පළමු කොටස
මචං....මගෙ බෑග් එකේ තව ගල් බෝතලයක් තියෙනවා....අයිනකට වෙලා ඒකත් කඩමුද...ඔටුවා මද පවනෙම ආයෙම ගල් ගහන්න කථාව.
පික්සු කථා කරන්න එපා ඔටුවො...මට කෝච්චියෙ බීපුවා මේ වැවේ හුළගට කික් වුනේ...හැබෑට බොලාට තාම එහෙම නෑද ? ගල් බට්ටා ඇස් දෙක පිහදාන ගමන් එහෙම ඇහුවා.
උඹ මොකද එක පාරටම දානපතියෙක් වුනේ...ඉස්කෝලෙ කැන්ටිමෙන් මාළු පාන් ගෙඩියක් අරගෙන දෙන්නෙ නැති එකා....අද නුවරට වහීද මන්දා....නගාගෙ සීදේවි කථාවට ඔටුවට ඩිංගිත්තක් විතර තරහා ගියා වගෙයි.
ආ....මම දැන් මේවා ගෙනාපු එකයි වරද...අනේ නගෝ...උඹ වගේ ගෑණු භාගයක් නෙමෙයි යකෝ මේ ඔටුවා...රත්තරං කදක්...ඊයෙ තාත්තගෙ බ්ලොග් ගල් වැඩපලේ ගල් වගයක් ලෑන්ඩ් මාස්ටරේකට පැටේව්වා මම එතන ඉද්දි...ඒ මිනිස්සු දුන්න සල්ලි මේ...කපල් කපල් එකට සැට් උනාට පස්සෙ අපේ තනියට බල්ලෙක්වත් නෑ කියලා මට පෙරේදා හීනෙන් පෙනුනා...ඒ හින්දමයි බං සල්ලි ආපහු පියවන විදියක් හිතන්නෙවත් නැතුව මම මේවා උස්සගෙන ආවෙ...
ගල් බට්ටො....උඹට අමාරු නම් අපි තව වෙලාව අරන් දෙවැනි එකට බහිමු... නගෝ මෙහෙ වරෙන්...අන්න අර පේන වෙළෙන්දාගෙන් වඩේ අරන් වරෙන්....ඉදා සල්ලි...
නගා කොලුවා වඩේ සමග නැවතත් අපිට සම්මුඛ වෙද්දි තමයි දළදා වදින්න ගිය නඩය නැවතත් අප සමීපයට ආවෙ.
උඹලා මොනවද ප්‍රාර්ථනා කොලේ....වඩේ කෑල්ලක් හක්කෙ අග්ගිස්සට වෙන්න තියාගෙන හපන ගමන් ඔටුවා විමසුවා...
මමද...කෙලියක් ඉදිරියට පැනලා...ස්වේච්ඡාවෙන්ම පිළිතුරු දුන්නා...
මම ප්‍රාර්ථනා කොලේ...ලබන ආත්මෙත් මට මෙයාවම ලැබෙන්න කියලා.....ඇගේ ලග උන්න ප්‍රදීප් කොලුවා දිහා බල බලා ඇය එහෙම කිව්වා...
උඹලා එකෙක්වත් කැමති නැද්ද ලබන ආත්මෙ මාව බදින්න...ඔටුවා හීන් හිනාවක් නගාගෙන එහෙම ඇහුවා...
අපෝ...හීනෙන්වත් පතන්නෙ නෑ උඹ වගේ උගුඩුවෙක් බදින්න....
ඒ කථාවට හැමෝම හිනාවෙච්ච හින්දා...ඔටුවට ලැජ්ජාවකුත් දැනෙන්න ඇති.
යමල්ලා යමල්ලා....තවත් පරක්කු නොවී මල්වත්තට...නැත්තං ආයෙමත් කෝච්චියට එන්න වෙලා මදි වෙයි. 2.30 වෙද්දි නුවර ඉස්ටේසුමෙන් කෝච්චිය පිටත් වෙනවා...උඹලගෙ ටිකට් භාග ටික පරිස්සං කරලා තියාගනිල්ලා...
දහවල් ආහාරයට කෑම පාර්සල් කීපයකුත් මිළදීගෙන පිරිස පාගමනින්ම බස් නැවතුමට ඇවිල්ලා ටාටා තනිදොරකට පැටවුනා...තවත් මොහොතකින් බස් රථය පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ඉදිරිපිට.
මළ මගුලයි...ඇතුලට යන හැමෝගෙම බෑග් චෙක් කරනවනෙ බං... ඔටුවා මොර දුන්නා...
උඹ මොකද භයේ ගැහෙන්නෙ...
ඔටුවාගේ හදිසි වෙනස්වීම දැකලා බඩියා පොඩි කෝචොක් එකක් දැම්මා.
උඹ දන්නෙ නෑ බන්...තව අමෘතය බෝතලයක් තියෙනවා මගේ බෑග් එකේ...මේකත් එක්ක මාව මාට්ටු උනොත් ඉදලා වැඩක් නෑ නේද ?
දැන් මොකෝ කරන්නෙ...පිළියමක් ගැන කල්පනා කර කර ඉන්න වෙලාවෙ තමයි ගීතිකා කෙල්ල ඉදිරිපත් වුනේ....
මට දෙන්න ඔය බෑග් එක...ඔයා මේක ගන්න...ඇය බොහොම නිර්භීතව ඔටුවගෙ බෑග් එක කරේ එල්ලගත්තා.
කෝ කෝ කොහෙද යන්නෙ...බෑග් එක පෙන්නලා යන්න...සංගීත භාණ්ඩ එහෙම තියෙනවද ? උද්‍යානය තුල සංගීත භාණ්ඩ වාදනයත් තහනම්...ඔටුවව අල්ලගත්ත ආරක්ෂක නිලධාරියෙක් එහෙම කියද්දි ගීතිකා බොහොම සන්සුන්ව එතැනින් මාරු උනා.
දෙපසින් තියෙන තල් ගස් පසුකරමින් පිරිස ඉදිරියට ඇදිලා එක් මං සන්දියකදි නතර වුනා. අපි මේ පැත්තට යනවා...උඹලත් කැමති පැත්තකට පලයල්ලා...කොහෙ හිටියත් හවස 2 වෙද්දි ගේට්ටුව ලගට වරෙල්ලා...
කපොල් කීපය තමන්ගේ අනාගත ලෝකය ගොඩනගන ආකාරය ගැන සැලසුම් කරන්නද කොහෙද අතර මගදි අපෙන් ලොප් උනා.
