Wednesday, July 11, 2012

41 දින හතරේ ආගිය තොරතුරැ 2 කොටස

සිරාගෙ කාමරේ දොර ඇරලා අදට (2012 07 10) හරියටම  මාසයයි... පළමුවෙනි මාසය ඇතුලත යහලුවන්/යෙහෙලියන් 40 අදුනගන්නත්, පෝස්ටු 7ක් පලකරන්නත් සිරාට හැකි වෙලා තියෙනවා, 2400 ඉක්මවපු පිරිසක් කාමරේට එබිලා ගිහිල්ලත් තියෙනවා ඒ අතර රටවල් 23 ක වෙසෙන ලාංකිකයො ඉන්නවා... සතුටුයි බොලව් අප්‍ර‍මාණ සතුටුයි... මේ හිතවත්කම මේ බැදීම චිරාත් කාලයක් පවතීවා.. ඒක තමයි සිරාගෙ එකම පැතුම.... ඒ වගේම මෙතෙක් කල් සිරාට ශක්තිය දුන්න හැමෝටම ස්තූතියි !

මීලගට ඇත්තේ සිතුල්පව්ව විහාරයට ලගා වීමයි, අප තිස්සමහාරාමයේදි නතර වූයේ නැත. යෝධ කණ්ඩිය හන්දියෙන්  හැරී තාර ගැටිති සහිත පාරක් ඔස්සේ කිලෝමීටර් 24කට ආසන්න දුරක් ගෙවා යාල අභය භූමිය හරහා සිතුල් පව්වට යා යුතුය.

එහෙම කියලා තමයි දින හතරෙ චාරිකාවේ 1 කොටස  සිරා නතර කලේ...  ඒ කොටස බලපු නැති උදවිය බලාගෙනම ආවොත් නේද හොද ?

ඔන්න දැන් අපේ බස් රථය යෝධ කන්ඩිය හන්දියෙන් වමට හැරිලා  බස් රථයේ ප්‍රමාණයටම වගේ තියෙන තාර පාරක් දිගේ ඉදිරියට ඇදෙනවා... මේ තමයි සිතුල් පව්වට යන මාර්ගය.. මීට කලින් සිරා සිතුල් පව්වට ගොහිල්ලා නැති නිසා හරිම උවමනාවක් තමයි තිබ්බෙ මේ පෞරාණික භූමිය දැකබලා ගන්න...

තාර පාර ටික දුරක් ගියාට පස්සෙදි ගුරැ පාරක් බවට පත් වුනා...ඒත් එක්කම දෙපැත්තෙ තිබ්බ මිනිස් ජනාවාසත් නැතිව ගියා.... කාෂ්ඨක පොළවට මාස ගනනකින් වැසි බිදක් වැටී ඇති බවට කිසිදු සාක්ෂියක් නෑ... රථයේ වේගයට ඉහළ නගින දූවිල්ල කවුලු තුලින් රථය තුලට එන්න පටන් ගත්තා...යාල අභය භූමියේ දක්ෂින කලාපයෙන් තමයි අපි දැන් මේ ගමන් කරන්නෙ... කුරිරැ යුද්ධය අවසන් වෙනතුරැ වන්දනා කරැවන් බයෙන් ගැහි ගැහී තමයි මේ ගමන ගියේ....

දූවිලි නිසා රථයේ කවුලු වගේම දොර පියන් පවා වසා දමන්නට සිදු වුනා... හතලිස් ගණනකගේ ප්‍රාශ්වාස වාතය වගේම කටුක දේශගුනික තත්වයත් නිසා රථය තුල පුදුමාකාර රස්නයක්... ඉහිං කනිං දහදිය බේරෙනවා... මොකෝ ඉතිං ඒසී දාන්නයෑ... කිලෝමීටර් 24කට ආසන්න දුරක් මේ විදියට යන්න ඕනෙ සිතුල් පව්වට ලගා වෙන්න...ඔන්න ඔය අපහසුතා පහව යන්නත් එක්ක තමා සිරාගෙ මහප්පා ඒගොල්ලො පොඩි කාලෙ ජුලියන් අයියා එක්ක ගිය චාරිකා සටහනක් ඇද බෑවේ.....

