Monday, November 5, 2012

102 ලංකාවටම එකයි.... තියෙන්නෙ මෙතනයි...

පහුගිය දොහේ අනම් මනම් වල් පල් කථා කොරපු එකේ අද නැවතත් වැදගත් යමක් කථා කොරන්නයි සිරා කොලුවගෙ මේ සූජානම... අන් අයට කෙසේ වෙතත් මම නම් ඉතිහාස තොරතුරු හොයාගෙන කියවන්න බොහොම මනාපයි... ඒ ආශාව කාමරයට එන ඔබටත්  බෝ කරන්නයි සිරාගෙ මේ අහිංසක වෑයම...


අපි අද කථා කරන්න යන්නෙ ලංකාවෙ තියෙන මේ වර්ගයේ එකම එක තියෙන ඉසව්ව ගැන... මේ කුණුහරුපෙ මොකක්ද කියලා තව සුට්ටකින් විසදෙන හින්දා බොලා කලබල වෙන්න කාරි නෑ...

සිරා හා පුරා කියලා මේ කියන ඉසව්වට පය තිබ්බෙ 2011 වසරේ නැගෙනහිර පළාතෙ කරපු සංචාරයක් අතර තුර, ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණේ මහා විහාරය පිළිබද තමයි ඔන්න ඔබ දැනුවත් වෙන්න යන්නෙ.




මගුල් මහා විහාරය පිහිටා තිබෙන්නෙ නැගෙනහිර පළාතෙ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පන්සල්ගොඩ ග්‍රාම නිලධාරි වසමෙ. එය පුරාණ පරිපාලන බෙදීමට අනුව නම් මඩකලපු දිස්ත්‍රික්කයේ පානම පත්තුව. මොණරාගල පොතුවිල් (A-4) මාර්ගයේ ගමන් කල විට හමුවන සියඹලාන්ඩුව හන්දියේ සිට කි.මි. 18 ක් පමණ ගමන් කලාම හමුවෙන පන්සල්ගොඩ හන්දියෙන් දකුණට හැරිලා තවත් කි.මි භාගයක් පමණ ගිය තැන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මකව වැදගත් මේ සිද්ධස්ථානයට ලගා වෙන්න පුලුවන්.... ත්‍ර‍ස්ත භීෂණ පැවති කාලයේ බොහොම අපහසුතාවයට පත්ව එදිනෙදා දාන වේල පවා අපහසුවෙන් සරිකර ගත් අපේ කාලයේ මහා යතිවරයාණන් වහන්සේලාගේ ඇල්ම බැල්ම නොවන්නට මෙම ස්ථානය අද වන විට මුඩු බිමක් වන්නටත් ඉඩ තිබුනා... එසේ වූවා නම් අපේ මුතුන් මිත්තන්ගේ කලා කෞෂල්‍යය හා හැකියාවන් මතු පරපුරේ දෑස් මානයෙන් මිදී වැලිතලාවක්  යට සදාකාලික නින්දේ සැතපෙන්නටත් ඉඩ තිබුනා.

ඓතිහාසික තොරතුරු


මගුල් මහා විහාරයේ අතීතය පිළිබද වර්තමානයට තොරතුරු ගෙන එන ප්‍ර‍ධාන මුලාශ්‍ර‍ කීපයක් තියෙනවා.  මහාවංශය හා පූජාවලිය යන ඉපැරණි සාහිත්‍යමය මූලාශ්‍ර‍ වලට අමතරව පූජා භූමියේ පිහිටා තිබෙන 14 වන සියවසට අයත් පුවරු ලිපි දෙකත් ඊට ඇතුලත්.  මෙම විහාරය අතීතයේ හැදින්වූ ආකාරය පිළිබද වඩා විශ්වාසදායක අදහසක් ගත හැක්කේ පුවරු ලිපි මගින්...අතීත නාමය පිළිබද මහාවංශයේ පවා සදහනක් නෑ.   නටබුන්ව අතහැර දමා තිබූ රූණු මහා විහාරය විහාරමහා දේවිය විසින් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර එහි නඩත්තුව උදෙසා ඉඩ කඩම් පූජා කල බවක් එක් පුවරුවක සටහන් වී තිබෙනවා.

තවත් පුවරු ලිපියක සදහන්ව පවතින සිරිලක්හි රජකල දාසෙන් කැලි රජ දරුවන් කැරැවූ මේ රූණු මහ වෙහෙර යන පාඨය මගින් ධාතුසේන රජතුමා (ක්‍රි.ව 516 - 526 ) විසින් මෙම විහාරය ප්‍ර‍ථමයෙන්ම ඉදිරකරන ලද බවට අදහසක් ලබා දීමට උත්සාහ කලත් විහාර ආරම්භය පිළිබද මහාවංශයේ හා පූජාවලිය යන ඉපැරණි මූලාශ්‍ර‍ වල සදහන් වෙන්නෙ ක්‍රි.ව 661 දි පමණ කෙටි කලකට අනුරාධපුර රජ වී සිටි 1 වන දප්පුල රජතුමා විසින් රුහුණු වෙහෙර නම් ආරාමයක් කරවූ බවක්. මහාවංශයට අනුව පාණ දිවයින් වාසී මහතෙරුන්ගෙන් බණ අසා පැහැදීමට ලක් වූ 1 වන දප්පුල රජතුමා උන්වහන්සේට බුහුමන් පිණිස රුහුණු වෙහෙර කරවා සතර දිගින් එන සංඝයා උදෙසා පූජා කල බව තමයි එහි දැක්වෙන්නෙ.


එහෙත් මෙම ස්ථානය හා බැදුනු ජනප්‍ර‍වාද මීට හාත්පසින් වෙනස් කථාවක් තමයි කියන්නෙ... රුහුණේ පාලකයෙකුව සිටි කාවන්තිස්ස රජතුමා  (දුටු ගැමුණු හා සද්ධාතිස්ස රජ වරුන්ගේ පියා ) විසින් විහාරමහා දේවිය නම් කුමරියක සරණ පාවාගෙන අභිෂේක කල ස්ථානය මෙය නිසාම උත්සවයෙන් පසුව රජතුමා ඉදිකල විහාරය මගුල් මහා විහාරය  බවයි ඉන් කියැවෙන්නෙ.

එදා කැලණිතිස්ස රජු විසින් රටේ ආරක්ෂාව පතා මුහුදට බිලි දුන් සිය එකම දියණිය නැවතත් ගොඩබිමට සේන්දු වූ ස්ථානය කිරින්ද ලෙස බොහෝ අය විශ්වාස කලත්.. පුරාවිද්‍යාත්මක සාධක අනුව නම් එය වර්තමාන පොතුවිල් නගරයට ආසන්න මුහුදු මහා විහාරයට ආසන්න භූමි භාගයක් ලෙසයි සැළකෙන්නෙ. වර්තමානයේ නැගෙනහිර මුහුදු වෙරළේම පිහිටා තියෙන කෝමාරිය නැමති ස්ථානයේ නම ඇති වීමටද මෙම සිදුවීම ඉවහල් වී තිබෙනවා... කෝමාරිය අද සම්පූර්ණයෙන්ම දෙමළ කථා කරන ජනතාවගේ ජනාවාසයක්.

