Tuesday, February 11, 2014

71 යකඩ අස්පයෝ සහ රන්ටැඹේ 2

පළමු කොටසට

ගිණි ගහන අව්වේ මග දිගට කරවීමෙන් ඇති වූ සියලු ශාරීරික අපහසුතාවන් කීර්තිබණ්ඩාර පුර නවැතැනේ වතුර මලෙන් ලද සිහිල් ජල පහරින් කෘෂව ගිය සෙයකි. ඇක්සලේටරය මිරිකීමෙන් සිරා කොලුවාගේ දකුණු අත රිදුම් දෙයි. එසේ වුවත් මෙතරම් දුරු කතර ගෙවාගෙන නිරුපද්‍රිතව අප කලින් සැලසුම් කල නවැතැනට එන්නට හැකි වීම පිළිබදව පිරිස සිටියේ සොම්නසිනි.

නුවර මැණිකෙලා

කීර්ති බණ්ඩාර පුර ඉසව්වේ එකලග පිහිටි ආපන ශාලා දෙකකි. අපගේ රන්ටැඹේ චාරිකා ආරම්භයේ සිටම අපට රුචි වූ කෑම සැපයූ එක් අවන්හලක් සමග අපේ උන්ගේ ඇයි හොදයියක් ඇති විය. එයින් පසු වසරකට වරක් ඇති වන අපගේ හමුවීම වඩාත් රසවත් ආහාර පාන වලින් වර්ණවත් කරන්නට ඒ ඇත්තන්ට සැබෑ අවශ්‍යතාවක් ඇති වගද අපට දැනිනි. උදෑසන කදවුර වෙත යන විටෙක දිවා ආහාරය සදහා වැව් මාලු සූජානම් කර තබන ලෙස  අප කී කලෙක ඒ ඇත්තෝ දුරු කතර ගෙවා හෝ වැව් මාළු සොයාගෙන ඒ කාරිය ඉටු කරන්නට කටයුතු යොදා තිබින.

මෙවැනි හේතු නිසාවෙන් වසර කීපයක් තුල ඇති වූ අප දෙපාර්ශවයේ සුහදතාවය මේ වන විට උපරිමයට වර්ධනය වී තිබුනි. ඒ නිසාම අප වෙනුවෙන් නවාතැන් දුන්නා පමණක් නොව අපගේ අවශ්‍යතාවන් කඩිනම්ව ඉටු කරන ලෙසද ව්‍යාපාරයේ හිමිකරු තම ගෝල බාලයන් වෙත උපදෙස් දී තිබුනි. මේ ආපනශාලා තමන්ගේ ලාච්චු වලට දැනෙන වෙළදාමක් කලා නම් ඒ රන්ටැඹේ කදවුර බලා කවුරුත් යන එන දින දෙක තුනකදී පමණි. ඒ නිසාවෙන්ම හැකි තරම් බස් රථ සංඛ්‍යාවක් තමන්ගේ ආපන ශාලාව ඉදිරිපිට නවත්වා ගැනීමට සේවක මහතුන් මාර්ගය අයිනේ හිටවීමට තරම් මේ ඇත්තන් පසුකලෙක සැලසුම් සහගත වී තිබුනි.

අප ගෙන ගිය ගමන් මළු තුලින් මතුවූ  අලුත් ඇදුම් කැඩුම් වලින් සන්නද්ධ වූ පසු කෙමෙන් කෙමෙන් නින්දට යන අවට පරිසරය දනවන සිසිලේ වෙලෙන්නට අපට සිතිනි. එයට ආධාරකයක් වශයෙන් ලොකු අයියාගේ සුරතට පැමිණියේ රහමෙර බෝතලයකි. ඉන් අනතුරුව ඔහුට ඇතිවූ අනිත් ගැටලුව නම් මේවා බොක්කට බස්සන්නට දායක වන බයිටට ගන්නේ මොනවාද යන්නයි. මේ වෙලාවේ අපේ බේබදු හිත් කොත්තු සහ හිල වඩේ ඉල්ලා සිටියෙන් ඒවා රැගෙන එන්නට උඩු මහලේ කාමරයේ සිට පහළට ගියේ ජපන් චමියා සමග දතා මලයායි.

කොත්තු බාස් වනාහී තරුණ අයෙකි. මේ පුද්ගලයා සමග කොත්තුව නිසි පදමට වැටෙන තුරු කයියකට සැටමෝල් වී ඇති මේ දෙදෙනා උගේ පඩි නඩිද විමසා තිබේ.

දවසට 750 මල්ලි...

අයියෝ එන්නකො අපේ පැත්තෙ...ඔයාට 1500 ගන්න පුලුවන් එක දවසට.... කවුදෝ එකෙකු එසේ කියා ඇත.

අනතුරුව හිතේ ගතේ වතේ ඇති සියලු ලතැවුල් කොත්තු තැටියට වැරෙන් පහරදී මුදා හැර ඇති ඔහු කුකුල් මස් කැබලි පුවක් කෑලි තරමට හීන් වූ පසු කොත්තුව කඩදාසියක ඔතා අප වෙත ගෙන යන්නට දී තිබුනි.

කුකුල් මස් කොත්තුව සහ හිල වඩේ බයිටට බ්ලැක් ඕපල් එක් වූ පසු මැව්වේ අමුතු මිහිරකි. රාත්‍රී 10 පමණ වන විට දිනයේ කටයුතු නිමා කර සේවකයන් නිදාගන්නට ගියද කොත්තු බාස් අප කරා අවුත් තවත් කිසිවක් අවැසිදැයි විමසීය. ඒ විමසීම තුල ගැබ්ව ඇත්තේ අනේ මටත් ෂොට් එකක් දීපන් යන යටි අරුත බව අපේ අක්මා අපට සන් කලෙන් ඔහුටද අප සමග මත් වෙන්නට ආරාධනා කලෙමු.

අපේ ආරාධනය මහත් හරසරින් පිළිගෙන අප සමගම අසුන් ගත් හෙතෙම පුද්ගලික ජීවිතයේ ඇති දුක මෙන්ම පඩිපතේ ඇති ගැටලුද මේසය පුරා දෝරෙ ගලා යන්නට හැලුවේය. අඩ හෝරාවකට පමණ පසු ව්‍යාපාර හිමිකරු එහි පැමිණියේ කොත්තු කරුවාට කාමරයට ගොස් නිදා ගන්නා ලෙස පවසන්නටය. ඒ පසුදින රන්ටැඹේ කරා ඇදෙන ජනගග තම කඩය ඉදිරිපිට හැකි තරම් නවතාගෙන හොද්ද බොර කරගන්නට ඔහුට ඇති උවමනාව මත බැව් අපට පැහැදිලි විය.

නමුත් ඒ වදන් පයිසෙකට මායිම් නොකල හෙතෙම බෝතල් දෙකම අවසන් වන තුරා එහි සිටියේ අප සමග හොද කික් එකක් ගැනීමේ තිර අධිටනින් විය යුතුය.

දහවල් කාලයේ යකඩ අස්පයෝ හැසිරවීමෙන් ලද කායික විඩාව නිසාදෝ නිදි දෙව් දුව බලෙන් අප වැළදගන්නට වූයෙන් අප සියල්ලෝ තවත් කල් වේලා නොයවා ඇයව සිප සනසා තුරුලු කරගෙන ඇදට වැටුනෙන් රාත්‍රිය එයින් නිම විය.

