Monday, February 3, 2014

126 තොල් තැටිය සහ මුර්සි කෙල්ලෝ

මුර්සි(Mursi) එහෙමත් නැත්තං මුර්සු (Mursu ) කියන්නෙ ඉතියෝපියාවෙ ඕමෝ (Omo) මිටියාවතේ ඉන්න බොහොම ජනප්‍රිය ගෝත්‍රික ජන වර්ගයක්. මේ අය කථා කරන්නෙත් මුර්සි භාෂාව. කෙතරම් ජනප්‍රියයි කියලා කිව්වත් සිරි ලංකාවෙ අපි නම් මේ අය ගැන අහලා තියෙන්නෙ අඩුවෙන්. ඒ හින්දම තමයි අද ජාලෙන් පෙරලලා ඒ අය ගැන බොලාට කියන්න මම කම්පනා කොලේ.


තොල් තැටිය සහිත මුර්සි තරුණියක්


මේ කියන මුර්සි ජන වර්ගය ඔය කියන තරං ජනප්‍රිය වුනේ අමුතුම කාරණයක් නිසා...ඒ තමයි ඒ ගෝත්‍රයට අයිති කාන්තාවන් පළදින, ඒ අයට සුවිශේෂී වෙච්ච තොල් පලදනාව හෙවත් තොල් තැටිය (lip plate). ඒ ගැන තව ටිකකින් කියන්නම්. මේ කියන මුර්සි ජන වර්ගය ඉතියෝපියාවෙ ඕමෝ නදිය අසබඩ වගේම මාගෝ (Mago) කියන ජාතික උද්‍යානය තුලත් ජීවත් වෙනවා. දේශගුණික සාධක හින්දයි ඒ අය වසරක් තුල තමන්ගෙ වාසස්ථාන ස්ථාන දෙකකට අරන් යන්නෙ. ඒ ශීත වැඩි කාලයට සහ රස්නය වැඩි කාලයට. නමුත් මුර්සි ජාතිකයො තමන්ගෙ ගව පාලන කටයුතු සහ වගා කටයුතු කරන්නෙ නම් ඕමෝ ගගේ ඉවුරු දෙපැත්තෙ. මේ ඇත්තන්ගෙ අසල්වැසියො විදියට ජීවත් වෙන්නෙ තවත් ගෝත්‍රික කණ්ඩායම් කීපයක්. ඒ අය ආරි Aari, බන්නා Banna, බොදි Bodi, කාරා Kara, ක්වේගු Kweguනියන්ගටොම් Nyangatom  සහ සූරි Suri කියන නම් වලින් හදුන්වනවා.


මුර්සි නිවසක්


මුර්සි කාන්තාවො ගැන කියනවා නම් ඒ අය හැඩට ඉන්න හරිම මනාපයි. ඒ හින්දයි තද කලු පැහැයෙන් යුතු තමන්ගෙ සිරුරු සුදු පැහැය උපයෝගී කරගෙන අලංකාර කරගන්න හැම වෙලාවෙම මාන බලන්නෙ. ඒ වගේම මම කලින් සදහන් කරපු තොල් තැටියත් ඒ ඇත්තියො කෙරේ අමුතුම ආකර්ශනයක් ඇති කරනවා කියලයි ඒ අයගෙ විශ්වාසය. මුර්සි දැරියක් වයස අවුරුදු 10 - 15 වගේ පහුකරගෙන එද්දි තමයි මේ තොල් තැටිය පලදන්න මූලික අඩිතාලම යොදන්නෙ. 

තමන්ගෙ අම්මා.....එහෙමත් නැත්තං වෙනත් වැඩිහිටි කාන්තාවක් තමයි දැරිවියගෙ යටි තොල කපලා මේ කටයුත්තට මුල පුරන්නෙ. යටි තොල හරස් අතට කැපුමක් යොදලා ඒ තුවාල සුවවන තෙක් දැවයෙන් තැනූ ඇඹයක් රැදවීම තමයි සිරිත. තුවාල සියල්ල හොද උනාට පස්සෙ තරමක් විශාල ඇඹයක් මුව තුල රදවනවා. ඒ විශාල තොල් තැටියක් පලදින්න නම් ඇගේ තොල තව තවත් ඉදිරියට අදින්න අවශ්‍ය නිසා. මේ ක්‍රියාදාමය මාස කීපයක් පුරා කරන්නෙ මුව තුල රදවන ඇඹයේ ප්‍රමාණයත් වරින් වර විශාල කරන ගමන්...


තොල් තැටිය සැකසීමේ ආරම්භක අවස්ථාව සහ
මුර්සි ජනජීවිතය පිළිබද විස්තර අඩංගු අගනා වීඩියෝවක්

ඔන්න ඉතිං මේ විදියට මාස කීපයක් ගත උනාට පස්සෙ තමන්ගෙ පළමු තොල් තැටිය විදියට සෙන්ටි මීටර 4 ක පමණ විශ්කම්භය තියෙන දැවමය හෝ මැටියෙන් තැනූ තොල් තැටියක් පැලදුවත් එය පසුකාලීනව සෙන්ටි මීටර් 8 සිට 20 දක්වා පරාසයක විශ්කම්භයක් සහිත තොල් තැටියක් පැළදීම දක්වා දියුණු කරගන්න ඒ ඇත්තියන්ට හැකියි. මේ කියන අරුමපුදුම තොල්තැටියේ ප්‍රමාණය වැඩි වෙන්න වැඩිවෙන්න පති කුලයට යන මුර්සි තරුණියගේ වටිනාකමද වැඩි වෙනවා. ඒ කිව්වෙ මනාලයාගේ පාර්ශවයෙන් ඇගේ පවුල වෙත ලැබෙන දෑවැද්දේ වටිනාකමත් ඉහළ යනවා. බොහෝ විට දෑවැද්ද විදියට ලැබෙන්නෙ හරකුන්. මුර්සි තරුණියන් හට තොල් තැටිය පැළදීම අනිවාර්ය නැතත් එය නොපලදින කාන්තාවන් සමාජයේ ගැරහුමට ලක්වීම, විවාහයේදී දෑවැද්ද නොලැබීම, තමා සුන්දර යැයි මුර්සි තරුණයන් විසින් නොසැලකීම යන කාරණා වලට මුහුණ දිය යුතු වෙනවා.


වැඩි දෑවැද්දක් ලැබුනු තොල් තැටියක්


එකක් මදිවාට තොල් තැටි දෙකක්ම
හැබෑටම මේ වගේ වේදනාකාරී සහ වෙහෙසකාරී පළදනාවක් කාන්තාවන්ට පලදින්න හේතුභූත වෙච්ච කාරණාව මොකක්ද...මේ ගැටලුව ඔබට ඇති වෙන්න හැකි නිසා ඒකටත් උත්තරයක් දෙන්නම්. ඈත අතීතයේ වහල් වෙළදාම පිණිස අප්‍රිකානුවන් සොයාගෙන පැමිණි අරාබි ජාතිකයන්ගෙන් ගැලවී සිටීමේ උපායක් විදියට තමයි මුලින්ම තොල් තැටිය කරළියට පැමිණ තියෙන්නෙ. මෙය පැලදි අවස්ථාවේ වගේම එය පැලද නැති අවස්ථාවෙත් මුර්සි කාන්තාවගෙන් දිස්වන ආසාමාන්‍ය පෙනුමට වහල් වෙළෙදුන් කැමති නොවෙන්න ඇති.