වැඩේ කියන්නෙ ජුලියන් අයියගෙ දෝණියැන්දැ  ඇන්ජලින් උන්දැත් අපේ රථයේ අපිට සීට් 2ක් 3ක් ඉදිරියෙන් ඉන්න නිසා මහප්පා සමහර කොටස් ලොප්  කරලා තමා කිව්වෙ.....

කවුද මේ ජුලියන් අයියා.... 

අද බොහෝ අයට තමන්ගෙම කියලා බයිසිකල් කටුවක් හරි තිබුනට මේ කියන 1950 - 1960  වගේ ඈත කාලෙදි එහෙම රථ වාහන තිබිලා නෑ... අපේ ගමේම වාහනයක් තිබිලා තියෙන එකම කෙනා තමා ජුලියන් අයියා ඒ මොරිස් 8 රථයක්..... ඉතිං මේ කියන ජුලියන් අයියා  තමා ඒ කාලෙ ගමේ චාරිකා සංවිධායක.

හැබැයි ඒ ගමන් ගිහිල්ලා තියෙන්නෙ කාර් එකේ නම් නෙමෙයි... චවලට් වර්ගයේ බස් රථයක... ඒකාලෙ බස් හිමියො ඉදලා තියෙන්නෙත් බොහොම ඈත... යක්කල/කොස්කදවල වගේ , ඒත් දෙන්නයි, තුන් දෙනයි.

සෑම වසරකම වෙසක් පොහෝ දිනට කතරගමටත් පොසොන් පොහෝ දිනට අනුරාධපුරයටත් ලෙස වසරකට චාරිකා 2යි.

චාරිකාවට දින ලංවෙද්දි ගමේ තේ කඩේ ඉස්සරහින් සරම කැහපට ගහගෙන උජාරැවෙන් යන ජුලියන් අයියා.... මේ උන්නැහේ !....... මේ ගමනත් අපි චාරිකාව යනවා එනවද ? කියා විමසනවාලු.


    මෙන්න මේ වගේලු ඒ බස් එක
සාමි මඩම් යන නමින් හැදින්වූ දෙමළ මිනිසුන් විසින් පාලනය කරන ලද කාමර විශේෂයක් තුලයි ඔවුන් එකල නවාතැන් ගෙන ඇත්තේ.... එම කාමර තුල ඉතාමත්ම අදුරැ ස්භාවයක්ලු තිබ්බෙ...

සිරාගෙ මහප්පාගේ කුඩා මනසේ තැන්පත් වුනු විදියට කථාව මෙහෙමයි.... 

ජුලියන් අයියා ප්‍ර‍මුඛ නඩය කතරගම ගිහිල්ලා එන ගමන් බස් රථයේ ගියර් වැටෙන්නෙ නැතුව ගිහිල්ලා... ගියර් පොල්ලට කීප සැරයක්ම අතින් ගහලා ගියර් එක වට්ටගන්න උත්සාහ කරපු රියැදුරැ තැන  ගියර් එක වැටෙන්නෙම නැති උනත් උත්සාහය අත්අරින්නෙ නැතුව දිගටම ගියර් පොල්ලට දස වද දීලා. මේ පිරිස දින තුනක ගමනක් තමයි ගිහිල්ලා තියෙන්නෙ... කොරේ පිටට මරේ කිව්ව වගේ අන්තිමට ඔන්න ගියර් පොල්ල රියැදුරැ තැනගෙ අතටම ගැලවිලා ඇවිල්ලා... අද වගේ ගැරේජ් එහෙම සුලභව තිබ්බෙ නැති නිසා දින 3 චාරිකාව දින 5ක් වෙලා... පිරිස ලග උයන්න අඩුම කුඩුමත් නෑ... සල්ලිත් නෑ... මේ බව දැනගත්ත දකුණු පලාතෙ යුතුකම් දන්න ගම්මු මේ පිරිසට කොස් ගෙඩි  ගෙනත් දීලා තම්බ ගන්න... දවස් 2ක් කොස් තම්බගෙන කාලා තමයි ඔන්න ජුලියන් අයියගෙ නඩේ බස් එක හදාගෙන ආයෙත් ගමට සේන්දු වෙලා තියෙන්නෙ... ගියර් වැටෙන්නෙ නැති ලෙඩේ හදද්දි ජුලියන් අයියා ගියර් වීල් වලට ගම්මිරිස් ඇට තලලා දැම්මලු ඒ ගියර් වීල් බදලා අල්ලන්නලු... ඒ කාලෙ කාර්මික ලෙඩ වලටත් අත් බෙහෙත් තමා කොරලා තියෙන්නෙ....


