Wednesday, January 9, 2013

251 ඔක්කොම සැට් වෙන ගම්පහ ගෙට්ටුව

ගම්පහ යනු බස්නාහිර පළාත තුල පිහිටා ඇති සිව්වන ස්ථානයට විශාලම නගරයයි. එය ගම්පහ දිස්ත්‍රික්කයේ අග නගරයද වෙයි. අතීතයේදී ගම්පහ යන නාමය වෙනුවට භාවිතා වී ඇත්තේ හෙනරත්ගොඩ යන නමයි.  කොළඹ රැකියාවෙහි නියුතු රජයේ සේවකයන් වැඩි ප්‍ර‍මාණයක් ගම්පහ පදිංචි කරුවන් වීම හෙයින්දෝ එය උගතුන්ගේ නගරය ලෙසද හදුන්වයි. ගම්පහ යන නම සෑදී ඇත්තේ එහි නමින් කියවෙන පරිදිම ගම්මාන 5 ක එකතුවකිනි. බහුතර අදහස අනුව ඉහළගම, පහළගම, මැදගම, අළුත්ගම සහ පට්ටියගම ලෙස ඒවා හැදින්වෙයි. නමුත් පට්ටියගම පිහිටා ඇත්තේ නගර සීමාවෙන් පිට නිසා පස්වන ගම ලෙස ඇතැම්හු  යාගොඩ ප්‍රදේශයද ඈදා ගනී.

සිරා උසස් පෙළ කරන අවදියේ ගම්පහ සංවර්ධනය එදා සහ අද යනුවෙන් කණ්ඩායම් ව්‍යාපෘතියකට රැස් කල තොරතුරු අනුව ගම්පහ ජීවත්වන අයගෙන් 80% පමණ දෙනා මාතර ප්‍රදේශයෙන් සංක්‍ර‍මණය වී ගම්පහ පදිංචි වූ අයය. මේ අයගෙන් බහුතරය වෙළදාමේ නියුක්තව සිටි පිරිසකි. සිරා කොලුවාගේ මවගෙ සීයාද ඒ අයුරින් මාතරින් ගම්පහට පැමිණි මුල් පුරුකකි. මෙයට අමතරව ශ්‍රීලංකාව පුරාම ගම්පහ නම කියවෙන්නේ  ගම්පහ බෙහෙත් ශාලා නිසාවෙනි. 1929 වසරේදී ආයුර්වේද චක්‍රවර්ති, භිෂග්රත්න, කව්රංජන, පණ්ඩිත් වෛද්‍ය ජී.පී වික්‍රමාරච්චි මැතිතුමා විසින් බිහිකල වික්‍ර‍මාරච්චි ආයුර්වේද විද්‍යායතනයෙන් බිහි වූ වෙදැදුරන් රට පුරා විසිරීමත් සමගම ගම්පහ බෙහෙත් ශාලාව යනුවෙන් බෝඩ් ලෑලිද  ඉහළට එසැවිනි.

1864 දෙසැම්බර් 27 වෙනිදා කොළඹ කොටුවෙ සිට අඹේපුස්ස දක්වා සිදුකල ලංකාවෙ පළමු දුම්රිය ගමනටත්  ගම්පහ සම්බන්ධයි. ඒ ගම්පහ දුම්රිය ස්ථානය (එකල හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය)  හරහා පළමු දුම්රිය ධාවනය සිදු වූ නිසයි.  මේ පැරණි දුම්රිය ස්ථානය සංරක්ෂිත පුරාවිද්‍යා දේපලක් ලෙස අදටත් දැකගන්න පුලුවන්. ගම්පහ දුම්රිය ස්ථානය දිවයිනෙන්ම තෙවැනි ස්ථානයට වැඩිම ආදායම් ලබන දුම්රිය ස්ථානය බව දන්නෝද බොහොම අල්පය. ඒ වගේම ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට තියෙන වොලිබෝල් ක්‍රීඩකයන්ගෙ ස්මාරකයත් සුවිශේෂී එකක්. එය ස්වර්ණමය යුගයක මතක ආවර්ජනයක්...

කාලයක්ම ගම්පහ නම බැබලුනේ වොලිබෝල් ක්‍රීඩාවෙන්. එකල දේශීය වොලිබෝල් පිටියේ සිටි චාල්ස්‌, සූරී, සිරා වැනි දැවැන්තයන් රාශියක් ගම්පහ ප්‍රදේශයේ ජීවත් වීමත් එයට හේතුවක්. මේ ක්‍රීඩකයන් අතරින් කාගේත් අවධානය දිනාගෙන තිබුනෙ ඩබ්ලිව්. එල් සිරිවර්ධන හෙවත් වොලිබෝල් සිරා. අතිදක්ෂ ඩෑෂ් ප්‍ර‍හාරකයකු ලෙස තත්පර කීපයක් ගුවනේ සිටිමින් ඔහුටම ආවේණික  දැවැන්ත පහර එල්ල කරන වොලිබෝල් සිරා පාකිස්ථානයේදී ක්‍රීඩා කල තරගයක් නැරඹූ පාකිස්ථාන බලධාරීන් ඔහුගේ අතිදක්ෂ ක්‍රීඩා විලාශයට වශී වී ඔහුට සම්මාන පුරවැසිකමක් ලබා දීමට සුදානම් වුනා. නමුත් ඔහු එය කාරුණිකව ප්‍ර‍තික්ෂේප කොට ලංකාවට පැමිණියා. අද ඔහු අප අතර නෑ.... එකල මේ ගම්පහ කොල්ලන්ගේ වොලිබෝල් දක්ෂතා වලින් උද්දාමයට පත් ක්‍ර‍වුන් ස්ටෝර්ස් අධිපති ජිනදාස මුදලාලි මහත්තයා ජීවමාන වොලිබෝල් ක්‍රීඩකයන් ඇතුලත් කර ගම්පහ නගර මධ්‍යයේ සමරු ස්මාරකයක් ඉදිකලා. එය ජීවතුන් අතර සිටින වොලිබෝල් ක්‍රීඩකයන් වෙනුවෙන් ලොව ඉදිවූ දෙවැනි ස්මාරකයයි. පළමුවැන්ත  බ්‍ර‍සීලයේ පිහිටා තිබේලු. නගර මැද පිහිටා තිබූ එය නගර සංවර්ධන අවශ්‍යතාව මත   එතැනින් ඉවත් කර නිරුපද්‍රිතව ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට දැන් පිහිටා තිබෙන තැනට ස්ථානගත කලා. 