තොල් තැටිය ගලවා ඇති විටෙක පෙනුම


මුර්සි සංස්කෘතිය තුල සුවිශේෂ ස්ථානයක් හිමිව තියෙන තොල් තැටිය මේ කාන්තාවන් නිතරම පැලද සිටින්නේ නෑ. තැටියේ බර වගේම එය පැළද සිටීමේදී දැනෙන අපහසුතාවත් එයට හේතූන්. නමුත් එය ඇයට ගලවා තැබිය හැක්කේ තමාගෙ නිවස තුලදි, නින්දට යන විටෙක හෝ කාන්තාවන් පිරිසක් සමග සිටින විට යන අවස්ථාවන් වලින් එකකදී පමණයි. එහෙත් පුරාතනයේ සිට පැවත එන මේ සිරිත් විරිත් ඒ ආකාරයෙන්ම සමහර විටක ඉටු වෙන්නෙ නෑ. තමා පලදින තොල් තැටිය තමා විසින්ම සාදා අලංකාර කර ගැනීමත් මේ සමාජයේ සිරිතක්. ලීයෙන් හෝ මැටියෙන් තැටිය සෑදිය හැකි වුවත් බොහෝ විට එය සකසන්නෙ මැටියෙන්. බිම වැටීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් තැටිය පළුදු වූ විටෙක, එහෙමත් නැතිනම් තැටියේ ප්‍රමාණය විශාල කල යුතු වූ විටෙක අලුත් තැටියක් තමා විසින්ම සාදා ගැනීමට මුර්සි කාන්තාවන් හැම විටම ක්‍රියා කරනවා. තැටියේ අනර්ඝ නිමාවක් ලබා ගැනීමට සමහර විටෙක තමාගේම මවුකිරි පවා යොදා ගන්නා බවයි කියන්නේ. සැමියා හෝ  මුර්සි පිරිමින් ඉදිරියේ ඇය තොල් තැටිය සහිතව පෙනී සිටීම අනිවාර්යයි. තොල් තැටිය පැළද සිටින මුර්සි කාන්තාවකගෙන් සැමියා කෙරෙහි ඇගේ හිතේ  ඇති ගෞරවය පිළිඹිඹු වෙනවා කියලත් මුර්සි ජන සමාජය විශ්වාස කරනවා. ඉහතින් දැක්වූ වීඩියෝවෙ මේ තොරතුරු පිළිබද දර්ශන අඩංගුයි.

මුර්සි පිරිමි පාර්ශවයත් කාන්තාවන් වගේම තමන්ගෙ ශරීර සුදු පැහැයෙන් අදින විවිධ හැඩතල මගින් අලංකාර කරගන්න මනාපයි. පහළ ඕමෝ මිටියාවතේ ඉන්න බොහෝ ගෝත්‍රිකයන්ටත් මේ පුරුද්ද තියෙනවා. ඉතා තද කලු හමක් තියෙන මේ ඇත්තන්ට පච්ච කෙටීමෙන් පලක් නැති නිසා ඒ වෙනුවට භාවිතා කරන්නෙ හංවඩු ගසනවාට සමාන ක්‍රමයක්. Scarification යන ඉංග්‍රීසි වදනින් තමයි මෙය මුල් ලිපිය තුල හදුන්වා තියෙන්නෙ. එහිදී කරන්නෙ සම තුල ගැඹුරට ඇති කරන කැපුම් නිසා ඇති වන තුවාල විවිධ ක්‍රම භාවිතා කරමින් සුව කර අවසානයේ සිරුරේ යලි කිසිදිනක නොමැකෙන කැළලක් ඇති කිරීම.


මුර්සි ගැටව්...මේ අය බොහෝ විට නිරුවතින් ඉන්න බවක් තමයි පේන්නෙ



තමාගේ අතින් මිය ගිය විරුද්ධවාදීන් සංඛ්‍යාව, තමා අයත් ජන වර්ගය, ආගමික විශ්වාස හා ඇදහිලි, විවාහක අවිවාහක බව වැනි කාරණා මේ ක්‍රමය මගින් විවිධ ගෝත්‍ර තම තමන්ගේ ශරීර වල සටහන් කරනා බවක් තමයි කියවෙන්නෙ. කාන්තා පිරිමි දෙපාර්ශවයටම මේ ක්‍රමය අදාළයි.


තුවාල සුවවෙමින් පවතින අවස්ථාවක්





මුර්සි  ග්‍රෝතික තරුණයන්ට තමන්ට විවාහ වෙන්න හිතුනා කියලා ආවට ගියාට විවාහ වෙන්න ඉඩක් නෑ. ඒ ඇත්තො ඒ සදහා කරන විශේෂ පරීක්ෂණයකින් සමත් විය යුතුමයි. ඩොංගා Donga  නමින් හදුන්වන ලීයක ආධාරයෙන් ප්‍රතිමල්ලවයෙකු සමග කරනා සටනකින් ජය ගැනීම අනිවාර්යය සාධකයක්. මේ ලීයෙන් එකිනෙකාට වැරෙන් පහර දීම තමයි සටනේ ස්වභාවය. සටනේ ජයග්‍රාහකයාට තරුණියන් කණ්ඩායමක් අතරින් තමන්ට කැමති තරුණියක් විවාහය සදහා තෝරා ගැනීමට අවස්ථාව ලැබෙනවා.


ඩොංගා ලී දඩු අතැතිව සටනට සැරසෙන මුර්සි තරුණයින්


මුර්සි තරුණයන් පිරිසක්
කාලයේ අවෑමෙන් මුර්සි ජනසමාජය තුලත් විවිධ වෙනස්කම් ඇති වී තිබෙනවා....හරක් පාලනයෙන් සහ වගා කටයුතු වල නිරතවීමෙන් තමන්ගෙ එදිනෙදා ජනජීවිතය සකස් කරගෙන හිටිය ඒ ඇත්තො අත වර්තමානය වන විට AK 47 රයිෆල් පවා දකින්න පුලුවන්. අසල්වාසී ගෝත්‍රික කණ්ඩායම් වලින් එල්ල විය හැකි ආක්‍රමණයන් වලක්වාගැනීම තමයි එවැනි ආයුධ පරිහරණයෙන් ඔවුන් බලාපොරොත්තු වන්නෙ.


මුර්සි ගෝත්‍රිකයො කියන්නෙ ස්වභාවයෙන්ම වහා කිපෙන සුළු සහ සටනට ඉතා කැමති ජන කොට්ඨාශයක්. අප්‍රිකානු කලාපයට සංචාරකයන් ලෙස පැමිණෙන බහුතරයක් මේ ගෝත්‍රිකයන් දැක බලාගන්න එන්නෙ ඒ අයගෙ සමාජය තුල තියෙන අමුතුම හැඩතල වගේම අරුම පුදුම තොල් තැටි නරඹන්න. මුර්සි කාන්තාවො තමන්ගෙ ඡායාරූප ගන්න සංචාරකයන් වෙත ඉඩ දෙන්නෙ හරිම කැමැත්තකින්. එහි රහස තමයි ගන්නා සෑම ඡායාරූපයක්ම ගනන් කර ඒ සදහා නියමිත මුදලක් ලබා ගැනීම ඔවුන්ට ආදායමක් ගෙනදීම.

නූතන අධිවේගී සමාජ ක්‍රමය හමුවේ උඩුගම් බලා පිහිනන මෙවැනි ජන වර්ග තම අනන්‍යතාව රැකගෙන තවත් දිගු කාලයක් ජීවත් වේදෝයි විටෙක මට සිතෙයි.

අද ලිපියට මූලාශ්‍ර

http://dietmartemps.com/
http://www.omovalley.com/
http://www.mursi.org/
http://en.wikipedia.org/wiki/Mursi_people





මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

මුර්සි ජාතිකයක් පිළිබද තැබෙනා පළවෙනි සිංහල බ්ලොග් සටහන මෙය වන්නේය. අන්තර්ජාලයේ සොයා බැලුවද කිසිදු සිංහල සටහනක් දක්නට නොලැබුනි.

