Tuesday, September 24, 2013

87 අයිය බඩා

සිරාගෙ කාමරයට එන යන අයට අයිය බඩා කියන්නෙ තව දුරටත් අමුත්තෙක් නෙමෙයි. රතු කොණ්ඩෙ ගැන කියද්දි තමයි ඉස්සෙල්ලාම මේ හාදයා ඔබට මුලිච්චි උනේ. 9 වසරෙදි පාසලේ බටහිර තූර්ය වාදක ඛණ්ඩයට සිරාට ටිකක් කලියෙන් තමයි මිනිහත් බැදුනෙ. පස්සෙ කාලෙක ඊට නායකත්වය දීලා තමන්ගෙ හැකියාවන් හොදටම පෙන්වන්න මගේ මිත්තරයට හැකි වුනා.

මුල් කාලයෙදි මට මේකව දිරෙව්වෙම නෑ...අපි දෙන්න හමුවෙච්ච හැම තැනකම වචන හුවමාරුවකින් තමයි කථාව අවසන් වුනේ...නමුත් කිසි දිනක ගුටි ඇණගත්තෙ නෑ... වසර දෙක තුනක් ඇවෑමෙන් කිසිදාක නැසෙන්නෙ නැති බොහොම ශක්තිමත් මිත්‍රත්වයකට අඩිතාලම දාන්න අපිට හැකි වුනා. ඒ හින්දමනෙ ඒකා 11 වසරෙදි සිරාගෙ ප්‍රථම ප්‍රේමයට බොක්කෙන්ම සහයෝගය දුන්නෙ.

ඒ දවස් වල අ.පො.ස සා/පෙ ජයගන්න අපි ගණිතය සහ විද්‍යාව විෂයට අතිරේක පන්ති ගියෙ ගම්පහ රෝහල කිට්ටුව තිබුන පුද්ගලික ආයතනයකට. බාලක පාසලක ඉගෙන ගත්ත අපිට හිතවත් වුන හැම දැරිවියක්ම මෙතනදි තමයි මුලිච්චි උනේ. සිරාගෙ හිත හාපුරා කියලා ඇදිලා ගිය රතු කොණ්ඩෙත් මේ කියන දවස් වල මෙතැන ශිෂ්‍යාවක්...අද එක්දරු මවක්. සිරාගෙ ආදරේ උපන් ගෙයිම වලපල්ලට යද්දි ඒ මාවතේ ඊට පස්සෙ ඉදිරියට ආවෙ මේ කිව්ව අයිය බඩා.

හැබෑටම බොලාට කියන්න බැරි වුනා නොවැ මේ සාඩම්බර නම මේකාට හිමි වුනේ කොහොමද කියලා. දවසක් අපේ එකෙක් අයිය බඩාගෙ ගෙදර යන වෙලාවක බඩාගෙ මල්ලි මහ හයියෙන් බෙරිහන් දෙනවලු ඒ නම කිය කියා...ඒ අනුව අයිය බඩාට මේ සාඩම්බර නම තිළිණ කරලා තියෙන්නෙ එක බඩවැල කඩාගෙන ආපු බාල සහෝදරයා. ඒ පැත්තෙ කැරකුන අපේ පින්වතාට පිං සිද්ද වෙන්න ඊට පස්සෙ මේ සාඩම්බර නම පාසලට සේන්දු වුනා. උසස් පෙළ කරලා අපි පාසලෙන් සමුගන්න තුරාවටම බොහෝ උන් අයිය බඩා කියන නමින්ම තමයි මගේ මිත්තරයා ආමන්ත්‍රණය කලේ.

දෛවයේ සරදමකට වගේ මගේ හිත පැහැරගත්ත නිල්පාට ඉරි පාසලේ දැරිවියක්ම තමයි අපේ අයිය බඩාගෙ හිතත් පැහැරගෙන තිබුනෙ. ගණිතය පන්තියෙ ඉදිරියෙන්ම තියෙන පේළියෙ හැමදාම ඉන්න..බැලූ බැල්මට බොහොම විනීත වගේම සුන්දර පෙනුමකුත් තිබුන දැරිවියක් තමයි මේ කියන කෙනා. පන්තියෙදි වැඩිය කොල්ලො දිහා උනන්දුවෙන් බලන්නෙ නැති ඉගෙනීමට හැම තිස්සෙම මුල් තැන දීලා තිබුන මේ වර්ගයේ කෙල්ලෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්න පුලුවන් උනා නම් ඒකා වීරයෙක් විදියටයි ඒකාලෙ කොල්ලන්ගෙ සමාජය පිළිගත්තෙ.

අපේ මේ ගණිත පන්තියෙ ගුරුතුමා තමන්ගෙ පන්තියෙ කොල්ලො කෙල්ලො ආදර සම්බන්ධතා වල පැටලෙනවට බොහොම විරුද්ධ උන කෙනෙක්...ඒ හින්දම ඒ වෙද්දි පන්තියේ ආදර සම්බන්ධතා වල පැටලිලා හිටපු ජෝඩු සර්ට හොරෙන් බොහොම කල්පනාවට තමයි තමන්ගෙ කාර්යයන් කරගෙන ගියේ. මොකද සෑර්ට අහුවුනොත් පන්තියට සහභාගි වීම තහනම් කරනවා වගේම දෙපාර්ශවයේම දෙමාපියන්ව පන්තියට කැදවලා තමන්ගෙ දුවගෙ /පුතාගෙ හපන්කම ගැන දැනුවත් කරන්නත් ආදරය ඇලජික් මේ ගුරුතුමා කටයුතු කොලා.

මේ ආදර රෝගය ගැන මම කලිනුත් කියලා තියෙනවා නොවැ. හැදුනොත් විනාශයි...කෙල්ල හා කිව්වොත් රෝගය සුවයි..බෑ කිව්වොත් වසලා හමාරයි. හා කියලා පස්සෙ බෑ කිව්වොතින් සෑහෙන්න අසාධ්‍යයි. ඉතිං අපේ අහිංසක අයිය බඩාගෙ හිත මේ කෙල්ල පැහැරගත්ත දවසෙ ඉදන් තමන්ගෙ අදහස ප්‍රකාශ කරගන්න ආකාරයක් තමයි මේ අහිංසකයා සැලසුම් කොලේ.

ඔන්න අර සිරා කොලුවට උදව් කලා වගේ ආදර ඔස්තාද්ලා අයිය බඩාටත් උදව්වට පැමිණියා. කෙල්ලගෙ අම්මා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙච්ච හින්දා ඒකිට හොදට ඉංගිරිසි පුලුවන් කියලා ආරංචියකුත් ආවා. ඒ හින්දා ආදර හසුන ඉංගිරිසියෙන් ලියන්න තීරණය වුනේ ආදර අත්දැකීම් තියෙන මහදැනමුත්තන්ගෙ අත්දැකීම් වලට අනුව.



