Wednesday, January 29, 2014

115 පරණ පින්තූර

2013 වසරෙදි සිරා අතින් ලියවුනු අවසන් පෝස්ටුවෙදි මම බොලාට දැනුම් දුන්නා අභිනව 2014 වසරෙ ඉදලා කාමරේ දොරේ අලුත් ලේබල් දෙකක් අලවන වග. ඒ ලේබල් දෙකෙන් පළවෙනි ලේබලේ විදියට ජාලෙන් අරන් ඇවිල්ලා ප්ලාස්ටික් ගැන කියාදුන්නා ඔබට මතක ඇති...අද එහෙනම් හා පුරා කියලා අලවන දෙවැනි ලේබලය...පාඨක ඔබේ නිර්මාණ හෙවත් පාඨක සටහන්.

අද මම ආරම්භයක් විදියට පලකරන්නෙ පසුගිය වසරෙ ඔක්තොම්බර් මස ඊ පණිවිඩයක දවටා ප්‍රසන්න නම් සිරාගෙ කාමරේට නිතර යන එන හිතවතා මට එවපු අතීත ලංකාවේ සුන්දර මතක සටහන් කීපයක්....ඔබේ බ්ලොග් අඩවියේ මේවා පලකරන්න කියන ඉල්ලීමත් එක්කමයි ඔහු මෙය එවා තිබුනේ....ඉන් පසුව තමයි පාඨක අදහස් වලටත් ඉඩක් වෙන් කරන්න සිරා කොලුවා වන මට කම්පනාවට ආවෙ.

ඇත්තම කියනවා නම් පහත පලවන ඡායාරූප පිළිබද විස්තර කරන්න මගේ දැනුමක් නෑ....එහෙත් මෙය කියවන ඔබට ඒ දැනුම තියෙනවා නම් කරුණාකරල කමෙන්ටුවක් විදියට ඒ අදහස එකතු කරලා කියවන්න එන අනිත් අය සමගත් ඔබේ දැනුම බෙදාහදා ගන්න කියලා මම බොහොම යටහත් පහත්ව ඉල්ලා සිටිනවා.



ප්‍රසන්න....ඔබට බොහොම ස්තූතියි...මෙවැනි වටිනා ඡායාරූප එකතුවක් බොහෝ පිරිසකගේ දැකගැන්ම උදෙසා මවෙත එව්වාට....ජීවිතේ පළමු වරට මේ ඡායාරූප එකතුවෙන් මම දැකපු දේත් තිබුනා. ඒ නිසා නිසැකවම ඔබ නොදුටු දේත් මෙතැන ඇති....අදින් පසු එළඹෙන සෑම මාසයකම සිරාගේ කාමරේ පලවන මාසයේ අන්තිම ලිපිය හෙවත් හත්වෙනි ලිපිය ලියන්නට ඔබට බාරයි.

අන්තර්ජාල වේගය අඩු කෙනෙක්ට මේ පින්තූර සැට් එක මෙතැනින්  භාගත කරගෙන බලන්නත් පුලුවන්.


















මේ ඡායාරූපයන්හි අයිතිය ඒවායේ මුල් හිමිකරුවන් සතු විය යුතු බව අවධාරනය කරමි. ඇතැම් ඡායාරූප Lankapura.com වෙතින් උපුටාගත් ඒවාය.


මතකනේ මම කිව්ව දේ....මෙතැන තියෙන එක ඡායාරූපයකට හරි අදාළව ඔබ දන්නා තොරතුරක් වේ නම් කමෙන්ටුවක් විදියට කොටලාම යන්න.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.

115 comments:

  1. මොනව කොටන්නද..? විශ්මයකින් යුතුව නරඹනවා හැරෙන්න.ඉතාම වටිනා බව කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙ බොලා මොනවා හරි කොටයි කියලා....එක අතකින් දරුවා වඩාගෙන වෙන්න ඕනෙ මේ ටිකත් කෙටුවෙ...අනේ අපේ වීයාට ගිය කලක් හැබෑටම....

      Delete
    2. මොනව කොටන්ඩද බං , අපි ඒ කිාලේ හිටියයැ

      Delete
  2. දියතලාවෙ මොකටද නාවික කඳවුරක් හැදුවෙ? කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් ඒක පැහැදිලි කරන්න පුළුවන්ද?

    රේස් කෝස් එක දකිනකොට නම් ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වෙනව. ඉස්සර ඔතන අපි හිටගෙන ඉන්නව ඉස්කෝලෙ ඇරුණම, බස් එක එනකම්.

    ReplyDelete
    Replies
    1. ගැඹුරු ජලාශයක් තියෙන ඕනෑම ප්‍රදේශයක නාවික හමුදාවට කරන්න දේවල් තියෙනවා.

      Delete
    2. දෙවැනි ලෝක යුද සමයේදී අග්නිදිග ආසියාවේ බ්‍රිතාන්‍ය හමුදාවට අයත් එක උපක්‍රමික මූලස්ථානයක් තිබුනේ දියතලාවේ. එහි යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවටම අයත් උපක්‍රමික මූලස්ථාන පිහිටවනු ලැබුවා. පසුකාලීනව යාත්‍රා කිරීම් හැර වෙනත් භූමි පුහුණු කටයුතු සඳහා එම නාවික කඳවුර පාවිච්චි කරනු ලැබුවා. අදටත් එය තමයි සිදුවන්නේ.

      Delete
    3. විචාරක තුමාගෙ පැහැදිලි කිරීමට ස්තුතියි....මොකද ඉතිං මේවට උත්තර දෙන්න මම දන්න කියන එකක්යැ....

