Monday, June 25, 2012

51 ජෑස් කොල්ලා



වැඩ අධික වූ එමෙන්ම නිදි වර්ජිතව ගත වූ දින කීපයක ඇවෑමෙන් (  ඉංගිරිසි පත්තරයක වැඩ කිඩ දමන හෙයින්) ... රාජකාරී ජීවිතයෙන් මිදී මෙසේ ඔබ හමුවට පැමිණ කාමරයේ දොර විවර කරන්නට සිරාට හැකිවිය.... ප්‍ර‍බුද්ධ ,සුප්‍රබුද්ධ,පීචං භේදයකින් තොරව ඕනෑම දෙයක් ලිවීමට සිරාට ඇති හැකියාව ඉස්සර දිනයක පාසලේ සිංහල විෂය උගැන්වූ ගුරැ දේවතාවන් සිරාට අවබෝධ කර දී තිබෙන නිසාවෙන්ම සිරාට ලිවීම කෙරෙහි ඇත්තේ අසීමිත ආශාවකි.. ඇල්මකි.... ලොල් බවකි.... ලදක් හා සරණ පෑවෙකු නොවන හෙයින්  මේ  අසීමිත නිදහස සිරාගේ භුක්තියට සවි වී ඇතිවා වාගේය....

සිරාගේ බ්ලොගිය ආරම්භක අවධියේ පසුවන හෙයින් බරසාර තරබාරැ මාතෘකා කරණ කොට කථා කියන්නට  සිරාට රිසි නොවේ... ඒ නිසාවෙන්ම සුපුරැදු ලීලයෙන්ම කථාවක් ඇද බාන්නයි මේ වෑයම.... බොලාලා හෙනං ඉඩපාඩු තියෙන විදියකට ඉදකියා ගත්තොත් හොදා...............මේ කතාවත් දැන කියා ගන්න...

සිරා 2 වසර / 3 වසර පන්ති වල ඉන්න කාලෙ අල්ලපු ගෙදර හිටියෙ වයසක ජෝඩුවක්, ජිවිතයේ සැදෑ සමයට එලබිලා තිබුන මේ යුවලට ළමයි හිටියෙත් නෑ.... ඕකි වද ගෑණි කියන්න තරම් අවලං උන් අපේ ගමේ හිටියෙ නැති නිසා මේ යුවලට ප්‍ර‍ශ්නයක් තිබුනෙත් නෑ.... තමන්ගෙ කුඹුරැ වලින් කන්න හාල් ටික එනවා නම්.... වැස්සිගෙන් දොවන කිරි ටික බොන්න පුලුවන් නම්..... ඇලෙන් දොලෙන් මාලු ටික අල්ල ගන්න ඇහැකි නම්... ගමේ බඩු ඒ කිව්වෙ සුදුවා ඕනෑම වෙලාවක රෙඩි නම්  මේ යුවලට විශේෂයෙන් පිරිමි පාර්ශවයට කිසිම පුරශ්නයක් නෑ....(ගෑණු කෙනා බිව්වෙ නෑ ගොයියො)

කහටපිටි කංකානමලාගේ ජයසේකර ඒ තමයි මේ කථාවෙ ප්‍ර‍ධාන චරිතය... අල්ලපු ගෙදර ගෘහ මූලිකයා.... එයාගෙ ඇඹේනිය විමලාවතී... මේගොල්ලන්ට ළමයි හිටියෙ නැති නිසා ඒ නිවසත් තමන්ගෙ වගේ තමයි සිරා සහ සිරාගෙ මල්ලි කොල්ලා පොඩි කාලෙ දුව පැන්නෙ...

සිරිලංකා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙ (අද ටෙලිකොම්) ආයතනයේ වැඩ කරලා විශ්‍රාමික සුවයෙන් තමා මේ කියන ජයසේකර උන්නැහේ පසු උනේ... සිරා මෙව්ව එක වැඩි කමට උන්දැට පොඩි නමක් අටවගත්තා කතා කරන්න... ඒ තමයි ජයස් කොල්ලා.... ටික කාලෙකින් ඒක තව ටිකක් කොට වෙලා  ජෑස් කොල්ලා  බවට පත් වුනා.... අනේ උන්දැගෙ කිසිම අමනාපයක් තිබ්බෙ නෑ එහෙම කතා කලාට  තාම අපි කොල්ලො තමා බොලව් ඔන්න ඔච්චරයි ප්‍ර‍තිචාරය..

