Monday, June 11, 2012
28 මෙතුවක් පටන් කාමරේ දොර විවෘතයි !
ආයුබෝවන්ඩ,
සිරාගෙ කාමරේ දොර සෑහෙන්න සටනක් දිලා ඔන්න යන්තම් ඇර ගත්තා...දොරේ අගුල් වල මලකඩ වගේම කාමරේ පිරෙන්න බැදලා තිබ්බ මකුලු දැල් ටිකත් කඩලා ටිකක් සුද්ද පවිත්‍ර කොලා... මේසෙ යට දුවිලි කන්දක්.. කැඩුනු පුටු කබල් දෙකකුත් අයිනකට වෙන්න තියද්දි තමා දැක්කෙ එකක කකුල් 3යි කියලා.. දැන් ඉතිං හොයපල්ලකො අනිත් කකුල..
පුංචි රෝස මල් තියෙන ලා දම්පාට රෙද්දකුත් අලුතෙන්ම ඇදට දැම්මා.. කට්ටිය වැඩි උනොත් පුටු කබල් දෙක මදි වෙයි නොවැ.
දැන් ඉතිං සියල්ල අංගසම්පූර්ණයි ! අද පටන් මේ කාමරයට හැමදාම එන්න බොලා ඔක්කොටම පුලුවන්.. බොලාට එන්න ඇහැකි නේද ?
තවම සිරා විතරයි කාමරේ ඇතුලේ.. එත් මම ඉන්තේරැවට දන්නවා තව ටික දවසකින් හැන්දෑවට හැන්දෑවට ගජේ ගහන සැට් එකක් මේක ඇතුලේ හක්කොලං කරන විත්තිය. දශක තුනකට ලං වෙච්ච සිරාගෙ ජීවිතේ කොයි හරියෙන් මේ කථාව පටන් ගමුද කියලා මම මේ නිනව්වක් නැතුව දස අතේ කල්පනා කලේ..
මේ කාලය ඇතුලත මොන තරම් නම් දේවල් සිද්ධවුනාද? කොච්චර නම් කට්ට කෑවද ? ඉස්කෝලෙ මැරතන් එකට පුරැදු වෙන්න අමු පාන්දර ප්‍රැක්ටිස් පාර දානකොට බල්ලො කීයක් මගෙ පස්සෙන් පැන්නුවද ? අකුරැ ලස්සන නිසා කොල්ලො කීයකට ලව් ලෙටර් ලියලා චොකලට් කෑවද ? බඩට බත් නැතුව,ඇහැට නින්ද නැතුව, තාත්තගේ සේසත වියදම් කරගෙන අපොස උ/පෙ සමත් කර ගන්න කොච්චර මහන්සි උනාද?, මල් වගේ කෙල්ලන්ගෙ ගල් වගේ හිත් ලග අම්බානට සාටර් වෙලා කුජීත උනාද? එක බත් පතේ කාලා බොක්ක දෙන්නම් කියලා මටත් ඇරගෙනම යාලුවො කීයක් මාරැ උනාද? දාංගලේ හින්ද යන බස් වලට නගින්න ගිහින් වැටිලා පැච් කීයක් කියලා දැම්මද? ඇයි හතුරො මග බලං ඉදලා ඔලුවටම ගහපු යකඩ පොලු පාර......
සිරාට අද ඊයෙ වගේ හැමදේම මතකයි ඔව් හොදටම මතකයි ... එහෙනං බොලව් සුනංගු නොවී මුල ඉදන් මේ අහවල් කථාව නමෝ විත්තියෙන් පටන් ගමු, තවත් තටබන්නෙ නැතුව ......
