පළමු ලිපිය විදියට පළවුනේ සිරිලංකාවෙ පැරණි පින්තූර 50 ක්. ඒ අවස්ථාවෙ එහි දෙවැනි කොටසක් තිබුනෙ නැති වුවත් සවුදි අරාබියේ රියාද් නුවර ඉදන් සිරාගෙ කාමරේට නිතර එබිකම් කරන අපේ ඉන්දික අයියා සිරා කොලුවට එව්වා නොවැ තවත් පරණ පින්තූර සැට් එකක්. ඒ හින්දම බොලව් පරණ පින්තූර 2 කොටස මෙන්න උණු කැවුම් වගේ බොලාට ගෙනාවා.
ඉන්දික අයියා මට විද්ද ඊයෙ තිබුනෙ එයා ලග තිබ්බ මේ පරණ පින්තූර කීපය ජනවාරි මාසයෙ ලිපිය දැකලා එවන්න හිතුනු බවක්. ඒ වගේම ඇමරිකාව, හදට බහින්න සැට් එක යවපු යානය සමග යවන්න අපේ භාෂාවෙන් පණිවිඩයක් එවන්න කියලා සිරිලංකාවට එවපු ලිපියට ලංකාව පැත්තෙන් යවපු පිළිතුරු ලිපියෙ ඡායාරූපයකුත් ඔහු ලග තිබුනලු...නමුත් අත්වැරදීමකින් එය පරිගණකයෙන් මැකිලා. නැවත් සොයාගත හැකි වුවොත් ඉදිරි දිනයක එවන්නම් කියලත් ඒ ඊ මේල් පණිවිඩයෙ තිබුනා.
එහෙනං ඉති සවුදියෙ ඉන්න ඉන්දික අයියට මේ ඡායාරූප කීපය හුදී ජන පහන් සංවේගය උදෙසා සිරා කොලුවාගෙ කාමරේ පල කරන්න එව්වට බොහොම ස්තූතියි කියන ගමන් අපි පින්තූර සැට් එක බලමු.
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
14 |
15 |
ඉතිං බොලව් ඉන්දික අයියා එව්ව පින්තූර ටික මෙපමණයි. කලින් පෝස්ටුවෙදි බොලා දැකපු ඡායාරූප කීපයකුත් මේ අතර තිබිලා මම ඉවත් කොලා. පෝස්ටුවකට මේ ඡායාරූප සංඛ්‍යාත්මකව මදි කියලා මගේ හිත සැලි සැලී තියෙද්දි තමයි අන්තර් ජාලෙ අස්සක තිබිලා මීළග ඡායාරූප සැට් එක මගේ නෙත ගැටුනෙ.
අපරාදෙ කියන්න බෑ...මීට කලින් මම නම් මේ ඡායාරූප සැට් එක ජාලෙ කොතැනකදිවත් දැකලා තිබුනෙ නෑ. ඒ නිසාම කාමරේට අරන් ඇවිත් බොලාට පෙන්නනකං මට ඉස්පාසුවක් තිබුනෙ නෑ.
ඇත්තටම කියනවා නං මේ ඡායාරූප තිබුනෙ තවත් බ්ලොග් අඩවියක. එහි හිමිකරුවා Arun Veera නැමති දකුණු ඉන්දියාවේ චෙන්නායි හි වෙසෙන සහෝදරයෙක්. කාමරෙන් මේ පින්තූර ටික පෙන්නන්න කලියෙන් ඒ සදහා අවසර ඉල්ලලා ඊ කීපයක්ම විද්දත් කිසිවකට පිළිතුරු ලැබුනෙ නෑ...ඔහුගෙ බ්ලොග් අඩවිය ලගකදී යාවත්කාලීන වෙලා තිබුනෙත් නැති නිසා මගේ අක්මාව මට කිව්වා අරුන් ලගකදී ජාලෙ පැත්තෙ ඇවිල්ලා නෑ කියලා.
අපේ රටේ පරණ පින්තූරයක් දැක්කම අපිට නොවැ වැඩි සතුටක් දැනෙන්නෙ. ඒ හින්දම අවසරයකින් තොරවම පින්තූර සැට් එක උස්සගෙන ආවා. දැන් ඔබ බලන්න යන්නෙ සිනමාව, සංගීතය ඇතුලුව සිරිලංකාවෙ කලා ක්ෂේත්‍රයෙ ස්වර්ණමය දශකය ලෙස සැළකෙන 70 දශකයෙ පින්තූර කීපයක්.
16 මීගමුව ප්‍රදේශයේ මාර්ගයක් |
17 රත්මලාන |
18 ගන්දර පන්සලේ පෙරහැර |
19 |
20 මාළු බෝට්ටු, තංගල්ල වෙරළ තීරය |
21 යාල ප්‍රදේශයේ ධීවරයන් |
22 වී හුළං කරනා ජනතාව, තංගල්ල |
23 ගිණිගත්හේන නගරය |
24 මවුස්සා කැලේ ජලාශයේ පිටවානක් |
25 දඹුල්ල |
26 ගම්මිරිස් වේලීම, මාතලේ |
27 සීගිරිය |
28 |
29 දඹුල්ල |
30 |
31 නිදහස් චතුරශ්‍රය, කොළඹ |
32 කොළඹ වරාය |
33 වරාය ගුදම් |
34 සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 707 යානයක් |
35 ඔරලෝසු කණුව සහිත ප්‍රදීපාගාරය, කොටුව |
36 කොළඹ මහ වීදිියේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙක් |
37 |
38 කොළඹ නගර ශාලාව |
39 |
40 |
41 කොළඹ ගෙන්ගෙට ගිය පොල් වෙළදුන් |
42 හික්කඩුවේ හුණුගල් පෝරණුවක් |
43 ගාල්ල |
44 නුවර |
45 දෙහිවල සත්තු වත්ත |
46 ගාලු කොටුව ආසන්න මාවතක් |
47 ගාල්ල නගරය |
48 කොළඹ කොටුව |
49 නුවර පළතුරු වෙළෙන්දන් |
50 නුවර වින්ඩි කොට් අවන්හලේ සේවකයන් |
51 කිතුල්ගල |
52 |
53 |
54 |
55 බෙන්තොට |
56 |
57 රත්නපුර මැණික් පතල් |
58 බෙන්තොට |
59 බෙන්තොට |
59 තිසාවැව හෝටලය, අනුරාධපුර |
60 මහනුවර |
61 සුදු නෝනා සංචාරක මගපෙන්වන්නා සමග |
62 යාල |
63 පානදුර |
සිරා කොලුවා වන මම ඉතිං මේ කියන අවධියෙ ජීවත් වෙච්ච එකෙක් නොවන නිසා ඒ කාලෙ ජන සමාජය ගැනවත් මේ පින්තූර ගැන විස්තරයක් වත් කියන්න දන්නෙ නැත. එහෙත් කාමරයට එබිකම් කරනා ඇතමෙක් 70 දශකය පසුකරගෙන ආ ඇත්තන් බව මම දන්නවා. නොදන්න අයට දැනගන්නත් එක්ක ඒ ඇත්තො දන්නා දෙයක් කොමෙන්ටුවක් ලෙස පහළින් දෙසා ගියා නම් මට හොදටම කික්.
එහෙනං අදට අහවරයි. 2014 මාස දෙකකුත් ඉවරයි. මාර්තු මාසෙ මුල ජාලෙන් ගෙනා කථාවක් ලේබලය සමග යලි හමුවෙමු. අපිට ජය වේවා !
පසු සටහන
මා හිතවත් බ්ලොග් සහෘදයා, චන්දන මවෙත එවන ලද ලින්කුවකින් 70 දශකයේ ඡායාරූප ගොන්නට මුලින් ඇතුලත්ව නොතිබූ ඉතිරියද සොයාගත හැකි විය. මේ ඡායාරූප සියල්ලම එකම ස්ථානයක තිබේ නම් ඒ සිරාගේ කාමරයේ විය යුතුය. ඡායාරූප සියල්ල එකතැනකට ගෙනඒමට සහාය වූ චන්දන වෙත මාගේ ප්‍රණාමය පිරි නමමි.
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
සියලුම ඡායාරූප වල අයිතිය ඒවායේ මුල් අයිතිකරුවන් සතුය. ඇතැම් ඡායාරූප Lankapura.com හි පලවූ ඒවාය.
70 දශකයේ ඡායාරූප සැට් එක ගන්නට ඇත්තේ ගුවන් තොටුපලේ ඉන්නා සුදු නෝනාගේ සුදු මහත්තයා විය යුතුය. හොදින් බැලුවොත් පෙනේවි..ඒ නෝනා ඡායාරූප කීපයකම ඉන්න වග....