අද අපට ලංකාවෙ සෑම කොනකටම පැය 12 - 15 න් යා හැකි වුවත්  ඒ දිනවල පැවති රථවාහන අද මෙන් කාර්ය ශූර නොවන නිසා  ජුලියන් අයියා සහිත නඩේ පළමු දිනය නිමා කර ඇත්තේ මාතර කොටුව ආසන්නයෙන්.... ඒ සිරා කොලුවාද වෙසෙන සියනෑයො ඉන්න පලාතෙ ඉදලා.....

කථාවෙන් කථාවෙන් අපි ඔන්න දහඩිය පෙරාගෙන සිතුල් පව්ව කිට්ටුවටම ඇවිල්ලා ගුරැපාර අද්දර තිබ්බ හමුදා මුරපොලක් ලග නැවතුනා... මෙන්න බොලේ පැත්තක දිගටම බැම්මක්... නිකං බැම්මක් නෙමෙයි... හිස් අරක්කු බෝතල් බැම්මක්... කෝමද මෙහෙම උනේ....


                                  අරක්කු වලින් නැහැවුනු  බැතිබර දායකත්වය..

ත්‍ර‍ස්තවාදී තර්ජන තියෙන කාලෙ හැම වාහනයක්ම මෙතනදි සෝදිසියට ලක් කරලා තියෙනවා... ඒ වාහන වල පැමිණි සමහර සැදැහැවතුන් හොදට පදම් වෙලා කෑ ගගහා තමයි ඇවිත් තියෙන්නෙ.... ඒ අයගෙ බෝතල් බලෙන් හිස් කරලා තමයි මේ බැම්ම හදලා තියෙන්නෙ... කොහොමද අපේ සැදැහැවතුන්ගේ රහමෙර පානයේ තරම...

ඔන්න අපි දැන් සිතුල් පව්වටත් ආවා... සිතුල් පව්ව ඈත අතීතයේ හදුන්වලා තියෙන්නෙ චිත්තල පබ්බත කියලා... මහ සිතුල් පව්ව හා කුඩා සිතුල් පව්ව ලෙස කොටස් දෙකක් වගේම චෛත්‍යයන් දෙකකුත් තිබෙනවා.... ඒ ගල් පර්වත දෙකක් මත.... කර්කෂ පරිසරය හරිම රස්නෙයි.. ඒ උනාට ගල් පර්වතය උඩ බැබලෙන සුදු පාට චෛත්‍ය රාජයා දැක්කම ඒ අපහසුකම් නැතුව ගියා වාගෙයි...



ටිකෙන් ටික ගල් පර්වතය උඩට ගියාම දැනෙන සිසිලස වචනයෙන් කියන්න බෑ... ඉතාම දැඩි සුළගක් හමනවා වගේම නෙතට රසදුනක් වැනි භූමි දර්ශනත් වටෙන්ම පේනවා... සුළග කොච්චර තදද කියනවා නම් විසිවෙන්නෙ නැතිව ඇවිදින්නත් අමාරැ තරම්.... මිනිසාගේ ලගම හිතවතුන් වැනි කලු වදුරන් අත පොවන මානයේ හැම තැනකම.....





