Sunday, January 15, 2017

36 සිරා කොලුවාගේ පළමු ගීතය අහමුද ?

සිරා කොලුවාගේ ගායක හීනේ ගැන මම බොලාට කිව්වෙ 2015 අවුරුද්දෙ අගෝස්තු මාසෙ අන්තිම දවසෙ. මුහුණු TV ආයතනය සංවිධානය කරපු Cover Song Challenge තරගාවලියෙ පළමු වටයෙදි සිරාගෙ කාමරයට එන යන ඇත්තො සිරා කොලුවා වෙත දක්වපු සහයෝගය මට අමතක නෑ. ඒ කාලෙ මම උන්නෙ ලංකාවෙන් බැහැරව උනත් තරගයේ ඉදිරි වට වලට සහභාගි උනේ ලංකාවෙදි.

පළමු වටයෙන් දෙවැනි හෙවත් අවසාන වටයට තෝරගත්ත පිරිස 10 දෙනෙක්. ඒ අතරින් එක් තරග කරුවෙක් උනේ සිරා කොලුවා. මේ හැම දෙනාටම තමන්ගෙම කියලා ගීත 10 ක් තරගයේ සංවිධායකයො විසින් නිර්මාණය කොලා. ඒ නිසයි දෙවැනි වටය ආරම්භ වෙන්න මේ තරම් කාලයක් ගත උනේ.


තරගකරුවන්ට නිදහස ලැබුනා තමන්ගෙ ගී නිර්මාණය වෙනුවෙන් පද රචනා හොයා ගන්න. අන්න එතැනදි සිරා කොලුවගෙ අතිජාතයෙක් වෙන ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍ර‍වීණ නිවේදක ඉන්ද්‍ර‍සිරි සුරවීර අයියා සිරා කොලුවගෙ අතට දුන්නෙ ප්‍රේමයේ සුන්දරත්වය ගැන කියවෙන අපූරු ගීතයක්. ප්‍රේමයේ අදෝනා විතරක්ම ඇහෙන වකවානුවක ලියවුනු නිසාම ඒ ගීතය මගේ හිතටත් දැනුනා.

ඉන්ද්‍ර‍සිරි සුරවීර
පළමු දැක්මේදීම ඔබ මෙන්ම මමත් නොයෙක් අයට ආදරය කරලා තියෙනවා. ආගන්තුක උනත් බොහොම සමීප බවක් දැනිලා තියෙනවා. අන්න එවැනි හැගීමක් නිසාම ඒක පුද්ගල ආදර හැගීමකින් පීඩිත වෙන තරුණයෙකු පසුබිමේ තබාගෙන සුරෙ අයියා මේ ගීතය ලියා දුන්නෙ.

ගීතයේ සංගීතය නිර්මාණය කරන්න අවස්ථාව ලබා ගත්තෙ අලුත් පරපුරේ දක්ෂ සංගීතඥයෙකු වන දිලුම් තේජන. චාමර, ශෂිකා යුවල ගායනා කරන කවුරුන්ද කවුළුව වැහුවේ ගීතයෙන් තමන්ගෙ හැකියාවන් මොනවට පෙන්වපු දිලුම් ඉදිරියේදී තිරගත වීමට නියමිත ජුලියා චිත්‍ර‍පටයේ දෙවැනි කොටසටත් ගීත දෙකක් නිර්මාණය කරනවා. ඔහුගේ De Verb ශබ්දාගාරයෙදී පටිගත කිරීම් සිදු උනා.

දිලුම් තේජන
ගීතයක් කියන්නෙ පාර්ශව තුනක සම්මිශ්‍ර‍ණයක්. පුද්ගලයන් තිදෙනෙකුගේ එකිනෙකට වෙනස් භාව ප්‍ර‍කාශනයන් එකට හමුවන ස්ථානයක්. එතැනදී සිදුවන විවිධ සංවාද ආදියෙන් තමයි වඩාත් සාර්ථක කලා නිර්මාණයක් බිහි වෙන්නෙ.

Cover Song Challenge අවසාන අදියර වඩාත් උණුසුම් එකක්. මේ ලිපිය ලියන අවස්ථාව වන විට සිරා කොලුවා ඉන්නෙ 4 වෙනි ස්ථානයේ. එළඹෙන ඉරිදා දිනය වන විට මේ තරගයේ ජයග්‍රාහකයා තෝරගන්න නිසා සිරා කොලුවගෙ ගායක හීනෙ තව දුරටත් ජීවත් කරවන්න සිරාගේ කාමරයට යන එන ඔබේ සහයෝගය ලබා ගන්න මම අදහස් කොලා.

මේ තරගයෙන් ජයග්‍ර‍හණය ලබන කෙනාට දහසින් බැඳි පියලි ලැබෙන්නෙ නෑ. ලැබෙන එකම දේ ගීතය වෙනුවෙන් මියුසික් වීඩියෝවක් නොමිලේ නිර්මාණය වීම පමණයි. ගායක හීනය දකින කෙනෙකුට එය විශාල වටිනාකමක් එකතු කරන දෙයක්.

සිරාගේ කාමරයට නිතර යන එන ඔබ මේ වෙනුවෙන් සහයෝගය දක්වාවි කියන විශ්වාසය මට තියෙනවා. සිරා කොලුවාගේ ජයග්‍ර‍හණය වෙනුවෙන් ඔබට කරන්නට තියෙන්නේ ඉතාම සුලු දෙයක්. කරදරකාරී වැඩ කිසිවක් නෑ. 