ඒ අනුව පාසල් වෙලාවෙන් පස්සෙ අපේ පන්තිය ඇතුලෙදි පෙම් හසුන ලියවුනේ දහසක් ප්‍රාර්ථනා මැද්දෙ. ඉංග්‍රීසි පිළිබද හසල දැනුමක් ඇති විද්වතුන් පවා මේ අවස්ථාවට එක් වුනා. මේ කියන කාලෙ ඉතිං කෙල්ලෙක්ගෙන් කෙලින්ම ඩිරෙක්ට් ඇහුවෙ එහෙමත් එකෙක්. පෙම් හසුනෙන් තමයි බොහෝ උන් වැඩේ ගොඩ දාගත්තෙ. ලියුම කෙල්ලගෙ යාලුවෙක් අතේ එව්වොත් මේකා කොන්ද පණ නැති එකෙක් කියලා දැරිවි හිතන නිසා තමන් විසින්ම ඉදිරිපත් කිරීම තමයි ඵලදායී ක්‍රමේ.

ඔන්න ඉතිං වෙනදා වගේම ටික් ටික් හඩින් කාලය ගත වෙලා ලියුම පෙර කිව්ව සීදේවි දැරිවියගෙ අතට පත් කරන ඒ සුභ මොහොත උදා වුනා. පන්තිය ඇතුලෙ ඇති පදම් ඇහැ කරකවලා තමන්ගෙ හිතේ තියෙන අදහස යන්තම් පදම් කියලා තිබුන හින්දා ඒ දැරිවිටත් යන්තම් අවබෝධයක් තිබුනා ඒ වෙද්දි මගෙ හිතේ.

පාසල් නිමවෙලා දැරිවියො ගම්පහ නගරය පුරා යන වෙලාවක බස් නැවතුම අසලදි පෙම් හසුන පුදන්නට දැන් සියලුම වැඩ කටයුතු ලහිලහියේ සූදානම්. එතකොට ගම්පහ - ජා-ඇල බස් නැවතුම හදාගෙන යන කාලෙ. ගොඩනැගිල්ල වට කරලා ඉදි කරලා තිබුන තහඩු ආවරණය ලගට වෙන්න අපේ කථා නායිකාව දෙපසට වැනෙමින් යාලුවෙක් සමග කයියකට සැට් වෙලා හිටියෙ.

අයිය බඩාගෙ හිත ධෛර්යමත් කරලා වැඩේ ගොඩ දාගන්න සප් එක දෙන්න ඒ දැරිවි ගමන් ගන්නා මාර්ගයේ යන එන අයිය බඩාගෙ මිතුරො ඔක්කොම දැන් මේ උත්කර්ෂවත් අවස්ථාවට සහභාගි වෙලා. සත්ගුණවත් සිරා කොලුවත් ඒ අතරින් එකෙක්. වෙන උන් වගේ කැළඹිලි සහගත පෙනුමක් මම එදා උගෙන් දැක්කෙ නෑ. බොහොම අධිෂ්ඨානශීලී බැල්මක් එක්ක බොහොම සැහැල්ලුවෙන් ටවුමෙ තාර කට්ට හින්දා ගිණියම් වෙච්ච ඔක්සිජන් උගෙ නාස් කුහර අස්සෙන් ඇතුලට රිංගුවෙ.

පිදුරුතලාගල කන්දත් ඇදිලා එන තරමේ ලොකු හුස්මක් ඉහළට අරගෙන අයිය බඩා වැඩේට ඇන්ටර් උනේ අපේ සුභ පැතුම් මැද්දෙන්. අපේ එකා ටිකෙන් ටික ලගට එද්දි අර දැරිවි කලබල වෙන ආකාරය නම් ඒ දෙසට මානගෙන හිටිය අපේ කැමරා කාච වල සටහන් වුනා වගේ මතකයි.

අයිය බඩා පෙරට තිබ්බ එක පියවරට තවත් පියවර රාශියක් එකතු වෙලා. ඒකා දැන් උගේ හිත ගත් ඒ සීදේවි මූණු පොඩ්ඩ සමීපයට ගිහින් නැවතත් පිටිපස්ස හැරිලා බලලා අතේ ගුලි කරගෙන තිබුන ලියුං කරදහිය එළියට ඇදලා ගෑණු දරුවට දික් කලා....

වටපිට බලලා කොමල හිනාවක් පෑව ඒ දැරිවි නැවතත් වට පිට බලනවා අපිට පැහැදිලිව පේනවා.

අනේ මේක අම්මා දැක්කොත් මම මොකද කරන්නෙ

මම මේක අම්මට නෙමෙයි ඔයාට දෙන්නෙ. කියවලා බලලා උත්තරයක් දෙන්න. අන්න ඒ විදියටයි එතැන දෙබස් හුවමාරු උනේ කියලයි අදාළ කටයුත්ත නිමකරගෙන අපේ ළගට ආව අයිය බඩා අපිට පස්සෙ කිව්වෙ.

දිණ කීපයක් ගත වුනා. තවමත් කෙල්ලගෙන් උත්තරයක් නෑ. ඇගේ පිළිතුර දැනගන්නකං මේකාට උදව් වෙච්ච අපිටත් ඉවසිල්ලක් නෑ. කොහොම හරි ඒ සති අන්තෙ අතිරේක පන්තිය නිමවෙලා යන අතරතුර තමන් යෝජනාවට කැමති බව සටහන් කල කුඩා කොළ කැබැල්ලක් අයිය බඩා අත තබන්න ඇය කටයුතු කර තිබුනා.

එදායින් පස්සෙ මේ දෙන්නගෙ ආදර කථාව බොහොම ලස්සනට ගලාගෙන ගියා..කෙල්ල අයිය බඩාගෙ උපන් දිනයට දෙන කාඩ්පතේ ලියන හරබර ඉංග්‍රීසි වචන තේරුම් බේරුම් කරන්න අපි ශබ්ද කෝෂයකුත් අරන් තමයි ඉස්සර පන්ති කාමරේ උගෙ ඩෙස්ක් එක වටේට එකතු වෙන්නෙ. ඒ වගේ සහයෝගයක් තමයි උගෙ යාලුවො හැටියට අපි ඒ කාලෙ ලබා දුන්නෙ. කාටවත් ඉරිසියාවක්, කුහක කමක් නෑ...අදත් මේ අතීතය මතක් කලාම දැනෙන්නෙ පුදුමාකාර සතුටක්.

බඩා උසස් පෙළ කරන කාලෙදි තමයි ආදර කවි කොළ තැපෑලෙන් ගෙදරට ලැබෙන්න ගත්තෙ. තවත් ටික කාලෙකින් ලියුම් කෑලිත් ගෙදරට තැපෑලෙන් ලැබුනා.

