තොල් තැටිය සහිත මුර්සි තරුණියක් |
මේ කියන මුර්සි ජන වර්ගය ඔය කියන තරං ජනප්‍රිය වුනේ අමුතුම කාරණයක් නිසා...ඒ තමයි ඒ ගෝත්‍රයට අයිති කාන්තාවන් පළදින, ඒ අයට සුවිශේෂී වෙච්ච තොල් පලදනාව හෙවත් තොල් තැටිය (lip plate). ඒ ගැන තව ටිකකින් කියන්නම්. මේ කියන මුර්සි ජන වර්ගය ඉතියෝපියාවෙ ඕමෝ නදිය අසබඩ වගේම මාගෝ (Mago) කියන ජාතික උද්‍යානය තුලත් ජීවත් වෙනවා. දේශගුණික සාධක හින්දයි ඒ අය වසරක් තුල තමන්ගෙ වාසස්ථාන ස්ථාන දෙකකට අරන් යන්නෙ. ඒ ශීත වැඩි කාලයට සහ රස්නය වැඩි කාලයට. නමුත් මුර්සි ජාතිකයො තමන්ගෙ ගව පාලන කටයුතු සහ වගා කටයුතු කරන්නෙ නම් ඕමෝ ගගේ ඉවුරු දෙපැත්තෙ. මේ ඇත්තන්ගෙ අසල්වැසියො විදියට ජීවත් වෙන්නෙ තවත් ගෝත්‍රික කණ්ඩායම් කීපයක්. ඒ අය ආරි Aari, බන්නා Banna, බොදි Bodi, කාරා Kara, ක්වේගු Kwegu, නියන්ගටොම් Nyangatom සහ සූරි Suri කියන නම් වලින් හදුන්වනවා.
මුර්සි නිවසක් |
මුර්සි කාන්තාවො ගැන කියනවා නම් ඒ අය හැඩට ඉන්න හරිම මනාපයි. ඒ හින්දයි තද කලු පැහැයෙන් යුතු තමන්ගෙ සිරුරු සුදු පැහැය උපයෝගී කරගෙන අලංකාර කරගන්න හැම වෙලාවෙම මාන බලන්නෙ. ඒ වගේම මම කලින් සදහන් කරපු තොල් තැටියත් ඒ ඇත්තියො කෙරේ අමුතුම ආකර්ශනයක් ඇති කරනවා කියලයි ඒ අයගෙ විශ්වාසය. මුර්සි දැරියක් වයස අවුරුදු 10 - 15 වගේ පහුකරගෙන එද්දි තමයි මේ තොල් තැටිය පලදන්න මූලික අඩිතාලම යොදන්නෙ.
තමන්ගෙ අම්මා.....එහෙමත් නැත්තං වෙනත් වැඩිහිටි කාන්තාවක් තමයි දැරිවියගෙ යටි තොල කපලා මේ කටයුත්තට මුල පුරන්නෙ. යටි තොල හරස් අතට කැපුමක් යොදලා ඒ තුවාල සුවවන තෙක් දැවයෙන් තැනූ ඇඹයක් රැදවීම තමයි සිරිත. තුවාල සියල්ල හොද උනාට පස්සෙ තරමක් විශාල ඇඹයක් මුව තුල රදවනවා. ඒ විශාල තොල් තැටියක් පලදින්න නම් ඇගේ තොල තව තවත් ඉදිරියට අදින්න අවශ්‍ය නිසා. මේ ක්‍රියාදාමය මාස කීපයක් පුරා කරන්නෙ මුව තුල රදවන ඇඹයේ ප්‍රමාණයත් වරින් වර විශාල කරන ගමන්...
තොල් තැටිය සැකසීමේ ආරම්භක අවස්ථාව සහ
මුර්සි ජනජීවිතය පිළිබද විස්තර අඩංගු අගනා වීඩියෝවක්
ඔන්න ඉතිං මේ විදියට මාස කීපයක් ගත උනාට පස්සෙ තමන්ගෙ පළමු තොල් තැටිය විදියට සෙන්ටි මීටර 4 ක පමණ විශ්කම්භය තියෙන දැවමය හෝ මැටියෙන් තැනූ තොල් තැටියක් පැලදුවත් එය පසුකාලීනව සෙන්ටි මීටර් 8 සිට 20 දක්වා පරාසයක විශ්කම්භයක් සහිත තොල් තැටියක් පැළදීම දක්වා දියුණු කරගන්න ඒ ඇත්තියන්ට හැකියි. මේ කියන අරුමපුදුම තොල්තැටියේ ප්‍රමාණය වැඩි වෙන්න වැඩිවෙන්න පති කුලයට යන මුර්සි තරුණියගේ වටිනාකමද වැඩි වෙනවා. ඒ කිව්වෙ මනාලයාගේ පාර්ශවයෙන් ඇගේ පවුල වෙත ලැබෙන දෑවැද්දේ වටිනාකමත් ඉහළ යනවා. බොහෝ විට දෑවැද්ද විදියට ලැබෙන්නෙ හරකුන්. මුර්සි තරුණියන් හට තොල් තැටිය පැළදීම අනිවාර්ය නැතත් එය නොපලදින කාන්තාවන් සමාජයේ ගැරහුමට ලක්වීම, විවාහයේදී දෑවැද්ද නොලැබීම, තමා සුන්දර යැයි මුර්සි තරුණයන් විසින් නොසැලකීම යන කාරණා වලට මුහුණ දිය යුතු වෙනවා.
වැඩි දෑවැද්දක් ලැබුනු තොල් තැටියක් |
එකක් මදිවාට තොල් තැටි දෙකක්ම |
තොල් තැටිය ගලවා ඇති විටෙක පෙනුම |
මුර්සි සංස්කෘතිය තුල සුවිශේෂ ස්ථානයක් හිමිව තියෙන තොල් තැටිය මේ කාන්තාවන් නිතරම පැලද සිටින්නේ නෑ. තැටියේ බර වගේම එය පැළද සිටීමේදී දැනෙන අපහසුතාවත් එයට හේතූන්. නමුත් එය ඇයට ගලවා තැබිය හැක්කේ තමාගෙ නිවස තුලදි, නින්දට යන විටෙක හෝ කාන්තාවන් පිරිසක් සමග සිටින විට යන අවස්ථාවන් වලින් එකකදී පමණයි. එහෙත් පුරාතනයේ සිට පැවත එන මේ සිරිත් විරිත් ඒ ආකාරයෙන්ම සමහර විටක ඉටු වෙන්නෙ නෑ. තමා පලදින තොල් තැටිය තමා විසින්ම සාදා අලංකාර කර ගැනීමත් මේ සමාජයේ සිරිතක්. ලීයෙන් හෝ මැටියෙන් තැටිය සෑදිය හැකි වුවත් බොහෝ විට එය සකසන්නෙ මැටියෙන්. බිම වැටීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් තැටිය පළුදු වූ විටෙක, එහෙමත් නැතිනම් තැටියේ ප්‍රමාණය විශාල කල යුතු වූ විටෙක අලුත් තැටියක් තමා විසින්ම සාදා ගැනීමට මුර්සි කාන්තාවන් හැම විටම ක්‍රියා කරනවා. තැටියේ අනර්ඝ නිමාවක් ලබා ගැනීමට සමහර විටෙක තමාගේම මවුකිරි පවා යොදා ගන්නා බවයි කියන්නේ. සැමියා හෝ මුර්සි පිරිමින් ඉදිරියේ ඇය තොල් තැටිය සහිතව පෙනී සිටීම අනිවාර්යයි. තොල් තැටිය පැළද සිටින මුර්සි කාන්තාවකගෙන් සැමියා කෙරෙහි ඇගේ හිතේ ඇති ගෞරවය පිළිඹිඹු වෙනවා කියලත් මුර්සි ජන සමාජය විශ්වාස කරනවා. ඉහතින් දැක්වූ වීඩියෝවෙ මේ තොරතුරු පිළිබද දර්ශන අඩංගුයි.