මේ කියන ජෑස් කොල්ලා හරිම විනෝද කාමියා... දිනපතා කරන්නට කියලා විශේෂ වැඩපලක් තිබ්බෙ නැති හින්දා වගේම ජීවිතයේ ඉටු කරන්න වගකිම් තිබ්බෙත් නැති හින්දා සමනලයෙක් තරම් සැහැල්ලුවෙන් හිටියෙ....

ඉස්කෝලෙන් දෙන සමහර ගෙදර වැඩ කරන්නත් උන්දැ මට උදව් වුන බව බොහොම ගෞරව පූර්වකව සිහිපත් කොරන්න ඕනෙ..

පාන්දරින් අවදිවීම / වැස්සිගෙන් කිරි දෙවීම/ වැස්සි කැටුව වෙල් ඉස්මත්තට ගෑටීම/ මිරිදිය ධීවර කර්මාන්තය ඇරඹීම/ දිවා ආහාරය/ කෙටි නින්ද/ වැස්සි නැවතත් ගෙදර ගෙන ඒම/ කිණිතුල්ලන් සොයා සිදුකරන මෙහෙයුම් ඇරඹීම/ පුන්නක්කු සංග්‍ර‍හය / ගමේ බඩු වලින් සප්පායම් වි කවි සින්දු කිම/ රාත්‍රී ආහාරය ඇතුව හෝ නැතුව පෙරේතයා පොලවේ ගැසූ ආකාරයෙන් නිදා ගැනිම

අන්න ඒ  විදියට තමා ජෑස් කොල්ලගේ දවස ගෙවුනෙ

ඉරටිය කියලා හදුන්වන මාලු අල්ලන්න භාවිතා කරන උපාංගයක් ජෑස් කොල්ලට තිබුනා.. ඒක හදාගෙන තියෙන්නෙත් ඔහු විසින්මයි. කිතුල් පතුරැ හා ඉරටු පාවිච්චි කරලා සිලින්ඩරාකාර හැඩයකට ඒ පතුරැ කෑලි බැදීමෙන් හා පුනීලයක ආකාරයේ අග කොටසකින් ඉරටිය සමන්විත වෙලා තිබුනෙ... සැඩ පහරක් අසල ඉරටිය අටවලා තියන්නෙ... සැඩ පහරේ ආනු භාවයෙන් ඇතුලට යන මාලුවෙක්ට ආයෙත් එලියට එන්න ලැබෙන්නෙ නම් නෑ... පුනීලාකාර හැඩය අග තිබෙන පොල් කටුවක් ඉවත් කලාම මාලු අස්වැන්න එලියට ගන්න පුලුවන්.... අස්වැන්න වැඩි දවසට අපේ ගෙදරටත් කොටසක් එවනවා..

සමහර වෙලාවට ඉරටියෙන් එලියට ගන්න මාලුන්ගෙ තියෙන්නෙ භාගයයි... ඒ කක්කුට්ටො කාලා... ඉරටියට අහුවෙන කක්කුට්ටොත් එලියට යන්න බැරැව ඉරටියේම හිරවෙලයි ඉන්නෙ.... මේ වගේ අවස්ථා වල මාරාවේෂ වෙන ජෑස් කොල්ලා කුණු හබ්බයක් එහෙම ඇදබාලා කක්කුට්ටන්ව පොලොවෙ ගහන්නෙ උන්ගෙ අඩු ගැලවිලා යන තරම් වේගෙකින්...

ජෑස් කොල්ලා අමු බේබද්දා...  සියරට දේ සිරිසැප දේ කියන කියමන ඔලුවෙ තියාගෙන වැඩ කලා වගේ දවස ගානෙම ගමේ බඩුම තමයි හවසට හෙව්වෙ... අදනම් බේතකට ඔය කියන නැටුම් තෙල් හොයාගන්න  අපේ ගමේ නැති උනාට ඒ දවස්වල රිචී අයියගෙ පොට් එකේ ඕනෙ වෙලාවක බඩු හෑව්... රිචී කියන්නෙ තද කලු ශරීරයකට හිමකම් කියපු අඩි 6ක් පමණ උස චරිතයක්... ජෑස් කොල්ලගෙ වයසෙම කොල්ලෙක්.. 
මිනිහා, කසියා විකුණලා මාට්ටු උනොත් පොලෝසියෙ ඇත්තො ගෙම්බො පන්නලා තාරාවො වගේ අවිද්දලා ශරීර කූඩුවට අපමණ ආතල් දෙන නිසා   අද හංගන තැන නෙමෙයි කසිප්පු බුලිය හෙට හංගන්නෙ... හෙට හංගන තැන නෙමෙයි අනිද්දට හංගන්නෙ... බුද්ධි ගෝචරවයි වැඩේ කරන්නෙ...