පසුදා උදෑසනම අවදි වී දත කට මැදගෙන ඉක්මනින් සූජානම් වූයේ රන්ටැඹේ කදවුරු භූමිය වෙත ඇති ඉතිරි කිලෝමීටර් 25 ක පමණ ප්‍රමාණයත් තරණය කර උත්සවය ආරම්භ වන වේලාවටම එහි පිවිසෙන අධිටනෙනි. ඊයේ දින පහුකරගෙන පැමිණි ගිරි දුර්ග වලට වඩා ආයාසයකින් තරණය කල යුතු ඒවා හමුවන්නේ අද දිනයි.

අපේ නඩය උදෑසන ආහාරය භුක්ති විදින අදහසින් ආපන ශාලාව තුලට යන අවස්ථාව වන විටත් එකා දෙන්නා බැගින් රන්ටැඹේ බලා යන පිරිස ආහාර භුක්ති විදිමින් සිටියහ.

මේ අවන්හලේ සේවය කල අය අතර හිමිකරුගේ සහෝදර සහෝදරියන් පිරිසක්ද වූහ. ඒ අය අතර සිටි අපට හිතවත් මැදි වයසේ තැනැත්තියක් හදිසියේම අපට සම්මුඛ වූයේ නොක්කාඩුවක්ද කියමිනි.

අපේ අර රොටී දාපු ළමයට ඕගොල්ලො ඊයෙ රෑ බොන්න දුන්නද ? අපේ මල්ලි උදේ කථා කලා කීප සැරයක්...මේ මිනිහා ගැගිට්ටෙම නෑ...අපි ළමයො හැමදාමත් හිස් පාර දිහා බලාන ඉන්නෙ...මේ දවස් දෙක තුන විතරයි තරමක ආදායමක් ලැබෙන්නෙ...මේ කාළකන්නියා එහෙම දවසකම මේ වගේ අලුගුත්තේරු වැඩක් කලානෙ හැබෑටම...කථා කරලා කරලා නැගිටින්නෙ නැති තැන මල්ලි ඌට ගැහුවා හොද කම්මුල් පාරක්...අන්න රෙදිත් අකුලගෙන පඩි සල්ලිත් අරගෙන යන්න ගියා. අපි ටික ඉක්මනට එකතු වෙලා මේ හදාගත්ත දේවල් ටික හදාගත්තෙත්.

1500 දවසට ගන්න පුලුවන්......එවදන් නැවතත් අපේ සිත් සතන් තුල රැව් පිළිරැව් දුන්නේය.

පාන් සමග පරිප්පු, මස් හොදි, සම්බෝල තරගයට මෙන් අඹරා මෙතැනින් ඉක්මනට පිටත් වීම නුවණට හුරු බව අපට වැටහුනේ හිමිකරුවා අප වෙත පෑ නුරුස්නා සහගත බැල්ම හේතුවෙනි. අපගේ කෑම බීම හා නවාතැන් ගාස්තු ගෙවා එයින් සමුගැනීමට කාලය එළඹුනේය.

යාලුවො කියලා හතුරො ටිකකටද මන්දා මම ඊයෙ රෑ නවාතැන් දුන්නෙ....කිසිත් නොකියා එතැනින් මාරු වූ අප යකඩ අස්පයන් නමෝ විත්තියෙන් පණ ගන්වා රන්ටැඹේ බලා පිටත්ව ගියෙන් එවදන් සදහා පිළිවදන් සැපයීම අවැසි නොවීය.

දෙවැනි දින ආරම්භය

ඊයේ නැග්ගේ පොඩි කදුනෙ....මේවනෙ බොල කදු...පළමු ගියරයේ අමාරුවෙන් කන්ද තරණය කරනා යකඩ අස්පයා අම්බාන් කරනා ජපන් චමියා මොර දෙයි. ඒකාගෙ පිටිපසේසේ යන කීර්ති කොලුවා කිලෝ 100 ක පමණ බර ඇති එකෙකි. ජපන් චමියාද ඊට ආසන්න එකෙකි. උගේ බයිසිකලයේ හඩ අපට ඇසෙන්නේ තවත් නම් බෑ යකෝ යනුවෙන් බර උසුලා ගත නොහැකිව මොර දී හඩනා අයුරකිනි.

කන්ද අදින්නෙ අමාරුවෙන්...පෙට්‍රල් වහලා තියෙන්නෙ ඒකයි අවුල....චමියා තරමක කාර්මික දැනුමක් ඇති කෙනෙකි. කුමන චාරිකාවක් ගියත් විශාල ආයුධ කට්ටලයක් පෙට්ටියක බහා රැගෙන යාම ඔහුගේ සිරිත වෙයි. එන්ජිමට පෙට්‍රල් සැපයුම වැඩි කල හෙතෙම ඉන් පසු පහසුවෙන් කදු තරණය කලේය. සිරාගේ කහ කුරුල්ලා බොහෝ විට දෙවැනි ගියරයේම කදු තරණය කලේ ස්කූටර් සතු කදු නැගීමේ හැකියාව මොනවට පෙන්වමිනි. සිරාගේ ගමන් සගයා වූ දැද්දා මලයා බරින් අඩු එකෙකු වීම එයට සහනයක් වන්නට ඇත.

අපගේ මේ ගමනට එකතු නොවූ තවත් ආදි ශිෂ්‍යයෙකු කදවුරේදී හදිසියේ අපට එකතු වීමට නියමිතව සිටියේය. හෙතෙම පටි ජොකා කථාවේදී ඔබට සම්මුඛ වූ VP තුමාය. වෘත්තියෙන් ව්‍යාපෘති ඉංජිනේරුවකු වන හෙතෙම තමා අධීක්ෂණය කරනා වැඩබිමක් වෙත යන අතර තුර අප හමුවීමට පැමිණ සිටියේ අරවායින් එකක් සහ තම රියදුරු තෙමේද සමගිනි.

කෙසේ හෝ කදවුරු භූමියට අප සැපත් වන විටත් උත්සවය ආරම්භ වී තිබුනි. ඒ වර්ෂයේ පළමු ස්ථානය දිනා සරඹ පිටියේ පසෙක සිටගෙන සිටි අප විද්‍යාලයේ කණ්ඩායම දකින විට සිතට නැගෙනා සතුට වචනයෙන් විස්තර කල නොහැක. ශ්‍රී ලංකාවේ ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක ඛණ්ඩ හිමි සියලුම පාසල් සුපිරි යැයි සම්මත උසස් පාසල් හෙයින් ඒවා අභිබවා මෙවැනි ජයග්‍රහණයක් ලබනවා යන්න විශාල ජයග්‍රහණයකි. මෙවැනි තූර්ය වාදක ඛණ්ඩයක් නඩත්තුව පිණිස වැය වන අතිවිශාල ධනස්කන්දය නිසාම බොහෝ පාසල් සතුව මෙවැනි ඒකක නැත. තිබුනත් නිසිආකාර පුහුණුකරුවන් නැත. එක දිගට මාස කීපයක් ගිණි අව්වේ දැවෙමින්, පන්ති කාමරයේ අධ්‍යාපනය මාසයකට දෙකකට නවතා දමමින් මේ සහෝදරයන් කරනා මහත් කැපකිරීම් අපගේ සහායෙන් තව තවත් වර්ණවත් වූ බවක් අපට හැගෙයි. ශිෂ්‍යභට නිළ ඇදුමෙන් පිටිය පුරා විසිරී ඇති කණ්ඩායම් අතරින් අප කණ්ඩායම සොයා ගැනීම අපට කිරි කජු කනවා වැනි කාරියකි. ඒ සියලු කණ්ඩායම් අතරින් අප පමණක් වාදනය කරනා සුවිශේෂී වාදන භාණ්ඩයක්  අපට තිබීමයි. එය වූ කලී ඡන්ද රැස්වීම් ඇති විටෙක විදුලි පහන් කණු වල එල්ලන යකඩ කටක් බදු පෙනුමින් යුතු එකකි. මේ වාදන භාණ්ඩය එකතු කිරීමේ පූර්ණ ගෞරවය අපගේ බෑන්ඩ් මාස්ටර් ගම්හේවා මැතිදාට හිමිවෙයි. ලංකාවේ ප්‍රමුඛ පෙලේ අපරදිග තූර්ය වාදක ඛණ්ඩ අතර මේ වාදන භාණ්ඩය භාවිතා කරනවා මා දැක ඇත්තේ ගුවන් හමුදා තූර්ය වාදක ඛණ්ඩය තුල පමණි. එහි නම  Sousaphone නම් වෙයි.

