Wednesday, July 25, 2012

67 ගංජා සහ ඇගිල්ල


ඔන්න අද සිරාගෙ කාමරෙන් කියන්න යන්නෙ මෙතෙක් කල්  කියපු නැති අමුතුම තාලෙ කථාවක්. මේ කථාවෙ පුක කියන ඉතා දරැණු කුණුහරැප වචනෙ යෙදෙන නිසා  මෙතනින් එහාට කියැවීම හෝ නොකියවීම ඔබ සතුය.. පස්සෙ හෙම මට ගහන්න සිරාගෙ පස්සෙන් එළවන්න  හදන්න එපා ඔන්න, මොකද මම වේලාසනම ඒ ගැන කියා ඇත.

සිරාගෙ ගෙදර වත්තෙ තියෙන පොල් ගස් හතර පහ අවුරැදු 30 කට වඩා පරණයි... ඒ නිසා මේවා උස යන්න පුලුවන් උපරිම උසට ලගා වෙලා තියෙන්නෙ...  බිම ඉදන් බලපුවාම පොල් පේන්නෙ දෙල් සයිස් එකට, කාල සීමාව අනුව තමයි පොල් පැහිලා කියලා අනුමාන කරන්නෙ.. නැත්නම් පොල් පැහිලා කියලා පේන්නෙ නෑ. මේ කියන පොල් ගස් වල ගෙඩි කඩන්න සැදී පැහැදී ඉන්නෙ කබර අජිත් , ඒ උනාට අද ගේ ඉස්සරහට වෙලා පොල් කඩනවා කියලා කෑ ගහන්නෙ අලුත්ම කෙනෙක්... වයස 50 පැනලා.. කලින් දැකලා පුරැදු නැති නිසා සිරා ගෑටුවා මිදුලට...

සර් ගුඩ් මෝර්නින්  මම පොල් සෝමෙ
ලොකු සර් (සිරාගේ පියා) මාව හොදට දන්නවා.. මම අල්ලපු ගමේ... සර්ලගෙ සීයලා ආච්චිලා හිටපු කාලෙත් මම තමයි පොල් කැඩුවෙ.. පොල් කඩමු නේද?

කථා බහෙන් වගේම අංග චලනයෙනුත් මේ මනුස්ස පරාණය සිරාගෙ හිත ගත්තා... දකින හැමෝටම සර් කියලා තමා කථා කරන්නෙ... අනේ මට දුක හිතුනා.. එච්චර ලොකු ඇග පතකුත් නෑ.. පොල්කඩන වලල්ලට තද වෙලා කකුල් දෙකේම හමගිහිල්ලා , සෑහෙන කාලෙක ඉදන් මේ රස්සාවම කරන බවට සාක්ෂි තමයි ඒ...ඇදන් හිටපු සරම වගේම කමිසයත් ගලවලා.. කලිසම් කොටයක් පිටින්  පොල් ගස් තිබෙන ඉසව්වට සෝමෙ පැමිණියා..

අපේ වත්තෙ උසට උසේ තියෙන පොල් ගස් වලට නැගගන්න පුලුවන්ද කියලත්  සිරාට මේ එක්කම හිතුනා... කෝම හරි පොල් කඩන්න ගහක් ලගට ආවට පස්සෙ සිරාගෙ පියතුමත් ඔන්න ආවා පොල් කඩනවා බලන්න.. 

ලොකු සර් ගුඩ් මෝර්නින් ආයෙමත් පොල් සෝමෙ සුභ පැතුවා...

සර් කුරැම්බයක් එහෙම බොමු නේද? මම කඩන්නද ?

හා හා කඩමුකො එහෙනම් සිරාගෙ පියා අනුමැතිය දුන්නා....

ගහට නගින වලල්ල නිසියාකාරව සකසගෙන අපි ලගට ආපු සෝමෙ උන්නැහේ

තාත්තට වගේම මටත් ආයුබෝවන් කිව්වා...

සර් එහෙනම් මට ඉහළට යන්න අවසර... 
ගහට කීප සැරයක්ම වැදලා එහෙම පොල් සෝමෙ ගමන පිටත් වුනා...