ඉතිරි වෙච්ච තනිකඩයො කීප දෙනත් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ඉදිරියට ගියා....ඉස්සරහින්ම හිටියෙ සිරා කොලුවා වන මම සහ අපේ නගා කොලුවා...
උද්‍යානයේ පරිසරයේ සුන්දරත්වය ඇති පදම් විදිමින් උන්න වෙලාවක තමයි නගා හඩ අවදි කලේ...
කෝ බන් ඔටුවයි ගල් බට්ටයි...
අපිට නොකියාම උන් දෙන්නා වහං වෙලා... පේන තෙක් මානයක උන්ගේ දසුන නැති හින්දා...නගා එක්ක ගස් සෙවනක දිවා ආහාරයත් භුක්ති විදලා සංගිලි පාලම පැත්තට යද්දි අපෙන් වෙන්වුන පෙම්වතුන් පෙම්වතියන් අතර මගදි අපිට මුලිච්චි උනා.
කෝ බන් උඹලා එක්ක හිටිය ඔටුවා...ප්‍රදීප් එහෙම ඇහුවා
අනුමානයක් නෑ..අර බෝතලෙත් කඩාගෙන ගහක් යට වැටිලා ඇති මෙළහකට....කෙලියක් එහෙම කිව්වා...
මචං...ෂුවර් එකටම ඕකුන් දෙන්නා බෝතලය කඩන්න ඇති. පොඩ්ඩක් යන්න කලින් හොයලා බලමු...නැත්තං මළ මගුලක් වෙන්නෙ....දන්නවනෙ ඔටුවගෙ හැටි. බඩියගෙ ඒ කථාවෙ බරපතල කම හැමෝටම යන්තං හරි දැනුන නිසා තමයි හැමෝම එක් වෙලා ඔටුවව හොයන මෙහෙයුම පටන් ගත්තෙ....
අපි හිතුවා හරියටම හරි.....ඒ වෙද්දිත් ඒකා හොදටම පදම් වෙලා....කෙලින් ඇවිදගන්න බැරි තරමට...
පදම් වූ සුදු අයියා කෙනෙකුට දරුවන් සලකා තිබූ අන්දම ඡායාරූපය - http://3.bp.blogspot.com |
ඒත් ගල්බට්ටා තාමත් හොද සිහිකල්පනාවෙන්...
මොකද බොල උඹත් එක්ක උන්නු මේකට උනේ....එකා දෙන්නා එහෙන් මෙහෙන් වටවෙලා...ඔටුවට පණ දෙන්න හදද්දි තමයි ගෑණු දැරිවියක් කට ඇරියෙ....
මම හිතුවා මේ ටික වෙයි කියලා....මෙයාට තිබ්බ පෙරේත කමට....
මම එපා කියද්දිම බෝතලෙන් භාගයක් වෙනකම්ම බිව්වා බන්....මේ බලහං....ගල්බට්ටා භාගයක් අවසන් වූ සංස්ථා ගල් බෝතලය පෙන්වයි.
මචංලා දැන් කොහොමද මේකව එක්කගෙන යන්නෙ....මේ බලහංකො කෙලින් ඉන්න පණ නෑනෙ....
ඔටුවට ටිකක් දාඩිය වැටෙන්නත් එක්ක මල්වත්ත වටේට ඇවිද්දමු....පොඩ්ඩක් විතර බඩු බහී එතකොට....
අනේ අර ජෝඩු තමන්ගේ ලෝකවල තනිවෙන එක පැත්තක තියලා දැන් මෙන්න ඔටුවව වත්තම් කරගෙන උද්‍යානයේ එහෙ මෙහෙ ඇවිද්දනවා...
ඔටුවා ඉන්නෙ අවසිහියෙන්...ඒකා කටට එන එක එක දේ කියවනවා...සමහරක් ඒවා කුණු හබ්බ...කවුරු හරි ඒ වදනකට හිනා වුනොත්....ආයෙම කුණු හබ්බ පොදියක් පිට පනිනවා...මේ කථා වලට හිනා නොවී ඉන්න බැරි උනත්...අතින් වහගෙන හරි හිනාව වළකාගන්න හැමෝම කටයුතු කොලා.
දැන් දැන් අපගේ කථානායක ඔටු තෙමේ දෙපසට වැනෙමින් දෙපස උන්ගේ ආධාරයෙන් ආයාසයෙන් ශරීරයේ සෘජු බව රැක ගනිමින් ගමනේ යෙදෙති. යුවතියෝද ඊට පසුපසින් පැමිණෙති...අප දැන් ගමන්කරන්නේ ජන ශූන්‍ය වූ මාවතක නිසාම තවමත් කිසිම ගැටලුවක් නැත.
එහෙත් හදිසියේම අප ඉදිරියට වැදගත් පෙනුමැති තලතුනා මහතෙකු පැමිණෙන ආකාරය මගේ දෙනෙතේ සටහන් වෙයි. හෙතෙම ජංගම දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් දැන් දැන් එන්නේ අපගේ සමීපයටයි.
ආ ඔව් ඔව් එහෙම කරමු.....අප හා ඔහු එකිනෙකාට සමීප වන විටම හෙතෙම පැවසුවේය.
ඒ වචනය වහ වහා ඔටුවාට සන්නිවේදනය විය. වසා සිටින දෑස යන්තම් විවර කර ඔටුවා මහ හඩින් හරි හරි කරමු යැයි කීවෙහිය.
එය තමා ඉලක්ක කර මුදා හල ඇනුම් පදයක් සේ සැලකූ පෙර කී තැනැත්තා ඔටුවාගේ ලගටම පැමිණ...
මොනවද කෙරෙන්න ඕනෙ යැයි විමසීය.
සිහියෙන් සිටි අපි සියල්ලෝ නොයෙක් වර බැගෑපත් වීමෙන් පසු හෙතෙම එතැනින් නික්මී ගියද ඔහු ගිය මග ඉදිරියට පැමිණි උද්‍යානයේ සේවකයන්ට අප දක්වමින් මොන මොනවාදෝ පැවසීම අපට එතරම් හිතකර නොවන බවක් දැනුනි.
මිනිහා ෂුවර් එකටම මේකෙ ලොක්කෙක් වෙන්න ඇති කවුදෝ එසේ කියනු ඇසුනි.
මල්ලි....කවුද අයිසෙ අපේ ලොකු මහත්තයට කැත ටෝකක් දුන්නෙ....කට පරිස්සං කරං යනවලා...ඒ මේ උද්‍යානෙ භාරව ඉන්න කෙනා....
