මේ කියන වසර වෙද්දි සිරා කොලුවා බෑන්ඩ් කණ්ඩායමෙන් වගේම පාසලෙනුත් සමු අරගෙන හරියටම වසර 10ක් ගෙවිලා. ඒ උනාට ශරීරය පුරා තියෙන බෑන්ඩ් උණ කියන දරුණු රෝගය නිසාම අතේ තියෙන රුපියල හරි වර්තමාන කොල්ලන්ට වියදම් කරලා උන්ව නගාසිටුවන එක තමයි එකම පරමාර්ථය. මේ රෝගය වැලදුන තවත් අය හිටිය නිසාම මම තනි වුනේ නෑ.
ඉතිං බොලව් ඒ වසරෙ අපේ කණ්ඩායම බටහිර තූර්ය වාදක කණ්ඩායම් අංශයෙන් කුසලානය සියනෑ කෝරළයට රැගෙන එන ලකුණු පේන්න තිබුන හින්දම රැකියාවල නිරත වෙච්ච ආදි ශිෂ්‍යයො කණ්ඩායමේ එදිනෙදා අවශ්‍යතාවලට අතදිග ඇරලා වියදම් කරන්න පසුබට උනෙත් නෑ.
සමහරු අපේ බෑන්ඩ් මාස්ටර්ට පුහුණු වීම් වලට සහාය වෙනවා. තවත් සමහරු අවශ්‍ය දේ සම්පාදනය කරනවා. ඔයින් මෙයින් අපේ පිරිස රන්ටැඹේ කදවුරු ගත වන දවසත් කට ලගටම ආවා කියලා කියමුකෝ...
ඒ ගමන පිටත් වෙන්න සතියකට කලින් බෑන්ඩ් කණ්ඩායම පාසලේ දිවා රාත්‍රී පුහුණු වීම් ආරම්භ කරනවා. කරන්න තියෙන කටයුතු බොහොමයක් තියෙන හින්දයි මේ විදියට පිරිස නවතින්නෙ. ඒ කාලෙට 25 දෙනෙකුගේ දිනපතා ආහාර අවශ්‍යතා සියල්ල සම්පාදනය වෙන්නෙ ආදි ශිෂ්‍ය අතහිත යටතේ.
අවසන් රාත්‍රිය හැමෝටම බොහොම සුවිශේෂීයි. කදවුරට ගෙනියන අඩුම කුඩුම හැමදේම තිතට සූජානම්ද කියලා බලන කාරණයට අමතරව...ආදි ශිෂ්‍යයන් සහ පුහුණුකරුවන් ඉදිරියේ වර්තමාන ඇත්තො තමන් මෙතුවක් දවසක් වැර වෑයමෙන් පුහුණු වූ දෑ පෙන්වන දවසත් මේ රාත්‍රියටම යෙදී තියෙන නිසයි එහෙම වෙන්නෙ.
මේ කාරණා නරඹන විට වසර ගණනාවක් කදවුරු අත්දැකීම් තියෙන කණ්ඩායමට ජයග්‍රහණය ගෙනාපු පරණ නායකයො තමන්ගෙ අත්දැකීම් වලින් දන්නවා අපේ කණ්ඩායම ජයග්‍රහණයට ලගද ඈතද කියන වග. ඒ අයගෙ අදහස බොහොම සෘජුව කණ්ඩායමේ නායකයාට ප්‍රකාශ කරන්නෙ හැමෝම ඉදිරියේ...අඩුපාඩු තියෙනවා නම් කදවුරේදි පුහුණු වීමට ලැබෙන අවස්ථා වලදි හදාගත යුතු දේවල් මොනවද කියන්නත් ඒ අය අමතක කරන්නෙ නෑ.
ඉතිං මේ කියන 2011 වසරෙදි අපේ කොල්ලන්ගෙ වැඩ කටයුතු දිහා බලා ඉදලා පරණ හැමෝම තමන්ගෙ අදහස විදියට එකතු කලේ මෙදා පොටේ බැටේ දෙන්නට හැකියාවක් අපට ඇති වග.
මේ කියපු අවසාන රාත්‍රියට පසු දින දහවල් කණ්ඩායම පාසලෙන් පිටත් වෙන්නෙ පාසලේ සහෝදර ශිෂ්‍යයන්ගෙ වගේම ගුරු මණ්ඩලයේත් සුභාශිංෂන වලින් තමන්ගෙ හදවත් අධිෂ්ඨානයේ ශක්තියෙන් පුරවා ගන්නා ගමන්.
ඒ ඇත්තො රන්ටැඹේ ගිය දවසෙ ඉදන්ම පවතින තත්වය අපට වාර්තා කරන්නත් අමතක කරන්නෙ නෑ...තත්වය කොහොම උනත් අධික බෑන්ඩ් උණ නිසාම පරණ සැට් එකත් රන්ටැඹේ යන්නෙ හරිම මනාපෙන්. මෙච්චර වෙලා සිරා කොලුවා පොට පෑදුවේ අන්න ඒ ගමනෙදි වෙච්ච දේවල් කියන්න.
පාසලේ ගුරු මණ්ඩලය සහ විදුහල්පතිතුමා ජය සංඛේත ප්‍රධානය කරන දවසට පාසල් බස් රථයෙන් යනවා. දෙමාපියෝ තවත් රථයක යනවා. ආදි ශිෂ්‍ය අපි අපේ නිදහස භුක්ති විදිමින් වෙනම යනවා. 2011 වසරෙදි අපි රන්ටැඹේ ගියේ බයිසිමොටෝ වලින්. සිරා කොලුවා ගියේ සිරාගේ අතිජාත ස්කූටරයෙන්.
ජපන් චමී, දැද්දා මලයා, ලොකු අයියා, දතා මල්ලි, එක්ක කීර්ති ගොයියත් බයිසිමොටෝ ගමනට එකතු උනා...කදු පල්ලම් නැගලා බැහැලා සෑහෙන දුරක් යන්න තියෙන නිසා මගේ ඇන්ටික් යකඩ අස්පයා වේලාසනින්ම ගමනට සූජානම් කොලේ වැලිවේරියෙ අජන්ත අයියා.
නඩේ ගුරා කියලා හරි හාමන් එකෙක් නැති උනාට අමු පාන්දර 4 කණිසමට ගම්පහ නගරයේදී තමයි පිරිස සම්මුඛ වෙන්ට යොදාගත්තෙ. රන්ටැඹේ ගමනට හරියටම එක දවසක් ඉතිරිව තියෙන වෙලාවෙ තමයි දැද්දා මලයා දුරබණුවෙන් මා ඇමතුවේ.
