Monday, June 24, 2013

60 සිංගප්පූරුවෙන් සමුගැනීම

සිංගප්පූරු සංචාරයට අදාළව මා විසින් ලියූ ලිපි මාලාවේ අවසන් ලිපියයි මේ.

මා සිංගප්පූරුවේ සිටින අවසාන දිනයට කෙමෙන් කාලය ලගා විය. අවසන් වතාවටත් ලංකාරාමයට ගොස් ආගමික වතාවත් වල යෙදීමට මා හට තිබුනේ කැමැත්තකටත් වඩා ආශාවකි. සිංගප්පූරුවේ සිටි කෙටි කාල සමය තුල මා ඉතාමත් ප්‍රිය කල ස්ථානය එය වීම ඊට හේතුවයි. සෙනසුරාදා රාත්‍රියේ බොජ්ජංග සූත්‍ර දේශනාවටද සහභාගි වීමෙන් අනතුරුව ගාමිණී විලා වෙත පැමිණෙන විට වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුනි. හෙටින් පසු උදාවන දිනය පිළිබද අවිනිශ්චිත තත්වය නිසා මසිත තැවුනද හැම විටම සුභවාදීව කල්පනා කිරීමට උත්සාහ කළෙමි. ගාමිණී විලාවෙන් රැගෙන යාමට අවැසි දෑ සූදානම් කිරීමෙන් පසු නිදිදෙව් දුව වැළද ගැනීමට උත්සාහ කලද නින්ද අහලකවත් නැත. මගේ නිවස අම්මා, තාත්තා, මතක් වන විට නෙතු නිරායාසයෙන්ම තෙත් වේ. විදේශයන්හි රැකියාවන් කරන ඇත්තන් ලංකාවේ තමන්ගේ ආදරණීයයන් මතක් වන වාරයක් පාසා විදින චිත්ත පීඩාව පිළිබද යම් තරමක අත්දැකීමක් දැන් මටද තිබේ.

වැලි කතරේ සිට දුකා අයියා ඒ පිළිබද ලියද්දී එදා මට ඒවා දැනුනාටත් වඩා සංවේදීව අද දැනෙනවා නොඅනුමානය. කෙනෙකු විදේශගත වූ ගමන් ඔහුට හරිගියා යැයි සිතන සමාජයක වෙසෙන ඇත්තන් ඔවුන් තම පවුලෙන් වෙන් වූ පසු විදින චිත්ත පීඩාවන් ගැන කිසි දිනක සිතන්නේ නැත. සෑම රාත්‍රියකම නින්දට යන විට ලංකාවේදී කල කී දෑ සිනමා රූප රාමු මෙන් නිරායාසයෙන්ම සිත තුල මැවේ. මුල් දින කීපය තුල මේ අත්දැකීම දරාගත නොහැකි තැන නැවතත් ලංකාවට ගිය ඇත්තන් පිළිබදවද මම අසා ඇත්තෙමි. සිතට කෙතරම් දුකක් /පාලුවක් දැනුනත් අරමුණ ජයගනිමි යන තිර අධිටනින් මගේ සිත නිතරම පුරවා ගැනීමට මට හැකිවිය.

වඩා හොද ජීවන තත්වයක්, වටපිටාවක් ඇති රටක සිට ඊට වඩා නරක තැනකට යාමට දෛවය මට අවකාශ සලසා තිබේ. මැලේසියාව පිළිබද තම අත්දැකීම් මගින් ගාමිණී අයියා සෑහෙන දැනුමක් මට දෙන්නට කාරුණික විය. සිංගප්පූරුවේ මෙන් රාත්‍රියේ නිදහසේ අතුරු පාරවල්හි ගමන් කිරීම මැලේසියාවේදී තමාගේ වල තමන්ම කපා ගැනීමක් විය හැක. මැලේසියානු පොලීසියද දුෂිත වීම මත මේ තත්වය උදාවන්නට ඇතැයි මට සිතේ.

රෑට වැඩිය එළියට යන්න එපා මල්ලි. කරන දේවල්, ගන්න ඕනෙ දේවල් ඔක්කොම දවල්ට කරගන්න. නවතින තැනට ආවට පස්සෙ ආයෙ එළියට බහින්න එපා. එහෙම හිටියාම ගැටළු අඩුයි. ගාමිණී අයියා මට කාරුණිකව උපදෙස් සපයයි.