මේ පුදබිම කාවන්තිස්ස රජ කාලයට නෑකම් කියන ස්ථානයක්... රහතුන් වහන්සේලා 12000 වැඩ සිටියා කියලත් කියනවා...  ස්තූප 15ක් මේ ස්ථානයේ ඉදිකර තිබුනා කියලා පැරණි පොත් පත් වල සදහන් වුනත් දැනට දකින්න තියෙන්නෙ 5ක් පමණයි.... ගල් ගුහා 160 කට අධිකයි...විවිධ සතුරැ ආක්‍ර‍මණ නිසා සෞභාග්‍යවන්ත අතීතයකින් අනතුරැව මේ සිද්ධත්ස්ථානය වල් වැදිලා වසර සිය ගනනක් යාල කැලේට යටවෙලා තිබිලා තියෙන්නෙ.... ගාල්ලේ යටිගල විහාරයේ විහාරාධිපති වුණු කළහේ ශ්‍රී රතනජෝති හාමුදුරුවෝ තමා 1927 දී ඒ කාලේ තිබුණු බ්‍රිතාන්‍ය පාලනයෙන් අවසර අරන් සිතුල්පව්වේ නූතන ප්‍රබෝධය ආරම්භ කරන්නේ.
මහ සිතුල් පව්වේ චෛත්‍ය රාජයානන්
ඉතිරි වී ඇති ස්තූප කිහිපයෙන් එකක්...

 සිතුල් පව්ව පුද බිම ගැන පූජ්‍ය එස්.ධම්මික ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කල විස්තරයක් මෙතැනින්

සිතුල් පව්ව පුද බිමට ඇතුලු වෙන ඔබට දැකගත හැකි වැදගත් ස්ථාන මෙසේය....

1   පොත් මැදුර හා තොරතුරැ මධ්‍යස්ථානය
2   ඉපැරණි ගල් පොකුණ
3   ගල්ලෙන
4   ගල්පව්ව පිවිසුම් මාර්ගය
5   ක්‍රි.පූ 161 වන සියවසේදී කාවන්තිස්ස මහරජුන් කරවූ මහාසෑය
6   වසභ රජතුමා කරවූ දාගැබ
7   සිතුල් පව්වේ මහා සෙල්ලිපිය
8   උපෝසඨාගාරය
9   බෝධීන් වහන්සේ
10 ලෙන් විහාරය
11 ඓතිහාසික නටඹුන්
12 මෛත්‍රී බෝධිසත්ව රෑපය
13 කාවන්තිස්ස රජතුමාගේ පිළිමය
14 පටිමාඝරය (පිළිමගෙය)
15 පැරණි බෝධිඝරය
16 ආනන්ද බෝධිය
17 දක්ෂිණ තිස්ස වැව
18 ගල් කූඩය
19 කසින මණ්ඩලය
20 යුගල පොකුණ
21 කුඩා සිතුල්පව්වේ චෛත්‍ය

කාවන්තිස්ස රජුගේ යැයි සැලකෙන පිළිමය
කුඩා සිතුල් පව්වේ චෛත්‍ය රාජයානන්
පඨිමාඝරය (පිළිම ගෙය)
බෝධිඝරය


සෑ මලුවේ සිට මේ දර්ශන බලන්නත් පුලුවන්...
කුඩා රාවණා මහා රාවණා ප්‍ර‍දීපාගාරයන් / දෙගුම්දරා කන්ද / කොරවක්ගල කන්ද / මිනිසාගල කන්ද / මායාගල කන්ද / මැණික් ගංගා වැටිය

මේ කියපු දර්ශන පිළිවෙලට බලාගෙන ඇවිල්ලා ඔන්න මම ගිරි ලිපි  අසල නතරවුනා...


පළමු හා දෙවන ගිරි ලිපි


පළමු ගිරි ලිපිය 

ක්‍රි.ව 35 - 44 (පළමු සියවසේ) අපර භ්‍රාහ්මී අක්ෂරයෙන් පුරාණ සිංහල භාෂාවෙන් ඉලනාග රජතුමා කරවූ එකක්...