අයියා...මාර සිද්ධිය...මම ගේන්න හිටිය බයිසිකලේ අපේ අයියගෙ එක නොවැ...එදාට මිනිහා නොවැළැක්විය හැකි ගමනක් යනවා...ඒ හින්දා මට ගේන්න වෙන බයිසිකලයක් නෑ....ඔයාලා පරිස්සමට ගිහින් එන්න..මම පස්සෙ ෆොටෝ ටික බලන්නම්.
ඒ වෙද්දි මගේ ඇන්ටික් යකඩ අස්පයා හැර අනිත් දෙකේම දෙදෙනා බැගින් යන්න සූජානම් වෙලා අහවරයි. බෑන්ඩ් වැඩ වලට එදා ඉදන්ම උර දීලා කර දීලා වැඩ කරන දැද්දා මලයා ගෙදර දාලා අපි කොහොමද මේ ගමන යන්නෙ. ස්කූටරය වයසක උනාට එයාගෙ හැකියාවන් ගැන මට විශ්වාසයක් තිබුන හින්දම මම දෙපාරක් නොහිතා දැද්දා මලයට කිව්වා...
අවුලක් නෑ බං...බොට මා එක්ක යන්න හැකියි. ඒ වදන් පෙළ අහලා මලයගෙ කටින් පිටවෙලා දුරබණුවෙන් මට සමීප වෙච්ච හිනා හඩ මේ දැනුත් ඇහෙන ගානයි.
පහුවදාට තරණය කරන්න තියෙන කදු, මාරක පල්ලම් එක්ක යන්න තියෙන දුර සහ දැඩි හිරු රශ්මියක් පතිත වෙන කටුක දේශගුණය ගැන මතක් වෙනකොට නින්ද යන්නෙත් නැති ගානයි. ඒත් අමාරුවෙන් හරි නිදිදෙව්දුව හොයාගෙන ඇවිල්ලා සිරා කොලුවව වැළද ගන්නකොට සෑහෙන්න රෑ බෝ වෙලා.
දුරබණුවෙ එලාමය නිවැරදි වෙලාවට මාව අවදි කරපු නිසා සිරා කොලුවා කියපු වෙලාවට කලින් කථිකා කොර ගත්ත තැනට පැමිණියත් තාම කිසිවෙකු ඇවිත් නෑ...මුලින්ම ජපන් චමියා සමග ලොකු අයියා. ඊටත් පස්සෙ දතා මලයා...කීර්තියා තමන්ගෙ නිවසින් මගදි එකතු වෙන්නෙ. දැද්දා මලයා අන්තිමට. පිරිස සියල්ල එකදු පහදු උනාට පස්සෙ ගමන් යන්න පිටත් වුනා. දැද්දා තමන්ගෙ පශ්චාත් කළාපය මගේ ස්කූටරේ පුංචි සීට් කෑල්ලට තද කොලා.
මේ තමා මගේ බයිසිකල් චාරිකා නඩේ...තවත් ඇත්තො බයිසිකල් හිමිකාරයො වෙලා හිටියට මේ වගේ දුර ගමනක් රෝද දෙකෙන් යන්න මනාප නෑ. ඒ නිසාම සිරිලංකාවෙ හිටිය කාලෙ බොහොමයක් දුර ගමන් රෝද දෙකෙන් තරණය කරන්න මේ අයත් එක්ක මට හැකි වුනා.
හැමදාමත් වගේ ගමනක් පිටත් වෙද්දි ඉස්සෙල්ලාම අපි කරන්නෙ ගම්පහ නගරයේ පැය 24 ම විවෘතව තියෙන ඉන්ධන හලෙන් ටැංකිය කට කපලා පෙට්‍රල් පුරවන එක. අනේ ඉදලා හිටලා මේ වගේ ටැංකියෙ කට ගාවට එන පෙට්‍රල් වල සුවද නාස් කුහර අස්සෙන් මොළය පැත්තට පාවෙනකොට ඒ අලංකෘත දර්ශනයෙන් හැමදාමත් වගේ මගේ නෙත් සිත් පිනා ගියා.
අනිත් යකඩ අස්පයො දෙන්නත් මේ විදියට සූජානම් උනාට පස්සෙ අපේ ඊලග නැවතුම අලුත්ගම දේවාලය අද්දර කොළඹ - නුවර මහා මාර්ගය. ගමන ගොස් පැමිණෙන තුරාවට කරදර, බාධක , අනතුරු වලින් අපව ආරක්ෂා කර දෙන්නයි කියන සිතුවිල්ලෙන් තමයි එතැන බිත්තියට සවි වෙලා තියෙන පිං කැටයට අපේ කාසි දෙක තුනක් වැටෙන්නෙ.
ඊලග නැවතුම කීර්ති මලයගෙ නිවෙස. ඒ දෙමාපියෝ අපි බෑන්ඩ් කණ්ඩායමේ සිටින කාලයේ සිටම අපිත් සමග බොහොම හිතවත් වූ පිරිසක් නිසා අපේ නිවෙසක් වගේම නිතර ආ ගිය හුරු පුරුදු තැනක්. ඔහුගේ මෑණියන්ගේ හා පියාණන්ගේ ආශිර්වාදයත් ලබා ගත්තට පස්සෙ ගමනට සියල්ල සම්පූර්ණයි.
අව්ව වැටෙන්න ඉස්සර පුලුවන් තරමක් දුර යමල්ලා...එතකොට මහන්සිය අඩුයි...කීර්ති කොලුවා දතා මල්ලිගෙ බයිසිමොටෝවෙ අසුන් ගත්තට පස්සෙ ජපන් චමියා එහෙම කිව්වා.
කොහොමත් මෙවැනි දුරගමන් වලදි ජපන් චමියට ප්‍රමුඛතාව දෙන්න අපි බොහොම මනාපයි. බොහොම විනය ගරුක රියදුරෙක් විදියට චමියා අප අතර නමක් දිනාගෙන සිටිය නිසයි එහෙම වුනේ.
අපේ නඩය කෑගල්ලට එද්දි උදෑසන 8 පමණ උනා. කෑගල්ල නගරයට පිවිසීමට ප්‍රථමයෙන් කොළඹ - නුවර මාර්ගයේ තරමක් බෑවුමක් සහිත පල්ලමක් තිබෙන්නෙ. මගේ වයසක ස්කූටරයෙ තනියෙන් යද්දි තිරිංග එක තැන නවතින්න වැදුනට ඩබල් දාලා යද්දි වදින්නෙ ටිකක් දුර ගිහින්. මේ රෝගය පසුකාලයකදී නිට්ටාවටම සුව කලත් මේ ගමන යද්දි එයට පිළියමක් යොදා තිබුනෙ නෑ. තනියෙන් ගමන යන්න හිටි මට අන්තිම මොහොතෙ නොවැ ඩබල් දාන්න උනේ.