අමාරැවෙන් අමාරැවෙන්  ආරම්භය ගත්ත සෝමෙ ඉතිරි හරිය වැඩි මහන්සියකින් තොරව ගිහිල්ලා කරටියට සම්ප්‍රාප්ත වෙලා යක්ෂාරෑඩ වෙච්ච කපුවා වගේ පොල් වල්ලට පිහියකින් ඇනගෙන ඇනගෙන ගියා....සැර වැඩිකමට පොල් ගෙඩි ගහ වටේටම පත බෑවෙනවා. දහ් දොහ් ගාගෙන...

ඔන්න ඉතිං සිරා කුරැම්බෙ වැටෙනකන් බලාගෙන ඉන්නවා...

පොල් වැටෙන එක නතර වුනාට පස්සෙ සිරා උඩ බැලුවා... කුරැම්බා නැතුවම පොල් සෝමෙ  පහතට රෑටනවා...

කෝ කඩනවා කියපු කුරැම්බා... සිරා විමසුවා..

මේ දවස්වල පොල් ගණන්නෙ සර්... කුරැම්බා ලොකු වුනාම පොල්... ඒක නිසා කුරැම්බා කියලා හිතලා අදට වතුර එකක් ගහන්න...
පොල් සෝමෙ ඇදලා පැදලා කියනකොට හිනා යන එක නවත්වාගැනීමත් අසීරැයි..

සාමාන්‍යයෙන් මේ වගේ උස ගස් වලට නැග්ගම ගාස්තුව සාමාන්‍ය ගාස්තුව වගේ එක හමාරක්...

ගමන් විඩාව නිමාගෙන සෝමෙ ආයෙත් හඩ අවදිකලා...
අනේ ඉතිං අපි තව ගහකත් කඩමුකෝ....

ඕනෙ නෑ සෝමෙ ආයෙ දවසක ඉතුරැ  ටික... සිරාගෙ පියා තීරණය ප්‍ර‍කාශයට පත් කලා...

සෝමෙ කියන්නෙ කථා රැසක එකතුවක් කියලා හිතුන නිසා සිරා, සෝමෙට  කථා පෙට්ටිය අරින්න ආරාධනා කලා... ඒ අතර ඔන්න සිරාගෙ මෑණියන් දෑ සෝමෙට තේ එකකුත් ලබා දුන්නා...

මම ඉතිං අටේ කැලෑසියට තමා ඉගෙන ගත්තෙ... ඒ වුනාට යන්තම් ඉංගිරිසියෙන් අස්සන් කරන්න පුරැදු වෙලා 10 පන්තිය සමත් කියලා කාලයක් සිකුරිටි වැඩක් කලා... එතනින් පැන්ෂන් ගියාට පස්සෙ තමා ආයෙත් මේ වැඩේට බැස්සෙ... තාම මට හොදට හයිය හත්තිය තියෙනවා ගස් නගින්න...

ඒකයෑ සර් පෙරේදා මට මාර වැඩක් නෙ උනේ...

මොකක්ද උනේ හැබෑටම... සිරා කොලුවා හූමිට්ටක් තිබ්බා...

අර සමන්ගෙ පොට් එකෙන්  (සිරා දන්න සමනෙක් නැත)  ගෙදර එන ගමන් ෂොට් එකක් ගහලා, කාලක් සිලි බෑග් එකකට දාලා කමිස සාක්කුවෙ දාගෙන මම ගුරැ පාරෙන් ගෙදර එන්න ආවා... එක පාරටම ආවෙ නැතැයි පොලිස් බයිසිකලයක්...

ලොකු උන්නැහේ  කමිසෙ සාක්කුව පොඩ්ඩක් බලමුද කියලා ඒ සර්ලා ඇහුවා... මමත් ඉතිං හා කිව්වා

ඉතිං කාල තිබ්බෙ එතන නේද ? සිරා කථාව කියන්න තව තවත් දිරිගන්නන අටියෙන් ඇහුවා..