වොලිබෝල් ප්‍ර‍තිමාව පැරණි ස්ථානයේ තිබියදී...
http://upload.wikimedia.org/wikipedia/commons/a/a7/Gampaha_town_volleyball.JPG

ඉතිහාසයේ ගම්පහ නගරය පිළිබද කියැවෙන වැදගත්ම අවස්ථාව තමයි ලංකාවෙ පළමු රබර් පැලය ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය හෙවත් ගම්පහ මල්වත්ත තුල රෝපණය කිරීම. ඒ පිළිබද කථාව මෙහෙමයි.  ආර්ථික කටයුතු උදෙසා රබර් කිරි ප්‍රයෝජනයට ගත හැකි අන්දම පිළිබද ලෝකයට කරුණු ඉදිරිපත් උනාට පස්සෙ තමන්ගෙ යටත් විජිතයක් වන ලංකාවෙ රබර් වගාව සිදුකරන්න ඉංග්‍රීසීන් තීරණය කරනවා... ඒ අනුව පළමු රබර් පැල කීපය එංගලන්තයේ කිව් උද්භිත උද්‍යානයෙන් ගෙනැවිත්  පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානයේ රෝපණය කරන්න  මුලින් තීරණය කලත් එහි දේශගුණය නොගැලපෙන බව සොයාගත්තට පස්සෙ ඇමේසන් ගංගා ආශ්‍රිත වනාන්තරබද දේශගුණයට සමාන දේශගුණයක් තිබූ ගම්පහ ප්‍රදේශය ඒ සදහා යොදා ගන්නවා. රබර් ශාකයේ නිජබිම බ්‍ර‍සීලය. ඒ සදහා  යොදාගන්තෙ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය හෙවත් ගම්පහ මල්වත්ත.  ඒ 1876 වසරෙදි. පළමු ශාකයේ මල් හටගෙන තියෙන්නෙ ඉන් වසර 5 කට පස්සෙ. මේ අයුරින් රෝපණය කල පළමු ශාකය ස්වභාවික හේතු මත විනාශ වුවත් දෙවැනි ශාකය විනාශ වී තියෙන්නෙ 1988 දි ප්‍රදේශය හරහා හමා ගිය සුළි සුලගක් නිසා. එම ශාකයේ නටඹුන් අදත් උද්‍යානයේ දකින්නට පුලුවන්.  


උද්‍යානයේ පිවිසුම
http://images.travelpod.com/tripwow/photos4/ta-059f-2ecc-ee96/henarathgoda-botanical-garden-gampaha-sri-lanka+1152_13397552594-tpfil02aw-6868.jpg
ලංකාවේ පළමු රබර් වගාවේ මතකයන්
http://damithah.files.wordpress.com/2012/08/gihankashnuka-2290927.jpg

උද්‍යානයේ අසිරිය
http://serendib.btoptions.lk/cpanel/uploader/394/Paddleboats%20are%20.jpg.JPEG

එහෙව් ගම්පහට පය තියන්න දැන් ලංකාව පුරා විසිරී සිටින බ්ලොග් කරුවන්ට සහ බ්ලොග් කියවන හැමෝටම අවස්ථාවක් එලඹිලා. ඒ තමයි බ්ලොග් ලියන /කියවන අය වෙනුවෙන් සිරා කොලුවා,සෑම් සහ අටම් පහුරා  ඇතුළු බ්ලොග්කරණයේ යෙදෙන ගම්පහ අවට  අවශේෂ හිතවතුන්ගේ  සංවිධාන ශක්තියෙන්  කරළියට එන 

2013 බ්ලොග් ගෙට්ටුව 

(The Annaul Bloggers Get Together) 


නිළ ලාංඡනය

බ්ලොග්කරුවන්  පාරට බැසිය යුතුයි කියලා සෑමා දෙසැම්බර් මාසෙ පළමු වෙඩිමුරේ තිබ්බා...ඊටත් පස්සෙ අපේ රෙපා ගොයියත් සිංහල බ්ලොග් අවකාශයේ විකාශනය ගැන වටිනා ලියවිල්ලක් ලිව්වා. මේ කථා බහ අස්සෙ U Turn ගහන ජින්ජියත් කුමන්ත්‍ර‍ණ කථාවක් ඇද බෑවෙ නැතෑ... මේ විදියට කස ගහගෙන සැට් එක ඉදිරියට ආවෙ ගම්පහ බ්ලොග් ගෙට්ටුව ගැන කියන්න... ඒ වගකීම ඔන්න අවසානයේ සත්ගුණවත් සිරා කොලුවා අතින් ඉටුවෙනවා. 

2013 ජනවාරි 27 වන ඉරිදා තමයි ඔන්න දවස, දුටු , නුදුටු බ්ලොග්කරුවන්/කාරියන්/බ්ලොග් කියවන පාඨක සමූහයා එක තැනකදී හමුවෙන විරල අවස්ථාවක් තමයි මේ එළඹෙන්නට නියමිතව තියෙන්නෙ. ගෙට්ටුව තියෙන්නෙ ගම්පහ මල්වත්තෙ. ඒ කිව්වෙ ලංකාවෙ පළමු රබර් ගහ රෝපණය කරපු ඉසව්වෙ... ගෙට්ටුව ආරම්භ වෙන්නෙ උදෑසන 9.00 කණිසමට, බ්ලොග් කරුවන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ  අරමුණින් මේ වැඩේ සංවිධානය කරන  සිරා කොලුවා ඇතුලු නඩේ ලොකු සල්ලිකාරයො නොවන හින්දා උද්‍යානයට ඇතුලුවීමට අය කරන ප්‍රවේශ පත්‍ර‍ ගාස්තුව හා දිවා ආහාරයත් ඇතුලත් කරලා ප්‍රවේශ පත්‍ර‍යක් රු 200/- විදියට මිළ නියම කරලා තියෙනවා. ඒ සාධාරණ අයකිරීම ගෙට්ටුවේ වියදම් පියවාගැනීමේ අරමුණ වෙනුවෙනුයි යෙදවෙන්නෙ.

එදා උදේම උද්‍යානය වටේට පොඩි රවුමකුත් ගිහිල්ලා, මෙතෙක් කාලයක් හමුවෙලා නැති මිතුරන්/මිතුරියන් එහෙම අදුනගෙන විනෝද ක්‍රීඩා වලට සහභාගි වෙන්නත්, ජයග්‍රාහකයන්ට සමරු තිළිණයන් දෙන්නත් සංවිධායකයන් කටයුතු කරලා තියෙන්නෙ. දිවා ආහාරයෙන් පස්සෙ ඉතිං පුංචි පහේ සංගීත සාජ්ජෙකුත් දාන්නයි කල්පනාව. හවස 3.00 පමණ වෙද්දි ගෙට්ටුව අවසන් කරන නිසා දුර බැහැර අයට ආපසු නිවෙස් කරා යන්නත් බාධාවක් නොමැති වේවි.

ඔන්න දැන් අපි බොහොම වැදගත් කාරණා කීපයකට යොමු වෙනවා...ඒ නිසා පහතින් දැක්වෙන තොරතුරු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න.

ලංකාව පුරාවට විසිරී පැතිරී සිටින බ්ලොග්කරුවන් වගේම පාඨකයන්ටත්  ගෙට්ටුවට සහභාගී වීමේ අවස්ථාව පහසු කරන්න  නියෝජිතයන් කිහිප දෙනෙකු පත් කරලා තියෙනවා... ඔබට ආසන්න කෙනාට දුරකථනයෙන් අමතලා ගෙට්ටුවට සහභාගි වන ආකාරය පිළිබද දැනගන්න පුලුවන්... වරහන් ඇතුලෙ දක්වලා තියෙන්නෙ ඒ අය ලියන බ්ලොග් අඩවියෙ නම.