ගාමිණී විලාවේ මොන්ඩි මෙන්ම තවත් කීප දෙනෙකුද තම මිතුරන් මුහුණ දුන් අත්දැකීම් ඇසුරෙන් යම් යම් දේ මට පැවසීය. වරක් මධු සමය පිණිස මැලේසියාවට පැමිණ තම බිරිද සමගින් දිවා කල මහමග යමින් සිටි ශ්‍රී ලාංකික තරුණයකු නැවතූ පොලිස් ඇදුමට සමාන ඇදුමක් හැදි අයෙකු තම හැදුනුම් පතද පෙන්වා විදේශ මුදල් පරීක්ෂා කිරීමට අවැසි බව පවසා තිබේ. පොලිස් නිලධාරියෙකු නිසා සැක නොසිතූ තරුණයා අත රැදි ඇමරිකානු ඩොලර් නෝට්ටු ඔහුට දැක්වීමෙන් පසු තරුණයා ඉදිරියේම ඒවා ගණන් කර නැවත භාර දී පොලිස් වෙස් ගත් තැනැත්තා නික්ම ගොස් ඇත. නැවත් ඩොලර් නෝට්ටු ගණනය කර බලන විට ඒවායින් කීපයක් අඩු බැව් තරුණයා දැන ගන්නා විට හොරා පළාතකවත් නැත.

එතරම් සූක්ෂම ලෙස හොරකම් සිදු කෙරෙන රටකි මැලේසියාව. එවැනි රටකට යන්නට පෙර දින රාත්‍රියේ මගේ සිතිවිලි ඔබට තේරුම් ගත හැකි වනු ඇත. බෑග් දාලා ටිකකටවත් කොහෙවත් යන්න එපා මල්ලි. ඔය බස් නවත්වන තැන් වල බෑග් හොරකම් කරන්නම වෙනම අය ඉන්නවා. ගාමිණී අයියා දෙන්නට බැරි වූ උපදෙස් මතක් වන පරිදි පවසයි.

සිංගප්පූරුවෙන් මැලේසියානු අගනුවර වන ක්වාලාලම්පූර් වෙත බස් රථ පිටත්වෙන තැන හා එතැනට ළගා වන ආකාරය පිළිබද ගාමිණී අයියාගෙන්ම දැනගත් මා පසුදා උදෑසන නිදි දෙව්දුවගෙන් මිදී සිටි විලාවේ නේවාසිකයන් සැමටම සුභපතා මාසයක මිතු දමට සමුදුන්නෙමි. කලින් දින මා සතුව තිබූ මුදල් මැලේසියානු මුදල් ඒකකයට මාරු කරගත්තත්...මා සතුව වටිනාකමින් අඩු නෝට්ටු හා කාසි නොතිබූ හෙයින් ඒ අඩුපාඩුවද ගාමිණී අයියා සම්පූර්ණ කලේ අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගැනීමටය. ගමනේ මුල් භාගය දුම්රියෙනුත් එතැන් සිට ඉතිරිය කුලී රථයකිනුත් ගමන් කර බස් රථ පිටත් වන ස්ථානයට ගොස් සිංගප්පූරු ඩොලර් 30 වටිනා ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මගේ ගමන් මළු අදාළ තැන රදවා බස් රථයේ ඉදිරිපස මා හට නියමිත අසුනේ අසුන් ගතිමි.

මා ගමන් ගත් බස් රථය



බස් රථය ගුවන්යානයටත් වඩා සුවපහසු එකකි. කිලෝමීටර් 350 කට වැඩි දුරක් එය ගමන් කිරීමට නියමිතය. මට ඉදිරියෙන් වූ අසුනේ සිටියේ යෝධ ශරීරයකින් හෙබි ඉන්දියානු සීක් ජාතික තරුණයෙකු සහ ඔහුගේ බිරිදයි. සීක් ජාතිකයාගේ තලප්පාව දුටු වනම මට මතක් වූයේ හසිත මලයා සීක් දහම පිළිබද ලියූ ලිපි පෙළයි. සොදුරු යුවතියක විසින් ටිකට්පත් පරීක්ෂා කිරීමෙන් පසුව ගමන ඇරඹිනි. අධිවේගී මාර්ගයට එළැඹෙන තුරු සෙමින් ධාවනය වූ රථය එතැන් සිට සෑහෙන වේගයෙන් ධාවනය විය. රථය තුල වූ රූපවාහිනියේ විකාශනය වන බටහිර චිත්‍රපටය හා වීදුරුවෙන් පිටත පෙනෙන සිංගප්පූරුවේ විසිතුරු දෙස වරින් වර බලමින් සිටියදී රථය එක්වරම නතර කෙරිනි. Passport යනුවෙන් රියදුරා කෑ ගසයි. ඒ සිංගප්පූරුවේ සීමාවෙන් පිටත් විමට ප්‍රථම ගමන් බලපත්‍ර පරීක්ෂා කරන ස්ථානය බැව් පැහැදිලිය. සියලුම මගීන් රථයෙන් බැස ඒ කටයුතු අවසන් කරගෙන පිටතට පැමිණෙන විට ඒ ස්ථානය ආසන්නයට බස් රථය රැගෙන පැමිණ තිබු රියදුරා සහ ඔහුගේ සහායකයා රථයේ පැමිණි පිරිස ගණනය කර තහවුරු කරගැනීමෙන් පසු නැවතත් ගමන ඇරඹුනි. Singapore යනුවෙන් සදහන් ඊතලයක් අප ආ මග දෙසට යොමු කල පුවරුවක් පසු කරගෙන ඉදිරියට ඇදුනු බසය තවත් විනාඩි 10 කින් පමණ නැවතත් නතර විය. Visa, Baggage යනුවෙන් රියදුරා නැවතත් මොර දෙයි. ඒ මැලේසියානු දේශසීමාවට ඇතුලුවන ස්ථානය බැව් වැටහුනි. බසයේ වෙනම කොටසක රදවා තිබු ගමන් මළු දෑතට ගෙන මගීන් පේළියට සිට ගනී.

