සිරා ගැටයා කාලෙ අපේ ඉසව්වෙන් එහා ගමක ප්‍රාන්ත කිරිකට් කණ්ඩායමක ආරම්භක පිතිකරු වෙලා හිටියා. ඒ කණ්ඩායමට වමතින් පිත්ත හසුරුවන ක්‍රීඩකයො හිටියෙ නැති නිසා අපේ ප්‍රාන්තයේ නමක් දිනා සිටි සිරා කොලුවාව මගේ පාසල් මිත්තරයෙකුගෙ රෙකමදාරුව පිට ඔය කියන කණ්ඩායමට ආනයනය කොලා. අපේ ගමේ නෙමෙයිනෙ කියලා වෙනස් සැළකීමක් මට ඒ කාලෙ ඔවුන්ගෙන් ලැබුනෙ නෑ... සහභාගි වුන හැම තරගෙකදිම පිත්තෙන් බැරි වුනොත් පන්දුවෙන් හරි සිරා වැඩ කිඩ දැමීමට සමත් විමත් එයට හේතුභූත වෙන්න ඇති. හැමෝම බොහොම සහයෝගයෙන් ක්‍රීඩාවෙ නිරත වුනා. මුදල් ඔට්ටුවට සති අන්තයේ සහෝදර ප්‍රාන්ත සමග ක්‍රීඩා කරන තරගයක් ඉද හිට හෝ පැරදුනොත් සමහර එවුන්ගෙ මූණෙ හිනා කදුලක් නෑ. ඒ තරමට ඒ දවස්වල කිරිකට් අපේ ශරීර වලට ජීරණය වෙලා තිබුණෙ.
සතියේ දිනවල ක්‍රීඩාව නිමවෙලා පැය කීපයක් ගතවෙන තුරාවට සිරා ඉන්නෙ ක්‍රීඩාංගනයට අතේ දුරින් තිබ්බ මගේ පාසල් මිත්තරයගෙ නිවසෙ මිදුලට වෙලා ආගිය වල්පල් කියවමින්. මෙන්න මේ වගේ දවසක හැන්දෑ කොරේ තමයි අපේ කථානායකයා ජයවර්ධන උන්නැහේ මට මුලින්ම මුලිච්චි උනේ... බොහොම ප්‍රියමනාප පෙනුමක් වගේම අහිංසක හිනාවකුත් තිබ්බ නිසා සිරාටත් හිතට ඇල්ලුවා... පැරණි පා පැදියක් ඔහුගේ තනියට වගේ හැමදාමත් ඔහු ළගින්ම තිබුනා.
මේ තමයි මචං අපේ ගමේ ලොකුම ගායකයා... මගේ මිත්තරයා අන්න එහෙමයි ඔහුව හදුන්වා දුන්නෙ... සිරා කොලුවත් සංගීතයට මනාප නිසා දවස් කීපයක් කථා බහ කලාට පස්සෙ සෑහෙන තරමෙ සමීපත්වයක් ඔහු හා මා අතර ඇති වුනා. ඒ නිසාම ඔහුගේ ජීවිතයට සම්බන්ධ පැරණි රසාංග එකින් එක පිළිවෙලට ඔහුගේ ශ්‍රී මුඛයෙන් මා සවන් සොයා ආවා.
ජයවර්ධන උන්නැහේ කථා බහට බොහොම මනාපයි. විශේෂයෙන්ම එයාගෙ දක්ෂතා ගැන කථා කරන්න හරිම කෑදරයි. මොහිදින් බෙග් මාස්ටර්ගෙ කටහඩට බොහොම සමීප කටහඩක් තියෙන නිසාම ඔහු ගායනා කලෙත් එතුමාගෙ ගිත පමණමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සැබෑ දක්ෂයෙක්... සමහර දවස් වලට අපේ පෙරැත්තයෙන් ගීතයක් ගායනා කලාට පස්සෙ... ගායනය නම් නියමයි කියලා අපි නොමසුරුව ලබාදෙන ප්‍රතිචාරය තමයි ඔහුගෙ සතුට... ඔහු කියන විදියට බෙග් මාස්ටර්ගෙ පුතාටත් වඩා ඔහුට තමයි ඒ කටහඩ හොදින්ම පිහිටලා තියෙන්නෙ.....
සිරාගෙ මිත්තරයගෙ මිදුල ඉස්සරහින් පීත්ත පටිය වගේ දිවෙන්නෙ ප්‍රධාන මාර්ගය... කොල්ලො සැට් එක මිදුලෙ කයියක් ගහනවා පාරෙ යන ගමන් දැක්කොත් ජයවර්ධන උන්නැහෙත් අනිවාර්යෙන් බයිසිකලේ හරවගෙන ඔතනට එනවා... මේ කියන දවසෙ හිටි හැටියේම අනෝරා වැස්සක් ඇද වැටුනා... ඒ නිසාම ජයවර්ධන උන්නැහේට සිරාගෙ මිත්තරයගෙ නිවසෙ සෑහෙන වෙලාවක් තපින්න උනා... වෙනදට නම් පුක කඩි කාලා වගේ ආ වෙලාවෙ ඉදන්ම ගෙදර දුවන්න හදන මිනිහා එදා බොහොම ශාන්ත දාන්තව පුටුවකට බරදීලා ඇද හැලෙන මහ වරුසාව දිහාගෙන බලාන හිටියා. අපේ කථා නායකයා තමන්ගෙ පා පාදියට බොහොම ආදරෙයි... හරියට දරුවෙක් රැක බලා ගන්නවා වගේ තමයි එය නඩත්තු කලේ ... පාවිච්චි කලෙත් බොහොම සීරු මාරුවට... ලේසියකට තෙමන්නෙ නෑ... ඒ වගේම වර්ෂාවෙන් පස්සෙ පාරෙ තියෙන වතුර වලවල් පුලුවන් තරම් මහඇරලා තමයි බයිසිකලේ පදින්නෙ... බැරිම තැනකදි බයිසිකලේ කරේ තියාගෙන පයින් යන අවස්ථාත් අපි ඕනෑ තරම් දැකලා තියෙනවා.
ඉතිං ඔන්න බයිසිකලේ තෙමන්ට තියෙන අකමැත්ත හින්දම කාලය ගතවෙනවා නිනව්වක් නැතුව ජයවර්ධන උන්නැහේ බයිසිකලෙත් ගේ ඇතුලට දාලා වැටෙන වරුසාවෙන් මැවෙන චමත්කාරය විදිමින් ඉන්න වෙලාවක සිරා පැරණි රසාංග වලට ඇරයුම් කොලා. පළමු ඉල්ලීමෙන් කිසිවක් ලබාදෙන්නෙ නැති බව අපි ඒ වෙද්දිත් දැනන් හිටි නිසාම දෙවැනි තෙවැනි ඉල්ලීම් හමුවේ ඔහුගේ මුනිවත බිදුනා.
අනේ මන්දා බන් උඹලා මට පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑනෙ... ඔහොමයි හැමදාමත් කථාව අරඹන්නෙ... මම උඹලට කියලා තියෙනවද මම ගුවන් විදුලියෙ තරගෙ දිනපු කථාව...
නෑනෙ... කොල්ලො සැට් එක එක හුස්මට උත්තර දුන්නා...
අන්න ඒක තමයි බොල මරු කථාව... වැස්ස පායනකල් එහෙනා අහං හිටහල්ලා...