      Delete
    4. //සු දී කJanuary 30, 2014 at 8:15 AM
      ගැඹුරු ජලාශයක් තියෙන ඕනෑම ප්‍රදේශයක නාවික හමුදාවට කරන්න දේවල් තියෙනවා.//

      මොකක්

      Delete
    5. දෙවන ලෝක යුද සමයෙදි අග්නිදිග ආසියාකරයේ සේනා විධායක වුනු අද්මිරාල් සර් ජෙෆ්රි ලේටන්ගෙ කාර්යාලය තිබිල තියෙන්නෙත් පේරාදෙණියෙලු. (ඔහු එවකට ලංකාවෙ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයටත් වඩා වැඩි බලයක් තිබුනු නිලධාරියෙක්ලු.) කොළඹට ජපන්නුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙයි කියන සැකේට වෙන්න ඕන එයාල රට අභ්‍යන්තරයෙන් ඔය විදියට හමුදා මූලස්ථාන පිහිටුවගෙන තියෙන්නෙ. මමත් මේ අරහෙන් මෙහෙන් කියවපු කතන්දර ටිකක්, වැඩි විස්තරයක් නම් දන්නෙ නෑ.

      Delete
  3. අනේ සිරා මලේ.....උබට බොහොම පින් තව තියනවනම් මෙ වගෙ ඒව ....පරන පොටෝ හොයල දාපන් මලේ..අපෙ දරුවන්ට මේව දකින්න තාම පින තියනව එහෙනම්..උබට හුගාක් ඉස්තූතියි...අර පොටෝ එවපු ප්‍රසන්න සහෝදරයටත් බොහොම ස්තූතියි කිව්ව ඕ...න්..

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි අයියෙ...බොලා හැමදාමත් ඇවිල්ලා සිරා කොලුවට තල්ලුවක් දෙනවට...ප්‍රසන්න ගොයියත් මේ ලිපිය කියවලා ඔන්න....

      Delete
  4. සමහර ඡායාරූප මීට කලින් ජංජාලෙ තියෙනව දැකල තිබුනට තවත් සමහර ඒව නම් දැක්කෙත් අදමයි බං. ස්තූතියි සිරා, ප්‍රසන්න ඔබටත්.

    ReplyDelete
    Replies
    1. බොලාව දැකීමත් සතුටක්...දිගටම මේ පැත්තට ආවනං...

      Delete
    2. එනව තමා බං, ඒත් ඉතිං ඔය අරහෙන් මෙහෙන් කියවල දුවනව මිසක් කමෙන්ට් එකක් කාරිය කොටල යන්න වෙන්නෙ එහෙමත් වෙලාවක. ඉස්සරට වඩා දැන් වැඩත් වැඩී බං සිරා.

      Delete
  5. 1955 මිස් යුනිවර්ස් දෙවැනි ස්ථානය ලංකාවට ,,,අදමයි ඇහුවේ,,අනේ ගොඩක් වටිනා ෆොටෝ ,, මාත් ඩවුන් කරලා ෆෝල්ඩර් එකකට දාගත්තා ගොඩක් වටිනවා අයියේ ..ඔයාගේ යාලුවට thanks කරා කියන්න
    කුමාර වීදිය,යෝර්ක් වීදිය ,,,අද.. බලද්දී කොහොමද වාහන ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලංකාවට ලැබුණේ තුන්වෙනි ස්ථානය (2nd runner-up). ලංකාව මිස් යුනිවර්ස් තරඟයකට මුල් වරට සහභාගි වුණේත් ඒ අවුරුද්දේ. ඒ වගේම මිස් යුනිවර්ස් තරඟෙකින් ලංකාවට ලැබුණ එකම ජයග්‍රහණයත් ඒක. ඇය පසුව හොලිවුඩ් චිත්‍රපට ගණනාවකත් රඟපෑවා. ඇය ගැන ලිපියක් මෑතකදී පත්තරයක හෝ සඟරාවක පළවූවා.

      Delete
    2. thanks නිවැරදි කලාට
      @තිසර මන් ලග පරණ කාසි එකතුවක් තියෙනවා පරණම එක 1894 සත 10 ක් . ඒකට යම් වටිනාකමක් තියෙනවද ? ඒ වගේම මට ඒක හම්බුණේ ගම්පොලදී .

      Delete
    3. මමත් පාසලේ බාලදක්ෂයෙකු ලෙස කටයුතු කල කාලෙ පරණ කාසි සහ මුද්දර එකතු කිරීම විනෝදාංශයක් හැටියට කලා. ඒ අනුව සෑහෙන වටිනා එකතුවක් හදා ගන්න මට පුලුවන් උනා. ඒ සියල්ලම තවමත් මගේ ලග සුරැකිව තියෙනවා. මා ලග තියෙන පැරණිම කාසිය 1740 නිකුත් කරපු ලංදේසි කාසියක්...ඊට අමතරව රුපියලේ නෝට්ටු පවා තියෙනවා....මම වතාවක් මහබැංකුවේ නිලධාරියෙකුගෙන් ඔබ අහපු ප්‍රශ්නය ඇහුවා. ඒ වෙලාවෙ ඒ අය කිව්වෙ...නිශ්චිතව වටිනාකමක් කියන්න බෑ කියලයි...1815 ට කලින් නම් ඒවා පුරාවස්තු කියන වර්ගයට අයත් වෙන්නෙ...පැරණි දේ අගයන කෙනෙක්ට තමයි කිව්වා මේ කාසි වලට වටිනාකමක් දෙන්න පුලුවන්..ඒ අයට මිස සාමාන්‍ය මිනිස්සුන්ට ඔය කාසි වලින් වටිනාකමක් නෑ කියලයි කිව්වෙ...

      Delete
  6. බොහොම ස්තූතියි සිරා සහ ප්‍රසන්න. මේකෙ මුල් හරියේ තියන ඡායාරූප බොහොමයක් මම දැකලා තිබ්බේ නෑ. මේ සිතියම ලන්දේසි වෙන්න ඕනේ, භාෂාවෙ හැටියට. මේ ආකාරයට ඇඳපු ලංකා සිතියමක් දැක්කමයි. උඩරට ගිවිසුම කියවන්න හැදුවා, බැහැ. අකුරු පැහැදිලි නැහැ.