උද්‍යානයේ සේවකයෙක් අප සොයාගෙනම පැමිණ ඒ පුවත සන්නිවේදනය කලෙන් සිදුවෙන්නට ගිය විපතක තරම මගේ අක්මාවට වැටහිනි.
එන්න එන්නම ඔටුවාගේ තත්වය නරක අතට හැරෙයි. විකාර දොඩවයි. ගමන අඩපණ වෙයි. අපගේ ගමන යෙදී තිබූ මාවත කෙළවරට එන විට ඈතින් මතුවූයේ විශාල දෑකැති වැනි යමක් ඔසවාගත් උද්‍යානයේ සේවක පිරිසකි.
අපේ බෙලි කපන්නද දන්නෙ නෑ බොල අරුන් ටික බලාගෙන ඉන්නෙ...බලහංකො ඒවායෙ දිග....
කෝ කවුද ඩෝ...ඕනෙ එකෙක්ට එන්න කියපං...ගහනවා වටේටම.....ඔටුවා මොරදෙයි.
ඔටුවො....මේකෙන් එළියට යනකං පොඩ්ඩක් කට පියාගෙන ඉදිං....බඩියා ඔටුවාගේ කනට කර පවසයි.
මේකෙන් කිව්වෙ කෝකෙන්ද බන්....
ඇයි යකෝ තොට මතක නැද්ද...අපි දැන් ඉන්නෙ පේරාදෙණිය මල්වත්තෙ...
උඹට පිස්සු බොල...මම මේ වත්ත පහළ ඉන්නෙ...බලහංකො හුළං පාර....
ඔටුවා දැන් කට් ඩවුන් වී හමාරය. ඊළගට ඇති බැරෑරුම් කාරිය මේකාව ප්‍රධාන පිවිසුමෙන් පිටතට රැගෙන යාමත් එතනින් දුම්රිය දක්වා ප්‍රවාහනය කිරීමත්ය.
මත්පැන් උද්‍යානය තුලට රැගෙන ඒම තහනම් කර තිබියදී...බෑග් පවා පරීක්ෂා කරන වටපිටාවක මෙහෙම බේබද්දෙකු කොහෙන් මතු උනාදැයි සියල්ලෝම විපරම් කරනු ඇත. ඒ නිසාම වහ වහා අපි උද්‍යානයෙන් පිටත් වීමට තීරණය කළෙමු.
තවෙකෙකුගේ ශරීරයට බරවී පැමිණෙන ඔටුවා දෙස බොහෝ දන නෙත් යුග සම්මුඛ වන බව දැන් හොද හැටි පැහැදිලිය.
මොකද වුනේ...ප්‍රධාන පිවිසුමේ ආරක්ෂක නිලධාරියෙකු අප එන පෙරමගටම පැමිණ විමසුවේය.
හදිස්සියේ කලන්තෙ දැම්මා... උදේට කාලා නෙමෙයි එයා හිටියෙ. ඉක්මනට වාහනේට අරන් යන්න කියලා.....දැරිවියක් තැනට සුදුසු පිළිතුරක් දෙන්නට සමත් වූවාය.
උද්‍යානයට අප පිවිසියේ පොදු මගී බස් රථයක නැගී බව නැවතත් මතක් කරන්නට අනවශ්‍යය. ඒ කාලයේ කිසිවෙකුත් රැකියාවල නිරත නොවූ නිසා කුලී රථයක නැගී නුවර ඉස්ටේසුම දක්වා යන්නටත් අපට නොහැක. වත ඒ තරමටම මිලින වී තිබුනේය.
අපර භාග 2.30 ට නුවර - කොළඹ සීඝ්‍රගාමී දුම්රිය නැවතත් මහනුවර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා දුවන්නට නියමිතය. එහි යන්නට නොහැකි වුවහොත් දැරිවියන්ට නිවෙස් වලට යාමට නොහැකි වෙයි. නිවෙස් වලට මුසා බස් දොඩා පැමිණි ඔවුනට එය මරු පහරක් වනවාට අනුමානයක් නැත.
මෙහෙව් වටපිටාවක තවත් පැය භාගයක් ඇතුලත දුම්රියපලට ලගා වීමේ අභියෝගයට අප දැන් මුහුණ දී සිටිමු. ඒ කන සාක්කුවට වැටුනු ඔටුවාද සමගිනි.
නැවතත් අපට තනි දොරේ ටාටා බස් රථයක් මුණ ගැසිනි. පාසල් අවසන් වූ වේලාව නිසාම බස් රථ වල ඇගිල්ලක් ගහන්නට ඉඩක් නොමැති වුවත් අත්‍යවශ්‍යයෙන්ම යා යුතු ගමනක් අපට තිබූ හෙයින් කල් මරන්නට ඉඩක් නැත.
තමාගේ දෙපා තමාටම අවනත නැති ඔටුවා මිත්‍රයන්ගේ සහයෝගයෙන් යන්තම් කෙලින් සිටගෙන සිටී. බස් රථය මැදින් පසුපසට ගමන් කරද්දී බොහෝ යුවතියන්ගේ කකුල් ඔහුට පෑගෙන්නට ඇත. රකුසු වෙස් ගත් ඔවුන්ගේ දෙනෙත් ඒ බැව් කදිමෙට කියා පෑවෝය. ගමන්මළු ආදිය තැන්පත් කිරීමට ඇති රාක්කයේ බටයක් එක් අතකින් අල්ලාගන්නට සලස්වා අනිත් අත ආසනයක ඉහළින් ඇති ඊයම් පැහැති යකඩ බටය මත රදවන්නට බඩියා කටයුතු කලේය. එහෙත් දෙපසට වැනෙන ඔටුවා බීමතින් සිටින බවත්...තවත් මොහොතකින් කබරයකු මුදා හලහොත් තමාගෙ සුදෝ සුදු ගවුමටද කෙළවෙන බැව් එතැන තිබු ආසනයේ සිටි සීදේවි නැගණියට වැටහුනු නිසාදෝ ඇය මොහොතකුදු පමා නොවී ආසනය ඔටුවාට පිරිනැමුවාය.
එයින් පසු යම්තාක් දුරට පහසුවෙන් මහනුවර දුම්රිය ස්ථානය දක්වා වූ ගමන අවසන් කරන්නට අපට හැකි විය. ඔටුවාට වැඩි වී තිබූ කොටස බස් රථය තුල පිටනොවීම ගැන අප සිටියේ සැනසුම් සුසුම් හෙළමිනි. දුම්රිය වේදිකාවට අප පිවිසෙන විටත් එහි අපට නියමිත දුම්රිය නවත්වා තිබිනි.