එකදාස් නමසිය හැත්තෑ ගණන් වල මුල්ම හරියෙ ගුවන්විදුලියෙ තිබ්බා සමස්ත ලංකා ආධුනික ගායනා තරගයක්... හරියට අද තියෙන සුපර් ස්ටාර් වගේ එකක් කියලා හිතපල්ලකො. මමත් ඉතිං නාඹර කොල්ලා, ලංකාව වටෙන්ම මේ තරගෙට තරගකරුවො ආවා. අපේ අම්මගෙ කීමට ඔන්න මමත් අයදුම් කොරලා පළමුවැනි වට කීපය දිනාගෙන අන්තිම වටයට තේරුනා...
අන්තිම වටයට තේරුනේ දහදෙනයි. .. අවසන් තරගෙට ඉස්සෙල්ලා තිබුන පුහුණුවීම් වලදි මට තේරුනා මට මේක ගේමක් නෑ කියලා... ඒත් මිල්ටන් පෙරේර ගෙ සින්දුවක් කියපු එකෙක් හිටියා, මිනිහා තිතටම සින්දු කියන හින්දා මගෙයි මිනිහයි අතර තමයි ඔන්න තරගෙ තිබුනෙ... මමත් නිතරම මිනිහා ගැන කල්පනාවෙන් හිටියා මිනිහත් එහෙමයි.
ඔන්න ඉතිං අවසාන තරගය දවස උදා වුනා... අපේ ගමෙන් මගෙ තනියට ලී මඩුව ලග සෝමයයි, පන්සල පිටිපස්සෙ කලු අයියයි දෙන්නා ආවා. වැඩේ කියන්නෙ අවසන් දහදෙනා කියන සින්දු කියනවා බලන්න ඒ ගීත ඇත්තටම ගායනා කරපු ගායක/ගායිකාවන් දහදෙනත් මේ සභාවෙ ඉදිරියෙන්ම ඉදගෙන ඉන්නවා වෙන්නෙ මොකක්ද බලාගෙන. මුලින්ම සින්දු කියන පිළිවෙල තෝරන්න තුණ්ඩු ඇද්දා... මම හිටියෙ හතරවෙනියට, මට පස්සෙ හිටියෙ අර මිල්ටන්ගෙ සින්දු කියන හාදයා..මම ඉතිං කියන්නෙ බෙග් මාස්ටර්ගෙ සින්දුනෙ... මට කොහොමත් සින්දු කියන්න කලියෙන් හීනියට පොඩි එකක් ගන්න පුරුද්දක් තිබුනා ඒ කාලෙ ඉදන්... කලු අයියා ළග තමයි කාලෙ බෝතලේ තිබුනෙ... බෙග් මාස්ටර් දැක්කට පස්සෙ මට පොඩි භයකුත් දැනුනා..තුන්වෙනියා සින්දුව කියන වෙලාවෙ ස්ටේජ් එක පිටිපස්සට ගිහිල්ලා කාලෙ බෝතලෙන් භාගයක් අමුවෙන්ම බඩට හලාගත්තම තමයි බොලව් එදා මට දහිරිය එක්ක සෘතිය ඇගට ආවෙ....
මම ඉතිං ටිංකිරි ටිකට සින්දුව කිව්වා කොල්ලො, ආයෙ මොනවද සභාව හෙල්ලෙන්න අත්පුඩියකුත් වැදුනා. ඔන්න මට පස්සෙ අර හාදයා ස්ටේජ් එකට නැග්ගා... මිනිහා කියපු සින්දුවෙ තිබ්බා එක තැනක් බොහොම හයි පිච් එකේ කියවෙන...ඒ තැන පහුකරනකන් තමයි මමත් බලන් හිටියෙ.. මිනිහා හරියටම එතැන විතරක් අවුට් ගියා... සතුට වැඩි කමට මම කලු අයියට මුවා වෙලා ඉතුරු ටිකත් හලා ගත්තා බඩට.. ඕන්න දැන් මට කික්...
මම එක මිනිහා දෙක... තරගෙන් පස්සෙ බෙග් මාස්ටරුත් මට සුභ පැතුවා හොදයි කියලා. ඔන්න ඔහොමයි බොලව් හැත්තෑවෙ මුල් කාලෙ මම ලංකාවෙ සුපර්ස්ටාර් වුනේ ඒ වුනාට අද කාලෙ වගේ කාර් බාර් දුන්නෙ නෑ තෑගි වලට, කලිසම් රෙද්දකුයි, නූඩ්ල්ස්, සෝස් වගේ දේවල් අඩංගු තෑගි පාර්සලේකුයි... සල්ලි වලින් පොඩි ගාණකුයි ලැබුනා...
ලැබුන වටිනාම දේ තමයි ගුවන්විදුලියෙ මගේම කියලා සින්දු 3ක් සරළ ගී වැඩසටහනකට පටිගත කරන්න අවස්ථාව ලැබුන එක... මොකද ඒ කාලෙ ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආවට ගියාට එක එකාට සින්දු කියන්න අවස්ථාව දුන්න තැනක් නෙමෙයි...
කොහොමින් කොහොම හරි සින්දු ටික පටිගත කරලා මගේ වැඩසටහන ගුවන්විදුලියෙ ප්‍රචාරය වුනා... ගමේ නම මුලට දාලා අගට ජයවර්ධන කියලා දාලා තමයි ගායකයගෙ නම කියන්නෙ... ඊට පස්සෙත් මගේ සමහර ගීත දිගටම ප්‍රචාරය වුනා... ඔන්න ඔයින් පස්සෙ තමා කොල්ලා හිට් වුනේ....
ඒ කිව්වෙ අංකල්.... කෙල්ලො ලියුම් කරදහි එහෙම එව්වද ? කට බලියං හිටපු එකෙක් පොඩි පුරස්නයක් ඇහුවා..
හිටිංකො පොඩ්ඩක් පීදෙන්නෙ නැතුව මම කථාව කියනකං... එහෙම කියලා කථාව අතරතුර ජයවර්ධන උන්නැහේගෙ කටට වැටිලා චප්ප වෙච්ච බුලත් විටෙන් උනපු කෙළ පාරක් ඇගිලි දෙකක් කටට ලං කරලා ඒ දෙක මැද්දෙන් චුරුස් ගාලා මිදුලට විද්දා.
ඒ කාලෙ ලංකාවෙ ටැලිවිසොන් තිබ්බ නැති නිසා ලංකාවෙම අය ගුවන්විදුලියට ඇහුම් කන් දුන්නා... මගේ ගීත ප්‍රචාරය උනේ ගමේ නම මුලින් යොදලා කියලා කිව්වනෙ... ඉතිං ඒ නමට ලංකාව වටෙන්ම ගැටිස්සියො මට ලියුං කරදහි එවන්න ගත්තෙ නැතෑ....
සමන් මලෙන් පවන් සැලේ... ආදරණීය ජයවර්ධන අයියෙ...ඔබේ ගිත බොහොම ලස්සනයි.. මමයි අක්කයි පෙරේදා ඒ ගැන වරුවක් කථා වුනා... කටහඩ මෙහෙම නම් ගායකයා කොහොම ඇතිද කියලා... පුලුවන් නම් මේකට උත්තරයක් එවන්න... දැන් ඉතිං මෙයා අඩම්බර වෙලාද දන්නෙත් නෑ...
ඔන්න ඔය වගේ ලියුං කරදහි වගේම අතේ මහපු ලෙන්සු, කොට්ටඋර වගේ දේවලුත් මට තැපෑලෙන් ලැබෙන්න ගත්තා...අපේ තැපැල් පියුං මහත්තයා ඒ දවස්වල හැමදාම ලියුම් මිටියක් අපේ ගෙදරට ගෙනත් දීලා මට ඇහැකුත් ගහගෙන යන්න පුරුදු වුනා.