ඉතිං බොලව් මේ කියන පල්ලමේ එක තැනක තියෙනවා පාසලක්...පාර හරහා කහ ඉරක්...පොලිස් රාළහාමි කෙනෙකු පාර අයිනේ හිටගෙන හිටියත් පාර පනින කිසිවෙකු එවේලේ හිටියෙ නෑ. අපේ අවාසනාවක මහත කියන්නෙ ස්කූටරේ කහ ඉරට ලං වෙද්දිම රාළහාමි පාර මැදට පැනලා රථ වාහන නවත්වන සංඥාව ලබාදුන්නා. එයා එහෙම එක පාරටම සංඥා කලා කියලා තිරිංග වදින්නෙ නැති ස්කූටරේ නතර වෙන එකක් කියලයැ....අනිත් එක පල්ලමක්...මම බ්‍රේක් පැඩලය උඩ හිටගත්තත් ඒක නැවතුනේම නෑ. පොලිස් රාළහාමි දෙසටම තමයි ධාවනය වුනේ....ඕකෙ බ්‍රේක් නැද්ද ? එහෙම අහන ගමන් අන්තිම මොහොතෙ රාළහාමි ඉවතට පැන්නා...අතුරු ආබාධයකින් තොරව නඩය කෑගල්ලට ලගා වුනා.
දතා මලයගෙ බයිසිමොටෝවෙ පසුපස රෝදය තට්ටෙ වගේ ගෙවිලයි තිබුනෙ. මගින් ටයරයක් සවි කරන අදහසින්ම තමයි ඔහු පැමිණියෙත්. අන්න ඒ වෙලාවෙදි තමයි මම කලින් වතාවක ලියපු අව්‍යාජ මිනිසා හමු වුනෙත්.
ටයරය සම්බන්ධ කාරාණා කාරණා ඉටුකරගෙන කඩුගන්නාවට ලගා උනාට පස්සෙ සිහින් පොද වැස්සක තෙමෙන්නට අපේ දෛවය අපට නියම කලා. කඩුගන්නාව කන්ද නගිද්දි ඇතැම් ජපන් බයිසිකල් නෑ බෑ කිව්වත් මගේ වයසක උන්දැ නම් කෙදිරි නොගා වෙඩි වගේ කන්ද තරණය කලා...ඒ නිසාම ඉදිරි බාධක ගැන මගේ හිතේ තිබුන භිය පහව ගියා.
නුවර වැව අසබඩ |
ගමන් මහන්සියට දිය පොදක් |
කඩුගන්නාවෙ ස්වභාවික චමත්කාරය නෙත් පුරා විදගෙන මහනුවරට යන අතරමග පේරාදෙණිය මල් වත්ත ආසන්නයේදී තමයි ඒ වන විටත් රන්ටැඹේ කදවුරේ හිටිය අපේ නියෝජිතයකුගෙන් අපට ඇමතුමක් ලැබුනෙ.
අපේ කොල්ලො කියපු විදියටම වැඩේ කලා. අපි 1 බං....
ඉන් පස්සෙ මද වේලාවක් ඒ සතුට භුක්ති විදගෙන...විදේශගතව ඉන්න අපේ හිත මිත්‍රාදීන් දැනුවත් කරලා අපේ නඩය මහියංගනය - නුවර පාරට වැටුනා. නුවර වැවේ අසිරිය මද වේලාවක් විදගත්තාට පස්සෙ වික්ටෝරියා ජලාශය කිට්ටුව තමයි අපි ගිමන් හරින්න නැවත වාරයක් නතර වුනේ. ඒ වෙද්දි ජල මට්ටම සෑහෙන පහතට වැටිලා තිබුන නිසා...ජලාශය හෙළුවෙන් හිටියෙ.
සිදීගොස් තිබූ ජල මුලාශ්‍ර |
මහියංගන මාර්ගයේ වැලි ප්‍රවාහනයේ යෙදෙන ටිපර් තමයි වැඩියෙන්ම යන වාහන විශේෂය |
වික්ටෝරියා ජලාශය |
මේ ප්‍රදේශය ජන ශූන්‍ය පෙදෙසක්...මාර්ගයේ වාහනයක් යන්නෙත් ඉදලා හිටලා. හවස් වෙද්දි අපි නවාතැන් ගන්න සූදානම් වෙච්ච කීර්ති බණ්ඩාර පුරට යන්න අවැසි නිසා කිසිම තැනක වැඩිවේලා රැදුනෙ නෑ.
මගේ ඇන්ටික් ස්කූටරය සමග දතා මල්ලි |
රන්දෙණිගල ජලාශය |
බෙලිහුල් ඔය නාන තොට |
මට කලියෙන් කියන්න ඉස්පාසුවක් නැති වුනා නොවැ. වික්ටෝරියා ජලාශය පහු උනාට පස්සෙ තැනකින් ගමන් මහන්සිය නිවන ඔසුපැන් බෝතල් දෙකක්ම ගත්තෙ අපේ නවාතැනේ රාත්‍රිය වර්ණවත් කරන අටියෙන්.
ඊට පස්සෙ වෙච්ච සන්තෑසි ගොඩායි. ඒවා ඊලග කොටසින් කියවමු.
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
උඹ පරණ ෆොටෝ කෑලියි..ගෑණු කටවල් වල පිගන් එල්ලගෙන ඉන්න ඒවයි දදා ඉන්නෙ ලියහංකො ආතල් කථාවක්...ඇතැමුන් එසේ පැවසූ හෙයින්ම මේ කථාවට ඉව ඇල්ලීමි.
හිට්ස් අරභයා නොලියන සිරා කොලුවා හිට්ස් ලක්ෂ දෙක අභිමුව.
සුන්දර ගමන් විස්තරයක්. බයික් වල නම් ට්‍රිප් ගිහින් නැහැ. නමුත් යන්න ආසයි. මගදී පච් එකක් කාරිය ගියොත් තමා අමාරුවේ වැටෙන්නේ අමතර රෝද නැති නිසා. ඔබේ ස්කුටරයට නම් ඒ අවුල නැහැ. ලක්ෂ 2 ට ජය වේවා.
ReplyDeleteඉඩ ඇති වෙලාවක මේකත් කියවලා යන්න
ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ
foot pump එකක් මල්ලේ ඔබාගෙන ගියාම හරි.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
Deleteඅලුත්ම ටියුබ් දෙකක් සහ අලුත් ටයර් දෙකකින් බයිසිකලය සන්නද්ධ නම් භිය වෙන්න දෙයක් නැ...හැබැයි ඉතිං ඇණයක් කාරයි ඇනුනොත් සොරි තමා...ඒ උනාට චාටරේ කාලා පැච් එකක් දාගෙන යද්දි තමයි ට්‍රිපක නියම ගතිය මතුවෙන්නෙ. අපිට එකම එක සැරයක් පැච් එකක් අරියාදු කලා. නමුත් මගේ ස්කූටරය නම් කවදාවත් එහෙම වෙලා නෑ...අමතර රෝදයකුත් තියෙන නිසා එහෙම උනත් අවුලක් නෑ....අනිවාර්යෙන්ම ඔබේ ඉසව්වට එමි. මේ දිනවල කාර්යබහුලයි...අමාරුවෙන් මේවට උත්තර ටික කොටන්නෙත්...අයාල් සිත් දිලා තියෙන විසදුමත් නරක නෑ...