ප්‍රවේශ පත්‍රයට අදාළ ස්ථාන වල අසුන් ගත් පසු...ඔටුවාගේ හිස ආසනයට හේත්තු කර පහසු ඉරියව්වකින් සිටින ලෙස තැබීමට අපි උත්සුක උනෙමු. ඔයින් මෙයින් දුම්රිය පිටත් වී විනාඩි 5 කට පමණ පසු ටිකට් පරීක්ෂකයින් ඉදිරියේ සිට පසුපසට එන දර්ශනයක් පෙනෙයි.
දැන් ටිකට් පරීක්ෂකයා සිටින්නේ අපට ඉදිරියෙන් ඇති මැදිරිය තුලයි. ඒ මොහොතේම වැඩි හරිය මුදා හරින්නට ඔටුවා තීරණය කලේ අප සිටි දුම්රිය මැදිරියේ මැද්දට වන්නටය. එහෙත් ඔටුවාට කාර්ය ශූර මිතුරන් පිරිසක් සිටි හෙයින් කබරයා බිම වැටුනු සැනින් එසැනින් අතුරුදහන් විය. දුම්රිය මැදිරියේ බිම ආපදාවකින් තොරව දිස්වෙයි. පරීක්ෂක මහතුන් ටිකට් පත් පරීක්ෂා කර අප මැදිරිය පසු කොට පසු පස මැදිරියට ගමන් කරයි.
ඒ ඇත්තෝ සියලු පරීක්ෂා කිරීම් අවසානයේ නැවතත් ඉදිරිය බලා යන්නට පැමිනෙන බව අපගේ උකුසු ඇස් වලට හසු වී තිබුන අවස්ථාවක ඔටුවා දෙවැනි වරටත් වැඩි හරිය මුදා හැරියේය. සිතාගත නොහැකි වේගයකින් පෙර පරිදිම පරීක්ෂක මහතුන් අපේ මැදිරිය පසුකර යන විට ඒවා පිරිසිදු වී තිබුනි. මේ පුදුමය කෙසේ වූවාදැයි මට දැන් මතක නැත.
එයින් අනතුරුව ඔටුවාගේ බෑගය උද්‍යානය තුලට ප්‍රවාහනය කර දුන් ගීතිකා නැගී සිටියාය. අයියෝ මමත් කරපු ගොං කමක්...කවුද අනේ දන්නෙ ඔටුවා බේබද්දෙක් වගේ බොයි කියලා....
මේ සංවාදය අතර තුර ඇය ඔටුවා පිළිබද කේන්තියෙන් තරමක් තදින් බැණ වැදුනාය.
අඩෝව් ගොං කෙල්ලෙ උඹට මේකෙන් එළියට වැටෙන්න ගහනවා මම...එයින් පසු ඔටුවා තරමක් කුපිත ලෙස හැසිරෙන්නට පටන් ගත් හෙයින්....ඔටුවා යනු ඉතාම විනීත...යහපත් ගති පැවතුම් ඇති සීදේවි කොල්ලෙකු බවට ගීතිකාගේ කටින්ම නැවත කියවීමට අපට සිදුවිය. එය අසා තැන්පත් වූ ඔටුවා නැවතත් වද නොදුන් අතර ගීතිකා තමාගේ බෑගය විවෘත කර එයින් එළියට ගත්තේ දෙහි ගෙඩි දෙකකි.
උඹ මාර කෙල්ලෙක්නෙ බං..... සෙස්සේ එක්වරම පැවසූහ.
මම හිතුවා මේවා ඕනෙ වෙයි කියලා....ඒකයි අරන් ආවෙ....
ඇගේ දිගු නියපොතු පාවිච්චි කර දෙහි ගෙඩිය දෙපලු කල පසු ඔටුවාගේ හිසේ ඒවා ඇතිල්ලුවේ මා ඇතුලු උගේ සහෝදර ඇම්බැට්ටයෝ පිරිස විසිනි. දෙහි ගෙඩි දෙකක් සම්පූර්ණයෙන්ම ඔලුවේ අතුල්ලා...යටි පතුල් වලද උලා අවසන් වන විට ඔටුවා සුව නින්දක සැතපි සිටියේය.
උද්‍යානය තුල ගොඩනගන්නට බැරි වූ පෙම්ලොව තනන්නට ඉන් පසු කපොල් විසිරී ගියහ. අප සිටි තැනට නුදුරේ වූ දුම්රිය පා පුවරුවක වාඩිගෙන ඈතින් පෙනෙන කදු මුදුන් පෙන්වන බඩියා.... පවසන ආදරබර මිහිරි වදන් අපේ දෙසවනට ද වැටෙයි.
අපි අර ඈතින් පේන කන්දෙ මුදුනෙම ගෙයක් හදමු....
කෝ කොයි කන්දෙද ? පෙම්වතිය විමසයි
අර උල් වෙලා තියෙන කන්දෙ අනේ...
අපෝ ඒ කන්ද කැතයි...අපි ඊට එහා පැත්තෙ තියෙන පොඩි කන්ද මුදුනෙ ගෙයක් හදමු. හා ද ? ඉතින් කියන්නකො හාද කියලා ? ඒ වෙද්දිත් අපේ බඩියාගේ ආරාධනාවකින් තොරවම ඔහුට පෙම් කරමින් සිටි චමිලාගේ වදන් පා පුවරුවෙන් ඉවතට හැලෙයි.
ඔයින් මෙයින් ඔටුවාට හමාර කරන්නට බැරී වූ ඉතිරි කොටස හමාර කරන්නට මම, ගල්බට්ටා සහ නගා සමග එකතු වුනෙමි.
එයින් අනතුරුව සියලු දේ බොහොම සාමකාමීව සිදු වූ නමුත්...නගා විසින් දුම්රිය කවුළුවක් හරහා ඉවතට විසි කල ජල බෝතලයක වූ ජලයෙන් නැහැවුන පිටුපස මැදිරියක පා පුවරුව සමීපයේ ගමන් කල තරුණ යුවලක සිටි තරුණයා අපට නෙලන්නට කියා දුවගෙන පැමිණියත්...අපේ පිරිස් බලය හමුවේ අඩපණව ගියේය.
වේයන්ගොඩින් බඩියා සහ ගමේ මිතුරන් පිරිසත් දැරිවියන් පිරිසත් සමග මද සිහියෙන් සිටි ඔටුවාද බැස ගිය පසු තරමක පාලුවක් දැනුනද එතැන් සිට ගම්පහ දුම්රිය ස්ථානයට ඇත්තේ කෙටි කාලයක් නිසා අපටද දුම්රියට සමුදෙන්නට ඉක්මනින් අවස්ථාව සැලසිනි.