දේවානම් පියතිස්ස මහරජුගේ හා කාවන්තිස්ස මහරජුගේ මුණුපුරෙකු වූ ඉලනාග රජු විසින් චිත්තල පබ්බත විහාරයට කරන ලද ඉඩම් හා කුඹුරැ ප්‍ර‍දානයන් පිළිබදවද, කන්න දෙකට ලැබුණු දියබදු හා ඉඩම් වල ලේඛනයක්ද, එම ඉඩම් වල ප්‍ර‍මාණයන්ද, දියබදු එකතුකිරීමේදී ඒ ඒ කන්න සදහා බදු ප්‍ර‍මාණය, වගා ඉඩම් සදහා ජලය ලබා දුන් ස්භාවික විල් හා ඇල මාර්ගයන්හි නම් හා පූජා කරන ලද ඉඩම පිළිබද විස්තර ආදිය එහි සටහන් කර තිබේ.

දෙවැනි ගිරි ලිපිය

ක්‍රිව 65 - 100 (පළමු හා දෙවන සියවස්)  අපර භ්‍රාහ්මී අක්ෂරයෙන් පුරාණ සිංහල භාෂාවෙන් වසභ රජතුමා කරවූ එකක්...

තිස්ස නම් උපරජුගේ දියණිය හා උපරජ ............... ගේ නකරමිණි නම් දියණිය විසින් විහාරයට කරන ලද පූජාවක් පිළිබද සටහන් කර ඇත


තෙවැනි ගිරි ලිපිය

තෙවැනි ගිරිලිපිය

ක්‍රිව 112 - 143 (දෙවන සියවසේ)  අපර භ්‍රාහ්මී අක්ෂරයෙන් පුරාණ සිංහල භාෂාවෙන් ගජභාහු රජතුමා කරවූ එකක්...

මහරජ වසභ ගේ පුතු වූ තිස්ස මහරජුගේ පුත්‍ර‍ ගාමිණී අභය රජු විසින් දුඹල යහටගම හා අකුජ මහගම පිහිටි මහාධිකරණයෙන් දෛනිකව ලැබෙන කහවණු දෙකක මුදල සිතුල්පව්ව විහාරස්ථානයේ භික්ෂූන්ට අඛණ්ඩව බෙහෙත් සැපයීම වෙනුවෙන් දිනපතා පූජා කිරීම සම්බන්ධව සටහන් වේ...

සිතුල් පව්ව පුදබිම අහිංසක සතුන් රාශියක් පැමිණෙන තැනක්... යාල අභය භූමිය තුල පිහිටා තිබීම එයට හේතුවක්... සිරා හටද එවැනි ඉතාමත්ම හීලෑ ගෝන පැටියෙකුගේ හා මුව පැටියෙකුගේ සුරතල් දකින්නට ලැබුණා. මීට අමතරව වල් ඌරෙකු වගේම වන අලියෙකුත් මේ ස්ථානයට නිතර පැමිණේලු... මේ අහිංසක සත්තු දැක්කාම කටට කෙළ උනන  පවුකාරයොත් ඉන්නවනෙ හැබෑවටම....






සිරාගේ කාචයට හසුවූ සිතුල්පව්වේ තවත් දර්ශන මෙතැනින් 


සිතුල්පව්වෙන් පස්සෙ අපේ පළමු දින නවාතැන වෙච්ච කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාවට ඔන්න සේන්දු උනා... සිරා පුද්ගලිකව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගිහින් තමා ඊට අදාල පෝරම කොලේ අරගෙන ආවෙ....එතකොට ඒ අය කිව්වෙ කොලෙත් අරන්, යන දවසට එහෙට ගියාම හරි කියලා.. ඒත් පොඩි ප්‍ර‍ශ්නයක්....

