Sunday, November 30, 2014

36 මා දුටු ඉන්දියාව

මම වසර 6 කට මඳක් වැඩි කාලයක් අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගර කීපයකම සේවය කලෙමි. ඉන්දියාව යනු රටක් නොව මුළු ලෝකයම යැයි සමහරු කියනවා ඔබ අසා ඇතිවාට සැකයක් නෑ. භූමි ප්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන්ද අති විශාල මේ රට පිළිබද සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් මගේ අත්දැකීම් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නට සිතුවෙමි.

මට ඉන්දියාව බල යාමට සිදු වූයේ මා සේවය කරන ශ්‍රී ලංකා සේවා ස්ථානයේ අවශ්‍යතාවයක් අනුවය. එහි යන්නට පළමුව ඉන්දියාව පිළිබඳ නොයෙකුත් කතා මා අසා තිබුනෙමි. දඹදිව යන උදවිය නම් කියන්නේ එය ගූ ගඳ ගහනා රටක් බවකි.

මෙය මාගේ පළමු විදේශ සවාරිය විය. මුලින් තනිව යාමට සිදු වේ යයි සිතුවත් මා සමග තවත් මිත්‍රයෙක් ගමනට එකතු විය . එම නිසා කිසිදු බියක් නොමැතිව මම ගමනට පිටත් උනෙමි. ප්‍රථමයෙන් අපි චෙන්නායි බලා පියාසර කළෙමු. කිසිදු අපහසුවකින් තොරව චෙන්නායි ගුවන් තොටුපලෙන් ඉවතට ගිය අපි ඒ වන විටත් ඉන්දියාවේ සේවයේ නිරතව සිටි අපගේ මිත්‍රයා සොයා ගියෙමු.  සිහින් සිනහවක් නගාගත් ඔහු  “උඹට මුම්බායි යන්න කිව්වා, මෙන්න ටිකට් එක” යයි පැවසිය. එතෙක් දැන සිටි මිත්‍රයන් සමග එකට ඉන්නට වරම් නොලද මම තනිවම මගේ ගමන ආරම්භ කළෙමි. කෙසේ හෝ යන්තම් මුම්බායි ගුවන්තොටුපලෙන් ඉවතට පැමිණ එහි රැදී සිටි අපගේ සේවා ස්ථානයේ සේවයේ නියුතු  පුද්ගලයා සමග නවාතැන බල පිටත් උනෙමි.

මාර්ගයේ සංඥා එළියක රථය නැවතුනු පසු වාහනය වටකරගත් , හත් අවුරුද්දකින්වත් දිය බිඳක් දැක නැති පොඩි කොල්ලෝ කුරුට්ටෝ සහ කෙල්ලන් අපගෙන් මුදල් ඉල්ලන්නට වුහ. “ මෙහෙ ඉතින් ඔහොම තමා...මගේ ඉන්දියානු ජාතික සහායකයා සැහැල්ලුවෙන් පැවසුවේය.

පසුදින උදෑසන නවාතැන් ගත් හෝටලයෙන් උදේ ආහාරය ඇනවුම් කිරීමට කථා කලෙමි. ආහාර මෙනු එකක් තිබුනේ නැත. ඇමතුම ගත් පසු අනෙත් පසින් මොනවදෝ වට්ටෝරුවක් කියවන්නට පටන් ගත්තේය. මට වැටහුනු ලබ්බක් නැත. ඕන එකක් කියා මම මසාල දෝසා එකක් ඕඩර් කලෙමි.. විනාඩි 20 කට පමණ පසු ඇනවුම ලැබුණි. අල ගුලියක් මැදට දැමු ආප්පයක් වැනි ආහාරයක් ගෙනැවිත් තිබේ. මෙලෝ රහක් නැත.. ගෙදරදී අම්මා විසින් සකසන බත් පතේ අගය මැනවින් වැටහුනි. කුසගින්න නිවා ගත යුතු නිසා ආප්පයෙන් අඩක් පමණ කුස තුලට යවා ගත්තෙමි.. ඒ කෑවේ මසාල දෝසයකි. එදා එපා වූ මසාලා දෝසා ලංකාවට නැවත පැමිණෙන අවස්ථාව වන විට නම් මගේ ප්‍රියතම ආහාරය විය...මෙසේ ආරම්භ වූ මගේ ඉන්දියානු ගමන වසර හය හමාරකට පසු පසුගිය ජූලි මාසයේදී නිමා විය.