මෙන්න 2011 වර්ෂයේ ජයග්‍රාහකයො
කාන්තා අංශය ජයගත් මහනුවර මහාමායා දැරිවියෝ

මේ පේන්න තියෙන්නෙ පළමු, දෙවන, තෙවන ස්ථාන ජයග්‍රහණය කල පාසල් වලට අයත් ධජ
මේ උත්සවයේ විවිධ අංශ සදහා ජයග්‍රාහී කණ්ඩායම ලෙස තම දායකත්වය සැපයූ පසු අපේ කණ්ඩායමට තමන්ගේ අංගය ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවෙයි. ජයග්‍රාහකයන් විසින් ඉදිරිපත් කරන සංදර්ශනය නැරඹීමට සියලුම ප්‍රේක්ෂකයන් පිය වෙති. එය නරඹන ආදි ශිෂ්‍යයන් උද්දාමයෙන් යුතුව කෑ ගසමින් ඔවුන් දිරිමත් කරන්නේ පාසල් මාතාව කෙරෙහි වූ අසීමාන්තික ආදරයකිනි.

මේ සංදර්ශන ආදියෙන් පසු ජය සංඛේත ප්‍රධානෝත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සහභාගීත්වයෙන් ඇරඹෙන අතර එයින් පසු දිනයේ කටයුතු නිමා වෙයි. සෑම කණ්ඩායමක් වෙතම තේ පැන් සංග්‍රහයක් සදහා කෑම මේසයක් සූදානම්ව පවතින අතර ආදි ශිෂ්‍යයන් ලෙස අප සැම විටම තම දරුවන් මෙවැනි කර්තව්‍යයක් සදහා ඉදිරිපත් කර සහාය දුන් දෙමාපිය නැදෑ හිතවතුන් හට ඒ අවස්ථාවේදී  ප්‍රමුඛතාව දෙන්නේ ඔවුන් වෙත අපේ ගෞරවයද පිළිගන්වමිනි.

කණ්ඩායමේ නායකයා (සැරයන්) තම මව සමග ජයග්‍රහණයේ සතුට බෙදා ගනිමින්

2011 අපේ කොලු පැටව් ටික


අපගේ බෑන්ඩ් මාස්ටර් ඇතුලු අවශේෂ නිලධාරීන් සමග අපේ කොලු පැටව් ඡායාරූප ආදිය ගෙන අවසන් වන විට ඔවුනට සුභ පතා ආපසු නිවෙස් බලා යන්නට අපට අවස්ථාව ලැබෙයි. එතැන් සිට මගදිගට වැඩියෙන් ඇත්තේ පල්ලම් බැසීම හේතුවෙන් ආපසු ගමන එතරම් රළු පරළු නැත.

දිවා ආහාරය වන විට පෙර දින දිවා ආහාරය ලබාගත් බෙලිහුල් ඔය නාන තොටුපලට ලගා වීම සැම දෙනාගේම අදහස විය. VP තුමාගේ පිකප් රියට අපගේ බයිසිකල් වල පස්සේ එල්ලී ආ උන් පැටවිය හැකි වූ නිසා යකඩ අස්පයෝ පිම්මේ දුවයි.

කීර්තිබණ්ඩාර පුර අප නවාතැන් ගත් ස්ථානය ඉදිරිපිටින් අපේ උන් වේගයෙන් ඉගිල ගියේ හිමිකරුවා අප මරන්නට උගුලක් අටවා තිබූ නිසාදෝයි මට සිතුනි. කෙසේ හෝ පෙරදින සිහිල් ජලය ස්නානය කල ස්ථානයෙන්ම අදත් ජලය ස්නානය කරන්නට සැමට දොළ දුකක් පහළ වී තිබුනේ කුඹුක් ගස් සෙවනේ ඇති ජලයේ ඇති සුවදායක බව නිසාමය.

ආපසු ගම් බිම් කරා

අපට ගෙනා අරවා එකද සමග අපට සමීප වු VP තුමා කලකින් පසු හමු වු මේ හමුවීම රසාලිප්ත එකක්ම කළෙහිය.  පිරිස මද පමණින් සන්තර්පනය වී ඉක්මනින් දිවා ආහාරය භුක්ති විද ආපසු ගමනට සූදානම් වූයේ රෑ බෝ වෙන්නට කලියෙන් නිවෙස් බලා පැමිණීමේ පරම පිවිතුරු අපේක්ෂාවෙනි.

VP තුමා සේවය කල වැඩ බිම මහනුවර අවට පෙදෙසක පිහිටා තිබූ නිසා තව දුරටත් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අපට හැකි විය. කෙසේ හෝ අතර මග ස්ථානයක අප පිළිගන්නට මෙන් සැදී පැහැදී බලා සිටි ට්‍රැෆික් පොලිස් රාළහාමිලා දෙදෙනෙකු අපේ කණ්ඩායමේ පසුපසින්ම ගමන් ගත් ජපන් චමියා සහ සිරා කොලුවා වන මා නැවැත්වූයේ පෙර සසරක ඇති වූ බැදීමක් පරිදි විය යුතුය.

කොහේද තමුන් ගියේ...තඩි බඩක් සහ බුරුසු රැවුලක් සහිත රාළහාමි මුලින්ම විමසා සිටියේය. දහවලේදී කුඹුක් සෙවනේදී අනුමත වූ ප්‍රමාණය මද වුවද එයින් හමනා සුවද සුළු විය නොහැකි හෙයින් මා මෙන්ම චමියාද තරමක් පසුපසට වී පිළිතුරු දෙන්නට පටන් ගතිමු.

අප පැමිණි කාරනය මෙන්ම අප යන්නේ කොහාටද ආදී වශයෙන් කරුණු දැක්වූ පසු අපගේ යකඩ අස්පයෝ වටා කීප වාරයක් පැදකුණු කල හෙතෙම මේ සැරසෙන්නේ කුමක් හෝ අඩුපාඩුවක් සොයා එදා වේල සොයා ගැනීමට වග අපගේ මල් වැනි හිත් අපට කීවෙහිය.

කෙමෙන් කෙමෙන් අප කරා ආ ඒ උතුමන් අපගේ මුවට ඉතාම සමීප වී දිගු හුස්මකින් සන්තර්පණය වූයේ අරලියා මලක සුවද විදිනා පුංචි දරුවෙකු  සිහිපත් කරමිනි.