මුර්සි පිරිමි පාර්ශවයත් කාන්තාවන් වගේම තමන්ගෙ ශරීර සුදු පැහැයෙන් අදින විවිධ හැඩතල මගින් අලංකාර කරගන්න මනාපයි. පහළ ඕමෝ මිටියාවතේ ඉන්න බොහෝ ගෝත්‍රිකයන්ටත් මේ පුරුද්ද තියෙනවා. ඉතා තද කලු හමක් තියෙන මේ ඇත්තන්ට පච්ච කෙටීමෙන් පලක් නැති නිසා ඒ වෙනුවට භාවිතා කරන්නෙ හංවඩු ගසනවාට සමාන ක්‍රමයක්. Scarification යන ඉංග්‍රීසි වදනින් තමයි මෙය මුල් ලිපිය තුල හදුන්වා තියෙන්නෙ. එහිදී කරන්නෙ සම තුල ගැඹුරට ඇති කරන කැපුම් නිසා ඇති වන තුවාල විවිධ ක්‍රම භාවිතා කරමින් සුව කර අවසානයේ සිරුරේ යලි කිසිදිනක නොමැකෙන කැළලක් ඇති කිරීම.
මුර්සි ගැටව්...මේ අය බොහෝ විට නිරුවතින් ඉන්න බවක් තමයි පේන්නෙ |
තමාගේ අතින් මිය ගිය විරුද්ධවාදීන් සංඛ්‍යාව, තමා අයත් ජන වර්ගය, ආගමික විශ්වාස හා ඇදහිලි, විවාහක අවිවාහක බව වැනි කාරණා මේ ක්‍රමය මගින් විවිධ ගෝත්‍ර තම තමන්ගේ ශරීර වල සටහන් කරනා බවක් තමයි කියවෙන්නෙ. කාන්තා පිරිමි දෙපාර්ශවයටම මේ ක්‍රමය අදාළයි.
තුවාල සුවවෙමින් පවතින අවස්ථාවක් |
මුර්සි ග්‍රෝතික තරුණයන්ට තමන්ට විවාහ වෙන්න හිතුනා කියලා ආවට ගියාට විවාහ වෙන්න ඉඩක් නෑ. ඒ ඇත්තො ඒ සදහා කරන විශේෂ පරීක්ෂණයකින් සමත් විය යුතුමයි. ඩොංගා Donga නමින් හදුන්වන ලීයක ආධාරයෙන් ප්‍රතිමල්ලවයෙකු සමග කරනා සටනකින් ජය ගැනීම අනිවාර්යය සාධකයක්. මේ ලීයෙන් එකිනෙකාට වැරෙන් පහර දීම තමයි සටනේ ස්වභාවය. සටනේ ජයග්‍රාහකයාට තරුණියන් කණ්ඩායමක් අතරින් තමන්ට කැමති තරුණියක් විවාහය සදහා තෝරා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
ඩොංගා ලී දඩු අතැතිව සටනට සැරසෙන මුර්සි තරුණයින් |
මුර්සි තරුණයන් පිරිසක් |
මුර්සි ගෝත්‍රිකයො කියන්නෙ ස්වභාවයෙන්ම වහා කිපෙන සුළු සහ සටනට ඉතා කැමති ජන කොට්ඨාශයක්. අප්‍රිකානු කලාපයට සංචාරකයන් ලෙස පැමිණෙන බහුතරයක් මේ ගෝත්‍රිකයන් දැක බලාගන්න එන්නෙ ඒ අයගෙ සමාජය තුල තියෙන අමුතුම හැඩතල වගේම අරුම පුදුම තොල් තැටි නරඹන්න. මුර්සි කාන්තාවො තමන්ගෙ ඡායාරූප ගන්න සංචාරකයන් වෙත ඉඩ දෙන්නෙ හරිම කැමැත්තකින්. එහි රහස තමයි ගන්නා සෑම ඡායාරූපයක්ම ගනන් කර ඒ සදහා නියමිත මුදලක් ලබා ගැනීම ඔවුන්ට ආදායමක් ගෙනදීම.
නූතන අධිවේගී සමාජ ක්‍රමය හමුවේ උඩුගම් බලා පිහිනන මෙවැනි ජන වර්ග තම අනන්‍යතාව රැකගෙන තවත් දිගු කාලයක් ජීවත් වේදෝයි විටෙක මට සිතෙයි.
අද ලිපියට මූලාශ්‍ර
http://dietmartemps.com/
http://www.omovalley.com/
http://www.mursi.org/
http://en.wikipedia.org/wiki/Mursi_people
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
මුර්සි ජාතිකයක් පිළිබද තැබෙනා පළවෙනි සිංහල බ්ලොග් සටහන මෙය වන්නේය. අන්තර්ජාලයේ සොයා බැලුවද කිසිදු සිංහල සටහනක් දක්නට නොලැබුනි.
මුර්සි ගෝත්‍රයට අමතරව සුර්මා Surma නම් ගෝත්‍රික ලදුන්ද තොල් තැටි පලදීලු.
මුරුසිය හෙවත් Mauritius යනුවෙන් ඉන්දීය සාගරයේ රටක් ඇති මුත් මේ කියන අය ඒ රටට අයත් නැත.
valuable information. never knew about these people and their weird habbits before this :)
ReplyDeleteස්තූතියි මිත්‍රයා...බොහෝ දෙනෙක් මේ අය ගැන නොදන්නා නිසා තමයි ලිව්වෙ....
Deleteමම මෙහෙම දෙයක් අහළ නෑ තොල් තැටිය ගැන නං දැනගෙන හිටිය,විස්තරේට සිරාට බොහොම ස්තූතියි
ReplyDeleteඔබටත් ස්තූතියි..අප දන්නා දේ එකිනෙකා සමග බෙදාගැනීමෙන් නොදන්නා ප්‍රමාණය අඩු වේ යැයි මම සිතමි....එහි පුංචි උත්සාහයක් මේ..
Deleteනියම විස්තරයක් අයියෙ...මේ මිනිස්සු දිහා බලද්දි හිතෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියල...
ReplyDeleteඒ අයට ඒ අයගෙ ජීවන රටාව සැපවත් ඇති. සතුට කියන දේ හිතේ නිතරම රැදෙනවා නම් කුල මල ගෝත්‍ර වැඩක් නෑ....
Deleteබය හිතෙනවා මේ මිනිස්සු දැක්කම.
ReplyDeleteකොහොම නමුත් මෙතෙක් නොදැන සිටි අපූරු විස්තරයක් අප වෙත ලබා දෙන්න ඔබ ගත් වෑයමට තුති..