    දෙවන ලෝක යුද්ද කාලේ ලංකාවේ සිද්ධ වූ දේවල් ගැන ඡායාරූප දැකලම නැති ගානයි. මේ යුධ නැව් තියන පින්තූරයත් මුලින්ම දැක්කේ දැනුයි. විස්තර හොයන කෙනෙකුට හොයන්න කතන්දර ගොඩක් මෙතන තියනවා.

    දන්න කෙනෙක් ඉන්නවනම්, ශ්‍රී මහ බෝධිය කැපීමේ උත්සාහය ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඒ සිතියමේ ලංකාව හදුන්වලා තියෙන්නෙ CEILON යන නමින්...ඒ අනුව මටත් හිතෙන්නෙ එය ලන්දේසීන් විසින් භාවිතා කරපු එකක් කියලයි...ශ්‍රී මහා බෝධිය කපන්න උත්සාහයක් ඉතිහාසයේදී අරන් තියෙනවා කියලා මමත් දැනගත්තෙ මේ ඡායාරූපයෙන්....වැඩ විස්තර දැනගන්න මමත් කැමතියි.

      Delete
  7. ගොඩක් වටින විස්තරයක්.

    ReplyDelete
  8. කුමාර වීඩිය නම් අද තිබෙන තත්වයට වඩා ඒ කාලේ බොහොම සාමකාමීව පැවති බවක් පේනවා. අද මේවා ජරා වීදි. සමහර විට නුදුරේදී මේවා වෙනස් වෙයි. බොහොමයක් ඒවා කලින් දැක තිබුනත්, මේ අතරේ තියෙනවා අලුත් පින්තූර කිහිපයක්.

    ReplyDelete
    Replies
    1. කුමාර වීදිය ඉතිං අද වෙළ‍ද ආධිපත්‍යයට හසුවුන විදියක් නොවැ...මම හිතන්නෙ කඩදාසි අඩුවට ගන්න පුලුවන් ඔය පැත්තෙන්....

      Delete
  9. Maureen Neliya Hingert
    Maureen Neliya Hingert (born January 9) is a Sri Lankan dancer, model and actress. She is the only Sri Lankan representative to win an award at a Miss Universe pageant after finishing as the runner-up at the 1955 event.

    She was heralded a favorite for the world beauty crown together with “Miss Sweden,” “Miss USA,” “Miss England,” and “Miss El Salvador.”

    Due to her very high placement in the Miss Universe Pageant, she has long been revered as "putting Sri Lanka on the map" and being an ambassador to her country, Sri Lanka.

    Hingert was born on January 9, 1937 in Colombo, Sri Lanka to Lionel Hingert and Lorna De Run. Her father was the President of the Bank of Ceylon and a holder of extensive tea estates in Sri Lanka. Both of her parents are of Dutch Burgher ancestry, originating from Amsterdamn. The family lived house in a mansion by the beach on Lorensz Road, Bambalapitiya, Colombo.

    Hingert attended school at the Holy Family Convent in Colombo until she was eighteen

    In 1954, Hingert was crowned Miss Ceylon in her country and subsequently selected as a contestant in the 1955 Miss Universe pageant.

    Following the contest, Hingert was put under contract to Universal International Studios and 20th Century Fox.

    Some of the movies she appeared in include: The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunman from Laredo, The Rawhide Trail and the British TV Series Captain David Grief.

    She was also an accomplished dancer and gave solo performances at the Shrine Auditorium in Los Angeles and other major Los Angeles venues.

    She married designer/artist Mario Armond Zamparelli in 1958. Mario Armond Zamparelli was an American artist and designer, best known for his connection with Howard Hughes. For 18 years, Zamparelli was Chief Executive Designer of Hughes’ empire.

    Their daughter Gina Zamparelli would achieve fame in the arts as a concert promoter and is active in the field of historic preservation. They had two other daughters as well, Marisa and Andrea Zamparelli.

    ReplyDelete
    Replies
    1. විකිපීඩියාවෙ ඇය වෙනුවෙන් තියෙන විස්තරය මේ තියෙන්නෙ...

      Delete
  10. අර ගාලු පාරේ පින්තුරේට ගොඩක් හිත ගියා. ඒ කොයි හරියේද කියල දන්නවද? පින්තුරේ යට තියෙන අකුරු කියවන්න අමාරුයි.
    ඔයාට ගොඩක් ස්තුතියි මේ පින්තුර බෙදා ගත්තට.

    ReplyDelete
    Replies
    1. මම නම් දන්නෙ නෑ කොයි හරියෙද කියලා...ඔයා නම් දන්න පාටයි පේන්නෙ...

      Delete
    2. මම දන්නෙත් නෑ... ගාළු පාර එක්ක ගොඩක් මතක තියෙන නිසයි ආස හිතුනේ.

      Delete
  11. මේ ඡායාරූප බොහෝමයක් අන්තර්ජාලයේ දැනටමත් තියෙන ඒවා.. මක්කා උනත් ඔක්කෝම එක තැනක දාලා ලිපියක් ලියපු එක මල් මසුරන්..

    ReplyDelete
    Replies
    1. ඔව්...සමහර ඒවා මමත් දැකලා තියෙනවා ජංජාලෙන්...හැබැයි මේ තුලින් අලුතෙන්ම දැකපු ඒවා වැඩියි...

      Delete
  12. පට්ට පට පට...

    ReplyDelete
  13. මේ බහුතරයක් පින්‍තූර අදමයි දැක්කෙ අයියෙ. ගොඩක් වටින පෝස්‍ට් එකක්. සිරා අයියටත් ප්‍රසන්න මහතාටත් ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි...ගොඩාක් දේ මෙතනින් තමයි පළමු වරට දැක්කෙ...

      Delete
  14. මොනවා කොටන්නද කට අරගෙන බලන් හිටියා ,සමහර පින්තූර ජීවිතේ පලව්නිවතාවට අදයි දැක්කේ

    ReplyDelete
    Replies
    1. මේ වගේ පරණ පින්තූර දකිද්දි අමුතුම ආශ්වාදයක් හිතට දැනෙනවා...සමහර විට කලින් ආත්මෙ අපි මේ පරිසර වල ඉන්න ඇති.