ඒ කාලය අතර තුර මා හට චෙන්නායි , කොචින් , කොයිම්බතුර් , බැංගලෝර්, නෙල්ලුර්, කල්කටා, මුම්බායි, පූනේ, නාසික් , අහමදාබාද් , ඔරන්ගබාඩ් , අම්රිට්සාර්, චන්දිගර් , යන ප්‍රදේශ වල සංචාරය කිරීමට අවස්ථාව උදාවිය. ඒ මගේ සේවා ස්ථානයට පින් සිදු වන්නටය. මේ ස්ථාන අතරින් වැඩි වශයෙන් මාගේ සිත් ගත් තැන් වූයේ බැංගලෝර් හා චන්දිගර් බව කිව යුතුය.  මා මුම්බායි වෙත පැමිණියේ 2008 පෙබරවාරි මාසයේදීය. ඒ වන විටත්  දුඹුරු පැහැයට හැරී තිබූ ගස් කොලන් එහි පැවති ග්‍රීස්ම සෘතුවේ තරම මා හට කියා පෑවේය. කෙසේ හෝ මාස දෙකකට පසු මට කොචින් බලා යාමට සිදු විය.

ඉන්දියාවට ආ පසු හරිත පැහැය මුලින්ම දැක්කේ එදාය. එහි සිටින මිනිසුන් ලාංකිකයන්ට හැඩරුවින් සමානකමක් දක්වති. කරුණාවන්ත කම අතින්ද ඔවුන් යහපත්ය. කේලාම් කීමෙන්ද අග තැන්පත්ය. අපගේ ආයතනයේ සේවය  කරන ඇත්තෝ ඒ සදහා විශේෂත්වයක් දක්වයි. වරක් එහි සංචාරය කල මට පුරාණ රජ මාළිගාවක් සහ ඒ හා බැදුණු ස්ථාන දැකබලා ගත හැකි විය.රජ මාළිගයේ තිබු අන්තඃපුරයට යාමටද අමතක නොකළෙමි. වර්තමානයේ එහි කිසිවෙකු නොමැත. නමුත් මේ ගොඩනැගිල්ල පිටුපස පඳුරු අස්සට වන්නට නම් පොඩි පොඩි අන්තඃපුර දැක ගත හැක. සුළගක් හමන්නේ නැති වුවද පඳුරු සෙලවෙති.

ඉන්දියාවේ මා සංචාරය කල ප්‍රාන්ත අතුරින් පොල්තෙල් භාවිතයෙන් ආහාර පිසින්නේ කේරළ ප්‍රාන්තයේ පමණි. අනෙකුත් ප්‍රාන්තවල වෙනත් තෙල් වර්ග භාවිත කරති. තල තෙල්, ඔලිව් තෙල්, අාර්මන්ඩ් තෙල් යනාදී නොයෙකුත් තෙල් වර්ග භාවිතයේ පවතී. කේරළ පරාටා ඉතා රසවත්ය. බත් සහ ව්‍යාංජන උවත් ලංකාවේ රසමය.. අප්පම් (ආප්ප) , ඉඳිඅප්පම් (ඉදි ආප්ප) ද එහි සුලභය.

මා පැමිණීමට පෙර සිදුවූ රසවත් සිදුවීමක් වතාවක් මට  දැනගත  හැකිවිය. එක් දිනක් ලංකාවේ සිට එහි සේවය කිරීමට පැමිණෙන ශ්‍රී ලංකික පවුලක අයවළුන් කැඳවාගෙන ඒමට ආයතනයේ සේවකයෙක් ගුවන් තොටුපලට පිටත් කොට තිබේ. එදින එම පුද්ගලයාට ලංකාවේ කෙනෙක් කියා ඇත්තේ ඔවුන් පිළිගනිද්දී “ සොල්ල වලවාන් “ ලෙස කියන ලෙසත්, එය ලංකාවේ පිළිගන්නා ආචාර විධි ක්‍රමයක් ලෙසත්ය. එය අකුරටම පිළිගත් මේ කියන සේවකයා ඔහුගේ අමුත්තා කී අයුරින්ම ගුවන්තොටුපොළේදීම දෙ අත් එක්කොට “සොල්ල වලවාන්” කියා තිබේ. හෙතෙම තවමත් මේ සිදුවීම නිසා ඉන්දියානුවන් වෙතින් නව නිංගිරා විඳියි. කේරළ ප්‍රාන්තයේ භාවිත වන ප්‍රධාන භාෂාව වන්නේ “මලයාලම්” ය. එය දෙමළ භාෂාවට සමාන කමක් දක්වයි. මේ ගීතය මලයාලම් එකකි.