මටත් එහෙමයි....මේ අයගෙ මුහුණුවර දැක්කම හිතේ තිගැස්මක් ඇතිවෙනවා තමයි....සමේ වර්ණය විශේෂයෙන්...
Deleteසිරාට මොකද මේ කළු ගෝත්‍රිකයන් ගැන එක පාරටම ලියන්න හිතුණේ ? :) එලේනි කියන චිත්‍රපටය මතක් වුණා. පුළුවන් නම් හොයාගෙන බලන්න.
ReplyDeleteමම ඉතින් ජාලය පෙරලද්දි හැමෝ එක්කම බෙදාගන්න හොද දෙයක් දුටුවොත් ඒක මෙතනට උස්සගෙන එනවා...ඒ වගේ තවත් දවසක් අද...මම චිත්‍රපටි බලන්න නම් ආසම නෑ....
Deleteඔවුන්ගේ රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඉතා ඉහල බව අසා තිබෙනවා.
ReplyDeleteඇමේසන් වනය ආශ්‍රිතව ඕය වගේ අලුත් ගෝත්‍රයක් හොයාගත් බව මීට ටිකකාලයකට ඉහතදි ඩිස්කවරි චැනල් එකේ ගියා මතකයි.ඔවුන් නම් මොවුන් තරම් බාහිර සමාජයට මුහු වෙලා නැති බවයි කිය උනේ. උන්ගේ ජනාවාස වලට ඉහලින් හෙලිකොප්ටරය රූගත කිරීම කරන විට ඕවුන් ඊතල ,හෙල්ල වලින් විදිනවා දැක්ක.
මේ තොල්වල කේස් එක පත්තර වලින් නම් දෙක්ක. හරිම අප්‍රසන්නයි නේ බං..!!!
ස්වභාවිකත්වයට බොහොම ලං වෙලා ඉන්න පිරිසක් නිසා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඉතා ඉහළ අගයක ඇති කියලා මටත් හිතෙනවා....ඔබ කියන සිදුවීම මමත් කියවලා තියෙනවා...ඒ පීරු කියන රටේ ඉන්නා ගෝත්‍රිකයන් පිරිසක්....
Deleteබොහොම හොඳයි සිරා හොඳට කරුණු අධ්‍යයනය කරලා ලියපු ලිපියක්. මේ ගෝත්‍රය ගැන ඩිස්කවරි නාලිකාවෙත් හොඳ වාර්තා චිත්‍රපටියක් මම බැලුවා.
ReplyDeleteමෙවැනි කාරණා හොයාගෙන යන්න මට පුංචි කාලයේ ඉදලම පිපාසයක් තිබුනා...එය ඉදිරියටත් එසේමැයි...
Delete"මුර්සි පිරිමි පාර්ශවයත් කාන්තාවන් වගේම තමන්ගෙ ශරීර සුදු පැහැයෙන් අදින විවිධ හැඩතල මගින් අලංකාර කරගන්න මනාපයි."
ReplyDeleteඅපේ අයත් සුදු වෙන්න මනාප නිසානෙ Fair & Lovely ගාන්නෙ.
තොල් තැටියෙන් නම් මේ කෙල්ලන්ට අමුතු ලස්සනක් එන්නෙ නෑ වගේ මට නම්.
මේ අයට නම් ඔය කියන වර්ගයෙන් කන්ටේනරයක්ම ගෑවත් සුදු වෙන එකක් නෑ...තොල් තැටිය අපිට ලස්සන නැති උනාට ඒ අයට ලස්සන නිසා නොවැ මෙතරම් කැප කිරීමක් කරගෙන එය පලදින්නෙ...
Deleteපිඟානක් කටේ එල්ලගෙන ඉන්න ගෝත්‍රයක් මන් දැක්කමයි බොල ...
ReplyDeleteමේ අය දැක්ක පළවෙනි දවසෙ මටත් හිතුනෙ ඔය විදියට තමයි බොලං.....
Delete//මුර්සි ජාතිකයක් පිළිබද තැබෙනා පළවෙනි සිංහල බ්ලොග් සටහන මෙය වන්නේය.// ආසාවෙන් කියෙව්වා අලුත් දෙයක් නිසා. ඕක වදයක් නෙමේ ද මන්දා එයාලට.
ReplyDeleteඑයාලට දැන් පුරුදු වෙලා ඇති...පේනවනෙ රබර් පටි වගේ තොල් පටවල් ඇදලා තියෙන හැටි...
Deleteමගේ අම්මේ තොල! පිස්සු බම්ප් වෙනවා දැක්කහම
ReplyDeleteඑහෙයි එහෙයි....ඔය තොල් තැටිය දැක්ක පළවෙනි දවසෙ මටත් මඤ්ඤං උනා....
Deleteපින්තූරයක් දෙකක් නම් මම කලින් දැකලා තිබුනා.. මේ විස්තරේ දැන ගත්තේ අද ඉස්සෙලම.. මේක දාලා ගලවනවට වැඩිය දාන් ඉන්න එකම හොදයි වගේ.. හෆ්ෆා..
ReplyDeleteඒක ගලවපුවාම තියෙන දර්ශනේ නම් සෑහෙන්න අප්‍රසන්නයි...
Deleteපිස්සු හැදෙයි , අර කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ලබා ගන්නවයි කියන මනුෂ්‍ය ආත්මය නේද මේ..?
ReplyDeleteපුදුම දුකක් නොවැ විදින්නෙ...සමහරු තොල් තැටිය පලදින්න පහසු වෙන්න ඉදිරි ඇන්දෙ දත් 4 පමණ ගලවලා....
Deleteඅම්මප උන් මාර ලස්සනයි තමා.අර පාට නොකල පින්තුරෙ ඉන්න කොල්ලොටික නම් හැන්ඩි නේද?
ReplyDeleteබොහොම ස්තුතියි සිරා.
ඒ කොල්ලො ටික නම් හරිම හැඩකාරයි තමා....කොහොමද ඒ අය තමන්ගෙ මල්ලිලාට දාලා තියෙන කැටයම් සැට් එක....
Deleteඅනෙ අම්මෝ මේ මිනිස්සු මොන දුකක් විදිනවද දෙවියනෙ විශෙෂෙන්ම ගෑණු උදවිය අර රොටි තැටියක් වගේ තොල් තැටියත් උස්සන්.
ReplyDeleteඑක අතකට ඉතින් ඒක ඒ මිනිස්සුන්ගෙ සංස්කෘතියනෙ. අපිට විකාරයක් අපහසුවක් විකෘතියක් විදියට පෙනුනට ඒ මිනිස්සුන්ට ඒක වටිනවනෙ.
ගොඩක් කරුණු දැන ගත්ත ලිපියක් සිරා අයියෙ. නියමයි.
අපිට අපහසුවක් වගේ දැනුනට ඒ අයට එහෙම නැතුවත් ඇති...ඒ අය ජීවත් වෙන කර්කශ දේශගුණික තත්වයන් බැලුවාම...ඒවාත් අපට නම් දරාගන්න බැරි තරම් අපහසුයි. සෑහෙන රස්නයක් ඇති නිසා වගේම නිතර ස්නානයට ජලයත් නැති නිසා තමයි කාන්තාවනුත් කොණ්ඩා බූ ගාගෙන ඉන්නෙ...
Deleteකීවෙනි පින්තුරේද උබ ඉන්නේ
ReplyDeleteමල්ලියට කැටයම් නොදා අමුවෙන්ම ඉන්නෙ රාළ නේද....
