Wednesday, June 13, 2012

22 සිරා සහ කිරි අම්මා




සිරාගෙ කාමරයට එබිලා, කකුල් දෙකෙන් නැගිටින්න වලි කන මේ කොලුවාට කොමෙන්ටුවකින් ධෛර්යය එන්නත් කරලා ගිය හැමෝටම සිය දහස් වාරයක් ස්තූතියි.... ඔබ පෑ ඒ කාරැණික මදහස නොවන්නට සිරාගෙ කාමරේ දොර පලුව මෙතරම් කලියෙන් නැවත විවර වන්නට ඉඩ හසර වෙන් නොවී තිබෙන්නට  ඉඩ තිබුනා... මේ සුවිසල් සයිබරයේ පුංචි ඉඩක වෙර වීරියෙන් ඉදි කරගත් මගේ පුංචි කාමරයට මම හරිම ආදරෙයි,  ඇත්තමයි සත්තයි  ... ඒ ඔබ  සිරාගේ කාමරයට දිනක පැමිණෙනු ඇතැයි යන සහන් එළියේ මුදු  ආලෝකය නිසයි.....

ඔන්න සිරා නමෝ විත්තියෙන් කාමරේ දොර ඇරියෙ අපේ ජීවිත වලට වඩාත් සමීපතම යුවල ආදරයෙන් මතක් කරලා .  මෙතැනින් කියවන්න ඒ ගැන

ඒ උනාට සිරාට තව කෙනෙක් ඉන්නවා මතක් නොකරම බැරි... ඒ ආදරය ශරීරයේ දුවන අන්තිම ලේ බින්දුව අස්සෙන් රිංගලා ඇට මිදුලු ශිරා ධමනි විනිවිද අන්තිම කේෂනාලිකාවටත් මග කියන, මතක් කලත් පපුව බරට ගැහෙන  උත්තරීතර ආදරයක්....

ඇගේ උණුසුමේ මා කොතරම් නම් දැවටී හිදින්නට ඇත්ද ? ඇගේ නැලවිලි ගීයෙන් මා කෙතරම් නම් සුවයක් විදින්නට ඇත්ද ? ඇගේ රසමසවුලෙන් මා කෙතරම් නම් සැනහෙන්නට ඇත්ද? ඇගේ රැකවරණෙන් මා මොනතරම් සුරැකෙන්නට ඇත්ද? 

නිල් පාට පුංචි බේසමේ, පුංචි හිල් පොල් කටුවෙන් , ඔබ ලග සුරැකිව ඇති පිට කවරය නැති පුංචි පිරිත් පොතෙන්, කොණ්ඩ කැවුමේ යසස වඩනා තෙල් කූරෙන් , ඔබේ සුවද මුසුවනු බත්පතින් මම ජීවිතය ඉගෙනගත්තෙමි. මගේ අධ්‍යාත්මය සැනෙන් සසල කරනා ඒ අමයුරැ සදිසි ලද,

කිරි අම්මා....................

මම ඔබ ලගින් හිද ගනිමි..... කාලයේ ඇවෑමෙන් රැලි වැටුනු නුඹේ දෑත මම මගේ දෝතට ගතිමි... සුදෝ සුදු වන් කෙස් කලඹ මුදු සුළගේ පා කර හරිමි... අසූවස් ආසන්න නුබේ හුස්ම හඩට කන් දෙමි.

මටද හොරා අතීතය මා කෙරේ නෙත් හෙලයි.  මා කුඩා එකෙකු සන්දියේ සිට මේ දක්වා මේ දෑතින් කොපමණ වාරයක් මා ඔසවාගෙන ඉන්නට  ඇත්ද?  මගේ අතැගිල්ලෙන් අල්ලාගෙන මග පෙන්නන්නට ඇත්ද ? මගේ කැත කුණු අතගාන්නට ඇත්ද ? උදා අරැණේ රැකියාවට  පිටවන මාපියන් යලි එනතුරා මගේ එකම මිතුරා, ආරක්ෂකයා, භාරකරැවා ඔබම විය. ඒ සා ඔබ කල මහත් මෙහෙවර අමතක කලහොත් මා මිහිපිට තිරිසනෙකු නොවන්නේද ?