සිරාගෙ කාමරේ හැම මාසයකම පලවෙන 7 වෙනි ලිපිය ලියන්න බොලාටත් හැකියි. infosira2012@gmail.com ලිපිනයට ඊයක් විදින්න ඔබේ නිර්මාණයත් සමගම...එවන අනුපිළිවෙල අකුරට රකිමින් ලිපිය මෙහි කිරි ගහට මන්නෙන් කෙටුවා මෙන් සුවර් ඇන්ඩ් සොට් පල වේවි.
පසුව එකතු කරමි.
70 දශකයේ ඡායාරූප කවුරුන් විසින් ගන්නා ලද ඒවාදැයි ඉතා නිවැරදිව සොයාගතිමි. මෙන්න මෙතැනින් ඒ ගැන කියවන්න.
17 වැනි පින්තුරේ තියෙන රත්මලාන නම් මට හොඳට මතකයි. අම්මා වැඩ කළේ ඔතනින් තියෙන පාරේ. අවුරුදු විස්සකට විතර කලිනුත් ඔය වගේමයි. ඔතනම තමයි සී. වී. ගුණරත්නට 2000දි බෝම්බ ගහල මැරුවෙත්. ඔය බෝම්බ සිද්ධියත් මට හොඳට මතකයි. අපි ඉස්කෝලෙ ගිහින් එනකොට තුවාල වෙච්ච මිනිස්සුන්ගෙ මස් කෑලි බල බලා එන්න වුණේ.
ReplyDeleteමේ කර්මාන්ත ශාලාව අදත් තියෙනවද ? සී වී ගුණරත්න මහතා බෝම්බයට හසුවන විට මමත් පාසල් ශිෂ්‍යයෙක්...හොද දේශපාලඥයෙක් ලෙස කාගේත් පිළිගැනීමට එතුමා ලක් වී සිටි බව මතකයි. මිය යන විට මම හිතන්නෙ කම්කරු ඇමති....
Delete24 මොකක්ද බං..! හැඳින්වීමකුත් එක් එක් පින්තූරයට තිබ්බ නම් මසුරං...ඒත් කොහින්ද උඹ අහුල්ල කිව්වනෙ.
ReplyDelete11,12 පිංතූර දැක්කම මෙව්ව වෙලා යනව..! පෞරාණික ඉදිකිරීම් කරන්න කොයි තරම් අපහසු වෙන්න ඇද්ද ඒ කාලෙ.
Deleteහැදින්වීමක් දෙන්න තිබුනා නම් මරු තමයි...මේ ඡායාරූප වල තවත් බොහොමයක් තියෙන පාටයි...මොකද ඒවායෙ ෆයිල් නේම් වලට ඉලක්කම් දාලා තියෙන්නෙ....අතරින් පතර අඩු බව ඒ ඉලක්කම් වලින් පැහැදිිලි වෙනවා....
Deleteඒ වගේ කාලෙක ඉතිං යන්තර සූත්තර නෑනෙ බොලං...මිනිස්සු සෑහෙන මහන්සි වෙලා තමයි ඒ කොටසත් ඉදිකරන්න ඇත්තෙ...
හුඟක් වටින පරණ ඡායාරූප ටිකක් ... ස්තූතියි අපිත් එක්ක බෙදාහදාගත්තට ..
ReplyDeleteස්තූතියි නගෝ....තව අය එක්ක මේ පින්තූර ඔය ඇත්තො බෙදා ගන්න....
Deleteහොඳ විස්තරයක්, හොඳ පින්තූර එකතුවක් මේ පින්තූර එකතුව කලකට ඉහතදී හරී මට එවලා තිබුණා. නමුත් මොකවත් ලියන්න වෙලාවක් ලැබුනේ නැහැ. 23 වැනි පින්තූරයේ පෙන්වන්නේ ගිණිගත්හේන නගරය. පසුබිමේ ඈතින් පෙනෙන්නේ ගිණිගත්හේන පොලීසිය. ගිනිගත්හෙන පොලීසියේ වහලයට වැස්ස වෙලාවට වැටෙන වතුර ගැන හොඳ කියමනක් තියනවා. එක පලයකට වැටෙන වතුර යන්නේ කැළණි ගඟටළු, අනික් පලයට වැටෙන වතුර යන්නේ මහවැලි ගඟටළු.
ReplyDeleteමේ මදි විචාරක තුමා...තව විස්තර ටිකක් ලියන්න....
Deleteඔව් විචාරකතුමා....ගිනිගත්හේන පොලිසිය ගැන තිබෙන මේ කතාවේ යම් සත්‍යයක් තිබෙනවා....හැටන් පැත්තේ ඉඳං යනකොට Y අකුරේ කරුව වගේ ස්ථානයක ඇති කන්දේ තමයි පොලිසිය තියෙන්නේ...බස් නැවතුම සඳහා මේ කඳුගැටයේ කොටසක් පසු කාලීනව ඉවත් කළා...Y අකුරේ පාදම පැත්තේ ඉඳං බලනකොට දකුණුපස නිම්නයේ ගලන හැටන් ඔය පසුව මහවැලි ගඟට එකතු වෙනවා...වම් පස නිම්නයේ ගලන කාසල්රි ජලාශ ප්‍රදේශයෙන් එන දිය පහර කැළණි ගඟ නිර්මාණය කරනවා.....අතිශය සත්‍ය කරුණු/තාක්ෂණික කරුණු සොයා වාද නොකරනවානම්....ඔය කතාවේ බැලූ බැල්මට වැරද්දක් නැහැ... :)
Deleteමම ගිනිගත්හෙනට ආසන්න ලක්ෂපාන කඳවුරේ සේවය කරද්දී ගිණිගත්හේන පොලීසියට රාජකාරි අවශ්‍යතාවයකට ගියවෙලාවෙ තමයි ඔය තොරතුරු දැනගත්තේ. අයාල් සිත් කියාතිබෙන ජලාශ ඔක්කොගෙම ආරක්‍ෂාව මට පැවරී තිබුණා. ඒ කාලේ ඔය හැම ප්‍රදේශයකම නිතර ඇවිද්දා.
Deleteඔය වගෙ තැනක් තියනව බලංගොඩත්. එක පැත්තක වතුර කළු ගඟට. අනෙක් පැත්තෙ වතුර වළවෙ ගඟට. දැන් නම් කාණු, බැමි එහෙම තියන නිසා සමහර විට එහෙම වෙන්නෙ නැතුවත් ඇති.
Deleteසුවර්ණවාහිණියෙ "ගඟ දිගේ " වැඩසටහනේදී...ජැක්සොන් අය්යා ඕක හරි අපූරුවට පැහැදිලි කොලා මතකයි.
Deleteවිචාරක තුමා හැම තැනම ඇවිද්දේ රාජකාරි අවශ්‍යතා නිසාද නැත්තන් මේ අපි වගේ ඇඟේ අමාරුවටද?? :D
Deleteචන්දන....ඔය කියන තැන මට හරියටම කියන්න පුලුවන්ද...?? ගිහින් නැති තැනක් නම් යන්න ඕන...
අයාල්,
Deleteපරණ බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ තියන කුමාර විද්‍යාලය.
විචාරක තුමාගේ තොරතුරු වලට බොහොම ස්තූතියි...70 දශකය පහුකරගෙන ආපු අය අතරින් විචාරක තුමා තරම් කිසිවෙක් නිර්ලෝභීව තොරතුරු අපිට කියන්නෙ නෑ...ඒ නිසා මෙවැනි ලිපියක් ලිියවෙන හැම විටකම ඔබේ කමෙන්ටුව එයට ආශිර්වාදයක්...
Deleteඒ කථා බහටම අත්වැල් සපයපු අනෙක් අයටත් මගේ ස්තූතිය....වහලෙ දෙපැත්තෙන් වැටෙන වතුර ගංගා දෙකකට වැටෙන කථාවක් මේ ඇහුවමයි...
භූගතව මේ ගංගාවල් දෙක යා කරන උමගක් තිබෙන බව භූ විද්‍යාඥයන් පවසා තිබෙනවා. එනිසාම මේ නගරය ගිලා බැහීමේ අවදානමක් තිබෙන බවත් සඳහන් වෙනවා.
Deleteහොඳ පින්තූර එකතුවක්.. ස්තුතියි බෙදා ගත්තට
ReplyDeleteස්තුතියි මිත්තරයා....ලැබෙන පිළිවෙලට ඉදිරියේදිත් පරණ පින්තූර ඔබ වෙත ගෙන එමි.