ශ්‍රී ලාංකිකයකු හෙයින්දෝ මගේ ගමන් බලපත්‍රය දෙස සූක්ෂමව බැලූ ආගමන විගමන නිලධාරියා මසකට වීසා නිකුත් කර සිය නිළ මුද්‍රාව තැබූ පසු රටට ඇතුලුවීමට අවසරය ලැබිනි. ගමන් මළු සියල්ල ස්වයංක්‍රීයව පරීක්ෂා කිරීමෙන් අනතුරුව නැවතත් බස් රථය වෙත යාමට අවසර ලැබුනි.

රථය දැන් එක එල්ලේ මැලේසියාව දක්වා ගමන් කරයි. මැලේසියාවේ මාර්ග පද්ධතිය නිමවා ඇති ආකාරය සැබැවින්ම විශ්මය ජනකය. ඉතාමත්ම සැලසුම් සහගතව සිංගප්පූරුවට නොදෙවෙනි ලෙස අධිවේගී මාර්ග හා සෙසු මාර්ග ඉදිකර තිබෙන අතර මාර්ග දෙපස ශාක මගින් අලංකරණය කර තිබුනි. ස්වභාවික සෞන්දර්යයෙන් අනූන රටක් වන මැලේසියාවේ නිල් පැහැයෙන් දිස්වෙන කදු පන්ති වරින් වර රථයේ කවුළුවෙන් පෙනේ. අප පසුකර යන රථ මෙන්ම මාර්ගයේ ධාවනය වන බොහෝ මෝටර් රථ මැලේසියාවේම නිෂ්පාදනය කරන ඒවාය. මැලේසියානු ජනතාව තමන්ගේම නිෂ්පාදන අගය කරන අන්දම පිළිබද යම් අවබෝධයක් ගන්නට එමගින් මට හැකි විය.

තවත් මද දුරක් ගමන් කල පසු මාර්ගයේ එක පසෙක දිගටම තිබුනේ ෆාම් වගාවකි. ෆාම් ඔයිල් නිෂ්පාදනයේ ලෝකයේ ප්‍රමුඛම රට වන මැලේසියාව එමගින් උපයන විදේශ විනිමයද සුලුපටු නොවේ. එක යායට ඈතට යනතෙක් පැතිරී ඇති ෆාම් ගස් රටඉදි ගසට පෙනුමෙන් සමානය. ලංකාවේද දකුණු අධිවේගී මාර්ගය අසල මෙවැනි වගාවක් තිබුනා මට මතකය.

ෆාම් වගාවක්...මෙහි ඇති ඵලයෙන් තෙල් ලබා ගනී.
http://www.pinoy-ofw.com/news/wp-content/uploads/2011/07/oil-palm-farm.png
සිංගප්පූරුවෙන් පිටත් වී පැය දෙකකට පමණ පසු මගීන්ගේ විඩා නිවා ගන්නට, වැසිකිළි අවශ්‍යතා ඉටු කරගැනීමට, ආහාර මිළදී ගන්නට රථය නතර විය. අධිවේගී මාර්ගයේ තැනින් තැන එවැනි ස්ථාන ඉදිකර ඇත්තේ සියලුම පහසුකම් සහිතවය. සිංගප්පූරුවේ මෙන් නොව මැලේසියාවේ පාරිභෝගික ද්‍රව්‍ය මිළ ඉතාමත් අඩුය. ලංකාවේ මුදලින් රු 150/- වැය කර සිංගප්පූරුවේදී ගත යුතු මිලිලීටර් 300 ක පානීය ජල බෝතලයක් වෙනුවට මැලේසියාවේදි රු 60/- වැයකර ලීටර් එක හමාරක පානීය ජල බෝතලයක් මිළදී ගත හැක. අනෙකුත් කෑම බීම මිළ ගනන්ද ඉතාමත් අඩුය. මට ඉතාමත් සතුටට හේතු වූ කරුණක් වූයේ සිංගප්පූරු ජාතිකයන් ටොයිලට් පේපර් පාවිච්චි කරන කාරණය උදෙසා මැලේසියානුවන් අප මෙන් ජලය භාවිතා කිරීමයි. එක ළග පිහිටියද දෙරටේ මිනිස් චර්යාවන්හි ඇත්තේ කැපී පෙනෙන වෙනසකි.