මිනිහගෙන් පිනට බොන්න නෝ චාන්ස්... සල්ලි තිබේ නම් ක්ෂණිකව දැවෙන ප්‍ර‍ශ්න වලට සහනය.. පැන්සොන් එක පරක්කු දවස් වලට අතේ සතේ නැතුව ඉන්න ජෑස් කොල්ලා  කලින් තමන් වැඩ කරපු තැන් වලින් උස්සපු වයර් රෝලක්  විශාල ගිණිගොකඩ දාලා පුච්චලා තඹ වලට විකුණනවා... එහෙමත් බැරි නම් කසිප්පු වඩිය පෙරන්න සීනි/වතුර ආදිය ඇදලා දීලා රිචී ගොයියා ගෙන් පොඩි අනුග්‍ර‍යක් ලබා ගන්නවා.. හරියට අදකාලෙ ක්‍රිකට් මැච් වලට ලොකු කොම්පැණි අනුග්‍ර‍හය දක්වනවා වගේ... රෑං ගාලා විමලාවතීට හොරෙන් හැන්දෑවට ඉගිලිලා යන ජෑස් කොල්ලා ආපහු ගෙදර එනකොට ගමම දැන ගන්නවා... ඒ මග දිගට පැරණි රසාංග නොමසුරැව බෙදාගෙන එන නිසා..

සරන් කොටයට යටින් කාකි පාට කොට කලිසම් කබලක් නිතර දෙවේලේම ජෑස් කොල්ලගේ ගත දැවටී තිබුනා... දවසක්  ඉස්තොප්පුවෙ බිම දිගා වෙලා සිරා පොතේ පතේ වැඩක් කරමින් ඉන්නකොට ජෑස් කොල්ලගෙ පැරණි රසාංගයක් ඈතින් ඇහෙන්න ගත්තා... ඒක ඇහිලා සිරාගෙ අම්මත් ඉස්තෝප්පුවට ආවා.... අපේ මිදුල උඩින් තමා දැන් උන්දැ ගෙදරට යන්න ඕන.... කලුවරේ වැනි වැනී එන රෑපය ටිකෙන් ටික ලං උනා.... සිරාගෙ අම්මා පැනපු ගමන් සිරාව අල්ලගෙන ගෙට දිව්වා.... ජෑස් කොල්ලා මිදුල උඩින් යන බව ඇහුනා... හිතාගන්න බෑ මොකද උනේ කියලා... සිරා ටිකකින් ආයෙත් ඉස්තෝප්පුවට ආවත් කොල්ලා ගෙදර ගිහින් ඉවරයි...

බොලාට හිතා ගන්න පුලුවන්ද මක්ක උනා කියලා ?  මේකයි වෙලා තියෙන්නෙ... ජෑස් කොල්ලට එදා කන පාත්වෙන්න වැදිලා... යටට අදින කලිසන් කොටේ ගලවලා ජටාවක් වගේ ඔලුවට දාගෙන... කලිසම තියෙනවා කියන හැගීමෙන් සරම ගලවලා අතේ පටලවාගෙන...උපන් ඇදුමෙන් ගෙදරට බඩගාලා ප්‍ර‍සිද්ධියේ ගම මැද්දෙන්...  මේක වැඩිහිටියන්ට පමණයි දර්ශනයක්... ඒ නිසා තමයි සිරාට මේ දර්ශනය බලන්න තිබ්බ පරම පිවිතුරැ අයිතිය නිසි බලධාරියා විසින් හිතක් පපුවක් නැතුව කපා දැම්මෙ.....