Deleteරෝදේ ගලවාගෙන බස් එකේ ගිය චාටර් කතන්දරේකින් පස්සේ තමයි මමත් ඔය ෆුට් පම්ප් වැඩේ පුරුදු උනේ...
Deleteඅපොයි ස්කුටරෙන් ගියා ,, මට නම් පුදුමයි ,මෙවුවා කදු අදින්නේ නැහනේ ,, අර රාල්හාමිලා කඩුගන්නාව පහුවෙද්දී වංගු වල හැංගිලා ඉන්නවා ඩබල් ඉරිකපලා ඕවර්ටෙක් කරනවද බලන්න ,මායි මල්ලියි ඒවගේ සීන් වලට ෆේස් කරලා තියෙනවා. ශෝක්,, දුරියන් කෑවේ නැතෙයි ,,,නියම ගමන
ReplyDeleteඋබ කෙල්ලෙක්ද කොල්ලෙක්ද බන්? :D
Deleteඇයි සෙකද ඉදගෙන :)
Deleteනෑ ඉතින් කෙල්ලො ඔහොමත් මෝටර්සයිකල් පැදන් රටවටේ යනවද බන් ඒකයි මන් එහෙම ඇහුවෙ :D
Deleteමෙව්වා කදු අදින්නෙ නෑ...දන්න ඉටි ගෙඩිය තමයි...ස්කූටර් වල පිටුපස රෝදය දම්වැලකින් තොරව ඇන්ජිම විසින්ම කරකවන නිසා රෝද වලට සැපයෙන බලය වැඩියි. ඒ නිසයි ඉතා හොදින් කදු තරණය කරන්න හැකියාව ලැබිලා තියෙන්නෙ. ඉන්දියාවෙ ඌටි කියන කදුකර ප්‍රදේශයේ මම සංචාරය කරපු වෙලාවෙ දැක්කා එහෙ තියෙන බයිසිකල් 10 කට 6 ක් විතර මෙවැනි පරණ ස්කූටර්..මගේ මතය ඒ සිදුවීමෙනුත් සනාථ වෙනවා නොවැ...
Deleteදූරියන් කන්න එන්න ඕනෙ මැලේසියාවට....මෙහෙ තමයි රඹුටන් සහ දූරියන් වල නිජබිම. පාරෙ අයිනෙ පුංචි පුංචි කඩ හදලා තියෙනවා අසුන් අරන් දූරියන් කාලා යන්න. අපිත් එළවළු ගේන්න යන දවසට බඩ කට පුරා දූරියන් කාලා තමයි එන්නෙ.
සිරා උඹ හරි.. ස්කූටරේ එන්ජිමෙන් දෙන බලය දම්වැලකින් නැතුව කෙලින්ම හරි ෂාෆ්ට් දැතිරෝදෙකින් හරි රෝද වලට දෙන නිසා ශක්ති හානිය අවමයි තමයි.. සමහර bmw ෆීල්ඩ් බයික් වලටත් ඔය විදියට එනවා රෙපෙයාර් අඩු නිසා !!!
Deleteබයිසිකල් චාරිකාවක තියෙන නිදහස ඒ ආතල් එක වාහන වලින් ගියාට නෑ....මගේත් චාරිකා විස්තර ටිකක් තියෙනවා හෙමිහිට ලියන්න ඕනේ...වෙලාවක ඇවිත් යන්න...වැඩි වැඩියෙන් හිට්ස් ලැබේවා...
ReplyDeleteවාහන වලින් යද්දි වියදමත් වැඩියි...අනිත් කාරණේ හිතෙන හිතෙන තැන නවත්වන්න බෑ ඉඩකඩ ප්‍රශ්න නිසා. බයිසිකලයක දුර ගමනක් යද්දි හරිම නිදහසක් දැනෙනවා....පැතුමට ස්තුතියි....බොලා බොගක් ලියන වග අද නොවැ දන්නෙ....
Deleteනියම ගමනක් වගේ. ඉතිරි කොටස කියවන්න ආසාවෙන් ඉන්නවා. ස්කූටර් එකේ ඔච්චර දුර ගියාට තෑගි දෙන්න වටිනවා. ජය!!
ReplyDeleteඇත්තටම මීට වඩා දුර ගිය චාරිකා තියෙනවා...අන්තිමටම ගියේ සිංහරාජ වනාන්තරය පැත්තෙ...ඒ චාරිකාව දැනමට අකුරු කරලා තියෙන්නෙ...වෙලාවක බලන්න....ස්කූටරේ දුර ගමන් ගියාට ඇගට දැනෙන වෙහෙස අඩුයි...අනිත් මෝටර් බයිසිකලයකට සාපේක්ෂව...ඒ කකුල තබා ගත යුතු ආකාරය නිසා...ඔබටත් ජය !
Deleteඅඩේ උබට ඔය යකඩ අස්පයා මෙහෙ අරන් එන්න තිබ්බේ ..... වැඩ ගොඩක් ගන්න තිබ්බ
ReplyDeleteලස්ස දෙක ගැන දැක්කම අර ඕමා දැන් දාලා තියෙන පොස්ට් එකට, මම දැම්ම කොමෙන්ටුවට උබේ නමත් එකතු කරන්න හිතුනා...........
Deleteමෙහෙ ගෙනාවා නම් වටේ පිටේ පොඩි රවුමක් දාන්න තිබුනා...ඒ උනාට මෙහෙ උන් පාරෙ ඉගිල්ලෙන විදිය දැක්කම බයිසිකල් පදින්න තියා පාරෙ යන්නත් භයයි..
Deleteමාත් ගන්නවා බොල ඉක්කූටර් රාජයෙක්....වෙස්පාවෙක්ම තමා ගන්නේ..
ReplyDeleteලස්ස දෙකට බොක්කෙන්ම සුභ පැතුම් කියන්නේ.......
සමහර වෙස්පාවන්ට සිරි ලංකාවෙ අමතර කොටස් හිගයි...ඒ නිසා බොලා ගන්න එකට ඒවා තියෙනවද කියලා ඉස්සෙල්ලාම හිතනු හොදා...බජාජ් නම් තාම අවුලක් නෑ...සුභ පැතුම් වලට අක්මාවෙන්ම ස්තුතියි....