ඒක නේන්නම්.. අත දාපු ගමන් කාල අහුවුනා.. මේ මොනවද කියලා ඇහුවා

ඉතිං මම කිව්වා... සර් මම පොල් කඩන එක කරන්නෙ... මට හැමදාම රෑට බොන්න ඕනෙ, මොකද මගෙ බඩවැල් පාත්වෙලා පුකෙන් ලේ යනවා කියලා.

බොරැනම් මේ බලන්න සර් කියලා මම සරම කඩලා  පොලිසියෙ සර්ලට පෙන්නුවා... ඒ සෑර්ලත් ඒක පිළිගත්තා... මගෙන් ඊට පස්සෙ ඒගොල්ලො ඇහුවා දැන් බිව්වා ඇතිද කියලා...

අනේ ඉතිං මමත් කිව්වා මොන ඇතියක්ද සර් මට තාම මදි කියලා.. එහෙනම් එනවකො ඉස්සරහට කියලා පොලිස් රාළහාමි ගියා සමනගෙ පොට් එකට... මම යද්දි කීප දෙනෙක්වම අල්ලගෙන.. එකෙක් ලග බෝතල් එක හමාරක්ම තිබ්බා...

සමන් මේ මනුස්සයට තව වීදුරැවක් දෙනවා කියලා සර්ලා කියපු නිසා මම ඉතිං ඒකත් ගැහුවා... දැන් ඇතිද කියලා ඒගොල්ලො ඇහුවම දැන් නම් ඇති සර් කියලා මම කිව්වා...

හා හා එහෙනම් අයින් වෙලා ගෙදර යනවකො කියලා ඒ මහත්තුරැ මාව අතඇරියනෙ... මම ඉතිං ගෙදර ඇවිල්ලා රෑට කාලා එහෙම ගෙනාපු කාල ගැහුවෙ... මගේ වයස දැකලා දුක හිතෙන්න ඇති මගෙ හිතේ,
අනේ හරිම හොද සීදේවි පොලිස් රාළහාමිලා ටිකක්...ජීවිතේටම දැක්කමයි...

සෝමෙ ගංජා එහෙම උරන්නෙ නැද්ද... සිරා අතුරැ ප්‍ර‍ශ්නයක් ඇහුවා....

ඉදලා හිටලා අදිනවා සර්...

ගංජා ගහලා වෙච්ච දේවල් නැද්ද? මම ආයෙමත් ඇහුවා...

ආ හොද එකක් මතක් වුනා කියන්න... එහෙම කියපු සෝමෙ හොදට හරි බරි ගැහිලා වාඩි වුනා...

දවසක් මම ලොකු වත්තක පොල් කඩන්න කුරැණෑගල ගියා... වැඩ ඉවරවෙලා ඉතිං මහන්සිය යන්නත් එක්ක වත්තෙ මුරකාරයත් එක්ක ලග පාත තැනකට ගියා සූස්තියක් අදින්න... වැඩේ ඉතිං හරිගියා.. බඩු ලැබුනා..අපිත් ඉතිං අහල පහල පදුරකට මුවාවෙලා වැඩේ කරගෙන යනකොටම පොලීසියෙන් පැන්නනෙ...

ඉතිං ඉතිං මොකද උනේ...සෝමෙ යන යන තැන පොලිසියෙන් පනින්නෙ ගිය ආත්මෙ හිරෙන් පැනලා ආවද ?  ඉවසුම් නැති තැන මම ඇහුවා.

පොඩි කොල්ලො දෙන්නෙකුයි.. තව හතර පස් දෙනෙකුයි අහු උනේ... ඔය ගොඩේ මමත් ඉන්නවා ඔන්න... මුරකාරයා පළාත දන්න නිසා ඌ නෑ, මටත් හොරෙන් මාරැ වෙලා....

අපි කට්ටිය පෝලිමකට තියලා පොලිස් රාළහාමිලා පෝලිමේ මුල ඉදන් අගට කටයි ඇගිලියි ඉඹ ඉඹා පෝලිමේ අග පැත්තට ගංජා සුරැට්ටු ඇදපු උන් හොයමින් එනවා...