ඇයි අයියෙ මාව මේ විදියට මගඅරින්නෙ...මට මේ ලැබෙන්න ඉන්න දරුවා ඔයාගෙ කියලා මම කටක් ඇරලා කාටවත් කියන්නෙ කොහොමද....එදා ඔයා මම බෑ කියද්දි නේද මට මේ අපරාධෙ කලේ. අනේ අයියෙ හෙටවත් ඉස්කෝලෙ ඉවරවෙලා අපේ ඉස්කෝලෙ ලගට නොවරදවාම එන්න.......මම බලන් ඉන්නවා...හොදද...මට තව වැඩි දවසක් මේ රහස හංගගෙන ඉස්කෝලෙ එන්න බැරි වෙයි.

එක ලිපියක මෙහෙම කුප්ප කථාවකුත් ලියවිලා තිබුනා.... මේ ලිපි පාසලෙන් සමුගත්තටත් පස්සෙයි අයිය බඩා මට පෙන්නුවෙ. ලියුම් යවපු කෙනා හිතුවෙ බඩාගෙ ගෙදර උන් මේ ලිපි කියවලා කලබල වෙලා මේකාට නෙලයි කියලා. ඒත් මේ ලිපි අපේ කථා නායකයගෙ අම්මා විවෘත කරලා බලලා කොල්ලෙක්ගෙ අත්අකුරු වගේ හින්දා එච්චර ගනන් අරන් නෑ...හිනාවෙලා තමයි අන්න තමුන්ට ගෑණු ළමයෙක් ලියුම් එවනවා කියලා දීලා තියෙන්නෙ. ඒ ලිපි ඔක්කොම ජපන් චමියා ආතල් එකට යවපුවා.

ඉස්සර දවසක ගම්පහ ටවුමෙ රස්තියාදුවක් ගහන වෙලාවක සිරා කොලුවට ජපන් චමියා හමුවුනොත් අපි දෙන්නා අනිවාර්යෙන්ම නවතින්නෙ ගම්පහ ඉදන් සෑහෙන දුරකින් පිහිටි බඩාගෙ ගෙදර...දවල්ට කන්න තමයි එහෙට යන්නෙ. හැමදාම මේ වැඩේ වෙන නිසාත් බඩාත් බඩගින්නෙ ඉන්නවා අපිත් එක්ක අපිට රිටර්න් එක දෙන්න. මොකද අපි දෙන්නා හැමදාම එහෙ ගියේ අත වන වනා. බිස්කට් පැකට් එකක් වත් ගන්න විදියක් නෑ. වත මිලින වෙලා. ඒත් ජපන් චමියා

මොනවද බන්...ගෙදරට අමුත්තො ආපුවාම උන්ට කන්න බොන්න දෙන සිරිතක් උඹලා දන්නෙ නැද්ද....කියලා ඇහුවට පස්සෙ අයිය බඩා අහන්නෙ

ඈ බොල...ගෙදරකට එද්දි අත වන වනා එන සිරිතක් තියෙනවද.... කියලා

මේ දෙබස අස්සෙන් හැමදාමත් වගේ අපේ මිත්තරයගෙ අම්මා බත් කන්න ලෑස්ති කරනවා. ඒ බත් පතට කුකුල් මස් කරියක් වැරදුනේම නෑ. මොකද බඩාගෙ ගෙදරම සිල්ලර කඩයක් අම්මා විසින් පවත්වාගෙන ගියා...ඒකෙ අයිස් පෙට්ටියෙ කුකුලො කූඩු වෙලා හිටියා ඇති පදමට.

11 පන්තියෙදි සිරා කොලුවා, කිඩා, අයිය බඩා සජ්ජා...හිටියෙ එක ලග පිහිටි ඩෙස්ක් වල...මේ අතරින් සජ්ජා නියෝජනය කලේ පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය...පස්සෙ කාලෙක අයිය බඩා බටහිර තූර්ය වාදක ඛණ්ඩයට නායකත්වය දෙනකොට...ඒ වසරෙම පෙරදිග තූර්ය වාදක ඛණ්ඩයට නායකත්වය දුන්නෙ සජ්ජා...පන්තිය තුල ඇතිවෙලා තිබුන මේ සහෝදරත්වය නිසාම බෑන්ඩ් කණ්ඩායම් දෙකක් විදියට අපි දෙපාර්ශවය ඉතාම සහයෝගයෙන් කටයුතු කලා. උන්ගෙ සිම්බල් එක කැඩුන වෙලාවට අලුත් එකක් ලැබෙන තුරු උන් පාවිච්චි කරන්නෙ අපිට අයත් අතිරේක සිම්බල් ජෝඩුවක්...වතාවක් රාජ්‍ය අනුග්‍රහයෙන් ගම්පහ පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදි අපි නියම වැඩක් කලා...හැබැයි ඒ ගැන අද කියන්න අදහසක් නෑ...ඉදිරි දවසක බලමු.

ඉතින් සංගීත කාරයො ටික එකලග ඉන්න නිසාම ගුරුවරයෙක් නැති වෙලාවට පන්තියෙ ඉන්න අනිත් උන් සින්දුවක් කියන්න සැට් වෙන්නෙ අපේ පොට් එකේ...ඒ වෙලාවට ප්‍රසංගය ආමන්ත්‍රණය කරන්න මයික්‍රෆෝනය අතට ගන්නෙ ඒ වෙද්දි කථික තරග වලින් සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් අපේ පාසලට අරන් ආපු මාලක. සරසවි අධ්‍යාපනයෙන් පස්සෙ අද මෙතුමා ගම්පහ වැඩිම ශිෂ්‍ය පිරිසක් ඉගෙන ගන්න දේශපාලන විද්‍යා පන්තියේ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ආදරණීය ගුරුතුමා.

බෑන්ඩ් එකේ සයිඩ් ඩ්‍රම් ගහපු නිසාම සංගීත ප්‍රසංගයේදි කවකටු පෙට්ටියෙන් ඩ්‍රම්ස් ගහන්න සැට් වෙන්නෙ අයිය බඩා...සිරා කලේ අසන්නන්ගේ ඉල්ලීම් ඉටු කරපු එක ඒ කිව්වෙ ගායනය. සංගීතෙ නැගලම යනකොට අහල පහල පන්ති වල එවුනුත් අපිට සැට් වෙනවා. එකෙක් කියනවා මචං ප්‍රියාගෙ හදවත ඉල්ලා දීපන්....තව එකෙක් කියනවා අඩෝ...සමිතගෙ රණ හංස යුවල දීපන්...ඒ අස්සෙ නිවේදකයා පන්තියෙ තමන් එක්ක අරියාදුවෙන් ඉන්න උන්ට වදින විදියට සංගීතය මැද්දෙන් පොඩි පොඩි නිවේදන කෑලිත් දානවා...සද්දෙ උපරිම වෙලා නැගලම යන සංගීතෙ කඩාකප්පල් වෙන්නෙ අහල පහල ගුරුතුමෙක් පන්තියට කඩා පාත් උනාට පස්සෙ.