සීයලා හා හරි හරියට ඔට්ටු වෙන්නටත් කලින් ඔව්හු දිවියලෝකේ ගියහ. ඉතිරි වූයේ ඇය පමණයි... ඉතිං මා කෙතරම් නම් ඇයට ආදරෙයි කියන්නද ?

සිරා පොඩි කාලෙ ගොඩාක් සිද්ධි මතක් කරලා දෙන්නෙ කිරි අම්මා.... ගම්පහ විජේරාම පාරෙ කිරි අම්මගෙ ගෙදර තමයි සිරාගෙ ළමා කාලයෙන් වැඩි හරියක්ම ගෙවුනෙ... ගමේ පන්සලේ ලොකුහාමුදුරැවො (නැසීගිය බණ්ඩාර බටවල සුමනජෝති නායක හිමි)  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිල්වත් විනයගරැක බුද්ධ පුත්‍රයෙක්..... අද වගේ නෙමෙයි ඒ කාලෙ පංසලේ ලොකු හාමුදුරැවො දායක කාරකාදීන්ගෙ සැප දුක් බලන්න ගම්කරේට වඩිනවා මාස දෙකකට සැරයක් වගේ.... ඒ දිනේට කිරිඅම්මගෙ නිවසට හාමුදුරැවො වැඩිය පණිවිඩේ සිරා දීලා තියෙන්නෙ මෙන්න මෙහෙම...

කිලි අම්මේ සාදුවෙක් ඇවිල්ලා.......

 හත්ඉලව්වයි, අපේ හාමුදුරැවනේ කියලා ලොකු හාමුදුරැවො පිළිගන්න කිරි අම්මා දුවන්නෙ  අසුන් පනවන්න සුදු රෙද්දකුත් අරගෙන සාදුවෙක් නෙමෙයි පුතේ මේ අපේ ලොකු  හාමුදුරැවො කියාගෙනයි....

කිරිඅම්මා කියන විදියට  අවුරැදු 3ක් වගේ වයස සිරාව එතුමිය පන්සල් යන හැමදාකම පන්සලට අරගෙන යනවලු... ලොකු හාමුදුරැවො සිරාගෙන් හැමදාම ඒ කාලෙ අහන ප්‍ර‍ශ්නයක් තිබ්බා

මොනවද පුතේ ගෙදරට ගාන්න හොද තීන්ත ?

“පෙන්තලයිට්“

ටීවී එකේ යන ඩියුලක්ස් පෙන්ටලයිට් දැන්වීමෙන් තමා ඔය වචන ටික සිරා අහුලගෙන තියෙන්නෙ....

ඇස්වහ වදිනවා කියලා සම්මත ගෑණු කෙනෙක් පාරෙ ආවොතින් සිරාව අරගෙන කිරි අම්මා මාරැ වෙන්නෙ ඊයක වේගයකින්. ඒ නිසාමදෝ සිරාගෙ නලලින් භාගයක් වෙන්න තියපු ලස්සනම ලස්සන  මොට්ටුවක් ඒ කාලෙ හැමදාම සිරාව  ලස්සන කරලා තියෙනවා..

මගෙ ළමා මනසේ තැන්පත් වුනු බොහොම පරණ සිද්ධියක් තියෙනවා කියන්න.

සුමනජෝති නායක හාමුදුරැවො සිරිතක් විදියට කුඩා පුටුවක් (මොන්ටිසෝරි ළමයි ඉදගන්නවා වගේ පොඩි එකක් ) තමයි බෝධි පූජා ආදිය පවත්වද්දි ආසනය හැටියට යොදා ගන්නෙ... ඉති දවසක් කිරි අම්මත් එක්ක පන්සල් ගිය පුංචි සිරා හාමුදුරැවො වඩින කොටම අර පුංචි පුටුවෙන් ඉදගෙන බණ අහන්න...  කිරි අම්මා කොච්චර නැගිට්ටවන්න හැදුවත් ඒ කාරිය සාර්ථක වෙලා නෑ... ( සිරා ඒ කාලෙත් අද වගේම තමා කිව්වොත් කිව්වා.....) මේ බව දැකපු ලොකු හාමුදුරැවො, එපා උපාසක අම්මෙ... ඒ දරැවට එහෙමම ඉන්න දෙන්න කියලා  තවත් මිටි පුටුවක් ගෙන්නාගෙන තමා බෝධි පූජාව පවත්වලා තියෙන්නෙ...

