Wednesday, May 18, 2016

64 සඳරුවගෙ කැරකෙන කූඩුව

මෙදා පාර අපි හන්දියෙ ගහමු ඩෝ හොද කැරකෙන කූඩුවක්...නිකංම නිකං කැරකෙන කූඩුවක් නෙමෙයි තට්ටු දෙක දෙපැත්තට කැරකෙන කූඩුවක් අරිද ඩෝ...සයිඩ් එකෙන් පොඩි විරිදු පාරක් හරි ඔලුබක්කො පාරක් හරි දාලා කීය කීය හරි දෙයියනේ කියලා එකතු කරගෙන වෙසක් පහුවෙලා හොඳ ආතල් එකක් දාමු. 




එවකට අපේ ගමේ අපිට වඩා වයසින් අඩු ගැටයන්ගෙ සංගමේ සභාපති වගේ හිටිය සඳරුවා ඕනෙම කුණු ගොඩකට එක හිතෙන් මුලු පංචස්කන්ධයම ලයින් කරන්නෙ දෙපාරක් හිතන්නෙ නැතුව. ලොකු පොඩි කවුරුත් සඳරුවගෙ සමාගමය ප්‍රිය කලේ මුගෙ ශ්‍රී මුඛයෙන් ඇනිකට් දොර යටින් පොල් ලෙල්ලක් එනවා වගේ වේගෙන් එක දිගට ගලන උපහාසය මුසු වෙච්ච කථා විලාශයට තියෙන කැමැත්ත නිසාමයි. සමහරු නම් කිව්වෙ සඳරුවගෙ අම්මා ඌව ලැබෙන්න කලින් ඝන්ටාර පූජාවක් කරපු කථාවක්. සඳරුවගෙ චරිතෙ ගැන බොලාට වැටහීමක් ගන්න පොඩි පූර්ණිකාවක් සපයලාම ඉන්නං.

අදින් වසර කීපයකට පෙර දවසක සිරා කොලුවගෙ පුටාරා එකේ මැද පොල්ලට සඳරුවා ගොඩ උනේ කිරිකොට් පිට්ටනියට යන්න. අතර මග හරියෙදි සඳරුවගෙ ජංගම දුරබණුවට ඇමතුමක් ආවා. දුරකථන අංකය දැක්ක ගමන්ම ඒකා පොඩියක් නවත්තහං අයියෙ කියාගෙන පුටාරා එකෙන් බිමට පැන්නෙ හරියට රටක් රාජ්ජයක් ජය ගන්න යන්න හදන එකෙක් වගේ.

මම තොට ගත්තෙ නෑ ගොං හරකො...උඹනෙ දැන් මට කෝල් කරන්නෙ....කථාව බොහොම රළුයි. මමත් අග මුල ගැට ගහගන්න විදියක් නැතුව සඳරුවා දිහා බලාන ඉන්නවා.

උඹේ දුව එක්ක මම ෆිල්ම් බලන්න ගියෙ නෑ බොල. පිස්සෙක්ද? පෙත්ත ගත්තෙ නැද්ද? තමුසෙට පාචනේද ඕයි ? හෙට පෝයද නැත්තං ජංගියෙ හිලක්ද ?  එතනින් පස්සෙ උගෙ කටින් පිටවුන කුණුහබ්බ ලැයිස්තුව මොන හිතකින් මම මෙතන කොටන්නද ? මිනිත්තුවෙන් දෙකෙන් කථාව අහවර කරලා ඒකා ආයෙම පුටාරා එකේ මැද පොල්ලට බර දුන්නා.

අයියෙ පොඩියක් නවත්තහංකො...සඳරුවා ආයෙම බිමට පැන්නා.  මළ කෙලියක්නෙ බං වෙලා තියෙන්නෙ. වැරදීමකින් මම වෙන එකෙක්ට කියලා මම යාලු වෙලා ඉන්න කෙල්ලගෙ තාත්තටනෙ කුණුහබ්බෙන් බැනලා තියෙන්නෙ. ඒ මනුස්සයා වෙන නොම්බරේකින් මට කථා කලේ. කටහඩ දැන් තමයි මීටර් උනේ.

අනේ බුදු මාමණ්ඩි මට සමාවෙන්න ඕනෙ. මට මේ උදේ ඉදම්ම එකෙක් වද දෙනවා උගෙ දුව එක්ක මම යාලුයි කියලා. ඒකයි මම කුණුහබ්බෙන් බැන්නෙ...නෑ නෑ මම මාමණ්ඩිට එහෙම කරනවද ? මගෙ ආයුෂත් අරගෙන මාමණ්ඩි ඉන්න ඕනෙ. පිස්සුද අප්පා එහෙම කෙල්ලෙක් එක්ක මම යාලු නෑ. මම යාලුවෙලා ඉන්නෙ මාමණ්ඩිගෙ දුව එක්ක විතරමයි. ඇත්තමයි සත්තයි. මගෙ දත් හැලෙයි, මම අබ්බගාත වෙයි.  මම බොරු කියනවා නම්...අනේ එහෙම හිතන්න එපා...මේක රත්තරං පපුවක් මාමෙ. මාමට තේරෙයි තව ටික දවසකින් සඳරුවා කියන්නෙ කවුද කියලා. හෙට අනිද්දම මාමණ්ඩිව මුලිච්චි වෙන්න මම එන්නං...එතකං සමා වෙන්ඩ ඕනෙ...අරිද ?