අපේ අභිනව පෙම්වතා අයිය බඩා අතිරේක පන්තිය තුල කාටවත් නොදැනෙන ලෙස උගේ ආදරය රැකගෙන ඉදිරියට ගියා වගේම මේ දෙපළම ඉතාම හොද අපොස සා/පෙ ප්‍රතිඵලත් ලබා ගත්තා. එතැනින් පස්සෙ උසස් පෙළ අවසන් වෙද්දිත් කිසිදු අපලයක් උපද්‍රවයකින් තොරව ආදරය නිදහසේ ගලාගෙන ගියා.

ඒත් උසස් පෙළින් පස්සෙ බෑන්ඩ් කණ්ඩායමෙන් ලැබිච්ච ආභාෂය නිසාම තමන්ගෙ අනාගත මාවත ලෙස නාවික හමුදාවට වාදකයකු ලෙස අනුයුක්ත වෙන්න බඩා තීරණය කර තිබුනා. ලංකාවෙ ඉතාම අග්‍රගණ්‍ය බටහිර තූර්ය වාදක ඛණ්ඩය හිමි නාවික හමුදාවට නිසා...ඒ කණ්ඩායමට සැබවින්ම දක්ෂයකුට මිස අනෙකෙකුට සම්බන්ධ වෙන්න කිසිම ඉඩක් නෑ.

ඒ කාලෙ බොහොම තදට යුද්ධෙ ඇවිලිලා තිබුන වකවානුව..වාදකයකු ලෙස සම්බන්ධ වුනත් අවශ්‍යතාව අනුව යුධ පෙරමුණටත් යන්න වේවි කියන භය හිතේ තිබුන හින්දම බඩාගෙ පෙම්වතිය මේ තීරණයට දැඩිව විරුද්ධ වුනා. තමන්ගෙ අරමුණ මොකක්ද කියලා අයිය බඩා කොච්චර තේරුම් කරන්න උත්සාහ කලත් මේ කෙල්ල නෙමෙයි තමන්ගෙ අදහස වෙනස් කලේ.

ඔයා නාවික හමුදාව හරි මාව හරි දෙකෙන් එකක් තෝර ගන්න...ඔන්න ඔහොමයි ඇය බඩාගෙ අදහස වෙනස් කරන්න බැරිම වෙච්ච අවස්ථාවෙ ඉදිරිපත් කල කඩඉම් පුරස්නෙ.

හරි මට කරන්න දෙයක් ඇත්තෙම නෑ. මම නාවික හමුදාව තෝරාගන්නවා. කෙල්ලෙක් නිසා තමන්ගෙ අනාගතය වෙනස් කරගන්න අයිය බඩා කැමති වුනේ නෑ. තමන්ගෙ පෙම්වතිය කැප කරලා මේකා නාවික හමුදා වාදක කණ්ඩායමට එකතු වුනා වගේම ටික කාලයක් ඇතුලත හැකියාවන් තවත් ඔප මට්ටම් කරගෙන එහි ප්‍රමුඛ පෙළේ සාමාජිකයෙකුත් උනා. රටවල් ගණනාවක පුහුණුවීම් වගේම තමන්ගෙ ජීවිතයට හරියටම හරියන යුවතියත් ඊට පස්සෙ කාලෙක ඔහුට හමු උනා.

ලංකාවෙ ඈත කොණක රාජකාරිය කරන අපේ අයිය බඩා දැන් විවාහකයි. ඔහුගේ බිරිද ගෙදර තියෙන ඡායාරූප ඇල්බමයක මේකාට කලින් පෙම්වතිය ලබා දුන් ඡායාරූප කීපයක් බොහොම සුරක්ෂිතව තබා තියෙනවා. සිරා කොලුවා වන මා ඇතුලු මගේ තූර්ය වාදක මිත්‍රයන් එහි යන සෑම විටෙකම පරණ කථා ඇවිස්සෙන සෑම මොහොතකම,

ආ එයාද? එයාගෙ ෆොටෝ මම තමයි මේ පරිස්සම් කරලා අරගෙන තියලා තියෙන්නෙ

යනුවෙන් පවසමින් මේ ඡායාරූප ඇල්බමය සිනා මුසුව ගෙනැවිත් පෙන්වීම ඇගේ සිරිතක්.

මෙවැනි සුහද හමුවක් බඩාගෙ නිවසෙදි පැවැත්වෙන්නෙ බොහෝවිට විදේශගතව ඉන්න අපේ එවකට තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙක්, දෙන්නෙක් ලංකාවට ආපු වෙලාවක තමයි. ඒ වෙලාවට පැවැත්වෙන මධු සාදයෙදි ගීත ගැයීම ආරම්භ කරන්නෙ හැමදාම එකම ගීතයකින්. ඒ හැම විටෙකම බඩා බිරිද දෙස බලමින් සිනාසීම දැන් අපට හොදට හුරුපුරුදුයි.

සදාදර නයෝ ඔබේ මංගල දිනේ.......ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ.......



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

පසු කලෙක බඩාගේ පළමු පෙම්වතියද විවාහ ජීවිතයට එළැඹුන බවත්...දැන් එක්දරු මවක බවත් සිරා කොලුවා වන මට වාර්තා වී තිබේ. 

එදා මෙන්ම අදද සිරා කොලුවා වන මම තනිකඩය...දුකේ බෑ අයියෝ...



87 comments:

  1. මගුලක් කතා නොකර තව අවුරුද්දක් දෙකක් කට්ට කාගෙන ඉවසහන් කොල්ලො.
    වෙලාව ආපු ගමන් මේකෙන්ම කෙලි පැටික්කියෙක් උඹව සොයා ඒවි.
    හදිසීම නම් මේ දැන්වීම පත්තරේකට දාහං මලේ.

    ReplyDelete
    Replies
    1. බොලා වගේ අත්දැකීම් ඇති අය එහෙම කියනවා නම් එහෙම කරමු කෙන්ජයියෙ...

      Delete
  2. //එදා මෙන්ම අදද සිරා කොලුවා වන මම තනිකඩය...දුකේ බෑ අයියෝ...//

    පව් අප්පා...:D:D

    ReplyDelete
    Replies
    1. අප්ලිකේෂන් දාන්න තියෙන්න අයියෝ...

      Delete
    2. මෙයාට දැන් බෑ අයියෝ..!!

      Delete
    3. දුකේ බෑ කිව්වෙ ඒකනේ මෙයා...:D

      Delete
    4. දෙහි හාන්දුරුවනේ ... සන් නාරන් මෑණියනේ..... ඇයි ඔය තනිකඩ කතාව මට කිව්වේ නැත්තේ...... ලංකාවේ වත් නැති හැදිච්ච ගුණයහපත් සිංහල දැරිවියෝ ඉන්නේ මෙහේනේ

      Delete
    5. මට ඊයක් එවන්නකො රාළෙ ඔබව සම්බන්ධ කරගන්න හැකි විදියක්...මමත් මනාපයි ඔය සීදේවි දැරිවියන් දැක බලාගන්න.