කේරළයේ මාස 6ක් පමණ සිටි මට බැංගලෝර් වෙත යාමට දිනය උදා විය.  ජීවත් වීමට ඉතා සුදුසු පරිසරයක් සහ කාළගුණයකින් යුතු බැංගලෝරය මා සිත් ගත් ප්‍රදේශයක් විය. තොරතුරු තාක්ෂණයේ ඉහළ පෙළේ සමාගම් බොහොමයක් මෙහි පිහිටා තිබේ. ඒ නිසාම මෙම ප්‍රාන්තය සීඝ්‍ර දියුණුවක් ලබා ඇත. ඉන්දියාවේ සෑම පෙදෙසකින්ම පාහේ පැමිණෙන පිරිස් මෙහි සේවය කරති. තොරතුරු තාක්ෂණ ආයතන වල සේවය කරන නිසා බොහොමයක් දෙනා මුදල් අතින්ද ඉතා පොහොසත්ය. නගරයද ඉතා පිරිසිදු මට්ටමක පවතී. ආහාර සඳහා ලංකාවේ පරිදිම බත් සහ ව්‍යංජන මෙහිද ඇත. පිඟාන වෙනුවට ලබා දෙන්නේ කෙසෙල් කොලයයි. එයට බත් සහ ව්‍යාංජන තුනක් අතුරුපස වර්ගයක් සහ මුදවපු කිරි අඩංගුය. අවශ්‍යනම් කිරි වලින් සකසන ගී ද ඒ සදහා එක් කර ගත හැක. බැංගලෝරය අයත් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන භාෂාව කන්නඩ නම් වෙයි.

මාස 6කට පසු නැවතත් මා හට ස්ථාන මාරුවකි. මම නෙල්ලුර් බල පිටත් උනෙමි. ඒ මසක කාලයක් සදහාය. දුර ගමන් සදහා සැප පහසු බස් රථ බොහොමයක් එහි පවතී. වායුසමීකරණය කරන ලද ඒවා නිදාගැනීමේ පහසුකම්ද සහිතය. එතරම් විශාල නගරයක් නොවන එය තවමත් දියුණු වෙමින් පවතී.

නෙල්ලුර් වෙත මා ඇරලවීමට මා සමග ගිය රියදුරු මහතා පඩ ඇරීමට පුදුමාකාර හපනෙකි. ඔහුගේ නම සුබ්බයියා නම් විය. සුබ්බයියා සහ පඩය අතර ඇත්තේ ගහට පොත්ත වැනි සමීප සම්බන්ධයකි. කොහේ ගියත් පඩයක් යැවීමට නම් අමතක කරන්නේම නැත. මඳ දුරක් යන ඔහු රථය නවතා මාර්ගය අයිනේ පඳුරක් වෙත දුවන්නේ පඩයට තිත තබා බොකක් දැමීමටය. මෙවැනි දසුන් මේ නගරයේ සංචාරය කරන අතර තුර බොහෝ විට දැකගත හැකිවෙයි. සමහරු පඳුරු අස්සෙන් එක වරම තම කාර්යය අවසන්ව නැගී සිටියි. එවන් ඇතමෙකුගේ එක පුලියේය.

නෙල්ලුර් හිදී  අපගේ ආයතනයේ භාණ්ඩ ගබඩාවේ බඩු පැටවීමට වෙනම සේවකයන් පිරිසක් පිටතින් ලබා ගත්තෙමු. ඔවුන් ඒ සඳහා එන්නේ සොල්ල වලවා ගෙනය.එය ඔවුන්ගේ දුප්පත් කමත් දැනුමක් නැති කමත් විය යුතුය. මේ නගරය ආශ්‍රිතව භාවිතා වන ප්‍රධාන භාෂාව වන්නේ “තෙලිඟු” බසයි.. තෙලිඟු බසින් ගැයෙනා මේ ගීතය මට රසවිදීමට මුලින්ම අවස්ථාවක් ලැබුනේ බස් රථයකින් ගමනක් ගිය විටෙකය.


නෙල්ලුර් හි සේවය කිරීමෙන් අනතුරුව මගේ නවාතැන වූයේ කල්කටා නගරයයි. කල්කටාව නව නගරය සහ පැරණි නගරය යනුවෙන් නගර දෙකකින් සමන්විතය. පැරණි නගරයට ගිය මට සිහියට නැගුනේ මල්ගුඩි දවසැ රූපවාහිනී නාටකයේ අප දැක තිබු නගරයයි. මිනිසුන් විසින් ඇදගෙන යන රික්ෂෝ, පාර අයිනේ ඇති වතුර පයිප්ප වලින් නාන මිනිසුන්, පැරණි ගොඩනැගිලි වැනි නොයෙකුත් දේ මට දැක ගත හැකි විය. එහි තිබු මහාබෝධි විහාරයටත් , නයිටින්ගේල් වාසය කල පල්ලියටත් අපට යාමට හැකි විය. ඒ අතර පැරණි රජ මාළිගයක් නැරඹීමටද ගියෙමි. එය සාදා ඇත්තේ පාෂාණ භාවිත කරමින්ය.