Deleteතැන්කු සිරා නොදුටු අතීතයට එක්කන් ගියාට ...
ReplyDeleteමෙන්න කියවන්න සුරංගනා කතාවක්
ස්තුතියි සදුන්...නිවාඩු වෙලාවක සුරංගනා කථාව කියවන්න එන්නම්....
Deleteවැඩියෙන්ම හිත ඇදිලා ගියේ තිස් එක්වෙනි පින්තුරෙට....මහා යුග පුරුෂයෙක් කියල සලකන කෙනෙක්...මහා දැවැන්ත ඉදිකිරීමක්.....ඒ අස්සේ තනිවෙච්ච පුංචි ප්‍රාණ තුනක්....
ReplyDeleteඔව්...අම්පාරට ගියා නම් මේ යුග පුරුෂයාගෙ වැඩ ගැන හොද වැටහීමක් ලබාගන්න පුලුවන්...එහෙ සංචාරය කලාට පස්සෙ තමයි එතුමාට මේ ගෞරව නම්බු නාම පිළිගැන්වීම කොච්චර සාධාරණද කියලා හිතුනෙ...
Deleteඔය පින්තුර වලින් සමහරක් ඊ නිව්ස් එකෙත් දැනට අවුරුදු එකහමාරකට විතර කලින් පළවුනා මතකයි සිරා.
ReplyDeleteඑහෙමද...මා නම් ඒවා දුටුවේ නෑ....70 දශකය පහුකරගෙන ආ අය විදියට හැලප මාමගෙන් මම මෙයට වඩා විස්තරයක් ලැබේවි කියලයි හිතුවෙ....
Deleteඇන්ටික් කාර් ට්කක් ඇත්තටම පාරේ දුවන අපූරුව බලන්න මං හරි අසාවෙන් හිටියා!මේ තියෙන්නේ සුපිරියට!
ReplyDeleteමේ කාර් දෙක කොහෙද තියෙන්නෙ හොයලා බලහං....සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව උඹ එකක් ගනින් ...අනික මම ගන්නම්...අර බයිසිකල් ස්පෝක් වගේ තියෙන එක මට...අරිද ?
Delete70 දශකයේ ෆොටෝ ටිකනම් මම මීට කලින් කොහේවත් දැකලා තිබුනේ නෑ..
ReplyDeleteමමත් මේවායින් තමා ඉස්සෙල්ලාම දැක්කෙ...ඒ කාලෙ ජන සමාජයේ අදට වඩා මනුස්ස කම සහ නිදහස තිබුන බව පේනවා නේද...
Delete70 දශකයේ පොටෝ සෙට් එකේ තවත් කීපයක් තියනවා සිරා,මට කවුරු හරි බ්ලොග්කාරයෙක් දුන්නා බලන්න කවුද කියලා මතක නෑ,,,,අඩේ මමත් කාසි කොළ එකතු කරන්නෙක්,,දවස් කීපයකට උඩදී උබ දාලා තියන රුපියලේ කොලේ එක්ක සත 25 කොලේකුත් සල්ලිවලට ගත්තා ඉතාලිකාරයෙක්ගෙන්..උබ තාමත් එකතු කරනවද?
ReplyDeleteඅඩේ...මෙතන අඩුවක් තියෙන වග මටත් දැනුනා...මොකද ලංකාවෙ සංචාරය කරපු කෙනෙක්ගෙ සම්පූර්ණ ඡායාරූප එකතුව මෙතන නෑ...ඒ ටික ලැබුනොත් මට එවහං තරහා නැතුව...
Deleteපාසලේ බාලදක්ෂයෙකු ලෙස ඉන්න කාලෙ තමයි මුද්දරයි, පරණ මුදල් ආදිය එකතු කලේ...තවමත් ඒ එකතූන් මා ලග සුරක්ෂිතව තියෙනවා....මෑතකදි නම් එයට කිසිවක් අලුතින් එකතු වුනේ නෑ...ශත 25 කොළයක් ආයෙම ලැබුනොත් අරගනින්...මම සල්ලි එවන්නම්....කීයක් වියදම් උනාද ඒකට....
ඇත්තටම මේක මහා වටිනා වැඩක් සිරෝ .... මම එවන්නම්කො වෙලාවක 1900 ගණන්වල මැලේසියාවේ පින්තුර ටිකකුත් ලංකාවේ අපිට වටිනා කියන
ReplyDeleteඒ ටිකත් එව්වොත් ඊලග මාසෙ ලිපියට හරි දාන්න බැරියැ....රාළෙ අපිට වැදගත් වෙනවා කිව්වෙ ඒ කාලෙ අපිට බොහොම පිටිපස්සෙන් හිටපු මැලේසියාව කොහොමද අද වෙද්දි මෙහෙම සීඝ්‍ර දියුණුවක් ලැබුවෙ කියන කාරනේ ඒ ඡායාරූප වලින් පිළිඹිබු වෙන නිසා වෙන්ට ඕනෙ...මම අහලා තියෙන විදියට අපි ඉන්න ක්වාලාලම්පූර් නගරය අද සුරපුරයක් වගේ තිබුනට 1909 වෙද්දි ඝණ කැළෑවක්ලු.....
Deleteගොඩාක් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට...
ReplyDeleteස්තූතියි දේවා කාලෙකට පස්සෙ නේද....
Delete16 පින්තූරෙ තියෙන වාහන දෙකයි නොම්මර ලෑලියි අපූරුයි...
ReplyDeleteඅර 17 පින්තූරෙ තියෙන තැන නම් මට මතක ඇති කාලෙත් ඔය විදියයි...
22 වෙනි පින්තූරෙ අර විදියට රිටි උඩ නැගලා වී හුලං ගහන හැටි මට හොඳට මතකයි... ඒ කරුව අතරෙ හිටගෙන ඉන්න පහසු විදියට පිදුරු ගුලියක් දාලා තියෙන හැටි බලන්න... සමහර වෙලාවට ඕකට අර ගෙවල්වල තියෙන උස ෆෑන් එකකුත් උපයෝගී කරගන්නවා අවශ්‍ය පමණ ස්වභාවික හුළං නැත්නම්...
26 පින්තූරෙ ගම්මිරිස්ද කොහෙද නේද පාර අයිනෙ එලාගෙන වේලන්නෙ... ඉස්සර මිරිසුත් ඔහොම පාර අයිනෙ මාගල් දාලා වේලුවා... ළඟින් යන්න බෑ සැරට... හචිං යනවා... වී නම් වේලුවෙ ගෙවල්වල මිදුල්වලනෙ... අර බේරුවල හරියෙ ගාලු පාරෙ අයිනෙ කරවල වේලන තැන තාමත් එහෙමමද... ඒ කාලෙ එතැනින් යන්න බෑ පුසුඹෙ...
27 නම් කරත්තෙ යන්නෙ ගංවතුරකින් යට වෙච්ච පාරක වගේ නේද...
33 පින්තූරෙ වරායෙ තියෙන රේගුවේ බඩු ගුදම් ටික වගේ...
37 වෙනි පින්තූරෙ වගේ තැඹිලි කුරුම්බා කාරයො කොළඹ හැමතැනම වගේ හිටියා මතකයි... ඒ විහාර මහා දේවී පාක් එක ඉස්සරහද... මට පේන්නෙ අනිත් පැත්තෙ තියෙන්නෙ 38 තියෙන නගර සභා ගොඩනැගිල්ල කියලයි...
බොහොම ස්තුතියි සිරා මේවා අපි එක්ක බෙදා ගන්නවට...
//ඉස්සර මිරිසුත් ඔහොම පාර අයිනෙ මාගල් දාලා වේලුවා...// ගම් වල ත්‍රී විලර් බහුල නොවුනු කාලෙ වී ත් වේලුව පාර මැදට දාල. දැනුත් වී නම් වේලනව සමහර ප්‍රධාන මාර්ග අයිනෙ. හොඳට වේලෙනව රස්නෙ නිසා.
