අගක් මුලක් නැති කථාවක මුල මැද අග ගලපන්නට දැන් මම වෙහෙසෙමි. අඳින් වසර ගනනාවක ඉතිහාසයකට මගේ සිත ගෙනයන්නට අවස්ථාව එළැඹී තිබේ. මා නිවී සැනසිල්ලේ නැවතී මගේ හිතට නිදහසේ දුවන්නට ඉඩ දුන්නෙමි. මිටින් හල කුරුල්ලෙකු සේ එය අපේ ළමා කාලය තෙක්ම පිම්මේ දුව ගොස් අවසානය.
එකම ගමේ ළගපාත කිට්ටුව නිවෙස් දෙකක අප කුඩා කල සිට අැති දැඩි වූයෙමු. පවුල් දෙක අතර පැවති හිතවත්කමටත් වඩා හිතවත්කමක් අපේ පුංචි හිත්වල තියෙන්නට ඇත. අපි ගුඩු විද්දෙමු. ඔට්ටු දිව්වෙමු. බට්ටො පැන්නෙමු. පෝය දිනයට වැඩිහිටියන් සමග පන්සලටත් ගියෙමු. ඇය වසරකින් පමණක් මා හට බාල වූවාය. ඇගේ අක්කලා තිදෙනාගේ සෙනෙහස ඇය පමණක් නොව මමද ලැබීමි.
පුංචිම කාලයෙන් ඉක්බිති ළමයින් යනුවෙන් හඳුන්වන අලුත් නාමයක හිමිකරුවෝ වූ පසු ඇයත් මමත් තවත් සමීප වීමු. මේ සමීපත්වයට මේ හාද කමට කියන්නේ කුමන නමක්දැයි කියන්නට මම නොදැන සිටියෙමි. එකේ දෙකේ පන්ති පසුකර මා පහ වසරටද පැමිණියෙමි. කර දඬු උස් මහත් වෙමින් පැවතුනත් අප තවමත් පෙර පරිදිමය.
ඇය දැන් ඉරිදාට දහම් පාසල් යන්නේ මා සමගයි. ඇගේ මැණියන් ඈ මට බාර කලේ පුතේ නංගිව පරිස්සම් කරගෙන එක්කගෙන යන හැටියටයි. කැලෑ පාර නමින් හැඳින්වූ සිහින් සුදු වැලි සහිත මාවතක අප පිය නැගුවෙමු. දහම් පාසල් යන නොයෙක් දෙනා අතර අපි දෙදෙනා තවත් දෙදෙනෙකු වීමු.
හැමදාමත් සුදු මල් වට්ටියක් අතැතිව දහම් පාසල් යන්නට නිවසින් පිටතට එන ඇය අද කඳුලෙනි. ඇගේ මල් ගහේ මල් කවුදෝ සොරාගෙන ගොසිනි. මල් නොමැති හෙයින් විළියෙන් ඇඹරෙන වතු සුද්ද ගහද ඇගේ ශෝකයට එකතු වූවාක් මෙනි. අතු ඉති මඳ සුළගේ නැළවෙන්නේ ඕනෑවට එපාවටය.
මම ඇය සමග අපට සුපුරුදු සුදු වැලි මගට අවතීර්ණ වීමි. තුරු ලතා සෙවනේ අපේ පටුමග වැටී තිබේ. හදිසියේ මා යමක් දුටුවෙමි. එය ඇයට පෙන්වීමි. ලස්සනයි...ඇය දෙවරක් නොසිතා කීවාය. ඇගේ දෙනෙත් කාන්තියෙන් බබලයි. කදුලින් රතු වූ තැන් සිනහාවෙන්නට පොර කයි.
කඩා දෙන්නද ? මම ඇගේ මුහුණට එබෙමින් ඇසුවෙමි.
පුලුවන්ද ? ඇය පුංචි කොණ්ඩ කරල් දෙක දෙපසට පද්දා ලාලිත්‍යයෙන් විමසුවාය.
බලාගෙන අයියේ...ඇය මගේ වමත ඇගේ දෑතින් තරයේ අල්ලා ගත්තාය. මේ නිස්කලංක උදෑසනේ නෙතට රසඳුනක් බඳු ඕලු මලක් මම ඈ අත තැබීමි. මුළු විලටම තිබුනේ ඒ මළ පමණකි. ඕලු මලේ සුවඳ ඇගේ නාස් කුහර තුලට යන්නට ඇත.
ලස්සනයි....ගොඩාක්....ඇගේ දෙනෙත් සිනාසෙන අරුමය මම විඳගත්තෙමි.
.......................................................................................................
අයියට පෙන්නන්න දහම් පාසලෙන් හම්බවුන තෑග්ග.
ඇගේ මැණීයන් එලෙස පැවසූයෙන් ඇය ඈ ලද ත්‍යාගය සමග මා කරා දිව ආවාය.
මල් වට්ටියක්...හැමදාම දහම් පාසලට මල් ගෙනාවා කියලා මේක හම්බවුනේ...අයියා එදා අර ඕලු මල කඩලා දුන්නෙ නැත්තං මට මේක ලැබෙන්නෙ නෑ. මතකද ?
මතකයි...මම පිළිවදන් දුන්නෙමි.
කාලයට සමපාතව අප නව යොවුන් වියට එළඹුනෙමු. අලුතින් පීදුනු පොල් මලක් මෙන් ඇගේ ගත මෙන්ම වතද බලා ඉද්දී ඔප වැටුනි. ඇය දැන් රූමත් යුවතියකි. එහෙත් ඇය තවමත් මා අසලම දඟ පාන්නීය. නව යොවුන් වියේ සිටි අප ගමේ ඇරඹුන යෞවන සමාජයක් නිසාවෙන් තව තවත් කිට්ටු වීමු. ගමේ පොදු වැඩ වලදී මෙන්ම දන්සැල් වැනි කාරණාවන් වලදීද අපි එක ලඟ ගැවසුනෙමු. අපේ බැඳීමට තවමත් නමක් නැත.