ඔක්කොම ලියුං කරදහි කීයක් ආවද ? ඔන්න එකෙක් ප්‍රශ්නයක් ඇහුවා...
438 යි... මට හොදටම මතකයි ඒ ගාන... ජයවර්ධන උන්නැහේ එක එල්ලේ පිළිතුරු දුන්නා...
ඉතිං ඉතිං.... ඊට පස්සෙ.. අපේ උන් ටිකත් දැන් කථාවට වහ වැටිලා...
මමත් ඉතිං පුලුපුලුවන් විදියට උත්තරත් යැව්වා... සමහරු මාව දකින්න ආසයි කිව්වා... සමහරු මාව බදින්න කැමතියි කිව්වා... සමහරු ගෙදර එන්න කිව්වා... ඔය අස්සෙ තව නියම වැඩක් උනා බොලව්....
ඒ කිව්වෙ... ඉක්මනට කියහංකො මාමෙ....
මොකද බොල තොට හදිස්සි... රෙන්න දුවනවා වගේ කලබලේට මේ කථා කියන්න බැහැ... පොඩ්ඩක් හිටිං නිවී සැනසිල්ලෙ කියනකං... ආයෙත් චුරුස් හඩින් බුලත් කෙළ පාරක් මිදුලට පතබෑවුනා...
මම ඉතිං ආපු හැම ලියුං කරදහියක්ම ලස්සන පොඩි ලී පෙට්ටියක සකසුරුවම් කමට දාලා පෙට්ටගමේ තියලා තිබ්බෙ... අපේ ගේ ඒ කාලෙ හදාගෙන යන කාලෙ... ජනෙල් දොරවල් හරියට තිබුනෙත් නෑ... මමයි අම්මයි විතරයි ගෙදර හිටියෙ... මටත් ඉතිං අහළ පහල සංගීත සාජ්ජ වලට එහෙම ආරාධනා ලැබෙන්න ගත්ත හින්දා සමහර දවස් වලට බොහොම රෑ වෙලා ගෙදර එන්නෙ... දවසක් මම ගෙදර එනකොටම කලුවරේ එකෙක් දුවනවා....ගේ ලග ඉදන්... අපේ ගෙදර ඉතිං එහෙමට හොරකම් කරන්න දෙයක් නැති නිසා මමත් උගෙ පස්සෙ පන්නන්න ගියේ නෑ.
ඔන්න ඉතිං පහුවදා උදේ මම ගෙවල් ළග පොඩි එකෙක් හන්දියෙ කඩේට යවලා පාන් රාත්තලක් ගෙන්න ගත්තා... මෙන්න බොලේ මට එවපු ලියුමක ඒ පාන් රාත්තල ඔතලා... මට හීන් දාඩිය දැම්මා...පෙට්ටගම ඇරලා බලපුවාම ලී පෙට්ටිය තිබ්බෙත් නෑ... වටිනා කියන දෙයක් කියලා හොරා ලියුං දාපු ලී පෙට්ටිය උස්සගෙන ගිහිල්ලා... මම කඩේට යනකොට මුදලාලි කඩේට එන උන්ට කඩයප්පන් ඔතනවා ඒ කොල වල, කීප දෙනෙක් කඩ පිලේ ලියුං කියවනවා... මට නහුතෙට නැගලා මුදලාලියට කෑ ගහලා... මේ අසමජ්ජාති වැඩේ කරපු එකා කවුද කියලා ඇහුවා.... ඕන්න මුදලාලි කියනවා... සමාවෙයන් මලේ ඊයෙ මම අහවල් එකාට බඩු ඔතන්න කොළ ටිකක් හොයා දීපන් කිව්වා... අද උදේම මේ කොළ ටික ගෙනත් දුන්නා... මමත් ඉතිං අවුස්සලා බැලුවෙ නෑ බඩු ඔතලා දුන්නා කියලා. අන්තිමට මුදලාලිම ඌට පනිවිඩයක් ඇරලා ගෙන්නලා ගෙවල් ගානෙ යවලා මගෙ ලියුං කරදහි ටික එකතු කෙරෙව්වා... ඒකා ගමේ රස්තියාදු ගගපු මදාවියෙක්. පස්සෙ ලී පෙට්ටියත් ගේ ළග තිබිලා හම්බවුනා... ඒකෙන් මට එවපු ලියුං සෑහෙන්න නැති වුනා... හිතේ තරහට මම ඌට ගැහුවා කණ රතු වෙන්න එකක් කඩේ ඉස්සරහම....
ඉතිං මාමෙ කෑල්ලක් සැට් වුනේ නැතෙයි... අසන්නන් ආයෙත් පුරස්නයක් මතු කොලා...
මොකද බොල නැතුව.. ඔච්චර ලියුං කරදහි ගොඩකුත් ඇවිල්ලා... ඔය ලේන්සු, කොට්ට උර අස්සෙ දවසක් මට ලොකු කජු මුලක් එවලා තිබුනා ලියුමක් එක්කම... කජු මද එච්චර ගොඩක් එකතුකර ගන්න ලොකු වත්තක් තියෙන්න එපාය බන්... මම එහෙම හිතලා එයාට කීප වතාවක් උත්තර ලිව්වා... ඊළගට එයා මට ගෙදර එන්න කියලා කිව්වා... වැඩි දුරක නෙමේ හින්දා මමත් ගියා... අයියලම හතර දෙනෙක් බොලව්...
ඉතිං වත්ත ලොකුද කෙල්ල ලස්සනද? සැට් එක හීනියට හිනාවෙන ගමන්ම ඇහුවා..
ඔව් ඔව් වත්ත ලොකුයි... කෙල්ලත් බොහොම හැඩකාරයි. මගෙ හිතේ කජු ගස්ම 30 විතර තිබ්බා. ඉතිං ඒ දැරිවිගෙ මව්පියෝ එහෙම මා එක්ක කථා බහ කරලා කසාදෙ තීන්දු කොලා... අපේ ගෙදරිනුත් අකමැත්තක් නෑ...එයාව තමයි මම බැන්දෙ... ගතිගුණත් නරක නෑ නොවැ... ඉඩම් කෑල්ලකුත් ලැබුනා... උඹලා දැකලා තියෙනවනෙ මගේ දූලා... අන්න ඒ වගේ තමා ඒගොල්ලන්ගෙ අම්මත් ඒ කාලෙ. අතීතෙ මතක් වෙද්දි සතුටක් නැත්තෙ නෑ බොලව්...
එහෙම කිව්ව ඔහුගෙ දෑස් බොහොම උජාරුවට දිලිහුනා.. කථා බහ අවසන් වෙද්දි මහ වරුසාවත් තුරල් වෙලා තිබ්බ නිසාම ජයවර්ධන උන්නැහේ බයිසිකලයත් එක්ක මිදුලට ආවා. වැස්සත් පායලා තියෙන එකේ උඹලත් පලයල්ලා එහෙනං.. ඕන්න මමත් ගියා කියමින් කථා බහට සවන් දුන් අපට සමු දී හීනියට වැටෙන වැහි පොද අස්සෙ බයිසිකලෙත් කරේ තියාගෙන මහා මාර්ගෙට ගාටලා අපේ නෙත් මානයෙන් මැකිලා යද්දි සිරාගෙ මිත්තරයගෙ නිවසේ රැස්වුනු සභා තොමෝද සතුටින් විසිර ගියා.
මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා
ප.ලි
ජයවර්ධන යනු ආරූඩ නාමයකි.
මෙතුමා ඉතාමත්ම රූමත් දියණියන් දෙදෙනෙකුගේ පියාණන් වීම නිසාදෝ ගමේ කොල්ලන්ගේ නිබද ගෞරවයට පාත්‍ර වුවද ගමේ කපුටන්ට ගමේ වැල හිමිකර ගත නොහැකි විය.
අදද මේ ප්‍රදේශයේ සුළු පරිමාණයෙන් පවත්වන සංගීත සංදර්ශන වල පළමු ගායකයා ඔහුය... ඉද හිට මහාපරිමාණ ඒවාද සැට් වෙයි. ගයන්නට ප්‍රථම අම්බානක මත් වුවද ගීතය මල් හතට සෘතියට ගලා යයි.
මෙම තරගයේදී ජයවර්ධන උන්නැහේ මෙන්ම තරගකරුවන්ද ගායනා කල ගීත නම් වශයෙන් ඔහු කීවද මාගේ මතකයේ දැන් ඒවා නැත.
කජු මුල අල්ලලා ගිහිල්ලා නේද එතකොට..
ReplyDeleteසිරාටත් මාර ඩයල් තමා සෙට් වෙන්නෙ.
කජු මුල කොච්චර අල්ලලා ගියාද කියනවා නම් ජයවර්ධන උන්නැහේ තිදරු පියෙක් වුනා නෙව.....
Deleteඔතන කජු මුල නෙමෙයි වැදගත් වෙන්නෙ.. ජයවර්ධන අංකල්ගෙ දුර දක්නා නුවණ තමයි සළකා බලන්න ඕන... (අනුංගෙ ඉඩං වල කජු අහුලන කෙල්ලෙක් වුනා නං ඉතිං සොරිම තමයි)
ReplyDeleteඔන්න සිරා ටත් කටයුත්තක් කර ගන්නව නං ඔය වගේ කල්පනා කරලා කරගන්න...
+++++++
Deleteහරියට අර දවසින් දවස එක එක කාර් අරන් එන කොල්ලො වගේ.. බලද්දි උන් ගැරේජ්කාරයො.. :)
@ Alchemist
Deleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා...
ජයවර්ධන ගොයියගෙ නුවණ ගැන නම් කියලා වැඩක් නෑ... ඒ විදියට තමයි මමත් මේ කල්පනා කොර කොර ඉන්නෙ...
@ හරී
ඔය වගේ සිද්ධියක් අපේ ගෙවල් ළග කෙල්ලෙක්ට උනා... මිනිහා කාර් සේල් එකක ඩ්‍රයිවර් කෙනෙක්... තාත්තගෙ වාහන කිය කියා තමයි ඇවිල්ලා තිබුනෙ...
හි හි.. ඕක තව චුට්ටෙන් මටත් වෙනවා... හි හි...
Deleteඉතිං බොලාට තිබුනෙ එදා මෙදාතුර එකම ලව් එකක් නේද ? ඒ අපේ මහත්තයා නේද...
Deleteසිරාටත් ඔන්න සිංදු ටිකක් පාඩම් කරගන්ට කාලේ ඇවිත්...:)
ReplyDeleteසිරා සුපර්ස්ටාර් ගියා වතාවක්... දෙවැනි වටයේදි බෙල්ල මුලින් කැපිලා ගියා...
Deleteබොරු කියන්ඩ එපා බන්.. උඹනෙ අර නදිනි පේමදාසත් එක්ක සින්දු කියන්නෙ.. :)
Deleteමට ඇත්තටම වතාවක් බොරැල්ල සුපිරි වෙළද සැලකදි නදිනි හමුවුනා... ඇය මා හදුනන්නේ නැති උනත් ඈත තියාම මා එක්ක හිනා වුනා... එයත් රැවටුනාද දන්නෙ නෑ..වැඩි විස්තර මෙතැනින්
Deleteකොහොමද සිරා නදිනි කියලා හිතන් ඉන්නෙත් ඒ වගේ වෙන කෙනෙකුට නම්.. :)
Deleteනෑ බන් එයා හිටියෙ අම්මා එක්ක... මම අම්මවත් රූප පෙට්ටියෙන් දැකලා තියෙනවා ඊට කලින්...
Deleteලස්සනට ලියල . සඳරු දැන් ලියන්නේ නැහැනේ . සිරා තමා ඒ ගානට ඉන්නේ දැන් .
ReplyDeleteඅද වුනත් කජු මුලක් කියන්නේ වටිනා දෙයක් . ජයවර්ධන ලක් කාරයා . අල්කෙමිස් කිව්වා වගේ අනුන්ගේ කජු වුනා නම් තමා වැඩේ .
ඇත්තටම බින්දි...මටත් මතක් උනේ සඳරුව තමා....සිරා ඒ අඩුව නියමෙට පුරවනව.
Deleteමමත් කියන්ඩ හිතන් ඉඳලා අමතක වෙච්ච එකක් ඔය... සිර උඹ සිරාවටම සඳරුවට ආසන්නයි..අනිත් එකා අටමා..හැබැයි තාමත් ඉතින් සඳරුවා තමා එක. ඒක උඹලත් පිළිගනියි මම හිතන්නෙ..
Delete@ බින්දි
Deleteස්තූතියි ඔබට... බ්ලොග් ලියන්න මට පූර්වාදර්ශයක් වූ චරිතය තමයි සදරු... සිරාගෙ කාමරේ ගොඩනැගුවෙ සදරු දිහා බලාගෙන... නමුත් මම සදරු අනුකරණය කරන්නෙ නෑ... මට හිතට එන දේ ලියන්නෙ බ්ලොග් කියවන බහුතරය කැමති සරළ වින්දනයකට නිසා... එහෙම කියලා සිරා කුණු රස බෙදන්නෙත් නෑ...
වතාවක් සල්පිලකදි බැදපු කජු මුලක් කියලා පාර්සලයක් වෙන්දේසියේ දාලා සෑහෙන ගානකට අළෙවි වෙලා... ඒ වතාවෙ නම් තිබිලා තියෙන්නෙ කජු මද වෙනුවට ඇත්තම කජු මුලක්...
@ වී පොකුර
ස්තූතියි ඔබේ අදහසට වී... නමුත් මම සදරු තරම් හපනෙක් නෙමෙයි...
@ සෙන්නා
සදරුවා එක බවට කිසිදු විවාදයක් නෑ.. ඔහුගේ වාග් කෝෂයේ තියෙන ඒ පළාතට ආවේණික වචන නිසා ඔහුගේ ලියැවිලි වල අමුතුම සුන්දරත්වයක් තියෙනවා.. අටම්ගෙ වචන හරඹයත් අති විශිෂ්ටයි... මේ දෙන්නගෙම ඒවා මම නිතර කියවනවා.. සදරුවා දැන් නිතරම ලියන්නෙ නැති එක නම් අපරාදයක්...
//මට හිතට එන දේ ලියන්නෙ බ්ලොග් කියවන බහුතරය කැමති සරළ වින්දනයකට නිසා... එහෙම කියලා සිරා කුණු රස බෙදන්නෙත් නෑ...//
Delete++++++++++++++++++ ඔන්න වැටක් ගැහැව්ව.
