Friday, January 10, 2014

89 ඔටුවා සහ චාරිකා

ඡායාරූපය http://srilanka.for91days.com

වර්ෂ 2001 වූ කලී සිරා කොලුවා ඇතුලු මා මිත්තර නඩය උසස් පෙළට ඉදගත් වසරයි. දෑ වසරක් තුල ඉගෙන ගත් දෑ රජයේ මුද්‍රණාලය මගින් සැපයූ සුදෝ සුදු ක්‍රීම් වෝව් වර්ගයේ කඩදාසි කොළ මත සටහන් කරන්නට අප ගත් වීරිය නිසාමදෝ ජීවන මගේ එක් සංධිස්ථානයක් මේ කියන වසරේ සටහන් වී තිබේ.

උසස් පෙළ විෂයන් 4 කට පෙනී සිටින්නට මට කලින් උපන් උන්ට චෑන්ස් එක ලැබුනද මගේ වයසට විභාගය පැවැත්වෙන කාලය වන විට එය විෂයන් 3 දක්වා පල්ලම් බැස තිබුනි. එහෙත් ඉංග්‍රීසි භාෂාව 4 වෙනි විෂය ලෙස උසස් පෙළ විෂය ධාරාව තුලට එක්කර තිබුනේ අනාගතයේ ලෝක කුහරය තුල කොයි අහුමුල්ලක රිංගුවත් එදිනට මුන් මේ විෂයෙන් වැඩක් ගනීවි යැයි එකල සිටි රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමතිවරයාට සිතුනු නිසා විය යුතුය. එතුමා ගුරු වෘත්තියෙන් වෘත්තීය ජීවිතය අරඹා පසුකලෙක විදුහල්පති තනතුරද දැරූ කෙනෙකි. ඒ කාලයේ අද මෙන් ප්‍රශ්න පත්‍ර සමග උත්තර පත්තර බෙදිම, උත්තර පත්‍ර කුණු ගොඩවල් වලින් හමුවීම, ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම  වැනි විභාග දෙපාර්තමේන්තුව අසරණ කරනා සිදුවීම්ද නොවූ බැව් මට මතකය.

කෙසේ වෙතත් ඉංගිරිසියට ඇති ලැදියාව අනෙකක් වුවද ප්‍රතිඵල සටහන මත ලයිට් කණුවක් සටහන් වුවොත් ඉන් විභාග ප්‍රතිඵල සටහනම බල්ලට යන බව කුමන හෝ හේතුවකට වේලාසනින්ම මගේ අක්මාවට දැනී තිබුනි. ඒ අනුව අපේ තාත්තාගේ පොකැට්ටුවට තවත් අමතර බරක් එක්කරමින් ඉංග්‍රීසි අතිරේක පන්තියක්ද සිරා කොලුවාගේ අතිරේක පන්ති ලැයිස්තුවට එක් විය.

අපි එකල ආගිය ඉංග්‍රීසි පන්තිය අපට සැට් වූ ආකාරයද රසවත් කථාවකි. දැන් මට නිශ්චිත ලෙස නම මතක නැති අපේ එකෙකු ගම්පහ නගරයේදී සිය පෙම්වතියගේ ආගමනය අපේක්ෂාවෙන් සිට ඇත. එහෙත් ඇය මේ කියන දිනයේ සාහසික ලෙස පෙර දැනුම් දීමකින් තොරව අපගේ පෙම්බරා හට කණුව තැබීම නිසා මංමුලා වූ මානවක තෙමේ කාලය ගෙවා ගැනීමට තැනක් නොමැති සද රිංගා තිබුනේ පළමු දිනය නොමිලේ වර්ගයේ ඉංගිරිසි පන්තියක් තුලටය. පොතක් පතක් තියා අඩුම තරමේ පෑනක්වත් නැතිව පන්තියට රිංගුවත් පළමු දිනයේම බෙදූ විස්තර පත්‍රිකා, අඩිකෝදු, පොකට් කැලැන්ඩර්, බුක් මාක් ආදී සකල විද උපාංගයන්ගෙන් සන්නද්ද වූ පසු මේකාට පොත් වල අඩුවක් දැනෙන්නට නැත.

අඩෝ....පට්ටම ඉංග්‍රීසි පන්තියක් සැට් උනා....ආතල් කනෙන් බේරෙනවා ඩෝ ඒ පන්තියෙ...ලබන සතියෙ ඉදන් යමව්....පෙම්බරා එලෙසින් ඒ සුපුවත අප වෙත සන්නිවේදනය කලෙන් අප පන්තියේ සිටි බඩියා,රත්නයා මෙන්ම නගාද, වෙනත් පන්තියක සිටි ඔටුවාද මේ කියන අලුත් පන්තියට යන්නට සැට් වූයේ පුදුමාකාර තදියමකිනි. ඒ ඉගෙන ගන්නට ආශාවෙන් සිටි බෝ පැල වැනි දරුවන් පිරිසක් නිසාවෙන් යයි ඔබ සිතුවේ නම් මට කියන්නට ඇත්තේ ඔබට වැරදී ඇති බවකි. ඉගෙන ගන්නට කැමති බව ඇත්තකි. එහෙත් අප බෝ පැල නොවේය.

ඒ පන්තියෙ ඔය අනිත් පන්ති වල වගේ කෙල්ලන්ට එක පැත්තකුයි...කොල්ලන්ට එක පැත්තකුයි එහෙම එකක් නෑ බන්...කැමති තැනක ඉදගන්න පුලුවන්...සමහර තැන් වල කපොල් ලං වෙලා ඉදන් ඉන්නවා...ජාති පන්තිය බන් ඒක....

පෙම්බරාගේ කථාවෙන් සන්තෘෂ්ටියට පත්ව, තම අනාගත ප්‍රියම්භිකාව මෙහිදී හෝ මුණගැසේදෝයි සිතුවිලි ඔස්සේ තර්ක කල ඔටුවා ඉංග්‍රීසි පන්තියට යන්නට මූලික වූ එකා බැව් කිව යුතුමය.

සතියේ දිනක පාසල් වේලාවෙන් පසු ගම්පහ නගරයේ ටියුෂන් කඩයක පැවැත්වූ ඉංග්‍රීසි පන්තියේ සාමාජිකයන් වන්නට අපට වැඩි කාලයක් ගියේ නැත. මේ ඔත්තුව අප හට ලබාදුන් කෙනා කී දේවල් සියල්ල ඇත්තය. ගුරුතුමාද තරුණ වයසේ කෙනෙකි. පන්තිය පටන් ගන්නට කලියෙන් පන්තියට පිවිසෙන හෙතෙම තම ගෝලයන් සමග සුහදව කථා කරයි..කොල්ලන්ගේ බඩ ගෙඩිය ඔබා, අතගා, මිරිකා දවල්ට කාපු දෑද පවසයි. හරියටම අපේ පවුලේ ලොකු අයියා කෙනෙක් වාගේය. සමහර මාසයක දිනයක් දෙකක් පන්තියට පොලුද තබයි. එහෙත් ගෝලයෝ කිපුනේ නැත.