ඇයි ඇගිලි ඉඹින්නෙ ? සිරාගෙන් ආයෙත් ප්‍ර‍ශ්නයක්...

ගංජා සුරැට්ටුව අල්ලලා දෙපාරක් තුන් පාරක් ඇද්දම ඇගිලි වලට ගංජා ඌෂ්ණෙ වදිනවා... ඒකයි ඇගිලි ඉඹින්නෙ....

අනේ ඒ රාළහාමිලා ඒ වෙනකන් එකෙක්ටවත් ගැහුවෙ නෑ... ඒත් මගෙ ඇගිලි ඉඹලා මට දුන්නනෙ පාරක් කැරකිලා වැටෙන්න....

ඒ මොකෝ ඒ.... සිරාගෙන් ප්‍ර‍ශ්නයක්...

ඇයි සර් මම රාළහාමිලට හොරෙන්  සරම අස්සට අත දාලා ගැහුවනෙ ඇගිලි දෙකක් පුකට, ගංජා ගද යන්න.

ඉතිං ඒ විදියට රාළහාමි මට ගහලා  මගෙ ඇගට කඩා පැන්නා... තව දෙක තුනක්ම ගහනවා හීනෙන් වගේ මට දැනුනා. ඒත් ඊට පස්සෙ කිව්ව මේ කථාව නම් මැරෙනකන් අමතක වෙන්නෙ නෑ සර් ඇත්තමයි.

යකෝ ගංජා ගැහුවට කමක් නෑ... ගංජා ගහලා පුකේ ඇගිලි ගහන්න එපා කියලා මට තවත් දෙක තුනක් ගහලා ජීප් එකට දාගත්තා සර්.... දවස් දෙකකට පස්සෙ ඒ සැරේ එළියට ආවෙ මුරකාරයා වත්තෙ මහත්තයට කියලා අමාරැවෙන් ඇප දීලා. එදා නම් උණ වගේ මට ගුටි කාලා

ඊට පස්සෙ  සෝමෙ සරමට බැහැලා ගාස්තුවත් අරගෙන මාරැ උනා..

සිරා ඉතිං කාමරේ දොර ඇරලා විස්තරේ කෙටුවා...

අද කථාව කැතද ?


පොටෝ එක කොප්ප ගැහුවෙ මෙතැනින්


මම සයිබරයේ අලුත් මිතුරා සිරා..


ප.ලි

සෑම අයෙකුටම පුකක් ඇත... එය කුණුහබ්බයක්ද  ශරීරයේ අංගයක්ද යන්න තීරණය ඔබේය.

මම දුමෙන් තොර නිසා ගංජා ගැසීමෙන් ලැබෙන දේ ගැන නොදනිමි.





67 comments:

  1. සිරාගෙ සිරා කතා ටිකක්නේ..හිනාකාල පන ගියා බං..හැක...හැක..!

    ReplyDelete
    Replies
    1. අම්මෝ පණ නම් යවා ගන්න එපා මටත් පොලෝසියට යන්න වෙයි... ස්තූතියි !

      Delete
  2. // මම දුමෙන් තොර නිසා ගංජා ගැසීමෙන් ලැබෙන දේ ගැන නොදනිමි. //

    යකෝ .... මූ හිතාන ඉන්නෙ අපි දන්නව ඇතිය කියලද කොහෙ ද? ඇත්ත කියපං, උඹ පොල් සෝමෙ එක්ක සූස්තියක් අදින ගමන් නෙව ඔය විස්තරේ අහගත්තෙ.

    අපේ ගෙදරත් ඔය වගේ උස ගස් තියෙනව බං. දැන් නම් ගස් කීපයක් කැප්පුවත් එක්ක, හුළං එන වෙලාවට කරටිය නැවෙන හැටියට බයයි.

    ReplyDelete
    Replies
    1. අනේ නැත සිරා අහිංසකය... අපි ඔය නරක වැඩ කරන ළමයි නෙමේය.
      අපේ වත්තෙත් සමහරක් ගස් කප්පවලා ඉතුරැ ඒවා තමා ඔය තියෙන්නෙ..