මේ කියන ජෑස් කොල්ලට කන්න නැතත් බොන්න තියෙනවා නම් හොදටම ඇති... ඔන්න ඉතිං උන්දැගෙ අතේ පිචිචිය නැති දින කීපයක් උදා වුනා... රිචීගෙ අනුග්‍ර‍හයත් නැති දවස් ... සල්ලි නැති හින්දා දින දෙක තුනක්ම සුදුවා ෂොට් එක මිස් වෙලා... මේකට උපක්‍ර‍මයක් කල්පනා කරපු ජෑස් කොල්ලා රිචි බූලිය හංගන තැන හොරෙන් බලං ඉදලා  අමු දවාලෙ කසිප්පු බූලිය ගෙදරට උස්සගෙන ඇවිත්... දවස් ගානක ඇරියස් අල්ලන්න කෝප්ප දෙක තුනක් එක හුස්මට බීලා කපාපු කෙහෙල් ගහ වගේ ඇදගෙන වැටිලා... දැන් එක ලතෝනියයි... විමලාවතී ගම දෙක කරනවා... ගමේම ඇත්තො ගේ වටේට පිරිලා.. හරියට රජිණි කාන් ගෙ ඇක්සොන් ෆිල්ම් එකක් වගේ..  ජෑස් කොල්ලා මලා වගේ පත බෑවිලා... දත් කට පූට්ටු වෙලා...ඒක වලක්වන්න  හැදි දෙක තුනක් ගමේ උන් කටට ගහලා... දෙහි බෑ දෙක තුනකුත් ඔලුවෙ අතුල්ලලා... තත්වය දරැණු නිසා ඉස්පිරිතාලෙට උස්සගෙන දිව්වා.... දවස් දෙක තුනකට පස්සෙ තමා කොල්ලා ආයෙත් ගෙදර ආවෙ....

වෙච්ච සන්තෑසිය තමයි, එදා  රිචා හංගලා තියෙන්නෙ ස්පිරිට් කසිප්පු... ඒ කියන්නෙ සැර බාල නොකල... ස්පිරිට් එක බෝතලේකට වතුර බෝතල් 8ක් දැම්මට පස්සෙ තමා විකුණන කොලිටියට එන්නෙ... ඇසිඩ් වගේ සැර සාන්ද්‍ර‍නයෙන් කෝප්ප දෙකක් තමා පෙරේත කමට ජෑස් කොල්ලා ලග නමලා තියෙන්නෙ... මේ සිද්ධියෙන් පස්සෙ රිචා බූලිය බේර ගන්න සෑහෙන ඈතට කසිප්පු ස්පොට් එක මාරැ කොලා...

ජෑස් කොල්ලා නාන්න හරිම කම්මැලි ජීවියෙක්... දවසක් දා  මහ රෑ උන්දැ විකාරයෙන් කියවන්න ගත්තා... බලපන් මෙතන ඉන්න කටේ දත් නැති එකෙක් මට විරිත්තනවා... උන්දෑ හිස් බිත්තිය පැත්තට අත දික් කරලා පෙන්නන ගමන් බනිනවා කන්කලු සුද්ධ හිංහලෙන්.... තොගේ අඩු කඩනවා මං, කුරැමිට්ටා  උඹ දන්නෙ නෑ මං ගැන....ආයෙත් සැරයක් අල්මාරිය පැත්තට අත දික් කරලා බනිනවා....  සිරාගෙ තාත්තා ඇතුලු වැඩිහිටියන්ගේ මතය වුනේ නාන්නෙ නැතුව ඉදලා ඔලුව කර වෙලා විකාර පේනවා කියලා... නාන්නෙ නැතිව ඉන්න එක මදිවට දවස ගානෙම සුදුවා ගහනකොට ඔලුවක් ඉතුරැ වෙයිද? වැඩිහිටියො ටික එදා මහ රෑම ජෑස් කොල්ලව කුදලගෙන ගිහින් ගේ පිටිපස්සෙ ඇලේ එබුවට පස්සෙ ඔලුව පෙගිලා ලෙඩේ කම්මුතු උනා....

ජෑස් කොල්ලා එහෙං පිටින්ම ඇවිදින අපායක්.... කට ගැස්මට මාලුවෙක් වත් අහුවුනේ  නැති දවසට විමලාවති උන්දැගෙ කුකුලු කොටුවට පනින්න මේ කියන ගොයියා සූරයා... කුකුලගේ බෙල්ල වයර් එකකින් පොල් ගහකට තියලා ගැට ගහලා මන්නෙන් දෙන්නෙ එකයි... බෙල්ල ගහේ එහෙමම තියෙන්න ඇරලා කුකුල් මස් හොද්ද පවුලට කියලා හදා ගන්නෙ අහන්න තියෙන බැණුම් ඔක්කොම අහගෙන.... විමලාවතී හාමිනේ ගමේ ගිය දවසට කුකුල් පට්ටියෙන් භාගයක්ම පොල් ගහේ ගැට ගහලා අවසන් ගමන් යවපු දවස් තිබුනා.... ඒ අතට ගානක් හොයා ගන්න ... ආපහු එන විමලාවතීගෙන් ලුණු ඇඹුල් ඇතුව අහගත්තත් ජෑස් කොල්ලා නෙමෙයි හැදෙන්නෙ... 