මොකක්ද ඒ ගද ? බඩ සහිත රාළහාමි හට ඉව වැටී ඇති සෙයකි

මොන ගදද....ජපන් චමියා විමසයි...

අරක්කු ගදක් එන්නෙ.....බිව්වද ?

අනේ නෑ...අපි කටේ තියන්නෙ නෑ.....

බොරු කියන්න එපා....තමුන් බීලා නේද ඉන්නෙ

අපෝ නෑ රාළහාමි අපි කවදාවත් බීලා නෑ....

එතකොට ඔය ගද මොකක්ද ?

කටේ ගද වෙන්න ඇති රාළහාමි

ඒ මොකද ඒ....

දත් බුරුසුව ගෙනල්ලා තිබුනෙ නැති හින්දා අද උදේට දත් මැද්දෙ නෑ....

එයින් ප්‍රශ්න විචාරය හමාර වුවද ජපන් චමියාගේ ජපන් බයිසිකලයේ තිබූ අඩුපාඩුවක් ඔහුගේ යුග දෙනෙතට සම්මුඛ වී තිබුනි.

අලුත් ක්‍රමයේ නොම්බර තහඩුවක් සහිත යතුරු පැදියක් වුවද එහි පසුපස නොම්බර තහඩුව කැඩී ගිය කළෙක එය අලුත් වැඩියා කර ප්ලාස්ටික් ඉලක්කම් යොදා අංක පුවරුව නිමවා තිබුනි.

මේ මොකද මේ...මෙහෙම තියෙන්න බෑනෙ නම්බර් ප්ලේට් එක

මම මේක ගන්නකොටත් එහෙම තමා තිබුනේ චමියා පිළිතුරු දෙයි.

එහෙම කියලා බෑනෙ...පදින මිනිහා නීතියට අනුකුලව තමන්ගෙ බයිසිකලය පවත්වා ගන්න එපායැ....

එයින් අනතුරුව මගේ කහ කුරුල්ලා දෙසද ඇස කැරකවූ ඔහුට එහි අඩුපාඩුවක් සොයාගත නොහැකි විය.

අර බලන්න අර බයිසිකලයට ඒ විදියෙ නම්බර් ප්ලේට් කමක් නෑ...හද්දා පරණ එකක්නෙ

ඒත් මේකට නම් බෑ පුතෝ...කොරන්න දෙයක් නෑ ලියනවා මිසක....

අනේ එහෙම කරන්න එපා රාළහාමි අපි සෑහෙන දුරක් යන්නත් තියෙනවානෙ...ඒ හින්දා ගොඩින් බේරලා දෙන්න....

ඉන් අනතුරුව චමියාගේ ලැයිසොම ඉල්ලා ගත් ඔව්හු හගුරන්කෙත පොලෝසියට පැමිණෙන ලෙස පවසා නික්ම ගියෝය.

ඉදිරියෙන් වූ අප නඩයේ ඉතිරි අය නැවතත් අප සොයා පැමිණියේ ඒ අතර තුරයි. VP තුමාගේ මිතුරෙකු හරහා හගුරන්කෙත පොලෝසියට යා හැකි කෙටි මගක් සොයාගත් අප ඔහුගේ රථය ලුහුබැද ගියෙමු. නැතහොත් කුඩා අතුරු මාර්ගයක ඉතා වේගයෙන් ධාවනය වූ රථය පසුපස අපද අමාරුවෙන් එල්ලී යන්නට උත්සාහ කළෙමු. මුලින් මහතට තිබූ මාර්ගය මද වේලාවකින් කෙට්ටු වී අවසානයේ රථයේ පළලටම මෙන් විය. කෙසේ හෝ වැඩි වේලාවක් රථය සමග යන්නට මගේ වයසක අසරණයාට නොහැකි විය. මගේ සහායට දතා මලයා නවතින විට චමියා රථය සමගම ඉගිලුනේ ලැයිසොම බේරාගන්නටය. මදින් මද පැමිණි අදුර අවසානයේ කෑලි කැපිය හැකි ඝන අදුරක් බවට පත් විය.

එතැන් සිට දතා මලයා සමග දුෂ්කර මාර්ගයක සෙමින් සෙමින් අප දෙදෙනා ඉදිරියට ගියෙමු....විශාල ආනතියක් සහිත කන්දක් තරණය කර අහවර වූ පසු මට හතර අතින් තරු පෙනෙන්නට වූයෙන් ඒ දසුන කුමක්දැයි එක්වර සිතා ගත නොහැකි විය. ඒ කිමෙක්දැයි වටහා ගැනීමට අප දෙදෙනාටම මොහොතක් ගත විය. කදු මුදුනක සිටි අප දෙදෙනාට දෙපසින් වූයේ අති භයංකාර බෑවුමකි. ඒ හරහා අපට පෙනෙන්නේ පහළින් ඇති නිවාසයන්ගේ විදුලි ආලෝකයයි. එය නම් ජීවිතයේ දැක ඇති පුදුමාකාර සුන්දර දර්ශනයකි. තරු මැද තනිවූ හැගීමකින් මගේ සිත ඔකද වී ගියේය.

ඒ මාර්ගයේ තවත් තැනක වූයේ මරු කපොල්ලකි. මාර්ගය ආරම්භයේ සිටම මෙය නම් භයානක එකක් බව අපට දැනුනු නිසාම අප අස්පයන් ධාවනය කලේ තරමක් සෙමිනි. එක් තැනකදී මාර්ගය විශාල වංගුවක් සමග අතුරුදහන් වෙයි. වංගුව නිසිආකාරයෙන් හරවා ගත නොහැකි වූ කෙනෙකු ඇද වැටෙන්නේ මාර්ගයටම මායිම් වූ ජලාශයකටය. කිසිදු ආරක්ෂක ආවරණයක් නැති එතැන නැවතී බලන විට අංශක 90 කටත් වැඩි කොණයකින් මාර්ගය තවත් දෙසකට හැරෙන බව අපට පසක් විය.

මෙවැනි බාධක මග හැර අප දෙදෙනා  සෙමින් සෙමින් හගුරන්කෙත පොලෝසියට යන විට අනෙක් ඇත්තන් පොලෝසියේ මහතුන්ගේ මව්පිය ගුණ ගායනය අරඹා තිබුනි.

ඕකුන් ඔහොමම තමයි බන්....ඔය වෙන එකකට නෙමෙයි එන්න කියලා තියෙන්නෙ ජරාවක් කන්න...කන ජරාවක් කාලා එතැනදිම ලැයිසොම දුන්නා නම් අහවරයි නොවැ...බලහං පොලෝසියට එන්න කියලා ඒ මිනිස්සු තාම නෑ....තව කොච්චර දුර අපි යන්නද බං...අර කැඩිච්ච පාරෙ අපි කිලෝමීටර් කීයක් ආවද බන්...කිලෝමීටර් 10 කට වැඩියි...ලොකු අයියාට මාරයා ආවේශ වී තිබුනි.