      Delete
  15. සමහර පින්තූර කලින් දැකල තිබ්බත් සමහර ඒව මේ ලිපියෙන් තමයි දැකගත්තෙ.
    අර කුට්ටං පොකුණ අර විදියට කුඩු කළේ කවුද.

    ස්තුතියි මේ පින්තූර බෙදාගත්තට.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...කුට්ටංපොකුණ ඔය විදියට මම දැක්කමයි...මමත් අලුත් ඡායාරූප රාශියක් මෙතැනින් තමයි ඉස්සෙල්ලාම දැක්කෙ...

      Delete
    2. එහෙම තිබිල දැන් තියෙන විදියට ප්‍රතිසන්ස්කරනය කරන්න ඇති නේ.

      Delete
    3. එහෙම තමයි මටත් හිතෙන්නෙ

      Delete
  16. යකෝ ප්‍රින්ස් වීදිය අදට වඩා එදා මරුනේ නොදැකපු සහ දැකපු පිංතුර තිබුනා වටිනා වැඩක් කඩුගන්නාව දැක්කම ආයි රේල් හයික් එකක් යන්න හිතුනා

    ReplyDelete
    Replies
    1. හැබෑට රේල් පාරෙත් ඇවිදලා තියෙනවද...ඒ විස්තර බොග් ගතවෙලා තිබුනෙ නෑ නේද...

      Delete
  17. සෑහෙන්න කල්පනා කරන්න දේ තියෙනවා. කුමාර වීදිය නම් එදා කුමාර ලීලාවෙන් තියෙන්නේ. අද ඒක හීනි වෙලාද බං?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ වාහන සහ පදික වෙළදාම තිබිලා නෑනෙ...ඒ නිසයි පාර මහතයි වගේ පේන්නෙ...අද දෙපැත්තෙන් වාහන පේලි දෙකක් නවත්තලා තියෙන හින්දයි කෙට්ටු වෙලා පේන්නෙ...මම හිතුවෙ හෙන්රි අයියා සතුව මේ ඡායාරූප කීපයක් ගැන හෝ විස්තර තියේවි කියලා...

      Delete
  18. ගොඩක් වටින පින්තූර ටිකක්...!!!
    සිරාට වගෙම ප්‍රසන්න සහොදරයටත් ස්තුතියි...!!!

    රේස් කෝස් එකනම් දැන් ආයෙත් ඔය වගේ.,
    ඔතන හිටගෙන ඉන්න කෙනාට පිටිපස්සේ වටකරලා තියෙන පැලේ අද වෙනකොට ලොකු ගහක්,


    අර හඳට ගිය විස්තරේ දැක්කහම මතක් උනේ..,,ඒ කාලේ ඇමරිකාව හැම රටකටම කියලා තියෙනව හඳට යන යානේ එක්ක යවන්න පණිවිඩයක් දෙන්න කියලා..
    ඒකට අපේ රටෙන් පිලිතුරක් විදියට යවල තියෙන්නේ..අනවශ්‍ය කාරනාවලට පණිවිඩ දෙන්න අපේ රට සූදානම් නැ කියලා....

    ReplyDelete
    Replies
    1. හැබෑට ඒ ගහ තාම තියෙනවද ? හදට කෙසේ වෙතත් නාසා විද්‍යාඥ සරත් ගුණපාල මහතා සම්බන්ධ වෙලා අගහරු වෙත ලගදි යවපු යානයක ආයුබෝවන් කියන වදන හඩපටයට ඇතුලු කරලා තිබුනා.

      Delete
  19. ගොඩක් රූප ඉන්ටර්නෙට් එකේ තැන් තැන් වල දැකලා තියෙනවා. අදම දැකපුවත් තිබුණා. ඔක්කොම එක තැනකින් බලන්න පුළුවං විදිහට ලිපියක් දාපු එක වටිනවා. තෑන්ක්ස්. ලංකාවෙ සිතියම උඩම තියෙන රූපෙ විදිහට දැක්කෙ පලවෙනි සැරේට...

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ සිතියම ඒ විදියට මමත් ඉස්සෙල්ලාම දැක්කෙ මේ එකතුවෙන්...සමහර ඡායාරූප අන්තර්ජාලයේ තැන් තැන් වල මමත් දැකලා තියෙනවා...

      Delete
  20. මෙම පින්තූර සැට් එකේ වටිනා කම මිල කල නොහැකියි.

    ReplyDelete
    Replies
    1. OLD IS GOLD කියන්නෙ ඒ නිසා වෙන්ට ඕනෙ..

      Delete
  21. නියම පින්තූර එකතුවක්... ඊළඟ මාසේ දිහාට්ට කට්ටියකුත් එකතු කරං උතුවං කන්ද නැගලා එන්ඩ ඕන... :)

    ReplyDelete
    Replies
    1. උතුවං කන්ද නැගලා බැහැලා ඒ ගැන අපිටත් කියන්නෙ නැතෙයි ....ගණිතය පන්තියට නිවාඩු දිලද යන්නෙ ?

      Delete
  22. හොඳ පින්තූර එකතුවක්. වැඩි හරියක් ඒවා කලින් දැකල තිබුනේ නෑ. අර කාසි වලින් කීපයක් නම් මගේ ලඟත් තියනවා. ඒත් ඒවා දුර්වර්ණ වෙලා තියන්නේ. සමාධි පිළිමය ළඟ ඉඳගෙනත් ඉන්නවා කවුද :)
    සිරා සහ ප්‍රසන්න දෙන්නටම ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. මම ඇරුනාම බොග් ලෝකයේ ඉන්න අනිත් ඇන්ටික් කරුවා ඔහේ නොවැ....මා ලගත් පරණ කාසි සහ නෝට්ටු එකතුවක් තියෙනවා....එතනත් ඔය සමහරක් දේ තිබුනා.