විභාගය නිමාව සටහන් කරමින් අප සියල්ලෝ එක්කල මේ විනෝද චාරිකාව මා හට අදටත් අමතක නොවන්නකි. මගේ මිතුරන් පිරිස සමග තවමත් අපේ සම්බන්ධය ඇති මුත් මේ සොහොයුරියන් පිරිස එදායින් පසු මුණ ගැසිලාම නැත. ඔවුන් අද වන විට ඉදිරි පරපුරට මග කියා දෙමින් ගෘහනියන්ව කල් ගත කරනවා නිසැකය.
(සිරාගේ කාමරයේ මේ මස අවසානයේ පළ වන ලිපිය හෙවත් මාසයේ 7 වෙනි ලිපිය ලියන්නේ මම නොව මා කියවන ඔබ බැව් නැවතත් සිහිගන්වමි. infosira2012@gmail.com වෙත ඔබේ ලියවිල්ල රැගත් ඊය විදින්න. ඔබේ නමින්ම එය පළවනු ඇත.)
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
සමහරු බොන්න ගියාම තමන්ගෙ වීරත්වය පෙන්නන්න එයින් පුලුවන් කියලා හිතලා තමන්ට ඔරොත්තු නොදෙන තරමට බොනවා...අන්තිමට කරටිය කඩා වැටුනාම වීරයො බලු වෙනවා...
නිවෙසට ගිය වහාම ඇදට වැටී ඇති ඔටුවා පසුදා උදෑසන දැඩි හිසේ කැක්කුමකින් අවදි වී ඇත. හිස අතගෑමේදී රේණු හැලෙන්නට පටන් ගත් හෙයින් ඔටුවා බඩියාට ඇමතුමක් ගෙන තමාට වූ හදිය පිළිබද විමසා තිබුනි. ඒ තොරතුරු සියල්ල දැනගත් පසු තමාගෙනේ සිත් රිදුමක් වී නම් සමාවෙන ලෙස ගීතිකාටද පවසා තිබුනි. ඔටුවා මට අවසන් වරට මුලිච්චි වුයේ 2012 වසරේ.. ඒ වන විට දෙදරු පියෙකු වූ හෙතෙම අතීතයේ කල කි දෑ වලින් නිදහස්ව කදිම පියෙකුගේ , හොද ව්‍යාපාරිකයෙකුගේ හා සෙනේබර සැමියකුගේ යන චරිත සියල්ල මැනවින් රග දක්වමින් සිටියේය. ඔහුගේ මිතුරන් ලෙස එය අපටද මහත් සතුටකි.
එදා මේ ගමන ගිය කපොල් අතරින් ප්‍රදීප් පමණක් පසුකලෙක් තම පෙම්වතියට බිරිද යන තනතුර පිදුවේය. අන් සියලු ආදර සබදතා පසු කලෙක දෙදරා ගියෝය.
ප්ලේස් එක බුක් කර තබා යමි. කියවීම පසුවට, කඩා පනින මෙහෙයුමක් මගින්.... :)
ReplyDeleteහම්මෝ උඹව දැක්ක කල් බන්...බොහොම සන්තෝෂයි චන්දන...හොදම මිතුරෙක් බොහොම කාලෙකට පස්සෙ දැක්ක වගේ සතුටක් මට දැනෙනවා....ආයෙමත් ලියන්න ගම්මු එහෙනං...නොලියා හිටිය කාලය ඇතුලත බොහොම කථා ඇති නොවැ කියන්න...
Deleteඅම්මෝ චන්දන, කොහෙද ගිහිං හිටියෙ මෙච්චර කල්...?
Deleteඔන්න කියෙව්වා.. ඔටුවා ඔක්කොගෙම සූර ටික තනියම බාර අරගෙන නෙ.. උඹලත් එක්ක හිටිය කෙල්ලෝ සෙට් එක නොවෙන්න ඔටුවා වටුවා වෙන්නත් තිබුනා.. :)
Delete@ඩ්‍රැකී
ඔන්න විස්තරේ ලියල ම තිබ්බා. :)
කොහොමද ගම්පහ පලාතෙ කෙල්ලො...එළ නේද ?
Deleteඑලද කියන්නෙ. අන්න නියම කෙල්ලෝ... :)
Deleteසිරාම අනුස්මරණයක් බං. ඒ කාලෙ ඇත්තට අපි කොච්චර සරළ විදිහට ජිවිතය දැක්කද කියලා දැං හිතෙනවා. ඒ කාලෙ ගත්ත ආතල් දැන් නිකං සිහිනයක් වගෙයි.
ReplyDeleteඒ සරළ කමට තමයි මම උනත් කැමති....එදා මේ ගමන යද්දි අපි හිටිය වයසෙ අද ඉන්න පෙම්වන්තයින් කාලයට සාපේක්ෂව වෙනස් වී ඇති කියලයි මට හිතෙන්නෙ. ප්‍රේමය පටන් ගන්නා අවස්ථාවේම ගෙවල් දොරවල් වැනි අනාගත ඉලක්කයන් ගැන කථා කරන තරමට අද ආදරය සංකීර්ණයි.
Deleteමරු ට්‍රිපක්නෙ ගිහින් තියෙන්නෙ. . කෙල්ලො ටිකනෙ බන් උබලව බේරගෙන තියෙන්නෙ.
ReplyDeleteඋන් ටික හිටියෙ නැත්තං එදා මල්වත්ත ඇතුලෙදි කෑමක් තමයි සෙට් වෙන්නෙ....ඉඩක් ලැබුනාම මේ ඇත්තියො අද මොකද කරන්නෙ කියලා හොයා බලන්ට ඕනෙ...
Deleteමේ වගේ කබර ඔටුවෝ කීයකට නම් කර ගහලා ඇත්ද ? නගා කියන්නේ අපේ පවනියා නම්, ඌත් අන්තිම කෙනාවත් ගොඩ දාලා තමයි යන්නේ. සුන්දර මතකයක්.
ReplyDeleteනගා කියන්නෙ මගේ වයසෙ මිතුරෙක්.....පවනියා කියන්නෙ චූ කොල්ලොනෙ..අපිට වඩා සෑහෙන වයසින් අඩු...දවසක් නගා වැටිලා පුදුම සැපක් දුන්නෙ....ඒ කථාවත් පසු දිනයක ලියන්නම්...