මහා බෝධි විහාරය



රජ මාළිගය
කල්කටාහි දිවා කල උෂ්ණත්වය ග්‍රීෂ්ම කාලයේදී සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 45 ක් වුවද එය රාත්‍රී කාලයේදී සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 5 ක් පමණ වන තෙක් පහල බසී.

යම් කාල සීමාවකට පසු කල්කටාවට සමුදී මා මුම්බායි බලා පැමිණි අතර එතැන් සිට 2014 ජුලි වනතෙක්ම එහි රැදී සිටියෙමි. මුම්බායි කියා කීවද මා සිටියේ මුම්බායි සිට කිලෝ මීටර් 50 ක් පමණ දුරින් වූ තානේ නම් නගරයකය. ඔවුන්ට එය එතරම් දුරක් නොවේ. ඒ ඔවුන්ගේ රටේ මාර්ග සහා නගර පිහිටන දුර අනුවය. ප්‍රධාන නගර අතර බොහෝ දුරට අධි වේගී මාර්ග පිහිට ඇත. නමුත් ඒවායේ තත්වය අපේ රටේ තරම් නොවේ.. ඉන්දියානුවන්ගේ මා දුටු ලක්ෂණය වුයේ පිළිවෙලක් නැති කමය. මුත්‍රා බරක් ඇති කළෙක එය තැන නොතැන නොබලා නිදහස් කරති.

ප්‍රධාන මාර්ග අද්දර සුපිරි ගොඩනැගිලි පිහිටියත් අතුරු මාර්ග වලට පිවිසෙන  අපට දැකිය හැක්කේ මුඩුක්කු සහ අපිරිසිදු දසුන්ය. උදෑසනම සහ රාතී‍්‍ර දහයෙන් පමණ පසු එවන් මාර්ගයක ගමන් කරනා අයෙකුට දක්නට හැක්කේ කුඩා ටින් එකකට වතුර තියාගෙන තවකෙකු සමග දොඩමලු වෙමින් පුක රැවටෙන තුරු ඉඳගෙන සිටින උදවියයි. මෙවැනි දසුන් අපිරිසිදු කමේ තරම අපට කියා දෙයි.

කොණ්ඩය කැපීමට අවශ්‍ය වූ විටෙක ගසක් යටට ගොස් වුවද කොණ්ඩය කැපීමේ පහසුකම් ඇත. ඉතා සුලු මුදලකට සේවය සලසන බැවින් ආර්ථික තත්වයෙන් පහල සිටින උන් මෙහි පැමිණෙති. ඒ වාගේම මා සිටි නගරය මෙන්ම බොහෝ නගර වලත් පුද්ගලික බස් සේවා නොමැති තරම්ය. ඒ වෙනුවට ඇත්තේ තුන් රෝද රථ සමූහයකි . එය ඔවුන් හදුන්වන්නේ ඔටෝ කියාය. ඕනෑම වෙලාවක ඔනෑම තැනකදී මෙම සේවය ලබා ගත හැකිය. නගරබද මීටර් ඔටෝ ඇතත් නගර සීමාවෙන් පිටතදී මීටර් නැත.

බොහෝ විටෙක තුන් රෝද රථයකට කිහිපදෙනෙකු නංවාගෙන ගමන් කරයි. ඒවා ෂෙයාර් ඔටෝ ලෙස හදුන්වයි. සාමාන්‍යයෙන් එහි පිටුපස ආසනයේ තිදෙනාට අමතරව ඉදිරි පස රියදුරු අසුනේ දෙපස තවත් දෙදෙනෙකු නංවාගෙන යයි. එහි හිඳගෙන ගමන් කරන විටෙක පු යන්නේ ක යන්න ඉවතට බරව පවතී. මමද එහි බොහෝ විටක් ගමන් කර ඇත්තෙමි. මා විදේශිකයෙකු ලෙස නොසිතන ඔවුන් මා සමග කථාවට වැටෙන්නට උත්සාහ කල වාර ගණනාවකි.