යෞවන සමාජයෙන් ශ්‍රමදානයක් දියත් කලේ වල් වැදී තිබූ මාර්ගයක් මගී ගමනාගමනයට පහසු වන ලෙස සැකසීමේ අටියෙනි. ඇයත් මමත් එක සේ දහඩිය වැගුරුවෙමු. කැපී වෙන්වුන තණකොළ අතුගෑවෙමු. පස් තුනී කලෙමු. සාමාජික සාමාජිකාවන් අතර අපි තවත් දෙදෙනෙකු පමණක් වීමු.
අපි මේ පාර අයිනේ අරලියා හිටවමුද ? ඇගේ යෝජනාව සියල්ලෝම එකෙනහිම සම්මත කලෝය. සුදු අරලියා දඬු පාර අයිනේ ඉන්දවන විට ඇය ආශා දෑසින් එදෙස බලා සිටියාය.
කවදා හරි දවසක අපි වයසට ගියාම මේ අරලියා ගහක් යට ඉඳන් පොඩි උන් සෙල්ලං කරනවා බලන්න හැකි වෙයි නේද අයියේ...ඇය මා දෙස බලා තෙපලුවාය.
.......................................................................................................
ඒ මා මිත්‍ර අයිය බඩාගේ වැඩිමල් සහෝදරියගේ විවාහ මංගල උත්සවයයි. එහි ජයමංගල ගාථා ගයන්නට වතුර ටැංකිය ලග කොළපැහැති ටයි පටි පාසලේ ඉගෙනුම ලැබූ ඇයටද ආරාධනා කර තිබුනෙන් මා එහි යන විට ඇයද එහි පැමිණ සිටියාය.
තමන්ගේ රාජකාරිය අහවර කොට ඇය කොළ පැහැති දිගු සායකින් සහ කදිම බ්ලවුසයකින් සැරසී අප ඉදිරියට ආවාය. ඇගේ රූ සපුව එතරම් හැඩට මින් පෙර දිනෙක මම දැක නැත. බැලූ බැලූ අත බඹරුන්ගේ නෙත් මේ මළටම යොමු වී තිබේ. මධුවිත බිඳක් තොලගානා විට ඇය ඈතක සිට දෙනෙත් දල්වා මදෙස බලා උන්නාය.
මචං...පොඩි උදව්වක් කරපං...අර උඹලගෙ ගමේ ලස්සන නංගිව ගෙදරට ගිහින් දාලා වරෙන් අනිත් කෙල්ලො ටිකත් එක්ක මේ වාහනේ...මගුලට ගහපු බෑන්ඩ් එකත් මේකෙම යනවා....මට කෙල්ලව තනියම යවන්න බෑ මචං...හැමෝම ඒකිට ට්‍රයි...අයියා බඩා එසේ කීවේය.
මංගල උත්සවයකට සහභාගි වී සිටියත් දිවා ආහාරය ගන්නට ඉඩක් ලැබුනේ නැත. ඇගේ ආරක්ෂාව මගේ වගකීමක් බවට පත් කොට තිබේ. ඇය සහ ජයමංගල කණ්ඩායමේ තවත් යුවතියන් දෙදෙනක් රථයට නැගුනෝය. ඇගේ ආසනයේ තවකෙකුට ඉඳගන්නට ඉඩ තිබේ. වෙනකෙකුට ඒ අවස්ථාව නොදී මම වහා එහි අසුන් ගත්තෙමි.
මා පිටුපසින් සිටින තරුණයන් සියල්ලෝ මෙන්ම වාහනය පදවන තරුණයාද වරින් වර ඇගේ රූ සපුව දෙස බලයි. මට මා ගැනම ආඩම්බරයක් ඇති වෙයි. උන්ට ලං වෙන්නට බැරි මලක් වෙත මම ලං වී සිටිමි. මධුවිතෙන් විකල් වූ මගේ මනෝභාවයන් අද අමුතුම හැගීම් ඇති කරයි. ඇගේ රෝස පැහැ වමත මම මගේ දකුණතින් තරයේ අල්ලා ගතිමි. රිදෙනවා.... ඇය මා දෙස බලා සිනාසුනා පමණෙකි. යුවතිය මගේ කැමැත්තට ඉඩ දුන්නාය. මම ඇය රථයෙන් බසින තුරාවට ඒ අත අත්නොහැරියෙමි. මේ බැඳීමට කියන්නට නමක් තවමත් මම නොදනිමි.
ඇයි අනේ ...........අයියා මේ වෙනකං මට ආදරෙයි කියලා කිව්වෙ නැත්තෙ...එහෙම උනා නම් මම අරයා එක්ක යාලු වෙන්නෙ නෑනෙ...ඇය එදායින් පසු තවත් එකියකට එලෙස කියා තිබුනාය. අප පාසල් ගිය සමයේ බස් රථයේ සිටි ඇගේ යෙහෙලියන් ඇය මා වෙතම පවරා තිබූ බවක්ද ඇය කියා තිබුනාය.
.......................................................................................................
මම දැන් වෘත්තිකයෙකි. මේ කියන කාල සමයේදී ඇය තම ප්‍රේමවන්තයා සමග හොර රහසේම වහං වූවාය. තවත් මඳ කාලයකින් ඇය කුලී නිවෙසක වෙසෙන බව මා හට සැළ විය. ඇගේ මෑණියන් දුම්මල වරම අතට ගත් කපුවෙකු මෙන් තම බාල දියණියට ශාප කලාය. පවුලට කල මේ නව නිංගිරාව නිසා ඇයව දැඩිව පිළිකුල් කලාය.
