මෙතෙක් රට කථා නොබලපු ඇත්තන්ට මෙතැනින් ඒ ඉසව්ව සොයාගන්න පුලුවන්. එහෙනං ඉතිං අපි කථාවට බහිමු.
ගාමිණී විලා වූ කලී වර්තමානයේ සිංගප්පූරුවේ සාර්ථකව රාජකාරී කරන බොහෝ වෘත්තිකයන් සිංගප්පූරුවේ අයන්න ආයන්න කියවන තුරු නතර වී සිටි ස්ථානයයි. ගාමිණී අයියා ඔවුන්ට එදිනෙදා කටයුතු කෙරෙහි රට තොට දැනුම දුන් තැනැත්තා ලෙස හැදින්වුවද වරදක් නැත. සිරා කොලුවා මේ ස්ථානයට පැමිණි දිනයේම සෙස්සන්ට මා හදුන්වා දී මා මිත්‍ර සහන් පැවසූවේ මෙයා බ්ලොග් එකකුත් ලියනවා යනුවෙනි. එතැන් පටන් උඹ මම ගැනත් ලියනවද ? අපෝ මේකා ඉන්න තැන කිසි දෙයක් කරන්න එපා උගෙ බ්ලොග් එකේ ලියයි... අඩෝව් උඹ මම ගැන ලියලා නම් අහුවෙන්න එපා ආදී තර්ජන ගර්ජන වලට අමතරව අවසානයේ මට ලැබුනු බ්ලොගා නම් හුරතල් නාමයද සහිතව උකහා ගත් ඇතැම් කරුණු හුදී ජන පහන් සංවේගය උදෙසා මෙසේ සටහන් කරමි.
දෙමහල් නිවසක් වූ ගාමිණි විලාවෙහි නිසි බලධාරියා කවුදැයි ඔබ දැනටමත් දනී. රැකියාවක් සොයාගැනීමේ අරමුණින් සිංගප්පූරුවට පැමිණ ඒ අවශ්‍යතාව ඉටුකර ගත් පසුද එහිම නතර වූ කීප දෙනෙකුද විලාවෙහි සිටී. ඊට අමතරව මා වැනි රැකියා අපේක්ෂාවෙන් එහි නවාතැන් ගෙන සිටි අයගෙන්ද අඩුවක් නොවූහ.
ගාමිණී විලාවෙහි මිදුලේ සරුසාර පේර ගසක් වෙයි. ආහාර සැකසීමට මත්තෙන් නැගී එන කුසගින්න මදකට හෝ සන්තර්පනය කරගැනීමට මා මෙන්ම අනෙක් උන්ද නොයෙක් වර ලුණු සමග පේර රස බැලුවෙමු. පේර ගසට යාබදව රතු නිවිති වැලක් මෙන්ම මයියොක්කා පැල කීපයක්ද මම දුටුවෙමි. ගාමිණී විලාවෙහි පිටුපස ඇත්තේ විශාල කරපිංචා ගසකි. එහි අතු කිනිති නිබදව කුස්සියේ අවශ්‍යතා සපුරාලයි. මේ කියූ ශාක වලට අමතරව බණ්ඩක්කා ,මෑ කරල් සහ වම්බටු වගාවක්ද තිබේ. ඊටත් එහායින් කුරුල්ලන්ට කෑම ලබාදෙන බංකුවකි. මේ සියලු ශාකයන් ලංකාවෙන් රැගෙන ගිය බීජ මගින් ජනිත කරගත් ඒවාය. එහෙත් මා එහි සිටි කාලය තුල මේ කිසිවකින් ඵල නෙලීමට අවස්ථාවක් උදා නොවීය. එකිනෙකට යා වන සේ ඉදිකර ඇති නිවාස සමූහයක් විලාවේ පසුපස මායිම සටහන් කල අතර ඉදිරියෙන් වූයේ මහා මාර්ගයයි. ඒ ඉදිරිපිට දැවැන්ත සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකි.
විලාවේ උඩුමහලේ සිට පිටුපසින් පෙනෙන දසුන...කරපිංචා ගසද මෙහි වෙයි |
විලාවේ ඉදිරිපසින් පෙනෙන දසුන |
රැකියා සොයන උන් මධ්‍යම රාත්‍රිය දක්වා ලැප්ටොප් මත දෑස් රදවා සිට නිදාගත් පසු අවදිවන්නේ සෑහෙන තරමට දවස ගෙවී ගිය පසුව හෙයින් රැකියාවට යන ඇත්තන් සමග වචනයක් දෙකක් දොඩන්නට අවකාශ ලැබෙන්නේ රාත්‍රී ආහාරය පිසින කල කුස්සියේ ඇති රවුම් මේසයේදී හෝ සියල්ලන්ම නිවාඩු ලබන සෙනසුරාදා හෝ ඉරිදා දිනයකය. සති අන්තයේ විලාවට අවැසි දෑ ගෙන ඒමට උදෑසනින්ම වෙළද පොල වෙත ගොස් නැවත පැමිණි පසු දිනයේ ඉතිරි කාලයේ ඇතමෙක් තම යහලුවන් මුණ ගැසෙන්නට බැහැරට යති. නැතිනම් අසළ වූ පිහිනුම් තටාක සංකීර්ණයට ගොස් පිහිනීම පසෙක ලා සබන් නොමැතිව නා ගනී. එසේත් නැතිනම් සිංගප්පූරුවේ නොදුටු දසුනක් දකින්නට කැමරා ආම්පන්න රැගෙන පිටත් වෙති.
මෙන්න මේ ගාමිණී විලාවට උදාවන සතියේ සුන්දරම දිනය සිකුරාදාය. එදින උදෑසන රැකියාවට යන උන් ඒ සදහා පිටත්වන්නේ වෙනදා නැති තරමේ ප්‍රීතියකිනි. එයට එක් හේතුවක් වන්නේ ඉතිරි දින දෙකම විවේක සුවයෙන් ගත කල හැකි සති අන්තය වීමයි. අනෙක් කාරණය නම් සෑම සිකුරාදාවකම රාත්‍රියේ පැවැත්වෙන මධු සාධයයි. මධු සාදයට නියමිත දිනය සිකුරාදා වුවත් රාජකාරී ස්ථානයේ නිවාඩු දැමීමකින් තොරව සති අන්තයේ ලංකාවට ගොස් ආපසු පැමිණෙන අයෙකු ගෙන එන මධු බදුන් තිබුනොත් ඒවා හිස් කිරීමට සිකුරාදා වන තුරු සිටීමට ගාමිණී විලාවේ ඇත්තන්ට නොහැකිය. එවැනි විටක සුන්දර සිකුරාදා වෙනුවට සුන්දර අගහරුදාවක්, බදාදාවක් ඒ සතියේ උදා වෙයි.