      Delete
  23. සුපිරියි සේරම එකම තැනකින් ගන්න හැකියි දැන්..

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා නරකද ආයුබොවන්ඩ දන්න දෙයක් ගැන සවිස්තරව යම්කිසි දෙයක් දෙසලා ගියා නම්...

      Delete
  24. තුන්වැනි පින්තූරේ තිබෙන නෝට්ටුවේ විශේෂ යෙදුමක් තියනවා නේද? ලංකාවේ මහ බැංකුව නෙවෙයි, ලංකාවෙ ආණ්ඩුවෙ කස්බ්‍රිප්පුව කියලා තියෙන්නේ. ඒ වචනය මමත් මීට කලින් අහලා නැහැ.

    6 සහ 7 පින්තූරවල තියන සත 5 සහ සතයේ කාසිවලට 100% ක් සමාන සත 5 සහ සතයේ කාසි අපි කුඩා කාලේ පාවිච්චි කළා.

    29 වැනි පින්තූරයේ ඉදිරියෙන්ම තියෙන්නේ බස් එකක් නෙවෙයි ට්‍රෑම් කාර් එකක්. බලන්න එය ගමන් ගන්නා රේල් පීලිදෙක පෙනෙනවා. මම ට්‍රෑම් කාර් එක දැකලා තියනවා. නමුත් ගිහින් නැහැ. ට්‍රොලි බස් එකේනම් ගිහින් තියනවා.

    31 වැනි පින්තූරේ තියන පත්තරේ මටනම් අලුත් දෙයක් නෙවෙයි. එස්.එස්.සී. = දැන් අපොස සා පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලයේ සජීවීව ගුවන් විදුලියෙන් මිනිසා හඳ මත ගොඩ බැසීම ඇහුවා අද වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. if කස්බ්‍රිප්පුව= Kurzbrief, in German it means memo or compliments slip. So this could be a treasury bill kind of thing i guess

      Delete
    2. Thank you very much for your informative contribution. How on Earth this German word connect with British Colonial era.

      Delete
    3. මේ වගේ පැරණි මතකයක් අලුත් වෙන හැම වතාවෙම ඒ ගැන වැඩි විස්තර අපට දැනගන්න ඉන්න වටිනා පුද්ගලයෙක් ඔබ තුමා...බොහොම ස්තුතියි දැක්වූ තොරතුරු වලට...

      ඉංග්‍රීසි භාෂාවට වැඩිපුර වචන එකතු වෙලා තියෙන්නෙ ජර්මානු සහ ප්‍රංශ භාෂා වලින් නිසා ඒ වදන ඉංග්‍රීසියට එන්න ඇති කියලා මට හිතෙනවා..

      Delete
  25. තැන් තැන්වල දැකලා තිබුන පින්තුර ටිකක් එකම තැනකින්.එදා අද වෙනස කොයි තරම්ද..?දෙදෙනාටම බොහෝම ස්තුතියි.මේ බෙදා ගැනීමට.

    ReplyDelete
    Replies
    1. මම බෙදා ගත්තා වගේ බොලාත් බෙදා ගත්තොත් නරකද...තව කෙනෙක්ට දැක ගන්න ඔත්තුව දෙන්න.

      Delete
  26. නියමම පින්තූර ටිකක් ගොඩක් ආසාවෙන් බැලුවේ...කඩුගන්නාව දුම්රිය මාර්ගය දැක්කම නම් බයත් හිතුනා..
    පරණ කාසි හා නෝට්ටු පින්තූර ටික නම් නියමයි....

    ReplyDelete
    Replies
    1. කොහොමද දුම්රිය බල්ටියක් ගැහුවොත් ඉදලා වැඩක් නෑ නේද....

      Delete
  27. අඩේ මරු කොල්ලෙක්නේ .... උබට ඔපීසියේ වැඩ අඩුයි වගේ මේ දවස්වල ..... චීන අව්රුද්දට මොකද කරන්න ඉන්නේ ??

    ReplyDelete
    Replies
    1. මේ නිවාඩුවෙන් පස්සෙ නම් වැඩ වැඩිවෙයි. ආයෙ නිවාඩුත් නෑ නොවැ මැයි මාසය වනතෙක්ම....චීන අවුරුද්දට චීන කෙල්ලෙකුගෙ ගෙදර දවල් කෑමට යන්න ඉන්නෙ...එනවද යන්න ?

      Delete
  28. හරිම වටින පින්තූර ටිකක්.. ස්තූතියි දෙන්නටම

    ReplyDelete
  29. ස්තුති යි බෙදා ගැනීම ගැන.

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි...බෙදා හදාගන්න දන්න මිනිස්සු...

      Delete
  30. ඔන්න පොඩි දෙන්නටත් පෙන්නුවා . බොහොම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. පොඩි දෙන්නගෙ අදහසුත් මේ කමෙන්ටුවටම එකතු වුනා නම් තවත් ලස්සනයි...

      Delete
  31. සුපිරියි සිරා අයියේ.... රූප ටික බෙදා ගත් ප්‍රසන්න අයියාටත් පින්! මේ සම්බන්ධ මොන විස්තර ලියනව ද, කට ඇරන් ඇස් උඩ තියන් බැලුව ගොඩක් රූප මුල් වරට දුටුවේ අද.

    ReplyDelete
    Replies
    1. බස්සි හදවතින්ම මේ අදහස මෙතන කෙටුව වග මට දැනෙනවා...ස්තූතියි නංගි...

      Delete
  32. Replies
    1. සෑමගෙ කමෙන්ට් වල දිග...

      Delete
    2. ඌට මේ දවස්වල කමෙන්ට් කොටනවට වැඩිය වැඩ තියෙනව බොල.

      Delete
  33. සමහරක් ඒවා අන්තර්ජාලේ එහෙන් මෙහෙන් දැකලා තියෙනවා.. මෙහෙම එක තැනකට කරලා දාපු එක සෑහෙන්න වටිනවා අයියේ..