ඉංගිරිසි පන්තියට සහභාගි වී මාසයක් යන්නටත් මත්තෙන් දුර ඈත පාසලක කෙලියන් පිරිසක් අපට බැල්ම දැම්මේ අපි ගම්පහ නගරයේ තිබෙන එකම බාලක පාසලේ ශිෂ්‍යයන් වීමත්...අප කෙරෙන් විද්‍යාමාන වූ කඩවසම් පෙනුමත් නිසා විය යුතුය. නැතිනම් හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යන පැරණි කියමන ඔවුන් අසා තිබූ නිසා විය යුතුය.

හැමදාමත් අපට පිටුපසින් තිබූ බංකුවක ඈදි ගන්නා මේ කියන දැරිවියන් පිරිසේ  සාමාජිකාවන් කී දෙනෙකු සිටියාදැයි මට දැන් නිෂ්චිතව කියන්නට මතකයක් නැත. ඒ පිරිස 4 හෝ 5 විය යුතුය. හැමදාමත් මෙන් දහවල් ආහාරයෙන් පසු කන්නට කුමක් හෝ රසකැවිල්ලක් මොවුන් අප වෙත රැගෙන ආ බව නම් සහසුද්දෙන්ම මතකය.

ඉංගිරිසි පන්තියේ ලැබූ අධ්‍යාපනයද නරක නැත. ජනප්‍රිය ටියුෂන් සංස්කෘතියේ දවටනයකින් ඔතන ලද එහි අඩුපාඩු මෙන්ම හොද තැන්ද තිබූ බව කිව යුතුය. දැරියන්ගේ ආගමනයත් සමග වඩා වඩාත් උනන්දුවෙන් පන්ති ගිය අපේ ඇත්තන් අතර සිටි බඩියා තම ගම් ප්‍රදේශයේ මිතුරන්ටත් මේ පන්තියේ හෝඩුවාව දුන් හෙයින් ඔව්හුද එහි පැමිණියෝය. ඉංග්‍රීසි පන්තියේ අවසාන කාලය එළඹෙන විට ගමෙන් පැමිණි  එකෙකු දැරිවියන්ගෙන් කෙනෙකු තම අනාගත සහකාරිය වශයෙන් තෝරා බේරාගෙන සිටියහ. ඔව්හු පන්තිය අස්සේ අනාගත ලොවද ගොඩ නැගූහ. නැතිනම් පවුල් සැලසුම් කලහ.

ඔයින් මෙයින් උසස් පෙළට කලියෙන් ඉංගිරිසි පන්තිය අහවර විය. නමුත් විභාගය නිම වූ පසු නැවත හමුවෙන අටියෙන් කාන්තා පිරිමි දෙපාර්ශවමයම විසිරී ගියේ අපේ සිත් සතන්හි මිත්‍රත්වයේ උණුසුම් හාදු තබමිනි. මගේ සැමරුම් පොතේ මේ අය ලියූ දෑ තවමත් ඇතත් ඒ පොත දැන් මා අසල නැති නිසා ඔබට පෙන්වීමට හැකියාවක් නැත. මේ මතකයන් මෙන්ම පොතද ආදරණීය ලංකාවේ ඇත.

අඩේ...විභාගෙ අන්තිම දවස හෙට...ඊට පස්සෙ අපි කොහෙ කොහෙ සැට් වෙයිද දන්නෙ නෑ...ඒ උනාට පන්තියෙ කෙලියො සැට් එකත් එක්ක අපි පොඩි ට්‍රිපක් යමු....අපේ ඔටුවා සභාව මැදට තම සැලසුම හැලුවේ එපරිද්දෙනි. බඩියා, නගා මෙන්ම අපේ ඉංගිරිසි පන්තිය පළාතක පස් පාගා නැති ගල් බට්ටාද මේ කියන චාරිකාව යන්නට එකතු වූයේය.

කොළඹ - නුවර සීඝ්‍රගාමී දුම්රියෙන් නුවර පළාතට ගමන් කර එහි අසිරිය නරඹා, පේරාදෙණිය මල්වත්තටද පිවිසී  නැවතත් එම දුම්රියේම නිවෙස්  බලා පිටත් වීම අපේ චාරිකාව ලෙස සැලසුම් විය. එහි සම්බන්ධීකරණ කටයුතු දැරිවියන්ගෙන් කෙනෙකු හා ප්‍රේමයෙන් වෙලුනු අපේ බඩියාගේ ගමේ සගයා ප්‍රදීප් හට භාර වූයෙන් දෙපාර්ශවයේම අදහස් උදහස් මැදින් දුම්රිය චාරිකාව කරළියට ආවේ බොහොම කෙටි කලකිනි. දුම්රිය සදහා ප්‍රවේශපත් වෙන් කිරීම ගම්පහ දුම්රිය ස්ථානයෙන් මමත් බඩියාත් සිදු කල හැටි මට තවමත් මතකය.

නියමිත දිනයේ උදෑසන ගම්පහ දුම්රිය ස්ථානයෙන් මම, නගා සහ ගල් බට්ටා දුම්රියට නැගුනත් අනෙක් පිරිස එයට එක් වූයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙනි.

විභාග භීතිකාවෙන් සිත සම්පූර්ණයෙන්ම නිදහස් වී තිබූ අවස්ථාවක එළැඹී මේ විනෝද චාරිකාව ඉතාම සුන්දර අත්දැකීමක් විය. නියමිත තැන්හි අසුන් ගත් පසුද දුම්රියේ බොහෝ ආසන හිස් බව දුටු හෙයින් ආසන පිළිබද ගැටලුවක් ඇති වූයේ නැත. ආගිය තොරතුරු කථා බහෙන් පසු කපොල් තම තමන්ගේ ලෝක වල තනි වූහ. මා වැනි තනිකඩ උන් වල් පල් දොඩමින් දුම්රිය කවුළුවෙන් පසුපසට ඇදී යන ස්වභාවික සෞන්දර්යය වින්දෝය.

දුම්රිය පිටත් වී හෝරා භාගයක පමණ කාල පමාවකින් තමා ගෙන ආ ගමන් මල්ල රැගෙන අප සමීපයට පැමිණි ඔටුවා එය තදියමේ දිග හරියි.

එහි ඇතුලතින් එක්වරම ප්‍රාතූර්භූත වූයේ සීදුවේ ගල් බෝතලයකි. කටට ඉනූ කේඨ මිශ්‍රනය පිටි අත්ලෙන් පිසදා ගන්නා ගමන් ගල්බට්ටා කිව්වේ උඹ නම් දෙයියෙක් කියාය.

නගා කිව්වේ දැරිවියන් සිටින තැන බොන්න බෑ බෑ වගේ කියලාය.

තනිකඩ කෙලියෝ කිව්වේ මේ වගේ හොද දවසකත් දහජරාවක් උස්සගෙන ආ ඔටුවා නම් ගිය ආත්මයේ උගුඩුවෙක්  විය යුතු බවකි.

ඉන් අනතුරුව ඔටුවා දුම්රිය මැදිරියේ විවිධ මුලු වල ප්‍රේමයෙන් වෙලී සිටින කාට කාටත් ඇසෙන්න මෙසේ කීවෙහිය.

