Sunday, November 16, 2014

57 හපුතලේ ගමන සහ ඉංග්‍රීසි සෑර්

කලින් ලිපියෙන් බොලා අපේ ඉංග්‍රීසි සෑර් ගැන කියවූ නිසාම දැන් මේ චරිතය ගැන යම් දැනුමක් කියවන ඇත්තන්ට එකදු පහදු වී ඇති යැයි මගේ අක්මාව මට සන් කරයි. ඒ ඔස්සේ අතීතයට සිත මෙහෙයවමින් ඉංග්‍රීසි සෑර් සහ අප අතර තිබූ ඒ අකලංක ගුරු ගෝල සබඳතාවේ නැවුම් තොරතුරු සමුදායක් ඔබට තිළිණ කරන්නට කාමරයේ ලෑලි දොරට පයින් ගසා විවර කළෙමි.

දැන් දැන් ඉරිදා දිනයන්හි පන්ති ගියද පන්තියේ ඉගැන්වීමක් නැත. සෑර් අපගේ ආගමනය බලාගෙන සිටින්නේ වාහනයට අප පටවාගෙන කොහේ හෝ තැනක නැවතී මධුවිතෙන් සප්පායම් වීමේ පරම පිවිතුරු චේතනාවෙනි. ඒ සඳහා සියලු බරපැන ඒ උත්තමයා දරන කල්හි අපගේ කැඳ නැති මුදල් පසුම්බි එළියට අදින්නට උවමනා වූයේ නැත.

සෑර් හැමදාමත් කැමති වූයේ ජලාශයක් අසබඩ සිට මධුවිතෙන් බොකු බඩවැල් සනහාගන්නටය. මඳ පවනේ දඟ පානා දියරැලිති දෙස කෙතරම් වේලා බලා සිටියත් නෙතු දෑල විඩාවට පත් නොවෙති. ඒ දසුනට මම දැනුදු පෙම් කරමි. සෑර්ගේ කැමැත්ත අපේ කැමැත්ත වීමට වැඩි කාලයක් ගියේ නැත. අපටද ජල තලයක් ලග නැති එළිමහනේ තැනක රහමෙර පානය අලස අත්දැකීමකි.

කීකරු සිසුන් මෙන් සෑම ඉරිදා දිනකම අපි පන්ති යන්නෙමු.  අප ගේට්ටුවෙන් ඇතුලු වෙන විටෙම සෑර්ගේ මුහුනේ මන්දස්මිතියක් පැන නැගෙයි. එතැනින්ම අපගේ ගමන අඩපණ කරන හෙතෙම තාප්පයට පිටතින් නවතා තිබෙන නියෝන් කොළ පැහැති මැස්ඩා බොංගො කොට මොඩලයට අප පටවති. එයින් අනතුරුව රථය නවතින්නේ ගම්පහ නගරයේ සුපිරි වෙළඳසැලක් අසලයි. එයින් මිළදී ගන්නා ද්‍රව්‍යයන්ගෙන් අපගේ ඉරිදා සන්ධ්‍යාව වර්ණවත් වෙයි.

යක්කල පසුකර නිට්ටඹුව දෙසට යන විට හමුවෙන මහවිට ජල යෝජනා ක්‍රමය අසල අප රුපියල් ලක්ෂයකට වඩා සෑර්ගේ මුදල් වියදම් කර ඇතුවාට සැක නැත. ඒ තරම් වාර ගනනක් අප එහිදී මධුවිතෙන් සන්තර්පණය වී ඇත්තෙමු. අද මේවා මතක් කරන විට මගේ අක්මාව, වකුගඩු ඒ කාලයේ මේකා දුන් වදයක් යැයි සිතමින් වැළපෙනවා විය යුතුය.

ඉරිදා දිනයේ සවස 2 කණිසමට පැවැත්වූ අපගේ ඉංග්‍රීසි පන්තිය බෝතලයට යට වී ක්‍රියා විරහිත වන තැනට පත් වූ පසු බොහෝ වෙලාවට අප සිව්දෙනාම පන්ති පැමිණියේ එහෙමත් දවසක බැව් මට මතකය. ඉරිදාට නිවෙසට වී අක්කාගේ කටයුත්තකට සහාය වීමට වනිගයා ප්‍රිය විය. නිවසේ එකම පිරිමියා වූ පන්සල් හන්දියේ පුෂ්පෙ නිවසේ දර අවශ්‍යතාව වෙනුවෙන් ලොකු දර කොටයක් පැලීමට ඉරිදා සන්ධ්‍යාව යොදා ගත්තේය. මෙවැනි වගකීම් තිබුනේ නැති මමත් නගාත් ඉංග්‍රීසි පොත කිහිල්ලේ ගසාගෙන පන්ති ගියෙමු.

එවන් විටෙක අනිත් උන් දෙන්නා කෙසේ හෝ එකතු කරගෙන ගමන යන්නට සෑර් රිසි විය. අප දෙදෙනා රථයේ නංවාගෙන පන්ති නොපැමිණි උන්ගේ නිවෙස් අසලට පැමිණ මධුවිත සොයා යන යුගය ඇරඹුනේ ඒ අකාරයෙනි. මෙලෙස කාලය ගත වෙද්දී අප හදවත් තුල බුර බුරා නැගුන ගැටලුව වූයේ සෑර් කොලු කාරයෙකුද යන්නයි. කෙදිනකවත් එවැනි උත්සාහයක් දරා නොතිබුනද අපගේ සිත් ඒ ගැන සැකයෙන් පෝෂණය වී තිබුනි.

තවත් මඳ කාලයක් ගත වන විට වෘත්තීය ජීවිත වලට එළැඹුනු අප හතර දෙනා එක් තැනකදී අල්ලාගන්නට තිබූ අපහසුතාව නිසා සෑර් සියල්ලන් සමග බෝතලයක් හිස් කරනවා වෙනුවට අහුවෙන එකෙකු සමග භාගයක් හිස්කිරීමේ අලුත් පිම්මක් පැන්නේය. අද මා සමග මේ ගමන ගියා නම් ඊලග සතියේ යන්නේ වෙනත් එකෙකු සමගිනි. එවැනි දවසක සෑර්ගෙන් ජංගම දුරබණුවට කෙටි පණිවිඩයක් ලැබේ. Where are you ? යනුවෙන් එහි සටහන් වෙයි. ඒ පණිවිඩය දුටු පමණින් ඊලඟ ජවනිකාව සිතා ගැනීමට අපට අපහසු වූයේ නැත.