ගාල්ල - ගයාන් සම්පත් (ගුණෙ අයියා) 071 - 8309494
නුවර  - චතුරිකා දුලාංජලී (චතුමිතු) - 077 - 148230
කුරුණෑගල  - නිරෝෂන් පෙරේරා (අහිංසක සිංහයා) - 077- 4236618
අනුරාධපුර - හරිත තිලකරත්න (නාඩියාගේ නාඩි) - 071 - 6312367
රත්නපුර    - යසිරු යුගන්දර (ජිංජිගෙ යූ ටර්න්) - 071 - 4851651
නැගෙනහිර   - චින්තක සඳරුවන් (හිස් අහස) - 077 - 4939199

කොළඹ සහ වෙනත් ප්‍රදේශ - 
ප්‍රදීප් චන්දන (ප්‍ර‍දීප්ගේ පිටුව) - 077- 2099578 / 071 - 3556165



සංවිධායකයින් අමතන්න අවශ්‍ය වුවහොත් මෙන්න නොම්බර

සංජීව සිරිවර්ධන (සිරා)  071 - 8043915
සමින්දික ශ්‍රීමන්ත (සෑම්)  077 -2271618



ගම්පහ ගෙට්ටුවට සහභාගි වෙන්න කැමති සියලුම අය අනිවාර්යෙන්ම මෙන්න මේ ෆෝම් එක පුරවන්න. එය සංවිධාන කටයුතු වලට සෑහෙන තරමේ පහසුවක්.

ගෙට්ටුව පිළිබද පණිවිඩය හැකි තරම් අය අතරට යවන්න ඔබේ බ්ලොග් අඩවියෙත් එහි ලාංඡනය , ෆෝම් එකේ ලින්කුවක් සමග පල කරන්න.

ගම්පහ ගෙට්ටුවේ නිළ ලාංඡනය මෙතැනින්



එහෙනං අදට කථාව අහවරයි. බ්ලොග්කරණයේ යෙදෙන නමුත් මෙතෙක් රූපයෙන් නුදුටු මිතුරු මිතුරියන් දැකගන්න, කථා බහ කරන්න, විනෝද වෙන්න  හැමෝම  ජනවාරි 27 ඉරිදා උදේ 9.00 වෙද්දි ගම්පහ මල්වත්තට ඒවි කියලා මම වගේම සෑම් සහ අටම්පහුරාත් බලාගෙන ඉන්නවා... බොලා නොවැරදීම එනවා නේද ?



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

ඉතිහාස තොරතුරු විකිපීඩියා වෙතිනි.

ගම්පහ ගෙට්ටුව බ්ලොගක් ලියන අයට මෙන්ම බ්ලොග් කියවීම පමණක් කරන අයටද එකසේ විවෘතය.

ලංකාවේ දැනට ඇති විශාලම රබර් ගස තිබෙන්නේද මෙම උද්‍යානයේලු..එදාට ඇවිල්ලම ඒ ගැන සොයමු.

ඔබ පුද්ගලික වාහනයක පැමිණෙන්නේ නම් එය උද්‍යානයට ඇතුලු කිරීමට පුද්ගලික වියදමෙන් වෙනම ප්‍රවේශ පත්‍ර‍යක් උද්‍යාන පිවිසුමෙන් ගත යුතු බව සලකන්න. එය රු. 100-150 ත් අතර මුදලකි.

සියල්ලෝම  හරියටම තිතට, වෙලාවට ආවොත්... ගෙට්ටුව වඩාත් සුන්දර වන බැව් තරයේ අවධාරනය කරමි.

පුංචි පහේ සංගීත භාණ්ඩයක් හෝ මඩ එකතු කර ගැනීමට කැමරා කටුවක්  ඔබ එනවිට රැගෙන ආවාට කම් නැත.

නෑදෑයො දැක ගන්න මාතර සැට් එක වැඩි වැඩියෙන් වරෙල්ලා.

සෑමා ලියූ ලිපිය මෙතැනින්
රෙපා ලියූ ලිපිය මෙතැනින්
ජිංජි ලියූ ලිපිය මෙතැනින් 













251 comments:

  1. ආ .... සුබ පැතුම් !

    මොකද මේ මාතර සැට් එකට විශේෂ ආරාධනාවක්, ගේමක්වත් දෙන්ටද ලැහැස්තිය. එව්ව කොහෙද, අපිත් මාතර, හරිය .. :)

    ReplyDelete
    Replies
    1. අනේ බොලං...නෑදෑයන්ට කවුද බන් ගේම් දෙන්නෙ...එදාට ඔන්න සහභාගි වෙන්න නම් ගේම් තියෙනවා... උඹ එනවා නේද ?

      Delete
    2. පල්ලෙහාට යන්න කම්මැලියි..
      වැඩේ සිරා..
      අපිනං පාරට බහින්න කියපු දවසේ ඉදංමයි ලෑස්තිය එන්න..

      Delete
    3. අඩේ මාත් මාතර ඈ... බලමු කවුද නෑයෝ කියලා...?

      Delete
    4. බ්ලොග් ලියනවාට වඩා මම බ්ලොග් කියවන එක තමයි කරන්නේ. මට එදා උදේට විභාගයක් (EB ) තියනවා. ඉවර වෙනකොට 2-3 විතර වෙනවා. දුක තමයි...

      Delete
    5. ඔන්න අපි එනවලු ඇ......

      Delete
  2. ඊලඟ එක පිට රටවල උන් නිවාඩු එන කාලෙක සැට් කරපන් සිරා මලයෝ . .

    අහ් කලින් පෝස්ට් එකට දාපු කොමෙන්ටුව ගැන අපි කතා කොරමු වෙලාවක.

    ReplyDelete
    Replies
    1. නෑ දුකා අපි පිටරකදී එකක් සැට් කරමු , නැත්නම් අපිට ඔකකට සෙට් වෙන්න වෙන්නෙම නෑ,
      අමිල

      Delete
    2. ලොකු අයියේ අවුරුදු උත්සවේ අප්‍රියෙල් වල තියෙනව නේව

      Delete
    3. ඇත්තම කියනවා නම් දුකා අයියෙ ජනවාරි 27 වෙද්දි මමත් ලංකාවෙන් පිටතට යන්න නියමිතව සිටියෙ...ඒ නිසාම අපි මේ කාර්යයට දින යොදාගන්න හිටියෙ දෙසැම්බර් මාසෙ... නමුත් මේ උද්‍යානයේ ක්‍රීඩාංගනයට තියෙන්නෙ පුදුමාකාර ඉල්ලුමක්. අපි වැඩේට එළඹෙනකොට සම්පූර්ණ දෙසැම්බර් මාසෙම සහ ජනවාරි මාසෙත් පළමු සති දෙකම විවිධ සංවිධාන/ආයතන/පුද්ගලයන් තමන්ගෙ කාර්යයන් සදහා වෙන්කර ගෙන තිබුනෙ.

      මගේ ගමන මදක් ප්‍ර‍මාද වෙච්ච නිසා මම ඉන්නෙ...නැත්නම් මමත් නෑ...ගම්පහ මේ වගේ වැඩක් කරන්න සුදුසුම තැන මෙතැන නිසා තමයි අපිට ඒ මත යැපෙන්න උනේ... දුකා අයියා ඇතුලු පිටරට නඩේ දැක ගන්න අපිත් කැමතියි ඔන්න...

      Delete
  3. හරි හරි එහෙනම් ඔන්න නාඩියාත් එනවා ඈ!!!!

    ReplyDelete
    Replies
    1. අනුරාධපුරේ සැට් එක එකතු කරගෙනම වරෙන් මලේ....

      Delete
  4. අපිට නම් එන්න වෙන්නෙ නෑ මලේ... පොටෝ ටිකක් දාපංකෝ ඉවර වෙලා...

    ReplyDelete
    Replies
    1. මොකෑ සන්තෑසිය...ලංකාවෙ නැද්ද ඒ දවස්වල ?

      Delete
    2. නැහැනෙ බං.... අපි ගම් ඇතෑරලා රටපිට ගිය ඈයෝ නෙ... නැත්තං මල්වත්තට ගේ පිටිපස්සෙ වෙල දිගේ යන්නත් පුළුවන්..