සිරා සඳරු කොපි කරනවා නෙමේ . ඒ වගේම අමුතු ආරක් තියෙනව කියන්නයි මට ඕන කලේ .
Deleteලිවීමේදී මන් නම් රෑන්ක් කරන්න කැමති නැහැ . එක එක්කෙනා වෙන වෙනම අගෙයි
ඔබේ අදහස මම ග්‍රහණය කරගත්තා...
Deleteඅනිතිමට වත්ත ලොකු ලස්සන කෙල්ල ජයවර්ධනට සෙට් උනා.. ඔය ජයවර්ධන පටිගතකලාය කියන සිංදු හොයා ගන්න බැරිද??
ReplyDeleteගමේ වැල ගමේ කපුටන්ට හිමි නොවීම ගැන සිරාටත් අප්සට් වගේ..
ජය..
ජයවර්ධනගෙ ගීත තවමත් ඇති ගුවන් විදුලි සංස්ථාවෙ තැටි ගබඩාවෙ... ඒවා මම හිතන්නෙ නෑ දැන් වාදනය කරනවා ඇති කියලා...
Deleteමම ඒ ගමේ එකෙක් නෙමෙයි බන්... ක්‍රිකට් ගහන්න විතරයි ඒ පැත්තට ගියේ... අක්කයි නංගියි පට්ට ලස්සනයි... කොල්ලො වහ වැටිලා හිටියෙ ඒ පැත්තෙ...
බොටත් ජයම වේවා !
ගමේ කපුටන්ට නැති උනාට අල්ලපු ගමේ හිටිය...සිරාට පොඩි ට්‍රයි එකක් දාන්න තිබ්බනෙ..!
ReplyDeleteඋඹට නම් සෙට්වෙන්නෙ නියම චරිත තමා.
ලිපිගනුදෙනුවලින් ලව් කරල විවාහවුනු අය ඉස්සර කොච්චර හිටියද..?
දැන්...එහෙම ලිපි කටුගෙයි තියන්න තමා වෙන්නෙ.
මට වඩා මේ ඇත්තියො වැඩිමල්... ආයෙ දෙකක් නෑ පුදුමාකාර විදියට ලස්සන කොල්ලො දෙන්නා... බස් එකේ යන එන වෙලාවට බස් එකේ හැමෝම බලාගෙන හිටියෙ උන් දිහා... ගමේ කොල්ලො එක්ක වැඩි භජනයක් තිබ්බෙ නෑ...
Deleteලිපි ගණුදෙනු වලට ගතවෙන කාලය වැඩි නිසා මම හිතන්නෙ ආදරේ බොහොම සොදුරුව දැනෙන්න ඇති. අද ඉතිං හැමදේම ක්ෂණික වෙලා නොවැ..
බලාපං ඒකෙත් හැටි නේ? අර කෙල්ලො තොගෙන්ම කසාද බඳින්න හෙව්වෙ ඉඩ කඩම් තියෙන එකියක්.
ReplyDeleteමම හිතන්නෙ ඔය වැඩ සටහනට කියන්නෙ පිබිදෙන ගායක පරපුර කියලා. සමහරු අපහාසෙට නිදියෙන / බුදියෙන ගායක පරපුර කියලත් කිව්වා.
අලුත් දේවල්වලට කවදත් ගල්මුල් එල්ලවුනානෙ.
මරු පෝස්ට් එක සිරා. අමුතුම චරිත!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මිනිහා ඉතිං හිතන්න ඇත්තෙ දේපල කාරිය තියෙන ධනවත් එකියක් බැදගත්තොත් ජීවිතේ සුරක්ෂිත වේවි කියලා...
Deleteමේක පිබිදෙන ගායක පරපුර වෙන්න ඕනෙ... මට නම කිව්වට දැන් මතක නෑ... අනුග්‍රාහක ආයතනයකුත් තිබුනලු ඔය වැඩසටහනට...
මමත් හිතන්නෙ පිබිදෙන ගායක පරපුර තමයි. ඒකෙ එක වරක් පළමු තැනට ආවෙ අපේ ගමේ කෙනෙක්, කිව්වෙ කපුගේ ගෙ සිංදු. ම්නිහ දැන් ගමේ නෑත මට නම මතකත් නෑ.
Deleteඊට වඩා නැගලා ගියේ "හෙට පායන තරු"
එහෙම කිව්ව වගක් තමයි මටත් මතක සුමිත් අයියා... අද ඉන්න බොහොම ප්‍රවීණ ගායකයො රැසක් පිබිදෙන ගායක පරපුර වැඩ සටහනින් රටට දායාද වෙච්ච අය...
Deleteගම්වල මිනිස්සු හරිම අව්‍යාජයි. පොඩි පොඩි වැරදි හැර කාටවත් කිසිම හිංසාවක් කිරීමේ අදහසක් ඒ මිනිස්සුන්ට නැහැ. ජයවර්ධනත් ඒ ජාතියේ වගේ මට පේන්නේ. කතාව නම් පංකාදුයි.
ReplyDeleteජයවර්ධන උන්නැහේ එක්ක කථාවට වැටුනා නම් දවසක් කථා කර කර ඉන්න පුලුවන්... එ තරමට අව්‍යාජ සරළ මනුස්සයෙක්...
Deleteස්තූතියි මහ වෙදන තුමාට
මේ කතාව යටිත් හොඳ සමාජවිද්‍යාත්මක වියමනක් තියනවා සිරා. එක්තරා යුගයක යටගියාව නියමෙටම කියැවෙනවා. කතාව සිරාම තමා සිරා..
ReplyDeleteඔය කියන කාලෙ ගුවන් විදුලිය බොහොම ශක්තිමත් තැනක තිබුන නිසාම ඒ වටා හොද නිර්මාණකරුවන් රැසක්ම බිහිවුනා නොවැ... අද වගේ ගීතයක් හරියට ගයාගන්න බැරි උන් එකෙක්වත් නෑ ඒ අතර...
Deleteලස්සන කතාවක්. සුන්දර මනුස්සයෙක්. රසවත් පෝස්ටුවක් සිරා!!
ReplyDeleteබොහොම ස්තූතියි චන්දන...
Deleteකජුමුලක් තැපෑලෙ එවපු කතාව විශ්වාස කරන්නත් බෑනෙ.. අන්කල්කාරයා කෙප්පයක් ගහනවද කියලත් හිතුනා..
ReplyDeleteසිරාගෙ කතා විලාශය නම් නියමයි..
කජුමුල තැපෑලෙ ආපු එකක් නෙමෙයි හරී... මේ කියන ඇත්ති ජයවර්ධන උන්නැහේගෙ ගෙවල් වල ඉදන් සාමාන්‍ය තරමේ දුරකින් හිටි කෙනෙක් නිසා... අදුනන හිතවතකු අතේ තමයි පාර්සලය එවන්න ඇත්තෙ ලියුමකුත් එක්ක...
Deleteකමෙන්ටුවට ස්තූතියි !
ජයවර්ධන කියාගෙන එත්දී මම හිතුවේ තිස්ස ජයවර්ධන කියලා.
ReplyDeleteහැබෑට එයත් කියන්නෙ බෙග් මාස්ටර්ගෙ ගීත නේද වැඩිපුර... එයා ගැන නෙමෙයි ඔන්න මේ කිව්වෙ...
Deleteසිරාටත් හොඳට සින්දු කියන්න පුළුවන් බොලව්නෙ ! අම්පාරෙ ගිහින් එන කම්ම හිට් කලේ ඔය ! හොඳ කජු වත්තක් සෙට් වෙයි ළඟදීම එහෙනම් ...