Deleteස්කූටරෙන් මාරගමන්නෙ ගිහින් තියෙන්නෙ අයියෙ..දෙවෙනි කොටසත් දාන්නකො ඉක්මනට එහෙනම්... :)
ReplyDeleteහිට්ස් ලක්ෂ දෙකට සුභ පැතුම් :)
මලයා ඉතිං ලග පාත ගොයියා නිසා...සිරි ලංකාවට ආව දවසක මේ යන්තරේ ඇස් පනාපිටම දකින්න ලැබේවි..ස්තූතියි
Deleteනියම බයික් තුනක් ගුහින් තියෙන්නෙ.රන්ටැබෙ කැම්ප් මමත් දෙපාරක් ගියා.හැබැයි ඔයවගෙ ගමනක් නම් යන්න ලැබුනෙ නැ නොවැ
ReplyDeleteඅපි ගිය අවස්ථාවෙත් බයික් වලින් මේ ගමන ඇවිත් හිටියෙ අපි විතරයි....මොකද අනිත් උන්ට අපිට වගේ පිස්සුවක් නෑ අව්වෙ කර වෙන්න...
Deleteඋඹල මාර ෆන් එකක්නෙ මේ ගමනෙන් අරං තියෙන්නෙ. අර ට්‍රැෆික් කාරය බ්‍රේක් නැත්ත අහනකොට 'නෑ රාළහාමි මේකෙ බ්‍රේක් නෑ' කියල බොලා කිව්වෙ නැද්ද.
ReplyDeleteදෙවෙනි කොටහත් ඉක්මනින් දාහං.
හිට් ලක්ෂ දෙක ඉක්මනින්ම සපුරාගැනීමට හැකියාව ලැබේවා !
ඇත්තටම අපි එහෙම කිව්වා...මිනිහා ඊට පස්සෙ තමයි අහකට පැන්නෙ...හැමදාමත් කාමරේට එන අකුරු තුනේ ප්‍රසන්න අයියා සිරා කොලුවට සෑහෙන ශක්තියක්...
Deleteහැමදාම කියවලා හොරන්ම යන්න ගියාට මේකටනම් මොනවා හරි කොටලම යන්න ඕනෑ.මාත් ඔය යකඩ අස්සයා පිටේ ගමන් වලට හරි මනාපයි.මේක දැක්කම මතක් උනේ කොළඹ-නුවර-නුවර එළිය-හෝර්ටන් තැන්න-හපුතලේ-කොළඹ රස්තියාදුව.
ReplyDeleteබයිසිකලේක යන එකේ හොදම දේ කැමති තැනක නවත්තල,කැමති වෙලාවක් ඉඳල,කාල බීල,ෆොටෝ ගහල යන්න පුළුවන්කම.
තව තවත් බයිසි මොටෝ ගමන් යන්න ලැබේවා...හිට්ස් වැඩි වැඩියෙන් ලැබේවා...
ඊලගට මම යන්න ආසම ගමනක් තමයි කදුකර පලාතට..නුවර එළිය, හපුතලේ, බණ්ඩාරවෙල....සීතලත් එක්ක අමුතු වින්දනයක් තියේවි කියලා හිතනවා....බොහොම ස්තූතියි...
Deleteමම නම් හැබැයි දුර ගමන් යත්දි වාහන පදින්න කැමති නෑ පිටිපස්සෙන් යන්න තමා කැමති නිදහසේ.
ReplyDeleteබයික් වල දුර ගමන නම් මරු.
අද දින තුලම ලක්ෂ දෙක පසු කෙරේවා.
Deleteපිටිපස්සෙ ඉදගෙන ගියාට....බයිසිකොලේ පැදලා ලබන වින්දනය නෑනෙ බොලං....දුර ගමන් බයිසිකල් වලින් යනවා නම් තව කීප දෙනෙකු ඉන්න ඕනෙ...නැත්තං කම්මැලියි.
Deleteලක්ස දෙකට මමත් සුබ පතනවා, චාරිකාවෙ ඉතුරු කොටසත් ඉක්මනටම කියමු සිරෝ....
ReplyDeleteචාරිකාවෙ ඉතිරිය දැනටම ලියලා හමාරයි...කල් යල් බලා අත අරින්නම්...ප්‍රාර්ථනාවට ස්තූතියි
Deleteඉස්කූටියේ ඔච්චර දුර ගමනක් ඇදගත්ත කිව්වම පුදුම හිතුන සිරා පුතා,පින්තූරටික නං අලංකාරයි.
ReplyDeleteලස්ස දෙකට සුබ පැතුම්.
ස්කූටරේ කියන්නෙ කදිම වාහනයක්...අද අලුත් බයිසිකලයක් අවුරුදු 10 ක් පදින්න පුලුවන් වෙයිද....මේක දැන් අවුරුදු 35 ක් වයසයි...හැලප මාමාගේ ප්‍රාර්ථනාවන්ට කොලුවාගේ ස්තූතිය.
Deleteකෑගල්ලේ සාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය ළඟ කහ ඉර ගැනද කිව්වේ? එතන දෙපැත්තේම ඉස්කෝල දෙකයි. සාන්ත මේරි පිරිමි විදුහල තමයි පාරේ අනික් පැත්තේ තියෙන්නේ.
ReplyDeleteලස්සන චාරිකා සටහනක්. බොහොම අගෙයි. 2011 දී මම වැලිඔය යුදබිමේ.
කෑගල්ලෙ නගරයට ඇතුලු වෙද්දිම දකුණු අත පැත්තෙ තමා පාසල තිබුනෙ...පල්ලමක් එක්ක. විචාරක තුමා එහෙනං ලගදි නොවැ විශ්‍රාම අරන් තියෙන්නෙ...මම හිතුවෙ ඊටත් කලියෙන් කියලා....
Deleteෂහ් !! මරු ට්‍රිප බං.. බයික්කෙ යද්දි තමයි නියම ගතිය තියෙන්නෙ ට්‍රිපක..!! බොට හරියන්නෙ ට්‍රේලක් බං !!
ReplyDeleteඅපෝ...ට්‍රේල් වලට මම කැමතිම නෑ බන්...කිසි වැදගත් පාටක් නෑ...නිකං මාල කඩන්න යන උන් වගේ ඒකක් පදිනකොට...කෝ බන් නිෂ්ශබ්ද සහන්....ආගිය අතක් නෑනෙ....
Delete:D මට ඔය ට්‍රේල් ප්‍රශ්නෙ සැරටම ආව බං..ඒ කාලෙ පෙම්වතී දැන් වයිෆ් කැමති උනේම නෑ ට්‍රේල් වලට. රස්තියාදු කාරයො වගේ යන්න බෑ කියල..ඒ උනාට බං නඩත්තුව මාර ලේසියි.. උඩ පැනල ස්ටාට් කරගත්තම හරක වගේ ඔහේ දුවනව..