කාවන්තිස්ස රජතුමා මුහුදේ පාවී ආ කුමරිය ගැන ආරංචිය ලැබී මෙම  ස්ථානයට පැමිණ කෝ කුමාරි යනුවෙන් ඇසූ වදන් පසුව කෝමාරිය නමින් ව්‍යවහාර වූ බැව් 1921 දි එස්.ඕ. කනගරත්නම් මහතා විසින් ලියන ලද මඩකලපු දිස්ත්‍රික්කයේ වෘතාන්තය නැමැති කෘතියේද සදහන් වෙනවා. මේ අසලදී අබලන් වූ නැවක කුමරියක සිටි බවත්, අවසානයේ ඒ කුමරිය ප්‍රදේශයේ රැජින වූ බවත් තවදුරටත් එම ග්‍ර‍න්ථයේ සදහන්.

මගුල් මහා විහාරයට ආසන්න හුලංනුගේ ගමේ පිහිටා තිබෙන කරදහෙල හෙවත් පුරාණ හබුතල විහාරයෙන් කාකවණ තිස මහ ර (කාවන්තිස්ස මහ රජු) යන වචන පෙළ සදහන්ව හමුවී ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලිපිය මගින් මගුල් මහා විහාරයට සම්බන්ධ තවත් කථාවක් කියවෙනවා. කාවන්තිස්ස රජතුමාගේ දේශපාලනික හා ආගමික ක්‍රියාකාරකම් මෙම වෙහෙර අවට පැවති බවක් ඉන් ගම්‍ය වෙන්නෙ.

ධාතුවංශය හා රෝහණ වංශ කථාව යන ග්‍ර‍න්ථයන්ගෙ සදහන් වී ඇති අන්දමට කාවන්තිස්ස රජුගේ ආධිපත්‍ය යටතේ පැවති මාගම රාජධානියට පරිබාහිරව සමකාලින සේරු නුවර, ලෝණ නුවර, හා සෝම නුවර යනුවෙන් ස්වාධීන රාජධානි තුනක් පිළිවෙලින් සිව,මහානාග,ගිරි අභය යන පාලකයන්ගේ ආධිපත්‍ය යටතේ පැවතුනා. මහවැලි ගගට උතුරින් පිහිටි මේ ස්වාධීන රාජ්‍යයන් එළාර රජුට එරෙහිව සේනා සංවිධානයේදී බාධාවක් වූ නිසා ඒවා වක්‍ර‍ ලෙස තම ආධිපත්‍යය යටතට ගැනීමට උපායක් ලෙස සේරුනුවර චෛත්‍යය ඉදිකලා.  එමගින්  යුද්ධයකින් තොරවම තමන්ට අවැසි දේ කිරීමට කාවන්තිස්ස රජතුමාට හැකි වුනා.  ඒ අනුව මගුල් මහා විහාරය හා ඒ ආශ්‍රිතව සිදු වූ ක්‍රියාකාරකම් පිළිබදව ඔබට දළ අවබෝධයක් ලබාගත හැකි වේවි.


ඔන්න ඒ විස්තරයත් අහවර කරලා සිරා කියන්න යන්නෙ ලංකාවට තියෙන එකම දේ ගැන... ඒ තමයි  මෙම විහාරයේ  පිහිටා තිබෙන සදකඩ පහණ, ඇතා සමග ඇත් ගොව්වාද කැටයම් කර තිබෙන ලංකාවෙ එකම සදකඩ පහණ තමයි මේ.  ඇත්ගොව්වා ඇතාගේ පිට මත හිදින අතර එය ඉතා සියුම්ව බලන කල පෙනෙන්නේ ධාවනයේ යෙදෙන ක්‍රියාශීලී ආකාරයක්.















එහි අනෙක් සදකඩ පහන් වල මෙන් පළමු කවයේ ගිණි දැල්ල හෝ පලාපෙති පෙනෙන්නට නෑ. එම කොටස කැටයම් රහිත බවක් තමයි දිස්වෙන්නෙ.  දෙවැනි කවයේ ඇත් ගොව්වා සහ හස්ති රූප එකා පිටුපසින් එකා ගමන් කරනා ආකාරයක් දක්නට ලැබෙනවා. හංසාවලිය ඇතුලු වෙනත් සතුන් දක්නට නෑ. මේවාට අමතරව ලියවැල් මෙන්ම නෙළුම් පොහොට්ටු ඉතාමත් සජීවි ලෙස නිර්මාණකරුවා නිර්මාණය කර තිබෙනවා.

සදකඩ පහනට අමතරව පොකුණු, ප්‍රාකාර, ස්තූප, බොධිඝර, මුරගල්, භික්ෂු වාස කුටි, දාන ශාලා, ධර්මශාලා  ආදී ඉදිකිරීම් මෙම භූමියේ දක්නට තිබෙන අතර එමගින් යටගිය දවස මෙම ස්ථානයේ තිබූ බෞද්ධ ප්‍රබෝධය සිතාගන්න පුලුවන්. 











මේ ඉදිකිරීම් වලට අයත් නොවූ තවත් වැදගත් දෙයක් මෙම භූමියේ තිබෙනවා... ඒ කාවන්තිස්ස රජතුමා හා විහාර මහා දේවිය අතර විවාහ මංගල උත්සවයට උපයෝගී කරගත්තේ යැයි සැළකෙන ශිලාමය මංගල පෝරුව...මේ සාධකයත් විහාර මහා දේවිය සැබෑ ලෙසම ගොඩ බැස්සේ කිරින්දට නොවන වගට සාක්ෂියක්...