මුර්සි ගෝත්‍රයට අමතරව සුර්මා Surma නම් ගෝත්‍රික ලදුන්ද තොල් තැටි පලදීලු.

මුරුසිය හෙවත් Mauritius යනුවෙන් ඉන්දීය සාගරයේ රටක් ඇති මුත් මේ කියන අය ඒ රටට අයත් නැත.




  

126 comments:

  1. valuable information. never knew about these people and their weird habbits before this :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...බොහෝ දෙනෙක් මේ අය ගැන නොදන්නා නිසා තමයි ලිව්වෙ....

      Delete
  2. මම මෙහෙම දෙයක් අහළ නෑ තොල් තැටිය ගැන නං දැනගෙන හිටිය,විස්තරේට සිරාට බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි..අප දන්නා දේ එකිනෙකා සමග බෙදාගැනීමෙන් නොදන්නා ප්‍රමාණය අඩු වේ යැයි මම සිතමි....එහි පුංචි උත්සාහයක් මේ..

      Delete
  3. නියම විස්තරයක් අයියෙ...මේ මිනිස්සු දිහා බලද්දි හිතෙන්නෙ අපි කොච්චර වාසනාවන්තද කියල...

    ReplyDelete
    Replies
    1. ඒ අයට ඒ අයගෙ ජීවන රටාව සැපවත් ඇති. සතුට කියන දේ හිතේ නිතරම රැදෙනවා නම් කුල මල ගෝත්‍ර වැඩක් නෑ....

      Delete
  4. බය හිතෙනවා මේ මිනිස්සු දැක්කම.
    කොහොම නමුත් මෙතෙක් නොදැන සිටි අපූරු විස්තරයක් අප වෙත ලබා දෙන්න ඔබ ගත් වෑයමට තුති..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි....මේ අයගෙ මුහුණුවර දැක්කම හිතේ තිගැස්මක් ඇතිවෙනවා තමයි....සමේ වර්ණය විශේෂයෙන්...

      Delete
  5. සිරාට මොකද මේ කළු ගෝත්‍රිකයන් ගැන එක පාරටම ලියන්න හිතුණේ ? :) එලේනි කියන චිත්‍රපටය මතක් වුණා. පුළුවන් නම් හොයාගෙන බලන්න.

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ජාලය පෙරලද්දි හැමෝ එක්කම බෙදාගන්න හොද දෙයක් දුටුවොත් ඒක මෙතනට උස්සගෙන එනවා...ඒ වගේ තවත් දවසක් අද...මම චිත්‍රපටි බලන්න නම් ආසම නෑ....

      Delete
  6. ඔවුන්ගේ රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඉතා ඉහල බව අසා තිබෙනවා.

    ඇමේසන් වනය ආශ්‍රිතව ඕය වගේ අලුත් ගෝත්‍රයක් හොයාගත් බව මීට ටිකකාලයකට ඉහතදි ඩිස්කවරි චැනල් එකේ ගියා මතකයි.ඔවුන් නම් මොවුන් තරම් බාහිර සමාජයට මුහු වෙලා නැති බවයි කිය උනේ. උන්ගේ ජනාවාස වලට ඉහලින් හෙලිකොප්ටරය රූගත කිරීම කරන විට ඕවුන් ඊතල ,හෙල්ල වලින් විදිනවා දැක්ක.

    මේ තොල්වල කේස් එක පත්තර වලින් නම් දෙක්ක. හරිම අප්‍රසන්නයි නේ බං..!!!

    ReplyDelete
    Replies
    1. ස්වභාවිකත්වයට බොහොම ලං වෙලා ඉන්න පිරිසක් නිසා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඉතා ඉහළ අගයක ඇති කියලා මටත් හිතෙනවා....ඔබ කියන සිදුවීම මමත් කියවලා තියෙනවා...ඒ පීරු කියන රටේ ඉන්නා ගෝත්‍රිකයන් පිරිසක්....

      Delete
  7. බොහොම හොඳයි සිරා හොඳට කරුණු අධ්‍යයනය කරලා ලියපු ලිපියක්. මේ ගෝත්‍රය ගැන ඩිස්කවරි නාලිකාවෙත් හොඳ වාර්තා චිත්‍රපටියක් මම බැලුවා.

    ReplyDelete
    Replies
    1. මෙවැනි කාරණා හොයාගෙන යන්න මට පුංචි කාලයේ ඉදලම පිපාසයක් තිබුනා...එය ඉදිරියටත් එසේමැයි...

      Delete
  8. "මුර්සි පිරිමි පාර්ශවයත් කාන්තාවන් වගේම තමන්ගෙ ශරීර සුදු පැහැයෙන් අදින විවිධ හැඩතල මගින් අලංකාර කරගන්න මනාපයි."

    අපේ අයත් සුදු වෙන්න මනාප නිසානෙ Fair & Lovely ගාන්නෙ.

    තොල් තැටියෙන් නම් මේ කෙල්ලන්ට අමුතු ලස්සනක් එන්නෙ නෑ වගේ මට නම්.

    ReplyDelete
    Replies
    1. මේ අයට නම් ඔය කියන වර්ගයෙන් කන්ටේනරයක්ම ගෑවත් සුදු වෙන එකක් නෑ...තොල් තැටිය අපිට ලස්සන නැති උනාට ඒ අයට ලස්සන නිසා නොවැ මෙතරම් කැප කිරීමක් කරගෙන එය පලදින්නෙ...

      Delete
  9. පිඟානක් කටේ එල්ලගෙන ඉන්න ගෝත්‍රයක් මන් දැක්කමයි බොල ...

    ReplyDelete
    Replies
    1. මේ අය දැක්ක පළවෙනි දවසෙ මටත් හිතුනෙ ඔය විදියට තමයි බොලං.....

      Delete
  10. //මුර්සි ජාතිකයක් පිළිබද තැබෙනා පළවෙනි සිංහල බ්ලොග් සටහන මෙය වන්නේය.// ආසාවෙන් කියෙව්වා අලුත් දෙයක් නිසා. ඕක වදයක් නෙමේ ද මන්දා එයාලට.

    ReplyDelete
    Replies
    1. එයාලට දැන් පුරුදු වෙලා ඇති...පේනවනෙ රබර් පටි වගේ තොල් පටවල් ඇදලා තියෙන හැටි...

      Delete
  11. මගේ අම්මේ තොල! පිස්සු බම්ප් වෙනවා දැක්කහම

    ReplyDelete
    Replies
    1. එහෙයි එහෙයි....ඔය තොල් තැටිය දැක්ක පළවෙනි දවසෙ මටත් මඤ්ඤං උනා....

      Delete
  12. පින්තූරයක් දෙකක් නම් මම කලින් දැකලා තිබුනා.. මේ විස්තරේ දැන ගත්තේ අද ඉස්සෙලම.. මේක දාලා ගලවනවට වැඩිය දාන් ඉන්න එකම හොදයි වගේ.. හෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. ඒක ගලවපුවාම තියෙන දර්ශනේ නම් සෑහෙන්න අප්‍රසන්නයි...

      Delete
  13. පිස්සු හැදෙයි , අර කන කැස්බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ ලබා ගන්නවයි කියන මනුෂ්‍ය ආත්මය නේද මේ..?

    ReplyDelete
    Replies
    1. පුදුම දුකක් නොවැ විදින්නෙ...සමහරු තොල් තැටිය පලදින්න පහසු වෙන්න ඉදිරි ඇන්දෙ දත් 4 පමණ ගලවලා....