Deleteමුරුසි ගැන අහලා තියෙනවා ඒත් මෙච්චර දේවල් දන්නෙ නෑ.අර තොල් සීන් එකනම් එපා වෙනවා අති උන්ට. යකො පිස්සු හැදෙන චාරිත්‍ර තමා උන්ගෙත් තියෙන්නෙ
ReplyDeleteමුරුසි අන්නාසි කියන්නෙ අන්නාසි වලින් හොදම එක කියලත් කියනවා නොවැ....පිස්සු කොර...එහෙම නේද බං...
Deleteසිරා.....මුර්සි අන්නාසි නම් මොරිශයස් අයිලන්ඩ් වලින් එන්නේ. කියවන අයට පැටලෙයිද දන්නේ නැති නිසා මෙහෙම දැම්මේ.
Deleteඒ අදහසම තමයි මමත් දැක්වූවෙ...ලිපිය යටින් කෙටි සටහනක් තිබ්බෙත් කියවන අයට ටැපලෙයි කියලා...
Deleteඑහෙන් මෙහෙන් මේ ගෑනු අයගේ පින්තුර දැකල තිබ්බට හරි හමන් විස්තරයක් අද තමයි දැන ගත්තේ
ReplyDeleteඔබේ දැනුමට යමක් එකතු වුනා නම් එය තමයි මගේ අහිංසක සතුට...
Deleteමල්ලි උන්ගේ පොල්ලත් කැටයම් කරල නේද බං,ලස්සනේ බෑ.
ReplyDelete:D :D
Deleteමොනවා කියනවද....අපේ ගෑණුත් කියයිද දන්නෙ නෑ...පොලු කැටයම් කරගෙනම එන්න කියලා පළමු රාත්‍රියේදි...
Deleteඋඹ මේ ගෑණු තොල් තැටිය පළඳන්නේ ඇයි සහ කොයි වෙලාවටද කියන එක විස්තර කරද්දි මට මතක් වුනේ මුස්ලිම් කාන්තාවෝ බුර්කාව ඇඳීම ගැන දරන්නෙත් ඔය අදහස්මයි, දෑවැද්ද සම්බන්ධයෙන් ඇර.
ReplyDeleteමට හමුවෙලා තියෙන සමහර මුස්ලිම් යුවතියෝ ඒ සම්ප්‍රදායන්ට හිතෙන් වෛර කරන අය...ඒ අය තමන්ගෙ පවුලෙ පිරිමි පාර්ශව වලට කැමතිම නෑ....
Deleteලස්සන කියන එක එක් එක් කෙනා බලන විදිහට පෙනෙන දෙයක් කියන්න හොඳම සාධකය සිරාගෙ මේ ලිපිය ගෙනාවා ..
ReplyDeleteලස්සන කියන දේ සාපෙක්ෂයි නොවැ...විවිධ ජන වර්ග , දේශගුණික වෙනස්කම් , රටෙන් රටට මේ කියන දේවල් වෙනස් වෙනවා...
Deleteපුදුම අමානුෂිකයිනේ අප්පා ඒ චාරිත්‍ර..
ReplyDeleteකොච්චර සරල ජීවිතයක් ගෙව්වත් වැඩක් නෑනේ ඔහොම විහින් කෙලවාගෙන දුක් විඳලා
සමහර තැන් වල ඉතින සංස්කෘතියට මුවාවෙලා මිනිස්සු දුක තමා වැඩිපුර විදින්නෙ...පේන්නෙ නැද්ද ඉන්දියාවෙ තියෙන අන්ධ විශ්වාස...
Deleteඅනේ අම්මෝ තොල් තැටිය. මොන වේදනාවක් විඳිනවා ඇද්ද? මට මතක් උනේ වාරිස් ඩයරිගේ Dessert Flower පොතේ තියෙන අමානුශික චාරිත්‍රය. වහල් වෙලෙන්දො නම් බයවෙන්න ඇති හොඳට.
ReplyDeleteඅර පිරිමි ළමයිනුත් සුදුපාට කැලැල් හිටින්න තුවාල කොරගන්නවා කිවුවෙ නිකම් ටැටූ කොටාගන්නව වගේ එකක්ද? නැත්නම් එයාල විහින් කැලැල් හදා ගන්නවද?
අදමයි මෙයාල ගැන දැනගත්තෙ. තැන්කුයි සිරා....
මම හිතුවෙ අර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ව මුරුසි දිවයිනට පිටුවහල් කලා කියල කතාවක් තියෙන්නෙ මෙයාල ගාවටදෝ කියල. ලිපියෙ පසුලිවීම බලද්දි හිතෙනව ඒ කියන්නෙ මොරිශස් ගැන වෙන්නැති කියල.
මුරුසි දිවයින කියන්නේ නම් මොරිශස් වලට තමයි.
Deleteමුරුසිය කියන්නෙ මොරිශස් කියන රට තමයි...නමුත් ඒ රට සහ මේ අය අතර සබදතාවක් නෑ...නම් දෙකේ සමානකම පමණයි....
Deleteබඩ යනවා බොල ...........
ReplyDeleteඑහෙනං කක්කුස්සියට වෙලා වෙන්ට ඕනෙ උඹ මේක කියෙව්වෙ...හක හක...
Deleteඅම්මෝ .....දැක්කම ඇඟත් හිරි වැටෙනව.
ReplyDeleteඑක එක ජන සමාජ වල එක එක මානසික මට්ටම්..
http://ragamayaa.blogspot.com/
ඒක තමයි ජන වර්ග අතර තියෙන වෙනස්කම...ඒ ආගන්තුක කම නිසයි හැම ජන වර්ගයකටම තමන්ගෙ කියලා වටිනාකමක් තියෙන්නෙ...
Deleteබොහෝ ජාතීන් සංස්කෘතිය හදන් තියෙන්නේ විඳවන්න.
ReplyDeleteඅනිවාර්යෙන්....අතීතයෙත් කරපු නිසා කරනවා කියලා උත්තර දුන්නට ඒ කාරියෙන් වර්තමානයට ශත පහක ප්‍රයෝජනයක් නැති වෙන්න පුලුවන්....
Delete@විශ්ව එකගයි මාත්
Deleteෆට්ට.... ලොවෙත් නැ..අලුත් දෙයක් අදමි ඇහුවේ
ReplyDeleteස්තූතියි මචෝ....
Deleteඋදේ ඉඳන් ඉඩක් ලැබෙන ලැබෙන වෙලාවට කියවල දැම්ම අම්මපා සිරා අයියේ ඔය ගෑනු උදවිය හිතන්නේ ඔය තොල් ඉරාගෙන නටන නෙයියාඩගම ලස්සනයි කියලද? හම්මපා ඔය මිනිස්සුන්ගේ රසාස්වාදය අන්තිමයි.
ReplyDeleteඅනේ මන්දා බන්...රබර් පටි වගේ තොල් ඇද ගන්න ඒ ඇත්තියො විදින දුක දැක්කම අනුකම්පා හිතෙනවා බං....ඒ සමාජයේ ඒ අය පාච්චල් වෙයි කියන භයට නොවැ අමාරුවෙන් හරි ඔය දුක උහුලන්නෙ....