මංගල පෝරුව

පෙර රජ දවස මෙම පුදබිම දීපතිමත්ව බැබලුනත් වරින් වර ඇතිවූ පර සතුරු ආක්‍ර‍මණ හා වසංගත රෝග නිසා වසර සිය ගණනක් ජනශූන්‍යව තිබෙනවා. කාලය විසින් හුදකලා කල මෙම ස්ථානය අවට නැවත වරක් කෙමෙන් කෙමෙන් ජනාවාශ ඇතිවුවත් නටබුන්ව තිබූ මෙම පුදබිම ඇසුරු කරන්නට ඒ අතර ස්වාමීන් වහන්සේලා සිටියේ නෑ... නමුත් 1907 දී පමණ අහඹු ලෙස ලාහුගල යල්පොත ගම්මානයට ස්වාමීන් වහන්සේ නමක් පිඩු සිගා වැඩියා. එය මහත් භාග්‍යයක් ලෙස සැලකූ ගම්මු උන් වහන්සේට මෙම විහාරස්ථානයේ වැඩ වසන ලෙස ආරාධනා කලා. උන් වහන්සේ තමයි දානෙගල ස්වර්ණජෝති ලොකු හාමුදුරුවො. මෙහි තිබූ පෞරාණික වටිනාකම හොදින් වටහාගත්ත මේ මහා යතිවරයාණන් වහන්සේ කිසිදු පහසුකමක් නැතිව අලි, කොටි , වලසුන් ගහන දරුණු වනාන්තරයක පිහිටි ආර්ථික දුෂ්කරතා වලින් යුත් සීමිත මිනිසුන් පිරිසකගෙන් ජනාවාස වූ  මේ ප්‍රදේශයේ විශාල සියඹලා ගසක ගම්වාසීන් විසින් ඉදිකර දුන් අට්ටාලයක  දිවිගෙවමින් ලාහුගල මගුල් විහාරය නැවතත් කරළියට ගෙනඒමට ඉතාමත් වටිනා නිහඩ සේවයක් ඉටු කර තිබෙනවා. භූමියේ කොටසක් එළි පෙහෙළි කර  ඉලුක් සෙවිලි කල කුඩා ආවාසයක් සකස් කරගෙන තමන්ගේ සහාය සදහා ශිෂ්‍ය හිමිනමක් වූ අරවාකුඹුරේ දේවරක්ඛිත හිමි කැදවාගෙන ආ බැව් වර්තමාන ස්වාමීන් වහන්සේ සමග කල සාකච්ඡාවකින් දැන ගන්න ලැබුනා.

විහාරයට ප්‍ර‍විශ්ඨ වන ස්ථානයේ ඇති වල්බිහිවූ වැවක්


1928 දි ස්වර්ණජෝති නාහිමියන් අපවත් වූ පසුව දේවරක්ථිත ගෝල හිමියන් විසින් ගම්මානයේ දායකයන් සංවිධානය කොට නව ගොඩනැගිලි ඉදිකර පන්සලක් ලෙස වැඩිදියුණු කල බවත්, ගම්වාසීන්ගේ යහපත් ගුණ වගාව වෙනුවෙන් පෙරහැර හා පිංකම් ආදිය සංවිධානය කොට මෙම පූජනීය ස්ථානයට අති විශාල සේවාවක් සිදුකර  ලෝ දහමට අනුව 1982 දි අපවත් වී තිබෙනවා.

අදට එහෙනම් කථාව අහවරයි..යමක් කමක් දැනගත්තා නම් ඒක තමා සිරාගෙ සතුට...

මේ කථාබහට පෙර බ්ලොග් අවකාශයේ  ලාහුගල මගුල්  මහා විහාරය පිළිබද තවත් සටහන් තිබූ නිසා ඇතැම් පොදු කරුණු එක් නොකොට ඒවාට මගහැරුණු දෑ  මෙම සටහනට එක්කිරීමට සිරා කටයුතු කලා.

පූසා කල සටහන මෙතැනින්
හසිත කල සටහන මෙතැනින්



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා,



ප.ලි


බෝගහමුල්ලේ සුමන හිමි සහ ලාහුගල පී.බී. දිසානායක මහතා විසින් රචිත ලාහුගල මගුල් මහා විහාරය හෙවත් රුහුණේ මහා විහාරය කෘතියද පරිශීලනය කළෙමි.

ඇතැම් කරුණු පුරාවිද්‍යා උපාධිධාරී සිරාගේ පැරණි පෙම්වතිය වෙතිනි. ඉතිහාසය සම්බන්ධ පෝස්ටු වෙනුවෙන් මෙයට පෙරත් කීප වාරයක් ඈ මට සහාය දී තිබෙනවා.

මේ සිද්ධස්ථානය අවට වෙසෙන ගම්වාසීන් කාලයක් යුද්ධයෙන් බැට කා දැන් ආර්ථික  අපහසුතා මැද  ජීවත් වන පිරිසක්.  ඔවුන්ගේ  ජීවන තත්වය සියසින් දැකගෙන ඔවුන්ට සහායක් වෙන්න වැඩි වැඩියෙන් මේ ප්‍රදේශවල සංචාරය කිරීමෙන්  ඔබට දායක වෙන්න පුලුවන්... ඒ නිසා ඔබේ මීළග චාරිකාවට මේ සිද්ධස්ථානයත් ඇතුලත් කරගන්න. ගම්වාසී ආරක්ෂක අංශ වල සාමාජිකයන් ඇතැම් ඉතිහාස කරුණු ඔබ වෙනුවෙන් විස්තර කර දෙන්නෙ ස්වේච්ඡාවෙන්...

ගම්මානයේ වෙළද සැලක්

මෙහි සියලුම ඡායාරූප මවිසින් ගන්නා ලද ඒවාය.

මේ ආසන්නයේ ඇති පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමිය තුල අනවසර ඉදිකිරීම් කරමින් අන්‍ය ආගමිකයන් කටයුතු කරන අතර මේ ප්‍රදේශ තුල බහුතර සිංහල ජනතාවක් වර්තමානයේ ජීවත් නොවීමත් එයට හේතුවක්... කෙසේ හෝ මේ ගැටළු පිළිබද බලධාරීන්ගේ අවධානය යොමු වී පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සුරැකී ඒවා අපේ මතු පරපුරටත් දැක බලාගැනීමට වරම් ලැබේවා !
















102 comments:

  1. අම්මට සිරි සිරා අයියා සිරාවිදියටම පොස්ටුව ලියලා. ලංකාවට ගියහම යන්න ඕනේ බලන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම යන්න මලයා.. ඒ පැතිවල ජන ජීවිතයේ තිබෙන දුෂ්කරතාව දෑසින් දැකගෙන, මේ වගේ පොඩි කඩයකට ගොඩ වැදිලා බෙලි මල් කෝප්පයක් එහෙම බීලා එන්න...

      Delete
  2. මේ පැත්තේ ඕනෑතරම් කරක් ගහල තිබුනත් මෙතනට යන්න බැරි වුනානේ. බලමු අනාගතයේදී. මේ වගේ වැදගත් ලිපි බොහෝ දෙනා කියවනවා අඩුයි.

    ReplyDelete
    Replies
    1. ආයෙ වතාවක යන්න උත්සාහ කරන්න... දඩි බිඩියෙ ගිහින් එන්න යන්න එපා... මේ නටඹුන් අතරට ගියාම දැහැනට සම වැදිලා වගේ අතීතය ස්මරණය කරලා එහි සුවද විදින්න පුලුවන් නිදහස් වාතාවරණයකින් යන්න...

      සිරා හිට්ස් බලන් ලියනවා නම් මේවා ලියන්නෙ නෑ.... මම දන්නවා අයියා මේ ලිපි වලට එතරම් ප්‍ර‍තිචාර නෑ... සිරා කියන්නෙ වැල යන පැත්තට මැස්ස ගහන එකෙක් නෙමෙයි...

      Delete
  3. ඔය ඉතිං.. ඒ කාලේ තිබ්බ පිස්සු වික ආයිත් වැඩ කරන්න සිරා හදන්‌ෙන්... ඉස්සර නම් මේ තොරතුරු කටපාඩම්. දැං නං මතක නෑ.. ඒ මතකය අලුත් උනා...