සිරාගෙ කරදඩු උස්මහත් උනාට පස්සෙත් පන්සලට ගියොත් සුමනජෝති හාමුදුරැවො පෙන්ටලයිට් ප්‍රශ්නෙ සිරිතක් විදියටම විචාලා....

මේ කියන කිරි අම්මට එක තැනක නම් ඉන්නම බෑ.... නිකං ඉන්නවා කියන එක අහලවත් නෑ වගේ.. ඕනෑම වෙලාවක වැඩක් කරන්නම තමා ඕනෙ... ඒක නිසාම වෙන්න ඇති අදටත් එතුමිය ඉතාම නිරෝගීව කල් ගෙවන්නෙ.... කෑගල්ලෙ නෙලුම්දෙණිය තමා කිරිඅම්මගෙ ගම.... පුංචි කාලෙදි ඩී.ඇස්. සේනානායක මහත්තයා අස්සයා පිටේ යන හැටි ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා කියන්නෙ හරිම උජාරැවෙන්...

සිරා වෙලාවකට කිරි අම්මගෙන් අස්පට් ප්‍ර‍ශ්නත් අහනවා

කිරි අම්මෙ ඒ කාලෙ ඉස්කෝලෙ යනකොට කොල්ලො ලියුම් එහෙම දුන්නෙ නැද්ද

අනේ පලයන් කොල්ලො යන්න උඹ උඹේ වයසට කලින් පීදෙන්න හදනවා.... ඒ කාලෙ ඔය මල කෝලම් තිබ්බෙ නෑ, අපි දන්නෙත් නෑ.. අපි දැක්කෙත් නෑ... ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලිං ලව්... ඉලව්වෙ උඹලට ලව් තිබ්බොත්  ඔක්කොම හරි..........

සිරාගෙ කිරි අම්මගෙ ශබ්ද කෝෂයෙ අපි කවදාවත් අහලා නැති වචනත් තියෙනවා... වැසි බර සවසක මලානික හිරැ එළියට  කියන නම තමයි අවු රබහ... ඕනෑවට වඩා දෙයක් වර්ණනා කරනවට කියන්නෙ ඔජ වඩනවා කියලා.... මේවා ඇහෙනකොට සිරාගෙ හිනාව කට කපල එකයි ඔන්න...

සිරා සහ කිරි අම්මා ඇගකිලිපොලා යන ඒ ද්වන්ද්ව සටන් ඇතිවෙන්නෙ එකම එක කාරණයක් උඩ.... කිරිඅම්මා කොච්චර හොද වුනත් සත්තුන්ට කරැණාවක් නෑ.... අනවසරයෙන් ගෙට ආවොත් බඩුම තමා....මගේ ආදරණීය සුරතල් කලුම කලු පූසා (සේනක) ලා දුඹුරැ පාට බලු සගයා (ටොමී) නිකරැනේ ගුටි කෑවොත් උන්ට වඩා ඒක රිදෙන්නෙ මට... ඔය වගේ වෙලාවල් වලදි සිරාගෙ අම්මත් මැදිහත් වෙලා කරැණු පැහැදිලි කලත් ඒවා ගගට කපපු ඉනි බව අපිට වැටහෙන්නෙ තවත් දවසක උන්ට පාර වැදුනහම..... ඒ වෙලාවට මම කිරි අම්මට කෑ ගහනවා...තරහ නිවෙනකම්ම,  උන්දෑ පැත්තකට වෙලා නිශ්ෂබ්දව ඉන්නවා... සමහර දවස් වලට වයසක නෙත් කෙවෙනි කදුලට බර වෙලා... ඒ වෙලාවට සිරාගෙ දරදඩු හිත වෙඩරැ පිඩක් වගේ සැනෙකින් උණු වෙනවා..... මේ කාමරේදි මම කිරි අම්මට බැනපු හිතේ අමාරැවට මගේ අත් මිට මොලවලා රිදෙන්න බිත්තියට ගහපු දවස් , තනියම හිතෙන් අඩපු වාර කීපයක්ම තියෙනවා.....මට කවපු පොවපු, මාව වඩාගෙන නලවපු, මාව හිල් පොල් කට්ටෙන් නාවපු ඒ අතීතය මට කදුලු මැදින් මැවිලා පේනවා.... ඒක තමයි ඇට මිදුලු විනිවිද ගිය  ආදරේ...