සෑර් සමග වෑන් රථය තුල තනිව ගමන් ගන්නා විටෙක මගේ හදවත පෙර කියූ සිතුවිල්ලෙන් පීඩාවට පත්වූ වාර ගණනාවකි. භාගය හිස් කොට මහ රෑ නැවත නිවෙස බලා පැමිණෙන විට වාහන මෙන්ම පදිකයන්ද අඩු මහා මාර්ගයක් අභියස ඔහුට බොහෝ නිදහස තිබේ.

මේ සිතුවිල්ල අනිත් උන්ටත් පොදු වූ නිසාම අප එක්වූ තැනක කථා කලේ ඉංග්‍රීසි සෑර්ගේ මේ අමුතුම ක්‍රියාකලාපය ගැනමය.

ඇයි බං මේ වගේ සල්ලි වියදම් කර කර අපිව ගෙදරටම ඇවිල්ලා එක්කගෙන ගිහිං බොන්න අරං දෙන්නෙ. සෑර්ගෙ හිතේ මොනවා තියෙනවද දන්නෙ නෑ...එවැනි විටෙක අප එලෙස කථිකා කලෙමු.

කෙසේ හෝ ඒ වන විට අපගේ ඉංග්‍රීසි සෑර් අප නිවෙස් හතරේම හිතවතෙකු වී සිටි නිසා නිවෙස් වෙත පැමිණීමට බාධාවක් තිබුනේ නැත. එවැනි වටපිටාවක සෑර් පුංචි පහේ චාරිකාවක් සංවිධානය කලේය. ඔහුගේම රථයේ මේ ගමන යන්නට තීන්දු විය. සෑර් පිළිබඳ පැවති විශ්වාසය නිසා නිවෙස් වලින් තහනම් නියෝග පැමිණියේ නැත. අප තිදෙනෙකු සහ සෑර් පමණක් ගමනට සහභාගි වන්නට නියමිතය.

කොළඹ බදුල්ල මාර්ගයේ දැන් රථය ධාවනය වෙයි. රාත්‍රිය ගත කරන්නට නිෂ්චිත ස්ථානයක් සැලසුම් කොට නැත. ඒ අවස්ථාවට අනුව තැනක් තෝරා ගැනිම සෑර්ගේ බලාපොරොත්තුවයි. හපුතලේ නගරයට පිවිසෙන්නට කලියෙන් සෑර්ගේ ආරාධනයෙන් සියල්ලන්ටම ලැබුනේ තෝසෙ සංග්‍රහයකි. මේ ගමනටද සියලුම බරපැණ සෑර්ගෙන් නිසා අපේ සාක්කු වලට බරක් නැත.

සාම්බාරු සමග ආමාෂ ගත වූ තෝසෙ අපේ නගා කොලුවා තුල ඇතිකර තිබුනේ කදිම විපර්යාසයකි. ඒකාට බොක සිග්නල් වැදී තිබේ.

සෑර් පොඩ්ඩක් අල්ලන්කො වාහනේ බොකක් දාන්න පුලුවන් තැනකට...නගා දෙපසට ඇඹරෙමින් වෑන් රථයේ පසුපස කලාපයේ සිට හඬ අවදි කරයි. එහෙත් ඒකාගේ බස කිසිවෙකු කනකට නොගනියි. රථය එක එල්ලේ හපුතලේ දෙසට ධාවනය වෙයි.

විනාඩියෙන් විනාඩිය නගාගේ මුහුණ විළියෙන් බර වෙයි. අත මිට මෙළවෙයි. නැවත දිග හැරෙයි. තොල් සඟල උල් වෙයි...නැවත හැකිලෙයි.

මට අමාරුයි බොල කොහෙ හරි තැනක නවත්තපංකො වනිගෙ....සෑර් සමග ඉදිරි අසුනේ සිටින වනිගයාගෙන් නඟා කොලුවා සහනයක් අයදියි.

එහෙත් කිසිම හාවක් හූවක් නැත. රථය තවමත් ධාවනය වෙයි. ඉවසාගෙන සිට ඉන්නම බැරි තැන නඟාට මහ සොහොනා ආරූඩ විය.

තොපි වාහනේ නවත්තන්නෙ නැත්තං මම මේ සීට් එක උඩ රෙනවා....උක්කුටික ඉරියව්වෙන් පසුපස ආසනය උඩ නැග සිටින නඟා දුටු සෑර් භූමිතෙල් පොල්කට්ටක් වැදුන ගැරඩියෙකු සේ භයෙන් භීරාන්තව ඒ අසන්නයේම තිබූ කුඩා හෝටලයක් බදු තැනක වාහනය නතර කරන අයුරුත්...උසේන් බෝල්ටත් වඩා වේගයෙන් ඉනෙන් පහලට කඩා හැලෙන ඩෙනිමත් අල්ලාගෙන කසිප්පු සොයන්නට ආ පොලෝසිය මගහැර යන කසිප්පු කාරයෙකු සිහිපත් කරමින්  හෝටලය කරා දුවනා නගා කොලුවාගේ දසුනත් අප වෙත එකතු කල උපහාසයේ රස මිහිර මට තවමත් දැනෙනවා වාගේය.