සඳරුවගෙ කථා ඔන්න ඔය විදියයි. ඒ කාලෙ ඒකා රැකියාවක් කලෙත් නෑ. පාසලෙන් ඉවත් වූ අලුතම වගේ කියලයි මට මතක. විනාඩියෙන් දෙකෙන් ලොකු කථාවක් කියන්න සඳරුවට තියෙන්නෙ උපන් හැකියාවක්..ඒ කථාව අස්සට අංග චලන ටිකකුත් එකතු උනාම අහගෙන ඉන්න පිරිසට හිනා වෙලා පණ යනවා.

සඳරුවගෙ වෙසක් කූඩු යෝජනාවට උගෙ වයසෙ කාණ්ඩෙ සහයෝගය දෙන්න කැමති උනේ කිසිම විවාදයක් නැතුව. ලංකාවෙ ප්‍ර‍ධාන මාර්ගයක පිහිටා තියෙන අපේ හන්දියෙ අපි දන්න අතීතයේ කවදාවත් කැරකෙන කූඩුවක් හැදිලා තිබුනෙ නෑ. ඒ හින්දමද කොහෙද බාල මහලු හැමෝම තම තමන්ට පුලු පුලුවන් විදියට උදව් කරන්නං කියන පොරොන්දුව ඒකාට දුන්නා.

ඔය අය අතරෙ අපේ හන්දියෙම තමන්ගෙ ප්‍රියම්භිකාව එක්ක සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන යන සම්පත් අයියා මූලිකයා බවට පත් උනා. උඹලා ගින්දර වගේ කූඩුව හදපං සඳරු මල්ලි. ඕනෙ දෙයක් අපිට කියලා සල්ලි ඇතුව හෝ නැතුව කඩෙන් අරගෙන පලයං. පස්සෙ උඹලට පුලුවන් උනොත් සල්ලි දියං. ඒ නැතත් මගෙ හිතේ කහටක් නෑ. උඹලගෙ වැඩේට අපිත් පුලුවන් විදියට සහයෝගයක් දෙන්න එපායැ බොලව්...

න්න බලහං...අපේ සම්පත් අයියා අපිට දෙන සප් එක...අපි මේ වැඩේ කරන්නෙ සම්පත් අයියෙ ඇත්ත වශයෙන් කියනවා නම් පුද්ගලික ලාභ බලාගෙන නෙමෙයි. අපේ ගමේ කොල්ලන්ගෙ නිර්මාණ කෞෂල්‍ය පිටස්තර ජනතාවට පෙන්වන උදාර පරමාර්ථයෙන්. සඳරුවා මේ වගේ බර ටෝක් එකක් දෙන වෙලාවට ගොඩාක් උන් අතින් කට වහගන්නවා ඌට පේන්නෙ නෑ.

කොහොමින් කොහොම තවත් ආධාරකරුවෙක් දුන්න ටෙන්ට් එකක් කාරිය හන්දියේ කූඩුව හදන තැන අටවගෙන කැරකෙන කූඩු වැඩේ නැගලම යන්න පටන් ගත්තා. රාජකාරියට යන තරුණ පරපුරත්..නෝ ජොබ් කොම්පැණියෙ සුපවයිසර්ලා මැනේජර්ලා කාරියත් හැන්දෑවට හැන්දෑවට කයියක් ගහන්න අනිවාර්යෙන්ම ඔන්දස්පොට් වෙන තැන බවට මෙතැන පත් උනේ බොහොම ටික දවසකින්.

රෑ දවල් නැතුව එක දිගට කූඩු වැඩේ යනවා. පොල් අතු වලින් වහලය සකස් කරගෙන කැරකෙන කූඩු සැකිල්ල හදාගෙන යද්දි සඳරුවාගෙ වෑයම ගැන පැහැදුන ගොඩාක් දෙනා ඒකාට වචනෙකින් හරි උදව් උපකාර කරන්න පෙළඹුනා. ගිණි අව්ව , සීතල උදේ , මහ රෑ කියලා බලන්නෙ නැතුව ගජරාමෙට වැඩ කරන කොල්ලන්ට සම්පත් අයියගෙ කඩෙන් ටිකිරි මාරියක් එක්ක තේ කෝපි ටිකක් නිරන්තරයෙන් ලැබුනෙ කිසිම අයකිරීමකින් තොරවයි. ඔහුගෙ ඇඹේණිය කඩේ වැඩත් අතපසු කරගෙන මේ නඩේට සත්කාර කලේ බොහොම කැපවීමෙන්.

අඩෝ...බුල කෙලින්න එපා ඩෝ....වැඩ කරන කොල්ලන්ට තියෙන සියරට් එක බීලා මෙතන නිකං හාල් පාරුවා වගේ දුම් දාන්න එපා අරිද ?...සයිඩ් එකෙන් ඉදින්...නෝ ජොබ් කම්පැණියෙ එකෙක් වැඩ කරන තැන වාත වෙද්දි සඳරුවා දුන්නෙ ඒ වගේ වදන් ටිකක්.