ඔය ලව් කරන උන්ටත් එක්කයි  කියන්නෙ...උඹලට ලංකරගෙන ඉන්න උන් හිටියට අපිට ලංකර ගන්න තියෙන්නෙ මෙච්චරයි....බොන එකෙක් බීපල්ලා....මම මෙන්න කැඩුවා....

ඔයින් මෙයින් ඔටුවා කී ලෙසම දුම්රිය මැදිරිය තුල ගල් බෝතලය කරළියට ආවේය. ප්ලාස්ටික් කෝප්ප කීපයක්ද රැගෙන වටයක් යන්නට තනිකඩ සැට් එක බෝතලේ වටා රොක් වුවද ඔටුවාට යමක් අමතක වී ඇති සෙයකි.

කෝ බොල සැන්ටිං...මේක අමුවෙන්ම හලාගන්නද කියන්නෙ....ගල් බට්ටාගේ ඇස් ගෙඩි දෙක මූණත් තහඩුවෙන් එළියට එන්නට වෙර දරයි...මත්පැන් සමග පුදුමාකාර සෙනේහයකින් බැදුනු ගල්බට්ටා අමතක වූ දෙය මතක් කරයි.

අප්පට...මට ඒක අමතක උනානෙ....ඊළගට මේක නවත්තන්නෙ සරසවි උයන ඉස්ටේසුමේ...එකෙන් ගමු....


ඡායාරූපය http://static.panoramio.com/
එයින් අනතුරුව ගීත රාශියක් සමග වල්පල් ද ගුවනට මුසු වූ පසුබිමක සරසවි උයනට දුම්රිය සේන්දු විය. විනාඩි කීපයක් ඇවෑමෙන් දුම්රිය එන්ජිම නැවත සැර දමා ඉදිරියට යන්නට බලය සපයන කල හැති දමාගෙන අප සොයා ආවේ අසරණ නගාය...

මෙන්න බඩු....සැන්ටිං සමග ඒකා ගිණිපෙට්ටියකුත් මිළදී ගෙනය...

ඔය මොකටද ගිණි පෙට්ටියක්...කෝච්චියට ගිණි තියන්නද ? දැරිවියන් අතර උන් ගීතිකා විමසයි....එයට පිළිතුරක් දීමට නගා මුඛය විවර කලා පමණි.

තමුසෙ අපිවත් අමාරුවෙ දාන්නද ඕයි හදන්නෙ....තව පොඩ්ඩෙන් කෝච්චියට යට උනා නම් කෑලි නේද අහුලන්න වෙන්නෙ...

ඇත්ත කියනවා....මේ කෙල්ලො ටිකකුත් අරගෙන ගෙදරට හොරෙන් නේද මේ ගමන යන්නෙ....හදිසියේ පතිත වූ අකුණු සැරයක් මෙන්...එහි පැමිණ තිබුනේ දුම්රිය නියාමක වරයෙකි.

මගේ පශ්චාත් භාගය තව දුරටත් දුම්රිය ආසනය මත තදකර ඉන්නට නොහැකි වටපිටාවකි. ඒ අල්ල පනල්ලේ ආසන අතර තිබූ ගල් බෝතලය ඔටුවා සුරුස් ගා පා පහරකින් අසුනක් යටට තල්ලු කර දැම්මේය.

මුව දෙනක මෙන් අහිංසක අපේ නගා...බිම බලා ගත් වනමය...

තමුසෙලා දන්නවද.....තව පොඩ්ඩෙන් මේකා කෝච්චියට යට වෙනවා...අප දෙසට වන්නට දඹරැගිල්ල ගුවනට මුසුකර තදින් වචන හරඹය පෑ...දුම්රිය නියාමක තැනට ඒ වදන කියා නිම වෙන්නට ඉඩක් නොලැබුනි....

අංකල්ට කියන්න අංකල්......ඔටුවාට කියන්නට හැදූ දෙය කියන්නට ඉඩක් නොලැබුනි...

කවුද අයිසෙ අංකල්....මම මේ රාජකාරියක් කරන්නෙ....ඒ විදියට කථා කරනවා.....නියාමක තැන ගුගුරයි.

හරි හරි වැරදුනා....ගාඩ් මහත්තයා..අපේ මේ යාලුවට පොඩි කාලෙ ඉදන්ම වරින් වර වැසිකිළිගත වීමේ රෝගයක් තියෙනවා...ඒ හින්දයි කෝච්චිය යටට රිංගලා හරි වැඩේ දෙන්න ට්‍රයි කොරන්න ඇත්තෙ....

ඇයි අයිසෙ...තමුං හිතුවද මේක පවර් සැට් එකක් කියලා...ඔය ඕනෙ තරම් මේකෙත් තියෙන්නෙ වැසිකිළි...
ඔටුවාටද කට උත්තර නැත....

මට හොදට පේනවා...තමුං යන්නෙ ගෙදරට හොරෙන් යන ගමනක් බව....(දැරිවියන් දෙසට හැරී) තමුන් විශේෂයෙන් පරිස්සම් වෙලා ගෙදරින් ආවා වගේම ආපහු ගෙදරට යනවා හොදා.... කියමින් හෙතෙම නික්මී ගියේය.

එයින් පසු කරළියේ ප්‍රධාන චරිතය නගා වූයේය.

උඹට මොකද බං උනේ අර මිනියට ඔච්චර තද වෙන්න තරං....

සුපුරුදු නාරි ලීලාවෙන් නගා කථාව අමුණයි....

මම සරසවි උයනෙ කෝච්චිය නවත්තන්න ඔන්න මෙන්න තියෙද්දි කෝච්චියෙන් ෆ්ලැට් ෆෝම් එකට පැන්නා සැන්ඩියක් ගේන්න....පැන්නෙ පස්ස ඉස්සරහට දාලා බන්....මාව කැරකිලා ගිහින් වැටුනා....කෝච්චියට නගින්න හිටිය කෙල්ලො ටිකක් භයවෙලා කෑ ගැහුවා....එතකොට ගාඩ් ලොක්කා මාව දැක්කෙ....

නොදකින්....අනේ බොල උඹත් කොල්ලෙක්නෙ හැබෑටම....කවුද බන් පස්ස ඉස්සරහට දාලා යන වාහනේකින් පනින්නෙ....අසරණ නගාගෙ සායම හේදිලාම ගියේය....දැරිවියන්ගේ නිරීක්ෂනයට උගේ පස්ස යොමු වන විට....සුදු පැහැයට හුරු කලිසමේ කලු පැහැයෙන් දුම්රිය වේදිකාවේ තිබූ තාර කොටස් මනරම් ලෙස සිතුවම්  වී තිබුනි.

අනේ මේ අපිවත් ගෙවල් වලින් එළවයි...අරයා කිව්වා වගේම අපිත් බොරු කියලා තමයි අනේ මේ ගමන යන්න ආවෙ...යාලු කම හින්දා....ගුටිකන වැඩ නම් කරන්න එපා එච්චරයි....බොරු කෝපයක් පෙන්වා දැරිවියන් කථා බහේ යෙදෙයි.

