පාසල් නිවාඩුවේදී අපි ගුඩු විද්දෙමු, කොහි කිරිල්ල ගෙඩි යොදා බට තුවක්කුවෙන් වෙඩි තිබ්බෙමු, සරුංගල් උඩ අරින සමය උදා වූ විට එය රෝගයක් ලෙස ගමටම බෝ විය. සරුංගලයක් තනිව සාදා ගත නොහැකි උන් ඒ කාරිය කරන්නට හැකි කෙනෙකු වෙත පාප්ප, සව්කොල, ඉරටු ගෙනැවිත් දී සරුංගල් සාදවා ගත්තෝය. සිරා කොලුවා වන මට කපුටා සහ නයා යන වර්ගයේ අතුරු ආපදාවකින් තොරව උඩ යන සරුංගල් සෑදීමේ පුංචි කීර්තිනාමයක් තිබුන නිසා පුංචි එකෙක් දෙන්නෙක් සමහර දවස් වලට අපේ නිවසට පැමිණෙයි...සරුංගලයේ සැකිල්ල සකසා දුන් විට සමහරෙක් තම සහෝදරියකට කියා එයට සවුකොල අලවා ගත්හ. සරුංගලය වැඩ නිමවා උඩ යවන විට ඒ දෙස බලා විදි සතුටත්..සරුංගලයක් නූල කැඩී කඩාගෙන යන විට එකාවන්ව ඒ පසුපස දිව ගිය අයුරුත් මට තවමත් මතක් කරන්නට අපහසු නැත.
මේ කෙහෙල්මල් සරුංගලයක් හින්දා මේ ළමයි අව්වෙ වේලෙනවා...සමහර දිනෙක අම්මා දෙස් තියන්නේ උදෑසන සිටම අපි සරුංගලය සමග වෙල් ඉපනැල්ලේ කාලය ගත කරන නිසාවෙනි. අප එකල නිදාගන්නේ එළිවෙනතුරු සිටින්නට බැරි ඉස්පාසුවකිනි. නව දවසක් උදා වූ පසු සරුංගල් අරින්නට තරමේ සුළගක් හමන්නට පැය කීපයක් ගත වෙයි. පොල් ගස් වල මුදුන් අතු සෙලවෙන විට සුළං හැමීම ආරම්භ වී ඇති බව අපි දනිමු. එතැන් සිට අපේ සරුංගල් උඩු ගුවනට යවනකං අපට මෙලෝ සිහියක් නැතිය.
මම කාලා එනකං මේක බලාගනින්..දිවා ආහාර සමය එළඹෙන විට අහල පහල සිටිනා එකෙක් වෙත සරුංගලය පවරන්නත්...කෑමෙන් පසු නිවසේ මිදුලේ සිට සරුංගලය දෙස බලා එය අම්මාට පෙන්වන්නත් එකල මමත් මලයාත් මහත් සේ රිසි වීමු.
කෙමෙන් කෙමෙන් කරදඬු උස් මහත් වෙන විට සරුංගලය අපෙන් කෙමෙන් කෙමෙන් ඈත් විය. සිස්සත්ත කඩඉමෙන් පසු බොහෝ දෙනෙකුට පා පැදියක් ලැබීම එයට හේතුභූත වූ කාරණය වන්නට ඇත. බයිසිකල් මගින් වෙසක් බලන්නට යන්නත්....පොසොන් සමයේ දන්සැල් සොයා යන්නටත් සරුංගලයෙන් පසු අපි ප්‍රිය කළෙමු. මේ ක්‍රියාකාරකම් නිසාම සම වයසේ උන් අතර කදිම සමගියක් දළු ලා වැඩිනි.
විදේශගතව සිටි මගේ පියා නැවත සියරට පැමිණි පසු අපේ නිවාස කිට්ටුවෙන් ගලා යන අත්තනගළු ඔයේ පිහිනුම් පාඩම් කියා දුන් අන්දම මම අතීතයේ දවසක ලියා තිබේ. මටත් මයෙ මලයාටත් ඇරඹුන මේ පිහිණුම් පාසලට දවසක් දෙකක් ගත වන විට පිහිනීම ඉගෙනගැනීමට ආසාවෙන් සිටි ගමේ තවත් උන් එකතු විය.
අනේ මල්ලියෙ මෙන්න මේකටත් ඔය පීනන හැටි කියලා දෙන්න..
දෙමාපියෝ උන් මගේ පියා වෙත බාර දුන්නේ එසේ පවසමිනි.
හිරු මුදුන් වන විට අප තාත්තාට කරදර කොට ඔයට යන්නෙමු. එතැන් සිට පැයක් දෙකක් දිය කෙළියද පිහිණුම් පුහුණුවද සිදුවෙයි. එදා අපේ කෙළි කවට සිනා හඩින් නිම්නාද වූ ගමේ නාන තොටුපල අද වල් වැදුන තැනකි. වතුර මලෙන් නිවසේ සිට නාගන්නවා විනා ඔයට ගොස් රෙදි ටික සෝදා නාගන්නට කිසිවෙකුට අවශ්‍යතාවක් නැත. කාලය මැව් වෙනස අතරතුර අත්තනගළු ඔය හුදෙකලා වී ගලා බසියි.
ඡායාරූපය මෙතැනින් |
මාසයක දෙකක ඇවෑමෙන් අපි සියල්ලෝම පිහිණීමේ දක්ෂයන් වීමු...ඔය හරහා දෙපසට පිහිනන්නත්...තරගයට පිහිනන්නත්, දිය යට කිමිදෙන්නත් අපට වෙනත් අයෙකුගේ ගුරු හරුකම් අවශ්‍ය වූයේ නැත. තවත් ටික දවසකට පසු පාලම් ඇන්දේ සිට ඔයට පනින්නට අපි පුරුදු වීමු. සෑහෙන උසක සිට ජල තලයට වැටුන පසු ඔයේ අඩිය දක්වාම ගමන් කර නැවත ඉහළට පැමිනීම සැබැවින්ම විනෝදජනක අත්දැකීමක් විය.
අපේ හැකියාවන් ගැන සෑහීමට පත්වූ පසු තාත්තා අප සමග ඒම නවතා දැමුවේය. දැන් පාසල් නිවාඩු කාලයට කොල්ලන් සරුංගල් යවන්නේ නැත. දිවා කාලයේ අත්තනගළු ඔයේ ජල තලයට එකතු වෙන අපි එතැන් සිට ඇස් ගෙඩි ගොරකා මද මෙන් දිස් වෙනතෙක් දිය කෙලින්නෙමු. පාලම යටින් ගොස් පාලමේ කොන්ක්‍රීට් කණු දිගේ ඉහළට බඩගා පාලම මතට පිවිසීමත්...එතැනින් නැවත ජලයට පැනීමත් අපට එදා කජු කනවා මෙන් වුවත් මේ තඩි බඩ ගෙඩිය උස්සාගෙන අද සිරා කොලුවා ජලයට පැන්නොත් බඩ පැලී එතැනම යටියන්තොට යනු ඇත.