      Delete
  14. අම්මප උන් මාර ලස්සනයි තමා.අර පාට නොකල පින්තුරෙ ඉන්න කොල්ලොටික නම් හැන්ඩි නේද?
    බොහොම ස්තුතියි සිරා.

    ReplyDelete
    Replies
    1. ඒ කොල්ලො ටික නම් හරිම හැඩකාරයි තමා....කොහොමද ඒ අය තමන්ගෙ මල්ලිලාට දාලා තියෙන කැටයම් සැට් එක....

      Delete
  15. අනෙ අම්මෝ මේ මිනිස්සු මොන දුකක් විදිනවද දෙවියනෙ විශෙෂෙන්ම ගෑණු උදවිය අර රොටි තැටියක් වගේ තොල් තැටියත් උස්සන්.

    එක අතකට ඉතින් ඒක ඒ මිනිස්සුන්ගෙ සංස්කෘතියනෙ. අපිට විකාරයක් අපහසුවක් විකෘතියක් විදියට පෙනුනට ඒ මිනිස්සුන්ට ඒක වටිනවනෙ.

    ගොඩක් කරුණු දැන ගත්ත ලිපියක් සි‍රා අයියෙ. නියමයි.

    ReplyDelete
    Replies
    1. අපිට අපහසුවක් වගේ දැනුනට ඒ අයට එහෙම නැතුවත් ඇති...ඒ අය ජීවත් වෙන කර්කශ දේශගුණික තත්වයන් බැලුවාම...ඒවාත් අපට නම් දරාගන්න බැරි තරම් අපහසුයි. සෑහෙන රස්නයක් ඇති නිසා වගේම නිතර ස්නානයට ජලයත් නැති නිසා තමයි කාන්තාවනුත් කොණ්ඩා බූ ගාගෙන ඉන්නෙ...

      Delete
  16. කීවෙනි පින්තුරේද උබ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. මල්ලියට කැටයම් නොදා අමුවෙන්ම ඉන්නෙ රාළ නේද....

      Delete
  17. මුරුසි ගැන අහලා තියෙනවා ඒත් මෙච්චර දේවල් දන්නෙ නෑ.අර තොල් සීන් එකනම් එපා වෙනවා අති උන්ට. යකො පිස්සු හැදෙන චාරිත්‍ර තමා උන්ගෙත් තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මුරුසි අන්නාසි කියන්නෙ අන්නාසි වලින් හොදම එක කියලත් කියනවා නොවැ....පිස්සු කොර...එහෙම නේද බං...

      Delete
    2. සිරා.....මුර්සි අන්නාසි නම් මොරිශයස් අයිලන්ඩ් වලින් එන්නේ. කියවන අයට පැටලෙයිද දන්නේ නැති නිසා මෙහෙම දැම්මේ.

      Delete
    3. ඒ අදහසම තමයි මමත් දැක්වූවෙ...ලිපිය යටින් කෙටි සටහනක් තිබ්බෙත් කියවන අයට ටැපලෙයි කියලා...

      Delete
  18. එහෙන් මෙහෙන් මේ ගෑනු අයගේ පින්තුර දැකල තිබ්බට හරි හමන් විස්තරයක් අද තමයි දැන ගත්තේ

    ReplyDelete
    Replies
    1. ඔබේ දැනුමට යමක් එකතු වුනා නම් එය තමයි මගේ අහිංසක සතුට...

      Delete
  19. මල්ලි උන්ගේ පොල්ලත් කැටයම් කරල නේද බං,ලස්සනේ බෑ.

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද....අපේ ගෑණුත් කියයිද දන්නෙ නෑ...පොලු කැටයම් කරගෙනම එන්න කියලා පළමු රාත්‍රියේදි...

      Delete
  20. උඹ මේ ගෑණු තොල් තැටිය පළඳන්නේ ඇයි සහ කොයි වෙලාවටද කියන එක විස්තර කරද්දි මට මතක් වුනේ මුස්ලිම් කාන්තාවෝ බුර්කාව ඇඳීම ගැන දරන්නෙත් ඔය අදහස්මයි, දෑවැද්ද සම්බන්ධයෙන් ඇර.

    ReplyDelete
    Replies
    1. මට හමුවෙලා තියෙන සමහර මුස්ලිම් යුවතියෝ ඒ සම්ප්‍රදායන්ට හිතෙන් වෛර කරන අය...ඒ අය තමන්ගෙ පවුලෙ පිරිමි පාර්ශව වලට කැමතිම නෑ....

      Delete
  21. ලස්සන කියන එක එක් එක් කෙනා බලන විදිහට පෙනෙන දෙයක් කියන්න හොඳම සාධකය සිරාගෙ මේ ලිපිය ගෙනාවා ..

    ReplyDelete
    Replies
    1. ලස්සන කියන දේ සාපෙක්ෂයි නොවැ...විවිධ ජන වර්ග , දේශගුණික වෙනස්කම් , රටෙන් රටට මේ කියන දේවල් වෙනස් වෙනවා...

      Delete
  22. පුදුම අමානුෂිකයිනේ අප්පා ඒ චාරිත්‍ර..

    කොච්චර සරල ජීවිතයක් ගෙව්වත් වැඩක් නෑනේ ඔහොම විහින් කෙලවාගෙන දුක් විඳලා

    ReplyDelete
    Replies
    1. සමහර තැන් වල ඉතින සංස්කෘතියට මුවාවෙලා මිනිස්සු දුක තමා වැඩිපුර විදින්නෙ...පේන්නෙ නැද්ද ඉන්දියාවෙ තියෙන අන්ධ විශ්වාස...

      Delete
  23. අනේ අම්මෝ තොල් තැටිය. මොන වේදනාවක් විඳිනවා ඇද්ද? මට මතක් උනේ වාරිස් ඩයරිගේ Dessert Flower පොතේ තියෙන අමානුශික චාරිත්‍රය. වහල් වෙලෙන්දො නම් බයවෙන්න ඇති හොඳට.

    අර පිරිමි ළමයිනුත් සුදුපාට කැලැල් හිටින්න තුවාල කොරගන්නවා කිවුවෙ නිකම් ටැටූ කොටාගන්නව වගේ එකක්ද? නැත්නම් එයාල විහින් කැලැල් හදා ගන්නවද?

    අදමයි මෙයාල ගැන දැනගත්තෙ. තැන්කුයි සිරා....

    මම හිතුවෙ අර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ව මුරුසි දිවයිනට පිටුවහල් කලා කියල කතාවක් තියෙන්නෙ මෙයාල ගාවටදෝ කියල. ලිපියෙ පසුලිවීම බලද්දි හිතෙනව ඒ කියන්නෙ මොරිශස් ගැන වෙන්නැති කියල.

    ReplyDelete
    Replies
    1. මුරුසි දිවයින කියන්නේ නම් මොරිශස් වලට තමයි.

      Delete
    2. මුරුසිය කියන්නෙ මොරිශස් කියන රට තමයි...නමුත් ඒ රට සහ මේ අය අතර සබදතාවක් නෑ...නම් දෙකේ සමානකම පමණයි....

      Delete
  24. බඩ යනවා බොල ...........

    ReplyDelete
    Replies
    1. එහෙනං කක්කුස්සියට වෙලා වෙන්ට ඕනෙ උඹ මේක කියෙව්වෙ...හක හක...

      Delete
  25. අම්මෝ .....දැක්කම ඇඟත් හිරි වැටෙනව.
    එක එක ජන සමාජ වල එක එක මානසික මට්ටම්..

    http://ragamayaa.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ජන වර්ග අතර තියෙන වෙනස්කම...ඒ ආගන්තුක කම නිසයි හැම ජන වර්ගයකටම තමන්ගෙ කියලා වටිනාකමක් තියෙන්නෙ...