මා ලංකාවෙන් පිටත් වන විට අම්මාට පොරොන්දු වූයේ මත්පැන් කටේවත් නොතියන බවකි. සෑම දිනකම මා සමග කථා කරන විට ඇය ඒ පිළිබදවද විමසීම පුරුද්දක් කරගෙන සිටි හෙයින් මම ඇයට බොරු කීමට මැලි වීමි. ඒ හේතුවෙන් සමුගැනීමේ සෙට්වීම හැර ඊට පෙර කිසිවකට මගෙන් දායකත්වයක් නොලැබිනි. සියල්ලන්ම පෙරැත්ත කරන්නේ මධු සාදයට පැමිණෙන ලෙසයි. එහෙත් අම්මාට බොරු කීමට මට නොහැකිය. සාදය අවසානයේ හොද හැටි මත් වූ ඹබරුන් මා හට චෝදනා කලේ...බොගා...උඹ අන්තිම කැතයි...උඹ අපි එක්ක සෙට් වෙච්ච නැති එක අපිට අවුල්...ඇයි උඹ එහෙම කලේ යනුවෙනි.
මොනවටද බන් බොන්නේ...ඔය සල්ලි වලින් මොනවහරි කාපල්ලකො.....
උගේ පිළිතුර එසේ වුවද බයිට් එක අදාළ ස්ථානයට වාර්තා කල පසු ඉන් හමන සුවද ඉවසා ගත නොහැකි තැන තිළිණයාද එම ඉසව්වට හොර පූසකු මෙන් පැමිණ බයිට් එක ඩයට් කිරීම අරඹයි. මේ හේතුව නිසාම සැට් එක සැට් වෙන්න යන දවසට තිළිණයාද අනිවාර්යෙන් මුදලක් ලබා දිය යුතුය. ඒ බයිට් එක ඩයට් කරනවාටය. නමුත් තිළිණයාගෙන් ඩොලරයක් ගන්නවාට වඩා ඉබ්බාගෙන් පිහාටු ගන්නවා පහසුය. ඒකා ඒ තරමටම කුජීතය.
බීමේදී ලංකාවේ සිංගප්පූරුවේ කියා වෙනසක් නැත. වෙනසක් ඇත්නම් ඒ මෙහි භාවිතා වන්නේ මිළ අධික පිටරට මත්පැන් වීම පමණකි. ප්‍රේම කථා, වීර කථා, විරහා කථා වලින් අඩුවක්ද නැත. එකෙකුට එකෙකු දෙවැනි නැති නිසා බෝතල් තුන හතරක් දක්වාම සාදය දිග්ගැස්සෙයි. එවැනි විටෙක පළමු ගීතය ගයන්නේ විලාවේ කෑම පිසීමේ අංශයේ නායකත්වය දරන ලක්මාල් ළමයාය. තාලය හා සෘතිය යන්තමින් ඇති මේ ගායනාවන්ට සෙස්සෝ පසුව අත්වැල් අල්ලති. ගාමිණී අයියාගේ මුවින් පිටවෙන 70 දශකයේ ගීතාවලියට නම් සිරා කොලුවා සෑහෙන්න මනාපය. ගීත තුන හතරක් ගත වූ තැන සැට් එකට තව මදිය. වේලාව මධ්‍යම රාත්‍රියද පසුවී ඇති නිසා අලුතින් මිළදී ගන්නට ළගපාත තැනක්ද නැතිය. ගෘහ මූලික ගාමිණී අයියා ලග ඕනෑම වෙලාවක බෝතලයක් දෙකක් ගබඩා වී ඇති බැව් සෙස්සෝ ඉවෙන් මෙන් දනිති.
ගාමිණී අයියෙ එකක් දෙන්නකො.....
ඇති මල්ලි... දැන් සෑහෙන්න රෑ වෙලා...දැන් නිදිය ගන්න...එවැනි විටක තලතුනා වැඩිහිටියකු ගේ වගකීම කරට ගෙන ඔහු පවසයි.
නමුත් සෙස්සෝ වැඩේ අත හරින්නේ නැත. බෝතලයක් ඉල්ලා නාහින් අඩයි. නමුත් ගාමිණී අයියාගේ ස්ථාවරයේ වෙනසක් නැත. මෙවැනි විටෙක නැගී සිටින්නේ තාරුණ්‍යයේ අවසාන කඩඉමේ සිටින අන්කල් අයියාය.
අනේ ගාමිණී අයියේ තව එක බෝතලයක් දෙන්න යයි බිම වැටී ඔහුගේ දෙපා නැමදූ පසු තමාට වඩා වසර තුන හතරකට වයසින් අඩු තැනැත්තෙකු තමාට වැදීමෙන් ඇති වන මානසික භ්‍රාන්තිය නිසාදේ ගාමිණී අයියා හංගා ඇති තැනකින් බෝතලයක් ලබා දෙයි.
ඉන් පසුව නැගෙන ප්‍රීති ඝෝෂාවලින් ගාමිණී විලාව ගිගුම් දෙන අතර නැවතී තිබූ තැනින් ගීත ගායනය ඇරඹෙන්නේ පෙරට වඩා වැඩි උච්ඡ ලයෙනි. මේ අවස්ථාව වන විට නේවාසිකයන් අතර සිටින කීප දෙනෙකුටම මව් භාෂාව අමතක වන අතර ඉංගිරිසිය පමණක් දොඩන්නට වෙයි. ඒ අතර ප්‍රමුඛයෙකු ලෙස මගේ මතකයට නැගෙන්නේ හසිත මලයායි. වෛද්‍ය වරියක හා පෙමින් වෙලී සිටින, සියලුම රෝගාබාධ සදහා ලගටම විත් ඇගෙන් ලබාගත් බෙහෙත් වට්ටෝරු ලබා දෙන හසිත මලයා සැබවින්ම ආශ්‍රයට කදිම මිතුරෙකි.
ඔහු හා මා සමග නිතරම ගැටුනු චරිතය වාසනා නම් විය. ගාමිණී විලාවට අවාසනාව වාසනා බැව් ගාමිණී අයියා කීප වතාවක් කියනු මම අසා ඇත්තෙමි. ඒ හුදෙක් විනෝදය පිණිස විය යුතුය. ගාමිණී විලාව ඉදිරියෙන් ශරීර සෞඛ්‍ය උදෙසා හැන්දෑ යාමයේ දිවීමේ නිරත වන කාන්තාවන් හා පිරිමින් රාශියකි. දින කීපයක් මේ දසුන දැකීමෙන් කුල්මත් වූ වාසනාද හදිසියේම දිවීමේ ඇදුම් කට්ටලයකින් සැරසී රැකියාවෙන් අනතුරුව දිනපතා මාර්ග ධාවනයේ නිරත වන්නට විය. ඔහුගේ අභිප්‍රාය වී ඇත්තේ ශරීර සෞඛ්‍යය රැක ගැනීමට වඩා දිවීමේ නිරත මැදිවයසේ කාන්තාවකට ලං වීමේ බලාපොරොත්තුව බව මම පසුව දැනගත්තේ තවකෙකුගෙනි. මෙලෝ සිහියක් නැතුව මෙලෙස කාන්තාවක් පසුපස දිනක් දිවගොස් ඇති වාසනා අවසානයේ මාර්ගය සොයාගත නොහැකිව අතරමං විය. ඒ ඔහුට වඩා වේගයෙන් කාන්තාව ධාවනයේ යෙදී හදිසියේ නොපෙනී ගොස් ඇති හෙයිනි. කෙසේ හෝ අවසානයේ දුම්රිය පලක් සොයාගොස් දුම්රියක ගොඩ වී දාඩිය පෙරාගෙන විලාවට පැමිණ හතර ගාතෙන් වැටුනු ඔහු සපථ කලේ ආයෙත් නම් දුවන්න යන්නේ නැති බවකි. එහෙත් මා විලාවෙන් සමුගන්නා දිනය තෙක්ම ඔහු වරින් වර ධාවනයේ නිරත විය.