Deleteමිරිස් වේලුව කිව්වම මතක් වුනේ, මං සුට්ටි එකා කාලෙ වේලෙන්න දාපු මිරිස් මාගලක් උඩ ගිහින් වාඩි වෙලා හිටියලු උපන් විදිහටම.. පස්සෙ පොල් කිරි වලින් නෑව්ව ලු හූ කියන කොට. :)
පාරේ එක එක දේවල් වේලිල්ල නිසා එකසැරයක් බෙල්ල කඩාගන්නේ නැතුව බේරුනේ අනූ නවයෙන්.....බිබිල මහියංගන පාරේදී මීට අවුරුද්දකට විතර කලින්....ඒ දවස්වල පාර කාපට් කරනවා...ඒකත් පාරේ එක පැත්තක විතරයි.....තරමක් හවස් වේගෙන ආපු නිසාත් කාපට් පාර නිසාත් මං තරමක වේගෙන් ආවේ....මෙන්න බොලේ එක පාරටම පාර මැද්දේ බඩ ඉරිඟු ඇට වේලෙන්න දාල.....බෙල්ල ගලෝල යන වැඩ...
Delete//මිරිස් වේලුව කිව්වම මතක් වුනේ, මං සුට්ටි එකා කාලෙ වේලෙන්න දාපු මිරිස් මාගලක් උඩ ගිහින් වාඩි වෙලා හිටියලු උපන් විදිහටම.. පස්සෙ පොල් කිරි වලින් නෑව්ව ලු හූ කියන කොට//
Deleteමේක කියවනකොට හිනා ගියා... කිරි වලින් නෑව්වයින් පස්සෙවත් හරි ගියාද...? ඔය මිරිස් වේලන්නෙ පයින් පාග පාග එහා මෙහා කර කරනෙ... මට ඒ කාලෙ හරි පුදුමයි ඒ අයගෙ කකුල් දැවිල්ල ගන්නෙ නැද්ද කියලා...
හප්පා අයාල්... බඩ ඉරිඟු ඇට ගොඩ උඩින් ගියා නම් ලෙලි යන්න කරනමක් ගහන්න තිබ්බා... ඇයි ඉස්සර සමහර පැතිවල පොල් ලෙලිත් දාලා තියෙන්නෙ පාරට... ලේසියෙන් තලා ගන්න...
මට මතක නෑ මියුරු. එච්චර පොඩි කාලෙ. දණගාන එකා කාලෙ වෙන්න ඇති. එතකොට මෙහෙ තිබුනලු හෝ මිරිස්.. දන්නව ඇතිනෙ අර රවුම් මිරිස් වර්ගය. රතු පාටට ලස්සනට තියන කොට ආස හිතෙන්න ඇති මට.. :)
Deleteමේ ලස්සන අතීතයේ යම් කොටසක් හැබැහින් දකින්න මමත් පින් කොරලා තිබුනා...ඒ පින අපේ දරුවන්ට නැති නිසා මේ වගේ ඡායාරූප එකතුවකින් තමයි බලන්න වෙන්නෙ...ඉස්සර මම පොඩි කාලෙ අපේ කුඹුරු වල ගොයම් කැපුවට පස්සෙ කමතෙදි ඒවා බැත බවට පත්කලේ අම්බරුවන් යොදාගෙන...ඊට ටික කාලෙකට පස්සෙ රෝද 4 ට්‍රැක්ටරයෙන්...ඒ කාලෙ ඇති පදම් පිදුරු ගොඩේ පිනුම් ගහලා කසන්න ගත්තම දැනුන සොමිය කියලා වැඩක් නෑ...ගෙදර ඇවිල්ලා පළවෙනි වතුර බාල්දිය ඇගට වැටෙනකොට දැනෙන සුවය...කියන්න වදන් නෑ...
Deleteපුරහල හෙවත් කොළඹ නගර සභා ගොඩනැගිල්ල තමයි 38 වෙනි ඡායාරූපය...බලන්න අර කුරුම්බා වෙළෙන්දා පරිසරය අපවිත්‍ර නොකර කුරුම්බා කෝම්බ ටිකත් කරත්තයේම පටවාගෙන යන අපූරුව....මා ඉන්න මැලේසියාවෙත් මේ වගේ කුරුම්බා පාර අද්දර විකුනනවා ටිකක් නගරයෙන් ඈතට වෙන්න...එහෙත් මේ රටේ කිසිම තැනක තැඹිලි විකුණනවා දැක නෑ...සිංගප්පූරුවෙත් කුරුම්බා තිබුනට තැඹිලි පේන්න තිබුනෙ නෑ...මේ අය කුරුම්බා පමණයි පාවිච්චි කරන්නෙ මට හිතෙන විදියට....කුරුම්බා ලොද ගලවලා පැණි සමග කන්න දෙනවා...coconut Jelly යන නමින් එය හදුන්වන්නෙ....ලොව විශාලතම මුරුගන් ප්‍රතිමාව තියෙන බටු කේව්ස් යන ස්වභාවික හුණුගල් ගුහාව කිට්ටුව පාරෙ කුරුම්බා වෙළෙන්දො දෙන්නෙක් ඉන්නවා...අපේ රටේ කිසිවෙක් ඒ විදියට කුරුම්බා කපන්නෙ නෑ...එය එතරම් සිත්ගන්නා සුළුයි. ආයෙ ගිය වෙලාවක වීඩියෝ කරලම ගෙනත් පෙන්වන්නම්....
චූටි චන්දනයගෙ මල්ලි පවු....
සිරා නෝටියා වෙලා සද්ද නැතුව අළුත් පින්තූර ටිකකුත් එකතු කරලනෙ...
Delete40 විදියට තමයි අපි පුංචි කාලෙ කඩවල කොසු ඉදල් එල්ලලා තිබ්බෙ...
45 දැක්කමයි මතක් උනේ ඒ කාලෙ සත්තු වත්ත ඇතුලෙ අලිය පිටේ අපිත් ගියානෙ කියලා... දැනුත් යන්න පුළුවන්ද...?
49 ඒ කාලෙ පොලිතීන් බෑග්, ප්ලාස්ටික් බෑග් තිබුණෙ නෑනෙ... තිබ්බෙ කඩදාසි මලු, කඩදාසි ගොටු... ඒ පින්තූරෙ අර පිටිපස්සෙන් පේන්නෙ බස් ස්ටෑන්ඩ් එක වගෙයි නේද...? මේ කඩ තියෙන හරියෙ පොඩි වාහන පාර්ක් එකක් තිබිලා තියෙනව වගේ... පරණ කාර් හෙම තියෙන්නෙ...
55 මේක බෙන්තොට කියල තිබ්බට මට පේන විදියට අළුත්ගම බස් ස්ටෑන්ඩ් එක වගේ... බෙන්තොට බස් ස්ටෑන්ඩ් එකක් තිබුණෙ නෑ මං දන්න කාලෙ නම්...
60 ඔය පේන්නෙ ත්‍රිකුණාමලය පාර නේද...? වම් පැත්තෙ වැව අයිනෙම තියෙන්නෙ ක්වීන්ස් හෝටලයද කොහෙද... නුවර වැව...
හරිම වටින පිංතූර ටිකක් සිරා. ස්තුතියි බෙදාගත්තට.
ReplyDeleteඅර පල්ලෙහ පිංතූර වල තියෙන හැටියට ලංකාවෙ පාරවල් ඒ කාලෙත් කොලිටියට තිබිල තියෙනවනෙ.
ඒ කාලෙ කොළඹ නගරයේ වාහන සහ ජනතාව අඩුයි. ඒ නිසයි නගරය ක්‍රමවත්ව සහ අලංකාරව තබා ගන්නට හැකි වෙන්න ඇත්තෙ...මේ පේන මං මාවත් වල අද කොපමණ නම් වාහන තියෙනවාද....කොළඹ නගරයේ විනාඩ් 20 පමණ මාර්ගයක් අද්දර හිටගෙන හිටියාම නහය දනවා වාහන දුම නිසා...නමුත් මේ රටවල එහෙම කිසිම අපහසුතාවක් නෑ...නවීනතම වාහන සහ හොදම ගුණත්වයේ පෙට්‍රල් භාවිතය නිසා එහෙම වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ...
Deleteමාර වටිනාකමක් තියෙනවා බං මේ ඡායාරූප වල. හරිම අගෙයි..
ReplyDeleteඇයි බන් ඔහොම සිල්ලර කොටලා මාරු වෙන්නෙ...බොලා දැකලා තියෙනවා නේද 70 දශකයේ අරුමෝසම්...ඒවායෙන් එකක් දෙකක් කිව්වා නම් අපි තරහා වෙනවා කියලා හිතුවද ?
Deleteහරිම දුර්ලභ පින්තූර ටිකක්, සිරා මලයට ගොඩක් ස්තුතියි... අපිත් එක්ක බෙදා ගත්තට...
ReplyDeleteස්තූතියි නාවිකයා....තවත් මෙවැනි දෑ ලැබුනොත් නිසැකවම මෙහි පල වේවි.