ඉන්දියාවේ අමුතුම දේ තිබේ. දිනෙක මා දුටු මෙවන් කොමඩ් එකක් නිසා කරන්නට ගිය කාර්යයද අමතක වී සිනහා වෙන්නට  මට සිදුවිය.


සිනහාවෙන් සහ හ්ම් හ්ම් වලින් ඇග බේරා ගෙන මාරුවෙනවා විනා වෙන කොරන්නට අහවල් දෙයක් නැත. කතාවට ගියොත් ඔවුන් අනිවාර්යෙන් පිටස්තරයෙක් බව හදුනා ගනී. එවිට හතරවෙනි තට්ටුවට ගියා හා සමානය.

ඕනෑම රජයේ කාර්යයක් කිරීමට පගාව ලබා දිය යුතුය. රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවූ මටද පිහිට වුයේ පනහේ සහ සීයේ නෝට්ටු පමණි. ඒ පොලිසියේ හැටිය . ඔවුන්ට එම රැකියාව ලබා ගැනීමට බොහෝ සේ මුදල් නැතහොත් පගාව දිය යුතුය. එසේ ලබා දුන් පගාව නැවත උපයා ගැනීමට ඔව්හු එළිපිට පගාව ගනිති. එය වැඩි වශයෙන් සිදුවන්නේ ලොරි රියදුරන්ට එරෙහිවය. ලොකු මුදලක් නොවූවත් සුළු සුළු වශයෙන් ජරාව එකතු කරති.. එක්වරක් ට්‍රැෆික් පොලිසියේ සේවය කරන්නෙක් උසස්වීමක් ලබා ගැනීමට ඔහුගේ ලොක්කට ලෙදර් සොෆාවක් (රුපියල් ලක්ෂයක් පමණ වටිනා) ලබා දුන් අයුරු මා හට දැන ගත හැකි විය. ඒ මාගේ මිත්‍රයෙකුගේ මාර්ගයෙනි. මා විසින්ද පෙර කියූ පරිදි මුදලක් අතමිට මොලවා ඇත්තේ ඉතා පහසුවෙන් මගේ කාර්යය ඉටු කර ගැනීමේ මාර්ගය එය නිසයි.

ඉපැරණි බෞද්ධ රාජ්‍යයක් වූ ඉන්දියාවේ බෞද්ධ පන්සල් වල නටඹුන් සැම තැනකම පාහේ දැක ගත හැක. අද ඒවා ආශිතව හින්දු කෝවිල් ඉදිවී හමාරය. නමුත් නටබුන් වලින් එහි ඉතිහාසය මනාව පිලිබිබු වෙයි. පහත රූප දකින ඔබට එකල තිබු ප්‍රෞඩත්වය වටහා ගත හැකි වනු ඇත.

Elephanta caves

Elephanta caves

Elephanta caves

Elephanta caves

මෙවන් දර්ශනීය නටබුන් බොහෝ තැන්වල දැක ගත හැකි වෙයි. Lonawala karla caves , Elephanta caves, Ajantha ම දුටු එවන් ස්ථාන වෙති.




Karla Caves
දුර්ගන්දය , අපිරිසිදුකම ඇතත් ඉන්දියාව දියුණු තත්වයක පවතී.. ඉතා මෑතක නවීකරනය කරන ලද මුම්බායි ගුවන්තොටුපල එ් බව මැනවින් කියා පායි. ඉතා සුපිරි තත්වයෙන් නිමවූ නව පර්යන්ත ගොඩනැගිල්ල ඉතා අලංකාරය. එය ප්‍රවේශ පත්‍ර කවුන්ටර 192 සහ ආගමන විගමන කවුන්ටර් 136 (පිටවීම් 60 ක් හා පැමිණීමේ 76 ) , බැගේජ් බෙල්ට් - 12 කින් සමන්විතය . මෙහි ගුවන් යානා 72ක් එකවර නවතා තැබිය හැක.






එසේම ප්‍රධාන නගර ආශිතව ගැහැණු පිරිමි කාණ්ඩයට අයත් නොවන නපුංසක ජනතාව ඇතිවෙන තුරු දැක ගත හැක. එවන් අයකු උදැසන දැකීමද සුබ දසුනක් ලෙස ඉන්දියානුවන් සලකති. ඔවුන් වෙළද සැල් වලට ගොස් මුදල් ලබා ගනිති. වාහන සංඥා එළි ආශ්‍රිතව බොහොමයක් නපුංසකයෝ සිටිති. එලෙස සිටින පිරිමි පාර්ශවයද  නැතිව නොවේ. ඒ මුදල් ඉපයීමේ අරමුණින් ය. නපුංසක තාලෙට අත්පුඩි ගසා ඔවුන් මුදල් ඉල්ලීමට පැමිණෙයි. මේ අයට සරණ වන විවිධ සංවිධාන බිහිවී තිබේ.