විනාඩි 20 ක පමණ කාලයකින් පසු නැවතත් රථය පිටත් වූයේ රියදුරුගේ හා සහායකයාගේ ගණනය කිරීම් තහවුරු වූ පසුය. නමුත් ආහාරයට ගත් දෙයක් රුයිතෙට වැඩ කිරීමෙන්දෝ සීක් ජාතිකයාගේ බිරිදට වැසිකිළි අවශ්‍යතාවක් ඇති වී ඇති සෙයකි. හින්දි භාෂාවෙන් සංවාදය අරඹා රියදුරා කරා ගොස් ඒ බැව් තරුණයා විසින් සැළ කලද රියදුරාට අධිවේගී මාර්ගයේ ඊට සුදුසු තැනක් හමුවන තුරු නතර කල නොහැක. තරුණිය ඉතා අපහසුවෙන් රථය තුල සිටී. තරුණයා රියදුරා අසල රිය සහායකයාට හිමි මිටි අසුනේ හිද මාර්ග සංඥා අනුව වැසිකිළි සොයයි. තව විනාඩි 20 ක් ඉන්න. රියදුරා පැවසූයෙන් තරුණිය දෑස් පියාගෙන අසුනට හේත්තු වූවාය. ඉන් අනතුරුව පැය භාගයකට වඩා ගත වුවද වැසිකිළි නැති තැන තරුණයාගේ ඉල්ලීම පරිදි ඉන්ධන පිරවුම් හලක රථය නතර විය. තරුණිය බසයෙන් බැස ගියාදැයි ඉගිලුනාදැයි මට මතක නැත. සීක් ජාතික තරුණයාට පින් සිදු වන්නට බසයේ සිටි සමස්ත කාන්තා පරපුරම වැසිකිළි කරා ඇදුනෝය.

පැය 5 ක පමණ ගමනකින් පසු රථය ගමනාන්තය වෙත ළගා විය. එය කේල් සෙන්ට්‍රල් නම් විය. කේල් (KL) යනු ක්වාලාලම්පූර් යන නමේ කෙටි යෙදුමයි. ඈතින් පෙනෙන සුප්‍රසිද්ධ පෙට්‍රොනාස් නිවුන් කුළුණු දෙස බලමින් මම රථයෙන් බිමට බැස්සෙමි. ඒ මගේ අවිනිශ්චිත හෙට දිනය පිළිබද සුභවාදීව කල්පනා කරමිනි.




මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

සිරාගේ මැලේසියානු අත්දැකීම් ඇසුරින්  අලුත් ලිපි පෙලක් ලියන්නට මම යම් තරමක කාලයක් ගනිමි. නැතිනම් කාමරයට එන ඇත්තන්ට එකදිගට ලියවෙන එකම වර්ගයේ ලිපි නීරස විය හැකිය.

මැලේසියාවේ සුප්‍රසිද්ධ පෙට්‍රොනාස් නිවුන් කුළුණු සහිත ගොඩනැගිල්ලේ හිමිකරු ලංකාවේ යාපනයේ උපන් අයෙකු බැව් අසන්නට ලැබිනි. එය අද මැලේසියාවේ ජාතික සංඛේතයක් බදුය.