      Delete
  5. එන්ඩ වෙන්නෑ සිරෝ... 13 ආයෙ යන්ඩ ඕනා... පස්සෙ දවසක බලමු..

    ගම්පහ ගැන දුන්නු විස්තර ටිකටත් ස්තූතියි.. ගම්පහ කියන්නෙ බ්‍රසීලයෙ බ්‍රාන්ච් එකක්දෝ කියලත් හිතුනා.. හැහ් හැහ්..

    උඹලෑ එකතුව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි !! සංවිධාන කටයුතු හොඳින් කෙරෙන වගක් පේනවා.. ඒ ගැන සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. පොඩි සෑමා සහ අටම් කොලුවත් ඉන්න තැන සංවිධාන කටයුතු ඉතින් ගිණි ගින්දරට වෙනවා. මොනා කරන්නද ඉතිං දේවකාරියට වඩා ලොකුයි නොවැ රාජකාරිය...

      අතිරේක පන්ති අම්බානට තියෙන නිසා... ගම්පහ ටවුමෙ නිතරම ලස්සන ලස්සන ගෑණු ළමුන් නම් සිටිනවාය.

      Delete
    2. යකෝ සෙන්නා බ්‍රසීලෙ ෆුට් බෝල්... ගම්පහ වොලි බෝල්..

      හූ හූ මූ විදලා...

      Delete
    3. // එය ජීවතුන් අතර සිටින වොලිබෝල් ක්‍රීඩකයන් වෙනුවෙන් ලොව ඉදිවූ දෙවැනි ස්මාරකයයි. පළමුවැන්ත බ්‍ර‍සීලයේ පිහිටා තිබේලු //

      මොනවද බන් විදලා කිව්වෙ ?

      Delete
  6. එදාට ජොලියක් දාමු ඔක්කොම වරෙල්ලා....

    ReplyDelete
    Replies
    1. අර කොංගෝවත් උස්සගෙන නේද එන්නෙ ?

      Delete
  7. බලමු, බලමු, 3 වෙන්න ඉස්සර වෙලා එන්න පුළුවන් වෙයි වගේ !

    ReplyDelete
    Replies
    1. පාන්දර 3ට විතර පිටත් වෙන්න වෙනී අයියේ.

      Delete
    2. ඇයි වෙනී අයියෙ ගෙවල් තියෙන්නෙ වැලේද ? පික්සු නම් කෙලින්න හදන්න එපා ඔන්න... වෙනී මාමා එන්වා නේද කියලා සීදේවී ගෑණු දැරිවියො සෑහෙන දෙනෙක් මගෙන් කථා කරලා අහලා තියෙනවා මේ ටික දොහට...

      Delete
  8. මමත් ඔය හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයට දෙපාරක් ගිහින් තියෙනවා, සමනල්ලු ගොට අල්ලන්න. බොහොම ලස්සන සමනල්ලු ගොඩක් ඉන්න තැනක්.

    ජයවේවා! කියල ප්‍රර්ථනා කොරනවා, සිර ඇතුළු සැම ට, ගම්පහ ගේට්ටුව පවත්වන්න ගන්න වයම වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. සමනල්ලු කියන්නෙ බං...බැලු බැලු අත ලස්සන සමනල්ලු... උද්‍යානෙ තැන තැන තියෙන සිමෙන්ති බංකු උඩ තුරුලු වෙලා පෙම්බස් දොඩන ආකාරය තමා වඩා සුන්දර...

      බොලා එන්නෙ නැද්ද ?

      Delete
  9. Replies
    1. අන්න එහෙමයි ඉන්න ඕනෙ...බොහොම සන්තෝෂයි...

      Delete
  10. එහෙනං ජය වේවා සැමට. අපිට ඉතිං ඔය වගේ කාල වකවාණු අල්ලා ගැනීම දුස්කරයි සිරෝ... ජයම වේවා.!!

    ReplyDelete
    Replies
    1. දේශකයා විදේශයකද ඉන්නෙ...ඊළග වතාවෙ හරි මුණගැසෙමු එහෙනං...ජය!

      Delete
  11. මේ ගෙට්ටුවට සහභාගී වෙන්න මුල ඉදංම පෙරුම් පිරුව එකෙක් මං.. ඒත් අන්තිමේදි යෙදුනු වැඩ රාජකාරි කිහිපයක් නිසා එන්න වෙන එක හරියටම කියන්න බෑ. ඒත් එදාට පොඩි හරි අවස්ථාවක් ආවොත් අනිවාර්යෙන්ම එනවා සිරෝ.. ෆෝම් එක පිරෙව්වේ නෑ ෂුවර් නැති නිසා.

    ගම්5 ගෙට්ටුව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ‍වේවා !!!

    රස්තියාදුකාරයාගේ දිනපොත

    ReplyDelete
    Replies
    1. එන්න උපරිම උත්සාහය දරපන් ගොයියො... අන්තිම මොහොතෙ ෆෝම් එක පිරෙව්වත් කමක් නෑ... ප්‍රාර්ථනාවට ස්තූතියි....

      Delete
  12. එදාට මාත් ගම්පහ ක්ලාස්..එනවද නැද්ද..එනවද නැද්ද O.o

    ReplyDelete
    Replies
    1. එනවද නැද්ද නෙමෙයි බන්... ගෑණු දැරිවියක් ඉන්නවා නම් එයත් එක්කම වරෙන්...උඹලට අනෙක් දවස්වලට ක්ලාස් කට් කරලා මල්වගු ගානෙ ඇවිදින්න පුලුවන්...අපි එන්න කිව්වම තමයි බෑ කියන්නෙ...

      Delete
    2. හැකිස්..ගෑනු දැරිවියෙක්නං ඉන්නව..ඒත් ඉතිං එයා ගම්පහ නෙවෙයිනේ....අහල මම දාන්නංකෝ මෙවුව එකක්

      Delete
  13. එළ, බලමු පුළුවන් උනොත් එන්න ...

    සංවිධායක මණ්ඩලයේ තිදෙනාට ජය...:)

    ReplyDelete
    Replies
    1. වෙඩිමට උදේම ගිහිල්ලා දවල්ට කන්න මල්වත්තට වරෙන්... ගම්පහම ඉදලා නෑවිදින් ඉන්න එපා ඔන්න...

      Delete
    2. වෙඩිම තියෙන්නේ හවස බං මම උදේ ඇවිත් යන්න හිතාගෙන ඉන්නේ..

      Delete
  14. ගේට්ටුවට ජය වේවා....

    මට නම් එන්න වෙන් නෑ බං... එදාටම වෙඩිමක් වැටිලා නුවර යන්න ඕනේ... නැත්තම් කො‌ෙහාම හරි අපේ මහත්තයාව කැමති කරවගෙන එන්න තමයි හිතාගෙන හිටියේ.. මං ගම්පහ මල්වත්තට ගිහින් නැති නිසා... ‌සොරි තමා... හි හි..

    මේ උඹලා මොනවා කරත් කමක් නෑ මඩ ටිකක් එකතු කරගෙන වරෙල්ලා... හරිද... හි හි

    ReplyDelete
    Replies
    1. මේ නම් හිරුවගෙ...නිදහසට හදාගත්ත කාරනයක් ද කොහේද..?

      Delete
    2. මටත් වෙඩිමක් බං... එත් ට්‍රයි එකක් දානවා උදේ වරුවේ ඇවිත් යන්නවත් .