ශරීරය දැකුම්කළු නිසා දත් ඉතා සුදුවට පෙනෙන වාසනා නිතරම අමුතුම භීතියකින් පසුවෙයි. ඒ කාර්යාල වේලාව තුල ඔහුට වැසිකිළි අවශ්‍යතාවක් ඇතිවේදැයි යන කාරණයයි. සිංගප්පූරු ජාතිකයන් අහවල් කැත වැඩේ කලාට පසු පසුපස කලාපය ජලය භාවිතයෙන් සේදීමක් නැත. ඒ වෙනුවට පාවිච්චි කරන්නේ ටොයිලට් පේපර්ස් හෙයින් මෙහි කාර්යාල වල ඇත්තේද ඒවාය. ඉදින් වාසනාගේ භිය සාධාරණ එකක්යැයි වෙලාවක මටද සිතෙයි. පරාටා තුනක් අනුභව කර කිරි වීදුරුවක්ද කුසට හලාගෙන හදිසි අවශ්‍යතාවකට දුම්රියෙන් බැහැරට ගිය සත්ගුණවත් සිරා කොලුවාටද වරක් හදිසියේම කැත වැඩේ කරන්නට ලක්ෂණ පහළ වූයෙන් දුම්රිය ස්ථානයකට යාබදව තිබු සුපිරි වෙළදසලක සුපිරි වැසිකිළියක් එයට උපකාරී විය. ඉතාමත්ම පිරිසිදුව මේවා පවත්වාගෙන ගියත් ටොයිලට් පේපරයකින් ජීවිතයේ ප්‍රථම වතාවට පශ්චාත් භාගය පිසදාගැනීමේ නවනිංගිරාව විදගැනීමට එදා මෙමටද සිදු විය.
අන්කල් අයියා ගාමිණී අයියාට වැද ලබාගත් බෝතලයේ ආනුභාවයෙන් දැන් දැන් ගී හඩ ඉතාමත් උස්ව නැගෙයි. මේ අසල්වාසීන් සුව සේ නිදන අලුයම් කාලයයි. මෙවැනි විටක විලාවේ දකුණු පසින් සිටින චීනා ලගම පොලිසියට මේ ගැන පැමිණිලි කිරීමත්, පොලීසියේ ඇත්තන් පැමිණෙන විට හැමදාමත් පිරිස නිෂ්ශබ්දව සිටීමත් නිසා මෙතෙක් කල් ගැටලුවක් ඇති නොවීමත් දැන් දැන් සාමාන්‍ය කාරණයකි. කලින් ලබාගත් අවසරයක් නොමැතිව නිවසක් තුලට ඇතුලුවීමට අවසරයක් නොමැති හෙයින් විලාවේ ගේට්ටුව ඉක්මවා පොලීසිය කිසි දිනක පැමිණෙන්නේ නැත. විලාවේ වම් පසින් සිටින්නේද චීනෙකි. ඔහුට වාහන කීපයක් ඇති අතර ඒවා නවත්වන්නට ඔහුගේ නිවසේ ඉඩකඩ මදිය. ඔහු සතු කැන්ටර් රථයක් විලාවේ ගේට්ටුව ඉදිරිපස ගේට්ටුව සම්පූර්ණයෙන් වැසෙන සේ නවතා තැබීමට ගාමිණී අයියා ලබා දී ඇති අවසරය නිසා ඒ චීනා කිසි දිනක පොලිසියට පැමිණිලි කරන්නේ නැත.
විලාවේ සිටි අනෙක් අය අතර මොන්ඩි/ (වල්) රුවන්/ සජ්ජා/ ජීවන්/ සම්පත්/දර්ශන/හර්ෂණ යන අය වූහ. මේ සියල්ලන්ම ඉතා සුහද පිරිසක් වූ අතර දකුණු ලකෙන් පැමිණි තවත් අයෙකු වූ සම්පත් මොරටුව සරසවියේ ඉලෙක්ට්‍රෝනික විද්‍යාව පිළිබද පළමු පන්තියේ උපාධියක් ලද සුපිරි බුද්ධිමතෙකි. වචනයේ අර්ථයෙන්ම අඩි පහක් උස නැති රුවා නම් වල් පදුරකි. නිතරම දූරියන් කන්නට කැමතිය. මොන්ඩි නම් සිනාවකින් දවස අරඹා සිනාවකින්ම දවස අවසන් කරන කාටවත් කරදරයක් නැති අහිංසකයෙකි. ඇල්වතුරත් නිවා බොන හෙතෙම ඉතා හොද හදවතක් ඇති එකෙකි. සජ්ජා විලාවේ අයවැය සම්බන්ධව කටයුතු කරන නිසි බලධාරියාය. සෑම රාත්‍රියකම උඩුමහලට වී ජීවන් හා දර්ශන කලු පැහැති ගිටාරයේ තත් හඩවන්නේ සිත අතීතයේ බොහෝ දුර ගෙන යමිනි. මේ සියල්ලන් සමග අන්කල් අයියා තමන්ගේ අත්දැකීම් බෙදාගනිමින් සම වයසේ එකෙකු මෙන් වාසය කරයි. රූපවාහිනී විකාශන තාක්ෂණයන් පිළිබද අත්දැකීම් සපිරි ඉංජිනේරුවරයෙකු වන හෙතෙම මා විලාවෙන් සමුගන්නා දිනය වන විට ඇමරිකාවේ වැඩිදුර පුහුණුවකට ගොස් සිටි හෙයින් අවසන් සාදයේදී හමුවීමට අවස්ථාවක් නොලැබුනි.
මම මේ අය පිළිබදව මෙහි සටහනක් තැබූයේ ඔවුන්ද දැන් සිරාගේ කාමරයට යන එන පිරිසක් වී ඇති හෙයිනි. විලාවේ සහෝදර වරුනි. ඔබෙන් වෙන්වීම මට සැබැවින්ම දුකක් වුවත් නුදුරු දිනයක මම නැවතත් ඔබ දැක ගැනීමට විලාවට එමි. මා හට නොයෙක් වර කල උපකාරයන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා..