60 comments:

  1. අනිත් ඒවා මම දන්නෙ නැහැ මලේ.ඔය මැලේසියාව ගැන කියපු සමහරක් ඇත්ත.මට මතකයි මැලේසියා එයාර්පොර්ට් එකේදි බබෙක් එක්ක හිටපු අම්ම කෙනෙක්ගෙ පාස්පොර්ට් චෙක් කරන්න කියල එකෙක් අරගෙන මිනිහ මිසින්ග් වෙල ඒ අම්ම අඩ අඩා හිටිය.මටත් කරන්න දෙයක් නැහැ.නාදුනන රටක නාදුනන කෙනෙකුට උදව්වක් දෙන්න කතා කරන්නත් බයයි නෙ.අනික මට අනිත් ප්ලේන් එකට මිනිත්තු 40 තිබුනෙ.කොහොම උනත් එහේ වැඩියෙම ජරා ගේම් දෙන්නෙ ඉන්දියන් මැට්ටො.පරිස්සම් වෙයන්.ජය වේවා.... මම ඉන්දික

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....දැන් නම් තත්වය පුරුදුයි...කෝකටත් බොහොම විමසිල්ලෙන් තමයි හැමදාම යන්නෙ එන්නෙ...

      Delete
  2. මමත් ඔය බස් ගමන ගියා.. හැබැයි ඔය පාස්පෝට් කියලා කෑ ගහන තැන තරම් එපා කරපු ප්ලේස් එකක් වෙන නෑ නේ! අතින් කටින් එල්ලගෙන බස් මාරු වෙන්න! මැලේසියාවේද දැන් අයියා දිගටම එතකොට?

    ReplyDelete
    Replies
    1. ඉස්සර ලංකාවේ දීර ගමන් යන කොට පොලිස් චෙක් පොයින්ට්වලදී එහෙම තමයි!

      Delete
    2. මැලේසියාව තමයි දැන් මගේ ගමනාන්තය වෙලා තියෙන්නෙ...

      Delete
  3. මගේ පොකට් එකටත් විද්ද නේ ඔහේදී. KL සෙන්ට්‍රල් තමයි ඒ ජාතියේ හොරු වැඩියෙන්ම ඉන්න තැන. එතනදී තමයි වුණේ. යූටියුබ් වීඩියෝ තියෙනවා උන් ගෑණුන්ගේ බෑග් උදුරා ගන්න හැටි.

    ReplyDelete
    Replies
    1. පොකට් එකේ ඉතිං වටිනා කියන දේ තිබුනද ?

      Delete
  4. කොමෙන්ට් වලට පිළිතුරු නොමැතිව අළුත් පෝස්ට් දැමීම පිළිබඳ අපගේ විරෝධය.. කරුණාකරලා කොමෙන්ට්ස් වලට රිප්ලයි කොරපන්.. නැත්තං ආයේ නෝ කොමෙන්ට්ස්.. විරෝධයක් ලෙස මේ පෝස්ට් එක කියෙව්වේ නෑ...

    ReplyDelete
    Replies
    1. මම ඕක ලියන්න හිතුවෙ.
      ඔච්චරම රිංගිට් වලට හිරවෙලා නම්,
      අරමුණ සාර්ථක කරගෙනම ලිව්වා නම් ඉවරයි.

      Delete
    2. මාත් කියන්න හිටියෙ කමෙන්ට් වලට රිප්ලයි කොරපිය..!

      Delete
    3. මමට් කියන්න හිටිය රෙප්ල්ය් දාපන්

      Delete
    4. යකෝ මු පුදුම පාඨකයෝ නේ! වලියෙන්මයි උත්තර ඉල්ලන්නේ.

      මං නං හිතන්නේ සිරා කතාවක් කිව්වා, අපි කමෙන්ට් එකක් දැම්මා, ඩයලොග් එක ඉවරයි! ආයේ සිරා උත්තර දුන්නොත් අපිට උත්තර දෙන්න වෙනවා නේද?

      Delete
    5. මම මේ පෝස්ටු ස්වයංක්‍රීයව පලවෙන ක්‍රමයට දාලා තිබුනෙ....අයියෝ මට බැට දෙන්න දගලන මේ ලොකුමාමලට ඒක අවබෝධ වුනේ නෑනෙ හැබෑටම....

      Delete
  5. නියම ට්‍රිප් එක නේ සිරෝ... නියමයි... අපිටත් යන්න ඇත්තම්.... මොනා කරන්නද?? පූරුවෙ කර පවු ද ක්ඵෙද??

    ReplyDelete
    Replies
    1. උඹලා මෙහෙ එන්න දගලනවා...අපි ලංකාවට එන්න ඇගිලි ගණිනවා...

      Delete
  6. හොඳයි හොඳයි එහෙනං මැලේසියාව ගැනත් දාමුකො බලන්න.

    ReplyDelete
    Replies
    1. මැලේසියාව ගැන ඉදිරි දිනයක කියන්නම්....

      Delete
  7. උඹ කියපු දෙයක් ගැන. මම උදාහරණයක් විදියට එක්සත් ජනපදයේ පුරවැසි බාවය ලබලා අමෙරිකානුවෙක් හැටියට ජීවත් වෙනවා නම් මට හිත හදාගෙන ඉන්න පුලුවන්.