ReplyDeleteඅනේ වෙනී අයියගෙ පැතුම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙච්ච දවසක මම දෙනවා බොලාලට පාටියක් බුරි උල් වෙන්න...
Deleteබොලේ අපිත් ඉන්නෝ
Delete?අපට බොහෝ දේ එදිනෙදා මුණගැසෙන මිනිසුන්ගෙන් උගත හැකියි.එලෙස උගත හැකි පාඩම් සිරා සිරාවට පෙරලා දෙනවා. ඒකට බොහොමත් තුති උඹට.
ReplyDeleteස්තූතියි රතු... කාමරේ පැත්තට නිතරම ඇවිල්ලා මාව දිරිමත් කරනවාට... මගේ මිතුරෙක් ඉන්නවා චිත්‍රපට/ටෙලි නාට්‍ය සදහා තිර රචනය කරන.. ඔහුත් එක්ක මහමගට බැස්සම ඔහුගේ නෙත ගැටෙන අමුතු චරිත සමග කථා බහ කරලා ඔවුන්ගෙන් යමක් උකහා ගන්න පුරුද්දක් ඔහුට තියෙනවා... ඒ පුරුද්ද දැන් මටත් බෝ වෙලා කියලයි මට හිතෙන්නෙ...
Deleteඅතීතය මතක් කලාටත්. නිර්ව්‍යාජ මිනිසුන් හා අවංක කළාකරුවන් ගැන ලස්සන කතාවක් ලිව්වට උඹට බොහොම පින්. මේ වගේ කතා රත්වෙන ලේ පිරිසිඳු කරනවා..
ReplyDeleteස්තූතියි මහාචාර්ය මාතලන් තුමා... ඒ අතීතය බොහොම සුන්දරයි නෙව... මටත් හිතෙනවා අනේ ඒ කාලෙ අපි ඉන්න තිබුනෙ කියලා...
Deleteඅර කිව්වත් වගේ සිරාත් දැන් දැන් ආලවට්ටම් දාලා ලියනවනේ. සතුටුයි මචං, දිගටම යමු.
ReplyDeleteහැබෑට ඔය කජු මුලක් කිව්වෙ කජු ඇට පාර්සලයකටද. වෙන්ඩ වයිෆ්ට අයියල වැඩිය කියන්නෙ නම් මහ කරදරයක් මචං, මිනිහට කජු වත්ත දැක්කම ඒකත් කමක් නෑ කියල හිතන්න ඇති.
ඒක නෙවි සිරා, උඹ ඔය පොස්ට්වලට ජංජාලෙන් උස්සන ෆොටෝම දාන්නෙ නැතුව ඉඳල හිටල හරි උඹේම නිර්මාණයක් දැම්මනම් නරකද? ගැෆ්‍රික් එහෙම කරනවය කිව්වනේ, එහෙම කිව්වෙ මම ඒ වගේ නිර්මාණ රසවිඳින්න ගොඩක් කැමති නිසා.
වෙන්න වයිෆ්ට අයියලා ඉන්න එක ට්‍රයි එක දෙන කාලෙ සෑහෙන්න එපා කරපු දෙයක් උනාට බැද ගත්තට පස්සෙ බොක්කෙන්ම සප් එක දෙන අයියලා සැට් එකක් හිටියොත් කොහොමද කික් එක...
Deleteමම මේ තියෙන වැඩ අස්සෙ බොහොම අමාරුවෙන් පෝස්ට් එකක් හරි කොටා ගන්නෙ... මගේම නිර්මාණයක් කරගන්න වෙලාවක් තිබුනොත් ඉස්සරහා දවසක කරන්නම්..එතකං ජංජාලෙන් ෆොටෝ උස්සන වැඩේ තමයි කොරන්න වෙන්නෙ...
කජු දීල කොල්ලව අල්ලාගෙන. හිකිස් කජු මුලක ආදර අන්දරය. එල කතාව සිරා අයියේ.
ReplyDeleteකොල්ලා කජු කාලා ඔය ඉන්නෙ තාමත් සැපට... වයසට ගියත් තාමත් කොල්ලා වගේ..
Deleteඅපිත් ඒ කාලයේ කජු පුහුලන් කන්න පන්සල් වත්තට යන්නේ.රසබර ආතීතයක් රසබර අන්දමින් විඳින්න පුළුවන් ආකාරයට පෙළ ගස්සලා.
ReplyDeleteපන්සල් වත්තට යන ගමන් සිදු වෙච්ච සිදුවීමක් දෙකක් ලියන්නකො වෙලාවක... රසබර සිදුවීම් එතන නැති වෙන්න විදියක් නෑ කියලා මට හිතෙනවා...
Deleteෂුවර් එකටම කජු මුලත් එක්ක ඉනාවක් එවන්න ඇති...හෙහ් හෙහ් හෙහ්..අඩේ මේවගේ කතා තව ලියහන්කෝ.. මම හෙන කැමතියි ඉස්සර මිනිස්සුන්ගේ කතා අහන්න...සිරාවටම ඔය ජයවර්ධන උන්නැහේගෙම කතා සාගරයක් ඇතිනෙව..
ReplyDeleteමේ වගේ එව්වා මතක් වෙන විදියට ලියන්නම්...මගේ යාලුවා දැන් ලංකාවෙ නැති නිසා ඒ පැත්තට යැවෙනවා අඩුයි... ඒ නිසාම ජයවර්ධන උන්නැහේ ළගකදි හමුවුනේ නෑ...
Deleteබොලේ සිරා අයියේ ! අර මාම ගේ සිරා නම කියපන්කො බං බැරි නම් එයාගෙම සින්දුවක මුල් පදයක් වත් දාන්න , සිරා අයියත් හම්බවෙන මිනිස්සු ගැන සිරාවටම ලියනවනේ
ReplyDeleteඒයාගෙ සින්දු මම අහලත් නෑ බන්... ඒවා ඉන්ටර්නෙට් වල හොයන්න බෑ... ගුවන් විදුලියෙ තැටි ගබඩාවෙ මකුළුදැල් බැදිලා ඇති...
Deleteමාමගෙ නියම නම කියන්න බෑ... එයාගෙ දරුවො ජංජාලෙ සැරිසරනවා... මට අපහාස නඩුවක් වැටෙන්න පුලුවන් මේක දැක්කොත් ඒකයි...
මමත් සින්දු කියනවා නොවැ?? කොහොමහරි ට්‍රයි කොරල සුපර් ඉස්ටාර් එකකට පැන ගත්ත නම් මටත් කජු මුලක් වගේ එකක් සෙට් වෙන්නේ නැතැයි. කාටද ආඩම්බර එතකොට. :D
ReplyDeleteහිත හිත ඉන්න එපා ඇපලො.. පැනපන් ඉක්මනටම... මමත් වතාවක් ගිහින් දෙවැනි වටෙන් කුජීත වෙලා ආවා... මම භය වෙලා හිටියෙ ඒ ටික රූප පෙට්ටියෙ යයි කියලා.. මගේ පෙර පිනකට මම ඉන්න ඒවා විකාශය වුනේ නෑ...