ප.ලි
සිරා විලාවෙන් සමුගැනීමට ප්‍රථම පැවති අවසන් මධු සාදයට මමද එක් වීමි. Punggol Park හි පැවති එය සැබැවින්ම සොදුරු මොහොතකි. ඇති වෙන්නට බඩු තිබූ ඒ සාදයේ මුලින්ම කට් ඩවුන් වූයේ පෙර කියූ වාසනා ළමයායි. උද්‍යානයේ වූ බංකුවක් මත ඔහු සැතපවූ සෙස්සන් අතරින් කීප දෙනෙකුද පසුව ඒ මගම ගියෝය. අලංකාරව නිමවා ඇති උද්‍යානයේ ධාවනයේ නිරත වීමට වෙනම මං තීරු තිබූ අතර මගේ මැරතන් ඉතිහාසය හදිසියේ මතක් වීමෙන් කිලෝමීටරයකට මදක් වැඩි ප්‍රමාණයේ වට 3ක් අපහසුවෙන් බඩගෙඩිය දරාගෙන දිව යාමට සිරා කොලුවා සමත් විය. මා සමග ධාවනයට එක් වූ මොන්ඩි පළමු වටයේ අර්ධයක් දිවගොස් නතර වූයේ ඇන්ජිම බොයිල් වූ නිසාවෙනි.
ව්‍යායාම උපකරණ / අවන්හල්/ සහිතව සොදුරු පරිසරයක පිහිටුවා ඇති මේ උද්‍යානය වසා දමන වේලාවක් නැත. අවන්හල නම් රාත්‍රී කාලයේ වසා තබයි. ආදරයෙන් වෙලී ගිය පෙම්වතුන් අප එහි සිටි අළුයම 3ට පවා ලී බංකු මත දිටිමි. උද්‍යානයට ඇතුලු වීමට ප්‍රවේශ පත්‍ර උවමනා නැත. විලාවේ ඇත්තන්ට මධු පානයෙන් පසු ශබ්ද නගා ගීත ගායනයට ඇති රුචිය සමනය කර ගැනීමට එය කදිම ස්ථානයක් විය.
ගාමිණී විලා යනුවෙන් සදහන් සෑම තැනකම වි යන්න නිවැරදිව ලියැවී ඇතිදැයි හැමවිටම බැලුවෙමි. නැතිනම් සිරා ජීවත් වී හමාරය.
කතාව හොදයි සිරා මල්ලි.උබ ඔහොම මඩ ගහන බව දන්නව නම් හිටපු උන් උබට ටොයිලට් පේපර්ස් නෙමේ දෙන්නෙ 0 විතර වැලි කඩ දාසියක්......... කොඅහොම උනත් කතාව හොදයි. ජය වේවා.
ReplyDeleteඉන්දික KSA.
මම දැන් ලගදීම ආයෙත් ඒ පැත්තට යනවා...මේ කියන චරිත බහුතරයක් හමුවෙනවා..ඔලුව බේර ගන්න හෙල්මට් එකක්වත් දාගෙන යන්න වෙයි වගේ. ඉන්දික අයියා කාලෙකට පස්සෙ දැකීම සතුටක්...
Deleteමාත් මේ ලිපිය අගට යනකල් කියවගෙන ගියේ කවුරුත් සද්ද කලා කියලා පොලිසියට ෆෝන් කලේ නැත්තේ ඇයි කියලා හිත, හිතා.
ReplyDeleteමකුණෝ ඉන්නවද? හිතාගන්ටත් බෑ වගේ නේ.
පරාටා දෙකයි, කිරි වීදුරුවයි ගත්තාම බඩ අප්සෙට් වුනු එක ඇහුවාම හිනා ගියා. බ්ලොගාට පරිස්සමින් ලියන්ට වෙයි. නැත්නම් ගාමිණී විලාහි කට්ටිය මේ පැත්තට දුවගෙන එයි.:D
ඔය මකුණු ගැටලුව සිංගප්පූරුවෙ බොහෝ නිවාස වල තදට තියෙනවා...අපේ ගෙදරින් අල්ලපු ගෙදරට මකුණො බෝ වුනොත් ඒ අය පොලිසියට පැමිණිලි කරනවා. කෘමි මර්ධනය කරන ආයතන රාශියකුත් ජනතාවට සේවය සලසන්න මේ නිසාම සීරුවෙන් ඉන්නවා.
Deleteබ්ලොගා ලගදීම ආයෙත් ඒ පැත්තට යනවා...
මෙය කියවීමෙන් සිංගප්පූරුවේ ගත කල දින 10 සිහිපත් වුවා. අපි හිටියේ යාලුවාගේ මල්ලිගේ කුලී ගෙදර. ඒ ගෙදර අය ටැමිල්. අපේ කට්ටිය හොරෙන් තමයි ලංකාවෙන් ගෙන ගිය ගල් වර්ගයේ පඹයන් අනුමත කලේ.
ReplyDeleteගොඩාක් විදේශයන්හි වෙසෙන අපේ කොල්ලො ගල් තමයි හොයන්නෙ...ඒ වගේ රටක ඉද්දි ගල් බෝතලයක් දැක්කම ඉතිං අමෘතය වගේ තමයි...මොකද අපි මුල අමතක කරන්න නරකයි. හැම කොල්ලෙක්ම මුලින් අමාරුවෙන් රුපියල් 10 - 20 දාලා ගල් අරන් තමයි මේ මාවතේ ගමන ඇරඹුවේ.
Deleteඅපිත් ගලෙන් අරඹ කල කොල්ලෝ.
Deleteෂික් .... මුං කියන කැත ....... විතරක්. බේබද්දො.
Deleteදැන් බලහං DDT යො උඹට හැමදාම මොකක් හරි ලෙඩක්...උණක්, කලන්තයක් නැත්නං කිරි පණු ගාය හරි තියෙනවා...ඒකට ගල් ගහන කොල්ලන්ට ඉහෙන් බහින ලෙඩක් නෑ...
Deleteඇයි යකෝ උඹ දැනුත් දෙකක් නවාගෙන නේද ඉන්නෙ. මට කොහෙද යකෝ ලෙඩක් තියෙන්නෙ, මේ අපූරුවට ඉන්නෙ, ඔය ඉඳල හිටල උණක් හෙම්බරිස්සාවක් හැදෙනව ඇරෙන්න තාම නම් සුදුකොඩි පේන තරමට අප්සැට් එකක් නෑ බං. උඹ ඔය වැරදි වැටහීම ඇතිකරන් තියෙන්නෙ මම කන නොකන කෑම ගැන කියන්න ගියපු නිසානේ. ලෙඩට කියල කෑම තේරිල්ලක් නෑ බං, සීත කරපු කෑම නම් පාවිච්චිය අඩුයි.
Deleteපට්ට පට පට සිරා කොලුවෝ.... මටත් ආසයි යන්න් සිංග්ප්පූර්...
ReplyDeleteගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් පමණයි අවශ්‍ය...සිංගප්පූරු ගුවන්තොටුපලෙන් තමයි වීසා දෙන්නෙ...වෙලාවක එන්න..සිරි නරඹන්න.
Deleteවිලාවට හෙනහුරා කඩාපාත් වුණා කියලා ආරංචියි..
ReplyDeleteමටත් ආරංචි උනා බදු සීමාව අවසන් වෙලා..පිරිස විසිර යන්න සූදානම් වෙන කථාවක්...
Deleteදන්නා තරමින්නම් පිරිස දැනටමත් විසිර ගිහින්. ආරංචිය ඇත්තක්නම් ඊට හේතුව බදු ප්‍රශ්ණයක්නම් නෙමෙයි.. පොඩ්ඩක් විපරම් කරල බලපන් සිරෝ..