කෙසේවුවත් දැරියන්ගේ බලවත් අකමැත්ත මැද වුවද අමුවෙන්ම මහනුවරට ලගා වීමේ කැමැත්තක් නොතිබූ ඔටුවා විසින් විවෘත කරන ලද බෝතලයට මම මෙන්ම ගල් බට්ටාද හරි හරියට වගකීයූ නිසා නුවර ඉස්ටේසුමට ලගා වන විට අප සිටියේ මද පවනේය.

එයින් පසු සිදුවෙච්ච සන්තෑසිය ඊළග කොටසින් කියවමු...එකෙක් මට බනින්නෙ නෑ දෙකට කැඩුවා කියලා. අර ලියන්නා හෙවත් වෙනිවැල් මාමා තමයි මේවට වග කියන්න ඕනෙ...


මතු සම්බන්ධයි....



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

මේ ලියනා සිදුවීම් ඇත්තම ඇත්ත ඒවාය....ඒවාට ඇත්ත ලෙසම මත්පැන් ගෑවී තිබූ නිසාම ඒ පිළිබද ලියවේ...එහෙම නැතිනම් මත්පැන් ප්‍රචාරණයට මා ගන්නා උත්සාහයක් නොවේය.

බීම හෝ නොබීම ඔබේ අයිතියකි. එයට වචනයකින් හෝ ධෛර්යය සැපයීම මගේ උත්සාහය නොවන බැව් අවධාරනය කොරමි.





















89 comments:

  1. ///අපි ගම්පහ නගරයේ තිබෙන එකම බාලක පාසලේ ශිෂ්‍යයන් වීමත්...අප කෙරෙන් විද්‍යාමාන වූ කඩවසම් පෙනුමත් නිසා විය යුතුය./// නායකවරුන්ගෙ අභිමානය..දාන්න 5ක් :D

    ReplyDelete
    Replies
    1. පහට දහයක් දාමු මල්ලි....නායකවරුන්ගෙ මම දකින ප්‍රධානම දේ තමයි සහෝදරත්වය...අදටත් අපිට වඩා ඉහළ පන්ති වල හිටිය අයත් හදිසියේ මේ රටේදි පවා හමුවුනාම, බොහොම ලෙංගතු කමක් දක්වන්නෙ...

      Delete
    2. අපිට නම් හිනා මේවා කියද්දී ..ඔය ඉස්කෝලේ අයට අපිනම් කවදාවත් රසකැවිලි දීලා නැහැ ..අපිට නම් පැන පැන අරන් දීලා තියෙනවා ඕනේ තරම් .. මහලොකු හැන්ඩියෝ හු හු ඈ

      Delete
    3. @අපූර්වි අපේ ඉස්කෝලෙ කොල්ලො අරන් දුන්න ඒව කාල උන්ටම කින්ඩිය දාන්න එපා හරිය >_<

      Delete
    4. @ අපූර්වි
      අරන් දීපු උන් අපේ එකේ කියලා ෂුවර්ද....මොකද කාන්තා පාසල් 3ක්ම වටේට තියෙද්දි ඔයාලගෙ වගේ දුර බැහැර එකකට එහෙම චෑන්ස් එකක් වදියි කියලා හිතන්න අමාරුයි....

      Delete
    5. @සිරා
      අපි ක්ලාස් ගියේ එහෙනේ අයියා ;D

      Delete
    6. අඩෝ අපුරැයි ඔමායා මේ.... අපේ ඉස්කෝලේ කොල්ලන්ට සද්ද දාන්න එපා හරිය... දත් ටික යවනවා බඩට :/

      Delete
  2. රස කතාවක් වගේ..?
    මාත් දෙකට කඩල කරගත්තු විපාකයක්..තාමත් බැරි උනා ඉතිරිය දාන්න..!

    ReplyDelete
    Replies
    1. රස කථාවක් තමයි බොලං....දශකයකට කලියෙන් වෙච්ච දේවල්...ඊළග කොටසත් මේකට ඇමිනුවා නම් මුන් මට බනිනවා...

      Delete
  3. //නොදකින්....අනේ බොල උඹත් කොල්ලෙක්නෙ හැබෑටම....කවුද බන් පස්ස ඉස්සරහට දාලා යන වාහනේකින් පනින්නෙ....//
    ඉස්සර් කාලේ කෝච්චිවල බස් වල ගියපු හැටි සහ පැනපු හැටි මතක් වෙනවිට දැන් තමයි බය හිතෙන්නේ.

    //ඇත්ත ලෙසම මත්පැන් ගෑවී තිබූ නිසාම ඒ පිළිබද ලියවේ// එහෙම වුනාට සිරා මේකෙනුත් යම් ප්‍රොමෝට් වීමක් වෙනවා. ට්‍රිප් එකක් යනවිට මත්පැන් නැත්නම් ආතල් නැහැ කියන සංකල්පයට පෝර වැටෙනවා. ෆිල්ම් එකක ටෙලියක මත්පැන් පෙන්වීමෙන් වන හානියට වඩා ලොකු හානියක් එදිනෙදා ජීවිත අත්දැකීම් ලියන බ්ලොග් එකක ජීවන තොරතුරු සමග මත්පැන් ගාගැනීමෙන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මත්පැන් කියන්නෙ හලාහල විශක් ලෙස දුරින් දුරු කරයුතු දෙයක් ලෙස මමනං දකින් නෑ මචං..තම ප්‍රමානයට පාවිච්චි කරල එයින් යම් වින්දනයක් ලබන්න පුලුවන් සුන්දර දෙයක් .එච්චරයි..අවභාවිතාව ඉතින් කොයිකටත් වලංගුයිනේ.බේත් උනත් වැඩිපුර බිව්වොත් මැරෙනවනේ..මේතරම් අඩුවට මතපැන් තියන විදේශ රටවල ඒ අය බොන්නෙ තම්න්ගෙ ප්‍රමානයට හෝ ඊට අදුවෙන්.අඩිය බලන්න ඕනෙ / බෝතලයක් ගැහුවත් කෙලින් / සතියෙම බිව්ව බං / වගෙ මතයක් ඔවුන්ගෙ නෑ නේද ..මම නං කියන්නෙ විය යුත්තේ මත්පැන් බොන තැන්වල කොටු දැමීමවත් සත්‍ය සිද්ධියක් ලිවීමේදී ඒ තැන් ස්කිප් කිරීමවත් නෙවෙයි.

      මත්පැන් ගැන තියන මිත්‍යා මත නැතුව එහි ගුණ අගුන හා ස්ත්‍ය තත්වය සමාජගත කිරීමයි.. එතකොට කැමති කෙනා අරං බොයි .නොබොන කෙනා නොබොයි.
      වැඩි හරියක් බොන්නෙ ෂෝ එකටනෙ බං..ඒකෙ නියම සතුට ලබන්නෙ කීයෙන් කී දෙනාද ???
      මට නං ගල් දෙකක් ඇනගෙන යාලුමිත්තරයො ටික එක්ක බොංගො තාලෙට කපුගේගෙ සිංදුවක් අල්ලන්න තියේනං කන්න ඕනත් නෑ !! ඇත්තම කීව ඕං.