Deleteඅනේ මන්ද සිරා සයිලන්ට් සහන්ට එක පාරක් මම ඊයකුත් විද්දා රිප්ලයි නෑ !! ඌ එකපාරට විශ්වලගෙ ආගිවමන්ට් එක මගදි හැංගුන එකට මගේ පැහැදීමක් නෑ.. විසඳුම ඒක නෙවෙයි..!!
//නිකං මාල කඩන්න යන උන් වගේ ඒකක් පදිනකොට.// :D :D
Deleteබලහන් පත්තරේ මූ කියන එක. අපි ගහමු ද සිරාට, මෙහෙම කතා ආයෙ නොකියන්න. ඇයි යකෝ.. මාත් කාලයක් ඕකක් දැක්කුව නෙ. :D
අන්න බලපං චන්දන අයියෙ මුට ඒක නොතේරෙන හැටි..ගහමු ගහමු !!! උඹලගෙ කාලෙ XL 200 එකක් තිබුන එකා රජා වාගෙ නේ ?? ඇත්තට කික් තියන නිසා ස්ටාට් අවුලකුත් නෑ .. එන්ජිමත් හරි සරලයිනෙ .. තෙල් ගැහුව දිව්ව..
Deleteපත්තරේ...උඹ කියන ඔය මොඩලෙ අපේ අයියා කෙනෙක් ලග තිබුනා 90 දශකයෙ මුල. රද්දොළුව හන්දියෙ පෙරේතයා පොළවෙ ගහනවා වගේ වැටිලා මුලු ඇගම තුවාල කරගෙන හිටියා...මේකගෙ ගමන හිමින් නැති නිසා නැන්දා වද කරලා බයිසිකලේ පස්සෙ කාලෙක වික්කා...ඒකෙ ෆොටෝ ගෙදර ඇල්බම් එකේ තාම තියෙනවා...
Deleteඋඹට ට්‍රේල් එක්ක සුලු පටු මලක් නෙමෙයි තියෙන්නෙ බොල. හැක් හැක්
Deleteගමන නම් මරු සිරෝ...මේ වගේ චාරිකා යන්න මාත් හරිම කැමතියි...එත් කට්ටියටම සෙට් වෙන්න නිවාඩුවක් හොයා ගන්න බැරි එකයි ගැටලුව..බඳින්න කලින් නම් මමයි මල්ලියි රට වටේම රවුම් ගැහුවා මගෙ GN125 එකේ...
ReplyDeleteබයික් එකේ යනකොට තමයි ගමනෙ නියම අසිරිය විඳින්න පුලුවන්.....අනික අඩි පාරක් දිගේ හරි යන්න පුලුවන්නෙ....ඈත පලාත් වලට හරියන්නෙම බයික් එකේ යන එක තමයි....මට නම් චාරිකා වලට බයික් එක තමා.........කොහොමද බයික් 6-7 ක් සෙට් වෙලා යද්දි ...මාර ගති...
යට ලියන්නා හුග කාලෙකින් නොවැ. ඔබේ බයිසිකලයත් පරම් පරා ගානක් පදින්න පුලුවන් එකක් නොවැ...බයිසිකලේ යද්දි ඉතිං අව්ව වැටුනට...ඒ ගමනෙ තියෙන නිදහසට තමයි මම නම් වඩාත්ම කැමති....බයික් කීපයක් එකට යද්දි තමයි ගමනෙ සුන්දරත්වය තියෙන්නෙ..නොදන්නා පළාතක යද්දි ආරක්ෂාවටත් හොදයි...
Deleteමොන පරම්පරා ගානක්ද බං..! මමත් දැනට පදින්නෙ GN125 එකක් තමයි.ඒකේ..කාබ්ලේටරේ ඩයප්‍රම් එකේ ලෙඩක් එනව..හදන්නබෑ..!
Deleteඅනික කික් එකක් එන්නැති නිසා වැර්දිලාවත් බැටරිය බැස්සොත් හුටං තමා.
මම මේක විකුනලා..හන්ක් එකක් ගන්න හිතන් ඉන්නෙ.
එහෙත් සීන් එකක්ද....අපේ බාප්පා කෙනෙක් ලගත් තියෙනවා බං...මිනිහා අවුලක් නැතුව පදිනවා දැන් වසර 20 කට කිට්ටුයි. ඉන්දියන් බයික් නම් ඉක්මනට මළකඩ කනවා නේද...
Deleteලක්ශ දෙකට උණුසුම් සුභපැතුම් සිරා අයියේ! ඉතිරි කොටසත් ලියන්න ඉක්මනින්ම.
ReplyDeleteස්තූතියි නගෝ...ඉතිරිය ලියන්න දෙයක් නෑ...ලියලා අහවරයි...
Deleteදැන් නම් කට්ටිය ස්කූටර් වලින් ඔච්චර දුරක් යන එකක් නැහැ මගේ හිතේ. උඹේ ස්කූටරේ කැපිලා පේනවා නුවර වැව අයිනේ. මෙහෙත් තියෙනවා බං පරණ ස්කූටර් එකක්. ලා රෝස පාටින් පාට කරලා. බාබි ස්ටිකර්ස් අලවලා. වයසක ආච්චි කෙනෙක් සමර් කාලෙට පදිනවා. එයාගේ තාත්තා ඒ කාලේ මෙයාගේ 18 උපන්දිනේට අරන් දීපු එකක් කියලා තමයි කස්ටිය කියන්නේ. දැන් 70ක් විතර ඇති.
ReplyDeleteආච්චි එක්ක දැන් යාලු වෙන එකාට තව ටික දවසකින් නිකංම ඇන්ටික් ස්කූටරයක් හිමි වෙනවා...එහෙම නේද ? කොච්චර වටින මතක සටහන් කන්දක් ඔය ස්කූටරය උඩ ගොඩ ගහලා ඇතිද ? මෙහෙත් චීන ආච්චිලා පාපැදි පදින්න රුසියො....
Deleteකෝ දැන් උබේ ස්කූටර් වන්ඩිය,,කොහෙන්ද අර Fiat Abrath කාර් මාක් එක හොයා ගත්තේ
ReplyDeleteස්කූටරේ මේ දවස් වල හදිසියේ නළුවෙක් වෙලා ඉදිරියේදි සිරස රූපවාහිනියෙන් විකාශය වීමට නියමිත ටෙලියක චරිතයක් කරනවා...මම අදුනන සහාය අධ්‍යක්ෂකවරයෙක් බයිසිකලය ටෙලියට ගත්තෙ...ෆියට් මාක් එකක් කියලා මුලින් දන්නෙ නෑ...ගෝනුස්සා හිතට අල්ලපු නිසා ඒක තෝර ගත්තෙ...ජාලෙන් අරන් මම වැඩිදියුණු කරලා ස්ටිකර් එකක මුද්‍රණය කොලා...