      Delete
  3. ඔය මගුල් විසේ ඔළුවට ගැහුවොත් මක්කවත් කොරගන්න වෙන්නේ නෑ.. ඉස්සෙල්ලා සල්ලි කාරයෙක් වෙයන්.. පස්සෙ පුළුවන් මගුල් කන්න.. දෙයියෝ හැමදාම ඔය චාන්ස් දෙන්නේ නෑ.. ඔතනින් ඔයිට වඩා හොඳ පඩි ගෙවන රටකට පැන ගන්න බලපන්.. බැඳිම් ඇති කර ගත්තම.. අන්තීමට හිරවෙනවා.. එතකොට තනී තීරණවලට වැඩ කරන්න බෑ. එහෙම වැඩ කරන එකා සාධාරනත් නෑ..

    මොහොතක් සුව දෙන ලෝකාල කරක් ගැහුවට අවුලක් නෑ.. මොකෝඅ කෙල්ලෝ හොයන්නෙත් ඒකට නේ.. නැතුව උකුණෝ බලන්නය...

    ReplyDelete
    Replies
    1. සිරා මල්ලිය බලන්නෙ අරකයි,උකුනො බලන්නයි දෙකටමලු.
      ඒකනේ අර තැන්වල උකුනො බලන්න ගියොත් හොද දෙකක් අහ ගත්තෑකි.

      Delete
    2. මහාචාර්ය මා තලන් තුමාගෙ කථාව පංකාදුයි...ඇත්ත ඇත්ත බැදීම් ඇති වුනාම හිර වෙනවා..ඒත් බොලං දැන් දශක තුනත් පැන්නා...ඔය කියන විදියට අවුරුදු 40 දි විතර බලමු කසාදයක් කොර ගන්න.

      කෙන්ජයියටත් ඔය තේරිලා තියෙන්නෙ යස අගේට...

      Delete
  4. සිරා අයියා ලව් සික් මාන්දම හොඳටම ගහන කතා කොම්පෝස් කරනවා වැඩියි! ටිකක් හිටපල්ලකො අපිත් ඔය මොන මොනවා හරි කාර ගන්නකම්!

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ගම්පහ ගෙට්ටුවට ආපු සූටි නංගියා කෝ දැන්...

      Delete
  5. සිරා කියන්නේ ඉතින් සිරාම නිසානෙ.ඉතින් තවටික දවසක් ඉවසමු.දැන් ලංකාවේ එක පිරිමියෙකුට කාන්තාවන් දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්නවයි කියනවනේ..බයවෙන්න එපා ළගදීම ගොඩ යයි..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ එක පිරිමියෙක්ට තාම ඒච්චර නෑ බන්..එකයි දශම ගාණක් තියෙන්නෙ...ඔන්න තායිලන්තෙ හරි මැලේසියාවෙදි හරි නම් දෙන්නා තුන්දෙනා අනුපාතෙට ඉන්නවා..

      Delete
    2. මාත් මෙ අහන්න හැදුවෙ කො මගෙ අනිත් දෙන්න කියල

      Delete
  6. අම්මෝ..සිරෝ... නියමෙට ලියල තියෙනව.. ඔය වගේ ආතලුත් මමත් ගත්ත... එල එල... දාපන් තව

    ReplyDelete
    Replies
    1. මතක් වෙන පිළිවෙලට ලියන්නම් කොලුවො...

      Delete
  7. කොහොම හරි අයිය බඩා අන්තිම මොහොතෙ නිවැරදි තීරණයක් අරගෙන තියෙනව.

    සිරාට සිරා කෙල්ලෙක් සෙට් වෙනකල් පොඩ්ඩක් ඉව‍සගෙන ඉන්න බැරි හැඩයි. :D

    ReplyDelete
    Replies
    1. අයියා බඩා හොද තීරණයක් ගත්ත බව නම් ඇත්ත. ඒ නිසා තමයි වර්තමානයේ තමන්ගෙ ක්ෂේත්‍රය ඇතුලෙ සාර්ථක වෙන්න මිනිහට පුලුවන් වෙලා තියෙන්නෙ.

      මේ හිටියා වගේ තව ඉවසන් ඉන්නවා...ප්‍රසන්න අයියලත් හෙල්ප් එකක් දෙන්නෙ නැතෑ...

      Delete
  8. අයියා බඩාට නැතුව ඔය අත්දැකීම සිරා කොලුවට මූණදෙන්න වුනානම් කතාව සෑහෙන්න වෙනස් වෙයි නේද ..?

    ReplyDelete
    Replies
    1. හැබැයි මමත් යමක් කරන්න හිතුනොත් කරලම තමා නවතින්නෙ...ඒ විදියට බලපුවාම දැරිවි එක්ක එකගතාවකට එන්න බැරි උනා නම් අයිය බඩා කරපු දේම මමත් කරන්න ඉඩ තිබුනා.

      Delete
  9. හප්පේ සිරා දන්නවනේ මම ලව් සීන් වැඩිය බලන්නේ නැති බව ... මිල්ටන්ගේ මිතුරා එකේ මම දාපු කමෙන්ට් එක මතකනේ ...

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි...මේ ලගදිත් දැක්කා ලියලා තිබ්බ රචනාව...හැබැයි ඒ සටහන බොහොම හැගීම්බරයි. සහන් කියන චරිතය තුල නොදකින පැත්තක් ඒ සටහනෙන් අනාවරණය වෙනවා.

      Delete
  10. හරිම රසවත් කතාවක්,ඒත් මේ සංවේදී කතාවට යටින් මොකක්දෝ සෝක ගීතයක් දිගින් දිගටම වාදනය වෙනව මට ඇහුනා.
    දුකක් සාංකාවක් වගේ දෙයක් මට දැනෙන්නෙ ඇයි කියල උඹට හිතන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. සෝක ගීතයක් කිව්වෙ විරහ ගීතයක් වගේ එකක්ද හැලපයියෙ....බොට එහෙම හිතෙන්න ඇයි කියලා මට නම් මීටර් වෙන්නෙ නැතුවා...

      Delete
    2. ඇත්තටම හැලපේ මටත් ඒකම දැණුනා. ඒ තමයි සිරාගේ විරහව.

      Delete
  11. සමිතාගේ රණ හංස යුවල මරු නේද අයියේ....?

    නෑ මේ මං කිව්වේ සින්දුව

    ReplyDelete
    Replies
    1. අතුලගෙන් තමා අහන්න වෙන්නෙ..

      Delete
    2. ජොනියගෙන් ඇහුවනන් හරියටම කියයි

      Delete
    3. ජොහානුත් දන්නව ඇති නේ...?

      Delete
    4. ඒකා තාම හිච්චි කොලුවනෙ ඩ්‍රැකියො...

      Delete
  12. //එදා මෙන්ම අදද සිරා කොලුවා වන මම තනිකඩය...දුකේ බෑ අයියෝ//
    බඩ,පපුව දාලා ගියා සිරෝ..තනියෙන් ඉන්න එකෙක් තමයි තනිකඩයකුගේ දුක දන්නේ..:(

    ReplyDelete
    Replies
    1. @ මනෝජ් & සිරා

      නරකද දෙන්නා පොඩ්ඩක් දැන අඳුනන් කතා බහ කරගත්තොත් එහෙම ...හරි ගියොත් අපිට කේක් ඕනේ ඕන් ...