Deleteහයියෝ ඔහොම බේරිලා ආවා මදැයි අප්පා.. දිග නියපොතු වල වාසි නම් ගොඩයි අයියේ ,,හි හි
ReplyDeleteමගේ මිතුරෙකු ඉස්සර අක්කා එක්ක රණ්ඩු වෙනවා...රණ්ඩුව නිමා උනාට පස්සෙ අපේ එකාගෙ ඇග පුරාම කුඹුරු වල ලියදි කපලා වගේ හෑරිලා...අක්කගෙ නියපොත් සංග්‍රහය....ඒවා තමයි අමතර වාසි...ඊට අමතරව සැපට පිට කසා ගන්න පුලුවන්...
Deleteරස්වින්දා සිරා .. බොහොම ස්තූතියි !
ReplyDeleteගල් ඩිංගක් .. එක්කො ඕන නෑ බං . :D
ඔව් බන් අද එපා...සති අන්තෙම මූඩියක් කරකෝහං...
Deleteඇත්තටම සිරා මල්ලි නියම සතුටක් වින්දා මම නම් මේ කතාවෙන්.අපෙත් ඔහොම කෙල්ලො ටිකක හිටියා ඒ කාලෙ.අපෙ හරක් දාගන්න ලෙඩ වලින් බේර ගත්තෙ උන්..එක වතාවක් ලෝකාන්තෙ ගිහින් අපෙ එකෙක් කෙල්ලෙකුට ඇඩ්‍රස් එක දීල කන්න යනකොට අපේම කෙල්ලක් අර කෙල්ලට බැන්න තමුසෙට පිස්සුද මගෙ බෝයි එහෙම කෙනෙක් නෙමෙයි කියල..යන්තම් බේරිලා ආව..ඒ සහොදරකම අදටත් ඉතුරු වෙල තියනව..
ReplyDeleteමේ සහෝදරියො ගම්පහ නගරයට සෑහෙන දුරකින් තියෙන පළාතක අය...ඒ නිසයි පසු කාලීනව ඒ අය සමග තිබූ ඇසුර අඩු වුනේ...අද මොනවා කරනවාදැයි කියලා මමත් මේ කල්පනා කලේ....
Deleteමරු ට්‍රිප් එකනේ.. ඔහොම හරි යහතින් ආවා මදැයි බලාගෙන යද්දී..
ReplyDeleteකාන්තා පාර්ශවයට ඉතිං ඒකෙන් සෑහෙන ගෞරවයක් දෙන්න ඕනෙ....
Deleteමාද ඔටුවෙකුගේ චරිතයට එක් දිනක් පමණක් පණ පොවා ඇත.....
ReplyDeleteකදිම චාරිකාව නොවැ..
ඇයි බොල සිරෝ මට වැඩිය අතීතය මතක නෑනේ... ඒ මොකද??
අතීතය මතක් වේවි ආයෙමත් දවසක ඔටුවාගෙ තරමට බිව්වොත්...හැබැයි හොද යාලුවො කිප දෙනෙක් ලග තියාගෙන බීහං....
Deleteකෙල්ලොත් කොල්ලො ටික ගැන හොදට දැනන් ඉදල තියනව ඒකනෙ දෙහිත් අරන් ආවෙ :D
ReplyDeleteඒ අයගෙ නුවන හැදිමිටේ කිව්වට මොන බොරු කථාවක්ද ඒක...බලන්න වේලාසනින්ම ලෑස්ති වෙලා ඇවිල්ලා හිටිය විදිය...එහෙම තමයි ගෑණු දරුවො පොඩි කාලෙ ඉදලම වගකීම් සහගත ජීවිතයකට හුරු වෙනවා...
Deleteඋඹල වගේ හොඳ යාලු මිත්තරයො ටිකක් ඉන්න එක ඔටුවාගේ වාසනාවය. ඒ වගේම වෙච්ච දේ ගැන සමාව ඉල්ලීම තුලින් ඌ උගේ මහත්මා ගතිය පෙන්නුම් කර ඇත. කොල්ලො උනාම ඔහොම තමයි බොල.
ReplyDeleteඔටුවා හොඳ මිනිසෙකු ලෙස සමාජයේ ජීවත්වෙනවායැයි දැනගැනීම සතුටට කරුණකි.
මෙහෙම වැඩක් දෙකක් නොවුනා නම් ඒ අතීතයෙන් වැඩකුත් නෑ....තවත් මෙවැනි සිදුවීම් එමට තිබේ...වරින් වර කාමරයෙන් කියවන්න ලැබේවි.
Deleteගීතිකාට නිර්භීතිකා කියලා නමක් එහෙම වැටුනෙ නැතැයි?? :-D
ReplyDeleteඇත්තටම ඔහොම කෙල්ලො කොල්ලන්ව තේරුම් අරන්ම වැඩ කරනවා නම් මොන තරම් දෙයක්ද??
නිකමට හිතන්න ඉදිරියෙන් හැම බෑග් එකක්ම ඇරලා බලන වටපිටාවක් ඇය කොච්චර නිර්භීතව ඒ බෑගය කරේ එල්ලා ගත්තාද කියලා...නිර්භීතිකා ලස්සන නමක්...ඇයට නිසැකවම ගැලපේවි.
Deleteමෙහෙම සිද්ධි දෙක තුනක්වත් නොවුණු ජීවිතෙන් පලක් තියනවද සිරෝ. නියම කතාවක්. ලස්සන අතීත සැමරුමක්.
ReplyDeleteඒකනෙ...එහෙම සිද්ධියක් දෙකක් වෙච්ච නිසාමනෙ මමත් පෝස්ටුවකට කොටලා මගේ මාසෙ 7 ටාගට් එක ගොඩ දාගන්නෙ...
Deleteමේවගේ ඒවා තමා මිහිරි. බොට මතකනේ මං ගියපු සිරිපාද ගමන.. ඇත්ත බං මේ වගේ සෙට් එක්ක යනකොට ඒ සිද්ධි කෙටි කරල ලියන්න බැහැ. අගේට ලියල තියෙනවා කීකරු ඔටුවාගේ වැඩ ටික. මට තියෙන එකම දුක අර උඹ කියපු අර නැගණියෝ ටික ඊට පස්සේ හමුඋනේම නැතෙයි කියන එක තමා.. බොලා එක ජාතියක සැට් එකක්ද කොහේද හැක්..