සිරාගෙ ජීවිතයට සම්බන්ධ පරණම මතකය හරිම සුන්දර එකක්.. වයස අවුරැදු 3 ක කොලු පැටියා කාලේ වෙච්ච දේ තාමත් හොදටම මතකයි. සිරාට අවුරැදු 3දි තමයි අම්මා මල්ලි පැටියෙක් ගේන්න ඉස්පිරිතාලෙට ගෑටුවෙ, තාත්තත් එක්ක හැමදාම කිලෝ මීටර් 5 ක් විතර තියෙන ඉස්පිරිතාල ගමන ගියේ පරණ පුස් බයිසිකලයක.. කොල්ලගෙ ගමන් පහසුව ගැන හිතලා තාත්තා පුංචි කොට්ටෙකුත් පොල්ල උඩින් තිබ්බට පස්සෙ තමා සිරාව එතනින් ඉන්දවන්නෙ..... එත් ඉතිං ටික දුරක් යනකොට සිරාගෙ පුංචි පුක පැත්ත රිදෙන්න ගත්තම තාත්තා බයිසිකලය අයිනක නවත්තලා ටිකක් වෙලා ඉදලා තමා ආයෙත් ගමන පටන් ගන්නෙ... කිලෝමීටර් 5 යන්න අඩුම සැරේ වාර 3ක් වත් පුස් බයිසිකලේ නවත්තන්න වෙනවා...
ඉස්සර ගම්පහ ඉස්පිරිතාලෙ මාතෘ වාට්ටුව තිබ්බෙ යක්කල ගම්පහ පාර අයිනට වෙන්න.. අද වගේ තාප්ප නෑ දිගටම කටු කම්බි වැටක් ගහලා තිබුනා කියලා හොදටම මතකයි... තාත්තත් එක්ක මේ කොලුවා හැමදාම මේ යන්නෙ අම්මගෙ දුක සැප බලන්නත් අම්මට කෑම බීම ගෙනිහින් දෙන්නත්, වැට ලගින් බයිසිකලේ නතර කලාම කෑම පාර්සලේ අරන් ගිහින් වැට අස්සෙන් අම්මට දෙන්න සිරා සූරයා.. අද වගේ ස්කෑන් කරන්න පහසුකම් නැති ඒ කාලෙ ඒ දෙපල ලෑස්ති උනේ නංගි පැටියෙක් පිලි ගන්න... ඇදුම් කැඩුම් ඔක්කොම රෝස පාටට පිලියෙල කොරලා තිබ්බෙ... ඒ උනාට සිරාගෙ හොද වෙලාවටද කොහෙද (සිරාගෙ දෙමාපියො වගේම සිරාත් හැන්ඩියා, මල්ලි කොල්ලත් එහෙමම තමා... ඉතිං නංගි පැටියෙක් හිටිය නම් පස්සෙ කාලෙක එයාගෙ ලස්සන දැකලා පස්සෙන් එන කොල්ලන්ට ගහලා සිරාට ලොකු පාපයක් පුරෝ ගන්න තිබ්බා ) නංගි පැටියා රෝස කැලේ තියලා මල්ලි කොල්ලෙක් තමා මේ ලෝකෙට ආවෙ.... අනේ ඒ අසරණ කොලුවත් රෝස පාට ඇදුම් ඇදගෙන කෙල්ලෙක් වගේ ටික ටික ලොකු උනා....
සිරා මේ දෙමාපියො ඈදලා කාමරේ ඉදන් කියන පළමුවෙනි කථාව පටන් ගත්තෙ ගහට පොත්ත වගේ ඒ දෙපල අපේ ජීවිත වලට ගොඩාක් සම්බන්ධ නිසා ඔවුන්ට කරන ගෞරවයක් විදියට.... හැම දරැවෙක්ටම වගේ ලෝකෙ ඉන්න හොදම අම්මා හා හොදම තාත්තා තමා සිරාට ඉන්නේ... ඉතිං බොලව් පළවෙනි කථාවෙන්ම ඒ දෙපල මතක් කරන එක වැරදි නෑනෙ....