Delete//මුරුසිය හෙවත් Mauritius යනුවෙන් ඉන්දීය සාගරයේ රටක් ඇති මුත් මේ කියන අය ඒ රටට අයත් නැත.// මගෙ මිත්‍රයෙක් හිටිය මේ Mauritius වල නම්. මං මුලින් දකිද්දි හිතුවෙ එහෙ ද කියල.
ReplyDeleteශරීරෙට දෙන වද ටිකක්.. මෙහෙම එකක් නම් දැක්කමයි බං.. හරි අප්‍රසන්නයි අපිට නම්. අර තොල් කෑල්ලත් එක්ක කන්නෙ එහෙම කොහොමද මන්දා.. කොහොමත් ඔය ගෝත්‍රිකයින්ගෙ අමුතු චාරිත්‍ර තියනව නෙ..
ස්තුතියි, මහන්සියෙන් කරුනු හොයල මේ සටහන තැබුවාට.
මටත් ඔහොමම තමයි...නමුත් ඒ දැනෙන අපුල නැති වෙනවා මේ වගේ ප්‍රවෘත්තියක තියෙන අපූර්වත්වය...නිසාම...
Deleteකලින් අහලා තිබුනට මේ තරම් විස්තර නම් දැනගෙන හිටියේ නෑ. එක එක සංස්කෘතික රාමු වලට හිරවෙලා මිනිස්සු විදින දුක් හරි පුදුමාකරයි...
ReplyDeleteමහන්සිවෙලා තොරතුරු හොයල කට්ටියට දැනගන්න රසවත්ව ඉදිරිපත් කලාට ස්තූතියි...
ඒ මහන්සිය නැතුව යන්නෙ ඔබ වගේ අයගෙ මෙවැනි කමෙන්ටු මගින් ලැබෙන තල්ලුවෙන්...පරිවර්ථනයක් කරන එක ලේසි නෑ කියලා මමත් අවබෝධ කරගත්තෙ මේ කෙරුවාව පටන් ගත්තට පස්සෙ...සමහර ඉංග්‍රීසි වචන වලට සිංහල තේරුම් පවා නෑ. ලබන මාසෙ මුල නැවතත් මෙවැනි ලිපියකින් ඔබ මා හමුවේවි.
Deleteමං දවසක් දැක්කා ඔය වාගේ වීඩියෝ එකක් ඒකේ ඔය වාගෙම හිල් කරලා තොල අස්සට ඔබනවා බං හෙන දඩාර සයිස් ලි කූඤඤයක්
ReplyDeleteඑහෙනං ඒ මුර්සි කෙල්ලෙක් වෙන්න පුලුවන්....තවත් එක් අප්‍රිකානු ගෝත්‍රයක් ඉන්නවාලු මේ විදියට තැටිය පලදින...Surma කියන්නෙ ඒ අය...
Deleteබොහොම වටිනා ලිපියක්. මේ වගේ අර්ධ සංචාරක සහ සංචාරක ගෝත්‍ර අප්‍රිකාවේත් ඉන්දියාවේත් සෙසු බොහෝ රටවලත් විසිරිලා ඉන්නවා අදටත්. ඒ අය තමන්ගේ සම්ප්‍රදායන් දිගටම පවත්වගෙන එනවා. බොහෝ වෙලාවට වත්මන් සමාජයේ තහංචි වාරණ තිබුණත් මේ සම්ප්‍රදායන් එයාලා හොඳින් ආරක්ෂා කරනවා. ඒත් සමහර විට ඒක ඉබේම වෙන දෙයක්... මොකද මේ දුශ්කර කලාප සමස්ථ ලෝකයෙන් වෙන්වෙලා තිබිම මත.
ReplyDeleteසුන්නත් කිරීම් මේ තොල් තැටි පැළඳීම වගේ තවත් එක චාරිත්‍රයක්. හැබැයි ඔබ කිවා වගේ මොවුන් තොල් තැටි පැළඳීම අරඹලා තියෙන්නේ ආක්‍රමණිකයන්ගෙන් කාන්තාවන්ට වෙන අතවර වලක්වාගැනිමේ ක්‍රමයක් විදිහට.
දිගටම මේ වගේ හරවත් ලිපි දෙන්න. බොහොම වටිනවා :)
ස්තුතියි සිත්තරී....විශ්ව විද්‍යාලය තුල ඔබ ඉගෙන ගත්ත දැනුමෙන් යමක් හැමදාමත් වගේ ඔබේ කමෙන්ටුව තුල ඇතුලත් කරන එකට මම බොහොම මනාපයි...කියවන අයට ඒ තුලිනුත් ගන්න දේ තියෙනවා...
Deleteතව දෙයක් කියන්න ඕනි. අමතක වුණා
ReplyDeleteලංකාවේ සීගිරි අප්සරා සිතුවම් බලන්න. කන් විදිම සම්බන්ධව අනුගමනය කරල තියන පිළිවෙතත් මේ වගේ. දිගු කන් සඳහා කන් පෙත්ත ඇදිමක් කරලා තියනවා. ඊට පසුව ක් පෙත්ත තුළ වළල්ලක් දාලා පෙත්ත ඇදලා තියනවා. මේ ක්‍රමය උඩරට රජ යුගයේත් තිබුණු බව නොක්ස් එයාගෙ එදා හෙළදිව පොතේ පැහැදිලිව විස්තර කරනවා. කන් සිදුර විශාල කරන්න තල් කොළ රවුම් කරලා දැම්මලු ඒ කාලේ
thanks අක්කේ ලිපියෙන් වගේම ඔයාගේ තොරතුරුත් මට වැදගත් උනා ..
Deleteඔබ ඔය කියන කාරණය පිළිබද මම මීට කලින් දැනුවත් වෙලා හිටියෙ නෑ...ඒ ගැන ටිකක් සොයාබලන්න ආශාවක් ඇති වුනා...බොහොම ස්තුතියි සිත්තරී....
Deleteපැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවනි සීගිරි බිතු සිතුවම් වල කර්ණාභරණ දාලා තියන විදිහෙන්. ඒව සිලින්ඩරාකාරයි. දාලා තියෙන්නේ කන් පෙත්ත ඇදලා. අපේ ගමේ මම පුංචි කාලෙ දෙමළ ආච්චි කෙනෙක් හිටියා. එයාගෙ කන් පෙතිත් ඇදිලා ලොකු හිල් දෙකක් තිබුණා. ඒව ලොකු කරලා තියෙන්නේ ලස්සනටලු. සුද්දො අපේ රටේ ඒ තිබුණ සිරිත් විකෘතියක් විදිහට පහත හෙලුව කියල නොක්ස්ගෙ විස්තරෙන් පෙනෙනවා
Deleteමම ගෙදර ගිය වෙලාවක එදා හෙලදිව පොතේ ඔය විස්තරේට අදාල කොටස ටයිප් කරලා හෝ එවන්නම්.
ලංකාවෙ ගැමි ගැහැණුත් කන් සිදුරු විශාල කිරීම එදා දැක්කේ අලංකාරත්වයේ සංකේතයක් විදිහට. (හැබැයි සත්තුන්ගෙ වගේ හණ ගහන ක්‍රමයක් ලංකාවෙනම් තිබුණ බවට සඳහනක් නැති තරම්)
ලංකාවේ එක්තරා ද්‍රවිඩ කොටසකට අයත් කාන්තාවන්ගේ ඔය කණ විශාලව හිල් කිරීමේ සම්ප්‍රදායක් තිබුනා. මම එවැනි වයසක උදවිය දැකලා තියෙනවා.