      හා දැං වරෙල්ල පව්කාරයට ගල් ගහන්න !!!

      Delete
    2. පත්තර මල්ලිගේ කතාවට එකඟවෙමි.

      Delete
    3. ඇරපන් කට පත්තරේ, අමුවෙන්ම ගල් 100ක් දාන්ඩ.

      Delete
    4. @පත්තර මල්ලි
      //මත්පැන් ගැන තියන මිත්‍යා මත නැතුව එහි ගුණ අගුන හා ස්ත්‍ය තත්වය සමාජගත කිරීමයි//
      හරි පත්තරේ වෙන්න ඕන එයයි. නමුත් වෙන්නේ ෂෝ එකට මත්පැන් බොන වුන් බීලා ඉවර වෙලා එය තැන තැන වීර කමක් ලෙස හුවා දක්වීමයි. ඔවුන් FB වල පවා පින්තුර දමන බොහෝ විට බෝතල් සමග සිටින පින්තුර දමයි එසේම බ්ලොග් වල සහ කමෙන්ට් වල අඩිය බලන්න ඕනෙ, බෝතලයක් ගැහුවත් කෙලින්, සතියෙම බිව්ව බං වැනි කතන්දර දමයි මම කතාකලෙත් එය ව්‍යසනයක් බවයි. මිතුරන් හමුවූ විටක සුහද කථා සමග පොඩි අඩියක් ගැසීම කෙසේ වෙතත් බාර් එකට ගොස් අමුවෙන් අඩියක් කටට හාලාගෙන වඩයක් කා පුකේ අත පිහිදාගෙන එන වුන් සිටින සමාජයක් ඇතිවන තෙක් තෙක් ප්‍රශ්නය දුර දිග ගොස් ඇත.

      මෙම සිරාගේ කතාවේ මම ලොකු වරදක් නොදකිමි මෙම ලිපිය මත්පැන් කතාව නොමැතිව ලිවිය නොහැක. මම මේ කමෙන්ට් එක දැම්මේ මෙම පොස්ට් එකේ ප ලි කොටසේ සිරා එය සාකච්චාවට භාජනය කල බැවිනි.

      Delete
    5. ප්‍රසන්න අයියා / කම්මලේ
      මගේ පුද් අදහසක් විතරයි මේක..ඔය ගල් වල තියන ෆ්ලේවර් එක දෙවෙනි වෙන්නෙ මටනං ෂිවාස් වලට විතරමයි
      මිල.අඩු ලෝකල් ජාතියක් නිසාද දන් නෑ මිනිස්සු ගනං ගන් නැත්තේ..ඕං දැන් ගෑනු කස්ටිය ආවොත් මාව බේරගනිං..මං පවුල් කාරය බං ..

      සිංහලයා මචං
      /////එසේම බ්ලොග් වල සහ කමෙන්ට් වල අඩිය බලන්න ඕනෙ, බෝතලයක් ගැහුවත් කෙලින්, සතියෙම බිව්ව බං වැනි කතන්දර දමයි.. මම කතාකලෙත් එය ව්‍යසනයක් බවයි.////
      නොදෝමකින් කාලකන්නි..
      එකෙක් ශොට් දෙකකින් වෙරි වෙන එකේ අනිත් එකාට ඒ වෙරිය ගන්න බෝතලයක් බොන්න වෙනවනං ඒක පව නෙවෙයිද බං.මම නං උන්ට් කියන්නෙ පව්කාරයො කියලා.එතකොට ආයෙ ඔ‍ය වගේ ගොන් පාට් දාන් නෑ .හික්..!!!
      මේ ගැන කතිකාවක් ඇති විය යුතු බව හැබෑව බං..මොකෝ කස්ටිය බොන තරමක් බොන්නෙ පේන්න නොවැ..වරදවා වටහ නොගත්ත එකට ස්‍තූතියි මචං..!!!

      Delete
    6. මත්පැන් බීලා අයියලා වෙන්න යන්න මෝඩ සැට් එකකුත් ඉන්නවා...තවත් සමහරුන්ට පුරුෂ ධෛර්යය එන්නෙත් බිව්වට පස්සෙ....කාමය ඇවිස්සෙන්නෙත් බිව්වට පස්සෙ...මේ කාරණා පුද්ගලයාට අනුව සාපේක්ෂයි....නමුත් අපේ ක්‍රමය නම් තමන්ගෙ සීමාවට බිලා පාඩුවෙ ගෙදර යන එක...හැමෝම එහෙම වෙනවා නම් බොන උන් හරි වදයක් කියලා කියන පිරිස බොහොම අඩු වේවි.

      මම නම් ඉදලා හිටලා හරි ලංකාවෙදි සැට් උනේ කාලෙකින් මුණ ගැහෙන මිත්තරයො සමග නිදහසේ කථා කරමින් හෝරාවක් දෙකක් ගෙවන්න....ඒ කථා බහට මිස බීමට අපි ඇබ්බැහි වුනේ නෑ...

      Delete
  4. බස් එකෙන් මිනිස්සු පනිනව බලං ඉදිය සමි කොලුවා ත්‍රීවීල් එකකින් පනින්න ගිහිං රොල් වෙලා රෝල් වෙලා ගස් ගාලක් අස්සෙ නැවතුනේ ..සේ හැබැයි චූටිම කාලෙ.. ඒත් අම්මපා මොන පොලොස්කොට්ටෝරුවද අර විදියට පිටිපස්ස හරෝගෙන පනින්නෙ :D බස් එකක ෆුට් බෝඩ් දවසක් හරි ගිහින් තියේ නම් ඒම පනින්ඩ තියා හිතන්නෙවත් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ චූටි කාලෙ කිව්වෙ සමිය ජම්බු ගහෙන් වැටෙන්න කලින් මගෙ හිතේ O/L කරන කාලෙ වගේ වෙන්ට ඇති :D

      Delete
    2. සමියා ජම්බු ගහ මුල ඉන්න කාලෙදි වෙච්ච වැඩක් වගෙයි මලයො...

      Delete
  5. //කොල්ලන්ගේ බඩ ගෙඩිය ඔබා, අතගා, // zමේ කෑල්ල නම් ඇල්ලුවේ නෑ.. ;)

    ReplyDelete
    Replies
    1. "ඔව්හු පන්තිය අස්සේ අනාගත ලොවද ගොඩ නැගූහ. නැතිනම් පවුල් සැලසුම් කලහ.' හි හි

      ඇත්තටම ඔයාලගේ එක යාලුවයිද අර දැරිවියන්ට බැල්ම දැම්මේ අයියේ?
      අපෝ ඔයත් ඉස්කෝලේ යන කාලේ ඉදන් ගිනිවතුර බිලා නේද :(

      Delete
    2. අපි වගේ ඉගෙනගන්න කොල්ලො කෙල්ලන්ට බැල්ම දාන්නෑ ඉගෙනගන්නවා මිසක් ^_^

      Delete
    3. අපිට ඒ දැරිවියන්ගෙ ඩයල් එච්චර සෙට් උනේ නෑ...නමුත් ඒ අයගෙ ගතිගුණ හොද නිසා තමයි මිතුරු කමක් ඇති වුනේ...අපේ උන් ඒ අයගෙන් කැමැත්ත විමසුවා නම් පැනලා හා කියයි...