බුදුන්ගේ කාලයේ සිටි නිඝන්ටයන්ගෙන් පැවත එන අය තවමත් ඉන්දියාවේ ජීවත් වෙති. ඒ අතර රාජ්‍ය අනුග්‍රහය ලබන නිඝන්ටයෝ ද සිටිති. . ඔවුන්ගේ දේශනා පෙන්වන වෙනම රුපවාහිනී නාලිකාවක්ද ඇත. නිඝන්ටයන් ආරාම තුලට වී බැතිමතුන්ගේ පුද සත්කාර ලබමින් වාසය කරති. මා එක් වරක් තම අනුගාමිකයන් සමග යන නිගන්ඨයෙකු දුටුවෙමි. අතීතයේ දවසක මාගේ  ගුරුවරයෙකු පැවසූවේ ලංකාවේ මෙවැනි නිඝන්ටයෝ  සිටියානම් මෙලහකටත් බලට්ටක් දාලා ඇදලා යනුවෙනි.




මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට

ලියා එව්වේ චමීර අබේකෝන්.




ප.ලි

චමීර අබේකෝන් යනු සිරා කොලුවාගේ පන්ති සගයෙකි. වසර හය හමාරකට ආසන්න කාලයක් ඉන්දියාව තුල තම රැකියාව උදෙසා ගෙවා දැමූ චමීර ඔහුගේ අත්දැකීම් වලින් බිඳක් සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය උදෙසා ලියමනකට එක් කොට තිබේ. ඒ වෙනුවෙන් සිරා කොලුවා වන මගේ හෘදයාංගම ස්තූතිය මගේ මිතුරා වෙත පළකරමි. 


36 comments:

  1. Mun maha sakkili jaathiyak ban.

    ReplyDelete
    Replies
    1. හික් හික් . ඒක නම් එහෙම තමයි. .

      Delete
  2. සිරාගේ අත්දැකීම් හරිම රසවත් ...අපිව ඉන්දියාවේ එක්ක ගියාට ස්තුතියි ඔන්න් ....

    ReplyDelete
    Replies
    1. මේක සිරාගේ අත්දැකිමක් නෙමෙයි...සිරාගේ 7 වෙනි ලිපිය වෙනුවෙන් චමිර සහෝ ලියපු එකක්..උඔලා අපි වගේ බොලෝග් වලට ආදරය කරන ඒත් තමුන්ටම කියලා එකක් නැති උන් (නෑ යකෝ මම කිව්වේ බෝලෝග් කටුවක්) වෙනුවෛන් කරපු පෙරලියක්.

      Delete
    2. අපි වගේ බොගක් නැති අයට සිරාගේ මේ පින් හතේ වැඩේ බොහොම වටිනවා..

      Delete
  3. "සිනහාවෙන් සහ හ්ම් හ්ම් වලින් ඇග බේරා ගෙන මාරුවෙනවා විනා වෙන කොරන්නට අහවල් දෙයක් නැත. කතාවට ගියොත් ඔවුන් අනිවාර්යෙන් පිටස්තරයෙක් බව හදුනා ගනී."මේක නම් මත ඉන්දියාවේදී හොදට අත් විදලා තියෙනවා..වැඩක් කරගන්න 50 එහෙ ඉස්ටහරම් මුදලක්...

    මගේ නම් සිත් ගත්තේ ඌටි මම දැක්ක ලස්සනම තැනත් එහෙ තම ඉන්දියාවේ

    ReplyDelete
    Replies
    1. ඔව් සිරාගේ පොස්ටුවෙන් මම දැක්ක ඌටි හරිම ලස්සනෛ කියල. . යන්න නම් උනේ නැ. සල්ලිවලට පින් සිද්ද වෙන්න මමත් බොහොමයක් වැඩ කරගෙන තියෙනවා..