Deleteමුල් පින්තූර ටික බලලානම් ගොඩක් පුදුම හිතුනා.බොහොමයක් සිද්ධස්ථාන ඒකාලෙයි දැනුයි වෙනස දැක්කම.
ReplyDeleteවිශේෂයෙන් කැළණි විහාරයෙ සහා දළදා මාළිගාවෙ පින්තූර ටික ගොඩක් දැනුනා.
ඒ දවස් වල ජන ජීවිතය බොහොම සරළයි කියලයි බලන බලන හැම තැනකදිම පේන්නෙ...මිනිස්සුන්ගෙ අවශ්‍යතා සීමිත වෙච්ච නිසා බොහොම නිස්කලංකව ගහ කොළට සතා සීපාවට සමීප වෙලා ඉන්න ඇති තරම් කාලය තියෙන්න ඇති. අද අපි අත්දකින සමාජය කෙතරම් නම් කාර්යබහුලද.....
Deleteමරු පින්තුර සෙට් එක,තව අවුරුදු 100 විතර ගියාම අද ගන්න පින්තුර වලටත් මේ වගේ වටිනාකමක් ලැබේවිද.?තුන් දෙනාටම තැන්කු ඈ.
ReplyDeleteඅවු 100ක් ඉන්න ඕනෑ නෑහෑ. කොළඹ suburbs වල අවුරුදු දහයකට කළින් ගත්ත හොද පෑහෑදිලි ෆෝටෝ තියනවනම් වටිනව ඒව දෑන් හුගාක් වෙනස් වෙලා නිසා
Deleteඇත්තටම...අද එතරම් කාලයක් අවශ්‍ය නෑ...තාක්ෂණයේ සිදුවන සීඝ්‍ර වෙනස් කම් නිසා අප වටා පරිසරය ඉතා වේගයෙන් නවීකරණය වෙනවා....
Deleteපිං සිදුවන්නේ අනේ සිරා කොලුවනේ
ReplyDeleteතවත් තවත් පොටෝ සොයා ගෙනත් දමන්නේ
මට කියන්න හිතුන එක ඊට ගොඩක් ලස්සනට ඉවාන් කියල තියනවා
Deleteඅනේ එහෙම දාන්නටයි සිරා සිතන්නේ
Deleteතියෙන තැනින් පින්තූරය සොයා එවන්නේ
නොදුටු දසුන් දකින්න එවිටයි හැකි වන්නේ
ඉවාන් කොලූවො පින්තූරය සොයා දියන්නේ
29 වෙනි පින්තූරේ නම් ෂුවර් ඇන්ඩ් ෂොට් දඹුල්ල ටවුමේ තියෙන කණුවක් වෙන්න ඕන.. ඔය පාරවල් තුනම සෙට් වෙන්නේ දඹුල්ලෙදි
ReplyDeleteඑතැන සටහන් වෙලා තියෙන දුර ප්‍රමාණයන් අනුව මෙය දඹුල්ලට තදාසන්න ප්‍රදේශයක් විය යුතුයි...බලන්න මාතලේට තියෙන දුර....
Deleteනියම පින්තූර ටිකක් සිරා අපි ඔයකාලේ ඉපදෙන්න හිතලවත් නෑ නොවැ
ReplyDeleteමම නම් කලින් ආත්මෙ අන්තිම හරිය ඔහෙ කෙහෙ හරි මුල්ලක ගත කරන්න ඇති මේ කියන කාලෙ...
Deleteසමහර ඒව දැකලා තිබුනත් වටිනා පෝස්ට් එකක් ..
ReplyDelete70 දශකයේ ඒවා නම් මම කලින් කොහෙදිවත් දැකලා තිබුනෙ නෑ.
Deleteස්තුතියි මචං වටිනවා මේවානම් සිරාවටම
ReplyDeleteමේ අනිත් කෙනා....70 දශකයේ අත්දැකීම් තියාගෙනත් වචනයෙන් දෙකෙන් ලිස්සලා යනවා...
Deleteහරිම වටිනා වැඩක් මලේ! සමහර පිංතූර දකිද්දි ඇස් වලට කඳුළු ආවා. අපේ රට කොච්චර ලස්සනට තියෙන්න ඇද්ද ඔය පුහු නවීකරණයන් නැතුවට...
ReplyDeleteඅද තියෙන තරගකාරීත්වය එක්ක අපිට නැති වුනේ ගහට කොළට ලං වෙලා ඒ මිනිස්සු වින්ද චමත්කාරයයි...ඒ හිත්වල තිබුන මනුස්සකමේ සුවදයි...
Deleteස්තුති යි අපිත් එක්ක බෙදා ගත්තට. සමහරුන්ට අගයක් නැති වුණත් මේවා වටින සිහිවටන.
ReplyDeleteඇත්තටම...මම නම් මෙවැනි පැරණි ඡායාරූප වලට හරිම මනාපයි...ඒ නිසාමයි නිතරම වගේ යමක් සිරාගෙ කාමරේ පල වෙන්නෙ...
Deleteවිටින පින්තූර එකතුවක් අයියෙ , ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට :)
ReplyDeleteස්තුතියි මලයො..අපේ පැත්තට ඇවිල්ලා කොලුවට තල්ලුවක් දීලා යන එකට....
Delete17 නම් රත්මලානේ ග්ලැක්සෝ එක 1980-1990 වෙනකනුත් ඔය ගස් දෙක තිබුනා. පොඩි කාලේ අපි කිව්වේ ෆෑන් ගස් දෙක කියලා. ග්ලැක්සෝ කම්පැනි එක ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් කියලා තමයි දැන් හඳුන්වන්නේ යුරෝපයේ. ලංකාවේ කොහොමද දන්නේ නැහැ. ඒ වෙනවිට ග්ලැක්සෝ තමයි අපේ රටේ හිටපු එකම බෙහෙත් නිශ්පාදකයා. ඔය හරියෙමද කොහෙද ග්ලූකොරස ෆැක්ටරිය තිබුනේ..{උස්වත්ත ජුජුබ්ස් )ජිප්සීස්ලාට අයිතිව තිබුනේ.
ReplyDelete37 වික්ටෝරියා පාක් එක ඉස්සරහ.
34 ෆ්ලයිට් එක යට තියෙන්නේ එයාර් සිලෝන් වාහන. ඒක හොඳට මතකයි මම කුඩා කාලයේ එයර් පෝට් ආවා අපේ ඥාති අයියා කෙනෙක් රට යනකොට.
32 හාබර් බිල්ඩින්ග් එක නේද?
GlaxoSmithKline තමයි ඔය සමාගමේ නම...එංගලන්ත සමාගමක්, වර්තමානයේත් ක්‍රියාත්මකයි. ඒ ගස් දෙක සමහර විට අද නැතුව ඇති. 70 දශකයේ පැෂන් අදට ගැලපෙන්නෙ නෑ කියලා කවුරු හරි කපලා දාන්න ඇති.
Delete32 කොළඹ වරාය තමයි...
මම හිතන්නේ අර ෆොටෝ එකේ ඉන්න ගෑනු උදවියගේ ඇඳුම් ඒ කාලේ උඩරට පැත්තේ ඇඳුම්වලට වඩා වෙනස් කියලා. මම දැකලා තියෙන පරණ ෆොටෝස්වල ගෑනු ලමයි ආප්ප වාටි කරේ එල්ලගෙන ඉන්නවා වගේ පේන්නේ. :)
ReplyDeleteපින්තූරු ටික ඔක්කොම හරියට වටිනවා. ඒ පාරක දැන් කාලේ වාහනයක නැගලා එලවගෙන ගියොත් කොහොම තියෙයිද?
ඒ ඉන්නෙ පහත රට මුහුදුකරයෙ ගැහැණු අයයි කියලා මට හිතෙන්නෙ පොඩ්ඩි... මට මතක ඇති කාලෙ ඔය වගේ හැට්ට ඇන්දෙ එයාලා... ඕකට නමකුත් කිව්වා මට මතක නෑ... ඒ හැට්ටවල කර වටෙයි අත් අගටයි ලස්සන රේන්දත් අල්ලලා තිබ්බා... ඔය ඇඳන් ඉන්න චීත්ත හරි දිගයි... ඒ කාලෙ චීත්තයකට යාර හතරක්ද කොහෙද ගත්තනෙ.... ඊටත් වැඩිද මන්දා... යාරයක් කියන්නෙ අඩි තුනක්...