Deleteලස්ස දෙකට සුබ පැතුම්...වැස්ස දවසක එහෙම ඔය ස්කූටරෙන් ගියානම් අද රන්දෙණිගල පතුලේ මිහිදන් වෙන්න තිබ්බා නොමිලේම
ReplyDeleteස්තුතියි ඉවාන්...එහෙම දවසක ගියා නම් මේකෙ තියෙන ප්ලයින් ගියර් එක දානවා...උඹ ඒ වගක් දැන උන්නෙ නෑ නේද ?
Deleteමං හිතුවෙ උඹල කහ ඉරේ හිටපු 'කොස්තාපල් තුමා' වත් රන්ටැඹේ දිහාට අරන් ගියාද කියල..
ReplyDeleteබයිසිකල් ගමන් නම් විනෝදයි තමයි. ඒ වගෙම නිදහස්.. වැස්ස තමයි අවුල.
ලක්ෂ දෙකේ කඩ ඉමට සුබ පැතුම්... !
Deleteරන්ටැඹේ කෙසේ වෙතත් තව පොඩ්ඩෙන් කොස්තාපල් කෑගලු ටවුමට යන්න නම් ඉඩ තිබුනා...මිනිහා අන්තිම මොහොතෙ අහකට පැන්න විදියට මට හිනාත් ගියා බන්...වැස්සත් අවුලක් නෑ බන්...අපේ ගබඩාවෙ ඉතින් රත්වෙන බඩු තියෙනවා නොවැ...ප්‍රාර්ථනාවට ස්තූතියි මිත්‍රයා...
Deleteදෙකට සුභ පැතුම් !!!!!! :D
ReplyDeleteඊලඟ ඉක්කූටර් චාරිකාවට මගෙ නමත් දාගනින් , ^_^
ආයෙ වතාවක යද්දි එහෙනං බොටත් කියන්නම්...බොගෙත් තියෙන්නෙ ස්කූටරයක්මද ?
Deleteස්තූතියි...
ඔව් බං,එයාට දැන් අවුරුදු 54ක් , :)
Deleteමමත් කැමතිම දෙයක් තමයි බයිකියෙන් රවුම් ගහන්න..අනිත් කොටසත් ඉක්මන් කොරල කොටලා දැම්මොත් හොදයි වගේ...නියමෙට කතාව ගලාගෙන යනව..
ReplyDeleteඅනිත් කොටස ලෑස්තිකරගෙන මේ කල් මරන්නෙ...නිසි වෙලාව ආව ගමන් දාන්නම්...
Deleteඅහෝ ඉස්කූටර් කොළුවා... සැරදේවා... යෙහෙන් වැජඹේවා...!!!
ReplyDeleteඅපේ ධනා ගොයියට මගේ ස්තුතිය....
Deleteබයික් වලින් මාත් ට්‍රිප් ගිහින් තියෙනවා මෙහේ නම්.. හැබැයි ඒ තරම්ම දුර ඒවා නෙමෙයි.. මේ වගේ ගමනක් යන්න හිතේ ආසාවක් තියෙනවා.. බලමුකෝ..
ReplyDeleteමම නම් දවස් දෙකට කිලෝමීටර් 300 කට වැඩි චාරිකාත් මේ ස්කූටරයෙන් ගිහිල්ලා තියෙනවා...
Deleteඅයියේ පොඩි වැරද්දක් තියෙනවා මේකේ..ඔය පාර නුවර මයියංගන පාර නෙවෙයි..නුවර - බදුල්ල රජ මාවත..රන්දෙනිගල පාර කියලත් කියනවා
ReplyDeleteමම දන්න විදියට මලයො ලිව්වෙ...ලියන්න කලියෙන් ඔය පළාතෙ කීප දෙනෙකුගෙන්ම ඇහුවා...උනුත් දන්නෙ නෑනෙ පාරට කියන නම...
Deleteඋඹේ ස්කූටරේ ප්‍රශ්ණේ යන්න බැරි එක නෙවෙයිනෙ. නවත්තගන්න බැරි එකයි නේද? අර අනිත් බයික් දෙක ගැනත් කියාපංකෝ.
ReplyDeleteමම ඔයිට වැඩිය පොඩි බයික් එකක තුන්දෙනා දාලා දෙහිඅත්තකණ්ඩියේ ඉඳලා ගෙදර එනවා බං ඒ කාලේ.
බ්‍රේක් හැදුවේ කොහොමද බං? මම හිතන්නේ උඹේ බ්‍රේක් ඩ්‍රම් ගෙවිලා, අලුත් ලයිනිං/ෂූස් දැම්මත් වැඩක් නැතුව තියෙන්නැති. පස්සේ එක්කො උඹ අලුත් ඩ්‍රම් දාන්න ඇති. නැතිනම් කවුරුහරි වැඩ්ඩෙක් ඩ්‍රම් එකට ස්ලීව් එකක් වත් ලියවලා ගැහුවවද්ද?
නවත්තගන්න බැරි ප්‍රශ්නෙ තමයි මට තිබුනෙ...ඔය කහඉරි උඩදි කීප වතාවක් ගැටෙන්න ගිහිල්ලා 99 න් බේරුනා...වතාවක් වත්තලදි පාර නිදහස් නිසා මම 50 ට විතර ආවා...මෙන්න බොලේ කෙලියො ටිකක් ලග ලග තියලා කහඉරට පැන්නා...මට කරන්න කිසි දෙයක් නෑ...බ්‍රේක් පෑගුවට වැඩක් නෑ කියලා දන්න නිසා...මම හයියෙන් කෑ ගැහුවා මේකෙ බ්‍රේක් නෑ කියලා...කෙලියො කීප දෙනෙක් ආයෙමත් අනිත් පැත්තට මාරු උනත් එක කෙලියක් පාර මැද්දෙ ගල් ගැහිලා වගේ නතර උනා...ඒ කෙලීගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන ගානට මම කහඉරෙන් මාරු උනේ...පාර අයිනෙ හිටිය වයසක ඩයල් එකක් තිත්ත කුණුහරුපෙන් මට බනිනවා යන්තමින් ඇහුනා...එදා තමයි මේ මගුල හදලා මිසක් ආයෙමත් පදින්නෙ නෑ කියලා හිතුවෙ.
Deleteබ්‍රේක් හැදුවෙ වැලිවේරිය අජන්ත අයියම තමයි. මේකෙ බ්‍රේක් ඩ්‍රම් අරවා මේවා ඔක්කොම අලුතෙන්ම දාපු ඒවා..ඒවා ගෙවෙනවා තියා ගෙවෙන්න හිතලවත් නෑ...නමුත් බයිසිකලය ඩබල් දැම්මම බ්‍රේක් වදිනවා හොරයි...බ්‍රේක් පෑඩ් එක උඩ තව එකක් තියලා අලවලා තමයි වැඩේ ගොඩ දා ගත්තෙ...ඒ වැඩේට විශේෂඥයකු ලගට බයිසිකලය ඉදිරිපත් කලා කියලා අජන්ත අයියා කිව්වා...රු 750 වැඩේට ගියේ...ඒ වගේද ආරක්ෂාව...නැත්තං ගුටි කාලා මැරෙන්නෙ.