      ගිණිවතුර.....ඒවා බිව්වෙ නගෝ පණු අමාරුවට....

      Delete
  6. කෙල්ලෝ ඉන්න තැනක ඉතින් අර වගේ දෙයක් වුනාම කාට කියන්නද අෆ්ෆා..

    බනින්න එපා කියපු හන්දා දෙකට කැඩුවට මුකුත් කියන්නේ නෑ ඉතින්..

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද අප්ෆා...ඊළග කොටසෙත් හොද හොද සිදුවීම් තිබේ...

      Delete
  7. මේකත් දෙකට කඩන්න බං තිබ්බේ.. පට්ට දිගාාාාාායි... !!

    ReplyDelete
    Replies
    1. සෑම දැන් දිග ඒවත් එක්ක පුදුම තරහක් තියෙන්නෙ :D

      Delete
    2. ඔවු දැං බ්ලොග් කියවනවට වඩා ගෙදර වැඩ කරන්න තියෙනවනෙ.

      Delete
    3. සෑමා මොකද බං ඔච්චර කාර්ය බහුල... කන්නෙත් වැඩ කරන ගමන්ද දැන් ?

      Delete
    4. යකෝ මම සසිඳුවාව එච්චර හොඳට අඳුනන්නෙත් නෑ. නමුත් උගේ කමෙන්ට් එක වසරේ හොඳම කමෙන්‍ටුව හැටියට මම ‍තෝරනවා. ඌ කිව්ව දේ උඹලා හරියට ග්‍රහණයකරගත්තේ නැද්ද මන්දා. ඒවුනත් සසිඳු, උඹ සෑමාව දැක්කොත් මග ඇරහං පුතා. :ඪ්

      Delete
    5. බොලා කිව්වට පස්සෙ තමයි හෙන්රි අයියා මටත් කම්පනාවට ආවෙ....

      Delete
    6. මන් ඒක කිව්වෙ අදහස් කීපයක්ම එන විදිහට හෙන්රි අන්කල් :D

      සිරා අයියට ඒක මොන විදිහටද මීටර් උනේ? :D

      Delete
    7. බොල සසිඳුවා. මම ඕක වර නගන්න ගිහිල්ලා මටත් සෑමාව විතරක් නෙවෙයි, ජෝඩුවවම මග අරින්න වෙනවා. :D

      Delete
    8. මට මීටර් උනේ සෑමට දිග මදි වීම පිළිබද ගැටලුවක්...

      Delete
  8. තව කෑල්ලකුත් තියෙනවා නෙහ්... අම්මෝ :O

    ReplyDelete
    Replies
    1. තියේ තියේ....ලබන සතියේ දිනක වැටෙයි...

      Delete
  9. ඔය කෑලි දෙකට කඩන එකට මගෙන් හෙන විරොධය...කැපිටල් (ධ) ගැහුවෙ තරහ වැඩි කමට...

    ReplyDelete
    Replies
    1. කෑලි දෙකට කැඩුව නිසා තමයි බොලා ඔය විදියට ෂේප් එකේ යන්නෙ....

      Delete
  10. හපෙ අප්පේ අපිත් A/L කරලා නුවර ‍යන්න ප්ලෑන් කරන් හිටියත් අන්තිමට වැඩේ වඩේ උනා. ඒත් විභාගෙ කරන්න කලින් නම් තේවත්තෙ පල්ලියෙයි කැළණි පංසල වගේ තැන් වල නම් කරක් ගැහුවා හිසේ කෙස් ගානට. ඒත් ගෑනු දැරිවියොත් සමග. කපොල් නම් නොවේය.

    බීම ගැනත් වචනයක් කියන්නම්. මාත් බීමට තදින්ම විරුද්ධ එකෙක්(ඉස්සර). දැන්නම් මගේ ප්‍රතිපත්තිය අනෙක් එකෙක්ගෙ සහයක් නොමැතිව තම මනසත් ශරීරයපාලනය කර ගත හැකි තරමට බිවුවට ප්‍රශ්ණයක් නෑ. ඒත් තාම මන් බොන් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සුදෝ....බීම හෝ නොබීම ඒ ඒ පුද්ගලයාගේ අයිතිවාසිකමක්...හැම බොන එකාම නරකයි හෝ හැම නොබොන එකාම සුද්ධවන්තයන් නොවේ කියන එක ප්‍රත්‍යක්ෂ කාරණයක්...තමන්ගෙ තරමට බීලා වටේ පිටේ අයට කරදරයක් නොවෙන ලෙස සංවරශීලී ලෙස ඉන්න පුලුවන් නම් බීමේ වරදක් නෑ...නමුත් ගොඩාක් අයට තමන්ගෙ සීමාව හදුනාගන්න බැරි නිසා තමයි...බොන උන්ව බොහෝ අයට පේන්න බැරි...

      Delete
  11. ටියුෂන් සර් කාරයනං මාර මාකටිං ට්‍රික්ස් දන්න එකෙක් වගෙයි.

    ගිනිපෙට්ටිය තිබුණනං අනික් ඒවත් තියෙන්න ඇතිනෙ. බලමු ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ට්‍රික්ස් කියන්නෙ අපේ සිත් සතන් හොරා ගෙන තිබ්බෙ එයා....ඔයා කියන ඒවා නෑ...අපි සූටි ළමයි ....

      Delete
  12. ඉතින් යකෝ දෙකට කඩන්නේ නැතුව මෙහෙම ලිව්වනම් ඉවරනේ. අපි ආපහු යහතින් ගෙදර ආවා. ආව හැටි ඊළඟ කොටසින් කියන්නං.

    හැබැයි ගමන නම් මල් හතයි වගේ. අර ගාඩයාට කියන්න තිබුනනේ අන්කල් එන්නකෝ අපේ කසාදෙ සාක්කියට අස්සං කොරන්න කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම ලිව්වා නම් ඉතිං දෙවැනි කොටසක් ලියන්න ඕනෙ වෙන එකක් නෑ....විචාරක තුමත් වීදුරුවෙන් දෙකක් දාගෙනද මන්දා මේක කොටලා තියෙන්නෙ...

      Delete
  13. මුගේ හොම්බ තලන්න හිතෙනවා දෙකට කඩන හැටියට අම්මපා ...//"අප කෙරෙන් විද්‍යාමාන වූ කඩවසම් පෙනුමත් නිසා විය යුතුය"// දවල්ද...? :D

    ReplyDelete
    Replies
    1. ඇයි බන් අහිංසක මටම කෙලින්න හදන්නෙ...ගහපංකො අර ලියන්නට...පන්තිය තිබ්බෙ නම් හවස...