Deleteආයිත් ඒ පැත්ත පලාතේ නම් යන්න එපා සිරෝ.. ගියොත් උඹ ඉවරයි.... හි හි... අන්කල් අයියා උඹේ ඔලුව කනවා තාරැණයයේ අවසන් කඩඉමේ ඉන්න එකෙක් කිව්වා කියලා.... අනිත් එවුන්ගෙන් නම් අනිවා උඹ කනවා... හි හි ( මාත් බැලුවා කොහෙවත් ඉස්ලිපි පාපිලි මාරුවෙලා නැද්ද කියලා.... )
ReplyDeleteහැබැයි ඔය ටොයිලට් පේපර් භීතිකාව ගොඩක් අයට තියෙනවා බං.... මාත් ඇතුලුව.... කොච්චර පුරැදු වෙන්න හැදුවත් කවදාවත් හරියන්නේ නැති එකක් තමයි.....
මම ළගදීම ඒ පැත්තට ආයෙත් යනවා බන්...උඹ කියන විදියට මේ හැමෝගෙන්ම මට කන්න වෙයිද..මම හරි අසරණයි මෙයා.....
Deleteහපෝ මම නම් ටොයිලට් පේපර් දකිනකොටත් අහක බලාගන්නවා....
සිරාට නියම යාළුවො සෙට් එකක්නේ හම්බ වෙලා ඉන්නේ ... අපරාදේ උබ විලාවෙන් සමුගත්තේ ..
ReplyDeleteලංකාවේ හැදෙන ගස් එහෙත් හැදෙනවා කියන්නේ දේශගුණයේ වැඩි වෙනසක් නැද්ද , ලංකාවෙයි සිංගප්පුරුවෙයි..
උන් ටික නියම සෙට් එක...සිංගප්පූරුවෙන් සමුගන්න වෙච්ච නිසා බං විලාවෙන් සමුගත්තෙ... සිංගප්පූරුවෙ දේශගුණයත් ලංකාවෙ වගේම තමයි...දවල් කාලයට සෑහෙන රස්නෙයි...සතියෙ දින දෙකක් තුනක් හවසට වහිනවා...සමහර දිනවලට රාත්‍රියෙත් ලොකු සීතලක් නෑ...එහි ජනතාව බොහොම සුදුවට ඉන්න නිසා මමත් එන්න කලින් හිතුවෙ සිංගප්පූරුව සෑහෙන සීතල රටක් කියලා...නමුත් ඒ අයගෙ ජාන නිසා තමයි රට රස්නෙ උනත් සුදුවට ඉන්නෙ.
Deleteමටත් තිබුණ ප්‍රශ්නෙ ඔච්ච සද්ද දාල කෑගහනකොට වටේ පිටේ මිනිස්සු ඇක්ෂන් එකක් ගන්නැද්ද කියලයි.
ReplyDeleteකොහොම උනත් නොදන්න රටකට ගියාම ඔහොම පොට් එකක් තියෙන එක වාසනාවක්.
ඇත්තටම...මේ අය සෑහෙන උදව්වක් දුන්නා රටට හුරුවෙන්න...අපේ අය කොහෙ හිටියත් බිව්වට පස්සෙ කෑගහලා සින්දුවක් කියන්න ඕනෙ නොවැ...අන්න එතැනදි තමයි ඔය ගැටලුව එන්නෙ...මගේ ජපානෙ ඉන්නෙ යාලුවො සැට් එකකුත් ඔහොම කෑ ගහලා සින්දු කියලා කාමරේ ඇතුලටම පොලෝසියෙන් ආවලු....
Deleteජපානයෙ පොලිසියට පෙර අවසර උවමනා නැහැ.රෑ 9න් පස්සෙ හුවර් එකක් හෝ එලියෙ වොෂින් මැෂිමක් සද්දෙ ඇහිල අල්ලපු ගෙදර එකා පොලිසියට කෝල් කලොත් බඩුම තමා.හිතාගන්න සින්දු කිව්වම කොහොමද කියල.
Deleteela.kokatath apahu ae peththe yanakota paressamen.neththan mada tike hatiyata SIRA ta budu saranai.
ReplyDeleteko vilaa we photo ekak
Deleteවිලාවෙ ෆොටෝ තිබුනට ඒවා දාන්න බෑ...හේතුව තමයි ගාමිණී විලාව යනු මේ යැයි නිශ්චිතව හදුනාගත හැකි සාක්ෂි බොගේ පලකරන්න එපා කියලා විලාවෙ අය මට එන්න කලියෙන් කොරපු තර්ජන :D
Deleteඒක තර්ජනයක් නෙමෙ.ගාමිණී ඇතුළු කට්ටිය දන්නව පොඩි කොනක් තිබුනොත් ඇති අපේ සම හරක් අයියලට ලොකු දෙයක් කරන්න/කරගන්න.
Deleteමෙතන හොද විනෝදකාමී තැනක් වගේනේ, ඒත් සිරා අයියා නම් ඉන්න ඇත්තේ නොසන්සුන්කමින් නේද? ටොයිලට් කතාව දැක්කම නම් හිනා ගියා, මාත් හිරුවගේ කට්ටියගෙන් කෙනෙක්..
ReplyDeleteහුගාක් විනෝදකාමියි...කවදාවත් රණ්ඩු සරුවල් නෑ...කෑවට බිව්වට පස්සෙ තමයි වැඩේ බොහොම ලස්සන...ජොබක් ලැබෙයිද නැද්ද කියන සිතිවිල්ලෙ ඉන්නකොට විනෝද වෙන්න තරම් මානසික තත්වයක් නෑ. ඒක ඇත්ත.
Deleteනියම කට්ටියක් සෙට් වෙලා තියෙන්නේ.....
ReplyDeleteආයෙත් අහලා..සුපිරි සැට් එක..
Deleteසමහර රටවල නම් රෑ 9න් පස්සෙ ශබ්ද වලට නිතිය හරිම තදයි.රාත්‍රී 7න් පස්සෙ ගෙදරකට කෝල් එකක් දෙන්නෙ නැති තරම්.
ReplyDeleteසිංග/මැලේසියා වල මදුරුවො,මකුණෝ,හුනො,කැරපොත්තන්ට ස්ප්‍රේ වර්ග තියෙනව.නිතරම පාවිච්චි කලාම වඳ වෙනව.
ටිශියු වැඩේ පහසුයි නෙ.කර්තව්‍ය කරල පිහදාගෙන එලියට ආවම සබන් දාල අත හෝදගන්න එකනෙ තියෙන්නෙ.
ටිශියු ඇගිලි හතරට රවුම් දෙක තුනක් කරකවල අරන්,ලතාවට කලාවට පිහ දාගත්තම අවුලක් නැහැ.
හැබැයි මිල්කි ගතියට කර්තව්‍ය සිදු වුනොත් ටිශියු වට පහක්වත් ගන්න වෙනව.නැත්නම් ඉක්මනට පෙගිල ඇගිල්ලක් දෙකක් ඇතුළු වීමට තිබෙන ඉඩ ප්‍රමාණය වැඩියි.