සඳරු පුතේ ගෙදර හදපු ඉඳිආප්ප...අපේ කෙල්ල කිව්වා කූඩුවෙ වැඩ කරන අයියලටත් ටිකක් දෙමු කියලා...කාලා බලන්නකො..නංගිම තමයි අලහොද්ද හැදුවෙත්. ගමේ නැන්දා කෙනෙක් එහෙම උපකාරයක් කලාම සඳරුවා ඒ ඇත්ති ඉස්සරහා නැමෙන්නෙ තද හුළගකට අහු උන බට පඳුරක් වගේ. 

නංගිව අපි ආදරයෙන් මතක් කලා කියන්න නැන්දෙ...කට පලල් කරගෙන සඳරුවා එහෙම කියන්නෙ තමන්ගෙ සගයන්ට ඇහැක් ගහන ගමන්.

කොල්ලො ටික ගජරාමෙට වැඩ. අපිට ඉතින් කඩේ ඉස්සරහම බලා ඉන්න බෑනෙ. ඒක හින්දා මේ දවස් ටිකේම තේ කෝපි කාරිය දුන්නා. කඩේට එන යන ඇත්තියක් එක්ක සම්පත් ගොයියගෙ නෝනා පුරසාරම් දෙඩුවෙ අන්න එහෙමයි.

කැරකෙන කූඩුවෙ වැඩ රාජකාරි බොහොමයක් දැන් අවසන් වෙලා, වෙසක් උත්සවයට තව එක සතියයි. අන්තිම සතියෙ තියෙන්නෙ සව්කොළ වලින් කරන වැඩරාජකාරි නිසා මහන්සිය වගේම ඉවසීමත් හොඳින් ප්‍ර‍ගුණ කරන්න ඕනෙ. සතියක් දෙකක් තිස්සෙ මුලු දවසක්ම  කැරකෙන කූඩුවක් අස්සෙ ඉදලා දැන් සඳරුවගෙ නඩේට හොඳටම මහන්සියි.

තොපිලා මොකද කියන්නෙ...මහන්සිය යන්නත් එක්ක කියලා රෑ වෙලා පොඩි එකක් ගමුද ?

කොහෙද බං සෙට් වෙන්නෙ...මෙතනමද ? කැරකෙන කූඩු සාමාජිකයෙකුගෙන් පුරස්නයක්.  

ඔව් ඔව් මෙතනම බෝතලේ කඩමු මිනිස්සු නිදාගන්න කං ඉදලා...

බෝතලයක් ගේන්න තොට සල්ලි තියෙනවද සඳරුවො...

සල්ලි තියෙන නිසා නේන්නං බොල කියන්නෙ..උඹ නිකං පීදෙන්නෙ නැතුව හිටහංකො.

මුලු ගම්මානයම වැහි අදුරත් එක්ක වේලාසන නින්දට ගියත් හැමදාම වගේ අදත් සඳරුවගෙ කැරකෙන කූඩු භූමිය අවදියෙන්. පිටට පේන්නෙ නැති වෙන්න ආවරණය කරලා තියෙන හින්දම ජාමෙ බේරගෙන අඩියක් ගහන්න කියාපු තැන එතැන කියලයි උගේ අදහස.

බෝතලේ අඩිය පෑදෙන්න තව ටිකයි. කැරකෙන කූඩු ව්‍යාපෘතියෙ බොන කන උන් හිටියෙ අතලොස්සක් නිසා දැන් හැමෝටම හොද ගානට කික්.

සඳරුවො...සැන්ටිං ඉවරයි බං...

දැන් මොන රෙද්ද එක්කද යකෝ බොන්නෙ. තොගෙ කටේ දත් පණුවො කාලද දැල අස්සෙන් අත දාගෙන හිටිය වෙලාවෙ  සැන්ටිං ඇතිද මදිද කියන්න බැරි උනේ ?

මට අමතක උනා බොල...දැන් මොකද කරන්නෙ.

මොනවා කරන්නද සම්පත් අයියගෙ කඩේ දැල අස්සෙන් කලින් ගෙනාවා වගේ අත දාලා තව සෝඩා බෝතලයක් දෙකක් ගමු.

සම්පත් ගොයියගෙ කඩේ වටේටම තිබුනෙ යකඩ කූරු වලින් හදපු දැලක් වගේ සැකිල්ලක්. මේ සැකිල්ල ලගම තමයි පැණිබීම ජාති ගබඩා කරලා තිබුනෙ. දැලේ හිල් අස්සෙන් සැන්ටිං වලට බෝතලයක් දෙකක් පන්නන එක සඳරුවා වගේ එකෙක්ට ටොයිස් වැඩක්.

කොහොමින් කොහොම බෝතල් දෙකක් පන්නලා රහමෙර තිබුන හැම එකම අහවර කොලා කියමුකො. ඊට පස්සෙ කඩෙන් ගෙනාව හිස් බෝතල් ආයෙමත් එතැනින්ම තියන්න ඕනෙ කියලයි කඳ පාත් උන සඳරුවගෙ අදහස...