තවත් විනාඩි 40 ක පමණ කාල පමාවකින් පසු  රාළහාමිලා දෙපළ පොලෝසියට සැපත් විය. ඒ වනතෙක් අංක තහඩුවේ වරද පිළිබද පොලිස් පොතේ සදහනක් කොට නොතිබූ ඔව්හු... දඩ කොළයක් අත නොතබා දඩය අපි තැපැල් කන්තෝරුවට ගෙවන්නම් ඕගොල්ලන්ට ආයෙත් එන්න කරදරයිනෙ යනුවෙන් මුසාවක් ඇද බෑහ. ඒ වදන් අතරින් රන්දෙණිගල ඉස්පෙෂල් සුවදක්ද හැමූ බව අපේ උන් පසුව කීහ. ගමන් වෙහෙසත් කාලය නිකරුනේ වැය වන කාරණයත් නිසා ඒ කියූ මුදල් ඔවුන් අත තබා අප නැවතත් නිවෙස් බලා එන ගමන ඇරඹුවෙමු.

මහනුවරදී අපට සුභ ගමන් පතා අපෙන් සමුගත් VP තුමාගේ රියෙහි වූ අපගේ ගමන් සගයන් එතැන් සිට නැවතත් අපගේ යකඩ අස්පයන්ගේ ආසන වෙත තම පශ්චාත් කලාප තද කලෝය. කඩුගන්නාව පල්ලම ලොරි රථ තරණය කරන ආකාරයෙන් තරණය කරන්නට මාගේ ඇන්ටික් ස්කූටරයට සිදු වූයේ දෙන්නා ඩබල් දැමූ පසු එහි තිරිංග මද වන හෙයිනි. දෙවන ගියරයේ මහා පල්ලම තරණය කර එතැන් සිට තැන්නේ හැටට හැටේ පැමිණ අපගේ පිරිස ගම්පහ නගරයෙන් වෙන් වන විට මධ්‍යම රාත්‍රියත් ඉක්මවා ගොස් තිබුනි. ඒ ගමනේදී  අප විදි සොදුරු මතකයන් අවදිකරන සෑම විටකම මසිතට දැනෙන මිහිර තවත් කාලයක් රන්ටැඹේ චාරිකාවේ සුන්දරත්වය මෙනෙහි කරන්නට ඉවහල් වනු ඇත.

සිරා කොලුවා සහ දැද්දා මලයා නොමැතිව රන්ටැඹේ නඩය




















මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

2013 වසරේදී අපේ කණ්ඩායම අනුශූරතාව දිනාගත්තෙහිය. බෑන්ඩ් මාස්ටර් දැන් ඉතාම වයස්ගත නිසා ඔහුගේ අඩුපාඩුව සපුරාලමින් ඒ කාරිය කරන්නේ අපගේ අයිය බඩාය.

මේ ගමනට එක් වූ බොහෝ දෙනා අද විවාහ වී ඇති වටපිටාවක මෙවැනි ගමනක් ආයෙත් යන්නට අවකාශ ලැබේදැයි විටෙක මට සිතෙයි.

ස්කූටර් රසකාමීන් ඒ පිළිබද දැනුම වැඩි කරගන්න  මේ ලිපිය කියවන්න.






















71 comments:

  1. ලස්සන මතකයක් මචො,... උබ හිතන්නෙ වඩියෙන්ම මිනිස්සුන්ව චාටර් කරන්නෙ මෙහෙ පොලිස්ද ලන්කාවෙ පොලිස්ද

    ReplyDelete
    Replies
    1. එතන මෙහෙම ගැටලුවක් තියෙනවා රාළෙ....මේ අය චාටර් කරන්නෙ මේ රටේ ඉන්න විදේශිකයන්ව..පුරවැසියන්ට එහෙම කරනවා මා දැක නෑ...මේ ලගදි තමන්ගෙ වාහනේ පැච් එකක් ගිය චීන ජාතික කාන්තාවකට ටයරය ගලවලා දුන් මැලේ ජාතික රථවාහන පොලිස් නිලධාරියෙකුත් මම දුටුවා...ඔහු ඉතාම වෙහෙස මහන්සියෙන් ඒ කටයුත්ත කලේ...

      අපේ පොලීසියේ වෙනස අපේ රටේ පිටරට අය අඩු නිසාදෝ...පුරවැසියන්ටම තමයි ගේම දෙන්නෙ....හැබැයි ඉදලා හිටලා වැරැද්දක් කරපු විදේශිකයෙක් අහුවුනොත් ඒ ඇත්තන්ට ඉතාම විනීතව සලකනවා...

      Delete
    2. මමත් ආපු මුල් දවස්වල පිස්සු කොර වෙලා හිටියේ අපේ පොලිසියයි මෙහෙ පොලිසියයි විදෙසිකයින්ට සලකන විදිය දැකලා ......
      ලස්ස දෙක පැන්නුව නේද සුබපැතුම් ගොයියෝ

      Delete
    3. ස්තූතියි ලොකු මාමෙ...ලග පාත ඉන්නවා නම් මට රෑ කෑමක් වගේ අරන් දුන්නොත් නරකද ?

      Delete
  2. හරිම සුන්දර විස්තරයක් සිරා මලේ. හැමදේම මැවිලා පෙනුනා. උඹ හරි මේවා ඒ කාලේ නොකලොත් බැඳලා දරැ මල්ලෝ ලැබෙන කොට කීයටවත් කරන්න වෙන්නේ නෑ. උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ කියන්නෙ...නිසි වයසට නිසි දේ කොල යුතුයි...අත පය හතර පණ නැතිවේගෙන එන කාලෙක මතක් කරලා සතුටු වෙන්න පුලුවන් අතීතයක්....අයියටත් ජයම වෙන්ට ඕනෙ...

      Delete
  3. කොත්තු බාස්ට අනන්මනන් කියල හෝටලේ මුදලාලියව අසරණ කරපු එක හරි නෑ නේද :D
    ලිපියයි පින්තූර ටිකයි නියමයි අයියේ.. :)

    ReplyDelete
    Replies
    1. අපි හිතුවෙ නෑ බන්..ඒකා එදා රෑ ඉදලම පිස්සු නටයි කියලා...අපි මිනිහට කිව්වෙ ඒ පැත්තට එනවා නම් ජොබක් සෙට් කරගන්න හැල්ප් කරන්නම් කියලා...

      Delete
  4. ඇත්තටම රන්ටැමේ චාරිකාව නියෙමෙටම ලියල තියෙනවා.

    අර කොත්තු බාස්ට බොන්න දුනුන් එක නම් නරකයි උගේ රස්සාවත් නැති කලාද මන්දා

    ReplyDelete
    Replies
    1. කොත්තු බාස් ඉතිං ඉල්ලා නොඉල්ලා ඉන්නකොට අපිට තනියෙම බඩට හලා ගන්නත් බෑ නොවැ...මිනිහා ඒ ටික හලාගෙන පහුවදා වැඩ කොලා නම් අහවරයි නොවැ...අන්තිමට අපේ තිබුන හොද හිතටත් කෙල වුනා...

      Delete
  5. ඔය රන්දෙණිගල පාරෙත් මගේ අර පොඩි බයික් එකේ අපි ඇවිත් තියෙනවා. ඕකෙ මට තියෙන විශේෂය තමයි කඳු ඇඟට දැනෙන්නෙ නැති එක. බයික් එක ස්ලෝ වෙලා කඳිරි ගානකොටයි තේරෙන්නේ මේ කඳු අඩු නැග්මක් එක්ක වැඩි දුර අදින්න තියෙන බව. වංගු දහ අට පාරේ ඔයිට වෙනස්.

    උඹලා ගිය පාරෙම ආපහු ආවා නම් කොහෙද බං බෙලිහුල් ඔයක් හම්බ වෙන්නේ? බෙලිහුල් ඔය තියෙන්නේ බ්ලංගොඩයි බෙරගලයි අතර නේද?