    චිත්‍ර කිරිල්ලේ ප්‍රතිවිපාක තමා...

    ෆොටෝ ටිකට පොඩි පහේ වෝටර් මාක් කෑල්ලක් දැම්මා නං නරකද......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. චිත්‍ර වලට සඳකඩ පහන් ගැනත් හැදෑරීම් කෙරෙනවා නේ..? මගෙත් ඒ මතකය අලුත් උනා.

      Delete
    2. දෙන්නම එහෙනම් චිත්තර ශිල්පීන් වගේ... සිරා නම් සංගීතය කල නිසා ඔය ගැන දැනුමක් නෑ... ඉස්සර අපේ පන්ති වල කොල්ලො ද්‍ර‍ව්‍ය බලාගෙන ඇදීම කරපු ආකාරය නම් මම දැකලා තියෙනවා....

      උස්සන එකෙක්ට උස්සගන්නත් එක්ක තමා මෙහෙම දැම්මෙ... මේ දේවල් පුලුවන් තරම් මිනිස්සු අතරට යනවට මම කැමතියි... අපි ඉතිං මේ දේවල් මැරෙන කොට අරන් යන්නයෑ.... නැද්ද මම අහන්නෙ...

      Delete
  4. බලන්න යන්න වටින තැනක් .....

    දැනුවත් කරාට සිරාට ස්තුත්යි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම බලන්න වටින තැනක්.... මීළග චාරිකාවට මෙම ස්ථානයත් ඇතුලත් කර ගන්න...

      Delete
    2. අනිවාරෙන්ම යන්න ඕන ඕනේ ....

      Delete
  5. වටින කියන ලිපියක් සිරා මල්ලි... මං මෙතනින් දෙවංගියක් ගෙහුන් තියෙනවා.. හැබැයි ඒ දෙපාරම ගියේ කලුවර වෙලාවල්වල... අර සුනාමි කරදර කාලේ ගෙවල් හදන්න බඩු මුට්ටු උස්සං... ඒ දවස්වලත් ඔතන හැරෙන තැන බෝඩ් කෑල්ලක් තිබුණා මගුල් මහා විහාරයට කියලා... රෑ බෝ වෙලා නිසාත් ගියේ ඊට වඩා ලොකු රාජකාරියකට නිසාත් ඒ ගමන් දෙකේදීම මට ඔතැනට ගොඩ වෙන්ට උනේ නැහැ.. මේ දවස්වලනං මේ හිත හිතා ඉන්නේ අම්මාපර පොතුවිල් කුමන පැතිවල රවුමක් දාන්ට... ඒ යද්දිනං අනිවාර්යයෙන්ම ගොඩ වෙලා යන්ට ඕන... මේ ලිපියේ තියෙන කරුණුත් ඒකට උදව්වක් වෙයි...

    ReplyDelete
    Replies
    1. කැමතිද මාවත් එකතු කර ගන්න. හැබැයි බයික් එකේ නම් බෑ.

      Delete
    2. හ‍පොයි බයික් එක මිස වෙන මොකක්ද ඕකට හරියන්නේ... අඩු කාලයක් වැඩි දුරක්... ඕන පාරක දාලා යෑමක්...

      Delete
    3. අයියෝ සුදීක බයික් එකක යන එක කොච්චර ආතල්ද බං .

      මමනං බයික් එකක කියුවොත් අපායට හරි යනවා

      Delete
    4. අතුරු පාරක ටයර් එකෙ හිලක් හැදුනම කාපන් පරිප්පු !!

      Delete
    5. ස්තූතියි මාරෙ අයියා... පොතුවිල් චාරිකාවට ඔය දැන් නඩයක්ම එකතු වෙලා ඉන්නෙ... බයික් වල දුර ගමන් යන්න ඉතිං සිරා කොලුවත් බොහොම මනාපයි... ඒකෙ තියෙන්නෙ අමුතුම වින්දනයක්.... විචාරක තුමා නම් පහළින් කියලා තියෙනවා.. බයික් වල ගිහින් විහින් නැහෙන්න එපා කියලා... ඒ ප්‍රදේශය ගැන එතුමා දන්න නිසා වෙන්න ඕනෙ එහෙම කියන්න ඇත්තෙ... ඒ නිසා ඒ ගැනත් සළකා බලන්න...

      ඔය කියන චාරිකාවෙ වැඩිපුර මඩ අපිට අරන් එන්න...

      Delete
  6. ඉතිහාසය මම ආසම කරන විෂයයක්. ගිහින් බලන්ට වටිනා තැනක් කියලා හිතට එකපාරටම ආවේ ඒක හන්දා වෙන්ට ඇති. නටබුන් පින්තූරු දැක්කාම මොකක්දෝ හීන් දුකකුත් හිතට දැනුනා.

    මංගල පෝරුව දැක්කාම චූටි හිනාවකුත් ගියා. සිරාට ස්තූතියි අපි හැමෝවම මෙතනට අරං ගියාට.

    ReplyDelete
    Replies
    1. ලංකාවට පැමිණි වෙලාවක අනිවාර්යෙන්ම යන්න.... ඒ ප්‍රදේශ වල අය මේවා නරඹන්න එන අය බොහොම සාදරයෙන් පිළිගන්නවා... පන්සලේ ස්වාමීන්වහන්සේලා පවා දුර බෑරින් එන අය බලාපොරොත්තුවෙන් ඉන්නෙ... මේ දේවල් පෙන්නන්න...

      මංගල පෝරුව දැක්කම හිනා ගියෙ මගුල ළගයි නේද ඔබේ ? ඔන්න හොරේ අහු වුනා... මනාලයන්ට උවමනා අලුත් ගැජට් අපේ ගානෙ නිකං...

      Delete
  7. මම හුගාක් පුංචි කාලේ '78 - '79 අවුරුදුවල ඔය පැත්තෙ ගිහින් තියෙනවා.එතකොටනම් සෑහෙන්න කැලේ.ආයෙ කවදාවත් යන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. නිවාඩු වෙලාවක යන්න බලන්න ආයෙත්... මට නම් මේ නටඹුන් දිහා දවසක් උනත් බලන් ඉන්න පුලුවන්...

      Delete
  8. මචෝ ඉතාමත් වටිනා ලිපියක්, බොහෝම පින්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහාචාර්ය මාතලන් තුමාට...

      Delete
  9. දැනුවත් කිරීම නම් වැදගත් අපිට .. ය්නන කාලෙ හොයාගන්න එපැයි දැන්.

    ReplyDelete
    Replies
    1. මේ දෙසැම්බර් නිවාඩුවට උත්සාහයක් අරන් බලන්න... මේ සමග නැගෙනහිර බලන්න යන්න තියෙන දෑ බොහොමයි... ඒ පළාත් වල මුහුදු වෙරළත් පුදුමාකාර සුන්දරයි... ඒ සියල්ල නරඹන්න සාමකාමී වටපිටාවක් දැන් තියෙන්නෙ...