ඉතාම සුගන්ධවත්........... :D :D :D රසවත්? අත්දැකීමක් වගේ.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ටිෂූ වැඩේට අපි ඉතිං ආධුනිකයි නොවැ කෙන්ජි අයියෙ...උපන් දා සිට කොරපු ක්‍රමේ වෙනස් වෙනකොට පොඩ්ඩක් අවුල්..
Deleteවිචාරක තුමා කියනවා වගේ සෑහෙන සුගන්දවත් අත්දැකීමක් වෙයි නේද මිල්කි ගතියට වැඩේ උනොත්...මිල්කි ගතියත් එක්ක ටොයිලට් පේපරුත් ඉවර වෙලා තිබුනොත් වැඩේ තවත් ආතොල් වෙයි.
පිට තැන්වල ටොයලට් එකට ඇතුළු වෙද්දිම ඇහැ යන්න ඕන පේපර් රෝල තියෙන තැනට.ඒක අනිවා.
Deleteසිරා මලයට ඔය රටේ ඉස්සරහට දැක ගන්න ලැබෙයි සාමාන්‍ය සුපර් වල ටොයලට් වල ටැප් එකට ගහල යාර 1 1/2ක විතර හෝස් කෑල්ලක් රදවල තිබෙනව.
විශාල මෝල් වල කොමඩ් එක ඇතුලේ තිබෙන කුඩා කටකින් අදාළ තැනට වතුර විදෙන ලෙසට තිබෙනව.අපට තියෙන්නෙ දකුණු පස බිත්තියෙ සවිකර ඇති කරාමයෙන් උවමනා ගානට ජලය මුදා හැරීම.ගොනා වගේ එක සැරේ සම්පුර්ණයෙන් ඇරියොත්,ප්‍රෙෂර් වැඩි තැන්වලදී නම් වතුර කටින් එනව.
yako danwath uba pihidagena aawa p*ka hoda ganin.. blogeth ekkama mada puwak gandayi.mama eth baluwa moko me kawadawath nathuwa nila maso karakenne kiyala.hahahaha
ReplyDeleteඅන්න ඇනෝට වෙනස තේරිලා...මේ යනවා හෝදගෙන එන්න...
Deletesik siro. mamath singa gihin gayland paththe yanna hitiye. (batta paninna ban) eth mun kakki puka hodanne na kiwwama wamaniyanna awa ban. kohomada a ahala pahalata nahayawath lan koranne?
ReplyDeleteගේ ලැන්ග් පැත්තෙ මමත් කැරකුනා...ඒ දැකපු දේවල් ඉදිරි දිනයක...
Deletemokawath kole natheyi ? ;) badu gananda ban ? (mona baduda kiyala dannawa ne ? ( fruits & veg )
Deleteසිංගා ඩොලර් 36/-
Deleteechchara ganan aduda ban. :/
Deleteලස්සනට ලියල තියෙන්නේ.. ජය වේවා බොගාට
ReplyDeleteඅපිට ජය වේවා !
Deleteඔය පැත්තට එන කෙනකුට දැන් තත්ත්වය තේරුම් ගන්න හැකියි සිරාමලයා. බොහොම ලස්සනට ලියලා තියනවා.
ReplyDeleteමේ පැත්තට එන කෙනෙකුට යමක් ගන්න පුලුවවන් විදියට තමයි මුල ඉදලම ලියන්න උත්සාහ කලේ...ස්තුතියි...
Deleteමමත් සිංගප්පූරුවේ දවස් කීපයක් හිටිය අත්දැකීම ලියන්නයි යන්නෙ.අපි හිටියේ ලිට්ල් ඉන්දියා වල
ReplyDeleteලිට්ල් ඉන්දියා වල සමහර දේවල ගණන් අඩුයි...විශේෂයෙන් ෆෝන් කාඩ්ස් සහ කෑම බීම..මොනාලිසා පෙන්නලා ඉවර වෙලාද ඒ ගැන ලියන්නෙ...
Deleteසිරා ඉතින් කොහේ ගියත් සුහදත්වය දිනාගන්නවනේ. ලංකාවෙ උන්ගෙ ඔය කියන ආතල් ගැනිල්ල මටත් මැවිල පේන්න ගත්ත, සිරාගෙ කතාව කියවද්දි.
ReplyDeleteආතල් ගන්නකොට ඉතිං..ආතල් එපා වෙන්නම ගන්නවා ඩ්‍රැකියො...එතකොට නම් ලංකාවත් අමතක වෙනවා..
Deleteනොරට ඉඳන් ගත්ත ආතල් මතක් උනා.. ඩිස්කෝ එහෙම ගියේ නැතෙයි...
ReplyDeleteඒ ආතොල් ගැනත් වෙලාවක ලිව්වොත් නරකෙයි....ඩිස්කො එහෙමත් ගියා....ඒ ගැනත් ඉදිරියට ලියන්න හිතාගෙන ඉන්නෙ...
Deleteආ.. බ්ලොගා.. :D
ReplyDeleteවිලාවෙ හිටපු දවස් ටික ආතල් දවස් ටිකක් බව පේනව. ඉදිරි කටයුතු සරු වේවා සිරා..!!
විලාවෙ හිටිය සුන්දර මිනිස්සු නිසා තමයි රැකියාවක් සොයන පීඩනය වගේම ගෙදරින් වෙන්වීමේ කාන්සියත් දුරු උනේ. ස්තුතියි...
Deleteමම කාමරේ වෙසෙන සත් ගුනවත් සිරා කොලුවා..හුග්....!!! ගාමිනි අයියේ කොහොමද මුගේ ගුනවන්ත කමේ රඟ හික්ස්....
ReplyDeleteලොකු අයියා දන්නවනෙ ඉතිං මං කොච්චර සත්ගුණවත්ද කියලා...අපි ගිය අම්පාර ගමනෙදි මම බෝ පැලයක් වගේ නේද හිටියෙ...
Deleteසිංගප්පුරු අත්දැකීම් ටික රසවත්ව ලියන තීරු ලිපි රටාව නියමයි. ඇත්තටම මේ කොන්ක්‍රීට් රටවල්වල ජන ජිවිතය රැකගන්න වතුර අරපරෙස්සම් කරගන්න එකේ වැදගත්කමක් තියෙනවා.
ReplyDeleteඉතින් තාම රැකියාවක් සෙවීමේ කාර්යයේමද ඉන්නේ.
සිංගප්පූරුවට ජලය නැති නිසා එහෙම පියවරක් ගන්නත් ඇති කියලා මටත් හිතෙනවා... දැන් නම් යන්තමට ජොබකට ඇන්ටර් වෙලා ඉන්නෙ...
Deleteසිරාවට බං සිරෝ මුන් පුක හෝදන්නේ නැතෙයි! කක්කි නේ බං!
ReplyDeleteචීයා බන්...ඒකනෙ මම සිංගප්පූරු කෙල්ලන්ට ලව් කොරන්න නොගියේ...