මේ කියන කථානායකයගෙ වැස්සිගෙ නම තමයි සුදු කබරයා... උන්දැම තමා මේ සාඩම්බර නම දාල තියෙන්නෙ... සුදු කබරයා දවසක් වෙලේදි අපේ ජෑස් කොල්ලව ඇදගෙන දුවලා... කඹේ පැටලිලා වෙල දිගේ ඇදිලා ගිහිල්ලා   කොල්ලගෙ කකුලක් උකුල ලගින් පැනලා. ආයෙත් ඉස්පිරිතාල ගතවුනා... පෙරේත කම නිසාම ලග නවත්තපු හාදයට සල්ලි දීලා කසිප්පු ගෙන්නගෙන බීලා.... ඉස්පිරිතාලෙදිම ලේ වමනෙ දාලා අපේ ජෑස් කොල්ලා අපිව හැර ගියේ....

කවදාවත් පන්සලකට ගියේ නැති... කරපු තරමක් පවු කාර කම් කරපු මේ උන්දැගේ අවමගුලෙදි ලොකු හාමුදුරැවො සත් ගුණවත් ජයසේකර උපාසක මහත්තයා කියලයි හැදින්වූයෙ....

ඒ සිද්ධිය වෙලා දැන් අවුරැදු 20කටත් වැඩී  ...සිරාට හිතෙන විදියට ෂුවර් එකටම ජෑස් කොල්ලා දැන් ඇත්තේ අපායේ යම පල්ලා ලග වෙන්න ඕනෙ...යමපල්ලාද බේබද්දෙකු විනි නම් ඒ ජෑස් කොල්ලාගේ ආනුභාවයෙන්ම තමා . කෙසේ වුවද ජෑස් කොල්ලාට නිරයේ දුක් විදීමට නොලැබේවා යන්න සිරාගේ අවංක පැතුමයි !

මම සයිබරයේ අලුත් මිතුරා සිරා !


ප.ලි

ජෑස් කොල්ලාගේ මරණයෙන් පසු තනිවුන විමලාවතී හාමිනේ ටික කලක් තනියෙන්ම එම නිවසේ වාසය කර ... ඉඩම් කඩම් , දේපල සියල්ල විකුණා දමා උපන් ගමට ගියාය..

රිචා...  ඊට අවුරැදු 10 කට විතර පස්සෙ විදින්න තියෙන දුක් ඔක්කොම විදලා එකතැන් වෙලා මැරැනේ.....

බුදුබනෙත් දේශනා කරලා තියෙනවනේ අපි කරන අකුසල් මෙලොවදිම පල දෙනවා කියලා.... ඒ නිසා බොලාලා හෙම වැරදි කරන්න හිතන්නවත් එපා ඔන්න.... අරිද ?

51 comments:

  1. කරන කලට පව් මිහිරිය මි සේ
    විදින කලට දුක් දැඩිවෙයි ගිණිසේ

    ReplyDelete
  2. මේකා මහ පව් කාරයෙක්නෙ බං... යමයා ගාවම තමා ඇත්තේ..

    සිරාට - සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
    (මේක උඹට ඈ... සමහරුන්ට මේක ඇලජික්.. මල ගෙදරක් උනත් සුභ වේවා කියනවද අහනවා)

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත්ම ලැබේවා ! මට නම් ඇලජික් නැත