පළමුවෙන් මේ තරගය පවත්වන මුහුණු TV ආයතනයේ වෙබ් පිටුව වෙත පිවිසෙන්න. එහිදී ඔබට Cover Song Challenge යන්න දක්නට ලැබේවි. ඉන්පසුව  Cover Song Challenge යන මෙනුව වෙත පිවිසී Sanjeewa Siriwardhana  වෙත ඔබේ මනාපය පල කරන්න.

මෙන්න මෙතැනින්  මනාපය පලකරන පිටුවට කෙලින්ම යන්නත් පුලුවන්. 

මේ ලිපිය ලියන අවස්ථාව වන විට 4 වන ස්ථානයේ සිටින සිරා කොලුවාට ඔබේ සහයෝගයේ තරම මත ප්‍ර‍ථම ස්ථානයට එන්නට හැකියාව තියෙනවා. මේ කාරණය ඔබේ හිත මිතුරන් වෙත සන්නිවේදනය කොට අමතර සහායක් දෙන්නට හැකි නම් මම ඔබට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

අදට එහෙනම් කාමරයේ කථාව අහවරයි.


මම කාමරේ අරින සිරා කොලුවා.




ප.ලි

දිඹුලාගල, කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ පවතින අඩුපාඩු සපුරාලන්නට අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය ගෙන යන වැඩසටහනට ඔබත් එකතු වන්න. (මෙතෙක් ආධාර කල සැමටම මගේ නොවක් ස්තූතිය)  ලබන මාර්තු 20 වන දින සියලුම ආධාර ඒ අහිංසක දරුවන් වෙත ගෙනයන්නට සියලු කටයුතු සූදානම් වන අතරේ, අරුණළු ඉලක්ක වෙත යන්නට තවත් රු. ලක්ෂ එක හමාරක පමණ මුදලක් අවැසිව තිබේ. මේ අහිංසක පාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ මෙන්ම, ඔවුනට අකුරු කරවන ගුරුවරුන්ගේ බලා පොරොත්තු සහගත දෙනෙත් තුටු කඳුලින් පුරවමු. ගිණුම් විස්තර මෙන්න.


Account Name : Arunalu Manushathwaye Sathkaraya

Account No : 121261002661

Bank : Sampath Bank, Gampaha Super Branch

36 comments:

  1. Replies
    1. ස්තූතියි පූසා 28 හමු වෙමු !

      Delete
  2. අර ලින්ක් එකෙන් යන්න බැහැ ...වෙන වෙබ් එකක් දීපන් (ක්‍රමයක් කියපන්)

    ReplyDelete
  3. සිරා... සිරා... පට්ටම සිරා.... වෝට් කළා මචෝ..

    ReplyDelete
  4. ඔන්න අපිත් සපෝටි එක උුන්නා...සිරා කොල්ලට ජය.....

    ReplyDelete
  5. හරිම අපූරුයි... ඔන්න අපිත් ජන්දේ දුන්නා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුෂානි ඔබේ සහයෝගයට...

      Delete
  6. ඡන්දෙනම් දුන්නා කොලුවෝ.. ඒත් උඹ ඉස්සරහට එන්න ඕනා අපේ මනාපයෙන් නෙමේනේ උඹේ දක්ෂතාවයෙන්නේ....

    ReplyDelete
    Replies
    1. තරගයේ ස්වභාවය අනුව අවසන් තරගයෙන් ජයග්‍ර‍හණය කරන්න ඔබේ සහයෝගය අවැසියි. එතැනින් පස්සෙ තමයි දක්ෂතාවයෙන් ගමනක් යන්නෙ.

      Delete
  7. අවංකවම සිංදුව ලස්සණයි පළමුවෙනියා වෙන්න සුභ පතනවා! ඔන්න වෝට් එකක් දුන්නා.
    සිංදුව ශෙයා කලාට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍ර‍යා ඔබේ හෘදයාංගම අදහස් වලට...සින්දුව ෂෙයාර් කලාට කිසිම අමනාපයක් නැත.

      Delete
  8. හරි උඹගේ ආසාව ඉස්ට වෙනව නං තව වෙන මොනවද බං.. ජය

    ReplyDelete
  9. වොට් කලා.සුබ පැතුම් සිරා...!

    ReplyDelete
  10. සුබ පැතුම් සිරෝ... ඔන්න මගේ මනාපෙත් දුන්නා ... ජය වේවා

    ReplyDelete
  11. Replies
    1. මගෙ බොක්ක...ස්තූතියි සෑමො...

      Delete
  12. අපිත් දැම්මා මනාපයක් ඔන්න

    ReplyDelete
  13. මනාපය පල කලා, ජය වේවා...

    ReplyDelete
  14. නාකම නෑ.....හොදයි බං...සුබ පැතුම්...

    ReplyDelete
  15. අහන්න විධිහක් නැහැ. වීඩියෝ එක ප්‍රයිවෙට් කියනවා.

    ReplyDelete
    Replies
    1. තරගය අවසානයි...දැන් වීඩියෝව එතැනින් ඉවත් කොට තිබෙන්නෙ....

      Delete
  16. අයියෝ තරඟය ඉවරයි නෙහ්...

    ඔන්න සිරා අයියේ ආයි ලියන්න පටන් ගත්තෝ..
    සින්ඩියකුත් හැදුවා..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...