නගාගේ බොකට පින්සිදු වෙන්නට අපට රාත්‍රී නවාතැන හමුවී තිබේ....එකල එහි බිම් මහලේ තිබුනේ කාමර 3 පමණි. උඩු මහල අවන්හලකි. කාමරය ඉදිරියේ කුඩා කොරිඩෝවකි. දුම්රිය ස්ථානවල ඇති පැරණි පන්නයේ හාන්සි පුටු සිහිපත් කරනා දිග පුටුවක් බැගින් සෑම කාමරයකටම ඉදිරියෙන් තබා තිබුනි. කොරිඩෝවට එපිටින් ක්‍රම ක්‍රමයෙන් බෑවුම් වන තේ වත්ත විශාල දුරකට විහිදෙයි. මා මෙතෙක් විනෝද චාරිකාවකදී නවාතැන්ගෙන ඇති ස්ථාන වලින් ඉතාම සොඳුරු තැන මේ යැයි කීම වරදක් නැත. හැන්දෑවේ 6 කණිසම වන විට වලාකුළු පාවෙන්නේ අතේ දුරිනි. එහි ඇති සිසිලත්...ස්වභාව ධර්මයේ චමත්කාරයත් නිසාම මේ ස්ථානයේ කීප වතාවක්ම මේ ගමනින් පසු නවාතැන් ගෙන තිබේ.

දැන් ඉතින් අපගේ භීතිය උත්සන්න වන අවස්ථාවට අප එළැඹී තිබේ. කාමරයේ ඇත්තේ ඇඳන් දෙකකි. පුෂ්පයා ගමනට සහභාගි නොවූ නිසා පිරිස 4 දෙනෙකි. ඒ අනුව දෙන්නා බැගින් යහන් දෙකේ නිදාගත හැකිය. මමත් වනිගයාත් සෑර්ගේ ඇඳ වෙත නගා කොලුවා පන්නා දමන්නට උත්සාහ කලද ඒකා කූඩැල්ලෙක් කකුලේ එල්ලි ලේ බොන ආකාරය සිහිපත් කරමින් අප සිටි ඇඳ බදාගත් වනමය. ඉංග්‍රීසි සෑර් අපගේ පතිවත කෙළසාවි යැයි ඇති භීතිය නිසාම අපි තිදෙනාම එක ඇඳක රැදී ඉන්නට තීරණය කළෙමු. මේ දසුනින් සෑර් හට අධික කෝපයක් උපන්නේය.

තොපි 3 දෙනා එක ඇඳක මැරෙන්න හදන්නෙ යකෝ මම මොකෙක් කියලා හිතලද...

සෑර් ඉංග්‍රීසි සිංහල ද්වි භාෂාවෙන්ම බැණ වදියි. ඔහුගේ කෝපය ඉහවහා ගොසිනි. අපේ අැඳ මත තිබූ වැල් ජොකුන් සෑර්ගේ හස්තයේ බලයෙන් කොරිඩෝවෙන් එපිට මහා ප්‍රපාතයකට විසිවෙයි. එහෙත් ඒ වෙලාවේ තිබූ ප්‍රචණ්ඩ සුළඟ නිසාම ඒවා බූමරංගයක් මෙන් නැවත කාමරය වෙතම නිරුපද්‍රිතව ලගා වෙයි. සෑර්ට දැන්නම් මල උපරිමයෙනි. සිරා කොලුවා වන මට මේ දසුන දැක හඬන්නටදැයි සිනා වෙන්නටදැයි සිතා ගත නොහැකි වූ බැව් මතකය.

කෙසේ හෝ සෑර් සන්සුන් වන තෙක් සිට දවාලේ මිළදී ගත් බ්‍රැන්ඩි බෝතලයට බැට දීම ආරම්භ වූයෙන් චාරිකාව නරක එකක් වූයේ නැත. රහමෙරින් මඳින් මඳ සන්තර්පණය වන විට මෙතෙක් කල් අපේ උන්ගේ සිත් පෙලූ කාරණය සෑර්ගෙන් එක එල්ලේ විමසන්නට තරමේ දහිරියක් සිරා කොලුවාගේ සිත වෙළාගෙන ඇති සෙයකි.

ඇයි සෑර් අපිට මේ විදියට වියදම් කරලා බොන්න දීලා ට්‍රිප් අරගෙන ඇවිල්ලා සෑර් මොනවද බලාපොරොත්තු වෙන්නෙ...සෑර් කොලුකාර-----?

මගේ ප්‍රශ්නයෙන් සෑර් හපමින් සිටි  රට කජ්ජක් මුවෙන් ඉවතට පැන්නේය. ඔහු තිගැස්සී සිටියේය.

මෙච්චර කල් මාව ආශ්‍රය කරලා තමුසෙලා එහෙමද හිතාන ඉන්නෙ....හෙක් හෙක්...සෑර් ඔලොක්කුවට මෙන් සිනහා වෙයි.

එහෙම එකක් නෑ අයිසෙ...මට එහෙම උවමනාවක් තියෙනවා නම් මෙච්චර වියදම් කරගෙන බොන්න දෙන්න, ට්‍රිප් අරගෙන යන්න උවමනා නෑ.

මම ඉස්කෝලෙ යන කාලෙ හොස්ටල් එකේ නතර වෙලා ඉගෙන ගත්තෙ. මගේ දෙමාපියො ගොඩාක් නීති දාලා මාව හැදුවෙ. මම තරුණ වයසට එද්දි උඹලට වගේ කිසිම විනෝදයක් තිබුනෙ නෑ. කොටින්ම මට බොන්න කන්න යාලුවො මුණ ගැහෙන්න ඒ වයසෙදි ලැබුනෙම නෑ.

මගේ පන්තියට ඇවිල්ලා ටික කාලයක් ගත වෙද්දි...මට උඹලව දැනුනෙ පුතාලා නැති මට පුතාලා වගේ....තව ටික කාලයක් යද්දි දැනුනා යාලුවො ටිකක් වගේ. අන්න ඊට පස්සෙ තමයි මට ඒ කාලෙදි කරන්න බැරිවෙච්ච දේවල් උඹලා එක්ක කරන්න හිතුනෙ. මම ඔයාලා එක්ක ඉන්න වෙලාවට හිතින් මගේ අතීතයට යනවා. නැතුව ඔය උඹලා හිතාගෙන ඉන්න දේවල් හින්දා නෙමෙයි.

අපට සෑර් ගැන අැතිවූයේ අනුකම්පාවකි. මෙවැනි පුද්ගලයෙකු දෙස වපර ඇසකින් බැලූ අප ගැන කළකිරීමකි. එහෙත් අපේ සමාජයේ මෙවැනි ගුරු ගෝල හැසිරීමක් බාහිරව දකිනා කවරෙකු වුවද අප එල්බගත් මතයේම සිටිනවා නියතය.