      Delete
  26. බොහෝ ජාතීන් සංස්කෘතිය හදන් තියෙන්නේ විඳවන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්....අතීතයෙත් කරපු නිසා කරනවා කියලා උත්තර දුන්නට ඒ කාරියෙන් වර්තමානයට ශත පහක ප්‍රයෝජනයක් නැති වෙන්න පුලුවන්....

      Delete
    2. @විශ්ව එකගයි මාත්

      Delete
  27. ෆට්ට.... ලොවෙත් නැ..අලුත් දෙයක් අදමි ඇහුවේ

    ReplyDelete
  28. උදේ ඉඳන් ඉඩක් ලැබෙන ලැබෙන වෙලාවට කියවල දැම්ම අම්මපා සිරා අයියේ ඔය ගෑනු උදවිය හිතන්නේ ඔය තොල් ඉරාගෙන නටන නෙයියාඩගම ලස්සනයි කියලද? හම්මපා ඔය මිනිස්සුන්ගේ රසාස්වාදය අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බන්...රබර් පටි වගේ තොල් ඇද ගන්න ඒ ඇත්තියො විදින දුක දැක්කම අනුකම්පා හිතෙනවා බං....ඒ සමාජයේ ඒ අය පාච්චල් වෙයි කියන භයට නොවැ අමාරුවෙන් හරි ඔය දුක උහුලන්නෙ....

      Delete
  29. //මුරුසිය හෙවත් Mauritius යනුවෙන් ඉන්දීය සාගරයේ රටක් ඇති මුත් මේ කියන අය ඒ රටට අයත් නැත.// මගෙ මිත්‍රයෙක් හිටිය මේ Mauritius වල නම්. මං මුලින් දකිද්දි හිතුවෙ එහෙ ද කියල.

    ශරීරෙට දෙන වද ටිකක්.. මෙහෙම එකක් නම් දැක්කමයි බං.. හරි අප්‍රසන්නයි අපිට නම්. අර තොල් කෑල්ලත් එක්ක කන්නෙ එහෙම කොහොමද මන්දා.. කොහොමත් ඔය ගෝත්‍රිකයින්ගෙ අමුතු චාරිත්‍ර තියනව නෙ..

    ස්තුතියි, මහන්සියෙන් කරුනු හොයල මේ සටහන තැබුවාට.

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොමම තමයි...නමුත් ඒ දැනෙන අපුල නැති වෙනවා මේ වගේ ප්‍රවෘත්තියක තියෙන අපූර්වත්වය...නිසාම...

      Delete
  30. කලින් අහලා තිබුනට මේ තරම් විස්තර නම් දැනගෙන හිටියේ නෑ. එක එක සංස්කෘතික රාමු වලට හිරවෙලා මිනිස්සු විදින දුක් හරි පුදුමාකරයි...

    මහන්සිවෙලා තොරතුරු හොයල කට්ටියට දැනගන්න රසවත්ව ඉදිරිපත් කලාට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ඒ මහන්සිය නැතුව යන්නෙ ඔබ වගේ අයගෙ මෙවැනි කමෙන්ටු මගින් ලැබෙන තල්ලුවෙන්...පරිවර්ථනයක් කරන එක ලේසි නෑ කියලා මමත් අවබෝධ කරගත්තෙ මේ කෙරුවාව පටන් ගත්තට පස්සෙ...සමහර ඉංග්‍රීසි වචන වලට සිංහල තේරුම් පවා නෑ. ලබන මාසෙ මුල නැවතත් මෙවැනි ලිපියකින් ඔබ මා හමුවේවි.

      Delete
  31. මං දවසක් දැක්කා ඔය වාගේ වීඩියෝ එකක් ඒකේ ඔය වාගෙම හිල් කරලා තොල අස්සට ඔබනවා බං හෙන දඩාර සයිස් ලි කූඤඤයක්

    ReplyDelete
    Replies
    1. එහෙනං ඒ මුර්සි කෙල්ලෙක් වෙන්න පුලුවන්....තවත් එක් අප්‍රිකානු ගෝත්‍රයක් ඉන්නවාලු මේ විදියට තැටිය පලදින...Surma කියන්නෙ ඒ අය...

      Delete
  32. බොහොම වටිනා ලිපියක්. මේ වගේ අර්ධ සංචාරක සහ සංචාරක ගෝත්‍ර අප්‍රිකාවේත් ඉන්දියාවේත් සෙසු බොහෝ රටවලත් විසිරිලා ඉන්නවා අදටත්. ඒ අය තමන්ගේ සම්ප්‍රදායන් දිගටම පවත්වගෙන එනවා. බොහෝ වෙලාවට වත්මන් සමාජයේ තහංචි වාරණ තිබුණත් මේ සම්ප්‍රදායන් එයාලා හොඳින් ආරක්ෂා කරනවා. ඒත් සමහර විට ඒක ඉබේම වෙන දෙයක්... මොකද මේ දුශ්කර කලාප සමස්ථ ලෝකයෙන් වෙන්වෙලා තිබිම මත.

    සුන්නත් කිරීම් මේ තොල් තැටි පැළඳීම වගේ තවත් එක චාරිත්‍රයක්. හැබැයි ඔබ කිවා වගේ මොවුන් තොල් තැටි පැළඳීම අරඹලා තියෙන්නේ ආක්‍රමණිකයන්ගෙන් කාන්තාවන්ට වෙන අතවර වලක්වාගැනිමේ ක්‍රමයක් විදිහට.

    දිගටම මේ වගේ හරවත් ලිපි දෙන්න. බොහොම වටිනවා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තරී....විශ්ව විද්‍යාලය තුල ඔබ ඉගෙන ගත්ත දැනුමෙන් යමක් හැමදාමත් වගේ ඔබේ කමෙන්ටුව තුල ඇතුලත් කරන එකට මම බොහොම මනාපයි...කියවන අයට ඒ තුලිනුත් ගන්න දේ තියෙනවා...

      Delete
  33. තව දෙයක් කියන්න ඕනි. අමතක වුණා

    ලංකාවේ සීගිරි අප්සරා සිතුවම් බලන්න. කන් විදිම සම්බන්ධව අනුගමනය කරල තියන පිළිවෙතත් මේ වගේ. දිගු කන් සඳහා කන් පෙත්ත ඇදිමක් කරලා තියනවා. ඊට පසුව ක් පෙත්ත තුළ වළල්ලක් දාලා පෙත්ත ඇදලා තියනවා. මේ ක්‍රමය උඩරට රජ යුගයේත් තිබුණු බව නොක්ස් එයාගෙ එදා හෙළදිව පොතේ පැහැදිලිව විස්තර කරනවා. කන් සිදුර විශාල කරන්න තල් කොළ රවුම් කරලා දැම්මලු ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. thanks අක්කේ ලිපියෙන් වගේම ඔයාගේ තොරතුරුත් මට වැදගත් උනා ..

      Delete
    2. ඔබ ඔය කියන කාරණය පිළිබද මම මීට කලින් දැනුවත් වෙලා හිටියෙ නෑ...ඒ ගැන ටිකක් සොයාබලන්න ආශාවක් ඇති වුනා...බොහොම ස්තුතියි සිත්තරී....