      Delete
    3. ස්තූතියි හිරු...උඹ ඉතිං කොහොමත් එන්නෙ නෑ කියා කියා නෙව හිටියෙ... නුවර මංගල්ලයට ගියේ නැත්නම් එන්ට හොදේ...

      බොරුවක් නෙමෙයි නේද කිව්වෙ... බොරු කියන්නෙ නාක ළමයිලු...

      @ වී පොකුර

      මම ඔන්න ඩොල්කියකුත් සැට් කොලා...

      Delete
  15. වැඩේ නැගල යන පාටයි...!
    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. නැගගෙන නැගගෙන යනවා...අනිවා සැට් වෙමු...

      Delete
  16. මමත් එන්නයි බලාපොරොත්තුව....!

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි සුමිත් අයියා...සාදරයෙන් පිළිගන්නවා ....

      Delete
    2. "මමත් එන්නයි බලාපොරොත්තුව....!"

      සුමිත්...,

      මමත් එහෙමයි ඔන්න...
      උපරිමයෙන් උත්සහ කරනවා, පැය දෙක තුනකටවත් ගොඩ‍වැදිලා යන්න.

      Delete
    3. රත්නපුරේ නියෝජිතයාට කථා කරන්න... පැමිණීම පහසු වේවි...

      Delete
    4. සුමිත් අයිය ආවේ නැත්තම් වැඩකුත් නැහැ. එන්න එන්න :)

      Delete
  17. එනවෝ.... මේ අපේ නගාත් එන්න ඉන්නෙ. එයා කොහොමද ඔය පෝරමෙ පුරවන්නෙ??

    ReplyDelete
    Replies
    1. එයාගෙ නම දාලා පුරවන්න... බ්ලොග් අවඩියෙ නම දාන්න තියෙන තැන හිස් තැනක් තියන්න... ආහාර ඇණවුම් කරන්න තමයි එය ගොඩාක්ම වැදගත්...

      Delete
    2. අක්කියෝ නංගව ගේන්න එපෝ.....පවු අහිංසකී

      Delete
    3. ඔවු සිත්තමි. එයා හරි අහිංසක නංගි කෙනෙක් ! :)

      Delete
    4. නංගිව එක්කගෙන එන්න... හැමෝම අහිංසකයි එදාට එන...

      Delete
    5. නිසූගේ නංගිව එක්කන් එනවා කිව්වම සිරාට ගිය මල් මල් හිනාවෙ ලස්සන.. හි හි

      Delete
    6. ඇයි බොලං හිරු බොට පෙනුනෙ මාව විතරමද ? බලහංකො මධුරංගයගෙ හිනාව...

      Delete
    7. එක්කන් එන්ඩකෝ!!!

      Delete
    8. විනාසයි වල් රජත් එනවලු..!!!

      Delete
    9. ඔය ඉතින් බෑ නේ.
      ඔන්න මම නම් කලින්ම නිසූපා අක්කෑ නංගිව රිසව් කරගෙන ඉන්නේ !
      එකෙක්වත් ඉස්සරහට එන්නෑ ඩෝ ! අඩොව් !

      Delete
    10. ඔය ගෙට්ටුවට එක ගැල්ලමයෙක් වත් එන එකක් නෑ සුවර්.. චූ රජා එන හින්දා... සිරෝ මේකාව ගැට ගහල තියාගං

      Delete
    11. චූ රජා නෙමෙයි මධුරංගයාගෙන් නිසූ ගෙ නංගියාව බේර ගන්න එක තමා ගේම...

      Delete
  18. කට්ටිය සෙට් වෙන්ඩලා... අපිට ඉතින් එන්න වෙන්නෙ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. ඒ මක්කද හැබෑටම... ලංකාවෙ නෙමෙයිද මේ දිනවල වාසය ?

      Delete
  19. පබාට චන්දෙ දුන්න හරක්පට්ටිය ඉන්නේත් ගම්පහ නේද ?,

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි...ඒ ගොන් හැතිකරේ ඉන්නෙත් ගම්පහ තමා....

      Delete
    2. වැඩිපුර ඉන්නෙ දකුණෙන් ආපු උන්නෙ ...ඒක වෙන්න ඇති..D

      Delete
  20. එලකිරි. වැඩක් නොවැටුනොත් අනිවා එනවා :)

    ReplyDelete
    Replies
    1. වැඩ කොහෙ වැටෙන්නද බන් ඉරිදට...වැඩක් වැටුනොත් ඒකත් අරන් මල්වත්තට ආවොත් හොදා...

      Delete
  21. මට එන්න වෙන්නේ නැති වුනත් සිරා ඔන්න මන් එන අයට දැනගන්න මාත් පෝරමය ඇඩ් කළා
    :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙහානි...රත්නපුර නියෝජිතයට කථා කරලා එන්න උත්සාහයක් දරන්න...පවුලෙ වැඩිහිටියෙක් එක්ක ආවත් කමක් නෑ...

      Delete
  22. මාත් එන්න කියලාගගග

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි...එදාට හමුවෙමු එහෙනං...

      Delete
  23. ගේට්ටුවට ජය වෙවෝ.

    එන්න විදියක් නැති එක තම අස්පෙට් එක.දුක තමයි රංජනී....

    ReplyDelete
    Replies
    1. ගේට්ටුවට නෙමෙයි බන් ගෙට්ටුවට....

      එන්න ට්‍ර‍යි එකක් දෙන්න...උත්සාහවන්තයා ජය ගනී...

      Delete
  24. මට නම් එන්නේ වෙන්නේ නෑ..... ඒත් මේ වැඩේ ලස්සනට වෙන්න කියල ප්‍රර්ථනා කරනවා! ජය වේවා!

    මේ අපිටත් බලා ගන්න ෆොටෝ කෑලි ටිකක් දාන්න හොදේ..... :)

    ReplyDelete
    Replies
    1. සමනලී නංගි ගෙදර වැඩිහිටියෙක් එක්ක එන්න... කිසිම ගැටළුවක් නෑ... ආසන්නම නියෝජිතයට කථා කරලා උත්සාහයක් ගන්න...

      Delete
  25. සිරා මල්ලි මාත් පුලුවන් තරම් උත්සාහ ගන්නවා එන්න. මහත්තැන් එක්ක තමා එන්න වෙන්නෙ. ලබන සතියේ හරියටම කියන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. එහෙම එන්න කිසිම ප්‍ර‍ශ්නයක් නෑ අක්කෙ... පැමිණීම තහවුරු කරගත්තම ඉහළ තිබුනු පෝරමය පුරවන්න... එන්නෙ දෙන්නෙක් නම් වාර දෙකක් එය පිරවිය යුතුයි.

      Delete
  26. ගම්පහ ගෙට්ටුව ගැන රෙපා කියද්දිම මට හිතුණා සිරා කොලුව වෙන්න ඇති මේකෙ වැඩ සෙට් කොලේ කියල හරියටම හරි සිරා කොලොත් සිරාම වැඩක්නෙ...

    ආසයි ගොඩක් එන්න නමුත් සිත්තමීට ගෙදරින් පනින එක තමයි අමාරු...කොහොම නමුත් එන්න ට්‍රයි කරනවා....

    නාවත් සාර්ථකම වේවා ඔබේ උත්සහය....

    ReplyDelete
    Replies
    1. සිත්තමී ඇයි දැන් ඔබව කලාතුරකින් දකින්න ලැබෙන්නෙ...