      Delete
    2. සිරාව දැන අදුනා ගැනීම හොදයි,මම කියවපු පළවැනි බ්ලොග් එකේ හිමිකරයා විදියට ඒ උනාට මම ඉතිං සිරා එක්ක පවුල් කන්නද බං හරි ගියොත් කේක් දෙන්න කියන්නේ....:D

      Delete
    3. නරක් වෙලා හිටි..:P

      Delete
    4. ‍තෝ මොකද බොල වනචර විදියට හැක..හැක ගාන්නෙ..?

      Delete
    5. චීයා...සහන් මම ඔයා ගැන ඔහොම ඉතුවෙම නෑ...ඔයා හලිම නාකයි..

      Delete
  13. මට ආසම වාක්‍යය මේක: >>ඔහුගේ බිරිද ගෙදර තියෙන ඡායාරූප ඇල්බමයක මේකාට කලින් පෙම්වතිය ලබා දුන් ඡායාරූප කීපයක් බොහොම සුරක්ෂිතව තබා තියෙනවා.<<
    මේක කලාතුරකින් වෙන සිද්ධියක්. බොහෝ විට ඔය වගේ ගතිගුණ තියෙන ගැහැණු දකින්න ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට තියෙන්නේ අහේතුක ඊර්ෂ්‍යාවක්. ඒ නිසාම උඹ කියපු මේ වාක්‍යයත් හරියටම හරි; >>තමන්ගෙ ජීවිතයට හරියටම හරියන යුවතියත් ඊට පස්සෙ කාලෙක ඔහුට හමු උනා.<<
    මේ වාක්‍ය දෙකේ තියෙන අන්තර්සම්බන්ධතාවය උඹ දකින්න ඇති නේ?

    ReplyDelete
    Replies
    1. අපේ මනුස්සයත් මට පරන විස්තර කිව්වම මම හොදට අහගෙන හිටියා... පස්සේ එයා එච්චර කාලයක් පරිස්සම් කරපු සේරම ලියුම් ෆොටෝස් එහෙම මට ගෙනත් දුන්න පරිස්සම් කරන්න කියලා.. මම මුල දවස් දෙක තුනක් සද්ද නැතුව හිටියා... පස්සේ පටන් ගත්තා ඔයා එයාට මෙහෙම කිව්වද? අරෙහෙම කිව්වද කියලා.. අන්තිමට මගේ ඉස්සරහම සේරම පුච්චලා දාන්න සැමි අයියට සිද්ද උනා...
      සිරා අයියේ, මේ මී කූඩුව අස්සට රිංගන්න දගලන්න එපා... ආවොත් ආයේ එලියට යනව බොරු...

      Delete
    2. අත්දැකීම් ඇති ඔය වගේ අය එහෙම කියනවා නම් තනිකඩ ජීවිතේ සැපයි වගේ..

      Delete
    3. නදිනි...මටත් වුනේ ඔය සංතෑන්සියමයි. මම අකැමත්තෙන් උනත් පුච්චලා දැම්මා. හරියට පිච්චුනෙත් නැහැ. පස්සේ අතීත කුණු බක්කියට දැම්මා..

      Delete
  14. සුන්දර අත්දැකීම් වගේ :)

    ReplyDelete
    Replies
    1. අතීතය සුන්දර සිහිනයක් පමණයි...අද ජීවිතේ කාර්යබහුල වෙලා මේ තරම් සුන්දර නෑ.

      Delete
  15. රස සාගරයක්. විනෝද ආකාරයක්. ඔය තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ. මේහා සමාන මගේ අත්දැකීම් ගොඩක් මතක්වුනා. මෙතන ලියන්න ගියානම් දිග වැඩිවෙනවා.

    ප්‍රියාගේ හදවතනම් ඉල්ලන ඕනෙවෙලාවක ගලවලා දෙයි හිත හොඳ මනුස්සයනේ. සමිතාගේ රණහංස යුවල 'වයඹ පළාතේ' දාලා ආවට පස්සේ ආපහු ඉල්ලගත්තද දන්නෙනෑ

    ReplyDelete
    Replies
    1. //සමිතාගේ රණහංස යුවල 'වයඹ පළාතේ' දාලා ආවට පස්සේ ආපහු ඉල්ලගත්තද දන්නෙනෑ//

      මගෙ බඩ රිදෙනවා අයියෝ මේවට හිනා වෙලා...මම හිතන්නෙ මතක් කරලා ඉල්ල ගන්න ඇති. අර මතක් වුනා කිව්ව කථා ටිකත් ලියන්න හොදේ...

      Delete
  16. මේකා හැම පෝස්ට් එකකම කොහෙන්ම හරි බැරිනං අන්තිමට හරි මංගල දැන්වීමක් දානවා කියලා ඔය කියවන කට්ටියට නෝට් වෙලා නැද්ද මං අහන්නෙ... ලෙඩේ හොඳටම බරපතලයි වගේ... හි හි

    ReplyDelete
    Replies
    1. උඹලා කිසිම සපෝට් එකක් දෙන්නෙ නැතුව ලෙඩේ බරපතලයි කියනවා..බොලා ඉතිං පාසල් ජීවිතෙන් පස්සෙ කෙලින්ම කසාද ජීවිතේට පය තිබ්බට...සිරා තාම පොඩි එකා බන් අපේ අම්මා කියන විදියට...මම මේ අත කසනවට වගේ ඒ කෑල්ල අගට එකතු කලේ...:D

      Delete
    2. පාසල් ජීවිතෙන් පස්සෙ...??? හපොයි පිස්සුයැ එහෙම කරුමෙකට කර ගහන්න.... හි හි

      Delete
  17. සිරා තනිකඩ කොල්ලෙක් ....
    නෑ උට තව කෙල්ලෙක් ....

    ReplyDelete
    Replies
    1. අන්න හරි...හිටපු අයව බැදීම් වලින් නිදහස් කලා...

      Delete
  18. මූට ලව් සික ගහලෝ...........!!!!!!!!!!!!
    දැන් එක ලග පෝස්ට් දෙක තුනකම පරණ කෑලි ගැන කියෙව්වා ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ලව් සික...රෙද්ද තමා...දැන් ආශාවටවත් නෑ බං ලව් සිකක්...බොගේ මොනවා හරි ලියන්න එපායැ...බොට රාජ සම්පත්ම ලැබේවා...

      Delete
  19. ඇත්තටම සිරෝ...ඔය තූර්‍යවාදක කන්ඩායම් වල..විද්‍යා විශයන් උසස්පෙලට ඉගෙන ගත් අය හිටියද...අපේ පන්තිවලදි නම් හරිම අඩුයි...මොකදමන්දා...ඒත් හැමදාවගේ බජව් දාන්න..කලා/වානිජ විශයන් කරපු එවුන් අපේ පන්ති වලට ගෑ‍ටුවේ ඇයි කියල අතීතය ගැන මතක් කරද්දි හිතෙනව.