පන්ති කාමරයෙන් ඉැගැනීමට නොහැකි වූ බොහෝ දේ ඔහු අපට කියා දුන්නේය. අප සියල්ලෝම වාහන පැදවීමේ මූලිකාංග උගනිමින් ඒ සඳහා අත්පොත් තැබුවේ සෑර්ගේ රථයෙනි. විටෙක ඔහු වැඩිහිටියෙකි. විටෙක ගුරුවරයෙකි. විටෙක මිතුරෙකි. අපගේ ප්‍රේම කථා වල විප්‍රයෝගය මෙන්ම රස මුසු තැන්ද අසා සිටිමින් අපට උපදෙස් දුන්නේද මේ කියන සෑර්මය. සමාජය පිළිබද, වෘත්තීය ජීවිතය ගැන, පවුලක් තුල අපගේ වගකීම් ගැන අප හොඳ දැනුමක් ලබා ගත්තේ මේ චරිතය නිසාය. ඇතැම් විටෙක රැකියාවක් සඳහා අප මුහුණ දිය යුතු වූ සම්මුඛ පරීක්ෂණ කරා වුව ඔහු අප කැටුව ආවේය.

හපුතලේ චාරිකාවෙන් පසු සෑර්ගේ පවුලේ ප්‍රිය සම්භාෂණ ආදියට අප කැඳවාගත් හෙතෙම ඔහුගේ ඥාති ජන සමූහයා වෙත මෙන්ම මහනුවර ප්‍රදේශයේ වෙසෙන බිරින්දෑගේ පාර්ශවයේ ඥාතීන් වෙතද අප සැම හඳුන්වා දුන්නේය. ඉන් ඉක්බිති ඔහු හා අපේ ඇසුර වඩාත් ශක්තිමත් වූ හෙයින්ම අපට විනෝද චාරිකා වලින්ද අඩුවක් වූයේ නැත. එවැනි චාරිකා කීපයකි. එහෙත් සෑර් සමග එක්වී අපේ කොල්ලන් රහමෙර පානය කරන බව අපේ මහ උන්දැලාට වැටහෙමින් තිබුනි. ඒ සඳහා ඒ අය ගත් ක්‍රියාමාර්ග සහ විනෝද චාරිකා ආශ්‍රිත රස මුසු තැන් පිළිබද මීළග ලිපියෙන් කියමි. අදට හමාර කරමි.


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

හපුතලේ අපේ නවාතැන වර්තමානයේ එය පවතින ආකාරයෙන් එකල මොඩ් වී තිබුනේ නැත.

57 comments:

  1. සිරා මචන් ඉංගිරිස් ගුරා පට්ට සිරා බුවෙක්නෙ.. ඇත්තටම ඔය වගේ අපෙන් මිස් වෙච්චි ආතල් ගන්න අපි කොච්චර හීන මවනවද? ඌට පස්සෙ පස්සෙ අවුල් උනා කියනව කලින් කොහෙදි හරි කොමෙන්ට් එකකද කොහෙද කියෙව්ව මතකයි.. ඒ ගැන සිරාවටම දුකයි.. අර ප්ලේස් එකත් මරු නෙ මචෝ.. මං ඔච්චර අහල පහල ඉඳල දන්නෙ නෑ ඒක ගැන..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බොලත් හරියට සිරිමාබෝධිය පාමුල හිඟන්නො වගේ තමයි.

      Delete
    2. හෙහ් හෙහ්.. පට්ට කතාව.. මම සෑහෙන්න මඩක් කාල සැරයක් ගෙදර එවුනුත් එක්ක ගියා මීමුරේ බලන්න.. සූරිය අරණ ෆිල්ම් එකේ දැක්කට පස්සේ.. මේ ලඟදි මගේ යාලුවෙක් ෆොටෝ වගයක් දාල තිබ්බ Fඹ් එකේ 'පිටමාරුව' කියන ගමේ මීමුරේ වගේම නැත්නම් ඊටත් ලස්සන තැන් තියෙන.. පට්ටම සීන් එක කියන්නේ පිටමාරුව තියෙන්නේ අපේ ගෙවල් ලඟ ඉඳල කි.මි. 25ක් විතර දුරින්.. බස් එක යන්නෙ අපේ දොරකඩින්.. පොඩි දවස් වල ඉස්කෝලෙ ඇරිල අනන්තවත් ඔය බස් එකේ ඇවිත් ඇති 'පිටේ අමාරුව' කිය කියා.. හැක් හැක්...

      Delete
    3. හෙහ් හෙහ්.. යකෝ මම ඔහොම ගමක් ගැන අහල තිබ්බෙ නෑ. දැන් හොයල බලත්දි දැක්කෙ. පිටමාරුව මහා විද්‍යලයට වෙබ් සයිට් එහෙකුත් තීනව.

      උඹල ඔය ඌවෙ පොරවල් වෙච්චි, අඩු ගානෙ බෝගොඩ ගිහින් තියේද?

      Delete
    4. ඉංග්‍රීසි සෑර් ඇත්ත වශයෙන්ම සුපිරිම පොරක්...අපිට ඒ කාලෙ කෝකටත් තෛලය වගේ හිටියෙ මෙතුමා තමයි. අපේ එකෙක්ගෙ හිත දවන කුමන ආකාරයේ ප්‍රශ්නයක් උනත් අනිතිමට නතර උනේ සෑර් ලග...අපි ඒක සමහර සම්මුඛ පරීක්ෂණ වලට පවා ඇවිල්ලා තියෙනවා අතින් වාහනේට තෙල් ගහගෙන...සෑර් වෑන් එකට පස්සෙ ගත්ත කාර් එක වතාවක් මගේ අතින් හැප්පිලා බෆර් එක සෑහෙන්න ඩැමේජ් උනා...ඒත් මේ මනුස්සයා මගෙන් ශත පහක් ගන්නෙ නැතුව ඒක හැදුවා...අපි පන්ති ගියේ නැති උනාට අපි බොන හැම තැනකම ඉංග්‍රීසි තමයි භාවිතා කලේ...ඒක සෑර්ගෙ නියමයක්. ඒ තැන් වලදි යමක් වැරදුනා නම් වීදුරුව අතේ තියාගෙන සෑර් පාඩම කලේ...