      ජා-ඇල ඉදන් ගම්පහට එක බස් එක නෙව...ආපහු ගෙදර යන්නත් රෑ බෝ වෙන්නෙ නැති එකේ කොහොම හරි ඇවිල්ලා බ්ලොග් හිතවතුන් මුලිච්චි වෙන්න බලන්න...

      Delete
    2. සිත්තමි ආවේ නැතොත් ඉතින් වෙන දේ මම කලින්ම කිව්වා නේ. ආයේ ඒකේ නම් කතා දෙකක් නැහැ ඈ :)

      Delete
    3. මගෙත් එක්ක හරි ගෙදර යන්න බැරියැ. මමත් ජා-ඇල නෙවැ..:D

      Delete
    4. සිත්තමී ප්‍රවේශමෙන්...

      Delete
  27. දෙසැම්බරේ තිබ්බානම් මටත් එන්න තිබුන. අපි ඉතින් පිටස්තරයෝනෙ..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා ලංකාවෙ නෙමෙයිද දැන් පදිංචිය...ඊළග වතාවෙ වත් දෙසැම්බර් යොදා ගමු...

      Delete
  28. එකෙන්ම.. ජය වේවා !

    ReplyDelete
  29. මමත් ගම්පහ තමයි හරිය. උදේ 4 වෙනකොට මම මල්වත්තෙ :D

    ඊට කලින් මොනා හරි දේකට උදව්ව ඕනි නම් කියන්ඩ ලොකු අයිය්යෙ. එන්නං උදව් කරන්ඩ.

    ReplyDelete
    Replies
    1. සමියගේ කී බෝඩ් එක හරි ගිහින් වගේ... හි හි

      Delete
    2. උදව් ඕනෙ සමී...මගේ මේල්ලුවට නොම්බරේ දාන්න... නැත්නම් ෆෝම් එක පුරවන්න... මම ඇමතුමක් දෙන්නම්...

      Delete
    3. අනේ බං සමියෝ. ඕක දෙසාබාන්න තෝ මෙච්චර වෙලා හිටියේ මක්කටෙයි. සිරා ට බර සෑහෙන්න අඩු කරගන්න තිබ්බා මේකාව කලින් නැගිට්ටගත්තනං.. ජයවේවා..

      Delete
  30. ඉරිදා ඕටී එක යකාට දාලා මම එනවා සිරා අයියේ....මම එනවා....අපි සෙට් වෙමු....ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. අනිවා වරෙන් මලේ... ඕටී වගේද බන් කාලෙකට සැට් වෙන්නෙ නැති සැට් එකක් එක්ක සැට් වෙන එක...

      Delete
  31. අයිම් කමින්!!!!!!!!!!!!!!!!!!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සේනාවත් එයිද දන්නෙ නෑ

      Delete
    2. රජාගෙ අන්තංපුරයත් එනවා නම් කොච්චර සෝයිද ....

      Delete
  32. machan sira aparade ban kalin danwanam mama dates wenas kara gannawa.lankawata goda bahinne 27 wenida 11.00am withara ban...anyway i have your contact no and hope to be there at evening.....because be sure you all would have some especial arrangement at evening for adults know...i think you may know what do i mean...ha ha ha...my best wishes for your great attempt....

    ReplyDelete
    Replies
    1. its a great pleasure for us about your participation for this event, I believe you can be there in afternoon. something could happen in the evening''' if you can bring something for us from the Air Port..... lol''''

      Delete
  33. සුබ පැතුම් ...

    ReplyDelete
  34. මම ඕකට සෙට් උනේ දෙසම්බර් ඉදලනෙ. උදවුවක් ඕනෙනම් කතාකරන්න මලේ. නොම්බරේ තියනවනෙ.

    ReplyDelete
    Replies
    1. නොම්බරේ දැන් නම් ෆෝන් එකේ නැද්ද මන්දා... එදා උදේම අදාළ ඉසව්වට එන්න...

      Delete
  35. අඩේ මටත් එන්න ආසයි බන්... නමුත් මම අඩුරන කවුරුවත් නෑ බොලේ මේ බ්ලොග් අවකාශය තුල... මම තාම අලුත්... ඒ නිසා මම එන්නෙ නෑ... ඊලග එකේදි බලමු... හොදින් කරගෙන යන්න කියල සුභ පතනව....

    ReplyDelete
    Replies
    1. කවුරුවත් අදුරන්නෙ නැත්තං ගෙට්ටුවට ආවම බොහෝ අය අදුනගන්න පුලුවන්... භය නැතුව එන්න... ලබන වසර වනතුරු කල්මරන්න අවශ්‍ය නෑ....

      Delete
  36. මෙන්න අපේත් සුභ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... මාරෙ අයියෙ...ඔබත් නොවැරදීම එනු ඇතැයි සිතමි...

      Delete
    2. නිස්ටඹුවේ ගං කබරයින් ගම්පහට එනවාට අපි විරුද්ධ නැත...

      Delete
  37. Replies
    1. නැගෙනහිර සැට් එකත් එක්කම එන්න...

      Delete
    2. "ELA" kiyala awy natnam "SADRUWAGE" kanapalpan.
      Jayawewa

      Delete
    3. නෑ නෑ නැගෙනහිර නඩේ වගකීම තියෙන්නෙ සදරුවා අතේ නිසා අනිවාර්යෙන්ම එනවා...

      Delete
  38. මට දැන්ම කියන්න බෑ මචං.. එන්න නම් ඕනේ.ප්‍රමාණවත් කාලයක් තියල ෆෝම් එක පුරවන්නම් එන එක ෂුවර් උනොත්. වැඩේ එළටම සෙට් වෙයි.. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. කමක් නෑ...තව කල් අරන් ෆෝම් එක පුරවන්න... ට්‍ර‍යි එකක් දෙන්න...

      Delete
  39. මාතර උන්ට විශේෂ ආරාධනයක් ඇති නිසා එන්නම ඕනෑය.ඒ උනාට කරුමෙට එදා කැම්පස්ය.දවසක වලක් ගැහීමට සිතුනොත් මං නොවැරදීම ඔතනය.

    ReplyDelete
    Replies
    1. ඉරිදට මොන කැම්පස් ද බන්...මෙන්න මෙහෙ වරෙන්...

      Delete
  40. 27 වෙද්දී කටුනායක බෝඩිමට යන්න නියමිතය.එහෙම උනොත් නම් අනිවා එනවා.
    ගෙදර හිටියත් අනිවාර්යෙන් එන්න බලනවා.ගාල්ලෙන් යන තව උදවිය ඇතිනේ :)

    ReplyDelete
    Replies
    1. නොදැක්ක කට්ටිය දැක ගන්න...අනිවා එන්න...

      Delete
  41. අනේ මටත් ආසයි එන්න... එන්න විදිහක් නෑ... සුභ පතනවා හෑමදේම හොදින් වෙන්න කියල...

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ... ඔයාගෙ පළාතට ආසන්න කෙනාට කථා කලා නම් හරි...

      Delete
    2. ඩුබායි වල කවුද දාල තියෙන්නේ...?

      Delete
    3. හුටා....මෙයා ඒරොප්පෙද ඉන්නෙ...කවුද දන්නෙ...

      Delete
    4. මාතලන් ෆුල් ඈලර්ට් එකේනේ ඉන්නේ.... හොදයි හොදයි....:)

      Delete
  42. මෙච්චර කට්ටියක් එනවනම් මේකට මටත් එන්නම හිතෙනවා බං. අම්මගෙන් අහලා පුළුවන් උනොත් එන්නම් ඈ.. :)

    ReplyDelete
    Replies
    1. අම්ම ගහයි බැට්ටෙකෙන්....... ;)

      Delete
    2. අන්න කීකරු දරුවෙක්...අනේ වාසනාවන්...