      Delete
  14. ක්ලාස් වල කෙල්ලෝ එක්ක අපිත් ඔහොම දවසක් ට්‍රිප් එකක් ගියා... දැන් නම් මතකත් නෑ.. මොන ක්ලාස් එකේ ද කොහෙද ගියේ කියලවත්... හෙහ් හෙහ්... සිරා දැන් මෙහෙ සෙට්ල් ද ? මට නම්බර් එක මේලක් දාන්න.වෙලාවක හම්බ වෙමු.

    ReplyDelete
    Replies
    1. තාම සෙට්ල් වීගෙන යන ගමන්...දුරබණුව මේ දවස් වල ලෙඩ දෙනවා...අලුත් එකක් ගත්ත ගමන් එවන්නම්....

      Delete
  15. අනේ අසරණ නගා...:(

    ReplyDelete
    Replies
    1. පවු තමයි...කාගෙ හරි දරුවෙක් නොවැ...

      Delete
  16. අද බොන්න හිටියේ නැහැ ඒත් මේක දැක්කම අනිවා හවසට බොන්න හිතුනා.. බොනවම තමා

    ReplyDelete
  17. බලමු දෙවෙනි කොටසත් .....

    ReplyDelete
  18. නගා අනූ නවයෙන් නේද බේරිලා තියෙන්නේ ...

    කොහොම වුනත් ගමන නම් හරිම ශෝක් ඇති...

    ReplyDelete
    Replies
    1. නගා වැටුන බවක් ඇත්තටම අපි දැන උන්නෙ නෑ ගාඩ් ලොක්කා ඇවිල්ලා බනිනකම්...ගමන මල් හතයි...ඊළග කොටසත් බලන්නකො...එතකොට දැනගන්න පුලුවන්...

      Delete
  19. කියවන්න පටන් ගනිද්දිම ඉවර වුනානෙ. :(

    ReplyDelete
    Replies
    1. හැබෑට....ඊළග කොටසත් මෙතනම අමුණලා දැම්මා නම් කියාවි දිග වැඩියි කියලා....

      Delete
  20. wena thanakin balanne. deweni kotasath kiyawalama kament ekak dannam.

    ReplyDelete
    Replies
    1. හා හා පුරුදු තැනින් කියවලා අදහසක් දෙමුකො බලන්න එහෙනං...

      Delete
  21. .කොල්ලන්ගේ බඩ ගෙඩිය ඔබා, අතගා, මිරිකා දවල්ට කාපු දෑද පවසයි.
    :D :D :D :
    දාහන් ඉක්මනට අනිත් කෑල්ලත් >:(

    ReplyDelete
    Replies
    1. බොලාගෙ තර්ජනයට භය නිසාම ඊළග කොටස ඉක්මනටම දාන්නං....

      Delete
  22. අද දවසේ මිහිරි මතක මේ පාසල් වියේ කළ කි දේම බව මැනවින් පසක් වන සටහනකි

    ReplyDelete
    Replies
    1. මේ වගේ සිදුවීමක් දෙකක් නැත්තං පාසල් කාලයෙන් පස්සෙ මතක් කරලා හිනා වෙන්නවත් දෙයක් නෑ..

      Delete
  23. ``කොල්ලන්ගේ බඩ අතගා,මිරිකා ``එන පොටනම් හොද නැති පාටක් වගේ.........

    ReplyDelete
    Replies
    1. එනපොට හොද නෑ කියලා අපිට හිතුනෙම නෑනෙ බන්....අපි දිගටම පන්ති ගියා...

      Delete
  24. මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා සිරා...කෙනෙක්ගේ අත්දැකීම් ලියද්දි ඒ තුල නොයෙකුත් දේ ගැබ්ව තියෙනවා. හොරෙකුට උගේ කතාව ලියන්න ඕන වුනොත් ඡේදයෙන් ඡේදයට වෝර්නින්ග්ස් දාන්න ඕනේද "හොරකම් කිරීම වනාහි සමාජ විරෝධි ක්‍රියාවකි. මම එය ප්‍රොමෝට් කරනවා යැයි වටහා නොගන්න" කියලා. මට කමෙන්ට්ස් තුලත් එහෙම් දෙයක් දැණුනා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ මත්පැන් බෝතලයක් දෙකක් මගේ කථා වල ගෑවුනාම මෙතන අදහස් නොදක්වා මට ඊ විදින කීප දෙනෙක් ඉන්නවා එයට උදහස් වෙලා...ඒ අයගෙ දැනගැනීමට තමයි ප.ලි කොටස දැම්මෙ...කවුරු මොනවා කිව්වත් තමන්ට හොද නරක කියන දේ වෙන් වෙන්ව තෝරා ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි.

      Delete
  25. ^%$^%$&^^%^&(O&U(*()*&*%$^$ mu adath meka dekata kadala ne.... bolage adu kadanna kalin daapiya ithuru kaallath... &^$%&^%^*%*&^&*^&*(^&*$%^#$

    ReplyDelete
    Replies
    1. අයියෝ...කකුල් දෙකකට තියෙන්නෙත් මෙච්චරයි....බොලා ඒකත් කඩලා දාන්නද හදන්නෙ...

      Delete
  26. පොදු ප්‍රවාහන මාධ්‍යයක් තුල මත් පැන් බොන්න තහනමක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම තහනම්....නීතියෙන් තහනම් උනත් තහනම් වැඩ කොච්චරක් කියලා අපේ ඇත්තො කරනවද....අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේක....දුම්රිය රියදුරෝ ෂොට් එකක් දාලා ඇන්ජිම එලවපු අවස්ථාත් පහුගිය කාලෙ අනාවරණය වුනා.

      Delete
  27. මමත් කෝච්චියෙන් අනිත් පැත්තට පනින්න ගිහින් වැටුන හය වසරෙදි.මොකද එතකොට පැටිය කාලෙනෙ..කොහොමහරි මම ගෙදර එන්නත් කලින් අපේ අම්මට සීන් එක ආරංචි වෙලා.අදටත් මම දන්නේ නැහැ කව්ද මේක කිව්වේ කියල.

    ReplyDelete
    Replies
    1. දැන් මලයා කෝච්චියෙන් නිවැරදි ආකාරයෙන් පනින ආකාරය ඉගෙන ගෙන ඇතැයි සිතමි. ඒ උනාට පා පුවරුවේ නම් යන්න එපා...බොහොම අනතුරු දායකයි...

      Delete
  28. හරිම රසවත් කොළුවෝ. උඹ මට වඩා කොච්චර පැඟිරිද කියලා අද
    දැනගත්තා. මත් පැන් ගැන අවුලක් නෑ මලේ අපි දන්නවා ඒකේ අගේ. බොරැ බෝධිසත්ව පාට් දාන අය ආසයි බයයි. ඒ කෙසේ වෙතත් කථාව රසය. ඉතුරැ කොටස කියවන්නට එන්නෙමිය. මලයංඩිය උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අයියා කියන වචනයට වඩා ලොකු මාමෙ වගේ වචනයක් සුදුසුයි වගේද ? මත්පැන් අවශ්‍ය පදමට ගත්තම එහි තියෙන වටිනාකම බොන උන් දන්නවා නොවැ....ඒකෙ අගයක් නැත්තං සල්ලි දිලා මිනිස්සු ගනීවි යැ...