අපේ පිහිණුම් නඩය බොහෝ සේ එකමුතුය. පාසල් නිවාඩු කාලයේ දිනපතාම දිය කෙළියේ යෙදෙන විට ඇතැම් ක්‍රියාකාරකම් නීරස වන විට අප අලුත් දේ කරා යොමු වීමු. එකල අපි හැන්දෑ කොරේ ක්‍රිකට් ක්‍රීඩා කලේ වෙන්දේසිවත්ත නම් කට්ටි කර විකුණූ පොල් වත්තක සිටය. ඉඩම් අළෙවිය පිළිබද ප්‍රසිද්ධ සමාගමක් මේ ඉඩම විකුණා අහවර කර තිබූ නමුත් එහි බිම්කොටස් මිළදී ගත්ත උන් ඒවායේ නිවාස තැනීම ඒ වනතෙක් අරඹා තිබුනේ නැත. ඒ නිසාම එහි වූ පොල් ගස් වලට මෙන්ම තැඹිල් ගස් වලටද අයිතිකරුවන් සිටියේ නැත.
අත්තනගළු ඔයේ සිට කුඹුරු ඉඩම් වෙත ජලය රැගෙන ගිය තරමක් විශාල ඇළ මාර්ගයක් මේ ඉඩමට පහළින් වැටී තිබුනි. පහළ සිට ඉහළට ජලයේ පිහිනා විත් ඒ ආසන්නයේම ඇති ගස් වලින් කුරුම්බා කැඩීමේ අපූරු සැලසුමක් වතාවක් සභාවට ඉදිරිපත් කලේ අපේ පිහිණුම් සංගමයේ සිටි ප්‍රබල සාමාජිකයෙකු වූ මාකස් විසිනි. ඒකාගේ නම වෙනත් එකක් වුවද ගමේ කොල්ලන් අතර ප්‍රසිද්ධ වූයේ මාකස් යන නමිනි. ක්‍රිකට් ක්‍රීඩා කරන විට ඔහු රාහුල් ද්‍රාවිඩ් වැනිය. පන්දුවට තට්ටු දමමින් සිටිනවා විනා විශාල පහරකට යන්නේ ඉඳහිට හෙයින් දවා ගැනීම පහසු නැත. පාසල් නිවාඩු සමයේ අප උදෑසනම ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වූ නිසා මේකාගේ තට්ටු දැමීම අපට හිසරදයක් වී තිබූ කාල වකවානුවක්ද විය.
පොල් වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කරන කරන විට පන්දුව පොල් ගස් මුදුනේ ඇතැම් විටෙක රැදෙයි. එවන් විටෙක පන්දුව නැවත ලබා ගැනීමට ෆයිලට් කෙනෙකුගේ අවශ්‍යතාව අපට ඇතිවේ. ඒ අවශ්‍යතාව ඇතිවූ දිනක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වළල්ලක ආධාරයකින් තොරව පොල් ගස මුදුනට ලගා වූ මාකස් තම හැකියාව හා පුරා කියා අපට පෙන්වූවේය.
ඔහුට ඇත්තේ අපූරු හැකියාවකි. පොල් ගස අත් දෙකෙන් අල්ලාගෙන ඒ මත ඇවිදිනවා මෙන් කකුල් දෙක තබමින් ඉහළට යන ආකාරය බලා සිටින්නට ආශා හිතෙන එකකි. එදායින් පසු පොල් ගහක පන්දුවක් රැදුන සෑම විටෙකම එය ලබාගන්නට ගුවන් ගත වූයේ මාකස්ය. නමුත් ටික දිනක් යන විට මේ කාරිය පිනට කරන්නට මාකස් කැමති වූයේ නැත.
මට කුරුම්බයක් කඩා ගන්න දෙනවා නම් විතරයි මම නගින්නේ....
මාකස් තම ඉල්ලීම් එලෙස ඉදිරිපත් කරන විට ක්‍රීඩා කරන තැන සිටින වැඩිහිටි එකෙක්...
හා කඩාගනින්කො... කියන්නේ වෙන්දේසිවත්තේ පොල් ගස් එකාගේ දේපොළ යයි සිතාගෙන විය යුතුය.
වෙන්දේසිවත්තට යාබදව තිබුනේ ඇලිස් උපාසිකා මාතාවගේ නිවසයි. බොහොම සැර පරුෂ කාන්තාවක් වූ ඇය, අප හොර කුරුම්බා කඩනවා දුටුවහොත් කනේ ඇගිලි ගහගන්නට බැණුම් අහන්නට වන බව දන්නා නිසාම අපේ කුරුම්බා කැඩිල්ල ඇයට හොරෙන් කල යුතු එකකි.
දිනය උදාවිය. ඇළ මාර්ගය දිගේම අපි උඩුගං බලා පිහිනමින් වෙන්දේසිවත්ත ආසන්නයට පැමිණියෙමු. ඇළ ඉවුරේ සිට බලන විට තම මිදුල අමදින ඇලිස් නෝනාගේ දසුන අපට සමීප වෙයි. ඒ නිසාම ඇය වසන් වන තුරු අප කල්මැරිය යුතුය. වරින් වර පන්දු ලබාගන්නට පොල් ගස් බඩ ගා ඒවායින් කුරුම්බා බී තිබූ මාකස් රසැති කුරුම්බා සහිත ගස් මොනවාදැයි දැන උන්නේය.
අන්න අර ඇලිස් ආච්චිගෙ ගේ කිට්ටුව තියෙන ගහේ කුරුම්බා නම් මාර රහයි...මාකස් එසේ කියයි. එය එතරම් උස නැති එකකි. ඒ නිසා වැඩේ දෙන්නට අපහසුවක් නැත.
හෝරාවක් පමණ ගත වන විට තම මහළු සැමියා සමග නිවසේ සිටින ඇලිස් නෝනා දවල්ට කන්නට යමක් රත් කරන්නට කුස්සියට වැදෙයි. නිවසේ දුම් කවුළුවෙන් දුම් වළාවක් ඉහළට නැගෙන විට ඇය දැන්ම නිවසින් පිටතට පැමිණෙන්නේ නැති බව දන්නා අපි මාකස් දියෙන් ගොඩට කැඳවන්නෙමු. තෙත බරිත කලිසම් කෙටියත්..වතුර බේරෙන දෙපා සහිත වුවත් මාකස්ට ගහට බඩගාන්නට කිසිම අපහසුතාවක් නැත. ඒකා වදුරු පැටියෙකු මෙන් වේගයෙන් ගහේ කරටියට ඇදෙයි. සැනෙකින් ලපටි කුරුම්බා ගෙඩි හත අටක් දෝයි දෝයි හඩින් බිම පතිත වෙයි. ගහ යට රැකගෙන සිටින අනෙක් උන් ඒවා ඇලට විසිකරන්නේ ඉතාම වේගයෙනි. ගෙඩි වැටෙනා ශබ්දය ඇසී නිවසින් පිටතට පැමිණෙන ඇලිස් උපාසිකා මාතාවට ගහෙන් බිමට බඩගානා මාකස්ව පෙනෙයි. මාකස්ට ටිකක් ඈතට වන්නට කුරුම්බා අහුලන්නට ආ උන් ඇළ දෙසට දුවන දසුන පෙනෙයි.
අවලං හැත්ත...තොපි හොරෙන් කුරුම්බා කැඩුවද...මට මේ අදුනගන්න බෑ ...නැත්තං මම ගෙදරටම ඇවිත් තොපේ මහ උන්ට කියාදෙන්නෙ...වල් හැත්ත....