      Delete
    3. අමතක කරන්නේ නැතුව කුක්කු බෝතලෙත් ඇරන් වරෙන් .........

      Delete
  43. ජයවේවා...මල්ලි හොරු ප්‍රමෝට් නොකර හීනියට ආතල් එක ගන්න ලැබේවා කියල පතනව..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... නෝ ප්‍රමෝෂන්... බ්ලොග් කරුවන්ගෙ සුහදතාවය වර්ධනය තමා අරමුණ...

      Delete
  44. මං පරක්කු වෙච්චි තරම ,
    අපි ඉතින් බ්ලොග් නොලියන නිසා එන්නේ නෑ , ගම්5 ගේට්ටුව සිරා ඉවෙන්ට් එකක්ම වේවා

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්නම ඕනෙ නෑ බන්...කියවන අයටත් මේක විවෘතයි...

      Delete
    2. "LIYANA" nati "KIYWANA" ayta ena kiwata TAN...Q
      jAYAWEWA

      Delete
  45. ලං වෙනකොට තත්වේ බලල එන්නම්. දැන් ම ෆෝම් එක පුරවන්නෙ නැතුව කිට්ටුවෙලාම පුරවන්නම්. ෆෝම් නැතත් පුලුවන් කමක් ලැබුනොත් ටික වෙලාවකට හරි ඇවිත් යන්නම්.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි එන්න බල්න්න...දිණ ළං වෙලා පෝරමය පිරෙව්වට කමක් නෑ...

      Delete
  46. මමත් එන්න බලන්නම්.මේ වගේ එකකට ඇවිත්ම නැති හින්ද මොකක්දත් වගේ වගේ... :) වැඩ ටික එහෙට මෙහෙට කරගන්න හම්බ උනොත් අනිවා එන්නම්.කෝකටත් ෆෝම් එක පුරවන්නම්කො..

    ReplyDelete
    Replies
    1. ඔය සුමිත් අයියා එහෙමත් ඒ පැත්තෙ...රත්නපුර නියෝජිතයට කථා කලා නම් සැට් එකට එහෙදිම සැට් වෙලා එන්න පුලුවන්...

      Delete
  47. උඹලාගේ ගෙට්‍ටුව සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!
    යකෝ දෙසැම්බර් තිබ්බානම්...
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද හෙන්රි අයියා... ඉහළින් දුකා අයියට දීපු උත්තරේ තියෙනවා වෙච්ච සන්තෑසිය...දුක තමා...

      Delete
  48. Replies
    1. ස්තුතියි බුවා... ලංකාවෙ ඉන්නවා නම් එදාට එන්න...

      Delete
  49. අපි ඉතින් හැමදාමත් රට පිටනෙ‍‍‍‍....මොනවා කරන්නද?
    සියලු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. අපි මෙහෙ ඉඳන් බලා ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහා දවසකවත් හමු වෙන්න බලමු එහෙනම්... ගෙට්ටුවට පස්සෙ කොහොමත් මඩ එක එක තැන් වලින් මතුවේවි.

      Delete
  50. ප්‍රදීප් එක්ක කතාකලා. උදේ 7ට කොටුව දුම්රිය පොලෙන් පිටත් වන වගක් කීවා.

    ගෙදර රාජකාරි වෙලාවට ඉවරකර ගත්තොත් කට්ටිය එක්ක එන්නම්. බැරිඋනොත් පැයක් දෙකක් පමා වෙලා උද්‍යානෙටම එන්නං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ගෙදර රාජකාරි උදේම අවසන් කර ගන්න... නැත්නම් උද්‍යානය වටා යන චාරිකාව ඔබට අහිමි වෙන්න පුලුවන්....

      Delete
    2. නයි මල්ලත් ගේන්න නැන්දේ

      Delete
    3. ඒ නයිමල්ල ගේන්න මගෙ ලැම්බොගිනියෙං තමා එන්ට වෙන්නෙ. බස් කෝච්චිවල නයි ගේන්න බැහැනෙ. ඇනෝල මේකට ගෙන්නන්නෙ නැහැනෙව. නරකද පුතේ නමින්ම කොමෙන්ටුව කෙටුවොත්???

      Delete
    4. මොකක්ද බොලං මේ හරුපෙ...

      Delete
    5. සිරාගෙ බ්ලොගෙත් කතන්දරගෙ වගේ වෙන්නයි යන්නෙ ............කැමතිනං ඇනෝට ඉඩ දීල බලන්න

      Delete
    6. තරහා ගන්න එපා නැන්දෙ මේවා මේ කොල්ලො නැන්දව තරහා ගස්සන්න කරන වැඩ...

      Delete
    7. මේ කොල්ලො බලන්න පැස්ටෝල් පුච්චං මගෙ ලැම්බෝගිනියෙ ටයර් ගෙවාගෙන ගම්පහට එන එක worth ද?? කියලත් හිතෙනවා සිරා.

      Delete
    8. එහෙම වෙන එකක් නෑ නැන්දෙ...කොල්ලො කෙල්ලො එක්ක තරගයකට දෙකකට සහභාගි වුනාම වැඩේ නැගලා යයි...

      Delete
  51. Replies
    1. මහාචාර්ය මා තලන් තුමත් එනු ඇතැයි සිතමි...

      Delete
  52. මොනවා කරන්නද සිරා අයියේ දුක තමයි එන්න විදියක් නැහැනේ. ජය වේවා කිව්වා.

    ReplyDelete
    Replies
    1. දුක තමා කෝරලේ...අපි ගෙට්ටුවෙන් පස්සෙ ෆොටෝ ටිකක් වත් බලමු...

      Delete
  53. අපිට නම් එන්ට වෙන්නේ නෑ අය්යෝ...:(

    ඒ උනාට ඊරිසියාවෙන් ඔයාලට සුබ පතනවා.:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....දේශ සීමා අතික්‍ර‍මණය කරගෙන එන්ට එපෑ නේද...

      Delete
  54. එන්න වෙන්නෙ නැති වෙයි... දුක තමා ඈ....:((
    කමක් නෑ ඉතිං ගන්න ෆන් එකක් අපිටත් පෙන්නමුකො ඈ...

    ReplyDelete
    Replies
    1. ඇයි බන් ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ....

      Delete
  55. එක දිගට "එන්න වෙන්නෙ නෑ අනේ" කිය කිය කොමෙන්ට් වැටෙනකොට අහිංසක සිරාගෙ හිතට දැනෙන විදිහ මට හිතාගන්න පුලුවන්...

    පලයල්ලකො අනේ කොහොහරි.....

    ReplyDelete
    Replies
    1. නිමල් අයියට විතරයි මගෙ හදුන්පොතේ කැකෑරෙන දුක දැනුනෙ... මට තනි ඇහැට ඇඩෙනවා අයියෝ...

      Delete
  56. සිරා,ගෙට්ටුවට සුබ පැතුම්.මට එන්න විදියක් නැති බව දන්නවනෙ,අපි පිටස්තරයොනෙ.

    මල්වත්තට අල්ලපු වැටේ මගෙ හොඳම යාලුවෙක් ඉන්නව,නියෝජිතය හැටියට ඌ එවන්නද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප මාමෙ....නියෝජිතයා එව්වත් කමක් නෑ...හැබැයි එන්න කලින් එක බ්ලොගක් හරි කියවන්න කියන්න...