ඇගේ ස්වාමියා ජාත්‍යන්තර නැවක රාජකාරී කල තැනැත්තෙකු නිසා ඉතා ඉක්මනින් විශාල මුදලක් ඉපයුවේය. නව නිවසක් තනා අවසන ඇයට නවීන මෝටර් රථයක් පරිත්‍යාග කරන්නට තරම් ඔහු ආර්ථික ශක්තියෙන් යුතු වූවේය.
ඇය වෙත දෝශාරෝපණය කල කිසිවෙකු දැන් නැත. ඇය නවතම මෝටර් රථයෙන් සිය සහෝදරියන්, දෙමාපියන් බලන්නට එන කලෙක මා හා ඇගේ නෙතු සම්මුඛ වෙයි. ඇගේ රථයට සහ මගේ දුප්පත් ස්කූටරයට අපගේ නිවෙස් වෙත ගමන් කිරීමට ඇති අතුරු මාර්ගයේ එකවර දෙපසට මාරු වෙන්නට නොහැක. මම බිම බලාගෙන ඉඩ ඇති තැනක් සොයා පසු පසට යන්නෙමි. ඇය සිනාමුසු මුහුණින් මා දෙස බලා ඉදිරියට ආවාය.
කාලයේ ඇවෑමෙන් ඇය දියණියක සහ පුතෙකු මෙලොවට දායාද කලාය. නිතරම සිනාමුසුව සිටි ඇගේ වත තවමත් පෙරදා වාගේමය. ඇගේ රූ සපුව තවමත් එලෙසමය. එහෙත් මා ඇගේ අතින් ඇල්ලූ දා සිටම ඇය සමග වචනයක් දොඩන්නට මගේ සිතට දිරියක් නැත.
කාලය අස්ප වේගයෙන් ඉගිලී ගොසිනි. මම මැදින් මසකදී ලංකාවට ආයුබොවන් කිීවෙමි. ඇය පෙනෙන මානයෙන් නික්මුනෙමි. වසරක දෙකක සිට කුමක්දෝ රෝගී තත්වයකට ඇය ප්‍රතිකාර ලබන බවක් මා ඒ වෙද්දී අසා තිබුනෙමි.
දන්නවද වැඩක්, .....................නංගි නැති උනානෙ හදිස්සියේ....මගේ මව ශෝක ජනක පුවතක් ඒ වසරේ වෙසක් මස මා හමුවේ තැබුවාය. දියණියක්, පුත්‍රයෙක්, සැමියෙක් තනිකොට ඇය ජීවන ගමනෙන් සමුගෙන ගොසිනි. ඇගේ අවසන් කටයුතු වලට හෝ සහභාගි වන්නට නොහැකි තැන මම නොරටක සිට චිත්ත රූප මැව්වෙමි. කුඩා උන් සන්දියේ සිට අප කල කී දෑ, එක්ව දහම් පාසල් ගිය අතීතය මෙනෙහි කලෙමි.
එදායින් පසු වසර තිහ හතලිහක් ගෙවෙන්නට ඇත. පාර අද්දර සුදු අරලියා ගසේ සුදු මල් පොකුරු දෙපසට වැනෙයි. කවදා හෝ දිනක අරලියා සෙවණක හිඳ මිත්තණියක ලෙස කුඩා උන් කෙලිදෙලෙන් පසුවන අයුරු දකින්නට හීන මැවූ අැය, අරලියා ගස පාර අද්දරට කැඳවූ ඇය, ඒ හීන සමගින්ම පස් යට සැතපෙන බව අරලියා ගස දන්නේ නැත. එය එසේ වී නම් ඒ සුදු මල් පොකුරු ඇය වෙනුවෙන් අරලියා ගසෙන් උපන්නේ යැයි ලෝකයා කියනු ඇත.
මේ බියකරු සංසාර ගමනේ තවත් එක් නැවතුමකදී ඔබ මා හමුවිය. නැවත මතු දිනෙක, අලුත් ඉසව්වකදී නැවුම් යුවලක් සේ ඔබ මා යලිත් හමුවනු ඇත. එතෙක් ඔබට සුභ ගමන් හිතවතිය / මිතුරිය / සොයුරිය.
අම්මට සිරි අයියේ.... පිස්සු බම්ප් වෙයි.. කොහොමද කියපන් උඹ විඳගෙන ඉන්නේ?
ReplyDeleteමම ඉතින් ජීවිතේ බොහෝ දේ ගොඩාක් හදවතට ලං කරගන්නෙ නැතුව හිතන්න පුරුදු උනා පස්සෙ කාලෙක...ඒ නිසා ප්‍රියයන්ගෙන් වෙන් වීම දරාගන්න අපහසු නෑ.
Deleteටික දවසක ඉදං මෙයාගෙ නාඩි වැටෙන විදිහ වෙනසක් දැක්කෙ නැද්ද නාඩියො. ලවුලි ගතිය වැඩිවෙලා .
Deleteගල් භාගයක් ගහනකොටද එහෙම වැටහුනේ...අයියන්ඩිය...
