ත්‍රික වුණු මිනිස්සු ඉන්න රටක මෙහෙම අය ඉන්නවා කියලා අහන්න ලැබුණු එකත් සතුටක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙම අය ඕනෑ තරම් ඉන්නවා හසිත..ඒ අය අපි වගේ ඇත්තන්ට මෙහෙම සමීප වෙන්නෙ නෑ...මෙතැනත් මගේ යාලුවා නිසයි මේ තරමට ට්‍රෙවෝ සමිප උනේ...මා ගැන සොයා බැලුවෙ.

      Delete
  38. sahathika atta, mage wife nitharama singapore yanawa. e giyama mata kisima bayak ne. mokada man dannawa eya hodatama safe kiyala. shopping giyat, metro ekaka, taxi ekaka maha reka giyat, ekata ape lankawedi, wife weda arila three wheel ekaka, taxi ekaka enwanam man winada pahen pahata call didi balanawa den koheda , den koheda kiyala. onna ape rate tatwaya, terenawa neda

    ReplyDelete
  39. me blog eka athulu anikut supra siddha blog keepaya hemadama balanawa. niyama wedak. jaya wewa,,,

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...