      ආසයි භයයි ඒ බෝට්ටුවෙ නමයි...යළි නොම එන්නට ගිය ගමනයි...ඇන්ටන් ජෝන්ස් ගෙ සින්දුව මතක් වුනේ....බොටත් ජයම වෙන්ට ඕනෙ !

      Delete
  29. ඔය සරසවි උයන දුම් රිය නැවතුම්පොල හරිම ලස්සන ස්තානයක්. අල0කාරව තියාගත්ත තැනක්.

    මටත් සුන්දර මතකයක් තියෙනවා ඔය ස්තානයේ. මට අවුරුදු 23, 24 කාලෙදී ඒ දවස් වල මගේ පෙම්වතියත් එක්ක ලව් කලේ ඔය හරියේ. ( පෙම්වතිය කිව්වට මට වැඩිය අවුරුදු 6 ක් වැඩිමල්, ඒ මදිවට ඒ වෙනකොට වෙන කොල්ලෙක් එක්ක එන්ගේජ් වෙලත් හිටියේ ) අපි හම්බවෙච්ච අන්තිම දවසේ, (ඒ කෙල්ලගේ වෙඩින් එකට දවස් දෙකකට විතර කලින්) ඔය හරියේ රේල් පාර අයිනේ අපගේ සියලු මතකයන් වෙච්ච මුදු දෙකක්, ඔරලෝසුවක්, ෂේවර් එකක් ඇතුලු පොඩි..පොඩි දෙවල් ටිකක් වලක් හාරල වල දැම්මා. ඊට පස්සේ හිත හදාගෙන සමුගත්තා.

    දැන් මතක් වෙනකොටත් හරිම සුන්දරයි..! තෑන්ක් යූ සිරා පැරණි මතකය අලුත් කලාට.

    ReplyDelete
    Replies
    1. මතකෙ තව සුන්දර වෙන්න තිබ්බා බොස් බදින්න හිටපු කොල්ලට නෝන්ඩි උනානං !!

      Delete
    2. සරසවි උයන ඉතිං පේරාදෙණියෙ සරසවි ආදර කථා වලින් සැනහෙන තැනක් නිසා බොහොම ලස්සන තැනක් බව මටත් හිතෙනවා...

      අර වලලපු බඩු මුට්ටු ටික තව අවුරුදු 100 කින් විතර හමුවුනොත් ෂුවර් එකටම නිධානයක් කියලා කියාවි....ඒ පෙම්වතිය අර කොලුවම බැන්දද ? වර්තමාන තොරතුරු නැද්ද ?

      Delete
    3. නිධානේ හම්බ උනාට වැඩක් නැහැ. ඔරලෝසුවටයි, ශේවර් එකටයි බබා හම්බ වෙලා තියෙයි.

      ඒ කොල්ලම තමයි බැන්දේ. මමත් වෙඩින් එකට ගියා. දැන් ළමයි තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්ලූ.

      Delete
  30. අපි ඉස්සර බස් එකෙන් බහින්නෙම පැනලනේ තියෙන කාඩ කමට. බස් හෝල්ට් වල මිනිස්සුන්ගෙනුත් බැණුම් අහනවා. ඔය පස්සට හැරිලා පනින එක ගැන මම මිත්‍යා කතාවක් අහලා තියෙනවා. ඔහොම කරන්නේ ටිකට් චෙකර්ලා, සහ බස් වල වැඩ කරන පොරවල් කියලා. ඒ විදියට පනින ආට් එකක් තියෙනවලු. ඇත්තෙන්ම කිව්වොත් මම නම් එහෙම පනිනවා දැකලා නෑ. ඒකයි ඒක මිත්‍යා මතයක් කිව්වෙ.

    උඹ මේ බීම ගැනයි සිගරට් ගැනයි ලියන හැම තැනකම සමාව ඉල්ලන්න ඕනේ නෑ බං. එහෙම නම් උඹ ඔය දැරිවියෝ එක්ක ගියහන්දා ළමා අපචාර වලටත් සමාව ගන්න එපායැ. දැන් හිරේ ඉන්න එකෙකුට හෙම මොකුත් ලියන්නම බෑනේ එතකොට.

    ඒ වුනත් මට අරක්කූ තිබහක් ආවා මේක කියවලා. ගිණිපෙට්ටිය ගැන කියවලා සිගරට් එකක් බීලා BMICH එකට ගිණි තියන්නත් හිතුනා වෙනියා.

    ReplyDelete
    Replies
    1. මමත් කවදාවත් පස්සට හැරිලා පනින එකෙක් දැකලා නෑ තවම..අපේ නගා තමයි මම දැනුවත්ව පැනපු එකම එකා...ඒකට වෙච්ච දේ දැන් කියෙව්වා නොවැ....

      මේ අන්තිම වතාවට තමයි බීම ගැන පලියක් දාන්නෙ...ආයෙම එහෙම කරන්නෙ නෑ...මොකද බෝතලේ අතට දීලා කවුරුවත් වීදුරුවට වත් කරලා දෙන්නෙ නෑනෙ...තමාගේ කැමැත්ත ඇතුව නොවැ බොන එකා බොන්නෙ....

      ඔය තිබහා අර දේශකයටත් ආවා කියලා කියලා කියලා තියෙන්නෙ....බොන්න තිබහා ආවා කිව්වට වෙරි පිටමද මන්දා කමෙන්ට් එක ගහලා තියෙන්නෙ...මම වෙනියා නෙවෙයි බොලං...සිරා කොලුවා...

      Delete
    2. නෑ නෑ පාට්නර් අමුවට කමෙන්ට් එක දැම්මේ, නමුත් කෑල්ලක් ලොප් වෙලා. 'වෙනියා මතක්වෙලා' කියලා කියන්න ඕනේ වුනේ. :D

      Delete
  31. හහහා... මේක සිරා.

    ඇත්තම කියනවම් මමත් දවසක් පස්ස හරෝලා නෙමේ... පැත්තට පනින්න ගිහින් බල්ටියක් ගැහුවා දඩස් ගාලා.. ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹව දැක්ක කල් බන්...මම හිතුවෙ ෆෝන් එක මුහුදෙ ගිය දුකට උඹ එල්ලිලා මළාවත් ද කියලා.....

      Delete
  32. මමත් මේ ළඟක් වෙනකන්ම තිතට මත... නමුත් දැන් මාස 6-7ක ඉඳලා මතට කොමාවක් දාලා තියෙන්නේ.. හිහ් හිහ්...

    මට බොන එක අප්පිරියා උනා බං... සිරාවට... ගෙදරත් තනියෙන් ඉද්දි බොන්න පුරුදු වෙලා හිටියේ... හෙමීට ෂොට් එකක් දෙකක් දාලා තමයි ඉන්නේ... ඒත් දැන්... හම්මේ තියෙන සතුට... :)

    මේ කථා 2කට කඩලා දාන එකට නම් මගේ විරෝධය !!!!

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...