කතරගම ප්‍රදේශයේ තියෙන හොදම පහසුකම් තියෙන විශ්‍රාම ශාලාවක් තමයි ගංගාරාම විශ්‍රාම ශාලාව.. එක රැයකට 3000 පමණ නවාතැන් හා සනීපාරක්ෂක පහසුකම් මෙහි තිබෙනවා...නමුත් කොළඹින් පෝරමය ලබා ගත්තට කොළඹ සහ කතරගම අතර සම්බන්ධීකරණයක් නැති නිසා නවාතැන් වෙන්කිරීමේ ගැටලු ඇතිවෙනවා... ඒ නිසා ඔබ මෙම නවැතැනේ රැයක් හිදින්නට බලාපොරොත්තු වෙනවා නම් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් ඒ සම්බන්ධ පෝරමය අරගෙන, එහි පිටපතක් කතරගමට එව්වොත් ඔබේ නඩයට ප්‍ර‍ශ්නයක් නැතුව නවැතැන් ලැබෙනවා... ඒ වගේම මේ සත්කාර්යය තව දුරටත් ඉදිරියට කරන්න.. ඔබේ දායකත්වයත් ඔවුන් අපේක්ෂා කරනවා... එමගින් හෙට දවසේ සෙත සැලසෙන්නේ ඔබේම කෙනෙකුට විය හැකියි....



කෙමෙන් කෙමෙන් පලාගිය හිරැ එළිය සද කොමලියට ඉඩ හසර ලබා දෙනකොට අපේ චාරිකාවෙ පළමු දිනයත් ඔන්න නිමා වුනා... මේ කොටස මෙතැනින් නිම කරලා චාරිකාවේ දෙවන දවසෙ සිදු වුන දේවල් එක්ක ඒ කිව්වෙ දින හතරෙ චාරිකාවෙ 3 වන කොටසින් අපි ආයෙත් මුණ ගැසෙමු.......


උඩම තියෙන බස් රථය කොප්ප ගැහුවෙ මෙතැනින්....
http://www.google.lk/imgres?num=10&hl=en&biw=1366&bih=643&tbm=isch&tbnid=1dZF2l1Pxg0KTM:&imgrefurl=http://www.classicbusdepot.com/&docid=gR9z2MBQmWGq9M&imgurl=http://www.classicbusdepot.com/images/uploads/1959-chevrolet-vikingbus-nepaltransport.jpg&w=500&h=399&ei=OZf7T-yiDIPtrAf57ai-Bg&zoom=1&iact=rc&dur=303&sig=108312294627046312464&page=2&tbnh=136&tbnw=170&start=18&ndsp=24&ved=1t:429,r:0,s:18,i:132&tx=124&ty=77


මම සයිබරයේ අලුත් මිතුරා සිරා.....


මීළග කොටසින්

අපල උපද්‍ර‍ව දුරැකර ගැනීමට අලියාගේ බඩ යටින් රිංගීම
ගැමුණු කුමරැ හා සටනින් තිස්ස කුමරැන්  පැරදී ඇද යට රිංගූ දෙමටමල් විහාරය
දඹේගොඩ බෝසත් පිළිමය හා මාළිගාවිල බුදු පිළිමය
සේනානායක සමුද්‍ර‍යේ විචිත්‍ර‍ දසුන්....



ප.ලි


මෙවැනි විශ්‍රාම ශාලාවක් පවත්වාගෙන යමින් වන්දනා කරැවන්ට ගංගාරාම විහාරස්ථානය කරන්නෙ අතිමහත් සේවාවක්. එහෙත් කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාවෙ භාරකරැවන් කියන විදියට කොළඹ සමග තිබෙන සම්බන්ධීකරණ දුර්වලතා නිසා පරිපාලනමය ප්‍ර‍ශ්න ඇතිවෙනවා...