      Delete
  3. අපේ ගමෙත් හිටියා ඔහොම ඩයල් එකක්, නම සුද්දා. 5 ශිෂ්‍යත්වය හොදට පාස් වෙලා හිටියත් 6 පංතියට මිනිහව ඇතුළත් කරන්න කවුරුවත් පෙළඹුනේ නෑ. අම්මා ඇග සහ කසිප්පු විකුණන එකයි රස්සාවට කළේ. කොල්ලා නන්නත්තාර වුනා. මිනිහා යාන්තම් ඉස්සැරෙන කොටම කසිප්පු වැඩේට බැස්සා. කසිප්පු බිව්වා,විකිණුවා,මාළු ඇල්ලුවා ( ඒ වැඩේ නම් පසුකාලෙකදි මම නතර කෙරෙව්වා)
    හැබැයි සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න මිනිහට ලොකු උවමනාවක් තිබුණා. කසාද බැදලා ළමයි දෙන්නෙකුත් හැදුවා. ඒත් මිනිහට සුද්දෙක් වෙන්න බේබදු සමාජය ඉඩ දුන්නෙ නෑ. දිගටම "සුද්ද" විදියට තියාගන්නයි කවුරුත් හැදුවෙ.

    අවුරුදු 26 දී මිනිහා බීලම මැරුණා.

    ReplyDelete
    Replies
    1. අවු 26 මැරෙන් වයසක්ද, පවු නේද ?

      Delete
  4. සිරා කියන හින්දා කොමෙන්ට් නොකරත් බෑ
    කියන්න දෙයක් හිතා ගන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. පස්සෙ හරි හිතෙන දෙයක් කොටන්න....

      Delete
  5. දුකකිනි මිනිසත් බව ලැබගන්නේ කියන එක වටහා නොගත්තු මනුස්සයෙක් :(

    ReplyDelete
    Replies
    1. සමහර විට ළමයි නැති ශෝකය නිසා වෙන්න පුලුවන්....

      Delete
  6. අනිත් ඔක්කොමත් හරි මූ කසිප්පු ගැන දන්න තරම්.... කලින් පෙරලද කොහෙද මටනම් ඔය නම කියා ගන්නත් බෑ දිව පටලෙනවා :P

    ReplyDelete
    Replies
    1. අර රබර් වත්ත අස්සෙ පෙරැවෙ කසාය වෙන්න ඇති එහෙනම්....

      Delete
  7. ජෑස් කොල්ලනම් මරේ මරු...හැබැයි සිරා කියන්න වගේ යම රජ්ජුරුවොත් දැන් දේශීය කරමාන්ත නගා සිටුවන්න ජෑස් කොල්ල එක්ක සම්බන්ධ වෙලා ඇති

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් පුලුවන්... එහෙම වෙලා තිබුනොත් බීලා බීලා මැරෙන උන් අපායෙ යන්න බය වෙන්න ඕනෙ නෑ..

      Delete
  8. අපරාදෙ, වැදගත් විදියට නිවී සැනසීමෙන් ගෙවන්න තිබුණු විශ්‍රාම දිවිය ඒ මනුස්සය විහින් අපායක් කරගෙන. පුරුද්ද අත්හරින්න බෑ නෙව.

    ReplyDelete
    Replies
    1. සංසාරයේදී එකතු කරගන්න කුසල් අකුසල් තමා ඉතිං...මේ..

      Delete
  9. බිලාම නන්නත්තාර වෙලා..

    ReplyDelete
  10. අනේ මන්දා සිරෝ මොනවා කියන්නද කියලා. පවු ජිවිත :(((((.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ මොනා හරි කීලම යන්ට...

      Delete
  11. හරිම තක්කඩි කම කරපු කෙනෙක්නේ සිරාගෙ ජෑස් කොල්ලා...පව් ගෙවලා ගිහින්....ඒ කෙනා ගැන දුකත් හිතෙනවා..සිරාගෙ ඉස්කෝලෙ වැඩටත් උදව් කළා කීවාම...

    ReplyDelete
    Replies
    1. කෘෂිකර්මයට හිතකර අහිතකර කෘමීන්, වල් පැළෑටි වර්ග ආදී ප්‍ර‍ශ්න කෙලින්ම යොමු වුනේ ජෑස් කොල්ලට

      Delete
  12. සමහරවිට දරුවෙක් හිටියනම්...ඔහොමවෙන්නෙ නැතිවෙයි.!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මචන්... දරැවෙක් නැතිවුනාම ජීවිතයට බලාපොරොත්තුවක් නෑ

      Delete
  13. කරපු පව් පස්සෙන් එකවලා බං...