1983 රටම වැනසූ මහා කලු ජූලිය.... හැමතැනම කඩ කඩනවා ... අහිංසක දෙමළ මිනිස්සු අමු අමුවේ මරලා දාන යක්ෂයා රජ වෙච්ච හෝරාව... ටීවී ,ශීතකරණ, ටොපී ,චොකලට් පාර පුරාම එතකොට සිරාගෙ මල්ලි කොල්ලා නෑ... හිටියෙ සිරා විතරයි... මාස 7 ක පොඩි කොලුවෙක්.. පොඩි කාලෙදි මේ කොලුවට තදට සෙම අමාරැව තිබ්බා... ඔය කියන මල ජූලිය අස්සෙ පොඩි එකාට හුස්ම ගන්න බැරි තරමට සෙම වැඩි වෙලා... බල බලා ඉන්න විදියක් නෑ අම්මයි තාත්තයි අසිහියෙන් වගේ කාසල් එක පැත්තට කොලුවව උස්සගෙන දිව්වා... යන්න එන්න වාහන නෑ.. රටපුරා ඇදිරි නීතිය... අවිනීතිය රජ වෙන වෙලාවෙ හැම තැනම එකම විලාපයයි... ඉස්පිරිතාලෙ දොස්තරලත් නෑ... වටේ පිටේ මිනිස්සුත් පොලු මුගුරැ අරගෙන මේ දෙපලට බනිනවා පොඩි එකෙක් අරගෙන යන වෙලාවක්ද යකෝ මේ කියලා... අනේ මේ කථාව කියන සිරා කොලුවා ඒ කියන්නෙ මට එන්න එන්නම අමාරැයි... අසරණ දෙමාපියන් අසරණ වෙලා බලා ඉන්නවා සරණක් නැතුව...
බලන් ඉන්න බැරිම තැන තාත්ත ඉදිරිපත් උනා... කොලුවගේ කටට කට තියලා කැකෑරෙන සෙම ඔක්කොම කටින් ඇදලා එලියට ගත්තා... මේ විදියට ටික වෙලාවක් කරලා කොලුවගෙ ජීවිත අවධානම නැති කරලා භීෂණේ මැද්දෙන් පාද යාත්‍රාවෙන් කොළඹ ඉදන් කිලෝමීටර් 20 කට වඩා ඇවිල්ලා තියෙනවා...
ඉතිං මේ කථාව පස්සෙ කාලෙක අම්මගෙන් ඇහුවට පස්සෙ, නුපන් දරැවන් කුස තුලම නැති කරන, ඉපදුන ගමන් ලේ කැටි බිලිදුන් කැලයකට හෝ කාණුවකට විසි කරන පවුකාර පිරිමින් / ගෑණුන් ඉන්නා ලෝකෙක මේ දෙපල දෙවියන් නොවේදැයි මට සිතුනා.... ඒ පින්වත් දෙමාපියන් ආදරෙන් මතක් කරන්නයි... ආයු දිගු වෙන්නයි කියලා හිතලා තමා සිරා කාමරේ ඉදන් කියන අභිමංගල කථාවට ඒ දෙන්න ගාව ගත්තෙ.
තාත්තා සිරාට වයය 13 - 14 වගේ කාලෙදි ආයෙත් සැරයක් මරණින් මුදෝ ගත්තා... ඒ ගැන අපි ඉස්සරහ දවසක කථා කරමු...
මේ දාලා තියෙන පොටෝ එකේ ඉන්නෙ සිරා එක්ක ඒ පින්වත් දෙමාපියන්....
සිරාගෙ කාමරෙන් ඇහෙන මේ පළමුවෙනි කථාව අහලා... හොද නරක අවංක හිතින් විවේචනය කරලා... සිරාගෙ යාලුවෙක් වෙලා යන්නෙ බොලා ඔක්කොම අමතක කරන්න එපා... හොදද... එතකොට තමා සිරාට තව එකක් ලියන්න කික් එකක් එන්නෙ...
එහෙනං හැමෝටම ජය!
මම සයිබරයේ අලුත් මිතුරා සිරා....
Labels:
මා බාල කාලේ
Subscribe to:
Post Comments (Atom)
සිරා පෝස්ට් එකකින්නෙ සිරා ගේමට බැහැලා තියෙන්නෙ. දවසින් දවස වැඩි හිටි නිවාස වැඩි වෙන කාලේ දෙමාපියන්ගේ ගුණ සිහි කරලා වැඩ පටන් ගන්න, මංගල කාරණා වලදී දෙමාපියන්ව ලං කරගන්න සිරා වගේ දරුවන්ට සිරාවටම වරදින්නෑ.
ReplyDeleteසිරා උඹට ජය !! දිගටම ලියපන්.
( වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරානම් කාමරේට එන්ඩ ලේසියි )
Dashboard
Settings
Comments
Show word verification for comments?