Deleteඒ පින්තූරෙ දකුණු අත පැත්තෙ තියෙන වංගෙඩිය වගේ ලී වංගෙඩියක් තමයි අපේ අත්තම්මලගෙ ගෙදරත් තිබුණෙ...
ඔයා ආප්ප වාටි කිව්වෙ ළමා සාරියේ කර වටේ තියෙන රැල්ලටද...? ඉස්සර කාලෙ ඒ රැල්ල පටන් අරන් තියෙන්නෙ බෙල්ලටම කිට්ටු කරලයි... පස්සෙ කාලෙක තමයි කර පළල් කරලා රැල්ල දාන්න පටන් අරන් තියෙන්නෙ... ඒකද දන්නෙ නෑ ඔයා ඔය කියන්නෙ... :D
//ඕකට නමකුත් කිව්වා මට මතක නෑ... // කබා කුරුත්තු ද ? :)
Deleteඅන්න හරි චන්දන.....මටත් මතක ඒ වගේ..
Deleteමාත් හිතන්නෙ පාතරට ගැහැණු අය තමා ඕය කබා කුරුත්තු ඇන්දෙ මට මතකයි අපේ ආච්චිත් ඔය වගේ ඇඳගෙන පොටෝවක් ගහල තිබුන. කාරණය පොඩ්ඩි මතක් කලාමයි වටිනාකම තේරුනෙ. උඩරැටියො ඔය කාලෙ ඇන්දෙ බෝරිච්චි හැට්ටෙ මම හිතන්නෙ. පොඩ්ඩි දැනගන්න එපැයි .....නේ බන් සිරෝ..? :))))
Deleteමේ පහත රට කාන්තාවන් පොඩ්ඩි...මියුරු කියලා තියෙන විස්තරයට මමත් එකගයි..බැලූ බැල්මටම මේ කාන්තාවන් පහතරට බව පේන්නෙ ඒ අය ඇදලා තියෙන හැට්ටෙන්. වීයා කියනවා වගේ උඩරට මැණිකෙලා අපෙන් අහනවා මේ අය උඩරට නෙමෙයි නේද කියලා...නරකද පොඩ්ඩි මේ මෝස්තරෙන් හැට්ටයක් මහ ගත්තොත්....
Deleteසුනිල් එදිරිසිංහ ගායක තුමාගෙ ගීතයකත් තියෙන්නෙ // කබා කුරුත්තාව ඇදන් මුතු දෙපටක් කරේ බැදන් කියලා....පාරුපාලමෙන් තමයි ගීතයේ මුල...
මට ඉස්සෙල්ලම ඔළුවට ආවෙ බොස්තරැක්ක කියන නම... නමුත් පස්සෙ ආයෙ විචිකිච්ඡාවක් දැනුනා බොස්තරැක්කෙ කියන්නෙ ගවුමක්ද කියලා... ඒ කියන්නෙ දෙකම හරියට දන්නෙ නෑ මම...
Deleteඅනිත් එක අර හැට්ටවල කර වටෙයි අත් වටෙයි අල්ලලා තියෙන රේන්ද ඒ කාලෙ නම් බීරළු රේන්ද... හරි ලස්සනයි...
අපේ අම්මා කියනවා අර ළමා සාරියේ රැල්ල බෙල්ල මුලින් පටන් ගෙන තියෙන්නෙ ඒ කාලෙ එයාල ඇන්ද ළමා සාරිවල හැට්ටෙයි රැල්ලයි තිබ්බෙ වෙන වෙනම නිසා කියලා... හැට්ටෙ ඇන්දට පස්සෙ, නූලක යවලා වෙනම තියෙන රැලි ටික අරගෙන කර වටේ දාලා බෙල්ල මුලට වෙන්න නූල ඇදලා ගැට ගහගන්නවලු... :D
සිරා මහත්තයෝ මේ රූප කෑලි ටික බුකියෙ පැතිරුවට කමක් නැතෙයි ???
ReplyDeleteකමක් නෑ රත්තරනෙ...මේවා මගේ නෙමෙයි..මගෙන් ඒ සදහා අවසර ගත යුතු නැ...අස්සක මුල්ලක හංගගෙන ඉන්නවට වඩා කොච්චර වටිනවද මේ ඡායාරූප බලලා කෙනෙකු සතුටු වෙනවා නම්....
Deleteපින්තූර ටික නම් සිරා සිරෝ...කොපියක් දාගත්තාට කමක් නෑනේ...ඉදල්ගස්හින්න ස්ටේෂන් එකේ වහලෙට වැටෙන වතුරත් පලාත් දෙකකට ගලන්නේ කියලා කොච්චියේ ගාඩ් මහත්තයා කිව්වා වගේ මතකයි...
ReplyDeleteකොපි එකට දෙකක් දා ගන්ට...ගාඩ් මහත්තයා කොඩිය වනන ගමන් වෙන්ට ඕනෙ ඒ කථාව කියන්න ඇත්තෙ....මමත් ඉදල්ගස්හින්න හරහා චාරිකාවේ යෙදිලා තියෙනවා...
Deleteමම මේ පින්තූර බොහොමයක් දැකලා තියෙනවා සිරා ජාලෙන්ම. ඔය ලංකාපුර වගේ ඒවා මම හොයාගෙන යන්නේ ආසාවටම.
ReplyDeleteපින්තූර ගැන හුඟාක් කමෙන්ට් තියෙනෙ නිසා මම යටින්ම තියෙන හැත්තෑව දශකයේ ඒවා ගැන විතරක් කියන්නම් කවුරුවත් නොකියපු අදහසක්.
පින්තූරයක් දැකලා අහා ඒ කාලේ මෙහෙමනේ තිබිලා තියෙන්නේ කියලා හිතන එක අපි කවුරුත් කරන දෙයක්. නමුත් සිරා අපි පින්තූරයක් ගන්නේ මොනවගේ අවස්තාවකද? අමුතු යමක් දැක්කාම නේද? අපි ගනිමු හැත්තෑව දශකයේ අර කාර් දෙක CY 42o8 සහX 1256 එකිනෙක මාරුවෙන පින්තූරේ. දැන් කෙනෙක් හිතන්න පුලුවන් ඔය වගේ කාර් තමයි එදා තිබුනේ කියලා පාරේ. ඇත්තෙන්ම නෑ. ඔය පින්තූරේ කෙනෙක් ගන්න ඇත්තෙත් ඔය කාර් දෙකේ තිබුණු විශේෂත්වය නිසා. ඇත්තෙන්ම 2 ශ්‍රි වාහන ආවත් එක්දාස් නමසිය පනස්ගනන්වල. ඔය හැත්තෑව දශකයේත් ඔය ඉංග්‍රීසි අකුරු තියෙන වාහන පරණ ඒවා, විශේෂයෙන්ම අර X, Z වගේ වාහන.
හැත්තෑව දශකයේ තමයි Honda, Yamaha, Suzuki, Kawasaki මෝටබයිසිකල් වගේම Toyota Corolla, Nisan (Datsun) Sunny, Mitsubishi Lancer, Daihatsu, Subaru වගේ කාර්, එතකොට Toyota Hiace , Isuszu Elf Route Van හෙමත් ආවේ. එතකොට Volkswagen Golf, Beetle, Austin Morris Mini Cooper හෙම.
තවමත් පරණ CE, CY, CL, EY, EL, EN වගේ පරණ කාර් ගෙවල් වල තිබුනා, හන්දිවල ටැක්සි වලට තිබුනා. ඒවා Morris Minor, Ford Prefect, Ford Consul, Vauxhall Wyvern, Hillman Minx, Open Rekard, Holden වගේ ඒවා.
කොටින්ම ඔය සිරාගේ බයික් එකත් හැත්තෑ නවයේ විතර එකක් මම හිතන්නේ. ඒ මොකද ඉස්සර මටත් 9ශ්‍රී කාර් එකක් තිබුනා. ඒක 1979 ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු එකක් මට මතක විදියට.
ඉතින් ඒ වගේමයි හැත්තෑව දශකයේ අනිත් පින්තූරත්. ඕවා අරන් තියෙන්නේ විශේෂත්වයක් දැකපු නිසා. ඇයි මම දාපු ඇන්ටික්මේනියාවේ පින්තූරත් එහෙම නේද 2013 දෙසැම්බර් ගත්තට? තව අවුරුද්දකින් පින්තූරෙ විතරක් දකින එකා හිතන්න පුලුවන් 2013 තිබ්බ කාර් අර වගේ කියලා.
ව්‍යාපාරික සහකරු හෙන්රි උතුමාට දීර්ඝ කමෙන්ටුවක් මෙහි කෙටීමට තරම් සිතක් පහලවීම ගැන මම අතිශය කෘතඤ වෙමි.