ඇලිස් නෝනාගේ කටින් පිට පනින්නේ එවැනි වදන් පෙළකි. ඇයට අනුන්ගේ වත්තක කුරුම්බා කැඩීම මේ තරම් කෝපයක් ගෙන දෙන්නට ඇත්තේ වෙන්දේසිවත්තේ ගස් වලින් වැටුන පොල් බොහොමයක් ඇගේ කුස්සියේදී පොල් කුඩු බවට පත්වූ නිසා විය යුතුය.
පහළට ගලා යන ජල පහර ඔස්සේ අපද දැන් පහළට යන්නෙමු. අපට ඉදිරියෙන් කුරුම්බා පා වෙයි. අපේ නාන තොට අසලදී ජලයෙන් ගොඩ එන මේ කුරුම්බා අප වෙත මහත් රසයක් ගෙන දුන්නෝය. හොර කුරුම්බා කොහොමත් ඉතා රසවත් බව ඒවා එලෙස පානය කල උන් දන්නවා ඇත.
සතියකට දවසක් මාකස් මාර්ගයෙන් හොර කුරුම්බා ගෙඩියක රහ බැලීමත්...ඇලිස් උන්දෑගේ ලෝඹු කටෙන් බැනුම් ඇසීමත් පාසල් නිවාඩු සමයට ඉතා සුුපුරුදු කාරියක් විය.
ඇලිස් ආච්චිගෙ වත්තෙ තියෙනවා රන්තැඹිලි ගහක්...මම දැක්කා හොද පැහිච්ච ගෙඩි තියෙනවා....දෙමුද ඒකට වැඩක්...
අත්තනගළු ඔයේ පිණුම් ගසනා දවසක මාකස් එවැනි යෝජනාවක් කළේය.
කොහොමද බොල ඒ වැඩේ කරන්නෙ..උන්දැ දවල්ට ගෙදර ඉන්නවා නොවැ.
උන්දැ ඉන්නෙ ගේ ඇතුලෙනෙ...අපි ගෙඩි ටික සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න පහලට දාමු...
මාකස්ට එවැනි සැලසුමක් තිබේ.
සුපුරුදු පරිදි ඇළ දිගේ ඉහළට පිහිනා පැමිණි කුරුම්බා නඩය ඇළිස් උපාසිකාවගේ වත්ත පිටුපසින් රන් තැඹිලි ගස ඉලක්ක කොට ඉදිරියට ඇදෙයි. නිවසේ දුම් කවුළුවෙන් ඉහළට ඇදෙනා දුම් රොටු ඇය ආහාර පිසින බව අපට සැළකරයි.
මාකස් තෙත බරිත කලිසම් කොටය පිටින් තැඹිලි ගහේ කඳ මත ඇවිදියි. සැනෙකින් තැඹිලි ගහේ මුදුනට සැපත් වෙන ඔහු අතින් කරකවා තැඹිලි ගෙඩියෙන් ගෙඩිය බිම සිටිනා උන් වෙත එවයි. ඒවා කිසිදු හඩක් නොනගා බිම සැතපෙයි.
එහෙත් තැඹිලි අල්ලන්ට සිටි එකෙකුගේ අත් වැරදීමකින් දෝයි යනුවෙන් මහ හඩක් නගාගෙන තැඹිලි ගෙඩියක් බිම පතබෑවිනි.
පෙර වැරදි තිබෙන නිසාම මේ හඩ කුමක්දැයි හොඳින් හදුනන ඇලිස් නෝනා එදා එළියට පැන්නේ අතට අහුවුන ඉඳලද සමගය. වෙනදාට වෙන්දේසිවත්තේ කුරුම්බා කඩන උන් අද තමන්ගේ වත්තේ ඇති රන් තැඹිලි ගහේ ගෙඩි කරකවනවා දුටු උන්දැට සිටිනා තැන අමතක වෙන්නට ඇත. අමු තිත්ත කුණු හරුප වැස්සක් වහින්නට විය.
තොපි කාගෙන් අහලද යකෝ මගේ තැඹිලි ගහට බඩගෑවෙ...අවලං හැත්ත...හිටපියව් මම තොපිට හොඳ වැඩක් කරන්න. අනුන්ගෙ ගහක ගෙඩියක් තියාගන්න දෙන්නෙ නෑනෙ මේ හු........ පුතාලා.
ඇලිස් උන්දෑ කෝපයෙන් පරල වී අපේ උන් පසුපස ඉඳල වන වනා පහරදෙන්නට එලවයි. එහෙත් ඇයට සැනෙකින් මතක් වූයේ ගහට බඩ ගෑ එකා තවමත් ගහේ බවයි.
ගහ බදාගෙන සිටින මාකස් දැන් තැඹිලි කරටියේ සිටී. ගස් නගින්නට වළල්ලක් පාවිච්චි නොකරන නිසා කොටියාට මෙන්ම මාකස්ටද ගහෙන් බැසීම නගිනවා තරම් පහසු නැත. ඉඳලක් අතින් ගත් කුණු හබ්බයෙන් පළාත නැති කරන ඇලිස් නෝනා ගහ යට සිටියි.
තෝ වරෙංකො පහලට...මම තොගෙ කොන්ද කඩනවා අද ආයෙ ගස් බඩගාන්න බැරි වෙන්න. මම මෙතනින් යන්නෙ නෑ උඹ ගහෙන් බිමට බහිනකං...
මහත් සේ තැතිගෙන සිටින මාකස් කකුල් දෙක පටලවාගෙන ගහ බදාගෙන සිටින අයුරු දුටු විට ඒකා ගැන අපට දුකක් ඇතිවෙයි. අපි සියල්ලෝ වෙනුවෙන් තැඹිලි කරකවන්නට ආ මාකස් මේ උවදුරෙන් ගලවා ගත යුතුය.
අප්පට සිරි තඩි නයෙක්...රිංගුවා රිිංගුවා මෙන්න ඒකා කුස්සිය ඇතුලේ....ඇලිස් ආච්චියේ මෙන්න කලු නයෙක් කුස්සියේ..
අපේ එකෙක් අපේ නොවන ලෙසින් නිවසේ පිටුපස සිට මරහඬ දෙයි. ඒ හඩින් උන් හිටි තැන් අමතක වූ ඇලිස් නෝනා මාකස් අත හැර නිවසට දිව්වේ නයා බලන්නටය. ඒ අතර තුර සුරුස් ගා ගහෙන් බිමට ලෙස්සූ මාකස් තැඹිලි ගෙඩියක්ද රැගෙන ඇළ ඉවුරට පැමිණ ජලයට පැන්නේය. කලු නයා දකින්නට අපහසු වූ කෝපයෙන් ඉඳලත් ඔසවාගෙන මාරාවේශයෙන් ඒකා පසුපස එළවාගෙන පැමිණි ඇලිස් නෝනා ඇළ ඉවුරේ නැවතී...අප සියල්ලන්ගේම මව්පිය වරු සෙනෙහසින් මතක් කලාය.