Deleteමමත් ඔහොම ජිවිතයක් ගත කළා මිට අවූරුදු 3 කලින්. තැන් තනි අලියා වගේ ඔහේ ඉන්නවා.
ReplyDeleteඒක තමයි...අසරණයා ඉන්න රටේ ඉන්න ලංකාවෙ වෙන කිසිවෙක් ගැන මම නම් අහලා නෑ...ලගදි යමක් ලිව්වෙ නැත්තෙ මොකද ?
Deleteඉක්මනින් එකක් ලියන්න හිතාගෙන ඉන්නේ.
Deleteහපොයි උඹට ටොයිලට් පේපර් පාවිච්චි කරන්නත් වෙලා නේද ? මටනම් තාම ඔය පරිප්පුව සෙට් වුනේ නෑ.. සෙට් වුනොත් ඉතින් ප්ලේන් එකේදි තමා බොහෝ වෙලාවට.. පැය හතර හින්දා ඉවසා වදාරන්න පුලුවන්..
ReplyDeleteඋඹ කොච්චර කල් ඔය විලා එකේ හිටියද ? ටික කාලයක් හිටපු හින්දා වෙන්නැති උඹට සහෝදර කම උතුරලා යනවා වගේ පේන්නෙ.. දත් දොස්තරලව එහෙම සෙට් වුනේ නැද්ද ?
විලා එකේදි ටොයිලට් පේපර් අවශ්‍ය වුනේ නෑ...සිංගප්පූරුවෙ පොදු වැසිකිළි වලදි තමයි ඒ තත්වය උද්ගත වෙන්නෙ...
Deleteවිලාවෙ හරියටම මාසයක් හිටියා...ඒකෙ හිටපු හැමෝම උගත්කමින් ඉහළ වීම නිසාද දන්නෙ නැ...කිසිදු වචන හුවමාරුවක් / අමනාප කමක් උනේ නෑ... දත් දොස්තරලා නම් මට සැට් උනේම නෑ...
බ්ලොගාය කිව්වම නිකන් කැතයි වගේ බං. අන්තිමට ඕක කෙටිවෙල පොෂ් වෙල හුරතලේට බොකා වෙන්නත් තිවුන. හොඳ වෙලාවට උඹ ඉක්මනින් ගියේ, බොකක් වෙන්න කලින්.
ReplyDeleteඑහෙනම් මේ සිරා සෑන්ඩ් පේපර්ස් යූස් කොලාය කියන කසුකුසුව ඇත්ත. හෙහ් හෙහ් හෙහ් ....
ඇත්ත බං, නොදන්න තැනකට ගියාම දන්න කියන කෙනෙක්, අපේම මිනිහෙක් දැක්කම හිතට කොච්චර සැනසීමක් දැනෙනවද. ඒ උනාට උඹ බොන්න සෙට් වෙච්ච එක නම් නරකයි. අම්ම උඹේ හැටි දන්න නිසා වෙන්න ඕන කලින්ම නීති දැම්මෙ. ඒ උනාට ඉතිං බීල පුරුදු එකෙක්ට බොන එවුන් ඉන්න තැනක නොබී ඉන්න එක කොච්චර කට්ටක් වෙන්න ඇති ද කියල මට හිතාගන්න පුළුවන්.
මට මේ උඹේ රට කතන්දර ටික මුල හරිය මග ඇරිල. දැන් ආයිත් කියවගෙන එන්න ඕන.
මම නිකමට බැලුවා මේ DDT යා මොකද දැන් පේන්න නැත්තෙ...මේකා කසාදයක් වත් බැදලා ගෑණු ආණ්ඩුවකට යට වෙලාද කියලත් හිතුනා...
Deleteබීමේ ඇති සොමිය බොන සුදනෝ මිස උඹ වැනි නොබොන දුදනෝ නොදනිත්...හික් හික්..
සුරාවෙහි ගුණයත්
Deleteඑහි ඇති මිහිරි රසයත්
බොන සුදනෝ මිසක්
නොබොන අනුවණ දනෝ නොදනිත්
- උපුටාගැනීම, සුභාෂිතය - අගලියවන්න මුකවෙටි
(මේ කවිය දැන් ඇති සුභාෂිතය පිටපත් වල නැත. වර්ගපූර්ණිකාව වගේම මෙහි නියම මුල් පිටපතත් අමද්‍යප බමුණන් විසින් ගිණි තබා ඇත.)
සික් බං උං දාපු නම! ඒ ඔස්සේ දිගින් දිගටම යන්නත් බෑ, මොකද එහෙම බැලුවොත් අපි ඔක්කොම බොගාලනේ. :D
ReplyDeleteහරිම කැත නමක් නේද අයියෙ උන් දාලා තියෙන්නෙ...මගෙ වෙලාවට බොකා වෙන්න කලියෙන් මං මාරු උනා එතනින්...
Deleteසිරා අයියේ/මල්ලියේ, මමත් ආවා ඕන් කාමරේට... මරු කතා සෙට් එක... කාලෙක ඉඳලම කියෙව්වත් අද තමයි කොමෙන්ටුවක් කොටන්නේ... උබේ බොග බලලා චූන් උන පාර මමත් බොගග් පටන් ගත්තා බං.. එහෙනම් උබ තම මගේ ගුරා... සප් එකක් දීපන්... වෙරි වේවා...!!!
ReplyDeleteඉතින් ඇයි බොලන් වර්ඩ් ප්‍රෙස් එකක් පටන් ගත්තෙ.. ගුරාගෙන් උපදෙස් ටිකක් අරගෙනම වැඩේ පටන් ගන්න තිබුනෙ..
Deleteගයියා, ලස්සන කතාවක්. කියෝගෙන යද්දි මැවිලා පෙනුණා.. දිගටම ලියන්න. ජයවේවා!!
Deleteඋඹේ කථාව අහලා මටත් සෑහෙන චූන් එකක් ආවා බොලං...මට නම් වයස 30...උඹම කම්පනා කොරලා බලහංකො අයියද මල්ලිද කියලා....ලියහං ලියහං...අතහිත ලොකු අයියාගෙන් කියලා දිගටම ලියහං...බලලා,කියවලා අපේ අදහස් අපි දක්වන්නං පොරි හැලෙන්න....
Deleteසෙන්නා කිව්වා වගේ බොට තිබුනෙ බ්ලොග්ර් එකවුන්ට් එකක් පටන් ගන්න..වර්ඩ් ප්‍රෙස් වල තියෙන ගැජට් වගේම කමෙන්ට් කරද්දිත් යම් අපහසු කමක් තියෙනවා...
එහෙනං අපේ අලුත් බොගාට ජය වේවා !
ඔන්න හරිද බලපන්..
Deleteape Sirwa bala gatata "Gamini villa" ekata tan...Q. Kalin visa gana ona nada?
ReplyDeleteJayawewa
නෑ නෑ කලින් වීසා අවශ්‍ය නෑ...ගුවන් යානා ප්‍රවේශ පත්‍රය ගත්තා ආවා...වැඩිවිස්තර අවශ්‍ය නම් මූණු පොතෙන් කථා බහ කොරමු...
Deleteඅපිට ජය වේවා !