    කවක‍ටු පෙට්ටියටයි ඩෙස්ක් එකකටයි ගහල තාල අල්ලන එක මාර රහයි බං..මට නම් ඩොල්කියට වඩා රසයි. අපේ වයසෙ සෙට් එකේ හිටපු හොඳම ඩෙස්ක් වාදන ශිල්පියා මම. ඒම වාර්තාවක් උනේ..අනන්ත දන ගහන් ඉඳලා ඇතිගුරුවරුන්ට අහුවෙලා...අන්තිමටප්‍රින්සිපල් උදෑසන ‍රැස්වීමෙදි ඉස්සරහට ගෙනල්ල සම්ච්චලයට ලක්කලා..මේව නවත්තන්නෙ නැති තැන.....මොන නැවැත්තිල්ලක්ද..!

    උඹලගෙ යාලුපිට් එක ගැනනම් ඉරිසියයි බං...!

    ඕය මංගලදැන්වීම දැමීම නැවැත්තුවානම් හොඳා නේ..!!

    කොහොම උනත් අර කෙල්ල අයිය බඩාට ආදරේ කරලතියෙන්නෙ අවංකවමයිබං...තමන්ගෙ ආදරවන්තයව හමුදාවකට පූජා කරන්න අකමැති වීම අරුමය්ක් නොවේ ඒකාලෙ.

    ReplyDelete
    Replies
    1. මම ඔය මංගල දැන්වීම් කෑල්ල ලිව්වෙ විහිලුවට වගේ බන්...ඒක හැමෝම බොහොම සීරියස් අරන්...ඔච්චර තදියමක් තියෙනවා නම් මේකෙ දානවයෑ පත්තරේ දානව මිසක...මේ පෝස්ටුවේ තිබුන ඒ කෑල්ල විතරයි වගේ හැමෝටම පෙනිලා තියෙන්නෙ...මට දැන් හිතෙනවා ඒ පේළිය ලිව්වෙ අපරාදෙ කියලා...ඒකෙන් අයියබඩා යට ගිහිල්ලා.

      අපේ තූර්යවාදක ඛණ්ඩයේ හැම විෂයක්ම කරපු අය හිටියා. ඒ එකෙක්ගෙවත් අනාගතය අදුරු වෙලා නෑ. අද ඉංජිනේරු පීඨයේ උගන්වන ආචාර්යවරු වගේම, හමුදා නිලධාරීන්, වරලත් ගණකාධීකාරීවරුන් වගේ සමාජයේ උසස් යැයි සම්මත රැකියාවල නිරත වෙන්න අපේ උන්ට හැකි වෙලා තියෙනවා.

      කෙල්ලගෙ කථාවෙ ඇත්තකුත් ඇති...ඒත් තමන්ගෙ අරමුණ කෙල්ලෙක් මත තීරණය කරන්න අයිය බඩාට හිතෙන්න නැතුව ඇති.

      Delete
  20. පෝස්ට් එක කොට කරප්න් නැත්තන් කඩල දාපන්. කියවන්න කම්මැලී

    ReplyDelete
    Replies
    1. මේකෙ දෙකට කඩන්න දෙයක් නෑ ආයුබොවන්ඩ...කථාවක් දෙකට කඩපුවාම ඒක කියවගෙන යද්දි හිතට දැනෙන හැගීම නැති වෙනවා කියලා මට හිතෙනවා. ස්තූතියි අදහසට...

      Delete
  21. Photoshop ගැන මම මේ පෝස්ට් එකේ ලියලා නෑනෙ බන්...

    ReplyDelete
  22. //ආ එයාද? එයාගෙ ෆොටෝ මම තමයි මේ පරිස්සම් කරලා අරගෙන තියලා තියෙන්නෙ

    යනුවෙන් පවසමින් මේ ඡායාරූප ඇල්බමය සිනා මුසුව ගෙනැවිත් පෙන්වීම ඇගේ සිරිතක්.//


    මේ වගේ ගෑණු හිත් හරිම අඩුයි.....හිතාගන්න පුළුවන් ඇයගේ හිත හොඳකම ගැන....අය්යා බඩා ඒ අතින් වාසනාවන්තයි නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මම කිව්වෙ හොදම කෙනා පස්සෙ කාලෙක හම්බ වුනා කියලා...

      Delete
    2. කරවල මුට්ටිය හොඳට වහල තියෙන ගෙදරක ඉන්න පූසා, හොරාකන වර්ගයේ එකෙක් නෙමෙයි කියලා සහතිකයක් දෙන්න පුළුවන් කාටද ?

      මේ කථාවේ අය්යා බඩා ඈත පලාතක ජීවත්වීම ඇතුළු කී නොකී කාරණා රැසක ප්‍රථිඵලයත් විදිහට, ඔහුගේ පැරණි පෙමින් බිරිඳගේ ආලයට (බැඳපු අයත් ලව් කරනවා හොඳද) තර්ජනයක් නැති බව ඇයට 100%ක්ම විශ්වාස ඇති. බැරිවෙලාවත් අය්යා බඩාට බිරිඳ අභිමුවෙහිදී පැරණි පෙම්වතියගෙන් උපන්දින සුභපැතුම් ඇමතුමක් වැන්නක් ලැබුනොත්.........

      මටනම් හිතෙන්නේ බිරිඳගේ විශ්වාසයෙන් කොටසක් සැකයෙන් විස්ථාපනය වන නිසා තත්වය බරපතල විදිහට වෙනස්වෙන්න පුළුවන් කියලයි.

      Delete
    3. නෑ බං..උන් දෙන්න වගේ උන්ට වෙන්න ඇති පතාගෙන ආපු ජෝඩු කියන්නෙ. ආරක්ෂක සේවයේ යෙදී ඉන්න නිසා බඩා සිංහල අලුත් අවුරුද්දටවත් ගෙදර නෑ...එක දිගට හැම අවුරුද්දකම මේ වැඩේ වෙද්දි බිරිදකට තරහා යන්නෙ නැද්ද..ඒත් ඒ හැමදේම ඇය ඉතාමත් උපේක්ෂාවෙන් දරා ගන්නවා. ඇගේ ගමට කිට්ටුවම තමයි දැන් බඩාගෙ පදිංචියත්. මතේ මිත්තරයගෙ බිරිද බස්නාහිර පළාතෙ කෙනෙක් නෙමෙයි. උතුරු මැද පළාතෙ.

      Delete
  23. Sanjaya aiya... what a great personality as the band sergeant... Ada Bandaranayake western band eka inna tatweta mulika adithalama watune,,,, me dennagen... me katawe inna sanjaya aiya(aiya bada) saha.... me katawa liyana sajeewa aiya(Nasiyar aiya..)