අපේ පිහිනුම් නඩයේ සිටි අනිත් කටකාරයා කිත්තාය...ඒකාට කාන්තා කටහඬකින් කථා කිරීමේ අපූරු හැකියාවක් තිබුනි. එකල අපේ පළාතේ බොහොමයක් යුවතියන් ඇඟලුම් කම්හල් වල සේවයට එකතුව සිටි හෙයින් අපට යාබද ගමට ගමන් ගන්නා සේවිකාවන් බොහෝ විට අප කරණම් ගසනා පාලම මතින් එගොඩට ගියෝය.
තරුණියන් පිරිසකට පාලම මතට එන්නට ඉඩ දී පාලම යට සිට කිත්තා නගන්නේ මර හඬකි.
අනේ අයියා මාව අත අරින්න...මගෙ ඇදුම් මට දෙන්න..මාව අනාථ කරන්න එපා අයියා...අනේ පින්සිද්ධ වෙයි මට යන්න දෙන්න...
පාලම යටින් ඇසෙන්නේ යම්කිසි අතවරයකට ලක් වූ යුවතියකගේ හඬ යැයි සිතා කෙල්ලන් විදුලි වේගයෙන් ආපසු හැරී ඒ ආසන්නයේ තිබෙන මහතු මාමාගේ කඩයට දුවයි. කිත්තාද පාලම යටින් ඔයට පැන විදුලි වේගයෙන් අතුරුදන් වන නිසා අතවරයට පත්වූ යුවතිය සොයා එන උන්ට කිසිදිනක විත්තිකරුවන් සොයාගන්නට හැකියාව ලැබුනේ නැත.
දියකෙළිය අතරතුර සිදුවූ තවත් රසබර සිදුවීම් තිබේ. ඒවා ඉදිරි දිනයක ලියන්නෙමි. සිරා කොලුවාගේ හිත හදිසියේම අතීතය කරා ගොස් තිබූ වේලාවක මේ සටහන ලියවුන බව ඔබට කියන්නට රිසි වෙමි.
සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ
ReplyDeleteඅපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ
සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි
සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයි
සරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි
සංගීතය - විශාරද නන්දා මාලිනී
පද රචනය - සුනිල් ආරියරත්න
මමත් ඉතාම ප්‍රිය කරන ගීතයක් පත්තරයො මේක...සරුංගලය වගේ රට හැර ගිය මිත්තරයො මටත් ඉන්නවා...සමහරු වෙනත් රටවල පුරවැසි කමත් අරගෙන...අපේ රටේ පවතින බලු දේශපාලනයත් ඒ ළමයි එහෙම වෙන්න හේතු උනා කියලයි මම හිතන්නෙ.
Delete//උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ//
මේ පේලියට මම හරිම කැමතියි...ඒක සහතික ඇත්ත...රට ඉන්න උන් වශයෙන් මම වගේම උඹත් දන්නවා...ඒක ඇත්තක් බව...ඒ හින්දම තමයි අපි උපන් බිමේ වැඩි කාලයක් ජීවත් වෙන්න හිතන්නෙ ඉදිරියට...
එල ද බ්‍රා..බඩ අල්ලගෙන හිනා වුනා..කිත්තාගේ වැඩෙට..
ReplyDeleteමට සංරැගල් හදන්න දන්නේ නෑ බං.
කිත්තා ඔය දෙබස් ටික කියද්දි පොඩි කෙදිරියක් වගේ එකක් දෙනවා...ඒක ඇහුවාම හිනා කාලා පන යනවං බං....
Deleteසිරා කොලුවාට නයා සරුංගල් නම් තිතට හදන්න පුලුවන්..අවුරුදු 20 කින් විතර සරැංගලයක් හදලා නෑ මම..මගේ පැටව් සරුංගල් උඩ යවන වයසට ආවම තමයි ආයෙමත් සරුංගලයක් හදන්න මට අවස්ථාව ලැබෙන්නෙ. පොඩි මෙන්ඩා සරුංගල් අරින්නෙ නැද්ද බං...
පොඩි මෙන්ඩා බ්‍රා එකකට සේරුව දාලා උඩ යවනවා ඇති... නැද්ද මෙන්ඩෝ
Delete@සිරා
Deleteඅනේ නෑ බං ඌ තවම පොඩි එකානේ. හැබයි අම්මයි පුතයි සරැංගල් වෙසක් කුඩු හදනවා..
@ මචං ඇනෝ
ඌටත් දැන් බ්‍රා, ෂිප්මන්ට්, ඉනස්පෙක්ෂන්, ලෝඩින්, කියන එවා සාමාන්‍ය දේවල් ඇයි බං මම ඉතිං ගෙදරදිත් ඔවා කතා කරනවා ඇහෙනවා..පොඩි මෙන්ඩාට මගේ රැකියාවේ වගකිම් ගැන පොඩි අයිඩියා එකක් තියනවා.
සිරා කතාව සිරාවටම ලියල තියෙනව :D. දැන් කාලෙ පොඩි උන්ට නොතිබුනාට අපි කාටත් මේවගේ සුන්දර ළමා කාලයක් අඩු වැඩි වශයෙන් තිබුන. ඒ අතීතෙ ආයෙත් මතක් උනා මේක කියවද්දි. ජය වේවා!!!
ReplyDeleteහැබැයි බොලං සිරා කොලුවගෙ පොඩි උන්ට නම් මේ අත්දැකීම් ලබන්න අවස්ථාව ලැබේවි...අපි වැටුන පෙරලුන පරිිසරයෙම ඒ අයටත් වැටෙන්න පෙරලෙන්න අවස්ථාව දෙන්නයි මගේ කල්පනාව... බොටත් ජයම වේවා !
Deleteඔහෙප්පලයන්... ඒ කියන්නේ සහේට ගන්න කැකුලියෙන් දැන් සිරාට ඉන්නවා... ඔන්න උබ බෝග දැම්මම වතුර ගහන්න මම ප්‍රොෆයිල් එකක් හදා ගත්තා....
Deleteබූට් ඇනෝ...ලස්සන බූට් දෙක....
Deleteඅම්මට හුඩු බෝක්ක..සින්දු ඇනෝගෙන් පස්සෙ දැක්ක ලස්සනම නම..එල ද බ්‍රා
Deleteබ්‍රැන්ඩ් එක ගල්
බූට් දෙක දුන්න එක්කෙනත් ලස්සනයිනේ සිරෝ... ඒක වෙන්ට ඇති බූට් දෙකත් ලස්සන.... මෙන්ඩෝ බයිට් එකට බෝල කඩලද...? බැදපු හුරුල්ලොද...?
Deleteකොහේද කොහේද අපේ ලොවක්
ReplyDeleteකොහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්
රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්
නපුරු රාක්සයන් රාක්සියන් ඉන්න කැලෑවක්
පුංචි සුරංඟනාවන් සැඟවී ඉන්න වළාවක්
අපට හිතුමතයේ රජ කරගෙන ඉන්න දිහාවක් //
කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්
කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ
මුහුදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ
මකර කටින් නාග භවනය යමු එන්න යාළුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ //
කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්
මුරකාවල් නැති වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්..
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - පණ්ඩිත් අමරදේව
ගායනය - වික්ටර් රත්නායක
මඩොල්දූව සිංහල චිත්‍රපටයේ ගීතයක්
මේ ගීතය සහ මගේ ලිපිය බෙහොම හොඳින් ගැලපෙනවා කියලා මට හිතෙනවා...බොහොමයක් වැඩිහිටියන් තමන්ගෙ ළමා කාලය ගැන චිත්ත රූප මවන ගමන් තමන්ගෙ දරුවන්ට ඒ අත්දැකීම් නොලැබෙන එක ගැන කණගාටුවට පත් වෙනවා ඇති කියලයි මට හිතෙන්නෙ...