එහෙම තැන තැන බෝතල් දාලා යන්න එපා ඩෝ...සම්පත් අයියා ඔද මිනිහා...ඕහ්.....අපිට මේ කූඩුවෙ වැඩේට දැන් දවස් කීයක් කියලා බිස්කට් දුන්නද , තේ දුන්නද, කොහු ලණු කැරළි දුන්නද, අපේ දෙමාපියෝවත් මේ තරම් සහයෝගයක් දුන්නද බං.....ඒ හින්දා හිස් බෝතල් ටික එතන තියන්නම ඕනෙ.

කොච්චර කිව්වත් සඳරුවගෙ අදහස වෙනස් උනේ නැති නිසා කඩේ දැල අස්සෙන් පිල්ලි ගිය සෝඩා බෝතල් ආයෙමත් දැල අස්සෙන්ම අත දාලා එතැන තියන එක තමයි කැරකෙන කූඩු කණ්ඩායමේ ඊළග මෙහෙයුම.

සම්පත් ගොයියගෙ කඩේ පිටිපස්සෙ ගෙදර ජීවත් වෙන සුරංග මාමා දවසේ රාජකාරි අහවර කරලා මධ්‍යම රාත්‍රිය කිට්ටුව නින්දට යන කෙනෙක්. වහලා දාලා තියෙන කඩේ පැත්තෙන් බෝතල් එකට වදින සද්දයක් ඇහෙන නිසා මිනිහා හොදට සද්දෙ එන පැත්තට කන දීලා. මීට කලියෙන් දෙවංගියක්ම මේ කඩේ හොරු කඩපු නිසාම සුරංග මාමා ගෙයින් එළියට ඇවිත් කලුවරේම ඇහැ දුන්නම දැක්කෙ දැළ අස්සෙන් අත දාගෙන හිටිය කැරකෙන කූඩු නඩේ. කලුවරට මුන්ගෙ මූණු පෙන්නෙ නෑ.

සුරංග මාමා නූල් සූස්තර කාරයා. මිනිහා තනියම එතනට යන්නෙ නැතුව ඉක්මනින්ම කඩේ හිමිකාරයටත් පයින්ඩෙ යවලා කලුවරේම බැටෑලියන් එකක් ලෑස්ති කරගෙන දැල අස්සෙන් අත දාගෙන හිටිය උන්ගෙ බෙලි කෙටි වලින්ම අල්ල ගත්තා.

තොපි මොකද යකෝ මේ මහ රාත්තිරියෙ මේ කඩේ කඩනවද ?

අපිව අත අරින්න සුරංග මාමා...අපි හරිම අහිංසකයි...සඳරුවගෙ හිර උන බෙල්ලට උගුරු ඇටේ කොටසත් අහුවෙලා තිබුන නිසා සද්දෙ එළියට එන්නෙ යන්තමින්...

උඹලා අද කූඩුව අස්සට වෙලා බිව්වද ? මේ ගඳ එන්නෙ...හිටපිය කඩේ අයිතිකාරයා එනකං..දෙන්නං හොඳ සම්බුවක් අද...

කඩේ හිමිකාර සම්පත් ගොයියා ඒ අව් අස්සෙ අඩියට දෙකට එතැන...දැල අස්සෙන් බීම බෝතල් පිල්ලි ගිය කථාවත්, කැරකෙන කූඩු සැට් එක අඩි ගසා පාටි දමා ඇති ආකාරයත් සුරංග මාමා පණ පිහිටුවලා කිව්වට පස්සෙ සම්පත් ගොයියගෙ ඉවසීමේ සීමාව පැන්නා. සඳරුවගෙ පැහැබර මුහුණ අවපැහැ වෙන තරමෙ දරුණු පාරක් කම්මුලක් සිප ගත්තා.

තොපිට යකෝ මම සති දෙකක් විතර මොන තරම් උදව් කලාද ? මොන තරම් දේවල් නිකං දුන්නද ? කොච්චර තේ කෝපි දුන්නද ?  එහෙව් මගේම කඩේ බඩු හොරකම් කලා...කාලකන්නි...කැරකෙන කූඩු හදනවා කිය කියා රෑ තිස්සෙ අරක්කු බිබී මොනවද මේ කරන වැඩ.

සම්පත්ට ආච්චි වැහිලා ඉන්න වෙලාවට පාලනය කරන්න කාටවත් බෑ. ඒ මදිවට ඒකා ගැටයා සන්දියෙ ඉදලම සටන් ක්‍ර‍ම ඉගෙනගත්ත එකෙක් නිසා හරියට තැනට ගහන්න සූරයා.

සුරංග මාමගෙ හමුදාවත් එක්කම කැරකෙන කූඩුව ඉඳිවෙමින් තිබුන තැනට කඩිමුඩියෙ ඇවිද ගිය සම්පත් ගොයියා අනුකම්පා විරහිතව එල්ල කරපු පා පහර දෙක තුනකින් පස්සෙ සඳරුවගෙ කැරකෙන කූඩුව කැරකෙන්නත් කලියෙන්ම තීන්දු ගමන් ගියා.

මේ හන්දියට තොපි වගේ අපතයො හදන කැරකෙන කූඩු ඕනෙ නෑ. තොපිලගෙ ගෙවල් වලට මම දැන්මම පයින්ඩෙ යවලා දෙමාපියන්ට කියා දෙන්නං කූඩු හදනවා කියලා කරලා තියෙන දේවල්.