    මම දැනුත් ආසයි බං බයික් එකෙන් ඔය පාරවල යන්න. ඒ වුනාට බයික් හැන්ඩල් එකක් අල්ලන් ඉන්න එක අමාරුයි ස්ටියරිං වීල් එකකට වඩා ඔච්චරක් දුර. ඒකට හෙතුව එකම තැනින් අල්ලන් ඉන්න නිසා වෙන්නැති. ඇත්තට ඔය ලෝකෙ වටේ බයික් පදින උන් කොහොම යනවා ඇද්ද නේද? අන්න මගේ එක හීනයක්.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය බෙලිහුල් ඔය ප්‍රශ්නෙ ආව ගිය කොටසෙදිම. මට පේන්නෙ මේ කියන්නෙ වෙන බෙලිහුලක් ගැන.

      Delete
    2. මටත් බෙලිහුල් ඔය පුරස්නෙ ආව.. මාත් අහන්නම හදල ආයෙ නිකා හිටිය..

      Delete
    3. raja mawathe belihul oya kiyala place ekak thiyanawa. naana niyama thana.බ්ලංගොඩයි බෙරගලයි අතර thiyana thana wagema hinda thamayi a nama kiyanne.

      Delete
    4. මෙහෙමයි ඔය මාර්ගයට මායිම් වෙලා ගගක් ගලන ස්ථානයක් තියෙනවා...එතනට කියන්නෙ බෙලිහුල් ඔය කියලයි. ඒ ගලන්නෙ සමහර විට බෙලිහුල් නම් ඔය වෙන්ට ඇති....හෙන්රි අයියා අපිත් එක්ක යමුද සවාරියක්...බයිසිකලයෙන්...අවුරුදු 10 ක් වයස ආපස්සට ගියා වගේ දැනෙයි...

      Delete
  6. බොහොම හොඳ මතක සටහනක්. විශේෂයෙන් අර ශිෂ්‍යභට කණ්ඩායම් දැක්කම මට මගේ ශිෂ්‍යභට ජීවිතය මතක්වුනා. ඒ කාලේ නම් අපිව බලන්න දියතලාව කඳවුරට යාලුවෙක් ආවේ හරිම කලාතුරකින්. සිරා මම පහොගිය ලිපියේදී 2011 දී මම වැලිඔය කියලා ලිව්වේ වැරදීමකින්. 2011 වනවිට මම ගෙදර. 2010 දී තමයි ගෙදර ආවේ.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා වෙලාවක ලියන්නකො ඔබේ ශිෂ්‍යභට ජීවිතයේ අත්දැකීම් ටිකක්...වර්තමානය සහ අතීතය අතර වෙනස දැනගන්න හොද ලිපියක් වේවි එය...

      Delete
  7. නුවර මැණිකෙලා හොඳටම වෙනස්වෙලා... :D

    ReplyDelete
    Replies
    1. ඔයත් නුවර මැණිකෙ කෙනෙක් නේද.....ලෝකෙ හැමදේම වෙනස් වන එකේ නුවර මැණිකෙලා විතරක් වෙනස් නොවී තියේවිද...

      Delete
    2. හී හී...ඇත්තමයි වීයෝ...ඔයා කොහොමද මාව දැක්කේ?

      Delete
    3. අකුරු එකතුවෙලා...වචන වලින්...වචන එකතුවෙලා කමෙන්ට් වලින්...පෝස්‍ටු වලින්....))))

      Delete
  8. ඔය රන්දෙනිගල, අධිකාරීගම , කීර්තිබණ්ඩාරපුර තේ කඩ හෝටල් හතු පිපෙන්නා වාගේ අරුනා රන්දෙනිගල බදුල්ල පාර හදපු අලුත. ඒ වගෙම ඉක්මනට බොහොමයක් වැහුනා, ඔය මිනිස්සු කියපු කතාව හරි වැඩි කාලයක් පාර දිහා බලාගෙන තමයි ඉන්නේ, එත් දැන් ටිකක් හොඳයි වැලි පටවපු ලෝරි වලට ඔය පාරේ යන්න දුන්නට පස්සේ දැන් ඉස්සරට වඩා බිස්නස් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොලේ පවුලූශා මේ ඉසව්ව හොදින් දන්නා කියන හැඩයි..අර කඩේ කරන මුදලාලි බොගේ කවුරුවත් නොවෙයි නේද....

      Delete
  9. ඇඩෙනවා තනි ඇහැට සිරෝ.. කියල වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. අඩන්න එපා කොලුවො...මට වාවන්නෙ නෑ...කොල්ලො අඩනකොට....

      Delete
  10. නියම විස්තරයක් සිරා. ගිය ගමන කොටස වගේම මේ කොටසත් රසවත් ව ලියල තියෙනව.
    1500 ක් දවසට ගන්න ගිහිල්ල අරූට තිබුණ රස්සාවත් නැතිඋනාද දන්නෑ. කොහොම උනත් ඌත් හදිස්සි උනා වැඩියි.

    උඹල වගේ ආදි ශිෂ්‍යයො ටිකක් හිටපු එක පස්සෙ ආපු උංගෙ වාසනාව.

    ReplyDelete
    Replies
    1. ඒකා පිස්සෙක් නේන්නම්...අපි ඇත්තටම මිනිහට ගම්පහ රෑ කඩයක ජොබක් සෙට් කරන්න තමයි කථා කලේ...මිනිහා අපිටත් කියන්නෙ නැතුව ඉක්මන් වෙලානෙ...හැබැයි එදා අපට දාලා දුන්නු කොත්තුවත් මෙලෝ රහක් නෑ....අයිතිකාරයා එලවන්න බලාගෙනම හිටියද මන්දා...

      ඇත්තටම අදටත් අපේ ආදි ශිෂ්‍යයො මේ කටයුතු වල විශාල බරපැනක් දරන නිසයි බෑන්ඩ් කෙරුවාව නිරුපද්‍රිතව කරගෙන යන්නෙ...පෙරදිග වගේ නෙමෙයි...බටහිර තූර්ය වාදක ඛණ්ඩයක වාදන භාණ්ඩ නඩත්තුවට...සර්විස් කරන්න සෑහෙන මුදලක් වැය වෙනවා...අලුතෙන් යමක් ගන්නවා නම් සෑහෙන වියදමක්..

      Delete
  11. අඩේ අර තඩි නලාව උස්සන් ඉන්නේ කොහොමද බන්???

    ජපන් චමියා එලකිරි උත්තරයක්නෙ දිලා තියෙන්නේ...
    බොට යන පැතිවල නම්ගම් එහෙම පැටලෙනව වගේ...
    යකඩ අස්පයටම හරියන ජැකට්ටුවක්නේ තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. තඩි නලාව සෑහෙන ලොකුයි...එහි උඩ තියෙන ලවුඩ්ස් පීකරේ වගේ කොටස ගලවා ඉවත් කරන්න පුලුවන්. වාදනය නොකරන වෙලාවට ඒ විදියට මස් කරලා තියෙන්නෙ...තුන් රෝද රථයක වගේ ඒක ගෙනියන්න අමාරුයි...ඇගට තියලා තදකරගෙන වගේ තමයි වාදනය කරන්නෙ...බේස් ශබ්දයක් තමයි ඉන් නැගෙන හඩ....යූ බටයෙන් සද්දෙ අහලා බලන්න. ඒක ජැකට්ටුවක් නෙමෙයි කමිසයක්....