Deleteකටේ කිරි සුවඳ නොගිය ද
Deleteහිතේ මහ බරක් නැතුව ද
පාවී එන මහ සුළඟක පුතු තනිවෙනවා
ඒ සුළඟේ රහස් කතා පුතු රවටනවා.....
අරුණට පෙර සුරලොව බිඳ
සිත හැඟුමන් තුළ තනිකර
පිනි වෑහෙන අඳුර මැදින් පිය මැන යනවා
සුරංගනා රජ දහනක් පුතුට මැවෙනවා .....
ඇලක දොළක නෙත නොරැඳුණ
වෙල් යායක පය නොගැටුණ
පුතුට උරුම ලොව දැකුමෙන් මසිත හඬනවා
මහ සුළඟේ අඳුරු වලා පාවී එනවා......
ගී පද - දුමින්ද හඳපාන්ගොඩ
ගී තනු - නවරත්න ගමගේ
ගායනය - සුනිල් එදිරිසිංහ
ඉවාන්..ඒ සින්දුව ඇතුලේ මාර ගැම්මක් තියනවා..
Delete@සින්දු ඇනෝ
අන්න උඔගේ මල්ලි ඇවිත්..බුට් ඇනො
අපි සන්තෝසෙන් ඉන්නේ.....
Deleteදුක සෝකය නෑ දන්නේ.....
අයියා මල්ලි වාගේ... අයියා මල්ලි....
සිරාගේ කාමරයට කවදත් අතහිත දෙන සින්දු ඇනෝ වෙත මාගේ ස්තූතිය පිරිනමමි.
Deleteඋඩහින් අපි නාපු වතුර, පහලින් සිරා මල්ලිල නෑව හින්ද තමයි අපි කරපු දේවල්ම ඔයාලත් කරල තියෙන්නෙ.
ReplyDeleteඅපිට පොල් ගස් නගින්න , පීනන්න ඉගැන්නුවෙ අපේ අයියල. අනිවාර්යයෙන් මේ දෙක සුපිරි මට්ටමට ලගා උනොත් තමයි නඩේට ගත්තෙ.
කුරුම්බා , කෙසෙල් , පෙර , ඕනෙම දෙයක් තියන අයිතිකාරයෙක් දන්නෙ නැති , වෙල් යාය මැද්දෙ තිබුන ලොකු වත්තක් අපිට අභය භූමියක් වගේ තිබුන .අපි ඒ වත්තට කිවුවෙ පිල්ලෑව කියල. හැබැයි මළගෙයක් දවසකට රෑට ඕනෙම ගහකින් කුරුම්බ සද්ද නැතිව කඩන්න අපි කලේ පස් හය දෙනෙක් පරතරයක් හිටින්න නැගල අතින් අත පාස් කරනව.
මම ගමේ ගිය දවසක පොඩි උන් අරන් නාන මංකඩට ගියා දැන් ඒ තැන් කැලේ වැවිල. ඔක්කොම ෂවර් වලින් නාන පොඩි උන් ඉන්නෙ .
අපි වෙන්දේසි වත්තෙ ක්‍රිකට් ගහන්න කලින් ක්‍රිකට් ගැහුවෙ පිල්ලෑව කියලා හදුන්වපු විශාල පොල් වත්තක...හැම තැනම පොල් ගස්...කොච්චර තදට බෝලෙට තැලුවත්...කොහෙ හරි පොල් ගහක වැදිලා ගහපු තැනටම බෝලෙ එනවා..හරිම ආතොල්....
Deleteගමේ මළගෙදරක නයිටක් ගහන දවස් වලට ඉතිං...තැඹිලි වලු දෙක තුනකට වග කියන්න අපිත් පසුබට උනේ නෑ...මධ්‍යම රාත්‍රිය ගෙවෙනකං ඕමියක් ගහලා පාන්දර ජාමෙ තැඹිලි ගෙඩියක් බීලා හොඳ ළමයි වගේ ගෙදර ගිහින් උදේම නිදාගත්තා.
@කම්මලේ
Deleteමම පුරේ ගියාහම පොඩි මෙන්ඩාව වැවට දානවා..සදු ගොඩ ඉදගෙන කෑ ගහනවා..
නියමයි සිරෝ, නියමයි. මෙන්න මෙව්වා නොකළ කොල්ලෙක්ගෙන් ඇති වැඩක් නෑ. කොලු කාලේ කොලුකම් (බලුකම් නෙවෙයි) නොකළ එකාට පහු කාලේදී රටේ ලෝකේ ජීවත් වෙන්නත් අමාරු වෙනවා.
ReplyDeleteබොහොම රසවත් කතාව.
අදනම් අත්තනගලු ඔය සෑහෙන්න දූෂණය වෙලා කියලයි කියන්නේ. නොයෙක් අපද්‍රව්‍ය මුසුවීම නිසා.
අපද්‍රව්‍ය වලටත් වඩා දැන් මේ අත්තනගළු ඔයේ කිඹුලන් කීප දෙනෙක් ඉන්නවා කියන භීතිය නිසාම නාන්න යන අය බෙහොම අඩුයි අපේ පළාතෙ... අපි පුංචි කාලෙ නාපු, පීනපු තැන් අද වල් වැදිලා...කිසිවෙක් වතුරට බහින්නෙ නෑ
Deleteසිරෝ.. ආපහු පොඩි කාලෙට යන්න හිතුන බන්.. අපේ එකෙක් හිටියා දුර පලාතකින් ඇවිත් බෝඩිං වෙලා අපිත් එක්ක ඉස්කෝලෙ ගිය එකෙක්.. ඌ පොල් ගස් නගින විදිය දැක්කම ඇඬෙනව බන්.. අපිට පාරෙවත් යන්න බෑ ඒ තරම් සීරුවට.. ගහමුල හිටගෙන දකුණු අත තියනව ඌ හිටගත්ත පැත්තෙන් ගහට ඇඟිලි පහතට හිටින්ඩ.. වම් අත ගහ වටෙන් ඊට විරුද්ද පැත්තට තියල ගහ අල්ල ගන්නව.. ඊට පස්සෙ සුරුස් ගාල ගැම්මක් අරන් උඩ පැනල කකුල් දෙක ගහ දෙපැත්තෙන් තියනව.. ඔය විදියට දෙතුන් පාරක් ඇකිලිලා කෙලින් වෙනකොට මේ යකා ඕනෙම උස ගහක් මුදුනේ.. කුරුම්බ වල්ලක් කඩල බිමට දාලා හොඳවැයින් ගෙඩියක් දෙකකුත් අතින් අරන් බහිනව එක දාඩිය කඳුලක් දාන්නෙ නෑ.. අනික සුදු උනිෆෝම් එක ඇඳන් නගිනව එක කුණු දශමයක් ගා ගන්නේ නෑ.. ඒක පුදුම දස්සකමක් බන්.. අපේ පැත්තේ පොල්ගස් හැදෙනව අඩු උනත් බය නැතුව කියන්න පුළුවන් ඒ පැත්තෙ අපි හොරෙන් කුරුම්බ බීපු ගහක් ඒ කාලෙ තිබ්බෙම නෑ ඌට පිංසිද්ද වෙන්න කියල.. පටි ජොක්කු පිටින් ගඟේ නාල පාරේ කෙල්ලො යනකොට පුක හරවල ගත්ත ආතල් එක මතක් උනා කිත්තගේ කතාවට.. ඊක්කෙයියා.. කියල බොරුවට හැරි හැරී දුවපු උන්ට අපේ උන් බැන්නේ තොපි සීයල අමුඩේ ගහන් කුඹුරු කොටනකොටත් ඊකේයිය කියනවද කිය කියා.. හෙහ් හෙහ්.. මෙහෙම කතා කියවනකොට උන් හිටි තැන් අමතක වෙනව බන්..