      Delete
  10. Replies
    1. බොහොම ස්තූතියි ප්‍ර‍සන්න අයියා...

      Delete
  11. Ape Amma depark gihin balal awit mata balna yana bala kara. eat sirge lepiyan pasay balna yana ona kiyala hitata danuna.
    istuti..mage Ratata mama Adarai,
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි සජිත්... මීලග වතාවෙ නොවැරදීම යන්න... මේ දේවල් දෑසින්ම බලන්න.

      Delete
  12. මට අර චෛත්‍යය දැක්කාම ඇතිඋනේ මේ සිතිවිල්ල. " අපොයි.. ඕකත් හාරයි නිදන් හොයන්න"

    ReplyDelete
    Replies
    1. තාම නම් හාරලා නෑ... පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ඉසව්වෙ දැන් ඉන්න නිසා ආරක්ෂාව නරක නෑ...

      Delete
  13. සුපිරිම ලිපියක් සහෝදරයා. බොහොම වටින තොරතුරුත් ඇතුළත් නිසා ගොඩක්ම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියා...

      Delete
  14. sira......... meka nam siraama siraa. I was in easten province for about 4 years, and i felt like going there again when i read this

    ReplyDelete
    Replies
    1. Sure.... you should go there to see such a wonderful ruins from ancient time... after sceen them you can imagine how was the situation at that time...

      Delete
  15. මහා යුද්ධ කාලේ මේ ප්‍රදේශයේ කරක් ගැහුවා මතකයි. මේ ප්‍රදේශවල වැඩ සිටි සංඝයා වහන්සේලා තමයි පසු නොබැස,අහිංසක ජනතාවට හිතට දහිරිය දෙමින්, මේ ප්‍රදේශ ආරක්ෂා කරගත්තේ. අර පිළිමය ඔසවන්ඩ ගිහින් තිබ්බ ටිකත් කෑවා. බයික් වල ගිහින් නිකම් නහින්නේ නැතුව ෆෝ වීල් වාහනේක පලයල්ලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අපි නමස්කාර පූර්වකව මේ මහා සංඝ පරපුර මතක් කරන්න ඕනෙ... විවිධ කම්කටොළු විදගෙන සිංහල ජනතාවගේ මුරදේවතාවන් බදුව මේ ප්‍රදේශ රැක ගෙන සිටි නිසාම කොටි ත්‍ර‍ස්තයන්ට මේ ප්‍රදේශ ග්‍ර‍හණයට ගන්න පහසු වුනේ නෑ... ඒ නිසාමයි යුද්ධය දිනාගැනීමට මේ විදියට හරි අපිට පුලුවන් වුනේ...

      ඒ පිළිමයේ ශීර්ෂ කොටස තිබුනෙ නෑ...

      Delete
  16. මේ වගේ ගමන් ගිහින් පෝස්ටු දානකොට මටත් යන්න හිතෙනවා.මේ මාසේ පඩියට සෙට් වෙන්ඩ ඕනා. ස්තුතියි සිරා මචාං !

    ReplyDelete
    Replies
    1. අර මාරෙ අයිය එක්ක නඩයක් ඉන්නෙ....ඒ එක්ක එකතු වුනා නම් හරි මචෝ...

      ඉහළ තියෙනවා විස්තරේ..

      Delete
  17. වැදගත් තොරතුරු ගොන්න්නක්

    ReplyDelete
  18. ගොඩක් වටින ලිපියක් පොටෝස් ටික මරු
    ස්තුතියි .... ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... ඔබේ අදහස් තමයි මගේ ශක්තිය...

      Delete
  19. නියමයි සිරා. මම නම් ඔතනින් ජීවිතේටම එක පාරයි එහාට මෙහාට ගිහින් තියෙන්නෙ. ඒ අර අපේ යාලුවා ගාමිණී සමරකෝන් බුවාත් එක්ක කුමණ ගිය වෙලාවෙ. අප්පේ අවුරුදු කීයකට ඉස්සරද! ඒ පාරනෙ අර දල පූට්‍ටුවා අපි පාරෙ පැන්නුවෙත්.
    ටැමරින්ඩ් ගවර්න්මන්ට් කියන්නෙත් කූල් පැත්තක් තමයි. ඒ පාරත් ලාහුගල රක්ෂිතය හරහා යන්නෙ මට මතක විදියට.

    ආයෙ යන්න ඕනෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ආයෙ යනවා නම් ඔය මාරෙ අයියලා එක්ක සැට් වෙන්න බැරියැ... හුජ්ජ මලු විකුණලා දැන් සල්ලි කාරයෙක් වෙලා නොවැ ඉන්නෙ.. හික් හික්... ගාමිණී අයියවත් එක්කගෙනම යන්න...

      Delete
  20. වටිනා ලිපියක් . අපි ඉතින් කවදා යන්නද .

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආ වෙලාවක අනිවාර්යෙන්ම යන්න පුලුවන්... මේ ප්‍රදේශ යුද්ධයේ ග්‍ර‍හණයට නතුව තිබ්බ නිසාම බොහෝ අය සංචාරය කරලා නෑ... ඒ අයට මග පෙන්වීමටත් එක්කයි මේ සටහන තැබුවෙ...

      Delete
  21. රජ කාලේ කොහොම තියෙන්න ඇතිද.. විනාශ වෙලා තියන නටබුන් දැක්කම නම් කණගාටුවකුත් ඇති වෙනවා. අර පිළිමයේ ශීර්ෂය තවම පිහිටුවල නැද්ද, නැත්නම් ඒක විනාශ වෙලා ද ..
    සඳකඩ පහනේ ඉන්න ඇත්ගොව්වා ඇතා පිටෙන් ගිලිහිලා යන විදිහක් නේද පේන්නේ.
    බොහොම වටිනා කරුණු සහ පින්තුර..! ස්තුතියි මචං..!!

    ReplyDelete
    Replies
    1. රජ කාලෙ බොහොම සශ්‍රීකව තියෙන්න ඇති කියලා හිතන්න කරුණු බොහොමයක් තියෙනවා... අඩියෙන් අඩිය පැරණි නටඹුන් තියෙන්නෙ... මම විශ්වාස කරන විදියට ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝදයේ මූලස්ථානය විදියට මෙතැන තිබෙන්න ඇති.. ස්වාමීන් වහන්සේලාට ධර්ම දැනුම දෙන තක්සලාවක් විදියට කටයුතු කරන්නත් ඇති...

      පිළිමයෙ ශීර්ෂය බිම තිබුනද කියලා මට මතක නැ.... ඇත් ගොව්වා ඇතාගෙ පිට උඩට ගත්තා නම් ඒ කවයෙ පළල තවත් වැඩි කරන්න වෙනවා... ඒ නිසා වෙන්න ඇති ඔය ස්ථානයේ සටහන් කරලා තියෙන්නෙ...

      ඔබේ අදහස් වලටත්...කාමරේට පැමිණීම සම්බන්ධයෙනුත් බොහොම ස්තූතියි...