Deleteඔව් ඔව්.. වෙනස් වෙලා වගේ තමා ;)
Deleteමගේ ජීවිතේ පුරා
ReplyDeleteඑකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි…
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නැ තරහා වෙලා
අද නෑ …අද නෑ තාරකාවී
අඳුරෙන් වැසි ගියේ…
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා
ඉවසාගනෙ ඉන්නේ කෙලෙසද මා
යලි නෑ යලි… නෑ අයේ එන්නේ
වෙනදා වගේ සදා…
ගායනය - සේනානායක වේරලියද්ද
හිරු හැපී හඬන සයුරේ
Deleteතරු කඩා වැටෙන අඳුරේ
ඔබ සොයා ගනිමි දඟ කරන තාරුකා
යුවලක් ලඟ අහසේ
ලොව නිදිගත් මේ යාමේ
කරටිය වෙරලට නැමුනූ
ගසකට වෙරලේ තනිවූ
අපි තනිකම නොම දී රෑ වෙනතුරු
කී කතා ඇසේ රහසින්
කවුරුත් සමුගත් වෙරලින්
කරදිය කිරි හඳ දුටුවා
තුශරයක් විලස ඈතින්
පඬු පැහැ ගත් අවුවේ පා සළකුණු
නෑ මැකී ගියේ විගසින්
තෙමුනත් වෙරළේ රළකින්
ගායනය- අසංක ප්‍රියමන්ත පීරිස්
ඔය සින්දු දෙකම මම ඉතාමත් ප්‍රිය කරන ඒවා...ඒ අතීතය නැවත මෙනෙහි කරන්න මේ සින්දු හොද ඖෂධ වගේ....
Deleteතවත් කුරුල්ලෙක් මේ අත්තෙ හි වැසුවේ ය.
Deleteහිත පතුලෙම ලැගුම් ගත්ත සින්දු දෙකක්..
මේක කියවන් යද්දී හිත යට හැංගුන පරණ අතීතයක් මතක් වුනා..
ReplyDeleteඑ් මතකය ලිපියක් කරලා අපිට කියවන්න දීහං....
Deleteකවුද සිරා අයියේ ඔයාද මේක ලියන්නේ?
ReplyDeleteනැතුව බොල මගේ හාමිනේ ලියන්නද ?
Deleteපිස්සු පීකුදු බීස්ටේක් වෙලා හාට් එක පැරලයිස් උනා සිරා අයියේ!!
ReplyDeleteඒ තරම් දුක්බරයිද මේ කථාව...
Deleteහප්පට සිරි.. පිස්සු හැදෙයි. මුල ඉඳන් ඡේදයෙන් ඡේදයට සිංදු සැට් එකක් ම මතක් වෙවී පහලට ආවෙ. අන්තිමට මට උන් හිටි තැනුත් අමතක වුණා..
ReplyDeleteමොනවා කරන්නද...මේක ප්‍රබන්ධයක් නෙමෙයි..මම මුහුණ දුන්න සත්‍ය සිදුවීමක්...
Deleteජීවිතය අනිත්‍යයි මරණය නියතයි
ReplyDeleteබුදු බණ පවසන්නෙත් ඔය කථාවම නේද...
Deleteමොනා කරන්නද බං..
ReplyDeleteඒක එයාගෙ දෛවය....පොඩි උන් දෙන්නා එක්ක තනිවුන සැමියට තමයි ඉතිං මේක දරාගන්න අමාරු ඇත්තෙ...
Deleteම්ම්ම්... මොනව කියන්නද කියල හිතාගන්න බෑ..
ReplyDeleteහරි වෙනස් කථාවක් නේද...
Deleteහද සසල කල දෙනෙත් තෙත්කල බොහොම සංවේදී කතා පුවතක්. එය සැබෑ ජීවන අත්දැකීමක් නිසාම හිතට දැනෙන බර වැඩියි.. නිර්මාණයක් විදියට අතිවිශිෂ්ඨයි. යථාර්තයක් විදියට පුදුම දුකයි.
ReplyDeleteස්තුතියි...මේ වගේ ජීවන අත්දැකීම් ලියනකොට මට අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ...වචන නිරායාසයෙන් ගලා එනවා...මොකද එතකොට ගණුදෙනු කරන්නෙ හැගීම් එක්කයි.
Deleteගයා ගීතයන් ගමේ වෙල් එළියේ
ReplyDeleteදුව පැන ඇවිදලා සෙල්ලම් කළේ
ඈ සමඟින් එදා ඒ මා තමා
අද නැතිවා වගෙයි ඈ මේ ගමේ...
ගුරුතුම දවසක් මා හට තැලුවා
දැක මට මතකයි ඈ හැඬුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇඳ ළඟ ඈ මුළු රෑ සිටියා...
අපි දෙදෙනයි එකට පාසල් ගියේ
ගස් සෙවණේ ඉඳන් පාඩම් කළේ
ඈ සමඟින් එදා ඒ මා තමා
අද නැතුවා වගෙයි ඈ මේ ගමේ...
ගයා ගීතයන් ගමේ වෙල් එළියේ....
නාන වෙලේ මා රැල්ලට අසුවී
යන විට ඔහු විත් ගොඩගත්තේ
මා බොරුවට දවසක් තරහා වී
කෑම නොකයි ඔහු සිට ඇත්තේ...
අපි දෙදෙනයි එට එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කළේ
ඔහු සමඟින් එදා ඒ මා තමා
අද නැතුවා වගෙයි ඔහු මේ ගමේ....
ගී පද හා සංගීතය : සිසිර සේනාරත්න
ගායනය : සිසිර සේනාරත්න සමඟ ඉන්ද්‍රාණි සේනාරත්න
මෙයත් මම ඉතාම ප්‍රිය කරන ගීතයක්...කොච්චර සුන්දර චිත්ත රූප මැවෙනවද මේ ගීතය ශ්‍රවනය කරද්දි...
Deleteඋඔගේ අත්දැකිමක්ද? ලියලා තියෙනවා ඇඩෙන්න...එල ද බ්‍රා.
ReplyDeleteඑදා මෙදාතුර කදුලට හුරැවු දැස් පියන්පත් කවුලු වසා..