      Delete
  3. මම හිතුවෙ සිරා බැඳලා කියලා.. තාම නෑ වගේ...

    මමත් දුමෙන් තොර නිසා ගංජා මොනවගේදැයි කියාවත් නොදනිමි.. අද වෙන තෙක් දැකලාවත් නැත.

    කතාව හොඳයි.. සිරාගෙ ලිවිල්ල මරු.. කම්මැලි නැතිව කියෙව්වැකි..

    පොඩි ප්‍රශ්ණයක්.. ඇයි මේ හැමෝම "රු" යන්නට 'රැ" යන්න ලියන්නෙ.. අටමුත් ඔහොමම ලියලා තිබුනා..

    ReplyDelete
    Replies
    1. සිරාට මේ දෙසැම්බර් වලට වයස දශක 3යි. බදින වයස තමයි ඒත් තාමත් විවාහයක අවශ්‍යතාවයක් දැනෙන්නෙ නෑ... මේ නිදහස් බව ඊට වඩා වටිනවා...
      මට සිංහල යතුරැ ලියනය පුලුවන් නිසා සින්ග්ලිෂ් ක්‍ර‍මයට නැතුව කෙලින්ම යුනිකෝඩ් එකෙන් සිංහල ටයිප් කරන්නෙ... අපි සාමාන්‍යයෙන් රු ගහන විදියට ඒකෙ වදින්නෙ රැ යන්න විතරයි ඒකයි අවුල. රාජ් අද මට උදව්වක් දුන්නා... ඒකෙ පිහිටෙන් දැන් රු ගහන්න පුලුවන්...

      Delete
    2. ස්තූතියි ප්‍ර‍සන්න.. ළගදි පෝස්ටුවක් දාන්න හෙම අදහසක් නැද්ද ?

      Delete
    3. ප්‍රසන්න පෝස්ට් එකක් දාපු දාට කමෙන්ට් වැඩි වෙලා බ්ලොග් එක වහන්න වෙයි. වචන දෙකට කමෙන්ට් 250 ගහපු කෙනෙක් ප්‍රසන්න කියන්නේ.. ඒත් මුල්ම පෝස්ට් එකෙන්ම.

      Delete
  4. අන්තිම කතාව නම් උපරිමයි. මේ බුවා නම් කතා පෙට්ටියක් වගේ :D

    ReplyDelete
    Replies
    1. කථා පෙට්ටියක් කියන්නෙ.. අංගචලනය දාලා කථා කියනකොට අපේ සිනමාවෙ විකට රජවරැ පරාදයි.. මතක් වෙනකොටත් හිනා යනවා...

      Delete
  5. පට්ට ඈ........ සිරාවටම පට්ට කතාව.:D හැමෝටම පුක තියන හින්ද ඒක කුනුහරුපයක් නෙමෙයි මම නම් හිතන විදියට.

    ReplyDelete
    Replies
    1. අනේ ස්තූතියි ! මම හිතාගෙන හිටියෙ කස්ටිය මට රෙදි උස්සගෙන බනින්න එයි කියලා...

      Delete
  6. සිරා මලෙන් තොරයි කිව්වම මට නිකං අවුල් වගේ.. වෙන්න පුලුවංද?

    ReplyDelete
    Replies
    1. හා හා අවුල් වෙන්න එපා... මල් සුවය විදින අයට අපි නම් මොකුත් කිව්වේම නැත.. මට හමුවී ඇති මල්කරැවන් බොහොමයක් බොක්කෙ කුණු නැති කෙලින් කථා කරන බුවාලාය.

      Delete
    2. ඒ කතාවත් සිරාය.