Deleteකජු ලඳුන් දැන් ඉන්නේ කජු ගමනේ . මලාට වෙන එවුන් නම් කජු ගෙඩියක් කපයි. කජු කිරි කහට ගාගන්න කවුද කැමති. සිරා වෙන ක්‍රමයක් බලන්න වෙයි
ReplyDeleteකජු වතු දැන් නෑ අක්කා... අපේ නැදෑ වෙන අයගෙ වතු වල තිබ්බ කජු ගස් සංහාරයට ලක්කලා ලගකදි... පසේ සාරය වැඩිපුර කජුගස් උරාගන්නවාලු...එවිට අනිකුත් ගස් වලට පෝෂණය නැති නිසා බාල වෙනවා කියලා තමයි කජු ගස් වතු වලින් ඉවත් කරන්නෙ... ඒකනෙ මේ තරම් කජු ගනන්... ලංකාවට දැන් කජු වැඩිපුර එන්නෙ පිටරටින්...
Deleteසිරා පෝස්ටුවක්... :) කජු වගේම හරි රහට ලියලා....හොද සමාජශීලි කෙනෙක් ව්ගේ!! මොකද මට කලිනුත් මතකයි එහෙම ලිපියක් ලියල තිබ්බ, සොදුරු මනුස්සයෙක් ගැන.. සීයා කෙනෙක් ගැන, සම්බන්ධ කතාවක්!!!
ReplyDeleteතවත් කතා ලියන්න.. මෙහෙම රසවත්..
සිරා ඉතිං සමාජයේ විවිධ පන්ති වල බොහෝ අය ආස්සරය කරන්න ලැබෙන චරිතයක්... මට ටිකක් වෙනස් කෙනෙක් මුණ ගැහුනාම ඒ කෙනා එක්ක කථා බහ කරලා ඉක්මනින් සුහද වෙන්නත්, ඒ ජීවිතයට අදාළ දේවල් දැනගන්නත් හැකියාවක් තියෙනවා...
Deleteහිතුවක්කාරි ඉදලා හිටලා නැතුව නිතරම මේ පැත්තට එන්න... ස්තූතියි ඔබට..
අඩේ සිරෝ උඹත් සින්දුවක් දෙකක් කියපන්කො අපිට කිරල ඇබ බිස්නස් එකක්වත් පටන් ගන්න! :D
ReplyDeleteවෙනී මාමා උඩ කියලා තියෙන්නෙ මගේ ගායන කෞෂල්‍ය ගැන... අම්පාර පිංකමට ගිය තව කාගෙන් හරි අහලා බලපන් නාඩියා මගේ ගායන හැකියාව... සිරාට හොද ගායන හැකියාවක් තියෙනවා අවංකවම...පාසලේ ඉන්න කාලෙ ගායනා තරග වලින් සමස්ත ලංකා ජයග්‍රහණත් තියෙනවා මට...
Deleteඒ නිසා කිරල ඇබ බිස්නස් එක නැගලා යන එකක් නෑ... ඒ වෙනුවට වෙන දෙයක් කල්පනා කලොත් නරකද...
ආන්න නියම ඩයල් එකක් සිරාට සෙට් වෙලා ඔයවගේ මිනිස්සුත් එක්ක ඕනෑතරම් කතාකර කර ඉන්න පුළුවන් නේද කිසි කම්මැලි කමක් නැතුව... කවදා හරි කාලෙක අපිටත් ඔය වගේ පොඩි කොල්ලන්ට අපේ අතීත කතා කියන්න පුළුවන් වෙන කාලයක් එයි නේද බං...
ReplyDeleteකියන්ඩ වෙන්නෑ.. ලින්ක් එක දෙන්ඩ විතරයි වෙන්නෙ බොල.. :-)
Deleteහික්..ඔව් ඔව්. ඒක ඇත්ත.. කියවලා බලහන් කොල්ලෝ කියලා ලින්ක් දෙන්න තියෙන්නේ... හික් , කාලේ වෙනස් තාලේ අලුත් නෙවැ..
Deleteසෙන්නා දීලා තියෙනවා නියම උත්තරයක්... ඇත්ත ඒක තමා එදාට වෙන්නෙ... හැමදේම තාක්ෂණයට යට වෙලා අතීතයේ තිබුණ ගුණ සුවද නැසිලා යනවා... යන්ත්‍ර වගේ දුවන මිනිස්සු කොට්ඨාශයක් බිහිවෙනවා...
Deleteකතාව නිකන් චිත්ත රූප මැවෙන්ඩම ගේම දීලා තියෙනවා. නිවාඩු පාඩු වෙලාවක ඔය පැත්තේ ඇවිදින් සිරාගේ පෝස්ට් වල ඉන්න චරිත ටික හැබැහින් දැකබලා ගන්ඩ තිබ්බා නම්...
ReplyDeleteවෙලාවක එන්න කිසිම අවුලක් නෑ... මම ලියන්නෙ හැබෑම කථා නිසා මේ ඕනෑම චරිතයක් සැබෑ ජීවිතයේදී මට මුණගස්සන්න පුලුවන්... කොමෙන්ටුවට ස්තූතියි...
Deleteඔන්න ඉතින් උබලා අපටත් මැනර්ස් දාන්ඩ හදනවනේ. යකෝ මොන එහෙකටද ස්තුති කරන්නේ...
Deleteජයවර්දන උන්නැහේ නයෙක් අරිනබව තමයි මුලින් කියවනකොට හිතුනේ ඒ උනාට සිරාට සෙට් උන සිරාම ඩයල් එකක් බව තෙරුනේ පස්සෙනේ.
ReplyDeleteප.ලි
අනේ සිරො නෝක්කාඩු නොකියා හිටිං මම බ්ලොග් කියවන්නෙ කන්තෝරුවෙ ඉන්න ගමන් ඉතිං සමහරවිට කන්තෝරු වෙදි Account දෙකතුනකට මාරුවෙන්න අමාරුයි. ඒත් මොන Account එකෙන් ආවත් මගේ බ්ලොග්රෝලේ අප්ඩේට් වෙන හැම බ්ලොග් පොස්ට් එකක්ම වගේ කියවනවා සමහර ඒවා මිස් වෙනවනම් මිස්වෙන්නේ මගේ බ්ලොග්රෝල බලන්න කලින් උඹ අලුත් පොස්ට් එකක් දැම්මොත් තමා. මගේ Account එකෙන් ලොග් වෙලා කියවන හැම පොස්ට් එකකටම අඩු තරමේ " :) " කමෙන්ටුවක් හරි දානව.
..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
ජයවර්ධන උන්නැහේ නයෙක් නෙමෙයි ඇරලා තියෙන්නෙ... ඇත්තම කථාවක්... එයාව හොදට දන්න කීප දෙනෙකු ඒ බැව් සනාථ කරලා තියෙනවා...
Deleteනෝක්කාඩුවක් කිව්වෙ නෑ ජෝන් අයියා, මම හිතුවෙ අපිව අමතක වෙලා කියලා... මම නොදන්නවායැ එකසිය ගානට බිසි කියලා...විවේක පාඩුවෙ මේ පැත්තට ගාටන්න...
නෑ මම ජයවර්දන ගොයිය නයෙක් අරිනවා කියලා නෙමෙයි කියුවෙ. උඹ ලියලා තියන විදියට හිතෙන්නෙ පොර නයක් අරිනවා කියලා. කොහොමත් ඒ කාලෙ පිබිදෙන ගායක පරපුරේන් විශිෂ්ඨ ගායකයො බිහි උනා ඒ අයගේ හැකියාව අදත් එදත් ස්ථාවරයි . ඒත් අවාසනාවකට අද "තරු" නම් ඉක්මනටම බැහැලා යනවා නගින සුනංගුවට
Deleteහෙන්රි ජයවර්ධන කියල මං දන්න පොරක් ඉන්නවා. බ්ලොග් එහෙකුත් ලියනවා මගෙ හිතේ. සිංදු නම් කියනවද දන්නේ නෑ. කතා නං ලියනවා අයිබොවං
ReplyDeleteඅනේ මේ කියන ජයවර්ධන ගොයියා නම් අන්තර් ජාලය දැකලවත් නෑ.... ඔබ කියන ජයවර්ධන ගොයියා නේද අර සිරා කොලුවා එක්ක හුජ්ජ බෑග් බිස්නස් එකට බැස්සෙ... අර කාර් එක බල්ලො කෑවෙ.. එයාගෙ නේද....