    නමුත් මේවගේ රස්සාව කරන්න ඇවිත් එලොවටත් නැතිව මෙලොවටත් නැතිව ඉන්න එක නම් චා තමයි. මෙහෙ උන්ට අපි විදේශිකයො. ලංකාවෙ අපේම උනුත් අපිට සලකන්නෙ පුරවැසි භාවයත් නැති උන් වගේ.

    ඉතින් මෙහෙ ඉන්නේ ගෙදර එන්න දවස් ගැන ගැන. එකම සතුට ලංකාවේ ගොසිප් සයිට් කියවනකොට මව් බිමේ වෙන දේවල් ගැන කියෙව්වාම ඇතිවෙන කම්පනය නිසා අර ආසාව පෝඩ්ඩ්ක් අඩු වෙන එක.

    ReplyDelete
    Replies
    1. ලංකාව කොච්චර වටිනවද කියලා හොදට දැනෙන්නෙ මේ වගේ විදේශයකට ආවම...

      Delete
  8. මට නම් ඒකාකාරී ගතියක් නෑ ආසයි..!
    සමහර විට රට රටවල ..කරක්ගහපු නැති නිසා වෙන්න ඇති..!

    ReplyDelete
    Replies
    1. ලගදිම කරක් ගහන්න ලැබෙයි....ඊට කලින් ඔය වීදුරුවට වත් කරගත්ත එක ගහලා උන්න නම්...

      Delete
  9. ගම්පහ මල් වාට්ට උබ එනකන් බලාගෙන ඉන්නව් අයමට් සෙට් වෙන්න
    ජයවේව

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මෙන්න මු සිංහල ටයිප් කරනවා :D

      එළ, එළ, ජයවේව!!!

      Delete
    2. කොල්ලා කෙල්ලො එක්කම ඉදලද කොහෙද දියුණු වෙලා තියෙන්නෙ....

      Delete
  10. හොඳ අත්දැකීම් ටිකක්. දැන් සිරා දිගටම ඉන්නේ මැලේසියාවෙද? නැත්නම් ආපහු ලංකාවට ගියාද?

    ReplyDelete
    Replies
    1. දිගටම ඉන්නෙ මැලේසියාවෙ....තවත් බ්ලොග්කරුවො කීප දෙනෙක් මෙහෙ ඉන්නවා....තාම මුණ ගැසුනෙ නෑ.

      Delete
  11. මමත් විරෝධය පළ කිරිම සඳහා මේකට කමෙන්ට් කොලේ නෑ.

    (හුටා, එතකොට මේ මොකද්ද කොරලා තියෙන්නෙ ?)

    ReplyDelete
    Replies
    1. මට ජාලෙ තිබුනෙ නෑ බොලං ඒ දවස්වල...

      Delete
  12. මමනම් කියන්නේ සිරා, ලියන එක පරක්කු වුනත් කමක් නෑ. මුලින්ම තමන්ගේ අරමුණ ඉටුකරගන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි පහුවෙලා මෙහෙම උත්තරයක් කොටාගෙන යන්නෙ....

      Delete
  13. හ්ම්ම්ම්ම්ම් එහෙනම් අයියේ ඔතනින්වත් හරි යන කර්මාන්තයක් හොයාගන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කොරනවා. මේ එනකොට වලව්වේ වැඩට මලෙසියක් කෙල්ලක් අරන් එන්න බැරිද. (වලව්වේ වැඩ කොරන්න විතරයි) :P

    ReplyDelete
    Replies
    1. වලව්වෙ වැඩ කිව්වෙ.....පොඩ්ඩක් පැහැදිලි කොලා නම්....

      Delete
  14. ara magulata mokakda wela.sinhala liyanna bae.paressamen kalpanawen hitapan.farm wagawa galle wala thiyenawa.katu pol kiyala kiyanne.

    ReplyDelete
    Replies
    1. ආයෙත් දවසක් උත්සාහයක් දරලා බලන්න.

      Delete
  15. සිරා සිංගප්පූරුවෙන් සමුගන්නත් ලැහැස්තිවෙලා. මට කලින් ලිපි දෙකතුනකුත් මඟහැරිලා. දැන් බ්ලොග් යාළුවො කීපදෙනෙක්ගෙම ලිපි හුඟක් තියෙනව කියවන්න ඕන කියල හිතන් ඉන්න මඟ ඇරුණු ඒව.

    මට නම් ඔය බස්වල යනකොට බැහැ බැහැ යන එක මහ මලකරදරයක්. ඉතිං රටක දේශසීමාවක් පහුකරන් යනකොට තත්ත්වය හිතාගතෑකි.