හදේ ගලා ගිය සෙනෙහේයෙ සුව..
සින්දු ඇනෝ ඉතුරැටික පුරවපන් මස්සිනේ
This comment has been removed by a blog administrator.
Deleteඑදා මෙදාතුර කඳුලට විවරවූ - දෑස් පියන්පත් කවුළු වසා
Deleteළයේ ගලා ගිය සෙනේහයේ සුව - සිනා පෙරූ රත් දෙතොල පියා...
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
මොකක්ද බන් මේ මාළු බිස්නස් එක ...මාළු නටනවා
Delete@ Madushan Fernando
Deleteමෙය ඔබේ මාළු ව්‍යාපාරය කරන්නට දැන්වීම් පුවරුවක් නොවේ...ඒ නිසා මින් පසු ලිපියට අදාළ නොවන කිසිවක් මෙහි පලකිරීමෙන් වැලකී සිටින්න. ලිපිය පුරාම ඔබේ මාළු දැන්වීම් පලකර තිබූ ආකාරයෙන් ඔබ පිළිබද මට මුලින් ඇතිව තිබූ ප්‍රතිරූපය ගිලිහී ගිය බව කියන්නට රිසි වෙමි.
මෙන්ඩයියා...මේක මගේ පුද්ගලික අත්දැකීමක්...අතින් දාපු කිසිම දෙයක් මේ ලිපිය තුල නෑ. සියල්ල සත්‍ය සිදුවීම්.
Delete@සින්දු
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
-ස්තුතියි -
@මධුශාන්
සිරා කියන්නේ හොදින් ඉල්ලුවොත් බොක්ක දෙනවා නැත්නම් උඔට බෝක්ක නැති වෙනවා.
ෂිහ්...බං...මාර විදියට ශොක් උනා බං..!
ReplyDeleteකොහොමෙයි බං මේක ලිව්වෙ..???
ජීවිතය කියන්නෙ ඔහොම තම්යි මචං එක අතකින් උඹ නියම කොල්ලෙක්..!
වෙන එකෙක් නම් කොහොම හරි කෙල්ලට කියල අරූට බූට් එක තියවල කෙල්ලව ඩැහැගන්නව.
ඔහොම යං බං ජීවිතේ ඔහොම තමා..!
මට හිතාගන්න බැරි කොහොමෙයි ලිව්වෙ කියල...මටත් ඕය වගේ සිද්දි කීපයක් තියෙනව ලියන්නෙ කොහොමෙයි බං..!
සමහර චරිත අපේ ජීවිත වලට ලං වෙනවා...නමුත් අපට ප්‍රේමණීය සිතුවිල්ලකින් එහා ගිය සහෝදර බැඳීමක් තමයි ඇතිවෙන්නෙ. ඇය ගැන මට තිබුනෙත් එවැනි සිතුවිල්ලක්...නමුත් ඇගේ මිතුරියන්ගෙන් ඇයට ලැබුනු අදහස් නිසා වෙන්න ඇති.....මා ඇගෙන් ආදරය ගැන විමසුවා නම් ඇය කැමති වෙන්නට බලා ඉන්න ඇත්තෙ.
Deleteමට ඉතිං කල්පනා සයුරෙ කිමිදිලා...හීනියට දුක්බර සින්දු දෙක තුනක් අැහුවාම ලියන්න අවශ්‍ය මානසික තත්වය නිර්මාණය වෙනවා. වීයා උඹේ බොග් අඩවියේ මකුළු දැල් කඩලා ගනින්කො..
ඇඩෙනවා බන්... හාර්ට් එක උණු වෙලා දිය වෙලාම ගියා බන්...
ReplyDeleteමේ කථාව ඒ විදියට දැනෙනවා නම් බොලාගෙ හදවත තෙතමනයක් සහිත එකක්...
Deleteහරි ම සංවේදී කතාවක් සිරා... මේ වගේ ඇත්ත කතාත් ඇති....
ReplyDeleteමේක ඉතින් ඇත්ත කථාවක් තමයි...ප්‍රබන්ධයක් නොවෙයි.
Deleteමානසිකව වැටිලා තුවාල උනා බන්... මටත් මේ ලදී පොඩි සිද්දියක් උනා...
ReplyDelete2006 මාත් එක්ක යාලු වෙලා හිටපු කෙල්ලව ලදී බුකියේ දැකලා මැසේජ් එකක් දාලා ඇහුවා ඔයාට මාව මතකද කියලා.... ඒකිට මතක නෑලු.... එත් මට තාම අපි අතරේ උන හැම පොඩි දෙයක්ම මතකයි බන්... එකී මට දුන්න ලියුම් ටිකත් මගේ ගාව තියෙනවා... මට හා හා පුරා කියලා එකී මුලින්ම දුන්න මෙන්ටෝස් ටොපි කොළෙත් මන් ගාව තියෙනවා... එත් මේකිට අඩුම තරමේ මාව වත් මතක නෑ... ඒ ටික ඇහුවා විතරයි... ඒකි මාව බුකියෙනුත් බ්ලොක් කරලා....කාලය මැව් වෙනසක අරුමේ...
හිතාගන්නත් බෑ.....අදුරන්නෙත් නෑ කිව්වා කිව්වම...උඹ සතුටු වෙයං...උඹට නැති උනේ උඹ ගැන ආදරයක් නැති කෙනෙක්...එහෙම කෙනෙක් ලග තියාගෙන පලක් නෑනෙ...එයාට නැති උනේ එයාට ආදරය කරපු කෙනෙක්...එතකොට පාඩුව කාටද කියලා වැටහෙනවා නොවැ. මම නම් කියන්නෙ ඔබ ලග තියෙන ඔය ආදර සැමරුම් ටික විසි කරලා දාන්න කාලය හරි. රිදවීම පමණයි ඒවායින් ඔබට ලැබෙන්නෙ.