      මී මුරේ වතාවක් මමත් ගියා...ඒ සුන්දරත්වය නම් කියලා වැඩක් නෑ...ලූල්වත්තෙ ඉදලම ගමන සුන්දරයි...

      ඉන්දික අයියා මම නම් අහලා තියෙන්නෙ බෝගල ගැන විතරයි...අර මිනිරන් පතල එහෙම තියෙන්නෙ...බෝගොඩක් ගැන ඇහුවෙ අද...බෝගොඩ කිව්වම මතකයට එන්නෙ සංගීත ශිලපීන් කීප දෙනෙක්.

      Delete
    5. බෝගොඩ තමයි දැනට ලෝකයේ තියන පැරණිම ලී වහලයක් සහිත ලී පාලම තියෙන්නෙ.මේකෙ විශේෂත්වේ තමයි මේ පාලම සදහා ලී ඇන පමණක් බාවිතා කරලා තිබීම.එකට යන්නෙ බදුල්ල බණ්ඩාරවෙල පාරේ හාලි ඇල ටවුමෙන් හැරිලා යන්න ඕනෙ..ඒක රාජ මහා විහාරයකට මායිම්ව තියෙන්නෙ.

      Delete
    6. ස්තූතියි ඉන්දික!

      ඔය බෝගොඩ තවත් පාළමක් තීනව. දන්න අය සහ දැකපු අය මම හිතන්නෙ නෑ බදුල්ලෙවත් ඇතිය කියල එහෙමට. අනික බෝගොඩ කැලේ පොඩි වතුර පාරක් හරහ ඔහොම ලස්සන පාළමක් හැදුවෙ ඇයි කියන එක දන්නවද?

      Delete
  2. Replies
    1. අනිවාර්යෙන්ම මගේ ජීවිත කාලය තුල හමුවුන සුපිරිම චරිතයක්...

      Delete
  3. ඇත්තටම මම නම් නිකන්වත් හිතුවේ නෑ බං සර් කොලු කාරයෙක් කියලා..ආපහු යමක් බලාපොරොත්තු නොවි හිතවත්කම් පවත්වන මිනිස්සු ඉන්නවා බං..

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නමුත් මේ වගේ අතින් කාලා හරක් බලන්නෙ ගොඩාක් මිනිස්සු යමක් බලාපොරොත්තුවෙන් නිසා තමයි අපේ හිත් වල පොඩි සැකයක් මෝදු උනේ.

      Delete
  4. සෑර් හොද මිනිහෙක්.. බොලා තනි ඇදේ නිදාගන්න දගලන එක මට මැවිල පෙනුනා. හැක්

    ReplyDelete
    Replies
    1. මුන් තුන් දෙනා හිරවෙල තදවෙල තනි ඇඳේ ‘ඩබල් දාලා‘ නිදාගන්න දඟලද්දි සර් නම් හිතන්න ඇති ෂුවර් එකටම මුං නම් කොළුකාරයෝ ය කියල. හැක් .....

      Delete
    2. ඒක ඇත්තටම දෙන්නෙක්ට උනත් පහසුවෙන් නිදාගන්න පුලුවන් ඇඳක් නෙමෙයි. හපුතලේ පුුදුම සීතලක් තියෙන්නෙ රාත්‍රියට...ඒ හින්දම වෙන්න ඇති අපි තුන්දෙනා ගුලි වෙලා අපහසුවෙන් හරි නිදාගත්තා...සෑර් අතපය දිගඇරගෙන හොඳ ආතල් එකේ එයාගෙ ඇඳේ නිදාගත්තා.

      Delete
  5. සිරා අරේම ඇහුවම සෑර්ට අම්මප මොනා හිතෙන්න ඇද්ද හිහි
    පව් අප්ප සෑහෙන්න අස්සට් යන්නැති ඇයි යකූ මෙච්චර බොන්න කන්න වියටදං කරන එකා වෙච්ච කොට උන්නහෙ ගැන ඒම හිතද්දි
    දුක්ක හිතෙනව

    ReplyDelete
    Replies
    1. මටත් ඉතිං බීපු කික් එකත් එක්ක ගානක් නැතුව ගියා...අපි ඔයිට වඩා දේවල් කියනවා බොන කන වෙලාවට...සෑරුත් එහෙමයි...සමහර වෙලාවට විහිළුවෙන් ඇස් රතු වෙන වෙලාවලුත් තියෙනවා...සෑර්ට මල උපරිමයෙන් පනිනවා එතකොට...මේ කථාවෙ ජොක්කු විසිකරපු අවස්ථාවත් එහෙම එකක්....

      Delete
  6. අපේ අසල්වාසිය වෙලත් මම සර් ගෙන් ඉංගිරිසි ටිකක් ඉගෙන ගන්න ගියේ නෑනෙ. අපරාදෙ හොද බෙබෙක් වෙන්න තිබුන.
    ෂැංග්‍රිල්ලා හෝටලය දැනුත් හපුතලේ පාරෙ යනකොට නැවතිලා යන තැනක්. අපිත් අවුරුදු දොලහකට විතර කලින් මීදුමකට අහුවෙලා නන්නත්තාර වෙලා ඉන්නකොට මේ තැන හම්බ උනේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න සෑර් ගැන අහන්න නියම චරිතය..මෙයාගෙ අසල්වැසියෙක් තමයි අපේ ඉංග්‍රීසි සෑර්...ඒ කාලෙ අද වගේ කම්මල අයියව දැන උන්නා නම් මෙයත් අපි එක්ක සැට් වෙන්න ඒවි....

      මට ඇත්තටම එතැන ආයෙමත් නවතින්න හිතයි. ඒත් වර්තමාන නවීකරණ කටයුතු කරන්න කලින් තිබ්බ විදිය තමයි මම ගොඩාක්ම කැමති. මේක නවීකරණය කලාට පස්සෙ මිළ ගනන් එහෙමත් පුදුම විදියට ඉහළ ගිහිල්ලා.