ReplyDeleteමචෝ අපේ කොල්ලෙක් හිටියා..උගෙ නම අන්දොස්.. අපි ගේ ඇතුලෙ ඇවිදිනව වගේ ඌ පොල් ගස් යන්නෙ..ඌ කුරුම්බ ගහේ නගින්නේ කරටිල්ලටම..නැගලා ගොබේ ළඟට ගිහින් හොඳට හරිබරි ගැහිලා පොල් අත්තක් උඩ ඉඳගන්නවා..ඊට පස්සෙ කකුලේ මහපට ඇඟිල්ලයි ඊගාව ඇඟිල්ලයි V ෂේප් එකට හදලා කුරුම්බා වල්ල අස්සට දාලා ඇනගෙන ඇනගෙන යනවාවිතරයි.. ඊට පස්සෙ ගහ බදාගෙන ගියර් එකට දාල ක්ලච් එක පොඩ්ඩක් අතාරිනවා. අන්තිම ගෙඩිය වැටෙද්දි ඌත් ගහ මුල :D
Delete//අන්තිම ගෙඩිය වැටෙද්දි ඌත් ගහ මුල// හැක් හැක්.. ඒක පට්ට හැකියාව බං.. ගහ පොඩ්ඩක් ඇලේට තිබ්බොත් මුං ඔච්චරවත් මහන්සි වෙන්නේ නෑ. කොන්ද පොඩ්ඩක් නමල අත් දෙකෙන් ගහ අල්ලගෙන ඇවිදගෙන යනව ගහ දිගේ.. පෙරාත්මේ වඳුරොද මංදා.. තව එකෙක් හිටිය ගහෙන් බහින්නේ ඔළුව පහලට දාල... ඇඟ හීතල වෙනවා... මොනා උනත් උන්ට පින්සිද්ද වෙන්න ඒ කාලේ කලටි කුරුම්බානම් කෑවා මදි නොකියන්න.. දැන් වත්තකින් කලටියක් හොරෙන් කඩල අහු උනොත්නම් වෙඩි තියයි නේ බං.. පොලයක් රත්තරන් වගේනේ..
Deleteමමත් ඔහොම තටමල ගහකට නැග්ගා කියමුකෝ... බහිනකොට සුරුස් ගාලා රූටලා පහලට ආවා... පපුව ලෙලි ගියා....
Deleteකල්‍යාණ මිත්‍රත් එහෙනම් ඒ ළමා කාලයෙ අපූර්වත්වය විඳපු කෙනෙක්...බොහොම සතුටුයි...අපේ මාකස් කියන්නෙත් එසේ මෙසේ පොරක් නෙමෙයි...මිනිහට ගස් නැග්ගට කිසිම මහන්සියක් නෑ....ඇගෙන් වතුර බේරෙද්දිත් ලෙස්සන්නෙ නැතුව අපූරුවට ගස් නගිනවා හරිම පහසුවෙන්...ගහේ ඇවිදිනවා වගේ තමයි යන්නෙ...
Deleteඔය පත්තර මල්ලි කියනවා වගේ සුරුස් ගාලා ගහ දිගේ පහලට ලෙස්සලා මම දන්න එකෙකුගෙ අහවල් උපාංගය පතුරු ගියා...අන්තිමට මිනිහට බේත් කරලා ඒ කෑල්ල පැකට් කලාලු දොස්තර....බේත් අරන් ආවට පස්සෙ මිනිහා යාලුවන්ට කිව්වලු තවම පැකින් කැඩිලත් නෑ බොල කියලා...කොල්ලො එදායින් පස්සෙ ඌට නම දැම්මෙ වලල්ල ගහ මුල කියලා....
අඩෝ..මටත් ගස් නගින්න පුලුවන්..
Deleteඋඔලා කස්ටියගේ කමෙන්ටු දකිද්දි මටත් උන්හිටි තැන් අමතක වෙනවා බං..
සොඳුරු මතක සටහන් ටිකක්..
ReplyDeleteඅද කාලේ ළමයින්ට ආපහු හැරිලා බලලා මතක් කරන්න පුළුවන් සුන්දර ළමා කාලයක් නෑනේ..
ඒත් මම නම් මගේ දරුවන්ට මේ කියන ළමා කාලය ලබා දෙන්න පසුබට වෙන්නෙ නෑ...ඒ හැකියාව අපේ ගමේ තවමත් තියෙනවා...
Deleteමේ වගේ ළමා කාලයක් දැන් ළමයින්ට නැති එක ගැන දෙමව්පියොම තමයි වග කියන්න ඕන. අන්තිමට වෙන්නෙ ඉගෙනගත්ත ලෙඩ්ඩු ටිකක් ඇතිවෙන එක.
ReplyDeleteඅර ඉවානය දාල තියෙන සින්දුව තමයි මේකට ගානට මැච් වෙන්නෙ. තව පොඩ්ඩනේ මාකස් ට වෙන්නෙ අර මඩොල් දූව එකේ කජු කඩන්න ගිය එකාට වෙච්ච දේ තමයි.
මාකස් කඩපු කුරුම්බා බර ගානක් අපි බීලා ඇති....එහෙම ගමනක් ගිය කිසිම දවසක මාකස් ගස් නගින්න බෑ කියලා කෙඳිරි ගාලා නෑ...අපි අයිතිකාරයො නැති ගොඩාක් ගස් වලට වග කිව්වා.
Deleteඅද ළමයි ගොඩාක් පවු නේද...තාත්තලගෙ කථා අහනකොට ඒ අයට චිත්ත රූපයක්වත් මවාගන්න හැකියාවක් නෑ...ඒ දේවල් දැකලවත් නැති නිසා...
මරු කතා තියනව මේ ගැන. අපේ එකෙක් දවසක් ඉස්කෝලෙ එද්දි (මං හිතන්නෙ අටේ පන්තියෙදි විතර වෙන්න ඕන) නලලෙ දෙහි ගෙඩියක් විතර ඉදිමුමක්. බැලින්නං මූ හොරෙන් තැඹිලි කඩන්න ගිහිල්ල. තැඹිලි ගෙඩිය සද්‍ද වෙනවට අල්ද්දි වැටිල තියෙන්නෙ ඔලුවට.