Delete@ඇනෝ
Deleteහොම්බට අනින්න තියෙන්නේ
වැඩක් නෑ බන් මෙන්ඩෝ කතා කරලා... ඒ කතාවත් හින්දි පිචැර් එකක් වගේ... ලියන්න කම්මැලි... නැත්තම් ත්‍රාසය භීතිය කුතුහලය සටන්ජවනිකා ඔක්කොගෙන්ම පිරුන කතාවක්....
Deleteදුක යන්නත් එක්ක ගහමු බන් ගල් කාලක්
ලියලා එවහං ඇනෝ ගොයියො...අපි දාමු 7 වෙනි ලිපියට...
Deleteමදි ඇනෝ පත්තරයයි සින්දුයි කම්මලයි අම්මෝ ගුදමක් ඔිනේ..ඇත්තට සිරාට එවහන්කෝ ඒ කතාව
Deleteකතාව එව්වා.... සිරා ලුණු ඇඹුල් දාලා ලස්සනට ලියලා මී මාසෙම දාවි කියලා හිතනවා..
Deleteගුදමක් එපා, පත්තරය බාල්දියක් ගෙනත් නායි.
Deleteඇනෝ කොලුවාගේ දුක බේරෙන කථාව මා වෙත ලැබී තිබේ...ඊලග මාසයේ එය කියවමු...
Deletemathaka na kiyanne godak velawata bayta venna puluwan, lankawe husbanda la kamathi nane tamange wife ge parana BF ekka kata karanawata, varadai vatahim athi nikara inna puluwan pirimi hari adui, a nisai mathaka na kiyanne , therunada ?
Deleteහිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ
ReplyDeleteහිත රිදවනා සුසුමක් වගේ නෙත හඩවනා කදුලක් දිගේ
හැබැහින් නැතත් හීනෙන් වගේ ඇයි දැයි කියන්නකෝ මා හැරගියේ
නුඹ ලඟ නැති දා ////
හිත දුවනවා හැමතැන මගේ හිත පිරෙනවා සුවදින් ඔබේ
හිත දුවනවා හැමතැන මගේ හිත පිරෙනවා සුවදින් ඔබේ
බැලු බැලු අතේ ඔබෙ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
නුඹ ලඟ නැති දා ////
හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ
හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ
දවසක ඇවිත් ලඟටම මගේ
මොහොතක් ඉදින්නකො ඉස්සර වගේ
නුඹ ලඟ නැති දා ////
මේ සින්දුව කියන්නෙ මම වගේ පෙනුම තියෙන එකෙක්...ඒ විස්තරය කියවලා නැතිනම්. මෙතැනින් කියවන්න මේ ලගදි සංඛ මේ පෝස්ටුව කියවලා මම ලංකාවට පැමිණියාම මුණ ගැහෙන්න අවශ්‍ය බව කිව්වා.
Deleteආදරේ කියන්නේ කොයිතරං සංවේදී මතක ගෙනෙන දෙයක්ද?
ReplyDeleteඔක්කොටම කලින්.. මචන් මේ මාලු කාරයාව පන්නන්න බැරිද? මේකා මගේ ආතල් එක කෑවා.. පරයා.
Delete@ Alexander CageNovember 23, 2014 at 2:25 PM
DeleteMachan, my above comment looks odd now as blog administrator had removed the advertisement posted with your comment. Sorry for that because I've replied with that not to you but to that f#$king bastard! :D
කල්‍යාණ මිත්‍රගේ අදහසට උඩින් මාළු දැන්වීමක් තිබුනි. සිරාගේ කාමරය යනු මාළු වෙළද පොලේ මාළු ලෑල්ලක් නොවන නිසා එය ඉවත් කලෙමි. ඒ නිසා කල්‍යාණ මිත්‍රගේ අදහස එයට අදාළ බැව් සැළකුව මනාය.
Deleteආදරය කියන වචනය ඇතුලෙ වේදනාව සහ සතුට කියන ජාති දෙකම තියෙනවා...ආදරයෙන් සතුට ලබපු අය ආදරය හරිම සොදුරුයි කියලා කියනවා. ආදරයෙන් දුක ලබපු උන් ආදරය වේදනාවක් කියලා කියනවා...පුද්ගල සාපේක්ෂ මනෝභාවයක්...
Deleteපත්තරේ ලියපු වේරලියැද්දගේ සිංදුව තමයි මටත් මතක් උනේ.. දැන් ඉතින්..
ReplyDeleteමල් පැණි වඩියක උණුසුම ලබනට..
යන්නට ඕනා කඩ මණ්ඩිය වෙත..
පාරට බැස්සම නොවැ හීතල වැඩි.. තනිකම ඊට වැඩී...
උඹේ පුද්ගලික අත්දැකීමක් නොවේවායැයි ප්‍රර්ථනා කරනවා.. ඒ තරමට සංවේදීයි මචන්.. ජය ශ්‍රී!
මාළු කාරයට මම අවශ්‍ය දේ කිව්වා...ශිෂ්ට සම්පන්නව ඔහු ඔහුගේ ව්‍යාපාරය ප්‍රචාරය කරන්න අවස්ථාවක් ඉල්ලුවා නම් ඒ අවස්ථාව දෙන්නට තිබුනා. නමුත් ඒ සීමාව ඔහු හඳුනන්නෙ නෑ.