අපි කිව්වා මේ බූරුවට හිස් බෝතල් ආයෙම තියන්න ඕනෙ නෑ කියලා...කොහෙද ඇහුවද..නෙදකින් ගං කබරයා...සඳරුවගෙ කැරකෙන කූඩු සංවිධානෙ එකෙක් ඒකාට බනින්නෙ බොහොම සාහසික විදියට.

ඔයින් මෙයින් පහුවදා උදෑසන වෙද්දි එතන හිටිය උන්ගෙ දෙමාපියන්ට වගේම මුලු ගමටම කලින් දවසෙ රාත්තිරියෙ වෙච්ච සංගෙදිය ප්‍ර‍චාරය උනා. මුන්ට ඇති හැකි විදියට උදව් කරපු හැමෝම සඳරුවගෙ මළගිය ඥාතින් පවා සිහිකරමින් බැන්නා.

නෙදකිං අවලං හැත්ත...ඕකුන්ට මම ඉඳි ආප්පත් ගිහින් දුන්නා...ඉඳි ආප්ප නැන්දටත් යකා ආවේශ වෙලා.

අන්තිමේදි සතියක් දෙකක් යනකං ගමටත්, තමන්ගෙ කොලු නඩයටත්  මූණ දෙන්න විදියක් නැතුව නිවාස අඩස්සියෙ හිටිය සඳරු කොලුවා පස්සෙ දවසක සුරංග මාමව දැක්ක තැනක යටියන්තොට යවන බවට පාරම් බබා හිටියත් උගෙ දෙමාපියො තමන්ගෙ පුත්තරයා ලංකාවෙ හිටියොත් පාප මිත්තරයො හින්දා කවදාවත් ගොඩගන්න බැරි බව දන්න නිසාම විදේශ රටකට අපනයනය කොලා.

සිරා කොලුවා වසර 3 කට පස්සෙ තමයි මෙදා පාර ලංකාවෙදි වෙසක් සිරිය දකින්නෙ. ලංකාවෙ හිටියෙ නැති කාල සීමාවෙ අපේ ගමේ ගොඩාක් දේ වෙනස් වෙලා. ඉස්සර වගේ ගමේ පොදු වැඩ වලට දැන් තරුණ පරපුරක් නෑ. සඳරුවා තවමත් විදේශ ගත වෙලා. උගෙ ගෝලයොත් විවිධ දේ සමග කාර්ය බහුල වෙලා. උන් එදා කැරකෙන කූඩුව හදපු භූමිය දකින වාරයක් පාසා සිරා කොලුවට මතක් වෙන්නෙ බොලාට අද කිව්ව මේ කථාව.

මිනිස්සු වෙසක් එකට කූඩු හදන්නෙ, රැලි තියලා අලවන්නෙ, කිසිම නොගැලපීමක් ඇති නොවෙන්න. ඒත් තමන්ගෙ එදිනෙදා ජීවිතය තුල ඇතිවෙන නොගැලපීම් ගැලපීම් කරගන්න මිනිස්සු වෙසක් කූඩුවක් හදනකොට තරම් මහන්සි වෙනවද කියලා මේ වෙසක් සමයෙදිවත් හිතලා බලන්න.


මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ලංකාවේ ජීවිතය මා කලින් සිතුවාට වඩා කාර්ය බහුල වී තිබේ. ඒ නිසාම සිරාගේ කාමරයට යමක් ලියන්නට වෙලාව නැත්තටම නැති වී ඇත. එහෙත් සිරා කොලුවො තෝ මලාද ? යනුවෙන් අසා මා වෙත ඊ විදින කිසිදා හැබැහින් දැක නැති සිරාගේ කාමරයට යන එන ඇත්තන් වෙනුවෙන් හැකියාවක් ලැබෙන සෑම විටෙකම මම ලියමි.

64 comments:

  1. මේ සැරේ නම් සංජීව අයියේ වෙසක් සැරසිලි අඩුවෙයි. අපේ පැත්තත් තාම වතුරෙන් යටවෙලා.
    ජාඇල පාර පහලගම ගන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. Prasad, ඇයි මුගේ නම දන්නෙ නැද්ද??

      Delete
    2. පහලගමට මේ පාර ගංවතුර දරුණු විදිහට තියනව නේද ? සුදු පූස කොහෙද තාප්පයක් උඩද ?

      Delete
    3. සමීර පුතා...කලබල වෙන්න එපා...සුදු පූසා මාව පුද්ගලිකව දන්න කෙනෙක්. අපි දෙන්නා අන්තිමට හමු උනේ ගම්පහ සාම විහාරෙ තිබුන ලේ දන්දීමකදි.

      මගේ අදහස අනුව මෙදා පාර දන්සැල් ගොඩාක් පැවැත්වෙන එකක් නෑ. ඒ අය එකතු කරපු මුදල් වලින් ගං වතුරෙන් අවතැන් උන ජනතාවට සහනය සලසාවි. ඇත්ත වශයෙන්ම එය තමයි විය යුත්තෙ. වාහනයෙන් බැහැලා එන කෙනෙක්ට කන්න දෙනවට වඩා..අසරණ උන කෙනෙක්ට පිහිට වෙන එක වටිනවා.