      Delete
  57. අද තමයි ලිපිය දැක්කෙ... මාත් එනවෝ...

    ෴සිද්ධිය෴

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා...එන්න...

      Delete
  58. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... හ්ම්ම්ම්....... එම්දෝ නොඑම්දෝ කියලා සිතුනි මට.. ;)

    27ට තව කල් තියෙනවානෙ, බලමුකෝ.... ආවා නැතා, 27 වෙන්දා වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන කියලා සුභ පතනවා.. :)

    ReplyDelete
    Replies
    1. ආවා නැතා..... ඒවා ඔට්ටු නෑ...භය නැතුව එන්න...කාන්තා පරාණ තව රාශියක්ම ඉන්නවා...

      Delete
  59. ඔන්න පෝරමේ පිරෙව්වා.සිරෝ මට මේ ගේට්‍ටුවෙ ලින්කුවක් කස්ටියට පේන්න මගෙ බ්ලොගේ දාන හැටි කියල දෙන්කෝ

    ReplyDelete
    Replies
    1. ගම්පහ ගෙට්ටුව බ්ලොග් එකට දාන්න මගේ පෝස්ටුවෙ ලෝගෝව භාගත කරන්න පුලුවන් තැනින් ඉස්සෙල්ලාම ඔබේ පරිගණකයට එය සේව් කරන්න. ඊට පස්සෙ Layout ගිහිල්ලා ඒකෙ දකුණු පස ඉහළට වෙන්න තියෙන Add a Gadget යන්න ක්ලික් කරන්න. ඉන් පසු පැමිණෙන මෙනු එකෙන් Image කියන එක ක්ලික් කරන්න. ඒකෙ Title කියන තැනට, ගම්පහ ගෙට්ටුවට එන්න මෙතැන ක්ලික් කරන්න කියලා ගහන්න. ලින්ක් කියන තැනට https://docs.google.com/spreadsheet/viewform?formkey=dGpJMGJrZkJua0ZsS1JaRGUzVVVqakE6MQ#gid=0 කොපි කරන්න. ඉමේජ් කියන තැනට ඩවුන්ලෝඩ් කල ලෝගෝව අප්ලෝඩ් කරන්න. ඒ කාරිය අවසන් උනාට පස්සෙ සේව් බට්න් එක ඔබන්න. එච්චරයි.

      Delete
  60. Replies
    1. ඔව් .. ඔව් .. වෛවර්ණෝ ...
      මෙදා පොටේවත් කිරිටොපී ගෙනෙන් ...

      Delete
  61. සිරා නොහොත් නසියර් අයියා (මම හරිද මංදා),
    ඔයාගෙ බ්ලොග් එකේ සෑහෙන ලිපි ප්‍රමානයක් මම කියෙව්ව. "අපේ බෑන්ඩ් මාස්ටර්" ඒ අතරින් විශේෂයි. හැබැයි ඉතින් කමෙන්ට් එකක්වත් තියන්න බැරි උනා. බොහොම සාර්තක ව්‍යායාමක්. බොහෝමයක් ලිපි හොඳට හිතට වදිනව. ඔබට ජය!!!

    -ඔයාගෙ පාසලේම වම දකුන ගහපු සහෝදරයෙක්-
    2001-2005

    මම කරන්නෙ නම් කියවන එක විතරයි. පුලුවන් කමක් ලැබුනොත් 27 එන්නම්

    ReplyDelete
    Replies
    1. බොහාම ස්තූතියි මල්ලි...මගේ පාසලේම සහෝදරයො කාමරය ඇතුලෙ මුණ ගැහෙන කොට හිතට මාර ෆිට්... 27 අනිවාර්යෙන්ම එන්න... අපේ පාසලේ තව බ්ලොග් කරුවො කීප දෙනෙකුම ඉන්නවා...

      Delete
    2. දැනගන්න ඒ අයගෙ බ්ලොග් ටිකක් කියන්නකො?

      Delete
    3. එදාටම අදුන්වලා දෙන්නම්...

      Delete
  62. මේක Blog ලියන අයට විතරමද...එතකොට බලන අය.....

    ReplyDelete
    Replies
    1. ඇයි බන් සිංහලෙන් උඩ ලියලා තියෙන්නෙ ලියන/කියවන දෙපාර්ශවයටම විවෘතයි කියලා...

      Delete
    2. ඇත්ත නේන්නම්....දැක්කෙ නෑනෙ කොල්ලො...ටැන්කි...ටැන්කි....

      Delete
  63. මරු සිරා....නොදන්න ගොඩක් දේවල් දැනගත්තා..පින් ආ...

    ReplyDelete
    Replies
    1. උඹ එන්නෙ නැද්ද මලයො...

      Delete
    2. මම තාම බ්ලොග් කලාවට කෝඩුනෙ අයියා....බ්ලොග් ලියන කීප දෙනෙක් ඇරෙන්න මම අදුරන්නේ නෑ...අනිත් එක මම ඉන්නේ මාතලේ...ඒ ප්‍රශ්න දෙක තුනත් එක්ක මේ පාර නම් එන්න බැරි වෙයි අයියා..ඊලග පාර නොවැරදීම එන්නම් හොදේ..

      Delete
    3. බ්ලොග් ලියන උන් අදුනගන්න තමයි එන්න කියන්නෙ... නුවර සැට් එකට කථා කරලා උත්සාහයක් දරලා බලන්න...

      Delete
  64. ආයෙත් අහලා අපි නෑවිත් කොහොමද ...:)

    ReplyDelete
    Replies
    1. නුවර මැණිකෙලා සැට් එකත් කැන්දගෙනම එන්ට....

      Delete
  65. චන්දන මල්ලිත් කීවා කෙල්ලො දෙන්න එක්කම එන්න කියලා.... ඒත් ඉතින් උදේ දහම් පාසල් වැඩයි, හවස ගමේම මඟුලකුයි එක්ක ගම්පහත් කොහොම දුවන්නද?

    හැබැයි කාගෙවත් කරදරයක් කථාවක් නැතිව වැඩේ කරගන්නට අවැසි ශක්තිය නොඅඩුව ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වචනෙකින් හරි ධෛර්යය දුන්නාට බොහොම ස්තූතියි...

      Delete
  66. ගෙදර වගේ තියෙන ගම්පහ පාක් එකට මම නැවිත් ඉදියිද...ඔන්න මමත් එනෝ....8.30 වෙද්දි මමයි රජායි ගම්පහ පාක් එකේ...

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි...එදාට හමුවෙමු එහෙනං...

      Delete
  67. අඩේ දාන්නම් පොඩි ට්‍රයි එකක්. මාත් ඉන්නේ ගමපහ. මං කලාස් යන ගමං එන්න ට්‍රයි එකක් දෙන්නම්

    ReplyDelete
    Replies
    1. ගම්පහ නම් ඉතිං නෑවිදින් ඉන්න එපා...

      Delete
  68. මම අද තමයි ගම්පහ ගැන මේ හැටි විස්තරයක් දැනගත්තේ.

    අපිට ඉතින් එන්න වෙන්නේ නැහැ නේ ඉතින්.හැමදා දුකෙන්..

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද දුකෙන් හරි ගෙට්ටුවෙ ඡායාරූප ටිකක් බලමු එහෙනං...

      Delete
  69. වැඩේට සුබ පතනවා සිරා. ජයවේවා ..

    ReplyDelete
    Replies
    1. රතු එනවා නේද එදාට මේ පැත්තට...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...