      Delete
  22. මේ විහාරය බලන්න ගිහිල්ලා නම් නෑ....යන්න හිතෙනවා දැන් නම්.. මම ආසම විදිහේ ගවේෂණ ටයිප් එකේ පොස්ට් එකක්. ගොඩක් වටිනා විස්තර කන්දරාවක් සිරා

    ReplyDelete
    Replies
    1. ඔව්... ඉතාමත් වටිනා පූජා භූමියක්.. පුරා විද්‍යාත්මකව වටිනා කම කියලා නිම කරන්න බෑ... ඒ නිසාම නරඹන්න යන්න උත්සාහයක් දරන්න...

      Delete
  23. සිරාවටම වැදගත් සටහනක්. මම ගිහින් තියනවා වගේ මතකයි ඒ උනත් විස්තර මතක නෑ. පොඩි කාලේ ඕවයේ ඇවිද්දට විස්තර හොයන්න ආසාවක් තිබුනෙ නෑනෙ. අනික ලොකු අයත් එක්ක යන හින්ද සමහර වෙලාවට හිතේ හැටියට බලන්නත් බැරිවෙන අවස්ථා ඕන තරම් තියනවා. ඉගෙනගෙන ඉවරවෙලා රැකියාවක් කරන්න පටන් ගත්තම පුළුවන් විදියට හැම තැනම බලන්න යනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අරමුණු සාක්ෂාත් වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...මමත් ලංකාවෙ හැමතැනම ඇවිදලා දෑසින් දැක ගන්න බොහොම මනාපයි...

      Delete
  24. මීට ඉහත සිරාගෙ කාමරේට..මම කොමෙන්ට් කරල කිව්ව..මම පාසිකුඩා ගියා පොටෝ තමා නැත්තෙ කියල..එවෙලේ සිරා නිර්ලොභීව කීව පෝස්‍ටුවක් දාන්න පොටෝ දෙන්නම් කියල ඒ ඔය වෙලාවෙ ගිය ඒව වෙන්න ඇති.
    මම මීට මාස දෙකකට උඩදි ගියා..හදිස්සියෙන් වගේ තමා(පාසිකුඩා යනගමන්) ගියේ..ඔය පොටෝ මාගාවත් තියෙනව. ඇත්තටම එතැන ස්වේඡ්ඡාවෙන් කරුනු කියල දෙන පිරිස හොඳ විස්තරයක් දෙනව.
    මාගාව ඒ දුප්පත් පන්සලේ පින්තූරත් ඇති..මෙහේ පන්සල් වල හාමුදුරුවරුත් එක්ක බැලුවාම ඒ හාමුදුරුවරු පුදුම දුශ්කර ජීවිතයක් ගත කරන්නෙ. ඒ අවට ජනතාවත් ඒ වගේ.බොහෝම දුගී අහිංසක මිනිස්සු.
    හැබැයි..එක දෙයක් මම දැක්ක.වෙන තැන්වලට සංචාරකින් ගියාම වැසිකිලි පහසුකම් අඩුයි.තිබුනත් වතුර නෑ..අපියන කාලෙ ඒ පැත්තෙ වතුර නැතිව මිනිස්සු අරගල කරන කාලෙ.ඒත් වැසිකිලි වලට පහසුකම් සපයල තිබුන.
    ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැනීම් ආරම්භකරල තිබුන..ඒනිසා මුලු භූමියම නොපිට පෙරලල තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ චාරිකාව තමයි වී.... මම අදත් කියන්නෙ ඔයා පෝස්ටුව ලියන්න, ඡායාරූප මම දෙන්නම්... පස්සෙ දවසක මේ ගැන ඔබේ දෘෂ්ඨිය අනුව තව ලිපියක් ලියන්න... මේ වගේ අප්‍ර‍සිද්ධ වටිනා කියන සිද්ධස්ථාන ජාතිය හමුවට ගේන්න කොයි තරම් පෝස්ටු ලියැවුනත් වටිනාකම නිමක් නෑ... අපි යන කාලෙ ඉතාමත් සීමිත පිරිසක් තමයි නරඹන්නො හිටියෙ...

      Delete
  25. අපූරු තොරතුරු ටිකක් සිරා. ලංකාවේ ඉන්න අපි දැකලාවත් නැති මේ වගේ පෞරාණික තැන ගැන දැනගන්න ලැබෙන එක මොන තරම් දෙයක්ද...පින්තූර ටිකෙන්ම තේරෙනවා එතැන වැදගත්කම..අර විහාරමහා දේවිය ගැන සඳහන් කරලා තිබ්බ තොරතුරු සත්‍ය නම් සැබෑවටම විහාරමහා දේවිය ගොඩ බැස්සේ කිරින්දට නෙමේද ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව යන්න ඕනෙ පුදබිමක් තමයි මෙය...පොළොන්නරුවට සමානවම බොහෝ නටඹුන් තියෙන ඉසව්වක්...

      විහාරමහා දේවිය ගැන කියලා තියෙන දේ සත්‍ය බවට ඉතිහාසඥයො පිළිගන්නවා... නිකමට හිතන්න කිරින්දෙ තියෙන ගල් පර අස්සෙන් කොහොමද යාත්‍රාවක් වෙරළට ලගා වෙන්නෙ...

      Delete
  26. බොහොම වටිනා ලියවිල්ල...එතකොට එහෙනම් තව ටික කාලෙකින් අනවසර ඉදිකිරීම් කරන අන්‍යාමිකයින්ට ඔය ඉඩම් අයිතිවෙලා මේවත් ඩෝසර් කරන කාලයක් ඒවි නේද...

    මේ වෙනකොට ඒ කිවිව දේවරක්ථිත හිමියන් සහ ඒ පංසල නැද්ද මල්ලි?
    (පිංතූරයක්වත් නැති හින්ද ඇහුවෙ)

    අඩුතරමින් මේ විදිහට හරි මේවා ගැන නොදන්න අපිවගේ අයව දැනුවත් කරන එකෙන් මල්ලි ලොකු පිනක් අත්කරගන්නවා....

    ReplyDelete
    Replies
    1. පුරාවිද්‍යා උපාධිධාරිනියවත් මතක් කරල තියෙන්නෙ.....පුරාවිද්‍යාවට ප්‍රශ්නයක් වෙයි ඔහොම උදව් ගන්න ගිහින්...

      Delete
    2. ලංකාවෙ පාලකයො කෙලින් හිටියා නම් එක එකාට ඕනෙ විදියට නටන්න බෑ... මේ වගේ පුරාවස්තු වල තියෙන වටිනාකම කියලා නිමක් කරන්න බෑ... මුහුදු මහා විහාරයට තමයි බොහොම ඛේදනීය ඉරණමක් අත් වෙලා තියෙන්නෙ...

      දේවරක්ඛ්ත හිමි 1982 දි අපවත් වෙලා තියෙනවා.. උන් වහන්සේ බොහොම වෙර වීරියෙන් ගොඩ නගපු ගොඩනැගිලි තමා අදටත් මේ පන්සලේ තියෙන්නෙ...