    ReplyDelete
    Replies
    1. ඒත් අන්තර්ජාලයේ තවත් තැන් වල දකින්න නැති ඡායාරූප රාශියක්ම මෙහි තියෙනවා..

      Delete
  34. සමහර ඒව තියෙනව බුකියෙ Old Ceylon පිටුවෙ. බොහෝ පින්තූර නුදුටු ඒවා ය.

    සිරාට ස්තූතිය

    ReplyDelete
    Replies
    1. ගොඩාක් දේ මමත් ඔය කියන තැන් වල දැකලා තිබුනෙ නැති ඒවා...

      Delete
  35. Replies
    1. ස්තුතියි සිත්තරී....ඔයාගෙ දැනුමෙන් මේ කමෙන්ටුවට වඩා යමක් කියවන අයට දෙන්න තිබුනා කියලා මට හිතෙනවා...

      Delete
  36. සිරා පින්තූර ටිකක් නේ

    ReplyDelete
  37. මම මේ වගේ පින්තූර සෙට් එකක් දැක්කමයි..සිරා ලොක්ක කලොත් ඉතින් සිර වැඩක්ම තමයි..සුපිරි..

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා මමත් දැක්කමයි මලයො...

      Delete
  38. අලුත් අවුරැද්දට කිසිම දෙයක් ලියන්න බැරි වුනා සිරෝ..මම හිතන්නේ මාස දෙකකින් විතර තමයි..බ්ලොග් බලන්න ගත්තෙ...හාපුරා කියල උඹෞ බොගට තමා එබුනෙ..පෙ1ද්ගලික ජීවිතේ කරදර ගොඩක් හින්ද ලියන්න වෙලාවක් තිබුනෙ නෑ...කොහොම වුනත් අපූරැ ඡායරැප එකතුව මේකෙ සරදියෙල්ගෙ ඡායාරෑපය නිවැරදිව දාල තියෙන එක ගැන සන්තෝසයි..හුගක් අය සරදියෙල් කියල හිතන්නෙ සරදියෙල් එක්ක අත්අඩංගුවට ගත්ත මම්මෙලේ මරික්කාර්ගෙ ඡායාරෑපය, ලංකාවෙ සරදියෙල් සම්බන්ධව හැදුනු ටෙලිනාට්‍ය බොහෝමයක..මම්මලේගෙ බාහිර පෙනුමට සමානව තමා චරිත තෝරාගෙන තිබුනෙ

    ReplyDelete
    Replies
    1. හැබෑට කලු ජෙමා දැක්ක කල්...බොට මක්ක වෙලාද හිටියෙ...මට පයින්ඩයක් එවහං...සරදියෙල්ගෙ ඔය කියන කාරණේ ගැන මම කලින් අහලා තිබුනෙ නෑ ගොයියො...

      Delete
  39. සුපිරියි.......20වැනි පින්තූරයේ තියෙන රේස්කෝස් එක ඉස්සරහ පේන්න තියෙන ගහ අපි ඉස්කෝලේ යන කාලෙත් තිබුනා වගේ මතකයි (70-80)

    6වැනි ෆොටෝ එකේ තියෙන 1909 ශත පහ කාසි එකතුවක දැක්කා. නිකල් හෝ රිදී කියා යාන්තම් මතකයි.

    34වැනි ෆොටෝ එකේ එම්පයර් හෝල් එකේ අවට මිනිසුන් ඉන්නා තැන විශාල ගහක් සහ තණකොල වැවුනු ඉඩ කඩක් තිබුනා.බර කරත්තත් ඔතන තිබුනා. ආසන්න නගරවාසීන්ගේ දහවල් බත් එක නිවසින් එකතු කරගෙන විත් ඒවා ඔෆිස්වලට ගෙනවිත් බෙදන බයිසිකල් කරුවන් හිටියා. ඒ අය සියල්ලක්ම මෙතනට එකතුවී කොළඹ ඒ ඒ මාර්ගවලට ඒවා වෙන්කර ගත්තා ඔතැන තියාගෙන , ඔවුන්ගේ පහසුව සඳහා. කොල්ලුපිටියේ ඩුප්ලිකේශන් පාරෙත් මෙවැනි නිස්කලංක තැනක පාර අයිනේ මේ වැඩේම කරා. (70-80)අපේ තාත්තාටත් ඔෆිස් එකට කෑම එක යැව්වේ ඔය ක්‍රමයෙන් 70- 73 වගේ කාලයේ. එය අමුතුම වැඩක්. පසුවට ලියන්න හිතුනා ඒ ගැන.

    මොරීන් හින්ගර්ට් දක්ෂ නැටුම් ශිල්පිනියක් බව බම්බලපිටිය පැත්තේ පරණ ලංසි නෝනලා කතාවෙනවා මට ඇහිලා තියෙනවා මම ඒ පැත්තේ හිටිය කාලේ.

    ReplyDelete
    Replies
    1. ඔය බයිසිකල්වලින් බත් බෙදන කතන්දරේ මමත් මීට කලින් කොහේදි හරි කියවල තියෙනවා අරූ. ඒකත් නිකන් ලියුම් බෙදනව වගේ වැඩක්. ඒ උනාට තැපෑල වගේ ප්‍රමාද නැතුව වැඩේ කෙරුනා කියල තමා මම කියවපු තැන නම් තිබුනෙ. මම හිතන්නෙ ඒක තනිකරම විශ්වාසය මත කෙරෙන වැඩක්. මොකද අඩු තරමෙ බයිසිකල්කරුවො දෙන්නෙක්ගෙවත් අතට එකම කෑම එක යනව. අද කාලෙ නම් තමන්ගෙ කෙනෙක් අතේ මිස කෑම එකක් යවන්න මිනිස්සු බයයි.

      Delete
    2. ඒ ක්‍රමය තවම ඉන්දියාවේ තියෙනවා කියල මම මොකක් හරි documentary එහෙක දැක්ක

      Delete
    3. @ DDT හුඟ කාලෙකින්.......