Deleteහරකුන්ගේ හංවඩු ගැසීම වගේ සම්ප්‍රදායක් සුඩානයේ තිබිලා තියෙනවා පිරිමින්ගේ මූණේ. එවැනි පිරිමින් මම ඕමානයේදී බොහෝ විට දැක තිබෙනවා . ඔවුන් බොහෝමයක් අරාබි භාශාවෙන් ඕමාන් පාසල්වල උගන්වන්න ආපු ගුරුවරු. ඒ කාලයේ ආරාබි භාශාවෙන් ඕමානයෙ ගුරුවරු හැටියට වැඩ කරේ සුඩාන්,ඊජිප්තු, මොරොක්කෝ, ටියුනීසියන් වගේ රටවල අය. ඕමානි ජාතිකයින් ඉන් පසුව තමයි ඉතා සීඝ්‍ර දියුනුවකට පත්වුනේ. ඕමානයේ පොලිස් සේවය ආර්ම්භ කරෙත් ශ්‍රීලාන්කිකයෙක්. රජතුමාගේ මිතුරෙක්. මට නම මතක් වෙන්නේ නැහැ. මම දැක තිබෙනවා. වෙනම ෆ්ලයිට් එකකින් ඉස්සර ලංකාවට එන්නේ. ඒක දිග කතන්දරයක්.
කථා මැද කථා කියන්නෙ මේවට...බලන්න නොදන්න දේ කෙතරම්ද කියලා...
Deleteමමත් අහල තිබ්බට දැක්කේ අදයි, තවත් මා දැනගෙන හිටිඅ දෙයක් තමයි තරුණයෙක් විසින් තරුණියක් තෝරා ගනිද්දි වැඩිපුරම බලන්නේ තොල් දෙක කියලා...
ReplyDeleteමේ වගේ දේවල් වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා. හෙට අනිද්ද අපේ ආර්යාවන් ටිකත් පටන් ගනීවි වැඩ
මම නම් හිතන්නෙ නෑ අපේ උන්ට ලක්ෂ ගාණක් දුන්නත් මේ තරම් කැපකිරීමක් කරයි කියලා...
Deleteනියම විස්තරයක් සිරා, මාත් මේ ගැන අදමයි ඇහුවෙ.
ReplyDeleteගෑණු කොහොම වෙතත් පිරිමිනං උපරිම නිදහසක් විඳිනව වගේ. ඒකනේ රෙදි නැතුව උනත් ඉන්නෙ.
ස්තූතියි ප්‍රසන්න අයියා...කාමරේ පටන් ගත්ත අවධියේ ඉදලාම මාව දිරිමත් කරනවාට...සත්ව ප්‍රජාව තුල පිරිමි සතා බොහෝ විට නිදහස් නේද.....මිනිස් සතා අරගෙන බලන්න..දරුවො බිහිකරන්න හදාවඩාගන්න කාන්තාව කොච්චර නම් මහන්සි වෙන්න උවමනාද...එතකොට සිංහයා අරගෙන බලන්න....කම්මැලි කමේ ඉන්න පිරිමි සිංහයාට දඩයම් කරලා ආහාර සම්පාදනය කරන්නෙත් හාමිනේ....
Deleteවටිනා කියන ලිපියක් සිරා අයියෙ..මමත් මේ මිනිස්සු ගැන අහල තිබුනට මෙච්චර විස්තරයක් දැනගෙන හිටියෙ නැහැ.මේ දේවල් ගැන අපේ භාෂාවෙන්ම පෝස්ට් එකක් දාපු එක ගොඩක් වටිනව.විශේෂයෙන්ම පාසල් යන සෙට් එකට..
ReplyDeleteස්තූතියි මලයො...ලිපිය ලියද්දිම මම දැනගෙන උන්නා බොහෝ දෙනා මේ අය ගැන දැනුවත් නෑ කියලා...ඒකනෙ ජාලෙ සිංහලෙන් එකම ලිපියක් වත් තිබුනෙ නැත්තෙ....
Deleteමුන් kiss කරන්නේ කොහොමද දන්නේ නැහැ. උන්ට ඒක හොඳ වින්දනයක්ද වෙනවා ඇති. අපේ ගැනුත් හැඩ වෙන්න කියලා කරන සමහර වැඩ කෝලම් තමයි.
ReplyDeleteකිස් කරන වෙලාවට තැටියා ගලවනවා නොවැ...ඒත් අර රබර් පටිය වගේ එල්ලෙන තොල් කෑල්ල නම් හරිම අප්‍රසන්නයි නේද...
Deleteස්තුතියි බං මෙහෙම අලුත් දෙයක් බෙදා ගත් එකට.කොහොම වෙතත් ඔවැනි රටවල් වල නොඉපදීම අපේ වාසනාවක්.
ReplyDeleteස්තූතියි මලයො....අපි පිටින් බලලා නොවැ ඒ ඇත්තො දුක් විදිනවා කියන්නෙ...නමුත් කවුද දන්නෙ ඒ අය ඔහොම හිටියද බොහොම සතුටින් ජීවත් වෙන පිරිසක්ද කියලා...මොකද බඩු මිළ ඉහළ යවන්න...බදු ගහන්න රජෙක් ඉන්නවා කියලයැ....
Deleteඑක එක ගෝත්‍ර වලට ආවේණික දේවල් නෙව.. :)
ReplyDeleteමෙහෙම ගෝත්‍රයක් ඇහුවමයි.
ඔය ගෝත්‍රික හුරුපුරුදු සමහර විට ශිෂ්ඨ යැයි සම්මත හුරුපුරුදු වලට වඩා බොහොම වෙනස්....ඒ නිසානෙ මේ වගේ අය අපිට සුවිශේෂී පිරිසක් ලෙස පේන්නෙ...
Deletesira goiyo... narakada ara t56 kaalla ubata...? balapango ban gate lassana... hikzz...
ReplyDeleteඅනේ අනේ....උඹත් බලලා තියෙන දේවල්....
Deleteසිරා,
ReplyDeleteඇත්තතම ගොඩාක් හොද ලිපියක්. මම මේක මීට කලින් දැකල තිබුන "National Geographic Channel" ඒකෙන්. එත් උඹ ලස්සනට අකුරු කරල තියනවා.
ඔය වගේම කතාවක් මට මතක් වුනා ලිපිය කියවගෙන යද්දි. බුරුමය පැත්තේන් මේ කතාව. මම සම්පුර්න වාර්තා වැඩසටහන හොයල දෙන්නම්. https://www.youtube.com/watch?v=0FME1At3vmI&feature=player_detailpage (මේක දන්න්වත් ඇති.)
මම
මයික්
ස්තුතියි මගේ සහෝදරයා...උඹ එවපු ලින්ක් එකත් මම බැලුවා...ඒ කාරණයත් මම කලින් දැකපු දෙයක් නොවෙයි....
Deleteසිරා ලිපියක් සිරෝ.....මේ අයගේ ආදරෙට තොලක් දාන වැඩේ කෙරෙන්නේ නැතුව ඇති නේද බං.