Select - No
ගොඩාක් ස්තූතියි සහෝදරයා ඔබේ අදහස් වලට... මම කිව්ව විදියට Settings වෙනස් කලා
Deleteඅම්මල තාත්තල දරුවන් වෙනුවෙන් කොයිතරම් කැපවීම් කරනව ද? ඒත් හුඟක් දරුවන්ට ඒ ගැන වගේ වගක්වත් නෑ. සිරාට නම් අම්ම, තාත්ත එක්ක ලොකු බැඳීමක් තියනව වගේ. ඒ කියන්නෙ ඔයා කළගුණ දන්න හිතහොඳ මනුස්සයෙක්. මමත් කැමති ඒ වගේ අයට. ජය ! දිගටම ලියන්න.
ReplyDeleteදෙමාපියෝ කියන්නෙ අපේ ජීවිතය, මට වගේම ඔබටත් එය එසේමැයි කියලා ඔබේ කමෙන්ටුවෙන්ම පේනවා..... ස්තූතියි සහෝදරයා...
Deleteහරිම ලස්සනට ලියලා. ඔයා ඔහොම කිව්වම මටත් මතක් වුනා. අපේ තාත්තත් ඔහොම කතාවක් කිව්ව. හෙම්බිරිස්සාව හැදිලා හුස්ම ගන්න බැරි උන මගේ නහයට කට තියලා ඉරුවා කියලා.. අනේ අපේ දෙමව්පියො ජාති ජාතිත් වාසනාවන් කියල හිතෙනවා නේද..
ReplyDeleteජාති ජාතිත් වාසනාවන් තමා සහෝදරිය.... තාත්තා මට ජීවය දුන්නට පස්සෙ වාර දෙකක් මගේ ජීවිතය බේරලා තියෙනවා. ඒ ගැන ඉස්සරහට කියන්නම්... ඔබේ සම්ප්‍රාප්තිය මට සතුටක්... ජය වේවා!
Deleteසිරාගේ තාත්තා කටට කට තියෙලා සෙම ඇද්දා කියන කතාවත් එක්ක මට මතක් වුනේ අජාසත් කුමාරයාගේ ඇඟිල්ලක තිබුණු විසර ගෙඩිය නිසා කුමාරයා වේදනාවෙන් කෑ ගහද්දී ඇඟිල්ල කටේ දාගත්තු බිම්බිසාර රජතුමාව.
ReplyDeleteවිසර ගෙඩිය කටේදී පිපුරුවත් පුතාට තියෙන ආදරේ නිසාම ඒ සැරව රජතුමා ගිලලා ඇඟිල්ල කටෙන් ඉවත් කරන්නේ නැතුව හිටියා කියලා තමා කියවෙන්නේ........
ඒ කථාව මමත් අහලා තියෙනවා. එච්චර ආදරෙන් සළකපු තාත්තගෙ කකුල් පළලා ලුණු දාපු පවම හේතු වෙන්න ඇති අජාසත්තට නිරයේ උපදින්න... ගොඩාක් සතුටුයි ඔබේ මේ හමුවීමට...
Deleteඑල එල සිරා දෙමාපියන්ගේ ආශ්‍ර්වාදෙත් එක්ක ඉන්න දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ. ඔන්‍න අපිත් සිරාගේ කාමරේ පැත්තේ ආව ජයෙන් ජයම වේවා !!!!
ReplyDeleteකාමරේ පැත්තට ආවට ගොඩාක් ස්තූතියි... ආයෙ වෙලාවක එන්න...
Deleteසෙන්නා උදව්වක් දීලා..
ReplyDeleteමේ කමෙන්ට් බොක්ස් එක වෙනම වින්ඩෝ එකක එන එකත් වෙනස් කලොත් ගොඩ. එන කට්ටියගේ පහසුව හිතන්න.
ලිවීම සුපිරි නිසා කටිටිය එනවා ෂුවර්.
ජයෙන් ජය !
නොදන්න දෙයක් කියල දෙන එක මහත්මා ගතියක්... සෑම් කරපු උදව්ව මට ලොකු දෙයක්... මම ඔන්න කමෙන්ට් බොක්ස් එකේ සෙටින්ග්ස් වෙනස් කලා.... කාමරේ පැත්තෙ ආයෙත් නොවැරදීම එන්න.
Deleteඅපේ සිරාට ජය වේවා.....
ReplyDeleteස්තූතියි යාලුවා...