      Delete
    4. Kammala, api namberuna ape gewal tika witharai pahalagamin berune
      ara pin pata hora saduge pansala issaraha pain yanna bari levell 1kata wathura thibba
      dan nam godakma bahala gihin

      Delete
  2. Replies
    1. ඔව්...මටත් එහෙම හිතෙනවා..

      Delete
  3. සම්පත් ට මොලයක් තිබුනේ නැද්ද ඔය වගේ වැඩකදී කොල්ලොන්ව තේරුම් ගන්න
    ඌ එල කොල්ලෙක්

    ReplyDelete
    Replies
    1. උෟ කොල්ලන්ට අච්චර උදවු කරල තියෙද්දි තමංගෙ කඩේ දේවල් හොරෙන් ගත්තම මල පනින්නැතුව තියෙයි යැ.
      -සංජීව අයියා-

      Delete
    2. -සංජීව අයියා-
      ආනේ ඔයත්.........????????

      Delete
    3. දුක දන්නෙ වෙන කවුද කඩයක් ඇති එකෙක් තරම් .... නැද්ද ප්‍රසා

      Delete
    4. ඒක සංජීව අයියා හදිසි කෝපය...මට උනත් ඇති වෙන්න පුලුවන් මම උදව් කරපු උන් මටම ඇරියම....

      Delete
    5. නැහැ මචෝ මම කිව්වේ කඩෙන් බඩු උස්සපු ඒක නෙමයි අඩියක් ගහපු ඒක

      Delete
  4. අදයි ආවේ...

    කතාවක් අපූරුයි.. අන්තිම අදහසත් අගෙයි....

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා නිර්මාණි...ස්තූතියි අදහසට...

      Delete
  5. මේ සැරේ නම් නෝ වෙසක්. එලද බ්‍රා කතාව නම්

    ReplyDelete
    Replies
    1. මේ සැරේ වෙසක් වැස්සට ගසාගෙන ගියා කියලා මටත් හිතෙනවා...

      Delete
  6. අවුරුදු පහකින් ලංකාවෙ වෙසක් සිරිය දැක්කෙ නෑ බං.පරණ මතක සිතින් මවාගන්නවා පමණයි.ටොප් කතාව.

    ReplyDelete
    Replies
    1. පරණ මතක සිතින් මවාගත්තත් ඒ අතීතයේ තරම් වර්තමාන වෙසක් සුන්දර නෑ කියලයි මගේ අදහස. අපි පුටාරා වලින් වෙසක් බලන්න ගිය කාලෙ තරම් සුන්දරව දැන් අපිට වෙසක් දැනෙන්නෙත් නෑ. ස්තූතියි හැලපයියෙ.

      Delete
  7. ඔය අර කට නැත්නං මෙලහට බල්ලො ඇදං ගිහිං කියන ටයිප් එකේ පොරක් නේද?
    ඕවගේ උන්ට අර තෙල් බෙහෙත් වෙලඳාම, රක්ෂණ නියෝජිත, යහෝවහ්ගේ සාක්ෂිකරුවෝ, බස් කොන්දොස්තරකම වගේ ගැලපෙන ‍රැකියා වැලක්ම තියෙනවා.
    උඹ රට ගිය කාරණාවත් දැන්නෙ වැටහුනේ.

    ReplyDelete
    Replies
    1. සඳරුවාව නෝන්ඩි කරලා පැත්තකට කරන්න කිසිම ජගතෙකුට බෑ. ඌට කටක් නෙමෙයි තිබුනෙ වක්කඩක්...වචන ගලාගෙන එන්නෙ බොහොම වේගෙන්. සඳරුවා එක්ක වචන වලින් හැප්පෙන්න යන එකාගෙ ඇදිවතත් ගැලවිලා තමයි නතර වෙන්නෙ.

      හෙන්රි අයියට අමතක වෙලාද මන්දා මම බොලාගෙ ව්‍යාපාරික සහකරු කියලා...

      Delete
  8. කූඩුවක් හරි මොකක් හරි වැඩකදි සෙට් එකක්ම බලාගෙන ඉන්නවා පොඩි හරි වැරැද්දක් වෙනකන්.. ඔව්ව ඉතින් හැටි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගමක පොදු දෙයක් කරද්දි වචනයකින් වත් ආධාරයක් කරන්නෙ නැතුව ඒකෙ අඩුපාඩු විතරක් හොයන සෙට් එකක් ඉන්නෙ අපේ ගමේ විතරක් නෙමෙයි. බොහෝ තැන් වල තත්වය එහෙමයි. බොටත් ජය වේවා !

      Delete
  9. සඳරුව බිව්ව එකත් වරදක් නෑ කියමුකො ඒත් හැම එකටම උදව් කරපු අර මනුස්සයගෙ ක‍ෙඩෙන් හොරකං කරපු එක වැරදියි. උදව් නොකර හිටපු එකෙක්ගෙන්නං ගත්තත් කමක් නෑ.