කිරි අම්මගෙ එකම පුතා ඒ කියන්නෙ සිරාගෙ මාමා දිවියලෝකෙ ගියපු විත්තිය ඇයට දැනුම් දෙන්න බැරැව පවුලේ ඔක්කොම තුෂ්ණිම් භූත වෙලා හිටියෙ ඒ මූසල පණිවිඩේ ඇයට දරාගන්න බැරි වෙයි කියලා... මමත් ඒ වගේ තැවුනු දවසක් මතකයේ නෑ... අන්තිමට සිරාගෙ පිහිටට ආවෙ යුධ හමුදාවෙ  කලබල (පාසල් සමයේ පටබැදුනු නමකි, මේ ගොල්ලන්ගෙ කුණු ඉස්සරහට අපුල්ලන්න හිතන් ඉන්නෙ) දොස්තර මහතා... එතුමා විද්‍යානුකූලව ඒ වැඩේ මනාව කලා බුදු දහමත් එකතු කරගෙන.

ඔන්න ආයෙම එක තැනක ඉන්න බැරි පරණ ලෙඩේ කිරි අම්මට හැදිලා  දරැවන්ගෙ ගෙවල් වල සත් කාර විදිමින් යන ඇගේ ජීවන චාරිකාවේ වර්තමාන නවාතැන ඇගේ බාලදුවගෙ  ගම්පහ අස්ගිරියෙ ගෙදර... කිරි අම්මා නැති නිවස අසම්පූර්ණයි වගේ.... ඒ බව මට ඇය නැතිව ගෙවී යන සෑම තත්පරේකම  පසක් වෙනවා... ඒ හිස්බව දුරලන්නට  කිරි අම්මා ලගදීම පැමිණේවා !


මම සයිබරයේ අලුත් මිතුරා සිරා.......

ප.ලි

සේනක සහ ටොමී උඹලා දෙන්නා කිරි අම්මා ආයෙ ආවට පස්සෙ ගේ ඇතුලට එහෙම ඇවිත් ගුටි කන්න එපා.... මොකද මම ආයෙ කවමදාවත් කිරි අම්ම එක්ක රණ්ඩු වෙන්නෙ නෑ කියලා එයාට පොරොන්දු වෙලා තියෙන්නෙ......



පින්තූරෙ කොප්ප ගැහුවෙ මෙතැනින් http://farm7.staticflickr.com/6163/6176194682_04c8855a24_z.jpg

22 comments:

  1. හොඳ කිරි අම්මෙක්... උන්දැට දීර්ඝායුශ පතමි !

    ReplyDelete
    Replies
    1. සහෝ කාමරයට නැවතත් පැමිණීම පිළිබදව මගේ ආචාරය !
      ඔබේ ප්‍රාර්ථනාවන්ට ස්තූතියි !

      Delete
  2. කිරි අම්මාව අපිත් මතක කරා කියන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! මහෞෂධ තුමා..

      Delete
  3. මරු මරු
    තවත් රස කතා ඉදිරියට බලාපොරොත්තුවෙමි
    කිරිඅම්මාට දීර්ගයුෂ ...

    ReplyDelete
    Replies
    1. සිරාට තල්ලුවක් දුන්නටත් / කාමරේට ආපු එකටත් / කරපු ප්‍රාර්ථනාවටත් ස්තූතියි.....