Deleteසිරා කතාව.... එල....!!! ගමේ ගොඩේ භාෂාව දාල අපූරුවට ලියල තියෙනවා...
ReplyDeleteමේ භාෂාව ඇත්තටම සැබෑ ජීවිතයේදී මම භාවිතා කරන්නෙ නෑ... නමුත් ඒ භාෂාවෙන් ලියන්න මම පෙරේතයි... ඒ නිසයි එහෙම ලියන්නෙ... ස්තූතියි ඔබට...
Deleteසිරා කජු පුහුලමක් බැලුවේ නැතිද ?... (කව්ද බන් ඇත්ටටම අහල පහල අය නොදැන ඉන්න විදිහක් නෑ )
ReplyDeleteසුන්දර මනුස්සයෙක්
සෙන්නා / බින්දී කියනවා වගේ උඹ සිරාවටම සඳරුවට සහ අටමාට ආසනනව ලියනවා..
මම ඔය ගොඩක් අයගේ බ්ලොග් කියවනවා (ඒ වුනාට කොමෙන්ටුවක් දන්නේ උඹ බ්ලොග් එකට විතරයි බන්....අමාරුම වැඩේ කොමෙන්ටු සිංහලනේ ටයිප් කරන එක..)
මොකෝ ඇත්ටටම දැන් සඳරුවගේ බ්ලොග් එක පාළුවට ගිහින් ...
උඹට ජය ...!!
මම
මයික්
ඔව් සදරුට සමානව ලියන කිහිප නමක්ම ඉන්නවා
Deleteකජු පුහුලමක් බලාගෙන යනවා මයික්... උඹ ලංකාවට ආ වෙලාවක ආවොත් ජයවර්ධන ගොයියව මුණ ගස්සන්නම්... සදරුවා දැන් අලුත් ස්ථානයක රැකියාවක් කරනවා... ඒ නිසා තරමක් කාර්ය බහුල වෙලා... බොටත් ජයම වේවා !
Deleteපොඩිපහේ සඳුරු උරුවක් තියෙනව තමයි හේම්....අපේ පත්තර මහත්තයා නොවැ...
ReplyDeleteසදරුවා දිහා බලාගෙන නොවැ කාමරේ දොර ඇරියෙ ඒ නිසා වෙන්ට ඇති මගෙ හිතේ...
Deleteහොල්මංද කජු ගස් කිව්වලු ඈ.....
ReplyDeleteකජ්ජ ගහේ වල්ල බිම කිව්වලු...
Deleteඇත්ත කෙනාග නම නොකීම ගැන බලවත් විරෝධය. කොහොම නමුත් අව්‍යාජ කලාකරුවන් හැටි ගැන අපූරු උදාහරණයක්. මට කපුගේ මහත්තයාව මතක් වුණා
ReplyDeleteඇත්ත කෙනාගෙ නම කියන්න බෑ මලයො... පොඩි හරි අපහාසයක් උනා කිව්වොත් කියලා මට භයයි.... කලාකරුවො හිගන්නො කියලා ඉස්සර මතයක් තිබුනත් දැන් නම් ඒ තත්වය වෙනස් වෙලා...
Delete//කලිසම් රෙද්දකුයි, නූඩ්ල්ස්, සෝස් වගේ දේවල් අඩංගු තෑගි පාර්සලේකුයි// අද ස්ටාර්ලටත් මේ වගේ තෑග්ගක් ගෙම දුන්නොත් කොහොමට හිටීද?
ReplyDelete//කජු මද එච්චර ගොඩක් එකතුකර ගන්න ලොකු වත්තක් තියෙන්න එපාය බන්... මම එහෙම හිතලා එයාට කීප වතාවක් උත්තර ලිව්වා// කොහොමද ටිකිරි මොළේ :D හැබැයි අල්ලපු වත්තකට පැනලා කඩපු කජු ටිකක් වුණානම් තමා ඕන් වැඩේ
ඒ දවස් වල දීලා තියෙන්නෙ තමන්ගෙ දක්ෂතාව වැඩිදියුණු කරගන්න පුලුවන් විදියෙ තෑගි... නොමිලේ ගීත තැටිගත කරන්න අවස්ථාව දෙන එකම බොහොම ලොකු ජයග්‍රහණයක් මේ කියන කාලෙ...
Deleteඅනුන්ගෙ වත්තෙන් කජු කඩපු කෙල්ලෙක්ද නැද්ද බලන්න මම හිතන්නෙ ජයවර්ධන ගොයියා විපරමක් දාන්න ඇති.... වැඩි දුරක නෙමෙයිනෙ ඉදලා තියෙන්නෙ...
නියම කථාවක් අයියේ.. අයියට නිතරම ඔහොම මින්සුන්ව හම්බෙනවා නේද.. ඒ මිනිස්සු එකක් කථා කරද්දි මාර සැහැල්ලුවක් එනවා නේද සිරෝ.. උඹ මීට කලින්නුත් ලියලා තිබ්බේ බයිසිකලේ ෆුල් ගැජට් තියන සීය කෙනෙක් ගැන නුවර යන ගමන් ද කොහෙද..
ReplyDeleteජයෙන් ජය සිරෝ...!
ඔව් බොල මල්සරෝ... සිරා පොළොවෙ පය ගහලා ඉන්න එකෙක් නිසා මේ වගේ චරිත මුණගැහුන වෙලාවක අනිවාර්යෙන්ම සුහද වෙනවා... ඒ අය අව්‍යාජයි කියලයි මට හිතෙන්නෙ... ඒකෙ ප්‍රතිඵලය තමයි කාමරෙන් මේ විදියට එළියට පනින කතන්දර විදියට.
Deleteබොටත් ජයම වේවා!
may liyana widihat narkma naha..sira liyana ewa iten sira...
ReplyDeleteJayawewa,
Sajith.
ස්තූතියි සජිත්... හැමදාම කාමරේ පැත්තට එන එක ගැන සතුටුයි...
Deleteලස්සන කතාව, දිගටම ඔය වගෙ කතා ලියන්න.කම්මැලිකමක් නැතුව කියවන්න පුලුවනි.
ReplyDeleteමම බ්ලොග් ලොකෙට අලුත් කෙනෙක්
කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteදිගටම මේ පැත්තට එන්න... ඔබේ කෙරුවාවත් බලන්න වෙලාවක එන්නම්...
වෙනස් යමක් කරන්න මගෙන් සුභ පැතුම් !
මාර ප්ලෑන් එකක්නේ.. ඔන්න මිනිස්සු. ඉස්සරලා ටාගට් කරලා ගිහිං බලල පස්සේ හෙමීට සෙට් වෙනවා. :)
ReplyDeleteඅන්න එහෙම යන්න තමයි සිරාගෙ ට්‍රයි එකත්... කෝ ඉතිං අපි ගහකට නැග්ගොත් ඒකෙත් දෙබලක්...
Delete