      Delete
  12. පොලොස් කොට්ටෝරුවො මරං කන්න හිතෙන්නෙ ඔන්න ඔහොම වෙලාවට තමයි. ගන්න මගුලක් එතනදි අරගෙන යැව්ව නම් ඉවරයි නෙ.
    කොහොම උනත් පස්සෙ මතක් කරන්න පුලුවන් ලස්සන අත්දැකීම් තමයි ඔය වගෙ ගමන්...

    ReplyDelete
    Replies
    1. පවු බන්...ඉදලා හිටලා හරි රයිස් එකක්, චිකන් කිලෝ එකක් ගෙදර ගෙනියන්න ඒ ඇත්තොත් මනාප නැතෑ....එදා අපේ වෙලාවෙන් කොච්චර නම් වෙලාවක්....පෙට්‍රල් මේ හාදයො දෙන්නා නාස්ති කලාද හැබෑටම....

      Delete
  13. දත් මැදලා නෑ කිවුවම රාළහාමිට වහ කන්න හිතෙන්න ඇති නේද?.

    පවු අර කොත්තු බාස් නම්.

    ReplyDelete
    Replies
    1. රාළහාමිට නෙමෙයි ප්‍රියා මටයි හිනා යන්න ආවෙ...මම හරිම අමාරුවෙන් ඉවසගෙන හිටියෙ...කොත්තු බාස් ඉක්මන් උනා වැඩියි...අපි මක්ක කරන්නද ...

      Delete
  14. පොලිස් කාරයෝ කියන එකට සමාන පදයක් ඇහුවොත් කියන්න වෙන්නේ බල්ලෝ කියන එක තමයි කාලකන්නි කොහෙන් හරි රිංගනවා ජරාව කන්න කානු පනුවෝ. කොහොම වෙතත් අවන්හල් හිමිකාරයාගෙන් ගුටිනොකා ආව එකම මදැයි

    ReplyDelete
    Replies
    1. මේ වගේ උන් නිසා තමයි හොදට රාජකාරිය කරන මනුස්සයාගෙත් නම කැත වෙන්නෙ...ඇත්තටම එදා අපි කොච්චර නම් රස්තියාදු උනාද...

      Delete
  15. කොත්තු බාස් පවු නෙහ්..
    හිත කලකිරිලා යන්ඩ ඇති. කැඩෙට් සීන් එකෙන් ගොඩක් වෙලාවට දිනන්නෙම බණ්ඩාරනායක සෙට් එක.. :)

    ReplyDelete
    Replies
    1. අපේ ඉතින් එදා ඉදලම කැඩෙට් ඉතිහාසයක් පාසලේ තියෙන්නෙ...අදටත් ඒ අභාෂය නිසා තමයි ජයග්‍රහණ ලබන්නෙ...ත්‍රිවිධ හමුදාවෙම විශාල නිලධාරීන් සංඛ්‍යාවක් බිහි කරන්න මේ ක්‍රියාවලිය දායක වෙලා තියෙනවා...

      Delete
  16. හරිම රසවත් පෝස්ටුවක් සිරා මලයා....
    මගෙත් මතකයන් ගොඩක් අලුත් වුනා, විශේෂයෙන් Scooter යෙන් ගිය ගමන් ගැන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නාවිකයො...තවත් ස්කූටර් ගමන් තියෙනවා...මම ලියපු සිංහරාජ චාරිකාවත් කියවලා බලන්න...

      Delete
    2. ආරාධනාවට ගොඩක් ස්තුතියි සිරා මලයා........
      මම සිරා මලයගෙ පොස්ටු ඔක්කොම වගේ කියවල තියෙනවා
      නමුත් කොමෙන්ටු එක් කරන්න ගත්තෙ ගොඩක් පහුවෙලා
      මම හිත්නවා සිරා මලයා අහිතක් හිතන එකක් නෑ කියල
      දිගටම කාමරේට ගොඩවදින්න බලාපොරොත්තු වෙනවා වගේම සිරා මලයටත්
      ඔය කටයුත්ත හොදින් කරගෙන යාමට සුබ පතනවා.....

      Delete
  17. පෝස්ට් එක දිග වැඩිවුනත් සිරා අයියගෙ පෝස්ට් කියවන්න තියෙන කැමැත්ත නිසාම එක හුස්මට කියෙව්ව..නියම ගමනක්..ඔය එදා වේල හොයාගන්න හදන එවුන් ගැන වචනයක්වත් කතා කොරන්න කැමති නැහැ..ඕකල ඔක්කොම එකයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ්...එදා වේල හොයාගත්තත් කමක් නෑ මිනිස්සු මේ විදියට රස්තියාදු නොකර...

      Delete
  18. මමත් ඔය ගමන ගිහින් ඇවිත් අවුරුදු 10 විතර ඇති. ඒ මතකය ආයෙමත් අලුත් වුනා බං සිරෝ මේ පොස්ට් එකෙන්.

    ReplyDelete
    Replies
    1. බොලාත් සිස්ස භටයෙක් වෙලා හිටියද ?

      Delete
  19. ඔක්කොම හොඳයි සිරෝ හැබැයි බොලා අර කොත්තු බාස්ව නොමග යවල කඩේ මනුස්සයට බඩේ පාර ගහපු එක තමා සවුත්තු.

    ReplyDelete
    Replies
    1. නොමග යැව්වා නෙමෙයි...අපි ඇත්තම තත්වය කිව්වෙ...මිනිහට ගම්පහ නයිට් කඩේකින් ජොබක් සෙට් කරලා දෙන්න සත් භාවයෙන් තමයි ඇහුවෙ...මේ යකා පිස්සු කෙලියා නොවැ උදේ පාන්දර...

      Delete
  20. අවුරුදු ගානක් තිබුන හිතවත්කමටත් කෙලෝගත්තා නේද අරූට බොන්න දීලා...සිරෝ අර යටම පින්තූරේ ඉන්න රොෂාන් මම දන්නවා...ගමන් විස්තරේ නම් මරු...

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ කියන්නෙ ඩැයිවර් කොලුවත් අපේ පාසලේමද ?

      Delete
  21. සිරාගේ පෝස්ට් ඇරෙන්නේ නැති ලෙඩක් තියනවා මට. ඔන්න අද මේ පෝස්ට් එක ඇරුණා. ලස්සන මතකයක අසුන්දර සිද්ධියකුත් එක්කම. පොලෝසි ඔහොම තමා බං මේවා කවදාවත් හැදෙන්නෙත් නෑ අපි හැදෙන්නෙත් නෑ. අපිත් වැරදි කරලා සහන හොයනවා. ඒක තමා ලාංකීය අනන්‍යතාව දැන්.

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම ලෙඩත් තියෙනවද ? මම දන්නෙ නෑ නොවැ...මේ කියනකං...ලොක්කො කුඩු කන්ටේනර් පිටින් ගෙනල්ලා අත පිහදාගෙන නිකං ඉන්න එකේ....මේ වගේ පොඩි වැරැද්දකට සහනයක් ඉල්ලන එක අසාධාරණ නෑ නේද....දැන්නම් සිරිලංකාවෙ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නෙ ඒක...