      Delete
  7. 'කථා බහෙන් වගේම අංග චලනයෙනුත් මේ මනුස්ස පරාණය සිරාගෙ හිත ගත්තා... දකින හැමෝටම සර් කියලා තමා කථා කරන්නෙ... අනේ මට දුක හිතුනා.. එච්චර ලොකු ඇග පතකුත් නෑ.. පොල්කඩන වලල්ලට තද වෙලා කකුල් දෙකේම හමගිහිල්ලා , සෑහෙන කාලෙක ඉදන් මේ රස්සාවම කරන බවට සාක්ෂි තමයි ඒ...ඇදන් හිටපු සරම වගේම කමිසයත් ගලවලා.. කලිසම් කොටයක් පිටින් පොල් ගස් තිබෙන ඉසව්වට සෝමෙ පැමිණියා..'

    මේ ටිකට තමා මම කැමතිම.කම්මැලිකමක් නැතුවම කියවන්න ලියල තියනවා සහෝ .. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරැ... මම බයේ හිටියේ බවලත් උදවිය මේ පෝස්ටුව ප්‍ර‍තික්ෂේප කරයි කියලා...

      Delete
  8. කතා හොඳයි. හිනා ගියා. ගියා නෙවේ ආව නේද? ඇඟිල්ල ඉඹල බලපු රාලහාමිට මොනව හිතෙන්න ඇද්ද :)
    රු= r+q
    රැ= r+e

    "මම දුමෙන් තොර නිසා ගංජා ගැසීමෙන් ලැබෙන දේ ගැන නොදනිමි"
    එහෙම විස්තර කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. රු ටයිප් කරන්න ඔන්න අද ඉගෙන ගත්තා ගොඩාක් ස්තූතියි රාජ් ඒ උදව්වට...

      ඔබේ ලින්කුවෙන් ගොස් ඒ පෝස්ටුවත් බැලුවා... නොදන්න දේවල් වගේම අමතක වෙලා තිබ්බ පරණ සිද්ධි කීපයකුත් මතක් වුනා... ඒ කථා ටිකත් ඉක්මනටම ලියන්නම්...

      Delete
  9. පුක කියන්නේ කුණුහරපයක් නෙවෙයි කියලා බ්ලොග් කතන්දර සුරින් ඔප්පු කරපු නිසාම බය නැතුව කියෙව්වා පෝස්ට් එක :P

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙප් මහත්තයා... මමත් ඒ පෝස්ටුව හොයාගෙන කියවලා බලන්නම්...

      Delete
  10. අම්මියෝ..නියම කතා පෙට්ටියක්නේ :ඩී
    අන්තිම කතාව තමා නියමම.

    ReplyDelete
    Replies
    1. අනේ හලිම ෂෝයි... මම මේ කථාව ලියනකොට ඔයාලා ඔහොම කියයි කියලා හීනෙන් වත් හිතුවෙ නෑ .. ඇත්තමයි...

      Delete
  11. Sira.. meka kiyawapuwama matath mihiri mathka keepayak oluwata awa siro. sira dannawane wanduramba palatha.ehe oya kiyana jathiye dum dana euwa hari sulabai.minissuth sundarai wagema eli wenakal katha thiyanawa me wagema thalu mara mara rasa windinna.
    Oya suwanda assata wela inna matath thiyanawa mara puke amaruwak.. Sirage kathawa mawa ayeth gam palathata ekka giya.boma thuthi.! Sirata Jaya!
    Isuru

    ReplyDelete
    Replies
    1. ඇනෝ වේෂයෙන් එන මා මිත්‍ර‍‍යා ඉසුරැ

      ආයෙත් දවසක හමුවුනාම උඹ දන්න කථා ටිකක් මට කියපන්... කාමරේ දොර ඇරලා හැමෝටම බලන්න මම කොටන්නම්...

      Delete
  12. මට නම් දුක හිතෙන්නේ පොලිස් රාළහාමිලා ගැන. කැමති වුනත් අකමැති වුනත් කරන්න වෙන දේවල් බලන්න. සිරා කතාව.:D.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සුදීක අයියා අපි පොලෝසියේ රැකියාවට නොගියෙ... හක හක ඔන්න ඒ මහත්තරැන්ට අගෞරවයක් කලා හෙම නොවේ...

      Delete
  13. හක හක හක.... මරු ඈ

    ReplyDelete
    Replies
    1. මී ගොඩයට නැද්ද මල් සම්බන්ධ සුන්දර කථා...