      Delete
    3. පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවනි සීගිරි බිතු සිතුවම් වල කර්ණාභරණ දාලා තියන විදිහෙන්. ඒව සිලින්ඩරාකාරයි. දාලා තියෙන්නේ කන් පෙත්ත ඇදලා. අපේ ගමේ මම පුංචි කාලෙ දෙමළ ආච්චි කෙනෙක් හිටියා. එයාගෙ කන් පෙතිත් ඇදිලා ලොකු හිල් දෙකක් තිබුණා. ඒව ලොකු කරලා තියෙන්නේ ලස්සනටලු. සුද්දො අපේ රටේ ඒ තිබුණ සිරිත් විකෘතියක් විදිහට පහත හෙලුව කියල නොක්ස්ගෙ විස්තරෙන් පෙනෙනවා

      මම ගෙදර ගිය වෙලාවක එදා හෙලදිව පොතේ ඔය විස්තරේට අදාල කොටස ටයිප් කරලා හෝ එවන්නම්.

      ලංකාවෙ ගැමි ගැහැණුත් කන් සිදුරු විශාල කිරීම එදා දැක්කේ අලංකාරත්වයේ සංකේතයක් විදිහට. (හැබැයි සත්තුන්ගෙ වගේ හණ ගහන ක්‍රමයක් ලංකාවෙනම් තිබුණ බවට සඳහනක් නැති තරම්)

      Delete
    4. ලංකාවේ එක්තරා ද්‍රවිඩ කොටසකට අයත් කාන්තාවන්ගේ ඔය කණ විශාලව හිල් කිරීමේ සම්ප්‍රදායක් තිබුනා. මම එවැනි වයසක උදවිය දැකලා තියෙනවා.

      හරකුන්ගේ හංවඩු ගැසීම වගේ සම්ප්‍රදායක් සුඩානයේ තිබිලා තියෙනවා පිරිමින්ගේ මූණේ. එවැනි පිරිමින් මම ඕමානයේදී බොහෝ විට දැක තිබෙනවා . ඔවුන් බොහෝමයක් අරාබි භාශාවෙන් ඕමාන් පාසල්වල උගන්වන්න ආපු ගුරුවරු. ඒ කාලයේ ආරාබි භාශාවෙන් ඕමානයෙ ගුරුවරු හැටියට වැඩ කරේ සුඩාන්,ඊජිප්තු, මොරොක්කෝ, ටියුනීසියන් වගේ රටවල අය. ඕමානි ජාතිකයින් ඉන් පසුව තමයි ඉතා සීඝ්‍ර දියුනුවකට පත්වුනේ. ඕමානයේ පොලිස් සේවය ආර්ම්භ කරෙත් ශ්‍රීලාන්කිකයෙක්. රජතුමාගේ මිතුරෙක්. මට නම මතක් වෙන්නේ නැහැ. මම දැක තිබෙනවා. වෙනම ෆ්ලයිට් එකකින් ඉස්සර ලංකාවට එන්නේ. ඒක දිග කතන්දරයක්.

      Delete
    5. කථා මැද කථා කියන්නෙ මේවට...බලන්න නොදන්න දේ කෙතරම්ද කියලා...

      Delete
  34. මමත් අහල තිබ්බට දැක්කේ අදයි, තවත් මා දැනගෙන හිටිඅ දෙයක් තමයි තරුණයෙක් විසින් තරුණියක් ‍තෝරා ගනිද්දි වැඩිපුරම බලන්නේ තොල් දෙක කියලා...

    මේ වගේ දේවල් වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා. හෙට අනිද්ද අපේ ආර්යාවන් ටිකත් පටන් ගනීවි වැඩ

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ නෑ අපේ උන්ට ලක්ෂ ගාණක් දුන්නත් මේ තරම් කැපකිරීමක් කරයි කියලා...

      Delete
  35. නියම විස්තරයක් සිරා, මාත් මේ ගැන අදමයි ඇහුවෙ.
    ගෑණු කොහොම වෙතත් පිරිමිනං උපරිම නිදහසක් විඳිනව වගේ. ඒකනේ රෙදි නැතුව උනත් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියා...කාමරේ පටන් ගත්ත අවධියේ ඉදලාම මාව දිරිමත් කරනවාට...සත්ව ප්‍රජාව තුල පිරිමි සතා බොහෝ විට නිදහස් නේද.....මිනිස් සතා අරගෙන බලන්න..දරුවො බිහිකරන්න හදාවඩාගන්න කාන්තාව කොච්චර නම් මහන්සි වෙන්න උවමනාද...එතකොට සිංහයා අරගෙන බලන්න....කම්මැලි කමේ ඉන්න පිරිමි සිංහයාට දඩයම් කරලා ආහාර සම්පාදනය කරන්නෙත් හාමිනේ....

      Delete
  36. වටිනා කියන ලිපියක් සිරා අයියෙ..මමත් මේ මිනිස්සු ගැන අහල තිබුනට මෙච්චර විස්තරයක් දැනගෙන හිටියෙ නැහැ.මේ දේවල් ගැන අපේ භාෂාවෙන්ම පෝස්ට් එකක් දාපු එක ගොඩක් වටිනව.විශේෂයෙන්ම පාසල් යන සෙට් එකට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයො...ලිපිය ලියද්දිම මම දැනගෙන උන්නා බොහෝ දෙනා මේ අය ගැන දැනුවත් නෑ කියලා...ඒකනෙ ජාලෙ සිංහලෙන් එකම ලිපියක් වත් තිබුනෙ නැත්තෙ....

      Delete
  37. මුන් kiss කරන්නේ කොහොමද දන්නේ නැහැ. උන්ට ඒක හොඳ වින්දනයක්ද වෙනවා ඇති. අපේ ගැනුත් හැඩ වෙන්න කියලා කරන සමහර වැඩ කෝලම් තමයි.

    ReplyDelete
    Replies
    1. කිස් කරන වෙලාවට තැටියා ගලවනවා නොවැ...ඒත් අර රබර් පටිය වගේ එල්ලෙන තොල් කෑල්ල නම් හරිම අප්‍රසන්නයි නේද...

      Delete
  38. ස්තුතියි බං මෙහෙම අලුත් දෙයක් බෙදා ගත් එකට.කොහොම වෙතත් ඔවැනි රටවල් වල නොඉපදීම අපේ වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයො....අපි පිටින් බලලා නොවැ ඒ ඇත්තො දුක් විදිනවා කියන්නෙ...නමුත් කවුද දන්නෙ ඒ අය ඔහොම හිටියද බොහොම සතුටින් ජීවත් වෙන පිරිසක්ද කියලා...මොකද බඩු මිළ ඉහළ යවන්න...බදු ගහන්න රජෙක් ඉන්නවා කියලයැ....

      Delete
  39. එක එක ගෝත්‍ර වලට ආවේණික දේවල් නෙව.. :)
    මෙහෙම ගෝත්‍රයක් ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. ඔය ගෝත්‍රික හුරුපුරුදු සමහර විට ශිෂ්ඨ යැයි සම්මත හුරුපුරුදු වලට වඩා බොහොම වෙනස්....ඒ නිසානෙ මේ වගේ අය අපිට සුවිශේෂී පිරිසක් ලෙස පේන්නෙ...

      Delete
  40. sira goiyo... narakada ara t56 kaalla ubata...? balapango ban gate lassana... hikzz...

    ReplyDelete
    Replies
    1. අනේ අනේ....උඹත් බලලා තියෙන දේවල්....

      Delete
  41. සිරා,
    ඇත්තතම ගොඩාක් හොද ලිපියක්. මම මේක මීට කලින් දැකල තිබුන "National Geographic Channel" ඒකෙන්. එත් උඹ ලස්සනට අකුරු කරල තියනවා.

    ඔය වගේම කතාවක් මට මතක් වුනා ලිපිය කියවගෙන යද්දි. බුරුමය පැත්තේන් මේ කතාව. මම සම්පුර්න වාර්තා වැඩසටහන හොයල දෙන්නම්. https://www.youtube.com/watch?v=0FME1At3vmI&feature=player_detailpage (මේක දන්න්වත් ඇති.)