      පුරා විද්‍යා උපාධිධාරිනිය නිසා තමයි මේ වගේ දේවල් සිරාගෙ කාමරේ ලියැවෙන්නෙ...

      Delete
    3. // ලංකාවෙ පාලකයො කෙලින් හිටියා නම් එක එකාට ඕනෙ විදියට නටන්න බෑ...
      අව්ලකට තියෙන්නේ පාලකයෝ කියන එව්න්ම නේ ඕව විනාස කොරන්නේ පාසිකුඩා, අරුගම්බේ පැත්ත එහෙම ලොක්කොන්ගේ (දේශපාලුවෝ ) හෝටල් වලින් පිරෙනවලු නේ ? (හොරු, ~@!$#%^% , ~$%^*& **+- )

      Delete
  27. මහන්සියෙන් ලියුව හොඳ ලියවිල්ලක් ..ජයම වේවා සහෝ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිමාඩා දේශයෙන් පැමිණි හිරු හිමාවි කුමරිය....

      Delete
  28. උපරිමයි...
    සංචාරකයාගේ ආචාරය!
    ඌව වෙල්ලස්සේ අසිරිය සංචාරකයා තුලින් අරගෙන එන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
    සුපිරි විස්ථරයක්

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      ස්තූතියි ඔබේ අදහසට. ඌව වෙල්ලස්සේ අසිරිය බලන්න මමත් එන්නම්...

      Delete
  29. මේ විහාරයෙන් හමුවෙන චෛත්‍යයේ ඡත්‍රාවලියක් සවි කරලා තිබුණු බව තමා පෙනෙන්නේ. ඡත්‍ර සවි කරන්න භාවිතා කරපු කණ්ඩුව චෛත්‍යයේ මුදුනේ දැකගන්න පුලුවන්.

    ඒ වගේමයි ගම්පොළ යුගයේදීත් මේ විහාරය රාජකීයන්ගේ අනුග්‍රහයට පාත්‍ර වුණා කියලා නිගමනයකට එන්න පුලුවන් මෙයින් හමුවෙලා තියෙන ලිපියකින්. 4 වෙනි බුවනකබාහු සහ 5 වෙනි පැරකුම්බා රජුන්ගේ බිසව තමා ඒ ලිපිය කරවලා තියෙන්නේ.

    අපි කොල්ලෝ ටික නම් මඟුල් පෝරුව බලලා එතැන වළක් වගේ තියෙන නිසා අන්තිමට නිගමනය කළේ කාවන්තිස්ස රජතුමා "වළේ" වැටුණේ මෙතනදී කියලා :D

    ස්තුතියි අයියා අපිවත් මතක් කළාට

    ReplyDelete
    Replies
    1. අමතර තොරතුරු වලට ස්තූතියි හසිත...

      “අපි කොල්ලෝ ටික නම් මඟුල් පෝරුව බලලා එතැන වළක් වගේ තියෙන නිසා අන්තිමට නිගමනය කළේ කාවන්තිස්ස රජතුමා "වළේ" වැටුණේ මෙතනදී කියලා :D“

      ඒ කථාවත් ඇත්ත තමයි...කාමරේට පැමිණියාට ස්තුතියි...

      Delete
  30. සිරා කාමරයක්නෙ මේක..... :) මට සිරාවටම හිතා ගන්නත් බැරී උනා.... මරු සිරා අයියේ

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      අදහසට ස්තූතියි... දිගටම මේ පැත්තට ආවොත් හොදා...

      Delete
  31. බොහොම ස්තූතියි සිරා, ගිහිල්ල නිකන් ඉන්නෙ නැතුව අපිටත් බලන්න දැම්මට. ඔය වගේ නටඹුන් අතර නිස්සලංක පරිසරයක ඇවිදින්න මමත් හරි කැමතියි.

    ඔය වගේ නටඹුන් දකින හැම වෙලාවකම වගේ මට හිතෙන්නෙ අවුරුදු සිය දාස් ගාණක් අතීතයෙ හිටපු මිනිස්සුන්ට ඔය වගේ මහා කර්මාන්ත කරන්න පුළුවන් කම තිබුණට මෙච්චර තාක්‍ෂණයක් තියෙන වර්තමානෙ ඉන්න මිනිස්සුන්ට අඩු තරමෙ ඒව ප්‍රතිසංස්කරණය කරගන්නවත් හරියකට බෑ කියල.

    අර හොම්බ දිග කැමරාවකුත් අතේ තියන් පියගැටපෙල මුදුනෙ ඉන්නෙ සිරාගෙ මල්ලිද?

    ReplyDelete
    Replies
    1. මම මේ වගේ තැනකට ගියාම බොහෝ වේලාවක් මේ දේවල් අතපත ගාලා අතිතය ස්මරණය කරන්න බොහෝ කැමතියි... සමහර වෙලාවට හිතෙනවා මමත් ඒ කාලේ මේ දේවල් ගොඩ නගන්න දායක වෙන්නත් ඇති කියලා... සමහර තාක්ෂණික ක්‍ර‍මවේද පරම්පරාගතව පැමිණි නිසා පරම්පරාව අවසානයේදී ඒ දේවල් ලොවෙන් තුරන් වුනා...

      කැමරාව තියාගෙන ඉන්නෙ සිරාගෙ එකම සහෝදරයා... වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්. එයාගෙ කොම්පීතරේ මේ සංචාරයේ බොහොම ලස්සන ඡායාරූප රාශියක් තිබුනා...මේ දිනවල නිවසෙ නැති නිසා ඉල්ලගන්න විදියක් තිබුනෙ නෑ...

      Delete
  32. ඔන්න අද තමා මෙහෙම දෙයක් දන්නේ. ඇත්තටම බලන්න වටින දෙයක්. හත්තිකුච්චිය වගේ තැනක් නේද මේ? අත්තනගල්ල වගේ වෙනම ජනකතාවක් ඇවිත්.

    ReplyDelete
    Replies
    1. හත්තිකුච්චි මම ගිහින් නෑ... ඔබ මෙතැනට ගිහින් නෑ... ඒ නිසා සමානදැයි කියන්න මම දැනුවත් නෑ... ලංකාවට පැමිණි වෙලාවක ඔබටම තමයි ඒ බැව් නිරීක්ෂණය කරන්න වෙන්නෙ.... අත්තනගල්ල ගැන කියද්දි නියම අත්තනගල්ල බස්නාහිර පළාතෙ තියෙන්න විදියක් නෑ... දවල් බත් කන වෙලාව වන විට පාගමනින් පැමිණියා කියලා නොවැ තියෙන්නෙ....

      Delete
    2. @ Alexander Cage, සිරාගෙ කාමරේ

      රාජාංගණය ප්‍රදේශයේ තිබෙන හත්ථිකුච්ඡි විහාරය ගිරි ආරාමයක්. අනුරාධපුරයට ආසන්නයේ පිහිටා තිබීම වගේම සාහිත්‍ය මූලාශ්‍රය කීපයක් පාදක කොටගෙන සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නේ මේ ස්ථානයේ ඉදන් කියලා අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා.