ලංකාවෙන් වෙනත් රටකට එහෙම ඇට වර්ග ,ශාක ගෙනියන්න පුලුවන්ද සිරා අය්යේ ? ............................................................ අම්මාට වෙච්ච පොරොන්දුව රකින එක ගැන සතුටුයි .ලංකාවෙන් පිටත ඉද්දි එකට එක කාමරයේ වෙසෙන දුකට සැපට ඉන්න අය සහෝදරත්වයෙන් බැඳිලා ඉන්නවා වැඩියි කියලයි මටනම් හිතෙන්නේ ..මොකද වෙනත් රටකදී නෑදෑ හිත මිත්‍රාදීන් නැතිව තනියම ඉන්න කෙනෙකුට එක රටේ කෙනෙක් තමන්ගේ කෙනෙක් තරම්ම ලඟින් දැනෙන නිසා ..සිරා අය්යාගේ යහළුවනුත් ඒ වගේ කියා හිතෙනවා ..ටොයිලට් පේපර් ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙච්ච එක ගැන මාගේ බලවත් කනගාටුව ! අපේ සත්තලන් ලාටත් ඔය ප්‍රශ්නේ තියනවා හික් ..වෙලාවට එයාලට වැඩ කරන තැන නම් ලංකාවේ පහසුකම් ඔක්කොම තියනවා ...ට්‍රේන් වලදී එහෙම නම් සොරි තමයි ...විලා යන්නෙහි වි යන්න නැති වෙලා නෑ නේ ?? :D :D
ReplyDeleteඇට ජාති එහෙම ගේන්න බෑ නගෝ...ඔය කොහෙ හරි මුල්ලක හංගගෙන තමයි ගේන්න ඇත්තෙ. විලාවේ ටොයිලට් පේපර් පාවිච්චියක් නෑ...පොදු තැන් වල සහ කාර්යාල වල තමයි ඒ ගැටලුව තියෙන්නෙ....
Deletehttp://www.facebook.com/photo.php?fbid=198093820344237&set=a.103912089762411.9394.100004308602007&type=1&ref=nf
ReplyDeleteකථාව ඇත්තද කියලා මම නම් දන්නෙ නෑ....
Deleteසිංගප්පූරුව වගේ රටක එහෙම තැනක් තියෙන එකත් වාසනාවක් :)
ReplyDeleteසෑහෙන දවසකින් නේද...ඇත්තටම පවුලෙන් වෙන් වෙලා අලුත් රටක, අලුත් පරිසරයක ජීවත් වෙන්න සිද්ධ වුනාම මුල් දවස් වල දැනෙන පාලුව,තනිකම සමහරුන්ට දරාගන්න බැරුව ආපසු සිය රට ගිය අවස්ථා පවා තියෙනවලු...එහෙව් එකේ මට නම් ලංකාවෙ හිටියා වගේ සැට් එකක්ම තමා සැට් වුනේ.
Deleteටොයිලට් පේපර් නම් ප්‍රශ්නයක් නැ කියමුකෝ. මේ ඔවුන් නානවද බන් සතියට දවස් දෙක තුනක් වත් .
ReplyDeleteඒක නම් උන්ගෙන් අහලම තමා කියන්න වෙන්නෙ...මම හිතන විදියට හැම උදෑසනකම නානවා...උන් ලග හඩු ගදක් මට දැනිලා නෑ...
Deleteවෙන රටකදී තමුන්ගෙ අයගෙ අගේ තේරෙනව නේද? අපිට පොස්ට් එක ලස්සන වුනාට ඔබ කිව්ව වගේ job එකක් හොයන්න වුන නිසා පීඩනයක් තියෙන්න ඇති.විලාව තියෙන පරිසරය නම් හරිම ලස්සනයි වගේ පේනව.
ReplyDeleteමීට කලිනුත් විදේශ ගත වෙලා තියෙන නිසා මට ලංකාවෙ අගය වේලාසනම වැටහිලා තිබුනෙ...රැකියාවක් සොයන මානසිකත්වයෙන් මිදුනා නම් සෑහෙන රසයක් තිබුනා විලාවෙ ඇත්තන්ගෙ ආශ්‍රය තුල...
Deleteජීවිතයෙ ලබන අත්දැකීම් හරි විවිධයි නේ බං...! උඹට ඒවා සතුටකටම හේතු උන එකනම් හොඳයි..!( උඩින් පල්ලෙන් කෙටුවෙ)
ReplyDeleteපොඩ්ඩක් සප්පායම් වෙලාද හිටියෙ...අපි ලබන අත්දැකීම් අනුව තමයි ජීවිතයේ දිශානතිය තීරණය වෙන්නෙ...ඒ නිසා සෑම අත්දැකීමක්ම වැදගත් කියන තැනයි මම ඉන්නෙ.
Deleteසංවේගයෙන් දැනුම් දීමයි, ගාමිණි විලා ඊයේ සිට වසා දමන ලදී.
ReplyDeleteඅහෝ සංවේගයකි...මිදුලෙ තිබුන පේර ගහ...උයන වෙලාවට නිතරම ඉති කඩපු කරපිංචා ගහ තමයි මතක් වෙන්නෙ වැඩිපුරම...
Deleteමොන්ඩ් සමග තරුණ කැළ පසුගිය සති අන්තයේම ගාමිණී විලා සුද්ද පවිත්‍ර කිරිමේ කටයුතු වල නිරත උනා. පසුගිය අවුරුදු 2ක කාලය තුල බොහෝදෙනෙක් පිහිට ලැබූ ගාමිණී විලාවේ අස්පස් කිරීමේ කටයුතු වලට සහබාගි වුයේ 6 දෙනෙක් පමණි . කනගාටු වට කරුණ නම් ගාමිණි විලා වේ නවාතැන් ගත් බොහෝදෙනෙක් එයට සහබාගි වී නොවීමයි . ගාමිණී විලාවේ සෙවණ ලැබූ බොහෝ දෙනෙක් එය මග හැර Punggal පාර්ක් එකේ රාත්‍රී මධු සාදයට නම් සහභාගී වී සිටිනු මට අසන්නට ලැබුණි . එය අපේ සිංහල ගතිය යයි මම විශ්වාස කරමි.
ReplyDeleteඑය අපේ සිංහල ගතිය වෙන්ට ඇති...මමත් එහෙම හිතනවා...අපේ මිනිස්සු උදව්වක් ගන්න තුරු බොහොම ලංවෙලා ඉන්නවා...අවශ්‍ය වැඩේ කෙරුනට පස්සෙ ඒ දේවල්, උදව් කරපු ඇත්තන් අමතක කරනවා...ඕක තමා කොතනත් යථාර්තය...
Deleteමොන්ඩ් කියන්නේ මුන්ඩිගලයටද?
ReplyDeleteඔව්...මට හමුවෙච්ච නියම හදවතක් තියෙන නියම කොල්ලෙක්...
Deleteමට මේ පොස්ට් දෙකම මඟ හැරී තිබුනා. අද කියෙව්වා.
ReplyDeleteමම ඒත් බැලුවා අක්කා සෑහෙන දවසකින් දැක්කෙ නෑ නේද කියලත්...
Delete