    ReplyDelete
    Replies
    1. මලයා ඉතිං අපේ පාසලේම එකෙක් බව පැහැදිලියි නොවැ...බොහොම ස්තූතියි ඔබේ අදහසට වගේම මේ ඉසව්වට ඇවිත් ගියාටත්..ජය!

      Delete
  24. පට්ටය.........
    තනි කමේ අගය දැනෙන්නේ ජොඩු වූ පසුවය,,,,,,,,,,,

    ReplyDelete
    Replies
    1. එහෙමද...එහෙනම් තනිකමේ තව කාලයක් ඉන්න එක හොදා වගේ...

      Delete
  25. පරක්කුවෙලා බැන්දාම ජීවිතේ රස විඳින්න කල් මදි වෙනවා බන්. දරුවන්ගේ වැඩත් එක්ක වගකීම් වැඩියි. තනිකඩ ජීවිතේට වඩා බොහොම රහයි හරි ගෑණියෙක් එක්ක කසාද ජීවිතේ.

    ReplyDelete
    Replies
    1. ඔහොම කසාදෙ ගැන ධනවාදී අදහසක් ඇහෙන්නෙ ඉදලා හිටලා කෙනෙක්ගෙන්..බොලාට නියම කෙනා මුලිච්චි වී ඇති හැඩයි.

      Delete
  26. අවුලක් ගන්න එපා බං සිරා, ඩ්‍රැකියත් තනිකඩව හිටියෙ 35 වෙනකං, මහ ඩ්‍රැක්‍යුලා මිසිස් ඩ්‍රැකියට කැමති උනේ නෑනෙ බං. ඉතිං අපි දෙපැත්තට වෙලා හිටියා අවුරුදු ගාණක්.

    ReplyDelete
    Replies
    1. හැබෑට...එහෙනං ඉතිං සිරාට අවුලක් ඇත්තෙම නෑ නොවැ...

      Delete
  27. හිහී හී ------------------ පට්ට සීන් එක . Photoshop ලොල්

    ReplyDelete
  28. සිරෝ උබ පොට්ටුව දාලා අද වෙනකම් මට මේක අහු උනේ නැනේ බන් කියවන්න........ කව්රු මොනවා කිව්වත් බදින එක පරක්කු කරන්න එපා.... එක හරියට වෙලාවේදී කරපන්.... නැත්නම් උබ අවුරුදු 40 බලා ළමයින් ගලා ළමයිනට අවරුදු 20ක් විතර වෙද්දී ඒ කියන්නේ ළමයින්ට තාත්තාව ඕනෑම කාලේදී උබ හොදටම නාකියි....... හිතල බලපන්

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ රාළෙ කියන්නෙ..සිරාගෙ හද ගැහෙනා රාවය බොට හොදට හැගෙනවා වාගෙයි...ඔය කියපු කථාව සහතික ඇත්ත...හැකි ඉක්මනට අල්ලලා බැද ගන්න තමයි මමත් ඉන්නෙ...

      Delete
  29. ගම්පහ සමාධියට ගෑටු අපේ සිරා යශෝදරා වියකට පෙම් කල අන්දම යකෝ තෝ මාවත් ආපහු ඉස්කොලේ ගෙනිච්චා බං

    ReplyDelete
    Replies
    1. සිරා සමාධියට ගෑටුවේ නැත...වාණිජ විෂයන්ට එතන හොද පන්ති තිබුනේ නැති බැව් බොට අමතකද ? අඩේ රාජ් ළමයත් නිල් ඉරකට අහුවෙලා වගේ එහෙනම් හෙක් හෙක්..

      Delete
  30. සිරාට වගේම අයිය බඩා ජෙමාටත් පුරැදුය..මන්ද යත් සා/පෙළ අවධියේ එකම පන්තියේ ජෙමා හා අයිබඩා ඉගෙන ගත් බැවිනි. අයිය බඩා ගැන ස‍දහන් කරන විට එක්විටම මතකයට එන කාරණයක් ඇත එනම් මෙතකේ මා දුටු පිච් එකට විසිල් කරන්නට පුළුවන් එකම පුද්ගලයා අයිය බඩා වීමයි. අයිය බඩා වරින් වර ගීතයේ පිච් එකට අනුව විසිල් කරනු ජෙමා ද විටින් විට අසා ඇත. අයිය බඩාගෙ ඔය දැරිවිය ගැන තවත් පොලොස් කොට්ටොරැවෙකු ඇස ගසාගෙන සිටි බව සිරා සහෝදරයා නොදන්නාව වන්නට පුළුවන. ජෙමාගේ ගෙස් කිරීම නිවැරදි නම් ඔh දැරිවිය රතු ටයි අදින, අපගේ බාලක පාසල අසලම වූ කාන්තා පාසලක දැරිවියකි. ඇස ගසාගෙන සිටි අනිත් පුගලා ත් අයිය බඩා මෙන්ම පසු කාලයේ කි%යාන්විත රාජකාරියට සම්බන්ධ වූ බව පමණක් කියමි. ජපන් චමියාත් ජෙමාගේ පන්තියේ සගයෙකි. උූට බේස් ඩ්රම් එක තරම්ම තඩි බඩක් තිබුණු අතර කාලයාගේ ඇවෑමෙන් බණ්ඩිය බැසගොස් චමියා හැන්ඩසම් වී විදේශ ගත වූ හැටි සිරා සහෝදරයා හොදින් දනී.

    ReplyDelete
    Replies
    1. මට දැනෙන විදියට කලු ජෙමා සිරා ලගින් හදුනන එකෙක්ය. ජේමා වදාරා ඇති සියල්ල පට්ටම ඇත්තය. අයිය බඩාගේ හිත ගත් දැරිවියගේ ලගම හිතවතිය වූයේ රතු ටයි පටියකි. බොලා හරියටම කවුද කියලා හදුනාගන්න මට මූණු පොතේ ලිංකුවක් ඊයක් දාපන් ජෙමෝ...බොට ජය!

      Delete
    2. Jemo Uba kawada bang.... siwarawata sirata mail ekak dapan...

      Mike..

      Delete
  31. Aiya bada meka kiyawanum bada kapagena marenawa bang.... Eth attatama api katawat mataka karanna bari mataka godak... attatama kattiya okkoma ai dakinnat asai bang... dan goda denek tattala..

    mama
    Mike

    ReplyDelete
    Replies
    1. උඹ දන්නවද මේ පෝස්ටුවේ ලිංකුව අයිය බඩාට යැව්ව බව...මම මේ ලිපිය පල කරන්න කලියෙන් ඒ බැව් බඩාට දැන්වුවා...බඩා මට කිව්වෙ අයිය බඩා නැතුව ලස්සන නමක් දාන්න කියලා විතරයි.. ගොඩ දෙනෙක් තාත්තලා ඒක ඇත්ත..බඩා තාම එහෙම නෑ.

      Delete
    2. ow bang mama nodanawai badawa...

      Delete
  32. mare maru...kisima kammelikamak netiwa kiyewuwa

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...