මෙහි තිබෙන අනාථ ළමා නිවාසයට දානය දීම සදහා ගංගාරාම විහාරස්ථානයට  ඒ ඒ දිනයන් වෙන් කර මුදල් ලබා දුන්නත් ඒ මුදල් කතරගමට ලැබෙන්නෙ නෑ... ඒ නිසා කතරගම පරිපාලනය තම අතේ තියෙන මුදල අනුවයි ආහාර ලබා දෙන්නේ... සමහර දාකට දානය ලබාදීමට අනුග්‍ර‍හය දෙන පුද්ගලයන්/ආයතන කතරගමට ඇවිල්ලා පරික්ෂා කරන කොට තමන් ගෙවූ මුදලට කිසිසේත් සරිලන ආහාර වේලක් නෙමෙයි දරැවන්ට ලැබෙන්නෙ... ඒ සම්බන්ධයෙන් ඔවුන් එහි නේවාසික පරිපාලනය සමග ගැටුනු අවස්ථාත් තිබේලු... ඒ නිසා ඔබට ඒ දරැවන්ට දානයක් දෙන්නට අවැසි නම් කෙලින්ම කතරගමට ගොස් ඒ කටයුතු සිදුකරන්න පුලුවන්.


ජංගම දුරකථන බැටරි ආරෝපණය කිරීමට රැ 50/- වැනි මුදලක් එහිදී අය කෙරෙනවා... එවැනි ක්‍ර‍ම මගින් කතරගම පරිපාලනය ඉදිනෙදා සමහර වියදම් පියව ගන්නෙ....

ඒ කරැණු ටික කිව්වෙ කතරගම පරිපාලන නිලධාරියෙක් සිරාට දුන් තොරතුරැ අනුව අවශ්‍ය අයවලුන්ගේ   ප්‍රයෝජනයට....













41 comments:

  1. කතාවෙන් කතාව වටිනා කියන තොරතුරු ටිකත් කියාදාලා ඒක වටිනවා.

    ReplyDelete
  2. "1900 මුල් භාගෙයෙදි තමයි නැවතත් මේ ස්ථානය සොයාගෙන එළි පෙහෙළි කරන්නෙ.. ඒ වීර්යවන්ත භික්ෂූන් වහන්සේ නමක් විසින් (නම් ගම් තොරතුරැ මා සතුව නැතා"

    …ගාල්ලේ යටිගල විහාරයේ විහාරාධිපති වුණු කළහේ ශ්‍රී රතනජෝති හාමුදුරුවෝ තමා 1927 දී ඒ කාලේ තිබුණු බ්‍රිතාන්‍ය පාලනයෙන් අවසර අරන් සිතුල්පව්වේ නූතන ප්‍රබෝධය ආරම්භ කරන්නේ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සහෝදරයා.. ඔබේ තොරතුරැ මම පෝස්ටුවට ඇතුලත් කලා...

      Delete
  3. සිතුල්පව්ව පාරේ දූවිල්ල නම් කියලා වැඩක් නෑ.. හැබැයි ඒ පාරෙ මොර පිරිලා..

    ReplyDelete
    Replies
    1. දූවිල්ලෙ අත්දැකීම් තියෙනවා වගේ එහෙනම්...

      Delete
  4. සුපිරි චාරිකාව
    ෆොටෝ ටිකත් එල මචන් ඉතිහාසය ගැනත් දාපු එක හොඳා

    ReplyDelete
  5. නියමයි සහෝ හ්ම්ම්..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මොකද ඔයා හැම තිස්සෙම හ්ම්ම් ගාන්නෙ....

      Delete
  6. මරු පින්තූර ටික

    ReplyDelete
  7. චාරිකාවයි ෆොටෝ ටිකයි නියමයි...

    ReplyDelete
  8. ඔය බොතල් තාප්පය ලංකාවේ තවත් තැන්වල බලාගන්න පුලුවන්..අපේ අයියල මල්ලිලා බාප්පල තාත්තලා මල්පැන් අරන්යන බොතල් නේව. පාඩුවෙ පැත්තකට වෙලා ආතල් එකක් දාන් නැතුව ඔයවගේ තැන්වලට ඔව්ව අරං යන එක නාකයි නේව.

    මචො මෙන්න මෙ ලින්කුවෙන් ගිහින් බලන්න අර ඉල්ලුව ඉඟිය තමයි මේ

    http://raj-rajmyblog.blogspot.com/2012/01/blog-post_10.html

    ReplyDelete
    Replies
    1. හරිම නාකයි තමා... ලින්කුව ඔස්සේ ගොස් නැරඹීමි... ස්තූතියි එයට...