ReplyDeleteඉස්සර අපි කුරුම්බ කඩන වත්තක් තිබුන. ඒක අයිති ගමේ පන්සලට. කුඹුරු යාය මැද මේ පොල්වත්ත තිබුනෙ. ගංවතුර අැවිල්ල පොල්වත්ත වටවුනාම අපි පීනල ගිහිල්ල කුරුම්බ කඩල බොනව. කාටවත් එන්න බෑ නෙව.
අපි පාසල් යන කාලෙ අපේ පාසල් තාප්පය ලග අල්ලපු ඉඩම් වල තිබුන පොල්ගස් බොහොම උසයි...ඒ උනාට ඒ කාලෙ අපි බෑන්ඩ් එකේ උන් ටික එකතු වෙලා ඒවායින් කුරුම්බා කැඩුවා...ඒ දවස් වල උස ගස් වලට ලේසියෙන් යන ෆයිලට්ලා තුන්දෙනෙක් අපට හිටියා...උන් තුන්දෙනා රොකට් වගේ ගහේ කරටියෙ තමයි නතර වෙන්නෙ...
Deleteඅපේ බාප්පලා පාසල් යන කාලෙ ඒ ගස්වලින් ඒ අය කුරුම්බා කඩලා තියෙන්නෙ තාප්පෙ උඩට නැගලා...
හෙහ් හෙහ්.. හොර පොල් ගෙඩියක් තැඹිලි ගෙඩියක් නොකඩපු කොල්ලෙක් මොනාටද බං.
ReplyDeleteඅපෙත් ඔහොම කතා එලෝකෝටියක් තියෙනව. ඒ අතරින් අමතක නොවෙන එකක් තමා මේ.
එකපාරක් අපේ ගෙවල් ගාව පිරිතක්. මම පිරිත් ගෙදර මල්කඩත්දි අපේ මල්ලිකෙනෙක් ගිහින් තැඹිලි කඩන්න. ඌ තමයි නැගල තීන්නෙ. කෝම හරි ඉස්සරගෙදර ඇන්ටිට ඇහැරිල ලයිට් දාල. එතකොට මු දුවල. දුවත්දි එකෙක් කිව්වලු "කොඩිය අපි දුවනව ඉක්මනට බැහැපන් ශීල ඇන්ටි එනව" කියල. මේක ඇන්ටිට ඇහිල.
කේස් එක කියන්නෙ, පෙර වැරදි නිසා නඩුව වැටුනෙ මගෙ ඔළුවට. ඒත් අහිංසක මම ඒ ඇන්ටිගෙම දූත් එක්ක පිරිත් ගෙදරක මුල්ලක උන්නෙ. වැඩේ හෙන කේස් එකක් උනා අන්තිමට.
පිරිත් ගෙදර මුල්ලෙ ආටානාටිය නටන්න ලැහැත්ති වෙන්න ඇති. ශීලා ආන්ටිට කියල දෙන්න තිබ්බෙ කොහු පාර.
Deleteපිරිත් ගෙදරක් දවසෙ එකෙකුට කොටන්න කඩුවක් වැට අස්සෙ හන්ගල ගිය එකෙක්ගෙ කඩුවක් මම ඉස්සුව . අප්පා කොස් කපන්න කියාපු බාන්ඩෙ. තාමත් තියනව අපේ මහගෙදර.
කම්මල අයියට වගේ මගේ අක්මාවටත් ආවෙ මොකද දෙන්නා මුල්ලෙ කලේ කියලා....හඳ ඇති දවසක පැනලා ගිහිල්ලා කවුරුවත් නැති පළාතක හාඩ්වෙයාර් එකක් දාගෙන ලුණුයි බතුයි කාලා ඉන්නද ප්ලෑන් කලේ....
Deleteනෑ බං කවුරැවත් නැති පළාතක කන්දක් උඩ වින්කලයක් දාගෙන ඡිවත් වෙන්න. දවසට පෑච් එකක් දැම්ත් මදෑ?
Deleteසරුංගල් ගැන කිව්වොත් මම මාර පිස්සෙක්... මම තාමත් සරුංගල් වාරෙට සරුංගලයක් හදනවාමයි..
ReplyDeleteමොණරා තමයි මම ආසම සරුංගලේ....ගොඩාක් වෙලාවට උඩ යනවා කරදරයක් නැතුව හොඳ කිතුල් පිත්තක් එහෙම මැදට දාලා ලොකුවට හදලා ගත්තම...නමුත් මට හදන්න දන්නෙ නෑ ඒ වර්ගය.
Deleteඋඹ හැමදාම අපිව ආසම කාලෙට අරං යනවා බං අයියේ
ReplyDeleteනාඩියා ඒ කාලෙ සරුංගල් යැව්වෙ නයාගෙ ඔලුවෙ ප යන්නකුත් අලවලාද ?
Deleteනංගි මට වඩා අවුරුදු 6 ක් බාලයි.. ඒ නිසා පුංචි කාලේ සෙල්ලම් කරන්න මට සෙට් වුනේ පුංචිගේ පුතයි, දුවලා දෙන්නයි...ඒ කියන්නේ අයියයි, අක්කයි, නංගි කෙනෙකුයි. අයිය අපි තුන්දෙනාටම හැමදේම ඉගැන්නුවා.. ගහගන්න, බයිසිකල් පදින්න, පැපොල් බට වලින් සිගරට් බොන්න, කුරුම්බැට්ටි මැශින් හදන්න, විශේෂයෙන් ගස් නගින්න.. ආචිචිලා ගෙදර මිදුලෙ තිබුන හැම ගහකම නිවාඩු කාලේට අපි 4 දෙනා වදුරෝ වගේ එල්ලිලා.. මට අවුරුදු 9,10 කාලේ දවසක් අයියගේ යාලුවෝ දෙන්නෙක් විතර ආවා අපි එක්ක සෙල්ලම් කරන්න... හොරා පොලිස් . ගෑණු ලමයි පොලිස් පිරිමි ළමයි හොරු
ReplyDeleteඑකෙක්නෙක් ගිහින් ගහක නගිනවා අපි පස්සෙන් එලවද්දි.. අයියා කෑගහනවා ගහෙ නගින්න එපා මුන් තුන්දෙනාටම ගස් නගින්න පුලුවන් කියල අර කොල්ලා කියනවා මේකෙ කොහෙ නගින්නද මුන් කියලා...අන්තිමට අපි ගහට නැගල ඒකට ගහල බස්සගත්තා.. අයියා බනිනවා කිව්වා නේද ගහේ නගින්න එපා කියලා ඇහුවේ නෑනේ. දැන් හරිනේ කියලා.. අර කොල්ලා කියනවා කවුද බං දන්නේ මුන් ටාසන් වගේ අඩියට දෙකට ඕකේ නගී කියලා..... අයියා කියනව යකෝ මම ඉගැන්නුවේ, ඉතිං මම දන්නෙ නැද්ද මුන් ගැන ...
මම හිතන්නේ අපි තමයි එහෙම පුංචි කාලේ ගෙවපු අන්තිම පරම්පරාව...