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ සහෝදරයා...උඹ එවපු ලින්ක් එකත් මම බැලුවා...ඒ කාරණයත් මම කලින් දැකපු දෙයක් නොවෙයි....

      Delete
  42. සිරා ලිපියක් සිරෝ.....මේ අයගේ ආදරෙට තොලක් දාන වැඩේ කෙරෙන්නේ නැතුව ඇති නේද බං.

    මුරුසි හොදයි බන් මේ රටවල් වල අහවල් තොලෙත් එක එක එව්වා දාගෙන ඉන්නවා. දැන් ලංකාවෙත් දැරිවියොත් දානවා කියන්නේ අහවල් තොලට කරාබු.

    ReplyDelete
    Replies
    1. තොල දානකොට තැටිය ගලවලා අරන් තියෙනවා ඇති...නැත්තං මේ අය තොල් දාන්න දන්නෙ නැද්ද දන්නෙත් නෑ....අහවල් තොලට නෝමල් තොල තියෙන එකේ...කරාබුවක් දැම්මම නාකද ?

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++

      Delete
  43. උදේ කියෙවුවට කොමෙන්ට් කොටන්න බැරි වුණා.වටිනා ලිපියක් අයියේ, විවේක කාලේ ඔයා මේ වගේ දේවල් ලියන එක ඇගේ කරනවා තරුණ කොල්ලෙක් විදියට.. එයාලා පව් ..එදිනෙදා වැඩ වලට කොච්චර බාදාවක්ද ඉදගෙන මේ තඩි තැටිය .සංස්කෘතිය නම් මහා විදවිල්ලක් කරලා තියෙන්නේ මිනිස්සු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහසට...පුරාණයේ ඉදන් කල නිසා කරනවා මිස මේ ක්‍රියාව වර්තමානයට ගැලපෙනවද කියලා කල්පනා කරන්න චින්තනයක් ඒ අයට නැති බව තමයි පෙනෙන්නෙ...නැත්තං අදත් වහල් වෙළදාමට වෙළෙන්දො එනවා කියලයැ... ඔය වගේ අපේ සමාජයෙ තියෙන පුරුද්දක් තමයි මනාලයාගෙ කකුල සේදීම...මොකද ඉස්සර වගේ වෙල් දෙණි කුඹුරු බඩවැටි දිගේ ඇවිත් කකුලෙ මඩ ගෑවුනා කියලයැ...

      Delete
  44. මෙහෙත් පච්ච කොටන එවුන් ඔයිට වඩා සංස්කෘතිකව ලොකු වෙනසක් නෑ.

    මෙවැනි ගෝත්‍රිකයො ඉන්නෙ අප්‍රිකාවෙ විතරක් නෙවෙයි. ඇමේසන් වනාන්තරය ආශ්‍රිතවත් ජීවත් වෙනවා.. ඒහේ තොල් තැටිය දාගෙන ඉන්නෙ පිරිමි.
    මේ ෆිල්ම් එක බලන්න. http://www.youtube.com/watch?v=S6lLbHYp3l4

    (මේ ලින්ක් එක දෙපාරක්ම දැම්මා හරියට වැඩ කළේ නෑ; කමෙන්ට් මැකුවෙ ඒකයි)

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් මැකුවාට කිසිත් නොකියමි. වැරැද්දක් වුවහොත් ඒ දේම මමද කරමි. පච්චා කොටනවාට වඩා අමානුෂික ක්‍රමයක් මේ ක්‍රමය....පේනවනෙ තුවාලය හොද උනාට පස්සෙත් හමෙන් එළියට ඉලිප්පිලා තියෙන විදිය....ඔබේ වීඩියෝවත් නැරඹුවා...සතුන් මරන හරියෙදි මම මාරු උනා....ස්තූතියි ලින්කුවට....

      Delete
  45. මේ ලිපිය සිරා වෙනත් අඩවියක පල කරාද .? නැත්නම් වෙනකෙනෙකුට පලකරන්න අවසර දුන්නද
    මෙන්න ගෙදිපිටින්ම දාල http://mirrorgirl.lk/gossip/2204-2014-02-05-07-24-35

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා අමිල.මං කොමෙන්ට් එකක් දැම්මා. එතන පබ්ලිෂ් කරන එකක් නැහැ. එයාලගේ වෙබ් අඩවි කොපි කරන්න බැරිවිදියට ප්‍රොටෙක්ට් කරගෙන අනුන්ගේ ඒවා කොපි කරනවා .

      Delete
    2. මමත් දැකල තියෙනවා මේ සයිට් එක කරන අය මේ විදිහට වෙන බ්ලොග් වලින් ලිපි දානවා . ලිපියේ අන්තිමට ගත්තු බ්ලොග් එකේ නමත් දානවා . හැබැයි ලියපු අයගෙන් අවසර ගන්නවද කියලා නම් දන්නේ නෑ .

      Delete
    3. කොපි කරනවානම් කොපි කරන කෙනා විසින් ඒක ගත්තු තැන හෝ කෙනාගේ නම සඳහන් කරනවානම් වෙනම අවසර නොගෙන ගන්න එකේ වරදක් මන් දකින නෑ.(මුල් ලිපියේ අවසර ගතයුතු බව සඳහන් නැත්තම් පමණි)
      නමුත් අපුර්වී කියලා තියෙනවා වගේ තමන්ගේ සයිට් එකේ ලිපි වලටයි කොමෙන්ට් වලටයි ප්‍රෝටෙක්ෂන් දාගෙන ඉන්න ගමන් වෙන අයගේ ලිපි නම සඳහන් කර හෝ නොකර දාගන්න එක සදාචාරාත්මක නෑ .

      Delete
    4. සිරාගේ බ්ලොග් එකේ නම විතරක් කුඹි අකුරු වලින් තියෙනව . අඩු ගානේ ලින්ක් එක වත් නැහැ ..මාර කොපි කිරිල්ලක්නේ .

      Delete
    5. සිරාගේ කොපිරයිට් කියලා මම වෙනම විස්තරයක් බ්ලොග් එකේ දකුණු පැත්තට වෙන්න එල්ලලා තියෙන්නෙ....එතන පැහැදිලිව කියලා තියෙනවා ඉල්ලුවත් දෙයක් අනිවාර්යෙන්ම දෙනවා කියලා...එහෙම ඉල්ලන්නත් අපහසුතාවක් තියෙනවා නම් මගේ සැබැදියක් ලිපිය අගට එක් කරන්න කියලා....ඔය කියන ලිපිය මම දැක්කා....ඒකෙ අග බ්ලොග් අඩවියේ නම ලියලා තියෙනවා...

      අනිත් අයගෙ අදහස වෙනත් දෙයක් වෙන්න පුලුවන්...කෙනෙක් ලියන දෙයක් තවත් කෙනෙක් ගන්නෙ ඒ ලියවිල්ලෙ රසක් තියෙන නිසා හා ලියවිල්ල සාර්ථක නිසා. අපි ලියන දෙයක් හැකි තරම් පාඨක පිරිසක් අතරට යනවට මම බොහොම මනාපයි. ඒ නිසා මෙවැනි සිදුවීම් අරභයා මම කුපිත වෙන්නෙ නෑ....මොකද බ්ලොග් අඩවියේ ලිපිනය හෝ එතැන පලකරපු නිසා...නැත්තං ඉතිං තද වෙනවා...

      Delete
    6. සිරාගේ මේ අදහසේ මූලික හරයට මම ගරු කරනවා.