    මම හිතං හිටියෙ බං ඉන්දියන්කාරයොන්ට ඕන දහජරාවක් දිරවනව ඇති කියල. උඹ ඒ කෙල්ලගෙ පානෙන් එළිය බැලුවෙ නෑනේ, සමස්ත කාන්තා පරපුරම කිව්වෙ මගේ හිතේ උඹ නැතුව වෙන්ටෝන. හොහ් හොහ් හොහ් ......

    මම නම් ඔය ෆාම් ගස් දැක්කමයිද කොහෙද. මෙහේ කඩවල තියෙන පොල්තෙල්වලට පාම්තෙල් කවලම් කරලය තියෙන්නෙ කියල නම් අහල තියෙනව.

    සිරා දැන් ඉන්නෙ එහෙනම් මැලේසියාවෙ වෙන්න ඕන. පරිස්සම් වෙයන් මචං. තෙරුවන් සරණයි !

    ReplyDelete
    Replies
    1. සිරා දැන් ඉන්නෙ මැලේසියාවෙ...ඔබටත් තෙරුවන් සරණයි ඩීඩීටියො....

      Delete
  16. අපිට, මැලේසියාවට ඔන් අරයිවල් වීසා දෙනවද බන් ? ඇයි දෙයියනේ අපේ මාධ්‍යකාරයො හැම නිතරම පට්ට ගහන දෙයක්නෙ ලී ක්වාන්ග් සින්ගප්පූරුවත්, මහතීර් මොහොමඩ් මැලේසියාවත් දියුණු කළෑය, අරවය, මේවය කිය කිය. එහෙව් දියුණු මැලේසියාව ඔය වගේ හොර ගුහාවක්ද ?

    ReplyDelete
    Replies
    1. සෙන්න,
      ලී ක්වාන්ග් හදපු සිංග වගේ නෙමෙ මැලේසියාව, මේ තත්වයට මැලේසියාව ගේන්න මහාතීර් යමක් කලාට දුෂණය මහ ඉහලින් මහතීර් ගෙ කාලයෙ ඉදල තිබුන.විපක්ෂයට 56 වසරක් පුරා තාම ඇපත් නැහැ.පර ඉන්දියන් කාරයො මැලේසියාව ගිලගෙන ඉන්නෙ.
      ඒ අතින් ලී ග්‍රේට්.ඒකනේ සිංග වල තාමත් නීති තද.
      KP ල කොටින්ට යවපු ජරා තෙල් දැන් ලංකාවට නිතරම එන්නෙ මහ එවුන් දැනුවත්ව මැලේසියාවෙන්.
      මැලේසියාවෙ එක එක ඒජන්ට් ල අපි ක්ලියරින් ගැටලුවක් ගැන කිව්වම කියන්නෙ බැසිල්ට කියල විසදන්න පුළුවන් කියල.

      Delete
    2. කෙන්ජි,

      ස්තූතියි විස්තරයට. එහෙනම් මැලේශියාව ගැන මගේ හිතේ තිබිලා තියෙන්නෙ වැරදි චිත්‍රයක්..ඉන්දියානුවොනම් ඉන්නෙ ඉතින් දූශණය ගැන පුදුම වෙන්න දෙයක් නෑ. උන් ඇවිත්, උපතින්ම දූෂණය අතේ තියන් එන උන්. මංකි බිස්නස් වලට කප් ගහපු එවුන්..

      කට්ටිය ලංකාව සිංගප්පූරුවක් කරන්න හැදුවට, මැලේශියාවක් දිහාට වගේ ඇදිලා යන්නේ..

      Delete
    3. කෙන්ජි අයියා ඔන්න පිළිතුර දීලා....ඒක තමයි ඇත්ත...චීනා මැලේසියාව දියුණු කරනවා..ඉන්දියන් උන් මැලේසියාව කනවා...

      Delete
  17. පළමුව අරමුණ දෙවනුව චිත්තාස්වාදය... දිරිගෙන දිවිය ජයගන්න ශක්තිය වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. එහෙම කොරපු නිසා තමයි උත්තර දෙන්න පරක්කු උනේ...

      Delete
  18. සිරා අයියගේ අපුරු වහරත් එක්ක කොයි දේ ලිව්වත් එපා වෙන්නේ නෑ. මැලේසියාවේ කතා ලේබලය පටන් ගන්නකන් බලාගෙන ඉන්නවා,

    ReplyDelete
    Replies
    1. තව ටික කාලයක් ගත කරලම ලියන්නම්....