බොලේ....අපි සලකනවා මදිද මන්දා මේ ළමයින්ට...අදත් ඔය කියන විදියට ගස් නැග්ගා නම් පොල් කඩන අයට වෙන්නෙ වහ කන්න...ඔය කුරුම්බැට්ටි මැෂිම ගැන කියද්දි මට මතක් වෙනවා මෙහෙම කථාවක්...මගේ නැසීගිය කිරි අම්මා මට පාරක් ගැහුවා කියලා මතක තියෙන්නෙ එකම එක වතාවයි...එදා කිරි අම්මා කොහෙන්ද ගෑණු කෙනෙක් හොයාගෙන ඇවිල්ලා ගෙදර කොණ්ඩ කැවුම් හද හදා උන්නෙ...මම තෙල් තාච්චිය ලගට වෙලා මැෂිම කරකවද්දි ඒකෙ තිබ්බ කුරුම්බැට්ටෙ ගැලවිලා ගිහින් තෙල් තාච්චියට වැටුනෙ කැවුම් උයපු නැන්දගෙ ඇඟට උණු තෙල් විසිකරන ගමන්...එදා පැනපු ගමන් මට රත්වෙන්න පාරක් දුන්නා කිරි අම්මා. ඊට පස්සෙ කවදාවත් ඒ ආදරණීය චරිතය මට පාරක් ගැහුවෙ නෑ.
Deleteනදිනි නගාටත් බොහොම සුන්දර ළමා කාලයක් තිබුන වග පේනවා...වෙලාවක තව විස්තර ලියමුකො ඉතිං...
ඔය වගේම සුන්දර අතීතයක් මටත් තිබුනා බන්.... මතක් වෙනකොට ආතල් විමානයක්.... මටත් මුලදී ඔය සරුංගල් හදන වැඩේ බෑ... හදල හදලම ඉගෙන ගත්තා අන්තිමේදී... අද කාලේ ළමයින්ට කොහෙන්ද මෙහෙම දේවල්... එක්කෝ පරිගණකයට වෙලා බුකියේ මලක් කඩයි... නැත්තම් ගේමක් ගහයි... එහෙමත් නැත්තම් ෆෝන් එකේ... ටැබ් එකේ... නැත්තම් එක්ස් බොක්ස් එකේ.......... පට්ටේටම ලියලත් තියෙනවා සිරෝ... උබ ලිය විදිහ පට්ට රසයි බන්... එකනේ මගේ හොටු කතාවත් මන් උබටම දුන්නේ....
ReplyDeleteබොලාගෙ කථාව ඇත්තයි...අද ළමයි මෙහෙම කෘතිම විදියට හැදෙන නිසා තමයි දෙමාපියො ගැන උනත් ලොකු බැඳීමක් ඒ අයට නැත්තෙ...වර්තමාන සමාජ ක්‍රමය එක්ක දෙමාපියො සල්ලි හොයන්න මහන්සි වෙනවා...ළමයි තමන්ට නොලැබෙන ආදරය සෙනෙහස වෙනත් විදියකට සපුරා ගන්නවා...අන්තිමේදී දෙගොල්ල අතර ලොකු පරතරයක්...
Deleteඋඹ ඉතිං ඔය කථාව මතක් කර කර හැමදාම ඉදලා හරියන්නෙ නෑනෙ...බලහං අලුත් කෙල්ලෙක් ගැන...මනෝ ගැහුවා ඇති දැන්...
එතකොට බුට් ඇනෝ උඔ නෙමෙයිද?
Deleteමම බන්... ඔය කොමෙන්ටුව දැම්මේ එකවුන්ට් එක හදන්න කලින්....
Deleteනියම කතාව. මගේ අතීතය නම් මෙයට බොහෝ වෙනස්
ReplyDeleteහැබෑට....බොලාගෙ කමෙන්ටුව ඇතුලෙ ඒ ඉතිහාසය ගැන ඉඟියක්වත් දීලා නෑ නොවැ
Deleteසිරෝ මටත් පට්ට සුන්දර ළමා කාලයක් තිබුනා .අපේ දෙමාපියෝ කොච්චර දුක් වින්දත් අපේ ළමා කාලය අපිට දුන්නා .මගේ තවම ඒ සුන්දර කැළලක් තියනවා ගහකින් බැහැල තියාගත්තු .කකුල් දෙකේ තුවාලයක් නොතිබුන දවසක් මතක නැ ...එදා ළමා කාලය විඳපු අපේ එවුන් සෙට් උනාමත් තවම කතාවෙන්නේ ඒ සුන්දර කාලය ගැන ....
ReplyDeleteවැල් මී වැල් හිඹුටු වීර
වැව් ඉවුරෙන් ඇස නොගැසේ
නුඹ කොතැනේ මා කොතැනේ
ගම කොතැනේ කියනු මැනේ...
ගඟේ ඉහළ රිදී දියේ
නුඹගේ බඳ තෙමී තෙමී
හැමූ සුවඳ ගඟේ පහළ
ඇලේ දොළේ ඉස්මතු වී
රටින් පුයර නො ගෑ මුවේ
හඳුන් කැටේ පිරිමැදුනේ
ඒ රස යුවතිය ම නොවෙද
රට හැර දා නොරට ගියේ...
පැල් කවියේ රස තවමත්
බුලතේ රස සමඟ නොයේ
පන්සල් බිම ගඳකිළියේ
ඒ නාමල් සුවඳ නොදේ
උළු තියලා හදා මොටද
අපෙ පොල් අතු ඉස්කෝලේ
ගමේ සුවඳ ගමට හොරෙන්
ඇයි දුරු රට අරං ගියේ...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : එඩ්වඩ් ජයකොඩි
අදහසට වගේම මේ ගීතයටත් බොහොම ස්තූතියි මචෝ...මේ ගීතය මම අහලා නෑ..නමුත් පද පෙල දිහා නිවී සැනසිල්ලේ බැලුවාම ඒ තුල තියෙන ශෝකීරාවය මගේ හිත ගත්තා...
Deleteකිත්තාගෙ කතාව තමයි සුපිරිම!
ReplyDeleteකිත්තගෙ කථාව සුපිරියි කියලා කියයි...බොලාවත් පාලම උඩදි අල්ලගත්තා නම්...
Deleteළමා කාලේ අපිට තිබුණු අත්දැකීම් අද කාලේ ළමයිනට ගන්න බැහැ. කාලේ වෙනස් වෙලා,. සිරා බයියා ඇලිස් ආච්චිගෙන් ගුටි එහෙම කාල නැද්ද. ? මට නම් මැවිලා පේනවා ඇලිස් ආච්චිගෙන් ගුටි කාල දුවද්දී වැඩ ඇරිලා එන කෙල්ලෝ දැකල පාලම යට හැංගිලා කෙදිරි ගගා ඉන්නවා.
ReplyDeleteහික් හික් .. .
පොල්වත්තේ මල්කොබා...බොලාව සාදරයෙන් පිළිගන්නවා මගේ කාමරේට..මේ කියන ඇලිස් ආච්චි තවමත් ජීවත් වෙනවා...අද නම් හැබැයි බොහොම වයෝවෘද්ධව අැත්තෙ. ඉස්සර කිත්තා අර කිව්ව සද්ද දානකොට...අනේ කාට හරි කරදරයක් කියලයි කෙල්ලො මහතු මාමගෙ කඩේට දුවන්නෙ...එක පිම්මට....
Deletedan goda wekawaka idan kiyanawanawa ayye oyage blog eka.. iwarayak wenne na meka..blog walata man nam aluth,oyalagen igenganna gdak dwal thywnawa.. jayawewaa ayye!
ReplyDelete