      Delete
  7. දැන් අර කොල්ලෝ බය කට්ටියට නැත්ද ඒතකොට.................

    ReplyDelete
    Replies
    1. අහලා තියෙන දේ මට පැහැදිලි නෑ. ඔයා අහන්න ඇත්තෙ දැන් කොල්ලො සෑර්ට භය නැද්ද කියලා වෙන්ට ඕනෙ...මොන භයක්ද...අදටත් අපි අතර ඒ සුහදතාව තියෙනවා....

      Delete
  8. මාර කේස් එකක්නෙ.
    කොහොම වෙතත් කොළු කාලෙදි ඔය වගේ නීති දාල හදන එවුවො ලොකු වෙනකොට ඔය වගේ තත්වෙකට පත්වෙන එක අරුමයක් නෙමෙයි. සර් ට සල්ලි තිබුණ හින්ද ඒ ආසාව මුදුන්පත් කරගන්න පුලුවං කම ලේසියෙන්ම තිබුණ.

    නගා වෑන් එක ඇතුලෙ බොග දැම්මනං තමයි නියම ආතල් එක තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ වගේ දැඩි නීති රීති දාගෙන, සමාජ ආශ්‍රයක් නැතුව හදපු දරුවෙක් අපේ පැත්තෙත් හිටියා...ඒකාගෙ අම්මා විදේශගත වෙලා උන්න නිසා ආච්චි තමයි දරුවව හැදුවෙ...ඒකාට ලැබුනු දැඩි දඬුවම් නිසාම අන්තිමට ළදක් වගේ කොල්ලෙක් තමයි ඉතිරි උනේ...

      ඇත්ත වශයෙන්ම මේ හපුතලේ තැනට අපි ඊට පස්සෙත් සෑර් එක්ක කීප වතාවක්ම ගියා...මේ සථානය හොයාගන්න අපිට උදව් උනේ නගාගෙ බොක කියන එක තමයි අපි ගෞරවයෙන් සිහිපත් කලේ ඒ හැම විටකම...

      Delete
  9. සර් එල පොරක් නෙ. මට ඉවෙන් වගෙ දැණුනු දේ වැරදි නෑ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් මට මතකයි..බොලා කියලා තිබුන දේ...මිනිස්සු බාහිරින් මනින්න නරකයි...බොහෝවිට මතුපිටෙන් පේන්නෙ නියම ස්වරූපය නෙමෙයි. අහිංසක චරිත ලග මිනීමරුවොත්..මිනීමරුවො වගේ පේන චරිත ලග උපාසකයොත් ඉන්න බැරි නෑ.

      Delete
  10. මටත් මුලින්ම හිතුනා සර් නරක නැතුව ඇති කියලා... ඒ වුනාට ඉතින් මෙයාල ගිහින් නේ නිකන් හම්බවුන අශ්වයාගේ දත් ගනින්න... කොහොමවුනත් සිරා අයියා එක පාරට එහෙම ඇහුවාම සර්ට පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. ඔයා නම් කියයි නංගි...නිකං හම්බඋනාට අපේ පතිවත කෙලෙසුනා නම් පාරක රෙද්දක් ඇඳලා යන්නද...ඒ භය නිසාම තමයි අපි එක ඇඳකට පොර කෑවෙ. පොඩියක් මත්වෙලා හිටි වෙලාවෙ නිසා සෑර්ටත් ගානක් යන්න නෑ මම හිතන්නෙ.

      Delete
  11. තොපේ හිත තමයි නරක.සර් නෙමේ බොලල්ලා.

    ReplyDelete
    Replies
    1. අන්න හරි බොලාට තමයි ඒ හරුපෙ තේරුනේ...

      Delete
  12. අලේ පව් අෆ්ෆා ඒ සර්. මුන් ටික මූණටම අහල නෙව!

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි කෙල්ලෙ...අහන දේ මූණටම තමයි...

      Delete
  13. යකෝ මෙන්න අදහන්න වටින දිසාපාමොක් ලා!

    ReplyDelete
    Replies
    1. උඹ ඉරිසියා කරන්න එපා අපිට...බොලාට මෙහෙම චරිත මුලිච්චි උනේ නෑ කියාලා....

      Delete
  14. මේ සර් අදත් ඉන්නවාද? ඉන්නවානම් සිරාට බොහොම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. සර් තාම කොල්ල වගේ ඉන්නව. සංග්‍රහයට කැමති කෙනෙක්. අපි පාර සුද්ද කිරීමේ මහා ශ්‍රමදානයේ නිල සංග්‍රහය හැමදාම බාරගන්නෙ මෙතුමා.

      Delete
    2. ඇත්ත වශයෙන්ම විචාරක තුමා....මේ සෑර් සමග ආශ්‍රය එදා වගේම තවමත් තියෙනවා...නමුත් දුරබණුවෙන් උනත් කථා බහ කරන්නෙ කලාතුරකින්. ඔබතුමා අදහස් කල කාරණය නුදුරේදීම එතුමා සමග කථා කරන්න තමයි මම හිතාන ඉන්නෙ.

      Delete
  15. සිරා, උඹ සෑර්ගෙන් එහෙම කෙලිම්ම ඇහුවනං ඒ කියන්නෙ එළ කොල්ලෙක්. ඒකටතරහ නොගෙන හිනා වෙච්චි සෑර් ඊටත් එහා ගිය එළම එළ කොල්ලෙක්!

    හපුතලේ කියන්නෙ මගෙත් ප්‍රියතම නවතැනක්. එකක් එතන හැම තැනටම යන්න පහසු මැදක තියෙන එක. අනෙක සුදර වටපිටාව.

    අපේ ප්‍රියතම නවාතැන තමයි විහාරගල බංගලාව. අර මගේ මූණු පොතේ පොල්ගස් තුනක් එක්ක තීන කවර පින්තූරෙත් එතනදි ගත්තු එකක්නෙ. හැබැයි ඔයි උඹල හිටිය තැන ගැන ඇහුවෙත් අදයි! එතනත් සිරා වගේ පේන විදිහට!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉන්දික අයියා...මේ ගැටළුව අපේ හිත් වල හිරවෙලා සෑහෙන් කාලයක්...ඒ නිසා ඒක අහන්න සුදුසුම වෙලාව, සුදුසුම තැන එතැන කියලයි මගේ අක්මාවට එදා දැනුනෙ.