      Delete
  46. සිරා. තොල් තැටි මුරුසියෝ ගැන කියවල තිබුනත් උඹ කිව්ව වගේ නෙට් එකේ සිංහලෙන් කියෙව්වේ උඹ ලියපු එක තමා.. ජයෙන් ජය. වෙලාවකට පුදුමයි බං මේ යක්කුන්ගේ චාරිත්‍රවිදි ගැන..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයො...මම හිතන්නෙ පුද්ගලයන්ගේ හැසිරීම් රටාව හැඩගැස්වීමේදී ඊට ආගමික බලපෑමත් තදින් තියෙනවා කියලා....

      Delete
  47. ඇත්තටම ගෝත්‍රිකයින් කියල කිවුවටඔවුන් හැම අතින්ම නොදියුණු මිනිසුන් කියලා කියන්නත් අමාරුයි. විශේෂයෙන් අද දියුණුයි කඉයලා කියාගන්න රටවල මිනිස්සු ස්වභාවධර්මයට එරෙහිව කරන කියන දේ දිහා බලපුවහම.

    ReplyDelete
    Replies
    1. මේ ඇත්තො ස්වභාව ධර්මයා එක්ක බොහොම කුළුපග ඇසුරක් තියෙන බව ඇත්තයි...ඒ නිසාම ඒ ඇත්තො බොහොම ශක්ති සම්පන්න...නිරෝගී පිරිසක් බව පේනවා....ආයු අපෙක්ෂාවත් දිගු ඇති....

      Delete
  48. මමත් මෙච්චර විස්තරයක් නම් කියෝලා තිබ්බේ නැහැ . ස්තුතියි සිරා . ශරීරයට වධ වේදනා දී ගන්නේ කරුමේ තමයි. ..අනික ගැහැණුන්ට තමයි මෙව්වා වැඩි. බලාපල්ලකෝ අර සේරම එළියේ දාගෙන ඉන්නේ පිරිමි නම් .

    ReplyDelete
    Replies
    1. කාන්තාව තමයි හැම සමාජයකම යම් තරමකට හෝ පීඩාවට පත්වෙන්නෙ...ස්වභාව ධර්මයා කාන්තාවට අඩුපාඩුවක් කරලද කියලත් වෙලාවකට හිතෙනවා....මේ ජනවර්ගය තුලත් දුක් විදින්නෙ කාන්තාවන් බව පැහැදිලියි....

      Delete
  49. http://gossipelankanews.com/news_more.php?id=4119#.UvNS8fu0Z_Y

    ReplyDelete
    Replies
    1. එහෙනං උනුත් උස්සලද...අයියෝ සිරාගේ ලින්කටුවක්වත් දාලා නෑ නේද?

      Delete
    2. ඒ කියන්නෙ මේ ලියවිල්ල සාර්ථකයි...ඒ නිසානෙ දෙන්නා තුන්දෙනා උස්සන්නෙ....මට කියන්නෙ නැතුව ගත්තට බනින්න බෑ...මොකද බ්ලොග් අඩවියේ ලිංකුව එතන හලලා තියෙන නිසා....මොකද මගේ ලිපියක් මට දැනුම් නොදී ගන්නවා නම් ඒ ක්‍රමය තමයි අනුගමනය කරන්න කියලා තියෙන්නෙ... හැබැයි අඩවියේ ලිංකුව වෙනුවට ලිපියේ ලිංකුව තමයි වැටෙන්න ඕනෙ....

      Delete
    3. ඔව් උඹ සෑහෙන්න සාර්ථකයි ඒ වගේම උඹ හිතල කරන උඹේ ව්‍යායාමයක් සාර්ථකයි..

      Delete
  50. මට නං වස කැතයි බං !!!!

    ReplyDelete
    Replies
    1. මොන කැතක්ද බන්...බලහංකො ලස්සන....හක්කපටස් කාලා හකු එල්ලෙනවා වගේ නොවැ...

      Delete
  51. පොඩිම පොඩි කාලේ මතක් වුනා.ඉරිදා හවස රොබින් හුඩ් යන්න කලින් මේ තොල් තැටි පලඳින හැටි,තොල් තැටි හදන හැටි,මේ අයගේ ජන ජීවිතය ගැන වැඩ සටහනක් ගියා.මොන හේතුවක්ද මන්දා ඒ වැඩ සටහන හොඳට මතක හිටියා.ඒ මතකය ආයෙත් අලුත් වුනා.ස්තූතියි සිරා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩැයිවර් කොලුවො...වාහනේ ටිකකට නවත්තලා වෙන්ට ඕනෙ මේ වචන ටික මෙතන කෙටුවෙ...

      Delete
  52. සිරා.... සිරාවට මුරුසිය මෙච්චර දුප්පත් රටක්ද.. ඇත්තටම ඒඒ සමාජ සංස්කෘතීන් දිහා බැලුවාම ඔවුන් ජීවත්වන පරිසරයයි. ඔවුන්ගේ දැනුමයි එක්ක බැලුවාම ‍ඒකෙ වැරැද්දකුත් නෑ.
    ඇත්තටම මම මුරුදිය ගැන දැනගෙන හිටියේ අන්නාසි වගාව මැනික් බිස්නස් සහ ශ්‍රීවික්‍රම රාජසිංහ පිටුවහල් කල රට විදියට අපූරු විග්‍රහයක්.

    ReplyDelete
    Replies
    1. දයානන්ද අයියට පැටලිලා....මම පහළින් වෙනම කිව්වෙත් ඔය වගේ පැටලෙන්න පුලුවන් නිසයි. මුරුසිය සහ මේ ගෝත්‍රිකයො අතර කිසිදු සබදතාවක් නෑ...මුරුසිය පිහිටලා තියෙන්නෙ ඉන්දීය සාගරයෙ...මේ අය ඉන්නෙ අප්‍රිකාවෙ...නැත්තං ඉතියෝපියාවෙ.

      Delete
  53. සිරා මල්ලි අර සමහර ඒවයෙ නම් පොඩි උන්ට ඔන්චිලි පදින්නත් ඇහැකි වගේ.කොහොම උනත් කරුම කියන ඒව මොන විදිහකට හරි ගෙවන්න එපායැ.අර කොරියාවෙ කෙල්ලො හකු ඔපරේශන් කොරන්නෙ මූන උල් කොර ගන්න.. ඉන් පස්සෙ විදවනව කන ආහාර අබර ගන්න බැරුව.. ඔය කැටයන් දාන වැඩේනම් කොරගන්න යන්න එපා ගොයියො...උබහැ තාම තනිකොඩය නෙවිද? මොනව උනත් අලුත් දෙයක් දැන ගත්ත ඉස්තූතියි කිව්ව ඕන් ඈ.....

    ReplyDelete
    Replies
    1. ඔයා ඉතින් දැන් සිරාගෙ කාමරේට යාව ජීව සාමාජිකයෙක් වගෙයි නොවැ...මම ඉතිං ඔය විච්චූරණ කවදාවත් කොරලා නැති අහිංසකයෙක් නොවැ...තාම තනිකඩ නම් තමා...මොකද මගුල් ඔත්තුවක්ද ?

      Delete
  54. ඔන්න මමත් ආවා.
    මේක දු‍ටුවම නම් ශරීරය සලිත වෙලා ගියා.

    හැබෑට මොන දේකට ඔය තැටියකින් අපූරුවට තියන තොල් දෙක නාස්ති කරගන්නවද මන්දා.

    ලංකාවට ඔය දේවල් නාව එකම ලොකු දෙයක්...

    ReplyDelete
  55. හොඳ වෙලාවට අපේ රටේ පරස්තාවක් කොර ගන්න අර වගෙ ගහගන්න චාලිත්තරයක් තිබ්බෙ නැත්තෙ

    ReplyDelete
  56. ස්තුතියි ..... සිරෝ

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...