      Delete
    2. මම 2010 වසරෙදි දකුණු ඉන්දියාවෙ සංචාරය කලා ඌටි ඇතුලුව. ඌටි මට දැනුනෙ අපේ නුවර එළිය වගේ. තේ වතු සහ මල් උයන් හරිම අලංකාර දර්ශන මවනවා. ලංකාව වගේ 5 ගුණයක් විශාලයි කියන තමිල්නාඩු ප්‍රාන්තයේ විශාලත්වයත් හොඳට දැනුනා ඒ ගමනෙදි. චෙන්නයි සිට කිලෝමීටර් 540 ගෙවලා කොයිම්බතූර් දක්වා දුම්රියෙන් ගමන් කරලා එතැන ඉදන් තවත් කිලෝමීටර් 100 කට වඩා දුරක් වාහනයකින් ගමන් කරලයි ඌටි වලට ලගා උනේ...චමීර වසර 6 කට වඩා කල් ඉන්දියාවෙ හිටියත් ඌටි යන්න ලැබිලා නෑ.

      Delete
  4. එල ද බ්‍රා..නියමයි චමිර එලටම ලියලා තියනවා...
    මගේ ඉන්දින් කෙල්ලෙක් එනවා මස 3කට සැරයක් ලංකාවට ඒකි යනකොට මාව ඉඔලා ඉඔලා යන්නේ ඇයි ඉතින් ඉන්න දවස් ටිකේ කන්න දෙන්නේ නවතින්නේ හොදම දේ..
    මගේ ගැනුම් කරැගේ නියෝඡිත..නම්රතා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංජීව , එහෙනම් ඉතින් මාස තුනකට සැරයක් එනකන් බලන් ඉන්නවා ඇති.. හක හක හක ..

      Delete
  5. ඉන්දියාව කොපමණ සංකීර්ණ රටක්ද කියන එක මමත් තේරුම්ගත්තේ හමුදා පුහුණුව සඳහා ගිය කාලයේදී කි.මී. 10000 ක පමණ චාරිකාවක යෙදීමෙන් පසුවයි. අපායත් දිව්‍ය ලෝකයත් දෙකම දකින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... . නගරයෙන් එලියට ගියාම ඇති හොද ඒවා බල ගන්න පුළුවන්. ජනගහනය වැඩි හින්ද තමයි මන් හිතන්නේ ඔය ප්‍රශ්න . . කුල භේදයත් තවම තියෙන නිසා පහත අයට නැගිටින්න අමාරුයි.

      Delete
  6. මමත් අවුරුදු දෙකක් ඉන්දියාවේ හිටියා ..තාමත් යනවා එනවා. අර ඉන්ක්‍රෙඩිබල් ඉන්ඩියා කියන වැකිය හොඳින්ම ගැලපෙනවා. ආපහු එහෙම ගිහින් වැඩ කරන්න ලැබුණොත් සතුටින් යනවා. අපායත් දෙව්ලොවත් දෙකම එකම රටක දකින්න නම් එහෙ යන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එක ඇත්ත සරත්. ඉන්ම ඉන්ක්‍රෙඩිබල් රටක් ඒක. ප්‍රාන්තයක් කියන්නෙත් වෙනම රටක් වගේ. ගොඩක් දේවල් වෙනස්.

      Delete
  7. තාමනං ඉන්දියාවෙ යන්න හම්බවෙලා නෑ. ඒත් කවදහරි යන්න හම්බඋූනොත් මේ විස්තර ප්‍රයෝජනවත් වෙයි.
    ඔය මුම්බායි අලුත් එයාපෝට් එක හදන හැටි ගැන මම ඩිස්කවරි වැඩසටහනකින් බැලුව. ඒකනං නියම ප්‍රොජෙක්ට් එකක් තමයි.

    ස්තුතියි චමීර මේ විස්තර වලට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. . මමත් දැකපු සුපිරිම ප්‍රොජෙක්ට් එකක් තමයි අලුත් එයාපෝට් එක . ඒක හැදුවට පස්සේ ඒකෙ තිබුන තදබදය අඩුම උනා..

      Delete
  8. මුම්බායි සහ පූනේ වල ලස්සන කෙල්ලො කොටට ඇඳගෙන මහ වැස්සෙ කලු පාට මඩ වතුර ගලාගෙන පාරවල් දිගේ යනකොට උන්ගෙ සුදුම සුදු පාට කකුල් දිගේ කලුම කලුපාට මඩ ලයින් එකක් උඩ...ටම ඇඳිලා තියෙනකොට... හා බොහොත් සුන්දර් හෛ!

    ReplyDelete
    Replies
    1. ක්යා බාත් හේ. ඇත්තටම එහෙ රටේ ඉහල ප්‍රාන්ත වල මිනිස්සු හරිම ලස්සනයි.කෙල්ලෝ වගේම කොල්ලොත් ලස්සනයි.. ඔවුන් අදින ඇදුම් හරිම ප්‍රසන්නයි. .