      Delete
  14. මරු ඕයි...උපරිම ආතල්...

    ReplyDelete
    Replies
    1. ඔබේ ආතල් එක මගේ සතුටයි... ස්තූතියි මචෝ...

      Delete
  15. සිරා සිරාම කතාවක් ලියා ඇත.නියමයි මචන්

    ReplyDelete
  16. සිරා කතාව සිරා.. ඔය puka කියන්නේ මචන් කුනුහරපයක් නෙවෙයි. ගැමි සිංහල වචනයක්. ඕක කුණුහරපයක් කරල තියන්නේ ලංකාවට් ආපු සුද්දෝ කියලයි මම අහල තියන්නේ.

    ReplyDelete
    Replies
    1. ගම් වල නම් පුක කිව්වට එච්චර කේස් එකක් නෑ මගෙ හිතේ.. ඒත් ඉහළ පැලැන්තියේ අය නම් පුක කිව්ව ගමන් ඇඹරෙන්නෙ තමන්ට එකක් නෑ වගේ...

      Delete
  17. ඊයා මේකා ලියලා තියෙන ඒවා ගෑල්ලමයෙක් එහෙම දැක්කොත් පැත්ත පලාතේ එන්නේ නෑ
    දවසක් අවතාර් හයේ පන්තියේ ඉන්නකොට මිස් කෙනෙක් මරු කතාවක් කිව්වා.“ලමයි පුකට පුක කියන්නැතිව දේවාලේ කියන්නද?“

    ReplyDelete
    Replies
    1. බොලා එහෙම කිව්වට ගෑල්ළමයි දෙන්නෙක් මේ පැත්තට ඇවිල්ලා කොමෙන්ටු දාලා ගිහිල්ලා තියෙන්නෙ... අර ටීචර් නම් පස්ටය... ජය!

      Delete
  18. මචං පුකේ ඇගිල්ල ගැහුවා මම දන්න එකෙකූත් මම ඒක ලියලා තියනවා උඹ දැක්කද මෙන්න බලහංකෝ

    සිකරට් බීලා අහුවෙලා තියනවද

    ReplyDelete
    Replies
    1. මම ඒ කථාවත් අද කියෙව්වෙ... අනේ පව් අසරණ ටීචර් නේද ?

      Delete
  19. katawa nam ela ayye................

    ReplyDelete
  20. නියම කතා දෙක හොඳ කතන්දර අහගන්න පුළුවන් ඒ වගේ මිනිසුන්ගෙන්.

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සුන්ගෙ හදවත බොහොම අව්‍යාජයි... ඒ නිසාම රැකියාව අනුව සමාජයේ වැඩිය පිළිගැනීමක් නැති මිනිස්සුන්ට සිරා ගොඩාක් ප්‍රියයි.

      Delete
  21. පුක කියා කියන්නේ කුනුහරුපයක් නොවේ කියා කතන්දර ඔප්පු කර තිබේ ලු.

    නියම කතා ටික. හිනා යනවා බං. මම අපේ සෙට් එකට පෝස්ට් එකේ ලින්ක් එක මේල් කළා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ක්සැන්ඩර් මට පුංචි පහේ පබ්ලිසිටියක් දුන්නට

      කතන්දරගෙ පෝස්ටුවත් කියවලා බලන්නම්.. ජය!

      Delete
  22. නියම කතාව....

    එහෙනම් පොල් සෝමෙ පොලීසියට පුකත් පෙන්නලා හිලව්වට බෝනස් කසිප්පු වඩියකුත් ගහලා, පොලීසිය ගානෙම.... අන්න සිරා ඩයල්..... :D

    ReplyDelete
    Replies
    1. මොනවද කියන්නෙ පොලෝසිය දැක්කම කකුල් වෙව්ලන උන් අතර මේ වගේ අය නියම පොරවල්නෙ...

      Delete
  23. මාර පොරක්නේ මේ.... ඔක්කොමත් හරි ගංජා ගහලා පුකෙ ඇඟිල්ල ගහපු සීන් එක කියවද්දි නම් හිනාව නවත්තගන්න බැරිවුනා... මරු කතා ටික ඈ... ආ පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ කියලා කකා ශූරින් කියලා තිබුනා ලිපියක....