      Delete
  19. අම්මපා මෙයැයිට මම කියන්නෙ නෑ ඉතින්. එදා චැට් එකේ ඉන්න රට ගෙස් කරාම නෑ නෑ ගැවේ.

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල මම හිටියෙ සිංගප්පූරුවෙ නගෝ...දැන් මැලේසියාවෙ...

      Delete
  20. ඈහ් එහෙනම් සිරා කොලුවා මැලේසියාවටත් ගියා.. බලමු එහෙදිවත් ජොබ් එකක් සෙට් කර ගනිද කියලා. අර දකුණු අධිවේගි මාර්ගයේ පාම් වත් දකින්න ලැබෙන්නේ දොඩංගොඩ මතුගම පහු කරන විටයි.

    ReplyDelete
    Replies
    1. එහෙදි ජොබ් එකක් සැට් කොරගත්තා කියලා තමයි ප්‍රීතියෙන් කියන්න වෙන්නෙ....

      Delete
  21. අපි කොච්චර හම්බකරත් හිතේ කොයි තරම් දුකක් තියාගෙනද ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. ලංකාවට යන්න පුලුවන් නම් මේ දැන් පියාඹන්න තමයි විදේශගත හැමෝගෙම කැමැත්ත...

      Delete
  22. සිරා මල්ලි මැලේසියාවේ කියන ගානටම බඩු ගන්න යන්න එපා. ටිකක් සොයා බලා ගන්න. හරියට ඉමිටේශන් තියෙනවා. කෑම ලාබයි, හොඳයි. හොරු කොහෙත් ඉන්නවා. අපි එපායැ ප්‍රවේසම් වෙන්න. ලස්සන රට. කොහේ ගියත් තමන් ආරක්ශා වෙලා අනුන්ට කරදරයක් නැතිව ඉන්නවා නම් ඉන්න පුළුවන්. ජොබ් එකකට ද? යන්නෙ, නැත්නම් රට බලන්න ද?

    ReplyDelete
    Replies
    1. රැකියාවක් බලන්න තමයි ආවෙ....මාස ගණනාවකට පස්සෙ ඔන්න එකක් සැට් උනා.

      Delete
  23. සමාවෙන්න කාලෙකින් එන්න බැරි උනා
    සිංගප්පුරුවට මැලේසියාවට ගියාම කොපමන ආරක්ශාවක් දැනෙනවාද?
    ආපහු ලංකාවට එන විට ඒ ගතිය නැතිවෙන එක දුකයි.
    මෙවැනි සංචාරක් සටහන් කලින් ලීව ධරමසිරි ගමගේ මාත් ඉස්සර බෝම ආසාවෙන් කියෙව්ව.
    තව තව මෙවැනි සටහන් ඔබ අතින් ලියවේවා.
    සිංගප්පූරුවෙ මං ආසම දේ තමයි ඉන්දියන් කෑම.

    ReplyDelete
    Replies
    1. මැලේසියාවෙදි නම් අනාරක්ෂිත බවක් තමයි හිතට දැනෙන්නෙ...

      Delete
  24. ඇයි මේ ෆාම් ගස් කියන්නේ. ඒවා පාම් (Palm) නේද?

    ReplyDelete
    Replies
    1. ෆාම් වර්ගයේ ගස් කියන අදහස තමයි දුන්නෙ...

      Delete
  25. හොරෙන් හොරෙන් කියෙවට කොමෙන්ට් එක්ක දාන්න හිතුවේ අද තාම...
    දැන් නන් මෙහෙ ජොබ් එකක හොයනවා කියන එක පට්ටම් කට්ට්ටක් තාම.. ලංකවේ ලිස්ට් වෙලා තියෙං කැම්පස් වලින් degree ගහල නන ගේමක් නැතිව සෙට් කරගන්න පුළුවන්..
    දැනට අවරුදු 5 විතර කලින් අපි දාන කොට ඩිප්ලෝම එක ඉල්ලුවේ.. ඉස්සරට තවත් අමාරු වෙනවා..

    ReplyDelete
    Replies
    1. මේ අය දැන් ක්‍රමයෙන් විදේශකයන් මේ රටවල් වලින් ඉවත් කරමින් ඉන්නෙ....රට දියුණු කර ගත්තට පස්සෙ මොනවටද විදේශිකයො...

      Delete
  26. machn uba visit eke ghilaa malasiya visa apply karanna pluwanda?

    ReplyDelete
    Replies
    1. අන්න ඒ අමාරු කාර්යයට තමයි මේ දවස් වල අත ගහලා තියෙන්නෙ...බලමු කරගන්න පුලුවන්ද කියලා....දැනට උත්තරයක් දෙන්න විදියක් නෑ.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...