Deleteඇත්ත වශයෙන්ම 1948 නිදහස ලැබුනට පස්සෙ තමයි CEYLON කියන ඉංග්‍රීසි වදන තුල තියෙන විවිධ අකුරු යුගල උපයෝගී කරගෙන නාම පුවරු නිකුත් කිරීම ඇරඹුනේ...ඉහළම ඡායාරූපයේ වගේ තනි ඉංග්‍රීසි අක්ෂරයක් සහිත නාම පුවරුවක් තියේ නම් ඒ වාහනය නිදහසට පෙර ලියාපදිංචි කල එකක්...1970 අවධිය වෙද්දිත් ඒ වාහන ඇන්ටික් ගනයට තමයි වැටෙන්නෙ...අදත් කළාතුරකින් එවැනි වාහන ලක්ෂ 20 කට ඉහළ මිළ ගනන් වලට විකුණන දැන්වීම් මා දැක තියෙනවා...ඕදිරිස් හිරමන හදපු ඕදිරිස් මුදලාලිටත් එවැනි කලු පැහැති කාරයක් තිබුනා.
බණ්ඩාරනායක අගමැති තුමා 1956 ශ්‍රී අකුර ගෙනාවෙ. සිංහල දෙමළ සංහිදියාව බිදී යන්නටත් මේ කාරණය හේතු උන බවත් යාපනය පැත්තෙ වාහන වල සිංහල හෝඩියට අයත් අකුරක් වන ශ්‍රී අකුර මත තාර ගා ධාවනය කල බවත් මා අසා තිියෙනවා...ඒ අනුව 1 ශ්‍රී 1956 ලියාපදිංචි කල වාහනයක්...
ඔබේ අදහස හරියටම හරි. මේ සංචාරයේ යෙදී සිටින යුවලත් එංගලන්ත ජාතිකයො වගෙයි මට පෙන්නෙ. ඒ අයගෙ රටේ තමයි ඔස්ටින් ඇතුලුව බොහෝ පැරණි රථ නිපදවූයෙ...ඒ රටෙත් ඇන්ටික් වාහන මේ රටේ දැක්කම ඡායාරූපයක් ගන්න හිත යන්න ඇති.
මගේ ස්කූටර් රාජයා 1979 ලියාපදිංචි කල එකක්...මේ දවස් වල ඔන්න ටෙලියක රගපානවා...
ස්තුතියි පාට්නර්.
Deleteපොඩි වැරදි වගයක් දැක්කා මගේ කමෙන්ට් එකේ
CE, CY, CL, EY, EL, EN වලට CN එකතු වෙන්න ඕනෙ
Nissan
තව අවුරුද්දකින් පින්තූරෙ විතරක් දකින එකා හිතන්න පුලුවන් 2013 තිබ්බ කාර් අර වගේ කියලා.
තව අවුරුදු විස්සකින් වෙන්න ඕනේ.
මොකක්ද ටෙලියේ නම? උඹේ ස්කූටරේ ඡන්දෙත් ඉල්ලයිද? :D
ටෙලියෙ නමක් ගමක් මම දන්නෙ නැ...මගේ මලයා තමා සම්බන්ධීකරණය කරලා ඒක ලබා දුන්නෙ මගේ අවසරය අරගෙන...යහතින් ආපහු ලැබෙයිද කියලා දෙගිඩියාවෙන් දැන් මම ඉන්නෙ.....
Deleteසමහර ෆොටෝස් දැක්කාම ඒ විදිහටම තාමත් තිබ්බා නම් කියලා හිතෙනවා. ඒත් නවීකරණයෙන් බේරෙන්න හරි අමාරුයි. මාත් කාලෙකට කලින් මේ විදිහට ලංකාවේ පැරණි සිද්ධස්ථානය ගොඩක එදා සහ අද ෆොටෝස් එකතු කළා අයියා. මෙන්න පාර
ReplyDeletehttps://www.facebook.com/hcgunasinghe/media_set?set=a.1175262749647.27405.1470435034&type=3
හසිත මලයා බොහොම ස්තූතියි..ලින්කුවෙන් ගිහිල්ලා ඒ ඡායාරූප එකතුවත් බැලුවා....මේ පැරණි ඡායාරූප දිහා අපිට මේ තරම් බලාගෙන ඉන්න හිතෙන්නෙ ඒ පරිසර වල කලින් ආත්ම වල ජීවත් වෙච්ච නිසා වෙන්ට ඇති කියලයි මට හිතෙන්නෙ.
Deleteවැදගත් පින්තූර එක්තුවක් සිරා .. පරණ ජාතියේෆොටෝස් වලට මම නොසෑහෙන්න කැමතියි ..
ReplyDeleteමමත් ඉතාම කැමතියි...නොදැකපු දෙයක් දකිද්දි අමුතුම මිහිරකින් සිත ඔකද වෙලා යනවා....
Deleteඔය ග්ලැක්සෝ කියල තියෙන්නෙ ගොළුමඩම හන්දියෙ. ඕකෙ දැන් ගහල තියෙන්නෙ gsk කියල. ඒකෙ ඉස්සරහ තියෙන කෙසෙල් කොළ එක්ක ඉඳි ගහක කඳ තියෙන ඒ අපූරු ට්‍රැවලස් පාම් ගහ ගැන ඉස්සර අපිට හරි පුදුමයි. ග්ලැක්සෝ එක අනික ඉස්සර වැඩ සතියට අනිවාර්යනෙම හොඳ ගානක් කපාගන්න යන්න තැනක්.
ReplyDeleteඅර මහ වීදියෙ රාළහාමි හිටන් ඉන්න පිටිපස්සෙ යන ගෑනු කෙන කොට ගවුම ඇඳන් ගියාට සරං කාරයො පාඩුවෙ ඉන්නව. ඒකට දැන් ඉන්න කළිසං කාරයො!
අනික එතන බිත්තියෙ චීන අකුරු නේද බෝඩ් එහෙක තියෙන්නෙ?
ඒ සමාගමේ වර්තමාන නාමය තමයි gsk කියලා හදුන්වන්නෙ. එංගලන්ත සමාගමක්. එදත් එය එසේමදැයි දන්නෙ නෑ. වැඩ සතිය කිව්වෙ බාල දක්ෂ වැඩ සතිය වෙන්න ඇති. එතන බිත්තියෙ තියෙන්නෙ ජපන් අකුරු..
Deleteනොදුටු පින්තූර බොහොමයක් දැක්කා. බෙන්තොට කියන හැම පින්තූරයක්ම බෙන්තොට කියා මට හිතෙන්නේ නෑ. මුහුදුබඩ අහංගම, වැලිගම, කොග්ගල හරියත් බෙන්තොට හා සමාන දසුන් තියෙන්නේ. මොනවා වුණත් හොඳ එකතුවක්.
ReplyDeleteඒ සියල්ලක්ම ඇත්ත වශයෙන්ම බෙන්තොට තමයි. ඇයි මම එහෙම විශ්වාසයෙන් කියන්නෙ කියලා ඉදිරි ලිපියකින් කියන්නම්. 70 දශකයේ ඡායාරූප තව තියෙනවා...ඉදිරි දින වල ඒවා දැක ගන්න පුලුවන්.
Deleteලින්ක් එක එවලත් මේ පැත්තෙ ගොඩ වෙන්න පරක්කු උනාට සමාවෙන්න.. බ්ලොග් ලොකෙන් ටිකක් ඈත් වෙලා ඉන්න නිසා බ්ලොග් පැත්තෙ එවෙනව අඩුයි..
ReplyDeleteමේ පොටෝ වල වැදගත්කම කියල නිම කරන්න බෑ.. අපි හිටියෙ නැති කාලෙක අපේම අතිතය බලාගන්න ලැබෙන එක කොච්චර දෙයක්ද :) එෆ් බී එකේ ඉන්න අනිල් අයියත් මේ විදියෙ පොටො ගොඩක් දාල තිබුනා.. එයාගෙ අවසරය අරන් ඉස්සරහදි මාත් දාන්නම් :)
සමාවෙන්න දෙයක් නෑ...බොලා වගේ යෞවනයො මේ පින්තූර දකින්න කැමති ඇති කියලා හිතුන නිසයි මම ලින්කුවක් එව්වෙ. තව ඡායාරූප තියෙනවා...ඉදිරි දින වල ඒවා දැක ගනිමු.
Deleteඅලුතෙන් දාපු පොටෝ ටිකත් මරු...භූමිතෙල් කරත්තේ එහෙම යන්තමට මතකයි...