    ReplyDelete
    Replies
    1. මෙලොවදීම පටිසන් දෙනවා කියන්නෙ ඒකට

      Delete
  14. සිරාගේ කාමරේ කතා ලෝකයක් නොවැ අපූරුයි! දිගු ගමනක් යන්න ශක්තිය දහිරිය නොඅඩුව ලැබේවා!
    ජෑස් කොල්ල වගේ කී දාහක් නිස්කාරනේ බීම හන්ද නැති නාස්ති වෙනවද!

    ReplyDelete
    Replies
    1. පැමිණීම පිළිබද සතුටුයි... ආයෙත් එන්න..... ප්‍රාර්ථනයට ස්තූතියි !

      Delete
  15. පව් කලොත් මෙලොවෙ දීම පලදෙනව බං ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... මම ගොඩාක් තැන් වල දැකලා තියෙනවා...

      Delete
  16. ඕකට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියල.. තම තමන් කර ගත්ත දේ තම තමන් රැගෙන යනවා!

    අදයි මේ පැත්තේ ආවේ.. දිගට ම එන්න බලන්නම්..

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. පැමිණීම ගැන සතුටුයි! දිගටම එන්න...

      Delete
  17. ඉරටිය කියන එක මම හිතන්නේ අපි කියන්නේ කරක් ගෙඩිය කියලා.

    පවු.. එච්චරයි මටනම් කියන්න තියෙන්නේ. (බීලා නාස්තිවෙලා කිව්වොත් බොලා මට හිනාවෙයි.)

    ReplyDelete
    Replies
    1. කරන් ගෙඩිය මමත් අහලා තියෙනවා... හරියටම ඒකද කියලා කියන්න වෙන්නෙ දැක්කොත් තමා...

      Delete
  18. ආතල් සහ අවසන දුකක්. ඒකත් ඒ උනාට ෆන් වගේ. හැක හැක

    ReplyDelete
    Replies
    1. ෆන් එක පිටුපස ඇති ඇත්ත ගොඩාක් උන්ට පේන්නෙ නෑ...

      Delete
  19. පව් ඉතිං වැරදි කරන්න මිනිහ ඒ වැරැද්දෙන් මුදවා ගන්න උත්සහ ගන්නවානම් පොඩි හරි වෙනසක් කරන්න පුළුවන්.

    අපේ ගමෙත් හිටියා ඉන්නෙම බිලා. අවුරුදු දෙකකට කලින් බිලා මැරුණා.

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ අරමුණක් නැති වීමත් බීමත්කමට හේතු වෙන්න ඇති

      Delete
  20. අපේ ගෙවල් ගාවත් ඉන්නවා.. ඔහොම බොන එකෙක්.. කොයි වෙලේ හරි කජ්ජ ගහනවා..ඇඟ කශියා වලටම දියවෙලා..

    සිරා, සිරාවට කතාව ලියලා තියනවා..

    ReplyDelete
  21. ඔය වගේ මිනිස්සු අද සමාජයේ නම් බහුලයි.
    කොහොම හදන්නද මන්දා (ඒකනම් බැරි වෙයි)

    ReplyDelete
    Replies
    1. ස්වයං අවබෝධයෙන් තමා ගොඩ ගියා නම් ගොඩ ගියෙ....

      Delete
  22. ලස්සනට ලියලා තියනවා..ඒත් ටිකක් දිග වැඩි ගතියකුත් දැනෙනවා..
    දිගටම එන්නම්..

    ReplyDelete
    Replies
    1. මීට පස්සෙ පෝස්ටු ටිකක් කෙටි කරන්නම්...ස්තූතියි !

      Delete
  23. අපේ පැත්තෙත් ඔය වගේ චරිත හිටියා . සිරා ලියන විදිහට මන් බොහොම කැමතියි

    ReplyDelete
  24. ජෑස් කොල්ලා කියන්නේ පට්ට එකෙක් නෙව..

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද ගමටම හිටියෙ එච්චරයි...

      Delete
  25. ඔය වගේ පව්කාර වැඩ කරන අය නම් මැරෙන්නේ දහ දුක් විඳලා. මෙහෙත් හිටියා ඔය වගේ වැඩ කරපු අය . ඔක්කොටොම වගේ හිමි උනේ දුක්ඛිත අවසානයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... සුවදායක මරණයක් මේ අයට හීනයක් විතරමයි...

      Delete
  26. කොරන කියන ඒවල රිටන් වදිනකොට වදින්නේ නැති බන්ගස්තාන වෙලා යන්නලු නේ සිරා

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...