    මේ ගමනනං වෙසක් එක එච්චර නැගල යයි කියල හිතන්න බෑ. අපිට කිසිම කරදරයක් නැති උනත් මේ පැත්තෙත් තාම කිසිම ලෑස්තියක් පේන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කථාව නම් ඇත්ත තමයි. සම්පතා නොසෑහෙන්න ආධාර උපකාර කලා ආරම්භයේ ඉදලම...එහෙව් මිනිහගෙ කඩෙන් හොරකම් කරපුවාම ඉවසලා ඉන්න පුලුවන්ද ? මට මතක විදියට සඳරුවා ලංකාවෙ හිටිය අන්තිම කාලෙ සුරංග මාමගෙ වගේම සම්පතාගෙත් මූණ බලන එක අත ඇරියා.

      මේ වතාවෙ වෙසක් වැස්සට හේදුනා. අපේ පැත්තෙ කිසිම ලකයක් නෑ. දන්සැල් බොහොමයකට එකතු කරපු මුදල් ගං වතුරෙන් අවතැන් අයට උපකාර කරන්න යෙදෙව්වා.

      Delete
  10. බොනකොට සෝඩම සැන්ටිං වලට ඕනෙ එවුනුයි සිගරට් ඕනෙම එවුනුයි ඉද්දි වාත වෙනව තමයි , අපි වගේ වතුර එක්කත් බොන්න පුරුදු වෙන්න ඕනෙ.
    සිරා මල්ලි ගංවතුරට කකුල් දාගෙන ගහමුද අඩ්ඩක් ?
    ගම්පහ වෙසක් සැරසිලි අඩුම පාර තමයි ඔයාලගෙ පාර. හේතුව දැන් තමයි තේරෙන්නෙ , ඉන්නෙ බේබද්දො : D

    ReplyDelete
    Replies
    1. ඔයාට වතුර උවමනා උනාට ඔය සංජීව අයියලට, ප්‍ර‍සාට, දේශකයා වගේ අයට වතුරවත් ඕනෙ නෑ කියලයි මම නම් අහලා තියෙන්නෙ.

      ගං වතුරෙ කකුල් ඔබාගෙන අඩ්ඩක් ගහන්න මමත් මනාපයි...ඔය ඇත්තො කොහොමද ඉතින් වතුර අස්සෙන් මේ පැත්තට වාර්තා කරන්නෙ...සෝඩා සැන්ටිං වලට අරගෙන බොන උන්ට බේබද්දො කියනවා නම් ඒවා කිසිම දෙයක් නැතුව බොන ඉහළ නම් සදහන් අයට කියන නම මොකක්ද හැබෑට...

      Delete
    2. සමහර ඒවට වතුර නැතුවත් ok.

      Delete
  11. සදරු කිව්වම එක පාරටම මතකෙට ආවෙ...එක්කො ඕනේ නැහැ.දැන් ආයේ ඌව ඉම්පෝට් කරන්නේ කවද්ද?

    ReplyDelete
    Replies
    1. සදරුවා කිව්වම එක පාරට මතකෙට ආවෙ හිස් අහසෙ සඳරුවා වෙන්ට ඕනෙ...ඌව ලගදි ඉම්පෝට් කරන පාටක් නෑ. තව ටික කාලයක් යයි වගේ...

      Delete
  12. ගොඩක් අයට මේ සැරේ වෙසක් නෑ නේ..

    ReplyDelete
    Replies
    1. ඔව්...එහෙම වටපිටාවක ඇති හැකි උන්ට දන්සැල් දෙනවට වඩා...අසරණ උන කෙනෙක්ට පිහිට වෙන එක වටිනවා.

      Delete
  13. මේ ගං වතුරේ මොන වෙසක්ද?
    එල කථාව

    ReplyDelete
    Replies
    1. මහා වැසි මැද වෙසක් සේදී ගිය සෙයකි...ස්තූතියි...

      Delete
  14. ෂාහ් අරහේ හැලප අයිය්යානම් වෙසක් එකට සිරිපාදයක් හදලා ..... මම හිතුවේ උබත් කුදුව හදයි කියලා ...... සැක් ....සුරංග මාමා වැඩේ කෑවනේ

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා මුළු කතාවත් හරි සිරාගේ අන්තිම වාක්කෙත් හරි.......

      Delete
    2. බොලේ මේ අපේ මැලේ රාළ මාමනෙ...ඉතිං ඉතිං කොහොමෙයි...මමත් වෙසක් එකට කූඩුව හදාගෙන එද්දිම සම්පා පයින් ගැහුවනෙ...

      අපිත් ඉතින් වෙසක් ලං උනාම බයිලා ගහනවා...ආයෙම ඊලග වෙසක් එකට තමයි ඒවා එළියට එන්නෙ.

      Delete
  15. අයියෝ අයියෝ කරගන්න දේවල්. හරිම ලස්සනයි සිරා

    ඔන්න අපිත් ඇවිත් යන්න ආවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇවිත් ගියාට....ආයෙමත් දවසක එන්ට...

      Delete
  16. අවුරුදු බර ගානකින් වෙසක් වලට මම ලංකාවේ නැහැ දැන්.

    ReplyDelete
    Replies
    1. බොලා ඉන්න රටේ පන්සලක් එහෙම නැතෙයි ?

      Delete
  17. මරු කථාව සහ මරු චරිතය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවන්..සඳරුවගෙ අඩුව පුරවන්න කිසිම එකෙක් අදටත් අපේ ගමේ නෑ...