ReplyDeleteමුරුසි හොදයි බන් මේ රටවල් වල අහවල් තොලෙත් එක එක එව්වා දාගෙන ඉන්නවා. දැන් ලංකාවෙත් දැරිවියොත් දානවා කියන්නේ අහවල් තොලට කරාබු.
තොල දානකොට තැටිය ගලවලා අරන් තියෙනවා ඇති...නැත්තං මේ අය තොල් දාන්න දන්නෙ නැද්ද දන්නෙත් නෑ....අහවල් තොලට නෝමල් තොල තියෙන එකේ...කරාබුවක් දැම්මම නාකද ?
Delete+++++++++++++++++++++++++++++++++++
Deleteඋදේ කියෙවුවට කොමෙන්ට් කොටන්න බැරි වුණා.වටිනා ලිපියක් අයියේ, විවේක කාලේ ඔයා මේ වගේ දේවල් ලියන එක ඇගේ කරනවා තරුණ කොල්ලෙක් විදියට.. එයාලා පව් ..එදිනෙදා වැඩ වලට කොච්චර බාදාවක්ද ඉදගෙන මේ තඩි තැටිය .සංස්කෘතිය නම් මහා විදවිල්ලක් කරලා තියෙන්නේ මිනිස්සු
ReplyDeleteබොහොම ස්තූතියි අදහසට...පුරාණයේ ඉදන් කල නිසා කරනවා මිස මේ ක්‍රියාව වර්තමානයට ගැලපෙනවද කියලා කල්පනා කරන්න චින්තනයක් ඒ අයට නැති බව තමයි පෙනෙන්නෙ...නැත්තං අදත් වහල් වෙළදාමට වෙළෙන්දො එනවා කියලයැ... ඔය වගේ අපේ සමාජයෙ තියෙන පුරුද්දක් තමයි මනාලයාගෙ කකුල සේදීම...මොකද ඉස්සර වගේ වෙල් දෙණි කුඹුරු බඩවැටි දිගේ ඇවිත් කකුලෙ මඩ ගෑවුනා කියලයැ...
Deleteමෙහෙත් පච්ච කොටන එවුන් ඔයිට වඩා සංස්කෘතිකව ලොකු වෙනසක් නෑ.
ReplyDeleteමෙවැනි ගෝත්‍රිකයො ඉන්නෙ අප්‍රිකාවෙ විතරක් නෙවෙයි. ඇමේසන් වනාන්තරය ආශ්‍රිතවත් ජීවත් වෙනවා.. ඒහේ තොල් තැටිය දාගෙන ඉන්නෙ පිරිමි.
මේ ෆිල්ම් එක බලන්න. http://www.youtube.com/watch?v=S6lLbHYp3l4
(මේ ලින්ක් එක දෙපාරක්ම දැම්මා හරියට වැඩ කළේ නෑ; කමෙන්ට් මැකුවෙ ඒකයි)
කමෙන්ට් මැකුවාට කිසිත් නොකියමි. වැරැද්දක් වුවහොත් ඒ දේම මමද කරමි. පච්චා කොටනවාට වඩා අමානුෂික ක්‍රමයක් මේ ක්‍රමය....පේනවනෙ තුවාලය හොද උනාට පස්සෙත් හමෙන් එළියට ඉලිප්පිලා තියෙන විදිය....ඔබේ වීඩියෝවත් නැරඹුවා...සතුන් මරන හරියෙදි මම මාරු උනා....ස්තූතියි ලින්කුවට....
Deleteමේ ලිපිය සිරා වෙනත් අඩවියක පල කරාද .? නැත්නම් වෙනකෙනෙකුට පලකරන්න අවසර දුන්නද
ReplyDeleteමෙන්න ගෙදිපිටින්ම දාල http://mirrorgirl.lk/gossip/2204-2014-02-05-07-24-35
මාත් දැක්කා අමිල.මං කොමෙන්ට් එකක් දැම්මා. එතන පබ්ලිෂ් කරන එකක් නැහැ. එයාලගේ වෙබ් අඩවි කොපි කරන්න බැරිවිදියට ප්‍රොටෙක්ට් කරගෙන අනුන්ගේ ඒවා කොපි කරනවා .
Deleteමමත් දැකල තියෙනවා මේ සයිට් එක කරන අය මේ විදිහට වෙන බ්ලොග් වලින් ලිපි දානවා . ලිපියේ අන්තිමට ගත්තු බ්ලොග් එකේ නමත් දානවා . හැබැයි ලියපු අයගෙන් අවසර ගන්නවද කියලා නම් දන්නේ නෑ .
Deleteකොපි කරනවානම් කොපි කරන කෙනා විසින් ඒක ගත්තු තැන හෝ කෙනාගේ නම සඳහන් කරනවානම් වෙනම අවසර නොගෙන ගන්න එකේ වරදක් මන් දකින නෑ.(මුල් ලිපියේ අවසර ගතයුතු බව සඳහන් නැත්තම් පමණි)
Deleteනමුත් අපුර්වී කියලා තියෙනවා වගේ තමන්ගේ සයිට් එකේ ලිපි වලටයි කොමෙන්ට් වලටයි ප්‍රෝටෙක්ෂන් දාගෙන ඉන්න ගමන් වෙන අයගේ ලිපි නම සඳහන් කර හෝ නොකර දාගන්න එක සදාචාරාත්මක නෑ .
සිරාගේ බ්ලොග් එකේ නම විතරක් කුඹි අකුරු වලින් තියෙනව . අඩු ගානේ ලින්ක් එක වත් නැහැ ..මාර කොපි කිරිල්ලක්නේ .
Deleteසිරාගේ කොපිරයිට් කියලා මම වෙනම විස්තරයක් බ්ලොග් එකේ දකුණු පැත්තට වෙන්න එල්ලලා තියෙන්නෙ....එතන පැහැදිලිව කියලා තියෙනවා ඉල්ලුවත් දෙයක් අනිවාර්යෙන්ම දෙනවා කියලා...එහෙම ඉල්ලන්නත් අපහසුතාවක් තියෙනවා නම් මගේ සැබැදියක් ලිපිය අගට එක් කරන්න කියලා....ඔය කියන ලිපිය මම දැක්කා....ඒකෙ අග බ්ලොග් අඩවියේ නම ලියලා තියෙනවා...
Deleteඅනිත් අයගෙ අදහස වෙනත් දෙයක් වෙන්න පුලුවන්...කෙනෙක් ලියන දෙයක් තවත් කෙනෙක් ගන්නෙ ඒ ලියවිල්ලෙ රසක් තියෙන නිසා හා ලියවිල්ල සාර්ථක නිසා. අපි ලියන දෙයක් හැකි තරම් පාඨක පිරිසක් අතරට යනවට මම බොහොම මනාපයි. ඒ නිසා මෙවැනි සිදුවීම් අරභයා මම කුපිත වෙන්නෙ නෑ....මොකද බ්ලොග් අඩවියේ ලිපිනය හෝ එතැන පලකරපු නිසා...නැත්තං ඉතිං තද වෙනවා...
සිරාගේ මේ අදහසේ මූලික හරයට මම ගරු කරනවා.
Deleteසිරා. තොල් තැටි මුරුසියෝ ගැන කියවල තිබුනත් උඹ කිව්ව වගේ නෙට් එකේ සිංහලෙන් කියෙව්වේ උඹ ලියපු එක තමා.. ජයෙන් ජය. වෙලාවකට පුදුමයි බං මේ යක්කුන්ගේ චාරිත්‍රවිදි ගැන..