ReplyDeleteඩැයිවර් කොල්ලව බලන්න අද මම ආවා..ඉදිරියෙදි මුණ ගැහෙමු....පැරණි ඡායාරූප තව දෙන්නම්...ඉදිරියේදි.
Deleteඩ්‍රයිවර්.....55 තියෙන්නේ භූමිතෙල් කරත්තයක් නෙමේ මගේ හිතේ. මම හිතන විදිහට රා ප්‍රවාහනය කරේ ඔය වගේ ලී බැරල් වල.
ReplyDeleteහූමිතෙල් කරත්ත තිබුනේ රතු පාටින්. ඔහොම බූමිතෙල් කරත්ත වලින් බෙදන ව්‍යාපාරයක් තිබුනා බම්බලපිටියේ හන්දියේම මැජස්ටික් එක ඉස්සරහා වත්තේ 70-80 කාලේ. ඕක අයිතිව තිබුනේ ඇන්තනීස් කියලා මහත්මයෙකුට. එයාගේ පුතා සුරාජ් ඇන්තනීස් මගේ ක්ලාස්මේට්. අපි ඌට භූමිතෙල් කියලා කතාකරේ.
ඒ වගේම පොල්තෙල් බෙදන ඔය වගේම කරත්ත තිබුනා කහ පාටින්. ඔය දෙගොල්ලන් ගාවම කරත්තේ යටින් එල්ලපු දැල් ගෝනියක ගැලුම ,භාගේ, කාල මනින උපකරණ තිබුනා. ටැන්කියෙන් භූමිතෙල් එන පයිප්පයට පස්සේ පස්සේ පොඩි ලොක් එකක් දැම්මා කොල්ලෝ කරත්තේ මෑන් එහෙට මෙහෙට වෙනකම් ඉඳලා ඕක ඇරලා දාන නිසා.
මට මතක කාලෙත් භූමිතෙල් කරත්ත තිබුනෙ රතු පැහැයෙන්...එහි ලංකා කියන ලාංජනයත් තිබුනා. කහපාට ඒවත් මට යන්තමින් වගේ මතකයි. ඉස්සර ගම්පහ ටවුමටම එකක් වගේ වෙන්න තිබුනා.
Deleteස්තූතියි අරූ/සිරා.. පැහැදිලි කිරීමට...කරත්තෙක භූමිතෙල් බෙදනවා මතකයි ඒත් පාට මතක තිබුනේ නැ..
Deleteසිරා.....අලුත් ෆොටෝ ටිකත් මරු.
ReplyDelete21...ඔය විදිහට පොල් අතු ගහපු මඩුවක යාල සෆාරි හෝටලයේ මුහුද පැත්තට වැල්ල අයිනේ ස්ථිරවම පදිංචි වෙච්ච මනුස්සයෙක් හිටියා. මරු නමක් තිබුනේ මට මතක නැහැ. ධීවර කර්මාන්තයේ ඇවිත් ආපහු නොගිය තනිකඩයෙක්.වයසයි. වැද්දෙක් වගේ කොන්ඩේ. ඉස්සෝ අල්ලගෙන සූස්තිය ගහගෙන හිටියේ. යාල සෆාරි එකෙන් කන්න බොන්න දුන්නා. මගේ මස්සිනා යාල හිටිය නිසා මම හැම වසරෙම යනවා. ඒ බුවා හෙන ආතල් පොරක්. පසුව මිය ගියා.
39....අපි කොහු ඉදල් ගත්තේ ඕවාගෙන් තමයි. ඔය තහඩු කරත්තෙට ගගහා තමයි කොහු ඉදාල් ඉදාල් කිය කිය යන්නේ. ඔය වෙලෙන්දෝ බොහෝ අය ඔය වගේ තොප්පියක් දැම්මා.
41...1990 ගනන් වලත් පොල් කරත්ත තිබුනා කොළඹ.
42....අකුරල,අම්බලන්ගොඩ පැත්තේ හරියට තිබුනා. දෙල්කඳ අකුරළ හුනු කියලා තැනක් තිබුනා. අපේ ආච්චිට බුලත් කන්න හුනු ගත්තේ එතැනින්.
45...සූ එක ඔය යුගයේ හොඳටම මතකයි. මම සූ එක ඉස්සරහ තමයි හිටියේ. අලි බලන අය කොට කලිසම ඇන්දේ ඒ කාලේ. සුදු සරම ඇඳලා උඩින් යුනිෆෝම් කාකි කෝට් එක ඇඳපු ජේමිස් අයියා කියලා බුවෙකුත් හිටියා.
50....1980 යුගයේ නුවර කුයින්ස් හෝටලයේ අවන්හල් සේවකයෝ ඇන්දෙත් ඔය සුදු යුනුෆෝම් එක. ඒ කාලේ වෙනකම් ඒ කුස්සියේ විශාල දර ලිප් තිබුනා. ජෝ මඩවල කියන ඔබරෝයි එකේ හිටපු මැනේජර් කෙනෙක් තමයි එතැන ලොක්කා වෙලා හිටියේ.
52....ඔය හරියේ නිතර ගැවසුනා. අංක හයේ ටෙලිෆෝන් නොම්බර තිබුනේ 1970 කාලේ.
54.....බූස්ස ඉඳන් ගාල්ලට හැතැප්ම අටයි.
56....එංගලන්තයේ හැම තැපැල් පෙට්ටියක්ක්ම තාම ඔහොමයි. 2012 ඔලිම්පික් රන් පදක්කම් දිනපු බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ගෞරවයක් වශයෙන් ඒ ඒ අයගේ ගමේ තැපැල් පෙට්ටිය රත්තරන් පාටින් ආලේප කරා. තැපැල් පෙට්ටිය එංගලන්තයේ සළකුනක්.
57... ඒ කාලේ අපේ ලොකු මල්ලි ඔය පතලක හොරෙන් වැඩ කරන්න ගිහින් තාත්තයි මායි ගිහින් අරගෙන ආවා.
58....මට ඔය බෝඩ් එක හොඳට මතකයි. 1980 හෝටල් සංස්ඨාවට අයිතිව තිබු බෙන්තොට බීච් හොටෙල් එකේ ඉන්ටවිව් ගියා. හරි ගියේ නැහැ. පසුව වැලිගම බේ බීච් හොටෙල් එකේ වැඩ කරපු නිසා යන එනකොට ඕක දකිනවා. පුදුම විදිහට සංචාරයකයෝ ඔතන ගැවසුනා ඒ යුගයේ.
59....ඔතනටත් ගිහින් තියෙනවා.
සමාවෙයන්....දන්න දේ ලිව්වේ ආසාවෙන්. හැබැයි දිග වැඩියි.
ඇයි සමාව ඉල්ලුවේ...මේ වගේ දෙගුණයක් දිග උනත් මගේ අකමැත්තක් නෑ...මම හරිම කැමතියි වචන දෙකක් වෙනුවට විස්තරාත්මක කමෙන්ටුවක් මෙහි පල වෙනවාට...කියවන අයට තවත් දේ ඒ තුලින් ගන්න හැකි නම් මම තවත් කැමතියි.
Deleteඅකුරළ හුණු වැඩි හරියක් සුනාමියට ගියා අරූ... දැන් ඇති අළුත් ඒවා...
Delete63 වෙනි පින්තූරෙ පාණදුරේ පරත්ත වෙන්න ඕනෙ. පරණ ගාළු පාරෙ තමයි පරත්ත තියෙන්නෙ. දැන් නම් වැඩියෙන් ඉන්නෙ මුස්ලිම් මිනිස්සු. ටික කාලෙකට කලින් ඉරිදා පත්තරේක ගියා පරත්තෙ මිනී පෙට්ටි කර්මාන්තය ගැන. ලංකාවෙ හැම තැනටම වැඩියෙන්ම මිනී පෙට්ටි යවන්නෙ පරත්තෙන්. ඒ කියන්නෙ මගෙ ගමෙන් හදන පෙට්ටි වල තමා ගොඩක් අය අවසන් ගමන් යන්නෙ...:D (හැබැයි මම පාණදුරේ.)
ReplyDeleteමම ඒ ගැන දැනුවත් නෑ චරිත්...ඔබේ බ්ලොග් අඩවියේ ඒ ගැන ලියනවා නම් එය කදිම ලිපියක් වේවි. විස්තර ටිකක් රැස් කරලා නොපමාව ලිපියක් ලියන්න. පරත්ත කියන නම ඇහුවෙත් අදමයි.
Delete