ReplyDeleteසිරීපාදෙ ගමන මට මතකයි. මේ සහෝදරියො ටික අද මොනවා කරනවද කියලා දැනගන්න තිබුනා නම් ලොකු සතුටක් එය අපටත්...මේ ඇත්තියො ගම්පහ නගරයට සෑහෙන ඈත පළාතක ජීවත් වෙච්ච අය නිසයි පසු කාලීනව අපට ආස්සරය නැති වුනේ...
Deleteජිවිතේ එක වතාවක් හරි කුඩු පට්ටම් වෙන අතල් එකකුත් අරන් තියෙන්න ඔනේ. හබැයි පිට උන් ඉස්සරහ නෙමේ, තමාටම ඉන්න අතිජාත සෙට් එකත් එක්ක.නැද්ද මන් අහන්නේ..
ReplyDelete(කරුමෙට මන් ඔය ආතල් එක දෙතුන් වතාවක්ම ගත්ත නොවැ..)
රත්ගමයාගෙන් පස්සෙ රාගමයා...බොලාව සාදරයෙන් කාමරයට පිළිගන්නවා....
Deleteබොලා වගේම මමත් කීප වතාවක්ම ඒ ආතොල් එක අරං තියෙනවා...ඉවසලා ඉන්න බැරි ඊට පහුවෙනිදට එතැන හිටිය උන් කියන කථා අහං ඉන්න එක...
හැබැයි සිරා අයියෙ පේරාදෙණියෙ මල්වත්තෙ මහත්තුරුන්ගෙන් බේරිලා ආපු එකම ලොකු දෙයක්.මොකද පොඩ්ඩක් ඇත්නම් පොලිසියට කියනව කියල මම අහල තියෙනව.ඔටුව ගැන කියවල හරියන්නෙ නැහැ.දැන් සිරා ලොක්කගෙත් කාලෙ හරි ...මොකටද කියල කියන්න ඕනෙ නැහැනෙ?
ReplyDeleteහැබෑට එහෙමත් එකක්ද? අර දෑකැති ටිකත් අරගෙන සැට් එකක් අපේ ඉස්සරහට එද්දි අපි එදා ඇත්තටම භය වුනා...සේවකයො ටික අපිට මල්වත්තෙ වටකරගෙන නෙලයි කියලයි හිතුවෙ.
Deleteගෙවල් පැත්තෙ ලස්සන අක්කෙක් එහෙම නැද්ද ?
මේ වගේ චරිත නැත්නම් අපේ ජීවිතේ පුදුම නීරසයි කියලයි මම නම් හිතන්නේ. මම ඉස්සර ඕවර් ඩෝස් අරගෙන කබරයා දාන කොට නැන්දම්මා තමයි කින්ඩිය දාන්නේ. ලිමිට් දන්නෙ නැතිව බීලා කිච වෙනවා කියලා. ඒ උනාට ඔළුවේ දෙහි ගාන්නෙත් එයාම තමයි. මගේ නෙමෙයි මගේ යාළුවන්ට සලකන්නෙත් එයාම තමයි. ඒ අතින් නම් සත්තලන්..
ReplyDeleteමගේ පසුකාලීන මිතුරෙකුගෙත් මව් තුමියක් හිටියා එය වගේම...බීලා වැඩි උන උන් පහුවදාට ඉදලා හමාරයි...අනිත් දවසෙ තමන්ගෙ තරමට බොන්න කියලා තමයි අවවාද කරන්නෙ...
Deleteකොච්චර කරදර පිට නිමා කල ඒගමන සුන්දරයි නේ. ඔය සිද්දි නොවුනා නම් එහි ලොකු වැදගත් කමක් නැත. ඔබට ඉඳලා තියෙන්නේ නියම යාළුවො රැලක්.
ReplyDeleteමගේ කථාවල කියවෙන මිත්තරයො තවමත් මගේ ජීවිතයට සමීපයි...අපි නිතර හමුනොවුනට ඒ මිත්‍රත්වය හදවතේ ගැඹුරුම තැන සටහන් වෙලා තියෙන්නෙ...
Deleteමෙන්න මිත්‍රයො....
ReplyDeleteඋඹල බොනකොට කියපල්ල මාත් එන්න..!කරටි කඩාගන්න. හික්
අනිවාර්යෙන්ම වෙලාවක සැට් වෙමු...එදාට අර ඩෝලෙත් අරන් එන්න ඕනෙ වීයො...
Deleteබීලා සිංහයෙක් වෙනවාට වඩා හොඳයි ඔටුවෙක් වෙන එක :D
ReplyDeleteවාතේ වුනත් මොනවා කරන්නද සිරෝ....යාළුවෝනේ.
මේ වගේ හදිසි අවස්ථාවක් එළඹෙන්නෙ ඉතිං හිතලා මතලා නෙමෙයි නොවැ...එවැනි අවස්ථාවක අපි අමුවෙන් හරි ඉදලා...වැඩි වෙච්ච එකාව පරිස්සම් කරගෙන අරන් එන එක තමයි අපේ යුතුකම...
Deleteමේක කියෙව්වහම මටත් හිතෙනවා ලියලා දාන්න කථා 2-3ක්.. (ඒත් කම්මැලියි බං... බ්ලොග් වල වුණු දේවල් දැකලා කරලම දැන් මෙලා හත් දානයක් පලියන්න හිතෙන්නෑ... )
ReplyDeleteඔටුවගේ චරිතෙට මමත් 3-4 පාරක් වග කියෝලා තියෙනවා... සුපිරි මතක ඒවා....
ස්තුතියි මචං කථාව කියවන ගමන් අතීතෙට යන්න සැලැස්සුවට...
ලියන්න ඕනෙ කියලා ඇතිවෙච්ච හැගීම හොදයි....මම ඒ සදහා මගේ බොගේ අවස්ථාවක් ලබා දීලා තියෙන එකේ ලියමු ලිපියක්...විදින්න ඊයක්...
Deleteඅයියෝ ඔටුව කරන වැඩ. ගීතිකා නිසා යන්තම් කෙලින් ගෙදර යන්න ඇති.
ReplyDeleteඔටුවට එදා වේයන්ගොඩින් බහිනකොටත් ඩෝප් සම්පූර්ණයෙන් පහවෙලා තිබුනෙ නෑ...වැනි වැනී තමයි ගෙදර ගියේ...
Deleteබොහෝ ට්‍රිප් වල මේ වගේ චරිත ඉන්නවා... සාමාන්‍යයෙන් ඉතා සුළු වශයෙන් මත්පැන් ගන්නා මම බොහෝ වෙලාවට කලේ මා සමග ගිය අනිත් එවුන් සැට් එකගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන කල්පනාකාරීව යෑමයි. විනෝදය විනාශයක් කර නොගෙන ආපසු එන්න නම්, ඒ වගේ කෙයාර් ටේකර් චරිතද අවශ්‍යයි කියලා මම හිතන්නේ.