      නුවරඑළියට වඩා ස්වභාවික දර්ශන වලින් හපුතලේ ලස්සනදෝ කියලත් හිතෙනවා...අද නුවර එළියට ගියොත් ස්වභාවික දර්ශනත් එක්ක වැඩිපුරම පේන්නෙ ගොඩනැගිලි. ඒත් හපුතලේ අපි නතර උන තැනට ගොඩනැගිලි පේන්නෙ ඉතාම අඩුවෙන්..ඒ නිසා ඒ සුන්දර බව අපූරුවට විඳගන්න හැකි උනා.....ඊළග වතාවෙ හපුතලේ යද්දි මේ තැනටත් ගිහිල්ලා බලන්න...

      Delete
  16. පලවෙනි කතාවේ සර් ගැන තිබ්බ ආකල්පය නම් මේ කතාවෙන් පස්සේ වෙනස් උනා :)

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි සුදෝ...මිනිස්සු දිහා එක එල්ලේ බලලා තීරණ ගන්න හරිම අමාරුයි...හරිම සංකීර්ණ සත්ව ප්‍රජාවක් මිනිස්සු කියන්නෙ.

      Delete
  17. හ්ම් .. මම කිව්වනේ බං මිනිස්සු ගැන එහෙම හිතන්න නරකයි කියල. කොයි දේටත් හොඳම බෙහෙත කාලය. ඉවසීමෙන් බලං ඉඳල නිගමනයකට එළඹෙන එක තමයි හොඳම වැඩේ. කොහොම උනත් උඹ ඒක කෙළින්ම අහපු එකත් හොඳයි, ඕක හිතේ තියාගෙන උඹලයි, ඒ මනුස්සයයි දෙගොල්ලොම අපහසුතාවයට පත්වෙනවට වැඩිය.

    ඈ ..බං. උඹල සර් එක්ක බොන බව ඉව දැනෙන්න ගෙදර අයට ඔච්චර කල් ගියා කියන එක විශ්වාස කරන්න පුළුවන්ද. තාත්තයි මල්ලියි පුරුෂරත්න දෙකක් ගෙදර ඉඳලත් උඹ බොන බව දැනුනෙ නැත්ද. මලය නම් කමක් නෑ කියමු, තාත්තා. හෙමීට නිදාගන්න ගියත් අම්මා ඇවිත් ඔය ළමය අද කන්නෙ නැත්ද එනව, එනව කියල වදකරද්දි. කලින් කියපු වගේ උඹ කන පැලෙන්න ගහල ආපු දවසුත් තිබුනළුනේ. මම කලින් හිතුවෙ උඹ බොන බව ගෙදර අය දන්නව කියල. බලමු - බලමු ඒ ටිකත්, ඉක්මනට දාපං.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචෝ....අපේ අම්මා බත් නාස්ති වෙනවට හරිම අකමැතියි...මම රෑ වෙලා එනවටත් වඩා බත් නාස්ති වෙනවට තමයි එයාගෙ තරහව තිබුනෙ. ඉතිං සමහර දවස් වලට ගහෙං ගෙඩි එනවා වගේ එක පාරටම සැට් වෙනවා...සමහර දවස් වලට හැන්දෑවෙ ඉදලම කෙටි පණිවිඩ හුවමාරු වෙලා සෙට් වෙනවා. බොහෝ වෙලාවට මම ගෙදරට ඇමතුමක් අරගෙන එන්න පරක්කු වෙන කාරණය කියනවා...එක්කො දුම්රිය ප්‍රමාදයක් කියනවා....ගම්පහ ඉදගෙන මරදානෙ තවම ඉන්න බව කියනවා...නැත්තං හදිස්සි වැඩක් කරනවා...තවම සේවා ස්ථානයේ කියලා කියනවා...ඔය වගේ තමයි බොරු කිව්වෙ....අම්මලා නිදාගන්න කලින් මට අවසන් ඇමතුම දීලා එන්නෙ කීයටද අහනවා...

      මගේ කාමරේ තියෙන්නෙ අපේ නිවසේ ප්‍රධාන දොරටුවට හසුනොවන විදියට ඉස්තෝප්පුවේ පැත්තක. ඒකට වෙනම දොරක් තියෙනවා. ඉතිං මට මොන පාන්දරක ආවත් කාමරේට යන්න පුුලුවන් ගෙදර අය ඇහැරවන්නෙ නැතුව. ඒ නිසා මගේ ස්වරූපය ටික කාලයක් යනකං ඒ අයට පෙනුනෙ නෑ...නමුත් එක දවසක් තාත්තා මට දුන්න සම්බුව මම ඊලග පෝස්ටුවෙ ලියා තිබේ...

      Delete
  18. හතේ හත වැදිල ඉන්නකොට ඔය වගේ දේවල් කරන එකෙක් සෙට් වෙනව කියන්නේ ඉතින් තව මොනවද..ඉතින් සිරා ලොක්කලත් ඒ විදියටම හිතන්න ඇති මයෙ හිතේ..මොනව උනත් හිත හොද මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද...ඒ කාලෙ අපි බොන්න ආසයි...අතේ ශතේ නෑ....එහෙම වෙලාවක සෑර් මේ විදියට අපිට බොන්න දෙනකොට අපි එපා කියයි. සෑර් ඇත්ත වශයෙන්ම හොඳ ස්වාමියෙක් / පියෙක් / ගුරුවරයෙක් / මිත්‍රයෙක් / වැඩිහිටියෙක්.