      Delete
  9. සිරා පොටෝ ටික සිරා !

    ReplyDelete
  10. තනියම මෙව්ව බලල නිකන් ඉන්නවට වඩා බෙදා ගන්න එක හුඟක් වටිනවා...

    සිතුල් පව්ව කියන්නේ පුරා විද්‍යාත්මක වටෛනාකමක් තියන විහාරයක්.... හැබැයි නිදන් හොරු මේ දවස්වල සිතුල් පව්ව දිහාවට ඇහැ දානව කියල ආරන්චියක් ආව

    ReplyDelete
    Replies
    1. ඇත්තට? එහෙම ආරන්චියකුත් ආවද ?

      Delete
  11. හරිම ලස්සන...වටින විස්තරයක්...අසා හිතෙනවා..!
    අර බෝතල් පොටෝ එකනම් මරු..!!!

    ReplyDelete
  12. "ගියර් වැටෙන්නෙ නැති ලෙඩේ හදද්දි ජුලියන් අයියා ගියර් වීල් වලට ගම්මිරිස් ඇට තලලා දැම්මලු ඒ ගියර් වීල් බදලා අල්ලන්නලු... "
    හික්ස් :ඩ් හොඳ විස්තරක් සිරෝ

    ReplyDelete
    Replies
    1. අද අපිට ජෝක් එකක් වගේ උනාට ඉස්සර සෑහෙන්න ගොඩ බෙහෙත් කරන්න ඇති.

      Delete
  13. ඇත්තටම මේ ලිපිය මට ගොඩක් ප්‍රයෝජනවත් මොකද මමත් ලගදීම සිතුල් පව්වේ යන්න ඉන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඇත්තද? එහෙනම් ඒ විස්තරෙත් ලියන්න...

      Delete
  14. අන්න එල..... ඔය තියෙන්නේ.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. නිකම්ම ගමන් විස්තරේ විතරක් දාන්නෙ නැතුව මහන්සි වෙල ටිකක් වැඩිපුර කොටල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... ඒ හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා..

      Delete
  16. ilaga kotsa balana maga balagena idimi.
    Jayawewa..
    Sajith Mendis.

    ReplyDelete
    Replies
    1. ඊළග කොටසත් ඉක්මනටම එනවා...

      Delete
  17. වටිනා චාරිකා සටහනක්. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.. ඊළග කොටස් ටිකත් බලන්න...

      Delete
  18. අඩේ සිතුල්පවුවේ නම් ගිහින් නෑනේ...
    යන්න ආස හිතෙනවා මේ පෝස්ට් එක දැක්කම...

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලා බලන්න පුරාණ ශ්‍රී ලාංකික උරැමය කොයි වගේද කියලා....

      Delete
  19. කියවද්දි මම මම ගියා වගේ දැනුනා. ගොඩක් මහන්සි වෙලා වැදගත් කරුණු ගොඩක් ඇතුලත් කරලා ලියලා තියන්නේ. ස්තුතියි මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගන්නවාට.

    …අර උඩ ෆොටෝ එකේ තියන බස් වර්ගය වෙන්න ඇති එලියේ ඉඳන් ලීවරයක් කරකවලා ස්ටාර්ට් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ බස් වර්ගය හදලා තියෙන්නෙ චවලට් (Chevrolet) කියන කොම්පැණිය... පෝස්ටුව පිළිබද අදහසට ස්තූතියි !

      Delete
  20. නියමයි මචන්.. Thanks for sharing with everyone...!!

    ReplyDelete
  21. සිරෝ අද මේ පොස්ටුව කියවල අතීතයටත් එබිලා බලන්න චාන්ස් එකක් අරන් දුන්නට පිං ඈ....... අනෙක අපේ උන් පන්සලකටවත් යන්න දන්නේ නැති ඒක ගැන සෑහෙන්න දුකයි බං

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොලං මේ පැත්තට ගෑටුවට...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...