DeleteOnn ehenam maath awa,, lassanata liyala thiyenawa,,,
ReplyDeleteHamadama enna balannam,,
Idiriyatama yanna,, shakthiya labewa,,,,,
ස්තූතියි කුමාරි... ආයෙත් දවසක එන්න මේ පැත්තෙ..
Deleteමං මේ නිවාඩුවේ පොස්ට් එක එක කියවන ගමන. සිරාට වගේම කළු ජුලිය මතක නැතත් ඊට පස්සේ අපේ එවුන් නටපු ජුලිය නම් මට හොඳටම මතකයි. ඒ කාලේ අපේ අප්පච්චි වැඩට යන්න යන බස් එක ගිනි තියල කියලා ආපහු බැහැලා හැතැප්ම ගණන් පයින් ගෙදර ආව මට අද වගේ මතකයි. එහෙව් උන්දලා නේ අද මේ ලැජ්ජාව බය පැත්තක තියලා රෙදි ඇඳගන චන්දෙ ඉල්ලන්නේ. අනේ අම්මපා...
ReplyDeleteකොහොම වෙතත් ස්තුතියි. සිරා මාව සිරා මතකයකට ගෙනගියා. අවුරුදු 28 විතර පරණ.
මේ පැත්තට ආයෙත් ආවට ස්තූතියි ! ඒ පරණ සිද්ධියකුත් ලිව්වොත් නරකද ?
Deleteතවත් ගම්පහ බුවෙක්... !!
ReplyDeleteඅඳුන ගන්නට ලැබීම සතුටක් සිරා..
ඔබත් ඒ කියන්නෙ ගම්පහ... හදුනාගැනීම ගැන සතුටුයි...
Deleteම්ම්ම් කලින් පෝස්ට් එකක් උනාට බැලුවෙ අද. කියන්න වචන නෑ මචං. පටන් ගැනීම හොඳ දේකින් ම කරල තියනවා.. ඔබට ජය....
ReplyDeleteස්තූතියි චන්දන...
Deleteඅන්තර්ජාලයේ සැරිසරද්දී අහම්බෙන් කොහේදී හරි හම්බුන යොමුවකින් තමා මම මේ කාමරේ පැත්තේ අවේ සිරා. ඇත්තටම සුපිරි ලිපියක්, හැබැයි සැහෙන්න පරණයි. ඒ උනාට එකේ අන්තර්ගතයනම් කවදාවත්ම පරණනම් වෙන්නේනෑ. දෙමපියන්ගෙන්ම වැඩේට අතගහපු ඔබට කවදාවත් වරදින්නෑ.... ඔබට සුබපැතුම් මචං....!!!!
ReplyDeleteඉදල හිටලා, වෙලාව ලැබෙන හැටියට උබේ කාමරේ පැත්තේ ඇවිත්ගියාට කමක්නෑනේ සිරා....??????
ස්තූතියි Black Cat මම මගේ ස්භාවිකත්වය තමයි මෙතන පෙන්නලා තියෙන්නෙ... මම ස්භාවයෙන්ම දෙමාපියන්ට ඉතාමත් ආදරය කරන චරිතයක්.. ඔබේ වදන් මට මහත් ශක්තියක්... හැමදාම එන තරමට මම සතුටුයි... ඔබට ජය !
Deleteelada bra machan
ReplyDeleteස්තූතියි බං...
Deleteහ්ම් මේක කියෙව්වම මට මගේ තාත්තා මල්ලිගෙ නහයෙ හිර වෙළා තිබුන තිබුන හොටු කටින් ඇද්ද හැටි මතක් උනා
ReplyDeleteඅම්මයි තාත්තයි තමා මචන් අපි ගැන සතුටු වෙන්නෙයි දුක් වෙන්නෙයි පොඩි කාලේ ඉදන්ම ඒ ආදරේ අපිට තේරුම් ගන්න අමාරුයි ඒ තරම් උසස් ආදරයක් දෙමවුපියන්ගේ ආදරේ
කියන්න වදන් නෑ...ඔබේ වදන් වලට මම සම්පූර්ණයෙන් එකගයි...කවදාක හෝ දුකට පත් වූ දවසක අපිත් එක්ක දුක් වෙන්න ඉන්නෙ මේ දේපල පමණක් බැව් මම සතුටින් ඉන්න අද දවසෙ ඉදන්ම හිතේ තියාගෙන ඉන්නෙ
Delete