Deleteමම මේ ලිපිය පටන් අරගෙන තියෙන්නෙ ඇගේ මරනෙන් වසර 40 පමණ ගතවුනාට පස්සෙ කියන උපකල්පනයෙන්...ඒ කියන කාලෙට ගැලපෙනම සින්දුව තමයි අමරදේවයන්ගෙ ඔබ උපුටා දක්වන ගීතය.
මේ මගේ පුද්ගලික අත්දැකීමක්...කිසිම දෙයක් අතින් දාලා නෑ..සියල්ල සත්‍යයි.
අනේහ් අනිච්චං.... !!!!
ReplyDeleteඅනිච්ඡාවත සංඛාරා නෙමේද බං...
Deleteමාර විදිහටම වැදුන මල්ලි..අර ඇනෝ කියල තියෙනදේ වගේ දෙයක් නම් මටත් උනා,,,මමත් අවුරුදු 6ක් ආදරේ කොරාපු උන්දැ කෙනෙක්.දවසක් මුණ ගැහුන අපේ පළාතේම තියන සිරා මලයාගේ ගමට කිට්ටු ප්‍රදාන රෝහලකදී.මාව දැකලත් නොදැක්ක වගේ අහක බලා ගත්ත.අර අපිටත් තියන මොකක්ද මගුලක් හින්ද මග ඇරල නොයා ලගට ගිහින් කතා කරලා ඉක්මනට දොස්තරව මුණ ගස්සල පෝලිමේ නොඉද බේත් ටිකත් අරන් දීල මම ගියා.පස්සේ අවුරුදු 4කත විතර පසුව මුණ ගැහුනා..මුන් මාරයි බං..එදත් මාව අදුරන්නේ නැහැ...මොනවට දෙන්න යනවද..මම මගේ ගමන ගියා.. ...නැවතත් කියමි..සුපිරියි.
ReplyDeleteමටනම් ඕකෙ අනික් පැත්ත උනේ ඉන්දික, ඔය ප්‍රදාන රෝහලේදිම. ඉස්පිරිතාලෙ ලගින් යද්දිත් මට ලෙඩ වෙනව.
Deleteපෙර දිනෙක සිතූ දේ
Deleteඅද ලොව ම කතා වේ
අප ආදරෙන් හමු වූ යුගේ
කෝ කොහේ ගියේ...
පෙර පුරුදු හිනාවේ
අද නුහුරු විලාසේ
හද සෝ තැවුල් වැදී සැලේ
ජීවිතේ ද මේ...
මහ සාගරේ අහස් තලේ
කවදා ද කොහිද හමු වුණේ
සිතිජ ඉම ය ආදරේ
දෑස රැවටුවේ...
එක ආකහේ හිරු හා සඳුයි
කවදා ද කෙලෙස හමු වුණේ
සිහින රැයකි ආදරේ
නෑ සැබෑ වුණේ...
ගී පද : දයා ද අල්විස්
තනුව /සංගීත නිර්මාණය : ෂෙල්ටන් විජේසේකර
ගායනය : ආරියරත්න යාපා සහ චන්ද්‍රලේඛා පෙරේරා
ඉන්දික මටත් ඔය කම්මලයට වගේ අනික් පැත්ත තමයි වුනේ. මට ගෙදර එන්නත් කිව්වා එක්කෙනෙක්. අනිත් කෙනා ඔෆිස් එකට එන්න කිව්වා. මම දෙකටම ගියා. මරු කතා දෙකක්. පස්සේ ලියන්නම්.
Deleteකම්මලේ නම් කොටියම කන්න එපායැ...අරූ..ලියන්න ලියන්න...මාත් ආසයි කියවන්න..සින්දු ඇනෝ...අවන්කවම සහෝදරය..ජීවිතේ පලවෙනි පාරට මම මේ සින්දුව ගැන දැන ගත්තෙ..බොහොම ස්තුතියි..
Deleteඅරැ අයියන්ඩි ඒ කතා දෙක ලියන්න
Delete@සින්දු
බ්‍රෑන්ඩ් එක ගල්
@කම්මල
ගල් බෝතලයක් ගහමු ටක් ගලා සුව වෙනවා
@ඉන්දික
ඡාතිය අමතන්න හිතෙනවා සුද්ද සිංහලෙන් නෙද බං ඒ වේලාවට
@ සිංදු , ඔහොම බෑ බොල, පහුවෙලා හරි හීන හැබෑ කරගන්න ඕනෙ
Delete@ අරූ අය්යා , හෙක් ඒවා යුතුකම්, මගෙත් සතියට පාරක්වත් ප්‍රෙෂර් චැක් කොරනව
@ ඉන්දික, පෙර පිං බලේ තමයි ලු
@ මෙන්ඩා , ඒ කාලේ ගල් වලින් සුවපත් කලාට දැන් වෙන බ්‍රෑන්ඩ් එකක් ඕනෙ බන්ස් .ඒත් මම ආසම බ්‍රෑන්ඩ් එක ගල්
@ මෙන්ඩිස්..ආයේ මොන කතාද..ලියන්න බෑ බන්...ඔක්කොම. ගෙදර ගිය දාක ගෙදර උන්දැගෙන් බත් වේලක් කන්නත් එපායැ..
Delete@කම්මලේ...ඔය පින් කොහොමද රැස් කර ගන්න පුළුවන්..
පෙර පින දෙවරක් චක්කරේ වගේ , විපතට පත් අයට පිහිට වෙන්න පුතා , කෙනෙක් ගේ අසරණ කමෙදී පිහිටවෙන්න . රහස් පණ මෙන් රකින්න. ( කිරිදිවැල පොලිසියේ නඩුවක් වැටෙයිද මන්ද )
Deleteනෑ නෑ..ගමේ පොලිසිය ගැන මම බලා ගන්නම්..මට අර විදිහ කනට කොරල කියහන්කෝ ඈ.....