      Delete
    3. ස්තූතියි හසිත.... ඔබේ අදහසට...

      Delete
  33. පැරණි පෙම ටිකෙන් ටික අලුත් වෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ... අපි දෙන්නා වෙන්වුනේ අපේ මතවාදය බොහෝ වෙනස් නිසා...ඒ මිසක් අපි අතර කිසිම තරහක් නෑ... කවදාවත් ඇය හා මම නැවත පෙම්වතුන් වෙන්නෙ නෑ...

      Delete
  34. වෙනස වැඩසටහනෙනුත් ඔය සම්බන්ධයෙන් කතා කරා.. විහාරයට අයිති ඉඩම්වල මිනිස්සු පදිංචි වෙලා කියලා.. සිරා පෝසට් එකේ අන්තිමට දාල තියෙන ප්‍රර්ථනාවට මමත් එකතු වෙනවා.. නිසි බලදාරීන්ගේ ඇස් කන් ඇරෙනවා නම්...


    ජය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බණ්ඩා... වෙනසින් පෙන්නුවාද කියලා මම දැක්කෙ නම් නෑ... මුහුදු මහා විහාරයට තමයි ඉඩම් ප්‍ර‍ශ්නයෙන් වැඩි හානි වෙලා තියෙන්නෙ... සිංහල ජනාවාස ඒ අවට නැති විම තමයි ප්‍ර‍ධානම හේතුව...

      Delete
  35. ඉෂා ඔන්න ආයිමත් සිර අයියාගෙන් සුපිරි සංචාරක ලිපියක්.නියමයි අයියා මටත් යන්න ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලේ... නොවැරදීම වෙලාවක යන්න... අපේ ලංකාව කෙතරම් හැඩද කියලා බලන්න...

      Delete
  36. අනේ මෙවුවා විනාස වෙන හැටි දැක්කම සිරා අයියේ සිරාවටම දුකයි අප්පා....

    ReplyDelete
    Replies
    1. ජාතික සැලසුමක් නැතුව ඒ ඒ ඇමතියා ඉලක්ක කොට ගත් වැඩ පිළිවෙලවල් අපට තිබීමේ විපාක තමයි මේ... වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද ඒ අමාරුව...

      Delete
  37. අඩේ..ලාහුගල පැත්තේ ළඟදිත් ගියාට ඔය පැත්තේ යන්න බැරි උනානේ! ආයේ යන්න ඕනේ!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බන් කියන්නෙ.... වටිනා යමක් මග ඇරිලනෙ... ඊළග වතාවෙ අනිවාර්යෙන් යන්න...

      Delete
  38. සිරා පුවත්පත් වාර්ථා කරනය සම්බන්ද බවට සාක්ෂි දරන පෝස්ටුවක් :)

    ජය !

    ReplyDelete
    Replies
    1. මම වාර්තාකරණයට සම්බන්ධ නෑ බන් සෑමා... ඩිසයිනින් පැත්තට තමා සම්බන්ධ...

      ජය !

      Delete
  39. නියම ලිපියක්...... බලන්න ඕනි ගෙදර කට්ටියටත් කියලා වෙලාවක යන්න.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට... දෙසැම්බර් නිවාඩුවට උත්සාහයක් අරන් බලන්න...

      Delete
  40. මේ පැත්තේ යන්න ඕනේ මං නම් අම්පාර පැත්තේ ගිහිල්ලම නෑ , මේ අව්වුරුද්දේ වත් යන්න try කරලා බලන්න ඕනේ , ඔය පැත්තේ අලි ඉන්නවා කියල නම් දන්නවා (ලාහුගල ) හම්බුනේ එහෙම නැද්ද ? , bike වලින්ද ගියේ ? , සිරා අයියේ ඉතිහාසය පිළිබද උපාධිධාරිනි ගැන ආයිමත් හිතුවොත් මොකද ? (joke එකක් )

    ReplyDelete
    Replies
    1. අලි කිප දෙනෙක් ඇත්තටම දැක්කා ප්‍ර‍ධාන මාර්ගයට සෑහෙන ඈතින් වනගතව ඉන්නවා... මේ බයික් වලින් ගිය ගමනක් නෙමෙයි... බයික් වලින් මෙච්චර දුර ගියාම සෑහෙන්න ඇගට අමාරුයි... යන්න බැරි නෑ පුලුවන්... නමුත් දුෂ්කරයි.

      ඇගේ සහ මගේ අදහස් බොහොම පරස්පරයි... ඒ නිසාම නැවතත් එක්විමක් නෑ..

      Delete
  41. සිරාගේ සිරා චාරිකාවක් ...යන්න ආස හිතෙනවා බං ...
    ඒ වගේම උබේ ලිපියත් පට්ට වැදගත්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං... ගිහිල්ලා නැත්නම් යන්න ට්‍ර‍යි එකක් දෙන්න... බලන්න වටින තැනක්...

      Delete
  42. නියමයි... ආයෙත් කොහේහරි ගියොත් ලියන්න මේවගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! අනිවාර්යෙන්ම ලියවේවි...

      Delete
  43. මචෝ වැඩ කන්දරාවක් එක්ක උබේ පොස්ට් එක බලන්න එන්න පරක්කු වුනා..
    ඉතාමත් වටිනා ලිපියක්

    මම මයික්

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට කමක් නැ... කියවලා යමක් ගත්තා නම්... ස්තූතියි මයික්..

      Delete
  44. යන්න හිතෙන විදියට ගලපලා.ඔබ වින්ඳ අත්දැකිම් අපටත් ලබා දිම පිළිබඳ ස්තුතියි.ඉතිහසය පිළිබඳ අපි මොනවද දන්නෙ හිතෙනවා මෙවා කියවන විට.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය කියන්නෙ බොහොම රසවත් කථාබහක්... සොයාගෙන කියවන්න තරම් ආශා හිතෙන දෙයක්... ඔබේ අදහස් වලට ස්තූතියි !

      Delete
  45. නියමයි සිරා.. ඇත්තටම උඹේ පෝස්ටුව නිවී හැනහිල්ලේ කියවන්න ඉඩක් ලැබුණේ දැනුයි. හරිම වටින විස්තරයක්. දුවගෙන යන ජීවිතේට ඔය වගේ තැනක් බලන්න යන්න ඉඩක් ලැබෙන්නේ කලාතුරකින්. ඒ නිසාම මෙ වගේ පෝස්ටුවක් කියවන්න ලැබෙන එක කොයි තරම් දෙයක්ද ?උඹට පිං. හැමදාම වගේ පින්තූර ටිකත් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රතු.... ඔබේ අදහස බොහොම හෘදයාංගම බව මට දැනෙනවා... මෙවැනි දිරිගැන්වීම් නිසා තමයි සිරා වැඩි වැඩියෙන් මෙවැනි දෑ ලියන්න පෙළඹෙන්නෙ...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...