      Delete
  19. බලාගෙන ගියාම සර් නෙවෙයි නොහොබිනා විදිහට හිතල තියෙන්නෙ ගෝලයො ටිකනෙ..මට හිතෙනවා මලේ ඔය සර්ව අර අනිත් ඉන්ටව් එකටත් ඇන්න යන්න හොද කෙනෙක් වෙයි කියල..මොකෝ උබෙත් කල වයස හරිනෙ දැන්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සෑර්ව ඒ ගමනට එක්කගෙන යනවාම තමයි....අන්න ඒ වගේ උහතෝකෝටික ගැටළු අපි නිසැකවම ඉදිරිපත් කලේ සෑර් වෙත. එතුමා ඒ සියල්ල දිහා ගෝචර බුද්ධියෙන් බලලා හැම වෙලාවෙම බෙහොම හොඳ තීරණ තමයි දුන්නෙ. කල වයස නම් හරි තමා...හිරයක් ගේමුද ?

      Delete
  20. මටත් හිතුනා එහෙම අප්සැට් එකක් නෑ කියල කන බොන මිනිහෙක් හින්ද. ඔහොම වෙනස් (මං කියන්නෙ පිළිගත් සම්මතයෙන්) අය බයයි විවෘත සමාජ පානයට. බොලා තමා වල්, හුහ්!

    ReplyDelete
    Replies
    1. කනබොන උන් බහුතරයක් බොහොම හොඳ මිනිස්සු..අත්දැකීමෙන් කියන්නෙ...අපි බොන්නෙ නෑ කියලා සමාජයට පේන්න ලේබල් ගහගෙන උජාරුවෙන් හැසිරෙන උන් ලග තමයි තියෙන තරමක් කුහක කම සහ නොහොබිනාකම් තියෙන්නෙ.

      Delete
  21. Replies
    1. ජීවිතේ තරුණ කාලේ - එක සේ නොරැ‍ඳේ
      සොයමී සැම වේලේ - සිතු දේ පැතු දේ
      ආදර රසේ සිතුදේ ලබන ලෙසේ
      බමරා බමන සේ යමි මං නිදහසේ
      සතුටයි දුකයි එක සේ දැනේ
      අනන්ත සුන්දර දිවි මල් උයනේ
      රෑ ගණදුරේ දිලෙනා පහන සේ
      බාධා මැද මෙසේ බලමි ලොව රසේ
      අහසයි බිමයි නිවසයි මගේ
      හෙටක් කෙරේ නෑ විශ්වාසේ
      දාවල රැයේ වෙනසක් මට නැතේ
      ඔබගේ මඳහසේ ඇතිවී නැති වෙතේ
      උන්නු ගමන් යන්න යතේ
      මිනිස්සු මෙලෙසයි මේ ලෝකේ

      ගායනය : එච්.ආර්.ජෝතිපාල
      ගීප ද: කරුණාරත්න අබේසේකර
      ගීතය හින්දි තනුවකි.(1970 වර්ෂයේ තිරගත වුන "කටි පතන්" චිත්‍රපටයේ අඩංගු වන යේ ෂ්‍යාම් මස්තානී කියන ගීතයේ තනුව )

      Delete
    2. මේක හරි ලස්සන සින්දුවක්. මේ ගීතයේ රූපරාමුවත් මට යන්තමට වගේ මතක් වෙනවා...කළු සුදු චිත්‍රපටයක් වෙන්න ඕනෙ මේක...හින්දි ගීත වලට සිංහල පද ලියූ අති විශිෂ්ඨයා තමයි කරුණාරත්න අබේසේකර...ඔහුගේ ගුවන් විදුලියේ ළමා පිටිය නැතිනම් අද සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයො ලෙස වැජඹෙන කීප දෙනෙක්ම ක්ෂේත්‍රයේ නොමැති වෙන්නත් ඉඩ තිබුනා.

      Delete
  22. මේක කියවද්දී මතක් වුවේ අපේ එකවුන්ට් සර්ව.. දෙන්නගෙම චරිතේ එක වගේ තමයි..

    ReplyDelete
    Replies
    1. එහෙමද....ගිණුම්කරණ ගොයියත් කොල්ලොත් එක්කද ෂොට් එක දැම්මෙ...

      Delete
  23. බ්‍රැන්ඩි බොන්ඩෙපා ගල් බීපියව් !!

    ආයෙ කියන් නෑ !! අන්තිම වතාව !!

    ReplyDelete
    Replies
    1. අපේ බොසා දෙන්නෙම විස්කි බං...මටත් එපා වෙලා තියෙන්නෙ පත්තරයො...ගලක් අරගෙන මෙන්ඩයි කම්මලයි වීයයි එක්ක රාජාංගනේ වැව් බන්ට් එකට නගිමුද...

      Delete
  24. අපිට හිටියේ නැහැනේ මේ වගේ ඉංගිරිස් සර්ලා...
    ඇත්තටම හොඳ මනුස්සයෙක්. මේ තරම්ම නැතත් හොඳ දිසාපාමොක් තුමන්ලා කීප දෙනෙක් මටත් හමුවෙලා තියෙනවා. නමුත් මේ තරම් එළ බුවෙක් ජීවිතේට හම්බවෙලා නැහැ.

    ඒ වගේම අපි ඉංග්‍රීසි පන්ති ගිය එක ටියුෂන් කාරයෙක් ඇත්තටම ගල් කාරයෙක්... ඌ මහ පොන්සියෙක්. කසාද බැන්දට පස්සේ ගෑණිත් දාල ගියා.

    ReplyDelete
    Replies
    1. අපේ ජීවිතේට ලැබුනු ඉතාම යහපත් චරිතයක් තමයි සෑර්. බාහිරින් බලන අයට විවිධාකාරයෙන් පේන්න පුලුවන්. සමහරු අපෙන් අහලත් තියෙනවා සෑර් කොලු කාරයෙක්ද කියලත්. නමුත් කවදාවත් එහෙම උත්සාහයක් හෝ නොදරපු කෙනෙක් එතුමා. එතුමාගේ ජීවිත කථාව, ප්‍රේම කරපු කාලය වගේ බොහොම සුන්දර කාලපරිජේද අපි එක්ක බෙදා ගන්න එතුමා හරිම කැමති උනා. ඒ නිසාම තමයි සෑර් සහ අපි අතර බැඳීම මේ තරම් ශක්තිමත් එකක් උනේ...

      Delete
  25. මේ වගේ සර්ලා අපිට හිටියෙ නැනෙ....ලස්සනට ලියල තියෙනව...සුපිරි

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...