      Delete
  22. bandaranayake band dekama play karanawa ahan inna ,balan inna aasayi. Rantabe issalaama giye train eke nuwarata gihin. eeta passé truck eke.
    parana mathakayan aluth karapu lipiyak

    ReplyDelete
    Replies
    1. ගම්පහ අවට අය විදියට ඉතිං මේ බෑන්ඩ් වල හඩ මැදියම් රැයෙත් ඇහිලා ඇති සමහර විට...

      Delete
  23. අපේ හිත හොඳ කමට ඔය හෝටල්වල ගෝලයන්ට බොන්න දෙනවා. ඒක හෙන කරදරයක් සිරෝ. මමත් හරියට ඔය වැඩේට බැණුම් අහලා තියෙනවා.
    දවසක් මස්සිණාගේ ගෙදර ටොයිලට් වලක් බඳින්න ආපු බාස්ටයි ගෝලයාටයි මම අඩියක් ගහන්න කතාකලා උන් කන්න ඉස්සර වෙලා. මම නිවාඩුවකට ගිය කාලෙක. මස්සිනා වැඩට ගියා මාව තියලා. මුන් දෙන්නා හරි හරි මහත්තයා කියලා මාත් එක්ක විස්කි බෝතලේම ගැහුවා. මමත් කාලා හාන්සි වුනා. මස්සිනා හැන්දෑවෙලා ඇවිත් ඇහුවා කෝ අරුන් ගියාද කියලා. බලනකොට මේ නසරානියෝ දෙන්නා ටොයිලට් වලේ බදාගෙන නිදි. අනපු සිමෙන්ති වේලිලා. මමත් බැණුම් ඇහුවා.

    ReplyDelete
    Replies
    1. අනේ මාමෙ...බොලා උන්ට බොන්න දීලා තියෙන්නෙ රාජකාරී පැයේ නොවැ....මස්සිනාට තද වෙලා බැනලා බේරුන එක හොදා....වෙන මස්සිනෙක් නම් අත පයත් උස්සයි...අපි ඉතිං රාජකාරියෙන් පස්සෙ නොවැ බොන්න දුන්නෙ...බොන එකා දැනගන්න ඕනෙ පහුවදා රාජකාරියට යන්න පුලුවන් තරමට බොන්න...

      Delete
  24. අර නලාව නම් මරු, යූ බටෙන් සද්දෙ අහගත්තා , :D :D

    ReplyDelete
    Replies
    1. මම ඉහළ කමෙන්ටුවක් කෙටුවෙ යූ බටෙන් සද්දෙ අහගන්න කියලා... කොහොමද සද්දෙ...මරු නේද ?

      Delete
  25. නියම චාරිකාව මචං,
    ඔය දුර ගියාම පොලිසියට මාට්ටු උනොත් හොද පොලිස් කාරයෙක්නම් පගාවක් අරගෙන දඩ කොළ නොලියා ලැයිසෝම ආයෙත් දෙනවා.. ඒත් ඉතින් හොද නීති කාරයෙක්ට සෙට් උනොත් ඒ සෙල්ලම් හරියන්නේ නැහැ , අපිට එහෙම වැඩක් වෙලා එක ට්‍රිප් එක දෙපාරක්ම යන්න වුනා ආයෙමත් සතියකට පස්සේ ලැයිසොම ගන්න :D

    ReplyDelete
    Replies
    1. මේ ඩබල නම් දුර පලාතකින් අපි ආවෙ කිව්වට පස්සෙ ජරාවක් කන්නම තමයි සැට් උනේ....අයියෝ කාපු චාටරයක්...තනි ඇහැට ඇඩුනෙ....

      Delete
  26. සිරා ඔය ගමනෙ ගමන් මාර්ගය ගැන පොඩි සිතියම් පොඩ්ඩක් හෙම දාල..පැහැදිලි කලානම් තවත් වටිනව. පහුගිය දවස් ටිකේ මම හිටියෙ මහනුවර. මටත් වික්ටෝරියා වේල්ල බලන්න යන්න උවමනා වෙලා තිබුනෙ.ඒත් යන්න වෙලාවක් තිබුනෙ නැහැ.පාර දන්නෙත් නැහැ. අහන් යනවට වඩා ෂුවර් බොලා වගේ උන් දාන පැහැදිලි කිරීමක් තිබ්බ නම්. මීට පස්සෙ එහෙම කොරමු නේ.
    බයික් ට්‍රිපක් යමුද..හෙන්රිය කිව්ව වගේ..මාත් එක පයින්.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඕවා කරන්න කොහෙද වීයො වෙලාවක්....වැඩ ඇරිලා ඇවිල්ලා සියලු කටයුතු නිම කරලා නිදියන්න තියෙන වෙලාවෙන් කැප කරලා මේ ටික කොටන්නෙත්...අනිවාර්යෙන්ම උඹ සෙට් නම් මමත් සෙට්...බයිසිකලේ නුවර එළි යමු....අපේ සැට් එකත් එක්ක...

      Delete
  27. බොහොම අපූරුයි මස්සිනේ .. ‍රසවින්දා !!! ස්තූතියි !!

    ReplyDelete
    Replies
    1. උඹ හරි හදිස්සියට කමෙන්ට් කරලා දුවලා වගේ අද නම්....

      Delete
  28. හරිම සුන්දර සටහනක්.. ඔය පැති වල මේ කියලා තියෙන විදිහට චාරිකාවක් ගිහින් නෑ මමත්.. බලමු වෙලාවක..

    ReplyDelete
    Replies
    1. බැන්දට පස්සෙ පොඩි රවුමක් දාන්න බැරියැ රට වටේම....

      Delete
  29. ඔය වගෙ ඩයල් බොන්න සෙට් කරගත්තම වෙලාවකට මාර ඇනයක් වෙනව.
    මමත් ඔයවගෙ පොලිස් රාලහාමිලාට දඩ ගෙවන්න සල්ලි දිල තියෙනව තුන් පාරක්.හැබැයි මම වැරදි කල නිසයි එහෙම කරන්න වුනේ.

    ReplyDelete
    Replies
    1. උබ බයිසිකලෙ උඩ වාඩි වෙලා ඉන්න පොටො එක මාර ලස්සනයි

      Delete
    2. මම නම් තවම දඩයක් ගෙවලම නෑ...දඩ ගහන්න තරං ලොකු වැරදි වලට අහුවෙලා තිබුනත් මම ගැලවීමේ කලාව දන්නවා...ප්‍රිය වචන කථා කරලා...රාළහාමිලට එතකොට මට දඩ ගහන එක ගැන දුක හිතෙනවා ඇති.

      සික් විතරක්....තාම කෙල්ලෙක් ෆොටෝ එක ගැන ඔහොම කථාවක් කිව්වෙ නෑනෙ හැබෑට...බොට ඒ ගැන තුති.

      Delete
  30. 2011 අවුරුද්දේ මම කඳවුරට සහභාගී උනේ සැරයන් කෙනෙක් විදිහට... හරිම අපූරු මතකයන් ගොඩක් අලුත් කළා මේ ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. බොලා කැඩෙට් කරුවෙක් කියලා දන්නවා...ඔය වසරේ සැරයන් පට්ටම දැරුවා කියලා දන්නෙ නෑ...බලාගෙන ගියාම නාඩියා තාම පොඩි දරුවෙක් නොවැ....වෙලාවක ඒ මතකය ගැන යමක් ලියහංකො...

      Delete
  31. මටත් ආස හිතුන කියහන්කෝ බයික් ට්‍රිප් එකක් යන්න

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...