      ඔය බත් වැඩේ තනිකරම විශ්වාසය මත උනේ. දැන් වගේ ප්ලාස්ටික් පෙට්ටි තිබුනෙත් නැහැ. බත් එක බෙදලා තව පිඟානකින් මුනින් අතට වහලා සුදු රෙද්දකින් තදවෙන්න බඳිනවා. කිත්තම් නූලකින් ගැට ගහපු කාඩ්බෝඩ් කෑල්ලක තමයි ,නමයි ඔෆිස් එකයි ලියලා තිබුනේ. ඔය රෙද්දත් හරි පිරිසිඳුව තියා ගත්තේ තාත්තාගේ බත් බඳින රෙද්ද කියලා. බයිසිකල් කරුවන්ට තිබුනේ ලෑලි පටි ගහපු ලොකු පෙට්ටියක්. බත් එක මාරුවෙලා බෙදිලා තියෙන්නේ අහම්බෙන්.


      @ නිරෝ.....ඉන්දියාවේ තාම තියෙනවාලු. ඒවා පිඟන් වල නෙමෙයි යන්නේ. ටිෆින් කැරියර්ස් වල.

      Delete
    4. dear අරූ,
      "the lunch box" - මේක ගිය අවුරුද්දෙ ආපු හින්දි ‍ෆිල්ම් එකක්. මේක හරිම සරල ලස්සන සංවේදී කතාවක්. කතාවට මුල් වෙන්නෙ අර කියපු ලන්ච් පැකට් බෙදන සිස්ටම් එකත් එක්ක ගොඩනැගෙන ආදර කතාවක්. හින්දි ජනප්‍රිය සිනමාව මේ ‍ෆිල්ම් එක ඇතුලෙ නෑ, ‍ෆිල්ම් එක ගොඩක් ලස්සනත් ඒ නිසාමයි.
      ඉන්දියාවෙ තියෙන ඔබ කියන මේ ක්‍රමය කාලෙකට කලිං ලංකාවෙත් තිබුනු බව ඇහුවම මට පුදුම හිතුනා. ඒ වගෙම දුකත් හිතුනා. දුක, අපි පරක්කු වෙලා එපදුනු එක ගැන. ලෝකෙ වෙනස් වෙන බව ඇත්ත. ඒත් ඔයාලගෙ අත්දැකීම් අපිට ලැබෙන්නෙ පන නැති කෘතිම ඉලෙක්ට්‍රොනික් මාධ්‍යක් හරහා වීම හිතට දුකයි. මුලිං ‍ෆිල්ම් එකෙං දැකපු දේත් , ලංකාවෙදි ඒ ක්‍රමය දැකපු'අත්විඳපු කෙනෙක්ගෙන් අපි ඒ ගැන දැනගන්නෙත් මෙහෙම බ්ලොග් වලිං. වෙනස් වීම් අපි කාටත් දරා ගන්න/විඳින්න සිද්ද උනාට මෙහෙම කෘතිම විදිහට අත්දැකීම් බෙදා ගන්න වෙන එක ගැන හිතට කනගා‍ටුවක් එනවා.
      තෑන්ක්ස් මේ ගැන සන්ඳහන් කලාට.. අදාල ෆොටෝ එකයි, අරූ කිව්ව කතාවයි එක්ක ලස්සනට අතීතෙ හිතේ මැවුනා චිත්‍රපටියක් වගේ...

      Delete
    5. තිලින.......මම උඹේ මේ කමෙන්ට් එක උඹට වඩා වැඩිමහල් මිනිහෙක් ලෙස ඉතා ඉහලින් අගය කරනවා. මෙන්න මෙහෙම තමයි අපි, අපේ පරම්පරා ගනනාවක් තිස්සේ එන සමාජ සංස්කෘතික ලක්ෂනයන් (හොඳ හෝ නරක ) තවත් පරම්පරාවකට සුවඳ දනවන්නට මුදාහරින්න ඕන.

      මම මේ චිත්‍රපටය නැරඹීමට ට්‍රයි එකක් දෙනවා. මගේ වයිෆුත් බොහොම කැමති වෙයි. ඇයත් එම රටේ බොහෝ කාලයක් ජීවත් වුන කෙනෙක් නිසා.

      Delete
    6. තැන්ක්ස් අරූ...
      මෙන්න ‍ෆිල්ම් එකේ ටොරන්ට් ලින්ක් එක ;
      the lunch box torrent
      අරූ පමණක් නොව, බලන්න ආස හැමෝම බාගන්න. බර-685mb

      Delete
    7. හැමෝටම බොහොම ස්තූතියි...ලස්සන අතීත කථාවක් එක්ක ලස්සන චිත්තරපටියකුත් නරඹන්න චෑන්ස් එකක් වැදිලා අන්තිමට....

      Delete
  40. පරණ පිංතූරවලට කැමති අයට මෙන්න තැන:

    ලංකාපුර

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එතන තමා තැන...

      Delete
  41. 7. 1890 දි සතය කියල තිබුනට මම හිතන්නෙ ඒ ශත කාල වෙන්න ඕන, ඉස්සරහින් 1/4 ක් තියෙනව නේද. මගේ ළඟත් ඔය පරණ කාසි වගයක් තිබුනා. ඒවයෙත් සතය ටිකක් ලොකුයි. සත බාගෙ, කාලෙ කාසි සතේ කාසියට වඩා පොඩියට ඔය විදියට 1/4 සතය, 1/2 සතය කියල තමා සඳහන් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මගේ ගාව තඹ ශත බාගයක් තිබුනා ඒ දවස්වල.

      Delete
    2. ශත භාගය, ශත කාල මමත් දැකලා තියෙනවා...කාල ඇර ඉතිරිය මගේ එකතුවෙත් තියෙනවා...ශත කාලට තියෙන්නෙ ඉලිප්සාකාර හැඩයක්..