Deleteමාවත් නිකං ගැස්සිලා ගියා...අවුරුදු 6 ක් කියන්නෙ සෙල්ලංද අප්පා...එච්චර කාලයක් ලව් කරපු ගෑණි අඳුරන්නෙවත් නෑ කිව්වම හිත වාවන්නෙ නෑ...මට හිතාගන්න බැරි එයාට ඇස් පේන්නෙ නැති අවුලක් තිබ්බද කියලා...
Deleteකම්මල අයියගෙ සීන් එක නම් පික්සු හැදෙන එකක්...දෙන්නටම රෝහල සම්බන්ධ වෙච්ච එකයි පොදු සාධකය.
ඇග හිරි වැටිල ගියා මොකක් කියන්නද මන්ද.............
ReplyDeleteපිස්සු වගේ.................. මොනා කියන්නද කියල හිතෙනව
අනේ මංද....... කෝම ඉවසන්නද........... මාත් විකාර වෙලා හිටපු කාලයක් තිබ්බ දැං නං ටිකක් හොදයි
බලාගෙන ගියාම හැමෝම අඩු වැඩි වශයෙන් ප්‍රේමයේ විරහව විඳපු අය නේද....ඒ හින්දම වෙන්න ඇති විරහා ගීත මේ තරම් මාකට් කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ
Deleteහරිම සංවේදී පොස්ටුවක්, පවු අසරණ දරුවො. මට ඔයවගේ අත්දැකීමක් නෑ, හැබැයි පොඩිකාලේ ඉදන් මගෙ හොදම යාළුවා යුද්දෙදි අතුරුදහන් උනා ඒ දුක හැමදාම තියනව.
ReplyDeleteආදරේ කියල හිතුන කෙනෙකුට මම කවදාවත් ඒක නොකිය ඉදල නෑ, තාමත් ඒ හැම කෙනෙක්ම මාත් එක්ක කතා කරනව.
අසරණ දරුවො එක්ක තනි උන ස්වාමි පුරුෂයට මොනවා හිතෙන්න ඇතිද...ආදරය කරලා බැඳපු ජෝඩුවක් නොවැ...ජීවත් වෙන තුරාවට ඉතින් ඇගේ මතකය ඔවුන්ට අමතක වෙන එකක් නෑ.
Delete//සුදු අරලියා //
ReplyDelete//එහෙම උනා නම් මම අරයා එක්ක යාලු වෙන්නෙ නෑනෙ//
(අසංවේදී නිසා නොව මේ දවස්වල සබ්ජෙක්ට් එක නිසා සිතුන දෙයකි)
Pra +++++++++++
Deleteසුදු අරලියා.. පට්ට පට පට... +++++++++++++++
Deleteසුදු අරලියා අන්දරය දෙස අපද නෙතු දල්වා බලා සිටින්නෙමු...
Deleteලියලා තියෙන ස්ටයිල් එකට තදින්ම වදිනවා. ඒක සිරාගේ හැකියාව.
ReplyDeleteස්තුතියි අරූ අයියා...අර තියෙනවා කිව්ව කථා දෙක ඉදිරීයේදි ලියමු නේද...
Deleteහිමිවීම ... අහිමිවීම ..
ReplyDeleteහිමිවීම සහ අහිමිවීම අතර තමයි නිරතුරුව ආදරය දෝලනය වෙන්නෙ. දුස සහ සතුට ආදරයට උරුමයි.
Deleteaduna.dukai
ReplyDeleteසත්තකින්ම ඇඩුනද ? ඒ ඇයි...ඔබටත් මෙවැනි අත්දැකීමක් තියෙනවද මිත්‍රයා...
Deleteඅත්දැකීම් වුනත් මේ විදිහට ලියල ඒක කියවන එකාගේ අත්දැකීමක් කරන එක්ට උඹට ගොඩක් ස්තූතියි.කතාවට නියමයි කියන්නද,දුකයි කියල කියන්නද කියල තේරෙන්නෙ නෑ.
ReplyDeleteජය වේවා...
මට මේ කථාව වෙනස් විදියකට ලියන්න අවශ්‍ය උනා...ඒ කාරිය හරියට කෙරුනද නැද්ද කියලා තීරණය කරන්නෙ ඔබ වැනි මේ ලිපිය කියවන අයම තමයි....ස්තූතියි අදහසට...
Deleteසුදු අරලිය මල්
ReplyDeleteහිතේ පිපුන මල්
පිදුවේ නැති මල්
හිතේ මැරුන මල්
මෙහෙමත් හිතුනා නේද?
සිටියා මාගෙන සිල්
වසං උනා අරූ එක්ක වල්
ආවා නම් මා එක්කල්
නොකල් පරවේද ඒ මල්
දයාල්ට දේශපාලන කවියක්ද මතක් උනේ...සුදු අරලිය පිපෙන තැනට රිංගන්න තමයි හැමෝම මාන බලන්නෙ.
Deleteදෛවය හරිම පුදුමාකාරයි.. මේ වගේ දෙයක් හිත හදාගෙන වචන වලට පෙරලන එක ලේසි නෑ.
ReplyDeleteආදරය සහ සතුට සමග ගමනක් යන්න හැමෝම කැමතියි. ඒත් සමහර වෙලාවට ආදරය දුකක් බවට පෙරලෙනවා...එහෙම තමයි...ලෝක ස්වභාවය.
Deleteමචං මේ අසරණ කොලුවට පිහිට වෙන්න අපිට ක්‍රමයක් නැද්ද. පෝස්ටුවට අදාළ නැති මේ කොමෙන්ටුවට සමා වෙයං.
ReplyDeletehttp://bit.ly/1AZcpIs