      Delete
  18. මේ සැරේ කූඩු අලවන්න වෙන්නේ ගංවතුරෙන් දිය කරලා තමයි!

    ReplyDelete
    Replies
    1. මම නං ඕන්න අද කූඩු දෙකක් සල්ලි වලට ගෙනාවා...

      Delete
  19. අතීත කූඩු මතක නම් බෝමයි...

    මේ පාර කූඩු නැහැ. පහන් ටිකක් පත්තු කරන්න තියෙන්නේ.
    දන්සැල් කලින්ම දෙන්න තියෙන්නෙ‍ෙ

    ReplyDelete
    Replies
    1. මට මතකයි සෑමා ඉස්සර වෙසක් කලාපයක් කරනවා බ්ලොග් එක හරහා...මෙදා පාර ඒක නැතෙයි ?

      Delete
  20. කිව්වත් වගේ මේ සැරේ වෙසක් සිරි නං අඩුවෙයි. ඒත් ඉතිං වෙසක් තියෙන්නෙ හිතේ මිසක් සැරසිලි වල නෙමෙයිනෙ නේ.. මරු කතාව. ලියං යන විදියට කියවන්න ආසවක් එනව.
    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මම හිතනවා මෙදා පාර සෝබනේට දන්සැල් දෙනවට වඩා ගං වතුරෙන් අවතැන් වෙච්ච අපේ සහෝදර ජනතාවට ඒවා ලබාදීම ඉතාමත් වැදගත් කියලා.

      Delete
  21. හැක්. මද්‍යපාන පුන්යෝත්සවයට වෙච්චි දෙයක්. මේ පාර සිරාලගේ පැත්තෙත් සැරසිලි අඩුවෙයි ගංවතුර නිසා.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ ගහගෙන ආවා කූඩු අරවා මේවා අතර මග නතර උනා...මෙදා පාර කිසිම ලකයක් නෑ මාමෙ...

      Delete
  22. සිරා අය්යේ, සදරුවා රට ගිහිල්ලත් කෑරෙකෙන කුඩුවක් හෑදුවද දන්නේ නෑ නේද?


    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ දැන් සදරුවා තැන්පත් වෙලා...

      Delete
  23. ///මිනිස්සු වෙසක් එකට කූඩු හදන්නෙ, රැලි තියලා අලවන්නෙ, කිසිම නොගැලපීමක් ඇති නොවෙන්න. ඒත් තමන්ගෙ එදිනෙදා ජීවිතය තුල ඇතිවෙන නොගැලපීම් ගැලපීම් කරගන්න මිනිස්සු වෙසක් කූඩුවක් හදනකොට තරම් මහන්සි වෙනවද කියලා මේ වෙසක් සමයෙදිවත් හිතලා බලන්න.///

    Very ture. Its time to think about our life style more than ever..talnets are wasting due to unorganized own life.. if we can point it out how & why we shuld do this it will benefit to all of us...Thank you Sira..

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...ඔබේ අදහස සමග මම එකගයි.

      Delete
  24. වෙසක් කුඩු කියන්නේ කුඩා ළමයෙක්ගේ නිර්මාණාත්මක හැකියාවන් අවදි වන දෙයක්. ලොකු වෙලා ඔළු වල විවිධ දේ පිරුණම මග ඇරෙන සුන්දර චමත්කාරජනක දෙයක්. ඒ නිසා ළමයින්ට කුඩුවක් සදා දීම උදව් කිරීම කිසි කලෙකත් කාලයවත් මුදල් වත් නාස්තියක් ලෙස මා නම් දකින්නේ නැහැ.හරි යාම් වැරදීම් ගැන කියාදෙන ජිවිත පාඩම්. පොත පතින් ලබන්න බැරි . අපේ බත් කුරු වෙසක් කතාව ලියන්නම්කො. ඊයෙත් එකක් දාල ළඟ වැඩි නිසා අමාරුවෙන් නොලියා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. අක්කගෙ අදහස නිවැරදියි...මේ වගේ ක්‍රියාකාරකම් වලින් ළමයි..ඉවසීම සහ ජයග්‍ර‍හණය, තෘප්තිය වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. තමන්ම මහන්සි වෙලා සැකිල්ල හදාගෙන...ඒක උඩ සව්කොල අලවලා...වෙසක් දවසෙ රෑට ඉටිපන්දමක් හරි විදුලි බුබුලක් හරි එක්ක කූඩුව එල්ලුවාම ඒ පුංචි හිත් වලට දැනෙන සතුට මගේ ළමා කාලයේ මතකයන් එක්ක ගත්තම බොහොම සොදුරුයි.

      Delete
  25. ඈ බන් සිරෝ උබ දැන් ඉන්නෙ ලංකාවෙද?? ආපහු අපනයන වෙන්නෙ නැද්ද???

    ReplyDelete
    Replies
    1. ගිය වසරෙ අග ලංකාවට ආනයනය උනා...ආයෙම දවසක අපනයනය වේවි...දින වකවානුවක් කියන්න බෑ.

      Delete
  26. කුඩු ගහන්න ගිහන් කුඩු වෙන්නම කලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කූඩු ගැහිල්ලත් ලේසි නෑ නේද බොලං...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...