ReplyDeleteඅපි අතරත් නොබොන්නො වගේම යන්තං සැනහෙන අයත් ඉන්නවා....මේ වගේ අවස්ථාවක ඒ අය අනාරාධිතවම කෙයාර් ටේකර් චරිතය රගදක්වනවා...එහෙම අයෙක් හෝ දෙදෙනෙකු අත්‍යවශ්‍යයෙන්ම ඉන්න අවශ්‍යයි. සමහර වෙලාවට ගම් පෝරියල් වලින් සැට් එක බේරා ගන්නෙත් මේ අය...
Delete
ReplyDeleteතව සුට්ටෙන් හොඳ කෑමක් සෙට් වෙනෝ නෙහ්...
අර සංගිලි පාලමේ යවන්නෙ තවම 6 දෙනා ගානෙද දන්නෑ...ඉස්සර නම් ඒමයි
සංගිලි පාලමේ දැන් කීයක් යවනවද දන්නෙ නැ...ඒ කාලෙ යවපු ගානත් මට මතක නෑ...වතාවක් අපේ ගමේ යෞවන සමාජයෙන් ට්‍රිපක් ඇවිල්ලා සංගිලි පාලමට එහා පැත්තෙන් මහවැලි ගගට බැහැලා කොල්ලො සෙට් එක අඩියක් ගහන ගමන් නෑවා...අපේ කෙලියො ටික බලාන උන්නා...අන්න ඒ ස්පොට් එකට මල්වත්තෙ අකුල් අස්සෙ හිටිය කපොල් ටික නියමෙට පෙනුනා...
Deleteme eka nemei ban.. kohoma hari uparimetama try korala thawath chuttak tyr korala ara kabaraya piduwa hati kiyala diyankoooo... niyameta liyala thiyenawa.... me wagema ubata una siddi liyapan... jaya wewa...
ReplyDeleteමම හිතන්නෙ බඩියා තමයි කබරයා රැස් කලේ..නැත්තං ගල් බට්ටා....හැලෙන පරක්කුවට බඩු එකතු කරලත් ඉවරයි බන්...එච්චර ස්පීඩ්...
Deleteකෙල්ලො ටික නිසා යන්තම් ගොඩ ගිහින් නේ
ReplyDeleteසීදේවි දැරිවියො ටිකක් මෙයා...
Deleteවිශයයන් ගනනාවක් ගැන පුලුල් දැනුමක් ඇති ආරක්ශක අන්ශයට සම්භන්ද ඉහලම තනතුරක් දරා ඇති අර සයිලන්ට් සහන් කියන මහත්මයා දැන් පෙනෙන්නට නැත්තේ ඇයි
ReplyDeleteඒක ඇයි බන් මගෙන් අහන්නෙ....උගෙන්ම අහපං...
Deleteඇත්තෙන්ම ඔය වගේ ඇඩ්‍රස් නැතුව යන්න බොන උන් එක්ක ට්‍රිප් යන එකේ භයානක කම ඔය තැන් තැන් වල නාන්න හෙම යනවා නම් නරක විදියට බලපානවා. විශේෂයෙන් ඔය දිය ඇලි බලන්න, ගල්වලවල් වල, මුහුදේ, ගංගාවල, වැව් වල නාන්න හෙම යනවා නම් ඕක මහාම ප්‍රශ්නයක් නොබී ඉන්න එකාට.
ReplyDeleteඅනිවාර්යෙන්ම...වතාවක් අපි හික්කඩුව වෙරළ තීරයේ නාන්න ගිය වෙලාවක අපේ වැඩිවෙලා හිටිය එකෙක් ඔලුව මුහුදු වතුර යට තියාගෙන ඉන්නවා කොයි වෙලෙත්...අපි එදා කල්පනාවෙන් හිටියෙ නැත්තං ඒකා මැරෙන්න උනත් ඉඩ තිබුනා....බැරිම තැන පුකට දෙකක් ගහලා ගොඩට පැන්නුවා...
Deleteඇත්තටම ඔයවගේ නිදහස් තියෙන්නේ ජීවිතේ එක් සමයකදී විතරයි. ඊට පස්සේ ඒ ජීවිතෙන් මිදිලා යාන්ත්‍රිකයන් බවට පත්වෙනවා. අන්න ඒ කාලෙට කියවන්න තමයි මේව වැදගත් වෙන්නේ
ReplyDeleteදෙමාපියන්ගෙන් යැපෙන කාලෙ ඉතිං ජීවිතය ගැන එච්චර බරක් පතලක් නෑ නොවැ...තමන්ගෙන් පිරිසක් යැපෙන කාලෙට තමයි දෙමාපියො කරපු කැපකිරීම් වල තරම දැනෙන්නෙ...
Deleteඔය දැරිවියන්ට පින් දියන්.එකටත් එක්ක දැන් ඉන්න එවුන්...:(
ReplyDeleteඒ දැරිවියන්ව දැන් බැදගෙන ඉන්න උන් දිනපතා පින් දෙනවා ඇති....
Deleteනියම කතාව !
ReplyDeleteමරු අත්දැකීම් ටිකක් අරගෙන තියෙන්නේ. වැව රවුමේ ඉදන් බෝතලේ කැඩුවා නං සමහරවිට පොලෝසියෙන් කාලා ජීප් පදින්ඩත් තිබ්බා.
වැව රවුමෙ බෝතල් කැඩුවා නම් ඉතිං සොරි තමා...මොකද ඔටුවගෙ මූණෙ තිබුනෙ ගුටිකන පෙනුමක්...
Deleteහා හා පුරා කියලා බොන්න පටන් ගත්ත මුල් දවසෙම මාත් ඔටු චරිතෙ රඟ පෑවනෙ
ReplyDeleteඑදයින් පස්සෙ නාඩියට තමා බොන්නෙ
උඹට 14, 15 නිවාඩු වගෙ
මම නම් පළවෙනි දවසෙ නාඩියට ගහලා කික් එකේ තරම මැනගත්තා...එදායින් පස්සෙ පියවරෙන් පියවර තමයි ඉස්සරහට ආවෙ...14 සහ 17 නිවාඩු....
Deleteඅඩෝ ගීතිකා කියන්නේ මාර කෙල්ලෙක්නේ බං ,ඔන්න කෙල්ලෝ
ReplyDelete