      Delete
  9. අවුරුදු එකහමාරක් දවසක් වගේ හිතෙන නිතර වෙනස්වෙන මගේ ලොකු එකා ගැබ්ගත්ත සුන්දර මතකයක් මටනම් ඉන්ඩියාව කියන්නෙ.
    බොරු නොකිය කියපං පුනෙයි මුම්බයි හිටියනම් පන්වේල් කීපාරක් වැන්දද කියලා

    ReplyDelete
    Replies
    1. මම හිටිය කාලයත් ලොකු වෙනසක් දැනුනේ නේ . . ටික කාලයක් ඉදල අව වගේ තමයි දැන් හිතෙන්නේ.

      Delete
  10. මම ලගදි මෙහෙ ඉන්න ඉන්දියන් යාළුවෙක්ගෙන් ඇහුවා තාමත් පාරවල් වලද වඩේ කරන්නේ කියලා... ඒකා ලැජ්ජවෙන් ඇඹරිලා කිව්වා පිස්සුද දැන් එහෙම නෑ කියලා...
    ඌටි වලට යන්න නම් ආරාධනාවක් තියනවා බලමුකෝ ඉස්සරහට...

    ReplyDelete
  11. අපි හිටිය පැත්තේ අවුරුද්දටම මාස තුනක් එක දිගට වහිනවා . ඊට පස්සේ ඊලග වැස්ස එනකන් පාරවල් හදනවා..

    ReplyDelete
  12. ගිහිල්ල නම් නෑ.. ස්තූතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා හදා ගත්තට ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
  13. කේරල ගල් ගුහා ටික බලන්න වටින තැනක් වගේ, මම ආසාවෙන් ඉන්නෙ කල්ක , ශිම්ලා අතරෙ දුවන Toy Train එකේ යන්න.
    තොරතුරු බෙදා දුන්නට ස්තුත්යි චමීර.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කම්මලේ , ගල් ගුහ තියෙන්නේ කෙරලේ නම් නෙමෙයි. මුම්බායි පැත්තේ තියෙන්නේ.. .

      Delete
  14. අවුරුදු 6ක් හිටිය කියන්නේ හොඳ හොඳ අත්දැකීම් ඇතිනේ .. බ්ලොග් එකක් පටන් අරන් ලියන්නකෝ ... ඔය ලස්සනට ලියල තියෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. . . වෙලාව නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඕක ලිව්වෙත් ඔෆිස් වෙලාවක . බලමු ඉස්සරහට පුළුවන් උනොත්..

      Delete
  15. අප්පේ.. ඉන්දියාව.. ඉන්දියාවේ පාගා සීන් එක ගැනනම් මං බ්ලොග් එකේ කෙටුවා වගේ මතකයි! මේ තියෙන්නේ
    දිවය ලෝකෙයි අපායයි දෙකම එකම තැන කියන කතාවනම් හරියටම හරි!

    ReplyDelete
    Replies
    1. @නාඩියා
      උඔ ලියලා තිබුන කැඩෙට්, ඡුකි ලියුම් දෙකම කියෙව්වා...එල ද බ්‍රා

      Delete
    2. එහෙ ඉතින් එළිපිටම තමයි පාගා ගහන්නේ. රජයේ සේවකයෝයි විශේෂයෙන් පොලිසියේ අය. . නාඩි ගේ ලිපියත් කියවන්නම්කො.

      Delete
    3. @සංජිව - තැන්කු ඈ! එලද පෑන්ටි කියලා කිව්වම මොකෝ එතකොට? :D

      පොලෝසියේ උන් මෙහෙත් එකනෙ බං!

      Delete
  16. අවුරුදු හයක් හිටිය එකේ පෝස්ටු හැටක් ලියන්න බැරිය. තව ටිකක් ඇදල ලියන්න තිබුන බං. මොකෝ ඉන්දියාව කියන්නෙ පුංචි රටක්යැ.
    චමීරගෙ ලිවිල්ල එල. මේ අඩවියට හරි කමක් නෑ තවත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි රාජ්. ඇදල ලියන්න තිබ්බ නම් හොදයි තමා. ඉස්සරහට බලමු තව ලියන්න. .

      Delete
  17. මම සිරාගේ කාමරේට ආවේ අදමද කොහෙද...
    උඹ ඉන්දියාව පුරා අපිව එක්කගෙන ගියා, මමත් ගොඩක් ආසාවෙන් ඉන්නවා අර පැරණි ලෙන් කිහිපය බලන්න...
    මොනවා උනත් උඹගේ සම්පුර්ණ කතාවටම වඩා අර බලට්ටේ සීන් එක එළය...

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...