    සිරා පෝස්ටුව ඈ.... ඒක නෙමේ සිරාවට සිරා අයියා මාධ්‍යවේදියෙක්ද??

    ReplyDelete
    Replies
    1. ගැමියාට මාගේ ස්තූතිය.. සිරා මාධ්‍යවේදියෙක් නොවේ.. මාධ්‍ය ආයතනයක පරිගණක රෑපක සැලසුම් කරුවෙකි...

      Delete
  24. සිරාගේ..සිරා කථා...
    සිරාවටම සිරා කතාටික..

    ReplyDelete
    Replies
    1. ඔබේ ඔය තහවුරුව මට සතුටකි... ස්තූතියි...

      Delete
  25. සිරාවටම,අපි ලොක්කො කියන් ජිවිතේ කොටුවෙලා විඳවත්දී එදා වේල නැති සෝමෙල ජිවිතේ විඳිනව කියලයි මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමත් විමුක්තිගෙ කතාවට එකගයි...සල්ලි පස්සෙ දුවන සල්ලි උඩ ජීවත් වෙ මිනිස්සුන්ට ජීවිතේ විදින්න ලැබෙනව අඩුයි..ඔවුන්ට තියෙන්නේ මානසික පීඩනය විතරයි නමුත් මේ වගේ අසරණ මිනිස්සුන්ට ජීවිතයක් තියෙනවා සරල සහ වින්දනීය....

      අපි සරල වෙන තරමට ජීවිතේ දැනෙනව වැඩියි...

      Delete
    2. ඔබ දෙපලගේම කථා බහට මමද එකතු වෙමි.. කථාව ඇත්තය.. සෝමෙලාට සල්ලි නැත... එහෙත් සතුට ඇත,

      සල්ලිකාරයන්ට සල්ලි ඇත... එහෙත් සතුට නැත.. අධි රැධිර පීඩනය / කොලොස්ට්‍රෝල් / ගැස්ට්‍ර‍යිටිස්/ දියවැඩියාව ඇති පදමට ඇත.

      Delete
  26. හික්ස්...හැමදාම කියනව වගේ සිරාම කථාව....හි හි හී....

    ReplyDelete
    Replies
    1. දොරට තට්ටුවක් දාගෙන නිතරම මේ පැත්තට එන්න ඕනෙ අරිද ? ජය!

      Delete
  27. සිරා කතාවක් !!!
    හිනා වෙලාම හති !
    ඒක නෙමේ අර ෆලෝ කරන ගැජට් කෑල්ල උඩින් දැම්මා නම් හරි. ඒක හොයන්ඩ ගිහින් පන ගියා !!

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
      ගැජට් එක එහා මෙහා කරන්නම්... ස්තූතියි !

      Delete
  28. පට්ට පට්ට........ :-))))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ ෂෝයි..
      රාජසම්පත්ම ලැබේවා !

      Delete
  29. මම හිතන්නේ මේකේ තියන කතාවලින් මනසට ලොකු සිසිලක් ලැබෙනවා. ඒ වගේම සුන්දර සරළ යට ගැබ්ව ඇති ගැඹුරු ජීවන දර්ශනයක් පිළිබඳ අපූරු පිළිබිඹුවකුත් මේ තුලින් නිරූපනය වෙනවා. හාස්‍යය නම් උපහාසයේ හැඩයක් නොව බුද්ධිමය වපසරියක් ඇති දෙයක් කියන එකට සාධක මේ තුළ දැකගත හැකියි. ඔබේ වෑයමට වගේ සුබ පැතුම් පිරි නමමි.

    ReplyDelete
  30. පට්ට කතාව සිරා අයියේ....දිගටම මේ වගේ ඒවා ලියන්න එකක් පටන් ගමුකො අප්පා....

    ReplyDelete
    Replies
    1. හැකි විදියට ඉස්සරහටත් ලියන්නම් මලේ..

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...