අනිත් බයිසිකල් දෙකෙන් එකක් Suzuki Yamada කියන ජපන් මාදිලියෙ බයිසිකලයක්...ඒක ජපන් චමියගෙ...අනිත් එක දතා මල්ලි පදින Magma කියන කොරියානු බයිසිකලයක්...එයා ඒක පුද්ගලිකව එහෙන් ආනයනය කර ගත්ත එකක්...
මරු ස්කූටර ගමනක්... !
ReplyDeleteහැම තැනදිම සිරා අන්තිම වෙලා ඇවිදින් කියලා හිතෙනවා.. අඩේ දවසක ඔය ස්කූටරේ වටයක් පදින්ඩත් ආසයි :)
මගේ ඉතින් තිරිංග මදි නිසා ගමන හිමින්..අනිත් උන් තමයි වැඩිපුර ඉදිරියෙන් හිටියෙ....වටයක් පදිමු...මම ආව වෙලාවක මුලිච්චි වෙමු....
Deleteතව තවත් ලක්ෂපතියන් බිහිකරන බ්ලොග්ස්පොට් ඩොට් කොම්.
ReplyDeleteසිරාගේ බ්ලොග දිනේවා!
සිරාගේ බොගට ලස්සන චිත්තරයක් ඇද දුන් මගේ පාට්නර්ද...දිනේවා...බැබලේවා...
Deleteශොක් බයිසිකල් ගමන ... හිට්ස් ලක්ෂ දෙකටත් සුබ පැතුම් .......
ReplyDeleteස්තුතියි නංගි...ඊළග කොටස තමයි වඩාත් ෂෝක්...
Deleteහවස හයෙන් පස්සෙ පාර වහල තිබුන කාලෙ නිතරම වගේ අලි හවසට (6ට කලිනුත්) පාර හරහ යනව
ReplyDeleteඅපි ගිය මාර්ගයේද අලි පනිනවා කිව්වෙ...ඒ වගක් අපි දැන උන්නෙ නෑනෙ බොලං...
Deleteඋබේ ස්කූටරේ ගොඩක් තැන්වල ගිහින් තියෙනවා වගේ.., මම නම් බයික් වල දුර ගමන් වැඩිය ගිහින් නැහැ..
ReplyDeleteදැන් කවුද ස්කූටියා බලා කියා ගන්නේ ?
බැදපු අලුතනෙ චමියො...නරකද පරිස්සමට දිගු දුර මෙහෙයුමක නිරත උනොත්....තව ගියපු තැන් තියෙනවා...ඉඩක් ලැබෙන විදියට ලියන්නම්...
Deleteස්කූටිය අපේ මලයාගෙ මාමණ්ඩිය ලග දැන් තියෙන්නෙ...එයා සතියකට වතාවක් මීගමු නගරයට යනවා එනවා...
Patta gamanna. Nuwaraeliya paththe yanna hadana eka niyamai. Aththatama puduma nidahasak sanipayak danenawa baik eke yaddi. Podi awadanamakuth thiyenawa. Suba pathum .
ReplyDeleteස්තුතියි සහෝදරයා අදහසට....මමත් ඉතාම ආශාවෙන් ඉන්නවා බයිසිකලයෙන් නුවර එළි යන්න...මේ වතාවෙ ලංකාවට ගියාම උත්සාහයක් දරලා බලනවා...
Deleteසිරෝ.. ට්‍රිපනම් පට්ට ගති පාටයි... මගේ තියෙන මෙවුව එකට මට යන්න උනේ නෑනෙ බයි එකෙන් ට්‍රිපක්...
ReplyDeleteමේව කියවද්දි ඇත්තටම දුකයි මචන්... බොරු කියන්න ඕන නෑ ඇඩුන.. බයික් එක මතක් උනා...
මෙන්න මේකට මම එකග නැත..
//ඊට පස්සෙ වෙච්ච සන්තෑසි ගොඩායි. ඒවා ඊලග කොටසින් කියවමු.//
බොලාගෙ බයිසිකලේ දෙකට නැමිලා තිබුන හැටි මට මතකයි. ඒ අනතුරින් බොගෙ අතපය බේරුන එකම මදැයි කියලා ඔය අඩන එක නවත්තහං...එකග නැති කෑල්ල මම පිළි අරගෙන ඔන්න දෙවැනි කෑල්ලත් දැම්මා....
Deleteහප්පට සිරි අපේ සිරා අයියා අරන් තියෙන්නේ සිරා ආතල් තමයි මට අම්මප මෙව්වගෙ පොස්ට් කියවද්දී පැලෙන්න ඉරිසියයි ඇයි යකඩෝ මට නැහැනේ මෙහෙම ෆන් එකක් කියලා
ReplyDeleteපුංචි සන්දියේ ඉදන් වැලිකතරේ උන්නු බොට නම් මේ අද්දැකීම් කියවද්දි පුංචි වේදනාවකුත් ඇති තමයි....තවත් වයසට ගියාම මේ ඡායාරූප මේ මතකය බොහොම සොදුරු වේවි.
Deleteඔය ගමන මාත් ගිහින් තියේ හැබැයි බයික් වලින් නොවේ.අපේ මලයාත් ඔය සිස්ස බටෙක් වෙලා උන්නානේ.ඌන්ව බලන්නත් එක්ක වරක් අපි ගියා.මරු පැත්තක් තමයි.ඒ වගේමයි කාෂ්ඨක පරිසරය.
ReplyDeleteකොහොමද අව්වෙ සැර...සරඹ පිටියෙ තාර ගැට්ට උඩට වෙලා ඉද්දි....අව්ව නම් පුදුමාකාර සැරයි...ඒත් නිතරම හුළං හමන නිසා පොඩි සහනයක් තියෙනවා.
Deleteඉස්සෙල්ල හරියට වැඩේ ඉවර කරන්න බැරි උනානෙ. දැන්තමා ආයිත් ලැප ලඟ වාඩි උනේ..!
ReplyDeleteමමත් ඉතාම ආසාකරන චාරිකා විශේෂයක් බං..දැන් යාලුවෝ මාලුවෝ වෙලා විසිරිලා ගිහින් නිසා යැවුන කාලයක් මතක නෑ..! ඒත් මේ වගේ දුරක,ෆන් එකේ උපරිම අරන් නෑ බොල.
වැඩි වැඩියෙන් ලියන්න පුරුෂධෛර්‍ය ලැබේවා........!!!
අපි ගිය රන්දෙනිගල ගමන මතක් වුණා. සිරාකොලුවාගේ ලක්ෂ දෙකට උණුසුම් සුභ පැතුම් !!!
ReplyDelete