ReplyDeleteස්තුතියි දේශකයො...මම හිතන්නෙ පුද්ගලයන්ගේ හැසිරීම් රටාව හැඩගැස්වීමේදී ඊට ආගමික බලපෑමත් තදින් තියෙනවා කියලා....
Deleteඇත්තටම ගෝත්‍රිකයින් කියල කිවුවටඔවුන් හැම අතින්ම නොදියුණු මිනිසුන් කියලා කියන්නත් අමාරුයි. විශේෂයෙන් අද දියුණුයි කඉයලා කියාගන්න රටවල මිනිස්සු ස්වභාවධර්මයට එරෙහිව කරන කියන දේ දිහා බලපුවහම.
ReplyDeleteමේ ඇත්තො ස්වභාව ධර්මයා එක්ක බොහොම කුළුපග ඇසුරක් තියෙන බව ඇත්තයි...ඒ නිසාම ඒ ඇත්තො බොහොම ශක්ති සම්පන්න...නිරෝගී පිරිසක් බව පේනවා....ආයු අපෙක්ෂාවත් දිගු ඇති....
Deleteමමත් මෙච්චර විස්තරයක් නම් කියෝලා තිබ්බේ නැහැ . ස්තුතියි සිරා . ශරීරයට වධ වේදනා දී ගන්නේ කරුමේ තමයි. ..අනික ගැහැණුන්ට තමයි මෙව්වා වැඩි. බලාපල්ලකෝ අර සේරම එළියේ දාගෙන ඉන්නේ පිරිමි නම් .
ReplyDeleteකාන්තාව තමයි හැම සමාජයකම යම් තරමකට හෝ පීඩාවට පත්වෙන්නෙ...ස්වභාව ධර්මයා කාන්තාවට අඩුපාඩුවක් කරලද කියලත් වෙලාවකට හිතෙනවා....මේ ජනවර්ගය තුලත් දුක් විදින්නෙ කාන්තාවන් බව පැහැදිලියි....
Deletehttp://gossipelankanews.com/news_more.php?id=4119#.UvNS8fu0Z_Y
ReplyDeleteඑහෙනං උනුත් උස්සලද...අයියෝ සිරාගේ ලින්කටුවක්වත් දාලා නෑ නේද?
Deleteඒ කියන්නෙ මේ ලියවිල්ල සාර්ථකයි...ඒ නිසානෙ දෙන්නා තුන්දෙනා උස්සන්නෙ....මට කියන්නෙ නැතුව ගත්තට බනින්න බෑ...මොකද බ්ලොග් අඩවියේ ලිංකුව එතන හලලා තියෙන නිසා....මොකද මගේ ලිපියක් මට දැනුම් නොදී ගන්නවා නම් ඒ ක්‍රමය තමයි අනුගමනය කරන්න කියලා තියෙන්නෙ... හැබැයි අඩවියේ ලිංකුව වෙනුවට ලිපියේ ලිංකුව තමයි වැටෙන්න ඕනෙ....
Deleteඔව් උඹ සෑහෙන්න සාර්ථකයි ඒ වගේම උඹ හිතල කරන උඹේ ව්‍යායාමයක් සාර්ථකයි..
Deleteමට නං වස කැතයි බං !!!!
ReplyDeleteමොන කැතක්ද බන්...බලහංකො ලස්සන....හක්කපටස් කාලා හකු එල්ලෙනවා වගේ නොවැ...
Deleteපොඩිම පොඩි කාලේ මතක් වුනා.ඉරිදා හවස රොබින් හුඩ් යන්න කලින් මේ තොල් තැටි පලඳින හැටි,තොල් තැටි හදන හැටි,මේ අයගේ ජන ජීවිතය ගැන වැඩ සටහනක් ගියා.මොන හේතුවක්ද මන්දා ඒ වැඩ සටහන හොඳට මතක හිටියා.ඒ මතකය ආයෙත් අලුත් වුනා.ස්තූතියි සිරා..
ReplyDeleteස්තුතියි ඩැයිවර් කොලුවො...වාහනේ ටිකකට නවත්තලා වෙන්ට ඕනෙ මේ වචන ටික මෙතන කෙටුවෙ...
Deleteසිරා.... සිරාවට මුරුසිය මෙච්චර දුප්පත් රටක්ද.. ඇත්තටම ඒඒ සමාජ සංස්කෘතීන් දිහා බැලුවාම ඔවුන් ජීවත්වන පරිසරයයි. ඔවුන්ගේ දැනුමයි එක්ක බැලුවාම ඒකෙ වැරැද්දකුත් නෑ.
ReplyDeleteඇත්තටම මම මුරුදිය ගැන දැනගෙන හිටියේ අන්නාසි වගාව මැනික් බිස්නස් සහ ශ්‍රීවික්‍රම රාජසිංහ පිටුවහල් කල රට විදියට අපූරු විග්‍රහයක්.
දයානන්ද අයියට පැටලිලා....මම පහළින් වෙනම කිව්වෙත් ඔය වගේ පැටලෙන්න පුලුවන් නිසයි. මුරුසිය සහ මේ ගෝත්‍රිකයො අතර කිසිදු සබදතාවක් නෑ...මුරුසිය පිහිටලා තියෙන්නෙ ඉන්දීය සාගරයෙ...මේ අය ඉන්නෙ අප්‍රිකාවෙ...නැත්තං ඉතියෝපියාවෙ.
Deleteසිරා මල්ලි අර සමහර ඒවයෙ නම් පොඩි උන්ට ඔන්චිලි පදින්නත් ඇහැකි වගේ.කොහොම උනත් කරුම කියන ඒව මොන විදිහකට හරි ගෙවන්න එපායැ.අර කොරියාවෙ කෙල්ලො හකු ඔපරේශන් කොරන්නෙ මූන උල් කොර ගන්න.. ඉන් පස්සෙ විදවනව කන ආහාර අබර ගන්න බැරුව.. ඔය කැටයන් දාන වැඩේනම් කොරගන්න යන්න එපා ගොයියො...උබහැ තාම තනිකොඩය නෙවිද? මොනව උනත් අලුත් දෙයක් දැන ගත්ත ඉස්තූතියි කිව්ව ඕන් ඈ.....
ReplyDeleteඔයා ඉතින් දැන් සිරාගෙ කාමරේට යාව ජීව සාමාජිකයෙක් වගෙයි නොවැ...මම ඉතිං ඔය විච්චූරණ කවදාවත් කොරලා නැති අහිංසකයෙක් නොවැ...තාම තනිකඩ නම් තමා...මොකද මගුල් ඔත්තුවක්ද ?
Deleteඔන්න මමත් ආවා.
ReplyDeleteමේක දුටුවම නම් ශරීරය සලිත වෙලා ගියා.
හැබෑට මොන දේකට ඔය තැටියකින් අපූරුවට තියන තොල් දෙක නාස්ති කරගන්නවද මන්දා.
ලංකාවට ඔය දේවල් නාව එකම ලොකු දෙයක්...
හොඳ වෙලාවට අපේ රටේ පරස්තාවක් කොර ගන්න අර වගෙ ගහගන්න චාලිත්තරයක් තිබ්බෙ නැත්තෙ
ReplyDeleteස්තුතියි ..... සිරෝ
ReplyDelete