      Delete
  4. ඒ වගේ කිරි අම්ම කෙනෙක්ගෙ ආදරය ලබන්න ඔයා හරි වාසනාවන්තයි සිරා. ඔයාගෙ කිරි අම්ම ඉක්මනින්නම ඔයා ලඟට ඒවායි පතමින්ම මමත් එතුමියට දීර්ඝායුශ පතනව !

    ReplyDelete
    Replies
    1. සිරාට තල්ලුවක් දුන්නටත් / කාමරේට ආපු එකටත් / කරපු ප්‍රාර්ථනාවටත් ස්තූතියි.....

      Delete
  5. කිරි අම්මට දීර්ගායුෂ..
    හොදයි දිගටම ලියමු...ජයවේව!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් සහෝදරයා..

      Delete
  6. කිරි අම්මාට ආවඩා ආයුබෝ වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සහෝදරයා...

      Delete
  7. රට මියාJune 19, 2012 at 9:02 PM

    සිරාට ආහ් වැරදුනා...කිරි අමිමාට දීර්ගායුශ...සිරාටත් එහෙම තමයි ඉතින්...දිගටම ලියා ගෙන යන්න එලම කිරි...

    ReplyDelete
  8. මන් ඔන්න පිළිවෙලකට ලියපු බ්ලොග් එකක් නිසා මුල ඉඳන්ම කියවන්න ගත්ත . කමෙන්ට් නොකර කියවනවා කියලයි හිතුවේ. ඒ වුනත් කිරි අම්ම ගැන නම් මුකුත් නොකියා බැහැ . මට අපේ රත්නපුරේ ආච්චි ඒ කියන්නේ තාත්තගේ අම්ම මතක් වුණා . සිරාගේ කිරි අම්ම ''හත් ඉලව්වයි ''කියනව කිව්වම මන් හිතුව සබරගමුවට සම්බන්ධයක් ඇති කියල . අපේ ආච්චිත් නිතරම ඕක කිව්වා . යසයි , හත් ඉලව්වයි ...මට අමතක නොවෙන වචන . අපේ ආච්චිත් අපුරුම චරිතයක් . අතුපතර විහිදා ලොකු පවුලක්ම සෑදු විසල් රුකක් ඇය. කෙට්ටුයි උසයි . පසු කලෙක පාරවල් හැදිලා බස් දැම්මත් පුරුදු විදිහට අඩියට දෙකට කන්දෙන් බැහැල කහවතු ගියා . ආච්චි නැති නිසා මන් ගමේ යන්නේ නැහැ දැන්. මන් මේ ගැන කොටස් තුනක පෝස්ට් එකක් දැම්ම . http://nelumwila.blogspot.com/2012/04/blog-post_24.html

    සිරාගේ කිරි අම්මට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරිය... කිරි අම්මා සහ අප අතර ඇති අධ්‍යාත්මික බැදීම වචනයෙන් විස්තර කල නොහී... ඔබේ පැතුමට ගොඩාක් ස්තූතියි... ඔබේ ලින්කුවෙන් මම ඔබේ ආච්චි අම්මා ගැනත් කියවන්නම්...

      Delete
  9. අපිත් කිරි අම්මව ආදරෙන් මතක් කලා කියන්ඩ සිරා !!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කියන්නම්... මේ දවස්වල ආයෙත් අපේ දිහා ඇවිල්ලා ඉන්නෙ...

      Delete
  10. කමෙන්ට් කීපයක් ටයිප් කරල හරියන්නෙ නෑ කියලා හිතුනු නිසා ඩිලීට් කලා බං. මම ආපු දිනෙත් එක්ක මේකට හරියන්න ලියන්න දෙයක් හිතා ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ... ආපු එකම මදෑ...

      Delete
  11. කිරි අම්මට දිර්ගායුෂ පතනවා ජය
    http://anuharshi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට ස්තූතියි ! එහෙත් ඇය මේ වන විට දිවියලෝකෙ ගිහිල්ලා...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...