      Delete
    3. //ශත කාලට තියෙන්නෙ ඉලිප්සාකාර හැඩයක්.//

      නැහැ සිරා, මගේ ළඟ ඔය පරණ සතය, සත 1/2, සත 1/4 කාසි සීයකට වැඩිය තියෙනව. ඒ එකක්වත් ඉලිප්සාකාර කාසි නෙවෙයි. සමහර විට සිරා දකින්න ඇත්තෙ යම් විදියකින් පසු කලෙක විකෘති උණු කාසියක් වෙන්න ඇති. නැත්නම් මගේ ළඟ තියෙන අවුරුදුවල නිකුත් කරපු ඒවා වෘත්තාකාර උනාට වෙනත් වසරක කාසි ඉලිප්සාකාරව නිකුත් කරලද මම දන්නෙ නෑ. මෙතන තියෙන කාසියෙ වටේට ඉංග්‍රීසි අකුරෙනුත් quarter cent කියල සඳහන් වෙල තියෙනව නේද. ඒක 1890 නිකුත් කරපු එකක්. මා ළඟ තියෙන සත කාලෙ කාසි 1870 නිකුත් කරපුව. එකම වෙනස නිකුත් කරපු වසර විතරයි. කාසි දෙකම එක වගේ.

      මම ළඟ තිබුනු කාසි කිහිපයක ෆොටෝ ගහල මම සත් සමුදුර ලියන දිනේෂ්ට යැව්වා වරක්. මෙතන තියෙනව ඒ සත කාලෙ කාසියකුත්.

      http://sathsamudura.blogspot.com/2012/10/blog-post_31.html

      Delete
  42. Replies
    1. සෑහෙන කාලෙකට පස්සෙ දැක්කෙ...තවමත් කාර්ය බහුලද ?

      Delete
  43. බොහොමත්ම ස්තූතියි සිරා...පොටෝ ටික ඩවුන්ලෝඩ් කරගත්තා.

    මා ළඟත් තිබුණා වී ඕ සී කාසි. මගේ ගොන් කමට ඒවගෙන් “බවුත්“ හැදුවා.
    තව සත භාගෙ, සතයේ, සත දෙකේ, සත පහේ, සත දහයේ කාසි තිබුණා. 1930 ගණන්වල ඒවා.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කියලා අද හිතෙනවා නේද....මම නම් අපේ ඉදිරි පරම්පරාවට බලන්න බොහෝ දේ සුරක්ෂිත කරලා තියෙන්නෙ...සුනාමිය දවස් වල පලවූ පත්තර පවා...

      Delete
  44. මරු.... දැනුමට යමක් එකතු කරගන්න පුළුවන් උණා....

    ReplyDelete
    Replies
    1. එය තමයි මගේ වගේම පින්තූර මට එවපු ප්‍රසන්නගේත් සතුටට කාරණය...

      Delete
  45. නියමයි සිරා. අර 6 හා 7 පින්තුර වල කාසි මා ගාව තියෙනවා...

    ReplyDelete
  46. Nice work see http://tiny.cc/i659ax

    ReplyDelete
  47. 6 , 18 රූප දැකලා තියෙනවා. ඒත් මේ වගේ ගොඩක් දැකලා නෑ. ගොඩක් වටින දෙයක්.

    ස්තූතියි මේ වගේ වැදගත් දෙයක් කළාට......

    ReplyDelete
  48. අර කොළඹ වරායෙ මගී පර්යන්ත හා රේගු ගොඩනැගිල්ල කියන එක නේද දැන් Long Room එක විදියට රේගුවේ Imports වලට අදාල වැඩ කෙරෙන්නෙ... එතැනට යන්න පුළුවන් කොටුව චෛත්‍ය පාර බස් එකේ ගියාම...

    අර ගෆූර් ගොඩනැගිල්ලත් අතහැර දාල නේද තියෙන්නෙ... ඒක තියෙන්නෙත් වරායට යන පාරෙ... කාලයක් රේගුවට ගන්න උත්සාහයක් තිබුණ කියලත් මතකයි... ඒක හරි ගියේ නෑ... ඒ හරිය කොච්චර බිසිද දැන්... ඒ පින්තූරෙ ට්‍රෑම් එකකුත් තියෙනවා... ඔය ට්‍රෑම් නවත්තපු තැන්වල තවමත් ඒ බෝඩ් තියෙනවා මං දැකලා තියෙනවා කොච්චිකඩේ පැත්තට යනකොට...

    අලි දාලා ප්ලේන් ඇද්දා කියන එක මං කලින් අහලවත් තිබ්බෙ නෑ...

    අර ගාලු පාරෙ ගස් ආරුක්කුවක් කියන පින්තූරෙ නම් මං කලින් දැකලා තිබුණා... ඒතැන සඳහන් උනා ඕක ගොඩාක් පැරණි නා ගහක් කියලා... මට මතක විදියට ඒක පයාගල හරියෙ දර්ශනයක් වගයි සඳහන් උනේ... හරියටම මතක නෑ...

    අර මිස් යුනිවර්ස් කතන්දරේ මේකෙන් තමයි ඇහුවා දැක්කෙ... ඇනෝටත් බොහොම ස්තුතියි පල කරපු විස්තරේට...

    අර තඹ පාට සත පහේ කාසි නම් මං දැකලා තියෙනවා... ඒත් ඔය රජාගෙ පින්තූරෙ ඒකමයි කියන්න නම් මතකයක් නෑ... පස්සෙ ආවෙ රිදී පාට කාසියක්නෙ...

    සරදියෙල්ගෙ පින්තූරෙ අර එයා අත කරේ එල්ලන් ඉන්නෙ අත කඩලද නැත්නම් කැඩිලද දන්නෑ කැලේදි ඔට්ටු වෙනකොට...

    බොහොම ස්තුතියි සිරා පෝස්ට් එකට... අළුත් පෝස්ට් එකෙන් පාර හොයාගෙන ආවෙ...

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...